මැඩි කල් කියන්නේ මැඩියන්ට සම්බන්ධ නිසාදැයි අහන්නට අහුබුදුත් නැත්තේය. නමුත් මට එහෙම හිතෙන්නේය. මෙහේ වැඩි පුර සිටින්නේ මැඩියන්ය. මැඩියන් කිව්වේ ළිං මැඩියන්ය. උන්ට මුළු ළෝකයම ළිඳ පමනි. අපේ බොහෝ ඩොට්ටස්ලාත් එසේය. හැම තැනම වගේ, හරි අගේ පිරිස සුළුය. කොයි වෙලාවේත් ඉස්ටයික්ය. වැඩ කරන වේලාවටද ඉස්ටයික්ය. මම කියන්නේ බොරුනම් ලෙඩක් හදාගෙන ආන්ඩුවේ හොස්සපිටැල් එකට යා යුතුමය. පේශන්ස්ලා පෝලීමේය. ඩොක්ටර්ස්ලා කතාවේය. කතාව අතර මග නතර වූ විගස මහාබලපරාකෘම ඇටෙන්ඩන්ලා එකෙක් දොස්තර කෙනෙක් ළඟට දමති. අපි ළෙඩේ කිව යුතුය. ඒ අතරේත් එයාලාගේ ලෙඩ ගැන කතා කොරන ගමන් අපිට බෙහෙත් ලියන්නේය. ප්‍රශ්න ඇසීමට නොහැකිය. දෙනදේ බී වෙනදේ බලා සිටිය යුතුය. ඩොට්ටත්, ඇටෙන්ඩනුත්, නර්ස්ලාත්, ඉතා කරුණාවෙන් අප අමතනවාය. කොතරම් කරුණාවෙන් අප අමතනවාද යත් මෙවන් උතුම් මිනිසුන්මේ පුණ්‍ය භූමීයට බිහි කළ උන් මතක් වෙනවාය.
අපේ රටේ හරකුන්ට දොස්තරලා දෙවියෝය. වෙන රටවල තවත් එක් රස්සාවක් පමණි. දොස්තර යයි පෙන්නීමට නලාව කරේ දාගත්ත ගමන්ය. කෝට් එකකුත් අඳින්නේය. සුදු පාටය. කොන්දොස්තරත් කෝට් එකක් අඳින්නේය ඒක ලා දුඹුරුය. ඩොක්ට බෙහෙත් සීට්ටුව දෙන්නේය. කොන්ඩක්ට ටිකට් එක දෙන්නේය. සමහර විට නොදෙන්නේය. ඉල්ලුවාට ඇහෙන්නේ නැතුවය. ඊ. ඇන්. ටී. ගාවට යැවිය යුතුය. වැඩි බජනෙට ගියොත් අපට ඊ. ඇන්. ටී ගාවට යන්න වෙනවාය. මෙයාලාම ප්‍රයිවට් කොරන තැන්වල මෙසේ නැත. සියළු ප්‍රශ්න අසනවාය අපිට මළ පැන්නත්. එයාලාගේ මළ පනින්නේ නැත. මළ, ටැක්ස් ෆ්‍රී ගෙනා කාර් එකේ වෙන්ටැය. ඉස්පිටිතාලෙදි අයේත් සාක්කුවේ දා ගන්නවා ඇත. සුදු කෝට් නැත. ටයිත් නැත. ෆැමිලි ඩොක්ටය.මෙතනදී උන්නැහේ අපේ අම්මා ගැන අහනවාය (මතක් කොරනවා නොවේය.) පොඩි එකා හුරතල් කරනවාය. (ඉස්පිරිතාලේදි පේන්න බැරිය.) මළ ගෙදරටත් එනවාය. කොටහළු ගෙදරත් එනවාය. ෆැමිලිය පිටින් මඟුල් ගෙදරත් එනවාය. ෆැමිලි කියන කෑල්ල නිසාය. ගාන එක ලෙඩකට 400 කි. 400 ට ෆැමිලි මෙම්බර් වෙනවාය. මාරය.
තව සැට් එකක් ඉන්නවාය. ඉස්පැසලිස්ලාය. බල වැඩි බැවින් ඉස්පිරිතාලේදි දකින්නට අමාරුය. එන්නේ මහින්ද මහත්තයා එනවා වගේය. ඒත් එයා වගේ හිනාවෙන්නේ නැත. බඩට අනින්නේද නැත. ලෙඩ්ඩු සමග කතාවක් නැත. ඇඳ ලගට ආ විට පමණක් පෙනේ. පොඩි ඩොක්ටස්ලා යස් සර්, යස් සර් ත්‍රී බෑග් ෆුල් සර් කියයි. ඊළග ඇඳට යයි. බෙහෙත් දෙන්නේත් නැත. කරන්නේ ටිකට් කපන එකය. ටිකට් කපන එකාට මෙච්චර බය. හරියට ටිකට් නැතුව යනවා වගේය. මේ කශ්ටියම ගොම්මන් වෙලාවට චැනලින් සැන්ටර් වලදි දෘශ්ඨිමාන වන්නේය. එහෙත් වැඳ පුදා ගැනීමට මොණරුන් බිලි දිය යුතුය. බලවත් අයට මොණරුන් වැඩි පුර බිලි දිය යුතුය. ඇ.මැට්ටා කැමති නැත. ඒ උනාට තවමත් වැඩේ යනවාය. මදුරුවෙක් මරා ගන්න බැරි එකාට ඉස්පැසලිස්ලා බය වෙන්නේ නැතිය.
පෙසන්ස් ටූ සී ඩොක්ටර් කියා කියනවාය. මළදානේ නොතේරෙන නිසා මව් බසිනුත් කියනවාය. සම හරක් තැන්වල ඩොක්ටර්ස් ටූ සී පේශන් කියා කියනවාය. ඒ ඉස්පැසලිස් ලෙඩෙක් උනාමය. එකසිය ගානට චෙක් කොරනවාය. බෙහෙත් නොදෙනවාය. රිපෝට් ගේන්න කියනවාය. රිපොට් ගන්න තැනත් කියනවාය. නැත්නම් අපේ හරක් සිමෙන්ති චැක් කොරන තැන්වලට යන්න පුළුවන්ය. වැඩිපුර රිපෝට් ගේන්න කියන තරමට ගොන් ලෙඩ්ඩු මනාපය. දෙවනි වරත් මොණර බිලි පූජාව කළ විට බෙහෙත් දෙන්නේය. බෙහෙත් ගන්න ඕනෑ තැනත් කියනවාය. නැත්නම් කෘමිනාශක බෙහෙත් විකුනන තැන්වලට යයි කියා හිතලා වෙන්න ඇතිය. බෙහෙත් අරන් බිල දැක්කාම කෘමිනාශක බොන්න හිතෙනවාය.
කශ්ටිය මේ හැම දේම කොරන්නේ සල්ලි හොයන්නටය. සැපවත් ජීවිත ගත කරන්නටය. ඉහල සමාජයට යන්නය. සැප වාහන ගන්නය. ළමයින්ට තමන් නොවිඳි ආතල් දෙන්නය. ඇඩුකේෂන් දෙන්නය. ඒ නිසා සුපිරි පාසල්වලට දමාගන්නවාය. නැත්නම් ඉන්ටනැසනල් දානවාය. පිට රට යවනවාය. ඉස්ටෑන්ඩට් එක ගැන නෝ ප්‍රොබ්ලම්ය. පිටරටින් ගෙනාවාම ටෙස්ට් එකක් තියලා මාෆියා මෙම්බ ෂිප් එක දෙනවාය. අර රට ගිහිල්ලා කොරන වැඩේ කොරන්න මාලඹේ එකක් දාලාය. එකේ ස්ටෑන්ඩ් එක ගැන කශ්ටිය බෝඩ් අරන් ස්ටෑන්ඩ් වෙලාය. අනෙක් උන්ට තියන ටෙස්ට් එක තියලා මුන්ව තමන්ගේ ගොඩට ගන්න බැරි ඇයි කියා බූරූ අපට නොතේරෙන්නේය. සල්ලි පස්සේ යන එවුන්ම. සල්ලි කාරයන්ට එරෙහි වෙනවාය. මේවා සුව කළ නොහැකි රෝගයන්ය. ඒවානම් කුහක කමය, හීනමානයය, ඊර්ශාවය. මේවාට තවම බෙහෙත් හොයාගෙන නොමැත. සුද්දා හදන වාහනවල ගියාට. හිත වැද්දාගේය. දුන්නයි ඊතළයි අරගෙන දඩයමෙම යන්නේය.
ආයෙ නෑ සුපිරිය... ලංකාවෙ දොස්තරලා ගැන නම් කුමන කතාද... එව්වො හිතන් ඉන්නෙ එව්වො දෙවි ගොල්ලො කියාය... ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියාහම නම් දොස්තර්ලාට වඩා ලොකු ඇටෙන්ඩන්ලා සහ මිසීලාය... උන්ගෙ කටවල් වල සද්දෙ... එහෙම වීමට හේතුව දන්න කියන මිසීලා කීප දෙනෙක් ගෙන්ම ඇසුවාය.. උන් නම් කියන්නේ අපි එහෙම නෑ කියාය. මුන් ඔක්කොටම ලොකු කම ඉහට ගසා ඇති හෙයින් ඒ සඳහා ජනතාව වත් බෙහෙත් කල යුතුය...
ReplyDeleteමගේ කෙටි බ්ලොග් ජීවිතේදි කමෙන්ට් එකක් දා ගන්න අමාරුම වූ ලිපිය මේකයි. ඒ තරමට මම මේ ලිපියට කැමතියි. හැබැයි බටහිර විතරක් නෙමේ අපේ ගොය්යොත් ඔහොමයි. වැඩක් නැත. මටම දෙපාරක් ජොබ් කට්ට නැති වුනේ මේවට විරුද්ධ වීමත්, වෛද්‍යවරයාට ස්ට්‍රයික් කිරීමේ අයිතිය නැහැ කියන්න ගිහිනුත්ය. මට මොකද ඕක නැති එකමයි කාරණේ. ඉතාම වටිනා ලිපියක් එකම අඩුව අපේ දේශීය කට්ටිය ගැන නැති වීම පමණයි.
ReplyDelete@ පිස්සා පළාමල්ල
ReplyDeleteමේ ක්‍රම වලට බෙහෙත් දෙන්නට ගොස්. සිංහල කශ්ටිය දෙසරයක්ද. දෙමල කස්ටිය නන්දිකඩාල් වලින්ද චුතවිය.
@ වෙද මහත්තයා
ReplyDeleteමේ ලිපිය ලියන්න හේතු උනේ. ඔබතුමාගේ පියාගේ දේහය මාළඹේට බාරගත් ලිපියයි.. දේශීය හෝ විදේශීය වේවා ඔක්කොම එකයි. උඩුගං බලා පීනන්නේ ඔබ වන් ඉතා සුළු පිරිසක්..
දොස්තරවරු දෙගොල්ලක් ඉන්නව මගෙ හිතේ,, අපි කොහොම කිව්වත් ජීවිතේට අසාඋනහම ඒ ගොල්ලන් හොයාගෙන යනවා, චැනල් කිරීම් ගැන කියනවා නම් එක්තරා දොස්තර මහත්මයෙක් ගැන මගේ හිතේ හරි පැහැදීමක් තියෙනවා. මා දන්නා පරිදි ඔහුගෙන් ප්‍රතිකාර ගන්නා සෑම ගැබිණි මවකටම ස්කෑන් පරීක්ෂණ කරන්නේ එකම වරක් පමණයි, දරු ප්‍රසූතියෙන් පසුව නිවසට ගිය පසු මගේ අත්, පා අසාමාන්‍ය ලෙස ඉදිමුනා. අපි බයවී චැනල් සේවයට ගියා, ඇයි ආවෙ? කෝල් කරා නම් හරිනෙ, මෙච්චර දුර ඉඳන් ආවෙ ඇයි? බෙහෙත් අවශ්‍ය නෑ, ඔයා හොඳට ඇවිදින්න, ගෙවූ මුදල් කවුන්ටරයෙන් ආපසු ගන්න, ඔහු කීවා,
ReplyDeleteහැම මකුණම මරන්න හොඳ නෑ නේද?
@ හරී පිණිපළස
ReplyDeleteකවුදෑ ගොයියෝ එහෙම කිව්වේ. ඒකනේ ලිව්වේ "හැම තැනම වගේ, හරි අගේ පිරිස ඉතා අඩුය." කියලා. කොච්චර හොඳ ඉස්පැසලිස්ලා ඉන්නවද. ලය රෝග පිළිබඳ ස්පැසලිස් කෙනෙක් ඉන්නවා. ලය රෝහලට එන්න කියල බෙහෙත් දෙන්නේ එතනින්. රෝහලට එන්න අකමැතිම කෙනෙකුට තමයි බෙහෙත් ෆාමසියෙන් ගන්න කියන්නේ. ඒත් හරි අකමැත්තෙන්. කොච්චර තදයෙක් ආවත් නොම්බර පිළිවෙලට ගන්නේ.
උඹට මේක නිසා එකෙක්ගෙන් හරි බැනුම් අහන්න වෙනවාය... ඒක බඩේ බත් ටික වගේ බුදු ෂුවර්ය...
ReplyDeleteඅපිට මෙව්වා කියන්නට අවසර නැත... කටයි *කයි වහන් බලන් ඉන්න ඕනය... දොස්තරලා දෙවියන්ය... වැරදි කිරීම කෙසේ වෙතත් උන්ට මිනිස්සුන්ට මෙන් වැරදි සිදුවෙන්නේ වත් නැත... මෙව්ව කියන්නට උඹට මෙන් අපට රැවුල නැත(මාතලන්ට උපාධි රැවුලක් ඇතැයි සිතමි).. අපි මේවා කිව්වත් රැවුල නැති නිසා ගනන් ගන්නේත් නැත...
@ සාතන්
ReplyDeleteමට පස් තාච්චී උපාධියක් තිබේ. ඒ නිසා කශ්ටිය බලාගෙනය..
පාඩම් කිරීමට ඇති හැකියාව, ගණිතයට බිය වගේ දේවල් නිසානේ බහුතරයක් දොස්තරලා බිහිවන්නේ.
ReplyDeleteනර්ස්ලා බිගිවන්නේ ටීචින් හෝ ක්ල්රිකල් බැරිවුණු විටදීයි බොහෝ විට.
මාතලන් කියන කතාවට මම එකඟය... පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන දැන් ලංකාවේ ඉන්ජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ යන කේෂ්ත්‍ර වල උපාධි පිරිනමයි. එම උපාධිම රජයේ සරසවි වල හදාරන සිසුන් ඊට විරුද්ධ නැත. ඒ වෙනුවට ඔවුන් තුළ පවතින්නේ තරඟකාරීත්වයකි. එතුලින් වඩා හොඳ ප්‍රතිඵල රටට ලබෙමින් පවතී.
ReplyDelete@ කතන්දර
ReplyDeleteඑතකොට කතෝ, ඇටෙන්ඩන්ස්ලා.. ඩොක්ටස්ලටත් වඩා පවර්ෆුල්...
@ විසිතුරු
ReplyDeleteඅනික් ඒවා උපාධී නොවේය. මේසොන් බාස්ලාට බදාම සප්ලයි එක පමණි උපාධිය.
මාතලං මම මේ කථාව නොකියා ඉන්නයි හිටියේ. ඒත් ඔබේ මේ ලිපිය දැක්කම දෙසරයක් හිත්ලා මේ ලියන්නේ, එදා මේ සිද්ධිය වෙන අස්සේ එතැන තව වැඩක් වුනා. මරණ සහතිකය ගන්න රෝහලට ගියේ මගේ මාමා. අම්මගේ මල්ලී. පොර ටිකක් සයිනස් මෑන්. දැන් වැඩේ යන අතරේ මට මීටර් වුනා මෑන් තාම ආවේ නැහැ කියලා. මම දුන්නා කෝල් එකක්. පුත වැඩක් නැත්තන් එනවද ? මම විනාඩියෙන් එතැන. බලද්දි දන්නවද වෙලා තියන දේ. මේ වාට්ටුවේ දොස්තර තාත්තාගෙ මරන දිනේ දාල තියන්නේ 2011. 10. 09 කමක් නැහැ එයාලගේ වැරදීමක්නේ. මම කිව්වා අපිට ඒවා වැඩක් නැහැ. කරුණා කරලා මේ වැඩේ හරියට කරන්න කියලා. මෙයා මට කියනවා ඒක ටිකක් අමාරුයි අපිට මේ පොත් නැවත හරිගස්සන්න ඕනෙ කියලා. මට බොහෝම කාලෙකින් තද වුනා. සුද්දගේ භාෂාවේ තියන බොහෝම සෞම්‍ය වචන දෙකයි. නැති පොත් එලියට ආවා විනාඩියෙන් බඩු අතේ. පස්සේ මම කිව්වා බොහෝම ස්තුතියි. හැබැයි මීට පස්සේ වෙන අසරන මිනිස්සුන්ට මෙහෙම කරන්න එපා කියලා. කොහොමද මහජන සේවේ. අවශ්‍ය වුවොත් නම් ගම් පිටින්ම දිය හැක.
ReplyDeleteවටිනා ලිපියක්. ඔය විදියට හැසිරෙන වැඩි දෙනෙක් අමාරුවෙන් ඉගෙන ගෙන ඔය තැන් වලට ආපු අය. ඒ අයට මුල අමතක වීම තම්යි ලොකුම ප්‍රශ්නය. තමන් පැමිණියේ කොහෙන්ද කියන එක අමතක කර උඩට යන්න පිම්ඹෙන්න තියන ආසාව නිසා ඔය වගේ අය හැම ක්ෂේත්‍රයකම ඉන්නවා. ඒත් ඒ තැන් වලම දෙවිවරු වගේ අයත් ඉන්නවා. ජීවිතේ සතුට පවත්වා ගන්න පිටතින් හදාගත් ඔය වගේ දේ ආභරන විදියට පාවිච්චි කරනවා. ඉන් පස්සෙ ඒක තමන්ගෙම කොටසක් කියලයි හිතා ඉන්නෙ. ඉතින් බලා ඉන්න අයට ඔයාට වගේම ඕවා පේන්නෙ විකාර රූපී ලෙස.
ReplyDeleteමැණික්
කතන්දර,
ReplyDeleteඔය කතාව ගෙදර එහෙම කියල තීනවද? අර උම්ම එක හම්බ උනේ ඔය වගේ එකක් කියලද?
දොස්තරලා ට බනින්න ගිහින් මැඩිකල් ට්‍රබල් ආවොත් කාගේ පිහිටක් ද පුංචි මඩ වලක හරිවෙලා ඉන්න අයට!!
ReplyDelete@ වෙද මහත්තයා
ReplyDeleteකඩ්ඩේ වටිනාකම දැනෙන්නේ මේ වෙලාවටය. ඒකට මොකාත් බයය.
@ මැණික්
ReplyDeleteමුල මතක නැති වෙන එක බොහෝ අයට ඇත. ප්‍රශ්නේ මේකය. දුප්පතාට එක විදියක්ය. මිලියනර්ට තව විදියක්ය. මැරෙණ බව අමතකය.
මේක අපේ සංස්කෘතියට සම්බන්ධ දෙයක් මම හිතන්නේ. අපේ රටේ හැම දෙනාම හැම දේම කරන්නේ තමන්ගේ පවුල වෙනුවෙන්. අපට තියන් වටිනාම දේ ඒක. අපේ අම්මල තාත්තල, ළමයි, බිරිඳ තමයි අපට වැඩියෙන්ම වටින්නේ. අම්මල තාත්තල උනත් පොඩි කාලේ ඉඳන් හිතන්නේ තමන්ගේ දරුවට ස්ථිර රැකියාවක්, රජෙක් වගේ ජීවත් වෙන්න ක්‍රමයක්. මෙහෙම බැලුවම දැනට ලංකාවේ ෂුවර් එකටම රස්සාවක් ලැබෙන ක්ෂේත්‍රය තමයි වෛද්‍ය ක්ෂේත්‍රය. ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් තමන්ගේ දරුවන්ව දොස්තරලා කරන්න හිතන්නේ. තමන්ට අසනීපයක් උනාම විශේෂ සැලකිල්ලක් ලැබේවි කියන එකත් හිතේ කොනක නැතුවම නෙවෙයි. මේ පරිසරය යටතේ අපේ රටේ දොස්තර කෙනෙක් වෙන්න හිතන ඕනෙම කෙනෙකුගේ ප්‍රධානම අරමුණ තමයි පැවැත්මක් තියෙන ස්ථිර සහ පිළිගැනීමක් තියනවාය කියන රැකියාවක්. අනිත් හැම කෙනෙකුට වගේම ජීවත් වෙන්න ක්‍රමයක්. මම හිතන්නේ නැහැ 1% ක් වත් මම රෝගීන් වෙනුවෙන් දොස්තර කෙනෙක් වෙනවාය කියල හිතනවා කියල. කම්කරුවෙක්, ලිපිකරුවෙක් හෝ බැංකු නිලධාරියෙක් පඩියට වැඩ කරන්න හිතනවා වගේම තමයි. තමන්ගේ සේවා ලාභීන් වෙනුවෙන් කියල රස්සාවක් කරන කෙනෙක් මෙහෙදී නම් මට තාම හම්බ වෙලා නැහැ. කරුමේ කියන්නේ දොස්තර උනාට පස්සේ ඒකට දෙමව්පියන්ගේ සහ නාදෑ හිතමිතුරන්ගේ හීන හැබෑ කරන වැඩේට කර ගහන්න වෙනවා වගේම දොස්තර කෙනෙක් මේ වගේ ජීවත් විය යුතුයි කියල සමාජයේ මුල් බැහැගෙන තියෙන දුර්මත වලින් මිරිකෙන්නත් සිද්ධ වෙනවා. දෙමව්පිය උරුමයෙන් සල්ලිකාරයෙක් නොවෙන ඕනෙම කෙනෙකුට මේ දේවල් නිසා සල්ලි පස්සේ දුවන්න සිද්ධ වෙනවා. මම දන්නා ගොඩක් දෙනෙක් ඉන්නවා තමන්ගේ මොනම වැදගත් අවශ්යතාවයකටවත් PP ඒක වහගන්න බැරි. ඒක දවසක් හරි වැහුවොත් පඩිය ණය වලට කැපුනම ජීවත් වෙන්න සල්ලි නැති. මේක තමයි ඇත්ත. උන් එකෙන් විඳවන තරම මම දන්නවා. පුළුවන් නම් සොයල බලන්න සමීක්ෂණ කීපයකින්ම ඔප්පු කරලා තියෙනවා රටේ දොස්තරලගෙන් 80% කටත් වඩා ශරීරයට ඉතාම අහිතකර මට්ටමින් මානසික පීඩනයට ගොදුරු වෙලා කියල. මේ පීඩනය සමහර වෙලාවට ඉස්පිරිතාලෙට එන රෝගීන්ගේ පිටින් යාමේ අවදානමක් තියෙනවා. මට තේරෙන්නේ නැහැ මේකට විසඳුම මොකක්ද කියල. මේ දේවල් නිසා අනිත් හැම රජයේ සේවකයෙකුගෙන්ම රජයේ දොස්තර කෙනෙක් වෙනස් වෙන්නේ නැහැ.
ReplyDelete@ ඉන්දික උපශාන්ත.
ReplyDeleteඑයාට ඉන්නේ වෙද හාමිනේ කෙනෙක්ද සිංහයෝ...
@ arunishapiro
ReplyDeleteකතාව ඇත්තය. හොඳ අයත් සිටින්නේය. තම පඩියම බෙහෙත් අරන් දෙන්න වියදම් කරන දොස්තරලාත් මම දන්නේය..
@ චීටා
ReplyDeleteසේවය වෙනුවෙන් කැප උන ඩොක්ටර්ස්ලා මම අනන්තත් දැකල තියෙනවා. වැඩි පිරිසකට මුල මතක නැති එකයි ප්‍රශ්නේ. මගෙ ගැටලුව වන්නේ. සල්ලි කාරයන් වෙන්න දඟලන පිරිසක්. සල්ලි වියදම් කරල මෙහේම ඉඳන් ඉගෙනගන්න සිසු පිරිසකට විරුද්ධ වෙන්නේ ඇයි කියල.
කලකට ඉහතදී සිරකරුවාගේ බ්ලොග් එකේ දොස්තර දෙවියන්ට විරුද්ධ ලිපියක් පළවීම නිසා සිදුවූ විනාසය මාතලන්ට මතක ඇතැයි සිතමි. :)
ReplyDelete@ BLOG ගඩොල්
ReplyDeleteඒ ගැන නම් හාංකවිසියක් වත් දන්නේ නැත. මෙතන සියළුම දොස්තරලා අඩංගු නැත. වැඩි පිරිස මේ වාගේය.
මම දන්නේ නැහැ මන් තේරුම් අරන් තියනවා වැරදිද කියල. එත් මට තේරෙන විදිහට නම් විරෝධතාවය තියෙන්නේ මාලබේ තියෙන ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටියේ සිසුන්ට විරුද්ධව නෙවෙයි. එකේ අයිතිකාරයින්ට විරුද්ධව. මට පේන විදිහට ඒ අහිංසක ළමයිනුයි ඒ ගොල්ලන්ගේ දෙමවුපියන්වයි ඕකේ අයිතිකාරයෝ ටික රවට්ටලා තියෙන්නේ. ඒ ළමයින්ව ඇතුලට ගන්නකොට පොරොන්දු වෙච්ච තරම් ජාතියේ අධ්‍යාපනයක් ඒගොල්ලන්ට නොදී ඇන්දිල්ලක් කරන පාටයි. ඒ මදිවට ඒ ළමයින්ට කියනවා මෙහෙම තමයි වෛද්‍ය අධ්‍යාපනේ කියල. වෙන තැනක් එක්ක සංසන්දනයක් කරන්න නොදන්නා ඒ ළමයි හිතනවා මේක ඇත්ත කියල . ඉතින් එයාල වෛර බැඳගන්නවා ඕකට විරුද්ධ වෙන අයත් එක්ක. මාතලන් මාත් එක්ක එකඟ වෙයි ද මන්දා. මම දන්නා තරමින් දැනට තියෙන ශික්ෂණ රෝහල් ඇරුනම ලංකාව ඇතුලේ සායනික අධ්‍යාපනයක් ලබා දෙන්න තරම් සුදුසුකම් තියෙන රෝහලක් නැහැ. කොටින්ම ලංකාවේ තුන්වෙනියට විශාලම රෝහල වෙනානුරාධපුර ශික්ෂණ රෝහලේත් හරි හමන් මහාචාර්ය ඒකකයක අඩුව තියෙන නිසා රජරට වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට උපාධිය ඉවර කරගන්න හැටියක් නැතුව ඉන්නවා. ඕනේ නම් තියෙන පහසුකම් වලින් වැඩේ ඉවර කරලා එයාලව එලියට දාන්න තිබුන. ඒත් විධිමත් සහ ප්‍රමාණවත් සායනික පුහුණුවක් කියන්නේ වෛද්‍ය වරයෙක් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. අවශ්‍ය මට්ටමේ පුහුණුවක් නැතුව උපාධිය අරන් එලියට ආවොත් අමාරුවේ වැටෙන්නේ රෝගීන් විතරක් නෙවෙයි. දොස්තරත් අමාරුවේ. තමන්ට අවශ්‍ය පුහුණුව ලැබුනද නැත්ද කියල දන්නේ නැත්නම් තත්වේ තවත් දරුණු වෙනවා නේද? ලංකාවට ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි අවශ්‍යයි. ඒත් ඒවා අනිත් රටවල් වල වගේ රජය යටතේ පාලනය වෙනවනම් තමයි හොඳ. නැත්නම් කට්ටිය ඕක බිස්නස් එකක් කරගත්තම ලාභ ගන්නනේ බලන්නේ. එතකොට අඩු වියදමක් කරලා වැඩි ලාභයක් ලබන්න පුළුවන් තරම් ප්‍රමිතිය අඩු කරාවි. එහෙම කලාට අනිත් වෙළඳ බඩුවක් හරි සේවාවක් හරි වගේ නෙවෙයි සේවා ලාභියාට කවදාවත් එක තේරෙන්නේ නැහැ.
ReplyDeleteහොඳ පැහැදිලි කිරීමක් මාතලන් අය්යේ . ඔබේ ඔය කතා විලාශයට මා හරිම කැමති...කියල තියෙන්නේ සහතික ඇත්ත..
ReplyDeleteරිවිර පත්තරේ ගත්තා. කියන්න පුළුවන්ද මොන නමින්ද ඔබේ ලිපිය එහි ලියා ඇත්තේ කියල. මට සොයාගන්න බෑ..
@ චීටා
ReplyDeleteසමාවෙයන් චීටෝ. උඹේ කතාවේ සත්‍යයක් නැතුව නෙමෙයි. ඒත් අපෙ රටේ මොකේද ප්‍රමිතියක් තියෙන්නේ. පෞද්ගලික අංශයේ සේවාවන් හා නිශ්පාදන වල විතරයි තරමක් තත්වය හොඳ. එතකොට දැන් තියෙන වෛද්‍ය සේවයේ ප්‍රමිතිය හොඳද. පෞද්ගලික අංශේ නම් හොඳයි. කළ යුත්තේ විරුද්ධ වීම නොව. මැදිහත්වීම නේද. රජරට මහාචාර්ය ප්‍රශ්න මතක් වෙන්නෙ දැන්ද. ඒවට සටන් කරන්න ඕනෙත් ලෙඩ්ඩුද..?
@ ගිම්හානී
ReplyDeleteඔහේගේ ඊතල පෙට්ටිය බලන්න..
කුහක කම, හීනමානයය, ඊර්ශාව, ඕවට බෙහෙත් හොයා ගත්තොත් වැඩේ ගොඩය.
ReplyDelete@ Observer
ReplyDeleteඔබා මාමාට කාරනේ තේරුනාය..
මාතලන් අයියට බයේද කොහෙද කස්ටිය ;)
ReplyDeleteබ්ලොග් ගඩොල් කිව්ව වගේ සිරකරුවව විනාස කරල දැම්ම කස්ටියක් මෙහෙම ලිපියක් දාල...
http://sirakaruwa.blogspot.com/2010/08/blog-post.html
ඇත්තෙන්ම දොස්තරවරු රැකියාවේ මුල් කාලයේ ගත කරන්නේ හරිම අමාරු කාරියක් . . .
ReplyDeleteමගේ මිතුරියකගේ නැගෙනියත් තවත් මිතුරියකගේ මළනුවනුත් මේතකදී පත්වීම් ලබාගත් දොස්තරවරු නිසා ඒ අයගේ ප්‍රශ්න ගැන කතා කරන්න පුලුවන් උනා. . .
අඩු පඩියක්, වැඩි රාජකාරී වේලාවක්, දුෂ්කර සේවය . . . මේ ආදී වශයෙන් . .
සමහර විට කාලයක් ගිහින් පෞද්ගලික සේවයෙන් මුදල් හම්බකරන්න පුලුවන් තරම් පරිනත වූ විට අර මුල් කාලයේ විඳි දුක් කරදර වල හිලව්වටත් එක්ක මනුස්සකම් අමතක කරමින් වැඩ කරනවා වෙන්න පුලුවන්.
@ සාතන්
ReplyDeleteඅපි කවුරුත් ව්වේචනය කරනව. මම මාවම ව්වේචනය කරල තියෙනව පෝස්ට් බැලුවොත් පෙනෙයි. නමුත් අපි කියන්නේ මේව නොවිය යුතු දේවල් කියල විතරයි.
තාමත් මේකට එකඟ නොවුන කෙනෙක්ගෙන් නම් කමෙන්ට් එකක් නෑ වගේ නේද?? හික්ස්... මොනවා කියන්නද ඉතින් ලිපිය නම් සිරා....
ReplyDelete@ දුකා
ReplyDeleteඅපි කවුරුත් පටන් ගන්නේ පොඩියට. මම පටන් ගත්තේ ඩේටා එන්ට්‍රි ඔපරේටර් කෙනෙක් විදියට. ඒ කාළේ අපිව නොමරා මැරෙව්වා. එහෙමෙයි කියල මම නම් ලොක්කෙක් උනාම පොඩි එකා මරාගෙන කෑවේ නෑ. කස්ටර්මස්ලටත්, පොඩ්ඩන්ටත් මිතුරෙක් උනා මිස.
@ රවීන්
ReplyDeleteමේ පොස්ට් එක හරියට කියවපු කෙනෙකුට එහෙම කරන්න බෑ. මොකෝ අනන්තවත් පින්වත් දොස්තරල මම ඕන තරම් දැකලා තොයෙනවා. සහරුන් මගේ හොඳම මිතුරන්.
@ මාතලන් මම ප්‍රමිතිය කියල අදහස් කරන්නේ මාතලන් කියන ප්‍රමිතිය නෙවයි. ප්‍රමිතිය කියන එකේ අර්ථ දැක්වීම ගත්තොත් එකේ කියන්නේ "extent that the client's NEEDS are satisfied" වගේ දෙයක් නේද? ඒක needs මිසක් wants නෙවෙයි. (අපේ රටේ ප්‍රශ්නේ තමයි ශාක්ෂරතාවය අතින් ඉහල උනත් සෞඛ්‍ය ශාක්ෂරතාවය අතින් ඉතා පහල මට්ටමේ ජනතාවක් සිටීම. ඒක නිසා තමන්ගේ needs සහ wants අතරේ වෙනස තේරුම් ගන්න අමාරුයි.) ඇත්ත ඔයගොල්ලෝ කියන්නේ ඇඟට සහ හිතට දැනෙන දේ. එක නිසා වෙන්න ඇති බාහිර රෝගී සේවාව ගත්තොත් මේ රටේ 52% ක්ම ජනතාව යන්නේ පෞද්හලික අංශයට. (ඒ 52% න් 98% ක්ම පෞද්ගලික රෝහල් නෙවෙයි ඩිස්පෙන්සරි). බාහිර රෝගී අංශයේදී දෙන්න පුළුවන් සරල ප්‍රතිකාර වලට විශේෂ ශක්‍යතාවක් හෝ පුහුණුවක් ඒ තරම් වැදගත් නැතුව ඇති. ඒ කාලේ ලංකාවේ වැඩි ගණනක් බාහිර රෝගී අංශ වල අවුරුදු 2 ක විතරක් පුහුණුවෙන් පස්සේ අපොතිකරි වරු (දැන් AMP කියන අය) ඉතා හොඳින් සේවය කළා. මම අදහස් කලේ රෝහල් සේවාව නෙවෙයි වෛද්‍ය සේවාවේ ප්‍රමිතිය ගැන (ගුණාත්මක භාවය ගැන මම කතා නොකරමි ඒ ගැන මම මාතලන් සමග එකඟ වෙමි. ඊට හේතුව මම පලවෙනි කොමෙන්ටුවේ කියා ඇත). ඒ ප්‍රමිතිය අපට මැනගන්න පුළුවන් වෙන්නේ රෝග විනිශ්චය කිරීමේ හැකියාවෙන් ( ලංකාවේ තියෙන අඩු පහසුකම් යටතේ ) සහ රෝගයට අවශ්‍ය ප්‍රතිකාරය නියම කිරීමේ හැකියාවෙන් වගේ දේවල් වලින්. මේවට තමයි නිසි සායනික පුහුණුවක් අවශ්‍ය වෙන්නේ. ගුණාත්මක භාවයත් අත්‍යවශ්‍යම දෙයක් තමයි. නමුත් ප්‍රශ්නේ ලංකාවේ අනිත් හැම රජයේ සේවයකම වගේ ඒක නම් මදි. නමුත් ඒකට පුහුණුවත් සමග ඒ තරම් සම්බන්ධයක් නැහැ. ඒක එක එක පුද්ගලයා එන පරිසරය සහ ඒ ගොල්ලන්ගේ පෞරුෂය මත තීරණය වෙන දෙයක්. ඒ අතින් බැලුවොත් දැනට තියෙන වෛද්‍ය සේවයේ "ප්‍රමිතිය" ඉතා හොඳයි. ඒක තමයි අපේ රටේ සෞඛ්‍ය නිර්ණායක බොහොමයක් දියුණු රට වලටත් වඩා ඉතා හොඳයි . ඒ තත්වය අපේ රට ලඟා කරගෙන තියෙන්නේ ඉන්දියාවටත් වඩා අඩු සෞඛ්‍ය පහසුකම් යටතේ.
ReplyDelete@ චීටා
ReplyDeleteවිවාදයක් නොමැත. ඔබ හා එකඟවෙමි. සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය පෞද්ගලීකරණය වේගයෙන් සිඳුවන අතර ඒ සඳහා වාර්ෂිකව වෙන් කරන මුදලද අඩු කරමින් පවතී. මේවාට ඒවායෙහි රැකියා කරණ අයද වග කිව යුතු අතර. 40% අන්ත දුගීන් පිරි රටක කිසිසේත් සිඳු නොවිය යුත්තක් බව මගේ හැඟීමයි.
දුප්පත් මිනිසුන්ට ආදරය කරන්න පුරුදුවෙමු....
[අපේ රටේ හරකුන්ට දොස්තරලා දෙවියෝය. වෙන රටවල තවත් එක් රස්සාවක් පමණි]
ReplyDeleteඑහෙනං ඉතින් කොන්දොස්තරල වගේම ස්ට්‍රැයික් කොළාට කමක් නෑනේ. පුප්පන් දඟලන්නේ මොකද මාතලන්?
[අනෙක් උන්ට තියන ටෙස්ට් එක තියලා මුන්ව තමන්ගේ ගොඩට ගන්න බැරි ඇයි කියා බූරූ අපට නොතේරෙන්නේය]
ReplyDeleteනොතේරෙන්නේ බූරු කොමටම වෙන්න ඇති. මාලබේ උලවුවේන් වාසි දොස්තරලටමයි. මොකද ලකුණු අඩු වුණත් තමුන්ගෙ ළමයි දාගන්න, විසිටිං ලෙක්චර්ස් දෙන්න වගේ එව්ව පුළුවන්නේ. ඕකට විරුද්ද වෙන්න උන්නැහෙලට හේතුවක් ඇති. තමන්ට වාසි වෙන වැඩකට කටුව ගහන්න මුන්ට පිස්සුයැ?
මම හිතන්නෙ මම මෙතෙන්ට දාන්න ඕනෙ කොමෙන්ට් එකම තමයි මේ පෝස්ට් එකට මුල්වෙන කතන්දරගෙ පෝස්ට් එකට දාල තියෙන්නෙ . . . . .
ReplyDeleteමේ තියෙන්නෙ බ්ලොග් ගඩොල් කියල තියෙන කතාව . . .
http://sirakaruwa.blogspot.com/2010/08/blog-post.html
@ ඇනෝ 1
ReplyDeleteසත්‍යය කටුකය. මළ පනිනවාය.
@ ඇනෝ 2
ReplyDeleteහේතුවත් ලියලා තියෙනවාය..
@ ඕනයා
ReplyDeleteකතන්දරගේ පෝස්ට් එකක් මුල් උනේ නැත. වෙද මහත්තයාගේ පෝස්ට් එකක් නම් මුල් උනේය..
පවුලේ කෙනෙක් දොස්තර වුනහම පරම්පරාවකට හරි ගියා කියලයි මිනිස්සු හිතන්නේ .හැබැයි අම්ම තාත්තාට ලෙඩකට බේතක් නොදෙන අය පුද්ගලිකවම දනිමි. අවන්කවම බැලුවොත් සෑහෙන දුකකුත් විඳිනවා පාඩම් කරන්නයි ..ඊට පස්සේ සේවාස්ථ පුහුණු කාලෙයි. ඒ වගේම ජාතික රෝහල වගේ තැන්වල වැඩ කරන කොටයි. හැබැයි ඒ වගේම කෙලින්ම ලෙඩ්ඩුන්ට බෙහෙත් නොදී සහයක අංශ වලට පැනගන්න ඒවගෙන් විභාග කරන්න තමයි ගොඩක් කට්ටිය බලන්නේ . ඒ වගේ ආයතන වල පිරිලා ඉන්න අය නම් ලෙඩ්ඩුන්ට කොරන සේවය අල්පයි. අනික වෙන වෙන මට්ටමේ සෞඛ්‍ය සේවකයින්ට ලැබෙන්න හිමි ශිෂ්‍යත්ව වලට හෙම ගියපු දොස්තර වරු ඉන්නවා . ඔය අතරේ හැබෑවටම පුද්ගලික සේවයක් වත් නොකර ලෙඩ්ඩු වෙනුවෙන්ම කැප වුන අයත් ඉන්න බව අමතක කරන්න ත් බැහැ. ඒ වගේම බොහොම සාධාරණ විදියට පුද්ගලික සේවයේ යෙදෙන මහතුන් හුඟක් ඉන්නවා .
ReplyDeleteඒත් එක්කම සෞඛ්‍ය සේවය කියන්නේ සාමුහික තැනක් . කලකට පෙර අතුරු වෙද සේවයේ අන්තිම අදියර ඒ කියන්නේ විශ්‍රාම යන කෙනෙක්ගේ පඩියට වඩා අලුතින් පත්වීම ගන්න දොස්තර කෙනෙක්ගේ පඩිය වැඩි වෙන්න ඕන කියල ඉල්ලීම් කළා මතකයි.
පුද්ගලික අධ්‍යාපනයේ කොලිටිය ගැන හිතල අනේ අහිංසක ලෙඩ්ඩුන්ට ආදරයෙන් දොස්තර මහත්තුරු මේ සටන කරන බව අපිට ඔප්පු කරන්න හැකි නම් අනේ අපේ සම්පුර්ණ සහයෝගය එතුමන්ලාට . එහෙම නැත්නම් ඉතින් ඉරිසියාව කියල තමයි හිතන්න වෙන්නේ .
මේ පුද්ගලික වෙද විදුහලට ගන්න අවම සුදුසුකම මොකක්ද . මොකද උසස් පෙලින් පාස් වෙලා රජයේ එකකට යන්න බැරි හැමෝම මෝඩයෝද . එහෙම නම් මේ බ්ලොග් අවකාශයේ කීපදෙනෙක් ඇර අපි හැමෝම මෝඩයෝය .
@ බින්දි
ReplyDeleteනියමෙටම කියා ඇත. අපි ඔක්කෝම මොඩයෝය. නිකන් මෝඩයෝ නොවේය. ගොන් මෝඩයෝය..
කියවගෙන කියවගෙන ගියා... ඇත්තටම 100%ක් ඇත්ත කියලා තියෙන්නේ....
ReplyDeleteමෙහෙම අයට මොනවද කරන්නේ ඉතින්.....
ලෙඩක් හැදුනහම අපිට බේත් ගන්නම වෙනවානේ..
@ Bindi උසස් පෙළ ප්‍රතිඵල කියන්නේ අනාගත වෛද්‍යවරු තෝරාගන්න හොඳ නිර්ණායකයක් නෙවෙයි කියන තැන මමත් ඉන්නවා. ඕනෙම කෙනෙකුට හරි හමන් පුහුණුවක් ලබා දුන්නොත් දොස්තරකම කරන්න බැරි නැහැ. අනිත් එක බුද්ධිය කියන එක උනත් උසස්පෙළ ප්‍රතිඵල වලින් කොහොමත් මනින්න බැරි එකක්. මම දන්නා සිරාම මීටර් ඉන්නවා ඕනේ උනන්දුව නැතිකම නිසාම ඔය ෆැකල්ටි වලට යන්න බැරිවෙච්ච. හරි නම් වෛද්‍යවරයකුට තිබිය යුතුම ගුණාංගයක් වන සත්ව කරුණාව තියෙන උදවිය තෝරාගන්න ක්‍රමයක් තියෙනවනම් තමයි වඩාම හොඳ. හැබැයි සෞඛ්‍ය සේවයට තෝරා ගන්න හැම කෙනෙකුටම ඒ ගුණාංගය තියෙන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. කරුමේ කියන්නේ එහෙම ක්‍රමයක් නැති එක. කොච්චර ඉගෙන ගත්තත් මිනිස්සුන්ගේ ගතිය වෙනස් වෙන්නේ නැහැනේ.
ReplyDeleteදොස්තරලගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි සටනේ ඔය ඉස්සරහට දාන ප්‍රමිතිය ලෙඩ්ඩුන්ට ඇති ආදරේ නිසාම නම් නෙවෙයි. ඒකෙ තව ගොඩක් පැති තියෙනවා. කොමෙන්ටුවක ලියන්න ඒ කතාව දිග වැඩියි. හැබැයි ඕක ප්‍රයිවට් ප්‍රැක්ටිස් නිසා වෙන එකක් නෙවෙයි. එහෙමනම් ඒ ගොල්ලෝ මුලින්ම විරුද්ධ වෙන්න ඕනේ රජයේ වෛද්‍ය විද්‍යාල වලට ගන්න සිසුන් ගණන වැඩි කරද්දී. මගේ පලවෙනි කොමෙන්ටුව සම්පූර්ණයෙන්ම කියෙව්වොත් ඔය දොස්තරලා පඩිය ගැන සහ මුදල් ගැන ඔය තරම් හිතන්නේ මොකද කියල යම් තරමකින් අහරි අදහසක් ඒවි.
හැබැයි දොස්තරලා ඔය අනවශ්‍ය තරම් උඩින් තියල තියෙන්නේ නම් අපේ රටෙමිනිස්සුම තමයි. ඕක උන විදිහ මම දකින්නේ මෙහෙමයි. ට ඉස්සරම කාලේ දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් උනේ සල්ලි කාර බලපුලුවන්කාර පවුල් වල උදවියට විතරයි. එයාල ඔය වෘත්තීය කලේ රැකියාවක් විදිහට නෙවෙයි. එයාලට ඕනේ තරම් සල්ලි තිබුන. නම්බුව වෙනුවෙන් කල දෙයක් තමයි ඕක. ඔය නම්බු කතාව මිනිස්සුන්ගේ හිතේ තාම තියෙනවා. අනිත් ඒක ඒ කාලේ වන්ශක්කාරයන්ට යටවෙලා හිටපු මිනිස්සුන්ගේ හිත් වල ඒ යටහත් බව තවම හැංගිලා තියෙනවා.නොදැනුවත්වම දොස්තර කියනකොට මිනිස්සුන්ගේ ඔලුවට එන්නේ මේ අපේ ලොක්කෙක් කියල. ඒක නිකම් තවමත් අපේ මිනිස්සුන්ගේ තියෙන යටත් විජිත මානසිකත්වය වගේ දෙයක්. සුද්දෙක් දැක්කම තවමත් දෙකට නැවෙන්නේ ඒකනේ.
@ ඕනයා සහ බ්ලොග් ගඩොල් ..පූසන්ගේ හැම පොස්ට් එකක්ම කියවපු මට මේ ලින්ක් එක කොහොම මිස් උනාද මන්ද. හැබැයි ඔය කාලේ මම කොමෙන්ටු දාන්න දැනගෙන හිටියේ නැහැ. ඔය දොස්තරට උනේ මොකක්ද කියල මම හොයල බලන්නම්. විනය පරීක්ෂණයක් තිබුනානම් ආයතන සංග්‍රහයේ හැටියට එක ඉවර වෙනකම් එයා ගැන තොරතුරු ලබා ගන්න අමාරුයි. ඉවර වෙලා නම් මොකද වෙලා තියෙන්නේ කියල මම කියන්නම්. ඒකෙ කොමෙන්ටු දාල තියෙන ඇනෝ ල නම් අන්තිමයි.
@ දේවා ගේ අඩවිය
ReplyDeleteඇත්ත. ලෙඩක් හැදුනම බෙහෙත් ගන්න ඕන තමයි. ඒත් වෙදකම වගේම හෙදකමත් දන්න කෙනෙක්ගෙන්.. ලස්සන දොස්තර නෝනා කෙනෙක් දැක්කා. ලෙඩ්ඩුන්ට කතා කොරන්නේ. අම්මේ තාත්තේ අක්කේ අයියේ කියල. ඒ නෝනගෙන බෙහෙත් ගන්න ඕන නෑ. බැලුවත් ඇති. ලෙඩ්ඩු කිව්වේ එහෙමයි. අති දුෂ්කර පෙදෙසක, ආන්ඩුවේ ඉස්පිටිතාලෙක.
@ චීටා
ReplyDeleteමම මුලදීම කිව්වේ ඒකයි. හොඳ අය... ටිකයි.. හොඳයි...
මලයා උඹේ කතාවට විසිල් ගහන්න හිතයි. ඒත් මලයෝ එහෙම ගහන්න බෑ නොවැ.
ReplyDeleteමෙන්න මේකයි හේතුව
නිර් රාමුට ගහන්න බැ කිව්ව විසිල් එක මෙන්න මගෙන්
ReplyDelete@ නෝ ෆ්‍රේම්ස්
ReplyDeleteඒ ළිපිය කියෙව්වා. මා විවේචනය කර ඇත්තේ දොස්තරවරුන් පමණක් නොවේ. මා මාවද විවේචනය කරගෙන ඇත. පරණ පෝස්ට් කියවා බලන්න. අප කවුරුත් සම්පූර්ණ නැත. නමුත් වැරදි හදා ගත යුතුය..
@ බුවා
ReplyDeleteදෙන්නම එක්ක නිර් රාමුටත් විසිල් එකක් ගහමු බුවෝ..
//සුද්දා හදන වාහනවල ගියාට. හිත වැද්දාගේය. දුන්නයි ඊතළයි අරගෙන දඩයමෙම යන්නේය.//
ReplyDeleteඕක තමා බං මහ ලෙඩේ....
@ චාමී
ReplyDeleteඩොක්ට පමණක් නොවේය. වැඩි දෙනා එහෙමය.
Irrespective of receiving daily oral or future injectable depot therapies, these require health care visits for medication and monitoring of safety and response. If patients are treated early enough, before a lot of immune system damage has occurred, life expectancy is close to normal, as long as they remain on successful treatment. However, when patients stop therapy, virus rebounds to high levels in most patients, sometimes associated with severe illness because i have gone through this and even an increased risk of death. The aim of “cure”is ongoing but i still do believe my government made millions of ARV drugs instead of finding a cure. for ongoing therapy and monitoring. ARV alone cannot cure HIV as among the cells that are infected are very long-living CD4 memory cells and possibly other cells that act as long-term reservoirs. HIV can hide in these cells without being detected by the body’s immune system. Therefore even when ART completely blocks subsequent rounds of infection of cells, reservoirs that have been infected before therapy initiation persist and from these reservoirs HIV rebounds if therapy is stopped. “Cure” could either mean an eradication cure, which means to completely rid the body of reservoir virus or a functional HIV cure, where HIV may remain in reservoir cells but rebound to high levels is prevented after therapy interruption.Dr Itua Herbal Medicine makes me believes there is a hope for people suffering from,Parkinson's disease,Schizophrenia,Lung Cancer,Breast Cancer,psoriasis,Colo-Rectal Cancer,Blood Cancer,Prostate Cancer,siva.Fatal Familial Insomnia Factor V Leiden Mutation ,Epilepsy Dupuytren's disease,Desmoplastic small-round-cell tumor Diabetes ,Coeliac disease,Creutzfeldt–Jakob disease,Cerebral Amyloid Angiopathy, Ataxia,Arthritis,Amyotrophic Lateral Scoliosis,Brain Tumor,Fibromyalgia,Fluoroquinolone Toxicity
ReplyDeleteSyndrome Fibrodysplasia Ossificans ProgresSclerosis,Alzheimer's disease,Adrenocortical carcinoma Infectious mononucleosis. .Asthma,Allergic diseases.Hiv_ Aids,Herpe ,Copd,Glaucoma., Cataracts,Macular degeneration,Cardiovascular disease,Lung disease.Enlarged prostate,Osteoporosis.Alzheimer's disease,
Dementia.(measles, tetanus, whooping cough, tuberculosis, polio and diphtheria),Chronic Diarrhea,
Hpv,All Cancer Types,Diabetes,Hepatitis,I read about him online how he cure Tasha and Tara so i contacted him on drituaherbalcenter@gmail.com / . even talked on whatsapps +2348149277967 believe me it was easy i drank his herbal medicine for two weeks and i was cured just like that isn't Dr Itua a wonder man? Yes he is! I thank him so much so i will advise if you are suffering from one of those diseases Pls do contact him he's a nice man.