.

.

Jun 19, 2013

ගව පෙරහැර නවතනු..!!! - Stop...Mad Cow Decease..!!!

 
අති ගරු මහානායක හිමිවරුනි,
ජනාධිපතිතුමනි,
ආරක්ෂක ලේඛම් තුමනි,
"බුද්ධිමත්" බෞද්ධ පින්වතුනි,

තිස් වසරක යුද්ධය ..
වසර තිහක කාළයක් අප විඳි දුක් කන්දරාව නිවා දමා ගතවූයේ වසර 4 ක් පමණි. එසේ වසර 30 ක් මේ රට සිඳුවූ විනාශය හා සසඳා බලද්දි, ත්‍රස්තවාදී ක්‍රියාවක් හේතුවෙන් උතුරේදී මිය ගිය ජීවිත 13ක් වෙනුවෙන්, දකුණේ අහිංසක දෙමළ පුරවැසියන් වෙත එල්ල කල, මාරන්තික ප්‍රහාරය වලක්වා ගත හැකි වූයේ නම්, මේ ප්‍රශ්ණය හෙතුවෙන් රටේ කීර්තීනාමයට සිඳුවූ හානිය, වටිනා ජීවීත, මිළ කළ නොහැකි දේපල හානි හා රටේ සංවර්ධනය ඇන සිටීම මෙන්ම, අදටත් අප විඳවන 13 ව්‍යවස්ථා වැනි කිසිවක් ඇති වන්නේ නැත.

එහිදි රාජ්‍ය ත්‍රස්තවාදයක් මුදාහැරුණු බව අද කවුරුත් පිලිගන්නා කාරණයකි. එදා රට පාළණය කළ දේශපාළණ නායකත්වය, මේ පිළිබඳව පසුව පසුතැවිලි වූ බවද නොරහසකි. ඉන් පසු යුද්ධය නිමා කිරීමේදී, දකුණේ ජාතිවාදීන්ගෙන්, දකුණේ දෙමළ ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන්, සියළුම නායකයින්ටත්, ආරක්ෂක හමුදාවන්ටත් අපගේ ගෞරවය හිමි විය යුතුමය. එසේ බුද්ධිමත්ව ක්‍රියා නොකලේ නම්. මෙරට ලේ ගංඟවක් බවට පත් කිරීමට ගතවන්නේ ඉතා සුළු කාළයක් බව 1983 දී මනාව ඔප්පු කරන ලදි.

එමඟින්, ළොව පුරා සහාය මනා සේ ලබමින් වැඩුනු ත්‍රස්තවාදය අතුගා දමා ලබා ගත් නිදහස, කවුරුන් හෝ කෙනෙකුන් එය සිහළුන්ගේ නිදහසක් ලෙස පමණක් අර්ථ ගන්වන්නේ නම් එය ඉතා පහත් ක්‍රියාවකි. යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන්, පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති තුමා පැවසුවේ, මෙරට සිටිනුයේ ජාතින් දෙකක් පමනක් බවය. එනම් රටට ආදරය කරන දේශප්‍රේමී ජාතිය හා රටට ද්‍රෝහීකම් කරනා දේශද්‍රෝහී ජාතිය බවයි. එයින් අප අයත් වනුයේ මේ රටට ආදරය කරනා කොටසටය. මෙරට මුස්ලිම් ජනතාවද කවදත් උන්නේ දේශප්‍රේමී කන්ඩායමෙය.

හලාල් හා ගබ්සාව..
එහෙත් මෑතකදි අපටද ඔවුනට එරෙහිව පෑන මෙහෙයවීමට සිඳුවූයේ, රටේ ජනගහනයෙන් 10% කටත් අඩු වූ එම ජනතාව නියෝජනය කරන උලමාවරුන්, රටේ ඉතිරි 90% වන ජනතාවටත් බලෙන් හලාල් කැවීමට යාමට එරෙහිවය. මෙතන ඉතාමත් වැදගත් කාරණය වනුයේ. මේ ප්‍රශ්ණය ඇති කළේ අහිංසක මුස්ලිම් ජනතාව නොව පල්ලියේ උලමාවරුන් බව මතක තබා ගැනීමය. මුස්ලිම් ජනතාව එනයින් ගත් කල ඉතා අහිංසක ජන කොටසකි. හලාල්කරණය පමණක් නොව අරාබීයෙන් ඉවත්වන ලෝගූ මෙටර මුස්ලිම් ජනතාව වෙත බලෙන් අන්දවන්නේද ඔවුන්මය. නමුත් ඒය මුස්ලිම් ජනතාවට පමණක් බලපාන දෙයක් බැවින් එය විසඳාගැනීම ඔවුන් සතු කාරණයකි.

හලාල් සටන වෙනුවෙන් බොබසේ කළ මෙහෙය අගය කරනා නමුදු, එයින් පසු ඔවුනගේ හැසිරීම්, අපට කිසි සේත්ම අනුමත කළ නොහැක. ප්‍රශ්ණය ඇති කල උලමාවරුන් හා වාදයකට පැමිනීම, බෞද්ධ පූජකයාගේ යුතුකමය. එය මහ නාහිමිවරුන් වෙතින් ඉටු නොවන්නේ නම්, වෙනත් පූජකයන් පිරිසක් හෝ ඉදිරිපත් වීම අගය කළ යුතු වුවත්. ගිහියන්ගේ කුටුම්බ ක්‍රියාකරකම්වලට මැදිහත් වීම කිසිම පූජකයකුට සුදුසු දෙයක් වන්නේම නැත. තමන් කැමති ආහරයක් ගැනීමට, තමන් කැමති ඇඳුමක් ඇඳීමට, තමන් කැමති වෙළඳසලකින් භාන්ඩ මිලදී ගැනීම මෙන්ම. තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව තීරණය කිරිම ජනතාවගේ පරම අයිතීන් වේ.

ගබ්සාව, ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කර ඇති ක්‍රියාවකි. එහෙත් අප රටේ සෑම තැනම ගබ්සා මධ්‍යස්ථාන ඇති බවත් ප්‍රසිද්ධ රහසකි. එසේ ඇති වීමට ප්‍රධානතම හේතුව, ජනතාව ලිංගික විෂය ගැන ඇති නොදැනුවත් කම මිස, අන් හේතුවක් නොවේ. ඒ සඳහා කළ යුත්තේ ගබ්සා මධ්‍යස්ථාන වැටලීම නොව, පල්ලියේ මෙන්, විවාහයට එළඹෙන බෞද්ධ පිරිසවත්, ලිංගික වශයෙන් දැණුවත් කිරීමට යොමුකිරීමයි. මෙය, බෞද්ධ භික්ෂුවට කිසිසේත්ම නොගැලපෙන කටයුත්තක් වන අතරම, ඒ වෙනුවට වෛද්‍ය උපදෙස් ලබා දීම වැනි කටයුත්තක්, පන්සල් වලින් කළ හැක. එසේ නොමැතිව නීතීය අතට ගෙන මහ දවාලේ ගබ්සා මධ්‍යස්ථාන වැටලීමෙන් සිඳුවන්නේ, ගබ්සා කිරීම් නැවතීම නොව, බුද්ධාගමට හා භික්ෂූන්ට අගෞරව කිරීම පමණකි.


ගව ඝාතනය හා ආත්ම පූජා..
මෙවන් වාතවරණයක් තුල තවත් ප්‍රශ්ණයක් ඇති කළේද භික්ෂුවකි. ඔහු භික්ෂුවක් ලෙස හැඳින්වීමට මගේ කිසීම කැමත්තක් නැත. අපචාර ක්‍රියා හේතුවේන් සිහල උරුමයෙන්ද ඉවත් කොට උන් පුදගලයකු, පාරමිතා පිරු උතුම් භික්ෂුවක් වන්නේ, දේශාපාළන උවමනාවන්ට මිස, වෙන කිසිම හේතුවකට නොවේ. දේශපාළණ නිල මැස්සන්ගෙන් මෙවන් දෙයට වඩා, වෙනත් දෙයක් බලාපොරොත්තු වීමත්, විහිළුවක්ම පමණි. එහෙත් මේ ක්‍රියාව හෙලා දැක නිවේදනයක් නොකිරිමේ පාපයෙන්, මහ නාහිමිවරුන්ට කිසි දිනක ගැලවීමක් ලැබෙන්නේ නැත. ඔවුන්ගේ නිහඬ බව කියා පෑවේ, ඔවුන්ද මෙය අනුමත කිරීමක් පමණි.

මා දන්නා තරමින්, බෞද්ධයන්ගේ ගව මස් අනුභවය, ප්‍රතිශතයක් වශයෙන්, ඉතා පහත් මට්ටමක පවති. ගව මස් ප්‍රධාන ආහාරයක් වන්නේ මුස්ලිම් ජනතාවගෙයි, ඊට අමතරව ක්‍රිස්තියානි ජනතාවද ගව මස් කෑම ප්‍රිය කරයි. ලංකාවේ ජීවත් වන්නේ බෞද්ධයන් පමණක් නොවේ. සිංහලයන් පමණක්ද නොවේ. එසේනම්, නම් අපට අන්‍ය ජාතින්ගේ ආහාර රටාවන්ට හා ඔවුන්ගේ ජීවන රටාවන්ට විරුද්ධ වීමට කිසිම අයිතියක් නැත. ගව ඝාතනය නවතනු යනුවෙන් මේ ක්‍රියාකරන්නේ, මුස්ලිම් විරෝධි ක්‍රියාවක් මිස වෙන කිසිවක් නොවන බව ඉතා පැහැදිලිය.


රාවණා හා උක්දඬුමොණරය..
කිසිදා ජීවත් නොවු, වාල්මිකිගේ හිතේ උපන්, රාවණා පෙරටු කොට ගෙන, සිවුරු දරා, "ගව ඝාතනය වලකනු" යන පාඨය පෙරට ගෙන, කතරගම සිට අරලිය ගහ මැදුර දක්වා පැමිනෙන්නේ, සුපෙක්ෂාශීලි දැහැමි භික්ෂුන් පිරිසක් හා ශාන්ත දාන්ත උපාසකයින් පිරිසක් නොව, ගව මස් වෙනුවෙන්, මිනී මස් බුදීමට උවද ප්‍රිය කරන, මරි මෝඩ හරක් රැලක් බව දැන් ඔප්පුවී අවසානය. ගව මස් කඩ වලට ප්‍රහාර එල්ල කිරීමෙන් නොනැවති, මුස්ලිම් ජනයාටත් හිරිහැර කරමින් පැමිණෙන මේ ගව රැල වහාම නැවත් විය යුතුය.

එසේ නොමැති නම්, මුස්ලිම් ජනයා බහුලව වෙසෙන, මුහුදුබඩ මාර්ගය ඔස්සේ පැමිණෙන මේ පෙරහර අවසානය... බුදු රැස් විහිදීම කෙසේ වෙතත්, නැවතත් අප රටේ, ලේ ගංඟා ගලන කාළය වැඩි ඈතක නැත. මාතර, ගාල්ල, බලපිටිය, අළුත්ගම, බේරුවල, කළුතර වැනි, මුස්ලිම ජනයා බහුල වශයෙන් ජීවත්වන ප්‍රදේශවලදී, මොවුන්ගේ ක්‍රියාකාරකම් කෙසේ වේදයි, අපට කිව නොහැක. එමෙන්ම, මුස්ලිම් ජනතාවද නිහඬව සිටීයයි, අපට කිසිසේතම බලාපොරොත්තු විය නොහැක.

කළු ජූලීයක් නැවත ඇතිවීම ..
ළබෙන්නේ ජූලී මාසයයි. එම නිසා නැවත කලු ජූලීයක් ඇති නොවීමට වග බලාගැනීම, ගරු නාහිමිවරුන්, ජනාධිපති තුමා මෙන්ම ආරක්ෂක ලේඛම් තුමාගේද වගකීමයි. අප රට තුල ළෝක නායකයන් සහභාගි වන පොදු රාජ්‍ය මණ්ඩළ සමුළුව පැවත්වීමට ඇත්තේ, නොවැම්බර් මාසයේයි, මුළු ළොවම බලා සිටින උතුරේ ඡන්දය සැප්තැම්බර් මාසයේ පැවත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. නවනීදන් පිල්ලේ නෝනා මහත්මයා,  මානුෂික අයිතිවාසිකම් සොයන්නට පැමිණෙන බවකුත් දැන ගැණීමට ඇත.

දෙමළ ජනයාගේ මානුෂික අයිතිවාසිකම් කඩ කලැයි ජිනීවා වලදි එල්ලවන චෝදනාවන්ට පිළිතුරු ලෙස, ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් දෑසින්ම බලා සාක්ෂාත් කරගන්නා ලෙස ඉල්ලන අප, ගව ඝාතනයට එරෙහිව ගිනි තියාගන්නා මෝඩ ජාතියක් ලෙස ගසාගත් හංවඩුව, තව දුරටත් සනාත කිරීමට, ගව මස් කෑමේ අයිතියට එරෙහිව පෙලපාලි ගොස්, රටත් ගිනි තියන අමන ජාතියක් ලෙස, ලොව පුරා ප්‍රවෘත්ති නාලිකාවලට, ප්‍රවෘත්ති සපයන රටක් බවට පත්වනවාද යන්න තීරණය කළ යුතු වන්නේ ඉහත සඳහන් කළ අප රටේ සියළුම නායකයන්ය.


දේශප්‍රේමියකුගේ කාරුණික ඉල්ලීම..
නැවත වරක් දේශප්‍රේමියකු ලෙස ඉතා කරුණාවෙන් මේ ඉල්ලීම දෙක කරමි. එයින් එකක් හෝ ඉටුකර අප රට නැවතත් ළෝකයා ඉදිරියේ අවමානයට ලක් කිරීමෙන් වලකින මෙන් ඉල්ල සිටිමි.

  1. කරුණාකර මේ ගව ඝාතන විරෝධි පෙලපාලිය වහාම නවත්වන්න...
  2. නැතිනම්, මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවල, පෙලපාලිය ගමන් කරන අවස්ථාවලදි, ඔවුනගේ ආරක්ෂාව උපරිම ලෙස සපයන්න..
හරක්, ගව ගාලෙන් පැන මිනිසුන්ට ඇනීමෙන්, පසු ගව ගාල වැසීමෙන් පලක් නැත. (අප රට නායකයන්, එදා සිට අද දක්වා, ප්‍රසිද්ධව ඇත්තේ, ගාල කඩාගෙන ගොස් විනාශය සිඳුවූ පසුව, ගාල වසා දැමීමටයි.)

ඔබ සැමට සුබ අනාගතයක්..
තෙරුවන් සරණයි....!!!

88 comments:

  1. අදාළ අමාත්‍යංශයට ඔබගේ ලිපිය යොමු කරන ලදි.. සුභ අනාගතයක්..

    ReplyDelete
    Replies
    1. මාත් ඊයේ ඔය හරක් රංචුව ගැන කාරුණිකව ලියල තියෙන්නේ. හැක්..

      මුඩු මහණ ඔබ කොහිද???

      Delete
    2. දේශකයා කොන්ද කෙලින් තියන් අර වගේ වචන ටික කොටපු එකට මගේ උපහාරය!.

      Delete
    3. මේ ගැන ලිවීම ගැන මගේ ආචාරය පිලිගන්න...

      Delete
  2. අද වන විට ජාතිවාදයට දේශපාලන බලාධිකාරයෙන් ඉතා ඉහල ඉල්ලුමක් ඇත . (රටේ ඉහලම තැනින් පවා) ඉතින් මේ සියලු බල සේනා ඉටු කරන්නේ එම ඉල්ලුමට සරිලන සැපයුමයි. සිංහල වේවා, මුස්ලිම් වේවා, ද්‍රවිඩ වේවා ඉහල දෙස්පලුව්න්ට මේ ගිනි ඇවිලී තිබීම තමතමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව ඉල්ලමකි. ඔවුන්ගේ ගතමනාව, වරප්‍රසාද,විදේශ සංචාර හා සුඛෝපභෝගී ජීවිත තීරණය වන්නේ මේ ඉල්ලුමට සැපයුම දීමට ඔවුන් ලබාදෙන දායකත්වය අනුවය.
    බීමතින් රිය පදවා දඬුවම් ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිලා, සාමනේර හිමිවරුන් අපයෝජනය කල අපරැක්කේ පඥානන්ද හිමිලා මේ සේනාවල මුල් පුටුවල හිඳීමෙන් ම මෙහි යටි අරුත වැටහී යයි.
    අවාසනාවන්ත කාරණය මේ සරල සත්‍යය තේරුම ගැනීමට ජනතාව අසමත් වීමයි.

    ReplyDelete
    Replies
    1. ජනතාව කොතරම් මෝඩද කියලා.. ෆේස්බුක් එකෙන් බලාගන්න පුළුවන්. දියුණු තාක්ෂණයක් අතපත ගාන උනුත් හරක් නම්. අනෙක් පිරිස ගැන කවර කතාද....?

      Delete
  3. දේශගේ එකයි මේකයි දෙකම දැක්කෝ.

    ReplyDelete
    Replies
    1. දැකලා වැඩක් නෑ... මක්කා හරි කොරපන්...

      Delete
  4. අපියි කියල මක් කරන්නද ඉතින්...

    ReplyDelete
    Replies
    1. කවියක් හරි ලියන්න... එතකොට හිතට එකඟව ජීවත් වෙන්න පුළුවන්.. මටත් කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ කරන්නේ...

      Delete
    2. එහෙම හිතන්න එපා නදිනි..මෙහෙම කමෙන්ට් එකක් හරි දාන්න..මම දැක්කා මගේ උපාලිගේ පෝස්ට් එකෙත් හොඳම හොඳ කමෙන්ට් එකක් දැම්මා..මම කිසි දිනක ඔබෙන් එවැන්නක් බලාපොරොත්තු වීත් නැහැ...නමුත් නදිනි ගැන සතුටු හිතුණා එදා..මේ වගේම තමයි ප්‍රමුදි සහ හිරුත් ඉන්නවා ඕනේ දෙයක් එළිපිට කියන්න... පිරිමි නැට්ට හංගන් පල්ලන් බහිද්දී ඔයාල මෙහෙම හරි කමෙන්ට් එකක් දාන එකම ඇති නදිනි...

      Delete
  5. කාකි සූට් කාරයන්ට මිනී මරන්න ලයිසොන් දීපු ලොක්කන්ගෙද ඔබ මෙහෙම ඉල්ලන්නෙ.
    මහා නායක හිමිවරු කියල කොටසක් ලංකාවෙ ඉන්නවද?
    යුද්ධ කාලෙ මොලේ කුරුවල් කියල රට දාල ගිය එකාව පුම්බද්දී නම් මට මලේ හොදම එක.
    මම නම් කියන්නෙ බේරුවල පැත්තට ඔය ගනයෝ ආවොත් හැමෝම එකතු වෙලා උණු තාර වක්කරපියව් තට්ට වලට.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් කතරගම දෙවිහාමුදුරුවන්ට කියන්නද.. විපක්ෂය කටක් අරිනවද..? උනුත් දැන් බෞද්ධ ව්‍යවස්ථාවක් ගේන්න දත කනවා..

      Delete
  6. මෝඩ ජෝක්....

    ReplyDelete
  7. කොරයි කොරයි මාතලන්, හැබැයි එවරෙඩි බැටරියක් බහිනකන්ම ඉන්න වෙයි. ඒ වෙනකොට රටටම පිස්සු ගව රෝගය ව්‍යාප්ත වී තිබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් නානසාර නෑවට හපන් විදියට නාගන්න වෙන්නේ සියළු දෙනාටම...

      Delete
  8. හරි ලස්සනට ඇති මේවා පිටරටවල නිවුස් වලට ලොකුවට පෙන්නන කොට.. කාලයක් යුද්ධෙන් මෙච්චර මැරිලා අච්චර මැරිලා කියලා නිවුස් ලයින් දාපු අයට ආයිත් පටන් ගන්න පුළුවන් වෙයි ඉක්මණට ඒක....

    ReplyDelete
    Replies
    1. දැනටත් මුස්ලිම් රටවල් වලින් ප්‍රශ්ණ මතුවෙලා තියෙන්නේ. ඉන්නෙත් උන් විතරයි. අන්තීමට උන් ටිකත් නැති කර ගන්නවා..

      Delete
  9. දැනටමත් අදාල ප්‍රදේශවල වෙළඳ ස්ථාන සඳහා ආරක්ෂාව සපයා ඇති බව දැනගැනීමට ලැබුණි. එයද ඇමති ෆවුසිගේ ඉල්ලීමක් අනුවය. මාතලන්ගේ මේ පෝස්ටුව බියෙන් දැවෙන අප හදවත්වලට සිසිලසක් එක්කල බව කිව යුතුමය. අපටද අවශ්‍ය මේ රටේ පාඩුවේ ජීවත් වීමට අවකාශයක් විනා නැගෙනහිර පළාතවත්, තනි මුස්ලිම් රටක්වත් නොවේ. සියල්ලෝම මිනිස් ජාතියට අයත් බවත්, කවද හෝ මැරෙන බවත්, ලෝකය ගෝලාකාර හා මිනිස්සු විවිධාකාර බවත් තේරුම් ගැනීම මේ සියලු ප්‍රශ්නවලට විසඳුමයි.

    ඉතසිතින්ම මනුෂ්‍යයෙක්, ලාංකිකයෙක්, මුස්ලිමෙක් !!!

    ReplyDelete
    Replies
    1. කනගාටුව පලකරනවා සහෝදරයා උබලට වෙන අපහසුතාවන්ට

      Delete
    2. ඒක ළොකු දෙයක්. ආන්ඩුවේ ඉන්න තම්බිත් කොන්ද පන නැති ගොබ්බයෝ සෙට් එකක් ඉන්නේ. ඒ අතින් දෙමළ සෙට් එක ග්‍රේට්....

      Delete
    3. මෙහෙමයි සහෝදරයා සාමාන්‍ය පැලැන්තියේ ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි දෙගොල්ල ගහගෙන වැඩක් නැහැ ..කිසිම තේරුමක් නැහැ..බලයට ලෝභීව ඕනෑම තුච්ච වැඩක් කරන ආගමික , දේශපාලන නායකයන්ව හෙලා දකින්න ඕනේ..ඔවුන්ව මෙල්ල කරගන්න බැරිම නම් පොල්ලකින් හරි ගහන්න ඕනේ..මොකද සීමාවෙන් එහාට එද්දී පොලු පාර දෙන්නම වෙනවා...( මම නම් එහෙමයි..හරක්ට තේරෙන්නේ කෙවිටෙන් කිව්වම විතරමයි )


      ඒ නිසා සිංහලයෙක් විදිහට මම කණගාටු වෙනවා ඔබ වැන්නන්ට සිදු වෙන හිංසනය ගැන..අපි නවත්තන්න ඕනේ " ආගමික සහ දේශපාලනික " ස්වරූපෙන් ඉන්න ජාතිවාදය පතුරවන බලවේගයි..නැතුව අපි දෙගොල්ල ගහගෙන වැඩක් නැහැ...

      Delete
  10. ගව මස් එක්ස්පෝර්ට් කරන රටවල්වල කුමන්ත්‍රණයක්! වහාම ගම්ලත් ලොක්කටත් කොපියක් දාන්ට...

    ReplyDelete
    Replies
    1. විමලසිරි ගම්ලත් ලොක්කා 13 නේ එල්ලිලා ඉන්නේ.. වෙන කිසිම දෙයක් ගැන නෝ කතා....

      Delete
  11. අපේ හාමුදුරුවනේ මට මේ සම්බන්ධයෙන් නොතේරෙන ප්‍රශ්න දෙකක් තියෙනවා
    1.හරකා මැරුවහම විතරද ප්‍රාණඝාතය සිදුවෙන්නේ ?
    2.සුපිරි වෙළඳ සැල්වල හරක් මස් විකිණීම කලාට කමක් නැතිද?

    අනේ අනුකම්පා කරලා ඔය හාමුදුරුවෝ කෙනෙක් මේ ගැන මට පහදලා දෙනවද.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් කරක් මස් තමයි අප්සට්. ඒකනේ වියන්ගොඩ කිව්වේ ක්‍රිස්තියානි හරක් මස් නම් අවුලක් නෑ කියලා...

      Delete
  12. අනුරාධපුර යුගයේ සදකඩපහණේ හිටපු ගවයා පොළොන්නරු යුගයේදී සදකඩපහණේ අයින් උනේ හින්දු බලපෑම් මත මිසක් බෞද්ධයින්ගේ බලපැම මත නෙමයිනේ.ගවයා පුජනිය සතෙක් වෙන්නේ හින්දු භක්තිකයන්ටනේ.

    අනිත් කරුන මේ පෙලපාලි එන අයට කිසිම අයිතියක් නැහැ මේ වාගේ විනාශකාරී ලෙස කටයුතු කරන්න.
    රජය මේ සිදුවීම් වලට වහ මැදිහත් වෙන්න ඕන.රටේ නිතිය උල්ලංගනය කරන්න කිසිම කෙනෙකුට ඉඩ දෙන්න හොද නැහැ.එහෙම උනොත් වෙන්නේ රට ආරජික වීම පමණයි.

    ReplyDelete
    Replies
    1. දැනටත් කිසිම චාරයක් නැති රටක් වෙලා ඉවරයි. ඊයේ ඕපන් යුනිවර්සිටි එකේ සිද්ධිය පේන්නේ නැද්ද..? දෙන්නම දෙමළ නිසා කාටවත් අවුලක් නෑ.. නැත්නම් අද කැම්පස් ගිනි තියලා...

      Delete
  13. මචං මේක නම් හෙණම වාතයක් වීගෙන එන්නෙ... මට නම් පේන්නෙ ලොක්ක තාම මේක සීරියස් අරන් නෑ...ඒ වුනාට රටින් පිටට යන පික්චර් එක එන්න එන්නම චොර...

    ReplyDelete
    Replies
    1. අපේ විදේශ ඇමතියි විදේශ තානාපතිවරුයි කියන්නේ නොම්මර එකේ පඹයෝ සෙට් එකක්නේ. මෙළෝ හසරක් නොදන්න හරක්....

      Delete
  14. මේ ජඩ වැඩ කරන හාමුදුරුවො සෙට් එක සේරටම කලින අංගොඩ යවල ඉන්න ඕනෙ.අන්න අරහේ ඥානසාර දෙ‍‍රන 360 program එකට ගිහින් ගූ..බාල්දි ගනන් නාලා.මිනිහට කට උත්තර නෑ.පරංගියා කෝට්ටෙ ගියා වගේ කතාව වටේ අරන් ගියා.කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර දුන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොර හීන් දාඩිය දැම්මා. ඒකනේ ඊළඟ ප්‍රශ්ණෙට යමු කිව්වේ...

      Delete
  15. මේක නම් මහා කරදරයක් තමයි.මුස්ලිම් ජනතාව මේ රටේ කිසිම ත්‍රස්තවාදී ක්‍රි‍යාවක් මේ වනතුරු නොකළ සාමකාමී ප්‍රජාවක්.ඔවුන් වෙළද ව්‍යාපාරවලට දක්ෂ වුනා කියන එක ඔවුන්ගෙ වරදක්ද?ඔවුන් වැඩියෙ දරුවන් හදන එකට අපට බනින්න බෑ.ඒක ඔවුන්ගෙ කැමැත්ත.මෙතනදි ජනතාව බුද්ධිමත් විය යුතුයි.මේ කලබල ඇති කරන චීවරධාරීන්ගෙ එක් අරමුණක් තමයි රටේ ප්‍රශ්න අමතක කිරීම.මේ රටේ ප්‍රධානම ප්‍රශ්නෙ ගව ඝාතනයලු.විදුලි බිල,බඩු මිල,නාස්තිය ,හොරකම මන්ත්‍රීවරු පිස්සු කෙළීම ප්‍රශ්න නොවෙයිලු.
    හැඹැයි මේ කාලකන්නි කරන වැඩෙන් නලින් ද සිල්වල,ගුණදාස අමරසේකරල ගොඩ නගපු මේ රටේ විද්වතුන් පෝෂනය කරපු ජාතික ව්‍යාපාරය බලුවෙලා යනවා.

    රාවනා මිත්‍යා කතාවක එන චරිතයක්.අනික ඔහු එහි දුෂ්ඨ චරිතයයි.ආයෙත් සිංහලයා ම්ලේච්ඡ ජාතියක් කියල ලොව පුරා ප්‍රචලිත වෙන එක විතරයි වෙන්නේ.අනික මේ ගව ඝාතනය අපට මහමෙරක් වුනාට වෙන කිසිම රටකට ඒක මහ දෙයක් නොවෙයි.
    ගවයට වඩා ඌරා මරන එක ම්ලේච්ඡයි.මාළු මරන එක ත් එහෙමයි.ගවයට තිබෙන විශේෂ කරුණාව මුස්ලිම් විරෝධයක් විතරයි.මේ පිස්සු හාමුදුරුවරු කරන්නෙ මොකක් හරි කොන්තරත් එකක්

    ReplyDelete
    Replies
    1. ගව ඝාතනයට විරුද්ධ තවත් හරක් පිරිසක් පමණයි..

      Delete
  16. මෙතන යන්නේ අර බළල්ලු ලවා කොස් ඇට බෑවීමේ වැඩක්.මොකද මේ කරන අමන වැඩ හින්දා ඕනම ජන අරගලයක් ජෝක් කිරීමේ ජනමතයක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්තීමට සිවුරට ගල් ගහන වැඩක් මේ කරන්නේ..

      Delete
    2. නිකම්ම වදිනවා..ඒක නවත්තන්න බැහැ මෙදා පොටේ...

      Delete
  17. දේශප්‍රේමයේ විකාශණය බලනු මැන
    දේශපාලනය නොදැන කරනා දේශප්‍රේමයෙන්
    වාසි අවාසි කාටද බලනු මැන
    අමරසේකරටත් නලින්ටත්
    ඔලුව කැක්කුම හැදිලා ඇති
    ඒ අය හදපු වදපු සිය දරුවා අනාචාරයේ යොදවනවා දැක
    වෙළඳ සමාගම් දේශප්‍රේමය මුදලට විකුනනවා දැක

    ජනයා නැවතත් පාද යාත්‍රා
    ජන ඝෝෂා වලින් පාර බදු ගන්නා බව දන්න එතුමෝ
    කලින්ම ජන ඝෝෂා කොන්ත්‍රාත් දීලාද?

    ලයිට් බිල, සිංගප්පූර් චාලි back ඉන් පාර්ලිමන්ට්, නැතිවෙච්ච තෙල් නැව,???

    ReplyDelete
    Replies
    1. ඇයි අක්‍රීය ටර්බයින්. ජලාශ උතුරනවා, ටර්බයින් අන්ඩර් රෙපයාර්..

      කොහොමද මාෆියාවේ පවර් එක..

      Delete
  18. මේවා ඇහෙන දකිනකොට හරි වේදනයි හිතට. එන්න එන්නම මේ ගෝත්‍රික ගව රැල පිස්සු කෙලිනවා වැඩියි. කව්රුන් හෝ මෙයට එරෙහිවන්න වගේම ක්‍රියාකාරී වෙන්න වෙනවා. නැත්නම් තවත් කළු පැල්ලමක් ඉතිහාසයට එකතු වේවි. මෙහෙම අපි බ්ලොග් ලිය ලිය comment දම දමා ඉන්නවට වඩා ක්‍රියාකාරී මැදිහවීමක් කරන්න වෙයි වගේ.එහෙම දෙයකට මම අනිවාර්යයෙන් එකතු වෙනවා කොන්දේසි විරහිතව්.මේ තත්වය දඩමීමා කරගෙන මුස්ලිම් අන්තවාදීන් ක්‍රියාත්මක වෙනවා සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අතරත්. එන පොට හොද නෑ......

    ReplyDelete
    Replies
    1. ඔය ඉත්තෑපානේ කියන චීවරධාරියා ගිය පෝයට බනක් කිව්වේ සිරසේ, කිරිවෙහෙර ගාව ඉඳගෙන. මම හිතුවේ එතනම් පොලොව පලාගෙන අපායේ යයි කියලා. උපසම්පදාව කෙසේ වෙතත්, දහම් පාසල් වත් ගිහින් තියෙනවද දන්නේ නෑ. ඉස්සර බනක් කියන්න් දෙන්නේ සම්මුඛ පරීක්ෂණයක් තියලා.. දැන් බන කියන්නේ සරොන් ඇඳපු උනුයි, කැම්පස් වල අචාරිලයි, සිවුරු පොරව ගත්ත නලුවොයි, ගොන්නුයි.. මුන් සාසනේ වළඳනවා. මහ නායක හිමිවරු අට පිරිකරේ කොලිටි හොයනවා..

      Delete
    2. ඉතාම ලොල් සහගතයි බන්...

      Delete
  19. මේ සේරටම මුල සිංහලයා බෞද්ධ වීමයි. සිංහල බෞද්ධයන් සිටිය නොහැක. එයට හේතු දෙකක් ඇත. එකක් නම් බුදු හාමුදුරුවෝ සිංහලයෙකු නොවීමයි. අනෙක බුද්ධ ධර්මය සියලුම කුල,ජාති,ආගම් බේද පි‍ටු දැකපු ,එය නොසලකන ධර්මයක් නිසාය.

    ReplyDelete
    Replies
    1. සිංහලයා බෞද්ධ වීම නොවෙයි. බහුතරයක් සිංහල බෞද්ධයින් මෝඩයන් වීමයි...

      Delete
  20. මගේ බ්ලොග් එකට කට්ටිය පෝලමේ ඇවිත් අහනවා බුද්ධාගම ගැන මට වෛරයක් තියෙනවද කියලා.

    මං කිව්වා - ඒකට උත්තර දෙන්න පුලුවනි, නමුත් විනාඩි විස්සක් විතර යනවා, ඒ නිසා අනිත් ප්‍රශ්නයට යමු ය කියලා.

    ඒක මෙන්න මේ මේ ක්ලිප් එකෙන් ඉගෙන ගත්තු බණ පදයක්.
    http://www.youtube.com/watch?v=PzLW1nG0XdU

    මෙතනට ඒ බුද්ධාගමේ අයිතිකාරයෝ තාම ඇවීත් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. මෙතනට ආවත් එච්චරම තමයි මටත් විනාඩි විස්සක් විතර යනවා.....

      අපි ඊළඟ ප්‍රශ්ණෙට යමු...

      Delete
  21. මචන් මම කොමන්ට් එකක් දැම්මා. මෙන්න මට උඹගේ ට්‍රැෆික් ලෝඩ් වෙනවා. මොකක් හරි අවුලක්ද මෙහේ

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති.. උඹලයි සිස්ටම් එකම අවුට් කියලා ලියලා තිබුනා නේද...?

      Delete
  22. ගවඝාතනය අද හෙටම සම්පූර්ණයෙන් ම නතරවෙනවා.මෙන්න විස්තරේ.වෙලාව තියෙනව නම් කියවල බලන්න.

    http://meeghaya.wordpress.com/2013/06/01/%e0%b6%9c%e0%b7%80-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%94-%e0%b6%87/

    ReplyDelete
    Replies
    1. කියවලා කොමෙන්ට් එකකුත් දාලා තියෙන්නේ... ආයේ කතා කරන්න එපා...

      Delete
  23. මේක මාතලන් සිංහල බෞද්ධ කතාවෙ වැරැද්දක්ම තමයි. මමනම් බෞද්ධ සිංහලයෙක් මිසක් සිංහල බෞද්ධයෙක් නෙවෙයි. මම දන්න, අදහන, විශ්වාස කරන බුද්ධාගමේ හැටියට මං ගිය ආත්මෙ කරපු කුසල් අකුසල් අනුව තීරණය වෙල තියනව මේ ආත්මෙදි මං මනුස්සයෙක් වෙලා උපදින බව ඉස්සෙල්ලම.
    දෙවනුව මගේ ගන්ධබ්භයා ඇවිදලා ඇවිදලා සිංහල අම්මෙකුගෙ කුසේ පිළිසිඳගෙන තියනවා.
    තෙවනුව, අම්මා හා තාත්තා අදහපු ආගමම අදහන්න ඕනැ කියල මටත් හිතිල තියනවා.
    එතකොට මං බෞද්ධාගම අදහන(3), සිංහල ජාතියට අයිති (2) මනුස්සයෙක් (1).
    සිංහල බෞද්ධයෝ කියල ජාතියක් නෑ.
    මේ දූපත සිංහලයන්ට අයිතියි කියල නියමයකුත් නෑ.
    මේ රටේ පාරම්පරිකව ජීවත් වෙන හැම මිනිහටම, හැම සතාටම, හැම කුරුල්ලටම මේ පොළොවෙ තියන දේ භුක්ති විඳින්න අයිතියක් තියනවා.

    කුනුහරප විතරක් දන්න සිංහල බෞද්ධයො එකෙක්වත් මේ පැත්තෙ ඇවිත් නැති එක මටත් පුදුමයි. උන්ට දැන් කුනුහරුපත් එපා වෙලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. උන්ට උනත් හිතට එකඟව බැලුවම ඇත්ත තේරෙනවනේ බන්. අනික මම මේක ලියලා තියෙන්නේ උන්ට නෙමෙයි. "බුද්ධිමත්" බෞද්ධයින්ට පමණයි..

      ප්‍රධාන හේතුව.. වහෙන් ඔරෝ කියලා නෑනේ. ප්‍රශ්ණේ බරපතලකම දැක්කම උන්ටත් කී බෝඩ් එක කොටන්න හිතෙන්නේ නෑ..

      Delete
  24. විවිධ ජාතීන් ඉන්න රටක් වුනාම එකිනෙකාගෙ අවශ්‍යතා විවිධයි. ඒ නැතත් කොහොමත් මිනිස්සු විවිධයි නෙ. ඉතින් අහවල් එක කන්නය, අහවල් එක එපාය කියල අපිට අනෙක් අයගෙ නිදහස සීමා කරන්න කිසිම අයිතියක් නෑ. මාත් සත්ත්ව ඝාතනය ට එකඟ නෑ. ඒත් අනෙක් අය හැමෝටම මට ඕන විදිහට ඉන්න කියල බල කරන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙන එකයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. විරුද්ධතා තිබුනත් කමක් නෑ. ඒත් මුන්ට මිනිස්සුන්ට හිංසා කරන්න, දේපළ විනාශ කරන්න ඉඩ දෙන්න බෑනේ.. නැවත්තුවේ නැත්තන් ගිනි තියාගන්නවලු.. පන්සල්වලට ගිලන්පස වෙනුවට පෙට්‍රල් දුන්න නම් හරි...

      Delete
  25. මගේ හීනය... සාමකාමී රටක්.. හැමදෙනාටම සතුටින් සැනසීමෙන් ඉන්න හැකි වන.. ඒත් එන්න එන්නම ඒ හීනය ඈතට යනව කියල හිතෙනවා...

    දුර දිග නොබලා කරන කියන දේවල් ආයෙමත් අවාසනාවන්ත කාල පරිච්ඡේදයක දොරගුළු අරින්න තියෙන ඉඩ වැඩියි... අපි හැමෝම ඒ ගැන අවදියෙන් ඉන්න ඕන... ඒ වගේම අවම වශයෙන් සාමකාමී, දයාවන්ත සිතුවිල්ලක්වත් ඇති කරන්න පුළුවන් විදියේ වැඩක් කරන්න ඕන....

    ReplyDelete
    Replies
    1. බුද්ධාගම කිව්වම සිංහල මිනිස්සු කිව්වම ළෝකයේ බොහෝම සාමකාමි ජන කොටසක් හැටියට තමයි සැලකුවේ.. තාමත් ඒ තත්වේ යාන්තම් තියෙනවා. ඒවත් නැති කරන්නයි මේ හරක් දඟලන්නේ..

      Delete
  26. මාතලන්ගෙත් කොන කපලා...

    ReplyDelete
    Replies
    1. වෙන්නැති.. ඒත් ඔයාලගේ තුනම කපලා... නානසාරලා...

      Delete
  27. එල කොල්ලෝ උඔ වගේ මිනිස්සු තමයි මේ රටට ඕන. පුංචි පවුල කොහොම හරි රත්තරන් කරමු. අපි ඒ වෙනුවෙන් වෙහෙසෙමු. හැගෙනහිර වෙහෙරවල් ටිකත් ඩෝසර් කරල දාන්න පොඩි හෙල්ප් එකක් දිපන්. කූරගල අල්න්න එන සිවලුන් ටිකත් කොහොම හරි එලවල දිපන්.

    ReplyDelete
  28. එතකොට අපිට පුලුවන් 2040 දි මේ රට පුංචි අරාබියක් කරන්න. එකම එක සිංහලයෙක්වත් නැති...

    ReplyDelete
    Replies
    1. ගව ඝාතනයයි, ජනගහනයයි අතර සහ සම්බන්ධය පෙන්නුවනම් පින් සිද්ධ වෙනවා... ගොන් කතා නොකියා...

      Delete
  29. ඔය ඇවිල්ල ඉන්නෙ බූරුවො දෙන්නෙක් (එකාම දෙපාරක් කොටලද මන්ද).
    මුන්ට තියෙන්නෙ අමන උත්තර සෙට් එකක්.
    1. ලියපු එකාගෙ කොන කපලා.
    2. ලියපු එකා හම්බයන්ට කඩේ යන එකෙක්. (මුන් කඩේ යනව කියන එකේ තේරුම දන්නෙ නෑ).
    3. බලාගෙන හිටපිය තොපිට මොකද වෙන්නෙ කියල.
    4. අමු කුනුහරප

    මං ෆේස් බුක් එකේ දැක්ක එකෙක් ලියල තියනව "තෝ පන්සිල්වත් දන්නෙ නැති පොන්නයෙක්. එවාපිය තොගෙ අම්ම මම .....ල එවන්නම්" කියල. පන්සිල් කෙසේ වෙතත් තුන්වැනි සිල් පදේවත් දන්නෙ නැති සිංහල බෞද්ධයෙක්!

    ReplyDelete
    Replies
    1. බූරුවෝ නෙවෙයි හරක්....

      Delete
  30. මේක බොහොම නරක ප්‍රවණතාවයක්. 83 දී ජාත්‍යාලකාරයො අහිංසක දෙමල මිනිස්සුන්ට ගහල ඒ මිනිස්සුන්වත් අන්තවාදීන්ගේ ගොඩට තල්ලු කලා. අද මේ සිංහල බෞද්ධ කට්ටිය කරන්නේ ඒකමයි. මේ පිස්සු නටන මැටි මෝල්ලු ඉතිහාසෙ දන්නේ නෑ. (ඉතිහාසෙ විතරක් නෙවෙයි මොන මගුලක්වත් හරියට දන්නේ නෑ). හැබයි මේ අමන වැඩ වලට වන්දි ගෙවන්න වෙන්නේ මුලු රටටම.

    ReplyDelete
    Replies
    1. මුන් ධර්මය හරියට දන්නෙවත් නෑ. සිවුරු පෙරව ගත්ත හරක්...

      Delete
    2. asanaga nodanna magul walata katha karnna epa. 83 jathi ale pennala hire watuna tamil chandiwath mama ona tharama dakala thiyenawa. Tamil ewwoth sinhala ewun ekka ekathu wela tamil kada mankolla kawa. ungen tamil aya bera gatte sinhala , muslim aya thami.

      Delete
  31. මාතලන් මුන් ටික ගැන මට තියෙන පිළිකුල කියාගන්න සිංහල භාෂාවේ වචන නෑ...ඇත්තටම ඒකයි කටවහගෙන හිටියේ

    ReplyDelete
    Replies
    1. එහෙමම කේන්ති ගන්න එපා උපාසක මහත්තයෝ... මෙයාලට වෙලා තියෙන්නෙත් ඒකමයි...

      Delete
  32. religion , race are the tools used by the rulers to keep the cititzens under their control,, those days religion was used in the west to silence the citizens about poverty and social injustice and the facilitators were the church and the preiests , now that the west is developed such methods are no use to silence the westerners, but now the same is used by the rules in else where mainly in muslim countires and recently in srilanka, sad to see how the buddhism and the monks performing for the riches and the rulers, and රාවනා crap is been spreading ලීකේ අ virus ,thanks to ස්ටුපිඩ් පත්තර , මව්බිම එකේ ඉන්න හරක් thamai මිනිස්සුන්ව ගොනාට අඬන්නේ , උන් රාවනා ගේ පිලිමයක හොයා ගෙන කියල ලාස්ට් වීක් තිබ්බ, i used to buy all main sinhala news papaers for years bt hv given up now , only sunday times has someting worth to read, instead of speaking about currption , poverty abuse of power, all the mainstream media are in a race of who fools the people more

    ReplyDelete
    Replies
    1. I have written an article about this matter few days ago..
      If you have a time.. Please Read.. the link below...

      http://maathalan.blogspot.com/2013/05/vulgar-journilism.html

      Delete
  33. මාතලන් මහතා,

    අද දින lanka c news එකේ දලදා හිමියන් ඉදිරියේ ආත්ම පූජාවෙි යෙදුනු හිමියන්ගේ සංස්කරනය නොකල video පටය දාල ති‍ෙයනවා. ඒක බලල ඉන් පසුවත් ඔබෙි මෙම ලිපිය සංස්කරනය නොකල යුතු යයි ඔබ සිතන්නේද?

    ReplyDelete
    Replies
    1. ඒ ගොනා එක අතකින් මේ ගොනුන්ට වඩා හොඳයි. අනුන්ට හිරි හැර නොකර තමන් ගිනි තියාගත්තා. මේ හරක් ටිකත් එහෙම කර ගත්තනම් බොහොම පින්.. ආත්ම පූජා කියන්නේ.. නිවන් දකින්නත් පුළුවන් ඇති නේ. දෙමළු මැරුවමත් නිවන් යනවා කියපු පින්වතුන්නේ... සාධූ සාධූ සාධූ.....

      Delete
    2. ඔබෙ පිලිතුරෙන්ම පැහැදිලි වනනේ ඔබ අද දින lanka c news එකේ දලදා හිමියන් ඉදිරියේ ආත්ම පූජාවෙි යෙදුනු හිමියන්ගේ සංස්කරනය නොකල video පටය බලලා නැති බවයි. කරුනාකර පලමුව එම video පටය බලලා ඉන්න.

      Delete
    3. @ wmk
      ඔබ මගේ බ්ලොග් එකට පැමිණ මා බුද්ධාගම කෙරෙහි වෛරයක් තියෙන කෙනෙක් යැයි අභූත චෝදනාවක් කළා.

      එයට පිළිතුරු ලෙස මා ඔබට අභියෝගයක් කළා. සමහරවිට එය ඔබ දකින්නට නැතුව ඇති නේද?

      http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html?showComment=1371695109213#c2794606567793711087

      නැතිනම් එය දැක්කත් පිළිතුරු නැති නිසා නිහඬ වුණාද?

      Delete
    4. ක/කා.

      ඔබ මට අභියොඅගයක් කර අති බව මා දුටවෙ අද(23.දින්) තමයි. ඔබෙ කොමෙන්ට් එක බලලම උත්තර ලියන්නම්.

      Delete
  34. මමත් ඔබේ අදහසට එකඟයි.අද මේ සිදුවෙන්නේ ධර්මය ආරක්ෂා කරනවාට වඩා නූතන දහමේ සැඟවුණ දේශපාලන අරමුණු ක්‍රියාත්මක කිරිමයි.

    ReplyDelete
    Replies
    1. බික්ෂූන් දේශපාලනයට ඒම නීතී මගින් හෝ නැවත්විය යුතු කාළය එළඹිලා.. අවශ්‍යමනම් ථෙරපුත්තාභය වගේ කරන ඕන සෙල්ලමක් කළාට අවුලක් නෑ.. මේ කරන්නේ සාසනය වළඳන එක......

      Delete
  35. මෙතනදී ඔයා ගබ්සාව ගැන කියපු අදහස ගැන එකඟ වෙන්න බෑ
    ගබ්සා ආයතන වටලීමෙන් බුද්ධාගමට අපහාස වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ
    අපහාස වෙන්නේ පොලිසියට නේද හරිනම් ඕක පොලිසියෙන් වෙන්න ඕන දෙයක්
    අනික ඔයා බෞද්ධයෙක් නෙමේනෙ බුද්ධාගමට අපහාස වීම ගැන ඔයාට තියෙන අමාරුව මොකක්ද
    ඔයත් ගබ්සාවට පක්ෂ කෙනෙක් මෙතනදීත් ඒක නේද කිව්වේ
    //ඒ සඳහා කළ යුත්තේ ගබ්සා මධ්‍යස්ථාන වැටලීම නොව, පල්ලියේ මෙන්, විවාහයට එළඹෙන බෞද්ධ පිරිසවත්, ලිංගික වශයෙන් දැණුවත් කිරීමට යොමුකිරීමයි

    මේ කියන්නේ ගබ්සාවට අවසර දෙන්න කියලනේ (“වැටලීම නොව“?)
    විවාහයට එළඹෙන පිරිසට පවුල් සැලසුම් ක්‍රම ගැන දැනුවත් කිරීමේ වරදක් නෑ
    ඒත් මේකේ තව පැත්තක් තියෙනවා
    වැලේ ගෙඩි වැලට බර නෑ කියපු සමාජයක් පුංචි පවුල රත්තරං කියලා හිතන්න
    නැත්තන් දරුවො බරක් කියන මතය සමාජ ගත කරපු අයත් ගබ්සාවට වගකිව යුතුයි
    ඉතින් ගබ්සාව අඩුකරන්න කියලා ගබ්සාව වැඩිකරන්න හේතු වූ අයගෙන් උදව් ගැනීම
    වහ බීල ලෙඩ වෙච්ච කෙනෙක්ට ඖෂධයක් ලෙස ඒ වස වර්ගයම දීමක් වගේ

    අනිත් එක මෙතන තව දෙයක් තියෙනවා
    වෛද්‍ය උපදෙස් දෙන වෛද්‍යවරයා කියන එකා කොහොම එකෙක්ද
    මගේ දැනුමට අනුව බටහිර වෛද්‍යවරු සමස්තයක් ලෙස ගත්තොත් උන් ගබ්සාව
    promote කරන කට්ටියක්
    (කාලෝ ෆොන්සේකා හේතුවාදී අභියෝගයක් කලානේ ලක්ෂ 10 ඔට්ටු අල්ලලා
    මමත් ඔට්වුවක් අල්ලනවා කාටහරි පුලුවන්නම් කාලෝ ෆොන්සේකාගේ කටින් “ මම ගබ්සාවට විරුද්ධයි“ කියලා ප්‍රසිද්ධියේ කියවන්න මම ලක්ෂ 10ක් දෙනවා)
    උන් විරුද්ධ ගබ්සාවට නෙමේ අනාරක්ෂිත (හලාල්)ගබ්සාවට
    උන් පවුල් සැලසුම ගැන කියනකොට ගබ්සාවට පොලඹවන අදහස් සියුම්ව ඉදිරිපත් කරනවා
    හදිසි ගැබ්ගැනීම්, අනපේක්ෂිත ගැබ් ගැනීම්, අසාධාරන ගැබ්ගැනීම් වගේ වචන වලින් පැහැදිලිවම
    ගබ්සාව promote වෙනවා (එහෙම බැලුවාම ස්ටීව් ජොබ් කියන්නෙත් අනවශ්‍ය ගැබ් ගැනීමක් - අනවශ්‍ය කෙනෙක්)
    දොස්තර කෙනෙක් ලව්වා පවුල් සැලසුම් ක්‍රම ගැන දේශනයක් තියවනකොට කවුරුහරි පොල්ලක් ගත්තු කෙනෙක් පිටිපස්සෙන් තියන්න ඕන
    දොස්තර පොන්න කතා කියන්න ගත්තාම ගහන්න.

    ReplyDelete
    Replies
    1. //හදිසි ගැබ්ගැනීම්, අනපේක්ෂිත ගැබ් ගැනීම්, අසාධාරන ගැබ්ගැනීම් වගේ වචන වලින් පැහැදිලිවම
      ගබ්සාව promote වෙනවා (එහෙම බැලුවාම ස්ටීව් ජොබ් කියන්නෙත් අනවශ්‍ය ගැබ් ගැනීමක් - අනවශ්‍ය කෙනෙක්)
      දොස්තර කෙනෙක් ලව්වා පවුල් සැලසුම් ක්‍රම ගැන දේශනයක් තියවනකොට කවුරුහරි පොල්ලක් ගත්තු කෙනෙක් පිටිපස්සෙන් තියන්න ඕන
      දොස්තර පොන්න කතා කියන්න ගත්තාම ගහන්න.//

      පිස්සුද හැටිද මන්දා... හදිසි ගැබිගැනීම්, අනපේක්ෂිත ගැබ්ගැනීම් කියන්නේ මවට අනතුරක් වෙන විදියේ දේවල් වලට... අසාධාරණ ගැබිගැනීම් කියන්නේ තව දිග කතාවක්... ඕවයේ ප්‍රතිඵල කාණුවලයි, කුණුගොඩවල් වලයි තියෙනවා... ඒත් ඕවට ගබ්සාව ඇරෙන්න වෙන විකල්ප තියෙනවා... ඒත් අපේ අය පෙළඹෙන්ගේ අනාරක්ෂිත ගබ්සාවට... ( අනාරක්ෂිත ගබ්සාව කියන්නේ නීතිවිරෝධි විදියට හොර වෙදුන් ලව්වා ගෑණුන්ගේ බඩවල් නැති කරවන එක... ඒකෙන් ගෑණු මැරෙන්නත් පුළුවන්.. ලෙඩ වෙන්නත් පුළුවන්.. ආයිත් ළමයි නොලැබෙන්නම වැඩ සිද්ධ වෙන්නත් පුළුවන්.. ඊට අමතරව අම්මගේ කැමැත්තක් නැතුව ඕනේ කෙනෙක්ට දොස්තරට සල්ලි දීලා ළමයෙක් නැති කරවන්නත් පුළුවන්..) ඒකට හේතුව මිනිස්සු හිතන විදිය.. දන්න දේවල්වල අඩුපාඩු... ඒක මේ අපේ රටේ මිනිස්සුන්ගේ හිතන විදියේ වැරැද්දක් මිසක් වෙන මොහොකවත් වැරැද්දක් නෙවෙයි... ඒකයි මේවා ගැන දොස්තරලා මිනිස්සුන්ව දැනුවත් කරන්නේ...

      ගබ්සාවට විරුද්ධ වීම එකක්.. ඒක මානුශීය අයිතිවාසිකම් පැත්තෙන් බලලා කතා කරන්න ඕනෙ දෙයක්.. ඒක ආගමක් ඔලුව උඩ තියාගෙන කරන්න යනවා කියන්නේ හරක් මැරිල්ලක් ආගමක ඔලුව උඩ තියාගෙන මේ කරන්න යන විකාරෙ වගේ වැඩක්ම තමයි...

      Delete
    2. තවත් හරකෙක්.. ගැබ් ගන්නේ ඔහේ නෙමෙයිනේ.. ගැබ් ගන්නේ කාන්තාවෝ.. නොදැණුවත්කමින් කමින් හෝ වෙනත් ආකාරයකින් ගැබ් ගත්තම. ඒක තියාගන්නවද, නැති කරනවද කියන එක. එක එක හරක්ගෙවත්, සේනාවලවත්, රාවයන්වලවත් අයිතියක් නෙමෙයි, ගැබ දරන්නාගේ අයිතියක්. අනුන්ගේ වැල් වල ගෙඩි තමුන්ට බර නැති උනාට. වැල අයිති එකාට බර නිසානේ මේ වැඩේට යොමු වෙන්නේ.

      ඇමරිකන් බයිලා නොගහ.. කන්න අඳින්න නැතුව ඉන්න පවුල්වලට කන්න බොන්න දෙන්න පුලුවන් වැඩක් කරන්නකෝ. ඇනුන්ගේ සංසර්ග ගැටලු හොයන්නේ නැතුව...

      Delete
    3. @ ජගත් ,

      ගෑණු කෙනෙක් ගබ්සාවක් කරගන්නේ ආසාවට නෙවේ..කළුවරේ බුදියලා පහුවදා උදේට බඩ වෙනවා නෙවේනේ..ලොකු කතා මාලාවක් තියෙනවා හැම ගබ්සාවකම..ඕව තෙරුම්ගන්නනම් ගෑණියෙක් එක්ක බුදියලවත් තියෙන්නේ ඕනේ ජගත්..බලාපොරොත්තු නැති වෙලාවක පෙම්වතියට , බිරිඳට ගැබක් පිහිටියම වෙන දේ අද්දකින්න ඕනේ සියැසින්...නිකන් මේ හනේ පනේ ගෑවට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ජගත්...අපි මේ ඉන්නේ දිව්‍ය ලෝකේ නෙවේ..වයස 15 ක පොඩි ගෑණු දරුවෙක් බඩ උනොත් ඔබ තුමා කන්න අඳින්න දෙන්න කැමතිද ඒ දරුවට ...? දරුව ඉපදුණාට පස්සේ නම දෙන්න කැමතිද ...?

      Delete
    4. හිරු, ඔබ හරි!

      ගබ්සාව ගැන තීරණය ගත යුත්තේ ගැහැණියයි.

      එක් එක ගණින්නාන්සේලා, බුද්ධාගං සංස්ථාවේ අයිතිකාර ගර්ශාෂය නැති අයට මේ ගැන පොර ටෝක් දෙන්න පුළුවනි. හැබැයි උන් කොහොමද ඒ ගැන තීරණ ගන්නේ?

      ගබ්සාව ගැන ගර්භාෂය නැති අය නීති පැනවීම සහ කාන්තාවන් හිජාබ්, පර්දා පැළඳිය යුුතු යැයි කාන්තාවන් නොවන අය නීති පැනවීම අතර කිසිම වෙනසක් නෑ.

      ඒකෙන්ම තේරෙනවා මේ බුද්ධාගමේ අයිතිකාරයන් යැයි නන් දොඩවන ගබසා විරෝධී, උපත් පාලන විරෝධී අයියලා ගේ නිරුවත!

      (I just now noted Mathalan's reply as well)

      Delete
    5. ජගත් පවුල් සැලසුමයි, ගබ්සාවයි පටලගෙන වගේ. හරි පවුල් සැලසුමක් තියෙනව නම් ගබ්සාවක් අවශ්‍යවෙන්නෙ නෑනේ (අසාධාරණ ගැබ් ගැනීමකදී හැර ). ගබ්සාවක අයිතිය තියෙන්නේ ගැබ දරන තනැත්තියට පමණයි කියන හිරුගේ මතයට මමත් සම්පුර්ණයෙන් එකඟයි.

      අනික බල්ලගේ වැඩේ බූරුවො ටිකක් එකතු වෙලා කරන්න ගියම වෙන්නේ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. මාතලන් ගේ ලනුවත් රාජපක්ෂ පවුල් ගහේ තමා ගැට ගහල තියෙන්නේ අන්තිමේට බලනකොට , කැරකිලා එන්නෙම ගහ මුලටමයි .
    ගයාන්

    ReplyDelete
  39. meka nodanna pukak na , eth mathalan dannawada umba tamil minusunge ange thiyenwa e aya wenama rataka wenama jathiyak kiyana hangeema.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න