.

.

Nov 7, 2012

බරක් ඔබාමා ගේ හදිසි ගමන - Obama visits.......


දෙවෙනි පාර තේරූනායින් පස්සෙ, කප්පරක් පච කෙලිලා, රෑ කියලා බලන්නෙත් නැතුව, දිනන්න උපදෙස් ගත්ත කෙනාට ස්තූතී කරන්න කියලා හිතපු ඔබාමා, කෝල් එකක් ගත්තේ අපේ ජනාධිපති තුමාටය. ලොක්කා ෆෝන් එක දැක්ක ගමන් හිතුවේ, අප්පට හුඩු මම හරි වැරද්ද නේ කළේ මේ යකාට විෂ් නොකර. ඔක්කෝම උන් මෙච්චර ඉක්මනට විෂ් කොරලත් ඉවරෙයි, දැන් ඉතින්, අයි ඇම් ඇෆ් එකෙන් ලෝන් අරගෙනත් ඉවරයි කියාය. ඕන සෙද්දක් වෙන්නෙයි කියලා ෆෝන් එකට හෙලෝ බරක් කියපු ලොක්කාට, ඔබා කිව්වේ තෑන්ක්ස් මහී කියලාය. අම්මට හුඩු මූට පිස්සුද කියලා හිතපු ලොක්කාට තවත් හිතන්න කලින්, බරක් කිව්වේ එෆ් බී අයි එකෙන් ඔයාගේ මෙතඩ් ඔක්කොම මට ඉගැන්නුවා ඒවාට පින් සිද්ධ වෙන්න තමයි යන්තම් ගොඩ දාගත්තේ කියාය.

මේවා මෙහෙම කතා කරන්න බෑ. අසාන්ජෙ වගේ උන් හැම තැනම. මම දැන්මම එනවා කියා, ෆෝන් එක තිබ්බේ සුබ පතන්නවත් ඉඩක් තියන්නේ නැතුවය. හාල්පරුවන්ගේ බෝර්ත් ඩේ වලට උදේ පාන්දර කුණු කෙලත් එක්ක විෂ් කොරන එකේ, මේ වගේ අයටත් විෂ් කොරන්න ඕනේ කියා ලොක්කාට හිතුනේ. ඔය කිව්වට එන එකක් නෑ කියලාය. ඒ උනාට මත්තලට X -15, එකක් ගොඩබෑ බවත්, ඉන්දියන් සාගරේ තිබුන නැවකින් හෙලිකොප්පරයක් ඊට ඉස්සෙල්ලා ගොඩබාපු බවත් ආරන්චි උන ලොක්කා. පිගන් හෝදන, රෙදි හෝදන, පස්ස හෝදන ඔක්කෝම එලවලා දැම්මේ හෙට බජට් එක තියෙනවනේ ඒ නිසා දැන්මම ගිහින් අළුත් කිට් එකක් අරගෙන ලෑස්ති වෙනවා කියාය.

අරුන් ටික ගියපු ගමන්, ගෝල්පේස් එකේ හෙලිකොප්පරේ බාපූ ඔබාමා, පයින්ම අරලිය ගහ මන්දිරේට ආවේය. කෝ කොන්වෝයි එක, මට කිව්වනම් ඔක්කෝම එවනවනේ.. කිව්ව ලොක්කාට් බරක් කිව්වේ ඔහෙත් ගෝල්පේස් එකේ එකසයිස් කොරන්න යන්නේ පයින් නේ කිව්වාම. ලොක්කාට ආව හිනාව නවත්තගත්තේ පස්සෙන් යන එවාත් කොන්ට්‍රෝල් කරගෙනය. ඒක නෙමෙයි මට විෂ් කරන්නත් බැරි උනානේ.කොන්ග්‍රැට්ස් ඔබා, මොනව හරි කාලා බීලා ඉමු නේද කියා, පාරේ යන උන්ටත් හැමදාම දන්සැල් දෙන ලොක්කා ඇහුවේ දකුණේ එකාගේ පුරුද්ද නිසාය. කකා ඉන්න වෙලාවක් නෑ, සෝනියාලා රහුල්ලා දැන ගත්තොත් අවුල් වෙනවා ඉක්මනට යන්න ඕන. මම ආවේ, ඔහේ මගේ උපදේශකයෙක් කර ගන්න කියලා කිව්වාම ලොක්කා තව පොඩ්ඩෙන් උඩ ගිහින් හයාට් සමාගමෙන් හදන ගොඩනැගිල්ලේ වැටෙන එක නැවතුනේ. අනිත් අතටම මේ මොන අටමගුලක් වෙන්න යනවාද කියා සිතුනු විටය.

එහෙම නෙමෙයි එහෙනම් "ඩීවා වොඩ්කා" ෂොට් එකක් හරි, සප් එක දීපූ "ලැටීනලාට" උපහාරයක් විදියට, "ස්පලච් ටකීලා" ෂොට් එකක් හරි ගමු කිව්වාම, ඔබා කිව්වේ මෙහේ ලිකර් වලට ෆුල්ස් ටොප් තියලා නේද කියලාය. ඒ එලියේ ඉන්න උන්ට, ඇතුලේ අවුලක් නෑ කියලා චක්‍රවර්ති බුදු හාමුදුරුවෝ දේශනා කොරලා තියෙන්නේ කියපු ලොක්කා, දෙන්නාටම ටකීලා ෂොට් දෙකක් දැම්මේය. මේ ගෙදරින් කෑවොත් ආයෙ ඉතින් ඉනා කෑවා වගේ බව දන්න ඔබාත්, සද්ද නැතුව වීදුරුව අතට ගත්තේය. මෙහෙමයි මචං මට මේ ජොබ් එක දාලා දැන්ම එන්න බෑ. පුතත් තාම ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්නේ. මල්ලිලාට දෙන්නත් බෑ. මොකෝ පුතාලා අනාතයි, කියපු ලොක්කාට ඔබා කිව්වේ, නෑ නෑ පාට් ටයිම් එකක් හැටියට වැඩේ කරමු කියලාය.

ආ එහෙනම් අවුලක් නෑ කියා ලොක්කා කිව්වාම, කොහොමද මල්ලිලා, ඇමරිකා හිටපු එකේ වාසිය පේනවා නේද, නැත්නම් ඉතින් චයිනිස් රෙස්ටුරන්ට් වලින් විතරනේ කන්න වෙන්නේ කියපු ඔබා ඇහුවේ ඩලා කොහොමද කියාය. ඌ නම් ඇමරිකාවේ කියා ඉන්න ඇත්තෙ කියුබාවේ වෙන්න ඇති. මල්ලිලා නම් එකසිය ගානට වැඩ කිව්වේ කට කනේ තියාගෙනය. ඒකනම් ඇත්ත, ඩලා ඇමරිකන් වීසා අරන් කියුබාවට බෝට්ටුවේ ගියාද දන්නෙ නෑ. ඒත් බැසිලුත් අර මහී ගහන කිට් එකම නේද ගහන්නේ කියා ඇසුවාම, ලොක්කා කිව්වේ ඒ අපේ හරක් බලාගන්න වෙලාවට විතරයි, අනිත් වෙලාවට බලන්න එපයි කිට් එක ගැහුවම මචං හරියට උඹ වගේමයි නේ කිව්වේ ග්ලාස් එකට තව ෂොට් එකක් දාන ගමන්ය.

ඔබා මූන අතගාලා බැලුවේ මගේ මූනත් ෆුල් මූන් වගේද කියලාය. ඒක නෙමේ මහී, එහෙනම් වැඩේ හරිනේ, ඉක්මනට යන්නත් ඕන, හැබයි මහී, බෑ නොකියා කාටවත් කියන්නේ නැතුව මට ලොකු උදව්වක් ඕන කිව්වාම, ලොක්කා හිතුවේ බරක්ට කක්කා බරක්වත් හැදිලාද කියලාය. අවුලක් නෑ මෙතනම එකක් තියෙනවා කියා පැසේජ් එකක් පෙන්නු ලොක්කාට, ඔබා හිනාවෙලා කිව්වේ, නෑ මහී එහෙම එකක් නෙමේ මට 18 කොපියක් ඕන, දැන්මම ගන්න පුළුවන් වෙයිද කියලාය. අයියෝ මචං සුළු දෙයක්නේ මං ගාව තියෙනවා ෆ්‍රේම් කරපු එකක්ම ඒක දෙන්නම්, මට එකක් ෆ්‍රේම් කරගන්න බැරිය කියපු ලොක්කා ඔබා එක්කම බුදු කාමරයට ගියේය.

අසූ හාරදහාක් බුදු හාමුදුරුවොත් එක්කම තිබුන, උදේ හවා වඳින පුදන ෆේම් කරපු 18 ඔබාට දුන්න ලොක්කා, ඔබාට සුබ අනාගතයක් කියා ආයිත් සුබ පැතුවේය. එහෙනම් මහී තෑන්ක්ස් ඒ ලොට්, මම ගිහින් එන්නම්. කොහේ හරි හම්බ උනත් දන්නෙ නෑ වගේ ඉන්න ඕන. අර යූ ඇන් එක ගාව හන්ගර් ස්ට්‍රයික් එකක් කරපු එක්කෙනාටයි, එම්පයර් ස්ටේට් එක වගේ උස එක්කෙනාටයි, දිගටම මට බැටේ දෙන්න කියන්න. එහෙනම් මහී ගිහින් එන්නම්. ආයෙත් ඕන උනොත්, රෑට රෑට ඇවිත් යන්නම් කියු ඔබා පයින්ම ගෝල්පේස් එක පැත්ත බලා යන්න ගියේය. ඔබා ගියායින් පසු, ඔබාගේ ග්ලාස් එක බැලූ ලොක්කා දැක්කේ, අම්මට උඩු මූ කටේ තිබ්බට බඩට හලාගෙන නෑ නේ. මූගේ තාත්තා කෙන්යාවේ උනාට සියා නම් සහතිකේටම මාතර තක්කඩි කට්ටඩියෙක් වෙන්නම ඕන කියාය.

 මාතලන් - කොල්ලුපිටියේ මල් මන්දිරියක සිට.

 ප: ලි:

දැන් ඉතින්, 2016, ආයිත් පාරක් ඔබා චන්දෙට ආවත්, රිපබ්ලිකන් උන් ඩෙමෙක්ක්‍රොටික් පැත්තට ආවත්, "මලීයා" සෙනෙට් එකට ආවත්, "ෂාෂා" ඇමරිකන් බාස්කට් බෝල් ටීම් එකේ කැප්ටන් උනත් ඔහේලා අප්ෂෙට් වෙන්න එපාය.

52 comments:

  1. හ්ම්. මාත් ඔබාමට කිව්වෙ ආයෙත් ආවොත් 18 ගේන්න කියල. හරි එහෙනං ලංකාවට ආව!

    ReplyDelete
    Replies
    1. ඒක දැකලා තමයි ඇවිත් තියෙන්නේ.

      Delete
    2. ඩ්‍රෝන් එකක පින්තූර වලින් දැක්කා රාජ්ටත් ඇවිත් අතට අත දීලා යනවා!!!!!

      Delete
  2. හය්යෝ.....සල්ලි....

    ReplyDelete
    Replies
    1. සල්ලි යන්නෙ නෑ ඔක්කෝම ගමන් බිමන් නොමිලේ දෙන්නටම.

      Delete
  3. ඇඬෙනව ..(ඩලා,මහී,එම්පයර් ස්ටේට් එක වගේ උස එක්කෙනා)

    ReplyDelete
    Replies
    1. තනි ඇහැටද... ඇස් දෙකටමද...?

      Delete
  4. ජෝර්ජ් වොෂින්ටන් ගේ කඩුව කෞතුකාගාරයේ තියෙනවද කියල බලන්න වේවි.

    ReplyDelete
    Replies
    1. ජරා කතා කියන්න එපා ඇනෝ. හොරා ඇල්ලුවනේ. එයාගේ නම කන් ගැට්ටා. බොන්නේ දුම් යන්නෙ නැති බීඩී.

      මට හිනා එනවා ඕයි... (ටෙනියගෙ කෑල්ලක්)

      Delete
    2. ඒක තමයි මේක ....(පිං පොං ගේ කෑල්ලක්)

      Delete
  5. පිස්සු හැදෙනවා එතකොට ඔබා මෙහෙට ඇවිත් . පට්ටයි ඇ...

    ReplyDelete
    Replies
    1. මේ වා ඉතින් රොයිටර්ටත් වඩා බලවත් නිව්ස්

      Delete
  6. හි හ්.. මේ කියන ඒවා නොවුනොත් තමා පුදුමේ....

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවත් සුබ සාදනේට මනාපයි වගේ.

      Delete
  7. මටත් හිතෙනවා ඔබාගේ ඊලඟ ප්ලෑන් එක. (ප්ලෑන් B.) 18 ඉක්මනටම ගෙන එක කියලා. මොකද ඇමරිකාවේ ඉන්න නිකම්මු ටික කොහොමත් මෑන්ට චන්දෙ දෙනව නේ.
    මාතලන්ට මේවා කොහොම මීටර් වෙනවද අප්පා????

    ReplyDelete
    Replies
    1. 18 කෙසේ වෙතත් දීපූ ස්පීච් එකෙන් නම් තේරුනේ ඡන්දේ දාන වයස නම් අඩු කරයි වගේ. අළුත් ඡන්ද වැඩිපුර ඇවිත් තියෙන්නේ ඔබා මාමාට. එතකොට 18 ටත් ලේසියිනේ.

      Delete
  8. //මාතලන් - කොල්ලුපිටියේ මල් මන්දිරියක සිට.//
    ඔබාමා දිනුවට පස්සේ මෙයාටත් මොකක්දෝ තනතුරක් ලැබිලා වගේ.:D

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් කලින් ඉඳලම එතන තමයි දේශප්‍රේමී කශ්ටියනේ... මගේ බ්ලොග් ඩිස්ක්‍රිප්ෂන් එකේම දාලා තියෙන්නේ.

      Delete
  9. මේවා කියවනකොට ඇඬෙනවා ඕයි :(

    ReplyDelete
  10. එහෙමෙයි වුනේ ඈ..

    ReplyDelete
  11. එහනං පොර දන්සැල වැන්දෙ නෑ අපරාදේ

    ReplyDelete
    Replies
    1. ඌ මචං ඇමරිකන් කාරයෙක්නේ..

      Delete
  12. ඇමරිකන් අධිරාජ්‍යත් ඉවරයි එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඒකට කෙළ උනේ ඔබා එන්නත් ඉස්සර... ගොන් බුෂ් ගේ කාළේ

      Delete
  13. මිනිහා 18+ එකවුන්ට් එක අරින්න ආපු විත්තියක් තමා මාතලංගේ කතාවෙන් තහවුරු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තහවුරු වෙනවා.... අනිවා...

      Delete
  14. ලොක්කගේ පියාගේ 42 ගුණසමරු දිනයේදී එතුමාගේ පියාට මම පින් පැතුවේ ඒකනේ,"මෙවන් පුතෙකු අපට ලබල දුන්නට"

    ReplyDelete
    Replies
    1. රට බේරලා දුන්න එක විතරමයි කොලේ....

      Delete
  15. පට්ට මාතලන් අයියා හිනා කාලා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. මැරෙන්න එපා තව ආතල් ඉස්සරහට

      Delete
  16. ආසියාවෙ ආස්චර්යය ඇමරිකාවටත්..............
    අනේ වාසනාවන්!

    ReplyDelete
    Replies
    1. හ්ම්... උතුරු ඇමරිකාවට

      Delete
  17. ඔබා ධවල මන්දිරේ එළවළු වවපු එකයි, ධවල මන්දිරේ බලන්න ආපු පොඩි එවුන්ගේ ඉස්කෝලෙට සිංහල ටීචර්ලා ගෙන්න ගන්න අධ්‍යාපන ලේකම් ට බැන්න එකයි දෙකම කොප්පෙ බව එක එකා කිව්වත් මම පිළිගත්තේ නෑ. දැන් බලනකොට ඒවා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු ඒ කියන්නෙ මීට කලිනුත් ඇවිත් තියෙනවා වගේ

      Delete
  18. එහෙනම් උන්දැත් ආයෙම ගොඩ ගියා..

    ReplyDelete
    Replies
    1. උන්දැ කියන්නේ වයසක පොරවල් වලට නේද. බරක්ට එච්චර වයසක් නෑ...

      Delete
  19. ආශ්චර්‍ය...... අමෙරිකාත් ගියා එහෙනන්...!!

    ReplyDelete
  20. අයියෝ ටකීලා ෂොට් එක...

    ReplyDelete
    Replies
    1. ඕවා මොනවද බන්. දඹුල්ලේ තක්කාලි විසි කරන්නේ ටොන් ගනන්. සෝස් හැදුවනම් කී දෙනෙක් ජීවත් වෙනවද...?

      Delete
  21. උඹේ ලිවීම නම් අනර්ඝයි මාතලං. ඒත් විමලනාත්ලා එක්කෙනෙක් හිටියම හොදටම ඇති.

    ReplyDelete
    Replies
    1. එතකොට විනී හෙට්ටිගොඩලා ඉන්නේ එක්කෙනාද

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න