.

.

Sep 9, 2012

ළොක්කා දිණුම් සහ 2017 හෝ ඊට පෙර - King's Victory and 2017 or Before



ඉහත ඡායාරූපයේ පළවනුයේ මාතලන් විසින්, දේශපාළන විජ්ජාව පිළිබඳ මහාචාර්ය පදවිය අතිගරු ජනාධිපති තුමාට පිළිගැන්වූ අවස්ථාවයි. එසේ පිරිනැමීමට හේතූ පාඨ පහත දක්වමි.

  • ඩෙංගු සිරිසේන, කැබිනට් මීටීමේදී උතුරු මැද පලාතේ නියගයක් ඇති බැවින්, මේ අවස්ථාවේදී ඡන්දයකට නොයන ලෙස ඉල්ලා සිටියදීද,
  • වැඩ බැරි, බඩ තඩි, සිරිපාලයා "මුන්ට වගා කොරන්න එපා කියලා කියද්දීත් නියං සහනාධාර ගන්න මුන් වවනවා.." කියා රජරට ගොවි රජවරුන්ගේ සිත බලු බෙට්ටක් තරම් අපිරිසිඳු කොට තබා සිටියදීද.
  • මෙළෝ රහක් නැති, මහ ඇමතිවරු "චන්දයක් තියන්න එපා. තිබ්බොත් බඩු බනිස් ලොක්කා.." යනුවෙන් අඬා වැටෙත්දීද.
  • හාල් පාරූ, පලා බබා මන්ත්‍රිවරු, ලොක්කාට එදිරිව අධිකරණයේ පෙත්සම් ගහද්දීද.
  • පරදින බව දැනගෙන, රනිල් ලොක්කා "අපට ඡන්ද එපා ඕයි, අපට ඕන වැස්ස.." කියද්දීද,
  • විස්ස විජ්ජාල ආචාර්යවරු, මහාචාර්යවරු, "අපිට පඩි එපා. අජ්ජාපනේට 6% දෙන්න..." කියා පාරට බැස සිටියදීද,
  • ජෙප්පෝ බුද්ධිමත් ජනතාවගෙන්, "පලා බබා  හොර ගුහාවක්, ලොක්කා රට කනවා..." කියා සිටියදීද.
  • එස්සත් ජාතික පස්සයේ ජනප්‍රිය බයිලා ගායක, පුංචි ප්‍රේමදාස දේශද්‍රෝහී ජනතාවගේ කරෙන් ගොස් "ආන්ඩුව දන ගස්සනවා..." කියද්දීද,
  • කෙළ කෝටියක් පමණ ජනාධිපති උපදේශක වරු "ලොක්කා මේ සැරේ කන්න තමයි යන්නේ..." කියා සිටියදීද.
  • බටහිර කුමන්ත්‍රණ කරුවන් විසින් පලාත් පාලන ආයතන සභාපතිවරුන්ට මුදල් ගෙවා, කප්පම් ගැනීම්. මිනී මැරීම්, ළමා අපචාර හා මිනි මැරීම් කර ආන්ඩුව අපහසුතාවයට පත් කොට තිබියදීද.
  • බ්‍රසීලයේ සිට ගෙනා, හවායි ෂර්ට් තම ආදරණීය ජනතාවට පෙන්වීමේ ආශාවෙන්ද,
  • ජනතාව අතරට ගොස් යටි තොල කාගෙන පොඩි උන් වඩා ගැනීම සහ උන්ගේ බඩ මිරිකීමේ පවිත්‍ර චේතනාවෙන්ද,
  • "මට ඔක්කෝම දෙන්න පුළුවන්. ඒත් වැස්ස නම් දෙන්න බෑ පුතො," කියා ජනාතාවට ළෝක සත්‍ය අවබෝධ කොට.
  • රෙදි පෙන්නුවම සල්ලි දීලා අරන් මහගෙන ඇඳගන්න බුද්ධිමත් ජනතාවට ධාතු පෙන්නීමේ මහානුබව සම්පන්න පුණ්‍ය කටයුතු ඉටුකිරිමෙන්ද
  • මුත්තාට සහ ටෙම්පර්ඩ් ප්‍රේමදාසට වඩා, මෙරට ජනතාවගේ හද ගැස්ම හොඳින් හඳුනන
  • පෘතුවී තලයේ, වර්ථමානයේ ජීවත් වන, දේශපාළණයේ හෝඩීයේ අකුරු පමණක් නොව. රාවණාගේ හෝඩිය පවා දැන සිටින සහ
  • එය විපක්ෂයේ ගොන් බූරූවන්ට නැවත වරක් ඔප්පු කොට පෙන්වීමෙන් කළ මෙහෙය වෙනුවෙන්

අතිගරු ජනාධිපති තුමාට ගෞරවනීය මහාචාර්ය පදිවිය පිරි නමන වගයි.

(අත්පොලසන් නාදය ගිගුම් දෙයි, ගිනි දවාලේ මල් වෙඩි අහසට, ඩෝං පටෝං ඩෝං. කොල්ලෝ විසිල් ගහයි. මැති ඇමතිවරු, ලොක්කා ඉස්ටේජ් එකෙන් පහලට එනකන් ඉස්සෙල්ලාම වඳින්න බලු පොරයක. හාමුදුරුවරු පිරිත් නූල් එල්ලාගෙන බලා සිටි. මේ අතර දේශප්‍රේමියෙක් යටි ගිරියෙන් කෑ ගසයි.
"සෑර්... සෑර්... කවුද සෑර් මහ ඇමති....? "
"මොන මහ ඇමතියෙක්ද ඕයි... අපේ ආර්ථික මල්ලිත් ඔය මලදානේ නිසා රට ගියා... මම වෙලාවට දෙන්නම්... දැන් ඉතින් ගෙදර ගිහින් නිදාගනින් මට කරදර නොකර..")

ප: ලි: 
දැන් ඉතින් අහයි, අර අහවල් එකටද, මාතෘකාවට "2017 හෝ ඊට පෙර " කෑල්ලක් ඔබලා තියෙන්නේ කියලා. 2017 දී හෝ සමහරවිට ඊට කලිනුත්, වෙන්නෙ ඕකමයි. සිද්දීන් වල වෙසක් හැර. මේ සෑරේ ඇන්දුවේ ධාතු වලින්. ධාතු ගුලිය රනිල් නියමෙටම කෑවා. 2017 දී දිනන්නේ, ලොක්කගේ කනිටු පුතා, ඕසෝන් ස්ථරය හිල් කරන් යන කාළේට. අපේ උන් උඩ බලාගෙන බුලත් කොලේට කතිරේ ගහලා ඇවිත් හඳ දිහා බලාගෙන ඉඳිවී, කටත් ඇරගෙන..

 ඔබ සැමට සුබ අනාගතයක්....!!!


56 comments:

  1. දේශපාළන විජ්ජාව පිළිබඳ මහාචාර්ය පදවියට මීට වඩා වෙනත් සුදුස්සෙක් සිටීද?... ;)

    ReplyDelete
    Replies
    1. පිටරටකවත් නෑ හොඳට හොයලා බලලා දුන්නේ..

      Delete
  2. යාන්තම් මාතලන්ගේ පින්තූරයක් දැක්කා...:D

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර ඔය වගේ තමයි... දන්නෝ දනිති

      Delete
  3. Replies
    1. ආයේ ඉතින්... ජනතාවත් කියලා තියෙන්නේ.. ඒකනේ දුන්නේ...

      Delete
  4. මාතලං රැවුල කැපුවදෑ..?

    ReplyDelete
    Replies
    1. ඔව් බං... නැත්නම් මිනිස්සු ලොක්කා කියලා මට රැවටෙනවා...

      Delete
  5. මාතලන් මේ පාර නම් උබ වෑරදීයි.
    විදායක ඵ්කාදිපති රජ කම ඈත්නම් පොල්පිත්තක් උනත් ඔය ගේම තමා ගහන්නේ.

    ReplyDelete
    Replies
    1. ළොකු වැරදීමක් ඇනෝ මචෝ. එහෙම කෙනෙක් ඉන්දෙද්දි තමයි ෆ්‍රැන්සිස්කුකරණයත් පරාජය කරලා ලොක්කා ගේමට බැහැලා දොඩංගොඩට දකුණේ පලා බාබා අරගෙන දුන්නේ. ඒ ආපු ට්‍රෙන්ඩ් එක තමයි සැටලයි රජ වෙලා නැවතුනේ. වැඩකාරයෝ එහෙමයි. හැබයි එතකොට හිටපු රජා නම් මෙළෝ රහක් නෑ.

      Delete
    2. මචෝ මගේ කමෙන්ට් ඵකට ඔබතුමා දුන්නු උත්තරේට ප්‍රතිඋත්තරේ ඔයගේ උත්තරේ ඈතුලෙම තියනවා.

      /හැබයි එතකොට හිටපු රජා නම් මෙළෝ රහක් නෑ./

      හිටපු විදායක විජේතුන්ග කියන්නේ බෝ පෑලයකි.
      ඊට කලින් හිටපු විදායක ප්‍රේමේ අයියා නම් විදායක කමින් වෑඩ ගත්තේය.කොටින්ම ප්‍රේමේ අයියා අකාලයේ වලකජ්ජ ගෑසී ඊලගට විදායක පෝස්ට්ඵකට රටේ ජනප්‍රියම විජේ කෙනෙක් පත්වෙනබව සාස්තරපොරක් කීවේලු.ඵ් අනුව විජේවීරට හා නලු ව්ජේ ට ටිකට් ලෑබුනි.නමුත් ප්‍රේමේ අයියාට ලගම සිටි විජේතුග ලොක්කා ගෑන සෑක නොහිතුනේ(සෑක හිතුනානම් ඵයටත් ශුවර් බඩුය )පොර ඵ තරමටම නිශ්ක්‍රීය වූ නිසාය.හරියට දේශපාලන වශයෙන් දී.මූ පප්පා මෙනි.දි.මු හා විජේතුන්ග සමාන වනුයේ දේශපාලන ක්‍රියාකාරීත්වය අතින් පමනි.නමුත් වෙන අතකින් විජේතුග මහතාව දි.මු ට සමාන නොකරමි.මොකද දී.මූ දේසපලන අපතයෙකි.විජේතුන්ග උතුම් මිනිසෙකි.අන්තිමට සුපිරි විජේලා පරලොව ගියත් ප්‍රේමේ ලගමසිටි ජනප්‍රිය නමුත් අහින්සක විජේගේ කේන්දරය වඩා පවර්ෆුල් වී ප්‍රේමේ ලොක්කා අපායට ගියේය.මෙය මා ඈසූ කතාවක් පමනි.නමුත් සමාජයේ කලින් සිටි හා පසුව ආ විදායක ජනපතිවරුන්ගෙන් අහින්සක විජේතුන්ග මහතා වෙන්කර දක්වන කදිම උදාහරනයකෑයි මට සිතේ.
      ඵබෑවින් විජේතුන්ග බෝ පෑලය අනික් විදායක් ලොක්කන්ට සමානකරන හිතන්නවත් බෑරිය.
      ඔච්චර වෑඩ්ඩා වූ මහින්ද ලොක්කා චන්ද්‍රිකාගේ කාලයේ අවුරුදු 11ක් ම හිරවී හිටියේ ඈයිකියා සිතියයුතුය.චන්ද්‍රිකා මහින්ද බොසාට නොදී අනුරමල්ලීට හෝ කදීර් ට දුන්නානම් මහින්ද ලොක්කාට මොනවා වේවිද?

      Delete
    3. කදිරට දෙන්න තමා ගියේ, ෆුල් බකට් එකක් ඇදලා තමයි නොමිනෙසොන් ගත්තේ දන්නෝ දනිති. අවුරුදු එකොලහ හිටියේ ඉවසීම කියන දේ එකසිය ගානට ප්‍රගුණ කිරීම හා දේශපාලන ඉව. මම විජේතුංග ගේ කේස් එක උත්තරේට ඇමිනුවේ උඹ ඔය කතාව කියන බව දන්න නිසා.

      Delete
    4. මචෝ අන්තීමටම, බකට් ඵකට වඩා චන්ද්‍රිකාගේ හෑදිමිටේ දිග සහිත කාන්තා නුවන නිසා අපේ ලොක්කට පෝස්ට්ඵක ලෑබුනා කියලයි හිතන්නේ.

      Delete
  6. ජයවේවා කැපුවත් නිල්...තවනූලෙන් රැවටෙනව ලොකු අයියේ වෙලාවට රැවුල ගැලෙව්වේ හික්ස්

    ReplyDelete
    Replies
    1. දැක්කනේ.... දැකලා තියෙන උන්ට තේරෙණවා...

      Delete
  7. ලංකාවෙත් pussy riot ල වගේ කට්ටියක් බිහිවෙන්න වෙයි වගේ!

    http://tharurasi.blogspot.com/2012/09/virgin-mary-put-putin-away.html

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.... පූසොන්ගේ කෑලි හොයන්නවත් හම්බ වෙන්නේ නෑ. ලොක්කා ගාව ඉන්නව ඒවට නියම බඩු. පූසෝ පෙන්නන්න බෑ..

      Delete
  8. ආනේ....මේ අයියද.... හිකිස්...

    ReplyDelete
    Replies
    1. කොහොමද නිකන් ප්‍රොෆෙෂනල් ලුක් එක..

      Delete
  9. අම්මට සිරි... මාතලං කියන්නෙ චීනෙක් නෙවැ....
    තාත්තා චෑං චූං චීං පචෑං ද ? ලීක් වෙන් චූන් ද?
    මමත් මා-තලං දැකලා තියෙනවා අද තමයි අඳුර ගත්තා

    අැල්

    ReplyDelete
    Replies
    1. නෑ තාත්තා ලියුං කියුං, ඒ කොහේදිද දැකලා තියෙන්නේ....

      Delete
  10. අනේ අපිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩු නැතුව දෙයි... බලාගෙන හිටපන්..

      Delete
  11. ලොක්කා දිනන විදියට - ඡන්දපාලලා / වතීලා උඩ බලාගෙන ඉන්න කොට වෙන උන් කතිරෙ ගහන විධියට - මාතලන්ට හැම අවුරුද්දෙම මේ වගේ පොරකාශයක් ලියනන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මම ලොක්කා හම්බ උනාම කියන්න ඉන්නේ ආයේ ඡන්ද ඕන නෑ කියලා. අපරාදේ සල්ලි.....

      Delete
  12. මහින්ද මාමව replace කරන්න කවුරුත් නෑ එහෙම කෙනෙක් එනකන් මෙයා ඉදිවී.විපක්සෙ සදා පිස්සු කෙලිනකන් ලොක්කට ජය සුවර්....!

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ විපක්ෂේ පිස්සු කෙලිල්ලක් නෙමෙයි. ලොක්කගේ පී ආර් එක සහ ටැලන්ට් එක. මේක තනිකර එයාගේ ජයක්.

      Delete
  13. පංකාදු පෝස්ට් එකක් මාතලං

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නලීන්

      Delete
  14. ලොක්කා වැඩ කරුය හැබැයි අර ඇනෝ කෙනෙකුත් කිව්වා වගේ ලංකාවේ තියන විධායකය නැතුව ලෝක්කා දාන වැඩ වලින් භාගයක්වත් හරියට දාන්නට බැරිය , ලෝකේ අනික් රටවලවත් ලොක්කා තරම් වැඩකරුවෙක් හම්බ නොවෙන්නේ ඒකය (ලංකාවේ වගේ "බුද්ධිමත්" ජනතාව ඉන්න අනෙකුත් රටවලත් මෙච්චර පවර්ෆුල් විධායක පට්ටම් තිබුනා නම් ලොක්කා වගේ තවත් අය බලාගන්නට ඉඩ තිබුනාය ), අනෙක් අතට මොලේ එක පැත්තක් විතරක් වැඩ කරන විපක්ෂ නායකයොත් හැම රටකම නායකයින්ට හම්බු වෙන්නේ නැත

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ විපක්ෂයේවත්, එහි නායකයන්ගෙවත් ප්‍රශ්ණයක් නෙමෙයි. එකක් ලොක්කගේ ටැලන්ට් එක. අනික පී ආර් එක. හැම එකාම අල්ලලා නේ තියෙන්නේ. බුවා දන්නවද දන්නේ නෑ ෆොන්සේකා මහත්තයා විපක්ෂේ පොරවලට වෙන වෙනම බා ගන්න කතාකලාම හැම එකාම කිව්වේ. ලොක්කා වෙනස් කරන්නේ මොකටද අපේ ඕන දෙයක් කිව්වොත් කරලා දෙනවා. මල ගෙයක් මගුල් ගෙයක් උනොත් එනවා, ලෙඩක් දුකක් හැදුනොත් හොඳම හොස්පිටල් වල දාලා බෙහෙත අරන් දෙනවා. කොටින්ම බර්ත් ඩේ එකටත් අපේ එකා නැතත් ලොක්කා උදේම විෂ් කරලා කේක් කෑල්ලක් ඉල්ලනවා. ඕන වෙලාවක හම්බ වෙන්න පුළුවන්. ඉතින් තව මොනවද. ජනතාවත් හිතන්නේ එහෙම තමයි. ඕක ලොකු කතාවක් මම හිතුනොත් වෙනම පෝස්ට් එකක් දාන්නම්.

      Delete
  15. ඔබේ බ්ලොගය ඔබ ලියන විදිහනම් කියල වැඩක් නැහැ.
    මාරම ක්‍රමයක්!
    හැමදාටම ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි හිරු... අගයකිරීමට

      Delete
  16. "සෑර්... සෑර්... කවුද සෑර් මහ ඇමති....? "


    මේකට දෙන උත්තරේ තව ටික දවසකින් අපි දැන ගන්නවනේ.. හැබැයි එතනදි නම් ලොක්කා ඇන ගන්නවමයි මට හිතෙන හැටියට..

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචන් ලොක්කා පුරුදු කරලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න සිස්ටම් එක. වෙනසක් නොවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. වෙනසක් උනත් නෝ ප්‍රෂ්, නැගෙනහිර මුස්ලිම් ආසන කියන්නේ වෙළඳ භාන්ඩ ඒවාට වෙන්දේසියේදි ලැබෙන වටිනාකම අනුව මහ ඇමතිකම තෝරයි. මම අනාවැකියක් කියන්නද. මුස්ලිම් එකෙක් නැගෙනහිර මහ ඇමති වෙනවා.

      Delete
    2. නැගෙනහිර විතරක් නෙමේනේ.. ඇයි උතුරු මැදටත් කෙළවිලා තියෙන්නේ..
      හිටපු එකා බර්ටිට දෙන්නද?.දිනපු එකා රංජිට දෙන්නද?. උන් දෙන්නටම නැතුව පොළොන්නරුවෙ පී.බී දෙන්නද?

      නැගෙනහිර මුස්ලිම් වටිනාකම වැඩිවෙන ලකුණු දැනටම පේනවා නේ!!!! ඔන්න සම්බන්ධන් එක්ක හකීම් එක්කහු වෙන්නලු යන්නේ...

      Delete
    3. උඹලැයි පැත්ත බොහෝ වෙලාවට බොර්ටිටම දෙයි. මොකෝ ඌට ඇස් එල් ඇෆ් පී එකේ උන්ගේ සප් එක අම්බානට තියෙනවා. මොකද බෝර්ටියි දී මූ යි දෙන්නම කපලා දාන්න බෑනේ. එක්කෝ බොර්ටී. එක්කෝ දී. මූ. මම නම් ලොක්කට උපදෙස් දීලා තියෙන්නේ. බෝර්ටිට මහ ඇමති කම දෙන්න කියලා. එ කෙසේ වෙතත් කවුරුත් ලොක්කා එක්ක තරහ වෙන්නේ නෑ. එහෙම බෝර්ටි කැපුනත්. ඒක පුතාට වාසියක් වෙයි.

      Delete
  17. මගෙ හිතේ ඊළගට බස්නාහිර අපිට තමයි දෑත් ශක්තිමත් කරන්න තියෙන්නෙ.
    නොදකින්.............! :((

    ReplyDelete
    Replies
    1. බස්නාහිරත් ඔච්චරම තමයි. ලොක්කට් ගේමක් තියෙන්නේ කොළඹ විතරයි ඒත් සුළු ජන පදනම නිසා. නැතුව වෙන හේතුවක් නෙමෙයි. සුචරිතේ ඇතුලේ ඉන්න උනුත් ලොක්කට ඡන්දේ දාන්නේ.

      Delete
  18. මාතලන්ට උඩුරැවුලක් දැම්මොත්....හැබැයි ටිකක් පෙනුම නම් එයි වගේ....ඉන්ඩ බලන්ඩ ෆොටෝශොප් වලින් අර උඩුරැවුල කොපි ඇන්ඩ් ෆේස්ට් පාරක් දමලා බලමු...අපහාස කලැයි කියලා මාතලන් නඩුවක් වත් දමාවිද මන්දා ???

    ReplyDelete
    Replies
    1. උඹ ඕන එකක් කොර ගනින් මේ පැත්තේ සුදු වෑන් එවන්නේ නැතිව.

      Delete
  19. රටට තියෙන ලොකුම අවුල තමයි ශක්තිමත් විපක්ෂයක් නැතිකම. ඒවගේම හොඳ විචාරශීලි කලාවක් නොතිබිම. සියලු කලාකරුවෝ ඉන්නේ දෑත් ශක්තිමත් කරන්න. ජනතාව විතරයි යම්කිසි කොටසක් විචාරශීලින් වෙලා තියෙන්නේ. දුක තමයි

    ReplyDelete
    Replies
    1. නෑ දයා මම ඒක පිලිගන්නේ නෑ. කළාකාරයෝ ඔක්කෝම බිස්නස් කරනවා. ජනතාවට කළාව කරලා ගොඩ ගිය එකෙක් නෑනේ. උන්ට බැලත් වැඩක් නෑ. හැම දේම කරන්නේ කාලා බීලා සතුටෙන් ඉන්න නේ.

      Delete
  20. හැබැයි මාතලන් මම හිතන් හැටියට JR මුත්තා තමයි තුන්කල් නුවන තිබුන හොඳම කැප ගහපු දේශපාලකයා. මතකද අනාගතයේදී පහලවෙන්න තියෙන කබරයෙක් දැකල ගහපු හින්ට් එක?

    "මට රකින්න පරපුරක් නැත
    ඔටුනු පලදවන්න කුමාර කුමරියන් නැත ..
    ...."

    ඔය පින් පඩි කන කේන්දර සුමනේයටවත් ඔයින් ලගින් යන්නවත් අනාවැකියක් කියාගන්න දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මටත් දුක ලොක්කට මාතලන් වගේ උපදේශකයෙක් නැති එක.

      Delete
  21. ඒකට තමයි බොලං ආස්චර්යය කියන්නෙ... තව ටික කාලෙකින් ලංකාව සෞරග්‍ර‍හමණ්ඩලයේම ආස්චර්යයට ලක්වෙන හැඩයි.... කාටද ආඩම්බර...

    එන්න බලන්න සිරාගෙ බයිසිමොටෝ චාරිකාව මම සිරාගෙ කාමරේ සිරා

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඩෙෆා.. හැබයි ණය බරත් ඒ වගේම තියෙයි. ඒ වගේම එකපාරටම් ඩෝං ගාලා කඩාගෙන වැටෙයි. එදාට ඔය මහ බැංකුවේ අධිපති තුමා බේරුනොත් ඒ ඇති.

      Delete
  22. ඔබටත් සුබ අනාගතයක්....!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්.. තැන්කිව් මෙයා....

      Delete
  23. පළාත් සබා විතරක් නොවේ දිනපු හැම චන්දේම දින්නේ ලොක්ක නිසාය.ලොක්කාගෙන් කැපුනු අනුරපුරේ කිරි බර්ටි මහත්තය ලොක්කගේ මිනිහෙක් උන චන්ද්‍රසේන මහත්තයාගේ මල්ලියට පැරදුනේ මිනිස්සු ලොක්ක ගැන හිතන් චන්දෙ ඉල්ලන උන්ට කතිරෙ ගහන නිසාය.හැබැයි ඇනොව කියන්නහේ මේ ඔක්කොම විධායක පට්ටමට මුවා වී දාන සෙල්ලම් ය.මෙව්වා ෆ්‍රී හිට්ය.හැබැයි ෆ්‍රී හිට් එකකින් උනත් ප්‍රයෝජන ගන්න දක්ෂ බැට්මන් කෙනෙකු විය යුතුය.නෝනා සිංගල් ඩබල් දාපු පිච් එකේ ලොක්ක සික්සර් ගහන්නේ ඒ නිසාය.ලක් එක තියේනම් ෆ්‍රී හිට් එකකදී උනත් රනවුට් කර ගත හැක.එත් ගෙඩි පිටින් කැච් අතාරින පුල්ටෝස් දාන ප්‍රතිවාදීන්ට කරුමෙට ලක් එකවත් නැත.ඉතින් හැමදාමත් සංදර්ශනවලින් චුන් වෙන ලාංකීය ප්‍රේක්ෂකයා ලොක්කගේ සික්සර් වලින් කුල්මත් වී සිටිති.

    ReplyDelete
    Replies
    1. තව සෑහෙන කාළෙකට එහෙම තමයි. ටර්ෆ් එක බැට්ස්මන්ලට වාසියි. බෝලස්ලට අවාසියි. යෝකර් දාන එකෙක් හොයාගන්න වෙයි. කෝ මේ අනුරුද්ධ පොලොන්නොවිට. හොයලා ගනින් ඕකට නඩු දාන්න.

      Delete
    2. පිස්සුද ඈනෝ ජිල්මාට් නම් වර්ගයට හොදම උදාහරනයක් නෙ ඔය ප්‍රතිපලය.ලොක්කා හිතන අනුපාතෙටම චන්ද ගන්න මොකද පොර මර්ලින් මායාකාරයද?
      වෙලාවකට උබලත් හරියට අර තනි රතුපාටින් ඈදපු චිත්‍රය විචාරය කොරපු මහත්තුරු වගේ.ඵ් කොලුවා ඵහෙම ඈදලා තියෙන්නේ වෙන කිසි පාටක් නෑති කමට.අපේවිචාරකමහත්තුරු ඵ්ක විචාරය කලේ මාර විදියට.
      චන්දෙත් ඵමමයි බන්, කරන්න කිසිත් නෑතිකමට චන්දෙදාන්න බලුබල්ලෙක් ඵන්නෑතිකමට පොඩි ජිල්මාට් පාරක් දුන්නාම උබලා ලියනවා මාර විචාර.අනේ මන්දා බන් ! ! !

      Delete
  24. 2017 නෙමේ බන් 2027 අපේ සංවේදී ලොක්කම තමා . . .

    ReplyDelete
    Replies
    1. කුමාරයට රජකම බාර දෙනකන් අල්ලන් යයි වගේ. කුමාරයා පරිනත වෙලා කියලා කුමාරයටත් සෑර් කියන ජේෂ්ඨ පොරවල් කියන්නෙ. අනේ වාසනාවන්. හැබයි ඉතින් කුමාරයා රජ උනාමත් භාන්ඩාගාරේ බාර එකයි. මහා බැංකුවේ අධිපතියි මෙයාලම නම්. මැද පන්තියත් නිර්ධන පන්තිය බවට පත්වෙලා තියෙයි. හැබයි එතකොට සමාජ විද්‍යාඥයන්ට ලේසියි. ඉන්නේ ජාති දෙකයි. දේශප්‍රේමී හා දේශද්‍රෝහී. පන්ති දෙකයි. ශාක්‍ය වංශිකයන් හා ක්ෂුද්‍ර වංශිකයන්. හිකිස්....

      Delete
  25. මෙදා පාරනම් චන්දෙ ඇහුවේ නැහැ මොකද අපේ ඉන්න හරක් මුන්වම මේ පාරත් තෝරනවා කියලා අපි දන්නවනේ ....

    ReplyDelete
    Replies
    1. අහන්න දෙයක් නෑ බ්ලොග් බැලුවම වැඩේ ඉවරයි

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න