.

.

Apr 15, 2012

ඔට්ටුව මාරුවීම - What's the bet


ලෝන් ගහල, හතර අතේ ණය වෙලා, අවුරුදු කෑවයි කියලා හිතන් උන්නට, අවුරුද්ද ඇවිත් අපිව කාලා ගිය එකයි කලේ. අප්ෂෙට් එකේ ඉන්න වෙලාවේ මට හිතුනා ජෝක් එකක් ලියලා දාන්න..සමහර විට අහලාත් ඇත. කියවලාත් ඇත. එහෙම කලින් අහලා තියෙනවනම් නොබැලුවාට අවුලක් නැත. අපේ පිරිමි කස්ටිය රජ කාළේ පටන් බොනවාය. ඒ කාළේ බිව්වේ කිතුල් රාය. ඔක්කෝම සජ්ජුරුවන්ට අයත්ය. පුරුතුගීසී ආවාට පස්සේ, අපේ අය බය නැතුව බොන්න පටන් ගත්හ. සුද්දගෙන් රේන්ද ලයිසොන් ලැබිච්චි පින්වතුන් අදටත් පට්ටම සල්ලි කාරයෝය. සැටලයිට් නෝනාගේ කාළයේ බේබද්දෝ වැහි වහින්න බෝ උනේය. එතුමිය කුමක් නොකලත් රට පුරා බාර් නම් දැම්මාය. ඒ එතුමියගේ ගුණ යහපත් කම නිසාමය. එයාගේ අම්මා මෙන්ම අපෙත් අම්මා උන, මැතිනිගේ කාළේනම් අපට අල බතල කන්න කියා එයාලා පොරින් කෑම කෑවේය. නමුත් සැටලයිට් නෝනා තනියෙන්නොබී, අපටත් බොන්න රට පුරා ඒවා ව්‍යාප්ත කලාය. නිවන් දැකීමට එතුමියට ඒ පිනම ඇත. එතෙක් උපදින සෑම ආතමයකම, ඇයට විස්කි ලැබේවායි පතමි.

දැන් මතට තිත තියලාය. ඒ උනාට කස්ටිය තිතට මත තබා යන නිසා ආධාර එකතු කරන කාකී පාට ඇඳුම් ඇඳ, සුදු මුට්ටි හිස දරා ගත් පිරිසක්, පාර පුරා වැහි වැහලාය. එයාලාට දෙන ආධාර වලින්, තව කිසි කරදරයක් නැතිව බාග්‍යවන්තයෙක් විය හැකිය. ආන්ඩුවට සල්ලි නැතිද කොහෙදය. මීට වඩා... හැම ලයිට් කණුවකම පින් කැට එල්ලා, "මහා භාන්ඩාගාරයේ පින් පෙට්ටිය" කියා බෝඩ් එකක් ගසා ආරක්ෂාවට කාකි මහත්තයෙක් දැම්මානම් අහවරය. හැබයි කාකී ඇඳුම නිරීක්ෂණයට කැමරාවක්ද හයි කල යුතුමය. මොකෝ බඩු ෂුවර් උනත් ජනතාව ෂුවර් නැත. මේ යෝජනා දැක, ලොක්කා මාතලන්ව ගවනර් කලොත් හෙම ඔහේලා කලබල නොවිය යුතුය.


මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ, මත් වතුර බෝතල් වලට නොව, බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල බුලියේ, තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් 2000 කොල පිරී තිබුනේය.
"යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය.
"ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති."
"හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ."
"මෙහෙමයි මහත්තයා, අපේ තියෙනවා බෙට් එකක්, ඒකට තරඟ තුනක් තියෙනවා, ඒ තරඟ තුනම ජය ගත්තොත්, අපි ඕනම කෙනෙක්ට, ඒ තියෙන සල්ලියි, අළුත්ම කාරෙකකුත්, දෙනවා ගෙදර යන්න."
"හරි මොකක්ද ඔට්ටුව.....?"
"එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු. 2000 දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ"
"ආ මෙන්න 2000... දැන් ඉතින් කියනවකෝ.". බාර්මන් 2000 අරගෙන බුලියට දැම්මා.
"පළවෙනි එක තමයි, ගල් බෝතලයක් නීට්ම, කටේ තියාගෙන, විනාඩියක් ඇතුලත බොන්න ඕන. හැබයි වමනේ දාන්න, කාරලා කෙල ගහන්න. මුකුත්ම කරන්න බෑ"
"දෙවනි එක තමයි... බාර් එක පිටිපස්සෙ ඉන්නවා පට්ටි ගොනෙක්, ඌගේ දතක් නරක් වෙලා තියෙන්නේ. ඒ දත ගලවන්න ඕන. හැබයි අත් දෙක විතරක් පාවිච්ව් කරලා. බය වෙන්න දෙයක් නෑ ඌ හොඳට ගැට ගහලා තියෙන්නේ.."
"එතකොට තුන තමයි...., ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 80 ක තාමත් කෙල්ල මොකෝ එයා කවදාවත් පිරිමියෙක් එක්ක නිදාගෙන නෑ. ඉතින් එයාගේ කන්‍යාබාවය නැති කරලා, එයාව සතුටු කරන්න ඕන".
"හහ්..... තමුසෙ හිතුවද මම මෝඩයෙක් කියලා... ? අරක්කු බෝතලයක් බොන්න,,, ඔච්චර පරිප්පුවක් කාලා... මෙන්න මේ මට දෙනවා ඩී ඩී 100 ක්..."
"ආ... ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි මහත්තයා... අරක ඉතින් බෙට් එකනේ"
පැයක් විතර යන කොට මහත්තය 100 ඒවා තව කීපයක් ඕඩර් කලා. ටික වෙලාවකින්, පොර කවුන්ටරේට ආවා.
"හරි.... කෝ... ගන්නවා තමුසෙගේ ගල් බෝතලේ,"
බාර් එකේ ඔක්කෝම වට උනා.. පොර ගත්තා අත් දෙකෙන්ම බෝතලේ, කඳුළු පෙරාගෙන බීගෙන බීගෙන ගියා. ඒත් කෑරූවේවත්, වමනේ දැම්මෙත් නෑ. වෙලාව තත්පර 58 යි. ඊළඟට පොර ගියා බාර් එකේ පිටිපස්සට, ගොනෙකුගේ විලාප හඬත්, මිනිසෙකුගේ කෑ ගැහිල්ලත්, මුසුවු දරුණු ගැටුමක සද්දයක් බාර් එකේ ඇතුලේ හිටපු කස්ටියට ඇහුනා. විනාඩි 10 කට විතර පස්සේ පුදුම නිශ්ශබ්දතාවයක් ආවා. මීට කලින්, එකෙකුට දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත සිඳුවීම, අදත් සිඳුවූ බව වටහාගත් අනෙක් කස්ටිය තමන් උන්නු තැන් වලට ගියා බොහොම දුකෙන්....
එහෙම ගියා විතරයි... මෙන්න මහත්තයා එනවා, ඇඳුම් ඉරාගෙන, ගොම ගාගෙන, ලේ පෙරාගෙන, තුවාලත් එක්ක, කලිසමේ සිප් එකත් උස්ස උස්ස වැනී වැනී
ආ.... තමුෂෙලා..... දැන්........ මට..... කී........න.....වා............
අර්........ර.... දත ගල.........වන්.......න ඕඥ ගෑඥී......
ඉන්ඥේ කොහේ........ද.......... කී........ලා.........

 අති විශේෂ (ගල්) - ට්යුබ් ලයිට් නම්, හෙමීට ආයෙත් කියවන්න..

64 comments:

  1. හයියෝ......ගොනා.

    ReplyDelete
  2. එයාගෙ ගලවන්න දත් නොතිබ්බොත් ඉතින් බාර් කාරය ඉඳල ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔය විදියට ආච්චි ගාවට ගියොත් කන්න තමයි වෙන්නේ..

      Delete
  3. පුහ්....ලොකු වැඩක් කරල නේ..එත් ඉතින් ගොනා එච්චර දගලන්න ඹ්නද,ෂුවර් එක‍ටම මෑන් මාතලන්ලයි ගෙවල් පැත්තෙ පොරක් වෙන්නැති.

    ReplyDelete
  4. පට්ට පට පට... ඌ අන්තිම වැඩේ කලින් කරලනෙ

    ReplyDelete
    Replies
    1. ඒකනේ .... වයර් මාරු වෙලා...

      Delete
  5. ගල් බෝතලෙයි මුලින් දාගත්ත ඩීඩී ටිකයි කලවං වුණා. එකම ජාතිය ගන්න ඕනෑ කියන්නේ ඒකයි. ආච්චිට මොනව හිතුනද දන්නෙ දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කලවම් උනොත්... බඩුම තමයි..
      ආච්චි පවුනේ...

      Delete
  6. අපරාදෙ ඔට්ටුව

    ReplyDelete
  7. මිනිහා කෙසේ වෙතත් ගොනා යහතින්නෙ? :-)

    ReplyDelete
    Replies
    1. ශුවර් නෑ මූ ඌට පට්ටි දාලා නේ...

      Delete
  8. බඩුම තමයි මිනිහාට හරිනම් ඔය තෑගි වලට අමතරව වෙන මොනව හරිත් දෙන්න ඕනේ.. ඇයි යකෝ දත ගලවන්න බැරි වෙච්ච පට්ටි ගොනාට අහවල් වැඩේම කොලානේ....

    ReplyDelete
    Replies
    1. තෑගී ගන්න ඔට්ටුව දිනන්න එපාය..

      Delete
  9. අපරාදේ ගොනාගේ කන්‍යාබාවය

    ReplyDelete
    Replies
    1. ඉතාම ශෝක ජනක සිඳුවීමක්

      Delete
    2. නෑ සදරුවෝ... කුමර බඹසර....
      වැරදුනා.... ගොනා බඹසර... @$%$1^%$$%@*

      Delete
  10. ඇයි බං මින්ස්සු බොන්ට ඔච්චර කෑදර?
    (මම නම් කියන්නේ ඕව පූරුවේ ආත්ම වල කරපු පව් - අපිට ඉතිං කරන්න දෙයක් නෑ)

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මිනිස්සු වේල් තුනක්ම කන්න කෑදර...

      Delete
    2. තුන් වේල නොකා කාලයක් හිටියම සාගින්නේ මැරෙනව නේ බං.

      Delete
  11. පව් යකෝ ආච්චී . . .. හික්z

    ReplyDelete
    Replies
    1. මටත් සෑහෙන දුකයි... ආච්චි ගැන

      Delete
  12. මගෙ අප්පේ... පොරට බෝතලේ ලෙසටම වැඩ කොරලා..
    ගොන් පෙට්ටි කඩා - ආච්චිගේ දත් ගලවා

    ReplyDelete
    Replies
    1. ගොනාගෙ පෙට්ටිය කඩලා.... බිපෙසි.

      Delete
    2. ගොනාටත් පෙට්ටි තියෙනවද!

      Delete
    3. පේනවනේ බිව්වම වෙන දේවල්...

      Delete
    4. බොන එක හොදයි බං කපුකම් කරන්න ගිහින් කෙලෝ ගන්නවාට වඩා :))

      Delete
  13. හික් හික්... :D :D :D

    ReplyDelete
  14. මටත් පේන්නෙ මූත් පිටකෝට්ටෙ බුවෙක් වෙන්ටෑ.... අඩේ ගොම නාං ආවෙ මූට ගුල් දෙකත් මාරුවෙලාද.......

    X-Porter

    ReplyDelete
    Replies
    1. "පට්ටි ගොනා" ගොනාට කොහෙන්ද යකෝ ගුල් දෙකක්... ඌ ගොනෙක් වැස්සියෙක් නෙවෙයි... :D

      Delete
    2. හොඳ වෙලාවට පොඩි මෑන් උන්නෙ....නැත්තං මමත් අර ප්‍රස්නෙන අහන්න හිටියෙ

      Delete
    3. පට්ටි ගොනා ගැන වෙනම පෝස්ට් එකක් දාන්න වෙයි වගේ....

      Delete
  15. දෙයියනේ......

    අපේ ගමට අල්ලපු ගමේ හිටියා ඔය වැ‍‍ඩේ ඇත්තටම කරපු බුවෙක්. මිනිහා මැන්ටල් ඩයල් එකක්. බැල්මට් කාරයෙක් විදිහටත් මිනිහා ප්‍රසිද්දයි.

    ReplyDelete
    Replies
    1. අපොයි කොච්චර ඉන්නව කියලද

      Delete
  16. ශා.....අදමයි ඇහැව්වෙ.

    අපරාදේ නේද කාගේ උනත් බලාපොරොත්තු සුන් වෙනවා කියන්නෙ ඉතිං.....!

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද මේ දුක..

      Delete
  17. පවු, ආච්චි, අරක්කු බෝතලෙ බීපු විදිහ දැක්කම දසක් සොඳුරු සිතුවිලි වල කිමිදෙන්න ඇති අවුරුදු 80 ක් ගිහිල්ල හරි ඒ මනරම් අවස්තාව උදාවෙන්ඩ යන්නෙ කියලා...

    අනේ ගොනා..

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම දුකක් තියෙන්නේ ඒ ගැන නම්

      Delete
  18. ඔතන හිටියේ ගොනෙක් නම් මම හිතන්නේ නැති වෙලා තියෙන්නේ ඌගේ පුක්කභාවය ....., එලදෙනෙක් නම් ඌගේ පතිවත ...

    ReplyDelete
    Replies
    1. පට්ටි ගොනා කියන්නේ පිරිමි සතෙක්.

      Delete
  19. අර කිවුව ආච්චිට හැමදාම බලාගෙන ඉන්න තමයි වෙන්නේ... :)

    ReplyDelete
  20. ලෙසටම වැදුනම ඔහොම තමයි. එතකොට ඕන ගොනෙක් ඔට්ටුයි.

    ReplyDelete
  21. කමක් නෑ! ඒ ගොන්නු මොකො මේ ගොන්නු මොකෝ!

    ReplyDelete
  22. කලින් අහල තියෙනව...ඒත් ලස්ස්නට ලියල

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්... ලිව්වොත් ලිව්වාමය...

      Delete
  23. එළදෙනකට අතවරකල දෙදරු පියෙක් ගැන ලඟදී තිබ්බා පත්තරේක .ඒ මේ හාදයාද?

    ReplyDelete
  24. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කණගාටුයි සහෝ.. වැරදි වැටහීමක් එන්න පුළුවන් නිසා ඔබේ කොමෙන්ටුව ඩිලීට් කොලා...

      Delete
  25. ශිහ්! සහගහන සත්ත්ව හිංසනයක් බොලව්!

    ReplyDelete
  26. තාම ඔය ඔට්ටුව තියෙනවද??????????



    එහෙනම් ඒ කොහෙද??????????????



    (ඔන්න මට යන්න නම් නෙමේ... හරිය)

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. OOOPS!

    මහත්තයට වෙච්ච වැඩේමයි මට උනෙත් දැම්මනෙ වැරදි කමෙන්ට් එක වැරදි පෝස්ට් එකට. ඔය උඩින් තියෙන්නෙ දිලිසි දිලිසී...!!!

    henryblogwalker the Dude

    ReplyDelete
  29. ආච්චි පව්ව් . . .

    ReplyDelete
  30. ගොනා බැදලා හිටියා නිසා ඔයින් ගියා මදැයි :D

    ReplyDelete
  31. එළදෙනට දතේ අමාරුවත් හොඳ වෙන්න ඇති.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න