.

.

Feb 20, 2013

චන්ද්‍රිකාගේ පොත - Autobiography of Madam Chandrika



මහ රෑ ෆෝන් එක වැදුනාම, ආනසර් කරන්න ඉස්සෙල්ලා නොම්බරේ බැලුවාම, නොදන්නා නොම්බරයක් නිසා, සෑකෙන් ආන්සර් කලාම, එහා පැත්තෙන පැත්තෙන් පිරිමි කටහඬකින්  ඇහුවේ "හලෝ මාතලන්ද" කියාය. "ඔව් මචං කව්ද...?" කියා ඇහුවාම එහෙන් කිව්වේ "මම මේ චන්ද්‍රිකා..." කියාය. "මොන චන්ද්‍රිකාද බන්... නිදිමතයි... නිදා ගන්න දියන්කෝ..." කිව්වාම, එහෙන් කිව්වේ "මම ප්‍රසිඩන්ට් චන්ද්‍රිකා..." කියලාය. "අම්මට හුඩු.... මේ අපේ මැඩම්නේ... මක්කටෙයි මැඩම් මේ මහ රෑ කෝල් කලේ...?" කියා අහුවාම එයා කිව්වේ. "මම මේ මගේ ඔටෝබයෝග්‍රෆිය ලියන්න කෙනෙක් හොයනවා..... මාතලන්ට බැරිද වැඩේ කරන්න... කියලාය.  මම කිව්වේ "මැඩම්.... ඇයි විකටර් අයිවන් ලියලා ඉවරනේ... ආයිත් ලියන්නේ අහවල් එකද...? කියලාය.

"අනේ උගේ පොත් ලිවිල්ල.... ඕකා පොත ලිව්වේ මට කෙල උනායින් පස්සෙ නේ.... ඒ කාලේ ලිව්වනම්, බැද්දෙගානේ සංජීවට කියලා, රෝහන කුමාරයා ගිය දිහාවටම යවනවා.... ඔන්න බලන්නකෝ මහින්දට කෙල වෙච්චි දවසක ලියන්නෙ නැද්ද කියලා තව පොතක්..." කියා මැඩම් කිව්වේය. "අනේ මැඩම්, මම ඔය පත්තරවලට, බොග්වලට ලිව්වට, පොත් ලියලා නෑනේ..... ඕනමනම්, පොත් හතක් අටක් දැනටත් ලියා දාලා ඉන්න කතාට කියන්නම්...." කිව්වාම, එයා කිව්වේ "එහෙනම් අහල බලලා කියන්න.... වෙලාවක සෙට් වෙමු... ගුඩ් නයිට් මාතලන්...!!!" කියාය. "ගුඩ් නයිට් මැඩම්...!!!" කියු මා බැලුවේ, මේ හීනයක්ද කියාය. ඇත්තම කේස් එකක් බව දැන ගත්තේ ලාස්ට් රිසීව් කෝල් එකේ වෙලාවයි, නොදන්නා නම්බරයක් බව සක් සුදක් සේ දැනගත්ත හින්දාය.

පස්සේ බැලුවේ කතාට දෙනවාද, මමම ලියනවාද කියාය. දන්න කියන අයගෙන් උපදෙස් ටිකකුත් අරගෙන, මමම ලියලා දානවා කියා, ලියන ආකාරය ගැන දල සැලස්මක් සිතින් මවාගත්තේය...මෙයා ගැන ලියන්න තියෙන දේවල් ලියලා තියෙන නිසත්. වෙන ලියන්න ඉටිගෙඩියක් නැති උනත්, අලුත් ඉසටයිල් එකකට මක්කා හරි ලියලා දානවා කියලාය.. පොඩි කාලේ ගැන නම් පරිච්චේද දෙකක, අම්මයි තාත්තයි ගැන පිටු 200 ක් විතර පුරවන එක සිම්පල්ය. අපි ඉතින් බන්ඩාරණායක මහත්තයායි නෝනා ගැනයි වර්ණනා කලාට, එයා තාත්තටයි අම්මටයි බනීද දන්නේ නැතිය. මොකෝ 94 එයා සාම කුමාරි ලෙස එන්න උනේ තාත්තා කෙලපු පිස්සු නිසාය. කොමියුනිස්ට් ක්‍රොමේට රට කොරලා, මිනිස්සු මිරිස් නැතිව හොදි කාපු හැටියි, සීනී නැතුව තේ බීපූ හැටියි. රෙදි නැති නිසා, ගෑණු කොටට ඇඳපු හැටියි, බූමිතෙල් ගඳ ගහන රෙදි දුන්නේ ඒ කාලේ ගැරඬි ගොඩාක් ලංකාවේ සිටි නිසාදැයි කියා අම්මා උනත් විවේචනය කොරන්න ඉඩ තියෙනවාය.

සෝබෝන් එකේ කේස් එක ගැන නම් රාජිතගෙන අහගෙන ලියන්න පුළුවන්ය. තව මක්කා හරි ඇස් බීත් දන්නවා ඇතිය. මෙහෙම අන් අයගෙන් උපදෙස් ගන්න වෙන්නේ එයා කියන එවා ෂුවර් නැති නිසාය. ඕනම නම්, සෝබෝන් ගිහින් එහේ කස්ටියගෙන් උනත් අහගෙන එන්න ඇහැකිය. විජේගේ ලස්සන ෆෝටෝ ටිකකුත් එක්ක තවත් පිටු 100 ක් විතර අදින එකත් සිම්පල්ය. විජේ කොටු පැනලා, මැඩම්ට මල පැනපු ඒවාත් එක්ක ආවොත් නම්, ඒක වෙනම පොතක ලියනවා කියා පරිච්ඡේදය අවසානයේ සඳහනකුත් කරන්න පුළුවන්ය. විජේ මැරුවේ කව්ද කියා හරියටම කියන්න දන්නෙ නෑ කියා පොතේ ලියන එක කෝකටත් හොඳය. මොකෝ කාලේක ජේ වී පී කියන කටින්ම, ජෙප්පො එක්ක මගුල් කෑම නාට්ටිය රඟ දක්වන කොට කියන්නේ, යූ ඇන් පී කියලාය. දැන් යන ක්‍රමේට. ඉස්සරහට විජේ මැරුවේ වෙන කස්ටියක් කියා උනත් කියන්න පුළුවන්ය. විජේ චන්ද්‍රිකා ප්‍රෙම පුරාණය, සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ඉට්ටයිල් එකට, ලිව්වාම මෙගා එකකට විකුනලා කීයක් හරි හොයා ගන්නත් පුළුවන්ය.

ඊට පස්සේ රට ගිහින් අපා දුක් වින්ද කෑල්ල නම්, කඳුළු පනින්න, සුනිල් මාධව ප්‍රේමතිලකට කියා ලියව ගත්තත් අවුලක් නැත. මොකෝ ඩලස් ෂුවර් නැති නිසාය. ඊට පස්සෙ පේම්දස් රජාගේ ඇවෑමෙන්, පොන්නයෙක් රජ වූ හැටිත්, එක පිට එක සුවිප් ඇදී, නිකන්ම රජ පුටුවේ වාඩි උන හැටිත් ලිව්වයින් පස්සේ, ලියන්න දෙයක් නැති වෙන්නේය. ඒත් ඉතින් පොතේ පිටු හිස්ව තියන්න බැරි නිසා, ඕමාර් කයියාම්ගේ කවිවලිනුත්, ව්‍යාත්සල්යගේ කාමසූත්‍රයෙනුත් කොටස් පලකලාට අවුලක් වන්නේ නැතිය. ඒ අතරේ මොන්ගල්, ඩිලාන්, පිස්සු විතාරණ, ජී ඇල්, නිමල්ලා එක්ක රඟපාපු සුදු නෙළුම ඔපෙරාව ගැන, ජැකාගෙන් අහගෙන ලියා ගන්න පුළුවන්ය. ඌට මේක නෙළුම් පොකුනේ උනත් පෙන්නන්න පුළුවන්ය. හැබයි සුදු නෙළුම් මල් පෙන්නන්න ගිහින් ලොක්කාගේ මල පැන්නොත් හෙම මට කොරන්න නම් දෙයක් නැත්තේය.

මා කල ගොන්කම් කියා අවසාන හරියේ පිටු 100 ක් 200 ක් පුරවන එකනම් සිම්පල් වැඩක්ය. ඒවා ගැන හඩ්ඩාගෙන් හා මහින්ද විජේසුන්දරගෙන් උපදෙස් ගත හැකිය. ඒ යටතේ මුලින්ම මහින්දට කෙලවෙන්න, මහින්ද රජකමට ඉල්ලන්න දාපු එකත්, දියවන්නාවේ බඩු ගහපු එකාට, චීප් ජස්ටිස් දීපු එකත් ලියන්න ඇහැකිය. ඔය අව් අස්සේ මට මතක් උනේ චන්ද්‍රිකාට මේ හදිස්සියේ පොතක් ලියන්න හිතුනේ මොකද කියාය. මට පේන්නේ පොත ලිවීම කෙසේ වෙතත් හොඳ පොතක් පෙරලන්න නම් ලැහැස්ති වෙනවා වාගෙය.

ඊළඟ සැරේ ජනාධිපතිවරනෙට මහින්ද මහත්තයා එක්ක ගේමක් දෙන්න, රනිල් දානවාට වඩා චන්ද්‍රිකා දාන්න කස්ටිය සෙට් වෙනවා වාගේය. අහක යන මොන්ගල් නයෙක් රෙද්ද අස්සේ දාගෙන. (සමාවන්න කලසම අස්සේ දාගෙන.) රනිල් මහත්තයත් මේ දවස්වල අම්බානක නානවාය. මේවා මොන්ගල් වැඩ වගේ පෙනුනාට. ගල් ආඳා වැඩ සටහන්ය. මක්කා උනත් ඉඳ හිට පොඩි සද්දයක් දා සෙට් වෙන්නේ ඒ වගේ එහෙකටනම් වෙන්න ඕනාය. ඔය මොනවා උනත්. 94 ඉඳන් මෙළෝ රහක් නැතුව උන්න සෙට් එකේ, කොච්චර උන් හිටියත්, පොත පිදීම කල යුත්තේ නම්, අග්‍ර පුරෝහිත මොන්ගල් මහතාටමය. පොතට ඇතුලත් කල යුතු තවත් කරුණු වේනම් මාතලන් දැණුවත් කිරීම අගේ කොට සලකන්නේය..

ප: ලි:
මේකට දාන්න පින්තූරයක් ගැන කල්පනා කර කර ඉඳිද්දි, ඉන්දික දිසානායක, නියම කාටුන් එකක් ඇඳලා. ඒත් ඒ පොත වැඩිහිටියන්ට පමණයි. අද නම් මේ වගේ ඒවා ලියන්න කවුරුත් නැති උනත්, මට කාටුන් එක දැකපු ගමන් මතක් උනේ "තුන් වන සිල් පදය නොකඩමි" ලියපු, ගුලී හෙවත් ගුණදාස ලියනගේය. ඔය සිරසේ නිව්ස් කියන්නේ එයාගේ දුවක්ය. එයාගේ නම චේතනා ලියනගේය.

74 comments:

  1. මටත් හිතුන මාතලන්ට එවන්න 2nd hand informartion ... බලාගෙන යනකොට ඒවා මට කියපු අයව දැනටමත් මාතලන් හොයාගෙනනේ!!!

    ReplyDelete
    Replies
    1. මගෙත් යාලුවොනේ එයාලා. මැඩම්ට දුක ඇති ඒ වගේ උන් යාළුවෝ හැටියට ආශ්‍රය කලාට..

      Delete
    2. // පේම්දස් රජාගේ ඇවෑමෙන්, පොන්නයෙක් රජ වූ හැටිත් //

      Why are you insulting Mr. D B Wijetunga ?

      Delete
    3. ඌ නිසා තමයි රටට කෙළ උනේ...

      Delete
  2. ඇයි තනි ඇසෙන් ජාතිය හඩවා කතා කල හැටි නම් තද පාටින් ලිවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව... මැවිලා පෙනේවී රූපේ ඇගේ...

      Delete
  3. මා කල ගොන්කම් කියන කෑල්ලට වෙන නමක් දාපන් අයියෙ... මම ඒ නමින් පොතක් ලියන්න ඉන්නෙ... ;)

    ReplyDelete
    Replies
    1. උඹ නෙමෙයි ඡන්දෙ දාපු ගොඩාක් අය ලියන්න ඉන්නේ ඔය නමින්

      Delete
  4. අපි නම් වැඩිය ඕවා දන්නේ නැත.පොත ලිව්වට පස්සේ කියන්න අපිත් අරන් කියවන්නම්. :)

    ReplyDelete
    Replies
    1. ඕක තමයි කරුමේ. අපේ ඒවුන් දුර අතීතය තියා. මෑත ඉතිහාසයවත් නොදන්න එක...

      Delete
  5. දැන් ඉන්න උන්ට වඩා නම් ඒකී හොදයි අයියේ....

    ReplyDelete
    Replies
    1. කොහොමත් පිඟන් හෝදන්නෙ නැති එකාගේ අතින් පිඟන් කැඩෙන්නේ නෑනේ..

      Delete
    2. එතකොට ඔයා කියන්නෙ පිගන් කඩන එකා හොදයි කියලද? පිගන් කැඩුවත් පිගන් නොසෝද නිකන් හිටියත් දෙකෙන්ම එකම සෙතේ නේද මාතලන්....

      Delete
    3. මේ උදාහරණය දුන්නට. ඒක ඊට වඩා ගැඹුරින් කතා කල යුතු දෙයක්..

      Delete
    4. ඉතින් කතා කරමු....ඇමතියගෙ වැරදි විතරක් පේන ඔයාට මහ මිනිහගෙ වැරදි නොපෙනීම බාලචන්ද්‍රන්ගෙ ඝාතනයට නොදෙවෙනි කණගාටුදායක කතාවක් විදිහට තමයි මට පේන්නෙ....

      Delete
    5. ඒ මූසල කතාව මෙතන කතා කරන්න එපා..

      Delete
  6. මාතලනෝ ලිවිල්ලනං සුපිරිමය. අමතක වුණානං නළු ගුණතිලක උන්නැහේගේ ගැන ය. එහෙත් අන්තර්ගතය ගැන එතරම්ම පැහැදීමක් නැති ය. පරිගණක කාටුන්වලින් ඉන්දිකයාට ගහන්නට කෙනෙකු නැති තරම් ය. ගුලිගේ දුව චේතනා වගේම අර පියරු බබා ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ හා වජ්රපානි පුතුන් දෙදෙනා ය.ඔබේ හැකියාවට ගරු කරමි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන වික්ටර් අයිවන් අතිනුත් දාලා ලියලා තියෙනවනේ. ඕන නම් පී ඩී ඇෆ් එකකට ලින්ක් එකක් දාන්න බැරිය පොතේ....

      Delete
  7. හැබැයි මට මෙහෙම දෙයකුත් කියන්න හිතෙනවා. උඩින් ඇනා කියලා තියෙනවා වාගේ දැන් ඉන්න උන්ට වඩා මැඩම් හොඳයි වාගේ. හේතු කිහිපයක් ම තිබෙනවා. නමුත් වරදවා හිතන්න එපා. මම කියන්නේ දැන් ඉන්න උන්ට සාපේක්ෂව.

    ReplyDelete
    Replies
    1. වික්ටර් අයි+වන් කියන්නේ හැමදැමත් බලයේ රිංගන්න බලන කෙනෙක්නේ. මුලින් ජවිපේ සමඟ බැලුවා.... ඊට පසු මැඩම්, පස්සේ සංවේදී තාත්තා, පැරකුම් හරි පුංචි පේමදාස හරි ආවෝත් එයත් එක්කත් සෙට් වෙයි. වෙයි කියුවාට අනිවාර්යෙන් එය වෙනවා.

      Delete
    2. අනෙ එයයිගේ හොඳේ... දෙවනි කරුණ ගැන කියනවානම් ඒ කතා කියලා ඉවරයිනේ. 2002 රනිල් පත්කරලා තියෙන්නෙත් එයා. 2005 මහින්ද පත් කරලා තියෙන්නෙත් එයා. අනාගතේ පත් වෙන එක්කෙනා පත් කරන්නෙත් එයා.

      Delete
  8. hotal wala hondata beela security manta kiyala 2-3 annagena karatikedunama mulu hotalema light niwala mara senaawa ussagena ewith karekata dagena giyama light enaheti liyanna puluwan.

    ReplyDelete
    Replies
    1. විස්කි මැඩම් කියන්නෙ නිකන්ද. මම මේ පෝස්ට් එකේ පින්තූරෙට දාන්න හිටියෙත් විස්කි බෝතලයක්...

      Delete
  9. අපිනං පොඩි ළමයි නිසා දැක්කේ නෑ වගේ ඉන්නං..
    වැඩිහිටියන්ට පමණයිනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හොඳයි. තොපි මක්කටද මේවා කියවන්නේ.. දුවපියව්.. වල් කොල්ලෝ....

      Delete
  10. මැඩොම් 94 දිනපු වෙලාවේ ඒරොප්පේ පත්තර කාරයෝ කිවුවේ ගාන්ධි නැවත ඉපදිලා කියලලු

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒයාට සැබෑ උවමනාවක් තිබුනා. සමහර විට තාත්තා කරපු වැරැද්ද නිවැරදි කරන්නත් වෙන්න පුළුවන්. ඒත් ප්‍රභා කැමති උනේ නෑ. හොඳ වෙලාවට ඌ අකමැති උනේ. එහෙනම් අද රටේ ජනාධිපති ප්‍රභා....

      Delete
  11. මා කල ගොන් කම් යටතට ගන්න පුළුවන දේවල් රාශියක් අත. ඇසක් කණ වන්නට තමාම බෝම්බයක් සෙට් කර ගත්හැටි, (වික්ටර් අයිවන් ගෙන් හරියටම අහල ලියන්න හොඳේ)

    ReplyDelete
    Replies
    1. ඒවනම් වික්ටර් අයිවන්ගේ හිතලු, එයා හරි දස්සයි ඒ වගේ දේවල් ලියන්න...

      Delete
  12. බලන් ගියාම අපිත් ආස්‍රයකොරන්නේ එසේ මෙසේ පුත්තරයෙක් නොවේය ඈ බන් මාතලන් ඕකේ සනත් ගැන මොකවත් දාන්න ඉඩක් නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. සනත් ගැන ලිව්වොත් මැඩම් තරහ වෙයි. කෝ අනික් උන් ගැන කියලා...

      Delete
    2. වෙලුම් තිහ හතලිහක විතර පොතක් ලියන්න වෙයි එහෙනං

      Delete
  13. බොහෝ රජුන් හා රැජිණියන් ගමන් ගත් මාර්ගයේ ඇයද ගමන් කර ඇත. ඇතැමෙක් ශෝකයෙන්ද ඇතැමෙක් හාස්‍යයෙන්ද ඇතැමෙක් ද්වේශයෙන්ද අතීතය හාරා අවුස්සති. තමාගේ ප්‍රතිරූපය පාලකයාගෙන් දකින ජනතාව මිශ්‍ර හැඟීම් සහිතව තමාටම නැවත නැවතත් මනාපය පලකර ගනිති.

    ReplyDelete
    Replies
    1. Open your mouth man to pour some Bee honey.

      Delete
    2. එයයි මනුෂ්‍ය ස්වාභාවය....

      Delete
  14. What about our Dr.Mooia ? she only brought that idiot to the Diyawannawa,in spite of mustering only 2000 p.votes.

    ReplyDelete
    Replies
    1. මර්වියා ගෙනාවටනම් දුක නෑ. ඌ කැළණියට එකෙක්වත් නොකල දේවල් ගියා ඕවර් ගියාට. ඒත් ඔය සුසිල්ලා වගේ හාල්පාරුවෝ ගැන නම් මට දුකයි...

      Delete
  15. අන්තිම පිටු නම් ගැලපෙන්නේ පසුවිපරම වගේ අංග වලින් අග අල්ලන මහින්ද විජේසුන්දරමය.

    එතකොට ඒ කාලෙ දීවර ඇමතියෙක් ද කොහෙද හිටිය නේද? ඌ කෝ මේකේ???

    ReplyDelete
    Replies
    1. එයාට කෙලවන්න ගිහින් නේ මැඩම් අද නාන්නේ... ඩී බී වගේ පොන්නයෙක් හොයා ගන්න බැරි වෙන්න ඇති..

      Delete
  16. අනා...ෂෝයි.වැඩිහිටියන් ට පමණයි..:D :D

    ReplyDelete
    Replies
    1. වික්ටර් අයිවන් ලියපු එකත් වැඩිහිටියන්ට පමණයි...

      Delete
  17. අහල තියනවා සැටලයිට් දිවාකර කියල. ඇයි උඹ තාරා ඩි මැල් කන්සල්ට් කරන්නැත්තේ. මර්විනුත් යමක් කමක් දන්නවා ඇති. ඒ කාලේ එහෙ නිතර ආව ගිය එකානේ. කිරි බර්ටියගේ පිම්පියලුනේ.

    ReplyDelete
    Replies
    1. මර්වියා මැඩම්ට කියන ඒවා අහගන්න නම්, මැඩම් මහින්ද මහත්තයට විරුද්ධව එන්න ඕන. ආතල් කතා ටිකක් අහගන්න පුළුවන්...

      Delete
  18. ඕක ලියවිලා පොත එලියට වෙද්දී අපිත් වැඩිහිටියෝ වේවි එතකොට අපිටත් බලතහැකි.

    ReplyDelete
  19. වික්ටර් අයිවන්ගේ පොතනම් හරිම ද්වේශ සහගතව ලියූ දෙයක්... ප්‍රායෝගිකව හිතනකොට ඒ පොතේ තියෙන දේවල් ගැන තාර බර ඇරලා ගන්න ඕන කියලා තමයි හිතෙන්නේ...

    ප්‍රෙස් එක වට කරගෙන ගැසට් ගහපු ඒවා ලියන්න ඕන...

    අමාරුවෙන් හරි රනිල් මේච්චල් කරගෙන ආණ්ඩු ගෙනිච්ච හැටිත් ලියන්න ඕන...

    ඇයි මහින්දගේ කකුලෙන් ඇඳපු හැටිත් ලියන්න ඕන...

    ඇයි බන්, විජයගේ මිනිය ඉස්සරහා අත් උස්සලා දුන්න ප්‍රතිඥ්ඥා දුමින්ද සිල්වාට වගේ අමතක වෙලා ගිය හැටිත් ලියන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹ කියන ඔක්කෝම ඇත්ත. විකටර් නම් පොත ලිව්වේ ඉල්ලපු දේවල් ලැබුනේ නැති නිසා කියලා කවුරුත් දන්නවා...

      Delete
  20. මචෝ සනත් අයියා ගැන පිටු 100 විතර ලියුවේ නැත්නම් පොත මාර්කට් කරන්න ලැබෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බෑ බෑ.. කොහොමත් බෑ මැඩම් තරහ වෙනවා අනික් උන් ගැන ලිව්වෙ නැත්තේ ඇයි කියලා...

      Delete
  21. අපරාදේ බං. උඹ චාන්ස් එක ගනිං. උඹ තමා හරියන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකට තමයි උපරිම ට්‍රයි එක...

      Delete
  22. ප්‍රභාගේ බෝම්බෙ කොයි වෙලේ පත්තු වෙයිද කියලා හැමවෙලේම බයක් තිබුන බව නම් ඇත්තයි. එත් සුදු වෑන් ගැන නොහිතා ගෙදර ඉන්න ලැබුන එකත් රුපියල් 50 ට බියර් එකක් ගහලා රුපියල් 45 ට ඉඳි ආප්ප කොත්තුව කාපු ඒ අතීතය අමතක කොරන්නත් මට බැහැ මාතලේ.

    ReplyDelete
    Replies
    1. රටට ජාතියට කල උදාර මෙහෙවර යටතේ ඒ ගැන නම් ලියන්නම් ඕන. සෑම හන්දියකම බාර් එකක් දාපු එක ගැන...

      Delete
    2. කන බොන එකෙක් විදිහට මගේ නම් ඒ ගැන විරෝධයක් නැහැ.විදේශ සම්බන්ධතා,මානව හිමිකම් අතින් එදා සෑහෙන්න ඉදිරියෙන් හිටියා.

      Delete
    3. මුකුත් නොකට ඉන්න කොට එහෙම තමයි. විදෙස් සබඳතා හොඳින් පැවතීම පිළිබඳව ගෞරවය නම් අනිවාර්යයෙන් කදිරගාමර්ට හිමිවිය යුතුයි. එමෙන්ම බෝගොල්ලාගමත් එය යුද්ධය කාළයේ පවා පවත්වාගෙන ගියා. එහෙත් එයින් පසු හාල්පාරුවකු අතට එම තනතුර පත්වීම අද ඇතිවි සියළු ප්‍රශ්ණයක් වලට හේතුවයි. තනතුරකට උගත්ගම, කඩවසම් බවට වඩා වටිනුයේ පෞර්ෂත්වයයි...

      Delete
    4. ඇත්ත එයද මාතලන්? මේ වෙනකොට වනකරගෙන තියෙන හැටියට විදේශ ඇමති කෙනෙකුට කරන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවද?

      Delete
    5. ඒ ගැන කතා කිරීමෙන් පලක් නැත. මේ ආන්ඩුවේ දුර්වලතාවය එයයි. මගේ පෞද්ගලික මතය අනුව ඉන්නා අයගෙන වඩාත්ම ගැලපෙන්නේ නිමල් සිරිපාලයි.

      Delete
    6. කැපිල්ල නවත්වල වැඩේ රජීව විජේසිංහට වත් බාර දුන්නොත් ජිනීවා වලදී අවම මට්ටමින් වත් ගැලවීමක් තියේවී.මේ යන විදිහට ආර්ථික සම්බාදක පනවෙන්නත් ඉඩ තිබේ.

      Delete
  23. අනේ බන් බොක්කටම වැදෙන්න ලියල
    මට දීපන් පෙර වදන ලියන්න..
    ආසයි බන් ..pls

    ReplyDelete
    Replies
    1. පිස්සුද... මොන කේස් තිබුනත්. ඕන පොතක පෙරවදන ලියන්නේ අපේ ජනාධිපති තුමානේ..

      Delete
  24. හිහ්
    මැඩම්ගෙ ජීවිත කතාව ලීවොත් පොතේ පිටු ඔක්කොම කලුපාටට තමයි තියන්න වෙන්නෙ

    ප.ලි.
    හැබැයි මට තාමත් හිතෙන්නෙ මේ රටටේ නායත්වයට ගැලපෙන්නෙ මැඩම් කියලමයි

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි මැඩම්ට නම්, ඒත් රට පාලනේට නෙමෙයි..

      Delete
  25. අතීතය දෙස තනි ඇහෙන් බැලීම!

    රූකාන්ත...චන්ද්‍රලේඛාත් අමතක කරන්න එපා...

    -Kandyan-

    ReplyDelete
    Replies
    1. රූකාන්ත එක්ක තරහා. කියන කියන සින්දුව සඳ ගැන උනාට... චන්ද්‍රිකාවක් ගැන සින්දුවක් කියන්නෙම නැති නිසාලු..

      Delete
  26. වික්ටර් අයිවන්ගේ පෑන කැඩිලද මන්දා? චන්ද්‍රිකා පැන්ෂන් යන මාසේදිම පොතක් ගහලා විකුණුවාට ඔය පොතේ දෙවන ඈදුම බෙස්ට් සෙලර් එඩිෂන් එකක් ලියන්න බැරිද ඇන ගැනිම නොහොත් නා ගැනීම කියලා හෙවත් චෞර මහින්ද හෙවත් අපේ තාලයේ වීරයෙක් කියලා ලියන්න. මිනිහා නේ ලිව්වේ මහින්දට කලින් හිටපු හැම නියකයාම දිව්රුම් දීලා කිරිබත් කෑවේ කේක් කන්න වගේලු. මලින්ද මාමා විකරයිලු නියම සිංහල තාලේට කිරිබත් කැවේ

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තට කෙල වෙච්ච ගමන් එලියට දාන්න දැනටමත් ලියලා ඇත්තේ.. රට කෑ සාටක පරපුර වගේ නමකින්

      Delete
  27. රැඩිකල් වැඩේට බැහැල වැඩ හින්ද ඔය බොන්ටියො ගැන මුකුත් මතකෙට එන්නෙ නැහැ.සනා බෝයි දීපු තුවායක් නම් තාම ලංකාවේ ඇති.ඒකට කටක් හයි කෙරුවොත් නම් ගොඩක් දේවල් අහගන්න පුළුවන් වෙයි.ලියන්න පටන් ගත්තම කියන්නකො කටක් හයි කරලම තුවාය එවන්නම්.

    ReplyDelete
    Replies
    1. එතකොට අනික් උන්ගෙ තුවා....

      Delete
  28. අන්න කතන්දරය උඹට හොරෙන් ගේමට බැහැල ජොබ බාර අරගෙන ඇඩ්වාන්ස් එහෙමත් අරගෙන රැජින මමයි රැජින මමයි අපේ රාජ්ජේ ගීතය කතාවක් කරලා තනි ඇහේ කතාව කවියක් කරලා.

    ReplyDelete
    Replies
    1. කතා කොහොමත් දස්සයා.. ඒකනේ මැඩම්ටත් රෙකමන්ඩ් කලේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න