මුලසුන බයිලා චක්‍රවර්ති
ආ යෙත් වලියක් දාගෙන මාලක සිල්වා
වාද බයිල කියමුද බුදු පානක් දල්වා
එතකොට, වාද බයිල කියමුද බුදු පානක් දල්වා
එලිසම රැකලා, නොම මගේ කලිසම ගලවා
කිරිබත්ගොඩ මර්වින්
මම වගේම වැඩ කාරයා මගේ සුදු පුතා
තොපි ඔක්කෝම කට වහගනු මම හරි ජගතා
යකෝ, තොපි ඔක්කෝම කට වහගනු මම හරි ජගතා
අප්ප වගේ නැත්තන් ඌ…. නොට්ටිගේ පුතා
ඩැයිවර් මල්ලි
වටකරලා නෙලුවා…. උන්, අපේ බේබිට
එතන තිබුන පිස්තෝලේ.. ගෙනාවා ගන්ට
සෑර්, එතන තිබුන පිස්තෝලේ.. ගෙනාවා ගන්ට
උඩ පැන පැන ගැහුවනේ උන් අපේ බේබීට
මාලක පුතා
සිගරට් ඉල්ලා, දුන්නත්, ගිනි නෑ කියලා
කිව්වොත් නෙලලා, මම, යන්නේ බේරිලා
අම්මට, කිව්වොත් නෙලලා, මම, යන්නේ බේරිලා
තොපි ආවත්, යවන්නේ මම, ඇට කුඩු කරලා
රඹුක්වැල්ලේ කෙහෙලිය
පන්සලේ දී බෑනේ අනේ.. හිරේට ගන්ට
මගේ එකත් යවනව මම, මුගෙ සෙට් එකට
මගේ එකත් යවනව මම, මුගෙ සෙට් එකට
ගාඩ් එකට ජීප් එකත් දෙනවා… පුතාට
ඇස් පී අජිත් රෝහණ
එව්වා කොහෙද.. කොයි කාටත් එකයි නීතිය
ලොක්කා කිව්වා.. මෙවැනි අයට තදයි නීතිය
අපේ, ලොක්කා කිව්වා.. මෙවැනි අයට තදයි නීතිය
ඌ ඉන්නා තැන කිව්වොත්.. ඔබටයි මිලියනය
හමුදාපති තුමා
මූ මොනවද එතන කළේ.., මහ රෑ ජාමේ
උත්තර දීපන් මේජර්.., ඇවිත් කොමසමේ
කැරකිලා, උත්තර දීපන් මේජර්.., ඇවිත් කොමිසමේ
දන්නෙ නැද්ද මෙම්බස්... VIP..... සමාගමේ
ඩෙංගු සේන
අනේ මගේ කාලේ කන... වින පරිස්සන
තියන්නෙපා ලොක්කා... මම කියමි වැඳගෙන
අනේ, තියන්නෙපා ලොක්කා මම... කියමි වැඳගෙන
මුන්ට ගේම් දෙන්නත් බෑ... කලත් කොඩිවින
මාතරින් ඩලස්
හෙලා දකිනවා ලොක්කා.. නෑ කතා දෙකක්
පත්තරවල තියෙනවාද… මේ වගේ සැපක්
ඔය කුණු, පත්තරවල තියෙනවාද… මේ වගේ සැපක්
පලදෙන්නේ නියමට මට පූරුවේ පිනක්
මුලසුන බයිලා චක්‍රවර්ති
පාරුවේ පුවක් එතකොට... පූරුවේ පවක්
දැකලා තියෙනවද ඔහෙලා... පිස්සු මී හරක්
අම්මපා, දැකලා තියෙනවද ඔහෙලා... පිස්සු මී හරක්
රණවිරුවත් බල්ලා මාක්... නැති උනොත් පිනක්
baila unath aththa
ReplyDeleteකැරකෙන බයිලා
Deleteඅපේ පුතා උස මහතයි බැහැ හංගන්න
ReplyDeleteපුතා හිටියෙ ඒ කාලෙත් ජුන්ඩ වහගෙන..
පුතා හිටියෙ ඒ කාලෙත් ජන්ඩ වහගෙන
ඉතිං මම මොකටද හංගන්නේ පුතා අද දින..
එතන වුනේ මිතුරන්ගේ සොදුරුම වලියක්
මිතුරු රන්ඩුවලට මොකද පොලිස් කූඩුවක්..
මිතුරු රන්ඩුවලට මොකද පොලිස් කූඩුවක්
ඇහුනෙ නැද්ද, මේජර් කිවව, නැහැ දැන් අවුලක්..
හොරා එලියේ, අහිංසකයා දුකේ,
මේක ලිව්වෙ මමද කියල මට මතක නැහැ මචං..
එහෙමැ නොකීවොත් තමයි පුදුමේ...
Deleteඑල එල...
ReplyDeleteවලියද
Deletemehema ekekuta
ReplyDeletegahala madi ohoma
kalidama galawala
p..keth arinna tibbe
unifomrm ekatath agauraaaka
oya majaor
major kenkguge batayekda kohe eka
nodakin
thuk..........
ප්‍රෙෂර් වැඩිවෙල් බලාගෙන :D
Deleteදැනට දශක ගනනාවකට පෙර දිනක කොට කලිසමකින් සැරසුනු කොලු ගැටයෙක් ඈත රුහුණේ තරුණ මහජන නියෝජිතයෙක් සමඟ කොළඹ පැමිණියේය. ම. නි. මේ කොලු ගැටයා වාහනය තුල නවතා යම් බලවත් අම්මා කෙනෙකු හමුවීමට මැදුරක් තුලට ගියේය. කාලය ගතවනු මිසක ම. නි නොපැමිණි නිසා දැඩි කලබලයට පත්වන කොලුවා කෙලින්ම මැදුරට පිවිස ඒ මේ අත බැලීය. කිසිවෙක් නැත. ලොක්කාගේ හඬ එන්නේ මැදුරේ උඩු මහලෙනි. නිසි සංයමයකින් හැසිරීමට නොදත් නූගත් කොලුවා මේ බලවතුන්ගේ සාකච්චාව මැදට පැන "මට හරි මහන්සියි. දැන් ගෙදර යන්න ඕනෙ" යනුවෙන් ඇවිටිලි කරන්නට විය.
ReplyDeleteමේ අපූරු සිදුවීම බලා සිටි බලවතියගේ පුත්‍රයා ම. නි. අමතා මේකව මට දෙනවකො. මූ නියම බඩුවක්නේ යැයි තෙපලීය. එතැනි ඇරබි කොලුවාගේ ගමන අද කෙලෙස වේද?
මිනිහෙක්ට විලි ලැජ්ජාව නැත්නම් යන්න පුලුවන් දුර අහසට උසට බව මේ කතාව සහ ඔබගේ කවි පංතිය අපට පෙන්වා දෙයි.
අනේ මන්ද මාතලන් මේවට මොනවා කියන්නද?
හප්පේ දැක්ක කල්. ඕන් ඔක්කෝම මේල් කොලා. අරුණි ශපිරෝ නෝනගේ පෝස්ට් එකෙන් දැනගත්තේ කොහෙද ගියේ කියලා. මම උන්නේ බිසි කියලා. වෙල් කම් බැක් වේවා.....
Deleteඑළ.. !
ReplyDeleteකිරි
Deleteඅම්මපා මලේ උඹට මල් මිටක් තියල පුදන්න ඕනෑ
ReplyDeleteඅර මක්කටෙයි
Deleteසයිබරයෙන් හරි නිරුවත එලි කරනවට
Deleteඑළ බයිලේ. අඩුම තරමේ මේව රස විදලා ලේ පුච්චගන්නේ නැතිව ඉන්න පුලුවන් නම් අපි දිනුම්.
ReplyDeleteමම මෙතනට එන්න කලින් වෙන තැනක මේ බයිල ටික කියවලා ආවේ. එතකොට පොත් සැට් එක. අම්මා කියලා වැඩක් නෑ විලි සංගයක් නැතිව නියමෙට වටේ යනවා. ඔබතුමාට මේවගේ අයිතිය ඕප්පු කරගන්න පුලුවන් වෙයිද මන්දා
ඒ කොහේද අනෙ ඒ මටත් කියන්නකෝ බලන්න...
Deleteනියමයි!!
ReplyDeleteමොකක්ද වලියද
Deleteමැරවින් සහ මාලක කියන දෙන්නම රජයකට අවශ්‍ය පුද්ගලයන්! සාමාන්‍යයෙන් කරන්න බැරි අන්දමේ දරුණු ක්‍රියා කිරීමේ සිවිල් බලයක් ඔවුන් සතුව තියෙනවා. මහින්ද ගෝඨා ඇතුළු පිරිස මැරයින් නඩත්තු කරන්නේ ඒකයි. අපේ බුද්ධිමත් චන්දදායකයින් ටිකත් තමන්ගේ වාසියම සලකලා උන්ටම චන්දේ දෙනවා. ඒ වගේ මැරයින්ව ෆෝම් කරවන චන්ද දායක උතුමන්ලාට තමයි මුලින්ම ගහන්න ඕන. බලය ලැබුනම කරන චණ්ඩි කම් බලය නැතිදාට නෑ.
ReplyDeleteඅර චන්ද දායකයෝන්ට ගහන කතාව ඇර අනික් සියල්ලටම එකඟයි. එහෙම කලොත් අපිත් ඒ ගනයට වැටෙනවනේ...
Deleteමාලක ගොබිලා එක්ක ගිය විජේරත්න ගොයියගේ පුතණ්ඩියා මොකුත් කියන්නේ නැද්ද ?
ReplyDeleteපවි අහිංසකයා. අපපොච්ච්ත් නැති කොලුවනේ...
Deleteඒතා අහිංසක මෝ.....ත්
Deleteඒ කොලුවගේ ඇත්තම අප්පොච්චි විජේරත්න උන්නැහේ නෙමෙයිලු නේද ?
Deleteපට්ට බයිල සැට් එක
ReplyDeleteතැන්කිව් හොඳේ...
Deleteතගා බයිලා ටික නම් මරු
ReplyDeleteමොකක්ද ඉතින් ඇත්ත ඇති සැටියෙන්...
DeletePatta bailawa mathalan.mama mathalen :)
ReplyDeleteපට්ට පට පට, මිනිහ පිට රට...
Deleteමාලක අයියාව මාත් ආශ්‍රේ කරලා තියෙනවා මිනිහා තාත්තගේ බලේ අයුතු ලෙස පාවිච්චි කරනවා මට ඒකට කාගේවත් සාක්ෂි ඕනේ නැහැ.මේ රටේ කොන්ද පන තියෙන එකෙක්වත් නැහැ මුට ප්‍රසිද්ධියේ කනේ පාරක් ගහන්න.ඒකට මොනා වුනත් මාලක අයියා කොන්ද පන තියෙන පොරක් මූ ඕනෑම තැනක නාමල් රාජපක්ෂට හරි කනට ගහන ජාතියේ පොරක් ඒක මේ රටේ ජීවත් වෙන පුරවැසියන්ට ලොකු අසාධාරණයක්.
ReplyDeleteමාලක අය්යාගේ කොන්ද පනතියෙනවනම් ගෙයි මුල්ලේ හැංගිලා ඉන්නේ නැතිව වහාම නීතිය ඉදිරියට පැමිණිය යුතුය.නිශාන් ඔබ මර්වින් මහත්තයාගේ ගෙදර කිලිටි රෙදි මෙතන සේදීමනම් කැතයි හොඳේ........... අනේ හුකේ මාලකගේ කොන්ද......
Deleteමං මර්වින් මහත්තයාගේ කිලිටි රෙදි හේදුවේ නැහැ සහෝ මම කිව්වේ ඇත්ත.අනික මාලක අයියා ගෙයි මුල්ලේ හැංගිලා නැහැ ඕන තරම් එළියේ කරක් ගහනවා ඒත් දකින පොලිස් කාරයෝ පවා යටහත් පහත්ව පොඩි හිනාවක් දානවා මිසක් රවන්නේවත් නැහැ.කාගේද වැරැද්ද? නීතිය හරියට සිද්ද කරන්න පුළුවන් කමක් තිබ්බා නම් ඔහොම වෙයිද?
Deleteතරහ වෙන්න එපා නිශාන් සහෝ.මේ සිදුවීම ඉතාම බරපතල එකක්වෙන්නේ අදාල හමුදා නිලදරියාට පහරදීමම නොව ඔහුගේ ජංගම දුරකථනය පැහැර ගැනීමය.මෙනිසා හෙළිදරව් වන තොරතුරු නිසා මේ සිදුවීම නුතන මිලේනියම් සිටි සිදුවීම බවට පත්වුවොත් ඔබේ මාලක අයියා එයට වගකීම බාරගනීවිද.මට තියෙන ගැටලුව තමන් දේශප්‍රේමී යයි කියා ගන්නා රජය මේ සම්බන්දව දක්වන නිහඩ බවයි.පොලිසිය අක්‍රිය වී ඇත්තේ ඇයි දැයි ඔබ හැර මුළු රටමම නොරහසක් බව කියමි.ඔබට සිත් රිදීමක් වීනම් සමාවෙන්න.
Deleteඒ වලි වගේද මේ වලිය.. නිශාන් එක්ක ඇනෝ. උඹලා මොකටද බන් මේවට මරාගන්නේ.. අන්න එහෙම ෂෙප් එකේ ඉන්න එපැයි...
Deleteඅපි මේ එකම කරුණක් ගැන එකම පැත්තක සිට වාද කරනවා මොනා වුනත් ඔන්න බලන්න මාලක බාර වුනේ නැත්තම් තාම ඌව අත්අඩංගුවට අරගෙන ඇද්ද? ලොවෙත් නැහැ.
Deleteඒත් පොලිස් ලොක්කෙක් කියන්නේ 8.30ට බාරවෙනවා කිව්වලු 8.30ට බාරවුණේ නැත්තම් අත්අඩංගුවට ගන්නලු හිටියේ.
මාලක නිකන් හරි බාර නොවුනා නම් මාලකව ඇරෙස්ට් කරයි කියලා හිතනවද?
මේ ලෝකෙන් මට පෙන්නන්නම බැරි එවුන් ටික දෙනෙක් ඉන්නවා. දකිද්දිත් වහ කදුරු වගේ. එවුන් තමා දේශපාලුවෝ..
ReplyDeleteබයිලා ටික නියමයි
මගේ නම් ප්‍රියතම. අපි ජීවත් වෙන්නේ උන් නිසානේ
Deleteඉතින් බන් ඕකට තම ආශ්චර්ය කියන්නේ
ReplyDeleteපොඩි කේස් එකක් කියලා කස්ටිය කියන්නේ...
Deleteබයිලා නම් බයිලා :)
ReplyDeleteඇති යන්තම් හී..... හී නොකියා යමක් කීවා.
Deleteකෝමද නංගී... බයිලා.. සෙට් එක.. ආ
Deleteඅනේ අයියේ මේකට බෑ මෙහෙම කියන්ට
ReplyDeleteමගේ හිතට නැගෙනා දේ මෙහි පවසන්ට
අම්මපා මගේ හිතට නැගෙනා දේ මෙහි පවසන්ට
අනේ අයියේ මේකට බෑ මෙහෙම කියන්ට
වෑන් එකක් එයිදෝ සුදු පාටින් හැඩවූ
මාතලන්ව උස්සයිදෝ දෑතින් එල්වූ
අපෙ මාතලන්ව උස්සයිදෝ දෑතින් එල්වූ
වැන් එකක් එයිදෝ සුදු පාටින් හැඩවූ
කොහොම උනත් කවි ටික නම් පට්ටම පට්ට
පැලෙයි මේක වදිනා උන්ගේ ඇති තට්ට
අම්මපා පැලෙයි මේක වදිනා උන්ගේ ඇති තට්ට
කොහොම උනත් කවි ටික නම් පට්ටම පට්ට
මොකද මල්ලි මොකද මල්ලි බයිලා පරක්කු
Deleteසත පනහක බිව්වද උබ පරණ අරක්කු
හිටගෙන, සත පනහක බිව්වද උඹ පරණ අරක්කු
සුදු වෑන් ඇවිත් අරන් යන්නේ උඹ වගෙ කොක්කු
මෙතන කොක්කු කියන එකට කැමති එකක් දාගනින් :D
පො.මා.ප්‍ර.
ReplyDelete(කියන්නේ)
ධාතු වඳින්නයි ඔහු ඇවිල්ල උන්නේ
එහෙව් එකේ කොහොමද අපි අල්ලන්නේ
(හිතන්නේ)
උගේ අප්පා ලොක්කගෙ හොඳ බොක්කක්නේ
ඌ ඇල්ලුවොත් අපෙ තරු නෙව ගැලවෙන්නේ.
එයා කියන්නේ, මමයිලු, නෝන්ඩි වෙන්නේ
Deleteකබා ගලවන්නේ, ගලවල, ගෙදරයි යන්නේ
මේ නිල, කබා ගලවන්නේ, ගලවල, ගෙදරයි යන්නේ
මෙහෙම හිටියොතින් දවසක, මටත් කෙලින්නේ
නියම බයිලා. තැපෑල කරලවත් යවන්න බැරිද අදාල අයට?
ReplyDeleteබොහොම සතුටුයි වෙද මහත්තය අයෙත් දකින්න ලැබීම. එත් මාතලන් ඔබාමා නැහැනේ ඔයාගේ පුනරාගමනයෙන් පස්සේ.
මම මේකට ආපු ගමන් ඔබා නැති බව දැක්කම මගේ ඇස් තෙත් උනා. මට එහෙම වෙනවා සෑහෙන අඩුයි. අපරාදේ ඒ වගේ මිනිස්සු නැති වෙන්නේ.
Deleteගුටි කෑව මේජර්
ReplyDeleteපොලිස් හිමිජ්ජන් කියනවා හොයාල දෙන්න
එත් උලම ඇවිත් හිටිය ධාතු වඳින්න
එතැනදී ඇයි බැරිවුනේ මූ අල්ලා ගන්න
පොලිස් හිමිජ්ජන් කියනවා හොයාලා දෙන්න
වදින්නටයො පන්සල් ගියේ බුදුන්ගේ ධාතූ
Deleteඑතනදි ඇල්ලුවනම් අපි වෙනව සවුත්තු
මල්ලි. එතනදි ඇල්ලුවනම් අපි වෙනව සවුත්තු
ඕන තැනක ලෙවකනවා ලොකුම සපත්තු
නියම වාද බයිලා ටිකක් නූතන සම්ප්‍රදායේ එම්එස්ල වෙනුවට මේ බයිලා තමයි අද අහන්නවෙලා තියෙන්නේ.
ReplyDeleteමේව මොන බයිලද. නිව්ස් වලට නේ බයිලා යන්නේ.
Deleteඉවර කරන්න ඕනෑ අටකොන් බයිලාවකින්
ReplyDeleteකරුමෙට මූලට තොපි රට දුන්නට
තොපෙ ඇට හතරට පලනට සිතෙ මට
තොපෙ ඇට හතරට පලනට සිතෙ මට
කරුමෙට මූලට තොපි රට දුන්නට
කරුමෙට කුණුකට ඔහෙලට ලැබුනට
Deleteකුණුකට ඉරනට හිතෙනව මට හෙට
කුණුකට ඉරනට හිතෙනව මට හෙට
මේ රට නෑ තොට අපිලට සඳහට
මේක හොඳයි එක්කෝ ඇන්ඩ් කොම්පැනි වල හරි ජනහිතගේ විරිඳු සුරල් වල හරි දාන්න.
ReplyDeleteනියමයි අඩේ
ඇන්ඩ් කොම්පැනි නම දැකලා තියෙනවා... ජනහිතගේ කතන්දරේ ඇහුවේ අද
Deleteඅහිංසකයි රටක් වටියි මෙවන් පුතුන්
ReplyDeleteමේ වයසට ඔය දේවල් වෙයිලු ඉතින්
අයියේ අහිංසකයි රටක් වටියි මෙවන් එවුන්
හෙට අනිද්දට මොකා එයිද දන්නෑ නොදකින්
ඇන්දා කාටුන් එකක් මාත්
පුංචී කාළේ හිටන් කොල්ලො ඔහොම තමයිනේ
Deleteඅත්තල මුත්තලා වෙලත් ගේමට රෙඩිනේ
යකෝ, අත්තල මුත්තලා වෙලත් ගේමට රෙඩිනේ
දුටුගැමුණුගේ පරපුර අපි නෑනේ සැලෙන්නේ
ආමි මේජර් මාස 3 කට පසු හමුදා කොමිසමේදී
ReplyDeleteකවුද ගැහුවේ කියල නෑනේ මතකෙට එන්නේ
පිස්තෝලෙයි රන්මාලෙයි පාරේදි වැටුනේ
අයියෝ පිස්තෝලෙයි රන්මාලෙයි පාරේදි වැටුනේ
ගැහුවේ කවුද කියල නෑනේ මතකෙට එන්නේ
ඌයි මායි අපි දෙන්නා යාලුවෝ අනේ
Deleteපත්තර කාරයොත් එක්ක කරන්න බෑනේ
මූසල, පත්තර කාරයෝ එක්කලා කරන්න බෑනේ
රටේ ප්‍රශ්ණ නැතුවද මුන් අපිවම කන්නේ
දේසපාලනේ කරන එවුන් එක්ක නම් අපිට බයිලා ලියල කවදාවත් දිනන්න හම්බ වෙන්නේ නෑ අයියේ....
ReplyDeleteඒක ඇත්ත උන් බයිලා චැම්ප්ස් ලා නේ...
Deleteඑළකිරි බයිලා ටික.... අදාල සිදුවීම ගැන කතා කිරීමෙන් පලක් නොමැත.
ReplyDeleteඑළකිරි බයිලා, බෙදනවා අහුල ගනිල්ලා...
Deleteසාහිත්‍ය මාසය වෙනුවෙන් දැන් දිගට හරහට බයිලා කියනවා නේද?
ReplyDeleteමට තියෙන සතුට.. කවි වලට අකමැති ඔබා මමත් කවි වලට කැමති කරව ගත්ත එක.. දැන් ගොඩක් උන් කවි බලනවා. ඒක ළොකු දෙයක්..
Delete