.

.

Apr 1, 2013

පිනා පොලිටික්කෝ - Politics as a Job


ජෙයලලිතා නෝනා ගැන කියවන්න, ජාලේ සැරිසරන අතරේ, අපූරු පොටෝ එකක් හම්බ උනේය. ඒක රනිල්ගේ ගරිල්ලා මාකටින් ගැන මීළඟට මම ලියන්න යන කොටසට නියමාකාරයෙන්ම ගැපෙන්නේය. මම කියන්නේ කිමක්දැයි පොටෝ එක බැලුවාම ඔහේලාට තේරෙනවා ඇතිය. මේ සැරේ ලියන්න යන්නේ අපේ හතර වරම් ඡන්දෙන් පත් වෙන පිනාලා සෙට් එක ගැනය. පිනා කියන්නේ පිනට ජීවත් වෙන එකාටය. අපි ඉස්ස ඉස්සෙල්ලාම පිනා ගැන දැන ගත්තේ මුවන්පැලැස්සෙන්ය. මුවන් පැලැස්ස කියන්නේ ගුවන් විදුලි නාට්ටියක්ය.

මුවන් පැලැස්සේ පිනාට පන දුන්නේ, ගැමුණු විජේසූරියය. පිනාගේ චරිතයෙන් නියෝජනය වූයේ, සුද්දාගේ යටතේ පවා පැවති, වැඩ වසම් පාළනයේ නියෝජනයක් වූ, කෝරලේ මහත්තයාගේ ගෝලයාගේ චරිතයයි. සාහිත්‍යයේ මොහු විකට චරිතයක් ලෙස උලුප්පා පෙන්වීමෙන්ම කරන්නේ, කෝරලයාගේ බලය හිතට ගෙන ගමේ උන්ට අංචි අදින වැඩ කරනා නිසාවෙන්මය. කෝරළේ හා ගැමියා අතර ගනුදෙනුවේදි, බ්‍රෝකර්ගේ බූමිකාව නියෝජනය කලේ පිනාය. ඒ නිසා කෝරළේටත් ගැමියාටත් දෙදෙනාටම පිනා අත්‍යාවශ්‍යම වේ.

එහෙත් සාහිත්‍යයේ එන පරිදි, පිනා කිසිසේත්ම ගොනෙක් නම් නොවේ. ඔහු කෝරළේගෙන් මෙන්ම ගැමියාගෙන්ද, තමාට අවශ්‍ය සියළු දේ භුක්ති විඳින්නේය. ඒ සඳහා කෝරළේට බොරු කළ නොහැකි අතර, ගැමියානම් නිරතුරුවම රැවටීමට ලක්කරන්නේය. කොතරම් රවටනවාද යත් කෝරළේගේ හොර අඹුවන් හා එක්වීමට ගැමියා බිය වූවත්, එය රාජකාරියක් සේ සලකා ඔවුනගේ සේවය ලබා ගැනීමට පවා පිනා දක්ෂයෙක් වන්නේය. පප්පා හදාදුන් ව්‍යවස්ථාවේ ආනුභාවයෙන්, රටට සේවය කරන්න කියා අපේ මනාපයෙන් එන පිනාලාගේ හා එදා පිනා අතර කිසිම වෙනසක් මා නොදකින්නේ ඒ නිසාමය.

අප දන්නා කාළයේ දේශපාලණ චරිත නොහොත් පොරවල්, රාශියක් සිටියේය. කොටින්ම පප්පා ලඟත් මේ මජර ක්‍රමය හඳුන්වා දෙන මොහොතේත්, එවන් පොරවල් ඇට්ටි හැලෙන්නම සිටියේය. ප්‍රාදේශීය වශයෙන්ද රටේම ප්‍රසිද්ධියට පත් දැවැන්ත චරිත, දක්ෂිනාංශික පක්ෂ වල මෙන්ම වමේ පක්ෂවලද උන්නෝය. මොවුන් එක්කෝ බොහෝ උගතුන්ය, එසේත් නැතිනම් දානපතීන්ය, ඒ සැමටම වඩා ජනතාව අතර උන් සමාජ සේවකයෝය. මොවුන් දේශපාළණය කළේ තමා සතු දේ නැති කර ගනිමිනි. රටෙන් හම්බ කිරීම කෙසේවෙතත්, රටට, ප්‍රදේශයට සේවය කිරීම ඔවුනගේ එකම පරමාර්ථය විය.

ඇත්ත වශයෙන්ම දේශපාළණය යනු එයයි. දේශපාලකයකුගෙන් අප බලාපොරොත්තු විය යුත්තේද එයයි. එකල තම ප්‍රදේශය, තම ගම නියෝජනය කිරීමට තමා හොඳින් හඳුනන කෙනෙක් සෑම ගමකටම සිටියේය. එහෙත්, මේ කාළකන්නි දිස්ත්‍රික් ක්‍රමය හේතුවෙන් අද තම ගමට, පාළක පක්ෂයෙන් හෝ විපක්ෂයෙන්ද එකෙක්වත් නැති ගම්මාන, ප්‍රදේෂ බොහෝමය. අනෙක් කරුණ නම්. කොයි එකාටත් නියමිත ප්‍රදේශය ආසන සංවිධායක යන පට්ටමට සිමාවී තිබුනත්, "මට දිස්ත්‍රික්කේම උන්ගේ ඒවා බලන්න තියෙනවා ඕයි" කියා, ලිස්සා යාමටත් මේ ක්‍රමය උන්ගේම පිහිටට වන්නේය.

මේ ජරා ජීර්ණ ඡන්ද ක්‍රමය නම් වහාම වෙනස් කළ යුතුය. පැරණි ආසණ ක්‍රමය තිබුනානම්. අද ආන්ඩු කීපයක්ම පෙරලී අවසානය, ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් විය යුත්තේ එයයි. අද ඒකාධිපති පාළණයක් ගෙනයාමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ, මේ ඡන්ද ක්‍රමය මිස වෙන කිසිවක් නොවේ. පැරණි ඡන්ද ක්‍රමයේ ජනාධිපතිවරණයක් නැත. මහා ඡන්දයකින් තේරි පත්වන බහුතරයේ නායකයා, රටේ නායකයා වේ. ඔහුත් පත්වන්නේ අනෙකුන් හා තරඟ කරන මැතිවරණයකින් නිසා, අධි මානසිකත්වයක් ඇති වන්නේත් නැත. "අනේ මමත් මුන්ගේ එකෙක් නේදයි" යන මානසිකත්වයම. අති දරුණු ඒකාධිපති මානසිකත්වයක් දක්වා යාම වලක්වනවා ඇත.

ඔහු හෝ ඇය වචනයේ පරිසමාප්තයෙන්ම පාළකයා පමණක් වනවා ඇත. රජෙක් වන්නේ නැත. මේ ජනාධිපති ක්‍රමය නිසා නිකරුණේ ජනාධිපති උපදේශකවරුන් ලෙසම කී දෙනෙකුට ජාතික ධනය නිකරුනේ වැය කරනවාද? ඔවුන් රට ලබා දෙන සේවය කුමක්ද? සියළුම ආයතන තමන් යටතේ තබාගැනීමට ව්‍යවස්ථාවෙන් දී ඇති බලය සාධාරනද? මෙවන් තත්වයක් රටට උදා වූයේ කෙසේද? ඒ රජකුගේ බලතල තමන් වෙත ලබා ගැනීමේ, පප්පා තුල වූ මානසිකත්වය නිසා නොවේද? එබැවින් මේ ඡන්ද ක්‍රමය මෙන්ම ජනාධිපති ක්‍රමයද වහාම අහෝසි කළ යුතුය. නායකයන් ඉදිරියේ තම පැවැත්ම උදෙසා වැඳ වැටෙන, කොන්ද පන නැති නපුංසක දේශපාළඥයන්ගෙන් ශ්‍රේෂ්ඨ චරිතයක් කෙසේ නම් බලා පොරොත්තු විය හැකිද? මොවුන් මෙසේ වැඳ වැටෙන්නේ ඇයි? රනිල් පවා පක්ෂය තුල ගෙන එන්නට හදන්නේ, වැඳුම් නොලැබුවත්, මෙයම නොවේද?

දිග වැඩිවන නිසා.. මේ කරුණු ගැනම ඉදිරියට කතා කරමු.

68 comments:

  1. ගැලපීමනම් සුපිරිය.
    … රෙදි ඇඳගෙනද ඉන්නෙ කියලා හිතෙනව වෙලාවකට, කරන වැඩ දැක්කම.

    ReplyDelete
    Replies
    1. සුදු රෙදි අඳින්නේ එකනේ. ඒ ගැන පරණවිතාන මහත්තයා ලියන නිසා මම ලියන්න යන්නේ නෑ.

      Delete
    2. ඒකනේ සුදු ඇඳගෙන ඉන්නේ. ඒ ගැන පරණවිතාන මහත්මයා ලියන නිසා මම ලියන්න යන්නේ නෑ.

      Delete
  2. ඇත්තටම පිනා මෝඩයා වගේ ඉඳගෙන කරන්නේ මාර වැඩ තමයි.. නියම ගැලපීම මාතලන්... හි හි..

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකෙන් තවත් ඔප්පු කරලා පෙන්නන්නම්කෝ

      Delete
  3. //රටට ප්‍රදේශයට සේවය කිරීම ඔවුනගේ එකම පරමාර්ථය විය.
    ඇත්ත වශයෙන්ම දේශපාළණය යනු එයයි//
    අද ඉන්න හුගක් දේශපාලනය කරන උන් කරන්නේ කොහේට හරි,මොනවා හරි සිල්ලර බඩු බෙදන එක.
    සිල්ලර දේශපාලනයක්.
    //නියමිත ප්‍රදේශය ආසන සංවිධායක යන පට්ටමට සිමාවී තිබුනත්, "මට දිස්ත්‍රික්කේම උන්ගේ ඒවා බලන්න තියෙනවා ඕයි" කියා, ලිස්සා යාමටත් මේ ක්‍රමය උන්ගේම පිහිටට වන්නේය.//
    සම්පුර්ණයෙන්ම එකගයි.

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමය හොඳයි හොරුන්ටයි මංකොල්ලකාරයන්ටයි

      Delete
  4. ජනාධිපති ක්‍රමය වෙනස් කරලා අගමැති තනතුර පමණක් තියන්න යනවයි කියලා කතාවක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නම වෙනස්වෙලා වැඩක් නෑ. බලතලයි වෙනස් විය යුත්තේ. මේ ආන්ඩුව ඒ වගේ පාජා වැඩවලට කප් ගහලා තියෙන්නේ, වන අලි, රටවිරුවෝ බයිලා තමයි.

      Delete
  5. යකෝ ජනාධිපති උපදේශක කියන්නේ රටට වැඩ කරන උන් නෙවේ.
    බලයට පත්වෙන්නට උදව් කළ අයට, කඩේ ගිය අයට දෙන තානාන්තරයක්. භුක්ති විදින්න විතරයි තියෙන්නේ !

    ReplyDelete
    Replies
    1. උඹලයි වාහෙත් අද පොර ටෝක් දුන්නට, සිස්ටම් එක ගැන නෝ කතා....

      Delete
  6. සම්පූර්ණ ලිපිය සමගම එකගය. කදිමයි මාතලන්. පප්පා මේ ක්‍ර මේ ගේන්නේ දෙමළ පක්ෂයක් විපක්ෂයට නොයන්න කියලනේ කියන්නේ. ඒ වගේම පප්පා හිතුවේ නැ මේ ක්‍රෙම් අනිත් පැත්තට යයි කියලා.

    ReplyDelete
    Replies
    1. අද මොකද වෙලා තියෙන්නේ. අද ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා තියෙන්නේ. ජාතීවාදි, ආගම්වාදී පක්ෂ සියල්ලම තහනම් කළ යුතුමයි.

      Delete
  7. වලත්තයාApril 1, 2013 at 9:54 AM

    ``රටට සේවය කරන්න කියා අපේ මනාපයෙන් එන පිනාලාගේ හා එදා පිනා අතර කිසිම වෙනසක් මා නොදකින්නේ ඒ නිසාමය.`` සහතික ඇත්ත සහෝ...මේක අපේ රටේ ගොඩක් දෙනෙකට තේරෙන්නෙ නෑ.තේරෙන උන් තේරැම් ගන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. කිසිම කෙනෙක් මේවා ගැන කතා කරන්නේ නෑ. මේවා වෙනස් නොකර මොකා ආවත් එකයි.

      Delete
  8. මගේ පුද්ගලික අදහස වන්නේද අප පැරණි ආසන ක්‍රමයට සහ කැබිනට ආණ්ඩුක්‍රමය මාරු විය යුතු බවය. එහෙත් අද ලංකාවේ තිබෙන ලොකු කුඩා දේශපාලන පක්ෂ බොහොමයක් එයට කැමති නැත. මැතිවරණ ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් දැන් සාකච්චා වෙමින් තිබෙන්නේ ජර්මානු මාදිලියේ සමානුපාතික සහ කේවල ක්‍රම දෙකම මිශ්‍ර කරගත් ක්‍රමයක් ඇති කිරීම ගැනය. (දිනේෂ් ගුනවර්ධනකමිටු වාර්තාව)

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමය තමයි වඩාත්ම හොඳ , නැතිනම් වෙන්නේ ප්‍රාදේශීය, ජාතිවාදි පක්ෂ වලට විපක්ෂ නායක කම ලැබෙන එක

      Delete
    2. ඒක ගේන්නෙත් පරණේ පාජාවට, ජනතාවගේ වැඩි ඡන්දෙන් එන්න බැරි හාල් පාරුවන්ටයි. දිනේෂ්ලා වගේ බලු සිංහයන්ටයි ගොඩ යන්න. ඒවා ඕන නෑ පරණ ක්‍රමේ හොඳටම හොඳයි. අනික දෙමළ තියා මොකෙක් උන්නම් මොකෝ විපක්ෂේ. ඒක රටටත් හොඳයි.

      Delete
    3. මාතලන් දෙමල ජාතිකයෙක් , මුස්ලිම් ජාතිකයෙක් රටේ ජනාධිපති කම දක්වාම යනවා නම් මම කැමතියි . හැබැයි ඒක රටේ හැම ප්‍රදේශයක්ම නියෝජනය වෙන , අනෙක් ජාතිනුත් නියෝජනය වෙන තත්වයක් වෙන්න ඕනි . කදිගාමර් මහත්තයා, ඉමිටියාස් බකීම් මාකර්, කබීර් හශීම් ඔය වර්ගයේ මිනිස්සු . ඒත් සම්බන්දන් මහත්තයා එහෙමද ? සම්බන්ධන් මහත්තයගේ දේශපාලන පරිනත භාවය නිසා ටිකක් සිංහල දේශපාලන නායකයින් එක්ක පැහීමක් තියනවා , ඒත් ඊටත් වඩා අන්තගාමි පුද්ගලයෙක් දෙමල සංධානයේ නායකය වුනොත් එයා රටේ විපක්ෂ නායක වීම සාධාරණද ? උතුරු පලාතේ ජනතාවගේ මතයෙන් පමණක් රටේ විපක්ෂ නායක පත්විය යුතු නෑ . මේක ජාතිකත්වය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි . අපි හිතමු දක්ෂික බලකාය කියල මොකක් හරි එකක් අටවං ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලින් බහුතර ආසන ගාණක් දිනනවා , අනික් දිස්ත්‍රික්ක වලට තරඟ කරන්නෙවත් නැතුව , රටේ හැම තැනටම තරඟ කරපු එජාපය ජවිපේ ඊට වඩා ආසන ගාණ අඩුයි . නමුත් එජාපයට ඡ්න්ද වශයෙන් බැලුවොත් ලක්ෂ 30-35 ක් වැටිලා වෙන්න පුලුවන් , එතකොට අර දක්ෂිණ බලකායට විපක්ෂ නායක කම යන එක සාධාරණද ?

      Delete
    4. කිසි අසාධාරණයක් නෑ. පැවතුන රජයකට අවම ආසන ප්‍රමාණයක්වත් දිනා ගෙන විපක්ෂයට යන්න බෑ කියන්නේ පාළණය කරපු කාළේ මොකක් හරි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. අනික ජාති වාදි පක්ෂයක් හිස ඔසවන්නෙත් ඔවුන්ටත් කුමක් හෝ අසාධාරණයක් සිඳුවී තිබෙනවා. ඇත්තටම 77 උනේ ඒක නොවේද? ඊට පෙර එවන් දෙයක් සිඳුවූයේ නෑ නොවෙද?. කෙසේ හෝ මගේ සිස්ටම් එක යටතේ ජාතීවාදි හෝ ආගම්වාදි පක්ෂවලට ඉඩක් නෑ, නීතියෙන්ම. ඕනෑම පක්ෂයක් සෑම ජාතියකම නියෝජනයක් අවම වශයෙන් විධායක කමිටුවේ වත් තිබිය යුතුමයි.

      Delete
    5. එහෙමට මිස්ටෙක් ඕනි නෑ බන් ,අපේ රටේ ඡන්ද දෙන්නේ රැල්ලට, 2005 ජනාධිපතිවරණය අරන් බලහන් . ආසන මට්ටමෙන් බැලුවාම එන විදිහෙන් රටේ මතය හරියට නිරුපණය වෙනවාද කියලා . උඹ කොහොමත් සම්පූර්‍ණයෙන්ම කණපිට හරවන්න නේ කථා කරන්නේ , පුලුවන් නම් හොඳයි . මම නම් දකින්නේ දේශපාලනයේදී හොඳම විසඳුම් ගැන , දැවැන්ත වෙනස් කම් ගැන බලාපොරොත්තු වෙන්න බෑ . දැනට අපි ඉන්න තැනින් ඊලඟට තියන අඩිය මොකක්ද කියන අවස්ථාවට සාපේක්ෂ හොඳ නරක නිර්ණය කරලයි කරන්න වෙන්නේ . මම ඊලඟ ඡන්දයේදී මහින්ද රාජපක්ෂට හෝ නිදහස් පක්ෂයට ඡන්දය නොදෙන්නේ (ගෝඨාබය ඡ්න්දය ඉල්ලන්න තියන ඉඩ කඩ ඉතාම අවම නිසා ) , ඒ පුංචි වෙනස බලාපොත්තු වෙන් . රනිල් ආවත්,සජිත් ආවත් , ෆොන්සේකා මහත්තය ආවත් ගෝඨ මහත්තය ආවත් යම් වෙනසක් (සාධනීය ) මිසක් මහා ලොකු දැවැන්ත පෙරලියක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ . එහෙම පෙරලි කරන්න නම් විප්ලවයක් කරන්නම වෙයි

      Delete
    6. රනිල් ආවොත් ආර්ථික වශයෙන් දියුණු වෙයි, ජාත්‍යන්තරය හා සහයෝගයෙන් කටයුතු කරයි
      ඝෝඨාභය හෝ ෆොන්සේකා එන්න තියෙන සම්භාවිතාව අඩුයි.
      මහින්ද මහත්තයා ආවොත් රට තව දුරටත් ණය වෙයි, මිනිස්සු කන්න නැතුව මැරෙයි.
      චන්ද්‍රිකා ආවොත් නම් අබ සරණයි සිරි ලංකා.

      Delete
  9. ෆොටෝඑකත් නියමයි, ඇත්තටම අහම්බෙන්ද හම්බවුනේ?

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ටිකේ ජෙයලලිතා ගැන කියවනවනේ..

      Delete
  10. ලංකාවේ කෙලින්ම දේශපාලනයට බලපාන මේ වගේ තැන්වල මා කොමෙන්ටු දාන්නේ නැති හේතුව ඔබට හිතා ගන්න පුළුවන්නේ මාතලන්. ඒත් ඔබ ඇවිත් නිතරම මොකක් හෝ ලියා යන නිසා මා මෙය කියවා නිකම්ම යන එක ටිකක් නරුම වැඩක්. පප්පාගේ දේශපාලන හා සමාජ ක්‍රමය අතුගා දැමිය යුතු බව කීමම හොඳ ආරම්භයක්. මේ "විවුර්ත" කියන ආර්ථිකය ලෝකේ කොයි රටකද එහෙම සම්පුර්ණයෙන් විවුර්තව තියෙන්නේ? :)

    ReplyDelete
    Replies
    1. //මේ "විවුර්ත" කියන ආර්ථිකය ලෝකේ කොයි රටකද එහෙම සම්පුර්ණයෙන් විවුර්තව තියෙන්නේ?//

      පටලවා ගන්න එපා මාතලන් කථා කරන්නේ පප්පගේ දේශපාලන ක්‍රමය ගැන , ආර්ථික ක්‍රමය නොගෙනා ව නම් අපි උන් මැතිණිත් එක්ක තාම කැලේ . බ්ලොග් ලියනවා තියා අහලවත් නැති වෙයි . පූර්ණ ධනවාදයක් ලෝකෙ කොහෙවත් නෑ , හැබැයි ලිබරල් ධනවාදය පදනම් වුනු රටවල් "පමණයි" සාර්ථක

      Delete
    2. ඕකනේ බුවා කියුවේ ගණන් ගන්න එපා කියලා. ලෝකේ කොහෙත් දේශපාලනය, ආර්ථිකය එක්කත්, ආර්ථිකය දේශපාලනය එක්කත් පටලැවිලා තියෙන්නේ. ඔය මැතිනි එක්ක කැලේ ඉන්න කතාව කියන කොට, තව උපකල්පනය කරන්න පුළුවන් දේවල් ගොඩක් තියනවා බුවා. මා ඒවා ගැන කිසි දෙයක් කියන්නේ යන්නේ නම් නැහැ. මොකද වෙන රටක ඉඳන්, තවත් තැනක ජනතාවට අදාළ දේවල් එහෙම අමුවෙන් විවේචනය කිරීම මට අයිති දෙයක් නොවේ.මා හැම විටම ලියන්න උත්සහ ගන්නේ ලෝකේ කොහේ හිටියත්, මිනිසාගේ පෞද්ගලික ජිවිතයට අදාල දේවල්. :)

      Delete
    3. ඒකේ අවුලක් නෑ රයිගම්. ඒත් කොමෙන්ට් එකක් දමනවනම් කවුරුත් කැමතියි. ඒ තුලින් ඇතිවන සංවාදයට මා ඊටත් වඩා කැමතියි. ඇයි ඔබලා නොරට ජීවත් වන්නේ. ඔස්ට්‍රේලියන් කාරයෝ මෙහේ සිටිසන් ෂිප් ගන්න එන්නේ නෑනේ. ඒ කියන්නේ එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ නියෝජනය කරන්නේ සිංහල ඩයස්පෝරාව. ඔබට තම මව් රට ගැන කතා කිරීමට ශුද්ද වූ අයිතියක් තිබෙනවා.

      Delete
    4. උපකල්පනයක් නෙවෙයි රයිගම් , මැතිණිගේ ආර්ථික ක්‍රමය අනුගමනය කරලා සාර්ථක වෙච්ච රටකට උදාහරණයක් දෙන්නකො ඒ හොඳටම ඇති

      Delete
  11. හපොයි වෑන් එකටත් නැමිලම වඳිනවා නේද? :D:D:D

    ReplyDelete
    Replies
    1. වෑන් එකට නෙමෙයි ජෙයලලිතගේ බෙට්ටටත් වඳියි.. අපේ උන්ගෙත් වෙන්සක් නෑ.. සට්ටමියෝ කියන්නේ නිකන් නෙමෙයිනේ.

      Delete
  12. රනිල් ලොක්ක 2014 එජාප ආණ්ඩුවක් පිහිටුවනව කියා කියා ගියාට වැඩක් නැහැ,ඔබ ඔය ලියා තිබෙන දේවල් රටට/ජනතාවට අත්‍යවශ්‍ය කරුණු පිළිබද ප්‍රකාශයක් කල යුතුයි.ජනතාවගෙ සිත් තුලට ඔවැනි දේ දැන්ම සිටම දමන්නෙ නැතිව කිසිදා බලයක් ලබාගන්න බැහැ.වෙලා තියෙන්නෙ මැතිවරණයකට සතියකට දෙකකට කලින්නෙ මොනව හරි වචන ටිකක් ගැට ගහල ප්‍රකාශයක් නිකුත් කරන්නෙ.
    හැබැයි ඉතින් කියල විතරක් බැහැ කෙරුවාවත් තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කෙන්ජී. මේවා මම දන්න දේශපාලුවන්ටත් මේල් කරනවා. කිසිම සද්දයක් නෑ. ඒ කියන්නේ වෙනසකට කිසිම කැමත්තක් නෑ කියන එක. සරත් ෆොන්සේකා පත්තරේකට කියලා තිබුනා, විපක්ෂේ උන්ට කතාකරම එක්කාසු වෙන්න කියලා, උන් කියනවලු ලොක්කට කියලා ඕන දෙයක් කර ගන්න පුළුවන් කම තියෙද්දි, අපි මොකටද ආන්ඩු පෙරලන්නේ කියලා. ඕකයි ඇත්ත කතාව.

      Delete
  13. මර්විය ඇතුළු නඩේ මේවා දැකල තමයි දෙකට නැමිල වදින්න පටන් අරන් තියෙන්නෙ.අර ගොන් නාම්බෙක් ටයර් එකට වදින වෙලා දොර ඇරල අරකිගේ තඩි පුකට වැන්ද නම් තමා හොද.

    ReplyDelete
    Replies
    1. මොකත් ඇති නේ සුදට සුදේ.. ඒ කාළේ නම් නියම පිට්ටුව..

      Delete
  14. මේක අපි බලාපොරොත්තු වියයුතු තත්වයක්. රජ පුටුවේ තේජස වැඩිවෙන්න වැඩිවෙන්න පිනා පොලිටික්කන් වැඩිපුර බිහිවෙනව. රජ පුටුවෙ ඉඳල තමයි මේ ක්‍රමයේ වෙනස පටන්ගතයුතු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකෙකුට හරි තේරෙනවනම් ඒකත් ළොකු දෙයක්.. ඒත් ඒ තැන් වලට එන්න ඉන්න උන් නෝ කතා නෝ සිනා...

      Delete
  15. එක ඇමති කෙනෙක් කියන්නෙත් පුදුමාකාර සල්ලි නාස්තියක්.. ජනාධිපති උපදේශකවරු, සම්බන්ධීකාරකවරු වැහි වැහැල... මැති ඇමතිවරු වෙනුවෙන්, අනවශ්ය, සැනකෙලි උත්සව වෙනුවෙන් කරන ‍මේ සල්ලි නාස්තිය අඩු කරනවනම් සාමාන්යෙ මිනිස්සුන්ට තරමක් හරි සැනසීමෙ ජීවත් වෙන්න ඉඩක් හදන්න පුළුවනි...
    මේ ඡන්ද ක්රසමයයි, විධායක ජනාධිපති ක්රෙමයයි අහෝසි වෙනකල් අපේ රටට ඔලුව උස්සන්න ලැබෙන එකක් නම් නැහැ තමයි.... ඒත් වැඩේ කියන්නෙ මේක අහෝසි කරනවයි කියල බලයට එන අයත් පැණිහැලියට වැටුණු ඇඹලයි වගේ මේකට වහ වැටෙන එකනේ...
    අර පිනා කතන්දරේ නම් හරියටම හරි... පදුරකට ගැහුවත් පිනාලා බුරුතු පිටින් විසිවෙන එකනෙ අවුල..

    ReplyDelete
    Replies
    1. මේක නම්බර් වන් ෆැමිලි බිස්නස් එකක් වෙලා. ඒ ගැන තමයි ඊළඟ ළිපිය

      Delete
  16. මාතලන්,
    මම කියන්නම් මේකට හොදම විසදුම. කළ යුත්තේ නැවත ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුවෙන් පිට පවත්වා. ඔබ මම ඇතුලු සියල්ලන්ගේම අදහස් විමසලා. රටේ මේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥ්ඥයින්ගෙන් කරුනු විමසලා, නියම ව්‍යවස්ථාවක් හදා ගන්න එක. ඊට පසු ඒ විදියටම රටේ ආර්ථික සැකැස්ම සහ ඒ අදාල කටයුතු කර ගන්න එක. අන්න ඒක කළාට පසු මේ රටේත් පරමාදර්ශී කෙසේ වෙතත් යම් තරමකට හිතදායි, පොදු ජනයාගේ දේශපාලකයින් බිහි වෙයි. එතෙක් .................
    මේ පිනාලගේ කෙරුම් කියුම් බලා පොඩි ආතල් එකක් ගමු.

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද?????

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුවෙන් නම් ඒ දේ වෙන එකක් නෑ. උගත් පාඩම් කොමිසමට උන දේ දැක්කනේ. අඩුගානේ රැඩිකල් රනිල්වත් මේ ගැන කතාකිරීම කෙසේ වෙතත්. පක්ෂයෙත් එකාධිපතිවාදයක් නේ ගෙනියන්නේ.

      Delete
  17. අර ඒබ්‍රහම් ලින්කන්ගේ බූරු කතාව තමයි මට මතක් වෙන්නේ. මේ ආසියාවේ දේශ පාලනෙන් වරප්‍රසාද ලැබෙන්නේ හොඳට නැවිලා දෙන අයට විතරයි. පාර්ලිමේන්තුවට යන්නේ රට හදන්න මොලයක් තියෙන උදවිය නෙවෙයි හරක් හොරු මිනීමරුවෝ කුඩු කාරයෝ.ඒක නවත්වනකල් පස්සෙන් එන එවුන් දූෂිත වෙන එක නවත්වන්න බැහැ

    (අඩේ මොකක්ද අර උඩින්ම මගේ ගෞරව නාමයත් කෙලෙසලා තියෙන්නේ??? :P)

    ReplyDelete
    Replies
    1. ෂොරි වෙන්න ඕන ඒ වැඩේට. එහෙම කියලා හරියන්නේ නෑනේ. මේ ක්‍රමෙන් බැට කෑවා හොඳටෝම ඇති.

      Delete
  18. පෝස්ට් එකට වඩා ෆොටෝ එකට හිත යන ලද අතර ලංකාවේ වූ මෙවැනි ම සිද්ධියක් ද සිහියට නැගුණි :D :D
    බලාගෙන යනකොට එහෙත් එකයි මෙහෙත් එකයි.

    ReplyDelete
    Replies
    1. හා...හා...ප්‍රමුදි...කට කට....

      Delete
    2. ඉතින් අපි ඇවිත් තියෙන්නෙත් එහෙන් නොවැ...

      Delete
  19. පිනා කිව්වම මතක් වුනේ, ඊයේ රෑ බලපු ටරන්ටිනෝගේ අලුත්ම චිත්‍රපටය "Django Unchained". ඒකෙ සැමුවෙල් ජැක්සන්ගේ (නෑ අපේ එකා නෙමෙයි :D) චරිතය මට මතක් වුනා. කල්ලකෙ වුනාට, අනිත් කල්ලන්ට වඩා බොහොම ඉහළ තැනක් ඔහුට තියෙනවා. තමන්ගෙම ජාතියෙ වුන්ට ද්‍රෝහී වෙලා උන්ව පාගගෙන ඉන්නෙ. සුදු හමක් තියෙන තමන්ගෙ ස්වාමියාට පක්ෂපාතී විදියට තමයි හැමදේම කරන්නේ. කොටින්ම, ස්වාමියා යමක් කිව්වාම ඔහු ඒක පුනරුච්චාරණය කරනවා. එක අවස්ථාවක් තියෙනව ඔහු ස්වාමියත් එක්ක (ලියනාඩෝ ඩිකැප්‍රියෝ) එකට ඉඳගෙන යමක් තොළගාමින් කතා කරන අවස්ථාවක්. ඔහුගෙන ලැබෙන ප්‍රයෝජන ගැන හිතල ඔහුට දීලා තියෙන තැන, තමන්ට ලැබෙන දේවල් නිසා ඔහුට තමන් ගැන තියෙන අධිමානය උපරිම විදියට ඒ රූප රාමුවෙන් පෙන්වනවා. තමන් (කලු) සුද්දෙක් කියල හිතන් ඉන්න ඔහුට (ඩි)ජාන්ගෝ උත්තර දෙනවා. තවම බලල නැති අයට කියන්නෙ, අනිවාර්යයෙන් බලන්න. :)

    ReplyDelete
    Replies
    1. බලමු හොයාගෙන බලන්න ඕන.. අපේ කළු සුද්දෝ වගේමද කියලා.

      Delete
  20. සම්පූර්ණයෙන් එකගයි. මැද කොළඹ ආසනය හැරුණු කොට ලංකාවේ ලොකුම ආසනයෙන් දියවන්නාවට පැනපු එවුන් දෙන්නම වැඩකරන්නේ වෙන පැති දෙකකට. උන්ගේ දෙමව්පියෝ පව්..කනත්තේ ඉදල කිමිහුං යවනවා ඇති.

    ReplyDelete
    Replies
    1. උංගේ නෙමෙයි මේ දවස්වලනම් හැම එකාගෙම අම්මලට හච්චිං යනවා ඇති.

      Delete
  21. ඔබේ ගොඩක් කරුණු කාරනා සමග එකඟයි. ඒත් රනිල් ගැන නම් කියන්න තියෙන්නේ රනිල් මේ වෙලාවේ හැසිරෙන විදිය හොඳ වැඩි. මම උනා නම් ඔය සජිත් සහ උගේ හෙන්චයියෝ සෙට් එක, එක පෑන් පාරෙන් එලියට දානවා. මෙච්චර නලව නලව ඉන්නේ නෑ. කාලකන්නි හැත්ත උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ

    ReplyDelete
    Replies
    1. පක්ෂෙට වැඩකුත් නෑ

      Delete
    2. හරියට හරි...න්කම් කල්පනා කරන්න ඔය පාට් අපේ මහින්ද මහත්තයට දැම්මනම් එහෙම කොහොමද? මහින්ද මහත්තයගෙන් ගුටිත් කාලා තමා නවතින්නේ. රනිල් හොඳ වැඩියි ඇත්තටම. කස්ටියට දැන් ඕනම නම් ෆොන්සේකා මහත්තයත් එක්ක සැට් වෙන්න පුළුවන්. ගිනි සිළුවත් අරගෙන ඇවිත් ඉන්නේ. ඒත් ප්‍රජා අයිතිය නෑ.

      Delete
  22. ලංකාවෙ එකා වඳින පින්තූරෙත් දැම්මනං තමා හොඳ

    ReplyDelete
    Replies
    1. එකෙක් නෙමෙයි බන් ඔක්කෝම වඳිනවා. මේ ළඟදි ලොක්කා එනකොට හාමුදුරුවරුත් නැගිටිනවා. උන් නම් හාමුදුරුවරු නෙමේ වෙන්ටෑ...

      Delete
  23. හොඳ අදහසක්. මෙයද අප උගත් පාඩමකි.
    මට අර ෆොටොා් දකිද්දී මතක් වූයේ අපේ මවින් ඇමතිත් දණ්ඩනමස්කාර කරන අවස්ථාවක්.

    http://i0.wp.com/vikalpa.org/wp-content/uploads/2012/06/Mervyn-and-Mahinda-350.jpg?resize=350%2C385

    ReplyDelete
    Replies
    1. මටත් මතක් උනේ ඒක. ඒකමයි මෙතන දැම්මේ.. අපේ අය කවදාවත් පාඩම් ඉගෙන ගන්නෙ නෑ.

      Delete
  24. අම්මපා ඇත්ත කතාව.. ඊලඟ කොටහත් බලමුකෝ

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස තමයි කවුරුත්ම කතා නොකරන කොටස

      Delete
  25. ගිනි තියාගන්න හදපු
    මාදුලුවාවේ සෝභිත හාමුදුරුවොත්
    හොඳ තැනකට ඇවිල්ල තිබෙනව,

    ඔබ කියනව වගේ උන්වහන්සෙටත් ජනපති කරමෙ එපා වෙලා!

    අනේ සාදු!

    ReplyDelete
    Replies
    1. අද උන්නාස්සෙගේ චරිතේ වෙන අය රඟපානවා.. බුද්ධාගම ඉගෙන ගන්න ඇත්තේ මෑතකදී වෙන්ටෑ..

      Delete
  26. ඉස්සර කාලේ ඔන්න හිටිය මහින්ද රාජපක්ෂ කියල උත්තමයෙක්. එතුමා මහා තැනට ආවා නම් මේ පිනාලට යන එන මං ඉතුරු වෙන්නේ නැහැ. ඒ මහත්තය දන්නවා පින මොකාද හරි එක මොකද කියලා. පිනාල පෙනෙන්න බැහැ, හැරෙන කොට දන්නවා එන්නේ මොකටද කියලා. පු***ට දෙකක් දීල තමයි එලවන්නේ. අපේ අවාසනාවට එතුමා ආ ගිය අතක් නැහැ.

    ReplyDelete
  27. එක නෙවෙයි මාතලන්, කාලෙකින් මේ පැත්තේ ආවේ. අර මේක වනසපු ඇනොල ටිකට මොකාද උනේ? උන් දැන් බෝග දාගන්නේ උන්ගේම වත්තේද?

    ReplyDelete
  28. දේශපාලනය කොහෙත් එකයි. අපට ඉතුරු වෙන්නේ හීන විතරයි. ඒත් ඉතින් තට්‍ටු මාරු ක්‍රමයටනෙ චන්දෙ දෙන්න වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා රටවල් දියුණු උනෙත් දේශපාළණය නිසා.

      Delete
  29. මෙන්න කට මෙන්න ගල....... :/ කතා කරල වැඩක් නැහැ මා + තලන් අන්කල්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න