.

.

Jan 31, 2013

ජාති(ය)ක වීරයෝ....!!! - Kind of National Heroes


පෙබරවාරි 4, අපේ ජාතික දිනයයි. එදිනට අප ජාතික වීරයන් සමරමු. එහෙත් ඇත්තටම අප ඒ සමරන්නේ වීරයන්ද යන්න දැනෙන්නේ, ඉන්දියාවේ ජාතික වීරයන්ගේ චරිත කතා මෙන්ම, පොත පත, චිත්‍රපට බැලූ විටයි. ඒනයින් බලනා කල, වීර පුරන් අප්පුගෙන් පසු, ගරු කල හැකි හා සැමරිය හැකී ජාතික වීරයෙක් නිදහස දක්වා නැති බව මගේ හැඟීමයි. මන්ද අපේ නිදහස, අපට දුන් නිදහසක් මිස අප ලද නිදහසක් නොවනා හෙයිනි. මිනිසුන් අතර නෝකුත් ආකාරයේ වීරයන් බිහි වූවද, ජාතික දින සමරනුයේ, රට වෙනුවෙන් තම ජීවීතය පරදුවට තබා සටන් කල විරුවන් හා දිවි පූජා කල විරුවන් පමණි.

දුටුගැමුණු රජතුමාගේ කාලයේ, එතුමන්ට සහාය දැක්වූ සාමාන්‍ය මිනිසුන්, යෝධයන් ලෙස සලකනුයේ ඔවුන් කල උදාරතර මෙහෙය අගය කිරීමට මිස, පුරාවෘත්තයන්හී පවසන ආකාරයෙන් ඇට්ලස්ලා නිසා නොවේ. ඉන්පසු විජයභා රජ සමයේද එවන් යෝධයන් පිරිසක් ලක් මව බේරාගත් පසු නැවත ජාතික වීරයකු ගැන අසන්නට ලැබෙනුයේ වීර පුරන් අප්පු ගැන පමණි. එතෙක් උන් අන් රජවරු සාසනයට යමක් කලා මිස රටට කරපු යමක් නම් නැත්තේමය. 

කුමන ආකාරයේ විවේචන තිබුනද නිදහසින් පසු ආර්ථික අතින් රට උඩු යටි කුරු ජේ ආර් ජයවර්ධන මට නම් වීරයෙකි. මන්ද සුද්දාගෙන් පසු සාමාන්‍ය ජනතාවට සුඛෝපභෝගී ජීවිතයක් ලබා දුන්නේ ඔහු නිසාය. එමෙන්ම, කොතරම් විවේචන තිබුනද, මහින්ද මහතාගේ නායකත්වය යටතේ, ඝෝඨාභය ලේඛම්තුමාගේ අධීක්ෂනය යටතේ මෙන්ම, සරත් ෆොන්සේකා නම් රණ විරුවාගේ මූලිකත්වයෙන්, අප රට දෙමළ ත්‍රස්තවාදයෙන් මුදවා ගෙන, ඔවුන් මෙන්ම ශවේන්ද්‍ර සිල්වා, චාගී ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා, කමල් ගුණරත්න, ජගත් අල්විස් සහ තවත් විරුවන් පිරිසක්, ජාතික වීරයන් බවට පත් උනේය..

මේ විරුවන් පෙබරවාරි 4 වනදා මහා ඉහලින් සැමරූවද. අපේ ජඩ මාද්දියවේදීන් හා රට කන දේශපාලුවන් සැමදා සමරණ ජාති(ය)ක විරුවන් පිරිසක් නිදහසින් පසු ලංකාවේ බිහිව ඇත. පහලින් සඳහන් වනුයේ ඒ එක්තරා ජාති(ය)ක විරුවන්ගේ නම් කිහිපයකි. මහාවංශයේ ලියා තැබීම සඳහා, අතපසු වූ අය වෙත් නම්, මතක් කර දෙන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි....
  • මරදානේ චොප්පේ
  • මරු සිරා
  • පොඩි විජේ
  • තුං මුල්ලේ පද්මේ
  • ගෝනවල සුනිල්
  • සොත්ති උපාලි
  • තෙල් බලා
  • බැද්දගාන සංජීව
  • නාවල නිහාල්
  • කරාටේ ධම්මික
  • වම්බොට්ටා
  • මාලු කට්ටා
  • කඩුවෙල වසන්ත
  • සාරුව සුනිල්
  • ප්‍රින්ස් කොලම්
  • ඕල්කට්
  • කුඩු නූර්
  • කිඹුලා ඇල ගුණා
  • කුඩු ලාල්
  • ෆාජී
  • අයිස් මංජු
  • ජූලම්පිටියේ අමරේ
  • කන්ගැට්ටා
  • මොරටු සමන්
  • සිංගප්පුරූ සරත්
  • නේවී සුදා
  • කරෝකේ වසන්ත...................
විශේෂ - අද සවස සිට, පෙබ. 4 සවස් වරුව දක්වා, ජාල සම්බන්ධතා නොමැති නිසා.. කලින්ම ජාතික දිනය සැමරුවෙමි...


සැ: යු:
දින තුනක් නිති පතා ජාලගත් වීමට නොහැකි බැවින්, කොතෙක් කීවද තුන් වන පාරෂවයන්ට මඩ ගැසීම දිගටම සිඳුවන බැවින්, ඇනෝ කොමෙන්ටු තාවකාලිකව නවතා ඇත. කීමට යමක් ඇත්නම් ඊ තැපෑලට විදින්න.. ඒ පිළිබඳව ඉතා කනගාටු වෙමි.

69 comments:

  1. කපපු නම.. සරත් පොන්සේකා...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ මේ පාතාලයන් සහ සරත් ෆොන්සේකා එකට තැබිය යුතු බවද?

      Delete
    2. කව්ද අනේ එහෙම කිව්වේ මහා වංසයට දාන්න ඕන අය ගැන නේ මේ කියන්නේ..

      Delete
    3. එයාව ලිස්ට් එකෙන් අයින් කරලා තියෙන්නේ..

      Delete
  2. මේකත් හොඳ කතාවක් :)

    ReplyDelete
    Replies
    1. මේකේ කොහේද අනේ හොඳක්

      Delete
    2. ජාතික වීරයෝ පඳුරට ගැහුවත් විසිවෙන කලෙක එහෙම වීරයෝ න කියල කියල තියන එක හොඳ කතාවක් තම.

      Delete
  3. //ජේ ආර් ජයවර්ධන මට නම් වීරයෙකි. මන්ද සුද්දාගෙන් පසු සාමාන්‍ය ජනතාවට සුඛෝපභෝගී ජීවිතයක් ලබා දුන්නේ ඔහු නිසාය. එමෙන්ම, කොතරම් විවේචන තිබුනද, මහින්ද මහතාගේ නායකත්වය යටතේ, ඝෝඨාභය ලේඛම්තුමාගේ අධීක්ෂනය යටතේ මෙන්ම, සරත් ෆොන්සේකා නම් රණ විරුවාගේ මූලිකත්වයෙන්, අප රට දෙමළ ත්‍රස්තවාදයෙන් මුදවා ගෙන, ඔවුන් මෙන්ම ශවේන්ද්‍ර සිල්වා, චාගී ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා, කමල් ගුණරත්න, ජගත් අල්විස් සහ තවත් විරුවන් පිරිසක්, ජාතික වීරයන් බවට පත් උනේය.//

    මේ යථාර්තය තේරුම් ගන්න උන් අඩුයි..පැහැදිලි සත්‍යයකි මේ කොටස නම්..

    ReplyDelete
    Replies
    1. පිලිගන්න මිනිස්සු ප්‍රමාණය තවමත් වැඩියි මම හිතන්නේ..

      Delete
  4. මාතලන් බොහෝ දුරට මේ ලිපිය හා එකඟයි.ඔබ ඉතිහාසය මුල් කරගෙනම කතා කළ නිසා මගේ ජාතික විරුවන් සැට් එක මෙහෙම ලියන්නම්.
    1. පණ්ඩුකාභය - විජාතික ආක්‍රමණ නිසා කැඩී විසිරී තිබූ රාජ්‍ය නියම පිළිවෙළකට ගොනු කිරීම. වසර 1500 වඩා පවතින විශාල අගනුවරක් සංවිධානය කිරීම. රටට නිසි නීති පද්දතියක් ඇති කිරීම.
    2. දුටු ගැමුණු - නැවත බිදී විසිරී ගිය රාජ්‍ය එක් තැන් කිරීම. රටේ නියම උරුමක්කරුවන් වූ කතරගම ක්ෂත්‍රියයන් රාජ්‍ය බලය ඇල්ලීම. බුදු දහම ස්ථාපිත කිරීම.
    3. විජයබා - ඉතාම බලවත් විජාතික සේනාවකට පැටි වියේදීම මුහුණ දී රට එක් සේසත් කිරීම. එහිදී යොදාගත් උපක්‍රම අදටත් වැදගත් යුධ උපක්‍රම වශයෙන් පිළිගැනීමට ලක් වීම.
    4. හයවන පරාක්‍රමබාහු - ඉතාම දුර්වල ව තිබූ රට නැවත එක්සේසත් කිරීම. වඩා බලවත් අරාබි ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම. සාහිත්‍යයට විශාල සේවයක් කිරීම.
    5. උඩරටට සිටි ප්‍රභූන් (මේ ගැන මා ලියා ඇත. සියල්ල වැරදුනාට එය ඔවුන්ගේ වරදක් ලෙස මම නොදකිමි.)
    6. වීරපුරන් අප්පු - ඔබ කිව් ආකාරයටම අවම පහසුකම් මැද විශල අධිරාජ්‍යයකට විරුද්දව නියම කැරැල්ලක් මෙහෙය වීම. මරණයට ඉතා නිර්භීතව මුහුණ දීම.
    7. අනගාරික ධර්මපාල - ජාතියට තම රටේ නිදහස පිළිබඳ වැදගත්කම පැහැදිලි කර දීම. එකල සිටි ප්‍රභූන්ගේ දැඩි බාධා කිරීම් හමුවේ වැසියන්ගේ දැනුම දියුණු කිරීමට උත්සාහ දැරීම්. ඉන්දියාවේ සිරගතව සිටීමට සිඩු වන්නේද එම කුමන්ත්‍රණ නිසාමයි.
    8. ජේ. ආර්. - කිසි කලෙක කවුරුන්වත් අත නොතැබූ අපේ රටේ ආර්ථිකයට විප්ලවීය වෙනසක් කිරීම. අදටත් ලෝකයේ නොයෙකුත් නව ආර්ථික ක්‍රම භාවිතා වෙතත් කිසිවකුට එම ක්‍රම වෙනස් කිරීමට නොහැකි වීම.
    9. රාජපක්ෂ යුගය ගැන නම් මට කියන්න තියන්නේ යුධ ජයග්‍රහනය පිළිබඳ පමණයි එය අගය කරමි. එපමණකි. -.

    ReplyDelete
    Replies
    1. වෙදනාගේ කතාව ඇත්ත

      Delete
    2. සෝයි බබා, ඔයාට තේරුනා එහෙනං. ඒක තමා අච්චාරු කොරන්න බොරුවට මහන්සි වෙන්ට එපා නේද. සෝයි පුතා...

      Delete
    3. එහෙම බැලුවොත් මීටත් වඩා විශාල පිරිසක් ඉන්නවා නේද වෙද මහත්මයා...

      Delete
  5. කුමන ආකාරයේ විවේචන තිබුනද නිදහසින් පසු ආර්ථික අතින් රට උඩු යටි කුරු ජේ ආර් ජයවර්ධන මට නම් වීරයෙකි//
    ජේ ආර් ගැන මම කුඩාකළ සිටම ඇසුවේ ඔහු ගැන ඍනාත්මක දේවල්.ඒත් විමසුම් ඇසින් බලන විට මොන අඩුපාඩු තිබුනත් ඔහු ජාතික වීරයෙක් තමයි.පවුලක් හැටියට අපට එම පාලන කාලයේ විශාල හිරිහැරවලට මුහුණ දෙන්න සිදු වුනා.ඒත් මම ඔහුට ගරුකරනවා.ඊට හේතුව තමයි ඔහු රට බේරාගත්තේ මහා අන්ධකාර යුගයකින්.
    මාක්ස්වාදය ට මුවාවූ නිරුවත් වැඩවසම් වාදයක් තුල සාමාන්‍ය ජනතාවට හිගන කම උරුම වෙලා තිබුනේ.සාමාජීය සංවර්ධනයක් සිදු වුනේ 1977න් පසුවයි
    ඊටත් වඩා විධායක ජනාධිපති ක්‍රමය නොවෙන්නට යුද්ධෙ දිනන්න කවදාවත් හම්බවෙන්නෙ නෑ
    ඒ වාගෙම අවිවාදයෙන් මහින්ද රාජපක්ෂත් ජාතික වීරයෙක්.ඔහුට සමාන කළ හැකි පෞර්ෂයක් තව අවුරුදු 20කින් වත් මෙරට පක්ෂ දේශපාලන පොර පිටියේ බිහිවෙන්නේ නෑ.
    එසේම තවත් වසර සිය ගනනක් ඔහුගේ සේවය ට සමාන සේවයක් කරන්න කිසිම කෙනෙකුට ලැබෙන්නේත් නෑ

    ReplyDelete
    Replies
    1. මටද වීරයෙකි.. සොරි විජේ.. (යාවජීව සේවා ගාස්තුව ගෙවා ඇත)

      Delete
    2. ඔබේ අදහස ගැන් විවේචනයක් නෑ....

      Delete
  6. අපේ ගමේ වීරයාගේ නම වැරදියට සදහන් කිරීමෙන් ඔබ දේශද්‍රෝහියෙකු බවට පත් වී ඇත. කඩුවෙල චමින්ද යන්නෙක් නැති අතර එය කඩුවෙල වසන්ත යනුවෙන් නිවැරදි විය යුතුය. ඔහුගේ ප්‍රමුඛ ගෝල කඩුවෙල බුද්ධදාසට මේ ගැන දැනුම් දුන්නොත් මාතලන් එලොව යන බැවින් එසේ නොකරමි.

    ජාතික වීර කටයුතු සේවා ඇමති කඩුවෙල වීරවංශ

    ReplyDelete
    Replies
    1. කඩුවෙල මංජු ?

      Delete
    2. වරද නිවැරදි කලෙමි. එහෙත් අද කඩුවෙල රන් කරන්නේ අපේ වීර විමල් වීරවංශ ශ්‍රේෂ්ඨ රණ විරුවාය....

      Delete
    3. ඌට වෙන කොහේ රන් කලත් කඩුවෙල වෙන්නේ බුද්ධයා දුටු විට පන එපා කියා රන් කිරීමටයි. ඌ පජාත කිරීමටම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම වත් බුද්ධයාට දිය යුතුය.

      Delete
  7. පුදුම ඉතිහාසයක් නේද අපිට උරුම ?
    තව 2500 ගියොත් මේක අනේ මන්ද
    මේ මිනිස්සු 10 මහ යෝධයන්ගේ තැන
    ගන්නවා...


    හෑ ඇත්තට දස මහා යෝධයෝ ගැනත් දෙපාරක් හිතන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමන්ටුව කියවනකොට, මෑතදී කියවපු ලිපියක් මතක් වුනා.

      http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3146

      Delete
    2. e ayi thilina ? inna balanna okata awith...

      Delete
    3. එයාලත් ඉතින් නම්බර් වන් තගාලා තමයි. නැත්නම් පුළුවන්ද ෆයිට් කරන්න...

      Delete
  8. ආචාර්‍ය මර්වින් සිල්වා?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොඳ දේශපාලකයෙක්... මොන පිස්සුව කෙලියත් මොන මැර වැඩේ කරත් අනිත් උන්ට වඩා හොඳයි....

      කොන්ද පන ඇතුව වැඩක් හරි කරනවා... (හොඳ උන් හොයන්න නෑ.. අඩුවෙන්ම නරක අය ‍තෝර ගමු)

      Delete
    2. මොනාද අප්පොච්චියේ පොරගෙ හොඳ වැඩ?

      Delete
    3. මර්වින් සිල්වා මොකක්ද ඔය ජී ඇල්ගේ ගෝලයෙකුත් හාමුදුරු නමක් අපවත් කොරලා තියෙන්නේ. මොරටුව ජී ඇල්ගේ නේද.....?

      Delete
    4. අනිත් උන් බලු වැඩ කර කර ඉන්නව විතරයිනේ. මේක මොනා කරත් අඩු තරමෙ කෙලින් වැඩක් හරි කරනව.

      Delete
  9. //කුමන ආකාරයේ විවේචන තිබුනද නිදහසින් පසු ආර්ථික අතින් රට උඩු යටි කුරු ජේ ආර් ජයවර්ධන මට නම් වීරයෙකි. මන්ද සුද්දාගෙන් පසු සාමාන්‍ය ජනතාවට සුඛෝපභෝගී ජීවිතයක් ලබා දුන්නේ ඔහු නිසාය. //

    අනිවා ,


    ලංකාවේ නිදහස ට ලොකු ගෙමක් දෙන්න පරිසරයක් තිබුනේ නෑ 47දී ඉන්දියාව අත්හැරියාට පස්සේ ලංකාව විතරක් තියාගෙන ඉන්න එකේ තේරුමක් නැනේ . කොහොම වුනත් ඔබේ ජාතික වීරයන් අර්ථ දැක්වීමට එහාගිහින් වෙද මහත්තයාගේ ලයිස්තුව තෝරගන්න මම කැමතියි . රාජපක්ෂ වරුන් සහ හමුදා නිලධාරීන්ට යුද්ධයේ පූර්න ගෞරවය හිමි වෙන බවට සැකයක් නෑ . නමුත් රටේම තවත් පුරවැසියන් පිරිසකට එරෙහිව කරන සටනකින් ජයගැනීම ජාතික වීරත්වයක් විදිහට අර්ථ දක්වන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ, ඒ ජයගත්තේ ත්‍රස්තවාදී අලුගෝසුවන් රැලකට එරෙහි යුද්ධයක්.
      යුද්ධයෙන් පසු රජයට එරෙහිව මොනතරම් විවේචන තිබ්බත් යුධ ජයග්‍රහණයේ ක්‍රෙඩිට් එක දෙන්න ඔනි.
      --- ජයශ්‍රී ---

      Delete
    2. රටේ ජනතාවට පීඩාවක් කරන මොන කට්ටියක් උනත් විනාශ කරන එකේ වැරද්දක් නෑ... නිදසස් රටක නිදහසේ ජීවත් වෙන්න නැත්නම් වාචික නිදහස කන්නද ????

      Delete
    3. වලියට නොවේ. උඹේ තර්කය උඹ අද ගෙනියන සටනින්ම නිෂ්ප්‍රබා වෙනවා. එනම් අන්වර්ට පිළිතුරු දීම (මා එය ඉතාමත් අගය කරනවා) ඔය අන්වර්ලා කල දේම කල පිරිසක් තමයි මුලින් උන්නේ. එක කාලයකදි ඔය හැම එකාටම හලාල් කවන්න යනවා වගේ පනහට පනහ ඉල්ලුවා. අන්තීමේදි අවි අරගෙන වෙනම රටක් ඉල්ලුවා. ඉතින් උන් නැති කල උන් වීරයෝ නොවෙයිද. වීරත්වය එසේම තියෙනවා. නමුත් වීරයෝ කියා රට සින්නක්කරේට ලියා ගන්න යන එකට නම් මාත් විරුද්ධයි.....

      Delete
    4. මොනා උනත් සිංහල රටේ වෙන ජාති වලට සෙල්ලම් දාන්න ඉඩ නෑ... ඒත් ඕනෙම ආගමකට නිදහස තියෙනව.

      Delete
    5. @මාතලන් - උඹ කියන කථාවේ ඇත්තක් තියනවා තමයි හැබැයි දෙමල සිංහල ප්‍රශ්නය ලංකාවට ආවෙණික (නිදහස ලබන කාලේ ඉන්දියාවේ චුට්ටක් තිබුන ) ප්‍රශ්නයක දිගුවක් , හලාල් කවන ගොය්යලා යුනිවර්සල් ප්‍රශ්නයක ශ්‍රි ලාංකික කොටස් කරුවන් . ඒ නිසා ඔය දෙකේ වෙනසක් මම දකිනවා . 80 දශකෙට කලින් අපේ දෙමව්පියෝ දෙමල පවුල් ආශ්‍රය කලාය කියන සමීපතාවයෙන් 10% සමීපතාවයකින්වත් මුස්ලිම් කෙනෙක්ව ආශ්‍රය කරන්න බෑය කියල මට දැනිලා තියනවා . ඒ නිසා මම දකින්නේ දෙමල සිංහල ප්‍රශ්නය ලංකාවට ආවෙණික දේශපාලනික ප්‍රශ්නයක් විදිහටත් , අනික ආගමික ප්‍රශ්නයක් විදිහටත් . ඔය මොන කේස් එක වුනත් එකම රටේ මිනිස්සු ඇන කොටා ගන්න එකෙන් කවුරුවත් ජයක් ලබන්නේ නම් නෑ , ගුටිකෙල ගන්නේ නැතුව අන්තවාදයට උත්තර හොයන්න පුලුවන් . අපේ දේශපාලක තුමන්ලාට ඕනි කමක් තියේ නම් , ඒත් එහෙම එකක් එදා තිබුනෙත් නෑ , අදත් නෑ

      @පෙට්ටි , මේඝය - එහෙමයි කියල කියමුකො එහෙනම්

      Delete
  10. කොහෙන්ද බං නම් සැට් එක හොයා ගත්තේ??

    මෙතන රාජ පරපුරේ අය නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ කන්ගැට්ටා, ජූලම්පිටියේ අමරේ, කුඩු ලාල්ලා හෙම....

      Delete
  11. ඔබ ගෙවුනු යුද්ධය අවසන් කල හැටි යට වීරයන් නම්කල අයුරු ඒ ඒ නම් සඳහන් අයපවා නොතෙරුම් ගත් අයුරු නම් ශෝක ජනකයි
    … ඒත් මටනම් ඔබ එතන යුද්දය ගැන නම් සඳහන් කල සියලුම දෙනා වීරයන් (දෙශපාලන මතවලින් තොරව )

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඒවා අමතක කරන්න තරම් නින්දිත මිනිස්සු නෙමෙයි අපි. ඒ වගේම ඒකට මුවා වෙලා රට කන එකටත් විරුද්ධයි....

      Delete
  12. හොඳ වෙලාවට පුරන් අප්පුලාගේ කාලේ මධ්‍ය වේදියෝ හිටියේ නැහැ. හිටියනම් පුරන් අප්පුට වඩා ලෝකු පුහු වීරයෝ බිහි වෙලා............

    ReplyDelete
    Replies
    1. අනිවා... දේශපාලකයන්ට වඩා මේ රටේ පරිහානියට වග කියන්න ඕන ජේෂ්ඨයයි කියා ගන්නා මාධ්‍යවේදීන්...

      Delete
  13. ඔරුගොඩවත්තේ මෝර සුනිල්,රාජගිරියෙ චින්තක පරපුර,මාදින්නාගොඩ රම්බො,අග්ගොන චන්දරේ,දෙමටගොඩ කමල්,පිළියන්දල කත්‍රි,කැලණියේ සමුපය,බෙලිඅත්තේ................ එක්කො ඕන නැහැ.

    ReplyDelete
    Replies
    1. බෙලිඅත්තේ එක්කෙනාට ගහන්න චන්ඩියෙක් තවම ආවේ නෑ.....

      Delete
  14. මාතලන් කියන නම නෑනේ ලිස්ට් එකේ... :D ;)

    ReplyDelete
  15. නන්දා මාලනී ගායනා කරන,

    පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවන් පිරිසක්
    සැතපෙන බව පස් කඳුයට රහසේ
    මිහිකත කම්පා වී ගුගුරා දෙස්දේව්

    පීඩිතභාවය හිස පාගනවිට
    සමාධ් සුවයෙන් නොසිටිය යුතුවග
    කියාදෙමින් ඒ විරුවන් මියැදුනි
    උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි

    මිල මුදලට යස ඉසුරට ලොභබැද
    අවි ගැටුවේ නැත උන් රණබිම්වැද
    භීෂණ දූෂණ රජවූ දෙරණක
    සුභසෙත සලකා මළෝය උන්සැම

    ගීතය මාගේ සිහියට නැගෙනවා. මේ ගීතයෙන් කියවෙන වකවානුවක් ද තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ යුගයේ ඒ විරුවන් තම කාර්යය බාරය නිසි ලෙස ඉටු නොකලාක් මෙන්ම. එය එසේ අවසාන වීම ජනතාවගේ වාසනාවක් ලෙසද දකිමි. අමාත්‍යංශ පහක් අරගෙන නෑවේ...

      Delete
  16. තව කිහිප දෙනෙක්,
    දේවක, චූටි පුතා, දෙමටගොඩ කමල්, ආනමාලු ඉමිඩියාස්, කුඩු මංජු, බඩා මහින්ද....

    ReplyDelete
    Replies
    1. බඩා මහින්ද කිව්වේ ??? :o :o :o :o :o

      Delete
    2. ඔය් ඉන්නේ තවත් බඩු.....

      Delete
  17. මේ ජාතික වීරයෝ නෙවෙයි පජාත වීරයෝ,තව ඉන්නවා
    සුනිල් රත්නවීර,චන්ඩි මල්ලි,පස් පොඩ්ඩෝ,පල්ලත්තර ජගත්,

    --- ජයශ්‍රී ---

    ReplyDelete
    Replies
    1. ඔය එන්නේ ඔය එන්නේ බඩු එලියට....

      Delete
  18. පාලක පක්ෂේ ඉන්නකම් වීරයා විපක්ෂ ආපු දාට ඔහු දුෂ්ඨයා.

    ReplyDelete
    Replies
    1. අද නම් වීරයා නිර්වචනය කරන්නේ එහෙම තමා....

      Delete
  19. මේ විදියට හරි උන්ට වීරයින් කියන එක පවක්.මංකොල්ලකාරයෝ,මිණිමරුවෝ.එදා සිට දුටු ගැමුණු රජතුමාගේ සිට හෝ ඊටත් එහා සිට රට වෙනුවෙන් දිවි පරදුවට තැබු සියලුම දෙනා ජාතීක විරයෝ වෙති.යුධ ටැංකියට පැන දිවි පිදු ගාමිණිත් වීරයෙකි.ඔවුන්ව සැමරුවට පව් නැත.එහෙත් ?
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඒත් අපේ මාධ්‍යවේදින්ට මොවුන් තරම් වීරයන් පිරිසක් තවත් නැත...

      Delete
  20. අයියගෙ කතාවට මමත් එකඟයි. ඒ උනාට 35 වසරක යුද්ධය නිමා කරන්න යුද පෙරමුනටම ගිය නායකයො කීප දෙනෙක් මග ඇරිල. පොඩ්ඩක් හොයල බලල වෙනසක් කරන්න....

    මොකද මේ වෙද්දිත් එයාල ජීවතුන් අතර නැති හින්ද ලාංකිකයින්ට අමතක වෙලා ඇති...

    අපේ ගොඩක් අයට හැමදේම මතක තියෙන්නෙ උපරිම සතියයිනේ.....

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඒ මිය ගිය අය ඔක්කෝගෙම නම් දාන්න වෙනවා. ජයග්‍රහණයට පියවරු බොහෝ වෙති කියලා කතාවකුත් තියෙනවා නේ..

      Delete
    2. එහෙම ගියොත් දිවි පුදපු හමුදා සෙබලු දාස් ගානක නම් දාන්න වෙනව. මම කිව්වෙ එහෙම නෙමේ, අපේ හමුදාවට අනදීපු කට්ටිය... සරත් ෆොන්සේකල වගේ චා නොවී යුද්දය සාර්ථකව මෙහෙයවල යුදපෙරමුනදි දිවි පුදපු කට්ටිය ගැන

      Delete
  21. ජඩ දේශපාලයෙන් වීරයෝ බවට පත්වුනේ මේ අය තමයි. සම්පුර්න ඇත්ත

    ReplyDelete
    Replies
    1. තව මොනවටද කතා. මොරටුවේ හාමුදුරු නමක් පන්සලේ කපලා කොටලා ඝාතනය කරලා තියෙන්නේ උප නගරාධිපතිනේ. ඒකයි මම කියන්නේ මේ ආන්ඩුවේ මහත්තුරු නෑ. ඔක්කෝම මර්වින් සිල්වලා ඉන්නේ.

      Delete
  22. ඒ පාර මාතලන් අයියා නැහැ.සුදු වෑන් එහෙකවත් නැගලා ගියාද?

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් එකකින් ගමේ ගිහින් ආවා...

      Delete
  23. ඇයි අපේ මැරවින් සිල්වගෙ පුත්‍ර රත්නය

    ReplyDelete
    Replies
    1. එයා විතරක්ය.. අනික් පුත්තුත් එහෙම තමයි. අපරාදේ කියන්නේ ලොක්කගේ තුන් දෙනා නම් අද වෙනකන් කචල් එකක් දාගෙන නෑ. තාත්තට වඩා සෑහෙන හොඳයි...

      Delete
    2. අපෝ ඔවු... ඒකනම් ඇත්ත. ලොක්කට වඩා උන් වෙනස් වගේ :D (විද්‍යාත්මක පසුබිම මම නොදනී) :p

      මම කැමති අර හඳට යන්න හදන එකාට විතරයි :)

      Delete
    3. මමත් එයට කැමති වෙනවා, හැබැයි කොන්ඩේ කපල, මූණ හෝදලා මිනිහෙක් වගේ ඉන්නවනම් විතරයි.

      Delete
  24. ඇයි සිරස සුපෙර්ස්ටාර් වෙච්ච උන්? බොරුනම් ඔය කන්තෝරු කෝච්චි වල ඔඩොක්කු වල ගැට්ට ගහගෙන යන අම්මන්ඩිලගෙන් අහල බලන්නකෝ.

    ReplyDelete
  25. ජුලම්පිටිය අමරේගේ නම දාලා තියෙනවා මිහින් තුමාගේ නම නැතිව න(ලිස්ට් එකේ). හරියට නිකම් දුටුගැමුණු රජතුමාගේ නම නැතුව දසමහ යොදයෙක්ගේ නම දැම්ම වගේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න