මිනිසාගේ ළඟම නෑයා කවුද යන්න පිළිබඳව නොයෙකුත් මති මතාන්තර තියෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ බොනෝබෝ (Bonobo) තමයි ළඟම නෑයා කියලා. එහෙම කිව්වා කියලා දෙයක් පිලිගන්න නරකයි ඒ දේ ඇත්තද නැත්තද කියලා අපි හොයලා බලන්න ඕන. ඒ නිසා තමයි මාතලන් තීරණය කළේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න. ඉතා වෙහෙස මහන්සියෙන්, මුළු ළෝකය පුරා සැරි සරලා, එස් බී මාමාගෙන් පර්යේෂණ දීමණාවකුත් ලබාගෙන, දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද පර්යේෂනයේ ප්‍රථිපල මම සොයාගෙන ටික කලක්. නමුත් ඔබත් එය දැන ගැනිම හොඳයි කියලා හිතුනා.
පුළුවන්නම් කියන්න බලන්න මිනිසාගේ ළඟම නෑයා කව්ද කියලා....?
බොනෝබෝ (Bonobo)
නෑ... වැරදියි
එහෙනම් චිම්පන්සියා
හූ....... වැරදියි...
හරි හරි ගෝරිල්ලා
මේ තියෙන්නේ...
එහෙනම් කවුද අනේ කියන්නකෝ ජරා වැඩ නොකර
මේ ඉන්නේ පොර
මොනවා මදුරුවා..!....?
ඔව්.. පුදුම වෙන්න දෙයක් නෑ. මම කළ පර්යේෂණ වලදි සොයා ගත්ත දෙයක් තමා මිනිසාගේ රුධිරයට සමාන රුධිරය තිබෙන සත්වයා මදුරුවා බව. මේ පර්යේෂණයේ අතුරු ථල වශයෙන් මැක්කාගෙත් මිනිස් රුධිරය මෙන්ම බලු රුධිරයද අඩංගු බවත්. එම නිසා මිනිසාට බලු ගති ඇති බවත් සොයාගනු ලැබුවා. මේ වාර්ථාව සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කිරීමෙන් පසු ළෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා තහවුරු කළා. ඒ අනුව තම ඥාතින් BTI බැක්ටීරීයාව යොදා සමූළ ඝාතනයට ගෙන තිබු පියවර වහාම අහෝසි කරණු ලැබුවා.
ඔබත් තම ලේ ඥාතියකු ඝාතනය කොට ආනන්තරීය පාප කර්මයකට හවුල් වීමෙන් වලකින්න.
සියළු මදුරුවෝ, ලේ බොත්වා, සුවපත් වෙත්වා, ජීවත් වෙත්වා....!!!
ප: ලි:
දැන් තේරෙනවනේ, මෛත්තිරිපාල මහත්තයා ඩෙංගු මරන්නේ නැතුව රනිල් මරාගෙන කන එකේ හේතුව. නැතුව ඔය එකා එකා කියනවා වගේ කොමිස් නැති වෙන නිසා, මදුරු නාෂක සමාගම් වලින් ජරාව ලැබෙන නිසා නෙමෙයි.
කොයින්ද බං මේ පිංතූර හොයා ගන්නේ? :D
ReplyDeleteවෙන කොහෙන්ද බන් ජාලෙන්ම තමයි
Deleteලොල් ඈ .......... :D :D :D :D :D සිරාවටම මැක්ස පින්තූර ටික
Deleteමිනිසාගේ ළඟම නෑයා = හිවලා!
ReplyDeleteවැරදියි.. මාගේ පර්යේෂනය අනුවනම් ඒ මිනිසා නොවේ. දකුණු ආසීයානු රටවල ගෝත්‍රික ජනතාව.
Deleteඇත්ත නේන්නං :)
ReplyDeleteහික් හික් හූ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ළෝක සෞඛ්‍ය සංවිධානයට අම්තරව ඔය රජෙකුත් අනුමත කොරලා තියෙන්නේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමළ රෙද්දයි!! එහෙනම් මදුරු නාශක භාවිතය මට අත්හරින්ට වෙයි. දැන් දැන දැනම නෑයෝ මරණ ඒක හරි නෑ නොවැ.. :)
Deleteනිකන් පවක් නොවෙයිනේ...
Deleteඈහ්... නෑය නෙවෙයි වේය උණත් කමක් නෑ. මගෙ ලේ බොන්න ආවොත් රජ කාලෙ දඩුවම් දෙනවා. :)
ReplyDeleteපව් කාරයෝ කොයි සමාජයෙත් ඉන්නවා. මෙතරම් කරුණු දැනගෙනත්. අනේ මන්දා...
Deleteමං නම් ඕක කාලාන්තරයක් තිස්සේ ඉදන් දන්න නිසා මදුරුවෝ මරන්නේ නෑ ;)
ReplyDeleteකොයි කාළේ වගේද ඔහේ ඒ පර්යේෂණය කොලේ...
Deleteදැන් අවුරුදු 6 ක විතර ඉදන් ඇත්තට මදුරුවෝ මරන්නේ නෑ මං :)
Deleteහොක් හොක් හොක්.
ReplyDeleteමදුරුවෝ මරණ උන් දේශද්‍රෝහීන් ය.
මදුරුවෝ මැරීමෙන් වළකිමු!!
ළඟදීම නීතියකුත් සම්මත කොරන්නයි යන්නේ.
Deleteහරි. මයිත් රී පාල මහත්තයත් මදුරුවො මරන්න අකමැතිඑකේ මම හිතුව මේ වගේ කේස් 1ක් තමයි කියල.
ReplyDeleteරනිල් නං උල තියන්න ඕන 94 පාවාදීමට.
එතකොට ගාමිණීලා බබාලා. එයාලා තමයි ඌ ඇන් පී එක නැති කලේ. පොඩි එකාට තැන දෙන්න බැරුව.
Deleteමගේ හාස්‍ය තේරුනේ නැද්ද මංද! :)
Deleteකවුද බන් දන්නේ. මම උන්නේ සිරා කියලා. පොඩි ස්මයි කෑල්ලක් වත් දාන්න එපාය. සමාවෙන්න ඕන හිත රිදුනනම්.
Deleteඅපිත් මේ බලං හිටියේ BTI කොයි වෙලේද එන්නේ කියල.
ReplyDeleteඑහෙනං මේ මාතලන් ගොයියා තමා උදැල්ල දාල තියෙන්නේ.
ඒත් මං හිතන්නේ ඔය නෑ කම පිළිගන්නේ ලංකාවේ විතරයිද කොහෙද! මොකද අනෙක් රටවල අපේ වගේ මදුරු අභිජනන ස්ථාන පවත්වන් යන්නේ නැහැනේ.
මෙහේ කරන්නේ ව්‍යාපාරවලට අත් දීමක්නේ. වරදවා වටහා ගන්න එපා... :)
Deleteහරි එහෙනම් මේ ඒකයි සිරිසේන උන්නැහේ රනිල් ගොයියව මරාගෙන කන්න හදන්නේ.... මම හිතුවේ ගොවියන්ගේ ප්‍රශ්න අමතක කරව්න්න කරන් ප්‍රෝඩාවක් කියලයි...
ReplyDeleteඅනේ නෑ එහෙම කලොත් එයාටම නේ පාඩූ. මල්ලිගේ මාෆීයාවට හාල් ගේන්නේ පිට රටින්ය. එයාට අවංකව දුකයි. ඒත් වැස්සට ගානක් වත් නෑ අනේ...
Deleteපරීක්ෂණේ අලුත් මගක ගිහිල්ලා වගේ... සිරිසේන ගොයියා මේ දිනවල දකින්නෙ අගමැති සිහිනයක් මිස මදුරු මර්ධන ව්‍යාපාරයක් නෙමෙයි...
ReplyDeleteඑයාට දෙයි ලබන ආත්මේ. ජී ඇල්ට් ලැබෙන බවයි ආරන්චිය...
Deleteනෑයෝ හින්දා නේන්නම් ඔය සමහර අය රොත්ත පිටින් මදුරුවෝ ඇති කරන්නේ
ReplyDeleteගුණ යහපත් මිනිස්සු. කලින් උන් අල්ලලා නඩු දැම්මනේ. ඒ නඩු ඔක්කෝම ඉල්ලලා අස් කර ගත්තා.
Deleteනැහ්..........!!!!
ReplyDeleteඑහෙනම් චාල්ස් ඩාවිනුත් අපිට බොරු කිවුවා ඇහ්...
එතකොට අහවල් දේකට මරන් කනවැයි. ඒකත් අර හලාවත පූජාවට පූසාරිට යැවුවනම් හරි නෙව.
ඔහේ මගුලක් කතා කොරනවා අපේ උන් හරක් මස් කන්නේ නැත්තෙත් නෑයන්ගේ මස් කන්න හොඳ නැතෙයි කියලා. එහෙව් එකේ මේ පර්යේෂණයකින් ඔප්පු වූ පසුවත්. පාපා කාරී සිතිවිලි...
Deleteමේ.... සමාවෙන්න, මම දන්න විදියට නම් පංච ආනන්තරීය පාපකර්ම වෙන්නේ
ReplyDelete1.මව මැරීම
2.පියා මැරීම
3.බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම
4.රහතුන් මැරීම
5.සංඝභේදය
යන පහ.
3 සහ 4 අද කාළයට වලංගු නැති නිසා. මදුරුවන් මැරීම හා ආන්ඩුව පැරදවීම යන පව් ඒවාට ඇතුලත් කරලා තියෙන්නේ. දැන් තේරුණයි....
Deleteදැන් පැහැදිලියි :-)
Delete//මදුරුවන් මැරීම හා ආන්ඩුව පැරදවීම යන පව් ඒවාට ඇතුලත් කරලා තියෙන්නේ//
Delete+++++++++++++++++++++++++++++
හරියට හරි..නෑයෙක් තමයි..කන වටේ කූං කූං ගාලා තියන දසවද සේරම දීලා අන්තිමට ලේ ටිකත් බීලා යන්න පුලුවන් වෙන කාටද ?
ReplyDeleteඅන්න බලන්න මගේ පර්යේෂණයෙනුත් ඔය කරුණු ඔප්පු උනා....
Deleteකලින් කියන්ඩෙපෑ බං. මං මේ දැං එක නෑදෑයෙක්ව චටාස් ගාලා ගහලා මැරුවා. අනිකාව පයිං ඇනලා මැරුවා.
ReplyDeleteඋඹ කියන එක ඇත්ත වෙන්න ඕනෙ. නෑදෑයො ලේ උරා බොනවා තමයි!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
සත පහක වැඩක් නැති මැස්සෝ මරණ කතන්දර පරිවර්ථන කරණ වෙලාවේ, මම වගේ මේ ආකාරයේ වැදගත් පර්යේෂණ වල නියලුනා නම් ඔය වගේ වැරදි වෙන්නේ නෑනේ...
Delete:D :D :D
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මදුරුවා අපේ ලේ බොද්දි උගේ අන්ගේ අපේ ලේ නැතුව උගේ ලේ තියේවිද අයියෝ......
ReplyDeleteඅර ගෝරිල්ල නම් අම්මප... ඌ දන්නවද දන්නේ නෑ ඒකෙ තේරුම..
අනිවා... උන් දන්නවා. අපි ඕවා උන්ගෙන් පුරුදු වෙච්ච ඒවා...
Deleteමළ මඟුලයි, මම මේ බයෙන් බයෙන් ඔළුව දැම්මෙ. හොඳ වෙලාවට දැන් DDT නෑ. :)
ReplyDeleteමදුරුවන්ගේ මාරයා... මෙන්නෝ මිනී මරණවෝ... දුවපියෝ....
Deleteනොබෙල් තෑග්ගක්වත් හම්බවෙයිද :D
ReplyDeleteමට ඇඬෙනව ඕයි.. මේවා ඉතින් විශ්ව සම්භාවනාවට පාත්‍ර වෙන්නේ නෑනේ...
Deleteනියමම පෝස්ට් එකක්!
ReplyDeleteඔබට ජය!
මොහෝම ස්තූතියි හිරු.....
Deleteනෑයෙක්ම වෙන්න ඕන..ඒකනෙ කූන් ගාගෙන ලඟින් ගියත් 'පටාස්' ගාලා දෙන්නෙ පාර. මැරුණේ නැතත් කමක්නෑ සද්දෙ ආවනම් හරි :-)
ReplyDeleteනෑයෝ, වේයෝ සහ මදුරුවෝ....
Deleteඉදා මම මගෙ මදුරු දැල ඇතුලේ ඉන්න මදුරුවො වහාම නිදහස් කරනවා.
ReplyDeleteඒ කියන්නෙ උඹ කලින් දැනගෙන ඉඳලා තියෙනවා. ඒකනේ දැල ඇතුලේ දාගෙන ඉන්නේ. උඹට බොහොම පින්... සාධූ////
Deleteඇත්තටම! ඒ උනාට දැන් මදුරුවන්ගේ ඇඟෙ ලේ තියෙන්න බෑ තියෙන්න පුලුවන් වතුර
ReplyDeleteමොන පිස්සුද.. එහෙම ඇඟෙන් බහින රෝගයක් නෑ කියලා ඔය ආයේ පාරක් ඔප්පු කොල්ලා තියෙන්නේ.. උඹලට අපිට පිස්සු...
Deleteඒකනේ ඇඟේම තියෙන්නෙ වතුර කියුවේ
Deleteඑක එක මිනිස්සුන්ගේ ලඟම නෑයා වෙනස්. මට නම් එහෙමයි හිතෙන්නේ. :D
ReplyDeleteඇත්තක් නැත්තෙමත් නෑ.. පොඩ්ඩිත් පර්යේෂණ වල යෙදෙනවා වගේ...
Deleteඅපි මදුරුවන්ට පුරුදු කරමු මල් පැනි බොන්න - මල් පැණි බී බඹරු වගේ සැපට නිදන්න....
ReplyDeleteක්කගෙහරි සින්දුවකුත් තියෙනවා නේද ඔය වගේ.. දීපාල් සිල්වගෙද...?
Deleteයකෝ මයිත්තිරීපාල මාමා මයිත්තිරී කරගෙන ඉන්න විදිහට ඉන්න දියන් . . ඒ මනුස්ස්පයට මදුරුවෝ මරලා පව් පුරෝගන්ට බල කොරන්න නාකයි . .
ReplyDeleteපිස්සුද මචං දැන් ඉතින් කොහොමත් මරන්න බෑනේ..
Deleteහිකිස්......මරු ඒකත්..
ReplyDeleteමොකක්ද පර්යේෂණයද...?
Deleteeka aththa. Minissuth wediyen karanne anunge le bona ekane.
ReplyDeleteමාතලන් බොරු කියනවා අඩුයි...
Delete