.

.

May 6, 2013

ගල් රෝල (18-) - Road Roller (18-)


අද වගේ නෙමෙයි, අපි පොඩි කාළේ, මේ ළෝකේ ගැන, මේ ළෝකේ දෙයක් දන්නෙ නෑ, අමුතු දෙයක් දැක්කොත් මැජික් වගේ තමයි, ගෙවල්වල තිබුන ළොකුම මැෂිම තමයි රේඩියෝ එක, ඒකෙත් බැස්ටියෙන් වැඩ කොරන ඒවයි, කරන්ට් එකෙන් වැඩ කොරන ඒවයි දෙකක් තිබුනා. අපේ ආච්ච්ට බන අහන්න තමයි, ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක ගෙනත් තිබුනේ. බන දේශනාව යන කොට උන්දෑ ඒකට වැඳගත්ත ගමන්මයි. බන පටන් ගන්න ඉස්සෙල්ලා, තේමා වාදනයකුත් යනවා. ඒ තමයි, අර බුද්ධ පූජාව පන්සලට අරගෙන යනකොට ගහන සිංගාරං පාර.

ඔය නයි නලාව වගේ ගහන, හොරණෑවේ සද්දේ මට නම් ජාතික අනන්‍යතාවයක්. ඔය සෝමේ මමා
"දෙරණ මියුසික් වීඩියෝ" එකට ඇවිත්, අධික රුධිර පීඩනේ හදාගෙන යන්නෙ නැතුව, බැද්දගේ මහත්තයත් එක්ක එකතු වෙලා හොරණෑ, සිංගාරං පාරක් එහෙම ගාලා පැල් කවියක් රැප් කොලානම්, පැෂර් ටැබලට් ගහන එක නවත්ත ගන්න තිබුනා, ඒ උනාට බැද්දගේ මහත්තයා, "දැසමන් මලක් වගේ" සිංදුව කියපු කාළේ, උන්දැව මරාගෙන කන්න ගියෙත්, මේ සෝමරත්න දිසානායකලගේ මීට කලින් පරම්පරාවම තමයි. එයාලට ඕන එයාලා මැරෙණකම්, එයාලගේ එවා විතරක් අනිත් අයත් අහන්න බලන්න විතරයි.


ට්‍රාන්සිස්ටර් රේඩියෝ
අපි ඒ කාළේ හිතුවේ, ගෙදර බනට වඩිනවා වගේම හාමුදුරුවො වඩංමගෙන ඇවිත්, ආසන පනවලා කරන මහා පින්කමක් කියලා. ආච්චි නෙමෙයි, අම්මත් හිතාගෙන උන්නෙ එහෙම තමයි, පස්සෙ ටිකක් ළොකු වෙන කොට "දයියා"ගෙන් ඇත්ත කතාව දැනගෙන, "ඔය යන්නේ රැකෝඩ් කරපුවා" කිව්වාම, "පව් කතා කියන්නේ නැතුව යනවා යන්න අහකට" කිව්වේ, ශ්‍රද්දා බක්තිය අඩු වෙන නිසාද, එහෙම නැත්නම් දයියා කියන්නේ, බොරුයි කියල හිතාගෙනද කියන්න නම් දන්නෙ නෑ හරියට.

කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවන්ගෙයි, මාදුළුවාවේ සොභිත හාමුදුරුවන්ගෙයි බන ඇහුවට, අනෙක් අයගේ බන අහන්න අප්පිරියයි, ඉතින් "අද.... ධර්ම දේශනාව.... පවත්වන්නේ....." කියන කොටම අපි පැනලා දුවනවා, නැත්නම් ඉතින් ට්‍රාන්සිස්ටරේ ඉස්සරහට වෙලා ඉඳගෙන ඉන්න එපයි පැයක්ම. ඒ කාළේ හාමුදුරුවරු, අද කාළේ වගේ පොඩි බ්‍රේක් එකක් වත් ගන්නේ නෑ. අද නම් පැය කාළෙන් කාලට, බ්‍රේක් එකක් ගන්නවා නොවැ. එහෙම බ්‍රේක් ගගහා නිවන් යන්න පුළුවන්ද කියලා අහන්න කෙනෙක් නෑ ආයිබෝවන්ඩ.

දවසක් ආච්චිගේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක, රහත් උනා. ඒක මම දැන ගත්තේ

"කොහෙද පුතේ මේ මේසේ උඩ තිබුන වයර්ලස් එක රහත් උනේ?" කියලා අහපු නිසයි. පොඩි උනත් ඒ කාළේත් මම කිව්වේ

"ආච්චි රහත් උනත්, රේඩියෝ එකක් නම් කීයටවත් රහත් වෙන්න බෑ කියලා",

රහත් උනයි කිව්වට, ආච්චියි, අම්මයි සිරියාවතියි මුළු ගේ පුරාම ට්‍රාන්සිස්ටර් එක හෙව්වා. ඊට පස්සෙ එහා ගෙදර සෙලින් ඇන්ටි ආවයින් පස්සෙ, රහත් වෙච්චි කතාව එයැයිටත් කිව්වා. ආච්චි කෑම බීම ජාති හංගන තැන්වල, අල්මාරිවල, අරෙහෙ මෙහෙ හැම තැනම හොයලා, බැරිම තැන මගෙන් ඇහුවා. මම කිව්වේ ඉතින් රහත් උනා නම් උඩින් යන්න ඇති, කොහේ ගියාද කියලනම් කියන්න දන්නේ නෑ කියලා. ඕන් දැන් ආච්චි රහස් පරීක්ෂණ කටයුත්ත ආරම්බ කොලා. උදේම ගෙදරට ආපු කිරි කාරයගේ ඉඳලා ඔක්කෝම සැකයි. සිරියාවතිත් සැකයි, මාත් සැකයි, මල්ලිත් සැකයි, ඊට පස්සෙ අල්ල ගන්න පුළුවන් කව්ද කියලා දැන් කස්ටියම එක්ක කල්පනාව.


ඒ අතරේ තමයි මතක් උනේ සරත් අයියව. සරත් කියන්නේ ආච්චිගේ දෙවනි මුණුබුරා අපේ පුංචි ළොකු අම්මගේ ළොකු පුතා. ආච්චිගේ ෆේවරිට්ම මුණුබුරා. අනේ ඉතින් බලන්නකෝ පොරත් සැකයි.

"සරත් අයියත් එක්ක මම පාරටම යනකන් ගියා, එයා ඒක උස්සගෙන ගියේ නෑ."

මොකෝ, සරත් අයියා මගෙත් වීරයා. ඒ කාළේ සිලෝන් ක්‍රිකට් ස්කොඩ් එකටත් සෙලෙක්ට් වෙච්චි පොරක්, ඉතින් අනිවාර්යයෙන් මම එයා වෙනුවෙන් කතා කරන්න එපයි.

"අද බෝතල් පත්තර කාරයත් ඇවිත් ගියා නේද අම්මේ...?"

"ඔව් පුතේ, ඒ ආවට අද පත්තර දුන්නේ නෑනේ..."

"ඒ උනාට, අම්මා ඒ මනුස්සයට කන්න ගිහින් දුන්නා නේද...?, ඒකට කුස්සියට ආපු වෙලාවේ ගෝනියේ දාගෙන ගියා වෙන්න බැරිද?

ආච්චි මුකුත් කිව්වේ නෑ...

"මෙයාලා එලියට උස්සගෙන ගියාද දන්නේ නෑ...?"

"අනේ ඇන්ටි, ඔහේගේ වැඩක් බලාගෙන යනවද මෙතන....." කියලා කියනවා අද වගේ නම්...

"අපි උස්සන් ගියේ නෑ.." මල්ලිත් බේර ගන්න එපාය..

ඒ පාර තමයි, අම්මා සිරිවර්ධන ඇන්ටිලයි අහට ගිහින්, තාත්තට කෝල් එකක් අරගෙන ආවේ.. රෑ තාත්තා ඇවිත් ආයෙම අර සාක්කි කැඳවීම කරා.. ඉස්සෙල්ලම ආච්චි, ඊළඟට අම්මා, ඊළඟට සිරියාවති. ඊළඟට මම.. ඊළඟට මල්ලි.....

ආ නෑඑ එයා මල්ලිගෙන් සාක්කි අහන්නේ නෑ.. නංගිගෙන් අහන්න බෑනේ.. එයා දන්නේ ඕන එකකට හිනාවෙන්නයි, අඬන්නයි විතරයි...

ටික වෙලාවකින් සරත් අයියත් ආවා.. තාත්තත් සරත් අයියට හරිම ආදරෙයි.. එයා ජොබ් එකකට යනකම්ම උන්නේ අපේ ගෙදර. අනිත් අයියලා අක්කලත් එහෙමයි. එදා එයාලා හිටියේ නැත්තේ ඇයි කියලා කියන්න අද හරි මතකයක් නෑ. ඉස්කෝල නිවාඩුවක් වෙන්න බෑනේ. මොකෝ ඉස්කෝල නිවාඩුවක් නම් අපි ගෙදර ඉන්න විදියකුත් නෑ.. සරත් අයියා කිව්වේ...

"පිස්සුද ආච්ච්.... මම දන්නවනේ, ආච්චි අපිටත් වඩා ඕකට ආදරෙයි කියලා...."

ඔහොම කතාව යන අතර තුරේ තමයි ආච්චි බොහෝම දුකෙන් කිව්වේ

"අනේ පුතේ තව ටිකකින් බන පටන් ගන්නවා... අහන්න විදියක් නෑනේ කියලා... "අපිටත් හරි දුකයි..

ජුබිරිගේ රේඩියෝව
"අම්මා ටිකක් ඉවසන්න, මම එකක් ගෙනත් දෙන්නම්" කියලා තාත්තා කිව්වට ආච්චිගේ සුදු මූණ නෙමෙයි එළිය උනේ...

"නෝටන් අයියේ............ ප්ලග් පොයින්ට් එක තියෙන්නේ කොහෙද....?" කියාගෙන ජුබිරි අංකල් අද
කාළේ අඟල් 17, ටී වී එකක් සයිස් රේඩියෝ එක උස්සගෙන ආවේ, ආච්චි සෙලින් ඇන්ටිලයි ගෙදරට යන්න එන්න වැඩිපුර අකමැති නිසා වෙන්න ඇති..........


ප: ලි:
මේ කතාව මතක් උනේ ටික දවසකට කලින් පරණ ගල් රෝලක් අහම්බෙන් දැකපු නිසා, වයර්ලස් මතක් උනේ ආයෙත් ලියන සිරාගේ පෝස්ටුව දැකලා.. කොහොම හරි සුපිරියටම ලියන හැලපෙගේ මෝනලීසා වගේ මේකත් අදින්න වෙයිද දන්නෙ නෑ.....

73 comments:

  1. කතාව ඇදගෙන යනවා නම් හොඳයිනේ. අපිට පරණ කතා ඇහුව හැකි.:)
    ලින්කු දෙකට පින්. ඒ පැත්තේ ගිහින් බලන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. අනිවා... බැලිය යුතු දෙකක්...

      Delete
  2. එව්වනම් ගල්රෝල් සයිස්ම තමා :ප් ඇත්තට වයර්ලස් එකට මොකෝ වෙලා තිබුනේ ?

    ReplyDelete
    Replies
    1. අද වෙනකන් දන්නෙ නෑ ඒකට මොකෑ උනේ කියලා...

      Delete
  3. ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
    Replies
    1. නියමයි ඇනෝ ටයිම් අරගන ලියපු ලියවිල්ලට....!
      ඔයා ගෙ ....................... ........................... .....................................හෙහ් ..............................හෙහ්...................
      පුක සුදු ...........ද????????????????

      Delete
    2. රාජපස්ස හොදට අතගාපන් ඇනෝ....ඔය වගේ කතා අපි TV එකේ අහනවා..
      රජය මේ දවස්වල නඩත්තු කරන්නේ ඔය මතය තමා. මතුපිටින් රාජපක්ෂලාට විරුද්ද බව පෙන්වා වටින් ගොඩින් කොටි ගැන ඩයස්පෝරාව ගැන කහිනවා.
      අන්තිමේදී අනියමින් හරි උබල නඩත්තු කරන්නේ රාජ පක්ෂ ජුන්ටාව...
      එක ඇතුලේ සිංහලද දෙමළට කොටිද සිංහයෝද කියල නෑ තැලෙන්නේ මිනිස්සු.....

      Delete
    3. Kenji @ Japan :
      උබ කොලුකාරයෙක් කියලා මුළු බ්ලොග් අවකාශයම දැනගෙන ඉවරයි..

      Delete
    4. සම හරක් ඇනෝල එලෙස එම ශ්‍රේණියට මාව වර්ගකරණිය කොට,සතුටුවනවා නම් මගේ සතුටද ඔබ සැමගේ සතුටයි :).

      Delete
    5. අම්මට සිරි කෙනජි දැන් එළිපිටම ගේමට බැහැල. හැබැයි පුතෝ බ්ලොග් ගේට්ටුව පලාතක ආවෝත් මම එදාට ගේට්ටුවේ නෑ. අංකල් කෙනජි ජපානෙම හිටහං.

      Delete
    6. දේශිහිතයිශි බ්ලොග් කියවන්නා. ආණ්ඩුවේ ඉඳුල්කන හුරතල් ඇනෝ. දයා, පිල්ලයාන්, කරුණා, කේපී, දුමී, මහින්ද ගේ * කන නරියා. ඇත්ත කියනකොට පු* කහනවනම් කෙනජි අංකල්ගෙන් බෙහෙත් ඉල්ලා ගනිං.

      Delete
  4. ඉඳ හිට හෝ මෙවැනි පරණ මතකයන් අවුස්සන එකත් ඉතාම හොද දෙයක්. අපි එහෙම සුන්දර ජීවිත ඒ කාලේ ගත කළේ. අපේ ආච්චි කියන්නෙ "සේඩියෝ එකේ පිරිත් මීටරේ හොයලා දියන්" කියලා.

    ReplyDelete
    Replies
    1. ලියන්න ගියේ වෙන එකක්.. ලිය උනේ වෙන එකක්...

      Delete
  5. කව්රු කොහොම,මොනව ලිව්වත් හැලපෙ ලියන ලියවිල්ල මේ කපේදී එකෙකුටවත් ලියන්න බැරි බව මම දන්නව.

    ReplyDelete
    Replies
    1. අනිවා..... අනික ඒ එක්ස්පීරියන්ස් එක... මට මතක් වෙනවා ඔය් අමුගොම මහත්තයා පත්තරේට ලියාපු ළිපි. කොච්චර සුන්දර මනුස්සයෙක්ද, අද අනාථ වෙලා ඉන්නේ...

      Delete
    2. පිට කැසීමේ රජ තුන් කට්ටුව....

      Delete
    3. ගරු ඇනෝ;
      අපි හොරිකඩයන්ගේ "හොරි"කසන්නේ නැත.
      දාඩිය නිසා බිබිලි මතු වී ඇත්නම් නෑවලින් පස්සෙ සහෝදර කමට,දාඩිය බිබිලි නසන පවුඩර් ටිකක් පිටේ තවරන්නම්.

      Delete
    4. පවුඩර් පිටේ තවරන ගමන් ..............
      කෙනජිට කියල පස්ස හරවලා පිටේ පවුඩර් ගා ගන්න මොකාද බය නැත්තේ බං.....
      කෙනජි උබනම් නියම මීටරේ............... හොර ගෙඩියා.
      (මම AnonymousMay 7, 2013 at 2:33 AM නෙවේ.)

      Delete
    5. කෙන්ජි මේ බ්ලොග් එකට වැඩිපුර එන්නෙ අර උඩම දකුණු පැත්තෙ තියන ෆොටෝ එකට වහ වැටිලා....

      Delete
  6. පරණ කතා අහන එක හරිම රසවත්.මේක කියවගෙන යද්දී මට මතක් උනේ ඒ කාලේ මාතලන් අයිය කොහොම ඉන්න ඇද්ද කියල.අපෙත් පොඩි කාලේ මතක් වෙනකොට හිනා යනවා සමහර වැඩ ගැන.
    මොනාලිසා තරමට මෙම කතාවද ඇදේවා........

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ ඊළඟ එකෙන් ඉවරයි...

      Delete
  7. දැන් බ්ලොග් ලෝකයේ අලුත්ම ශෛලිය මේ විදියට අදින එකද? අර හැලපයාගේ පැරිස් යන කතාව වගේ.:)

    හරි ලස්සනයි මේ මතකයන්. හොඳයි හොඳයි මාතලියෝ අපි යමු ඔය රසවත් අතීතෙට.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ ඊළඟ එකෙන් ඉවරයි...

      Delete
  8. ඉතින් ඇත්තටම මොකද වුණේ වයර් ලැස් එකට..

    ReplyDelete
    Replies
    1. කොතු හුතනද එම මතන

      මම අහවල් එක වටේ ලියන අහවලා

      Delete
    2. කරෝල වේලන වැඩේ සාර්ථකද? වැස්ස දවස් වල ටොන් කීයක් වේල ගත්තද?

      Delete
    3. උදේ බලද්දී ටොන් දෙකයි තිබ්බේ..... හවස බලද්දී ටොන් 5 ත් පැනලා .....

      Delete
    4. වයර්ලැස් එකේ හඩ්සන් හඩ්ඩාගේ [ලොව සුපතල වැසිකිලි සේදුම්කාරකය] බණ අහලාම ආතම්මට ඒක එපාවෙලා අන්තිමට කරවල වේලන්න දැම්මා.

      Delete
    5. අද වෙනකන් දන්නෙ නෑ ඒකට මොකෑ උනේ කියලා...

      Delete
  9. ඔය පරන රේඩියෝවල වොලියුම් කන්ට්‍රොල් එකේ වයර් තුනෙන් දෙපැත්තෙ දෙකට වයර් කෑලි දෙකක් අමුනල ඒවට මයික් එකක් හරි පරන ඉයර්පෝන් එකක් හරි අමුනගත්තහම පුලුවන් අපිට රේඩියෝ එකෙන් කතාකරන්න .දවසක් මම ඔය ක්‍රමයට අපේ ආච්චිට බනක් කිව්වා. ආච්චිත් පන්සිල් එහෙම අරගෙනෙ ටිකක් අහගෙනෙ හිටියා.පස්සෙ මේ හාමුදුරුවො අද මොනවද මේ බනට කියන්නෙ කියල රේඩියෝ එක වහල දැම්මා.

    ReplyDelete
    Replies
    1. උබට ඒක තමයි ප්‍රෝෆයිල් එකකින් එන්න බැරි. කළ කළ දේ පල පල දේ. එදත් හැංගිලා බණ කියනවා. අදත් හැංගිලා බණ කියනවා.
      [කිපයන් ඉතින් මමත් හැංගි හොරා කියලා. උබලට ප්‍රෝෆයිල් වලින් රිප්ලේ දෙන්න බයයි බං.]

      Delete
    2. මම නම් හැදුවෙ නැති උනාට අපෙ අනික් උන් නම් පොල් ගස් වල ඒරියල් දාගෙන රේඩියෝ හැදුවා ඒ කාළේ..

      Delete
  10. මට තියෙන්නේ ඔච්චර පරණ රේඩියෝ මතකයක් නෙවෙයි... මං පුංචි කාලේ අපේ ගෙදර වටින බඩුවකට කියලා තිබ්බ එකම දේ රේඩියෝ එක.... දවසක් හොරු පැනලා ඔය රේඩියෝ එක උස්සන් ගියා... පොලිසි ගිහින් ඒක හොයා ගත්තා.... ලොකු මෙහෙයුමක් කරලා... ඒ රේඩියෝ එක නම් තාම තියෙනවා අපේ ගෙදර....

    දැන් නම් රේඩියෝ අහන්නේ බණ අහන ආච්චිලා විතරයිද කොහෙද.... කො‌ෙහාමත් අනිත් එෆ් එම් නම් අහන්න බෑනේ...

    ReplyDelete
    Replies
    1. හි... හී...
      හි... හී...
      හි... හී...
      හි... හී...
      හි... හී...

      Delete
    2. මටත් මතකයි මම පොඩි කාලේ රේඩියෝ ඇහුවා

      මම අහවල් එක වටේ යන අහවලා.

      Delete
    3. ඒ කාළේ ගෙනියන්න වෙන දෙයක් තිබුනේ නෑ නේ. ටිකක් ළොකු කාළේ ආවනම් ඔයාවත් උස්සගෙන යයි..

      Delete
    4. මෙයාව උස්සන් ගියොත් ඉතින් ඒ හොරාට ආයෙත් දඩුවම් ඕනි නෑ.... ඌට අබ සරණයි....

      Delete
  11. මම නම් කට්ට කෑවේ කළු සුදු අඟල් දහහතරේ ටීවී එකක් එක්ක.

    ReplyDelete
    Replies
    1. අපෙ ගෙදරත් ඉස්සෙල්ලම ගෙනාවේ ඒකක් තමයි...

      Delete
  12. මතකය වටිනවා....

    ReplyDelete
    Replies
    1. මතකයන් ඔබේ සිතේ දරාගෙන....
      දුක් විදිනා මම ඔබගේ... පලමු පෙම්වතා....

      Delete
    2. බොහොම වටිනවා. ඒත් ඒවල එල්ලිලා ඉන්න ඕන නෑ...

      Delete
    3. මතකයන් ඔබෙ සිතේ තබාගෙන
      දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
      සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
      අදටත් මම ඔබෙගේ පලමු පෙම්වතා

      සිනා සෙන්න නොහෑකී නම් මට හඩන්නට
      ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට...
      ඉනු කදුලෑලි ගලා යන්න යන තුරෑ වත් මට
      ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට ……

      මතකයන් ඔබෙ සිතේ තබාගෙන
      දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා.....

      සරසවන්න ජීවිතය මට හෑමදාට
      ඔබෙ හදින් මා ලෑබුවේ කුළුදුල් පෙම...
      ජිවිතයම වරදාලා ගියමුත් පවට
      වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට

      මතකයන් ඔබෙ සිතේ තබාගෙන
      දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
      සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
      අදටත් මම ඔබෙගේ පලමු පෙම්වතා

      Delete
    4. වටිනවා කියන්නේ එල්ලිලා ඉන්නවා කියන එක නෙමෙයි.මොකද සතුට වගේම දුකත් මතකය තුල තියෙනවා.එක නිසා ඒ දෙවල් අදට පාඩමක් කර ගැනිමට පුළුවන්.

      Delete
  13. ඉතින් කවුද මාතලං ඒ රේඩියෝ එක උස්සපු එකා? සමහර විට බණ අහන්න වෙන නිසා උඹම ඉස්සුවද කියලා මම කලපනා කලේ.

    ඔය ගල් රෝල් වල රෝද ඇතුලට වතුර පුරවලා තමයි පාර තලන්නේ. ඒක හිස් කරලා තමයි පාරේ අරගෙන යන්නේ. උඹට මතකද?

    ReplyDelete
    Replies
    1. අද වෙනකන් දන්නෙ නෑ මචෝ. ඊළඟ එකේ ලියන්නම්කෝ ගල් රෝලේ කතන්දරේ...

      Delete
  14. ඇත්තටම මොකද බන් වුනේ උඹල දෙන්නා හැන්ගුවද?.

    ReplyDelete
    Replies
    1. අද වෙනකන් දන්නෙ නෑ මචෝ.

      Delete
  15. හප්පොච්චියෙ ඒ කාලේ ඔය ට්‍රාන්සිස්ටර් රේඩියෝ ගජරාමෙට හොරකං කරා ගෙවල් වලින්. අදවගේ හොරු එදත් හිටියා. ට්‍රාන්සිස්ටර් රේඩියෝ පොඩියිනේ. සමහර ඒවා ඉනේ ගහගෙන උනත් යන්න පුළුවන්. මම පුංචිකාලේ පෝය දවසට ගමේම අය එනවා අපේ ගෙදරට බණ අහන්න. වෙන කොහෙවත් රේඩියෝ එකක් තිබුනේ නැහැ. අපේ තාත්තා රේඩියෝව (ඩ්‍රයි බැටරි වලින් වැඩකරන වෑල්ව් රේඩියෝ එකක්)ඉස්තෝප්පුවට ගෙනත් පොඩි මේසයක් මත තියනවා. ගමේ අය වටේට පැදුරු එලාගෙන හරිම භක්තියකින් රේඩියෝ එකට වැඳගෙන අහගෙන ඉන්නවා. අපේ අම්මා සහ අක්කලා ඒ අයට තේ පැන් සංග්‍රහයකුත් කරනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හොරකන් කරන්න වෙන දෙයක් තිබුනේ නෑ නොවෙ. ඕක තමයි තිබුන එකම ගැජමැටික් එක...

      Delete
  16. මාතලන් මේ සක්කිලි ඇනෝ ලා ටික එළවපන් මචන්.මිනිහෙක්ට වැදගත් විදිහට අදහසක් ප්‍රකාශ කරන්න තියෙන තැනක් මේ බල්ලෝ නිසා අහිමි වෙනවා.මෙහෙම උනොත් වෙන්නේ බල්ලෝ රජ කරන එක බ්ලොග් වලත්.වැදගත් මිනිස්සු එන්නේ නැතුව යාවි මෙහෙම දේවල් දිගින් දිගට උනොත්.අන්තිමට රට බල්ලන්ට ගියා වගේම වේවි බ්ලොග් අවකාශෙත්.

    මෙතනට අදාළ නැති , වෛරයෙන් දාපු කමෙන්ට් ඔක්කොම අයින් කරපන් මචන්.මොකද නිදහස හා වල බූරු නිදහස අතර වෙනස අපි හඳුනා ගන්න ඕනේ.අපිට මොන දේ කරන්නත් ඉතුරු මේ බ්ලොග් අවකාශේ විතරයි ඉස්සරහට..ඒ නිසා දැන්ම ඉඳන් ඒක පිරිසිදුව රැක ගැනීම වටිනවා..මෙහෙම තැනක වත් වැදගත් මිනිහෙක් අදහසක් නොකියා කර බාගෙන යන්න පුරුදු උනොත් රට බල්ලට ගිය එකෙන් ගලවා ගන්න වත් බැරි වේවි නියම වෙලාව ආව දාට...!

    ReplyDelete
    Replies
    1. ඉතින් මචන් ඕක ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා කිව්වනම් ඉවරයිනෙ....

      Delete
    2. මම අහවල් එක වටේ යන අහවලා

      Delete
    3. @ 12.02 / 12.13

      යකෝ ජාතකේ හොයන්නේ නැතුව කියලා තියෙන දේ තේරුම් ගනින් .....

      Delete
    4. එතකොට උඹ වගේ උන්ටත් එන්න බෑනේ. මම අදාල පුද්ගලයන්ගෙන් ඇහුවා. ඔවුන්ගේ අවුලක් නෑ. ඔවුන් කිව්වොත් ඉවත් කරනවාමයි. මට ගහන එවා නම් ඔහේ තිබුනාවේ. කියවන උන් දන්නවනේ මම කව්ද කියලා..

      Delete
  17. මට පේන්නෙත් රෝලක් වගේ තමයි. ඔය තාක්ෂනික විපර්යාසය සිද්ද්වෙනකාලේ සිදුවුන දෙවල් ලියන්න නම් සෑහෙන්න ලියන්න වෙයි. මට මතකයි අපේ ආච්චිත් ටෙලිවිසොන් පෙට්ටියට දනගහගෙන බන ඇහුවා

    ReplyDelete
    Replies
    1. දැන් නම් බන අහන්නේ නෑ පන්සල් වල. කස්ටියම කට කපලා නිදි..

      Delete
  18. අතීතය සිහිනයක් පමනයි.....

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ. ඒවා බොහොම සුන්දර මතකයන්.. ඔය කියන්නේ ඉලව් ලව් එකක් ගැන නේ..

      Delete
    2. අතීතය සිහිනයක් පමණයි
      සැබෑ සුවඳක් නැ
      එදා සෙනෙහෙන් නොබැදුනානම්
      මෙදා වියොවක් නැ...//


      තැනූ මන්දිර බිදී වැටුනත්
      නෙතේ කදුලක් නැ...//
      සිනහවෙන්නට වරම් නොලදත්
      හිතේ කිළුටක් නැ...

      අතීතය සිහිනයක්...//

      සොබා දහමට නොවන අවනත
      ලොවේ කිසිවක් නැ...//
      ලොවේ පැරදුම මිසක කිසිදා
      ලැබූ දිනුමක් නැ...

      අතීතය සිහිනයක්...//

      Delete
  19. සුන්දර අතීතයක්...ලස්සන මතකයක්...ආච්චිගෙ රේඩියෝව රහත් වුනු හැටි ඉදිරියේදී දැනගන්නට ලැබේවි. අපේ තාත්තගෙ අම්මත් ඔය වගේම තමයි. එයාට එයාගෙ දරුවො ගෙනත් දෙන හැමදේම..සස්ටජන් කිරි ටින් එක පවා පන්සලට තමා හොරෙන්ම අරන් ගිහිං පූජා කොලේ. ඔය ගුවන්විදුලිය පටන් ගත්ත මුල්ම කාලෙ ආච්චි කෙනෙක් කිව්වලු අනේ යකුනේ මේ මකබාව වහපන්...මේ කියවන ගොයියට කෑමක් බීමක් ගන්නවත් නිදහසක් දීපන් කියලා...ආච්චි හිතලා තියෙන්නෙ රේඩියෝව දාලා තියෙනකන් නිවේදකයට විවේකයක් ගන්න විදියක් නෑ කියලා...

    අපිවත් මතක් කොලාට තුති...ජය !

    ReplyDelete
    Replies
    1. අපේ ජීවිතයම සුන්දරයි. දුකත් සැපක් විදියට තමයි ගන්නේ...

      Delete
  20. මන් හිතුවේ මාතලන් රේඩියෝ එක පාරේ යන ගල් රෝලකට තිබ්බද කියල . අපේ දිහාත් රේඩියෝ තමා තිබුනේ . ඉස්සෙල්ලම තිබ්බ වර්ගය මාට මතක නැහැ . ඊට පස්සේ 70 දශකයේ අග හරියේ දවසක යුනික් රේඩියෝවක් ගත්ත දවස මට අද වගේ මතකයි . ඒ ගමනට එක්කන් ගියේ මාව . කොටුවේ හරි පිටකොටුවේ හරි ලොකු කඩයක් . කඩේ හිටපු කෙනෙක් මාව අතින් අල්ලන් එක්ක ගිහින් රුප පෙට්ටියක් පෙන්නුවා . කළු සුදු රුපවාහිනියක් . ඔන්න එදා තමයි ඉස්සෙල්ලම මන් ටි වී එකක් දැක්කේ .

    ReplyDelete
    Replies
    1. යුනික් රේඩියෝ එක හැදුවේ උපාලි විජේවර්ධන මහත්තයා, ඒ විතරක් නෙමෙයි උපාලි ෆියට් හිටන් නිශ්පාදනය කළා, පොඩි ලස්සන කාර් එක.

      Delete
    2. මට ඔය ඉලක්කන් මතක හිටින්නේ නැහැනේ හෙන්රි.
      මාතලන් ...දහම් පාසලේ හොඳම ශිෂ්‍යයට යුනික් රේඩියෝ එකක් තෑගී ලැබුන ඒකාලේ . අපිටත් තෑගී වලත් කැන්ඩොස් චොක්ලට් ඩෙල්ටා ටොෆි ලැබුන වෙලාවල් තිබුණ . කොහෙද මාතලන්ලා යන්න ඇත්තේ විද්‍යාලංකාරේට නේ .

      නැත්තන් හොඳම සිසුවා වෙන්න තිබ්බ

      Delete
    3. මටත් මතක හිටින්නේ නැ බින්දි. ඔය රේඩියෝ එක ගැන රේඩියෝ එකේම යන දැන්වීමක් ඇහිලම හිතට කාවැදිලා තිබ්බා. ඒක Unic UT7H941.

      Delete
    4. හ්ම්.. ඒකට තමයි.. මාස දෙකක් තුනක් විතර තමයි ගියේ.. ඔය අපේ කඹුරුගමුවේ වජිර සාධුට මාව පේන්න බෑ. කොම්ප්ලේන් ගොඩක් තිබුනා. එක දවසක් බුද්ධිකයගෙ සෙරෙප්පුවක් උඩ විසි කරපු පාර බෝ ගහේ හිර උනා. කතාව ගියේ වෙන විදියකට. මොකෝ ඒ කාළෙත් මම බුද්ධාගම ප්‍රශ්ණ කරනවා. ඒ නිසා ගුරුවරුන්ට දිරෙව්වෙත් නෑ. වජිර හාමුදුරුවෝ මගේ කන අතගාලා ආයෙත් මේ පැත්ත පලාතේ එන්න එපා කියලා දේශණා කලා. මමත් එක්ක මල්ලිත් යන එක නවත්තලා දැම්මා. මම මගේ පොඩි එකාවත් යවන්නේ නෑ දහම් පාසල්. මළ විකාරයක්. ඒකට ගියපු උන්ට වඩා අපි හොඳට ඉන්නවා. කොහොම නමුත් අරියධම්ම හාමුදුරුවෝ පිරිවෙනට ආපු වෙලාවේ, වජිර සාධු ආයෙත් මා එක්ක ෆිට් උනා. මොකෝ අරියධම්ම හාමුදුරුවෝ මගේ බුදු ෆිට් එක. ඒක එහෙම උනේ. අපේ ඉස්කෝලෙ බෞධධ සංගමයේ ක්‍රියාකාරි සාමජිකයෙක් උන නිසා...

      Delete
  21. ඉස්සර ආච්චිලා දුන්න ආතල් මතක් වෙනකොටනම් අම්මෝ.....කියල වැඩක් නැ ඔයි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න