ඉස්සර අපේ පැත්තේ සරු කඩයක් තිබුනේය. අයිතිකාර මුදලාලි බෙන්තර ගඟෙන් එහා පැත්තේ කෙනෙකි. උඩු රැවුලක්ද තිබුනේය. කොයි වෙලාවෙත් සාලුවක්ද කරේ දමාගෙන සිරියේය. මුදලාලි දැක්කාම බඩ කට විතරක් නොව, ගත සිතද පිනාම යනවාය. ඒ තරමට සීදේවීය. මුදලාලිගේ පී. ආර්. එකද මොකක්ද එක මාරම මාරය. එක බඩුවක් ගන්න එන එකා මුදලාලිගේ කීමට තව බඩු ගන්නවාය. මුදලාලිටත් ආතල්ය. අපටත් ආතල්ය.
මුදලාලිට හිතවත් සේවකයෝත්, විහිළුකාර සේවකයෝත්, කරා සේවකයෝත්, මුදලාලිට හොඳ මුහුණ පෙන්නා එයාගේ වැරදි කිය කියා යන සේවකයෝත් යන නා නා වර්ගයේ සේවක සේවිකාවෝ මේ කඩේ සිටියෝය. මුලින්ම, වේලී වේලි තිබුන කඩ අපේ මුදලාලි අල්ල ගත්තේය. ඒ කියන්නේ සල්ලි වලට ගත්තේය. අනේ අර වේලෙන කඩ අයිති වෙලා උන්න මුදලාලිලාත් දැන් අපේ මුදලාලිගේ සේවකයෝය. උන් මේ මුදලාලි කියන ඕනම දෙයක් කොරනවාය. ඒ කිව්වේ 4 පෝයට සිල්ගත්ත බංකොලොත් මුදලාලිලා දැන්, අපේ මුදලාලිගේ බාර් එකේ වැඩය. ඒත් ඉතින් පරණ පුරුදු විදියටම නැතුව, පුර පසොලොස්වකටනම් තවමත් සිල් ගන්නවාය. අනිත් පෝය තුනට සීල් විකුණනවාය.
අහල පහල කඩවල වල උන්න හොඳම සේවකයෝ දැන් අපේ මුදලාලිගේ සුවච කීකරු ගෝලයෝය. ඒ කඩවල් වල මුදලාලීලා ඉන්න සේවකයෝ බේරගන්න මාරම කට්ටක් කනවෝය. "අනේ මගේ බල්ලවත් යන්නේ නෑ" කියන එකා බල්ලත් අතරමං කොරලා, අපේ මුදලාලි ලඟට එනවාය. මුදලාලිත් ළොකු ළොකු පෝස්ට් එහෙම එන උන්ට දෙනවාය. දැන් අර මුලින් උන්න සේවකයන්ට වඩා අළුත් උන්ට සලකනවා වැඩිය. මේ නිසා පරණ උන් ඉන්නේ කලකිරිලාය. ඒ උනාට අනිත් කඩවලට යන්න බයය. උන් කලේ වැඩ කරන ගමන්ම බිසිනස් එක පාඩු කරන වැඩය. එතකොට මුදලාලි බංකොලොත් වෙනවාය. සීනී වලට වතුර, ගම්මිරිස් වලට ගස්ලබු ඇට, මිරිස් කුඩු වලට ගඩොල් කුඩු, අරක්කු වලට වතුර, හාල් වලට ගල්, යනදී වශයෙන් පී ඇච් අයි මහතුන් විසින් සහතික කරණ ලද, කළු කඩ ගේම් ඇප්ලයි කොලේය. එහෙම කොරලා අපේ මුදලාලි නැති බංගස්ථාන කොරලාම දැම්මේය.
ඒ දිග කතාව කෙටියෙන් කිව්වේ මේ ආන්ඩුවත් ඒ වගේම නිසාය. හැමදාම මයික් ටයිසන් වගේ මයික් කන්නම එන "බාල ඉන්ධන" අද ප්‍රෙස් කොන්ෆරන්ස් එකට ආවේ නැතිය. උන්දැට ඇමති කම් කොරන්න බෑ කියලා පෙන්නුවේ අද ඊයේ නෙමේය. මේ අධ්‍යාපනය විනාශ කිරීමේ පියා උන්නෑහේය. වාද බයිලා වලට නම් මරුය. ඕනම දේකට අවුරුදු 20 කටත් එහා අලි පාටියේ උන් පට්ට ගහනවාය. එදා ඉඳන් කලේ ඕක විතරය. ප්‍රෙස් කොන්ෆරන්ස් එකට ආපු දත් දෙක මැද හිලක් තියෙන මෙලෝ රහක් නැති එකා අපෙන් අහන්නේ මේකට ඇමති පලිද කියාය. අපිට ඉතින් අහන්න තියෙන්නේ, එහෙනම් මේකට පලි ඇමතිගෙ අම්මද කියාය. මේ මැතිවරණයක් අස්සේත් මුන් බය නැතුව මේ හොර වැඩ කරන්නේ ලොක්කා මුන් බේරන නිසාය. ඔහොම බේරන්න ගිහින් ලොක්කාටත් කෙලවෙනකන් දන්නේම නැතිය.
බ්ලැක් ලිස්ට් කොරපු කොම්පැනියකින් බාල ඩීසල් ගේන්න, එක්කෝ මුන්ට පිස්සුය. උපරිම ලාබ ලබන්න ඕන තැනක් බංකොලොත්ය. ඒ මදිවාට මුන් ඒක නැති කරලාම යන්න යනවාය. බාල පෙට්‍රෝල් ගෙනැත් ඒවාට වන්දි ගෙව්වේත් පාරීභෝගික අපමය. හෙජින් කෙළලා, ඒවා නොගෙව ඉඳලා දැන් පොළිත් එක්කම ගෙවන්න වෙලාය. එහෙම තියෙද්දි දැන දැනම කුණු ගේන්නේ, මුන්ගේ ඔලු කුණු වෙලා ඇතිය. හරි නම් වලිය අදින්න ඕනේ වෙල්ගම ලොක්කාය, උන්නැහේගේ කෝච්චි ඇන්ජිනුයි, බසුයි, ෆිල්ටර් නැතුව මග හිටලාය. පුළුවන්නම් හැම කෝච්චියේම යනවා වගේ කොලොන්නාවේ කෝච්චියටත්, පංචිකවත්තේ අයියලා සෙට් එකත් එක්ක ගොඩ උනානම් හොඳය.
මේ ඇ මැටියාට මේක කොරන්නත් බැරිනම්, මළදානේ, දුවන්නෙත් පාඩු පිට නම්, ආන්ඩුවේ නමත් කැත වෙනවානම්, කොරන්න තියෙන්නේ කමිටු පත් කොරන එක නෙමේය. අයි ඕ සී එකට විකුණලා, හෙජින් බෙජින් ණය ටික ගෙවා ඉතුරු එකක් ඇත්නම්, අඹේවල පැත්තේ හරක් ගොවිපලක් පටන් අරන්, ඇමතියි නිළධාරි ටිකයි පට්ටි දාන්න යවන එකය. කරුමේ කියන්නේ මුන්ට ඒකවත් හරියට කොර ගන්න පුළුවන්ද වෙයි කියාය. එහෙම බැරි උනොත් ඉතින් ඒකටත් ලොක්කාගේම පිහිටය.
ප: ලි:
ගියෙමි, නැවත ආවෙමි,
වැටුප් නොමැතිව වැඩ කළ නොහැකි නිසා...
සෙවූ බැලූ සියළුම දෙනාට...
බොහෝ තුති........
සතුටකි දැකීමත් නුඹගේ පැමිණීම........
ReplyDeleteමුදලාලිගෙ සුදු වෑන් එකක් ඔය පැත්තේ කැරකෙනවාය.
ReplyDeleteවැඩේ කියන්නේ ඒකෙත් ඇන්ජිම හිටලාය. බාල තෙල් දාලාය.
ස්තූතියි සොසී....
Deleteඅම්මපා ඇත්ත.. ඒ වැන් එකත් අප්සට් ඇති....
වෙනද වගේම පට්ටයි මාතලන් අයියා... වෙල්කම් කිව්වා...
ReplyDeleteප්‍රශ්න විසඳිලා ඇති කියල හිතනව...
ස්තූතියි සාතන් මල්ලි..
Deleteවිසඳීම කෙසේ වෙතත්... වලි දාලායි පඩිය ගත්තේ..
ar u back.... so happy to see you back in action machan
ReplyDeleteThanks Macho....
Deletehighly appreciated your kind words
අම්බෝ දැක්ක කල්....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි රජෝ...!!!
Deleteවැටුප් නැතිව ? ඇයි ඒ ? ටිකක් හොයලා බලලා නෙමේද ගියෙ ?
ReplyDeleteනැවත ආ එක සතුටක්..
හොයලා බලලා යාළුවෙක්ගෙන් මාර්ගෙන් ගියේ..
Deleteඒත් වැඩේ අවුල්...
අෆ්ෆා මාතලන් අයියාව දැක්ක කල්? රට ගියාද? කොහොම නමුත් ආපහු ආව එක සතුටක්!
ReplyDeleteThanks Nishaan...!!!
Deleteවෙන්න බැහැනේ මාතේ, වැටුප් නැතිව වැඩ ගන්නවද ඒ රටවල ඇත්තෝ? මං හිතුවේ මේ අපේ රටේ ඇර වෙන කිසිම රටක එහෙම වැරැද්දක් නැතිව ඇති කියලා.මදෑයි?හරි පුදුමයි නේද? එහෙත් ලොක්කා මෙහෙ එකාමද?
ReplyDeleteවැටුප් නැතුවම නෙමේයි.. අද දෙන්නම්.. හෙට දෙන්නම්.. කේස්...
Deleteකොහොම හරි වලි දාලා වැඩියෙනුත් අරන් ආවේ
කොහෙද බං අන්ත්‍රස්දාන උනේ???? අතක් පයක් කඩාගන්නෙ නැතුව ආපහු ආව එකම මදෑ!
ReplyDeleteමුදලාලි ආණ්ඩුව වගේ උනාද එහෙම නැත්නම් ආණ්ඩුව මුදලාලි වගේ උනාද??
තෑන්ක්ස් මචෝ..
Deleteකොයි අතට බැලුවත් එකයි වගේ...
සාදරයෙන් පිළිගනිමු.දැන් කොයි ඉන්නේ රටද නොරටද ?
ReplyDeleteස්තූතියි...
Deleteදැන් ඉන්නේ ළෝකෙන් උතුම් රටේ....
ගිය දේ සපල නොවීම ගැන කණගාටුයි. එක දොරක් වැසෙන විට තව දොරක් ඇරෙනවා යන කතාව මා අසා තිබේ. ඒත් ඔබගේ පැමිණීම අප කාටත් කික් එකක්.
ReplyDeleteබොහොම ස්තූතියි බතී..
Deleteඔබේ ලිපිය අනර්ඝයි....
මාතලන් අයියගේ නැවත පැමිණිම ගැන සතුටුයි..
ReplyDeleteThanks Dinesh...!!!
Deleteමෙන්න ඇවිත්!
ReplyDeleteඑහෙදී රාවණා හම්බ වුණාද?
තෑන්ක්ස් කතෝ....
Deleteඑයාගේ නෑදෑයෝ නම් හම්බ උනා...
ආපහු දකින්ට ලැබීම ගැන සතුටුයි. බ්ලොග් ලෝකෙම තිබුනේ පාලුවේ. කට්ටිය හරියට දඟ කලත් එක්ක.:D
ReplyDeleteතෑන්ක්ස් පොඩී....
Deleteඒකත් එහෙමද...?
ඔය කියන විදියට හිටියේ නැත්තම් බෙන්තර ගගෙන් එහා මුදලාලිටත් වෙන්නේ හතර පෝයට සිල් ගන්න තමයි. සාර්ථක මුදලාලි කෙනෙක් වෙන්න නම් සිල් ගන්න උනුයි උන්ගේ ගෝල බාලයෝ ටිකයි ඔක්කොම සීල් විකුනන්න යවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් බංකොලොත් තමා :(
ReplyDeleteමාතලන් අයියා ආයෙත් දකින්න ලැබුණු එක ගැන නම් හරි සතුටුයි.:))
තව පොඩ්ඩෙන් අමතක වෙනවා ශ්‍රී රාවණ සිද්ධම්෴
තෑන්ක්ස් රෙපෝ...
Deleteමොකක්ද අනේ මේ රාවණ කේස් එක... මම හිතන්නේ ඕක පටන් ගන්න ඇත්තේ අපේ වෙද මහත්තයවත්ද...?
niyama article eka
ReplyDeleteThanks Ano...!!!
Deleteඅප්පට සිරි දැක්ක කල්... ජය වේවා කිව්වා...
ReplyDeleteThanks අභීත....
Deleteආයිත් මාතලන් වික්‍රම. පුදුම සතුටක් දැනුනා.
ReplyDeleteමුන්ගේ රට මුන්ට ඕනෙ හැටියට. අපි කෑගැහුවට වැඩක් නැත. හොද වෙලාවට මහරජ්ජුරුවන්ට දුවෙක් නැත්තේ හිටියනන් දෑවැද්දට දෙනව රට.
ස්තූතියි වෙද මහත්තයා...
Deleteමසුරන් කතාව ඒකනම්...
අඩා, අම්මා අප්පා දැක්කා වගේය. සතුටුය. පඩි නැති එකට නෙමේ, ලියවිල්ලටය.
ReplyDeleteබ්ලොග් ලියවිල්ල ලීඩ් කොරේ මාතලන්ය. උඹ ගියාට පස්සේ අනිත් උන්ගේ ලියවිල්ලද අඩුවුනේය. අපේ කියවිල්ලද, කමෙන්ට්ටු දැමිල්ලද අඩුවුනේය.
ලොක්කාගේ වැඩද මෙලෝ රහක් නැත්තේය. ආරංචි හැටියට ලොක්කා දැන් කරන්නේ රට නෙමේය. සැලුන් එකක්ය. සුදු බණ්ඩෙලා, ධන රිනලා, අමරෙලා, දුමියලා ඒකේ ගාතල් ගහනවාය. අපේ වුන් මේවා දැක දැක මේ පාරත් කතිරේ ගහනවාය.
තෑන්ක්ස් මචෝ...
Deleteඅනිවා... ඩෙෆා... මේ පාරත් ලොක්කා ගොඩ...
waiting for the new look...
All the best macho... !!!
වෙල්කම් බෑක් මාතලන්.වෙල්කම් බෑක් !
ReplyDeleteThanks Jaya Shri...!!!
Deleteපෝස්ටුව කියවන්න වෙලාවක් නැති තරමට වැඩ. පස්සෙ, කියවල කොමෙන්ටුවක් දෙන්නම්. අප්‍රමාන සංතෝසයි ආයෙත් ආවට.
ReplyDeleteතෑන්ක්ස් රාජ්....
Deleteඅවුලක් නෑ.. පස්සේ දාන්න .... හෙමිහිට....
නැවත පැමිණීම ගැන කොහොම වෙතත්, බ්ලොග් එක අලුත් කලාට සතුටුයි!
ReplyDeleteThanks Buddhi...!!!
Deleteඋඹව දකින්නත් සතුටුයි. අහන්න ප්‍රශ්ණ සීයයි.. හෙමිහිට කියම්ය්. ගමන් මහන්සියත් ඇතිනෙ. අර පඩි නැතිව වඩ කරක කතාව නම් දැනගන්න ඕනෙ ඔක්කොටම කලින්.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
තෑන්ක්ස් හෙන්රි
Deleteපස්සේ ඒ ගැන පෝස්ට් එකක්ම දාන්නම්කෝ..
මට හරිම කනගාටුයි ඔබා නැති උන එකට...
තමුන්නාන්සේ නැවත රාවණ වෙසින් පැමිණියාද?
ReplyDeleteමම පරණ මාතලන්මයි
Deleteපෝස්ට් එකනම් තාම බැලුවෙ නෑ . අම්මෙ දැක්කම ඇති උන සන්තෝසේ . අය්ය නැති එක ලොකු අඩුවක් දැනුන පසුගිය කාලේ .
ReplyDeleteනැවත පැමිනීම ලොකුම සතුටක් .
තෑන්ක්ස් කෙල්ලේ...
Deleteඔහේ ඉන්න එක බ්ලොග් තියෙනවටත් වඩා සතුටක්....
ඇති යාන්තන් ඇවිල්ලා
ReplyDeleteඔව් ඕනයෝ... ගිය දවසේ ඉඳන් කචල්...
Deleteආඃ .... ආයිත් ඇවිත්. සතුටුයි, සතුටුයි. ලිවිල්ලනම් මරු.
ReplyDeleteThanks DDT.... !!!
Deleteකරන්න බැරිනම් නොනා ඉල්ලා අස් වෙන්න බැරි ඇයි. මුන්ට තෙරෙන්නෙ නැද්ද මේ මේ පාඩු කරන්නෙ තමන්ගෙම සල්ලි කියලා වැඩේ කියන්නෙ මේ වැරදි වලට බැනලා ඒ තැන්වලට යන උන් කරන්නෙත් ඔය වගේම වැරදි. ඒ හින්දා කරන්න තියෙන්නෙ ආන්ඩුව සමාගමක් කරලා අධ්‍යක්ශකවරු විතරක් පත් කරන එක කිසිම විපක්ශයක් නෑ
ReplyDeleteආයෙම ලිපියක් දැකීම සතුටක්
මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
කාටෙයි කියන්නේ ජෝන්..
Deleteආන්ඩුවත් ජෝන් බාස්ට ගිහින්
ආයෙ ඇවිත්.පඩි නැතුව කොහෙද වැඩ කරන්න වුනේ. :O
ReplyDeleteමේ රටට යන කල නම්......
වෙන කොහෙද නිසූ... මැද පෙරදිග....
Deleteආව ඒක ගැන සතුටුයි ..
ReplyDeleteලංකාවෙන් නැවත හොද ජොබක් සෙට් වේවා කියලා පතන්නම්..
බොහෝම ස්තූතියි මචෝ....!!!
Deleteමගේ හිතෙත් තිබුන දේ අකුරුවලින්ම ලියවිලා තියෙනවා දැක්කම සතුටුයි.දිගටම ලියන්න ශක්තිය පතමි.
ReplyDeleteඇලුතෙන් දෙයක් නෑ.. හැම කෙනාම හිතන්නේ මෙහෙම තමා..
DeleteThanks wenna Dr. ....!!!!
ReplyDeleteසාර්ථක පුනරාගමනයක් සහෝ..
ReplyDeleteඅපේ එවුන් වේලිලා හිටියේ.. :ඩී
මුදලාලි ගැන කියනකොට මම හිතුවා මුලින්ම අර මහ මුදලාලියා ගැන වෙන්න ඇති කියලා. පස්සෙ උඹ කිව්වනේ ආන්ඩුවත් මේ වගේ කියලා. :පි
මොකටද මිනිස්සු අමාරුවේ දාන්නේ.. ඒ නිසා තමයි කවුද මුදලාලි කියලා කිව්වේ....
Deleteආශ්චර්යයට තව සුට්ටං දුරයි නොවැ :D
ReplyDeleteඔන්න මෙන්න කියලා...
Deleteඅනෙකාලේ වනේ වාසේ කියුවලු :/
ReplyDeleteපින්කෙත හෙළ රන් දෙරණ නේ අපේ රට
අද ආරංචි උනේ.. අසාධු සමාගම නැවත අසාධු කොලැයි කියන්නේ.. දැන් "ඩාක් බ්ලැක් ලිස්ටඩ්" වෙන්න ඇති...
Deleteතවත් ප්‍රශ්නයක්ද? වැටුප් නැතුව රැකියා කරන්න!! හැමදෙයක්ම හොඳින් සිද්ද වෙයි..
ReplyDeleteතෑන්ක්ස්... බලමු බලමු....
Deleteඕ ඕ මචෝ මොකද කේස් එක???
ReplyDeleteඅපට බැයිද මොකුත් සපට් එකක් දෙන්න?
මොක වුනත් ආයේ දැක්ක එක සතුටක්
වචනේ ඇති මචෝ.. උඹගේ නම දැක්කත් සතුටුයි.. අවශ්‍යම උනොත් කියන්නම්.. බොහොම ස්තූතියි.. නැවත වරක්...
DeleteWelcome back mathalan...
ReplyDeleteHappy to see u again...
ඊයේ සිංහල නොතිබුන නිසා ඉංගිරිසියෙන් කොටලා ගියේ මාතලන්ව ආපහු දැක්ක සතුටට...
Deleteඅද ආයෙ ආවෙ හෙළ බසින්ම සුභ පතල යන්න..
සුභ පැතුම්..ආයෙත් දිගටම ලියන්න..
තෑන්ක්ස් මචෝ.. බොහෝම ස්තූතියි
Deleteඔන්න දෙකෙන්ම් කිවා....
කඩේ බංකොලොත් උණාට අවුලක් නැහැ මුදලාලි පෝසත්ය, ආයි කඩ කෙරුවාව ඕනේ නැත. ගෝලයන්ටත් එසේමය.
ReplyDeleteඑහෙම වෙන්න බැරිද
හරියටම හරිය..
Deleteමට උඹව කිසි දා අමතක වන්නේ නැතිය..
මගේ මුල්ම කොමෙන්ට් එක උඹේන්ය...
ගමේ කඩේ පාඩු වුනාට අවුලක් නැත...මුදලාලිගේ කොල්ලන් දම්මලා පිට රටවල කඩ දමා ඇත.
Deleteමාතලං නැති ටික දොහේ මේ ලබු ගෙඩියක් වාගෙ තියන රට ඇතුලේ වෙච්ච කයි කතන්දර ටිකට මොකක් හරි කතාබහක් කරන්න තිබුණ අවස්තා සග හැරුණා.
ReplyDeleteඅපේක්ෂිත බලාපොරොත්තව නැතිවීයාම කණගාටුවට කරුණක්. ඒත් නන්නාදුනන රටක යන එන මං නැතුව ටැග්ගැහි ගැහී ඉන්නෙ නැතුව ආ එක සතුටුයි.
පර්සනල් මේල් එකවත් චෙක් කොරන්න උනේ නෑ. ඇයි ඉතින් පඩිය ගන්න වලිනේ. මම කීප සැරයක්ම රට ගියත් මේ වගේ කට්ටක් කෑවෙම නෑ. වෙලාවත් හොඳම නෑ මගේ හිතේ...
Deleteතෑන්ක්ස් දයා
හප්පච්චියේ දැක්ක කල්. හිතුවේ නැහැ ආයේ එයි කියල. සන්තෝසේ බැරුවා. මේකටනේ නම දාන්න තිබුනේ "පුදුමයි එත් ඇත්තයි" කියලා.
ReplyDeleteගියද ඉඳල හිතේ කොනක ලොකු දුකක් තිබුන නිකන් ගෙදර කෙනෙක් ඇත වුනා වගේ. එත් පුරුද්දට වගේ දවස් දෙකකට විතර සැරයක් බොගට ඔලුව දළ බැලුව. අම්මටසිරි බේන් ඇවිත්. පුළුවන් හැටියට සප් එකක් දෙන්නම් ඔන්න ඔහොම ලියමු.
බොහොම ස්තූතියි ඇනෝ
Deleteමමත් චෙක් කොරලා බැලුවා.. සෑහෙන පිරිසක් දිනපතාම වගේ ඇවිත් ගිහින් තිබුනා. ඒ සියළු දෙනාටම ස්තූතියි...
මාතලන්, ඔය මුදලිට හිටියේ නැද්ද ඔය කඩ උකසට තියල සල්ලි අරන් පොෂ් එකේ ජොලි කොරපු කොල්ලෝ ටිකක්? එතකොට බිස්නස් එකේ හැම දේකටම උඩින් අත දාන, කැෂියර් වැඩේ බදාගත්ත නෑදෑ පරපුරක්?
ReplyDeleteඋන්නා උන්නා
Deleteමොකෑ නැත්තේ...
මාතලන් අයිය නැතුව බ්ලොග් ලෝකෙ මෙලෝ රහක් නැතුව තිබ්බෙ. ආයෙනම් යන්න එපා..
ReplyDeleteඅම්මපා මේ යනවිදියට ලංකාවෙන් තෙල් ගහපු ප්ලේන් එකක් මග හිටිනවා කොයි වෙලේ හරි..
ReplyDelete