.

.

Oct 14, 2012

ප්‍රවීනයන් විසින් අමරණීයයෝ ඝාතනය කරන ලදි - Legends killed by seniors


නව පරපුර ටැලන්ට් නැද්ද කියලා මම ලිපියක් ලිව්වා බොහෝ කාළේකට පෙර. (ඕනම නම් මෙතනින් බලන්න) ඒක හොඳට හිට් උනා. එහෙම වෙන්න හේතුව අපි කවුරුත් සංගීතයට, ගීතයට ඇති කැමත්ත. මේ ගැන ආයෙත් කතාකරන්න හිතුනේ දෙරණ රූපවාහිනි නාලිකාවට වසර හතක් පිරීම නිමිත්තෙන්, අමරණීය ගායකයන් හත් දෙනෙකුගේ ගීත පැය විසි හතරක් පුරා සජීවීව ඉදිරිපත් කිරීම. පැය විසි හතරක් කිව්වට පැය දොලහකටත් වැඩි ප්‍රමාණයක්, නිවේදක නිවේදිකාවන්ගේ බයිල වලටයි, ප්‍රවීනයන්ගේ බයිලා වලටයි, නරඹන්න ආපු සක්කර වට්ටම්වලටයි ප්‍රවීනයන්ටයි ඇඩ් වලට ගියාම ගීත් ප්‍රචාරය උනේ කෙතරම් වෙලාවක්ද කියන එක දන්නේ දෙරණේ අයම තමයි.

කෙසේ උනත් රූපවාහිනි නාලිකාවක් විදියට ඒ කරපු මෙහෙය අගේ කරන්න ඕන. දෙරණේ පොඩි උන් විකුණගෙන කන, කාළකන්ණි වැඩසටහන් තිබුනත්. අපේ ප්‍රසංගික කලාවට, සංගීතයට, සිනමාවට කුමක් හෝ මෙහෙයක් කරන්න දඟලන නාලිකාවක්. විශේෂයෙන් තරුණ පරපුරට අත හිත දෙන නාලිකාවක්. මෙතනදි උනේ එච් ආර් ජෝතිපාල, මොහිදීන් බෙග්, ක්ලැරන්ස් විජේවර්ධන, සී ටී ප්‍රනාන්දු, එම් එස් ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවආරච්චි සහ ජේ ඒ මිල්ටන් පෙරේරා කියන අමරණීය ගායකයන්ගේ ගීත ප්‍රවීනයන් හා නව පරපුරේ ගායකයින් විසින් ගායනා කිරීමයි.

සංගීතය සපයපු සෑම කණ්ඩායමක්ම වගේ සැපයූ සංගීතය ඉතා උසස් මට්ටමක තිබුනා. ඇත්තටම කියන්න කිසිම අඩු පාඩුවක් තිබුනෙම නැති තරම්, ඒ වගේම කන්ඩායම් ගායකයන් ඉදිරිපත් කල ගීත අමරණීයයන්ට සාධාරනයක් ඉටු කළා. ඒ වගෙම තමයි නව පරපුර. අපි අහලවත් දැකලවත් නැති ගායක ගායිකාවෝ, ඒ ගීත ඔරිජිනල් තත්වයෙන්ම ගායනා කළා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන, බටහිර ආරට ගීත ගායනා කරන අය ඉදිරියෙන්ම සිටියා. ඒ කියන්නේ මේ අයට වෙලා තියෙන්නේ සාර්ථක ගේය පද රචකයන් හිඟ කමක් මිසක්, වෙන දෙයක් නෙමෙයි. විශේෂයෙන් භාතිය සන්තුස්ලගේ නව නිර්මාණ කිසිම රහක් නෑ.

ඔවුන් වෙනසක් කරන්න දඟලපු කාලයක් තිබුනත්, මුදල් හමුවේ ඔවුන්ගේ නිර්මාණ ගත යුතු දෙයක් නැති තරමටම් ඝෝෂාකාරි අමිහිරි ගීත බවට පත්වෙලා. විස්සයි විස්සේ හොඳම උදාහරණයක්. ඒ වගෙම තමයි අලුතින් කළ නිර්මාණ සියල්ලම වගේ. ඒත් අපි බය වෙන්න ඕන නෑ. නැවතත් හොඳ සංගීතයක් අහන්න පුළුවන් වෙන ගතියක් එනවා. රූකාන්තගෙත් ටැලන්ට් එක ඉවරයි වගේ. එයාගෙත් අලුත් ගීත බොක්කට වදින්නේ නෑ. ඒත් නදීක ගුරුගේ, උරේෂා රවිහාරි, රුවන් හෙට්ටිආරච්චි, ඔමාරියා, චින්ති, සෙන්ටිග්‍රේට්, වොයිස් ප්‍රින්ට්, රයිනි සහ තවත් බොහෝ අය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ අළුත් ගායක ගායිකාවන් තෝරන්න එන ප්‍රවීනයෝ හැම තිස්සෙම කිය්න කතාවක් තමයි. එක ආරක ගීත ගායනා කරන්න එපා, හැමෝගෙම ගීත ගායනා කරන්න කියන එක. නමුත් සංගීතය ගැන හරියට දන්න උන් දන්නවා එහෙම කරන්න බෑ කියලා. ගුණදාස කපුගේට ක්ලැරන්ස් වෙන්නත් බෑ, ක්ලැරන්ස්ට කපුගේ වෙන්නත් බෑ. හේතුව දෙදෙනාට තියෙන්නේ හඬ දෙකක්, ස්වර පන්ති දෙකක්, කපුගේ ගීතයක් ගොඩක් වෙලාවට, හොඳට බුලත් කන හාමුදුරුගෙනෙක්ගේ ශාන්ත බනක් අහනවා වගේ. ක්ලැරන්ස් ගේ ගීත වල තියෙන්නේ බටහිරට බර කට හඬක්. ඉතින් නවකයන්ට එහෙම කියනව නම් ප්‍රවීනයොත් ගායනා කරලා පෙන්නන්න ඕන එයාලටත් ඒක කරන්න පුළුවන් කියලා.

නමුත් එහෙම කියන අය මේ ප්‍රසංගයට ඇවිත් මොකද කළේ අර අමරණීය ගායකයෝ බෙල්ලෙන්ම කපලා ඝාතනය කළා. සමහර අය දුම්බර කවි කිව්වා, සමහර අය ජෝතිපාල පැල්කවිත් කියාපු බව අපට කියා දුන්නා, ක්ලැරන්ස් ගේ ශාස්ත්‍රීය ගීත ගායනා කරලා පෙන්නුවා, එම් එස් ගේ බයිලා බක්ති ගීත කලා, මිල්ටන් පෙරේරා සාර්ථකව ඝාතනය කළා (මගේ ප්‍රියතම ගායකයන්ගෙන් කෙනෙක්) සමහර අය එයාලට ගායනා කරන්න බෑ කියලා පිලිගත්තා, සමහර අය ප්‍රැක්ටිස් කරන්න වෙලා මදි උනා කිව්වා. (මේ සින්දු කියන්න ප්‍රැක්ටිස් කරන්න ඕනද අනේ) සමහරු අත පය වෙව්ලලා තව පොඩ්ඩෙන් එතන මැරිලා වැටෙනවා.

ඒ අතරේ ඔරිජිනල් විදියටම ගායනා කල අයත් හිටියා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන සමන්ත පෙරේරා ගයපු ගීත දෙකම අති විශිෂ්ඨයි. ඒ ඇරෙන්න තව අයත් හිටියා. මට කියන්න ඕන කතාව මේකයි. මීට පස්සෙවත් ඔය ආධුනික ගායක ගායිකාවන්ට හැම ආරකම ගීත ගායනා කරන්න බල කරන්න එපා. ඒ විවේචනය නොකඩවා එල්ල කිරීම නිසා කැපී ගිය ටැලන්ට් අනන්තයි. නමුත් ඒවා සත පහකට ගනන් ගත්තේ නැති, ඒ නිසාම කප් එක දුන්නේ නැති, සුරේන්ද්‍ර අද අති සාර්ථකයි. කැපිලා ගියපු ෂෙහාන්, එයා කවුද කියලා අද ඔප්පු කරලා අවසානයි. ඒ නිසා මීට පස්සෙ වත් ඒ ගොන් කතාව කියන්න එපා.

78 comments:

  1. ප්‍රශ්නය තියෙන්නේ නවකයන් කොතරම් දැනුම සොයාගන්නට උනන්දු වෙනවාද යන්නයි. ටිකක් කියුවට හොදටම කියන්න කොතරම් දේ උගෙන ගත යුතුද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම උපතෙන් ගේන ටැලන්ට් එකත් අමතක කරන්න එපා..

      Delete
  2. ඔය කියන වැඩසටහන නම් බැලුවේ නැ , කොහොමටත් ඔය ලිස්ට් එකෙන් ක්ලැරන්ස්ගේ සහ මිල්ටන් මල්ලවාඅරච්චිගේ සින්දු ඇර අනික් අයගේ ඒවට ඒතරම් කැමැත්තක් නෑ . භාතියලා දැන් දැන් මෙලෝ රහක් නැති වේගන එන බවක් තමයි මටත් පෙන්න තියෙන්නේ . හැමෝටම හැම ආරකම ගීත කියන්න බෑ , නමුත් එහෙම පුලුවන් අයත් නැත්තේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. භාතිය සන්තුස් ලටත් ප්‍රවීනයන්ගේ ලෙඩේ බෝවෙලා. පොර රෝගය. ඉන්ටවීව් වල දෙන පොර ටෝක් වලින් ඒක පැහැදිලියි.

      Delete
  3. ශිහාන් මිහිරංග කොහොමටවත් ගායන හැකියාව නිසා මාකට් වෙච්චි ගායකයෙක් නෙවෙයි. ඔහුගේ ෆෑන් ක්ලබ් එක තිබුණෙ ශිහාන්ගෙ ගුඩ් ලුක්ස් වලට ලිංගිකව ආකර්ෂණයෙ වෙච්චි කෙල්ලන් හා කොල්ලන් රංචුවක් අතරේ. (90% ක් විතරේ කෙල්ලෝ, නමුත් කොල්ලොත් හිටියා. ඒ එක්කම සමහර මැදිවියේ පිරිමි ශිහාන්ට තමන් එක්ක විදේශයන්ට යන්න ටිකට් අර ගෙන දීපු අවස්ථා ගැණත් මා දන්නවා.) මේ අය ශිහාන්ගෙ ගායනයක් දුටුවෙ ඔහු තමන් සමඟ ඇඳට නැඟලා කරන වර්චුවල් රමණයක් විදියට. එතනින් එහා දෙයක් නෑ. ඉතින් ශිහාන් ගොනෙක් වගේ ප්‍රසිද්ධියේ බැන්දා විතරයි ෆෑන් ක්ලබ් එකට පොල්ලෙන් ගැහුවා වගේ වැදුණා. දැන් නම් මොකෙක්වත් ශිහාන්ගෙ සින්දු අහන්නේ නැතුව ඇති වයිෆ් ඇර.

    ReplyDelete
    Replies
    1. හරිම පරිස්සමින් මෙතනට කියන්න දෙයක් හිතුනා...

      ඇනෝ කියලා තියෙන ෂිහාන්ගේ ගුඩ් ලුක්ස් වලට ලිංගිකව ආකර්ෂණය වෙච්ච කොල්ලන්ගේ කෙල්ලන්ගේ ෆෑන් කලබ් එකේ කතන්දරේ නම් ඇත්ත කියලා මට හිතෙනවා... ඇත්ත කිව්වොත් ඒ ගොඩේ ඇන්ටිලත් හිටියා... ඒ සීසන් එක යන කාලේ ඊමේල් එකක් ප්‍රීන්ට් කරලා කියවන්න දුන්න වෙලාවේ ( ඒක ඔය ෂිහාන්ට අරයගේ මෙයාගේ උදවු තියෙනවා කියලා තිබුණ එකක්) ඇන්ටිලාගේ ප්‍රතිචාරය ඇසපනාපිටම දැකගන්න මට පුළුවන් උනා හින්දා.... කොල්ලෝ කී දෙනෙක් ඒ හෙයර්කට් එක කපලා පඩියෙන් බාගයකට වඩා කොණ්ඩේ ගාන ජාති වලට වියදම් කළාද කියලා දන්නවනේ...

      හැබැයි මම හොඳ ෂිහාන්ට ටැලන්ට් එකක් තියෙනවා කියලා හිතනවා... විශේෂයෙන් ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමේ හැකියාව... ෂිහාන් ඉදිරියට හොඳ නිර්මාණ ටිකක් කරයි කියලත් හිතනවා.... ඒ කාලේ කරපු මෝඩකම් අතෑරලා....

      ලොකේ ගොඩක් ජනප්‍රීය ගායක ගායිකාවෝ නළු නිළියෝ තමන්ගේ ලිංගිකත්වය, ලුක් එක, ෆැෂන් එක මාකට් කරනවානේ.... ඒකේ වැරැද්දක් කියන්න බෑ... අපේ රටේ රියැලිටි තරඟවල ලැජ්ජ නැතුව බැඳලා කියන එක හංඟන්න හදනවනේ.. හිටිස් අඩුවෙයි කියලා...

      Delete
    2. ජස්ටින් බිබර් ලගේ , සෙලිනා ගෝමස්, ලේඩි ගගා ලගෙ ෆැන් ක්ලබ් වලත් ඔය තත්වය තියනවා .

      Delete
    3. ඕකෙම අනික් පැත්ත තමයි ඔය ගොල්ලන්ට එරෙහිව ඇතිවන ලිංගික ඉරිසියාව. දැන් ශිහාන් මිහිරංගට ජස්ටින් බීබර්ට ඒ වයසෙම කොල්ලෝ කොයිතරම් ඉරිසියයිද?

      Delete
    4. //දැන් නම් මොකෙක්වත් ශිහාන්ගෙ සින්දු අහන්නේ නැතුව ඇති වයිෆ් ඇර.// මමනම් හිතන්නේ නැහැ ඇනෝ එහෙම වෙයි කියලා. මොකෝ ෂාරුක් බැන්දා කියලා උගේ ප්‍රසිද්ධිය නැති උනාද? නැහැනේ! අනික ශිහාන් ටැලෙන්ට් නැති එකෙක් කියලා කියනවානම් ඒක බොරු. ඌ උගේම කලාවක් හදාගත්ත. රුකාන්තගේ සින්දුවෙන් නැගලා ආපු ඌ රුකාන්තගේ සින්දු කිය කියා කිච උනේ නැහැනේ සුරේන්ද්‍ර වගේ. //ෂිහාන්ගේ ගුඩ් ලුක්ස් වලට ලිංගිකව ආකර්ෂණය වෙච්ච කොල්ලන්ගේ කෙල්ලන්ගේ ෆෑන් කලබ්// නිසාම තමයි අපි ඌත් එක්ක තරහා. අම්මපා ඒ කාලේ මටත් ඌව පේන්න බැහැ! අජිත් බණ්ඩාරට බනින්නේ නැත්තේ ඇයි? ඌ ගමේ එකා නිසා. මොකෝ ඌට අරම තැනක් ආවේ නැහැනේ. ආවනම් ඌත් ඔය කතාම අහගන්නවා. හිරු සහ බුවා කියලා තියෙන කතාවත් හරි.

      Delete
    5. ඇනෝගේ අදහසට කිසිසේත්ම එකඟ වෙන්නේ නෑ. සෙක්ෂුවල් ඇපීල් එකක් තිබුනේ ෂෙහාන්ට විතරක් නෙමෙයි. නාමල් උඩුගමටත් තිබුනා. ඒ වගේම විකටර් රත්නායකටත් තුබුනා. ජෝතිටත් තිබුනා. මිල්ටන් පෙරේරටත් තිබුනා, ක්ලැරන්ස්ටත් තිබුනා. අද තවත් අයටත් තියෙනවා. ඒ ගැන දන්නේ නැති අය තමයි ෂෙහාන්ට ඉරිසියා කරන්නේ. ෂෙහාන් ටැලන්ට් කොල්ලෙක්, අනික ගායකයන්ට මාකට් එකක් හදලා දුන්නේ ෂෙහාන්. රූකත් මෙතන යම් කිසි කාර්යයක් කළා. නමුත් මුදලාලිගේ ලාබය අඩු කරලා ඒක නිර්මාණකරුට ලබාගන්න වැඩ කළේ ෂෙහාන්. එහෙම බැලුවම ෂෙහාන් තම සහෝදර කළාකරුවන්ට කරලා තියෙන්නේ. පාර්ලිමන්ට් එකේ ජෝක් දාන. ජනාධිපතිතුමාගේ පස්ස ලෙවකන කළාකරුවන්ට වඩා සේවයක්. එක ක්ෂේශ්ත්‍රයේ අය දන්නවා.

      Delete
  4. ප්‍ර‍වීනයෝ උවත් නවකයෝ වුවත් සජීවීව ඉතා විශිෂ්ඨ ගායනයක් ඉදිරිපත් කල හැකි ගායකයන් / ගායිකාවන් තමා විශිෂ්ඨ ගායකයො / ගායිකාවො විදියට සිරා දකින්නෙ... ලාංකීය ගායන ක්ෂේත්‍රයේ අමරදේවයන්ට පසු මා දකින විශිෂ්ඨම ගායන ශිල්පියා අමරසිරි පීරිස්... ඔහුගේ හඩ පෞරුෂය වගේම සංගීතමය ඥාණයත් එක්ක Notation බලාගෙන අවම පෙර පුහුණුවකින් පසු සාර්ථක ගායනයක් කරන්න ඔහුට ඇති හැකියාව විශිෂ්ඨ මට්ටමේ එකක්... ඔබ කියන පරිදි සමන්ත පෙරේරාත් හොද ගායකයෙක් ... මේ දෙපලටම කේමදාස මාස්ටර්ගේ ඇසුර ලැබීම මෙයට හේතුවක්...

    පොදුවේ ගත්කල ලංකාවෙ ප්‍ර‍බුද්ධ යයි කියාගන්නා ගායකයන් බහුතරය කුහකයි...ඔවුන් විසින් තරුණ සංගීතවේදීන් දැඩි ලෙස විවේචනය කලත් ඔවුන්ට අත දෙන්න... හරි දේ කියාදෙන්න කිසිම දෙයක් ඔවුන් කරන්නෙ නෑ... බනින එක පමණයි කරන්නෙ...සුභාවිත ගිතය ශ්‍රාවකයාට ලංකල මේ ප්‍ර‍බුද්ධ ගායකයන් බහුතරය දැන් වයස්ගත නිසා පෙර ලෙස ගීත ගායනය අපහසුයි... වික්ටර් තමා හොදම උදාහරණය... ඒ නිසා සුභාවිත ගිතයට පෙම් බදින පසු පෙළක අඩුව සංගීත ක්ෂේත්‍රයට තියෙනවා..

    භාතිය සන්තුෂ් යම් වෙනසක් කල බව ඇත්ත... ඒ උනාට ඔවුන්ට සජීවීව ගායනා කරන්න බැරි කම හා බොහෝ විට ලෝක මට්ටමේ ඇතැම් සංගීත නිර්මාණ වලින් හොරාකාපු දේ ඕනෑතරම් තියෙන නිසා ඔවුන්ට වඩා ඉරාජ් ඉදිරියෙන් ඉන්නවා... මොකද ඔහු අනුන්ගෙන් හොරා කා නැති නිසා...නමුත් ඒ සංගීත සංයෝජකයෙකු ලෙස පමණයි.. ඔහුටත් සජීවීව ගායනා කරන්න බෑ...‍තාක්ෂණයේ පිහිටෙන් මේ හැමෝම ගායකයො වෙලා...

    මගේ මිම්මට අනුව තරුණ ගායනවේදීන් අතර ඉතාම හොදින් සජීවීව ගායනා කල හැකි අය අතර කිත්සිරි ජයසේකර, කසුන් කල්හාර, අමල් පෙරේරා , උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා රදවන්න කැමතියි...

    පැය 24 සංගීතෙ අස්සෙ මෙන්න මෙහෙ සිමෙන්ති, කුකුල් මස් මිළ ගණන් අපිට හිතවත් ජොනී ඇමති උඩ යවලා... ඇමතියා දිනේවා !





    ReplyDelete
    Replies
    1. iraj ge godak music track parana sinduwalin gaththa kali ekathukarala hadapuwa.hodin ahanna ethakota therewi

      Delete
    2. සිරෝ ඉරජ්ගේත් කොපි කරපුවානම් තියෙනවා. නමුත් ඌ වැඩ කාරය කියන එක නම් ඇත්ත. මමනම් හිතන්නේ තාක්ෂණයේ පිහිටෙන් හරි උසස් නිර්මාණ කෙරෙන එක තමයි වටින්නේ. මොකෝ ඌ ඇත්තටද බොරුවටද කියන්නේ කියන එකෙන් අපිට වැඩක් නැහැනේ.
      ඕකට මරු කතාවක් කියන්නම්! අපි බයෝ පන්ති ගිය සර් නෝට් එක කියවන්නේ කටපාඩමෙන්. ඉතින් ඌට වරදින වෙලාවලුත් තියෙනවා. කෙමිස්ට්‍රි සර් පොත බලං කියවන්නේ. ඌ ඉතින් අකුරක්වත් එහා මෙහා කරන්නේ නැහැ! ඒත් ඒ කාලේ කොල්ලොන්ට දෙයියා තමයි බයෝ කාරය. ඌ සිරා වැඩ්ඩලු පොත නොබලානේ උගන්නුවේ! ඒත් උගේ මිටරෙන් අපිට වැඩක් නැහැනේ අපිට ඕන නෝට් එක නේ.. ඒ වගේ තමයි සිංදුත්! :D

      Delete
    3. iraj ????? are u serious bro

      Delete
    4. මෙය මගේ පුද්ගලික මතය පමණි...

      Delete
    5. ඉරාජ්ගේ ගීත වලින් සමාජයට පනිවිඩයක් දෙනවා. ෂේප් එකේ ගහන්න ඕන තැනට ගහනවා. එහෙම බැලුවම ඌ යුග මෙහෙවරක් කරනවා කියලයි මම හිතන්නේ.

      Delete
    6. @සිරා: ආණ්ඩුවේ මතය නෙවෙයිද? :)

      ඉරාජ් නම් වැඩකාරයෙක්... මොනව උනත් සිංහල එවුන්ටයි දෙමළ එවුන්ටයි එකට අහන්න පුලුවන් ගීත, නන්දා මාලිනී වැඩිය සාර්ථක නොවූ උත්සහයක් ගත්තට පස්සේ, නිර්මාණය කලේ ඉරාජ්... අනික ඌ සාම්ප්‍රදායික ජන සංගීතය තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ සංගීතයට හානියක් නොකර. හැබැ‍යි මට දිරවන්නේ නැත්තේ ඇක්සන්ට් එකක් නැතුව සින්දු කියන්න පුලුවන් එවුන් නැති එක... ඇත්තටම මුන්ට සිංහල බැරිද නැත්නම් සර්පයෙක් දැක්කහම විතරක් 'බුදු අම්මෝ' ගාල කෑගැහෙන ජාතියක්ද දන්නේ නෑ.

      Delete
  5. මේ ප්‍රවීනයෝ නවකයන්ට හැම ආරකම ගීත ගායනය කරන්න කියන්නෙත් කුහක කමට. සංගීතය හදාරපු ඕනම කෙනෙක් දන්නවා මේක බයිලාවක් කියලා. හැම ආරකම ගීත ගායනය කරන්න ගියොත් වෙන්නේ තියෙන නැචුරල් වොයිස් එකයි වේරියේෂන් එකයි වෙනස් වෙලා කිසිම ගීතයක් ගායනය කරන්න බැරි වෙන එක. ඒක ප්‍රවීණයෝ දන්නවා. ඒ නිසාම තමයි තමන්ට කරන්න බැරි දේ කියන්නේ.

    මම දකින විදිහට භාතිය හා සන්තුෂ් නම් කමර්ෂලයිස් වෙලා නිසා දැන් මෙලෝ රහක් නැති වෙලා. ඒත් තවම බලාපොරොත්තු තියා ගන්න පුළුවන් හඬවල් කීපයක් තියෙනවා.

    රුවන් හෙට්ටිආරච්චි, රොමේෂ් සුගතපාල, ශශිකා, උරේෂා, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප වගේ තවත් කීපදෙනෙක්ම ඉන්නවා.

    මට තියෙන තව ප්‍රශ්ණයක් තමයි සුපර් ස්ටාර් එකෙන් ආපු අමිලට මොකද වුනේ කියලා. මට මතකයි කේමදාස මාස්ටර් කිව්වා අමරසිරි පීරිස්ගේ ලදුනේ ගීතය කිසිම වෙනසක් ආයාසයක් නැතිව ගායනය කරපු එකම ගායකයා අමිල කියලා.

    ReplyDelete
    Replies
    1. අනිලට උනෙත් මම උඩින් ඇනෝට දාපූ උත්තරේ තියෙන එක තමයි. අමිල කියන්නේ මාර වොයිස් එකක්. නමුත් ඌගෙත් ෂෙක්ෂුවල් ඇට්‍රෑක්ෂන් එක වැඩියි. ලස්සන කොල්ලා. අනේ ඉතින් සල්ලි තියෙන බඩුවක් ඌව ඉස්සුවා. අපිට ගායකයෙක් නැති උනා..

      Delete
  6. //අළුත් ගායක ගායිකාවන් තෝරන්න එන ප්‍රවීනයෝ හැම තිස්සෙම කිය්න කතාවක් තමයි. එක ආරක ගීත ගායනා කරන්න එපා, හැමෝගෙම ගීත ගායනා කරන්න කියන එක.//
    …එතකොටනේ කෝකටත් තෛලය වගේ ගායක ගායිකාවො බිහිවෙන්නෙ. අද උවමනා කරලා තියෙන්නෙ (Flexible) ඕන තැනකට හැඩගැහෙන්න පුලුවන් අයනේ. අනික සීඩී එකක් කලත් හැමෝටම හරියන විදියට තියෙන්න එපැයි. නැත්නම් විකුන ගන්න පුලුවන් එකක්යැ.
    … එක වෙලාවකට හිතෙනවා අමරණීයයන් හඬ අමරණීය කොට ඔවුන් මියගිය එක හොඳයි කියලා. නැත්නම් මේ රැල්ලට අහුවෙලා ඒ අයටත් දුක්බර ඉරණමක් අත්වෙන්න තිබුනා.

    ReplyDelete
  7. අර උඩ ලින්කුව වැඩකරන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. දැන් හරි.. තෑන්ක්ස්

      Delete
    2. සාතිශය සංවේගය මචං, මන් මෙතන හෙන බර බර ටික්ක් කෙටුවා ,,මෙන්න කරන්ට් එක කැපුවෙ නැතැයි. දැන් ආයිත් කොටන්න වෙලා නෑ මචං ,,රෑ වෙලා එන්නම්.

      Delete
    3. @ ජෝනා
      උඹ කියන කතාවෙත් ඇත්තක් නැත්තෙත් නෑ..

      @ රතු රජරට
      ඒවා හරියන්නේ නෑ කොමෙන්ට් එක දාපන්..

      Delete
  8. කොහොමත් ඔය වගේ තැන් වලට එන ප්‍රවීනයොත් තමන් කියන්න මොනවද දන්නේ නැහැ... ඔහේ නිකන් අහුලගෙන කොමෙන්ට්ස් දෙනවා ඇරෙන්න. ඔවුන්ගේ හැකියාවන් ගැන විවාදයක් නැහැ. නමුත් තමන් කල පමණින් ඔවුන් දන්නේ නැහැ තව කෙනෙක්ගේ හැකියාවක් විචාරය කරන්නවත්, ඔවුනට නිවැරදි මාර්ගය පෙන්නන්වත්. එහෙම පුළුවන් කීපදෙනෙකුත් ඉන්නවා. නන්දා මාලිනී අවුරුදු ගණනාවක් සංගීතය ඉගැන්නුවට, එයාගේ සිංදු කියන ගෝලයෝ ඇත්තෙම නැති තරම්. ප්‍රේමසිරි කේමදාසගෙන් සංගීතය ඉගෙනගත්තු බොහෙ දෙනෙක් අද සංගීතයෙන් ඉහලට ගිහින් ඉන්නවා. අමරදේව, වික්ටර් කියන්නේ සාම්ප්‍රදායිකව පංති තියලා ඉගැන්නුවේ නැති උනාට, රෝහණ වීරසිංහ, එඩ්වඩ්, ලක්ෂ්මන් විජේසේකර, සුනිල් එදිරිසිංහ වගේ පරම්පරාවක් තම දැනුමෙන් පෝෂණය කරපු අය. අර රාජ් ගෙ "නිළියන්ට ප්‍රශ්නෝත්තර" වගේ, මේවට ඇවිත් ප්‍රවීනයන් දෙන කොමෙන්ට්ස් කලින්ම ප්‍රින්ට් කරලා දෙන්න පුලුවන්... ඒ තරම් ඒකාකාරියි.

    ReplyDelete
  9. නව පරපුරේ ඉන්න අයගෙන් සල්ලි පස්සෙ දුවන්නෙ නැති,ආණ්ඩුවට කඩේ යන්නෙ නැති අති දක්ෂ ගායකයො ගොඩක් සැගවිලා වගේ ඉන්නව. ඒ අයගෙ ගීත අහන වෙනම පිරිසකුත් ඉන්නව.

    …මමනම් ගොඩක් ආශාවෙන් අහන්නෙ කසුන් කල්හාර,ඉන්ද්‍රචාප,නදීක ගුරුගේ වගේ අයගෙ සින්දු.

    …රියලිටි show වලින් ආව අයගෙන් අමිල පෙරේරා සහ ෂිහාන් නියමයි .

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවට කඩේ යන ටැලන්ට් කීයක්ද...? ඇඩ්වඩ්, කරුණාරත්න දිවුල්ගහේ ගෙඩිය බිම, ජැක ඒත් අපි උඹලගේ නිර්මාණවලට තවමත් ආදරෙයි. උඹලට නම් ආදරේ නෑ. ඒ උඹලා අපි ආදරය කළ කලා කරුවා මරපු නිසා.

      Delete
  10. මමනම් කියන්නෙ ගායකයෙක් උනාම තමන්ට ගැලපෙන ක්‍රමයක් තෝරගෙන ඒ ආරෙම ගීත ගායනා කල යුතුයි කියලයි. එතකොට රසිකයන්ටත් පුලුවන් තමන් රස විදින පරාසය අනුව හොඳ රසවින්දනයක් ලබන්න. පිටරටවල නම් එහෙමයි 'රොක්' නම් රොක්' පොප් නම් පොප් ඒ වගේ ගොඩක් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔක්කෝම දේවල් කරන්න හැමෝටම බෑ. එහෙම දක්ෂතාවය තියෙන අය නැතුවමත් නෙමෙයි. ඒ වගේ ටැලන්ට් එකක් තමයි. කිත්සිරි ජයසේකර. ඒත් ඌත් ඉවරයි. රට දාලා කැනඩාවේ පදිංචියට ගියා.

      Delete
  11. භාතියලව ඉස්සර දකිනවා කියන්නේ හඳේ හාවා දකිනවා වගේ.ඒ තරම් දුර්ලභයි/ ඒකට දැන් වෙලඳ දැන්වීම් 10ක් ගියොත් එකක මේ දෙන්නා ඉන්නවා. ඒ තරමට වැටෙන්න තරම් ආර්ථික අහේනියක් මේ අයට තියෙන්න විදියකුත් නෑ.මේ තත්ත්වෙට කොහොම වැටුනද මන්දා

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යේනේ බං ඒකයි!

      Delete
    2. පොර මානසිකත්වය, වෙන මුකුත් නෙමෙයි. උන් දෙන්නා ඇර වෙන කෙනෙක් නෑ කියලා හිතාගෙන ඉන්නේ.. ජාතික රෝගයක්..

      Delete
  12. man nam kirima arthayak nethi sabda rasaya pamanak thiyana sinduth ahanawa. Samahara sindu wala loku arthayak thiyanawa. Eth ahenne kathandarayak kiyanawa wage. Godakma sarala unahama ehemai.
    Eth ithin bara wachana tiyana sindu ahala therumganna beruwa latha wena welawaluth tiyanawa.

    Dan nam hoda sindu liyawenawa adui kiyalai mata hithenne.

    Sinduwata thanuwak daanawa misak thanuwakata sinduwak liyanawata man nam kemathi ne. Ethakota rachakaya hira karala wage.

    Man Sangeethaya gena danumak nethuwa kiwwa deyak nisa wediya hithanna epa.

    ReplyDelete
  13. ජෝතිට උපහාර. අතට සල්ලි.

    ReplyDelete
    Replies
    1. ජෝතී විතරක් නෙමෙයි බන් හත් දෙනෙක්ව මැරුවා හරක් මරණවා වගේ. පොඩි උන් නැත්නම්. උන් ටික කනත්ත පෙරලනවා...

      Delete
  14. මමත් ඔය වැඩසටහන නම් බැලුවෙ නෑ. ලෝකෙ වෙනස් වෙන කොට ඉතිං හැමදේම වෙනස් වෙනව, යකාගෙ හැටියටයි විමානෙ කිව්වැහෙ අහන එවුනුත් ඉන්න නිසානේ කොයි එකත් එක එක විදියට අළුත් අළුත් සිංදු කියන්නෙ. පැරණි අය ඒවට අකමැති නම් මැසිවිලි කිය කිය ඉන්නැතුව එක්කො අළුත් නිර්මාණ කරන්න ඕන, එහෙම කිරීමේ යම් යම් අපහසුකම් දැන් වයසත් එක්ක තිබෙනව නම් තමන්ගෙ අඩිපාරෙ යන අළුත් පරපුරේ කීපදෙනෙක්වත් බිහිකරන්න වැඩපිළිවෙලක්වත් තියෙන්න ඕන. එතකොට ඉතිං මිනිස්සු තමන් කැමති දෙයක් තෝරගෙන අහයි. මටත් දැන් තියෙන සමහර සිංදුවල තියෙන කඨෝර ශබ්ද වෙලාවකට අහන් ඉන්න පුළුවන් උනාට සමහර වෙලාවට ඉසේ රදේ. මමත් ටිකක් පරණ සිංදු අහන්න නම් අහන්න ආසයි, ඔතන ලිස්ට් එකේ නැති ෂෙල්ටන් පෙරේරා මහත්මයගෙ ගීත කීපයකුත් මම හුඟක්ම කැමති ගීත අතරෙ තියෙනව.

    ReplyDelete
    Replies
    1. අපොයි තව කොච්චරක් කියලද. පොතක් ලියන්න පුළුවන්...

      Delete
  15. අපි නම් බලන්නේ නෑ මෙයා...ඒ කීවේ මෙහේ පෙන්නන්නෙත් නෑ...බලන්ට ආසාවකුත් නෑ.:D

    ReplyDelete
    Replies
    1. ඔන්න දෙරණේ කස්ටිය මේ දවස්වල් ඔහේ ඇවිත් ඉන්නේ. මෙල්බර්න් වලත් ෂෝ එකක් තියනවා..

      Delete
  16. හෙහ් හෙහ් ඔන්න මාතලන් 24 සිංදු අහන අතරේ කුකුල්මස් වලටයි සිමෙන්ති වලටයි ජොනියා කෙලලා.

    ReplyDelete
    Replies
    1. රටේ බෞද්ධ ජනයා මස් කෑම අඩුකිරීම සඳහා කුකුල් මස් මිල රුපියල් 1000 කින් වැඩි කල යුතුයි.
      (සුරියප්පෙරුම)

      සිමෙන්ති වැඩි කලේ නාස්ති කරන එක අඩු කරන්න හොඳේ.

      Delete
    2. පොඩ්ඩක් හිටහන් ඉන්ධන වලටයි ගෑස් වලටත් දෙනකන්. අර මිනිස්සුන්ගේ මාස තුනක එරියස් ගෙවන්නත් එපයි..

      Delete
  17. බොහොම හරි මලයා මසුරං කියමනක්

    ReplyDelete
  18. වැඩසටහන නම් මම බැලුවෙත් නැහැ. ඒත් ඕක ඉස්සර ඉඳං ආපු කේස් එකක්. මට මතක විදිහට සුපර්ස්ටාර් 2 එකේ සංක දිනෙත් සුපිරි සින්දුවක් කිව්වා කල්හාරගේ (ආදර මල්) එදා ඌට පට්ට කොමෙන්ට්! ඒත් ඊට පස්සේ සෙට් උන එක ස්ටයිල් එකක්වත් ඌට හරි යන ඒවා නෙමෙයි. මමත් කියන්නේ තරු වලට උන්ගේම අනන්‍යතාවයක් හදාගන්න ඉඩ දෙන්න ඕන.

    ඒත් දැන්නම් තරු වැඩක් නැහැ අප්පා. රත්තරං උනත් වැඩි උනොත් වැඩක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. දෙරණේ කරන්නේ අසාධාරණයක්. පොඩි උන්ට විතරක් චාන්ස් එක දීලා. බොහෝ වෙලාවට උන්ගේ වොයිස් තාම ඩිවලපි වෙලා නෑ. පුක ඉරාගෙන කියන උන්ගේ එන්නේ. පොඩි උන්ගේ වොයිස්...

      Delete
  19. ප්‍රවීණයෝ පොඩි අයට ලොකු ටෝක් දෙන්න යද්දී ඔය වගේ වැඩ වෙනවා.ප්‍රවීණයෝ බයයි නවකයන්ට.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.... ගූ බයයි...

      Delete
  20. හ්ම්.......... ඔය කියන වැඩසටහන මාත් එහෙන් මෙහෙන් බැලුවාආ......

    ReplyDelete
  21. මමත් බැලුවා.මිල්ටන්ලා දෙන්නගෙම එකම සින්දුව හතර පස් වතාවක් ඇහුවා.ප්‍රවීනයි කියල කියාගන්න සමහරක් නාගත්තේ ලිං හාරාගෙන.එත මට තියන දුක ක්ලැරන්ස් ගේ එකම සින්දුවක් වත් අහන්න ලැබුනේ නැති එක.

    අනිත් දේ තමයි කවුරු නෑ කිව්වත් ශිහාන් හොරෙක්.

    ReplyDelete
    Replies
    1. ෂෙහාන් ගැන මම උඩින් ලිව්වා. කොල්ලන්ට ඉරිසියා කරන්න එපා බන්... මොකාද හොරකම් නොකරන්නේ. ඔක්කෝම එකයි එහෙම බැලුවොත්. ඒත් මම දන්න තරමින් ඌ එහෙම දෙයක් කරලා නෑ..

      Delete
  22. හ්ම්ම්..දක්ෂකම තියනවනම් කොහෙත් ඉදිරියට..එච්චර තමා කියන්න වෙන්නේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. වාසනා මහිමය තියෙන්නත් ඕන...

      Delete
  23. අද ලංකාවේ ගායකයන්ට සිංදු කියන්න ඕන එහෙමයි මෙහෙමයි කියලා දෙන ප්‍රවීනයන් ඉන්නවා!!!!!!!!!!

    තව ටික දවසක් යද්දී රටේ හැමෝටම බත් අනලා කවන්නත් වෙයි ද?!!!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි එයාලගේ බලා පොරොත්තුව. හැන්දෙන් ගෑරෑප්පුවෙන් කන්න යනවට එයාලා කැමති නෑ. අනලා දෙන පිලුනූ කෑම කකුල් දෙක අල්ලලා බිම දිගා වෙලා වැඳලා කන්න ඕන.

      Delete
  24. මාතෘකාව ගැන: “ප්‍රවීනයෝ විසින් අමරණීයයෝ ඝාතනය කරන ලදි“ කියන එකේ ව්‍යාකරණ වැරදියි. ‘ප්‍රවීනයන් විසින්‘ කියලා නිවැරදි වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කළා බොහෝම පින් ඇනෝ...

      Delete
  25. චන්ද්‍රිකා සිරිවර්ධන අච්චර ආදරේ කළ සපෝට් කළ දොස්තර පුතා දිනලා අස්ථාන ගත වෙද්දි සුරේන්ද්‍ර හොද පාඩමක් පෙන්නුවා. ඌ තැනක ඉන්නවා. ෂෙහාන් එහෙම ගොඩ. දක්ෂයි. තැනක ඉන්නවා. සිරසේ ගොඩක් වුන් සාර්ථක වුනා. දින්න අයට වඩා මගින් කැපුන අය.

    දෙරනේ ආපු උන්ට තැනක් ලැබෙන්නේ නැද්ද? දෙන්නේ නැද්ද? ගැටළුවක්.

    මම දාපු පෝස්ටුවෙන් මම ඉලිප්පුවා දැන් ගායකයෝ ඕනවටත් වැඩිය. ඒත් දැන් අපිට රචකයෝ අවශ්‍යයි. උන් හිගයි.

    මම උබව මේක ලියන්න කුලප්පු කෙරෙව්වද මාතලන් ?

    ජය !

    ReplyDelete
    Replies
    1. මට සමාවෙයන් සෑම්. සහතික ඇත්ත. මම හිතුවේ ඒ ගැන ලියුවා කියලා. ඒත් අමතක වෙලා.

      Delete
  26. මාතලන් ඔයාගේ බංගලාවේ සෙක්සී කෑල්ලට හංදියේ අයියා කී කයිය රැප් සින්දුවක් ගහන්න නියමයි.
    මාතලන් සංගීතය තරම් සිත් නිවාලන දෙයක් තව කොයින්ද නිව්යෝර්ක් අපු මුල් කාලේ තනිකම යන්න සින්දු කියන එක මාත් කළා මාත් අනුන්ගේ සින්දුවක් විනෝදෙට කියල යු ටියුබ් දැම්මා. දැන්නම් සංගීත වැඩ නැවතිලා උබල බ්ලොග් පිස්සුව හැදුවනේ. මේ තියෙන්නේ මං කියන අනුන්ගේ ගීතය. http://www.youtube.com/watch?v=DHRpckCSx_o

    ReplyDelete
    Replies
    1. උඹ මාර ටැලන්ට් එකක් පුතා.. මම ආසයි උඹ මේක රෙගේ ස්ටයිල් එකට රැප් මික්ස් කරලා ගායනා කරනවනම්.. අනේ එහෙම ගායනා කරලා මටත් ලින්ක් එක දාපන් බලන්න. කවුද බන් ආස නැත්තේ එහෙම දේකට. මගේ බොගෙන්ම පොස්ට් එකක් හැටියට දාලා ෆුල් සප් එකක් දෙන්නම්.. ඉක්මනටම කරපන්..

      Delete
  27. මෙතන ෂිහාන් ඇතුලු නව පරපුර ගීත හොරු කියලා කමෙන්ට් කරලා තියෙන අයට කියන්න තියෙන්නේ අහන්න බටහිර ගීත කියලා. මොන තරම් කවරින් වර්ෂන්ස් එනවද. සමහර විට කවරින් එක මුල් එකට වඩා ලස්සනයි.

    Alone - Celine Dion
    You Raised Me up - Westlife
    Falling in love - UB40

    උදාහරණ කීපයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මේවගේ දෙවල් වලින් පෙන්වන්නේ අපේ ලිං මැඩි මානසිකත්වය

      Delete
  28. Hey Uditha, You are talented mate. wow. All the best.

    ReplyDelete
  29. මේ දවස්වල පට්ට කාර්යබහුල නිසා කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ... මේ වැඩ සටහන මම අතරින් පතර බැලුවා.. ලක්ශ්මන් විජේසේකර කියපු සින්දු 2 විතරයි මගෙ හිතට ඇල්ලුවේ.. එතනදි මම දැකපු දේ තමයි ප්‍රවීනයෝ වේදිකාවට ගොඩ වැදුනේ පොරත්වයෙන්.. මේ සින්දු අපිට මොනාද වගේ අදහසකින්.. නිසි සූදානමක් හා පුහුණුවක් නැතුව කනට ඇහුන විදිහට සින්දු කියලා.. කොටින්ම සංගීත අධ්‍යාපන ඇධ්‍යක්ශ කෙනෙක් වෙච්ච බන්දුල විජේවීර පවා...

    නමුත් සෙනසුරාදා හවස තිබ්බ ඩ්‍රීම්ස්ටාර් එකේ හිටපු නවකයෝ ටික සින්දු ටික එලකිරියට තිබ්බ කියලා බලපු අය දකින්න ඇති.. ක්ලැරන්ස්ගෙ සින්දුවකුයි මිල්ටන් ගෙ සින්දුවකුයි කිව්ව කොල්ලො දෙන්නෙක්.. මට මතක නෑ නම්.. ඒවා ප්‍රවීනයන්ගේ මට්ටමටත් ගොඩාක් එහායින් තිබ්බ වගේ...

    පරන් තරු සංකල්පෙන් බිහිවෙච්ච උන් ගැන කියනවානම් සුරේන්ඩ්‍ර පොරක් නෙවෙයි.. ඒත් ශිහාන් පොරක්.. ඔක්කොටම වඩා කෙශාන් ශසීන්ද්‍ර සහ උපෙඛ්හා නිර්මානි දෙන්න තමයි මම හිතන්නෙ දවසකම ඉස්සරහින්ම නත වෙන්නෙ.. බලාගෙන ඉමු ඉතින්.. වෙන මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. හප්පේ දැක්ක කල්.. බන්දුල විජේවීර පැල් කවි කියාපු වෙලේ ඉඔඳන් හාමිනෙගෙන් බේරිල්ලක් නෑ මොනවා හරි ලියන්නම කියලා.. සුරේන්ද්‍ර මට නම් පොරක්.. අනිත් දෙන්න දෙරණට සීමා කරලා. ඒක හරි අසාධාරනයි..

      Delete
  30. සෑහෙන්න පරක්කුවෙලා !!! කියන්න තියෙන සේරම දේවල් උඩින් කොමෙන්ට් විදිහට වැටිලනේ ...... අයියෝ මං පව්

    ReplyDelete
    Replies
    1. අපායට ගියත් කලින් යන්න ඕනා...

      Delete
  31. ශිහාන්ගේ ටැලන්ට් එකක් තියෙනවා ඒකෙන් ඉස්සරහට ඇවිල්ල ඌ තමන්ගේ පාර හදාගෙන තියෙන්නේ හැම නිර්මනයක්ම සාර්ථක නොවුනත් පොදුවේ ගත්තහම ඌ ගොඩ ,ඉරාජ් නිර්මාණ හොරෙක් බව ඇත්ත නමුත් ප්‍රබුද්දයි කියාගන්න සමහරුන්ට වඩා උගේ ගීතවලින් සමාජයට වැඩක් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඉරාජ්ට මාර ප්ලේස් එකක් තියෙනවා දෙමළ ෂෝ වල....

      Delete
  32. ශිහාන් හිටිය මුල් සුපර් ස්ටාර් එකේ මුල් අවධියේ සිට අවසාන අවධිය දක්වාම මට තිබුනේ ඔහු ගැන පැහැදීමක් නොවේ. මතකද කතා කරද්දී ඇඹරුණ හැටි එහෙම. මම ආස කලේ සින්දු ඒ විදියටම අහන්න. මලිත් කිව්වා වගේ. ශිහාන් සින්දු කිව්වේ එයාට කැමති ස්ටයිල් එකට. හැබැයි ඒක එයාගේ හැකියාව. දැන් බලද්දී තේරෙනවා ශිහාන් කියන්නේ කවුරුන්ද කියලා. ශිහන්ගේ කටහඩ ගැඹුරු නැහැ. පුළුල්ව විහිදිය හැකි ගායන පරාසයක් නැහැ. ඒත් ඒ සීමිත හැකියාව උපරිම විදියට කළමනාකරණය කරලා සින්දු කියනවා. මාරයි. එහෙම කෙනෙක් මගේ මතකයට එන්නේ නැහැ. කසුන් කල්හාර මගේ වීරයෙක්. ඒ තත්වය මට ශිහාන්ට දෙන්න බැහැ. කසුන්ල තව නැහැ. දවසක් ටීවී වැඩසටහනකදී අතුල අධිකාරි කිව්වා ගායක ගායිකාවන්ට කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න මුල් උනේ ශිහාන් කියලා. නැත්නම් ගායකයෝ මුදලාලිට ඕන විදියට තුට්ටු දෙකට විකිනෙනවා කියලා. ශිහාන් එයාගේ සිංදුවකට විෂුවල් එකක් කරවන කොට ඒක සිරාවටම කරනවා. අනෙක්වා වගේ නොගැලපෙන විදියට නොවේ. මුල් කාලයේදී ඔහුගෙන් වැරදි සිද්ධ වෙන්න ඇති. නොහිතපු ජනප්‍රියත්වයක් ලැබෙන කොට.

    බාතිය සන්තුෂ් ල ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. දේශපාලන හයිය අරන් හැම එකකටම රිංගලා චා වෙලා. කෑගහනාවට වැඩි දෙයක් නැහැ. හැබැයි ප්‍රාසංගික පැත්තෙන් තාමත් ඉහලින් ඉන්නවා. සින්දු කියන්න බැරි උනාට. ඉරාජ් ව මට කොහොමවත් අල්ලන්නේ නැහැ. මේ අයගේ සින්දුවක් දෙකක් පිටරට ඉන්න ලංකාවේ ය අතර ජනප්‍රිය උනාම එයාල තරම් පොරවල් නෑ කියලා තමයි කතා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉරාජ්ගේ කතාව ඇර අනිත් සියල්ලටම එකඟයි. ඉරාජ්ට සින්දු කියන්න බෑ. ඒ උනාට ඌ හෙන ටැලන්ට් එකක් මට නම්. කොටින්ම ඌගේ ජස්ට් වන් ටච් කියන ගීතයටත් මම කැමතියි.

      Delete
  33. හොඳ වෙලාවට මම ඕක බැලුවෙ නැහැ. නමුත් විස්තරේ අනුව හිතාගන්නත් එච්චර අමාරු නෑ බං.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නොබලපු එකමයි හොඳ.. නෑවා අඩුවක් නැතුව...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න