ගිය සැරේ, පාන් භාගයයි නේ දුන්නේ, අද ලියන්නේ ඉතුරු භාගේ. රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිහින්, පාන් නැතුව පරිප්පු කන්න වෙයි කියන තැනින් නේ නැවත්තුවේ. මුලම දවසේ ගෙදරින් පාන් අරගෙන ගියේ. ඒ කාලේ තිබුනා පාන් ගෙනියන්නම ප්ලාස්ටික් පෙට්ටි වගයක්. පොත් ගෙනිච්චෙ නම් සූට් කෙස් එකක. ඒක හැබයි අද තියෙන බැග් පැක් ඒකට වඩා වාසියි. මොකෝ ඒකේ උඩ ඉඳගෙන ඉන්න පුළුවන්, ක්‍රිකට් ගහන කොට, විකට් එකට ගන්න පුළුවන්. වලියකදි උනත් මාර වටිනවා.
ඉන්ටවල් එකේ කාළා කොරලා බැස්සා පන්තියෙන් එළියට. ඉස්සර අපේ පන්ති තිබුනේ, ඔය සියඹලා ගහයි පූල් එකයි අතරේ තිබුන තනි තට්ටුවේ ගොඩනැගිල්ලක. ඒකෙනම් කිසිම රාජකීය ගතියක් තිවුනේ නෑ. ඔය ඕන ඉස්කෝලෙක තියෙනවා වගේ ගොඩනැගිල්ලක්.
අපේ පන්තියට පන්ති තුනක් එහායින් කැන්ටිම. පස්සෙ කාළේ නම් කැන්ටින් තුන හතරක්ම තිබුනා, ඊට අමතරව කිරිහලකුත් තිබුනා. කිරි හල පේන්ට් කරලා තිබුනේ රතු සුදු තීරු වලින්, සිරස් අතට. ඊට අමතරව අපේ >>කඩලෙත්<< උන්නා. (මේ කඩලේ ගැන ළිපිය කියවලා නැති අය
අනිවාර්යයෙන් කියවන්න.)
රිංගුවා බලන්න අර කැන්ටිමට. මගෙ අම්මේ මේන්.. මේක කැටිමක් නෙමේනේ, පිටකොටුවේ නීලගිරි හෝටලේ වගේ, මේස පුටු තියෙනවා කන්න බොන්න. කැන්ටිමේ වැඩටත් දහ දෙනෙක් විතර ඉන්නවා. මාළු පාන්, රෝල්ස්, බිත්තර පාන්, වගේම නොදන්න කෑම ජාති අතරේ පැත්තක තියෙනවා, පොඩි පොඩි සුදු පාට බේසම් වල අල කරි, පරිප්පු කරි දාලා. මගේ ඇස් ගියේ කෙලින්ම ඒ පැත්තට.
අම්මට සිරි ගජ මේ තියෙන්නේ... සුදට සුදේ පාන් භාග. මට ඉතින් ආයේ සන්තෝසේ කියන්න වචන නෑ. හැබයි, කොට කලිසම් ගහපු පොඩි එකෙක්වත් නෑ පාන් කන්නේ. ඔක්කෝම ළොකු අය්යල. දැන් නම් කන්න බෑ. හෙට ගෙදරින් සල්ලි ගෙනත් කනවා.
රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට තෙරුනයින් පස්සෙ නෑදෑයින්ගෙන් ලැබෙන මූල්‍යාධාරත් මදි නොකියන්න ලැබුනා. අපේ පවුල් වලින් ඉස්ස ඉස්සෙලම ගිය චැම්පියන් මම. හැබයි ඊළඟ අවුරුද්දෙම බාප්පගේ පුතත් සෙට් උනා. ඉතින් ගෙදරින් ඉල්ලන්න ඕනෙත් නෑ.
කොහොමද පුතේ ඉස්කෝලේ....? ගෙදර එනකන් බලාගෙන හිටපු ආච්චියි අම්මයි දෙන්නම එක පාරම ඇහුවා.
කියලා වැඩක් නෑ අම්මේ... පාන් තියෙනවා. පාන් විතරක් නෙමෙයි, හරි ෂෝක් අම්මේ...අල හොදිත් තියෙනවා. අර කොළඹ හෝටල්වල තියෙන හිච්චි බේසම් වල දාලා තියෙන්නේ.... හැබයි හොද්දේ අල තියෙන්නේ ගෙඩිය පිටින්ම.
අල හොදිත් එක්ක පාන් තමයි ඒ කාළේ මගේ ප්‍රියතම කෑම. (හැබයි මේ අල හොද්ද, කිරි හොද්ද නම් ආස නෑ... කෑලි මිරිස් දාලා, තෙම්පරාදු කරලා ඔය උඩම තියෙන පින්තූරේ පාටට තියෙන්න ඕන.) ඊළඟ දවසේ බෙල් එක ගහපු ගමන් කෙලින්ම දිව්වේ කැන්ටිමට. පාන් පෝලිමේ අයියලා ඒ ටිකට. මුන්ගේ පන්ති, කැන්ටිමට දුරින් තිබිලත්, මට ඉස්සෙල්ලා කොහොමද පෝලිමට ආවේ කියලා තේරුනේ, මමත් ඒ අයියා කෙනෙක් උනයින් පස්සේ.
මට ඉස්සරහයින් හිටපු අය ඉල්ලන්නේ "අල පාන්", "පරිප්පු පාන්" කියලා. මම ඉල්ලන්න හිටියේ "පාන් භාගයයි, අල හොද්දකුයි දෙන්න.." කියලා. එහෙම කිව්වනම් නෝන්ඩි හතයි. බැලුවම හොඳ වෙලාවට අයියලා ඇවිත් හිටියේ.
මම ඉතින් සුදු පාට පිගානත් එක්ක දෙන පාන් භාගයයි, අල ගෙඩියකින් භාගයක් එක්ක, හොදි බේසමයි අරගෙන ඇවිත් කන්න පටන් ගත්තා. ඇත්තටම මේ හෙන බොරුවක්නේ... අම්මා හදන කෑම තමයි හොඳම කෑම කියන්නේ. මේකේ පුදුම රහක් නේ තියෙන්නේ. කට්ටිය මැජික් වගේ වටවෙලා බලාගෙන ඉන්නවා. මේස වල ඉන්න උන්ටත් නිකන් මැජික් වගේ.
මම ගනන් ගත්තේ නෑ. කාලක් කන කොට අලත් ඉවරයි හොද්දත් ඉවරයි. වට පිට බලන කොට අයියා කෙනෙක් කිව්වා, මල්ලි අල නම් දෙන්නේ නෑ ආයිත්... හොදි නම් දෙනවා, ගිහින් ඉල්ලගන්න කියලා.
අනිත් පාන් කාල විසි කරන්නය.... අනික මෙච්චර රහට තියෙද්දි.... "අංකල් මේකට හොදි ටිකක් දෙන්නකෝ....". කිසිම ලෝභ කමක් නැතුව ආයෙත් කට කපලා හොදි බේසමක් දුන්නා. ඒකත් අරගෙන මේසෙට ආවා. හුටා පිඟාන නම් තියෙනවා. පාන් කාල රහත් වෙලා.
වල් මූසලයන්ට නම් හිනා. "අඩෝ... පව් ඩෝ... පොඩි එකාගෙ පාන් කාල දියන්.... ම්හූ.. පාන් කාල ආයෙත් එන්නේ නැති පාටයි. දැනුයි තේරුනේ උකුස්සෝ වගේ බලාගෙන උන්නේ ඇයි කියලා.
හොදි බේසමත් අරගෙන ආයෙත් ගියා හොදි අංකල් ගාවට, කිව්වා නඩුව, හිතන්න එපා හැබයි ඇඬුවයි කියල නම්. මල එකසිය ගානට පැනලා. ආයෙත් පාන් කාලක් හම්බ උනා. අතෙන්ටම ගිහින් ඇදලා ඇරියා.
ඊළඟ දවසෙත් උකුස්සෝ සෙට් එක ඉන්නවා. අඩු හොදි ගෙන්න ගියේ පිඟානයි පාන් කාලයි ඔක්කෝම බදාගෙන. ඒක අරගෙන ඇවිත් කනකොට. එකෙක් ඇවිත්, "මල්ලි පොඩි කෑල්ලක් දෙනවද..." කියලා ඇහුවා. අපි කොහොමත් පොඩි කාළේ ඉඳන්, බෙදා හදාගෙන කන්න බොන්න පුරුදු, දකුණේ මිනිස්සුනේ (හිහ් හිහ්.. දැන් කියයි අරයනම් කන්නේ තනියම කියලා. ඒ ඔහෙලා හිතන හැටි)
හැබයි ඊයේ වැඩේට කේන්තියි. මම කිව්වා ඊයේ සීන් එක. ඒක කියලා කෑල්ලක් දුන්නා. පොඩි උන් අල පාන් පරිප්පු පාන් කන්න එන්නේ නැත්තේ ඇයි කියලා තේරුනේ ඊටත් පස්සෙයි. මූ අර පාන් කෑල්ල හොද්දේ ඔබලා ඔක්කෝම හොදිත් එක්ක කෙලලා ඇරියේ නැතෑ.
හැබයි ඉතින් අද කාළේ වගේම තමයි ඒ කාළෙත්, මම ඇරියේ නෑ ගේම, කෙලින්ම ගිහින් මිස්ට කුරේටම කිව්වා. ඒකේ රිසල්ට් එක තමයි... කැන්ටිමට ප්‍රිෆෙක්ට්ස්ලා දාපු එක. පොඩි ඒවුන් වෙනුවෙන් සටන් කරලා, පොඩි උන්ටත් නිදහසේ, "අල පාන්", "පරිප්පු පාන්" කන්න මාතලන් සටන් කලේ එහෙමයි. හැබයි ඉතින් මේ නිසා මට නමකුත් හැදුනා. ඒකට නම් මට පොඩ්ඩක්වත් තරහ ආවේ නම් නෑ කවදාවත්..
පාන් භාගෙම දෙන්න බැරි උනා.. උණු උණු පානුයි, මලුයි, ප්ලේන්ටිත් එක්ක ඉතුරු ටිකත් අරගෙන ඉක්මනටම එන්නම් හොඳේ....
ඒකාලෙ අපිටත් ආව බං නීතියක්, 11ට කලින් කැන්ටිමෙන් කන්න බැහැ. ඒත් දොර වහල තියෙන කැන්ටිමේ ඇතුලෙ හොදට ඉදගෙන කන්න තරම් අපි භාග්‍යවන්ත වුණා... :)
ReplyDeleteජය !
යන යන තැන චා....
Deleteපරාජය!
ඒ වාසනාව අපටත් නොඅඩුවම තිබුනා.. මම හිතන්නේ ඕන ඉස්කෝලේක ඒක තියෙනවා.. ඒවා උප සංස්කෘතීන්.. අපේ ඉස්කෝලේ උන්න ඩී පී උනත් ඒ පැත්ත පලාතෙවත් එන්නේ නෑ..
Deleteඔහෙත් දකුණෙය....?
ReplyDeleteකොහොමත් කැන්ටින් වල පාන් පරිප්පු අල අමුතු රසයි..
පලුවක්...
Deleteපිළිගැනිම සාමාන්‍යයෙන් පියාගේ ගම නේද? එහෙමනම් අපි දකුණෙ. නැතිනම් කැළණියේ. ඒත් ඉතින් ආඩම්බරයක් නේ. දුටුගැමුණුගේ පැත්ත නේ...
Deleteසා.පෙ දවස් වල අපේ පන්තියෙ හිටිය උන් දෙන්නෙක්ගෙ බත් ගෙඩි දෙකකට මා ඇතුලු කීප දෙනෙක් වේලාසන වග කියලා ව්වේක කාලයට අපි තනියම කැන්ටිමට ගිහිං කනවා...බත් ගෙනාපු උන්ට මොකුත් නෑ...පස්සෙ පස්සෙ මුන් දෙන්නා තමන්ගෙ බත් ගෙඩි දෙක හංගලා කැන්ටිම ලග කැරකුනා උන්ගෙන් බත් කාපු එවුන්ගෙන් ඉල්ලං කන්න...අන්තිමට අපිට සිද්ධ වුනේ කන දෙයක් කොහෙ හරි මුල්ලක හැංගිලා දෙකට නැමිලා කන්න. අරුන් දෙන්නගෙන් බේරුමක් නැතුව ගියා කෑලි ඉල්ලලා.
ReplyDeleteමට නම් දිරවන්නෙම නැති වැඩක් ඉස්සර ඉඳලා. කැමැත්තෙන් දෙන එක වෙනම දෙයක්. අපේ පන්තියේ සමහර උන් කාපු කෑම අපිට මැජික්. ඒත් උන් ඒවා බෙදා හදාගෙන කෑවා. ඒ කාළේ රටේ කෑම නෑනේ..
Deleteහිටියෙම කැන්ටිමේ නැත්තන් පිට්ටනියේ
ReplyDeleteමම නම් වැඩි පුරම පාරේ.. ලොකු පන්තිවලදි මට මැඩම්ලා හිටන් කියන්නේ එක්සෙකටිව් කියලා.. කාගේ වත්තෙ මල් කඩන්නේ කරලා ඉස්කෝලේ යන කොට පටන් අරගෙන. මම එනකන් ඉන්න බෑනේ. ඊට පස්සෙ කලින් යනවා..
Deleteහම්බෝ...ආපහු ඉස්කෝලෙ ගියා වාගෙ දැනුනා...ඒ කාපු කෑමවල රසයි සුවඳයි ආයෙම මතකයට ආවා මේ පෝස්ටුවෙන්.
ReplyDeleteමට එහෙම එකක් ආවේ නෑනේ හැලපයියෝ..
Deleteතොට ඉතින් නහයක් තියෙන්න එපායැ. මේ උබ මොකද මචං වෙලාවකට අනෝ විදිහට එන්නේ.
Deleteපුදුම රහක්නේ ඒ කෑම වල තියෙන්නේ.. මගේ ප්‍රියතම කෑමක් තමයි අදටත්, අමු මිරිස් කරලකුයි තක්කාලි කෑලියි තියෙන බිත්තර පාන්...
Deleteඅල කිරි හොදි මගෙත් ෆේවරිට් කෑමක්. ඒත් මම ලංකාවේ පාන් නම් කාලම නැද්ද කොහෙද? ඒත් දැනටත් මම ලංකාවට ආව ගමන් ඉඳි ආප්ප කන්න ගන්න එකම කෑම තමයි අළ හොදි. හොදි නම් කන්නේ නෑ අල ගෙඩිය පිටින්ම කාල දානව. දෙකක් ඉල්ලුවාම වේටර් ල මොකෙද එකෙක් දිහා බලනවා වගේ බලන බැල්මටත් මම හුරුයි. මොන රටේද අල එකම එක කෑල්ලක් දෙන්නේ නැත්නම්.... මෙහෙදිත් මම ඉඳල හිටලා අල කිරි හොදි හදනවා ඒවා එක්ක නම් පානුත් කනවා.
ReplyDeleteඔය පිට රට උදවිය කන්නේ අල පොඩි කරලා නේ.. ඉස්මෑස් පොටෑටෝ කියලා.. ඕකට ලූණු කොළ ටිකක් එහෙම, එක්කහු කරලා පොඩ්ඩක් තෙම්පරාදු කරලා දුන්නම සුද්දෝ කොර වෙනවා...
Deleteකලක් මිනිස්සු බ්ලොග් ලිව්වේය. උන් ලිව්වේ ජීවිත කතාය. උන්ගේ ජීවිත කතා අවසාන විය. උන්ට ලියන්න දෙයන් ජීවිතයේ නැතිවිය. නමුත් උන් ජීවිත්වනතුරුම ලිවිය හැකි මාතෘකාවක් සොයාගත්තේය. ඒ කෑමයි. උන් ජීවත්වනතුරුම කෑම කතා අවසානයක් නැත. දැන් බ්ලොග් කියා ඇත්තේ කෑම කතා පමණක්ය. ආණ්ඩුවෙන් දෙන පරිප්පු මදිවාට මේ අහවල් අල ගෙඩි කියවන්නට වීම බඩ දගලන සිදුවීමක්ය.
ReplyDeleteසහතික ඇත්ත....
Deleteමම එක....
මොනවද මාතලං...ඔයා නිකං අලුත් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ බ්ලොග් වල පොර ටෝක් දෙන්නෙ ඔයා හරි පොරක් කියලා නේද...මොනවද බන් මේ බල්ලොත් නොකන බ්ලොග් පෝස්ට්...ලියන්න දෙයක් නැත්නම් නිකා ඉදපන්කො අපේ ඩේටා කන්නෙ නැතුව...අහෝ බ්ලොග් ලෝකෙට වෙච්ච දෙයක්...
Deleteමම පොරක් කියලා මම නම් ජිවීතේට කියලා නෑ සත්තරනේ.. ඒවත් ලියනවා මේවත් ලියනවා.. බලාපොරොත්තු කඩ උනා නම් සමා වෙයන්.. මගේ පොඩි එකා මේවට පට්ට කැමතියි... මම කියනවට හැලපෙත් පොඩ්ඩක් බලපන්... මම කියන්නේ ඔක්කෝම මේවම විතරක් ලියන්න එපාය කියන එක.. එකේ ප්‍රතිඵල නැත්තෙත් නෑ නේද.. ?
DeleteMEKATHAWA KOCHCHARA RASAWATHDA ANO, EWAGE DA PUKA, JOKKU, PADA, JACK CHOO, JEE GENA LIYANA KATHA. KOPAMANA JUGUPSAJANAKA DA,
Deleteකැන්ටින් කෑම නම් හරිම රහයි!
ReplyDeleteඑවා නම් ජීවිතේට අමතක වෙන එකක් නෑ...
Deleteඅර මුස්ලිම් කඩේ කතා හෙම නැතුවැයි
ReplyDelete"රහීමා" එකේද...? අපොයි ඕන තරම්..
Deleteරහීමා එක පට්ට ප්ලේස් එක... ඕකෙන් කාල තියෙනව සමානවම ඕකට රිංගල ඉස්කෝලෙට එන්න පරක්කු වෙනව කියල ගුටිත් කාල තියෙනව...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteආනේ මමත් ගියේ royal නේ කියල කෙලින්ම කිව්වනම් නරකද ? මේක කියෙව්වම මට ඇහුනේ ඒක
Deleteමේ පැහැදිලි ඉරිසියාව
Deleteරුසියාව පොඩියි; ලොකු මොකද්ද කියල හිතා ගනිං!
Delete@ ප්‍රසා
Deleteඅපරාදේ කොමෙන්ට් එක ඩිලීට් කලේ. ඇනෝලා එහෙම තමයි. ඒවා එච්චර ගනන් ගන්න එපා. ඔව් ඒ උඹ කියපු කුරේ සර්ම තමයි. පස්සේ කාලේක මට සෙන්ට්‍රල් හොස්පිට්ල් එකේදි හම්බ උනා. එතන මැනේජර් කෙනෙක් හැටියට උන්නා. සියඹලා ගහනම් අදටත් තියෙනවා. අර බිල්ඩිම කැඩුවේ, ඉස්සරයින් පරණ බිල්ඩින් මොඩ්ල් එකට අළුත් බිල්ඩිම ගැහුවට පස්සේ. ඒ අළුත් බිල්ඩිම ගහපු තැනත් තිබුනේ ගරාජ් එකක් වගේ එකක්. ඒකේ තමයි අපි මෝට මිකැනිසම් කළේ. මුලු අවුරුද්දේම කළේ "පිස්ටන්" එක. සර්ගේ නම මායාදුන්නේ..
මම නම් ආසා පරිප්පු හොදි. (රොස් කරපු ඒවා නම් නෙමේ. ) :D
ReplyDeleteඅල තෙල් දාලා තමා වැඩියම ආසා. :)
පරිප්පු අදටත් මගේ ප්‍රධානම ආහාරයක්. සිරිමගෙ කාළේ මයිසූර් පරිප්පු තිබුනේ නෑ. එහෙනම් අල හොදි නෙමෙයි කන්නේ. පරිප්පු හොදිම තමයි...
Deleteමම පොඩි කාලෙනම් පාන් වලට ප්‍රිය නැහැ.ආප්ප වලට තමයි හුගක් ආස.
ReplyDeleteමගෙත් ප්‍රියතම කෑමක්. හැබයි ඉරිදා උදේට විතරයි හැදුවේ. හාල් වතුරේ පොඟලා, වංගෙඩියේ කොටලා, පෙනේරෙන් පිටි හලලා, පොල් කිරි දාලා, එලිවෙනකන් තියලා, උදේ ආයෙත් පොල් කිරි දාලා තමයි හදන්නේ. ඒ වගේ ආප්ප අද නෑ. කන්න බයයි, වාටියට අත කැපෙයි කියලා. කට්ට සම්බලත් එක්ක පොරි හැලෙන්න දෙන්න පුළුවන්. සමහර දාට හරක් මස් එකක් බොරට හදනවා. එදාට ආප්පත් වැඩියෙන් හදනවා. බිත්තර ආප්පත් හදනවා. හැබයි එක බිත්තරෙන් ආප්ප පහක් හයක් විතර.
Deleteඕකම තමයි අපෙත් ඉරිදට.ලියල තියෙන විදියට කෙල බේරෙනව.රෑට හාල්පිටි මික්ෂර් එකට පොල් රා මන්ඩි ටිකක් කලවම් කරනව පිපෙන්න.
Deleteබැන්දලින් පස්සෙ හරක් මස් තහනම් වුන නිසා දැන් කන්නෙ නැහැ.
කොහොමද බොරට හදපු හරක් මස් හොද්දත් එක්ක පොල් කිරි ඉහපු "මනිපිට්ටු"?
පිස්සු කෙලින්නෙ නැතිව ඉන්නවද කෙන්ජි....
Deleteහැබෑමයි රසට කෑවා පාං ටික.. හෙන පාං විප්ලවයක් කොරල නේද???
ReplyDeleteහෝව් හෝව් අර පහුගියේ එකේදි පාං බාගයක් වත් කන්න දුන්නෑ කියල බැන්න වචන ටික ඉල්ලා අස්කොරගන්නවා හරිය...
Deleteමොකක්ද බන් ඒ හරුපෙ... මට තේරුනේ නෑ...
Delete//මොකක්ද බං කරේ. පාං ගෙඩියෙන් භාගයක්වත් කන්න හම්බ උනේ නෑ නෙව. උඹ කවදාවත් ඔහොම බාගෙට කන්න දෙන්නේ නෑ.. හැක් හැක්..//
Deleteමම පාන් කන්න කැමති වතුර වගේ හොදි එක්ක.. පාන් කෑල්ල දියවෙන ගානට හොදි තියෙන්න ඕනේ.. සම්බෝලත් හොද්දේ දියකරගෙන කන්නේ... හැබැයි පාන් ගෙඩිය ටිකක් කර වෙලා චරස් ගාල හැපෙන ගානට තියෙන්නේ ඕනේ... පාං වලට නියම හොද්ද තමයි කිරි මාලු හොද්ද.
ReplyDeleteඅපරාදෙ කියන්න බෑ අපිට ලැබුනා පරිප්පු ඇටයක් හොයාගන්න ගේමක් දෙන්න ඕන තාලෙ පරිප්පු හොඳි... හබැයි පස්සෙ ගෙදරදිත් මම ඉල්ලුවෙ ඒ හොද්ද මිසක් පරිප්පු ඇට වැඩිපුර තියෙන එක නෙමෙයි... :)
Deleteමට නම් හොදි ගොඩක් ඕන ඉඳි ආප්ප වලට.. පාන් වලට එච්චර අවුලක් නෑ. ගැබයි හරක් මස් හොද්ද එක්ක නම් රාත්තලකට උනත් වැඩේ දෙන එක නතින්...
Deleteඕකට අල්ලපු වැටේ... ඒ කියන්නෙ අපේ එකේ තිබුනෙ පරිප්පු පාන් සහ බිත්තර පාන් ;) කැන්ටිම ඇතුලෙ කාක්කො(පියාඹණ උන් නෙමේයි ඈ) තමා වැඩිපුර ඉන්නෙ...
ReplyDeleteඒ කියන්නේ දැන් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ... :)
Deleteමං යනවා පාන් ගෙඩියක් ගේන්න... මළ වදේ.... පානුයි අල හොදියි මගෙත් ආසම කෑමක්..... දැන් ඒක කන්නම ඕනේ කියලා හිතෙනවා... අවුරැදු 3ක්ම පාන් නම් පරිප්පු තමයි....
ReplyDeleteඔහේට කියන්න. මමත් අල හොද්දක් හදාගෙන පාන් කෑවා....
Deleteහි.... හී...
Deleteහි... හී..
හි.... හී...
හි... හී..
හි.... හී...
හි... හී..
මොකක්ද මාතලංට හැදුන කාඩ් එක,
ReplyDeleteඅල පාන් ද?
පරිපු පාන්? ද
"පාන් බඩා" කියල මිසක් වෙන මොකක්ද.
Deleteමාතලන්ට එච්චර ලොකු බඩ ගෙඩියක් නම් තිබ්බෙ නෑ..අවුරුදු දෙකකට ඉස්සර අපිට හමුවෙන කොට නම් ! මේ කතාව ඉස්කෝලෙ කාලෙ එකක් නිසා ඒ කාලෙ බඩ ගෙඩියක් තිබ්බද දන්නෙත් නෑ තමයි..
Deleteඑතකොට දැන් තියෙන්නේ රා බඩක් ද
Delete@ නිර්මලා & කෙන්ජි
Deleteනිර්මලා හරි
@ වෙනී
දැන් නම් අලි බඩක් තියෙනවා මචෝ
@ ඇනෝ
රා බොනවා ඕන තැනක දැක්කොත්. අපේ රජවරු බීපු බීමක් නොවැ
මට මතකයි අපෙත් එකෙක් හිටිය අලපාන් කියලා. හැබැයි ඒ මාතලන් නම් නෙමේ.
ReplyDeleteඅපිත් ඒ කාලේ ඉන්ටිබල් එකට බෙල් එක ගහපු ගමන් දුවන්නෙ පාන් කන්න. අවාසනාව කියන්නෙ පාන් කන්න කලින් කොල්ලො එක්ක පොරකන්න වෙනවා. අම්මේ තියන පොරයක් පාන් ගන්න. හැබැයි ඒ කාලේ ලොකු අයියලා වුණු අපි මොනවද පිටිපස්සෙන් ගියා ගත්ත.
ඒ කාලේ ටියුෂන් යන දවසට පාන් භාගයයි පරිප්පු හෝ අල එකයි තමයි දවල් කෑම.
අතිවිශිෂ්ට කෑම.
එලියේ කඩවලින් නම් කෑවේ. සයිවර්ම තමයි. පට්ට ලාබයි නේ වෙද මහත්තයෝ. ඉන්දු සිලෝන්, සරස්වති, ශාන්තිවිහාර්, ග්‍රීන්ලන්ඩ් එකට පයින් යනවා ඕවා කන්න. රහිමා එකට එහා පැත්තෙත් එකක් තිබුනා. ඒත් අරවල තියෙන රස තිබුනේ නෑ. ළොකු පන්තිවලදි සල්ලි ප්‍රශ්නයක් තිබුනෙම නෑ. තාත්තලා බිස්නස් කරන මුස්ලිම් කොල්ලෝ 20 ක්ම හිටියා ඒ ලෙවල් පන්තියේ. සමහර උන් ආවේ කාර්වල. ඒ කාළේ තමයි කොළඹ ලයිෆ් ඉස්ටයිල් ඉගෙන ගත්තේ.
Deleteහෙහ්.... ග්‍රීන්ලන්ඩ් මතක් කරන්න එපා.ඉස්සර මගේ ෆේවරීට් තැන.
Deleteමල් පාරේ හතරැස් කොටු කර සුදු ගවුම අදින ළමයි කීප දෙනෙක් හිටිය මගේ යාළුවෝ.ඒ ළමයි එක එක්කෙනා සලාක ක්‍රමේට මම එක්කන් යනව ගල්කිස්සෙ වෙරළෙ වැටකය පදුරු අස්සෙ මැලේරිය මදුරු කීටයෝ ඉන්නවද බලන්න.පදුරේ පිට කර්කෂක පෙනුම උනාට ඇතුල දෙදෙනකුට ඕනෑම පර්යේෂණයක් කිරීමට හැකි අයුරින් සෑදී තිබුන.පොඩි ආබාදයක්ට තියෙන්නෙ නහය පසාරු කරගෙන යන වියෙලමින් පවතින "අමු ගූ බෙටි"සුවද පමණි.
ඇතුලට ගිය සැනින්,ඇතුල් වෙද්දී ගෑනු දරුවගේ තොල් සගලේ දැවටුන කොකු වැටිච්ච වැටකය කටු තොලට තොල තබා,V.JE.MU උගන්නල තිබුන දේශීය වෙද ක්‍රමේට තොලට තොල තබා කටු ගන්න වෙර දරද්දී,වැටකය පදුරේ පිටින් ඉදං ගංජා චමින්දල සරම උස්සන් තමන්ගෙ මදුරුවා එහාට මෙහාට එලවන එක.
කීට පරීක්ෂාවෙන් පස්සෙ ළමයත් එක්ක ඇවිල්ල පපඩම් දෙක තුනකුත් කොටා බාල කිරි තේ දෙකකුත් බිල තමයි ඔතනින් යන්නෙ.
.
ඉතින් 'අල පාන්' ඔයා ඇයි ඒ නමින් බ්ලොග් එකක් පටන් ගත්තේ නැත්තේ? :D
ReplyDeleteඒ වගේද මාතලන්.. පට්ට හොරෙක් නේ....
Deleteකාපුව ගැන කියල ලියල අන්තිමට ලියන්නෙ රීපුව ගැනද?.... :ඩී
ReplyDeleteAI, ANO, - EHEMA LIYANA KENEK INNE, JEE, CHOO, PADA, PUKA WAGE DEWAL GENA.
Deleteකක්කා ගැන බනක් තියෙනවා. අපේ රත්තරන් මාමා දේශනා කරපු. වෙලාවක ඒකත් ලියන්නම්..
Deleteමටත් දැන් අල පාන් කරන්න ඕනේ වගේ. ඒත් අම්මා බත් උයලනේ. ඒක නෙමෙයි, මොකද්ද මාතලං අයියට වැටුන කාඩ් එක? ඒක කියන්නේ නැතු ව හෙමින් ෂේප් වුණා නේද? මමත් ඉස්කොලේ ගිය කාලේ වැඩි වෙලාවක් ගත කළේ කැන්‍ටිමේ තමයි. කොච්චර දේවල් තියෙනව ද රස බලන්න අෆ්ෆා :D
ReplyDeleteමටත් කියල දෙනවද අක්කේ අල පාන් කරන හැටි?
Deleteකාඩ් එක නම් අලපාන් තමයි. හැබයි මම නම් වැඩිපුර උන්නේ පාරේ සහ බස් හොල්ටිං ප්ලේස් වල...
Deleteඅපේ කැන්ටිමේ පාන් දකින්න අපිට පින නෑ.. මොකද අපි යනකොට පාන් වාටියක්වත් නෑ. ඒත් එකට හරියන්න පොල් සම්බෝලයි ඉඳිආප්පයිනම් තිබ්බා. මම කොහොමත් හොද්දට කැමති කෙනෙක් නෙවෙයි. පාන් උනත් කන්නේ සම්බෝලයක් එක්ක. දැනුත් එහෙමම තමයි..
ReplyDeleteමේ පැත්තේ ආවේ දෙවෙනි වතාවට. පලවෙනි පාර ආවේ අර "අලව්වේ ඉලව් වාර්තාව" කියන පෝස්ට් එක මූණුපොතේ කව්ද ලින්ක් කරලා තියනවා දැකලා.. ඒකටත් ලින්ක් එකක් ආපහු දෙන්න පුලුවන්ද? ඒ වගේම ඉඩ තියන වෙලාවක අඟහරු පැත්තෙත් ඇවිත් යන්න..
http://maathalan.blogspot.com/2011/11/alawwa-commission-report.html
Deleteඅඟහරු පැත්තේ ගියා. ටෝච් එකේ බැස්ටි බැහලා. සල්ලි තියෙන වෙලාවක් ටෝච් එකට බැස්ටිත් දාගෙන එන්නම් කියවන්න..
පාන් කන්න නියම ඇවිල්ලා මටනම් උණු කිරි හොද්ද්යි,පොල් සම්බෝලයි තමයි...
ReplyDeleteඑකනෙමේ මාතලන් කෝ අර "ගල් රෝල්" ස්ටොරිය....
ගල් රෝල ගැන ලියන්න ගිහි රේඩියෝ ගැන නේ ලිව්වේ. ඒක ලියන්නම් බය වෙන්න එපා...
Deleteඒක ඇහුවම මටත් ආස හිතුන පානුයි අල හොදිය් කන්න.
ReplyDeleteඒත් ඒකට සිකුරාදා වෙනකල් ඉන්න එපැයි.
මේ සතියෙ ගෙදර ගියාම අම්මට කියන්න ඕනේ
ඇයි සිකුරාදා වෙනකන් බඩ ගින්නෙද ඉන්නේ. අසාද් සාලි නෑයෝ වෙනවද...?
Deleteඅසාද් සාලි???????????
Deleteඒ කව්ද ඒ?
ඇයි නෑයො වෙනවද ඇහුවෙ?
හා කමක් නෑ කොහොම උනත්.
ඇය් ඉතින් මම ඉන්න තැන මට ඕන ඕන ඒව කන්න බෑනේ
අනික ඕව අම්ම හදල දුන්නම තමයි රහ
මෙන්න පෝස්ට්. කැන්ටිමේ සිද්ධිය නම් පණ පිහිටුවලා ලියලා තියෙනවා. ඇයි බං උඹ මේවගේ ඒවා වැඩිපුර ලියන්නේ නැත්තේ අර මූසල දේශපාලනේම එල්ලිලා ඉන්නෙ නැතුව. උඹට මේකෙදිත් පොඩී හරි ටොක්කක් අනින්න ඕනෙ වෙච්ච එකනේ වැඩේ මේ අහක ඉන්න මිනිස්සුන්ට! හික්ස්
ReplyDeleteඋඹ ඒ කාලේ ඉඳන්ම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා තියෙනව, ඈ? One more, please!!!!
හැබැයි හෙන්රි අයියේ මමනම් පුද්ගලිකව කැමති මාතලන් අර ඔබ කිව "මුසල දේශපාලනය" ගැන ලියනවනම්...
Deleteකිසි දේකට බයවෙන්න එපා මනෝජ්. මම එහෙම කිව්වයි කීයලා මාතලන් දේශපාලනය ගැන ලියන එක නවත්තන්නේ නෑ. :D
Deleteදේශපාලනේ ලිවිල්ල එපා උනේ බුවයි, උදිතයයි දෙන්නම නොලියන නිසා. මාලන් ඇත්තෙත් නෑනේ. බූන්දියේයි අමාවකෙයි තව දෙක තුනක් තමයි ලියවෙන්නේ. ඒත් ඒවල සංවාද නෑ. බුවයි, උදිතයයි එහෙම නෙමෙයිනේ. උංගේ කොමෙන්ට්ස් පවා පෝස්ට් වගේනේ. මම දෙන්නටම පෞද්ගලිකව කිව්වා. මුකුත් කියන්න බැරි. මමත් සමහ වෙලාවට මාස ගනන් මුකුත් නොලියපු වෙලාවල් තියෙනවා.
Deleteමේවා ලියන්න හිතුනේ අවංකවම හැලපෙයි උඹයි නිසා. කූඩැල්ලා ලිව්වේ මම නෙමෙයි ඇන්ඩි ග්‍රිෆිත්....
This comment has been removed by the author.
Delete@mathalan
DeleteNew York වල ඉන්න කාලේ උදිත මගේ roommate වෙලා හිටියා ඒත් මම ඔස්ට්‍රේලියාවට ගියාම contacts නැතිව ගියා පුලුවන්නම් phone number එක එවන්න.
@ Kevin Perera
Deletehappyjay65@gmail.com ට මේල් එකක් දාන්න.. ෆෝන් නම්බර් එක නම් නෑ.. මේල් ඇඩ්‍රස් එක දෙන්නම්..
කාව රූමා කරගත්තත් කෙන්ජියව නම් කාමරයට ගන්න එපා.... ඊලග දවසෙ පුක රූම් එකක් වෙලා තියෙයි.....
Deleteඕවා කාලා බඩ අප්සෙට් වුනේ එහෙම නැතෙයි කවදාවත්??
ReplyDeleteපිස්සුද බන්. කව්ද කියන්නේ. පට්ට බොරුනේ... මොට්ට දේශපාලකයන්ගේ කතා...
Deleteමාතලන් ලොක්කාත් දකුනේය!ඒ ගැන නම් අහන්නටත් සොන්තෝසය.රජ්ජුරුවන්ගේ ඉස්කෝලයට යන්නට කලින් ගියේ මොන ඉස්කෝලයටදැයි දැන ගැනීමට කැමතිය.මොකද දුලාත් දකුනු ලකේ අගනගරේ නිසාය.
ReplyDeleteබලන් ගියාම මාතලන් ලොක්කා විප්ලව පටන් ගෙන ඇත්තේ පොඩි කාලේදීමය.
මම දුලාගේ අඩවියේ™ දුලා
ගාල්ලේ ඉස්කෝලවලට ගිහින් නෑ. ඊට ඉස්සෙල්ලා ගියේ ධර්මාළෝකයට. ඒකට ඒ කාළේ කිව්වේ ප්‍රේමාළොකේ කියලා....
Deleteමේ අරාබියෙ කපපු පාන් ගෙඩිය රුපියල් තිස් පහක් වගේ වෙන්නෙ. ඒ අතින් බැලුවම ලංකාවෙ කන්න වෙන්නෙ හු කාපාන් තමයි (මම කිව්වෙ හූනෙක් සයිස් පාං කියලා
ReplyDeleteමම හිතන්නේ මචෝ. මිනිස්සුන්ගේ ආදයමේ හැටියට, විදුලි බිල, ආහාර මිල, වැඩිම රට අම්මට සිරි ලංකාව. ඉන්දියාවේ කෑම කොච්චර ලාබද..? මම හිටපු හැම රටේම රජෙක් වගේ කන්න පුළුවන් පොඩි ගානකින්. කෑම විතරක්ය. කුණු අරක්කු බොන්න ඕන නෑ. හොඳ විෂ්කි එකකුත් ගහන්න පුළුවන් බාබේ කිව් එකකුත් දාගෙන. ඒ අතින් නම් මහ අවාසනාවන්ත රටක්. ඇයි බන් මුන් කෑමටම නේ ටැක්ස් ගහන්නේ.
Deleteආසාවෙන් කියෙව්වා......හැම දෙයක්ම හිතේ මැවෙන විදියට ලියලා..කඩලෙගෙ පෝස්ට් එක ආයෙත් බැලුවා..එළ එළ....
ReplyDeleteකඩලේගේ එකට කොමෙන්ට්ස් අඩු උනාට අම්බානක මේල් ආවා අගය කරලා....
Deleteඅතීතෙට ගියා! හැබැයි මේ අල හොද්ද එක්ක පාන් බාගෙ කතාව කියවෙන්නෙ 70 දශකයේ නම්, මේ කතාවට පිටිපස්සෙන් මාතලන් නොකී තව කතාවකුත් කියවෙනව වගේ ඇහෙනවා..
ReplyDeleteඒ කාළේ ගැන මීට කලින් පෝස්ට් එකේ තියෙනවා සත්තරන්....
Deleteඅදමයි මේ පැත්තෙ ආවෙ.. මාතලන්ගෙ පෝස්ට් එක ගොඩක් ආසාවෙන් කියෙව්වා.. මරු පාන් සිද්දිය තමා.. අපේ ඉස්කෝලෙත් ඔය අවුල තියනවා තාම.. හිටුකො මාත් සටන් කරනවා... :ඩී
ReplyDeleteවෙලා තියනවා නම් මතක මාවත දිගේ ටිකක් ඇවිදලා යන්න එන්න සහෝ..
http://mathakamawatha.blogspot.com/?m=1#
බැලුවා... අවුලක් නෑ... දිගටම ලියන්න...
Deleteඒ කාලේ ඉඳන්ම සටන් කාමියෙක් ...අපේ අක්කගේ කොල්ලත් පොඩි කාලේ දවසක ඉස්කෝලේ ගිහින් මොනවද කලේ ඇහුවම කියන්නේ ඉන්ටවල් එකට කාපු ඒවා .
ReplyDeleteපරණ මතක හරිම රසයි ..පානුයි අල හොදයි වගේම තමා . අපි ඔය ඉස්කෝලෙට ගිහින් තියෙනව ඔය කළා උළෙලවල් වලට හෙම ... මගේ යාලුවොත් ගොඩක් හිටියා .
දැකලත් ඇති එහෙනම්. ගමත් කැළණියේ කොට....
Deleteමාත් ඕකේ තමයි . හැබැයි වැඩිය ආයුෂ තිබ්බේ නැහැ . තාත්ත පස්සේ ගියා ඉස්කෝලේ දාල. රැවුලයි කැඳයි දෙකක් බැහැනේ. එක කාලෙකට දුකයි. තව කාලෙකට අෂ්පට්. තව කාලෙකට ඔන්න ඔහේ කමක් නැහැ කියලා හිතෙනවා . ඊයේ රෑ නම් හිතුණා කුමත්‍රණයක් කියලා ...
ReplyDeleteශ්‍යාම් සෙල්වදොරේත් ඔතන ඉඳලා කලින් ගිය කෙනෙක් බව මට ඔහුගේ පොත කියවද්දී හැඟුණා. ඒ එම වකතාවේ ප්‍රධාන චරිතය නිසා.
Deleteඔහේගෙයි මගෙයි තියෙන එක සමාන කමක් තමයි මට පේන්නේ මේ පාං කෑමට ඇති කැමැත්ත.
ReplyDeleteමට කිරි මාලු හරි පරිප්පු/අල හොදි එක්ක පාන් ගෙඩියක්ම (ග්රූම් 350 නේ) ගිලලා දාන්න පුළුවනි.
http://kathandara.blogspot.com/2010/04/kk-bm7.html
!
මට පෙන්නේ මේ ගිය ආත්මේ පාන් වලට අධිපති දෙවියාද කොහෙද . කොහොම හරි මේ පොස්ට් කියෝනකොට බදාහිනී වෙනවා..
ReplyDelete