.

.

Aug 9, 2013

ටෙලි නාට්ටි කාරයෝ ඇවිත් - Teledrama Artists met President




යාපනෙන් ආපු ඉස්කෝල ළමයි ටිකක් එක්ක, ජනාධිපති තුමා අරලියගහ මන්දිරේ පිටි පස්සෙ පිට්ටනියේ, බට්ටෝ පනිමින් සිටියේය. උන්නැහේ ළඟ ඉන්න එකෙකුට කිව්වේ, "මුන් ඕයි අපේ ගමෙන් එන උන් වගේ නෙමෙයි, හරිම අහිංසකයි., අපේ උන් ආවම මළ ඇනේ.... ග්‍රවුන්ඩ් ඉල්ලයි, සුවිමින් පූල් ඉල්ලයි, මුකුත් නැත්නම් ඉන්ගිරිසි චීචර් කෙනෙක් හරි ඉල්ලනවා" කියාය.

ළඟ හිටපු එකා හෙමින් කිව්වේ, "මේකනේ සෑර්... මුන්ගේ එකෙක් අරවා මේවා ඉල්ලන්න ගිහින්, ඉල්ලගෙනම කාපු නිසා, මුන් මුකුත් ඉල්ලන්න බය ඇති..." කියාය. "එහෙනම් මුන්ට ඩික්ෂනරි ටිකක් හරි දීලා දාමු... පව් ඕයි..." කියා, ඩික්ෂනරි බෙදන අතරේ, හැට හුටාමාරක් ලේඛම් බුරුත්තේන් එකෙක් ඇවිත් ජනාධිපති තුමාට කිව්වේ, "සෑර්.... සෑර් හම්බ වෙන්න ටෙලි නාට්ටි කාරයෝ වගයක් ඇවිල්ලා..." කියලාය. ලොක්කා ඇඹරෙන ගමන් රැවුලෙන් කෑල්ලක් හපමින් කිව්වේ, "ඔව් ඕයි..... ඒ කාළේ ටෙලිඩ්‍රාමා දෙක තුනක හිටියට... දැන් එහම ඉන්න බෑනේ ඕයි...." කියාය.

"ඒක නිසා යන්න කියනවා ඕයි... මට මුන් එක්ක තව ටිකකින් ලන්ච් ගන්න තියෙනවා..." කියා ලොක්කා කිව්වාම, ලේඛම් එකා කිව්වේ "ඇක්ට කරන්න නෙමෙයි සෑර්...." කියාය. "පලාත් සභාවලට නොමිනේෂන් දීලත් ඉවරයි, අනික මම ඕවට හොට දාන්න යන්නෙත් නෑ. අර සුසන්තිකා චන්ද්‍රමාලිට දුන්නට, ඒකීත් පරාදයි. ඒ තියා ගීතටත් බැරි උනා... යාන්තන් අර පබයි, අනර්කලියි විතරයි ගොඩ ගියේ... දැන් ඉන්න උන් මම දන්නෙත් නෑ.... කියනවා ඕයි නොමිනේෂන් දීලා ඉවරෙයි කියලා...."

"නෑ සෑර්..., එහෙම එකක් නෙමෙයි, මේ.......", කියන කොටම, ජනාධීපති තුමා මුද්‍රා නාට්‍ය භාෂාවෙන් කිව්වේ, ලේඛම්ගේ කන පොඩ්ඩක් කිට්ටු කරන්නෙයි කියලාය. කිට්ටු කරපු කනට කර ජනාධිපති තුමා කුටු කුටු ගෑවේ.. "මේ පොඩි උන් ඉන්න තැන අහන්න බෑ... මොකෝ දෙන්නෙක් තුන්දෙනෙක් බඩු ඉස්පොට් එකක ඉඳලා පොලිසීයෙන් උස්සලැයි....?" , "එහෙනම් ඔහේ පොලීසියට කෝල් එකක් දෙනවා... මොනවා කලත් හිත හොඳ කෑලි නේ.... ඕයි." කියලාය.


"නෑ සර්.... නෑ.... නෑ.... නෑ.... එහෙම එකක් නම් සර් ගාවට එන්න ඕන නෑනේ.... කෙහෙලිය මහත්තයා අමාත්‍යංශ මට්ටමෙන්ම ඒවා ගැන හොයා බලනවනේ.... සෑර් මේ මාලනිත් ඇවිල්ලා ඉන්නේ....." කිව්වාම් ලොක්කා ගත් කටටම කිව්වේ, "එයැයි එන්නේ අහවල් එකටෙයි... චිට් එකෙන් සීට් එකකුත් දීලා.... බෑන්ක් ලෝන් එකකුත් පාස් කරලා දුන්නා..... ගෙදර එකීගෙන් වත් නෑ නේ ඕයි මෙහෙම කරදරයක්....." කියලාය.

"නෑ සර්..... එයා විතරක් නෙමෙයි, සෙට් එකක්ම ඇවිල්ලා ඉන්නවා...." කිව්වාම ජනාධිපති තුමා කිව්වේ. "අර මක්කටෙයි.. එහෙනන් ටෙලියක් ෂූට් කොරන්න වෙන්න ඇති.. ඕන් ඔහේ ඕන් විගඩමක් නටගන්නෙයි කියනවා.. කන්න බොන්න මක්කා හරිත් දී දානවා...හැබයි ඔහේලයි දත් පරෙස්සම් කොර ගන්නවා... ඕන් නොකිව්වැයි එහෙම කියන්න එපා හොඳෙයි....." කිව්වාම ලේඛම් ඇහුවේ "එ ඇයි සෑර්.....?" කියාය. "කළාකාරයෝ කියන්නේ ඕයි ඩෙන්ටිස්ලටත් වඩා අගේට දත් උගුල්ලන් උන්... ඒ නිසා ඔහේලා ඕකුන් එක්ක පයුරු පාසානම් තියාගන්නේ බලාගෙනයි ඕං.." කියා ලොක්කා කීවේය..

ඔහොම ඉන්න අතරේ, මාලනී එතෙන්ටම ඇවිල්ලා කිව්වේ, "සෑර්..... මේ අපේ අයට සෑර්ව පොඩ්ඩක් හම්බ වෙන්න ඕනලු, ටෙලි නාට්‍ය ක්ශේෂ්ත්‍රයේ තියෙන ගැටළු ගැන පොඩ්ඩක් කතා කර ගන්න...." කිව්වාම. ලොක්කාගෙත් පපුව උණු උනේය. "එහෙනම් යමුකෝ බලන්න...." කිව් ජනාධිපති තුමා පොඩි උන්ට ටටා කියා අරලිය ගහ මන්දිරේ ඇතුලට ගියේය.

ඉන්න උන්ගෙන් ලොක්කාට නිච්චියක් තිබුනේ සූරසේනයා ගැන විතරය. "කෝ.... ඩබ්ලිව්. ජයසිරි හෙම ආවේ නැතෙයි...? කිව්වාම, සූරසේන කිව්වේ "එයා සෑර් අර ජනරාල පස්සෙන් ගිහින්, දැන් අප්ෂට් වෙලා, හැමෝගෙන්ම "ඇයි අප්ෂට්ද" කියා අහන නිසා, මෙතනට එක්ක ගෙන ආවේ නෑ....." කියාලාය. එතකොට ලොක්කා කිව්වේ 'ඇයි අප්ෂට්ද....?" කියාය.


"මම හිතුවේ මේ හදන හැදිල්ලට, ඔහේලාට කිසි අවුලක් නැතෙයි කියලා.... හැබයි ඉතින් එකම නාට්ටිය හැම චනල් එකේම, හැම වෙලාවෙම දාන කොට එපා වෙනවා තමයි....". "නෑ සර්.... ඒ එක වගේ පෙනුනට ඒ ඔක්කෝම වෙන වෙන නාට්ටි...." කියා මාලනි කිව්වාය. "එවා වල ඉන්න උන් නම් කමකට නෑ අයිසෙ..., කොල්ලො කෙල්ලෝ කතා කරන්නේ, අයිසෙ... බයිසෙ... තමුසෙ.... ඕයි... කියලා,  මොකක් හරි කරන්න බලනවා අයිසේ...." කියා ලොක්කා කිව්වාම එකෙක් කිව්වේ ඒ ගැන හොයා බලන්නම් කියලාය.

"අපි ආවෙත් ඒකටම තමයි සෑර්.... දැන් ඒවල කිසි ප්‍රමිතියක් නෑ..." කියා කිව්වාම, ලොක්කා මල අතට අරන් කිව්වේ "ඉතින් ඕයි... ඩ්‍රාමා හදන්නෙ මමෙයි....? එව්වා ගිහින් කියන්න එපැයි අර අද්දස්සද මොකක්ද එකාට.... එව්වට මං පලියෑ....." කියාය. "නෑ සෑර්... එහෙම නෙමෙයි මේකට රැඟුම් පාළක මණ්ඩලේ වගේ මණ්ඩලයක් පත් කරොත් හොඳයි නේද....? කිව්වාම, "ඒකට නම් ඕන් අපේ මල්ලා, සී අයි ඩී මණ්ඩලයක් දාලා තියෙන්නේ, මේ දවස්වල "පියාමැස්සා" සෝ එකේ, සෙට් එකම ගෙනත්, මාළු කන හැටි කියලා දෙනවා.... ඒකටම ඔය ටෙලි නාට්ටිත් දුන්න නම් ඉවරනේ.......ඒකටම තමුසෙලගෙ දෙන්නෙක් තුන්දෙනෙක් දාගෙන, කෙහෙලිය ගෙන්, මාසෙට කීයක් හරි ඉල්ලගන්නවා....." කියා කිව්වේය.

"සර්...... දැන් යන කතා ඔක්කෝම එක වගේ නිසා, සර් කැමති මොන වගේ කතාවලටද....?" කියා එකෙක් අහුවාම, "මම නම් මේ දවස් වල කැමති, දයාගේ කතාවලට තමයි...." කිව් ජනාධිපති තුමා, "විපක්ෂේ එකා උනත්, රන්ජනුත් පට්ට කතාවක් කෙරුවනේ ඕයි...." කියාද කිව්වේය. "සෑර්.... අපේ අයගේ රඟපෑම් ගැන මොකද සර්ගේ අදහස.....?" කියා ඇසුවාම, මනමාල හිනාව දාපු, ජනාධිපති තුමා කිව්වේ, "ඇමති මණ්ඩලේ උනූත් සමහර අයගේ රඟපෑම්, එකසිය ගානට වර්ණනා කරනවා මාත් අහලා තියෙනවා.... අවුලක් නෑ අනේ...." කියාය.

"එහෙනම් බොහොම ස්තූතියි සෑර්....," කියා යන්න නැගිටින කොට ලොක්කා කිව්වේ, "හා.... හා... මට කියන්න අමතක උනා, ඔය මොන මණ්ඩලේට පෙන්නුවත්, අර සුදර්මන් යකඩගොඩයටයි, ගලුහුල්ලයටයි, ස්ක්‍රිප්ට් එක පෙන්නලා පටන් ගන්නවා..... නැත්තං ඉතින් අපරාදේ සල්ලි....., එහෙනම් යන ගමන් ලන්ච් එකත් අරගෙන යන්නකෝ....." කියා අයිබෝවන් කියූ ජනාධිපතු තුමා බය වූයේ, පෙරලි පෙරලි වඳින වැඳිල්ලට, මුන් සරමත් ගලවගෙන යාවිදෝ කියාය.

ජනාධිපති තුමා ඇතුලට යන ගමන්, හැන්ඩි වේටර් කොලුවෙකුගේ කනට කරලා කිව්වේ. "තමුසෙලා බලාගෙන.... ඔතන කොල්ලෝ පෙන්නන්න බැරි අම්මන්ඩිලා ටිකකුත් ඉන්නවා.... අර පොඩි උන්ටත් කන්න දෙයක් ඉතිරි කරගන්න බලනවා.. නැහ්තන් ඕකුන් ඔක්කෝම කාලා... පැකටුත් බැදන් යාවී හරිය... ඒ වගේම හැම එකාටම කියනවා... මක්කා නැතත් කට්ටියගෙම දත් ටික පරෙස්සම් කරගන්නෙයි කියලා......"

131 comments:

  1. අද ඔන්න මම එකද කොහෙද...


    ඕක තමා ඉතින් පුල්මුඩේ තත්වේ.. අද හැම දේටම යන්නේ එතනටනේ... අනේ මන්දා මොකටද කියලා ඔය ලොකු පුටු වල ඉන්න අනිත් උන්... අර මනුස්සයා හිටියම ඇතිනේ. මොකද උන් මුකුත්ම කරන්නේ නෑ නේ....

    ReplyDelete
    Replies
    1. පළමු වතාවට සමාව දුන්නා. දෙවැනි වතාවේ එක වෙන්න ට්‍රයි කළොත් කිසිදු සමාවක් නෑ.

      Delete
    2. මම හැමදාම කියන්නේ ඒකයි. මේ කාළකන්නි ක්‍රමය නැති කරලා දාලා. රාජාන්ඩු ක්‍රමයක් හදන්නෙයි කියලා. මොකෝ ඉබ්බෙක් පැඩ්ඩත් ගඳ නවත්තන්න පුළුවන් ජනාධිපති තුමාට විතරයි.

      Delete
  2. මෙලො දෙයක් තෙරුනෙ නෑ ..... කොහොමත් ලොක්කගෙයි අනිත් අයගෙයි තියෙන්නේ රඟපෑම තමයි.....

    ReplyDelete
    Replies
    1. හැම මගුලම තේරෙන මෙයාට සරල ලෙසට රසට ලියපු ලියවිල්ල තේරෙන්නෙ නැහැ.
      පවු අප්පා.

      Delete
    2. ඒක එයාගෙ මතේ. ඇයි ඔයාට අවුලද ?

      සිරිපාල @ මොල්බෝන් හන්දිය

      Delete
    3. @ සිරිපාල @ මොල්බෝන් හන්දිය
      ඔව් අවුල තමයි.... ඇයි ඔයාට පුකද?

      Delete
    4. පොන්න@ජපන්

      පුක නෑ සෝමේ.... කොල්ලෝ ඇරලම

      Delete
    5. ඊඊඊඊඊඊඊඊඊඊ
      //සිරිපාල @ මොල්බෝන් හන්දිය// අර ඇනෝ ලියලා තියෙන්නේ ඇයි කියලා දන්නැති දෙවැනි ඇනෝ. පරණ පෝස්ට් කටුවේ කොමන්ට් පොඩ්ඩක් කියවලා හිටහන්. ඉදා ලින්ක් එක.
      http://maathalan.blogspot.com/2013/08/hilarious-decisions.html?showComment=1375937545004#c5014348290388930467

      Delete
    6. දෙවෙනි ඇනෝ කීවේ මූට.
      AnonymousAugust 9, 2013 at 9:23 AM

      Delete
    7. උඹට නෙමෙයි බන්, මටත් තේරුනේ නෑ.. ගොඩාක් අයට තේරෙන්නෙත් නෑ.. ඒකනේ මේ කරුමේ...

      Delete
  3. පට්ටම පට්ට ලියවිල්ල ලොක්ක.
    වැලිවේරියේ කතාම අහල සහ ඉල්ලගෙන නාල තිබුන අමාරුව කොහෙන් ගියාද මන්ද?
    ඇත්තටම සුපිරි.






    ReplyDelete
    Replies
    1. අංකල් අර මෙතන ඉන්නේ මෝඩයෝ කියාගෙන සබ්ජෙක්ට් එක පටන්ගන්න ඇමරිකන් විහිළු සපයන්නාගේ අඩුවක් එහෙම දැනෙන්නේ නැද්ද?

      Delete
    2. A A ලියල තියෙන එක කියවල,බොන දියරයක් එක්ක චියර්ස් පාරක් දීල වර කොල්ලෝ.

      Delete
    3. චීස්වල වස යකෝ

      Delete
    4. බලන්නකො කෙන්ජි මේ මාතලන් රෑ නිදිමරාගෙන අපි වෙනුවෙන් ලියන හැටි. පව් නේද රට වටේ යන ගමන් ලියන්න සෑහෙන වෙහෙසක් ගන්නවනේ. (පහු ගිය ටිකේ බැරි වුන නිසා ටිකක් වැඩියෙන් කැසුව.)

      Delete
    5. අපි වෙනුවට වඩා රට වෙනුවෙන් මෙහෙවරක් කරන අපේ මාතලන් ලොක්කට හැමෝම එකතු වෙලා අපේ ප්‍රණාමය පුද කල යුතුයි නේද වේද මහත්මය?
      ඇත්තටම ඒ පුත්‍ර රත්නය බිහිකළ දෙමා පියනට අප සදා ණයගැති නොවෙම්ද තුමනි වෙදැදුර ?

      Delete
    6. අද නම් පිට විතරක් නෙමේ යටි බඩත් කසලා. කෙන්ජි ඉතුරුටික කසයි. පැත්තකට වෙලා බලාගෙන ඉන්නකෝ.

      Delete
    7. මාත් මේ ඩෝප් සහ නිදි මරගාතේ ආවේ ත්‍රිවිද රත්නෙට අප්ෂට් එකක් දෙන්න බැරි නිසා...

      කෙන්ජියෝ... ජපානේ කොහිල නැතෙයි බන්... ලොක්ක වගේ උඹත් මල අතේ අරගෙන ඉන්නේ.. මේ කොලු පැටව් විහිළුවට කියන කතා නේ....

      Delete
    8. උඹට පිස්සු නේ බං කරාබුත් එක්ක පැටලෙන්න ගියේ. කොල්ලෝ කාළේ මොනවයි නොකරන්නේ.. ඒකටනේ බං කොළුකම කියන්නේ..

      Delete
  4. මටත් හිතුනේ ටෙලි ඩ්‍රාමා එකක කෑල්ලක් වගේ... :)

    ReplyDelete
    Replies
    1. කෙනජිට කියලා තිර පිටපතක් හදාගෙන පොඩ්ඩිගෙ රචනයක් යවමුද ඩ්‍රාමා එකකට?

      Delete
    2. රචනෙ විතරක් බැහැ,රගපෑමත් අත්‍යාවශ්‍යයි.ප්‍රධාන නළුවත් මම වෙන නිසා.
      හැබැයි හබියා මොලේ තියෙන කොල්ලෙක් නිසා කතාව එවයි DHL කරල,
      නමුත් පැටියව එවන එකක් නැහැ නාකි කුකුල්ලො ලගට.

      Delete
    3. සිරිපාල @ මෙල්බෝන් හන්දිය

      මොනවත් කියන්න එපා. මෙයා බ්ලොග් අවකාසෙ තරුවනේ.

      Delete
    4. @ සිරිපාල @ මෙල්බෝන් හන්දිය

      ඒ කේස් එක ඉවරයිනෙ බන්..... නිකන් හු% ගන්නෙ නැතුව හිටපන්..... කෙන්ජියව නෑව්ව අත් දෙකෙන්ම ඌව ආරක්ෂා කරන්නත් අපි ඉන්නවා කියලා අමතක කරන්න එපා..... ඒක නිසා පුක නොදී පළයන්....

      අ. ඇ/ පි. ක. ඇ.

      Delete
    5. අයියෝ නාකි කෙන්ජියා උගේ පිට කහලා ඌම ඇනෝ කොමෙන්ට් දානවා. මිනිහෙකුට ගිය කල.පව්.

      Delete
    6. මචෝ නාකි උනත් හරක් අඟෙන් පුළුවන්ලු කෝච්චියක් පීලි පන්නන්න. පරිස්සමින් කියන කොරන දෙයක්. ලඟට එහෙම යන්න එපා.

      Delete
    7. @ඇනෝ at 9:37AM ;
      අනේ බං මම කියල තියෙනවනෙ ඇට දෙක හංගන් පොල්ලෙන් කෙලින්නෙ නැහැ කියල.කරන වනම් සෙල්ලම් තුනම එලියෙ දාල හරිය.
      එක තැන පල් වෙන ටෝක් නොදී අනිත් ඇනෝ මහත්වරු වගේ හරි පාරෙන් වරෙන් මචං.

      Delete
    8. අනේ පල නාකියො යන්න.
      මූ හිතන් ඉන්නෙ මූ හරි ලස්සන පොරක් කියලා.

      අර කකාගේ පෝස්ට් එකේ මූ කියල තිබ්බේ මූට කෙන්ජි කියල එහේ එවුන් නම තිබ්බේ මූ නලුවා වගේ නිසාය කියලා.

      කකා අපි දාපුව මකලා.නැත්තම් බලාගන්න තිබ්බා නලුවට වෙන දේ....

      Delete
    9. @කෙන්ජි
      නෑ යකෝ...පොල්ල හංගන් ඇට දෙකෙන් කෙළින්නෙ නෑ කියපං.කොහෙද තියෙන හදිස්සියට කියන දේත් පැටලිලා.

      Delete
    10. ගණන් ගන්න එපා හැලපයියා. කෙන්ජිට දැන් ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ.

      Delete
    11. කතා හදන රජ ෆිල්ම් එකේ ගහලයගේ කෑල්ල මට හම්බ වෙනවා. පොකු කැමතිනම් ගහලයගෙ දුවට ඇක්ට් කොරන්න ඇහැකි..

      Delete
  5. මේ දවස් වල පෙන්නන අනිකුත් ටෙලි නිසා මුන් ටික අනාථයි ඕයි.අඩියක් ගහලා බත් ටිකක් කාලා යන්න ඇවිල්ලා.පව් බං

    ReplyDelete
    Replies
    1. කාළකන්නි. කළාකාරයගේ කොන්ද කඩන නපුංසකයෝ...

      Delete
  6. ජනාධිපති තුමාට තියෙන වැඩ කන්දරාව....
    කපන් මණ්ඩලයක් ආවොත්. හෙට අනිද්දා වෙද්දී නාටය පිටපත ලියවාගෙන එන්න්නත් කෂ්ටිය අරලිගහ මන්දිරේට යන්න ගනියි.දෑනුත් යනවාද මන්ද?

    ReplyDelete
    Replies
    1. ඉතිහාසෙත් වෙනස් කොරල කතා ගොතන ගිරව් වගේ නලාකාරයෝ දිරේ ඉද්දි බය වෙන්න දෙයක් නැහැ ගයියා.

      Delete
    2. එහෙමම කරන එකක් නෑ. ජැකා, සෝමේ, ජයන්ත චන්ද්‍රසිරි වගේ අයගෙන් ලියව ගන්න කියයි..

      Delete
  7. Replies
    1. ඇත්තට, දන්නේ නැත්නම් උබට දැවිල්ලවත් නැද්ද. එහෙනම් කෙන්ජි හම්බවෙයන්.

      Delete
    2. //අනේ මං දන්නෙ නෑ ඕං //
      උඹ බබා. දන්නෙම නෑ. වරෙන් වඩාගන්න. නැත්නම් කෙන්ජිට කියපන් වඩාගන්න.

      Delete
    3. පොන්ජි@JapanAugust 9, 2013 at 12:38 PM

      මේ නාකි මට ඕවට වෙලාවක් නෑ දරුවෝ.ඇනෝලගෙන් නාන්න යන්නත් එපාය.

      Delete
    4. මං දන්නෙත් නෑ අප්පා..

      Delete
  8. රාවයේ විමලනාත් වීරරත්නගේ කොලම් එකටත් වඩා හොඳයි අද පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රියතම කොලමිස්ට්. ලේබල් යටතෙත් මම "විමලේ ස්ටයිල්" කියලා දාලා තියෙන්නෙත් ඒකයි. හැබයි ඉතින් ඔහුට කිට්ටු කරන්නවත් බෑ. මේ ස්ටයිල් එකට ලියපුවා "විමලේ ස්ටයිල්" යටතේ තවත් ඇති.

      Delete
    2. කොලම්ස් විතරක් නෙමෙයි මචං ඌ කරන ඉන්ටවීව්ස් උනත් එල.

      Delete
    3. මගෙත් ප්‍රියතම තීරු ලිපි රචකයා.මමත් මගේ බ්ලොගයේ (ප්‍රබන්ධ වර්ගීකරනය යටතේ ලියූ ලිපි වලට) විමලෙගෙ රචනා ශෛල්‍යය අනුකරණය කළා.
      (විමලෙගෙ කොලම-2 පොත නම් මිලදී ගත්තා.ඒත් විමලෙගෙ කොලම-1 පොත හොයාගනන්න බැරි උණා, දන්නකෙනෙක් තියෙන තැනක් කියනවද?)

      Delete
  9. මත්තල් අහුවෙච්ච රත්තරන් ටික රිලීස් කරලලු නේද?

    ReplyDelete
    Replies
    1. නිස්කාරනේ මළකඩ කාවි කියලා හිතෙන්න ඇති...

      Delete
  10. මේකත් නාට්ටි කෑල්ලකට හොඳයි... අන්තිම ඡේදෙත් නියමයි... කෝපි කඩේ වගේ දවසට එක කතාව ගානේ දාන නාට්ටියකට පිටපත් ලියන්නත් මාතලන්ට බැරි වෙන එකක් නෑ තව ටික දවසකින්...

    ReplyDelete
    Replies
    1. හි... හී.....
      හි... හී.....
      හි... හී.....
      හි... හී.....
      හි... හී.....
      හි... හී.....
      හි... හී.....

      Delete
    2. ඇනෝ @ උඹ නම් මචං සැඟවුන ප්‍රේමවන්තයෙක්,හිරු යන හැමතැනකම උඹත් ඉන්නවා.

      Delete
    3. අපොයි දැන් තියෙන ඒවත් එක්ක බැලුවම සුළු දෙයක්නේ...

      Delete
  11. කියවන්න ගත්ත ගමන්ම මටත් මීටර් උනේ විමලනාත්ගෙ ස්ටයිල් එක. මෑන් නම් හිටි ගමන් අලි ටොකුත් අනිනවා, විමලෙම කියල තිබුන පත්තරේට බෙල්ල බේරගෙන ටොකු අනින්න පුළුවන් ඒ ක්‍රමයටම තමයි කියල.

    ReplyDelete
    Replies
    1. පිට පිටම හොඳම කොලමිස්ට් උනා.. දැනට මගේ ප්‍රියතම. ගහන එක ගහනවා රිදෙන්න...

      Delete
  12. මේ මොකකින් හරි මාතලන් ලියල තියෙන ලිපියෙන් අර උඩ තියෙන රූපේ දැකපු පාර පලිඟු මැණිකේ කතාව මතක් වෙච්චි හින්දා මම මුලින්ම කරේ ඒ කතාව යුටියුබයෙන් බලන්ඩ ගත්ත එක. ලිපිය ගැන අදහස් දැක්විම පසෙකට තබමි. ලස්සන කතාවක් ඒ කතාව නම්. මට මතක නැ ඒක බැලුව විත්තියක් පුංචි කාලෙදිවත්. මං හිතන්නේ කතාව ගියේ අසූගනන්වල වගේ මතක.

    ReplyDelete
    Replies
    1. සුන්දරම ටෙලියක්.. ඒ වගේම එකක් තමයි.. සකිසඳ සුවාරිස්...

      Delete
  13. ඔය ගිහිල්ලා තියෙන්නේ වැලිවේරිය ඝාතනවලට විරෝධය පල කරන්නලු නේ.උන්වත් තේරුම් ගන්න උත්සාහ කරපන්.හදවතක් ඇති කලාකාරයෝලුනේ.

    ReplyDelete
    Replies
    1. කව්ද කිව්වේ.. ඔය ගිහින් තියෙන්නේ ගානක් කඩා ගන්න...

      Delete
  14. හ්ම්ම්ම්.... අළුතින් රඟනවා ද ආ... අපි රැවටෙයි එව්වාට..


    බොර දියක ඉඳුවර

    ReplyDelete
  15. අනේ මන්ද මුන්ට ??? මට මතකයි ඔය ජනාධිපතිවරණ සටන වෙලේ සූරසේනයා ලොක්ක ලඟ නැමුන නැමිල්ල. දැන් ඉන්න උන් ගැන නම් දැනීමක් නැත. කට්ටිය වැඩි හරියක් අතිපුරාණ රැකියාවේ නියුතු අයනේ. ටෙලි නොබලමි. ඊට වඩා හොදයි බලි බැලිල්ල, අලි බැලිල්ලට විතරයි දෙවනි. ලොක්කත් ආස ඒකටමනේ. හැබැයි ලොක්ක නම් අලි නැලවිල්ලත් දන්නව.

    ReplyDelete
    Replies
    1. මුන් කළාකාරයන්ට තියෙන අබිමානය නැතිකරපු පොන්නයෝ... වෙන කියන්න දෙයක් නෑ..

      Delete
  16. පව් යකෝ ඒ මිනිස්සුත්! මරණ බිය දැනෙනවා ඇති!

    ReplyDelete
    Replies
    1. // මරණ බිය දැනෙනවා ඇති!// මචං උඔට උන්ගේ නාඩි වැටෙන සද්දේ ඇහෙනවා ඇති නේද.

      Delete
    2. එතකොට ජයලත් මනෝරත්නලා මැරෙන්නේ නැද්ද...

      Delete
  17. මාතලම් මට ෂුවර් මේ පෝස්ට් එකටත් නලින් එන්නේ නැතිවෙයි. කොහොමදෑ රෙදි ඇදගෙන එන්නේ. අපරාදේ අර අක්කයි මල්ලියි අපිට සෑහෙන විහිළු කථා කීවා.
    කාලෙකින් ඇනෝ ආවෙ නෑ
    - දේශකයා

    ReplyDelete
  18. මාතලන් ලොක්කා,
    විමලෙ ස්ටයිල් එක උටත් වඩා හොඳට උබට පුලුවන්
    බං.තව පෝස්ට් දාපන් මේ ශෛලියෙන්!
    අපි හරි ආසයි කියවන්න.

    මම දුලාගේ අඩවියේ™ ..............

    ReplyDelete
    Replies
    1. හිස්තැනට බුලා කියලා දාගනින්

      Delete
    2. උබ හැමදාම ඕක කියන නිසා උබට පුරවන්න තමයි බං හිස්තැනක් තිබ්බේ.

      Delete
    3. අනිවා දැනෙන එකක් තිබ්බෝත් ලිව්වා. ආයේ නෝ කතා නෝ සිනා...

      Delete
  19. පොන්ජි@JapanAugust 9, 2013 at 1:56 PM

    මාතලන් කොල්ලෝ බොහොම හොඳ ලියවිල්ල...

    නාකි මට නම් ඉතින් ලියන්න තේරෙන්නේ නෑ නෙ බං.මං දන්නේ අනුන් ලියපුවට කොටන්නයි.ඇනෝලගෙන් නාන්නයි විතරයිනෙ.

    ReplyDelete
  20. මචං මාතලං, ලංකෝනිස් එහෙම ආයේ පැත්ත පලාතක ආවේ නෑ නේද? ඉදල හිටල විලි පෝස්ට්, විලි කොමන්ටු දකිනකොට ඌමයි මතක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මීටර් උනේ නෑ කොමෙන්ට් එක....

      Delete
  21. නලිය රටේ නෑ කිව්ව නේද,එහෙනං වැරදි ටික මම හදන්නං.
    ලේඛම්
    වාර්ථා
    සමස්ථ
    ඔන්න ඔය ටික හදාගමුකො,මොකටද ලස්සන ලියවිල්ලක් අනවශ්‍ය මහාප්‍රාණ දාල කැත කරගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් සෑර්... උඹට මේකත් මිස් වෙනවා.. බ්ලොග් රෝලට දාගත්තේ නැත්තං

      Delete
  22. දැන් රටේ තත්වේ තේරුම් කරලා දෙනවට තැන්කු මචෝ ......

    ReplyDelete
    Replies
    1. ඇයි මචන් උඹ ඉන්න තූත්තුකුඩියේ ඉන්ටනෙට් වත් නැද්ද?

      Delete
    2. නෑ බන් මදුරුනෙට් විතරයි තියෙන්නේ

      Delete
    3. ඇයි බන් ඕන තරම් නිව්ස් සයිට් තියෙන්නේ..

      Delete
  23. හරියටම සති අන්ත පත්තර තීරු ලිපියක් වගේ....

    ලංකාවෙ ටෙලි නාඨය නොබලන තරමට හොඳයි. මේ පෙනන්නන ටෙලි වල හැටියට මේවා බලන හැම එකෙක්ම කැමරාවක් අටවගෙන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙන්න පුලුවන්.

    අනික් අතට ඉස්සර තමයි ජෝ, ගාමිණී, විජේ, වගේ අය නියම පෞරුෂයක් තිබුණ මිනිසුන් අතර පිළිගත් ශිල්පීන්. අද නලුවන්ට සිද්දවෙලා තියෙන්නේ මිනිස්සු අතරට ගිහින් "මම ටෙලි නාට්‍ය නලුවෙක් එහෙමත් නැත්නම් නිළියක් "කියන්න

    එතකොට අපි අහන්නේ "මොකේද තමුසේ රඟපෑවෙ" කියලා ඔන්න ඕකයි අද කලාව.

    අනික අද ඉන්න වුන් කඩේ ගිහින් කුජීතවෙලා ඉන්නේ.


    උන්ටත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. රජතුමා නම් අන්දවන්න දස්සයානේ..

    ReplyDelete
    Replies
    1. විහිළුවට කියනවා නෙමෙයි. දැන් ඉන්න උන්ගෙන් නම දන්නේ නෙහාරගෙ විතරයි.. ඒකී නම් හුරතල් කෙලි පොඩ්ඩ... තව ලස්සනම ලස්සන කෙල්ලෙක් ඉන්නවා... බොහොම කාළේකින්... නම දන්නෙ නෑ...

      Delete
  24. සුදුසුකම් වලට, සුදුසු පුද්ගලයන්ට තැන නොලැබීම නිසා හැම එකක්ම පිරිහිලා.

    ReplyDelete
    Replies
    1. නෑ... සුදුසුකම් තියෙන එකාත්, වන්දිබට්ටයා භූමීකාවෙනුත් එහාට ගිහින් සට්ටැඹියාගේ රාජකාරිය කරන්න ගිහින්...

      Delete
  25. ධනපති නෝනල මේ ලිපිය දකින්න නැතුව ඇති මයෙ හිතේ!

    ෆොන්-’ටෙරා’ මැරුවත් නොකියන කතාව මෙන්න

    ReplyDelete
    Replies
    1. මෙන්න තව මෝඩ සමාජවාදී වමෙක්. අඩෝ වැඩිය කතා දාන්න එන්න එපා. උඹට ෆ්‍රෙඩ්‍රික් බැස්ටියාට්වයි, ඒකීය පුද්ගලයාවයි දාලා ගස්සනවා.

      Delete
    2. අම්මට උඩු!

      කවුද බං ඒ? අපි හිතන් උන්නෙ කාල් මාක්ස්නුයි එංගල්ස් ඇන්ඩ් ලෙනිනුයි තමා පොරවල් කියල. වලියට ඕනිමනං ස්ටැලින් තමා ඉතින් අපි ගාව ඉන්නෙ.

      Delete
    3. නෑ බං මේ ලෝකේ බැසිස්ටාට උඩින් කවුරුවත් යන්නේ නෑ. ඌ තමා දවසකටවත් පොර. ඌව පොර කර ගත්තු වර්ඩ්ප්‍රේෂ් බ්ලොග් අඩවියකුත්, සහචර අනුගාමික බ්ලොග්ස්පෝට් අඩවියකුත් තියෙනවා.

      Delete
    4. අපි නං නාලා ඉවරවෙලා කෑමත් කාලා නිදාගෙනත් ඉවරයි, නෝනා නම් තාමත් නානවා...

      Delete
  26. අනේ බලන්ඩ අක්කේ මේ මෝඩ සමාජවාදී වම්මු ලියන කතා. ගාලු කොටු බැම්ම උඩ වළ බැහැ බැහැ හිටපු මුන් දැන් පොරවල් වෙලා. අපි දෙන්නා නම් එහෙම නෙවෙයි නේද අක්කේ?

    ReplyDelete
    Replies
    1. උඹත් මෝඩ වමෙක් ඇනෝ. ඒකයි උඹ බැම්ම උඩඩ වෙලා විනෝදෙන් ඉන්නේ. උබ ජීවිතය විඳින්නත්, විනෝදවෙන්නත් යොදවන කාලය මුදල් උපඉම සඳහා යොදවන්න දන්නේ නෑ. ඉතින් උඹ මගේ සර්වබලධාරී දෙවියන්ට අනුව මෝඩ වමෙක්.

      Delete
    2. අඩෝව්... ගාල්ලට කින්ඩිය දාන්නෙ එහෙම නෑ.. හොඳෙයි...

      Delete
  27. රාවයේ විමලනාත් වීරරත්නගේ ශෛලිය අනුගමනය කර තිබෙනු පෙනේ. ඔබේ ස්වාධීන ශෛලිය ඊට වඩා ඔබට ගැලපේ.

    ReplyDelete
    Replies
    1. අද ඊයේ නෙමෙයි... ගොඩක් ඒවා ලියලා තියෙනවා.. එයාට කැමති කෙනෙක් ඒ විදියට ලියනවට ඒ මනුස්සයා අකමැති වෙන එකක් නෑ නේ. අනික මම ලේබල් වල දාලා තියෙනවා, මේක "විමලේ ස්ටටිල්" කියලා. විමලේ විතරක් නෙමෙයි මම හැලපේ ඉස්ටයිල් එකටත් ලියනවා.. රහ මොකක්ද.. ඒ විදියට ලියනවා...

      Delete
  28. හඃ හඃ හඃ පට්ට පට පට
    මේකනම් fb පැත්තට යවන්න ඕන . ඔන්න යවනවා හොඳේ .....!

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ... නම ගම පොඩ්ඩක් සඳහන් කරපන්.. ඒ ඇති...

      Delete
  29. අන්න බං ඉරිදා දිවයිනේ මනෝජ් අබයදීර කියන සැබෑ මාධ්‍යවේදියා රතුපස්වල ගැන දීල තියෙන්නං උඹලට කට උත්තර නැතිව යන්න.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      අනේ මෙන්න මේ මනෝජ් අබේදීර කියන පරයා ගැන ලියපන් බං. පිං සිද්ද වෙයි. මනෝජ් අබේදීරලාට අරුණි ශපීරෝලාට කඩේ යන්න ගියාම මනුස්සකම කියන්නෙ මොකද්ද හැඟීමක්. නෑ. මේ අබේදීර කියන පරයා කියනවා බොන වතුරේ pH අගය මොකක වුණත් කමක් නැතිලු. pH අගය බලපාන්නෙ ලෝහ පයිප්ප දිරන්න විතරයිලු. එතෙකොට ඒවා බීල මිනිස්සුන්ගේ, ළමයින්ගේ උගුරු දඬු දිරන්නේ නෑ. ඇයි ඒව ලෝහ පයිප්ප වලට වැඩිය ශක්තිමත්නෙ. ලියපන්කෝ පෝස්ට් එකක් මේ බල්ලගේ දත් ගැලවෙන්න. වඳින්නම්. උඹට තමයි කරන්න පුළුවන්.

      Delete
    2. අනේ බන් මේ යකා මේ අපේ නමත් කනවනේ,මෙහෙමත් උන් ඉන්නවනේ.දැන් බලන් ගියාම මේකට සම්පුර්ණෙන්ම වග කියන්න ඕනේ "රතු චණ්‌ඩින්" කියලා කණ්ඩයමක් කියන්නේ,තුහු නොදකින්

      Delete
    3. අනේ අම්මපා මාතලං ඔය මනෝජ් අබයදීර කියන එකා එන ආත්මෙදි මගේ පුතා කරගන්න පුළුවනිනම්.............

      Delete
    4. වෙන මොකටවත් නෙමේ. උගේ ***ට හු**න.

      Delete
    5. "මම පුක හෝදන්නෙත් pH 4.25 විනාකිරි වලින්. කිසි අවුලක් නෑ." - දිවයින කර්තෘ P.H. ගාමිනී සුමනසේකර

      http://anonymousaya.blogspot.com/2013/08/ph-425-ph.html

      Delete
    6. මම ඒ පත්තරේ කියවන්නේ නැත්තේ, බෙංගමුවේ නාලක. නලීන් සිල්වා ලියන්න පටන් ගත්ත කාළේ ඉඳලා.. අපි මොකටද උන්ට පබ්ලිෂ් දෙන්නේ.. පත්තරේ මිළදී ගන්නේ නැතුව හිටියම ඉවරයි.. මම නම් නිකන් දුන්නත් කියවන්නේ නෑ.. මම දැක්කා "ඇනොනිමසයා" ලින්ක් එකකුත් දාලා තියෙනවා.. ඒත් කියෙව්වේ නෑ..

      Delete
  30. මේ ලිපිය මමත් කියෙව්වා.මූ නම් අසූචි කන බල්ලෙක්. එහෙම නැතිනම් පී. එච් අගය ගැන ජීවිතේට අහල නැති ආට් කරපු එකෙක්.මීට කීයක් හරි හම්බ වෙලා තියනව මේක ලිව්වට.70-77 කාලෙ සිරිමා ආන්ඩුව දිනමින පත්තරෙන් ආන්ඩුවෙ පච ප්‍රචරය කරනකොට ජේ.ආර්. හොඳ ප්‍රචාරාත්මක වැඩ පිලිවෙලක් ගෙනිච්චා දිනමින වර්ජනය කරන්න මහජනයා අතර.ඒක සාර්ත්ක වුනා සෑහෙන දුරකට .මට මතකයි දිනමින පි‍ටු හත අටකට සීමාවුනා. දිවයිනත් ඒ වගෙ කරන්න මොනව හරි කරන්න පුලුවන් නම් හොඳයි.කොහෙද ඒවට මුල් වෙන්න ඕන යූ ,එන් ,පී කාරයො පිස්සුනෙ කෙලින්නෙ.කවුරු හරි දන්නව නම් මේ මනෝජ් කියන බල්ලගෙ ඊ මේල හරි නම්බර් එකක් හරි දාන්න

    ReplyDelete
    Replies
    1. "මම පුක හෝදන්නෙත් pH 4.25 විනාකිරි වලින්. කිසි අවුලක් නෑ." - දිවයින කර්තෘ P.H. ගාමිනී සුමනසේකර

      http://anonymousaya.blogspot.com/2013/08/ph-425-ph.html

      Delete
    2. දිවයිනේ එකා WHO එකේ පී එච් ගැන මෙලෝ දානයක් කියල නෑ කිය කිය පච ඇද බානව. මෙන්න WHO report එක.

      "Exposure to extreme pH values results in irritation to the eyes, skin, and mucous membranes.
      Eye irritation and exacerbation of skin disorders have been associated with pH values greater
      than 11. In addition, solutions of pH 10–12.5 have been reported to cause hair fibres to swell(10). In sensitive individuals, gastrointestinal irritation may also occur. Exposure to low pH values can also result in similar effects. Below pH 4, redness and irritation of the eyes have been reported, the severity of which increases with decreasing pH. Below pH 2.5, damage to the epithelium is irreversible and extensive (10). In addition, because pH can affect the degree of corrosion of metals as well as disinfection efficiency, it may have an indirect effect on

      මුන් හිත ඉන්නෙ ඉන්ටර්නෙට් තියෙන්නෙ බ්ලූ බලන්න විතරයි කියලනෙ. ඒකනෙ ඔහොම බයිල දොඩවන්නෙ.

      Delete
    3. කාළකන්නින්ගේ ඒවා නොකියවා හිටියම අහවරයිනේ...

      Delete
  31. ජනාධිපතිතුමා පුංචිකාලේ ඉස්කෝලෙ ළමයි එකක් ටෙම්පල්ස් ටී ය බලන්න ඇවිල්ලා, ඒකාලේ අගමැති සර් ජෝන් ට අඹ ඇටේකින් ගැහුවලු නේද?

    දැන් ජනප්‍රිය ම ටෙලිය තමා හැම චැනල් එකකම පෙන්වන "සාටක නාටක"

    ReplyDelete
    Replies
    1. //ජනාධිපතිතුමා පුංචිකාලේ ඉස්කෝලෙ ළමයි එකක් ටෙම්පල්ස් ටී ය බලන්න ඇවිල්ලා, ඒකාලේ අගමැති සර් ජෝන් ට අඹ ඇටේකින් ගැහුවලු නේද?//

      නෑ ජයශ්‍රී, මම අහල තියෙන්නෙ එයාගෙ මන්ත්‍රී තාත්තා පුතත් එක්ක ගිහින්, අගමැති හම්බවෙල කතා කර කර ඉද්දි කොල්ලා මිදුලෙ අඹ ගහට ගල් ගැහුව කියල. ගල් පාරවල් වදින සද්දෙට සර් ජෝන් එළියට බැහැල එයාගෙ ස්ටැයිල් එකට කොළුවට උඹ කියල කතාකරාම කොල්ලත් ගත් කටට ඇහුවලු මට උඹ කියන්න උඹ කවුද කියල. සර් ජෝන් වගේ මිනිහෙක් ළඟ ඇමතිවරුත් වෙව්ලද්දි කොල්ල උඹ කිව්වට මන්තිරි අප්පොච්චිත් බය උනාලු. ඒත් සර් ජෝන් හිනාවෙල කිව්වලු මූට හොඳ අනාගතයක් තියෙනව කියල. ගහපු කතාවක් මම අහල නෑ, දැන් කොල්ලා කියනවද දන්නෑ මම ගලකින් නෙලුවා කියල, මොකද සර් ජෝන් නැගිටල ඇවිත් කියනවය එහෙම නෙවිය කියල. :)

      Delete
    2. මම අහලා තියෙන්නේත් ඩී ඩී ටී කියපු කතාව

      Delete
    3. As I know, it wasn't Sir John but Hon. D.S. Senanayake

      Delete
  32. උන් රගනවා සහ රගපානවා අපි ගොනාට ඇදගන්නවා ..

    ReplyDelete
    Replies
    1. අපි නම් අඳින්නෙ නෑ...

      Delete
  33. ඉස්කෝලෙට පිට්ටෙනි, පරිගණක, ගුරුවරු ඉල්ලීම තමයි මරු.
    අන්තිම කෑල්ල ටිකක් හාස්‍ය උපරිම විදියට ලියන්න තිබුන

    ReplyDelete
  34. That is a really good tip especially to those new to the blogosphere.

    ReplyDelete
  35. I was able to find good info from your articles.

    ReplyDelete
  36. This is a topic which is near to my heart… Cheers! Where are your contact details though?

    ReplyDelete
  37. I was more than happy to search out this website.

    ReplyDelete
  38. I agree the media is hyping it up. I’m all for survival of the fittest.

    ReplyDelete
  39. This site certainly has all of the information I needed concerning this subject and didn’t know who to ask.

    ReplyDelete
  40. I was able to find good info from your content.

    ReplyDelete
  41. Like!! I blog quite often and I genuinely thank you for your information. The article has truly peaked my interest.

    ReplyDelete
  42. Simply a smiling visitant here to share the love (:, btw great design and style.

    ReplyDelete
  43. Good info. Lucky me I came across your website by accident.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න