.

.

Jul 19, 2013

ඉගිලෙන මාළුවාගේ, මාළු කෑම - Flying Fish, Smells Bad



"Flying Fish" සෝ එක හදාපු, "සංජීව පුෂ්පකුමාර" මාධ්‍යවලට එවපු ලියවිල්ලට අමතරව, තවත් ලියවිල්ලක් බොක්කෙ යාළුවෙකුට එවලා, ඌ එක මට ගෙනත් දුන්නේය. ඒකේ හැටියට නම් මේක සෙට් ගේමක්ය. පහළ තියෙන්නේ ඒ ලියවිල්ලය.

අධර්මන් මඩලියගොඩ,
නයි ටී ඇන්
බිත්තරමුල්ල,
අම්මට සිරි ලංකාව.

සෙත් වේවා !

මචෝ,

කතා කර ගත්ත විදියටත් වඩා හොඳට වැඩේ ගිය එකට, උඹට වගේම, මටත් තියෙන්නේ ආතල් එකක්ය. වොරන්ට් පිට වොරන්ට් දීලත්, පොලීසිය උඹේ දිහා බලන්නෙවත් නැති එකට, කළ ගුණ සලකන්න මොකක් හෝ කරන්න ඕනා කියා, උඹ නාහෙන් අඬන කොට, මටත් මාරම අප්සෙට් එකේ උන්නේ, උඹට උදව්වක් කරන්නේ කොහොමද කියාය.


මම උඹට කිව්වේ, මේක හෝල් වලට දැම්මයින් පස්සේ ගේමක් දියන් කියාය. එහෙම උන්නා නම්, තව අවුරුදු ගානක් ඉන්න වෙනවාය. සෝමේ අයියාගේ, ජැකාලගෙ, සෙට් එකේ උන්ගේ ඉතිහාස කතා සැට් එකයි, බණ කතා සැට් එකයි පෙන්නලා ඉවර වෙලා, අපේ ඒවා පෙන්නන කොට, උඹයි මමයි දෙන්නාම, දිවිය ළෝකේය.

අනික ඉතින් අපේ ඒවා පෙන්නන්න හෝල් එකක් හොයා ගන්නත් මාරම අමාරු වෙනවාය. ඒ නිසා මම හිතාගෙන උන්නේ මගේ සෝ එක ටවුන් හෝල් එකේ පෙන්නන්නය. ගමේ උන්ට නම් ඉස්කෝලේ හෝල් එකේ පෙන්නනවාය.

මට පට්ටම ආතල් එකක් තියෙන්නේ, දැන් කස්ටිය මගේ මාළු විතරක් නොව, මේ සීන් එකට මෙළෝ සම්බන්ධයක් නැති උන්ගෙත්, මාළු කන්න ලෑස්ති වෙලා ඉන්න එකටය. ඒත් ගොඩක් දුක හිතෙන්නේ, සී අයී ඩී එකේ උන් ඉගිල්ලෙන මාළු පස්සෙ දුවන්න ගිහින්, වාස්ගේ කෙස් එක පස්සෙ දුවන්නේ මොකාද කියා හිතෙන විටය.

ගාමිනි වියන්ගොඩ මට කෝල් කරලා කිව්වේ, "මල්ලි.... උඹව ඉඹින්න හිතෙනවා...." මාත් දැන් කොටියෙක් නිසා, ඊළඟ පළාත් සභා ඡන්දෙට, ශ්‍රී ලංකා එකෙන් ඉල්ලනවා කියාය. ඒත් පොර අප්ෂට් එකේ ඉන්නේ, ඩබල් එකේම ධර්මසිරිටත් නොමිනේෂන් ඉල්ලන්න බැරි, ඌට බන්ඩාරණායක කෑල්ලක් තියෙන නිසාය. රේණුකා අක්කා නම් කෝල් කරලා, උඹලගෙයි, දුෂ්මන් කළුගල්ලෙටයි, මොකුත් කිව්වේ නැතිය. ඒ උනාට උඹලගේ අම්මලාව නම් මතක් කොළේ, සිරි පැරකුම් එකට වත් මෙහෙම පබ්ලිසිටියක් උඹලා නොදුන්න නිසා වෙන්න ඇතිය.

මම මචං එදා ඉඳලම උඹට කිව්වේ, ඔය රැඟුම් පාළක මණ්ඩලෙනුයි, චිත්‍රපටි සංස්ථාවෙනුයි, දෙකෙන්ම වැඩක් නෑ කියලාය. රැඟුම් පාළක මන්ඩලේ ඉන්න නාකි ටික, ෆිල්ම් එක බලන්නෙ නැතිය. උන් බලන්නේ පිටපත විතරය. ඉතින් මචං, පිටපතේ නැති ඒවා ෆිල්ම් එකේ දමා වැන්ඩ්‍රස්ට්‍රාටන්ද මොකක්ද එකා වගේ, බ්ලූ ෆිල්ම් හැදුවත් උන්ට අහුවෙන්නේ නැතිය. චිත්‍රපටි සංස්ථාව නම් එදා ඉඳලාම මෙළෝ රහක් නැතිය. ඒකේ ඉන්න උන්, චිත්‍රපටි කෙසේ වෙතත්, බැසියර් පටි අදින්න දස්සයි කියලා කොල්ලෝ කියන කතාවල ඇත්තක් තියෙනවාද කියා මට වඩා උඹ දන්නවා ඇතිය.

සමහර ගොන් තකතීරුවෝ අහන්නේ, පේමන්ට් එකේ බඩු විකුණන උන් පෙලපාලි යන්නේ ඉගිල්ලෙන මාළුවෝ බලලාද කියලාය. මම මචං ඉස්සර ඉඳන් උඹට කිව්වේ මේකය. උඹ මාත් එක්ක ආගිව් කලේ, සම්බහිය ෆිල්ම් බලන්නේ ඉහළ මැද පන්තියයි, බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාවයි කියාය. උඹ කතා කලේ අම්මගේ රෙද්දක් කියා, උඹට දැන් තේරෙනවා ඇතිය.

මම මචං කාටත් හොරෙන් ඔය මිලින්ද කහනගමගේටයි ඌගේ සැට් එකටයි සෝ එක පෙන්නුවාය. මට ආරංචි විදියට "ඔස්කා" එකේ ජූරියට, කහනගමගේ ගන්න යන කතාවකුත් තියෙනවාය. කොහොම හරි ඊට පස්සේ, ඌව රැඝුම් පාළක මණ්ඩලේට හරි, බැසියර්පටි සංස්ථාවට දාන එක දානවාමය. දුකකට තියෙන්නේ, මුන්ට ප්‍රංශ ඇම්බැසියේ, වීදුරුවක් වත් කුඩුකර ගන්න බැරිවෙච්ච එක ගැනය. එහෙම උනා නම් එක්සත් ජාතින්ගේ සංවිධානේ උනත්, සෝ එක පෙන්න ගන්න තිබුනේය.

දැන් මචෝ, කොටින්ට බැක් කරපු රටවල් අතරට, දකුණු කොරියාවත් එකතු වෙනවාය. හියුබට් බැල්ස් සංවිධානෙත් එකතු වෙනවාය. ඒ ඔක්කෝටම වඩා, මාවත් එකතු වෙනවාය. එතකොට මචෝ සරස්වති මෑණියන්ගේ පිහිටෙන්, උඹත් ගොඩය මමත් ගොඩය. මට මචෝ ප්‍රංශෙට පැනලා, එක්නැලිගොඩලා එක්ක වෙඩිවර්ධනලත් එක්ක සෙට් වෙන්න පුළුවන්ය. අර පුත්තලමේ සුගන්ධික ආවම ඌත් එක්කත් ඩ්‍රින්ක් එකක් දාන්න පුළුවන්ය.

මේ සීන් එක නිසා, උඹව චිත්‍රපටි සංස්ථාවේ සභාපති කමට දාන්න උනත් පුළුවන්ය. ඒ නැතත්, මමත් දැන්, කන්තලේ ඉඳන් සෙයිලමේ ආපු බයියෙක් නොවේය. සෝ එක පෙන්නන්නත් ඉස්සෙල්ලා, "ස්පීල්ඩ්බර්ග්ලා" වගේම පොරක් නිසා, හදන සෝ වල ප්‍රොෆිට් එකෙන් ගානක් උඹට එවන්නම්ය. මතක ඇතුව උඹ මට එකවුන්ට් නම්බරේ එවපන්ය. ඒක නිසා ඔය ටෙලිෆෝන් කොම්පැණි අස්සේ තියෙන පරණ යකඩ කෑළි උස්සන්න ගිහින් පිටගැසම හදාගෙන මැරෙන්නේ ඕනා නැතිය.

මතක ඇතුව, දුෂ්මන් බලගල්ලෙ අයියයි, මිලින්ද කහනගමගේ අයියයි, මතක් කලා කියපන්ය. මේ කරපු පුණ්‍යකර්මයට උබට ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා, පරණ යකඩ ගොඩවල්ම ලැබී, බිත්තරමුල්ල පැත්තේ, නයින්ගෙන් පිරි සංස්ථාවක, සභාපති කමක් ලැබේවා කියා පතනවාය. උඹලගේ අම්මා මතක් කරන්නේ නැත්තේ, ගොඩක් උන් උඹේ අම්මා මතක් කරන නිසාය.

උඹට සියළු සෙනාවල හා බලවේගවල සරණයි...!!!

මීට

හිතවත්,

සංජීව පුෂ්පකුමාර
ඉගිල්ලෙන මාළුවෝ චිත්තරපටියේ අධ්‍යක්ෂක

127 comments:

  1. නියමයි කියල තමා කියන්නෙ.සියලු දේ කියා ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මූ මොකක් ලියුවත් උඹට හොදයි....

      Delete
    2. පිස්සුද කෙන්ජියෝ... දැන් බැලුවම ගොඩක් දේවල් මිස් වෙලා...

      Delete
  2. සිරාවටම මේක සෙට් කරල ගහපු ගේමක් වෙන්න බැරි නෑ... මාතලන් අයියට කියන්න මලාට ෆිල්ම් එකක් නොබලන උන් පවා ඉගිලෙන මාලු ගැන කතාව... ඔන්න ඕකයි තත්තෙ.. ;)

    ReplyDelete
    Replies
    1. මේවට තමයි මචං, ගරිල්ලා මාකටිං කියන්නේ.. සෙට් ගේම් එකක් පේන්නේ නැද්ද.. අරූව අහු උනොත් ජීවිතාන්තෙටම හිරේ...

      Delete
  3. හි හි හි අඩේ උබේ පොස්ටුව කියෙව්වම හිතෙන්නේ, කොහොම හරි මේ ෆිල්ම් එක බලන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න පුලුවන්නම් එලම තමයි

    ReplyDelete
    Replies
    1. රාළේ ෆිල්ම් එක බලලා එක හුස්මටම කෙන්ජි ගාවට දුවපිය.

      Delete
    2. AI UBA RALE AKKA THARAHAK THIYENAVADA. U KENJI GAVATA YAVANNE.

      Delete
    3. මාර පබ්ලිසිටි එකනේ.. ඇමරිකන් පත්තර වලත් වාර්ථා වෙලා..

      Delete
  4. මටත් දැන් මේක බලන්නමයි හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ අරූ තෑන්ක්ස් කරලා එවලා තියෙන්නේ..

      Delete
  5. මෙකනෙ මාතලන් කේස් එක. මේක ලෝකයේම වටිනා රට . ඔය පර සුද්ද දගලන්නෙ මේක සංකෘතික විදියට ආක්‍රමණය කරන්න. ඒකයි එක එක ජාතියේ මාලු පියාඹවන්නෙ. වාසනාවට අපේ ලොකු ලොකු මොලවලට ඕවා පට් ගාල අහුවෙනවා. යාන්තන් ඒ නිසා ගොඩ.

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රැගුම් පාලක මංඩලේ දැනට ඉන්න ගෝතයෝ ඕක අනුමත කලේ බලලනෙ. අපේ ජාතිභ්‍රෂ්ඨයෝ මේ කෑගහන්නෙත් එතකොට ෆිල්ම් බලල කාල ලෙවකාල ද? අතගාල වෙන්නැහේ. ඒකට දක්ෂයිනෙ.

    මතකනෙ සාගරයක් මැද අමන රටක් ඇත ලිව්ව අපේ අනාගත වක්තෘ සිසිර කුමාර මාණික්කාරච්චි මැතිතුමා ගැන???????????????????

    ReplyDelete
    Replies
    1. අනේ වෙද මහත්තයො අපි පොඩි කාලේ ඉස්කෝලෙ යන්ඩ පටන් ගත්තු කාලෙම අපිව රැවට්ටුව >>ලෝකෙන් උතුම් රට සී ලංකාවයි<<කියල.
      බන්ඩ ල වගේ එවුන් හිතන්න ඇති උනුයි දරුවොයි ඇර වෙනත් අය පිටරට යයි කියල ජිවිතේට හිතන්න නැතිව ඇති.
      අද වෙන්නෙත් ඒකමයි හැබැයි ලෝකේ ගැන දන්න ගොඩක් අය අද ලංකාවෙ ඉන්නවා.

      Delete
    2. මට දුක අර පෙලපාලි ගිය උන් ගැන. පොලීසීය පෙලපාලියට ගාඩ් එක දුන්නට, සුධර්මන්ව දකින්නේ නැතුව ඇති. ගමේ එකෙක් වොරන්ට් පිට ඉඳලා අහු වුනා නම් කොහොමට තියෙයිද.? ඇට කුඩු කරයි. නඩු කාරයා මුකුත් කියන්නෙත් නෑ..

      Delete
  6. සැක් ආසයි බලන්ඩ ඈ

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එකේ කොතනට හරි "ස් " එකක් අඩුද මන්දා....

      Delete
    2. සැක්ස් කෑළිත් ඕසෙට තියෙනවලු නෝනේ...

      Delete
  7. ඕක හෝල් එකක බලන්න නම් නඩුවක් දාලා තීන්දුවක් ගන්න වෙයි!

    ReplyDelete
    Replies
    1. බැරිද පොඩි සපෝට් එකක් දෙන්ඩ.

      Delete
    2. APIVA DENUVATH KALATA THANKS KAKA. DEN GIHIN ILAGA POST AKATA ANNA.

      Delete
    3. ඊට වඩා ලේසියි, ජනමාධ්‍ය ඇමති තුමා අල්ලගෙන, නඩුවක් බලවන එක. ඒයා මාර ආසයිලු නඩු බලවන්න..

      Delete
  8. අක්ෂරය තහනම් කරාම හඳගමගේ ෆිල්ම් නොබලන උනුත් ෆිල්ම් එක හොයන් බැලුව.මුන් වගේ ගල් යුගේ සෙට් එකක් .ඉන්ටනෙට් ලාබෙට තියෙන ෆ්‍රොක්සි සයිට් ඕන තරම් තියෙන මේ කාලෙ තහනම වාරණය කියන්නේ ලිංමඩි ගොන් ජෝක් එකක් විතරයි. අපි කොහොමත් මේ වගේ දුපත් ආතල් ගන්න හරි හපන්නු.ලෝකෙ පළමු පෙලේ සිනමා උළෙලක් නොවන නිව්යෝර්ක් සිනමා උළෙලේ හොඳම නළුවා වන ජගත් චමිල මේ දුපත ඇතුලේ ලෝකේ හොඳම නළුවා වෙලා.අපේ දේ අපේ උන් අගය කරන එක හොඳයි.හැබැයි මේ වගේ ගොන්ජෝක් නම් ලෝකයා හිනස්සනව.සිංගප්පූරු සිනමා උළෙලේ හොඳම නළුවා උන ජගත් චමිලට වඩා ගවු ගානක් ඉස්සරහින් ඉන්න ජෝ මහත්තය ලංකාවට ආවම ලෝකේ හොඳම නළුවා කලේ නැත්තේ ඒ කාලේ අද වගේ මේක ආසියාවේ ආශ්චර්ය නොවුන හින්ද වෙන්නැති.විමුක්තිල සංජීවල වගේ ලෝකෙ රට රටවල් වලට ගිහින් සිනමාව ගැන ඉගෙන ගෙන දුපතෙන් එලියට හිතන් නැතුව රජමාලිගෙන් දෙන දන්කුඩ ටිකක් කාල මාළිගාවත් ගොඩ ගිහින් තමනුත් ගොඩ යන විදිහේ කඩු පයිට් දුනු පයිට් රජ කතාවක් හදන් උන්න නම් මේ මුකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇනෝට මගෙන්
      ++++++++++++++++++++

      Delete
    2. එහෙම නැත්නම් ජෝක්ස් ටිකක් එහෙම දලා. ගාමණී වගේ එකක් හදන්න ඕන. නැත්නම් අර සංජය ලීලාරත්න හැදුවේ කොටි පැටියෙක් හෙම දාලා. ඒවා නේ සෝ කියන්නේ. මේවා නිකං පඩ සෝ..

      Delete
    3. [විමුක්තිල සංජීවල වගේ ලෝකෙ රට රටවල් වලට ගිහින් සිනමාව ගැන ඉගෙන ගෙන දුපතෙන් එලියට හිතන් නැතුව]

      ප්‍රංශෙට පුක දීල වගේ එහෙම?

      Delete
    4. පුකද ...? ඕක මු මුලින්ම දුන්නේ සිරසේ මහරාජට බොලව් ...මේ නිකන් ඉස්සර වේලි වේලි හිටිය අපතයෝ දැන් රජ පොරවල් වෙලා .හේතුව රටට, අපේ ජාතියට, හරි හමුදාවට හරි නෝන්ඩි වෙන විදිහේ මොකක් හරි අටෝලා ...කොහේ හරි ඔය දෙතුන් දෙනෙක් එන නැත්නම් ඈත රටක ෆිල්ම් ෆෙස්ටිවල් එකකට කණු කුණු ගාල යන්තම් ෆිල්ම් එක තල්ලු කරලා .පොඩි එවොර්ඩ් කට්ටක් අරගෙන ..ඔන්න ඉතින් පොරවල් ,ඊට පස්සේ දෙන්නේ මර ටෝක්ස් ...සංජිව කියන්නේ කවුද කියල අපි නොදන්නවයි ..සිරසේ අර අහුමුලු වල කැසට් උස්සගෙන ගිය අපතයෙක් නේ ඔය..මේ සීන් එකත් හරියට අර අර හඳගම කියන හාල් පාරුව හෙණ කියල ස්ටේජ් නාට්‍යක් කරලා පස්සේ කබල් ටෙලියක් කරලා පොරක් උනා වගේ ...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  9. මෙන්න ලියුම් ලියනවනම් ...
    +++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. හොන්ද වෙලාවට මට දුන්නේ. නැත්නම් උඹලා මේවා කොහෙන් බලන්නෙයි කියලයි..

      Delete
  10. රනිල් සහ දයාසිරි සාකච්චා කරලලු නේද?
    දයාසිරිය 23 වෙද්දී ලොක්ක ලගට යනව.
    ගමනක අවසානය.

    ReplyDelete
    Replies
    1. මහ ඇමති උනත්, බල්ලා මාක්.. මම ලොක්කට කැමති එක හේතුවක් ඕක. එකෙකුටවත් පොරක් වෙන්න බෑ. ලීඩර් කෙනෙක් කියන්නේ ඒකයි. ඔක්කොම ලීඩර්ලා උනාම, මුකුත් කරන්න බෑ..

      Delete
    2. අනේ වෙද මහත්තයො මෙතනට පොඩ්ඩක් මූන පොව්වල යන්න...

      Delete
    3. දයාසිරි ඇවිල්ල තියෙන්නෙ යනව කියන්නයි,හිතේ කහටක් තියා ගන්න එපා කියල යන්නලු ලීඩර් ට.
      ලීඩර් කියල >>අනේ කොල්ලො කිසිම කෙනෙක් එක්ක මගෙ කහටක් නැහැ ඔයාලට තිබුනට.හැබැයි මා එක්ක එංගලන්තෙ ගිහිල්ල එහෙ අගමැති එක්ක ගත්ත පින්තුරෙ පරිස්සම් කරල තියාගන්න,මොකද ඔයාට කවද හරි ඉතුරු වෙන්නෙ ඒක විතරයි<<

      Delete
    4. කොච්චර වැඩ තිබුණත් ඇනෝගේ හිත රිද්දන්න බැහැනේ ඔන්න ආවා.

      Delete
    5. ආවා - ආවා - වෙද මහත්තයාත් ආවා. පිට කසා ගැනීමේ රජ තුන් කට්ටුව.

      Delete
    6. ඇනොට තුන් කට්ටුව බලන් ඉන්න අපිට නම් හතර කට්ටුව.

      Delete
    7. මට තද වෙන්නේ මෙතනට වෙන උන් රිංගන එකට... බලහංකෝ ඇනෝ...

      Delete
    8. එකනේ, ඉවාන් පව්ලූශාත් එකතු වුනාම මෙතන පස් කට්ටුවක්. මගේ පිට කහපන් ඉවාන් පව්ලූශා.

      Delete
  11. රාජපාක්ෂිකයින් බලය තබාගන්න කලා නිර්මාණ වාරණය කිරීම වගේ දේවල් යොදාගන්න යනවා. ඒක වැරදියි. මේකෙ දේශපාලනික භාවිතාව කවරාකාර වුවත් කලාව තිබිය යුත්තේ දේශපාලනකයින් ගේ හිත සුව පිණිස නොවේ. අනික කලාව කියන දේ රට ජාතිය ආගම ගැන හිතන සුන්දර ශුද්ධ වූ වස්තුවක් විය යුතුත් නැහැ.
    මෙහෙ ගොඩක් දේවල් වගේ කලාවත් දෙවියන් මට්ටමට ඇවිත්. මිනිස්සු කලාව කියන්නෙ භක්තිමත් ශුද්ද සුන්දර දේවල් කියන තැනට ඇවිල්ලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රනිල්ටත් බැරි එකේ, සෝමවංශටත් බැරි එකේ, මංගලටත් බැරි එකේ, ඉගිල්ලෙන මාළුවෙකුට පුළුවන්ද ආන්ඩුවක් පෙරලන්න. මේවා මේ එක එක හරක් ළකුණු දාගන්න කරන වැඩ නේ.

      Delete
  12. අඩුම කුඩුම අඩු වැඩි නැති ප්‍රනීත පෝස්ට් එකක්.පියාඹන මාලු උනත් ඉගිල ඉගිල හිටියාට වැඩක් නැත.අල්ලගෙන ඇවිත් බොකු බඩවැල් සුද්ද කර,ලුනු ගම්මිරිස් දමා රසවත්ව සාදා ගත යුතුය.ප්‍රංශ කෝකියෝ ට්‍රයි කරේ නිකම් තෙලට දමා බැදලා කන්නය.අර ගෝනාට ප්‍රංශ කෑම අරහංය.අර ගෝනා කැමති ආමි කෝකියන් හදන කෑම වලටය.ආමි කෑම අජීර්නවී අර ගෝනා වරක් ආමි දමා යන්න ගියා මතකය.දැන් ආමි කෝකියන් පිටකොටුවේ මාර්කට් එකේ බඩු උස්සන මල්ලි ගෙනා බාගෙට කුනු ලූණු,තැලිච්ච මාලු මිරිස් දමා සුධාගේ පරන යකඩ ලිපේ තියාගෙන, ෆ්ලයින්ග් ෆිශ් එක ඩෙවල් ෆිශ් කරනවාය.මාර වැඩේ කියන්නේ බාගෙට ඩෝප් වන්-අයි කාරයා ඩෙවල් එපා ,නිකම් බැදලා හොඳයි කියනවලු.
    මොනව වුනත් සංජීව කොල්ලා අල්ලපු පියාඹන මාලුවා ,අර ගෝන සෙට් එක සෝස් දමා ඩෙවල් කරනවාය.සංජීව කොල්ලො අපි කැමති ඩෙවල් ෆිශ් වලටය.

    ReplyDelete
    Replies
    1. උඹ හිතන විදියට මම නම් පට්ට ලයික්.. බ්ලොග් එකත් හෙමිහිට අප්ඩේට් කරපන්.. හැබයි පෙඩ්ඩක් ඡේද වෙන් කරලා. පින්තූරයක් හෙම අලවලා. ඕවා මහ දේවල් නෙමෙයි. ඕන තරම් ඉන්නවා උදව් කරන්න.. මේ කොමෙන්ට් එකත් එල. අනික අර අන්තිමට අහන ප්‍රශ්ණේ නම් පට්ට.

      Delete
  13. මලට නොඑන බඹරු වගේ සමලිංගික කතා තේමාවක් තියෙන ෆිල්ම් එකක් හැදිල තියෙන්නේ අපේ තාත්තල තරුණ කාලෙ.අපේ තරුණ කාලෙ අපිට බලන්න තියෙන්නෙ සිරි පැරකුම්බා.බලාගෙන ගියාම සිරිපාලලාට මලිත් කියන මලිත්ලාට සිරිපාල කියපු රටක් නේ ඕයි ලංකාව!

    ReplyDelete
    Replies
    1. ඇයි?
      කරුමක්කාරයෝ,
      දඩයම,
      කළුදිය දහරා,
      පළගැටියෝ,
      කැඩපතක ඡායා,....තවත් බොහෝ ඇත. ආ .. ආ... මීහරකා. අන්තිම එක නේද?

      Delete
    2. සම ලිංගික තේමාවක් තියන ෆිල්ම්ස් ඒ කාලෙ හැදුනෙ ඒ කාලෙ චිත්‍රපටි කරුමාන්තෙට සමලිංගිකයෙක් සම්බන්ධ වෙලා හිටිය නිසා.... පස්සෙ ඌ ජපන් ගියා....

      Delete
    3. වෙද මහත්තයො,ඔය පලගැටියෝ කරද්දි ඇදක් උඩ මර්සි එදිරිසිංහ නින්දෙන් මොකක්දෝ වෙන සීන් එකක් තිබුන.රිහසල් කරන්න පටන් ගන්න ඉස්සෙල්ල උඹ පොඩි එකා මේවා බලන්න හොද නැහැ කියල වසන්ත O.මහත්තය මාව කාමරයෙන් එලෙව්ව.(එයා කතා කරද්දී බලන්නෙ එක දිහාවක් කියන්නෙ එක දිහාවකට නෙ)
      හෙහ්..එහෙම හැදිච්ච කමට හැදුනු කොල්ලො අපි.

      Delete
    4. ආ කෙන්ජි.... මොකද නිකන් තොප්පි හොය හොය යන්නෙ.... ගහමුද හොද අකුරු තුනේ ෆිල්ම් එකක්...... බැක් ග්‍රවුන්ඩ් මියුසික් වලට හොද කන්ට්‍රි සෝන්ග් එකක් දාතෑකි.....

      මාතයවනම් අල්ල ගන්න වෙන්නෙ මාසෙකට පස්සෙ... නලීන්ටත් කතාකරමු චරිතෙකට....

      Delete
    5. 8.20 am ඇනො....අකුරු තුනේ ෆිල්ම් එකක් කිව්වේ--චාටර්--කියන එක වෙන්නැති මයේ හිතේ.මම දෙන්නද CAST &CREW
      ප්‍රධාන නලු-නිලි-- දැන් ඉන්න ජැක්සන් {වල දාපු එකා නෙමේ}/හිටියත් මලා වගේ පබා
      දුෂ්ඨයා--දියවන්නාවේ ඉන්න පිනට කන ඕනම එකෙක්
      සංගීතය--දැන් ඉන්න රෝහන වීරසිංහ{මැරි මැරී උපදිනා එකා}
      සංස්කරනය---ලක්ස්මෑන් ගුලුහුල්ල{හරි නම ලියන්නත් ලැජ්ජයි}
      අධ්‍යක්ෂනය---වෙනින් කවුරුත් නොව විහින් වන වු සෝමරත්න දිසනායක
      බෝඩ් ඉස්සීම/ටොයිලට් සේදීම /තේ ඇල්ලීම වගේ වැඩවලට ජගත් චමිල,ජගත් මනුවර්න,ජගත් බෙනරගම,ගංගු රොශානා වගේ අය ගත්තට කමක් නැහැ.මොකද මුනුත් අර උඩින් ඉන්න වගේ අය වෙන්න පුරුදු වෙන්න ඕනෙනේ.හැබැයි එහෙම නම් වෙන්න එපා.
      අත්ත නම් අත්ත කියහං--බොරු නම් බොරුයිය කියහං


      Delete
    6. අප්පට සිරි අර චිත්‍රපටි කර්මාන්තයේ හිටිය සමලිංගිකයා කීවේ අපේ අංකල් කෙන්ජිටද?

      Delete
    7. ඒ කාළේ මේ වගේ පොන්නයෝ උන්නේ නෑ නේ. මහ උන්ට කේලම් කියන්න. උන් වාරනේ දැම්මත්. අනිත් එකාව මරාගෙන කන්න ගියේ නෑ. ඌටත් චාන්ස් එකක් දුන්නා කොහොම හරි නිර්මාණේ එලියට දාන්න. ජෝතිට ගුවන් විදුලිය තහනම් උනාට. ෆිල්ම් වල සින්දු කියන එක නැවත්තුවේ නෑනේ. ජිප්සීස්ලගේ ගීත රේඩියෝ එකේ නොදැම්මට. ස්ටේජ් සෝ තියන එක නැවත්තුවේ නෑනේ. පට්ට සීන් එක කියන්නේ. 70-77 යුගයේ ආපු ෆිල්ම් වල වලව්වට ගහන ඒවමයි වැඩි පුර තිබුනේ.

      Delete
  14. මම මේ චිත්‍රපටය තහනම් කරපු 14 වෙනිද ඉඳන්ම බලා හිටියේ ඇයි මාතලං මොකවත් නොලිව්වේ යැයි මටම දෙස් තබාගනිමින්. ඒ බැරිම තැන තමයි මාත් ඔය මොකක් හරි ලිව්වේ. සමහර විට මම මාතලංගේ ලියන ශිල්පය පාවිච්චි කලා නම් මිට වඩා සැරට ලුනු මිරිස් ඇතිව ලියවෙන්න තිබුණ ඉඩකඩ වැඩියි. ඒ නිසා ඉවසීමෙන් දවස් 06 ක් ඉදලයි අන්තිමේ මාතලං ලියන එකක් නැතිවෙයි කිලය හිතාගෙන ෆ්ලයිං ෆිෂ් ගැන ලිව්වේ.

    ඔය තියෙන්නේ අපූරුවට ලියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දයෝ ලියන්න නෙමෙයි උන්නේ. ඒත් ඔහේගේ ළිපිය දැක්කම නොලිව්වොත් වරදක් නේද කියලා හිතුනා. ඒක මාර විදියට දැනෙනවා. ඊට පස්සෙ අර මන්ජු කෙල්ලගේ ඉල්ලීමත් හිතට වැදුනා. මොනවා කලත් කෙල්ලෙක්නේ...

      මේ තියෙන්නේ දයාගේ ඒ හැඟුම්බර ළිපිය..

      http://aswanna.blogspot.com/2013/07/fling-fish.html

      වල් කොල්ලො කියයි පිට කසා ගන්නවා කියලා. ගනන් ගන්න එපා. උන් එහෙම කියන්නේ ආදරේට... :)

      Delete
    2. මාතලන් අයියා චිත්‍රපටිය ගැන පස්සෙ කතා කරමු . ඔයාගෙ ලේඛණ කලාව ගැන පුදුම හිතෙනවා ඒ තරමටම අතිවිශිස්ඨයි. ඔබේ රැඩිකල්වාදී ලේඛණ කලාවට ඇත්තටම මම කැමතියි. චිත්‍රපටිය ගැන ඔබ හා දයා රත්නායක ලියු ලිපි දෙකම මා කියවූවෙම්.ස්තූතිය ඔබලාට මෙවැනි දේ සම්බන්ධ හරවත් නැණවත් ලිපි පළකිරීම ගැන

      Delete
    3. @ වැව් ඉස්මත්ත
      දයා කියන්නේ ප්‍රවීණ ක්‍රතහස්ත ලේඛකයෙක්, කළාකාරයෙක්, ඔවුන් සමග සුහද ඇසුරක් ඇති රසිකයෙක්. ඌ එක්ක මාව අහලකින් වත් තියන්න බෑ. දයා උඹට අපහාස නඩුවක් එහෙම දැම්මොත්.. ඕන් මම එහෙම නෑ..

      Delete
    4. නිවාඩුවක් ගිහින් අද ආවෙ. දයාබර මාතලන්, එහෙම කියන්න එපා. දයා රත්නායක මහත්මයා අදාළ දේ සම්බන්ධව සටහනක් නොතබා ඇත්තේ ඔබගෙන් කුමක් හෝ දෙයක් බලාපොරොත්තුවෙන් විය යුතුයි. ඒ මන්ද ඔබ විසින් තබන්නා වූ එම සටහන ඒ තරමටම පාඨකයාට රිදෙන තරමටම ඉදිරිපත් කිරීමේ සියුම් නිර්මාණාත්මක හැකියාවක් ඔබ සතුව ඇති නිසා විය යුතුය.

      Delete
    5. සන්නිවේදන මාධ්‍ය නිදහසේ බුක්ති විදින ආදරණිය කලාකරුවෙකු එසේ කරාවි යැයි සිතිය නොහැක.

      Delete
  15. අපිටයි ඉන්දියාවේ උන්ටයි කවදාවත් නිදහසේ ෆිල්ම් එකක් බලන්ඩ වෙන්නේ නෑ.මොකක් හරි කේස් එකක් අල්ලගෙන වලියක්.අනේ මන්දා මේ යක්කුන්ට ෆිල්ම්වලට වලි ඇද ඇද ඉන්නවට වඩා වෙන වැඩක් නැද්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. නෑනේ... මම හිතුවේ අර ඉන්දියාවේ වගේ සති පූජාත් තියේවි කියලා..

      Delete
  16. අධර්මන් මඩලියගොඩ,
    නයි ටී ඇන්
    බිත්තරමුල්ල,
    අම්මට සිරි ලංකාව.

    මටනම් ඔක්කොටම වඩා ඇඩ්රස් ඒක පට්ට . හාහ් හාහ් හාහ් ......

    ReplyDelete
    Replies
    1. උඹේ ඇඩ්ඩ්‍රස් එකත් කියපංකෝ. සිරාවට රී මික්ස් කරලා දෙන්ඩ.

      Delete
    2. ඒක කවුරුත් දන්න එකක් නේ. අළුත් දෙයක් නෙමෙයි..

      Delete
  17. චිත්‍රපටිය වාරණය මඟින් එම චිත්‍රපටියට ඉතා හොඳ වෙළඳපොලක් නිර්මාණය කර දී තිබෙනවා. මෙම චිත්‍රලටි වාරණය කිරීමටත්, වැඩිහිටි ලේබලයේ සමහර දෙමළ, ඉංග්‍රීසි සහ සිංහල චිත්‍රපටි පෙන්වනුයේ කුමණ නිර්ණයකයන් මතද....?

    ReplyDelete
    Replies
    1. නිර්මලා...
      ලංකාවේ නිර්මාණය වූ චිත්‍රපටයක් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය හෝ අධිකරණය හෝ වෙනත් පාර්හවයක් විසින් අත්හිටවූ හෝ තහනම් කළ පසු ඒ මගින් හොඳ වෙළඳපලක් ඇතිවන්නේ නෑ. ඒනිසා ලංකාවතුළ හෝ විදේශයක මෙම චිත්‍රපටය පිටපත් කරන්න විකුණන්න අවසර නෑ. යමෙකු එසේ කළ හොත් නිතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකියි. ඒ නිසා ඒක හොඳ වෙළඳපොලක් වෙන්නෙ නෑ.
      චිත්‍රපට බොහෝවිට වාරණය වෙන්නේ ඒ රටේ ආරක්ෂාවට හෝ පැවැත්මට හෝ සංස්කෘතිය, සභ්‍යත්වය, හෝ වාර්ගික, ආගමික බේදයක් ගැටුමක් ඇති වනවා නම් පමණයි. එය සාමය ආරක්ෂාකරගැනීම වෙනුවෙන් කරන්නක්. ‍එහෙමත් නැත්නම් දේශපාලන වශයෙන් පවතින්නාවූ ආන්ඩජුවකට එරෙහිව නිර්මාණය වූවක් නම් පමණයි. එහෙම නැතුව දකුණු ආසියාතික රටවල තමතමන්ගේ දේශපාලන මත හස කලාකරුවන් පවතින්නාවූ රජයන්ට පක්ෂපාතී නොවීම වැනි කරුණු කරාණා පලිගැනීම් විදියට වාරණය කරනවා.

      ලංකාවේ නම් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩල තමයි චිත්‍රපටය වර්ගීකරණය කරන්නේ යම් නිෂ්පාදකයෙක් හෝ අධ්‍යඛ්ෂවරයෙක් නිර්මාණය කරන චිත්‍රපටය මුලින්ම එම මන්ඩලය ඉදිරියේ ප්‍රදර්ශන කළ යුතුයි එවිට ඔවුන් තිරණය කරනවා එය කුමන වර්ගයක් යටතේ වර්ගී කරනය කල යුතුද කියා. ලංකාවේ නම් "වැඩිහිටියන්ට පමණයි" වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි" වගේ වර්ගීකරනයන් තියෙනවා. ඒකත් රැගුම් පාලක මන්ඩලයේ බහුතරයගේ කැමැත්ත මත තිරණය වන්නක්.

      ඒත් ජාත්‍යන්තරව පිළිගත් වර්ගීකරණය තමයි ලෝකයේ පිලිගත් වර්ගීකරනය ලෙස පිලිගන්නේ එතැදී කමිටුවක් විසින් එම චිත්‍රපට (ALL / PG / U / 12 / 12+ / 16+ / 18+ / X / XX / XXX ).අදී විදියට වර්ග කරනවා මෙයයි ලොව හොඳව වර්ගීකරනය වන්නේ. එවිට චිත්‍රපට බලන අයටත් පහසුයි

      Delete
    2. පිළිතුරට ස්තුතියි. මට කීමට අවශ්‍ය වූ දෙය මා කොමන්ටුව තුළ ඇතුලත් කර නැහැ. එය මගේ අඩුපාඩුවක්. "චිත්‍රපටිය වාරණය මඟින් එම චිත්‍රපටියට ඉතා හොඳ වෙළඳ ප්‍රචාරණ අනුග්‍රහයක් ලබා දී තිබෙනවා." වෙළඳ පොල හිමිවන්නේ ඔහු වාරණය ඉවත් කර ගතහොත් පමණී.

      ඔබ කියන නිර්නායකයන්ට අමතරව, චිත්‍රපටි වාරණය සඳහා ඍජු දේශපාලන මැදිහත්වීමක් නැති බව කිව හැකි ද? ඉඟිලෙන මාළුවෝ චිත්‍රපටිය ගැන සටහනක් නයි ටී එන් එකේ පල කෙරුන බැවින්, එයට ඇති දේශපාලන බලපෑම හොඳින්ම තහවුරුය. Flying Fish ගැන දන්නේ නැතිමුත්, මට හැඟෙනා පරිදි ටික කලකින් ඔහු තහනම ඉවත් කර ගනීවි. මේ ටික කලට මිනිසුන්ට රැඟුම් පාලක මණ්ඩලය ගැන ද කතා කළ හැකියි.

      Delete
    3. https://www.facebook.com/photo.php?fbid=492291220856727&set=gm.606946649338675&type=1&theater

      Delete
    4. පැහැදිලි උත්තරයක් දයා දීලා තියෙනවා. මම හිතන්නේ අහපු ප්‍රශ්ණය තුල ඇති දේ නිර්මලා දැනගෙන ඉඳලත් නෑ. නමුත් මේක වාරණයට හේතු උනෙත්, සොල්දාදුවෙක් මවත් දියනියත් දෙදෙනාම සමග ලිංගිකව එක්වීම, චිත්‍රපටයේ අන්තර්ගතව ඇති නිසයි. එහෙම දේවල් මේ රටේ වෙන්නෙම නෑනේ. බොහොම අපූරූ ළිපියක් ලියලා තියෙනවා හඳයා. පුළුවන්නම් රාවය පත්තරේ හොයාගෙන බලන්න. හමුවුනොත් මම මෙතන ලින්ක් එකක් දාන්නම්.

      Delete
    5. නිර්මලා... මෙන්න ඒ මම කියපු හඳයගෙ ළිපිය..

      http://www.lankaday.com/2013/07/blog-post_21.html

      Delete
  18. අක්ෂරේට වුනා වගේ ඕකෙත් කොපියක් ළඟදීම එයි නේද

    ReplyDelete
    Replies
    1. දැන්ම එන එකක් නෑ. කොහොම හරි හෝල් වලට දාන්න ට්‍රයි එකක් දෙයි. හැබයි ආරංචි මාරග නම් කියන්නේ. වැඩේ ලෙසි වෙන එකක් නෑ කියලා. එහෙම උනොත් ජාලෙන් බලන්න ඇහැක් වෙයි.

      Delete
  19. I don't like banning a movie either. But I have a rant (not necessarily a complaint)
    Whenever a movie from SL gets international recognition that movie has to portray a war torn, poor country. I'm not saying there no truth to it. There are parts of SL like that. Think of what comes to your mind when I mention the word 'Ethiopia'. The first mental picture you get is a dry climate with malnourished people. That's because those are the only representations we see on those countries. In westerners mind when we mention SL the first image that comes to their mind is a poor, war-torn country. That's why movie that displays on that part of the country gets international recognition (not because of any big NGO conspiracies, but because that's peoples mindset)
    Movie like this (flying fish, sulanga enu pinisa) just helps to make this image stronger. In film festivals western countries(france, italy) can win awards for romantic or thriller movies. But if it's coming from south asia, africa, etc... it has to be about suffering people, as if that's the only fact of life in these regions.

    ReplyDelete
    Replies
    1. හැබයි සහෝ ඒක තමයි අපේ රටේ යතාර්තය. ඔය කොන්ක්‍රීට් පුරෙන් පොඩ්ඩක් එහාට ගියාම. තාමත් මිනිස්සු ජීවත් වෙන්නේ සෙල්ලම් ගෙවල් වල වගේ ගෙවල් වල. කන්න නෑ අඳින්න නෑ, බොන්න පිරිසිඳු වතුර ටිකක් නෑ. බත් ටික හදාගන්න මෙතුවක් කල් දීපූ පෝර ටිකත් නෑ. එකම දේ අපේ රජ කාළේ ඉඳලා තියෙන ලිහිල් ලිංගික චරියාවන් විතරයි. කැළණිය කියන්නේ කොළඹින් මහ දුරක් නෙමෙයි. ඒත් අපි පොඩි කාළේ කැළණියේ තත්වෙත් ඕකමයි. ඒක තමයි මහ පොළොවේ යථාර්තය. සුදුත් නෑ, කළුත් නෑ අළුත් නෑ...... දුඹුරු පාටයි.. කොටින්ම කියනවනම් කිලිටි පාටයි.. හැබයි සර්ෆ් එක්සෙල් වලින් නම් යවන්න බෑ..

      Delete
  20. සංජීවට පිළිතුරු ලිපියක්:

    තොට පිස්සුද යකෝ!

    ReplyDelete
  21. පට්ටම නිර්මාණශීලීය.

    ReplyDelete
    Replies
    1. පට්ටම පට්ට කොමන්ටුවක්. දෙන්න බලන්න මල්ලිලා එකෙන්ම ශප් එකක් මෙයාට.

      Delete
    2. බොහොම ස්තූතියි... ඒත් නැවත් ලිවිය යුතු තරම් කරුණු මග හැරුනා...

      Delete
  22. එතකොට පියාමැස්සා තහනම සංජීව කාරයගෙයි...යකඩ (කාපු ) යකාගෙයි පැලෑනක්...පබ්ලිසිටි ස්ටන්ට් එකක් ! මාර සීන් කෝන් එක නෙව.

    ReplyDelete
    Replies
    1. මාතලන්ම ඉන්න ඕන.. ඕවා උඹලත් දැන ගන්න..

      Delete
  23. සිනමාවේ සර්කස් කායෝ ඉන්නව නේද?
    තනි තටුවෙන් පියාඹනවා, මාලු ඉගිලෙනවා.

    ReplyDelete
  24. මොකට ෆිල්ම් බලනවද අතින් වියදම් කරාගන. යකේ මේවනේ ෆිල්ම්, බලෙන්ම නොමිලෙ පෙන්නනවත් එක්ක. අනික අතිවිශිෂ්ඨ රඟපෑම්. මුංට සම්මානයක් දෙන්න එකෙක් නැති උනානේ.

    ReplyDelete
    Replies
    1. කවද හරි ජනතාවම දෙයි සම්මානේ..

      Delete
  25. අනිත් එව්වා වගේ මේක නම් එලියට පනින් නැති පාටයි
    දැනටමත් හදල අවුරුදු 2ක 3ක්..................

    ReplyDelete
    Replies
    1. හතරක් කියලයි මට නම් ආරංචි උනේ..

      Delete
  26. සිංහල බෞධයා blog එකේ "පියාඹන මාළුවෝ චිත්‍රපටියේ කෙටි පටය දාල තියෙනවා.(හරියට වටහා ගන්න ඕන නිසා මම ඒක කිහිප වරක්ම බැලුව) මේ චිත්‍රපටය ගැන ලිපි ලියන්නයි comments පල කරන්නයි ඉස්සර වෙලා මුලින්ම කවුරු කව්රුත් අඩු තරමේ ඒක බලල හිටියොත් හොඳයි නේද? නැත්නම් මේ කතා වලට ෂුවර් එකටම අලියා අතින් අල්ලලා අලියා ගැන කියපු අන්ධයෝ නම් ටික ප‍රාද වේවි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ලිපිය ලියන්න පරක්කු උනෙත්, ඒ ගැන දැණුවත් විය යුතු නිසා. තහනම් වෙන්න හේතුවත් හොයාගත්තා. නමුත් ඒක චිත්‍රපටය තහනම් කරන්න හේතුවක් නෙමෙයි. ඒත් අනිත් අයට බලාගන්න ලින්ක් එකක් දැම්මොත් හොඳයි නේද?

      මෙන්න නියම හේතුව...

      http://aswanna.blogspot.com/2013/07/fling-fish.html?showComment=1374164429254#c2354062150758979072

      Delete
    2. මාතලන් ,
      මෙන්න තියෙනවා සිංහල බෞධයා link එක
      http://sinhalabuddhist.com/2013/07/flying-fish-movie/
      එකත් බලලම ඉන්නකෝ.

      Delete
    3. බොහොම ස්තූතියි. ත්‍රස්තවාදීන් මොක්කුද කියලා ළිපියෙන්ම පේනවා. ට්‍රේලර් එකනම් යූ ටියුබ් එකෙත් තියෙනව. සිද්ධාර්ථ ෆිල්ම් එක බැලුවද? මේ බ්ලොග් ලියන උපාසක මහත්තයත් එක්ක ගිහින් ඒක බලන්න. සිද්ධාර්ථ නොමරා මරනවා මේ කියන විදියට නම්. තව ටික කාලේකින්. සෝමතිලක් ජහමහගේගේ "මා පෙම්කල ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා..." කියන ගීතයත් තහනම් කරයි. සෝමේ මහ ජරා කතාවක්නේ කියන්නේ. බුදු හාමුදුරුවන්ගේ කනට ගහනවා වගේනේ....

      දැන් එතකොට මූ මේ ඔක්කෝම ලියන්නේ ට්‍රේලර් එක බලලා. එයාට කියන්න මෙන්න මෙව්වත් කියවන්නෙයි කියලා..

      http://www.lankaday.com/2013/07/blog-post_8668.html

      http://www.medaperadiga.com/index.php/news/5100-2013-07-20-03-38-12.html

      http://www.hotandfastnews.com/2013/07/blog-post_7996.html

      Delete
  27. හරි,දැන් තහනම් කරන්න ඕකෙ මක්කයි තියෙනවයි කියන්නේ

    ReplyDelete
    Replies
    1. ආමී කාරයෙක් සැක්ස් කරනවලු. උන් එහෙම කරන්නේ නෑ නේ. තුවක්කුවෙන් වෙඩි තියනවා විතරලු, ඒත් කොක්කු වෙඩි තියන්නේ නෑලු..

      Delete
  28. කහනගමයා පිට කහන්න ඔස්කා යනවයි කියන්නේ මොකද// එහෙම ආරංචියක් තියේද්..

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්නම් උඔ උගේ පිට කසන්නද?

      Delete
    2. කහනගමගේ කියන්නේ. පොඩි කොම්පැණියක්. ඒ කියන්නේ ඔය ලේබර් සප්ලයි කොම්පැනි වගේ. ගල් භාගයයි, පන්සීයයි, කුඩු පැකට් එකයි. උඹලගෙත් මක්කා හරි මාකට් කර ගන්න තියෙනවනම් කියපන්. පොලීසියෙන් කිසි අවුලක් නෑ. අරලිය ගහ මන්දිරේ ගාවටම උනත් යන්න ඇහැකි.

      Delete
  29. මාතලන් අයියණ්ඩි මේ ලියුම යටින් සංජීව කියල දාපු එක ඒ අහිංසකයට බඩු වෙන්න හොඳටම ඇති... :(

    ReplyDelete
    Replies
    1. තව මොනවා බඩු වෙන්නද මල්ලි. ආවොත් අර පුත්තලමේ අරුන්දික මැතිතුමාට කියලා තමයි හොයා ගන්න වෙන්නේ.

      Delete
  30. දැං මෙතන චිත්‍රපටි හතරක් පහක් තියෙනව ව‍ගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, උඹේ profile නමටත් භාෂා 03 කින්ම අකුරු use கரடா (කරලා) තියෙන්නේ.

      Delete
    2. ඔව්නේ..
      මඩලියගොඩගේ - ඇඹරෙන හාල්පාරුවෝ,
      මිලින්ද කහනගමගේගේ - කුඩුකාරයෝ
      බලගල්ලෙගේ - අන්ධ භූත ජාතකේ

      Delete
  31. Censors tend to do what only psychotics do: they confuse reality with illusion.
    David Cronenberg
    මා ඉහත උපුටා දැක්වුයේ ලංකාවේ නොව මහා ලොකුවට ප්‍රකාශන නිදහස ගැන කයිවාරුගහන කැනඩාවේ රජය 2008 දී එරට චිත්‍රපට වාරණ කිරීමට පනතක් ගේන ආ අවස්ථාවේ ඩේවිඩ් ක්‍රෝනන්බර්ග් මෙවැනි වාරණ කිරීම් සයිකෝසියාව නම් මානසික රෝගයෙන් පෙලෙන්නන් ගේ වැඩ බව පහදා දිමට කියන ලද්දයි. සයිකෝසික පිස්සන් යතාර්ථය සහ මායාව අතර වෙනස නොහඳුනයි. පිස්සන් ලංකාවේ ඉස්පිරිතාලවල වෙනුවට එළියේ ඉදියි. කලකට පෙර ඔවුන් හිටියේ මහා පාරේ අවිදිමින්ය. දැන් ඉහල පුටුවල වාරණ මණ්ඩල වල සයිකෝසිකයන් වාඩි වී ඇත.ඉතින් තිරය මත ඇත්තේ යථාර්තය නොව මායාව ප්‍රබන්ධය බව ඔවුන් නොදනී.

    ReplyDelete
    Replies
    1. PS/ මෙම චිත්‍රපටිය තහනම් කිරීමට පාදක වූ නියම හේතුව ඇත්තටම වෙනත් දෙයක් බව මාතලන් පෙන්වා දී ඇති මෙම කොමෙන්ටුව මා දුටුවේ මගේ ඉහත අදහස දමා අවසන් වූ පසුවය.
      දැන් බලන විට තත්වය වඩාත් සංකීර්ණය. එබැවින් ඉහත අදහසට ඌනපූර්ණයක් එකතු කල යුතුය. ලංකාවේදී බලය ඇති අය පුද්ගලික පලිගැනීම් සඳහා රාජ්‍ය බලය යොදාගැනීමේදී ලකාවේ දේශප්‍රේමී බල සේනා සෙට් එක යථාර්තය සහ මායාව අතර වෙනස නොදන්නා සයිකෝසික මානසික රෝගීන් පිරිසක් බව බලය ඇත්තන් අනුභූතියයෙන් දනී. ඒ නිසා ඕනෑ දෙයක් කියා මායාව යථාර්තය බව මුන්ට කියා මුන් උසිගන්වා අන්දවා තමන්ගේ පුද්ගලික පලිහැනීම් යුක්තිසහගත භාවයක් ලබා දෙයි.

      Delete
    2. කෙටියෙන් කියනවනම්, කඩේ යාම හැර වෙන කිසිවක් කළ නොහැක.

      Delete
  32. අඩේ මම ලංකාවේ නෙවෙද ඉන්නේ? මෙහෙම චිත්‍ර පටියක් ගැන ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. උඹ නෙමෙයි බං අපි ඇහුවෙත් මේ සත්තරන් මහත්තුරුන්ට පින් සිද්ද වෙන්න..

      Delete
  33. හමුදා නිල ඇඳුම පූජනීය වස්තුවක් නොවේ.අනිත් අතට හමුදා සාමාජිකයන් යනු රහත් ඵලයට පත් වුවන් නොව හොඳින් කන,බොන ගහන පිරිසකි.මේ ඇත්ත ෆිල්ම් එකක තිබීමේ වරද කුමක්ද?

    ReplyDelete
    Replies
    1. පිස්සු එයාලට නගින්නෙවත් නෑලූ. ඒකනේ මේ නොකියා කියන්නේ..

      Delete
  34. ඇයි බං මාතලන් මක්කටැයි මාළු ඉගිලෙන්නේ. ඉගිල්ලෙන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද

    ReplyDelete
    Replies
    1. කුරුල්ලන්ට පියාඹන්න බැරි නිසා.
      Some birds can't fly – (අහස අහිමි කුරුල්ලෝ) එකෙ වැඩිහිටි වර්ශන් එක
      Flying Fish - පියාඹන මාළුවෝ

      Delete
    2. මොකෑ නැත්තේ. ඇයි ඔය ඉන්නේ... ඉබ්බෝ.. නිකං ඉබ්බෝ නෙමෙයි..

      ගල් ඉබ්බෝ..

      හිතුනොත් මම හදනවා ඒ නමින් සෝ එකක්.

      Delete
  35. රටට වටින සිනමා කරුවන්ට වෙන දේ?
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. මොනවා වෙන්නද... ඌ ගොඩනේ... ඌ පොරක් කලා.. ආන්ඩුව..

      Delete
  36. මේ ඉරණමම අත්වුණා විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස චිත්‍රපටියට, ලින්ටන් සේමගේ ගේ "නිල්" කියන චිත්‍රපටියටත් මේකවෙයි ලංකාවේ පෙන්නන්න ගියොත්. කොහොමත් මේ තහනම් වීම කවදාහරි චිත්‍රපටියට වාසියක් මිස අවාසියක්නම් නොවෙයි කවදාවත්.

    ReplyDelete
    Replies
    1. ලින්ටන්ට නම් අවුලක් වෙන එකක් නෑ. එයා කඩේ යන කස්ටියත් එක්ක මාකටිං කරන එක්කෙනෙක් නිසා...

      Delete
  37. ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ?
    http://www.youtube.com/watch?v=SkkSgXWK42k

    ReplyDelete
    Replies
    1. අන්න සෝ බලනවනම් බලන්න...

      Delete
  38. මාතලන් මේ චිත්‍රපටය වෙනුවෙන් ලියැවුණු ලිපි ගණනාවක්ම කියවන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම අපේ නිර්මාණ කරුවන්ගේ ඉරණම ගැන දුකයි. මේ ගැටලුව ඔබ නිර්මාණාත්මකව වෙනත් කෝණයකින් කියා ඇති අයුරුත් කදිමයි. මේ ගැන දයාගේ ලිපිය හිතට වැදුණා තදටම.

    ReplyDelete
    Replies
    1. මමත් ලිව්වේ දයාගේ ළිපිය නිසා...

      Delete
  39. අඩෝ මාලු ඉගිලෙන ඒවට මොකෝ දන්කොටුවේ සුගන්ධිකව ගෑ උනේ,,එයා උදාරි එක්ක අලුත් පිලුම් එකක් කරන්න ඉන්නේ

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් පර්සනල් කේස් නේ.. අපිට ඒවා අදාල නෑ. දෙන්නා කැමති නම් එච්චරයි...

      Delete
  40. තව දෙක තුනක් දැම්මා.නෙත ගැටී නැති බව සිතේ.වැරදි තැනද දැම්මේ මන්දා.

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. ඈඩොවු මෙහෙ ඈවිල්ල උබලට ඔන ඔන විදියල බයොයිස්කොප් ගහන්න බෑ හරිය.මෙහෙ පුලුවන් ලමයි ගෑනයි පට්ට ආතල් එකෙ ඉන්න එවුන්ගෙ ලවු ගෑනයි මහා වන්සෙන් මොනව හරියි විතරයි හරිය,තව ඔන නම් ලොඩ් බුද්ද ගෙ හරි ජතක කතවක් හරි අරගෙන පොඩි ආතල් එකක් දුන්නට කමක් නෙ.අනිත්ව බෑ හරිය.මෙක අවිල්ල සොවාන් වෙච්ච මිනිස්සු ඉන්න රටක් හරිය.උන්ව නරක්කරන්න අවොත් අම්මට මෙවුව කරනව හරිය

    ReplyDelete
    Replies
    1. අපි අහිංසකයි රටක් වටියි අයියා...

      Delete
  43. මේක බලලා නැති නිසා මුකුත් කියන්න බෑනෙ අප්පා. ඒත් ලියලා තියෙන ලිපිය නම් මරු. ඇත්තම කතාව මේක වෙන්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් කියන්න බෑ. අබුද්දස්ස කාළේ නේ..

      Delete
  44. විමුක්ති කියන එකා කියල වැඩක්ම නැති එකෙක්..
    සනත් අබේසේකර ,ජැක්සොන් ඇන්තනි ,වගේ හොර හාල් පරුවොත් ඉන්නවා කැමරා කරන එකාගෙනුයි ,ඇස්සිස්ටන්ට් ඩිරෙක්ටරයාගේ සහ කෘ එකේ කොල්ලොන්ගෙනුයි ගොඩ එන ,හැබැයි උන් මුන් වගේ එන් ,ජි ,ඕ වල ඩොලර් වලට අපේ රට පාවල දුන්නේ නැහැ ..ඕකයි ඇත්ත...
    සතේ අතේ නැතුව වේලි වේලී හිටපු ඔය සංජිවල ,විමුක්ති වගේ අපතයෝ පොරවල් වෙන්නේ ....එකපාරටම එන් ,ජි ,ඕ වල ඩොලර් පිහිටෙන් , ඉතින් අපේ රටේ මාධ්‍ය නිදහස නැහැ කියල තව හැත්තක් වියාපාරේට බහිනවා උන්ට ඩොලර් එන්නේ බෝර්ඩ් උස්සපු තරමට ,රටට හෙණ ගැහුවත් කමක් නැහැ ...ඔය එකකට එකක් ,එකෙකුට එකෙක් හොරු, ඔය රොත්තම සල්ලි හොයන්නේ ඔය වගේ බලු වැඩ වලින්.පුලුවන්නම් දන්නා මගේ මේ ඇත්ත කථාව ..මොකොද මම මුන් සේරම ගැන ඔබ සේරටම වැඩ හොඳින් දන්නා කෙනෙක් ...ලෝකේ කිසිම රටක නිදහස කියල එයාලගේ රටට හානිකර ,හමුදාවන්ට ගරහන කිසිම දෙයක් මේ වගේ කරන්න දෙන්නේ නැහැ ..දන්නේ නැති හින්ද අහන්නේ දැන් සංජිව පුෂ්පකුමාර ,විමුක්ති ජයසුන්දර කියන්න පොරවල්ද ..??? අනේ හුකේ නං නානේ ... කිව්වලු

    ReplyDelete
    Replies
    1. අපිට නම් ඔය එකෙක්වත් පොරවල් නෙමෙයි. ඔහේ උඩදාන පොරවල්, වැලිවේරීයෙදී ඉගිල්ලෙන මාළුවෝ පෙන්නුවානේ, තව මොන කතාද. අනේ හුකේ... නන්නානේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න