බොගක් දාන මානසිකත්වයක් නැතිව උවද, මෙය ලියා පල කල යුතු නිසාම ලියන්නේය. සමහර සිඳුවීම් පිලිගැනීමට පවා අමාරූ සහගත බව නොකියාම බැරිය. දැන් දේශපාලනේ උනත් එසේමය. මේ කියන්න යන්නේ ඒවා ගැන නෙමේය. අළුතින්ම පටන් ගත් වැඩේ ගැනය. එනම් "අතිනත සිහින සේවය ගැනය".
ඒ වැඩේ පටන් ගත්තේ, අපේ පවුලේ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් බව මා කලින්ම කීවේය. එයාට මගුලක් අප සෑම තැනම සෙව්වේය. පුදුමයක් කියන්නේ මේ බ්ලොග් එක පටන් අරන් මාසයක යන්නත් කලියෙන් මගේ ගෙස්ට් කෙනෙක්, ඇයව කරකාර ගන්න කැමති උනේය. මේ ටිකේ ලියන්න බැරි උනේ ඒ නිසාය. කෙසේ හෝ අනුන්ට මගුල් කරන්න පටන් ගත් යහපත් සිතිවිල්ලම, ඇයට පලදුන්නා විය හැකිය. ඇය විවාහ දිවියට එළඹි අතර, තව සති දෙකකින් පමණ ඩෙන්මාර්කය බලා පිටව යනු ඇත.
මෙය පෞද්ගලික දෙයක් වූවද ලියන්නට සිත් වූයේ. ඒ සඳහා බොහෝ දැන්වීම ලද නිසාත්, පළකළ දැන්වීම් සඳහා විමසීම්ද බොහෝ ලද නිසාය. එම දැන්වීම කිසිම මුදලක් අය නොකර ඔවුනට ලැබීමට සලස්වන ලද අතර. මින් පසු ලැබෙන ඒවාද එවීමට පොරොන්දු වෙමි. නමුත් මින් පසු දැන්වීම් පල නොකරන අතර එය වසා දැමීමට තීරණය කළේය. ඒ පිළිබඳව සමාවන ලෙසද ඉල්ලා සිටිමි.
ඒ හුටපටයත්, රැකියාවේ කාර්ය බහුලත්වයත්, මහන්සියේ තරමට ලැබෙන මුදලින් ජීවත් විය නොහැකි නිසාත්, ලිවීමේ මානසිකත්වයක් නැත. මේ දිනවල විදේශ රැකියාවක් සොයා ගැනීමට වෙහෙසෙන අතර,. එසේ සොයාගෙන මානසික තත්වය හොඳ වූ කලෙක නැවත ඔබ හමුවන තෙක් ඔබෙන් සමු ගන්නා මා.
ඔබේ හිතවත් මාතලන්....
හ්ම්ම්... ඒකත් එතකොට එහෙමයි වුනේලු... ඉක්මනට ජොබක් සෙට් වේවා කියන්නම්කො එහෙනම්...
ReplyDeleteස්තූතියි සාතන්. රූපේ මාරුවෙලා නේද...?
Deleteඉක්මනින්ම හොඳ රැකියාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteතෑන්ක්ස් පොකූ
Deleteඊයෙත් මේ පැත්තෙ ඇවිත් ගියා. ලියමනක් නැත්තෙ මොකද කියල හිත හිතයි ආපහු ගියේ.
ReplyDeleteමාතලන් .... මම නම් දැන ගත්තා මෙහෙම දෙයක් වෙයි කියලා... ඒ අපේ රටේ ඉන්න ඇත්තන්ගෙ හැටි.
පුළුවන් ඉක්මනට නැවත හමුවෙමු
Deleteමහන්සියේ තරමට ලැබෙන මුදලින් ජීවත් විය නොහැකි නිසාත්, ලිවීමේ මානසිකත්වයක් නැත. මේ දිනවල විදේශ රැකියාවක් සොයා ගැනීමට වෙහෙසෙන අතර// :D Sira Kathawa!
ReplyDeleteඑකසිය ගානට ඒ වැඩේට බැහලා ඉන්නේ
Deleteමට රට යන්න සෙට්මෝල් වෙන ග්‍රහයා සෙට් වෙලා ඉන්නෙ අවුරුදු 22 ඉඳලලු.... වෙලාව බලන්න හෙන සෙට් එකක් ගාවට ගියා... හැමෝම පුදුම වෙනවා මම තාම මෙහෙයි කියලා.... මන්දා මගේ දැනුමෙ හැටියට කරන්න තියෙන දේවල් කොලා... දැං ඉතිං තියෙන්නෙ මගෙන් පිට කොටස්... ඒවා හරියන්න තව අවුරුදු 22 ත් යයිද දන්නැ.... මගේ එකම පැතුම මගේ බ්ලොග් මිත්‍රයවත් ඉටුකර ගනියි කියලා හිතනවා.... මීට වඩා දේවල් කියන්නැ. දේශප්‍රේමියෝ ඉන්නවා ලේබොල් ගහන්න.
Deleteඉක්මනට හොඳ රස්සාවක් හොයාගනිං. මේ දවස්වල කොහොමත් ජීවත් වෙන්න අමාරුයිනෙ.
ReplyDeleteඅනිවා
Deleteනෑ........
ReplyDeleteඅෆොයි
මට මුකුත් තේරුණේ නැහැ වගේ
අවුලක් නෑ ... කාටත් මඤ්ඤං මේ දවස්වල
Deleteඅපි කවුරුත් පත් වී ඇති තත්වය මේකයි. ඉදිරියක් ගැනනම් හිතන්නවත් බැරි තරම්.යහපත් තත්වයක් ඇතවී ඉක්මනින් ආපසු ලියන්න පුළුවන් වේවා කියලා පතනවා.
ReplyDeleteබොහෝම ස්තූතියි...
Deleteඅහෝ දුකකි. එහෙනම් විදෙශයක සිට ඉක්මනට අපට ලියන්නට ලැබේවා !
ReplyDeleteබොහෝම ස්තූතියි...
Deleteඅහෝ දුකකි...
ඉරකි තිතකි...
හපොයි......ඉක්මනට සේරම ප්‍රශ්ණ විසඳෙන්න කියල ප්‍රාර්ථනා කරනව මාමෝ.......
ReplyDeleteThanks Agni
Deleteඔබේ සියළුම සිතුම් පැතුම් ඉටු වේවා!
ReplyDeleteThanks Nago...!!!
Deleteඉක්මනටම අවශ්‍ය අරමුන ඉටුවේවායි පතමි....ජය
ReplyDeleteThanks Raj...
Deleteඉක්මනින්ම ඔබෙ සියලු පැතු ඉටුවේවායි පතමි
ReplyDeleteThanks Kaavya...
Deleteමම ද වරක් ඔය දේ කලෙමි.(විදෙස් රැකියාවක්).ආයෙත් කරන්න වෙන හැඩයි.
ReplyDeleteමමත් කාළයක් උන්නා.. ජීවීතේ සැපක් වින්දේ ඒ කාළේ විතරයි...
Deleteකියන්නට කිසිත් නැත. සහෝදරයෙක් අහිමු වූ විටක දැනෙන වේදනාව කෙසේදැයි මා නොයෙක්වර අත්දැක ඇත්තෙමු. අදද එසේම දැනේ. ඇත්තටම පතමි, ඉක්මනින් නැවත හමු වෙන්නට.
ReplyDeleteකිසිදින හමුවී නැතත්.. මසිතද එසේමය....
Deleteජීවීතය යනු මෙයයි.....
ඕල්ද බෙස්ට්......
ReplyDeleteThanks Podi Man...
Deleteමචෝ, මේ දවස්වල මධුමේහය නොහොත් ආර්ථික අහේනිය. බී කපු පෙති වෙනුවට පුක හපාගෙන මැරෙන්න හිතෙනවා. අම්බානක මහන්සිවෙලා ලාච්චුවට වැටෙන සොච්චම හැරෙන්නවත මදි. දරැවෝ ඉල්ලන දේවල් දෙන්න බැරැව ලෝකේ උතුම්ම රටේ ජීවත් උනත් වැඩක් තියෙයිද?
ReplyDeleteමාතලන් මතක තියාගනින්, උඹත් පිටරටක රස්සාවට ගිහිල්ලා දේශප්‍රේමය ගැන අනිත් උන්ට උගන්නන්න නම් හිතන්න එපා.
උපන්නට ජීවත් වෙන්න බැරි රටකට ආදරේ කරන්න.. මොලේ මයිල් තියෙන්න ඕන.. මගේ ගාව ඔය බොරු නෑ මචන්.. කලින් ගියපු වෙලාවලත්.. බත් කරවල හොයපු එකෙක් නෙමෙයි මම.. හිහ්... හිහ්...
Deleteසොයන රැකියාව ලැබී මානසිකත්වය යහපත් වී ඉක්මනින්ම යලි ලියන්න ලැබේවා!!!!! ජයවේවා!!!!!!
ReplyDeleteThanks Gune
Deleteඉදහිට හරි ආයෙත් ඇවිල්ල පලයං. කරදර කියන ඒව අවසන් වෙන්න නං නිවන් දකින්නම වෙනව.
ReplyDeleteCertificate true.... :) :)
DeleteC U Soon....
සුබ ගමන්!
ReplyDeleteThanks .....
DeleteMy Blog Guru..... :)
ජයෙන් ජයම වේවා!! බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේවා!!! ඉක්මනින් ආයේ එන්න
ReplyDeleteThanks Kalpa
Deleteඉක්මනින්ම හොඳ රැකියාවක් ලැබේවායි එහෙනම් මාතලන්ට
ReplyDeleteThanks Kaniya
Deleteඉන්දිය සාගරේ (අ ) මුතු ඇටේ ආශ්චර්යය පහල වීමට කලින් දරු පවුලත් එක්ක සතුටින් ජීවත් වීමට හැකි රටක රැකියාවක් සොයා ගැනීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා . බ්ලොග් අවකාශයේ ඉන්න විදේස් පදිංචි කරුවන්ගෙනුත් සහයක් ලැබෙනවා නම් වඩාත් පහසු වෙයි !!
ReplyDelete++++
DeleteThanks Buwa....!!!
Deleteකාලකන්නි ගැන කථා කරපුවා ගගට කපපු ඉනි වගේ. ගොඩයෑමක් පේන්නවත් නෑ. නහයටත් උඩින් වතුරදාලා ඉවරයි. මට හිතෙන්නේ යුද්දේ නැවැත්තුවේ ඒ සල්ලි පිල්ලි ගහන්න මිසක් රටට ආදරේකට නෙමෙයි. නැත්නම් අපිව මේ තරමට තලා පෙලා අඹරයිද.
ReplyDeleteයන්න එපා බුදු මාතලං අයියේ කියලා කියන්නේ නෑ. පෝස්ට් එකක්වත් දාන්න අමතර කරන්න එපා. සුභ පතමි. දුක හිතෙනවා අන්තෙටම කලකිරෙනවා.
දැන් නම් රට ඉවරයි. ඒ උනාට අපිට ඉවර වෙන්න බෑනේ.. මෙහේ උන්නොත් වහ බොන්න තමයි වෙන්නේ...
Deleteඅනේ අපොයි.. ඉක්මනට ජොබක් සෙට් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.. එල ඈ..
ReplyDeleteThanks Rango
Deleteමාතලන්ට හොඳක්ම වේවා...!!!
ReplyDeleteThanks Macho
Deleteමෙහෙම සුබ පතපු ඔබා... ඒ හීන හැබෑ වෙන්න කලින්ම ගිහිල්ලානෙ.......
Deleteහොද දෙයක්ම සිද්ධ වෙන්න, මගෙනුත් සුභ පැතුම්!!
ReplyDeleteThanks Hithu
Deleteමම හිතුවා සද්දයක් නැති කොට අර කියපු උපදේෂක කමවත් ලැබිලද කියලා.. ඒකමයි ඊයක් විද්දේ තොරතුරු අහලා..
ReplyDeleteHa ha ha........
DeleteThanks for the mail....
එවල තිබ්බ ඊයත් දැක්කේ දැන් ටිකකට කලින්. සේරම ප්‍රශ්න ඉකමනටම විසදගන ආයෙත් ඉක්මනින්ම බ්ලොග් අවකාශේදී හමු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා මාතලන් අයියා..!!!!
ReplyDeleteThanks Mr. Rep
Deleteමැලේසියා ජොබ් එකක් තියෙනවා රුපියල් 60000ක් විතර ගන්න පුළුවන්.වැඩි විස්තර ඕන නම් රිප්ලයි කොමන්ට් එකකින් ඊය දාන්න
ReplyDeleteThanks Nishan....
Deletehappyjay65@gmail.com
මාතලන් අයියට ඉක්මනට ජොබක් සෙට් වේවා කියලා ප්‍රර්ථනා කරනවා..
ReplyDeleteජය!!!!
Thanks.... Adavi Raja
Deleteඉක්මනින්ම හොද රස්සවක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියට! සුභ ගමන් අයියා!
ReplyDeleteThanks Malli....
Deleteමාතලන් අයියගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා මමත් පතනවා....
ReplyDeleteThanks malli
Deleteමොකක්ද මචන් වුනේ?
ReplyDeleteමොනවා උනත් හැමදේයක්ම හොඳම අයුරින් සිදු වේවා.
අවශ්‍යතාවයක් වුනොත් මටත් මේල් එකක් දාපන්. මම හිතන්නේ මගේ මේල් එක හොයාගන්න උඹට පුළුවන්.
හිඟන සුද්දෝ මචං එන්නේ.. මුකුත් ගන්නේ නෑ. ටිප් එකක් දෙන්නේ නෑ. කලාතුරකින් අරාබී කාරයෙක්ගෙන් තමයි කීයක් හරි හොයාගන්නේ..
Deleteඋඹගේ වචනේ ඇති මචන්...
තෑන්ක්ස්...
සුද්දොත් හොම්බෙන් යන කාලේ ලංකාවේ අපි ගැන කවර කතාද?
Deleteපතන්න හිටපු සුබපැතුම් ඔක්කොම කලින් අය කරලා. ලොව ඇත්තටම ඇත්තේ හමුවීම් හා වෙන්වීම් පමණද? මොනවා වෙතත් සහෝදරයට යහපතක්ම වේවා! විමුක්ති !!
ReplyDeleteThanks saho
Deleteමට මේක විශ්වාස කරන්නත් අමාරු වුනා. සියලු දේ යහපත් අයුරින් නිමා වේවා!
ReplyDeletehenryblogwalker the Dude
අප්පච්චියේ... දැන් කවදද මානසිකත්වය හොඳ වෙන්නෙ....
ReplyDeleteඋඹට විතරක් නෙමේ බං හුඟක් උන්ට ලියන්න තියා හිතන්නවත් වෙලාවක් නැහැ, දැන් තියන ආර්ථික තත්වෙ හැටියට ...
ReplyDeleteමටත් දැං තිත්ත වෙලා තියෙන්නෙ, ඒත් පොඩි උන් දෙන්නෙක් හැදුව නිසා කැමති උනත් අකමැති උනත් උන්ට කන්න දෙන්න එපෑ ...
අනේ මන්දා බං .....
ඇත්තටම මම නං දැන් බ්ලොග් ලියන එක විතරක් නෙමේ කියවන එකත් නැත්තටම නැති ගානයි, අද මේ පැත්තෙ ආවෙත් නිකමට වගේ බලලා යන්න .......
සුබ අනාගත්යක් ......
හැම ප්‍රශ්නයක්ම විසඳාගෙන ආයෙමත් ඇවිදින් අපිට බලන්ට කියලා මොනවා හරි ලියලා යන්ඩ මාතලන් අයියා .. !! ජය වේවා !!
ReplyDeleteකියල තියන කතාව ඇත්ත..ඒකෙ දෙකක් නැහැ.ඉක්මනටම වැඩේ හරියන්න ඕන කියලා අපිත් සුභ පතනවා..
ReplyDeleteමාතලන් ලියන දෙවල් කියවන්න බොහොම කැමැත්තෙන් ඉන්න පාඨකයො පිරිසක් ඉන්න බවනං අමතක කරන්න එපා..පුලුවන් හැටියකට මේකත් ඇදගෙනම යමු.
මචන් උඹ වගේම අද ගොඩ දෙනෙක් ගේ තත්වේ මේක තමයි.ආගම ජාතිය කියන අබින් වලින් මිනිස්සු මත් කරල පාලකයෝ පිස්සු කෙලිනවා.මිනිස්සු ජීවත් වෙන්න දහ දුක් විඳිනව.පිටරවල් වලට වෙලා සැපට ඉඳන් එහෙම නැත්නම් ආණ්ඩුවට සෙට් වෙලා ගතමන්ට් එක හොයා ගෙන පෙම්බර ලංකා කියන උන් ඇරුනම අද තමන් උපන් රටට ආදරය කරන්න මානසිකත්වයක් මේ රටේ දහ දුක් විදින මිනිස්සුන්ට තියෙනවද.10 කට කතා කලොත් 9 ක් බලන්නේ මේකෙන් පිට වෙලා ගිහින් ජීවිතයක් හොයා ගන්න.කවදා නම් අපට මේ රටේ ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් වෙයිද?
ReplyDeleteමම හෙව්වා උබව. කලින් පෝස්ටුවට ගිහින් මෙකෑ වුනේ කියල කමෙන්ටුවක් දැම්මා..
ReplyDeleteමොනව වුනත් පරිස්සමෙන් හිටු. ජයෙන් ජයම වේවා.. සහෝදරයා..
අපරාදේ කමක්නෑ... ගිහින් එන්නකො...
ReplyDeleteඉක්මනින් විසඳුමක් ලැබෙන්න කියල මමත් පතනවා . මේ රටවල පිටරැටියන්ට Work permit දෙන්න දාහක් කොන්දේසි . ප්‍රධාන හේතුව ස්වදේශීකයින්ට රස්සා මදිකම .ඉස්සර සල්ලි තිබුන රටවල වැඩකාරයෝ හිටියේ නැති නිසා අපිට ඉල්ලුම තිබුනා . දැන් උනුත් ඉගෙන ගන්නවා . අනික ලාහෙට ගෙම්බෝ වගේ ඉන්දියන් කාරයෝ . ගන්න තීරණයක් පරිස්සමින් . මාතලන් අපිට වඩා ජිවන අත්දැකීම් ඇති පුද්ගලයෙක් . ජය
ReplyDeleteඉක්මනටම පැතුම ඉටුවේවා!!!
ReplyDeleteචේතනා හං භික්කවේ කම්මං වදාමි! කියලානේ බුදුන් වදාලේ ඒ නිසා මාතලන්ට වරදින්නෑ. හිතේ කරදරයක් නැතිව කරන්න පුළුවන් රස්සාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගියාට කමක්නෑ...පුළුවන් වෙලාවක ලියපං මචෝ...
ReplyDeleteඒ බලාපොරොත්තුව ඉටුවේවා.. කියල මමත් කියනවා
ReplyDeleteoyage widihatama liyanawaaaanam,
ReplyDeleteHorek,mankollakaruwek, manpaharannek wagema deshapremiyek. Mese kiyanawaaya. Dan man busyya. Manasikathwaya hodha netheya. Patangath weda athehera damanawaaya. Blog liyannata hithak netheya. Rata rassawakata yanawaaya.
Ane ethakota api nam monawa kiyannada.
Oyage yahapatha gena hithanawa nam hodaya. E nisa pamanak apita hitha hadagatha hakiya. Blog nam kalawakya. Ehi watinakama ma handunagaththea obenmaya. Mata oba penenne blog lowa dawanthaya lesatamaya. E nisa me wenasa daragatha nohekiya. Oben ma igenagath de bohoya. Ma nam oba newata liyana thuru bala sitinawaya. Kohoma unath ketapath paure nam liyanne netheya. E mage hatiya.
Ehenam yaluwe oyata good luck. Pathum itu una heta dawase hamu wemu.
(obai ma dutu hodama blog karuwa.)
දැන් රටේ තත්ත්වෙ ගැන හිතනකොටනම් පිස්සු හැදෙනව. අනේ මන්ද?... මීට කලින් කමෙන්ට් කරල නැතිවුණාට මම අවුරුද්දකට ටිකක් වැඩි කාලයක ඉඳලම මේ බ්ලොග් එක ෆලෝ කරා. සතුටුදායක විදියට ප්‍රශ්න විසඳිල, මානසිකත්වය හොඳවෙල නැවත ඉක්මනින්ම ලියන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. සුබ ගමන්!
ReplyDeleteගොඩාක් දුකයි. ඒත් ජිවිතේ ජයගන්න ඕන නේ. මගෙන් සුභ පැතුම්.
ReplyDeleteහද පාරවයි සහෘදයකුගේ වෙන්වී යාම
ReplyDeleteහිතමින් සැනසෙමි එය තාවකාලික බව
ඔබ මුහුණ දිය යුතුයි ඔබ හමුවේ ඇති අභියෝගයට
දිය හැකිය එක පොරොන්දුවක්
නැවත එනතුරු ඔබ
මගේ බ්ලොගය පවත්වාගෙන යන බව
බලාපොරොත්තු නැති කර නොගනිමි
ඔබ මුහුණ දිය යුතුයි ඔබ හමුවේ ඇති අභියෝගයට
අපට විශ්වාසයි ඒවා ඔබ ජයගන්න බව
නැති කර නොගනිමි බලාපොරොත්තු
අප ජීවත් කරවන බලාපොරොත්තු
ඔබ සිටවූ හොඳ හිත නැමැති පැලය මහ ගසක් වී
මතු දිනෙක පල දරනු ඇත
සහෘදය ඔබට ජය
ඹබත් අපත් ඉන්නෙ එකම මානයකය..කුමක් කරන්නද..දිගටම ලියන්න උත්සාහ කරන්න..ඹබට ඡය හා සතුට පතමි...
ReplyDeleteඉක්මනටම ෆට්ට ජොබක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.. පුලුවන් වෙලාවක පෝස්ට් එකක් ලියන්න අමතක කරන්න එපා...
ReplyDeleteඉක්මනටම ජොබක් සෙට් වේවා.දැන් මෙහේ ඉදලා ජීවත් වෙන්න හරි අමාරුයි...
ReplyDeleteමචෝ,
ReplyDeleteනිවාඩු පාඩුවෙ මේලක් දාපං duliponline@gmail.com
සුබ අනාගතයක්........
ReplyDeleteමාතලන් මම දකින විදියට ඔබ නිර්මාණශීලී පුද්ගලයක්. ඕබේ රැකියාව කුමක්උවත් ඔබබ්ලොග් අඩවියක් තුලින් කරමින් සිටියේ ඔබගේ හිතේ කැකැ රෙන ප්‍රකාශනය පිටකිරිම යැ මම සිතමි. මේ රට නිදහස් සිතුවිලි සහිත මිනිසුන් බිහිකිරීමේ වගකීමෙන් පලාගිය කාලකන්නි දේශපාලකයන්ට අයති රටකි. මේ රටේ ජිවත්වන සෑම පුරවසියක්ම තම මව්බිමට ආදරය කරන නමුත් දේශපාලකයින් ආදරය කළඋතත් මේ රටේ ජනතාවටය ජනතාවට ආදරය නොකරන පිරිසක් කෙසේනම් රටට ආදරයකරන්නද..........ඔබට ජය.....
ReplyDeleteහැමදේම හොඳ විදියකට විසඳිලා අයියගේ ජීවිතේ සුන්දර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... රට යන්න මගෙ නම් කැමැත්තක් නැත්තේ කෙළවරක් නැති බැඳීම් නිසා....
ReplyDeleteඋදව්වක් කරන්න පුලුවන් දෙයක් තියේනං මේලක දාල හරි කියහං.
ReplyDeleteකෝ මචං උබ. අපිව බලල යන්න වරෙන් !
ReplyDeleteතාවකාලික සමුගැනීමක් කරලා නොවැ. ඒක තමා මම බැලුවේ කෝ මේ මනුස්සයාට මොකද වුණේ කියලා
ReplyDeleteහපොයි, උඹත් යනවද? :(
ReplyDeleteඔය අපිත් ඉඳලා හිටලා බුහ් ගෑවට, මෙහෙම එක එකා යන්න ගියොත් අපි බලන්නෙ මොනවද? ඔය කොහෙත් හොඳ සහ නරක තියනවා. මෙහේ ඉන්න කොට එහේ දේවල් මතක් වෙලා හූල්ලනවා,. මේක දාලා එහේ ගියොත් මෙහේ කාපු කෑම, පහසු දිවිපෙවත මතක් වෙලා හූල්ලනවා. කොහෙන් කැපුවත් රාත්තලයි . නොලියම ඉන්න එපා, ඉඳලා හිටලාවත් අකුරු දෙක තුනක් වත් කොටාපිය.
අපි එද්දිම යනවා නේද ? ජීවිතේ සම්බන්ධ ප්‍රශ්නයක් නිසා කරන්න දේකුත් නෑනෙ, මෙන්න මගෙන් ඒ කාරිය සාර්ථක වේවා කියලා සුභ පැතුමක් !
ReplyDeleteකවදාද අයේ එන්නේ...
ReplyDeleteහමුවන්න අප ඉතින්
Deleteදෙනුවන් අයා සිටින්නේ
Deleteකියවන්න ඔබේ බොගක්
Deleteමොකෝ මාතලන් අයියා සීන් එක.. තාම හිතට ෆිට් වෙන ජොබක් ලැබුනෙ නැද්ද?... ඉන්න තැනකින් තාම ඉන්නව කියලවත් නෝට් එකක් දාපන්...
ReplyDeleteආයේ බ්ලොග් එක පැත්තට එන්න තව හුගක් කල් යයිද අයියේ...
ReplyDeleteනොලිව්වට කමක් නෑ.. ඉක්මණට එන්නම් කියලවත් කියලා පලයන් ඇවිත්...