.

.

Aug 2, 2013

රතුපස්වලට අමා වතුර - Blood aginst Water


කොටියාට කෙල උනේ, මාවිල්ආරූ වල සෙල්ලම් දාන්න ගිහිල්ලාය. ඒ කියන්නේ මිනිසුන්ට අත්‍යාවශ්‍ය වතුර ලබා ගන්න බැරි වෙන්න, මාවිල්ආරූ වෙල්ල වහපු එකය. වතුර මිනිසුන්ට ඒ තරම් වටිනවාය. ගොවිතැනෙන් වැඩි පිරිසක් ජීව්ත් වන රටක, ගොවිතැනටත් වතුර අත්‍යාවශ්‍යමය. පානයට නම් බෝතල් ජලය හෝ පානය කල හැක. ඒහෙත් නෑමට, ඇඳුම් සෝදාගැනීමට. මෙන්ම අපේ උන්ට, සුද්දා කොල කෑල්ලෙන් පිහිනවා වාගෙ නොව, කක්කා කර, පුක හෝදාගැනීමටත් වතුර බාල්දියක් විතර ඕනාය.

කොටින්ම ජලය නොමැතිව ජීවීතයක් තියා, මේ ලෝකයවත් නැතයි කියා විජ්ජාවේ උගන්නන්නේ, බොහොම පොඩි ක්ලෑසී වලදීය. රතුපස්වල ජනතාව, අඩු මිලට බඩු ඉල්ලුවේ නැතිය, 13 අහෝසි කරන්න කීවේත් නැතිය. මහ ඇමතිවරු මිනී මරණවා, උන් අල්ලා කූඩූවේ දාන්න කිව්වේත් නැතිය. පලාත් සභාවේ බල්ලෝ, ගුරුවරු දනගස්සනවා, බස් ඩයිවර්ලාට ගහනවා, උන්ව අල්ලලා මරලා දාන්න කීවේ නැතිය. හලාල් එපා කිව්වේත් නැතිය. ගව ඝාතනය වලක්වන්න කිව්වේත් නැතිය. බුද්ධගයාව අපට දෙන්න යයි කීවේත් නැතිය.

ඒ අහිංසක ජනතාව ඉල්ලා සිටියේ. අපේ බොන වතුරට වහ එක් කරන උන්, එලවා දමන්න කියලා විතරය. එහෙම වහන්නෙයි කීවාට, 600 දෙනෙකු සේවය කරන කර්මාණ්තශාලාවක් එකවර වසා දැමිය නොහැකිය. එසේනම් කළ යුත්තේ කුමක්ද? සිඳුවී ඇත්තේ කුමක්දැයි කියා සොයා බැලීමය. මුලින්ම එය ග්‍රාමසේවකගේ යුතු කමය. ඊළඟට පොලීසිය, ප්‍රදේශයේ දේශපාලඥයින්, විපක්ෂ දේශපාළඥයින්, පරිසර සංවිධාන, අරවා මේවා නහුතයක් වන අයගේ මැදිහත් වීමක් ලබා ගැනීමය. එහෙත් ඒ එකෙකුටවත් මේවා සුළු දේවල්ය.

රටටම බලපාන පරිසර ඇමතියෙක් ඉන්නේය. ඒ යකා ඡන්ද ලයිසිතුවක්වත් හදා ගන්න බැරි, යන යන අමාත්‍යශය නැති භංගස්තාන කරනා, නොම්මර එකේ කාළකන්නියෙක්ය. පලාත් සභා අහෝසී කරන්නෙයි කියා, පවුල් පිටින් එක්කහු වෙලා, පලාත් සභාවෙන්ම කන, පලාත් සභා පරිසර ඇමතියෙක්ද ඉන්නවාය. ඌ අවුරුද්දකට සැරයක් හුළු අතු වගයක් පත්තුකරගෙන, මිහිකත දිනේද මොකක්ද කියා, උගෙ අම්මගේ තොවිලයක් නටනවාය.

පරිසරය ගැන කතා කරන පරිසර සංවිදානයි, පරිසරවෙදීයෝයි කියා ගන්නා, කාලකන්නීන් පිරිසක්ද සිටිනවාය. අඩු ගානේ නඩුවක් දාන්නවත්, මේ මෙනිසුන්ට නීතීය කුමක්දැයි කියා දෙන්නවත්. මහ ළොකු සිවිල් සංවිධාන කියනා කාළකන්නියෝ එකෙක්වත් නැත. හරක් මරණෝ කියා ගිනි තියාගන්න උන්ගේ සංවිධානවල එකෙක්වත් නැත්තෝය, උන්ට, මිනිස් ජීවීත, හරක් ජීවීත තරම් වටින්නේ නැතුවා වෙන්න පුළුවන්ය.

අවසානයේ ගම් නියම් ගම් පිටින්, අත දරුවාගේ සිට වයස්ගත මහල්ලා දක්වා පාරට බැස්සේය. ඒ මේ කිසිම කෙනෙකුගේ පිහිටක් නොමැති නිසාය. ආවේ හොඳට නරකට දෙකටම සිටින ආචාරියා පමණි. ආන්ඩුවේ බලවතුන් වන, බැසිල් මහත්තයාත් නැතිය, සරණ ගුණවර්ධනත් නැතිය. පබාත් නැතිය, කරුවල ජයසූරියත් නැතිය, ජෝන් අමරතුංගත් නැතිය, ඒ තියා ජෙප්පෙක්වත් නැතිය.

සාමකාමි ලෙස උද්ඝෝෂණය කළ, සාමකාමී ජනතාව, සාමකාමීව විසුරුවා හැරීමට තිබිනි. මෙතක් කල් හමුදාව එම ක්‍රියාදාමය ඉතා පැසසුම් ආකාරයට ඉටු කර තිබුනේය. ඒ උනාට හැමදාම එන්නේ එක වගේ උන් නෙමේය. වෙඩි තබා ඝාතනය කිරීමට පෙර, කඳුළු ගෑස් ප්‍රහාර. ජල ප්‍රහාර එල්ල කල හැකිව තිබිනි. ජීව උන්ඩ වෙනුවට රබර් උන්ඩ යොදා ගැනීමට තිබිනි. ඒ කිසිවක් නොකර මිනිසුන් මරා දැමීම, පට්ට ආතල් එකක් කියා සිතනවානම්, අපට කිව හැක්කේ, මේ තරම් ගොන් කම් තවත් නැතයි කියාය.


මිනිසුන් මරා දමා, ප්‍රශ්ණ විසඳනවානම්, නීතීය, ව්‍යවස්ථාධායක, විධායක වලින් ඇති පලක් නැත. කළ යුත්තේ ප්‍රශ්න වලට වසඳුම් ලබා දීමය. රතුපස්වල ඒකම කුඹුරක්වත් වගා කළ නොහැකි ලෙස පුරන් වෙලාය. පිලිකාවලින් මිය ගිය ගනනද විශාලය, ජලය බීමට තබා අත පය සේදීමටවත් භාවිතා කළ නොහැක. ඒ වෙනවට ලබා දෙන පානීය ජලයද ප්‍රමිතියකින් තොරය. මේය අද ඊයේ දෙයක් නොවේ අවුරුදු ගනනාවක ප්‍රශ්නයකි. මේ ගැටළුව මෙන්ම නූරී වත්තේ ඛේදවාචකයද අවුරුදු ගනනක් පුරා පවතින ගැටළුය. ඒවා මේ වන තෙක් එළි නොවීමේ වගකීමක් ජනමාධ්‍ය වලටද ඇත.

හැම ප්‍රශ්ණයක් විසඳන්නම, ආරක්ෂක ලේඛම් හෝ ජනාධිපති මැදිහත් විය යුතුනම්. මේ කාළකන්නි ඇමතිවරු, අමාත්‍යංශ හා නිළධාරින්ගෙන් ඇති වැඩක් නැත. පලාත් සභා වලින්ද ඇති වැඩක් නැත. ප්‍රාදේශීය සභා හෝ ග්‍රාමසේවකයාගෙන්ද ඇති වැඩක් නැත. ජනතාව පාලණය කළ නොහැකි පොලිසියෙන්ද වැඩක් නැත.

ඒ නිසා අයවැය යෝජනා ඉල්ලා සිටින මේ කාළය අපට කීමට ඇත්තේ. මේ හැට හුටාමාරක් ඇමති මන්ඩල විසුරුවා හැර, ජනාධිපති තුමා, හමුදාවේ සහය ඇතුව රට පාළණය කරණා මෙන්ය. ඔය ඉන්නා කාළකන්නි ටික එලෙව්වාට පසු, ඉතිරිවන මුදලින්, ජනතාවට සහන මිළට කන බොන දේ දීලා. යහතින් රාජ්‍ය පාළණය ගෙන යන ලෙසය.

199 comments:

  1. දැන් කියනවා නේද වෙනත් කට්ටියකගෙ කඩාකප්පල් වැඩක් කියල.

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කියන්නද? තුවක්කු අරගෙන එන වෙන කඩාකප්පල් කාරයෝ?????

      Delete
    2. කසමු... කසමු..

      Delete
    3. මම උඹට කියුවා ආතල් විතරයි කියලා අපිට ඕනි....කොහොමත් අන්තිම යෝජනාවෙනම් පට්ට ක්‍රියේටිව් බවක් තියෙනවා.......

      පි. ක. ඇනෝ

      Delete
    4. සන්නද්ධ උද්ඝෝෂකයින් තමන්ටම වෙඩි තියා ගන්න ඇති!
      උද්ඝෝෂක කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් නිසා වුණු දෙයක් ද මන්දා?

      Delete
    5. කකා, රජතුන් කට්ටුව අද උඩින්ම සෙට් වෙන්න හැදුවෙ.... උඹ කෑවනෙ වැඩේ....

      Delete
    6. MEKA BATAHIRA ADHI RAJJA WADI KUMANTHRANAYK.

      Delete
    7. ඇත්ත මිනිස්සුන්ගෙන් හංගන්න බෑ.. දැන් ප්‍රබන්ධ ගොතනවා, අර සංවේදී පත්තර කාරයා. රෑට නින්ද යන්නෙ නැති නිසා, "මම මේ වෙඩි තැබීම සාධරණිකරනය කරනවා නෙමෙයි, එහෙම වරදවා වටහා ගන්න එපා.." කියලත් කියනවා. ඊට වඩා ලස්සනයි ඔළුවෙන් හිටගෙන පුක ගාවට මයික් අල්ලලා මාධ්‍ය සාකඡ්චා තියනවනම්.

      Delete
  2. කෝ අපේ ගම්පහ විශේෂ නියෝජිත ම. රා. පු. දෙ. මාරයා....

    ReplyDelete
    Replies
    1. වෙඩි කෑවද දන්නේ නෑ..

      Delete
    2. puka deela maru wenna athi......

      Delete
  3. මාතලන්,
    මිත්‍රයා මම බොහොම හිතේ අමරුවෙන් මේ ලියන්නෙ. මගේ ජීවිත කාලෙට මම බොහොම මිනීමැරුම් දැක්ක. 1971 මට මතක යාන්තම් ඡායාවක් වගේ. නමුත් 88/89 මගේ ජීවිත අත්දැකීම් මම කෙදිනක හෝ ලියනවා. තව කාලෙකින්. ඊට පස්සේ දෙමළ ජනතාවගේ සහ සිංහල ජාතික මිනීමැරුම් මම දැක්කා. මම හිතුවා 2009 මේවා ඉවරයි කියලා. හැබැයි මම කිරිබත් ඉව්වෙ නැහැ. මට ඒකට හිත හදාගන්න අමාරු වුනා. මගේ ප්‍රාණ සම මිතුරෝ විශාල ගණනක් මගේ ඉදිරියේම මැරුණ එක මතක තියනකම් මට එහෙම කිරිබත් උයන්න බැහැ.

    දැන් මේ ආයිත්, මම හිතන්නේ අපි හරිම අවාසනාවන්තයි. ඉන්දියාවේගාන්ධිල, නේරුල එක්ක කළ දේ අපේ කරන්න හිටිය අනගාරික ධර්මපාල, ජයතිලක ශූරීන් එතකොට 1950 දශකයේ ශ්‍රී නිශ්ශංකලට කරපු දේ අපිට දැන් පඩිසන් දෙන්න වෙලා.

    මම දැන් ආත්මාර්ථකාමීයි. මගේ එකම අරමුණ මගේ දරුවා මේ ව්‍යසනයෙන් බේරා ගැනීම විතරයි. තව වසර 05 ගෙවාගන්න බැරි වෙන එකක් නැහැ. තත්ත්වය දරුණුම වුනොත් සියල්ල අමතක කරනවා. සියල්ල, එක මොහොතින් සියල්ල.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට මමත්.... මොකෝ විකල්පයක් පේන මානෙක නෑ...

      Delete
    2. විකල්ප . . . පේන මානෙක තියා හිතන්න පුලුවං මානෙකවත් නෑ
      මමත් අනාගත සැලසුම් ටිකෙන් ටික වෙනස් කරමින් ඉන්නව

      Delete
    3. අපෙ ඇල්කෙමි සහෝදරය ඕකෙ අනිත් පැත්තනෙ කොලේ.

      Delete
    4. ඔය කරන විකල්ප අපිටත් පොඩියක් වගේ මේල් කරොත් හොදා.මොකද අපිටත් ඉතින්..............පිහිටම තමා

      Delete
    5. මොලේ තියන එවුන් බෝට්ටුවේ හරි රට යන්නේ ඕකනේ ...

      Delete
  4. ඔබ ඔය අන්තිමට කියල තියන ටික කරල,චන්දත් නොතිය හිටිය නම් ඒ ඉතිරි වන මුදල් වලින් ජනතාවට දෙයියනේ කියල කාල/බිලා ඉන්න ඇහැකි.
    අනිත් එක ඇමතියො කට්ටිය නැති නිසා පවුලෙ කට්ටියගෙ ආර්ථිකයත් තව ඉහල නගිනව.ගැහිලි සේරම පවුලෙ උදවිය පමනක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක ඉවසන්න පුළුවන්. මේ සත පහකට වැඩක් නැති මූසලයොත් නිකං කන එක නේ ඉවසන්න බැරි..

      Delete
  5. Anthima yojanaawata matath ekanga wiya haka.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ පෙළපාලිය දවසට එන්න... මතක ඇතුව..

      Delete
  6. රතුපස්වලවල් තව කීයක් මේ රටේ ඇත්ද?

    ReplyDelete
    Replies
    1. කොට්ටාවෙ තියනවා.... බියගම තියනවා...

      Delete
    2. එහෙම තියෙන නිසා වෙන්න ඇති. මෙතනින්ම නවත්තන්න බලන්නේ.. අදත් වැලිවේරිය පුදුමාතලන් වගේ..

      Delete
    3. දංඕවිටත් තියනවා(ලලාන් රබර්)

      Delete
  7. දුටු දේ නොදුටු ලෙස ජිවත් වන රටක කවර නැග්මක්ද ...... :/

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බොහෝ දෙනෙක්ගේ ඇස් ඇරුනා.. මේක ආන්ඩු විරෝධි දෙයක් නොවෙයිනෙ.. බොන්න වතුර ඉල්ලනවා විතරයි..

      Delete
    2. මමනම් හිතන්නේ නෑ මාතලන් “බොහෝ දෙනෙකුගෙ“ ඇස් ඇරුණා කියලා. මේක කීප දෙනෙකුට තේරුණාට ගම්පහ බුද්ධිමත් ජනතාවගෙන්ම 80%ක් විතර අරුන්ලෙණු කාල ඇත්තේ දැනටම.
      තව දෙයක් හමුදා ප්‍රකාශක තැන කිව්වලු උද්ගෝෂණය කරපු උන් පෙට්‍රල් බෝම්බ ගෙනත් තිබුණා කියලා. මුන් බොරුවක්වත් හරිට ගොතාගන්න බැරිව සුරංගනා කථා කියනවා අප්පා..

      Delete
    3. ඇස් ඇරෙනවානම් මෙලාකට ඇරිලා....කොයිතරම් නම් 'ඇස් ඇරෙන' දේවල් මෑත කාලයේ සිද්ධ උනාද? ඇස් ඇරෙනවා...ඒ මොහොතින්ම ආයෙමත් සුරංගනා කතාවකින් නිද්‍රාවට වැටෙනවා... ඔය චක්‍රය තමයි හැමදාම සිද්ධ වෙන්නේ. වගකිව යුත්තොත් නිදි වදිනකොට ආයෙමත් මොන කතාද...
      මම දන්න කෙනෙක් අවුරුදු ගානක් ගමේ තියෙන පරිසර දූෂණය කරන ෆැක්ටරි එකකට විරුද්ධව නඩු කිව්වා...ගමේ අයත් සපෝට් කල. අන්තිමේදී ෆැකටරි අයිතිකාරයා ගැන්සියක් දාලා මෑන්ව ඉස්සුවා...උස්සලා තගක් දාලා...අන්තිමට පොරට ගම අතැඑරලා යන්න උනා..ගමේ එවුන් සද්දේ වලා ඉන්නවා දැන්...දැන් රටත් අතෑරලා යන්නයි ලෑස්තිය..මෑන් හොඳ මොළයක්...කවුරුත් දන්න පාවිච්චි කරන භාණ්ඩයක් නිර්මාණය කරපු කෙනෙක්.. ඔන්න සිරි ලන්කාවේ හැටි....

      Delete
    4. එහෙම පරිසර දූෂණය කරණවයි කියලා නඩු දාලා වැඩක් නෑ. මිනිස්සුන්ට දැනෙ දැනෙන්නම ඕන. එතකොට කවුරුත් පෙළබවන්න ඕන නෑ. අනික තනියෙන් ෆයිට් කරලා දිනන්න බෑ කවදාවත්. ඒක මෝඩ වැඩක්.

      Delete
  8. අම්මාපල්ලා පොස්ට් එකෙන් තුන්කාලක් විතර කියවගෙන එද්දී මටත් හිතුනා කොමෙන්ට් එකට ඔය යෝජනාවම දන්න ඕනා කියලා ..... එකත් උබම කියල වැඩේ සම්පුර්ණකරලම තියෙනවා ....... දැන් බලමු ඕක කොහොමද ක්‍රියාත්මක කරවන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම එකතුවෙලා ඒ ඉල්ලීම කලා නම් හරි..

      Delete
  9. ආරක්ෂක ලේකම්ගේ මැදිහත් වීමේ ප්‍රතිපල තමයි මාතලන් මේ, වෙදමහත්තයා කියනදේමයි කියන්න හිතෙන්නේ, අද හරිම කාලකන්ණි විදිහේ සිතුවිල එක්ක ගෙවෙන දවසක්.
    එත් හෙට
    මෙතනට යනවා ජනපති මිහින් මැතිදුන්
    බටර් පාට දිග කලිසමක් හා අත කොට ෂර්ට් එකක් ඇඳගෙන කුරහන් සාටකේ ඔතාගෙන බේල්ල වටේ.
    බලනවා මහා සංවේගයක් ඇස් වල තියාගෙන , කඳුළු පිරිදෙනෙතින් මියගිය මිනිසුන් දෙස , ඔලුව අතගානවා හඬන බිරින්දෑවරුන්ගේ හා අම්මාවරුන්ගේ. වඩා ගන්නවා, ඉඹිනවා පියා මියගිය දරුපැටවුන්.

    ඉන් පසු කියනවා තිර හඬින්.

    "මේ අපරාධය කරපු කිසිම කෙනෙක්ට මොන තරාතිර්මක කෙනෙක් වුනත් දිය යුතු උපරිම දඬුවම් දෙනවා."

    කියනව අයි.ටී.එන්. පුවත් මෙසේ.

    රතුපස්වල විරෝධතාවයේදී මියගිය සහ තුවාල ලැබූ සියලුම දෙනාට කඩිනමින් වන්දි පිරිනමන්නයි ජනාධිපතිතුමාගෙන් බලධාරීන්ට විශේෂ උපදෙස්.

    අවසානයේ අරලිය ගහ මන්දිරයේදී දානවා පාටියක් " චියර්ස් ධම්මික "

    ReplyDelete
    Replies
    1. ගම්පහ වැලිවේරිය ප්‍රදේශය මානුෂික මෙහෙයුමකින් අද ඊයේ බේරා ගෙන ඇති බව වාර්තා වේ!

      අපි වෙනුවෙන් අපි සහ අපේම උණ්ඩ.

      Delete
    2. පලවෙනි මානුෂික මෙහෙයුම පටන්ගත්තෙත් වතුරෙන්නේ.

      Delete
    3. කොපි කරගත්තෙ බුකියෙන්
      >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

      ඉදිරි දින වලදී සිදුවිය හැකි දේ සම්පිණ්ඩනය කොට...

      " අද උදෑසන ****** මන්දිරයේදී පැවැත්වුනු මේ හමුවේදී, වැලිවේරියේ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් හමු වූ එතුමා තම ශෝකය ඔවුන් වෙත ඵල කළේය... මියගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ප්‍රධානය කිරීමද එතුමා අතින් සිදු කෙරිණි... "

      (එළියට ඇවිත් )

      " එතුමා අපේ දුක දැකලා අපිට මෙතනට අද එන්න කියලා කථා කළා... වන්දි මුදලකුත් දුන්නා... එතුමා ගැන අපිට සන්තෝසයි.. දුප්පත් අපි වෙනුවෙන් මේ වගේ ක්‍රියා කිරීම ගැන.. "

      ( පසුව )

      වැලිවේරිය අවට ගම් රැසකට සහන ලැබෙන ජල සම්පාදන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 660 ක මුදලක් ප්‍රතිපාදනය කොට ඇති බව මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ගරු **ළි* *ඹු*වැ** මැතිතුමා සඳහන් කර සිටියි... ඉදිකිරීමේ කටයුතු 2015 වසරේදී ඇරඹීමට නියමිතයි...

      ( ඊටත් පසුව )

      "සිද්ධිය පිටුපස විදෙස් කුමන්ත්‍රණයක් පවතිනවා.. එදා කොටි හරහා තමන්ගේ ඉලක්කය ඉෂ්ඨ කර ගන්න බැරි වුණු අර නෝර්වේ එරික් සෝල්හයිම්ලා, බැරැක් ඔබාමලා, අද මේ රජයට එරෙහිව ජනතාව කුපිත කරවීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා ඉන්න බව අපට පැහැදිලිව පේනවා.....ඒ රජයේ නියමුවන් දංගෙඩියට දක්කන්න, මේ රණවිරුවන්ගේ ආත්ම අභිමානය බිඳින්න, මේ රණවිරුවන් ජිනීවා පෝරකයට දක්කන්න, පැහැදිලි කුමන්ත්‍රණයක් මේ මොහොතේ මේ එන්.ජී.ඕ ආධාර ලබන වැලිවේරියේ බලවේග ක්‍රියාත්මක කරලා තියෙනවා... මේ අධිරාජ්‍ය වාදී බලවේග ලිබියාවේ කළා වගේ මේ රට තුලත් ඇති කරන්න බලාපොරොත්තු වෙන මෙම තත්වයට එරෙහිව එකාවන්ව පෙළ ගැසීම අද මේ අතිශය තීරණාත්මක මොහොතේ මාතෘ භූමියේ සුජාත දරුවන්ගේ එකම අභිප්‍රාය විය යුතුයි.... ජාතික නිදහස් **** අපි ඒ වෙනුවෙන්.... "

      ( ඒකටත් පස්සෙ )

      " මේ රට ඒ ඓතිහාසික ජයග්‍රහණය තුළින් නිදාස් කර ගත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන්... අපි ඒ ජනතාවගේ නිදහස විදෙස් සතුරන්ගේ කුමන්ත්‍රණ හමුවේ යළි පාවා දෙන්නෙ නෑ, හාමුදුරුවනේ... !.... එඩුවාන්ගල් නාන් තන්නි පුරප්පුම් මුදලාවද එන්ඩු පෝම්...! "

      ( ඉරිදා දිවයින )

      "ජලය යනු වාස්තවික වූවක් නොවේ... බටහිරයන්ගේ ඊනියා විද්‍යාවට අනුව එය වාස්තවික වූවක් ලෙස හඳුනා ගනු ලබන අතර, "ජලය පානය සඳහා ඇති අයිතිය " ලෙස ඔවුන් පංචේන්ද්‍රියන්ට පරිබාහිර වූ මානව හිමිකමක් හඳුනා ගන්නේද ඒ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුවමය... මෙරට සිටින බටහිර අනුකාරක පඬියන්ද මේ ජනතාවට ජලය පානය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ එහෙයිනි... නමුත් අපගේ දැක්ම තුළ මෙය "ආපෝ" ලෙස හඳුනා ගනු ලබන අතර, වාස්තවික වූ සත්වයෙකු පවා නොමැති නිසා, ඒ සත්වයාගේ පිපාසයද වාස්තවික නොවන මනස විසින් නිර්මාණය කරගත් හුදු ප්‍රවාදයක් බව පැහැදිලි වන කරුණකි... මනසද මනසේ නිර්මාණයක් බැවින් පිපාසය ඉවස දරා ගත හැක... බටහිරයන්ට ඒ බව නොපෙනේ... මොවුන් මේ අර අඳින්නේ නන්දිකඩාල් කළපුවෙන් අප පරාජය කළ ඔවුන්ගේ බළල් අත් නැවත "ජල වසන්තයක්" හරහා පණ ගන්වන්නටය... ඒ සඳහා බටහිර අනුකාරක වාදී පඬියන් ලවා ජනතාවට "පිපාසයක්" ඇති කර තිබේ... "

      ( පසුව )

      "දවසකට අපේ ජාතියට කිරි දුන්නු ගවයන් පන් දාහක් මරා දමනවා... මේ පින් බිමෙන් ගව ඝාතනය අතු ගා දැමීමට සිහළුණි වරෙව්...!.. දැන්වත් පිබිදියව්..! ඇස් කන් පියාගෙන සිටින්නේ ඇයි...? .. මහා පාගමන 21 වැනිදා ... "

      ( ගමේදී )

      "මොනව උනත් එතුමා පොඩි මිනිහගෙ දුක දන්න මිනිහා... ලක්ෂ වලින්ම පහක් ගණන් කරල දුන්නනෙ ... බලන්න... දැන් ඉතින් 2015 ජල ව්‍යාපෘතියත් එනවනෙ... "

      ( අන්තිමට )

      " මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.... බස්නාහිර පළාත් සභා මැතිවරණය, ගම්පහ දිස්ත්‍රික්කය, ******** මැතිවරණ බළ ප්‍රදේශය,

      එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31,525....මෙහි ප්‍රතිශතය 61%, මේ අනුව වැඩි ඡන්ද ඡන්ද ****** කින් මැතිවරණ බළ ප්‍රදේශය එක්සත් ජනතා නිදහස් සන්ධානයට... "

      Delete
    4. ප්‍රජාතන්ත්‍රවාදි රටක මහජන විරෝධතා මැඩ පවත්වන්නේ හමුදාව... මාරයිනේ..

      Delete
    5. "ජලය යනු වාස්තවික වූවක් නොවේ... බටහිරයන්ගේ ඊනියා විද්‍යාවට අනුව එය වාස්තවික වූවක් ලෙස හඳුනා ගනු ලබන අතර, "ජලය පානය සඳහා ඇති අයිතිය " ලෙස ඔවුන් පංචේන්ද්‍රියන්ට පරිබාහිර වූ මානව හිමිකමක් හඳුනා ගන්නේද ඒ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුවමය... මෙරට සිටින බටහිර අනුකාරක පඬියන්ද මේ ජනතාවට ජලය පානය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ එහෙයිනි... නමුත් අපගේ දැක්ම තුළ මෙය "ආපෝ" ලෙස හඳුනා ගනු ලබන අතර, වාස්තවික වූ සත්වයෙකු පවා නොමැති නිසා, ඒ සත්වයාගේ පිපාසයද වාස්තවික නොවන මනස විසින් නිර්මාණය කරගත් හුදු ප්‍රවාදයක් බව පැහැදිලි වන කරුණකි... මනසද මනසේ නිර්මාණයක් බැවින් පිපාසය ඉවස දරා ගත හැක... බටහිරයන්ට ඒ බව නොපෙනේ... මොවුන් මේ අර අඳින්නේ නන්දිකඩාල් කළපුවෙන් අප පරාජය කළ ඔවුන්ගේ බළල් අත් නැවත "ජල වසන්තයක්" හරහා පණ ගන්වන්නටය... ඒ සඳහා බටහිර අනුකාරක වාදී පඬියන් ලවා ජනතාවට "පිපාසයක්" ඇති කර තිබේ... "

      එල ඕයි...

      Delete
    6. උඩ ඇනෝ +++++++++++++

      Delete
    7. Ivan, part of your reply is stolen for a FB post. :)

      Delete
    8. ඔය බුකියෙන් උපුටාගත්ත නිර්මාණය කළේ දමිත් කේතක.

      Delete
    9. The True story is here: https://www.youtube.com/watch?v=YQuB8IypH_Y&feature=player_embedded

      Delete
  10. සැප්තැම්බර්වල පළාත් සභා තුන දිනාගෙන ඊළඟට එන්නෙ බස්නාහිරට...රජා ඇවිත් පපුවට තඩිබාගත්තම ඔය වෙඩි කාපු උං පෝලිමේ ගිහින් චන්දෙ දෙන්නෙ බුළත් කොළේට...ඕං බොරුද බලපල්ලකො.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක් ලිව්වා අද දාන එක හරි නෑ...මරණයක්නෙ.සතියකින් දාන්නම්.

      Delete
    2. //"රජා ඇවිත් පපුවට තඩිබාගත්තම ඔය වෙඩි කාපු උං පෝලිමේ ගිහින් චන්දෙ දෙන්නෙ බුළත් කොළේට...ඕං බොරුද බලපල්ලකො."//

      දාන්න හැලපයියේ පහක්........

      Delete
    3. ඔහොම තමයි ඉවාන් කොල්ලො,සංවේදී නායකයොනෙ...දැන් කොල්ලො කී දෙනෙක් මැරුවද,ලංකාවෙ උන් නිකං කබරයි ගානයි ගැහුවට ගැහුවට රිදෙන්නෙ නෑ.

      Delete
    4. ඉතින් බන් වෙන එකෙක් ඉල්ලන්න එපාය... දෙන්න..

      Delete
    5. ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්

      Delete
    6. සහතික ඇත්ත.

      Delete
    7. මොක නැතත් මෙන්න මේක නම් වෙනව වෙනවාමයි...සද්ද වහල මාරු වෙන එක ඇගට ගුණයි...

      Delete
  11. හමුදා වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා ගැන අතිශයින් කණගාටු වෙමි. සිවිල් උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට රබර් උණ්ඩ සහිත සන්නද්ධ යුධ හමුදාව කැඳවන එක අතිශය මෝඩ තීරණයකි. කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර මගින් මෙය පාලනය කිරීමට තිබුණි.

    කිසියම් උද්ඝෝෂණයක් ඇති වූ විට එය පාලනය කිරීමට ආරක්ෂක අංශ යෙදවීම භාර වන්නේ අදාල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස් පති තුමාටයි. මෙය එතුමාගේ පරිපාලන දුර්වලත්වය මත සිදුවූවක් බව සිතේ. කෙසේ නමුත් ඒ අවස්ථාවේ තත්ත්වය ගැන අපට සිතා ගැනීමට නොහැකියි.

    නමුත් ප්‍රචණ්ඩත්වය අවිය කර ගත් උන්ට ප්‍රචණ්ඩත්වයෙන්ම මතක හිටින පාඩමක් (රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් ගේ න්‍යාය අනුව) ඉගැන්වීමට බලධාරීන්ට අවශ්‍ය වූවානම් එහි වාසිය මෙන්ම, විපාක්ෂිකයින් ඇතිකරගන්නා වෛරයේ අවාසියත් ගැනීමට බලධාරීන්ට සිදුවේවි.

    සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තියෙන දෙයක් ප්‍රචණ්ඩකාරීත්වය යොදවා විසඳා ගැනීමට යාමෙන් නැති ප්‍රශ්න ඇති කර ගනී. මෙම වීඩියෝවේ පෙනෙන පරිදි සාමකාමීව පැමිණෙන හමුදාවට ගල් ගසන්නේ එහි සිටින දාමරිකයින් විසිනුයි. එනම් දාමරිකයින් පළමුව යුද්ධය ප්‍රකාශ කරයි.

    සන්නද්ධ හමුදා බලකායකට ගල් මුගුරු වලින් දමා ගැසීමට තරම් ප්‍රචණ්ඩ උදවිය, සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දෙන ආකාරය සිතා ගත නොහැකිය. දාමරිකයින් ගල් මුගුරු වලින් දමා ගසද්දී, පුටු පහරවල් වැදුන හමුදා භටයින්ගේ ඔළු පැලී ලේ ගලා යද්දී තුවක්කු දමා දිවීම ඔවුන් කළ යුත්තක් නොවේ.

    රනිල්ගේ ඊනියා සාම කාලයේදී හමුදා බංකර් අසළටම පැමිණි කොටි සාමාජිකයින් ගල් මුගුරු වලින් ගැසූහ. ඊනියා සාමය නිසා, ඊට හමුදාව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටි විට කොටි කළේ බංකර් ඇතුළටම වැටෙන පරිදි සොපින් බෑග් වල දැමූ අශූචි වලින් ගැසීමයි. මිනිස් අශූචි ප්‍රහාරයන් ඉවසා ගැනීමට නොහැකි කළ, කොටියාගේ කකුලකට ඉලක්ක කර වෙඩි තැබූ විට, වෙඩි කෑ කොටි රතුකුරුස කාර්යාලයට ගොස් කියන්නේ "අනේ අහිංසක අපිට හමුදාව වෙඩි තිබ්බා, හමුදාව දෙමළ වර්ග සංහාරයක් කරනවා" ආදියයි. මෙතනදීත් සමහරක් අය කියන්නේ, "වතුර බිංදුව ඉල්ලන් ආපු අහිංසකයින්ට හමුදාව වෙඩි පිට වෙඩි තිබ්බා" කියලයි. මුන්ගේ අහිංසක කම මේ වීඩියෝවෙන් බලන්න. http://www.youtube.com/watch?v=0YGh-CCUOHY (ෆේස්බුකියේ පළ විය යුත්තේ එජාපයේ අදහස් පමණක් යැයි සිතා සිටින, මේ කතාවෙන් රිදුන අය ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තාමත් සිටීනම් මාව් අන්ෆ්‍රෙන්ඩ් කර, කලින් පන්නා දැමූ පොන්සි සෙට් එකත් එක්ක නාහෙන් අඬන්න.)

    පානීය ජල ප්‍රශ්නයක් මෙතරම් දුර දිග යාමට පෙර විසඳුමක් ලබා දීම බලධාරීන් කළ යුතුව තිබුණකි. මෙය පැහැදිළිවම ඔවුන්ගේ අකාර්යක්ෂමතාවයයි. නමුත් මෙය ප්‍රශ්නය අධිකරණ මාර්ගයෙන් හෝ විපක්ෂය දේශපාලන තීරණයක් ගෙන විසඳා ගනනවා විනා ප්‍රචණ්ඩතවයෙන් විසඳා ගැනීමට ගිය නිසා, ඊටත් ප්‍රචණ්ඩත්වයෙන්ම පිළිතුරු ලැබී ඇති බව පෙනෙයි.

    සන්නද්ධ හමුදාවට ගල් මුල් වලින් ගහන්න තරම් නිර්භීත "විරුවන්" මරණය ඉදිරියේ හඬා නොවැටිය යුතුය.

    හමුදා සෙබළෙකුට පහරදුන් මාලකට හමුදාවෙන් ගැසූ එක ගැන ආතල් ගත්තානම්, එලෙසින්ම හමුදා සෙබළුන්ට පහර දෙන දාමරිකයින්ටත් හමුදාවෙන් ගැසීම නිසා ආතල් කුඩු කර ගත යුතු නැත. හමුදා සෙබළෙකුට ගැසූ මාලකව හමුදාවෙන් මැරුවානම් හොඳයි කී අය, හමුදා සෙබළුන්ට ගැසූ දාමරිකයෙක්ට හමුදාවෙන් වෙඩි තැබූ කල හොටු සහ චූ පෙරාගත යුතු නැත.

    ReplyDelete
    Replies
    1. //" හමුදා සෙබළුන්ට ගැසූ දාමරිකයෙක්ට හමුදාවෙන් වෙඩි තැබූ කල හොටු සහ චූ පෙරාගත යුතු නැත."//

      ප්‍රශ්නේ තියෙන්නේ සහෝදරයා මේ දාමරියකන් කවුද?, ඔවුන් බොන්න වතුර ඉල්ලු සාමානය ජනයාමද ? මියගියේ මේ දාමරිකයන්මද කියන එක නොවේද?

      Delete
    2. you think all this has happend overnight, wrong brother people have been suffering for a long time, im frm finco watta weliweriya and i know wat happned, Army perosnalle were called ARMY KARAYO some time back then it changed people started calling them ranaviruwo, you think that changed cz of solders no it changed cz the goverment changed the mind set of the commons, now they are doing it again this time .it will turn against them, and a simple question ""හමුදා සෙබළුන්ට ගැසූ දාමරිකයෙක්ට හමුදාවෙන් වෙඩි තැබූ කල හොටු සහ චූ පෙරාගත යුතු නැත." does that mean there is no law and order in this country and if u are an army person when some one attacks u hv the rite to kill them,,u lack common sense

      Delete
    3. උඹගේ කොමෙන්ට් එක මඤ්ඤං. හදිසි නීතියක් නැති වෙලාවක. මහජන විරෝධතාවක් මැඩ පවත්වන්න හමුදාවට කිසිම අයිතියක් නෑ. පොලිසිය කැඳවලත් නෑ. මේවා පොඩියට පෙනුනට. මුළු ළෝකෙටම යනවා. මේකෙන් වෙන්නේ ජාත්‍යන්තරය තුල අප තව තවත් හුදකලා වීම පමණයි..

      Delete
    4. කාගේ ගුරා වුනත් මේ මිනිස්සු හමුදාවට ගල් ගහන්නේ ඇයි කියලා උඹට හිතෙන්නේ නැද්ද මචන්.., නන්දිකඩාල් ගහලා එද්දි හමුදාවට මල්මාල දැම්මේ මේ මිනිස්සුමයි... මහ රජතුමා කියනවා වගේ අපි මේ රට හදන්නේ නූපන් දරුවන්ට කියලා, මේ අහිංසකයොත් මේ සට්න් කරන්නේ නූපන් දරුවන් වෙනුවෙන්... පාරේ තියෙන ගල් කෑල්ලකට පොලු කෑල්ලකට වඩා අවියක් අතේ නැති සාමාන්‍ය මහ ජනයාට මැශින් තුවක්කුවෙන් පට පට ගාලා වෙඩි තියෙන සද්දේ ඇහෙද්දි උබට චූ බර හැදෙන්නේ නැද්ද? හොටු පෙරෙන්නේ නැද්ද? තමන්ට බොන්න තියෙන වතුර ටික පිරිසිදු කරගන්න සටන් කරන අහිංසක මිනිහෙක් දාමරිකයෙක් කියලා හඳුන්වන්න තරම් හද්ද පජාත අසික්කිතයෙක් වෙච්ච උඹ ගැන කවර කතාද මචන්.....

      Delete
    5. පොලු කෑලි කියුවම මතක් වෙන්නෙ උඹ ඉන්දිකට තියපු පොල්ල.... රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න....

      Delete
    6. වෙඩි පහරින් මියගියේ උපකාරක පන්තියකට ගොස් නිවස බලා එමින් සිටි පාසල් සිසුවෙක්?

      Delete
    7. මේකේ උඩ කමෙන්ට් එක දාපු පොන්න හුකන්නාගෙ ඇට දෙක තලල සාම්බාරු හදන්නෙ ඕනේ. කැරි පකය.

      Delete
    8. ඒකෙන් මම කිව්වේ මේ මොකවත් නොදන්න පාසල් සිසුවෙකුත් මරලා කියලා .ගෙදර එන පාසල් සිසුන් පවා මරා දමන බලු ආමි එකක් අපේ ආමි එක .....

      Delete
    9. දැන් කියනවා නේද උපකාරක පන්ති ගිහින් නෙවි, අම්ම හොයන්න ගිහින් කියල . ඊටත් පස්සේ කියනවා ගමේ මිනුස්සු ගිය නිසා මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න ගිහින් කියල

      Delete
    10. https://www.youtube.com/watch?v=YQuB8IypH_Y

      Delete
  12. ජනතාවගේ සැබෑ ප්‍රශ්ණයක් සති ගණනාවක් ඇදී යන්නට ඉඩ දී බලා සිට, විරෝධතාවය පාලනය කරන්න හමුදාව යෙදවීම...:මේක නම් කරන්න තියෙන්නේ දේශපාලඥයෝ මොකටද?

    මිනිසුන් දහස් ගනනගේ බොන වතුර ටික අපවිත්‍ර වෙද්දී, ඒ ගැන බලන්න ඉන්න සෞඛය නිලධාරීන්....මධයම පරිසර අධිකාරී පොරවල් නැත්නම් ඒ අය මොකටද?

    මේ අධික ටොක්සික් අපද්‍රවය පිටකරන කර්මානතශාලාව, එම අප්‍රද්‍රව්‍ය කලමණාකරනය ක්‍රීම ගැන හොයන්න රාජ්‍ය ආයතනය්ක් නැද්ද? ධම්මික පේරේරාගේ ලාභය ඒ මිනිස්සුන්ගේ වතුර වලට වඩා වටිනවද?

    ආයතනගත නීතීයක් නැති රටේ දේශ්පාලුවන් ඩෙගා නටද්දී මේවා මෙහෙම නොවුනෝත් තමයි පුදුමේ...

    අනෙත් අතර හේලීස් සමාගමේ වැඩිම ආදායමක් ලබන කර්මානත්ශාලාවක් මේක...ඒවගේම ඉතාම අන්තරාකාරි ටොක්සික් අප්‍රද්‍රව්‍ය නිකුත් කරන තැනක්.....දන්න විදිහට නිශ්පාදනය අතින් ලෝකයෙන් තුන් වෙනි තියෙන තැන කථාවකුත් කියනවා....වැඩට ගන්න අයට ඉතා ඔහල සෞඛ්‍ය අනතුරු රිස්ක් එකක් තියෙන හින්දා අවුරුදු දෙකෙන් කට්ටියව ගදර යවන කථාවකුත් කියනවා..... මෙවා හොයලා බලන්න ගවේශනශීලී මාධ්‍ය නැද්ද..අද පත්තර වල හෙඩ් ලයින් වල ට මොකද වෙලා තියෙන්නේ...


    අනේ මන්දා කලකිරීමටම හිතෙට එන දේවල් ඔහේ ලියලා දැම්ම....ගැලපීමකුත් නැතුව ඇති.......

    ReplyDelete
    Replies
    1. ගවේෂණශීලී මාධ්‍ය ලැප්ටොප් එකේ වැඩ....

      Delete
    2. අද පත්තර වල හෙඩ් ලයින් වල ට මොකද වෙලා තියෙන්නේ...///

      ඇත්තටම මයියා.. ටීවී නැති නිසා බලන්න බැරි උන නිසා මං මේ පත්තර ටික ඇද්දා... හෙන ඇල්මැරුණු හෙඩ්ලයින් ටිකක් තියෙන්නෙ.. සතොස ගින්න ගැනත් මීට වඩා පණ ඇති හෙඩ්ලයින් තිබ්බා..

      Delete
    3. ඉහි..ඉහී......
      ඉහි..ඉහී......
      ඉහි..ඉහී......
      ඉහි..ඉහී......
      ඉහි..ඉහී......
      ඉහි..ඉහී......
      ඉහි..ඉහී......

      Delete
    4. ලොකුම දේ වාර්තා කරන්න ගිය එව්වන්ගෙ කැමරා කුඩු කරල ඉස්පිටිතාලෙ යවලානේ ඉතිං කොහෙද උණුසුම් පුවත්.
      ඇත්ත දන්න කතෘ තුමාලට උනත් ඇත්ත ඇති සැටියෙන් ලිය හැකිය මාසෙකට සැරයක් ලැබෙන තේ සංග්‍රහ යයි,වරදානයි එක්ක.

      Delete
    5. අන්න හිරූ ලංකාදීප ඔන්ලයින් එඩිෂන් එකේ වොයිස් කට් එකක් තියෙනව ඒ පැත්තෙ ලංකදීප මාධ්‍යවේදිනියගෙ,අහන්න.

      Delete
    6. දෙරණෙන් සුපිරියට වාර්ථා කලා. සමබර නිව්ස් බලන්න ඕන නම් එච්චරයි තියෙන්නේ.

      Delete
  13. ඔය කතා සමගම කිව යුතු අනිත් වැදගත් කාරණය නම් ඕනෑම තැනක ලයින් ඔෆ් රෙස්පොන්සිබිලිටි කියා එකක් තිබිය යුතු බවයි. ග්‍රාමයාට, පරිසර අමාත්‍යාංශයට, අරයාට මෙයාට, ආමිකාරයාට දොස් පැවරුවාට අන්තිමේදී රාජ්‍යයේ ෆේල්වීමට වග කිව යුත්තේ රාජ්‍ය නායකයාය.

    ඉස්සර 1952 තිබුණු හර්තාලයේ දී වඬඩි තියපු වෙලාවේ මිනිහෙක් මල නිසා ඒ වගකීඟ බාරඅරගෙන ඩඩ්ලි අගමැති කමෙන් අස්වුණු බව මා අසා තියෙනවා!

    ඒ කාලෙනේ ඉන්ඩ තිබුනෙ, අයි ඩෝන්ට් නෝ වයි?

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් මැරුණම අස් වෙන්ඩ.....? පිස්සුද කකා එහෙනං දවසට කීපාරක් අස් වෙන්නද?

      Delete
    2. kaka, oya kinya eka hari,, the man who is responsible is the mahinda, i never knew he was such a jerk, i wish i never wasted my first vote of this man,

      Delete
    3. ඒ කාලේ තිබුනේ දේශපාළණයක්නේ. දැන් තියෙන්නේ රැකියාවක්. පරම්පරාවම හම්බ කරන් කන්නේ මේකෙන්, කොහොමෙයි දාලා යන්නේ..

      Delete
  14. මාතලන්,
    මේ රට මිලිටරි කරණය කර යමින් තියෙන බවට තවත් එක සක්ෂියක් විතරයි.
    ආරක්ෂක ලේකම්වරයා දැන් මේ රටේ හැම රෙද්ද අස්සෙම අත දාන්න අරන්.උඹ කියනවා වගේ මේ හැම දෙයක්ම මුන් දෙන්නා,තුන්දෙනා විතරක්නම් පාලනය කරන්නේ මොකෝ මේ තරම් ඇමති මන්ඩලයක්.හුගක් අය කියන දෙයක් තමයි මහින්දට පස්සේ නාමල්,බැසිල් කියලා.නමුත් මට හිතෙන්නේ මහින්දට පස්සේ ගෝඨා තමයි කියලා.ගෝඨා හිනා වෙලා අනෙක් පැත්තෙන් ගේම දෙන කොට මේ පෙරහැර ගිහින් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔය තුවක්කු එයාලටම එල්ල වෙන කාළෙකුත් එයි, මෙහෙම යන කොට. රට පාළණය කරන්නේ බුලට් එකෙන් නම් බැලට් කුමටද?

      Delete
  15. දැරණියගල පොලිසියට අලුතින් පත් කල OIC ව වහාම ක්‍රියාත්මක වන පරිදි අද පදියතලාව පොලිස් ස්ථානයට මාරු කර ඇත.
    හේතුන්;
    අත කොටාගෙ සහෝදරියකු අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කිරීම,
    සහ
    දැනට සිටින ප්‍රා:සභාපතිගෙ අනවසර සුරා සල වැසීමට අණ කිරීම.
    කොහොමද ෂි ලංකාවට පායන සූරියා.

    ReplyDelete
    Replies
    1. ඒක යට ගහන්න එකසිය ගානට ට්‍රයි. වතු අධිකාරි මරපු කේස් එක විතරයිලු අධිකරණයේ තියෙන්නේ. කෝ මේ රටේ මානව අයිතීන් ගැන කතා කරන සිවිල් පොරවල්. කෝ .. හොඳට ගහලා නිදි ඇති..

      Delete
    2. මැරිච්ච එවුන් දෙමළ නෙවෙයි නෙ. ඒකයි. කතා කලාට නෝ ඩොලර්ස්

      Delete
  16. ප්‍රබාකරන්ට මාවිල් ආරු පාරාවලල්ලක් වු සේ ආන්ඩුවට මේ පානිය ජල ප්‍රශ්නය පාරාවලල්ලක් විය හෑක

    ReplyDelete
    Replies
    1. එය එසේම වේවා කියා අපි පතමු

      Delete
    2. බලාන ඉන්ට

      Delete
    3. එහෙම හීන නිකන් විහිළු විතරයි...

      Delete
    4. පාරා වලල්ලක් වෙයි මහ ජනයාට... නැතිව පාලකයන්ට වේ.. ඔය ඉන්න අහසින් බිමට බැහැපල්ලා කොල්ලනේ....

      Delete
    5. එය එසේම වේවා කියා අපි පතමු....:(

      Delete
  17. උතුරට මෑනූ තුවක්කුව දැන් රටටම මානා හමාරයි. මිනිස් ජීවිත කජ්ජක් තරම්වත් මුන්ට නොවටී. ඡන්දයත් මුන්ට රගර් වගේ තවත් එක් ක්‍රීඩාවක් පමණයි. විනිසුරාට මරණ තර්ජන කර හෝ ක්‍රීඩාවෙන් දිනන හැටි දනී.විපක්ෂය තවමත් කරන්නේ බෝල ඇල්ලීම පමණයි.

    ReplyDelete
    Replies
    1. බලවත් විපක්ෂයක් නැති කම තමයි සේරටම මුල..

      Delete
  18. මටත් කියන්න තියෙන්නේ වෙදනා කියපු දේම තමයි. එක කාලයක් අපේ තාත්තලාගේ උදවිය මේ රටේ මේ වගේ ප්‍රශ්න වලදි මැදිහත් වෙලා හදන්න බැලුවා. ඒ 70-80 ගණන් වල. හැබැයි අපේ රටේ ඉන්න ගොන්බූරු බුද්ධිමත් ජනතාව බැනපු එකාටම රෙද්ද උස්සගෙන ගිහිල්ලා ඉල්ලගෙන කන්න පුරුදුවෙලා ඉන්න නිසා මොනවත් කර ගන්න බැරි වුනා. අසූ ගණන් වල මිනී කඳු මගේ ඇස්වලින් ම දැක්කා. අපි පොඩි උන් නිසා ගඟේ ගහගෙන ඇව්ල්ලා කබරයි කන මිනී තල්ලු කරන්න ඉදිරියට ගියේ අපි. ඒවා දැකලා මට නම් මිනීමැරුම් එපා වුනා. ඊට පස්සේ යුද්ධය නිසා ජිවිතේ ගැන කලකිරීමක් ඇතිවුනා. මමත් කාලයක් රට හදන්න මෝඩ උත්සාහයන් ගත්තා. මමත් ගොන්බූරු බුද්ධිමත් ජනතාවගෙන් කෙනෙක් නිසා වෙන්න ඇති මම ඒ විදිහේ උත්සාහ ගත්තේ.
    ඒත් වෙදනා කියන විදිහටම මමත් දැන් ආත්මාර්ථකාමීයි. මට ඕනේ මගේ පවුල මේ තියෙන තත්වෙන් බේරගන්න විතරයි. දරුවාට ඉස්කෝලෙ යන්න පුළුවන් වෙන දවස ආවහම අපි පවුලම ලංකාවේන් යනවා. මට ඕන නැහැ මගේ දරුවා මේ කාලකන්න ජනතාව නිසා දුක් විදිනවා බලන්න.

    මම ලංකාවට ආදරෙයි. මේ මගේ රට. ඒත් තව දුරටත් මම මෙහේ ඉන්න කැමැත්තක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ ජනතාව එහෙම හිතුවේ නෑ. අදත් ඔවුන් බිය නැතුව තම අදහස් ප්‍රකාෂ කරණවා. මොකද ප්‍රශ්ණය ඒ තරම් උග්‍රයි. නැත්නම් ඔක්කෝම මේ විදියට හිතුවනම් රට වෙලහකටත් ඉවරයි. අපරාදේ කියන්නේ දැනෙන්න කතා කරන්නේ ජෙප්පො විතරයි. මේ ජනතාව ආත්මාර්ථකාමි උනේ නෑ. අදත් නෑ. ඒ අතින් ඒ ජනතාවට අපේ ප්‍රණාමය හිමි විය යුතුයි.

      Delete
    2. මෑණියන්ගේ වස්ත්‍රය

      Delete
  19. කියවන්නෙක් පමණිAugust 2, 2013 at 3:50 AM

    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ එක ගමකට එක වැඩක් ... වෙනස්කරන්න මේ විදිහට

    එක වැඩකට එක බිල්ලක්

    බහිරවයෝ

    ReplyDelete
  20. ස්කයිප් පණිවිඩයකින් උපුටා ගන්නා ලදී. මුලාශ්‍රය නොදනී.
    -----------------------------------------

    ඉදිරි දින වලදී සිදුවිය හැකි දේ සම්පිණ්ඩනය කොට...

    " අද උදෑසන ****** මන්දිරයේදී පැවැත්වුනු මේ හමුවේදී, වැලිවේරියේ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් හමු වූ එතුමා තම ශෝකය ඔවුන් වෙත ඵල කළේය... මියගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ප්‍රධානය කිරීමද එතුමා අතින් සිදු කෙරිණි... "

    (එළියට ඇවිත් )

    " එතුමා අපේ දුක දැකලා අපිට මෙතනට අද එන්න කියලා කථා කළා... වන්දි මුදලකුත් දුන්නා... එතුමා ගැන අපිට සන්තෝසයි.. දුප්පත් අපි වෙනුවෙන් මේ වගේ ක්‍රියා කිරීම ගැන.. "

    ( පසුව )

    වැලිවේරිය අවට ගම් රැසකට සහන ලැබෙන ජල සම්පාදන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 660 ක මුදලක් ප්‍රතිපාදනය කොට ඇති බව මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ගරු **ළි* *ඹු*වැ** මැතිතුමා සඳහන් කර සිටියි... ඉදිකිරීමේ කටයුතු 2015 වසරේදී ඇරඹීමට නියමිතයි...

    ( ඊටත් පසුව )

    "සිද්ධිය පිටුපස විදෙස් කුමන්ත්‍රණයක් පවතිනවා.. එදා කොටි හරහා තමන්ගේ ඉලක්කය ඉෂ්ඨ කර ගන්න බැරි වුණු අර නෝර්වේ එරික් සෝල්හයිම්ලා, බැරැක් ඔබාමලා, අද මේ රජයට එරෙහිව ජනතාව කුපිත කරවීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා ඉන්න බව අපට පැහැදිලිව පේනවා.....ඒ රජයේ නියමුවන් දංගෙඩියට දක්කන්න, මේ රණවිරුවන්ගේ ආත්ම අභිමානය බිඳින්න, මේ රණවිරුවන් ජිනීවා පෝරකයට දක්කන්න, පැහැදිලි කුමන්ත්‍රණයක් මේ මොහොතේ මේ එන්.ජී.ඕ ආධාර ලබන වැලිවේරියේ බලවේග ක්‍රියාත්මක කරලා තියෙනවා... මේ අධිරාජ්‍ය වාදී බලවේග ලිබියාවේ කළා වගේ මේ රට තුලත් ඇති කරන්න බලාපොරොත්තු වෙන මෙම තත්වයට එරෙහිව එකාවන්ව පෙළ ගැසීම අද මේ අතිශය තීරණාත්මක මොහොතේ මාතෘ භූමියේ සුජාත දරුවන්ගේ එකම අභිප්‍රාය විය යුතුයි.... ජාතික නිදහස් **** අපි ඒ වෙනුවෙන්.... "

    ( ඒකටත් පස්සෙ )

    " මේ රට ඒ ඓතිහාසික ජයග්‍රහණය තුළින් නිදාස් කර ගත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන්... අපි ඒ ජනතාවගේ නිදහස විදෙස් සතුරන්ගේ කුමන්ත්‍රණ හමුවේ යළි පාවා දෙන්නෙ නෑ, හාමුදුරුවනේ... !.... එඩුවාන්ගල් නාන් තන්නි පුරප්පුම් මුදලාවද එන්ඩු පෝම්...! "

    ( ඉරිදා දිවයින )

    "ජලය යනු වාස්තවික වූවක් නොවේ... බටහිරයන්ගේ ඊනියා විද්‍යාවට අනුව එය වාස්තවික වූවක් ලෙස හඳුනා ගනු ලබන අතර, "ජලය පානය සඳහා ඇති අයිතිය " ලෙස ඔවුන් පංචේන්ද්‍රියන්ට පරිබාහිර වූ මානව හිමිකමක් හඳුනා ගන්නේද ඒ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුවමය... මෙරට සිටින බටහිර අනුකාරක පඬියන්ද මේ ජනතාවට ජලය පානය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ එහෙයිනි... නමුත් අපගේ දැක්ම තුළ මෙය "ආපෝ" ලෙස හඳුනා ගනු ලබන අතර, වාස්තවික වූ සත්වයෙකු පවා නොමැති නිසා, ඒ සත්වයාගේ පිපාසයද වාස්තවික නොවන මනස විසින් නිර්මාණය කරගත් හුදු ප්‍රවාදයක් බව පැහැදිලි වන කරුණකි... මනසද මනසේ නිර්මාණයක් බැවින් පිපාසය ඉවස දරා ගත හැක... බටහිරයන්ට ඒ බව නොපෙනේ... මොවුන් මේ අර අඳින්නේ නන්දිකඩාල් කළපුවෙන් අප පරාජය කළ ඔවුන්ගේ බළල් අත් නැවත "ජල වසන්තයක්" හරහා පණ ගන්වන්නටය... ඒ සඳහා බටහිර අනුකාරක වාදී පඬියන් ලවා ජනතාවට "පිපාසයක්" ඇති කර තිබේ... "

    ( පසුව )

    "දවසකට අපේ ජාතියට කිරි දුන්නු ගවයන් පන් දාහක් මරා දමනවා... මේ පින් බිමෙන් ගව ඝාතනය අතු ගා දැමීමට සිහළුණි වරෙව්...!.. දැන්වත් පිබිදියව්..! ඇස් කන් පියාගෙන සිටින්නේ ඇයි...? .. මහා පාගමන 21 වැනිදා ... "

    ( ගමේදී )

    "මොනව උනත් එතුමා පොඩි මිනිහගෙ දුක දන්න මිනිහා... ලක්ෂ වලින්ම පහක් ගණන් කරල දුන්නනෙ ... බලන්න... දැන් ඉතින් 2015 ජල ව්‍යාපෘතියත් එනවනෙ... "

    ( අන්තිමට )

    " මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.... බස්නාහිර පළාත් සභා මැතිවරණය, ගම්පහ දිස්ත්‍රික්කය, ******** මැතිවරණ බළ ප්‍රදේශය,

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31,525....මෙහි ප්‍රතිශතය 61%, මේ අනුව වැඩි ඡන්ද ඡන්ද ****** කින් මැතිවරණ බළ ප්‍රදේශය එක්සත් ජනතා නිදහස්..

    ReplyDelete
  21. හැම දේම ගෝටාට දීමේ ආදීනව. රටම මිලිටරිකරණය කොට මිලිටරි ක්‍රියා මාර්ග වලින් සේවක උද්ගෝෂණ ජනතා ප්‍රශ්න සංවර්ධන කටයුතු ආදී හැම ලබ්බම කල යුතු යයි කියන උන්ට මෙව්වා හොඳ පාඩම්ය.ඉස්සරහටත් ලියමු බ්ලොග් සටහන් මොකක් හරි කෙල උනාම මේකත් ගෝටට දෙමු කියල !

    ReplyDelete
    Replies
    1. අපි නම් එහෙම ලියලා නෑ.. නමුත් දෙයක් කරන්න පුළුවන් එයාලට විතරයි කියල නම් ලියලා තියෙනවා. එහෙම කිව්වා කියලා මේවා අනුමත කරන්නේ නෑ.

      Delete
  22. මම අදටත් විශ්වාස කරනවා අපි ඊලාම් තවම යුද්ධය දින්නේ නැහැ කියලා. මොකෑ කෑ ගැහුවත් අපේ රටේ තිබුණේ ජනවාර්ගික අර්බුදයක් නෙවෙයි, ත්‍රස්තවාදයක් විතරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ත්‍රස්තවාදයක් තිබුණා තමයි, ඒත් ඒ ත්‍රස්තවාදය ජනවාර්ගික අර්බුධයේ එක පාර්ට් එකක් විතරයි. ත්‍රස්තවාදයට පිළිතුර තුවක්කුව කියලා මම වීශ්වාස කරනවා. ඒත් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම ඒක නෙවෙයි.

    රජය කළේ ජනවාර්ගික ප්‍රශ්නය කියන එක ත්‍රස්තවාදය පෙන්නලා යට ගහලා ත්‍රස්තවාදය නැති කරලා රටේ ස්ථාවර වෙන එක. ඒ රටට ඇදරයක් නිසා නෙවෙයි, බලයට ආදරේ නිසා. යුද්ධයකදී රණ විරුවන් මෝටිවේට් කරන්න ඕන තමයි, ඒත් අපි කළේ ඔවුනව දේවත්වයෙන් තිබ්බා. උගත් සහ බුද්ධිමත් නැති පිරිසක් ඕනෑවට වඩා උඩින් තිබ්බහම වෙන දේ පේනවද? මානුෂිය මෙහෙයුමේදී අපිට පෙන්නපු මානූෂීය බව කෝ දැන් මේ අයගේ. කාගේ අණ වුනත්, මිනිහෙකුට වෙඩි තියන්න කළින් දෙපාරක් හිතන්න තිබ්බා. මට නම් දැන් සැකයි මානුෂිය මෙහෙයුමේදී ඇත්තටම මානුෂිය වුනාද කියලත්.

    මානුෂිය මෙහෙයුමකදී දෙමල ජනතාවට මානුෂිය වුන රජය ඇයි අපේ සිංහල ජනතාව වැඩිපුර ඉන්න මෙතනදි එහෙම වුනේ නැත්තේ.
    මේකට හේතුව රජය ඇත්තටම මානුෂිය නොවන එකයි. කවුරුත් ආදරේ කරන්නේ බලයට.

    ReplyDelete
    Replies
    1. මචන්, උඹ මේ ලිපියටම මීට කලින් දාල තියන කොමෙන්ට් එකට මම සීයට දාහක් එකඟයි, එත් මේකට එහෙම නෑ.

      මගේ මතය තමයි අපේ අපිට ජනවාර්ගික අර්බුදයක් නෑ කියන එක, එහෙම එකක් තිබුනනම් අපිත් අර සුන්නි-ශියා වගෙ එහෙම නැත්නම් ටුට්සි-හුටු වගෙ ජනතාවම මරාගන්න ඕනෙ. අපිට එහෙම ප්‍රශනයක් නෑනෙ. අපිට තියෙන්නෙ එකම ප්‍රශ්නෙ ජාති බෙදයෙන් තොරව මේ දෙශපාලුවෝ (කොයි පක්ශෙත් )අපිට අරින එකයි.
      අපිට තිබ්බා 83 දි, එකත් කාලකන්නි දෙශපාලුවෝ අවුලපු එකක් මිස මිනිස්සුන්ගෙන් ඇතිවෙච්ච එකක් නෙවෙනෙ, ඒකෙන් ප්‍රයෝජන ගත්ත උන් හිටිය මම නෑ කියන්නෙ නෑ. අපිට තිබ්බෙ ත්‍රස්තවාදයක්.

      අනික, මම හමුදාව හරි ගස්සනවා නෙවේ, වෙඩි තිබ්බ සොල්දාදුවා නොව අපෙ ඉලක්කය විය යුත්තෙ උන්ට ඉහලින් ඉන්න අණ දෙන්නො. හැබැයි එහෙම බලනකොට අන්තිමේ වැරද්දෙන් කොටසක් අපේ කරෙ. අපි තමා මේ කාලකන්නි ක්‍රමයෙ මූලික කොටස් හිමියො. අපි ක්‍රමය වෙනස් කරන්න හිතනවාද, අවංකවම කී බෝර්ඩ් එකෙ වීර කතා කොටන එක ඇර මම නම් දැන් කිසිම ඇක්ටිව් දෙකට පැටලෙන්නෙ නෑ, ඒ තරමට මම සෙල්ෆිශ් දැන්. මම ඉපදුනේ හැදුනෙ එහෙම නෙවෙයි, ඒත් සිස්ටම් එක මට එහෙම වෙන්න බල කරා. උඹත්, මාත්, තව ගොඩක් උනුත් එහෙම තමයි. මුන්ව හදන්න බෑ, බස් එකෙ තනි කොන්දගේ මරිසියක එකතු වෙලා එරෙහි වෙන්න බැරි හාල්පාරුවොත් එක්ක මොන විප්ලවද රට හදන්න.

      ප. ගෝ.

      Delete
    2. යුද්ධයකදී රණ විරුවන් මෝටිවේට් කරන්න ඕන තමයි, ඒත් අපි කළේ ඔවුනව දේවත්වයෙන් තිබ්බා. උගත් සහ බුද්ධිමත් නැති පිරිසක් ඕනෑවට වඩා උඩින් තිබ්බහම වෙන දේ පේනවද?//
      මට නම් 2009 දිම ඕක හිතුන.හමුදාව පොලීසිය දේවත්වයට නැංවීම කොතනින් කෙළවර වෙයිද කියන බය ඇතිවුනේ හමුදාවට චියර් කරන අතරෙම තමයි.ඒත් අඟුලාන සිද්ධියෙදි ජනතාව හැසිරුන විදියත් එහිදී මාධ්‍ය හැසිරුන විදියත් බලල මම හිතුව සීමාව ඉක්මවා යාමක් පාලනය කර ගන්න සමාජය ශක්තිමත් කියල.විනය පවා දැඩි වන විට නිදහස අහිමි වෙනවා.ජාත්‍යාන්තර උදාහරණ ගත්තත් අංක එක වෙන්න ඕන මානව හිමිකම් හා ජීවත් වීමේ නිදහස වගෙ දේවල්.බටහිර විරෝධය,ධනපති විරෝධය කියලත් අන්හිමට ප්‍රජාතන්ත්‍රවාදයත් නැති කර ගෙන තමයි හුඟක් රටවල් පස්ස බැලුවෙ.
      නූතන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තමයි අංක එක. ඒක නැති වුනොත් ඉදල හමාරයි.ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට කිසියම් පුද්ගලයෙක් හෝ බලවේගයක් ආදේශ කරන්න බෑ.

      Delete
    3. මේ රටේ ජනවාරිගික ප්‍රශ්ණයක් නෑ. නමුත් පාළකයෝ කැමති එහෙම දෙයක් තියෙනවනම්.

      Delete
  23. මම නම් හිතාගත්ත පුළුවන් තරම් හොඳට උනන්දුවෙන් ඉගෙන ගන්න.
    මේ රටේ ඉඳල තේරුමක් නෑ :(

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉක්මනට චුත වෙන්න... මේ පැත්ත බලාගෙන නිදා ගන්නවත් එපා..

      Delete
  24. මේ මිනිස්සු ඉල්ලන්නේ මිනිස් මුලික අවශතා වලින් කොටසක්,

    ඉතින් කමක්නැ අපේ ළිදේ වතුර වල වස නෑ කී දෙනක් මැරුණද ? කිදෙනෙක් තුවාල ද ? කියල මැච් එකේ ලකුණු බලනවා වගේ බලන මිනිස්සු ඉන්න රටක් මේක. නමුත් මේ තියන පාලනය තුල තවත් රතුපස්වල වල බිහිවේවි. අමතක කරන්න එපා 2009 රටම චියර් කරපු රණවිරුවෝ තමයි මේ රතුපස්වල වෙඩි තියල තියෙන්නේ.දැන් උතුරේ යුද්ධයෙන් අවතැන් උන මිනිස්සු කිරිබත් උයනවා ඇති.මැරුණ ගණන බලනවා ඇති.

    අපි වෙනුවෙන් අපි සහ අපේම උණ්ඩ කොහොමද සනීපෙ

    ReplyDelete
    Replies
    1. මේ වෙඩි තියන උන්ට මොළයක් නෑ. උන් රොබෝවරුන් පමණයි. රොබෝවරුන් වරෙක රණවිරුවෝ කරන්නෙත් මිනිස්සු ඒ කටින්ම මිනිමරුවෝ කියලා කියන්නෙත් මිනිස්සු.

      Delete
  25. මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා.

    ඔය හැම දේකම අවසාන ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.
    ලංකාවෙ මිනිහෙකුට යම් සිද්දියක් මතක තියෙන්නෙ උපරිම සතියයිලුනෙ.
    අර කීපදෙනෛක් කිව්ව වගේ ආත්මාර්ථය හොදටම හොදයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුවනම් මේ රට මෙලහකටත් විනාශයි. ඒ අතින් ඒ ජනතාව වීරයෝ..

      Delete
    2. හලාවතත් ඔය වගේ සිද්දියක් උනා අර පෙට්රල් ඩීසල් වැඩි කරපු වෙලේ. ඒකෙනුත් මනුස්සයෙක් මැරුණ. ඒ පවුලටත් ලක්ෂ 5ක්ද කොහෙද හම්බඋනා මගෙ හිතේ. හැබැයි ඉතින් ඔය සිද්දියත් දැන් වැඩි දෙනෙකුට මතක නෑ. අර අහින්සක පවුල ගෙනියන්න හිටපු මනුස්සය නැතිවෙච්ච පාඩුව ඒ පවුලටයි. ලක්ෂ 5න් ජීවිත කාලෙම ජීවත් වෙන්න බැහැනෙ.
      මේ සිද්දියටත් වෙන්නෙ ඕකම තමයි. කාලයක් යද්දි මිනිසුන්ට ඕක අමතකම වෙලා යනව. උබල අපි කීප දෙනෙකුට විතරයි ඕව මතක හිටින්නෙ. අර උඩින් ඇනෝවෙක් දාලා තියෙන්නෙ වෙන සිද්දිය ලෙසටම. අපිම යවපු එවුන් අපිටම කෙලිනව කියල දැන දැනත් අයෙ උන්ටම කතිර ගහන පුරුද්ද අතඇරුන දවසට ටිකක් හරි මේක හරි යයි. ඒත් ඉතින් ඔතනට යන හැමෝම කරන්නෙ එකම සන්තෑසිය තමා.

      Delete
  26. මා කම්පාවට අතිශයින්ම පත්කළ සිදුවීමක්....
    කිසිදු ආකාරයකින් මේ කරපු තුච්ඡ ක්‍රියාව අනුමත කරන්න බෑ....
    කඩාකප්පල්කාරී ක්‍රියා කළාම කියමුකෝ...ඒත් මිනී මරන්න අයිතියක් තියෙනවාද...?
    දැන්නම් අන්තිමයි ප්‍රවණතාව...

    ReplyDelete
    Replies
    1. හමුදාවට මැදිහත් වෙන්න කිසිම අයිතියක් නෑ..

      Delete
  27. ශ්‍රී ලංකාව තුළ වතුර ඉල්ලීම බලවත් වරදකි!

    ReplyDelete
    Replies
    1. වතුර හුවමාරුවටත් කෙල වෙයිද දන්නේ නෑ..

      Delete
  28. පහුගිය ජනාධිපතිවරනෙදි කවුදෝ කෂ්ටියක් ‘මිලිටරි ආණ්ඩුවක් ඇතිවෙන්න දෙන්න එපා‘ කියලා උදේ හිටං පණ යනකං බෙරිහන්දීලා, පත් කොරගත්ත සංවේදී ජන නායකයගෙ ආණ්ඩුව කෝ අනේ?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඕක පෙන්නන කොටම අපි ඕක කිව්වා..

      Delete
    2. දැන් මේ හමුදාව යවල තියෙන්නේ නානසාර උන්නහෙලු නේද?

      Delete
  29. පව් ක්ෂමා කරගැනීමට ලොක්ක පාප් තුමාට සිලි ලංකාවට වඩින්න කියයි.
    අපිත් කර ගමුද පව් ක්ෂමා?
    නැත්නම් දිගටම ලොක්කට කියල ඇර ගමුද ...................?

    ReplyDelete
    Replies
    1. තව ටිකක් අරින්නම දෙමු. තව ඉස්සරහට තව දෙනවලු...

      Delete
  30. ජනතා ප්‍රශ්නවලට ආරක්ෂක ලේකම්ගේ විසඳුම වෙඩි උණ්ඩ: තව හතරක් මරා දාලා: විස්තර කියන්නේ නෑ -විජිත හේරත්-------

    (ලංකා ඊ නිව්ස් -2013.අගෝ.02, ප.ව.3.00) නිශ්චිතවම එක් අයෙක් මිය ගිහින් තිඛෙනවා. ඔහු කහඳවආරච්චිලාගේ දොන් අකිල දිනේෂ් නමැති අවුරුදු 16 ක...See More

    ReplyDelete
    Replies
    1. උන් කෙලින්නේ පච බං..

      Delete
    2. සමහර විට හරි ඇති. මොකද ශුවර් එකටම ඒ හතර ආණ්ඩුවේ එකවුන්ට් එකට දාන්න ජෙප්පොම කරල ඇති. මොකද පහල ඉන්න උන් බිල්ලට දෙන එක මුන්ගෙ පුරුද්දක්නෙ. විජිත හේරත් කොහොමත් 89-90 බදුල්ල මතක් වෙනවා ඇතිනෙ තාමත්.

      ප.ගෝ.

      Delete
    3. තුන් දෙනෙක් සීරියස් කියන කතාව ඇත්ත..

      Delete
    4. 5 ට වැඩිය මැරුණ සහෝ.. කැමති නම් විශ්වාස කරන්න.. :(

      Delete
  31. මීට මාස ගානකට කලින් රජරට මිනිස්සු මුහුණ දෙන පානීය ජල ගැටලුව ගැන මම ලිව්ව සටහනක් නැවත උපුටා මෙහි පළකරමි. මේ උතුරුමැදින් බස්නාහිරට ආවේ ඒ ගැටලුව නොවේද?

    තවමත් උතුරුමැද මුහුණු දෙමින් සිටින බරපතලම ගැටලුව බස්නාහිරට දැනේවි කියා මොහොතකටවත් නොසිතුවෙමි.

    මගේ ගම රෝගීව

    උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය අතීතයේ පටන්ම වැව කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගෙන කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ප්‍රදේශයක්. නුවර වැව, කලාවැව සහ පදවිය වැව වටා ගොඩනැගෙන ‍ඓතිහාසික නුවරකලාවිය වී ගොවිතැන ප්‍රධානම ආදායම් මාර්ගය කරගත් බිම් ප්‍රදේශයක්.

    ඒත් 1958 න් පසු ව ඇති වු නව සමාජ දේශපාලනික විපර්යාසයන් හේතුවෙන් රජරට වැව කේන්ද්‍ර කරගනිමින් බිහි වූ ගොවි ජනපද ක්‍රමය නිසා කෘෂිකර්මාන්තය සිඝ්‍ර දියුණුවක් ලබන්න හේතුවක් වූවා සේ ම අනෙක් අතට කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගැමි ජනතාවගේ නොදැනුවත් කම නිසා ම වර්තමානයේ දීර්ඝ කාලින රෝගීන් බවට පත්වන්නේ පසුගිය දශක හය හමාරකට ආසන්න කාලයක් පුරා සිය ගොවිතැන් කටයුතු සඳහා ඉවක් බවක් නොමැතිව දිගු කාලිනව පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතා කිරිම හේතුවෙන්.

    එසේ ප්‍රමිතියකින් තොරව මෙරටට ආනයනයනය කරන කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගු ආසනික්, රසදිය, කැඩ්මියම්, (බැර ලෝහ ) සහ යුරේනියම් (විකිරණ) වැනි උග්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍ය පොළව මතුපිට ඇති වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලට සේ ම භූගත ජලයටත් මිශ්‍ර විම ය. මේවා වරක් පරිසරයට ඇතුළු වූ පසු ඉවත් නොවේ. විශේෂයෙන්ම මේ බැර ලෝහ ස්වභාවික පරිසර චක්‍රයේ ක්‍රියා කාරීත්වයට ඇතුළුවේ.

    මේ රටේත් ජනතාවගේත්, පරිසරයේත් අවාසනාවකට එසේ පරිසරයට ඇතුළු වන මේ විෂ සහිත බැරලෝහ මෙරටට ගෙන්වන පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගුවේ. 1958 න් පසු බිහි වූ ගොවි ජනපද ක්‍රමය නිසා ගොවියෙකුට හිමිවන අක්කර එකක් හෝ දෙකක් වැනි කුඩා බිම් ප්‍රමාණයට එදා සිට මේ දක්වා යොදා ඇති පොහොර සහ කෘමි නාශක / වල් නාශක රසායන භාවිතා කර ඇති අයුරු මෙසේ ය.

    යූරියා වර්ගයේ පොහොර එක් කන්නයක් සඳහා එක ගොවියෙකු විසින් කිලෝ ග්‍රෑම් 150 බැගින් වසරකට කිලෝග්‍රෑම් 300 ගණනේ වසර 60 ක් කාලයකට එක් අක්කරයකට පො‍හොර මෙට්‍රික් ටොන් 18 හෝ ඊට වැඩි ප්‍රමාණයක්ද, එක් කන්නයක් සඳහා කෘමි නාශක මිලි ලිටර් 400 බැගින් වසරකට මි.ලී. 800 ක්ද ගණනේ වසර 60 ක් කාලයකට සදහා එක් අක්කරයකට ලීටර් 54 ක්ද භාවිතා කර ඇත. මේ අයුරින්ම වල් නාශකද යොදා ඇත.

    ඒ නිසා සමස්ත රජරටම ගොවි බිමක් වූ විට එහි විනාශකාරී බව කොතරම්ද කියා ඔබටම වටහා ගත හැකිය. මේ හේතුවෙන් රජරට පො‍ළොවෙහි සහ පරිසරයේ විශාල වෙනසක් සිදුවී ඇත. පානීය ජලය සපයා ගන්නා ළිං ජලයේ පවා මෙම රසායනික සංයුතියේ සාන්ද්‍රණය ඉහළ ගොස් තිබේ.

    මුළු රජරට ප්‍රදේශයේම පානීය ජලයේ රසායනික සාන්ද්‍රණය ඉහල යාම හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතී. බොහෝ වකුගඩු රෝගීන් තමන්ට එවැනි රෝගයක් වැළඳී ඇති බව දැනගන්නා විට හෝ රෝහල්වල කෙරෙන පරීක්ෂණ මගින් එකී රෝගී තත්වය නිශ්චිතවම වැළඳී ඇති බව තහවුරු කර ගන්නා විට ඔවුන්ගේ වකුගඩු වලින් 40% - 50% අතර ප්‍රමාණයක් අක්‍රිය වී අවසන්ය. යමෙකුට මේ රෝගය වැළඳුන පසුව නියතයෙන් ම හිමි වන්නේ මරණයයි. ඒ අනුව උතුරු මැද පළාතේ ග්‍රාමීය ජනතාව උග්‍ර පානීය ජල ගැටලුවකට මෙන්ම දැන් වකුගඩු අක්‍රිය වීමේ රෝගයට ද මුහුණ දෙමින් සිටී.

    එහෙත් මේ දක්වා රජරට ගැමි ජනතාව තව දුරටත් සිය ගම්බිම්වල ඇති ළිංවලින් මෙන්ම වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලින් සිය පානිය ජල අවශ්‍යතා සපුරා ගැනිම හැර වෙනත් කළ යුතු දෙයක් ඔවුනට නොමැත. එදා යුද්ධයේදී හඬ අවදිකළ රාජ්‍ය නොවන සංවිධාන පවා මේ මොහොතේ නිහඬය.

    එදා කාලිංග මාඝ යුද්ධයෙන් පසු සියවස් ගණනාවක් අහිමි ව තිබූ රජරට සශ්‍රීකත්වයේ ශිෂ්ඨාචාරය යළි පණ ලැබූයේ 19 වන සියවසේ සහ 20 වන සියවසේ දී ය. ඒත් ඒ ‍ඓතිහාසික ශිෂ්ඨාචාරය යළිත් රෝගී වෙමින් පවතී.

    ........................................................./...............................................................

    ඒ එහෙම වුණත් හෙට මැතිවරණයක් තිබ්බත් රජරටත් ගම්පහ වැසියෝත් ඡන්දය දෙන්නේ දෑත් ශක්තිමත් කරන්නටය.. ඇයි එහෙම වෙන්නේ.... මේ ආශ්චර්යය නිසා කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. විසදුම් දෙනවා... දෙන්නේ බිල්ලක් අරන්... නැත්තං ආතල් එකක් නැතුව ඇති.. තුවක්කු මළකඩ කාලා නේ ඇත්තේ..

      Delete
  32. unite we stand, the way things go i dont think the government can survive for long,,,, i wonder wat happned to basila his wife, dulip,, pandu, sarath keerthi ratna,,and lasantha, when people are in need of political backing the boneless politicians are no where to be seen, when there is an elections they are every where, im still 26 and i learnt my lesson abt politicians already , in vain my vote wasted for mr

    ReplyDelete
    Replies
    1. අර අනිත් හාල්පාරුවන්ගේ නම් ටිකමතක් කලාට බොහොම ස්තූතියි මහ ඇමතියත් ඔය පැත්තෙම නේ..

      Delete
  33. ඔය කා‍ටුන් එකේ තියෙන දේ තාම උනේ නෑ මචං පටන් ගත්තා විතරයි..! 89 දී අපි හොඳට ඔය අත් දැකීම වින්දා. ඒ නිසා .................ඕන්නෑ ඉන් එහාට..!!!!

    ReplyDelete
  34. බුදුන්ටත් ඥාතී වූද,දුටුගැමුණුටත් ශිල්ප ඉගැන්වූවා වූද,තාත්තාලටත් වඩා මහා අප්පොච්චා වූද,මහණුන්ටත් ධර්මය දෙසන්නා වූද,කෙල කෝටියක් විෂයයන් ගෙන් අගතැන් පත්වූවා වූද ඔබ වහන්සේගෙන් ඉල්ලා වදාරා සිටියේ අවම වශයෙන් පුක හෝදා ගැනීමට වතුර පොදක් පමනි.

    ReplyDelete
    Replies
    1. දුන්නේ පුකෙන් දුම් යන්නම.. තව මොනවද ඉල්ලන්නේ..

      Delete
    2. අරුගේ කමෙන්ට්ස් බොහෝ තැන්වල දැක්කා.. මේ කමෙන්ට්ස් ටිකම එකතු කරලා ලිපියක් ලියන්න වටිනවා..

      Delete
  35. ජලයේ PH අගය කාලයක් තිස්සේ අසාමාන්‍ය ලෙස පහල යනවිට අදාල බලධාරීන් නිදි.මේ ප්‍රශ්නයේ මුල එතැනයි.
    එදා පුද්ගලික අංශ විශ්‍රාම වැටුප් විරෝධය,තෙල් මිල වැඩිවීමට එරෙහි ධීවර සටන අවස්ථා වලදී මෙන්ම මෙහිදීත් සිදුවූ ඝාතන හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් බන් ඔය ලියලා තියෙන්නේ..

      Delete
  36. කොමෙන්ට් වල තිබෙන ඒවා 100 % ක්ම ඇත්ත.සම්පූර්න වරද මහජනතාවගෙ.හැඟීම්බර වන විට බුද්ධිය ගවු ගනනකින් පළා යනවා.දිස්ත්‍රික්කයක මනාප ලැයිස්තුවක ඉහලින්ම ඉන්නෙ ඉතාම නරක පුද්ගලයන්.ඒවගේම ඕනෑම රටක බල තුලනයක් අවශ්‍යයි.බල තුලනය කියන්නෙ ඊනියා විධායක,ව්‍යවස්ථාදායක ,අධිකරණ නොවෙයි.ජනමාධ්‍ය,විපක්ෂය හා ජාත්‍යාන්තර ප්‍රජාව.මෙතන ජාත්‍යාන්තර ප්‍රජාව කියන සාධකය ඉතා වැදගත්.දේශීය දුෂ්ට බලවේග යම් මට්ටමකින් කොන්ට්‍රෝල් වෙන්නෙ ඒ නිසයි.ඔය කියන සාධක නැතිනම් මිනිස්සුන්ට මොනවගෙන් මොනව වෙයිද කියල කියන්න බෑ.ඒ වගේම කිසිම පුද්ගලයෙක් හෝ බලවේගයක් ගැන පූර්ණ විශවාසය තබන එක මෝඩ කමක්.මම දැක්ක අපි බෝධි පූජා තියපු රණ විරුවන් මේ විදියාට් කරයි කියල හිතුවෙ නෑ.මේ කතා වලට නම් ඉතින් හිනා වෙනව ඇර කරන්න දෙයක් නෑ.හමුදාව පොලීසිය කියන ආයතන කාගෙද ඒව පිහිටවල තිබෙන්නෙ ඇයි කියන කාරණා දන්නෙ නැති අසරණයන්ගෙ කතා තමයි ඒ.
    ජනතාවගෙ ඡන්ද වලට වඩා ජාවාරම්කාරයගෙ ප්‍රාග්ධනය බලවත්.අනෙක් අතට ජාවාරම්කාරයට පුළුවන් සල්ලි වලට ඡන්ද ගන්න.ඔය ජාවාරම්කාරය ඔය පළාතෙන් චන්දෙ ඉල්ලුවොත් ඔහු මනාප ලැයිස්තුවෙ එකට එනවා.ඔහුගෙ විශාල ප්‍රාග්ධනයට පුළුවන් ජනතාවගෙ මනස සකස් කරන්න.වෙඩි කාපු ගුටි කාපු අයගෙ චන්දත් ගන්න පුළුවන්.දේශපාලකයන්ට බනින එක වැරදියි.කොයි ආන්ඩුව ආවත් ගන්නෙ ජාවාරම්කාරයගෙ පැත්ත.
    මේක ලඝුවට අරගෙන ආන්ඩුවට බනින එක තේරුමක් නෑ.යූ ඇන් පී එකෙනුත් කරන්නෙ ඔය වැඩේමයි.හමුදාව පොලීසිය කියන්නෙ මර්ධනය සඳහාම පිහිටුවා ගත් ආයතන.මර්ධනය කරන එක,වෙඩිතියන එක ,මරණ එක ඒ අයගෙ රස්සාව.ඒ අය අණ පිළිපදිනව.

    කොමෙන්ට් දමන ඔබ හෝ මම හමුදාවෙ පොලීසියෙ හිටියනම් අපිත් ගහනව,වධ දෙනවා,මරණවා,ඒක ඒ රස්සාවෙ හැටි.

    කොමෙන්ට් දමන ඔබ හෝ මම ආන්ඩුවෙ ඇමතිවරු හෝ ආන්ඩුව මෙහෙයවන බලවතුන් කියල හිතන්න .ඔබ ගන්නෙ ගම්වැසියන්ගෙ පැත්තද ජාවාරම්කාරයගෙ පැත්තද

    අවංකව හිතන්න ඔබත් මමත් ගන්නෙ ජාවාරම්කාරයගෙ පැත්ත.
    මේ නිසා පොලීසියට හමුදාවට හෝ ආන්ඩුවට බනින්න එපා.ඔතෙන්ට ගියොත් කවුරුත් කරන්නෙ ඔය වැඩේ.

    මේකට විසදුමක් නැද්ද? තිබෙනවා
    මේ මැතිවරණ ක්‍රමය තුල චන්දයට තිබෙන්නෙ නාමික වටිනාකමක්.චන්දෙ දවසෙන් පස්සෙ චන්දදායකයා අකර්මන්‍යයි.චන්දය දෙන්නෙ කාටද කියන එක ගැන මනස සකස් කිරීම් හා චන්දදායකයගෙ මුග්ධ කම කියන කරුණු පැත්තකට දාමු.

    මේ මවා පාන බොරු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට චන්දයට විධායක වටිනාකමක් දෙන්න බැරිද? මේක විද්‍යාත්මකව විග්‍රහ කරන්න ඕන දෙයක්.ඉතා සරල තැනින් පටන් ගමු.

    පළාතෙ මන්ත්‍රීවරයා වග කියන්නෙ තමන්ගෙ පක්ෂෙ ලේකම්ට,නායකයට,පාර්ලිමේන්තුවට,විධායකයට.හැබයි ජනතාවට වගකීමක් නෑ.අපි හිතමු මැතිවරඇණ් කොට්ටාසයකට ගම් දෙසීයක් තිබෙනව කියල.මේ දෙසීයෙන් තමයි මන්ත්‍රී තෝරන්නෙ.මේ දෙසිය දෙනාට තමයි ම්නත්‍රී වග කියන්නෙ.මන්ත්‍රීව ඉවත් කරන්න අර ගම් දෙසීයෙ නියෝජිත සභාවට් පුළුවන්.අද තිබෙන මන්ත්‍රී විසින් පත් කරන ඔහුගෙ රූකඩ ප්‍රාදේශීය සභාව වගේ එකක් නොවෙයි මෙය.කේන්ද්‍රීය ස්ථානයක් වටා රටම බ්‍රමණය වන ක්‍රමය වෙනුවට මේ වගෙ විකල්පයක් අවශ්‍යයි.එහෙම ක්‍රමයකදි මන්ත්‍රී වගකියන්නෙ තමන් අයිති මහා ග්‍රාම සභාවට.මේකෙන් බිම් මට්ටමේ අහිංසකයටත් බලයක් එනවා.

    මේක තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම කීවට ගම කියන භූගෝලීය ඒකකයම මූලික තැනුම් ඒකකය වෙන්න ඕන නෑ.ගම තුලත් විවිධ අගතීන් තිබෙනවා.

    මම මේ කාරණය ගැන සිතන්න පෙළඹුනේ 1987-1989 කාලෙ ජේ වී පී එකෙන් හා ආරක්ෂක අංශ වලින් ජනයා විදි පීඩනය දැකලයි.ජාත්‍යාන්තර බලවේග නොතිබුනා නම් කැරැල්ල මර්ධාන්ය කළ පසුව හමුදා පොලිස් පීඩනය දිගටම ගෙන යන්න ඉඩ තිබුනා.ජන මනසත් ඒ මට්ටමට වැටිලා තිබුනෙ.පොලීසියෙ හමුදාවෙ පහලම එකත් හිතුවෙ ඕනම වෙලාවක තමන්ට නීතිය අතට ගන්න පුළුවන් කියලයි.

    දේශපාලන ක්‍රමය විද්‍යාත්මක වෙනසකට බදුන් කරන තුරු ගැටළු එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. මේක පොඩි පොඩි ගැටළි තිබුනත් ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුන රටක්. එ දේශපාලනය බඩ රස්සාවක් නොවුන නිසා. මේක රැකියාවක් ලෙස යෝදා ගැනීම නතර කරන තෙක්, තව තවත් අගාදයකට යනවා විනා ගොඩ ඒමක් නැත.

      Delete
  37. හැබැයි මෙහෙම දේකුත් තියනවා... වැඩි දෙනෙක් කියන්නේ එයාලාගෙ pH එක අඩුයි කියලා, වැසි දවස් වල pH එක පහල යන එක සාමාන්‍ය දෙයක්....

    ReplyDelete
    Replies
    1. අනිත් පලාත් වලත් එහෙම වෙනවා ඇති. ඕක අර පොලොස් කොට්ටෝරුවට කියන්න. ඒයා පිටපත් හොයනවා මේ දවස්වල.

      Delete
    2. මතක ඇතුව නයි ටී ඇන් එකටත් දෙන්න

      Delete
    3. @වෙඩික්කාරයා
      උඹ කොහෙන්ද පොන්නයො ඕවා ඉගෙන ගත්තෙ.... දන්න රෙද්දක් කියපන්.... වැස්සට pH වැඩිවෙන්නෙ වැහි වතුරවල.... pH නෙවෙයි ප්‍රශ්නෙ.... ඇමෝනියා, නයිට්‍රේට්, ඇතුළු පිලිකා කාරක බැර ලෝහ.... (Cd, Zn, Fe......)

      Delete
    4. @වෙඩික්කාරයා
      උබේ පුකේ PH අගය කීයද. පුකට ඇඟිල්ල ගහලා, ඒ ඇඟිල්ල දිවට තියලා බලපං.

      Delete
    5. මතලන්ලා සහ ගොට්ට අල්ලන සෙට් එකම බලන් ඉන්නේ කොඉ වෙලාවේ මේ වගේ සීන් එකක් වෙඉද කියල හොද පොස්ට් එකක් ලිය ගන්න . කව්රු හරි වැදගත් විදිහට ප්‍රශ්නයට හේතුව ඇහුවහම උට පුකේ ඇගිල්ල ගහගන්නලු . ඇත්තටම මේ කරමාන්ත ශාලාවෙන් මේ වගේ රසායනික ද්‍රවයක් පිටවෙනවද කියලවත් කව්රුත් හරියට දන්නේ නැහැ . ඔය කියන අහිංසක ජනතාව උද්ගෝෂණය කරන වෙලාව වෙනකොට කර්මාන්ත ශාලාව වහල, වැඩ නතර කරලා . ආයතන කීපයකට සහ පේරාදෙණියේ campus එකට කියල තිබුනේ පරීක්ෂණ කරලා හේතු දෙන්න කියල. ඔය උඩ අහල තියනවා වගේ ඇත්තටම හේතුව මොකක්ද කියල හොයා ගන්න. මේ බ්ලොග් ලියන වේසිගෙ පුතාල වගේ එතන උද්ගෝෂණය කරපු කීප දෙනෙකුටත් ඕනේ උනේ එකෙක් දෙන්නෙක් මර ගන්න. ඊට පස්සේ ක ගහන්න මිසක් ප්‍රශ්නේ විසදගන්න නෙවි .

      Delete
    6. අපට කිසිසේත්ම අවශ්‍ය නෑ මේ වගේ පෝස්ට් ලියන්න. හිට් වෙලා තියෙන පෝස්ට් බැලුවම පෙනෙයි නේ ඒකේ ඇත්ත. නමුත් මේ වගේ මැටි මෝල් ගොන් තකතීරූ හරක් වැඩ කලාම ඒවා ගැන කතා නොකර ඉන්නෙත් නෑ. හිර ගෙදර සීන් එකේදි මම හිටියේ තනිකර හමුදා ක්‍රියාමාර්ගය එක්ක. ඒත් මේ සිද්දියේදි එහෙම ඉන්න බෑ. ඉස්සරහට ඉන්නෙත් නෑ.

      අමු කෙප්ප කෙලින්න එපා. රටම දන්නවා ඇත්ත මොකක්ද කියලා..

      Delete
    7. //අමු කෙප්ප කෙලින්න එපා. රටම දන්නවා ඇත්ත මොකක්ද කියලා..//

      Everything planed from an anti government group.

      https://www.youtube.com/watch?v=YQuB8IypH_Y&feature=player_embedded

      Delete
  38. මගේ වයසේම ඉන්න අහිංසකයෙක් මැරුණා නොවෑ... දැන් ලස්ස ගාණක් දීල ඒ පවා මකා ගනී.
    හැබැයි මේ කපේ විතරයි ඔව්වා...
    වතුර සුට්ටක් ඉල්ලන් ආපු උන්ට වෙඩි උන්ඩෙන් කෙලියා ඕකුං.. මොනා කරන්නද ආසියාවේ ආස්සර්ය උණා නෙව...

    හිතට දුකයි. මක්කෙයි කොරන්නේ. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද මේ දුක.....

    මයේ අප්පච්චියා වගේ එකෙක් ඔය පාරේ වැටිලා ඉන්නේ වෙඩි කාල. මයේ අප්පච්චිය මට සිහි උනේ මාතලන් අයියේ.. ඒ අහිංසකයා කියන්නෙත් මේ දේ අසදාරණයට කවදාවත් අපේ ලේ වල ඔට්ටු නැහැ කියා.. මයේ අප්පොච්චා උන්නා නම් ඔහේ උන්දැත් යයි. ගිහිං ඔය වගේ වෙඩි කාගෙන එයි නේද කියලා සිහි වෙනවා....

    මොනා උනත් අපේම අසරණ සහෝදරයෝ. අපේම උන් තමයි වෙඩි කෑවේ..

    මම දැක්කා ටීවී එකේ අරකයි මේකය බල්ලෝ හරක් පුසෝ හැම එකාම හොස්පිටල් ගානේ ලෙඩ්ඩු බලන්න රිංගනවා. දැන් තමයි හැම එකාටම සාදාරනය මතක. අනේ දෙයියනේ වයසක උන් බෝධි පූජා තියලා රැකපු ජීවිත ඔය. උන්ට කොකා ගස්සන්න හිතුනා නේ ඔය අහිංසකයෝ දිහා බලාන..

    කියන්ට බෑ.. ඔකුනුත් ගල් බාගෙන් ලැව ද දන්නේ නැහැ..

    කොහොම හරි අවසානෙට එකෙක් දෙන්නෙක් පරලොව ගියා ජල බිඳුවක් නිසා...

    H2O අණු වලට පණ තියේනම් ජීවේ ආරම්භයට කවදාවත් කෝණික හැඩය ගන්නේ නැතුව ඉඳි...
    ඒක මට ෂුවර්..


    වැලිවේරියේ ත්‍රස්තයන් හා ජල බිඳුවක මහිම - බලන්න බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි පුතා උඹේ වයසට සමාජය ගැන මෙතරම් අවබෝධයක් තිබෙන එක. මොකෝ කැම්පස් වල ඉන්න උන් බුකියේ මල් කඩන. බොළඳ බ්ලොග් ලියන කාළයක් මේක.

      Delete
  39. Lankaenews
    8 hours ago
    "අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?"- අම්මා කෙනෙක් : "ඒවා ගැන අපිට වැඩක් නැහැ.." -බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන------------
    'ජනාධිපතිතුමා ගැන තිබ්බ විශ්වාසෙත් ඉවරයි' - වැලිවේරිය ප්‍රදේශවාසියෙක්

    (ලංකා ඊ නිව්ස් -2013.අගෝ.02, ප.ව.4.00) "මැරුවත් කමක් නෑ අපි කියන්න ඕනෙ දේ කියන්න ඕනේ. මේ වෙලාවෙ සිද්ධ වුනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල ම්ලේච්ඡ ත්‍රස්තවාදී කළ වගේ ක්‍රියාවක්. දවල් 2 ඉඳල අසරණ අපිට ගහන්න පටන් ගත්තෙ. අපි මොනවද ඉල්ලූවේ. අපි වතුර ටිකයි ඉල්ලූවෙ. අපේ ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියාගෙන ජීවත් වුනේ. එදා අපි රණවිරුවන් වෙනුවෙන් දවල් රෑ බෝධි පූජා තියල ආශිර්වාද කරල අද ඒ අයගෙන් පොලූ පාර කාපු අය මෙතන සිය දහස් ගාණක් ඉන්නව. පවුල් දහස් ගාණකට බොන්න වතුර ටිකක් නැතිනම් කොහොමද ජීවත් වෙන්නෙ. දැන් වෙඩි තිබ්ඛෙ බල්ලො බළල්ලූ ගානට. ඇත්තටම අපේ රටේ නායකයා අපේ ජනාධිපතිතුමා මෙහෙම දෙයක් කරයි කියල අපි හීනෙකින්වත් හිතුවෙ නෑ. අපිට තිබුණු එකම විශ්වාසෙ ජනාධිපතිතුමා දැන් අපිට ඒ විශ්වාසෙත් නැතිවෙලා ඉවරයි. අපිට දැන් කියන්න තියෙන්නෙ. මීට වඩා හොඳයි මුළු ලංකාවටම බෝම්බයක් දාල අපි ඔක්කොමව මරල දාන්න කියලයි" මෙසේ කීවේ ඊයේ වෙඩි ප්‍රහාරයට ලක්ව දිවි බේරා ගත් වැලිවේරියේ වැසියෙකි.

    ReplyDelete
  40. මේ සිද්ධියේ තිබෙන බියකරු බව සහ පිළිකුල් සහගත කමට වඩා බියකරු පිළිකුල්සහගත ඩලස්ගේ කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ මොන තරම් නරුම තැනකට අප සමාජය තල්ලු වෙමින් තියෙනවද කියන එකයි.පාලකයෝ නරුමයෝ වෙලා.. ජනමාද්‍ය නරුමයෝ වෙලා. ජනතාව නරුමයෝ වෙලා. හෙට අනිද්දා වෙනවිට මේ නරුම සමාජයේ මීට වඩා ඛේදවාචක ඇතිවෙයි. ජීවිතය පිලිබඳ ආශාව අතහැරලා ප්රජාතන්ත්රවාදය පිලිබඳ අරගලයක් කරන්න සමාජය යොමු නොවුනොත් මේ නරුම මිනීමරු තන්ත්‍රය අපේ රටේ ජීවන විලාසිතාව බවට පත්වේවි

    ReplyDelete
    Replies
    1. සක්කිලි දේශපාළඥයෝ කියන්නේ මේ වගේ උන්ට, වැදගත් උන් අඩු ගානේ නිහඬව ඉන්නවා.. තව එකෙක් කිව්වා කකුස්සි වලවල් නිසාලු වතුර ජරා වෙලා තියෙන්නේ.. මුන්ට ගූ ගහන්න ඕන..

      Delete
  41. RATHUPAS WALA JANATHAWATA SIDUWOO DEYA HETA THAWA THANAKA THAWA PIRISAKATA SIDUWEWI.

    ReplyDelete
  42. කුණුහරුප තමා කියන්න වෙන්නේ..
    අනෙකාට වෙන අසාධාරණය නිහඩව බලා ඉන්න උන් ඉන්න රටක් මේක....

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කරන්න පුළුවන් දේ කලා. ඒ වගෙම මාධ්‍යයටත් අපගේ ස්තූතිය පිරිනැමිය යුතුමයි. දිණමින. නයි ටී එන් නෙමෙයි...

      Delete
  43. Replies
    1. නෑ දවස් දෙකයි.. හෙට ඉඳලා ටුවෙන්ටි ටුවෙන්ටි..

      Delete
  44. අප තවමත් තුන් වන පන්තියේ දුප්පත් රටක් බව......ශ්‍රී ලංකා රජය නැවත ලොවට කියා අවසනය....

    අප නායකත්ව පුහුණුවට එක වරක් හමුදා පුහුණු පාසැලකට යැවූ විට එහි ප්‍රදාන පාලකයා වරයා කිවේ.....

    "අපිට උබල වගේ ඉගෙන ගත්තු උන් වැඩක් නැහැ. අපිට ඕනේ අණක් දුන්න ගමන් හරිද වැරදිද කියල බලන් නැතිව ඒ අණ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉගෙනගත්තු නැති උන්....උබලට මොනහරි අණක් දුන්නම උබල හිතනවා ඒ නිසා ඉගෙන ගත්ත උන්ගෙන් හමුදවකට වැඩක් නැහැ"

    ඒ බව රතුපස්වල ප්‍රහාරයෙන් මොනවට පැහැදිලි විය. මේ වන්නි මානුෂිය මෙහෙයුමේදී ලොව විශලතම මානුෂිය මෙහෙයුම දියත් කල වීර හමුදා සෙබලුද......

    නලින්ද සංජිව කියන විදිහට තම හදවතකට එකගව තම රැකියාව කිරීමට නොහැකි ඕනෑම මනුස්සයෙකු මහම කාලකන්නියෙකි. ඒ බව උද්ගෝෂණයක් අවසාන බොහෝ විට හමුදා, පොලිස්, කැරලි මර්දන අදින් ගෙන් හොදට දැකිය හැකිය. ඔවුන්ට අවශ්‍ය මිනිස්සුන්ට පහර දීම නොව තම දරු පවුල රැක ගනු වස් පඩියක් වෙනුවෙන් තම ඉහල නිලදරියගේ අණ ක්‍රියාත්මක කිරීමටයි. මේවා හමුදා සෙබළුන්ට වඩා නිලදාරීන්ගේ තක තීරු පාලනයේ නිර්දය පාලනයයි....2/3 දීලා ආණ්ඩු පත් කලේ ජනතව නිසා ගොන්නු කවූරුත් නොව ජනතාවය....

    flying fish අපට රුප රාමුවල දැකීමට අවශ්‍ය නැත මින්ස්සු ඒක සජීවීව රතුපස්වලදී ඉතා හොදට නරබන ලදී.......සිංහල මිනිසුන් වතුර වෙනුවෙන් උද්ගෝෂණය කලවිට මෙහෙම් සැලකුවෙනම්, දෙමල මිනිසුන් තම රටත් වෙනුවෙන් සටන් කරද්දී මොඋන් කොහොම සලකන්න ඇත්ද.....

    ආපස්සට හිතන්න එපා එහෙම උනොත් අපිට ආයේ අවංක හමුදා සෙබලෙක් වෙනුවෙන් අසුනක් වත් දීමට නොසිතෙවී......

    වතුර වෙනුවන් හඩ නගන රටක.....ආශ්චර්යමත් පාලනය......දුකයි......

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එක. මමත් හරි දුකෙන් හිටියේ ඉගිල්ලෙන මාළුවෝ බලාගන්න බැරිවෙයි කියලා. දැන් නම් කිසි දුකක් නෑ. නොමිලේම බලාගත්තා. හිරු, දෙරණ, සිරස චැනල් වලට පින් සිද්ධ වෙන්න..

      Delete
    2. /* සිංහල මිනිසුන් වතුර වෙනුවෙන් උද්ගෝෂණය කලවිට මෙහෙම් සැලකුවෙනම්, දෙමල මිනිසුන් තම රටත් වෙනුවෙන් සටන් කරද්දී මොඋන් කොහොම සලකන්න ඇත්ද.....*/

      රස්ති,
      ඔබ නොදන්නවා වුනාට අපේ සමහර අයට ඕක තේරුණේ 1988-89 දී සහ කාරේ‍රා ගාල්ල, මාතර පැත්තේ කොල්ලන්ව පන පිටින් ටයර්වල යවන කොටයි!

      මේ කතන්දරය කියවන්න.

      http://kathandara.blogspot.com.au/2010/06/blog-post_21.html

      Delete
    3. මම පහුගිය කාලෙම කතන්දරගෙ කොමෙන්ට් බැළුවා මොකද මිනිහට බැනල අනිත් උන් මෙච්චර කොමෙන්ට් දාන හින්දා. මට තේරෙන්නෙ මේකයි, මෙතන ඉන්න අපි ඔක්කොම මේ වෙච්ච දෙයින් කම්පා වෙනවා, උන්ට සාප කරනවා, ඒත් කතන්දර මේකෙන් පොඩි කාලකණ්නි සතුටක් ලබනවා කියල. අනේ මන්ද මට එහෙම තමයි හිතෙන්නෙ, සමහර විට වැරදි ඇති.

      ප. ගෝ.

      Delete
    4. අනේ ප.ගෝ. ඕක ඔයා කියන්න ඕනියැ, මං මේ කතන්දරයක්ම ලියලා පල කෙරුවේ ඊයේ (අගෝස්තු 4) කාලකණ්ණි සතුට ගැන.

      කාලකණ්ණි සතුට සහ මාටින් නීමොලර් - Evil happiness and Martin Nemoller
      http://kathandara.blogspot.com/2013/08/blog-post.html

      ප.ගෝ. මගේ කතන්දර නොකියවා අනෙක් බ්ලොග්වල දාපු කමෙන්ට්ස් විතරක් කියෝපු නිසයි ඔය කතාව ලියන ඇත්තේ!


      Delete
  45. dallas buruwa kiyna widihata ARMY was there to deliver the good news of closing down the factory and the bastards in weliweria has thrown petrol bombs at those innocent angels to provoke them, he may hav thought that we have a very low iq, why the fuck they hv to deploy the army to deliver the fucking goon news, couldnt they send a politician to speak to the people, and when protests take place in colombo fort shuttin downt the whole city they never use live ammunition to clear out the road then why in a remote and a place that has less traffic has to be cleared wit live bullets.muge ammage ashcharya, mahinda and gota are responsible for this not any one else

    ReplyDelete
    Replies
    1. ඒ අපි එහෙම හිතුවට ආමි එකේ රණවිරුවෝ නෙමෙයි වෙඩි තියලා තියෙන්නේ. එයාලා එහෙම දේවල් කරන අය නෙමෙයි. අනික එහෙම දෙයක් කරාම, එ ජා සංවිධානේ චැනල් ෆෝ ෆිල්ම් පෙන්නන්න ඕන නෑනේ. මේවා පෙන්වන්න පුළුවන්නේ. මේ කරලා තියෙන්නේ. විපක්ෂයේ කස්ටියක්. දැන් ප්‍රශ්ණේ තියෙන්නේ විපක්ෂය සතුව මේ වගේ හමුදාවක් ඉන්න එක. එකට නම් වහාම කමිටුවක් පත් කරන්න වෙයි. ඩලස් කතා කරන්නේ කටෙන් නෙමෙයි පුකෙන්.

      Delete
  46. නැදුන්ගමුවෙ ඇතා තමයි මේ මරණෙට වගකියන්න ඕනෙ. ඇසිඩ් වතුර ටික සුරුස් ගාල ගහල දැම්මනම් කවුරුත් ඕක හොයන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි බන්.අපිට පිස්සු මෙ කොහෙවත් යන අහින්සකයින්ට බනිනව

      Delete
    2. එහෙම හිතන්නත් පුළුවන්

      Delete
  47. 2011 කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ගැටුම මතක කාටද? 2012 ඉන්ධන සහනාධාරය ඉල්ලූ සහෝදරයා වෙඩි වැඩී මියැදුනා මතකද? මේ අවසානය නොවේ. එකදු දේශපාලකයෙකුවවත් මේ මල ගෙවල් වලට වද්දා නොගැනීම හා එහෙම එන උන්ට හූ තියා එලවීම අදාල දෙමාපියන්ගේ සහ රතුපස්වල ජනතාවගේ යුතුකම සහ වගකීමයි. මියගියවුන්ට දිය හැකි ඉහලම ගෞරවය එයයි!

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම එකම සෙට් එක. ජෙප්පන්ද ඇතුළුව..

      Delete
  48. රතුපස්වලම කෙනෙක් හැටියට මං මේ ටික කියන්නං. බ්ලොග් ලියන කවුරු හරි ඇවිත් හොයලා බලන්න මේවා හරියටම තේරුම් අරං යන්න පුළුවන්. මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ ආණ්ඩුවට මගේ ඇති සම්බන්ධයකුත් නැහැ. මං ජිවත් උන දශක හය තුලදී මුල්ම චන්ද අවස්ථා හතරෙන් පසුව මේ වන තුරු ඡන්දයක් දීලත් නැහැ ආයේ කවදාවත් දෙන්නෙත් නැහැ. නමුත් මේ රටේ සිද්ධවෙන දේවල් හා ඒවා වාර්ථාකරණය වෙන හැටි ගැන ඇත්තටම මට පුදුම කණගාටුවක් තියෙනවා. කවදාවත් ඇත්ත මතුවෙන්නේ නැහැ කිසිම තැනක. මිනිස්සු කැමති තමන්ට උවමනා දේ අහන්න මිස ඇත්තට කන් දෙන්න නෙවෙයි. ඉතිං ප්‍රවෘත්ති දෙන අයත් ඒ විදියටම වැරදි දේවල් දෙනවා. මාතලංලා වගේ පැසුණු උදවිය ඒ දේවල් තව තවත් සොයා බැලීමකින් තොරව හැඩ දාලා කියනවා. මං දැක්කා පොඩි දරුවෙක් බොහෝම ආවේගශීලීව ලියාගෙන ගිහින් තියෙන හැටි යම් යම් කරුණු ටිකක්. මාතලං මහත්මයා එහෙම අග මුල නොදැන දොඩවන දරුවන්ව තව උස්සලා මුරුංගා අත්ත අගිස්සේ තියනවා. මොනවද මේ සිද්ධ වෙන්නේ. නිදහස ලැබුනු දවසේ ඉදන් අපේ රටේ කිසිම නායකයෙකුට වැඩ කරන්න නොදුන්න අය වැඩියි. හැම වෙලේම කකුලෙන් ඇද්දා. මේ රට දියුණු කරන්න හිටිය හොදම නායකයා තමයි දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමා. නමුත් එතුමට තමුන්ගේම මිනිස්සු කලේ හතුරෙකුටවත් නොකරන විපත්. මැතිණිට දුන්නා ලණු. මැතිණිගෙන් පස්සේ මේ රටට වෙච්ච විපත ගැන කියන්න සිංහල භාෂාවේ වචන මට මදි. ප්‍රේමදාස මහත්මයට මොකද කලේ මිනිස්සු. විපක්ෂේ අය ගහන්න පුළුවන් ඔක්කෝම මඩ ගැහුවා. තමුන්ගේම පක්ෂයේ රඳළයෝ ඒවට උඩ ගෙඩි දුන්නා. අන්තිමට අර මනුස්සයා වියරු වැටුනා. රටත් ඉවරයි. පක්ෂයත් ඉවරයි හැම දේම ඉවරයි. මේ හැම දේටම මුල බොරුව. අතොරක් නැතිව කියන බොරු වලින් මේ මිනිස්සු නැති ප්‍රශ්න ඇති කරනවා. ඇති ප්‍රශ්න වැඩි කරනවා. කවුරුවත්ම නැහැ ඇත්ත ගැන හොයන්නේ.

    ඇත්තටම රතුපස්වල මොකද වෙන්නේ? කාටද දැනගන්න ඕන?

    උපවාස කරන හාමුදුරුවෝ ෆැක්ට්‍රියෙන් ලොකු සම්මාදමක් බලාපොරොත්තු උනා. කලින් දේවල්වලට සම්මාදං දුන්නට හාමුදුරුවෝ ඉල්ලුවේ ප්‍රයිවට් කේස් එකක් හින්දා සමාගම් කළමණාකාරීත්වය සල්ලි දුන්නේ නැහැ. මාතලං මහත්මයට මේ උන දේ මොන වගේද කියලා තේරෙනවා ඇති.
    ඊ ළගට ෆැක්ට්‍රියේ වැඩට පිටින් ආව උන්ට ගමේ උන් වලියක් දැම්මා. අන්තිමට උනේ ෆැක්ට්‍රිය ගමේ උන්ට රස්සා දෙන එක නැවැත්තුවා.

    මැනේජර් කෙනෙක් යාළු උන කෙල්ලෙක් ගැන බලාපොරොත්තු තියං හිටිය ප්‍රාදේශීය සභා කොල්ලෙක් හිටියා. අර කෙල්ල මැනේජර් බැන්දා.

    රතුපස්වල ගමේ එක පැත්තකට කාලාන්තරයක් තිස්සේ වතුර ප්‍රශ්නයක් තිබුනා. ඔය අතරේ ෆැක්ට්‍රිය අවට ළිඳක ප්‍රශ්නයක් උනා. ඒක ෆැක්ට්‍රිය හින්දා උනා කියන්න අමාරු ෆැක්ට්‍රියේ අප ජලය යන පැත්තේ නෙවෙයි මේ ගේ තිබුනේ. ඒත් කවුරු හරි උසි ගැන්නුවා මිනිහව ෆැක්ට්‍රියෙන් කෝටි ගානක් ගන්න පුළුවන් කියලා. ඌට ෆැක්ට්‍රියෙන් තඹ සතයක් හම්බ උනේ නැහැ. අන්තිමට ලිං කිහිපයකටම එක එක දේවල් දාලා තිබුනාවතාවෙන් වතාව. මිනිස්සු මේවා ආවේ පොළවෙන්ද කාගේ හරි අතකින්ද කියලා හොයන්න කලින් හැම තැනින්ම ගින්න පත්තු කලා.

    දැන් පේනවද වෙන දේවල්. අතන මිනිස්සු බර ගානකගේ බඩ රස්සා. විශාල ආයෝජනයක්. දේශිය කර්මාන්තයක්. ඒත් පටු අරමුණු කිහිපයක් වෙනුවෙන් දැන් මේ දේවල් අනිත් පැත්ත කැරකිලා. උද්ගොෂණවලට යන්නේ නැති අයට කෙනෙහිලිකම්. තර්ජන.

    කරුණාකරලා පිං සිද්ධ වෙයි මේ ටික හොයන්න මාතලං මහත්මයා. මේ පොඩි දරුවන්වත් පාරට අදින්න එපා ඇත්ත නැත්ත හරියට නොකියා. අපේ කාලේ දැන් ඉවරයි. අපි දුක් වින්දා ඇති. මේ ළමයින්ට ඒ දුක දෙන්න එපා. යුද්ධයක් හින්දා, වංචාකාර දේශපාලඥයින් හින්දා අපේ ජීවිත නිකංම දිය වෙලා ගියා. තව තවත් ඒ දේ වෙන්න දෙන්න එපා. පුදුමාකාර අසරණකමක් හිතට එනවා මට අපි ගැනම.

    ReplyDelete
    Replies
    1. අහවල් එක වටේ ලියන අහවලා අද ඇනෝ වෙලා. අවුරුද්ධක් බොග දැම්මත් ලැජ්ජයි නේද බොලවු.

      Delete
    2. මරු කතාව මචන් ඔය වගේ ඉස්ටෝරි වලට නයි ටී එන් එකෙන් දිනමිණ පත්තරෙන් එහෙම හොඳ ගෙවනව..මේ බ්ලොග් වලට දාල පජාත නොවී යවල බලහන්

      Delete
    3. මාතලන් මේක පට්ට බොරුවක්. අපි නොදන්න වැලිවේරිය. මේ කියන්නෙ බොරු. ඒක සහතිකයි. අපි ඕනෙ නම් යමු ඒ පැත්තේ. මම ගේන්නම් පී එච් පේපස් ටිකක් අපි බලමු ලිංවල ජලය. ඇනෝ බොරු විතරක් කියන්න එපා. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනලා දැන් කෝචෝක් දාන්නත් එනව ද?

      Delete
    4. යකෝ මම මගේ අත්දෙකෙන් මේ වතුර ටෙස්ට් කරේ.... ඔය උඩ ලියපු පිම්පියාට හෙණ ගහපන් බොරු ලියනවට...... වටේම වතුර ගන්න දෙයක් නෑ....

      Delete
    5. @ AnonymousAugust 3, 2013 at 3:11 AM
      පුක දෙනවද වෙඩි කනවද. උබේ කතිකාව දිණමිණේ විතරක් ලියපං.

      Delete
    6. අනේ හුත්තො මෙතන පච හලන්නෙ නැතුව දිනමිණ ට හරි නයි ටී එන් එකට හරි පලයන්. තොගේ ඇට දෙකත් තලල සාම්බාරු හදල එකේ පී එච් එක හොයල දෙන්නද?

      Delete
    7. අතීතයේ පටන් අද දක්වා, එනම් බුදුන් වහන්සේගේ පටන්, ජේ කේ රෝලින්ග් දක්වා, ප්‍රබන්ධ කතා ගෙතීමේ හා බිනිමේ දක්ෂතා ඇති වුන් ළොව ජයගත්තේය, අදත් විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම වැන්නන්ගේ ජීවනෝපාය එයයි. ඉදින් ඔබද එවන් සාර්ථක කතා කියන්නෙක් ලෙස නම් කරමි. තම හැකියාව අපතේ යාමට නොදී, තම හැකියාවන් ගැන ආන්ඩුවේ ජනමාධ්‍යයන් දැණුවත් කළහොත් පැහැදිලි අනාගතයකට හිමි කම් කීමේ හැකියාවක් ඇත.

      සුබ අනාගතයක්..

      (ගමේ උන් නම් ඒ හාමුදුරුවන්ට දැන් කියන්නේ පොන්නයෙක් කියාය.)

      Delete
  49. අනේ පලයං 60 ටේ ඇනෝ ඇට කුඩු කරගන්නෙ නැතිව.
    ෆැක්ටරියේ ගලවන බෙයාරිං පිටට දුන්නොත් නැවත වෙළද පලට එයි කියල,බැරල් වලට බෙයාරිං සමග ඇසිඩ් දාල වොලීබෝල් කෝඩ් හරියෙ වලලනව.අවුරුදු ගානක ඉදන් කරන දෙයක්.දැන් තමයි ඒවා මතු වෙන්නෙ.
    කවුද ඩලාද කිව්වෙ මෙහෙම ලියන්න කියල.
    ඕව කියන්න හෙලුවෙන් කඩේ යන දිව දෙකේ මාද්දිය කාරයන්ට.මේ වගේ කතා එවුන් රසට තලු මර මර කියවනව.
    අර මැරිච්ච දරුවටත් අවමන් කරනව බල්ල.

    ReplyDelete
  50. බොන වතුරින් පීනන/දිය කෙළින සුපිරි පන්තියක් සිටින රටේ, බොන්න පිරිසිදු වතුර නැතී මිනිසුන් රතුපස්වල පමණක් නොව තවත් බෝහෝ පලාත්වල වෙසේ.
    කුමන හෝ අයිතියකට අරගල කරන ජනතාවට මෙම ආණ්ඩුව ලබා දෙන එකම විසදුම වෙඩි උණ්ඩය යි.
    2011-05-30 සේවක අරථ සාධක කොල්ලයට එරෙහිව කටුනායක කළ උද්ගෝශණයෙන් රෝෂේන් චානක මහතාට වෙඩිතබා ඝාතනය කිරීම.
    2012-02-15 හලාවත ධීවර උද්ගෝෂණයෙන් ඇන්ටනි ප්‍රනාන්දු මහතා වෙඩිතබා ඝාතනය කිරීම.
    2012-10-27 Futa අරගලයේදී අභිරහස් මරණ....
    මේ 2013
    නැවත 2014, කියවන සැමට පවසා සිටිමි.
    යමෙක් 2014 ඉලක්කය තමා හෝ තමන්ගේ ඔබේ ඥාතියෙකුවත් හෝ නොවේය කියා, තව තවත් දෑත් ශක්තිමත් කරන්නේ ද....?

    ReplyDelete
    Replies
    1. අනාගතය ඉතා පැහැදිලි වේ. පාතාල ප්‍රහාර, බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර, ජල ප්‍රහාර, රබර් උන්ඩ ප්‍රහාර නැත. සංග්‍රහය ළෝකයේ හොඳම හමුදාවෙන් ලැබෙනා මූනීස්සම් වරුසාවකි.

      Delete
  51. ප්‍රකාශිත යුද්ධයක් තියෙන අවස්ථාවක, අවි ගත් ත්‍රස්තවාදීන්ට පහරදීමය සහ රතුපස්වල නිරායුධ උද්ගෝශකයන්ට පහරදීම සන්සංදනය කරන්න එපා. ඒ දෙක සිද්ධි දෙකක්.
    (සමහරු බොරදියේ මාලුබාන්න හදනවා.ඒකයි මෙහෙම ලියුවේ)

    ReplyDelete
    Replies
    1. ඒක හරි, රතුපස්වල ජනතාවත් යුද්ධයක් ප්‍රකාශ කරලා නේ තිබුනේ, මට නම් මැරුණ ගාන මදි. සමහරු නම් කියන්නේ තව මැරිලා කියලා. එහෙම නම් ටිකක් හරි සතුටු වෙන්න පුළුවන්.

      Delete
  52. ලේ කෝප වෙනවා මිස කියන්නට දෙයක් නැහැ බං.

    ලින්ක් එක.. බුකියේ ෂෙයාර් කරමි..

    ReplyDelete
    Replies
    1. පලයං බං යන්න. ගැණියෙකුගෙ රෙද්දක් ගැන කියන්න තියෙනවනම් උබෙත් ලේ කූල් වෙනවා. බලපංකො කොලු කාරයා උනත් කෙන්ජි. තවම කොන්ද කෙලින් තියාගෙන වැරැද්දක් හෙලා දකින හෙල වීර ජපනෙක්.

      Delete
    2. මා බුකිය කියවන්නේ කලාතුරකිනි. එය ඕපා දූප වලට ඉතා හොඳ ස්ථානයක් වූවද, බුද්ධිමය සංවාදයකට සුදුසු තැනක් නොවේ.

      Delete
  53. ආශ්චර්‍යය තමයි ඉතින්
    මොනවා උනත් ඊ ලග චන්දෙදිත් මැරුම් කාලා ගිහින් හරි අර මොකක්ද කොලේටම කතිරෙ ගහවි

    ReplyDelete
    Replies
    1. බඩගාගෙන හරි අපි නිල්..

      Delete
  54. ඕං බලාපල්ල බොලල්ලා.. බුකිය කියල කටගන්ටවත් ඉස්සර, නලිය දිවෙන් පුක හෝදලා.. හිනා කාල මැරෙනවා යකුනේ..
    http://www.divaina.com/2013/08/04/nalin.html
    "...එයට පළිගැනීමක්‌ ලෙස බටහිරයෝ අදත් ජනාධිපතිතුමාටත්, ආරක්‌ෂක ලේකම්තුමාටත්, රණවිරුවන්ටත් ඊනියා මානව අයිතීන් කඩකිරීම් පිළිබඳ ව චෝදනා කරමින් ජනාධිපතිතුමා හා ආරක්‌ෂක ලේකම්තුමා දංගෙඩියට යෑවීමට බීබීසියේ චැනල් 04 හෙවත් හතරවැනි නාලිකාව හා වෙනත් ක්‍රම ඔස්‌සේ උත්සාහ කරති. ආණ්‌ඩුව අස්‌ථායී කිරීමෙන් තොරව එය නොකළ හැකි බව දත් බටහිරයෝ නොයෙකුත් ආකාරයේ වසන්ත ලංකාවේ ඇතිකිරීමට උත්සාහ කර අද ලංකාව අරාජික කිරීමට වෑයම් කරති. අද තැන තැන ඇතිවන නායකත්වයක්‌ නොමැති සේ පෙනෙන උද්ඝෝෂණ, නැගිටීම් ආදිය පසුපස බටහිරයෝ වෙති. නිලධාරීන්ගේ වැරදි ඇමැතිවරුන් පිටින් යෑවීමට ජනමාධ්‍ය ඔස්‌සේ බටහිරයන්ගේ ඒජන්තයෝ උත්සාහ කරති. එහි දී රතුපස්‌වල දී මෙන් මිනිස්‌ ජීවිත බිලි දීමටත් ඒජන්තයෝ කටයුතු කරති..."

    ReplyDelete
    Replies
    1. නිදහස් අධ්‍යාපනයට හා 56 විපලවයට පින් සිඳු වන්නට, සක්කිලියකුට වූවද ආචාර්ය මහාචාර්ය පදවි ලබා ගැනීමේ වරම් ඇත.

      Delete
    2. උඹල මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. අද මේ තත්වයට ලංකාව වැටෙන්න කුල බේධයත් සෑගෙන්ට බලපාල තියනවා. 70 න් පස්සෙ කුල බේධය සමාජයෙන් තුරන් කරන්න බොහොම අයෙක් දායක වෙද්දි ඉස්සර පහත් කියල සම්මත අය (සේරම නෙමෙයි) අවස්ථාව ලැබුන ගමන් ඒ අයගෙ පිඩනය පිට කළා. හරියටම විමල් විරවංශ වගේ අය. උගතුන් බුද්ධිමතුන් අභිභවා රස්තියාදුකාරයොත්, නුගතුනුත් සමාජය ආක්‍රමණය කලේ එහෙමයි.

      Delete
  55. නන්දනී පිල්ලේ නෝනලට වැඩිය බනින්න එපාය. මන්ද යත් ගං කබරයා සහ ගෝත්‍රික රැල පු... අරින්න එනවිට කියන්නවත් ඉන්නේ එයාලා, චැනල් 4 සහ අධිරාජ්‍යවාදී බලවේග පමණය. ඉස්සරහට චන්දෙ දෙන්නෙත් මෙතුමලට,ය බෝධී පූජා ත්යන්නෙත් වෙඩි තියන අයටය.

    ReplyDelete
    Replies
    1. අනුරාධපුරේ, සිරි මහ බෝධිය ගාව කොටි වෙඩි තියපු සීන් මැවිලා පෙනුනා. යූ ටියුබ් එකේ බලන්න, කිසිම වෙනසක් නෑ..

      Delete
  56. කතා කරල වෑඩක් නෑ මාතලන් අපෙ රටෙ බුද්ධිමත් ජනතව තමන්ගෙ ජන්ද අයිතිය පාවිච්චි කරල හෙට තොරගන්නෙත් මෙ ජනතවාදී නයකයොම තමයි.අහයි වෙන කවුරු තොරන්නද කියල.ගහන්න ගහන්න වදින්නෙ මොඩය උනාට ගහන්නෙ මොඩයෙක් නෙමෙයි.අන්තිම යොජනව නම් මම නිතරම කියන එකක්.

    ReplyDelete
    Replies
    1. මම නම් දැන සෑහෙන දවසක ඉඳලා ඡන්දේ කටු ගානවා. ප්‍රතික්ෂේපිත ඡන්ද ගාන කියන කොට මට මාර සතුටක් තියෙන්නේ.

      Delete
    2. උඹල මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. අද මේ තත්වයට ලංකාව වැටෙන්න කුල බේධයත් සෑගෙන්ට බලපාල තියනවා. 70 න් පස්සෙ කුල බේධය සමාජයෙන් තුරන් කරන්න බොහොම අයෙක් දායක වෙද්දි ඉස්සර පහත් කියල සම්මත අය (සේරම නෙමෙයි) අවස්ථාව ලැබුන ගමන් ඒ අයගෙ පිඩනය පිට කළා. හරියටම විමල් විරවංශ වගේ අය. උගතුන් බුද්ධිමතුන් අභිභවා රස්තියාදුකාරයොත්, නුගතුනුත් සමාජය ආක්‍රමණය කලේ එහෙමයි.

      Delete
  57. හමුදාව කෝකටත් තෛලය කියන හැඟීම රටට දුන්නෙත් මේ ආණ්ඩුවයි. අපේ රටේ පොලීසිය මෙතෙක් පැවතී සියලුම රාජ්‍යයන් විසින් බලු කිරීම නිසා පොලීසියට ස්වාධීනත්වයක් නැහැ. හමුදාව පටලවාගන්නේ පොලීසියෙන් සාධාරණත්වය ඉටුකරගන්න බැරි නිසා නෙවෙයි. පොලීසිය ඒ තරම් දූෂ්ඨවී තිබෙන නුසයි. අද හමුදාවත් දේශපාලනීකරණය වී හමාරයි. මේ සිද්ධියේදී වගකීම පැටවෙන්නේ වෙඩි තියන්න අණ දුන්න අම්බරුවාටයි. T56 උණ්ඩ 300 ක් (තුවක්කු 5 කින් වෙඩි තිබ්බා කියලා හිතුවොත් එක තුවක්කුවකින් උණ්ඩ 60ක් හෙවත් මැගසින් දෙකක්) පමණ වෙඩි තියලා තියනවා. උණ්ඩ 21 ක් සහිත මැගසින් එකක් දාලා ගිහිල්ලා තියනවා. එහම වෙන්නේ යුද්දෙකදි විතරයි. මම ලියන්නම් ලිපියක් මේගැන.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අප නම් හමුදාකරණයට එදා ඉඳලා විරුද්ධයි. එහෙම නම් ඡන්ද තියලා, නියෝජිතයෝ පත් කරන්න ඕන නෑ නේ.

      Delete
  58. ප්‍රභා අන්කල් අහිංසක මිනිච්චුන්ට කක්කි වැඩ කොරන්නේ නැතුව අදත් ජීවත් වෙලා හිටිය නම් මමත් චපෝට් එකක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. හිටියනම්, අද අගමැති. හොඳ වෙලාවට මැරුවේ..

      Delete
  59. මාතලන්ගේ මෙතෙක් කියවු ලිපී අතර ඉතාමත් සාර්ථක ලිපියක්.කියන්න ඕන දේ කියලා තියෙනවා.මට නම් වෙන කියන්න දෙයක් නැ.ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. අපොයි මිස් උන තැන් ඕන තරම්...

      Delete
    2. ඒ උනාට මිස් උන තැන එහෙම වෙච්ච එක හොදයි.නැත්නම් මේ තියෙන සාර්ථකත්වය නැති වෙයි.

      Delete
  60. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  61. දැන් දේශ ද්‍රෝහී තුන්වෙනි බලවේග සම්බන්ද කරගෙන උද්ඝෝෂණ කරල, වෙඩි කාල, නන්නත්තාර වෙලා, නැත්තටම නැති උනාට පස්සෙවත් ඔය මිනිසුන්ගෙ ප්‍රශ්නයට විසදුමක් ලැබිල ද?
    නැත්තං තිබුන ප්‍රශ්නෙ ඊට වඩා ලොකු එකකින් වැහිල ගිහින් ද?

    දැන් ඔය මිනිස්සු ඉන්නව ඇත්තෙ වතුර බීල මැරෙනව ද, වතුර ඉල්ලන්න ගිහින් මැරෙනව ද? කියල හිත හිත. ඒ මිනිස්සු කොච්චර අසරණ ද?

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ... සහගහන අපරාද මේවා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න