.

.

May 1, 2013

පු.ක. ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් (18+) - PUKA Tours & Travels (18+)


මුලින්ම කියන්න ඕන මේකේ පිදුම හෙන්රි බ්ලොග්වෝකර්ට.. උන්නැහේ මේ කතාව දන්නෙ නෑ කියලා තිබුන නිසයි. මේ වගේ කතා නොදන්න අළුත් පරපුරටයි තමයි මේ ලියන්නේ.

77 ජේ ආර් පප්පා ආපු වෙලාවේ, පප්පා උඩ බලාගෙන ඉන්න පෝස්ටර් එකක් හැම සී ටී බී (ලංගම) බස් එකේම අලවලා තිබුනා. එ කාළේ තිබුනේ ලංගම බස් විතරමයි. ආර්ථිකේ ප්‍රයිවටයිස් කොරාපු පප්පා, ගමනාගමනෙත් ප්‍රයිවටයිස් කොරලා දැම්මා. මුලින්ම කොළඹ ආවේ හිච්චික්කිතර බට්ටෝ වෑන්, ඒවල ඇතුලේ හිටගෙන ගිය උන් කොන්ද නමාගෙන මාර ආතල් එකක් අරගෙන ගියේ. පිටිපස්සෙ, පැත්තෙ දොර, බස් වලට වඩා ළොකු නිසා 7-8 දෙනෙක් දොරේ එල්ලිලා, ආතල් එකේ හුලං වැදි වැදි ගියේ. ඒක හරියට කතරගම ඉඳලා සෙල්ලට ගියපු ලොරි භාගේ ගියා වගෙයි. ඒත් ඒ ගමන වගේ සැප පහසුකම් තිබුනේ නෑ. එහෙම ගියත් ඒ කාළේ මේ වගේ අනතුරු නම් වාර්ථා උනේ නෑ.

ඊට ටික කාළෙකට පස්සෙ තමයි අද ඔය "ඒ.සී." දාගෙන දුවන, "ජර්නී"යි, "රෝසා"යි කියන බස් ආවේ. මේවල "ඒ.සී." තිබුනේ නෑ. අර බට්ටෝ පිට පලාත්වලට ගියා. ඕවා අස්සේ, පාන් ගෙඩියක් වගේ, ජනසතු කරපු කාළේ දුවපු බස් වගේකුත් "සුරංජිත් ටුවර්ස්" කියලා නම ගහගෙන, 193 කඩවත - පුරහල දුවන්න ගත්තා. සමහර අය බැංකු පොලි අරගෙන, මේ බස් එකක් පාරට දැම්මේ ඉන්කම් එක හොඳ නිසා. ඉතින් ගම්වල අය මේ බස් එකක අයිති කාරයෙක් වෙන එක ලොකු ආඩම්බරයක් ලෙසයි සැලකුවේ. ලිංසිං වෙළඳ පොලෙත් පෙරලියක් කලා මේ බස් සෙල්ලම. මිදුලේ මේ වාහනේ නවත්තලා තියන එක, හරියට ඇතෙක් වලව්වේ ඉන්නවා වගේ ආඩම්බරයට කාරනයක්.

සමහර ගෙවල්වල ජර්නී දෙක තුනක් තියෙන තැනුත් තිබුනා. දෙක තුනක් තිබුනත්, එකක් තිබුනත්, "ඊබට් සිල්වා ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්" වගේ, හැම බස් එකකම වගේ, "ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්" කියලත් පොඩියට හරි ගහගත්තේ, තත්තෙ පෙන්නන්න. ඔය ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් කියලා ගහගෙන ගියාට, බස් කාරයෝ නම් හැම බස් එකටම වෙනම නමක් දාලා තිබුනා. මට මතක සමහර ඒවා තමයි, පාට පෙට්ටිය, තිලකේ, චූටී මල්ලි, සිරියලතා වගේ නම්. මේවා ඔක්කෝම කඩවත කොළඹ දුවපු බස්. එක කාලෙක ඉස්කෝල කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් බස් එකේ පිටිපස්සෙ වීදුරුවේ ගහගෙන ගියා, හරි වාසනාවන්තයි කියලා. අද නම් සමහර බස් වල අයිතිකාරයගේ දරුවෝ හිටන් ගහගෙන යනවා.

ඕන් ඉතින් ඔය කාළේ තමයි අපේ මේ කතාවට සම්බන්ධ මුදලාලි ජර්නියක් ගේන්නේ, වැඩියෙන්ම ගෙනාවේ පුතාගේ කරදරේට, පුතා "පුණ්‍යවර්ධන", හරි ආසයි වාහන එලවන්න. මුදලාලි සල්ලි කාරයා නිසා ජර්නියක් ගන්න ඒ තරම් අමාරු උනේ නෑ. බැංකුවේ මැනේජර් මහත්තයා ලීසිං එකක් දෙන්න ගියත්, අනේ මහත්තයෝ මම එකෙකුටවත් සතයක්වත් ණය නෑනේ, කියලා කිරි ටොයියා වගේ ජර්නියක් ගෙනාවා. දැන් ඉතින් ගෙනාවා වගේ නෙමෙයිනේ මේකට නමකුත් දාන්න එපාය. ඉතින් ඒකට නම් දාන එක හිතු මනාපෙට කොරන්න බෑනේ.

ඒ නිසා මුදලාලි ගියා නැකත් ගුරුන්නාන්සේ හම්බ වෙන්න. උන්නැහේ කිව්වේ මුදලාලිගෙ නම දාමු කියලා. මුදලාලිගෙ නම "අවුනිස්", ඒක හරියන්නෙ නෑ, නිකං අමු මිරිස් වගේ, එහෙමනම් නෝනගෙ නම දාමු කිව්වම, ඒක "බේබීනෝනා". ඒක හරියන්නෙත් නෑ. නැකත් ගුරුන්නාන්සේ, වී ජ මූ, අහුබුදුලත් එක්ක එකට සෙට් වෙච්චි, හෙළ හවුලේ පොරක්. පොර තමයි දරුවන්ගේ නම් එහෙම දැම්මේ... අපේ මුදලාලි, පුතාගෙයි දුවගෙයි නම් දෙකම දාලා කරොත් නරකද...? කිව්වාම ගුරුන්නාන්සෙ කිව්වේ, ඒක බොහෝම හොඳ අදහසක් බවයි. ඉතින් පුතාගේ නම "පුණ්‍යවර්ධනයි", දුවගේ නම "කරුණාවතියි" දාලා. "පු. ක. ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්" මුදලාලිට දුන්නා.

බොරු නම්... මෙන්න බස් එක...

ඔය අතරේ තමයි "කරුණාවති" දුව බලන්න, මනමාලයෙක් එන්නේ. ඉතින්, ආපු ගියපු විස්තර කතා කරලා,
සංග්‍රහ එහෙම බුක්ති විඳලා, මනමාලිත් බුලත් අල්ලලා,ඇඹරි ඇඹරි ගිහින්, පැත්තකට වෙලා ඉඳගත්තා. දැන් ඉතින් කපු මහත්තයා දෙපැත්තේ පුරසාරම් එහෙම කතා කොරලා, මනමාල මහත්තයගේ තාත්තයි, අපේ මුදලාලියි කතා කොරන වෙලාව....

මුදලාලි මහත්තයලට මෙච්චරද ඉන්නේ.. ?

අපෝ නෑ.. තව පුතෙකුත් ඉන්නවා.... කෝ අපේ ළමයෝ පුතා...?

ආ... අද නිවාඩු දවස නිසා, පුතා, "පුක" හෝදගෙන එන්න ගියා.... දැං ළඟ ළඟම එනවා ඇති මයෙ හිතේ..."පුක" දීලා දාන්නත් හිතාගෙන ඉන්න එකේ, හොඳට තියෙන්න එපාය.... නේ අපේ මුදලාලි මහත්තයෝ....

ඕන් දැන් මනමාලයගේ පැත්තෙ උදවිය පොඩ්ඩක් අප්ෂට් ගියා..

මේ වතුපිටිවලින් සෑහෙන ආදයමක් හෙම එනවා ඇති මයෙ හිතේ..?

අපොයි ඔව්.. ඒත් ඉතින් මේ නවීන යුගේනේ මහත්තයෝ... "පුකෙනුත්" සෑහෙන හම්බවෙනවා..

ඒ කිව්වේ මුදලාලි මහත්තයෝ...?

මහතයලට ඇත්තම කියන්න... අපේ ප්‍රධානම ආදායම තමයි.... "පුක"....

අපේ මුදලාලි බොහෝම ආඩම්බරෙන් කිව්වා. කරුණාවතීටත් හරි ආඩම්බරයි...

මහත්තයට කියන්න කීප දෙනෙක් මගෙන "පුක" දෙනවද...? කියලත් ඇහුවා, ඒත් ඉතින් එහෙම දීලා කොහොමෙයි නේ.....?

මනමාලයගෙ කස්ටිය පොඩ්ඩත් බයත් උනා.. මනමාලයගෙ මූනත් නිකං කළු පාට උනා.... මනමාල මහත්තයා බය උනේ, මුදලාලි ගැන නෙමෙයි, මනමාලි ගැන. මේ මොන කුණුහබ්බයක්ද කියවන්නේ කියලා හිතුනත්.., ඕන මගුලකදි ඉතාම වැදගත්ම මාතෘකාව වන, දෑවද්ද ගැනත් මනමාල පාර්ශවේ ප්‍රශ්ණය යොමුකලා..

දැන් මුදලාලි මහත්තයෝ දැවද්ද එහෙම කොහෙමෙයි..?

අපොයි මහත්තයෝ.... අපේ ඔය ලෝභ කම් නෑ නේව..., මේ හම්බ කරපුවලින් භාගයක්මයි, තේ විස්සයි, කුඹුරු 20 යි, පහල කුරුන්දෙත් මයෙ හිතේ.... 10-12 ක් වෙන්න ඇති. ඒ ඇරෙන්න රත්තරන් බඩුයි, ඔක්කෝම බඩු මුට්ටුයි එක්කම, මහත්තයලා එනකොට දැකපු අර මහ විශාලෙට හදලා තියෙන අළුත් ගේත් දෙනවා.... ඒ ඇරෙන්න පුතා කිව්වා නංගිගේ මහත්තයට, "පුකත්" දෙනවා කියලා....

මේ මොන වනචර පවුලක්ද කියලා හිතපු මනමාල පාර්ශවේ, කපුවගෙ කනට කරලා හයි හ‍යියෙන් කුටු කුටු ගාලා යන්න නැගිට්ටා..

මොකෝ මහත්තයෝ යන්නෙයි නැගිට්ටේ..?

යන්න තමයි යකෝ නැගිට්ටේ..., අපි මෙතන "පුකක්" ගැන කතා කොරන්න ආවේ නෑ. වැදගත් මිනිස්සු කියලා හිතලා, මගුලක් කතා කරන්නයි ආවේ.. මේ "පුක" දෙන කතා කියවන්නේ...

ඉතින් මහත්තයෝ මම හිතුවේ.... "පුක" දෙන්නම් කිව්වම, ඔහේලා තවත් සතුටු වෙයි කියලා... එහෙනම් පුතාට කියන්නම්, "පුක" දෙන්න ඕන නෑ කියලා.. වෙන උන් ඉල්ලලත් නොදුන්න එකේ... අපිම තියාගන්නම්.... ඕකට ඉතින් ඔච්චර කෙන්ති ගන්න ඕනය...?

තොගෙ "පුකත්" එපා මඟුලුත් එපා....

කියලා යන්න ලෑස්ති වෙච්චි කස්ටියට පුණ්‍යවර්ධනලයි තාත්තා, මනුස්සකම නිසා මෙහෙම කිව්වා....

පොඩ්ඩක් ඉන්න මහත්තයෝ.... දැන් පුතා ආපු ගමන්, ඔහෙලා ඔක්කෝම "පුකෙන්" ඉන්දලා, පුකේම අරින්නං....

අම්බානක බය වෙච්චි කපුවයි, මනමාලයයි, මනමාලයගෙ සෙට් එකයි සරොං කරේ තියාගෙන දිව්වලු බය වෙච්ච බය විල්ලට...

ඊට පස්සෙ මොනවා උනාද කියන්න මම නම් දන්නෙ නෑ ආයිබෝවංඩ...

"පුක" යනු කුණුහබ්බයක් නොවේ.. (බ්ලොග් සක්විති - කකා)


ප: ලි:
ඕන් ලොක්කා, 60 ට අඩුවෙන් කස්ටියට, මුළු ගානම කපලා. 180 ට අඩු උන්ට සහනයක් දීලා, පොඩි බෝලයක් බස්සලා, කෂ්ටිය පුක ටුවර්ස් & ට්‍රැවල්ස් බස් ඉකේ ඉන්දවලා තියෙන්නේ. මේකත් ගොවි ණය කපා හැරීම වගේද කියලා බලා ගන්න වෙන්නේ බිල ආවා තමයි. 

90 comments:

  1. මේ කතාව රසවත්ව ඇහුවමයි.. ඉස්තරම්.. හ්ම්... කඩ කාරයොත් එහෙම නේ.. මහත්තයෝ ඔන්න අද මේක 500 කින් වැඩි උනා. මහත්තයට හින්දා 100 ක් අඩුවෙන් දෙන්නං කියනව වගේ තමා මහින්ද මුදලාලිත් අපිට බෝලේ බස්සන්නේ...

    ReplyDelete
    Replies
    1. අමු වඥාව නේ ලොක්කා කොලේ...

      Delete
  2. හික් හික්... නියම කතාව...

    ReplyDelete
    Replies
    1. මෙව්වා බොහෝම පරණ කතා...

      Delete
  3. කොච්චර අහලා තියෙන කතාවක් වුනත් උඹ ලියද්දි පොඩි ආතල් එකක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් සක්විති කියන්නෙ කකා ට නෙවෙයි නේද? බ්ලොග් ලෝකෙ සක්විති වුනේ අපි කවරුත් දන්න මේ අයියා නේද?

      Delete
    2. තැන්කූ වේවා... ඒ කතාවට සම්බන්ධ පරණ කතත් තියෙන නිසා මයෙ හිතේ...

      Delete
  4. පුකෙන් යන්න වෙන්නෙ නැහැ. ඔන්න පුක ගාස්තුත් වැඩි වෙනවලු. උත්තමය පුකෙන් යවන එක ගැන හිතලා පුකෙන් යන උන්ට සහනයක් දෙයි නේද? ලංවිමට දුන්නා වගේ. මොකද එතුමා දන්නව මිනිස්සුන්ට පුකෙන් යන එකේ තියෙන වටිනාකම. කතාව අසා ඇතත් ඔබේ ලිවීම නිසා ආසාවෙන් කියවන්න පුලුවන්. එහෙමනම් පුකේ ගාස්තු වැඩි නොවේවා.

    ReplyDelete
    Replies
    1. 7% කින් ඇමතිතුමා ගේම දෙන්න යන්නේ. පුක් ගැමුණුට ඒක මදිලු. ඌ 15% ඉල්ලනවා. මහින්ද මහත්තයගේ නෑයෙක්ද කොහෙද....

      Delete
  5. කලින් අහල තිබුනත් උඹේ ලිවිල්ල කතාවට පලවෙනි පාරට කියෙවුව වගේ දැනෙන ආතල් එකක් ගේනව මචං.

    ReplyDelete
    Replies
    1. උඹ දාලා තියෙන ලින්ක් එක බලනවට වඩා ලේසියි, පුකේ ඉඳගෙන ඉන්න එක.

      Delete
  6. දැන් ඉතින් අපිට ඉතුරු පුක විතරයි බං

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ පුකත් නෑ නේද?

      Delete
    2. අටමගේ නෙමෙයි ඔයාටත් ඇරලා තියෙන්නේ. දැනෙන්නේ නැති වෙන්න...

      Delete
  7. පොඩ්ඩක් ඉන්න මහත්තයෝ.... දැන් පුතා ආපු ගමන්, ඔහෙලා ඔක්කෝම "පුකෙන්" ඉන්දලා, පුකේම අරින්නං....

    හික්ස්....

    ReplyDelete
    Replies
    1. ගම් වල මිනිස්සුන්ගේ මනුස්සකම....

      Delete
  8. එළ එළ. නියමෙට ගළපලා කියල තියෙනවා. කියන්න ඕනෙ ඔක්කොම වගේ ඉහළ කොමෙන්ටු වල තියෙනවා. මම අදමයි ආවෙ. ඉතින් වැඩිය නොලියා පරණ පෝස්ට් ටික කියවන්න යනවා. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාළයක් කියවන්න වෙයි මයෙ හිතේ...

      Delete
  9. නියමයි මචං. උඹෙ ලියවිල්ල නම් සාරයි .
    .කලින් අහලා තිබුණත් මේක නවීන තාලෙට 'පුක' උඩ දාලා ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ.. උඹලා මෙහෙම කියන කොට. නලියා නම් නෑ පේන්න.

      Delete
  10. ඇයි ඕක පාරෙ යද්දි මිනිස්සු කියනවලු අද පුකේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ කියලා! :D

    ReplyDelete
    Replies
    1. ගමේ උන් පුක ඉල්ලද්දි පුක දෙන්නේ නැත්තේ ඒ නිසා තමයි.

      Delete
  11. හෙන්රියා පුක ට්‍රැවල්ස් නොදන්නවා නම් මරන්න එපෑ බං..

    අපේ පැත්තෙ ඉස්සර ප්‍රසිද්ධ “නිව් සදසිරි‘ රෝසා බස් කාරයා තමා. ඌ වැලිවේරිය කොළඹ දිව්වෙ. ඒකෙ ඩ්‍රැයිවර් මේ පැත්තෙ. ඌට කියන්නෙ “කහ කුරුල්ල“ කියලා. හෙන්රිය දන්නෙ හැබැයි පූගොඩ බස් ගැන වෙන්න ඕනා !

    ජය !

    ReplyDelete
    Replies
    1. අඩේ සැමෝ. හැම එකාම හැම එකම දන්නේ නෑනේ බං. මම මේක අහල තිබ්බේ නෑ.

      උඹ කියන සඳසිරි බස් මම දන්නවා. මම කාලයක් දරු පවුලම පටවගෙන මෝට බයික් එකෙන් කොළඹ වැඩට ගියානේ උඹලගේ ගෙවල් පාරේ. ඔය සඳසිරි ඩ්‍රයිවර්ලා කියන්නේ අපි වගේ පොඩි වාහන ගනන් ගන්න &%$ලා නෙවෙයි. ඕකුන් යන්නේ බෙල්ල උඩින්. මම තාර ගැට්ටෙනුත් අහකට පැනලා තමයි ඔය බස් වලට යට නොවී පණ බේරා ගන්නේ. දැන් අවුරුදු ගානක් ගිහිල්ලත් මට තාම කේන්තියි උන් එක්ක.

      Delete
    2. දන්න දේට වඩා නොදන්න දේ වැඩියිනේ සැමෝ.. දැන් හෙන්‍රියා නැත්නම් අපි ඇන්ඩි ස්මිත් කෙන ගැන දන්නවය.

      ඔය සඳගිරි බස් මටත් මතකයි...

      Delete
    3. ඔව් බං.. උන් යන්නෙ කර උඩින්. කහ කුරුල්ලා එක ඩ්‍රැයිවර් බට්ටෙක්. ඌ ඉස්සර බීලා කැරකෙනවා හවසට. දැන් නම් පේන්න නැහැ.

      @මාතලන්.. - හෙන්රියා හෙන නාකී බං. ඉතිං ඌට හොද මීටරයක් තියෙන්න එපෑ.. ඒ කාලෙ පුංචි අපිට ඔය ටික මතක එකත් මදෑ :))

      Delete
  12. ඕකෙන් දුම් යන්නේ නැද්ද :D

    ReplyDelete
    Replies
    1. නෑලූ.. මොකෝ හොඳට සර්විස් කරනවනේ. රේස් කරන කොට නම් අමුතු සද්ද බද්ද එනවලු පුකෙන්...

      Delete
  13. මට උදව් කරන්න පුලුවන්ද කාට හරි . http://mama-nodannekmi.blogspot.com

    ReplyDelete
    Replies
    1. call me I have a solution 0771680153, 0776531595 ,0725599885

      Delete
    2. ඇයි ඔයත් පුක දෙන්නද ඉන්නේ?

      Delete
    3. ඔව්.... තව තව එව්වත් කරනවා... හැම තිස්සෙම ඊලග කෑල්ල වඩාත් රසවත්....

      Delete
    4. අනේ කවුරු හරි මේ මනුස්සයට පිහිට වෙයෝ.....

      Delete
  14. නිහාල් ගෙ "ස"යන්නට පස්සෙ ඉල ඇදෙන කතාවක් ඇහැව්ව.ලෙසටම ලියල.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මේක පරණ කතාවක්නෙ... කලින් අහල නැද්ද? නිහාල්ටත් අපහාසයක් මේක...

      Delete
    2. සිරාවට ම බන් දන්නෙ නැත්නම් හෙන්රිය වගේ ඕපන් එකේ කියන්න ඕන.මග හැරෙන දේවල් කොච්චර නම් තියේද ඇනෝ මචං.
      අනිත් එක මම නිහාල් කිව්වෙ,නිහාල්සිංහ ටවත්,නිහාල් නෙල්සන් ටවත් නෙමේ.
      අපි එකට ෂොට් එක දාගෙන මල් උරල විනෝද වෙලා හිටිය,පසු කාලෙක උලුව උදුම්මාගෙන පඩ ෂෝ දාල වෙඩි කාපු මිත්‍රයෙක් ගැනයි.

      Delete
    3. අපි නොදන්න ඒවා කොච්චරද නේ කෙන්ජියෝ...

      Delete
    4. මමත් ඌ ගැන තමා කියුවෙ... උගේ ජෝක් බලද්දි මේ රී මික්ස් කරපු මෝඩ ජෝක් බන්දු ගෙ ටෙනී ගෙ ඒවා තරම් වත් හොදයි කියලා කියන්න බෑ....

      Delete
    5. ඉතින් සත්තරන් ඔයා ලියන්නකෝ, එඩියුකේටඩ් ජෝක්ස්.. අපි වගේ මෝඩයන්ට බලන්න...

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මැයි දින ලොක්කගෙ කතාවෙන් නම් තව තවත්,හරි හරියට ජනතාවගෙ පුකේම අරින්න සුදානම් වෙන ලකුනු තිබුනෙ.
    අර රනිල් ලොක්ක පිස්සු කෙලිනව.මේ වෙලාවෙ එයා ආවම ජනතාවට දෙන දේවල් තේරුම් ගත හැකි සිංහලෙන් කියන්න ඕන.
    මට නම් s.ෆොන්සේකා ගැනනම් හරිම දුකයි.මහින්දට හරි හේත්තු වෙලා අජරාමර දේශපාලනය ගැන ඉගෙන නොගන්න එකට.
    ඊයේ රෑ විමලේට නම් සතුටු ඇති ලොක්ක ලියල දීපු විදියටම ටැපලෙන්නෙ නැතිව ගිරිය පුප්පගෙන කියපු එකට.එයාගෙ ඒ ගිරිය යටින් කෑ ගැහිල්ලයි සජිත්ගෙ හඩයි දැන් වෙනසක් නැහැ.
    වැලටින්/කාල් ලාන්ත ලගෙ කතානම් මී පැනි වගේ අහල පුරුදු දේවල් නිසා ගානක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මාමේ,ඇරහන් කට දාන්න මසුරමක්.........

      Delete
    2. සෝමේ අයියා නම් කිව්වා ධනපති ක්‍රමේ නැති කරලම දානවා කියලා. මහින්ද මහත්තයටත් හිතෙන්න ඇති මොකටද අප්පා මෙහෙම පුක දෙද්දි, මොන මළදානෙකට අඩු කරනවද කියලා.. ගමේ යන්න බැරි නිසා පොඩි උන්ගේ අඩු කලා. ඒත් උන්ට කඩේ ගියාම තේරේවි ලොක්කා වටෙන් ඇරලා තියෙන හැටි.

      Delete
  17. මේක අහලා තිබ්බට මෙච්චර ක්‍රියේටිව් විදිහට ඇහුවේ අදමයි, මොකද අනිත් එවුන් නිකම්ම නිකම් පුකේ අරින කතාවක් තමයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. අහ් ප්‍රගීත් මහත්තයා, ඔයත් එහෙනම් බ්ලොගියෙක් වගේ. බ්ලොග් අවකාශයේ අදුරගන්නට ලැබීම සතුටක්.

      නවීන්ද්‍ර

      Delete
    2. අම්මට සිරි, කවුද යකෝ හිතුවේ උඹට අහුවෙයි කියලා, ශ්..ශ්..ශ්..ශ්..ශ්..ශ්..

      Delete
    3. එහෙම කතා කිව්වම් රහක් නෑ නොවැ...

      Delete
  18. කතාව ඉදිරපත් කිරීම ඉස්තරම්!

    J.R. ගැනත් කියලා, පුක ගැනත් කියලා කිබුනු නිසා පරන කතාවක් මත්ක වුනා. ඒ කාලෙදි ඒ කියන්නෙ අසූව දශකයෙ J.R. ගැන ප්‍රේමදාස ගැන හොද හොද කතන්දර ගොඩක් කිබිල කියෙනව.
    මේ ඒවායින් ඒකක්,
    ඒ දවස්වල ඒකියන්නෙ 80 දශකයෙ මැද භාගයෙදි විතර, ජනාධිපති මන්දිරයට ටික දවසක ඉදන් සැමදාම හවසට කෝල් ඒකක් ඒනවලු, ඒක ඒන්නේ ජනාධපති අාර්යාවට.

    හැමදාම කෝල් කරන කෙනා අහන්නේ ඒකම ප්‍රශ්ණයක්ලු

    ඒ " පුක තියෙනවාද?" කියලලු. ඉතින් ඒහෙම අහපුවහම මැඩම් රිසීවරය තියල යනවලු.

    ඉතින් මෙහෙම දින දෙක තුනක්ම නොනවත්වා සිදුවනවිට මැඩම් ඒ පිලිබදව ජනාධිපතිට කියල.

    ඒ කියල තියෙන්නෙත් හෙන බයෙන්, ඒක අහල J.R. යකා නටයි කියල. නමුත් මිනිහ කපටියානෙ, මැඩම්ට කිව්වලු අායෙ ඒහෙම අැහුවොත් " ඔව් තියෙනව අැයි අහන්නෙ" කියල අහන්න.
    ඉතින් පසුවදාත් ඒ වෙලාවටම ඒ කෝ ල් ඒක අැවිත්, ඉතින් මැඩමුත්

    "තියෙනව. අැයි, අහන්නෙ" කියල අහල. ඉතින් කෝල කරපු කෙනා අහනවාළළු

    " ඒහෙනම් අැයි, J.R. හැමදාද අපේ පුකේම අරින්න ඒන්නෙ" කියල.



    //ඊට පස්සෙ මොනවා උනාද කියන්න මම නම් දන්නෙ නෑ ආයිබෝවංඩ..

    "පුක" යනු කුණුහබ්බයක් නොවේ.. (බ්ලොග් සක්විති - කකා)//

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව.. ඒ කාළේ යුක්තිය පත්තරේ මරු යං හෑලී ටිකක් තිබුනා. මම එකතු කරලත් තිබුනේ. අනේ රට රාජ්ජවල ගිහින් එනකොට නගා ඒවා බෝතල් පත්තරේට දීලා...

      Delete
  19. PUKA YANU KUNU HARU PAYAK NOVE. BLOG SAKKILI KAKKA BUWA LIYA THIYANA ANEK KATHATH EWAGEI, JOKKU, PADA, JEE, CHOO, SU KARA, KAIPADA. ETC.

    ReplyDelete
    Replies
    1. හපොයි කැපිටල් අන්කල් උඹ මෙතනටත් එනවද?

      Delete
  20. BOG SAKKILI KAKKA BUWA ADA MAGE COMMENT EKA DALA NEHE EKAI.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න අංකල් ඔබේ ඒකාකාරී කමෙන්ටුව පල නොකර බොට්ලාගෙන් ලැබෙන ස්පෑම් ගොඩටටම එකතු කිරීමට මා තීරණය කළා.

      එකම විකාර කතාව නැවත නැවත කීමෙන් ඔබටත් මටත් අන් අයෙකුටත් කිසි ප්‍රයෝජනයක් නෑ.

      එය ඇත්තටම බ්ලොගය කියවන අන් අයට පවා කරන අපහාසයක්.

      මා මෙතෙක් කල් එයට ඉඩ දුන්නේ ඔබේ මානසික රෝගයට ඉන් සහනයක් ලැබේය කියායි. නමුත් එය එතරම් ප්‍රයෝජනවත් තෙරපියක් නොවන බව මට වැටහුණා.

      සොරි ඩොට් කොම්!

      Delete
    2. ඒක නං හොදා කකා. මටත් ඒකට ආවම ඔක්කාරේ වගේ...

      Delete
    3. දේශක යා :
      උබ පුක දෙන්නේ නැතුව ඉන්නවද !

      Delete
  21. හික්ස්.... අදමයි මේ කතාව ඇහුවේ....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්නකෝ, මතක් උනොත් තව දෙන්නම්. 18+ නේද...?

      Delete
  22. මේ කතාව කලින් අහල තිබුණට අදත් නොසෑහෙන්න රසවින්ඳා :)

    ReplyDelete
    Replies
    1. ඒ ලුණු ඇඹුල් ටිකක් වැඩියෙන් දාපු නිසා....

      Delete
  23. මමත් මේක අදම තමයි ඇහුවේ...

    නියමයි මාතලන්.....

    ප.ලි එකනම් සිරාම බෝලයක් තමයි බස්සලා තියෙන්නේ මාම .....

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි දකුණේ අයගේ වැඩ. අපෙත් මුල් එහේනේ....

      Delete
  24. කතාව කලින් අහල තිබුනත් අපහු කියවද්දී ඒ රසය එහෙමමයි සාරෙට ලියල තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. මේවා අලුත් පරපුර දන්නෙ නෑ.. ඒ නිසයි ලියන්නේ..

      Delete
  25. සිරා ඈ.... මගෙ පුක හිරිවැටිලා ගියා වගේ උනා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මුට බාසෙක් ඇරලා . . . . . .

      Delete
    2. අපිට නම්, දැන් දෙනෙන්නෙත් නෑ...

      සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !

      Delete
  26. පුක ටුවර්ස් ගැන නම නම් කලින් අහලා තිබ්බා එත් මේ කතාව නම් පට්ට.මාර පුකක්නේ ඒක(පුක යනු කුණු හරපයක් නෙවේ!)

    ReplyDelete
    Replies
    1. මේක දකුණු පලාතේ පුකක්. ඒකයි රහ...

      Delete
  27. පුණ්‍යවර්ධන ළමයා පුක හොදන්න අරං යනවා විතරද?

    ඇයි, පුකේ ටයර්වලට හුලං ගහන්න,
    පුකේ ඔයිල් මාරු කරන්න,
    පුක සර්විස් කරන්න,
    පුක ඉන්ෂුවර් කරන්න,
    පුකේ දුනු කොළ ගෙවුණාම රෙපයාර් කරන්න

    තව වැඩ කොච්චර නං තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කෝම කරලා, කිරි ටොයියා වගේ මේන්ටේන් කරපු නිසා නේ, කිසි බයක් නැතුව දීලා දාන්න ගියේ..

      Delete
    2. KAKKA THAMI PUKE MAIL GANNE.

      Delete
  28. පුක‍ට ගිය කලක්!

    ReplyDelete
    Replies
    1. දැන් නම් දිරලත් ඇති...

      Delete
  29. වලත්තයාMay 2, 2013 at 10:30 AM

    පුකේ හුලං බැස්සම පුකට ජැක් එක ගහන්න ඕනිලු.පුක ලෝඩ් උන වෙලාවට පුක ඇතුලේ කොහොමත් ජැක් ගහනවු කට්ටිය...

    ReplyDelete
    Replies
    1. බස් එකේ ඇතුලේ තිබුනලු, "මේ පුකට සියළු දෙවියන්ගේම පිහිටයි" කියලා

      Delete
  30. අනේ මාතලන් උඹට පින් මේ කතාව මා වෙනුවෙන්ම පළ කිරීම ගැන.

    ඇත්තෙන්ම මම ඔය කතාව අහලා තිබ්බ මතකයක් නෑ. උඹ කොහොමත් ඒක හොඳට ලුණු ඇඹුල් ඇතුව ලියලා තියෙනවා දැක්කා වගේ. ඔය හෙල හවුලේ කට්ටියට මාට වැඩනේ බං වෙන්නේ. ඇයි උඹලගේ පැත්තේ හිටපු පුවක් පිටිය කේවෙටේලාගේ අමාරිස් අයියා හෙල හුරුවට පු. කේ. අමාරිස් කියලා දාගන්න ගිහින් යන්තම් නවත්ත ගත්තා මම හිතන්නේ. :D

    ඔය කියන කාලේ ජනප්‍රිය බට්ටො වෑන් එකක් තමයි ඉසුසු එල්ෆ් රූට් වෑන් කියන එක මතකද? තව මේ ඩෙලිකා වගේ ඒවගෙත් මිනිස්සු ඇද්දයි කිව්වාම. එතකොට අර රවුම් ලයිට් තියෙන හයි ඒස් එක, නිසාන් කැරවෑන්, හයියෝ බං මතක් වෙනකොට දැනුත් කොන්ද රිදෙනවා.

    ReplyDelete
    Replies
    1. යු ආ වෙල්කම් කිව්වා....

      ඔය ඩෙලිකා, හයි එස්, නුවර එළිය පැත්තේ තවම දුවනවා බන්...

      Delete
  31. අපෝ සුරන්ජිත් බස් කොට කොට යනකොට එපා වෙනවනේ . ඒ මදිවට දෙමටගොඩ රේල් ට්‍රැෆික් එකට අහුවෙලා හෙම . ඒ කාලේ උඩින් පාලම තිබ්බේ නැහැ .

    කතාව ඉස්සර අහල තිබුණ . මාතලන් ලියද්දි ඉතින් වැඩිය හිනා යනවනේ .

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ ස්කූල් බස් එක තිබුන නිසා ඕවල ගියේ නෑ. පස්සෙ වැඩට ගියේ කොටුවේ නේ. ඒ නිසා ඒවල යන්න බැරි උනා.

      Delete
  32. කතාව අහල තිබුණත් මෙච්චරම නිර්මාණාත්මක විදියට අහල තිබ්බෙ නෑ හොඳටම රසවින්දා.
    උඹට මොනව ලිව්වත් දේශපාලනේ පොඩ්ඩක් හරි කොණකින් එල්ලන්න ඕනැ නේද හරියට හොද්දට ලුණු ඇඹුල් දානව වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක යු. ඇන්. පී. කාරයොන්ගෙ හැටිනෙ මෙයා, රුන්නත් කොළ පාට බෙටි තමයි යන්නෙ.... දොස්තර බලලා බඩේ අමාරුවක් කිව්වත් පිලි ගන්නෙ නෑ. පක්ෂෙට තියන කැපවීම නිසා කොළ බොග යනවා කියලා තමා හිතන්නේ.....

      Delete
    2. අපි ඔක්කෝම දේශපාලන සත්වයෝ නේ හැලපේ....

      @ ඇනෝ

      කොළ බොග නෙමෙයි සත්තරන්, ඒකට කියන්නේ කොළරාව.. හැබයි කොළරාව හැදිලා මැරෙණ එක සැපයි. නිල් රැල්ලේ ගහගෙන ගිහින් නොකා නොබී මැරෙණවට වඩා...

      Delete
  33. රැජින බලන්න දෙහි අරගෙන ගිය කතාව දන්නවද මාතලන්?

    ReplyDelete
    Replies
    1. උඹ ලියපන්.. යාන්තම් මතකයි දූරියන් කේස් එක නේද...?

      Delete
  34. මට මතක කතාවේ නම් දෙක ඔයිට වඩා මෑත කාලීන නම් දෙකක් තිබ්බා වගේ. පුෂ්පා, කමල් :D

    ReplyDelete
  35. ඕන පුකක්.පුකේ ඇඟිල්ලක්වත් ගහන්න බැරි උණාම තමයි මටනම් මල පනින්නේ...

    ReplyDelete
  36. මැරෙනවා හිනාවෙලා....

    ReplyDelete
  37. ඕන පුකක් සිලිං දෙකයි කියලා ඔන්න මමත් කියවලා කොමෙන්ට් එකක් දැම්මා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න