.

.

Apr 4, 2012

පිස්සු හරක් - Mad Cow Decease


මළම පැන්නේය. මළ කෙළියක්ම උනේය. ඒ නිසා පෝස්ට් එක ලියන්නත් පරක්කු උනේය. සිද්දිය මෙසේය. ඊයේ, අවුරුදු 15 ඉඳන් ආර්ථික විද්‍යාව කර, පන්ති සමාර්ථයක් සහිතව සමත්වී, නිසි තැන නොලැබ. අධ්‍යාපනය කන ඇමතිතුමා, 2500 න් මැරෙන්නේ නැතිව ඉන්න කියා දෙන ටියුෂන් පන්තියක් දෙරණේ ගියේය. මම අපේ ගෑනීට ඕක බලන්නට එන්න කිව්වේ, හැම තිස්සෙම බඩු ගනන්, හරි විදියකට කන්නත් නෑ, යුද්දෙ තියෙද්දිත් මීට වඩා හොඳට කෑවා, කිය කියා අඬෝවැඩියා තියන නිසා, මේ පන්තියට සහබාගී වෙන ලෙසය. උන්දෑ මට කිව්වේ තමුසෙ වගේම පිස්සෙක් නේ ඕයි ඌ. ඌගේ බයිලා තමුසෙම අහ ගන්නවා කියාය. එහෙම කියලා එයා නිදා ගන්නට ගියේය.

ඉතින් මම තනියෙන් ඒක බැලුවේය. ඇමතිතුමා, බුදු හාමුදුරුවෝ තන මිරිකපු හැටියි. බලගල්ල කියලා එකෙක් මෝඩයන් ගැන කියපු හැටියි. MDK එකේ, නව ඉඳි අප්ප පිටිවල ඇඩ් එකකුයි, කැන්ටින් ටෙන්ඩර් ගන්න හැටියි, හොස්ටල්වල 750 න් කන හැටියි, එයාගේ නිළධාරින් දීපූ ගුන්ඩු වගයකුයි, ආන්ඩුවේ තේමා පාඨය වන, මැති ඇමතිවරු යුද්දෙට ගිහිලා යුද්දේ දිනපු හැටියි සමග 2500 න් කන හැටිත්, ඉතා කෙටියෙන් විශිෂ්ඨ ලෙස පෙන්න දුන්නේය. හෝමාගම බන්දුල පමණක් නොව මීගොඩ සිට කෝල් එකක් දුන් මී හරක් බන්දුල කිව්වේ 2500 ටත් අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියාය. මෙතුමා මේ තරම් කාළයක් මේ දේ එළි නොකර සිටීම ගැන එතුමන්ගේ මෑනීයන්ට පින් දුන් මම තීරනයකට එළබුනේය.

 කැම්පස් එකේ 25 හේ බත් කන්න යන්න බැරිය. මොකෝ එහේ ගියොත් දෙවන වසරේ උන් පුකේ පැන්සලක් ගසාගෙන පුකෙන් නම ලියන්න කියනවාය. අත් අකුරුත් හොඳ නැති මගේ පුක් අකුරු ගැන උන් කොහොමත් කැමති වන්නේ නැතිය ඉතින් මට හැමදාම පුකෙන් ලියන්න වෙන්නේය. ඒක හරියන සෙල්ලමක් නෙමේය. රෝයල එකේ පින්සිපල් මහත්තයාට කෝල් එකක් ගත්තේය. එතුමා ඇහුවේ මොකෝ මාතලන් මේ මහ රෑ හීනෙන් බය උනාද කියලාය. මම එතුමාට කිව්වේ මීට පස්සේ අරවට මේවාට කියා ළමයින්ට සල්ලී ගේන්න කියා කරදර කරන්නේ නැතුව අප දෙදෙනාට හවුල් ව්‍යාපාරයක් ක්‍රලා ඉස්කෝලේත් බිස්නස් සෙන්ටර් එකක් කර හැකි කියාය.

මට පිස්සු කියා කීවත්. දැනටත් ළමයින් මෙන්ම, දෙමව්පියන්ද පාසලට පැමිණෙන නිසාත්, ඡන්ද වලට පෙරහැරවල්වලට ගං වතුරට පාසල් දෙන එකේ, පවුල් වලට නවාතැන් දී, එයට වෙනම මුදලකුත්. රු 2500 ට කෑම වේල් තුනකුත් දීමටත්, ව්‍යාපාරය ආරම්බ කිරීමට තීරණය කළේය. ඉතින් පොඩි එකා  නැගිට්ට වෙලේ මම ඌට කිව්වේ, පුතේ අපි ඔක්කොම හොස්ටල් එකේ ඉන්න තීරණය කළා කියාය. ඌ කිව්වේ තාත්තට මොලේ හොඳ නැද්ද... ඔයාමනේ කිව්වේ උන්ට හරියට කන්න නැති නිසා කෑම ගෙනියන කොට උන්ටත් ටිකක් ගෙනියන්න. ඔයා ඉස්කෝලේ යන කාළෙත් එහෙම කළා කියලා, වැඩිපුර සල්ලිත් දෙන්නේ උන්ටත් මුකුත් අරන් දෙන්න කියලා. ඔව් මම කිව්වා තමයි, ඒ ඉස්සර, දැන් උන් බොරු කියලා තියෙන්නේ, දැන් ෆ්‍රයිඩ් රයිස්, චිලී පේස්ට්, චොප්සි හිටන් දෙනවලු. මම තීරණය කලා මේ ගේ විකුණලා ඒ සල්ලි ෆික්ස් ඩිපොසිට් දාලා රෝයල් එකේ නවතින්න, මම පින්සිපල්ටත් කතා කලා එයත් කැමති උනා.

මේ අවු අස්සේ ගෑනී එතනට කඩගෙන වැදුනාය. මම ඔක්කොම අහගෙන හිටියේ. තමුසෙට නම් පිස්සු ඕයි. තමුසෙට ඕන නම් යනවා කිව්වාය. ඉවසීමේ සීමාවක් තියෙනවාය. මේ දුක් විඳින්නේ මොන මලදාලනයටදය. තමුසෙට බලන්න එන්න කිව්වම බලන්න එන්නත් බෑ, කියන දේ පිලිගන්නත් බෑ, කියපු ගමන් පිඟානක් ආවේය. මටත් මල පැන උන්දැගේ බෙල්ලෙන් අල්ල ගත්තේය. පොඩි එකා මෙන්න මිනී මරාගන්නවෝ කීයා කෑ ගැසුවෝය. ඒ සද්දෙට අහල පහල ලපයි සිපයි ගෙදර වට උනේය. වලිය බේරූවේය. උන් ප්‍රශ්නේ විසදන්න මේ ක්ලාස් එක බලලා නැතිය. උනුත් කිව්වේ මාතලන්ට පිස්සු ඌගේ වැඩ සටහන් බලන්නේ මොළේ තියෙන්නේ පුකේද කියාය. එම නිසා මටත් තද උනේය.

ආපූ උන් සමග වලියට සෙට් වෙන්න යන කොටම, පන්සලේ ළොකු හාමුදුරුවෝ ආවේය. සමාවෙන්න වැඩියේය. මම උන් වහන්සේට කාරනේ කිව්වේය. මා පෙර පින් කර ඇත්තේය උන් වහන්සේ IPL ඕපනින් සෙරමනි එක නරඹා, ඊට පස්සේ බන්දුලගේ ක්ලාස් එක බලා තිබුනේය. අර ප්‍රියංකා චොප්‍රා උපාසිකාවයි, චමක් චලෝ එකට රංගනයේ යෙදුන කරීනා උපාසිකාවයි, බොහොම අපූරුවට ඩාන්ස් කොලා නොවැ මාතලන් උන්නෑහේ,.. බැලුවයි කියා මගෙන් ඇසුවේය. හාමුදුරුවෝ ට්‍රැක් පැන බයිලා පාරක් දේශනා කරන්න යන බව තේරුන නිසා, මම කිව්වේ අනේ හාමුදුරුවනේ මුන් එකෙක්වත් පිලිගන්නේ නෑ නේ ඇමතිතුමා කියපු එක ඔබ වහන්සේ වත් දෙසන්නකො මුන්ට එතුමා දෙසූ එක. මේකයි මාතලන් මහත්තයෝ එතුමාට අමතක උනා ඔයිටත් අඩුවට ඒ කියන්නේ නිකන්ම වගේ කන්න තියෙන තැනකුත් තියෙන වග. මොනවා හාමුදුරුවනේ නිකන්.

ඔව් බන් අපේ පන්සල...ඔය ඉස්කෝල වලට වඩා සුපිරි කෑම එහේ තියෙනවා... මාතලන් ඇවිත් කුටුම්බෙටම අරන් යන්න. දවල් ගෙනියන කොට රෑටත් එක්ක ගෙනියන්න.

 ප: ලි:
මේවා රාජ්‍ය රහස්ය. පින්සිපල් මහත්තයාට කතා කලාට පස්සේ මම ලොක්කාට් කෝල් එකක් ගත්තේය. ලොක්කත් මේක බලලා තුබුනේය. මම ලොක්කාගෙන් ඇහුවේ කබ්‍රාල් මහත්තයා අයින් කොරලා මෙතුමා එතෙන්ට දාන්න බැරිද කියලාය. එතුමා කිව්වේ එතෙනට දාන්න මූට කඩුව බෑනේ කියලාය. බැසිල් මහත්තයාට කෝල් කලාම එතුමා කිව්වේ. මී හරක් පිට රටින් ගේන එක නවත්වා. හෝමාගම පැත්තෙන් අරන් ෆාම් වලට දෙනවා.. පට්ටි දාන එකා ඊයේ රෑ හම්බ උනා...කියාය.

75 comments:

  1. චොප්සි දෙනව කිව්ව කෑල්ලනම් මමත් බැලුව... මොක කරල හරි 2500න් ජීවත්වෙන හැටි ඔප්පු කරනව කියල දැනගෙන හිටපු හින්ද බැලුවෙ නෑ...

    චොප්සි දෙන කෑල්ල දැක්කෙත් පියතුමයි මලයයි හිනාවෙන සද්දෙ ඇහිල මොකෝ කියල බලන්න ගියහම... :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම ඉස්කෝලේ යන්න තීරණය කළේ...

      Delete
  2. මේ අවුරුදු කාලේ හිනා වෙයන් රාලේ තෙල් ඉහිරුණු කැවුන් ගෙඩිය වාගේ…

    ජනතාව සතුටින් තියන්න කැප වුනු මේ වගේ ජනතාවාදී රජයක් මමනම් ජිවිත කාලෙටම දැකල නෑ. පුදුම විහිළු ප්‍රමානයක්නේ සපයන්නේ. ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලේ හිටියේ එක කවටයයි (AJ රණසිංහ). දැන් කවටයෝ වැහි වැහැල. එක විහිළුවකට හිනා වෙලා ඉවර වෙන්න ඉස්සෙල්ල ඊළඟ විහිළුව සපයනවා.

    ReplyDelete
    Replies
    1. එකෙ නෙමෙයි මාතලන් දෑක්කේ නෑද්ද 2500න් ජීවත් වෙන ඩයල් දෙකක් කතා කලා.පිස්සු හෑදෙනවා බන් මෙවා දෑක්කාම,මුන්ට නම් උපතින්ම කශේරුකාව පිහිටලා නෑ මගේ හිතේ....

      Delete
    2. @ ඇනෝ
      ලොක්කත් ජෝකර්ලට ආසයි නේ.. ඒකයි

      @ අසංග
      ඇයි බන් ඔය ලියලා තියෙන්නේ නම් ගම් එක්කම

      Delete
  3. Ella!!!
    Patta kathawa machan!!!
    this is the best part "මී හරක් පිට රටින් ගේන එක නවත්වා. හෝමාගම පැත්තෙන් අරන් ෆාම් වලට දෙනවා.. පට්ටි දාන එකා ඊයේ රෑ හම්බ උනා...කියාය.

    Tks for letting us smile!!!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බන් පට්ටිදාන්න ගන්න උන්ගේ බෝල කුට්ටම හොඳට තියෙන්න ඕන. ඕකට එහෙම දෙයක් තියෙනවාද දන්නේ නැහැ. අනික දැන් 59ක් නේ . වයස ටිකක නරක හින්ද පිස්සු ගව රෝගය හැදිලද දන්නෙත් නැහැ.

      Delete
    2. ඕක තමයි ඒ වැඩේට හොඳම වයස. අප්සට් උනත් නියම හරක් ගතිය එනවනේ...

      Delete
  4. මට ඔය එක කෙලියක්වත් බලන්න බැරි උනා ඕයි ,

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට නොබැලුවෙ. මමත් ඔය චොප්සි කථාවට එනකල් බලාගෙන එනකොට ඔක්කාරෙට ආව, ඒ ගමන බලන එක නැවත්තුව.

      Delete
    2. නොබලපු එකමයි හොඳ

      Delete
  5. ගොනා නං තමයි . . . ඒත් පට්ටිය දාගන්න පුලුවං වෙයිද ??? මට පේන්නෙම කර අඹල වගේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් විපස්සේ හරකා තප්පුලන කොට බලන්න එපාය මූගේ මූනේ ලස්සන කට කනේ...

      Delete
  6. අර අනිත් පැත්තෙන් ගියපු ගොන්නාම්බත් හොඳයි බාන් කරලා හාන්න.... එකටවත් හරියට ගේම ඉල්ලන්න බැරි උණානෙ... නොදකිං

    ReplyDelete
    Replies
    1. ගොඩක් චැලේන්ජ් එක බාර ගත්තට මූ සිලෙක්ට් කරේ ගේම් එක දෙන්න පුළුවන් ලේසීම එකා..

      Delete
  7. මමත් පාන්දර ඇහැරැගෙන බැලුව...නියමයි මාතලන්,හෝමාගමින් හරක් බෝකරල රටටම දෙන්නපුළුවන්...

    ReplyDelete
    Replies
    1. මම නම් හිතුවෙ ගිය පාරවත් ඕකා විසිවෙයි කියලා

      Delete
  8. මාතලන්ව නිතරම කියවනවා
    එත් මෙච්චර ආතල් එකක් ගත්තු පොස්ට් එකක්.. නැහැ.

    ReplyDelete
    Replies
    1. අපොයි මීට වඩා රස ඒවා ඕන තරම් තුබුනා. ඒත් ඔහේගේ කැමත්තනේ...

      Delete
  9. අපේ අප්පුච්චා මේ මී හරක වෙනුවෙන් ඇඳුම් ගලෝගෙන උනත් කඩේ යන්න ලෑස්ති කෙනෙක් . . .

    මම ත් මුදැගෙන් ඉගෙන ගත්තා තමා . .

    එත් අම්මා, තාත්තා, සර් නෙමේ මහා බ්‍රහ්මයා උනත් ඇඟට දැනෙන්න ඇහැට පේන්න වැරදි නම් ඌ වැරදියි කියලා බනින්න එක මගේ හැටි . . .

    මම මාසෙකට අම්මටයි තාත්තටයි රුපියල් 20,000ක් යවනවා. දෙන්නම මම එයාලට හදලා දීපු ගෙදර ඉන්න නිසා මහගේ කුලියට දීලා එකෙන් තව රුපියල් 8,000කුත් ගන්නවා . . . නංගිගෙනුත් මාසෙකට 5,000ක් ගන්නවා. .

    ඒත් කෝල් කරන කරන හැම පාරම කියන්නේ ඒ සල්ලි වලින් ජීවත් වෙන්න අමාරුයි පුලුවන් නම් 25,000ක්ම එවන්න කියලා . ..

    මෙදා සැරේ නිවාඩු ගියාම දෙන්නටම දෙන්නම් බැටේ . . .

    වීවියෝ එක පෙන්නලා කියනවා ඔන්න ඔයාල මල් තියල වඳින පුදන උත්තමයෝ කියනවා එක්කෙනෙක්ට 2,500ක් ඇති කියලා .. මින් පස්සේ මම එවන්නේ 5,00යි කියලා . .

    20,000න් ඉතුරු 15,000 ගෑනිට යවනවා කොල්ලට පීසා අරන් දෙන්න කියලා . . .

    ReplyDelete
    Replies
    1. හෙහ් පව් අම්මා තාත්තා ...

      Delete
    2. මට පේන්නෙ මෙතන තියෙන්නෙ බින්දු ප්‍රශ්නයක්... දුකා අයිය යවනව ඇත්තෙ 20,000 ක් නෙමෙයි 2,000 යි... ගෙදරින් කියනව ඇත්තෙ 25,000 නෙමෙයි 2,500

      ඊළඟ පාර සල්ලි යවද්දි බින්දුව ගැන සැලකිලිමත් වෙන්න :)

      Delete
    3. සිරා කතාව. සාතන්.

      Delete
    4. අම්මලගෙන් අහපන් අමු අමුවේ පලවෙනි සිල් පදය කඩනවා නේද කියලා..

      Delete
    5. බන්දුල සර්ටයි මාරයටයි අර කෝල් කරපු උන් දෙන්නටයි පිස්සුද .. නැතිනම් මටයි රටේ ඉන් ගොඩක් උන්ටයි පිස්සුද කියලා තාම හිතා ගනන් බැරුව ඉන්නේ බන් . . . සාතන් කියන එක හරි වෙන්නත් ඇති . . මට පිස්සු නිසා සුවර් නෑ වගේ දැන් . .

      Delete
    6. උඹට පිස්සු තමා දුකා නැත්තන් අර බූරුවත සර් කියලා අමතයිද?

      Delete
    7. දුකා, බන්දුල සර් කිව්වේ කන්න යන වියදම ගැන විතරයි. මනුස්සයෙකුට ජීවත් වෙන්න කනවට වැඩිය තව වියදම් යනවා. එහෙම බලනකොට උබ යවන ගාණ මදි .

      Delete
  10. අවුරුදු ගානකට පස්සෙ දැන් තමා හිතේ හැටියට කටට රහට කෑමක් කන්නෙ. තව රුපියල් පන්සීයක් විතර ඉතුරුත් වෙනවා.. මෙච්චර කල් අපි මේක නොදැන බොරුවටනෙ සල්ලි වියදම් කරලා තියෙන්නෙ.. හැබැයි දැන් මුදලාලිලාට අපේ රත්තරන් ඇමතිතුමා එක්ක මළ පැනලද දන්නෑ.. ඇයි මෙච්චර කාලයක් අපේ තිබ්බ සකලමනාවම බොරුවට සූරන් කෑවට. එහෙම මුදලාලිලාගෙන් විරෝදයක් එනවානම් අපි ජනතාව වශයෙන් මේ ජාතික වස්තුව රැක ගන්ඩ පෙරමුන ගන්ඩ ඕනා.. මාතලන් මොකෝ කියන්නෙ ඔහෙත් එනවැයි..

    දැන් බැංකු පොළිය කීයෙයි.. ? මට අර පන්සීය කොහේ හරි ඉතුරු කොරන්ඩ ඕනා..

    ReplyDelete
    Replies
    1. බැංකුවේ දාන්න උඹට පිස්සුද. ඩොලර් ගනින්..

      Delete
  11. නිසි ප්‍රාථමික අධ්‍යාපනයක් නැති, උසස් පෙළට පමණක් පාසැල් ගිය ඇමතියන් සිටින රටක, අධ්‍යාපන ඇමති කෑම බීම බඩුවල (ඇමතිගේ නෙමේ කුස්සියේ බඩු ) ගනන් හිලව් කියා දීම ගැන පළමුව ස්තුති වන්ත වෙමි. කොස්ගම පැත්තේ කපුවෙක් දේවාලේදි උඅග්න්නපු පාඩමක් තමයි ඔය 2500 කන් හැටි. අපිටත් තියන්නේ එහෙම ඉගෙන ගන්න. මම කවදාවත් මිනිස්සුන්ට අපහාස කරන් නැහැ. දැන්නම් මල පැනලා තියන විදියට අපිත් මෙහෙමවත් අපේ මල නිවා ගන්න ඕනෙ. නැත්නම් ඉක්මනටම ප්‍රෙෂර් එනවා.
    අනුන්ගේ ව්‍යාපාර හොරෙන් අයිති කර ගත්ත එකෙක් එක්ක මොන විවාදද. බාහු ආවා නම්... ඒත් පිසෙක් වුනත් ... බලන්නවත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. කතාකරන්නේ නම් අපි දස සිල් උපාසක වගේ....

      Delete
  12. වෙලාවට මම ඕවා බැළුවේ නැත්තේ.. දැන්නම් ලැජ්ජයි වගේ හෝමගම මේ අපේ කතිරේ එතුමටනේ දුන්නේ..

    ReplyDelete
    Replies
    1. අන්න බැසිල් මහත්තයා උඹලව හොයනවා

      Delete
  13. එළ එළ දැන්ම ඉදන් ඔය විදිහට කන්න පුරුදු වෙන්න ඕනා

    ReplyDelete
    Replies
    1. මෙන්න ආදර්ශමත් මිනිස්සු

      Delete
  14. FB යන ගමන් ම ඔන්න ඔහේ ඕකෙ මුල් කොටසත් බැලුව.පොර අර ප්‍රතිඥා දීමක් ගැන කිව්වනේ ඉස්කොලේ ළමයි.ඒ එක්කම මෙයාලත් ඒ ප්‍රතිඥාව දීල.FB එකේ ඒ පිංතූරේ දාල තිබ්බ.හැමෝම දකුණු අත ඔසවල ප්‍රතිඥා දෙනකොට මෙයා වම් අත උස්සං කියවනවා.(වම දකුණ මාරු වෙලා)

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හොඳ සමාජවාදියෙක් නේ.. දැන් නම් වම දකුණ විතරක් නෙමෙයි මුඛයත් මාරු වෙලා මයේ හිතේ...

      Delete
  15. අන්තිමට බැලුවම මූ හරි වගේ. රවියත් හරියට දුන්නෙ නෑ ගේම. ජෙප්පෙක් ආවනං මීට හොදයි කියල හිතුන. හැබැයි පුතෝ මේ වගේ ගොන්නු පට්ටි දාන්න ගන්නෙ නෑ. පිලිමවල නේත්‍රා තියනකොට "පිංගොනාට" අතහරින්න නං හොදයි. ඒත් වැඩේ තියෙන්නෙ අපේ ඡන්ද දායකයො මුංව ආයෙත් කවුන්සිලේට යවනවනේ.

    ReplyDelete
    Replies
    1. ජෙප්පව ගත්තේ නැත්තේ කන්න වෙන බව දන්නවනේ...

      Delete
  16. දැන් ඉතින් අපේ පයින් අපේ පුකට ගහගන්නවා ඇරෙන්ඩ, ඕකගේ පුකට පයින් ගහන්ඩෑ....මේ දවස්වල මුන්ගේ කතා අහල/බලල ලේ පුච්ච ගන්න එක අපිට පාඩුයි ;

    ReplyDelete
    Replies
    1. මගේ නම් ලේ පිරිසිඳු වෙනවා හිනාවෙලාම

      Delete
  17. මෙහෙව් එකෙක්ව දියවන්නාවට දක්කපු මී හරක් දැන් කෝ

    ReplyDelete
    Replies
    1. අපොයි තවම ඉන්නව ඔය කියපු ගමන් එන්නේ හෝමාගම බැනර් එක පිටිපස්සෙන් ප්‍රොටෙස්ට් වලට...

      Delete
  18. මේක තමයි දරුවෝ ආස්චර්ය කියන්නේ

    ReplyDelete
  19. කුජීතය ආසියාවේ ආශ්චර්යා රායි කුප්පය...

    ReplyDelete
    Replies
    1. අඩේ උඹට කැන්ටින් එකෙන් කාල ගෙදරත් ඇවිත යන්න මහපොල 2500 ඇතිනේද?

      Delete
    2. උඹලා කැම්පස් යන වෙලේ 25 බත් එක ගෙනත් එළියේ විකුණපන්කෝ පනහට කැම්පස් කැම්පස් කියලා.. හාබර් වලට වඩා ඉල්ලුම තියෙයි.

      Delete
    3. හාබර් කෑම එකත් දැන් හැටකට ද කොහෙද විකුනන්නෙ.

      Delete
  20. කොහොමද ආර්ථික විද්‍යාව

    ReplyDelete
    Replies
    1. 56 යේ බූරූ පුත්තු වැඩි හරියක් ඔහොම තමයි..

      Delete
  21. මෙ ආන්ඩුව මහජනතාව ගහරක් කියල තමා හිතගෙන ඉන්නේ.මෙ යන විඩියටනම් එක එවගේ.අපි හම පදයටම නටනවනෙ.ඔන්න දෑන් තෙලුත් මිල වඩි වේය්ලු.අපි මොක්කුඩ බන්.

    ReplyDelete
    Replies
    1. හිතාගෙන ඉන්න දෙයක් නෑ.. කොහොමත් හරක් තමයි...

      Delete
  22. චෑහ් මට බලන්න බැරි වුනානේ.

    ReplyDelete
    Replies
    1. නොබැලුව එක හොඳා

      Delete
    2. ඔය ලොකු ජෝන් දීලා තියෙන්නේ උත්තරේ

      Delete
  23. මට කුණු හබ්බ මතක් වෙන්නේ.. බං.. මම අහගෙන එකෙක් කෝල් කරල කිව්වා පොරට කන්න පුලුවන්ලු..

    "මීගොඩ සිට කෝල් එකක් දුන් මී හරක් බන්දුල කිව්වේ 2500 ටත් අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියාය. " ඒ මි‍ගොඩ මී හරක් බන්දුය..

    එතකොට මාරයාගේ පෝස්ටුව ?????? එතකොට නිට්ටම්බුවේ මාරයා..??

    ReplyDelete
    Replies
    1. මාරයත් කන හැටි නෙමේනේ ලියලා තියෙන්නේ ලෙවකන හැටිනේ. කොහොමත් අල බතල කන යුගේකට ගෙනියයි ළඟදීම...

      Delete
    2. මම පිලිතුරක් දාන්ට තන්නනේ. සියළු කරුනු සුදානම් !

      Delete
  24. දෙන්නම එකයි. ඕව බලන අපිට බූවල්ලෙන් තලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. රවිය එනව කිව්ව ගමන් මම දැනගත්තා අරූ ගේම දිනන බව...

      Delete
  25. කැන්ටිමක් හොයාගෙන යනවා මමනම් බඩගිනි වුනාම.

    ReplyDelete
    Replies
    1. ඉසුරුපායටම පලයන්

      Delete
    2. පට්ට කමෙන්ටුව ඕයි. කුනුහරපෙකුත් කියවිලා, මට සද්දෙට හිනා ගියා..

      Delete
  26. බන්දුල ගුනවර්දන ඔය එකක්වත් නොදැන කතාකලා කියල මම හිතන්නේ නැහැ.ඇත්ත සිද්ධිය නම් මේ ආණ්ඩුව සතියකට සැරයක් ගොන් ජෝක් හදාගන්නවා.ඉන් පස්සේ මුලුරටම ඒ ගොන් පාට් එක පස්සේ යනවා.මිනිසුන්ට තියෙන සැබෑ ගැටළු යට යනවා.2005 සිටම මම මේක නිරීක්ෂණය කලා

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමයි මමත් කියන්නේ . .සිරි ලාංකික අපි හරිම මෝඩ මූසල ජාතියක් අප්පා . .දුක හිතෙනවා . ..

      Delete
    2. තනිකර බොරුවෙන් තමයි පාළනය ගෙනියන්නේ ජාත්‍යන්තරයත් අන්දවන්න ගිහින් එතනින් තමයි නා ගත්තේ.. මේ රටේ වැඩි පිරිසක් ඉන්නේ ගොන් හරක්..

      Delete
    3. දවසේ කොමෙන්ටුව. ++++
      එක ගොන් ජෝක් එකක් දැමු විට එය ඊලග ගොන් ජෝක් එක දක්වා පවත්වාගන යාම සදහා රටේ රුපවාහිනී නාලිකා පුවත්පත් සහ අනිකුත් මාද්‍ය ආයතන අගනා සේවයක් කරනු ලැබේ.
      ඊට අමතරව මාතලන් , sAm , බුවා, මාරයා, දුකා සහ අර බස්සා කියන එකා එයට සුළුවෙන් හෝ දායකත්වයක් සපයයි. අවසානයේ මිනිසුන්ට තියෙන සැබෑ ගැටළු යට යනවාය.

      Delete
  27. //මී හරක් පිට රටින් ගේන එක නවත්වා. හෝමාගම පැත්තෙන් අරන් ෆාම් වලට දෙනවා.. පට්ටි දාන එකා ඊයේ රෑ හම්බ උනා...//

    හරියට හිතුවොත් හෝමගම කොට්ඨාශේ නෙවේ, රට පුරා හැම කොට්ඨාශේම පට්ටි හරක් දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ හොඳම අය නොවැ තෝරලා දියවන්නාවේ පට්ටියට ගාල් කොරලා තියෙන්නේ !!!

    ReplyDelete
    Replies
    1. ඒකෙනුත් ගොඳම එකා තමයි හෝමාගම එකා...

      Delete
  28. මේකෙ තියන ලොකුම විහිලුව තමයි, 'පිස්සු හරකා' විවාදෙට ආරධනා කලේ ආර්ථික විද්යාව දන්න කෙනෙක්ට, නැත්නම් තේරෙන්නෙ නෑ කියල. මේකද මූංගෙ ආර්ට්ථික විද්යාව

    ReplyDelete
    Replies
    1. ඌ හිතාගෙන ඉන්නේ ඌට විතරයි ඒ සෙප්පඩ විජ්ජාවට උපාධියක් තියෙන්නේ කියලා. උගත් මොළේ තියෙන මිනිහෙක් තමන් උගත් කියලා කිසි ලෙසකින් කියන්නේ නෑ. මූ නම් පුත්තලම් බූරුවෙක් බව එයිනම පේනවා..

      Delete
    2. සජීව ධනුද්ධරApril 7, 2012 at 1:18 AM

      //මූ නම් පුත්තලම් බූරුවෙක් බව එයින්ම පේනවා..//

      කියලා වැඩක් නෑ මාතලන්!...

      Delete
  29. මේ වගේ බුරු පුත්තු පාර්ලිමේන්තු යවපු අපි වගේ හරක්ට මෙව්වා හොඳ පාඩම්. ඒත් කොහෙද? ඊළඟ ජන්දෙදි තව සෙට් එකෙක් යවාගන්න ජන්දෙ දෙන්නෙත් අපේම එවුන් නේ/

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න