.

.

Sep 22, 2013

රටම කැමති මහ ඇමති - Lessons from Dayasiri's Victory


අපි කිව්වොත් ආයේ, "පිංජුල මාරිසා" හෝ "අමනදාස සුමනයා" මෙන්, කෙප්ප කෙලින්නේ නැතිය.. කියන්න බැරි එවා කියා, ගූ නාගන්නේත් නැතිය. අපි කියන්නේ, ඕනම එකෙකුට කියන්න පුළුවන් ඒවාය. වයඹයි, මධ්‍යමයි, කිසිම ගේමක් නැතිව ලොක්කා දිනන බව, අපි කල් තියාම කිව්වේය. ඔය මොන යකා බයිලා ගැහුවත් ලොක්කා නැතිව එකෙකුටවත් දිනන්න බැරිය.

උතුර පැරදුනා යයි කිව්වත්, මාතලන් නම් කියන්නේ, ලොක්කා උතුරත් දිණුම් කියලාය. ඒ කියන්නේ ප්‍රජා තන් තොර වාදය දිණපු නිසාය. ජනමතය නියමාකාරයෙන් පෙන්නන්න අවස්ථාව දුන්න නිසාය. දැන් කළ යුත්තේ, යුද්ධයෙන් පසු කිරීමට තිබූ, එහෙත් නොකරපු, දෙමළ ජනතාව සමග අවංක අත්වැල් බැඳ ගැනීමකට යාමය.

විග්නේස්වරන් කියන්නේ කොටියෙක් නෙමේය. හිටපු මහාධිකරණ විනිසුරුවරයෙක්ය. ඒ නිසා ඔහු සමග සහයෝගයෙන් කටයුතු කරමින්, උතුරු වසන්තය දිගටම ගෙන යාමය. එමෙන්ම විශාල වගකීමක් විගනේස්වරන්ලාටත් තියෙන්නේය. ඒ.. පොඩි උන්, දුන්නේ නැත්නම් ටීචර්ට කියනවා කියා හොටු පෙරාගෙන අඬනවාක් මෙන්, දුන්නේ නැත්නම් ඉන්දියාවටයි, ජාත්තන්තරේටයි කියනව කියා, නාහෙන් අඬන්නේ නැතුව, ඕන එකෙකුට එකට ඉඳන් කතා කරන්න ඇහැක්, ලොකා එක්ක සාමෙන් සමාදානෙන් තම ජනතාවට සේවයක් කොරනා එකය.

එහෙම නැතිව උතුරුට වසන්තේ කියමින්, තම්න්ට තව්තිසා ඉඳිකර ගැනීම නෙමේය. පිරබාහරන්ලා බිහි උනේ, විග්නේසරන්ලාග්ගේ බාප්පලා, අපෙ උන් වගේම, සමාන්‍ය දෙමළ ජනතාව පයිසෙකටවත් ගනන් ගන්නේ නැතිව උන්න නිසාය. අන්තීමෙදි, උන් උන්ගේ පන්තියේ එකා රජ කර ගත්තේය. ඒකෙන් උනේ, උන්න තැනිනුත් පල්ලේහාට ගිහින්, උන් හැටි නැති වීම පමණක්ය.

මේ ඡන්දයේ ධනාතමක ලස්සන කීපයක්ම තිබෙන්නේය. පලවෙනිම එක හැටියට මට නම් පේන්නේ, ලොක්කා එකාධිපතියෙක්ය, ගේම් කාරයෙක්ය කියන බයිලා, බොරු උන එකය. 83, ජේ ආර් පප්පා, ගාමිනී දිසානායක හා මැතිව්ලා කල ගොන් කම් ලොක්කා කරන්න ගියේ නැතිය. හින්නික්කිතර ඉන්සිඩන්ට් කීපයක් තිබුනත්, සාධාරණ මැතිවරණයක් ලබා දීම, ජාත්‍යන්තර ප්‍රජාවේ වුවද ඇස් ඇරවන්නක් විය යුතුමය. එනයින් බැලු කල, මෙය ලොක්කා වයඹ හා මධ්‍යම ලබා ගත්තාටත් වඩා, විශාල ජයග්‍රහනයක්ය.

ඇත්ත වසයෙන්ම, උතුර ගැන පස්සේ වෙනම ලියන්න ඕනාය. දැනට ඔය ඇතිය. අනෙක් කරුණ නම්, අපේ දයාසිරි කියා දුන් පාඩම් හා ඉගෙනගත් පාඩම්ය, එමෙන්ම ජොනීලා ඉගෙනගත් පාඩම්ය, ඒ ගැන වයඹ ජනතාවට මුලු රටේම ගෞරවය හිමි විය යුතුමය. දයාසිරි ඉගෙනගත යුතු පාඩම නම් දයාසිරි කව්දැයි යන්න දයාසිරිවත් නොදන්නා එක දයාසිරි වටහා ගැනීමය.

මේ වාසනා ගුණය හැම එකාටම නැතිය. දයා අලි පාටියේ උන්නා නම්, මීළඟ එජාප නායකත්වයට පත්වන්නේ දයාය. ඒ බව දන්නා සජියා, දයාට දුන්න ගුලිය දයා නියමෙටම කෑවේය. දැන් ඒ කතාවලින් වැඩක් නැතිය. දැන් ඔහු ඉගෙන ගත යුත්තේ ලොක්කා හා නාමල් සමග ජීවත් වීමය. එක එකාගේ ගුලි නොකා මොවුන්ගේ ආදර දිනා ගත හැකිනම්, දයා යනු රටට සේවයක් කල හැකි නියම පුදගලයකුය යන්න මාතලන්ගේ විස්වාසයය.

මිනිස්සු ආදරේ පක්ෂයට නොව දයාටය යන්න, ආසනයේ ඡන්ද වලින් පෙනෙනවාය, බුලත් කොලේට 35000 ඉතර හම්බ වෙන කොට, අලියට හම්බ උනේ 4000 විතරක්ය. ඒ කියන්නේ, දයාට මුළු ගමම ආදරය කියාය. ඇත්තටම දයාට ගම විතරක් නොව පලාතම ආදරය කරනා බව, රෙකෝඩ් බ්‍රේකින් මනාප ගනනෙන් පෙනෙනවාය.


මේවා රනිල්ලාට හොඳ පාඩම්ය. එවා රැක ගැනීම තියෙන්නේ, දයාලාගේ අතේමය. දයාට ජිල්බරි අදින්න ගිය උන්ටත් දැන්නම් මහ ඇමතිකම දෙනවා හැර වෙන කොරන්න දෙයක් ඇත්තේ නැතිය. (අප සිතාගෙන උන්නේත් කොම්පියුටර් ජිල්මාට් කතාවෙන් පසු ඒ දයාගේ අවසානයමයි කියාමය. අපටත් වරදින බව ජනතාව ඔප්පු කර පෙන්නුවේය.)

දයාගේ ජයග්‍රහණයේ තවත් ඉතා වැදගත් දෙයක් ලෙස මාතලන් දකින්නේ, සල්ලි වලට හා චන්ඩි පාට් වලට ඡන්ද ගන්න බැරි බව ඔප්පු කර පෙන්නපු එකය. ඒ ගැන ගෞරවය, අනිවාර්යයෙන් ජනතාවට යා යුතුමය. ඇත්තටම මේ ඡන්දේ තිබුනේ ආන්ඩු පස්සය හා විපස්සය අතර නෙමේය. දයා හා ජොනියා අතරය. දයාට මෙලෝ දෙයක් තිබුනේ නැතිය. තිබුනේ හිතවත්කම හා නිහතමානී කම පමණය. (ජොනියට තිබෙන ඒවා මීට පස්සෙ දයාටත් ලැබී දයත් ජොනියා උනොත් අපට කොරන්නට දෙයක් නැතිය, එදාට ජොනියාට කියා දුන් පාඩම දයාටත් කියා දෙනු ඇතිය.)

ජොනියා, බාබෙද්දෝ අරක්කු වලින් නෑව්වේය, කොල්ලන්ට පෝන් දුන්නේය. ගැණුන්ට සාරි දුන්නේය. කෙල්ලන්ට ඔරලෝසූ දුන්නේය. හිඟන්නන්ට බුරුයානී දුන්නේය. අන්තීමට ත්‍රී වීලුත් දුන්නේය. මදි පාඩුවට ෆ්ලෑස්බෑක් ගෙනල්ලා තොවිලයකුත් නැටුවේය. ජනතාව මේ ඔක්කෝම ආතල් අරගෙන මෙලෝ දෙයක් නොදුන්න දයාසිරියාට මනාප හැහුවේය. දැන් ඉතින් ජොනියාට තියෙන්නේ පුතාත් එක්ක එකතුවී වයඹ ගල් බෝතලයක් ගසා, ජොහාන්ගේ කුඩම්මාට කියා සෝක ගීයක් අසා ගැනීමය.

මෙහිදි සිරි ලංකා එකේ 1994 පටන් මෙළෝ දෙයක් නොකරන පරණ වාහෙලා ටිකටද ඉගෙන ගන්නට හොඳ පාඩමක් ඇත. උන්ටත් හොඳ කනේ පාරක් දීලා තියෙන වබව උන්ගේ ඇඹේනියන්ට, පුත්තුන්ට, මල්ලිලාට හම්බ වෙච්ච ඡන්ද වලින් පෙනෙනවාය.අලි පාටිය ගැන නම් කතා කරලා වැඩක් නැතිය. ඒකත් අර කෙලවෙලාම ගිය සැලින්කෝ ගෲප් එක වගේය.


දැන් තියෙන්නේ නම විතරය. කොතලාවල මහත්තයා තවමත් ඉන්නවා වගේ, රනිලුත් ඔහේ ආතල් එකේ ඉන්නවාය. අනික් ඉන්න උන්ටත් වගේ වගග් නැතිය, ඒ වගෙම වැලේ වැලුත් නැතිය. ජනාධිපති තුමා, උන්ගේ අම්මගේ මල ගේ අස්සෙත් රිංගන නිසා උන්ටත් ජනාධිපති තුමාගේම පිහිටමය. ජෙප්පො හිතාගෙන හිටියේ අට අනූවක් චැනල් වලට වොයිස් කට් දුන්නාම උන්ට ඡන්දේ හම්බ වෙනවා කියලාය.

ඡන්ද කරන්න එහෙම බැරිය. සල්ලි නැත්නම් බැංකුවෙන් ණයක් අරගෙන හරි ඉස්ටේජ් ගහලා කෑ ගහලා ගේම දෙන්න ඕනාය. දැන් නම් ඉතින්, විජේවීර වනලා දැම්මා වගේ දානකන් ඉන්නේ නැතිව, කට්ටියම ගිහින් මොචරියේ හාන්සි උනා නම් ලේසිය. විමලේ කිව්ව දේ ඇහුවා නම් උන්ට මෙහෙම වෙන්නේ නැතිය. එහෙනම් අද තියෙන්නේ සිරි ලංකා එකක් නෙමේය. බහුතරයක් ජෙප්පන් ඉන්න ආන්ඩුවක්ය.

ඊළග ඡන්දෙදී, ජනාධිපති කෙනෙක් උනත් දාගන්න ඉඩ තිබුනේය. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඉන්න උන් ටිකෙන්, ආන්ඩුවේ කොන්ත්‍රාත්තුවක් හරි අරගෙන, තම තමන්ට මක්කා හරි කොර ගන්න එකය. විමලෙත් එක්ක ගියපු සැට් එකට පස්සේ. ඉතුරු උන්ගෙන් සැට් එකක් එකක් අර පොන්නයන්ගේ පස්සෙ එක්ක ගියේය. ගුණරත්නම් රංහොටිලා නටාපු නැටුමකුත් නැතිය, බෙරේ පළු දෙකත් නැතිය, බෙරෙත් නැතිය, අන්තීමෙදි බෙර කාරයාත් නැතිය. තාලම්පොට ගහපු එකා විතරක් ඉඳ හිට කිඹුලා කඩාගෙන ගිය වෝයිස් එකෙන් වොයිස් කට් දෙනවාය.


ඊටත් පස්සෙ ඉතිරිවෙලා උන්න, කැට හොලවලා, නායකයන්ට කන්න අඳින්න  දෙන හිඟන්නෝ ටික, ජනරාලට එකතු වෙලාය. සද්දේ නැති ගාන්ටාරෙට එකක් එන කොට, වෝ හීරෝට 5 ක් හම්බ වෙන්නේ ඒ නිසාය. (හැයි ඒ පස් දෙනාවත්, උගුඩුවෝ, උනහපුලුවෝ කියා එලාව ගනිදැයි කියන්න දන්නේ නැතිය.) ලෙවල් එකේ උන්න ජනරාල්, දේශපාලනේට ගෙනත් හිරෙත් ඇරියාට, මෙළෝ වසයෙන් පටිසන් දෙනවා කියන්නේ ඕන්න ඕවාටය.

මේ කොයි කාටත් මැදමුලන දෙයියාගේ පිහිට ආරක්සාව ලැබෙන්න ඕනාය..

දෙයියා නිව්යෝක් ගිහිල්ලාය. ආවාම ගිහින් විස් කොරලා එන්න ඕනාය. මට බය, අර බස් ගමුණුට කෙලියා වගේ, ඔබා මාමා එක්කත් ගුස්පි අල්ලන්න ගිහින්, ගිනි විජ්ජුම්බරයක් කොර ගනීද කියාය.

ඔබ සැමට සුබ අනාගතයක්ය...!!!

විශේෂ - කා නමින් පෙනි සිටිනා ඇනෝ ඉතා පහත් නින්දිත කොමෙන්ට් කීපයක් කතාට හා විචාරකට දමා තිබිනි.. ඒ ගැන සිත් රිදීමක් වූවා නම් මම සමාව අයදිමි. අනෝලාට තවමත් ඉඩ ඇත.. කරුණාකර තම පහත් ගතිය කොමෙන්ට් වලින් එලියට දමන්න එපා.. 

140 comments:

  1. කොහොමද ගත්ත මනාප ටික.

    ReplyDelete
    Replies
    1. ටික, කොහෙද බොල ටික.
      -කා(Ka)

      Delete
    2. සමාවෙයන් මචෝ....ඒක ගොඩ කියල වෙනස් කරගන්න.
      උඹ ඔර්ජිනල් පු කා නේද?

      Delete
    3. ටිකක් වෙන්නේ කොහොමෙයි බන්.. රෙකෝඩ් බ්‍රේකින් මනාපයක් නේ හම්බ උනේ.. ලොක්කත් කොර වෙන්න ඇති..

      Delete
    4. //රෙකෝඩ් බ්‍රේකින් මනාපයක් නේ හම්බ උනේ.. ලොක්කත් කොර වෙන්න ඇති..//
      ඒකම තමා අවුල
      දයාගේ ඉදිරිගමන නොහොත් ලනුවේ දිග ඔය කොරවීමේ ලෙවල් එක මත තීරනය වෙන්න ඉඩ තියනව

      Delete
    5. @ඕන මැන්ටල්..........ඔන්න ඔබ ඔය කියලා තියනදේ තමයි අනිවාර්‍ය්යෙන් වෙන්නේ.

      Delete
    6. බොහෝ විට.. මම වෙදමහත්තයට දාපු රිප්ලයි එක පොඩ්ඩක් කියවපල්ලකෝ...

      Delete
    7. මේ කෑ-කෝ පප්පේ, මම පු කා නෙමේ, කා(Ka).
      පු කා තමයි අර සූර පප්පා කියන කොමන්ට් කොටලා තියෙන්නේ.
      -කා(Ka).

      Delete
  2. දේසපාලනේ කියන්නේ වෙන දේ හිතාගන්න බැරි මඩ ගොහොරුවක්. පොලිටික්කොන්ට ඕනේ උන්ට සැප ගන්න මිසක් රටට ගමට දෙයක් කරන්න නෙවෙයි. අපේ ජෙනරාල් ලොක්කා ඉල්ලං කෑවේ උන්දැගේ කතාව නිසා

    ReplyDelete
    Replies
    1. ජෙනරාල් ඉල්ලන් කෑවෙ නෑ. සාටකයාට කොරලේ පප්පාපත් හිර කරන්න ඕනනම්, ඔය කොමන්ටුවම ඇති ඒකට.

      Delete
    2. ඒ කතාව නම් සහතික ඇත්ත.. බොහෝමයක් රටවල ඇත්ත කතාව ඕක තමයි...

      Delete
  3. කියලා වැඩක් නැතිය.
    විය යුත්තේ ඔබ කියලා තිබෙන දේමය.
    කියන්න තිබෙන්නේ "සුභ අනාගතයක්" කියල විතරය.

    ReplyDelete
    Replies
    1. වෙන මක්කා කියන්නද.. සිසිල් සුලං රැල්ල... පේන තෙක් මානයක නැත..

      Delete
  4. ලිපියක් දාන්න හිටියත් මේකෙම කියන්නං.

    1.දයාසිරි ගැහුවෙ හොඳම ගේම්එක. මේ ගේම්එක තමයි සිරස සුපර්ස්ටාර් එකේ අජිත් බන්ඩාර, ගාමිනී(සුසිරිවර්ධන නේද) ගැහුවෙත්. "අනේ මට ජොනියට වගේ බොන්න දෙන්න සල්ලි නෑ, කන්න දෙන්නත් නෑ, සාරි දෙන්න ත් බෑ,..... ඒත් අනේ මම හරී...... චෝයි මෙයාලා...."
    මේක කාලෙට හරියන ප්ලෑනක්. ගැහුව ගොඩගියා. එතකොට මාතලන් කියන මෙන්න මේ ටික මගේ මතයේ හැටියට අවලංගුයි.

    //දයාගේ ජයග්‍රහණයේ තවත් ඉතා වැදගත් දෙයක් ලෙස මාතලන් දකින්නේ, සල්ලි වලට හා චන්ඩි පාට් වලට ඡන්ද ගන්න බැරි බව ඔප්පු කර පෙන්නපු එකය. ඒ ගැන ගෞරවය, අනිවාර්යයෙන් ජනතාවට යා යුතුමය.//
    ඊලඟ මහ මැතිවරණයේදි ජොනිය එකට ආවොත් පුදුම වෙන්න එපා.

    2.අනෙක් පලාත් සභාත් ඊලඟ අවුරුද්දෙ ජනාධිපතිවරණයකුත් එන්න ඉඩ තියනව. ලොක්කගෙ මුට්ටිය දැමීම සාර්ථකයි.

    3.රතුපස්වල වගේ කේස් මිනිස්සුන්ට අමතකයි.කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය වගේ ඉටිගෙඩි ඕනම නෑ.

    4.ඩීපී 5ම පොන්සේකට දීපුව. ඒක වර්ධනය කරගන්නවද අනෙක් පැත්තට යනවද කියන එක එයාගෙ වැඩක්. ඒ වගේම විපක්ෂයේ දැනට තියන "හිඩැස" වැඩි වෙන්න වෙන්න ‍ෆොන්සේකට වාසියි.

    5.මහඇමතිකම කියන්නෙ හොඳ තනතුරක්!

    ReplyDelete
    Replies
    1. අංක 3 ගැන කියනව නම් රතුපස්වල වගේ සිද්දි 1ක් නෙමෙයි 10ක් වුනත් ආණ්ඩුවම තමා දිනන්නෙ... මොකද තරඟෙක දුවන්නෙ එකයි නම් ඌ තමා ඇවිදගෙන ගියත් පළවෙනියා...

      Delete
    2. එහෙම සිද්ධි යූ ඇන් පී කලෙත් වුනානෙ.දැන් අඩුගනනෙ යුක්තියවත් ඉටුවෙනවා.වවුල්කැලේ නඩු තීන්දුව අමතකද? 1994 දි අවසන් වුනේ ඒ වගෙ යුගයක්.ඩී බී විජේතුංග ආවට පස්සෙ තමයි මිනිස්සු දෙපයින් නැගිට්ටෙ.එතකන් ගියෙ බඩගාගෙන

      Delete
    3. 1. එකඟ නැත. එහෙම දුන්න ඡන්දයක් නෙමේ. ඔතන ජාති බේද කුළ බේද ආගම් බේද සෑහෙන බලපෑවා.. මම ඒ ගැන කතා කරන්න ගියේ නෑ..

      2. එකඟයි

      3. ප්‍රජාචන්ත්‍රවාදේ කියන්නේ මොන මල හෝන්තුවක්ද කියලා මිනිස්සු දන්නෙ නෑ. මිනිස්සුන්ට ඕන නිවි සැනසිල්ලේ ජීවත් වෙන්න. මහනුවර උන්ට කොළඹ උන්ට නැති උනාට. තවමත් ගමේ පලා කොල ටික, වැවේ මාලුවා, කොස් ගෙඩිය, කච්ල් ෆැන්ටා ටික ගමේ තියෙනවා.. අනික රතුපස්වල තියපු වෙඩි, වෞඅඹට වෙනකන් ගියේ නෑනේ..

      4. ඒ 5ම ෆොන්සේකට දීපුවා වගෙම. අනික්වා ලොක්කට හම්බ උන ඒවා. ලොක්කා ඉස්ටේජ් එකට නැගලා වව්ලා පෙන්නලා. පොඩි උන් මිරිකුවම, ලයිට් බිල්, අරවා මේවා ඔක්කෝම අමතක වෙනවා.

      5. එකෙන්ම

      Delete
  5. තව අවුරුදු 10ක් විතර යද්දි යූ ඇන් පී එකත් සම සමාජෙ වගේ වෙයිද මන්දා...

    අරක්කු ෆෝන් වලට ඡන්දෙ නොගිය එක ගැන නම් සතුටුයි... ඒත් මනාප 3ම ගහල ෆොටෝ එකෙක් ගෙනත් පෙන්නුවොත් ෆෝන් එකක් තෑගි කියල කතාවකුත් එලි බැහැල තිබුනා... ඊළඟ ඡන්දෙදි ඒ වගේ එව්වා නවත්තන්න විදිහක් ඇති වුනොත් හොඳයි...

    පොඩි දුකකුත් තියෙනව හැබැයි දයාසිරි දිනපු එක ගැන... විපක්ෂෙ ඉන්නකං ආණ්ඩුව පතුරු ඇරල, තමන්ගෙ වාසියට ආණ්ඩුවට පැනපු දයාසිරි වගේ එකෙක් චරිතෙ මහා ලොකු චරිතයක් වීම හොඳයි කියල මට නම් හිතෙන්නෙ නෑ.. (මෙහෙම කිව්වට මම ආණ්ඩු පක්ෂෙ මිසක් විපක්ෂයේ එකෙක් නෙවෙමි ;) )

    උතුර නම් ෂුවර් නැත... කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියනවනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. උතුරේ වසන්තේ මොන විදිහට වෙනස් වෙයිද දන්නැ.. ඒ ගැන වැඩි අවදානයක් යොමු කරනන්න වෙයි අප්පච්චිට..

      Delete
    2. රනිල් ලොක්කා උන්නොත් නම් ඒ ටික වෙයි වගේ.. ආයේ කතා දෙකක් නෑ.. ෆොන්සේකා ඉදිරියට ආවොත් හොඳයි.. නැත්නම් ආයෙත් 77 තත්වෙට යනවා. හැබයි ඒකත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්..

      Delete
  6. දයාගේ නිහතමානිකමට ජනතාව කැමතියි.. ඒකට ගරු කිරිමක් විදිහටවත් රටට සේවයක් කළොත් හොදයි දයාසිරි...

    ජෙනරාල් ඉල්ලන් කැව ඒක ඇත්ත. අප්පච්චි බය වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. නගාගෙ නමටම ගැළපෙන පින්තූරෙ....

      Delete
    2. අප්පච්චි නෙමෙයි බාප්පලත් බයෙන් උන්නේ.. ඒකනේ ප්‍රජා අයිතියට කෙලලා තියෙන්නේ..

      Delete
  7. //දයාගේ නිහතමානිකමට ජනතාව කැමතියි..// ඒක ඇත්ත.

    ReplyDelete
    Replies
    1. දයාගෙ නිහතමානීකම රඟපෑමක් විතරයි... පොර තාම නටන්නෙ ස්ටේජ් එකෙන් පිටිපස්සෙ...

      Delete
    2. නෑ.. ඒක රඟපෑමක් නෙමෙයි.. දයාසිරියා ජනතාවත් එක්ක ඉන්න එකෙක්.. ඒක පැහැදිලව ඔප්පු වෙනවා ආසනේ ප්‍රතිඵලයෙන්..

      Delete
  8. මාතලංට වැරැදී ඇත. කා(Ka) ගැන දානගන්න. පහත යොමුව ඔස්සේ කා දැමූ කොමන්ට් පෙන්වා දී ඇත.
    කා(Ka) අනුකරණය කරමින් අදාල පහත් කොමන්ට් දැමීම මාගේ ක්‍රියාවක් නොවේ.

    http://arugeadaviya.wordpress.com/2013/09/17/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-6-%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A/#comment-936

    (පහතින් දමා ඇති කොමන්ටුව බලන්න. විකාරද සම්බන්දයෙන් විවේචනය කළද, පහත් නින්දිත කොමන්ට් යොමු කර නොමැත.)
    කා(Ka) ට අවශ්‍ය තරම් සංයමය ඇත. එය ඔබේත්, අන් අයගේත් කාරුණික අවධානයට යොමු කරමි. එන්න එපානම් එකෙන්ම එන්න එපා කියන්න. ප්‍රශ්ණයක් නෑ.
    නැතිනම් කවුරු හෝ විචාරය කළානම්, එය බුද්ධිමත්ව සිතා බලන්න. තම තමන්ගේ පෞද්ගලික මති මතාන්තර, සම්බන්ධකම් වලට වහල් නොවී, විවෘත්ව සිතිය හැකිනම් කා(Ka) ව හඳුනාගතත හැකි වේවි.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. කකාට මෙම අඩවියේ මා කිසිදු විකෘත්ති අදහසක් හෝ මෑතකදී කුමන හෝ අදහසක් දමා තිබුනේ නැ. අවම වශයෙන් මා කකාගේ අඩවියේ හෝ මෑතකදී මා කොමන්ට් කළේ නැත.
      කාලයක් තිස්සේ තේරපී ඇති අන් අයගේ පෞද්ගලික බෙලහීන කෝන්තරයන් මාගේ එකවුන්ට් එකට බැර කර, මාගේ විවේචන, විචාරයන්, හාස්‍ය, විහිළු හරවත් බවින් තොර කිරීමේ අමනොඥ, අසික්කිත, පාදඩ මන්ද බුද්ධික එකී ක්‍රියාවන් කා පිළිකුල් කරමි.
      කා(Ka)

      Delete
    2. රටේ මිනිස්සු පිස්සු බල්ලන්වාගේ ඌව වෙල්ලස්ස කැරැල්ලේදී හෝ පසුව ආ කැරලිවලදී මැරුවත්, 71 මැරුවත්, 83 මැරුවත්, 89 මැරුවත්, 2004 මැරුවත්, 2013 වැලිවේරියේ දී මැරුවත් උන් රටට ඔන මිනිස්සු. මේ රටට ඕන බෙලි කපලා හරි ජය ගන්න මිනිස්සු නෙමේ. එහෙම අවශ්‍යතාවයක් තියේනම් සූර පප්පේ උඹත් ඔය බොග වහලා දාහං. ෆෙන්ටෙරා ගැන අහවල් එකකටද ලියුවේ. සුසිලා මැරුණ එකට සතුටු උන සපිරෝ විවේචනය කලේ අහවල් එකටද?
      මා වැරැදිනම් උබත්, ඔබේ පෝස්ට් බලලා හැමදාමත් හරි කියලා අහවල් අහවල් පප්පලාට/පප්පිලාට බැන්න උන් සෙට් එකත් තමන්ගේ පහත් ගති පෙන්වා දී ඇති බව මතක්කර දීමට කැමැතියි.
      නමුත් මා නමින් පහත් ගති ඇති එකෙක් හෝ කිහිප දෙනෙක් කොමන්ට් කොටා ඇත. එය මා ද පිළීකුල් කරමි.
      -කා(Ka)

      Delete
    3. ඇනෝ ලේස පැමින "කා" නමින් ඉතා පහත් කොමෙන්ටු දමා තිබිනි. මේ පැහැදිලි කිරීමෙන් පෙනෙන්නේ ඒ ඔබ නොවන බවයි. එසේනම් ඔබ කලබල විය යුතු නැත..

      Delete
    4. විචාරක මහතාවත් කා නමින් ඇවිත් සිටියාදෝ කියා සැකයක් හිතෙන්නේ නැද්ද මාතලං. ඌරගේ මාළු උරගේ ඇගේම තියලා කපනවා කියලා දෙයකුත් තියෙනවානේ.

      Delete
  9. පළාත් දෙකම උඩින් දිනූ අතිගරු ජනාධිපතිතුමාට මගේ උත්තමාචාරය

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කොලේ, හැලප පප්පට උන දෙයක්.
      අමතකනම් මෙන්න මේකත් කියවලා ඉන්නකෝ. තව ගොඩක් තියනවා.

      http://maathalan.blogspot.com/2013/08/blood-aginst-water.html?showComment=1375437146715#c3571455047691959864

      කවුරුවත් හැලප පප්පට හිනාවෙනව එහෙම නොවෙයි. අනිත් පප්පලාගේ ගොඩකගේත් තත්වය එහෙමම තමා.
      -කා(Ka)

      Delete
    2. අෆ්ෆා හැලපයියේ. මේ මොකද?

      Delete
    3. මාත් මේ එනකන් ඉන්නේ විස් කොරන්න යන්න...

      Delete
    4. අනේ අනේ හැලපයියේ, උඹත් පෙරළුන පිට හොඳයි කියනවා. කොර ටෝක් දී දී ඉඳලා, අන්තිමේදී දිනපු පැත්තට රතිඥා දාලා මම තෝපේ එකෙක් කියනවා. ඇත්තටම අර පහුගිය කාලේ චිතානුකම්පනයෙන් කොමන්ට් දාපු රතුපස්වල අමාවතුර ගැන දැන් මතක නැතෙයි. පොඩ්ඩක් උඩ ලිංක් එකෙන් ගිහින් බලහන්කෝ. බොලාටත් දැන් මට මතක නෑ ලෙඩේ ද?
      -කා(Ka)

      Delete
  10. ජොනියාට තිබ්බේ සමිතා අක්කිවා ස්ටේජ් එකට නග්ගන්නය. එවිට කොලුවා දිනනවා සුවර්ය.

    ලොක්කාට තවමත් ජනප්‍රසාදය, හැකියාව, ශක්තිය ඇති බව පෙන්වා කුන්වන බලවේගය වන්නට ගිණි සිළුවට හැකි වූයෙන් අපි සතුටින්ය. දයා එක වූයේ ඇත්තටම නිහතමානි කම නිසාය. සල්ලි වලට නොනැමෙන, බව පෙන්වා දුන් ජනතාවට ස්තුතිය. එහෙත් දයාසිරි නම් පුද්ගලයා නිසා මලින්ද මාමාගේ පක්ෂයටම ඡන්දය දෙන්නට වූ ජනතාව නම් පවුය.

    ReplyDelete
    Replies
    1. සමිතා අක්කිව නැග්ගුවානම් දයාට සොරි තමාය

      Delete
    2. සමිතා නැග්ගනම් තියෙන ටිකත් නැති වෙනවා.. ජනරාල් කට පරිස්සම් කර ගත්තොත් නම් දෙවන බලවේගය වෙන එක අනිවා...

      Delete
  11. දයාගේ ජයග්‍රහණයේ තවත් ඉතා වැදගත් දෙයක් ලෙස මාතලන් දකින්නේ, සල්ලි වලට හා චන්ඩි පාට් වලට ඡන්ද ගන්න බැරි බව ඔප්පු කර පෙන්නපු එකය.//
    කතාව සහතික ඇත්ත.සටන තිබුනෙ දයයි ජොනියයි අතර තමයි.චන්ඩි කමටයි අරක්කු වලටයි චන්ද ගන්න බැරි බව ඔප්පු වුනා.ඒත් අරක්කු චන්දත් සෑහෙන්න තිබෙන බවත් පේනවා.දයා ජොනියෙක් වෙලා මේ ගමන අවසන් වේවි.

    හැබැයි දයා යූ ඇන් පියෙ සිටියානම් සමහර විට එජාප නායකය වෙලා රටේ නායකය වෙන්නත් ඉඩ තිබුනා.දයාත් මේක දැනගෙන ඉන්න ඇති.ඒත් මහ ඇමති සැප විදලම නිවන් යන එක හොඳයි කියල හිතුවද දන්නෙ නෑ.

    දෙව් මිනිස් සෑ කෙඇල්වරනෙ නිවන් සැප හොයන්නෙ.දැන්ම නම් මේ ආන්ඩුව පෙරෑල්න බවක් පේන්න නෑ.ඒත් දයා ඔළුව හොදට පාවිච්චි කරල තව අවුරුදු පහලොවකින් විස්සකින් ආයෙ යූ ඇන් පී වෙලා ලස්සන නැටුමක් නැටුවොත් දයාටමයි හොඳ.
    තව අවුරුදු දහයක් පහලොවකට ආන්ඩුව හොල්ලන්න බැරි නිසා වේදිකා දෙදරන්න කෑ ගහනවට වඩා ඇමති සැප විදිමින් කුක්කෙක් වෙන එක හොදයි කියල දයාට හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. දේශපාලණය කියන එකේ අනාවැකි කියන්න බෑ. එක මොහොතක් ඇති උඩු යටිකුරු වෙන්න.. කව්ද හිතුවේ ප්‍රේමදාසට දෝශාභීයෝග තියා මොන අභියෝගයක්වත් එයිද කියලා. දැනට තියෙන තත්වය අනුවනම්, තව කාළෙකට නෝ හෙල්ලුම්..

      Delete
  12. මහත්තයා ඔයා ජෙප්පන් ගැන ලියලා තිබුනා. මම ජේවීපී එකට උදවු කරන අයෙක්. මා දන්නවා උන් මේ පාර අමාරුවේ වැටුන කාරනා. ජනතාව ගොන් හැත්තක්. උන් විලාසිතාවට, මුදලට, සෝබනේට, ජනප්‍රියත්වයට ඡන්දය දුන්න සෙට් එකක්.
    මම මගේ වාහනය ආසනයේ වැඩ සඳහා පේවීපි එකට අරගෙන යන්න කීවා ඡන්ද වැඩවලට. රක්ෂණයක් දවා ඇති නිසා මා බිය වූයේ නෑ. නමුත්, එකම දවසකවත් අරගෙන ගියේ නෑ. අවසාන දවසේ කවුන්ටර් වලට යන්න මම අරගෙන එන්නම් කියුවා. එකටත් අදිමදි කළා. හේතුව අදාල සංවිධායකට තවත් වාහනයකට තෙල් ටිකක් ගසා ගැනීමට මුදල් නොමැති වීම. මා එවැන්නක් බාලා පොරොත්තු නොවීය. එහි තෙල් සම්පූර්ණ පුරවා තිබිණි.
    එහෙත්, ඔවුන්ගේ සංවිධාන ශක්තිය අන් කිසිම පක්ෂයකට නොදෙවෙනිය. නමුත්, මුදල් අතින් ඉතාමත් සෝචනීයයි. ගම් කීයකට අවම වශයෙන් කැන්වසින් යාමට හෝ නොහැකි වූවාද කියා ගම් වැසියන් දන්නා කරුණක්. දෙපතුල ලඟට එන අයට පමණක් ඡන්දය දෙන්න සිටින අපේ මිනිසුන්, අවසානයේ උන්ගේ දෙපතුලට යයි.
    නමුත්, මේ අව ඡන්ද මට්ටම ඔවුන් ගනන් ගන්නේවත් නැතිය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. \\\නමුත්, මේ අව ඡන්ද මට්ටම ඔවුන් ගනන් ගන්නේවත් නැතිය.\\\

      චන්දෙට ඉදිරිපත් වීමේ අරමුණ මොකක්ද එහෙනම් ...? කන්න බත් පත නැතුව කොහොමද රට හදන්න යන්නේ ..එදා ඉඳන් කලේ රට කාපු එක ...

      ඒ අතින් බලද්දී සිරි ලංකා කාරයොයි යු එන් පි කාරයොයි මොනවා හරි දෙයක් කරා.. ජේ වී පි කාරයෝ කරේම කන්න තිබ්බ බත් පතත් නැති කරගැනීම.. අනිත් මිනිහගේ අනාගතෙත් නැති කරපු එකයි කරේම එදා ඉඳන්.. කාලකන්ණි..

      මම කියන්න ආව එකත් අමතක උනා මාතලන්...

      Delete
    3. //මම කියන්න ආව එකත් අමතක උනා මාතලන්// ජේවීපී නම ඇසුන සැනින් එතනට වැටීම පුදුමයි.
      //කන්න බත් පත// මම බත් ගැන කියුවේ නෑ.
      ජේවීපි නඩත්තු වන්නේ සහෝදර සමාජිකයන්ගෙන්. ඒ සඳහා මාද පුළුවන් මට්ටමින් දායක වෙනවා. අරමුණ හොඳනම් මා බොදු බල සේනාවට උනත් සහය දෙනවා. නමුත් නමුත් බල සේනාවට සහය දෙනවා කියනුයේ උදාහරණයකට පමණයි.
      ජේවීපී එකේ මුදල් මත ඡන්දයක් තීරණය කරන්නේ නැහැ. නමුත් එවැනි දේ සිදුවේ. ඡන්දයට ඉදිරිපත් වීමට මුදල් අවශ්‍ය අටෝපයට පමණයි. එහෙත් ආටෝපය නොකරයි. මිනිසුන්ට පෙනෙන්න ආදරය සහ අනුකාම්පාව දිනා ගන්න, බොධි පූජා, දේවාල පූජා, සුදු ඇදීම, සංගීත ප්‍රසංග, අරක්කු, ද්‍රව්‍ය පරිත්‍රාග කරනවා මා දැක නැත. එවැනි පුහු ආටෝප ඇතිනම් මා සහය දෙන්නේ ද නැත.
      ආටෝපයට යට කරන මුදල් දිණන එවුන් ගුණාකාරවලි හොයති. ඔබේ කතාව අනුව එසේ මුදල් සෙවීමට යන්නෙකුට මා සහය පල කරන්නේ නැත.
      එමෙන්ම පටු දේශපාලන අරමුණින් පක්ෂවලට සහාය දෙන අය, ඊට ප්‍රති උපකාර බලාපොරොත්තු වේ. එය රටේ අගතීය තව තවත් තීවුර කරයි. මා සමාන්‍ය වැසියෙකි. එබැවින් අනෙකුත් පක්ෂද ආශ්‍රය කරන අයෙක් වේ. මා ඔවුන්ට අනුව සංසන්දනාත්මකව වෙනස්කම් දකිමි.
      1) වැටුපක් පෞද්ගලික භාවිතය සඳහා යොදා නොගැනීම. ඔහුන් ඡන්දයෙන් පත් කරනුයේ පාක්ෂිකයන්ය. ඒ ඔවුන්ට රැකියාවක් හෝ උපයාන් කන්න අවස්තාවක් ලබා දීමට නොවේ. නියමිත වැඩ කොටස කිරීමටය. එසේ නැතිව පෞද්ගලික ගමනක යන්න උත්සාහ කරනවානම්, මාද මගේ මුදල් ඔවුන්ට ලබා දෙන්නේ නැතිය. මට එවැනි පිස්සුවක් නැත.
      2) කිසිදු ආකාරයක මත් ද්‍රව්‍යක් හෝ දුම් වැටි භාවිත නොකිරීම. එය අවම වශයෙන් කිසිම ආගමකටවත් ඇති කර ගත නොහැකි සංවර කමකි. අනෙක් කරුණනම්, පාක්ශිකයන්ගෙන් නඩත්තු වෙන ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කරනවානම් අප අධාර කරන්නේ කුමකටද? රටේ මිනිසුන්ගේ සල්ලි සූරා කනවානම් අපි ආධාර කරන්නේ මොකටද?
      3) සියල්ලන් අතරේ සමානතාවයක් සැලකීම. එය මන්ත්‍රී, ස්ටාර්ෆ්, උපාකාර කරන්නන්, ගම් වැසියන් ලෙස වර්ග නොවීම. මන්ත්‍රීවරයෙක් එන විට, උවුන්ගේ අනුගාමිකයන් අසුනෙන් නැඟිට, කොන්ද නමා ආචාර කිරීමක් මා දැක නැත.
      4) කිසිම අවස්ථාවක සොරකන් කිරීමක් හෝ වංචාවක් කිරීමට ඔවුන් නොපෙළඹේ. නමුත්, අතීතයේ ගැටලු ඇත.

      //ලංකා කාරයොයි යු එන් පි කාරයොයි මොනවා හරි දෙයක් කරා// ජේවීපී එකේ රටට දායකත්වය ඔබ නොදැනීම මට ගැටලුවක් නොවේ.
      වැඩක් කරනවා යනු පෞද්ගලික ලාභ ගැනීමට සහ පටු අරමුණවල් කර ගැනීමට, මිනිසුන්ට පෙනෙන්න දෙයක් කරනවා යැයි සිතීම ද? කවුරු කෙසේ කීවත්, වංචාව සහ දූෂණය අවම කළ හැකි පක්ෂයක් ලෙස මා එය දකිනවා. මා දකින පරිදි එම පක්ෂය රුදී ඇත්තේ මුදල් මත හෝ, මන්ත්‍රීගේ රුස් මත නොවේ. සාහායකයින්ගේ සංවිධාන ශක්තිය මතය. කිසියම් මොහොතක එම පක්ෂය විංචාව දූෂණයට පෙළඹුණහොත් එම පක්ෂයේ සංවිධාන බිදී එක රැයකින් කඩා බිඳ වැටෙන බව මා හොඳින් දනී.

      //චන්දෙට ඉදිරිපත් වීමේ අරමුණ මොකක්ද එහෙනම්//
      ඡන්දයක් යනු මුදල් වියදම් කර ඡන්ද ලබා පාක්ෂිකයන් ගොනාට අන්දවා, නැවත ඔවුන් මුදල් මිනිසුන්ගෙන් සූරං කා හරි බරි වීම කියා මා දකින්නේ නෑ.
      //කන්න බත් පත නැතුව කොහොමද රට හදන්න යන්නේ// රට හදන්නේ කන බත් පතින් හෝ පෞද්ගලික ධනයෙන් නොවේ. රටේ ජනතාවගෙන් ක්‍රමවත්ව ලැබෙන මුදලකිනි. ඡන්දයටද පෞද්ගලික සහ ජනතාවගේ මුදල් වියදම් කර, දිනුවායින් පසු ජනතාවගේ සල්ලි අක්‍රමවත්ව ඉපයීම රට සෑදීමක් නොවේ.

      //එදා ඉඳන් කලේ රට කාපු එක ...// මේ රට එක් පක්ෂ 48 සිට රට කළා. එදා ඉඳලා රට තවමත් කනවා. අදටත් 3 වෙනි ලෝකේ රටක් විතරයි. එය ආසියාවේ ආශ්චර්යක් ද?

      මා සහය දක්වන්නෙක් ලෙස පමණක් සලකා කොමන්ටුව කියවන්න‍. මට ඔබත් සමඟ වාද අවශ්‍ය නැත. මා සහය දැක්වීම පමණක් පැහැදි කලෙමි.

      Delete
    4. පළමුවෙන්ම මෙවැනි දීර්ඝ පැහැදිළි කිරීමක් කල එක ගැන මගේ කෘතඥතාවය පිළිගන්න.. ඔබ කියා ඇති පරිදි ඔබත් මාත් දරන්නේ එකම අදහසක්.. සුළු හෝ එළියක් ලබා දීමට ඔබ ඔබේ මහන්සිය වැය කරනවා.. චේතනවනේ වැදගත් ...

      මගේ මේ ලිපි කියෙව්වම මම ඉන්න තැන ගැන අවබෝධයක් ඒවි.. සමාවෙන්න ඕනේ චන්ද කාලෙට මට පොඩ්ඩක් මෙහෙම වෙනවා..

      02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( ...

      ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන්...

      ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී...

      බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catc...

      රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර...


      Delete
    5. ඇනෝ සමග යම් දුරකට මමත් එකඟයි

      Delete
    6. ඇනෝ ජෙප්පො ඔය කියන තරම් දුප්පත් නෑ.විදේශ වලින් විශාල මුදලක් පොම්ප කෙරෙනවා.මීට වසර දෙක තුනකට පෙර ඔවුන් ගෙ ප්‍රචාරක වියදම් බලන්න.ඒ විදියට වියදම් කරන්න කිසිම පක්ෂයකට බෑ.නමුත් දැන් එලෙස එන මුදල් අඩු වෙලා ඇති.ජෙප්පො රටට අවශ්‍යයි.ජෙප්පො විතරක් නොවෙයි ජාත්‍යාන්තරයත් අපට අවශ්‍යයි.අපේඔ ක්‍රියාකාරකම් පාලනය කරන්න ඒක ඕන.ඒත් මේ වෙලාවෙ ජෙප්පන්ගෙ වැඩ නිවැරදි නෑ.ජෙප්පො එජාපය එක්ක එකට හිට ගැනීම එදා ශ්‍රීලනිපය එක්ක එකට හිට ගනීමට වඩා වෙනස්.යූ ඇන් පී ආඅන්ඩුවක් ආවොඉත් ජෙප්පො එළියට විස්වෙන්නේ කිරි කෝප්පයක ඉන්න මැස්සෙක් වගේ.මේ ක්‍රම්ය සමබරයි.අද ජනතාවට විකල්පයක් නෑ.තිබෙන විකල්පය අතිභයානකයි.ඒ නිසා අඩුවෙන්ම නරක දෙයයි තෝරා ගන්න ඕන.හැබැයි ජෙප්පො ජනහිතකාමෙ බලවේගයක් ගොඩ නගනවානම් ඒක වෙනම කතාවක්.ජෙප්පො හදන්නෙ ඊනියා සමගි බලවේග හදන්නනෙ.මේ විදියට හදන සමගි බලවේග අවසාන විග්‍රහයේදී රටට අහිතකරයි

      Delete
    7. සැමට මිතුරු මහතා,
      ලාංකිකයන් විදේශගත වී ඇති අතර, ඔහුන්ගෙන් සමන්විත කුඩා පක්ෂ සංවිධාන ජවිපේ සතුය. ඔහුන්ගෙන් මුදල් යම් ප්‍රමාණයක් ආධාර ලෙස හිමි වේ. (නමුත්, පසුගිය කුමාර් ප්‍රමුඛ බිඳීමත් සමඟ විදේශීය ආධාර යම් ප්‍රමාණයක බිඳ වැටින)

      මන්ත්‍රී අරමුදලද ඔවුන් සතු පොදු අර මුදලකි. සමහර දේශීය ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් ද ආධාර ලබා දේ, සමහර දේශීය පාක්ෂීකයන් ආධාර ලබා දේ.

      කිසියම් කර්තව්‍යක් කිරීමේදී ඒ සඳහා වන ශ්‍රම වියදමින් ඔවුන් නිදහස් වේ. ඒ කිසිවෙකු වැටුපක් හෝ වෙනත් කිසිදු දීමනාවක් ලබා නොගන්නා බැවිනි. එය ලෝක්කාගේ සිට පොඩ්ඩාටම එක සේ බලපායි. වැටුපකට සේවය කරන අය එහි පූර්ණ හෝ අර්ධකාලීනව නැත.

      එනම්, කිසියම් කර්තව්‍යක් හෝ වෙනයම් දෙයක් කිරීමේදී ඒ සඳහා වැඩිපුරම වැය වන ශ්‍රමය සඳහා වැයවන මුදල නිදහස් යනු කළ හැකි කර්ය්‍ය අභියෝග යම්තාක් දුරට මඟහැරී ඇත.
      නමුත් මුදල් කිසිවෙකු පෞද්ගලික භාවිතය සඳහා යොදා ගනී නම් අප තව දුරටත් එහි රැදී සිටින්නේ නැත. මා මෙන්ම අනිකුත් සාමාජිකයන්ද, ආධාරකරුවන්ද එසේමය. එනම් එය එක් දිනකින් කඩා වැටීමකි. අප එකී පක්ෂයත් සමඟ ඇති සැබැඳියාව විශ්වාසය සහ ප්‍රත්‍යක්ෂතාවය මත රැඳී පවතී.

      Delete
    8. කැම්පස් වල කොල්ලෝ කෙල්ලෝ කට හොල්ලලා, ස්ටිකර් විකුණලා හොයන සල්ලි වලිනුත් කොටසක් JVP එකට එනවා නේද? ඒ සල්ලි වියදම් කරලා නේද සංජීව බණ්ඩාර ත්‍රි වීල් වලින් කැම්පස් එන්නේ

      Delete
    9. මා සිතන්නේ කැට ඒ ගැන නැවත කීමට දෙයක් නැතැයි කියා. ඔබව නොමඟ යවා ඇත.
      ජවිපෙට ශිෂ්‍ය සංගමයක් ඇත. එය සමාජවාදී ශිෂ්‍ය සංගමයයි. අන්තරේ යනු ජවිපේ නොව. නමුත් තරමක නෑකමක් ඇත. එයට පෙරටුගාමී නෑකමක් ද ඇත. වෘත්තීය සමිතියක්, ශීෂ්‍ය සංගමයක් වෙනත් කුමන හෝ පක්ෂයකට නෑකම් කියයි. අදාල සංගමයේ ආරක්ෂාව ඒ අනුව තහවුරු වේ.

      Delete
    10. @ 1.26 ඇනෝ.....ඔබගේ පැහැදිලි කිරීමට එකඟයි. ඇනෝ ප්‍රශ්ණය තියෙන්නේ ජනතාව පක්ෂයෙන් ඉවත්වීම වැඩිවෙන්න වැඩිවෙන්න පක්ෂය නඩත්තු කරන්නේ කොහොමද කියන එකයි. තනිකරම මාක්ස්වාදී චින්තනයේ සිට වැඩ කරන්න බැරිබව නායකයින් තේරුම් ගත යුතුය. පසුගිය විරෝධතාවලදී ජවිපෙ ස්තාවරය තේරුම් ගන්නට බැරිවූ සාමන්‍ය ජනතාව ජවිපෙන් තවත් ඈත්වු බව මගේ අදහසයි. නැවත පක්ෂය නගා සිටුවන්නට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ඔවුන් දැන් තීරනය කල යුතු බව මගේ අදහසයි. යට සිට උඩට අදහස් ගලායෑමේ ප්‍රවනතාවයට පක්ෂය තුල ඉඩක් ඇද්ද? මට ඇති එකම සහ තදබලම කනගාටුව පක්ෂයේ පහල මටටමේ සාමාජිකයින් ගැනය. ඔවුන්ගේ පවුල් නඩත්තුව, අනාගත බලාපොරොත්තු මේවාට වග කියන්නේ කවුද?

      Delete
    11. ++++++++++++++++

      Delete
    12. මහත්තයා ජෙප්පන්ට ආධාර කලාට ජෙප්පො ගැන හරියට දන්නෙ නැති බව පේනවා. ජෙප්පෝ ෆේලියර් කියලා ඔප්පු කලේ චන්දිරිකා ගේ කාලේ ආමාත්‍යංශ 5ක් අරගෙන.. තිස්ස ප්‍රාදේශියත් රැක ගන්න බැරි උනා. මහින්ද මහත්තයත් එක්ක කුණුහබ්බ අහගත්තත් ඕන එකෙකුට කතා කරන්න පුළුවන්. ඔය දේශපාලන මණ්ඩලේ ඉන්න උන්ගේ ගෑස් පල්ලෙහා උන් නම් හොඳට දන්නවා..

      Delete
    13. මේ මහත්තය පුළුවන් නම් මට මේල් එකක් එවනවද ... silentsahan@gmail.com

      පොඩි විස්තර ටිකක් කියන්න තියෙනවා..

      Delete
    14. ජවිපෙ අමාත්‍යාංශ 04 ක් (අද එය අමාත්‍යාංශ විශාල සංඛයාවකට බෙදා ඇත) ගෙන කළ වැඩ කොටස මාධ්‍යවේධීයෙක් ලෙස ඔබ නොදන්නවායැයි මම නොසිතමි. එම වකවානුවතුළ අද මෙන් මාධ්‍යයේ දිගහැරෙන සංවර්ධනයන අයිටම් මෙන් එදා මාධ්‍යයේ පෙන්වීමට ඉතිරිව තිබුනේ පාරවල් සෑදීම සහ එම අමාත්‍යාංශ කිහිපයේ කටයුතු පිළිබඳව පමණක් බව නැවත කීම නිශ්පල දෙයකි. තවද, ජනතා ප්‍රසාධය එක් වීම වැලැක්වීමට චන්ද්‍රකා පුමුඛ අනෙක් ඇමති කණ්ඩායම ක්‍රියා කළ ආකාරයත් තිස්ස සභාව වැට්ටවීමට වත්මන් රජය කටයුතු කළ ආකාරය ඔබ දන්නවා ඇති. එහිදී අද එජාපයේ ආසන රැක ගැනීමට බැරිවීමට හේතුව මට්ටමටවත් වඩා වෙනස් ස්වරූපයකින් රජය කටයුතු කරනු ලැබු බව නොරහසක්. නමුත්, අද තිස්සට වී ඇත්තේ කුමක්ද............?
      මහින්ද මහතා මෙන් බලයේ දිගටම රැදී සිටීමටත්, දරු පරපුර රජ කිරීමටත් අවශ්‍ය පරිදි රටේත්, තම පක්ෂයේත් ව්‍යාස්ථා පිළියෙල කර ගැනීම, සීමාවකින් තොරව බලය රඳවා ගැනීමට තම පක්ෂයේම අයට ද පහර දීම, මරණයට පත් කිරීම සහ සංවිධායකයින් ප්‍රතිව්‍යුහගත කිරීම හෝ,
      කුමකින් කුමක් වූවත්, විපක්ෂනායතුමා ද පක්ෂයේ බහුජන සංවිධායකයින් බහුතරයකට කිසිම අයුරකින් සවන් නොදී පැලපොදියම් වීමට අවශ්‍ය ව්‍යාවස්ථා ගෙන ඒම සහ සංවිධායකයින් ප්‍රතිව්‍යුහගත කිරීමත් මා ජවිපේ තුළ දැක නැත. එමෙන්ම ඉහත පක්ෂ දෙකෙහිම පක්ෂ නායකයාත්, බහුජන නායකයාත් එක් අයකු වන පරිදි බලය ඩැහැගෙන සිටීම තවත් විශේෂිතයි.
      මීට වඩා වැඩි යමක් ඇත්නම්, ඒ කුමන හෝ අදහසක් දන්වා එවන්න. ජවිපේ යනු අනෙකුත් පක්ෂ දෙස බලා ඒ අනුසාරයෙන් මේකත් මෙහෙමයි කියා විචාරය කළ හැකි යැයි සිතීම වැරැදිය. ජවිපේ ප්‍රධාන ලක්ෂණයකි සංවිධානය තුළ විවේචන සහ ස්වයං විවේචනය කිරීම. මේ සඳහා තාරාතිරමක් අදාල නොවේ. කිසියම් විවේචනයක් කරනු ලැබුවේනම් එහි නිගමනයද ඊලග සංවිධාන වාරය තුළ ලැබීම සමාන්‍යය වේ. එය සංවිධානගත සියලුම සාමාජිකයටම අදාලය. එනම් ටිල්වින් සිල්වා ද, ආසන පූර්ණකාලීනයකු ද අතර වෙනසක් නැත. තවද, සියල්ලන් සහභාගිවන පක්ෂ සංමේලනයේද පක්ෂයක් ලෙස ගත් තීන්දු තීරණ විවේචනය සහ ස්වයං විවේචනය කරයි. ස්වයං විවේචන සහ විවේචන නොකරන්නේ නම් ඔහු/ඇය පක්ෂ සාමාජිකයෙකුද නොවන බව සලකයි. මෙය ජවිපේ අධ්‍යයනයට පහසු කරවීමට සඳහන් කිරීමක් වන අතර, එය පරිභාහිර පුද්ගලයින්ගේ ප්‍රකාශමත උඩින් පල්ලෙන් අතගා බලා අධ්‍යයනය කළ හැකි පක්ෂයක් නොව. එමෙන්ම එය තහනම් ගස මෙන් මෝඩ මඩ චිත්‍රපටි අධ්‍යයනය මඟින් උගත හැකි දෙයක් නොවේ.
      සහන් සහ මාතලං මහතා කියන එවැනි තත්වයක් ඇතිනම්, වැටුප් හෝ කිසිදු දීමනාවක් නොගෙන තවදුරටත් පූර්ණකාලීනව කාලය සහ ශ්‍රමය සීමාවකින් තොරව අසීමිතව වැය කර බුද්ධිමත් ක්‍රියාකාරින් පිරිසක් සංවිධානතුළ රඳවා ගත හැකි යැයි ඔබ/ඔබලා සිතන්නේ නම් මා මෙතෙක් කළ සටහනින් කිසිදු පළක් නැත.
      සහන් මහතාට මා මේල් එකක් හෙට දින එවන්නම්.

      Delete
    15. ජවිපෙ අමාත්‍යාංශ 04 ක් (අද එය අමාත්‍යාංශ විශාල සංඛයාවකට බෙදා ඇත) ගෙන කළ වැඩ කොටස මාධ්‍යවේධීයෙක් ලෙස ඔබ නොදන්නවායැයි මම නොසිතමි. එම වකවානුවතුළ අද මෙන් මාධ්‍යයේ දිගහැරෙන සංවර්ධනයන අයිටම් මෙන් එදා මාධ්‍යයේ පෙන්වීමට ඉතිරිව තිබුනේ පාරවල් සෑදීම සහ එම අමාත්‍යාංශ කිහිපයේ කටයුතු පිළිබඳව පමණක් බව නැවත කීම නිශ්පල දෙයකි. තවද, ජනතා ප්‍රසාධය එක් වීම වැලැක්වීමට චන්ද්‍රකා පුමුඛ අනෙක් ඇමති කණ්ඩායම ක්‍රියා කළ ආකාරයත් තිස්ස සභාව වැට්ටවීමට වත්මන් රජය කටයුතු කළ ආකාරය ඔබ දන්නවා ඇති. එහිදී අද එජාපයේ ආසන රැක ගැනීමට බැරිවීමට හේතුව මට්ටමටවත් වඩා වෙනස් ස්වරූපයකින් රජය කටයුතු කරනු ලැබු බව නොරහසක්. නමුත්, අද තිස්සට වී ඇත්තේ කුමක්ද............?
      මහින්ද මහතා මෙන් බලයේ දිගටම රැදී සිටීමටත්, දරු පරපුර රජ කිරීමටත් අවශ්‍ය පරිදි රටේත්, තම පක්ෂයේත් ව්‍යාස්ථා පිළියෙල කර ගැනීම, සීමාවකින් තොරව බලය රඳවා ගැනීමට තම පක්ෂයේම අයට ද පහර දීම, මරණයට පත් කිරීම සහ සංවිධායකයින් ප්‍රතිව්‍යුහගත කිරීම හෝ,
      කුමකින් කුමක් වූවත්, විපක්ෂනායතුමා ද පක්ෂයේ බහුජන සංවිධායකයින් බහුතරයකට කිසිම අයුරකින් සවන් නොදී පැලපොදියම් වීමට අවශ්‍ය ව්‍යාවස්ථා ගෙන ඒම සහ සංවිධායකයින් ප්‍රතිව්‍යුහගත කිරීමත් මා ජවිපේ තුළ දැක නැත. එමෙන්ම ඉහත පක්ෂ දෙකෙහිම පක්ෂ නායකයාත්, බහුජන නායකයාත් එක් අයකු වන පරිදි බලය ඩැහැගෙන සිටීම තවත් විශේෂිතයි.
      මීට වඩා වැඩි යමක් ඇත්නම්, ඒ කුමන හෝ අදහසක් දන්වා එවන්න. ජවිපේ යනු අනෙකුත් පක්ෂ දෙස බලා ඒ අනුසාරයෙන් මේකත් මෙහෙමයි කියා විචාරය කළ හැකි යැයි සිතීම වැරැදිය. ජවිපේ ප්‍රධාන ලක්ෂණයකි සංවිධානය තුළ විවේචන සහ ස්වයං විවේචනය කිරීම. මේ සඳහා තාරාතිරමක් අදාල නොවේ. කිසියම් විවේචනයක් කරනු ලැබුවේනම් එහි නිගමනයද ඊලග සංවිධාන වාරය තුළ ලැබීම සමාන්‍යය වේ. එය සංවිධානගත සියලුම සාමාජිකයටම අදාලය. එනම් ටිල්වින් සිල්වා ද, ආසන පූර්ණකාලීනයකු ද අතර වෙනසක් නැත. තවද, සියල්ලන් සහභාගිවන පක්ෂ සංමේලනයේද පක්ෂයක් ලෙස ගත් තීන්දු තීරණ විවේචනය සහ ස්වයං විවේචනය කරයි. ස්වයං විවේචන සහ විවේචන නොකරන්නේ නම් ඔහු/ඇය පක්ෂ සාමාජිකයෙකුද නොවන බව සලකයි. මෙය ජවිපේ අධ්‍යයනයට පහසු කරවීමට සඳහන් කිරීමක් වන අතර, එය පරිභාහිර පුද්ගලයින්ගේ ප්‍රකාශමත උඩින් පල්ලෙන් අතගා බලා අධ්‍යයනය කළ හැකි පක්ෂයක් නොව. එමෙන්ම එය තහනම් ගස මෙන් මෝඩ මඩ චිත්‍රපටි අධ්‍යයනය මඟින් උගත හැකි දෙයක් නොවේ.
      සහන් සහ මාතලං මහතා කියන එවැනි තත්වයක් ඇතිනම්, වැටුප් හෝ කිසිදු දීමනාවක් නොගෙන තවදුරටත් පූර්ණකාලීනව කාලය සහ ශ්‍රමය සීමාවකින් තොරව අසීමිතව වැය කර බුද්ධිමත් ක්‍රියාකාරින් පිරිසක් සංවිධානතුළ රඳවා ගත හැකි යැයි ඔබ/ඔබලා සිතන්නේ නම් මා මෙතෙක් කළ සටහනින් කිසිදු පළක් නැත.
      සහන් මහතාට මා මේල් එකක් හෙට දින එවන්නම්.

      Delete
    16. මහින්ද මහත්තයා බලේට ගෙනාවේ මමද...? ඔය මහා ළොකු මොළ කාරයන්ට අනාගතේ ඕන නෑ.. ඉස්සරහ අවුරුදු පහ හය පෙනුනේ නැද්ද..? කොටින්ම විමලෙට පෙනුන දේ වත් පෙනුනේ නැද්ද...? අවුරුදු ගනක් දේසපාලනේ කොරලා, මහින්ද කියන්නේ කව්ද කියලා තේරුනේ නැද්ද..?

      Delete
    17. @AnonymousSeptember 23, 2013 at 8:31 AM අන්තරය JVP එකට සම්බන්ධයක් නැත්නම් ඇයි අන්තරයේ අන්තරයේ හිටපු කැදවුම්කරුවෝ ඔක්කොම වගේ JVP එකේ ලොකු පුටුවල ඉන්නේ. අන්තරයේ කැදවුම්කරුවෝ ඔක්කොමගේම දේශපාලන දර්ශනය සමානද? නැත්නම් JVP එකට අවශ්‍ය පුද්ගලයෙක් අන්තරයේ කැදවුම්කරු විදියට පත් වෙනවද ?

      Delete
  13. හොද විග්‍රහයක්

    ReplyDelete
  14. මාත් දුන්න දයාට මනාපයක් .. ජොනී ආන්ඩුවට එකතු වෙලා චන්දෙට ඉදිරිපත් උන වෙලේ එයා වැඩිම මනාප සහ ජන ප්‍රසාදයෙන් දීන්නේ මේ සැරේ දයා දින්නා වගෙම තමයි .. ජොහාන් ගැන කාගෙවත් කැමැත්තක් නෑ එයාට මිනිස්සු චන්දෙ දුන්නේ ජොනි හින්ද .. :v

    ReplyDelete
    Replies
    1. මොනවා කරලද.. තාත්තා මිනිස්ටර් කියලා ඡන්දෙ ඉල්ලන්න... ඉස්සර නම් ගමට කරලා නැතත්, අඩු ගානේ රටට වත් දෙයක් කරලා තියෙන්න ඕන.

      Delete
  15. මාතලන්ට මතකද මන්ද මම දිනක් දයා ගැන කියපුවා. මට ඔහු ගැන ඇත්තටම දුකයි. කොහොම ඉන්න ඕනෙ මිනිහෙක් ද? ඒ එක්කම නැති වෙලා ගියේ ජාතියක බලාපොරොත්තු නේද? අපේ කාලෙම වි.විද්‍යාලෙ හිටි සගයෙක් ලෙස මට ඔබ ගැන කනගාටුයි. මොකද දයා මේ ඔබ ගන්න වැඩිම චන්ද ගණන ඔබගේ අනාගතේ මෙතනින් ඉවරයි. ඒ වගත් මෙසේමයි.අපි බලමු....

    ශ්‍රිලනිප යට විකල්පයක් තවම නැහැ. 2022 වෙනකම්ම මේක තමයි මේ රට පාලනය කරන්නේ.

    යූඇන්පිය ට අනිච්ඡාවත සංඛාරා කියන්න තවම කල් මදි. දේශපාලන පක්ෂ ෆීනික්ෂ් පක්ෂියා වගේ. අලු මතින් නැගිටිනවා. ඒ ගැන දෙකක් නැහැ. මට මතකයි 1987 / 86 කාලේ ශ්‍රිලනිප දේශපාලන පක්ෂයක් කියන්නත් අමාරු තත්ත්වයක තිබ්බෙ. නමුත් දැන්? දිනක් එකල පක්ෂේ මහ ලේකම් වුනු ධර්මසිරි සේනානයකයන් කිව්ව මේ අම්මල දුවල එක්ක පක්ෂ දේශපාලන මංඩලේවත් රැස් කර ගන්න අමාරුයි කියලා. අද. ඒ කාලේ කිසිවෙක් හිතුව ද මහින්ද ලොක්කා මෙතනට එයි කියලා. නමුත් ඒක එහෙමයි.

    ජවිපේ ගැන නම් මේ විග්‍රහයට මම එකඟයි. ඒ වගේම අර ඇනෝ මහත්මයෙක් කියලා තිබ්බ දේ ගැනත් මම එකඟයි. හැබැයි ජවිපෙ ට ලැබුනු මුදල් ගැනත් මට නම් පොඩි ප්‍රශ්න තියනවා. මෙතනින් එහාට මම ඒ ගැන කතා නොකර ඉන්නම්.

    ෆොන්සේකා ලොක්කා මේ මැතිවරණයේ එක් ජයග්‍රාහකයෙක්. මගේ පැතුම ඊලඟ මැතිවරණයේ දී ඔහුට ආංඩු තනන්නා විරුදය ලැබේවා යන්නයි.

    මම විග්නේශ්වරන්ගේ ජයග්‍රහනය පිළිබඳ බොහොම සතුටු වෙනවා. ඒ හොද සාධනීය දෙයක්.

    විග්නේශ්වරන් ප්‍රමුඛ ටී ඇන් ඒ, ෆොන්සේක ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවා දී පක්ෂය, යූ ඇන් පිය අපි බලමු මේ තුන් දෙනාට හැකිවෙයිද රජයට විකල්පයක් වෙන්න අභියෝගයක් වෙන්න.
    කාලය මොනතරම් අපූරුවට ප්‍රශ්න වලට පිළිතුරු හොයනව ද ... අපි බලමු.

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා මේක දයාගේ කරුමෙට හිටියි කියලා. කලින් ප්ලෑන් කරලා තිබුනේ. මාලනී අයින් කරලා දයා පාර්ලිමන්ට් ගේන්න. දයාට බැක් කරේ චන්ද්‍රිකාගේ සෙට් එක. ඒක පරහට හිටියි වගේ. ඒත් දයාට නොදී බෑ.. දයාගේ අනාගතය තීරණය වෙන්නේ.. නාමල් එක්ක හදාගන්න රිලේසොන්සිප් එක අනුව.. දැනවත් කළබල වෙන්නේ නැතුව මොළේ කල්පනා කරලා වැඩ කරොත් නාන්නයි වෙන්නේ, නැත්නම් අඩු මනාප ගත්තත් ජොහාන් දිණුම්..

      Delete
  16. විග්නේශ්වරන්ගේ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්.ඒක උතුරේ ජනතා කැමැත්ත.

    දයාසිරි ගේ ජයග්‍රහණය සතුටක්.උගතෙක්, වැදගතෙක්, දක්ෂයෙක්. ඒ ඔක්කෝටම වඩා මාධ්‍ය ප්‍රතිරූපයක්.ඔහුගේ සැබෑ අභියෝගය ඇරඹෙන්නේ දැනුයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ මාධ්‍ය ප්‍රතිරූප ප්‍රායෝගික තලයේදී අසාර්ථක වීම නිතර සිද්ධ වුනා , දයාසිරිට එහෙම නොවේවා කියා පතමු. ඔබ හරි //"ඔහුගේ සැබෑ අභියෝගය ඇරඹෙන්නේ දැනුයි"//
      ලොක්කා දයාසිරිට මහා ඇමතිකම දෙයිද කියන එකනම් තාම ෂුවර් නෑ හැබැයි ...?

      Delete
    2. විග්නේස්වරන් කොහොමත් දිනනවා.. ටී ඇන් ඒ එකෙන් පොල් පිත්තක් දැම්මත් දිනනවා.. ඒත් ඉතින් විග්නේස්වරන්ලයි බාප්පලා නටාපු නාඩගන් ඇර, වෙන දෙයක් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මහ ඇමති අපේක්සොක කමටත් කුළ බේද වලියක් ගියා.. අපේ වගේ නෙමෙයි ඒක දෙමළ ප්‍රජාවගේ දරුණුවට තියෙනවා..

      Delete
  17. ඔන්න පුද්ගලික බස් රථ වල කොන්දොස්තර තනතුරට ස්ත්‍රී පක්ෂයටත් අවසර ලැබිල.

    ReplyDelete
    Replies
    1. මට අර කුණුහබ්බ කතාව මතක් උනා..

      Delete
  18. ඇත්ත මාතලන් මං හිතන විදියට වර්ධරාජා පෙරුමාල්ට වඩා හිටපු විනිශ්චයකාර විග්නේශ්වරන්ව විශ්වාස කල හැකියි. අපි කල යුත්තේ ඔහුන් සමග ඉදිරියට යන එකයි. ඔහුන්ගෙ ලගම නෑයන් මිතුරන් ඉන්දියාව නොවේ ශ්‍රී ලංකාවෙම දකුණේ ජනතාව බව ඔහුන්ට පෙන්විය යුතුයි. එසේම ඒ යතා‍ර්ථය අපද තේරුම් ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. මේක ජාත්‍යන්තර බලවේග, බටහිර කුමන්ත්‍රණ පරද්දන්න තියෙන අන්තිම අවස්ථාව. වැඩි වගකීමක් තියෙන්නේ රජයට...

      Delete
  19. //දයාසිරි ඉගෙනගත යුතු පාඩම නම් දයාසිරි කව්දැයි යන්න දයාසිරිවත් නොදන්නා එක දයාසිරි වටහා ගැනීමය.// මේක තමයි කියමන.

    ජෙප්පෝ ගැන කතා කරනවා නම් වෙච්ච දේ ඉතාම ශෝචනීයයි. එදා එකට ආණ්ඩුව හදපු වෙලාවේ පොර ටෝක් දීලා එලියට බැස්සේ නැත්නම් අද වගකිවයුතු අමාත්‍යංශ කිහිපයක්ම ඔවුන් ලස්සනට කරනවා බලන්න තිබුනා. ඒ වගේම පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා කිහිපයක්මත් ඔවුන්ට හිමිවෙන්න තිබුන. එමගින් ජන ප්‍රසාදය දිනාගන්නේ නැතිව තමන් ගැන ඇති කරගත්ත අධි මමත්වයෙන් එලියට ඇවිත් හොම්බ බීම ඇනගත්තා.

    ඇත්තටම පහුගිය කාලේදී මම දැක්ක හොඳම කාදර් වරු, සාමාජිකයෝ හිටිය පක්ෂය තමයි ජේවීපී එක. අවාසනාවට තමන් ලං කරගත්තේ කාවද, තමන්ට දුර ගමනක් යද්දී වඩා හොඳ කාවද කියන දේ ඔවුන්ට තේරුම් ගන්න බැරි උනා. පක්ෂයේ ජනප්‍රියත්වය එක්ක ත්‍රිල් කාරයෝ ගොඩක් එකතු උනා. අවුරුදු 16 පොඩි උන්ටත් පන්ති පහ තියන මානසිකත්වයක ඇතැම් ත්‍රිල් කාරයෝ හිටියො. පක්ෂෙට නොතෙරිච්ච දෙයක් තමයි ජනතාව අතරට යන තමන්ගේ නියෝජිතයා කොයි වගේ පුද්ගලයෙක් වෙන්න ඕනෙද කියන එක ගැන හැඟීමක් නැති වීම. අමතක කරන්නෙපා බුදු හාමුදුරුවොත් ශාක්‍යයෙක් වෙච්ච නිසා තමයි කොයි අයියත් බණ ඇහුවේ මුලින්ම. කුලහිනයෙක් උනා නම් පයින් ගහලා එලවනවා. ඒ වගේම තමා පක්ෂේටත්. අපේ තියෙන සුළු ධනේශ්වර චින්තනය එක්ක ගමේ පොල් කඩන මිනිහා ඇවිත් දොස්තරට සහෝදරයා කියලා දේශපාලනය උගන්වන්න ගියොත් මොනවා වෙයිද එක පාරම? අන්න ඒ දේ ජේවීපී එකෙනුත් කළා. එතනින් එක විනාසයක් ආරම්භ උනා.

    අනික ජේවීපී එක උද දාගෙන ගොවියා, කම්කරුවා, රාජ්‍ය සේවකයා වෙනුවෙන් කඩේ ගියාට උන් බහුතරය ජේවීපී එකට කැමති නෑ. ජේවීපී චන්ද හොඳටම තියෙන්නේ නාගරික ආශ්‍රිත උගත් මධ්‍යම පාන්තිකයෝ අතර. ඒ උනාට ඒ බේස් එක රැකගන්න උන් දැනගෙන හිටියේ නෑ.

    ඇත්තටම වැඩ කරපු උනුත් අද ජේවීපී එකේ අඩුයි. ත්‍රිල් කාරයෝ යන්නම ගිහිල්ලා. රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු කීප දෙනෙක් හරි හිටිය පක්ෂයක් මෙහෙමටම විනාස වෙලා ගිය එක ගැන තියෙන්නේ දුකක්.

    ReplyDelete
    Replies
    1. මේ සියල්ල ඇත්ත. මගේ දුක මාත් එක්ක හිටි 60000 කගේ ජීවිත පිළිබඳවයි. ඒත් අහෝ ජේ. වී. පී. නොදුටි මොක්පුර.

      Delete
    2. 71 මම ඉපදිලා නැහැ. 88-89 වෙද්දී මම ඉස්කෝලේ යන වයසේත් නෙවෙයි. 1965 ඉඳලා JVP එක හැමදාම එන්නේ හැලහැප්පිලි තියෙන ගමනක්. 71න් පස්සේ පක්ෂය නංවන්න කැට හෙලෙව්වා. 89න් පස්සේ ආයෙම 94දි කැට හෙලෙව්වා. දැන් ආයෙම පාරක් කැට හොලවයි. මේ හිඟා කෑමේ කෙළවරක් ඔවුන් කවදා දකීවිද? මිට වඩා ස්ථාවර වෙන්න කවදා පුළුවන් වේවිද? මැරුණ 60,000 ගැනත්, පක්ෂෙට ජීවිතය දිය කරපු අයටත් සමාජයේ අනෙක් ය අදටත් කියන්නේ නිකම් අපරාදේ නාස්ති උනා කියන දේයි. කවදා ඒ ජිවිත වලට වටිනාකමක් ලැබෙයිද?

      වංශේ කබල් ගාන්න ගිය පක්ෂෙක ඉරණම.

      Delete
    3. ඔබ කියන දේ සම්පූර්න ඇත්ත.බිම් මට්ටමේ යථාර්ථය ජවිපෙ තේරුම් ගත යුතුව තිබුනා.ඒ විතරක් නොවෙයි රටේ හැමදෙනාම න්‍යාය විශාරදයො වෙන්න බරි බවත් තේරුම් ගත යුතුව තිබුනා.එදා නිශ්ඵලකතා කියල එළියට බැස්සෙ නැත්නම් ,එහෙම නැතිව මහින්දගෙ ආන්ඩුවෙ ඇමතිකම් හත අටක් අරන් හරියට කළා නම් අද ඉතිහාසය වෙනස්.එදා ජවිපෙ කරපු සමහර වැඩ (ඒව ප්‍රදර්ශනාත්මක ඒව වෙන්න පුළුවන්)ගන අදත් පක්ශ බේදයකින් තොරව හැමෝම කතා කරනවා.ජවිපෙ කෙළින් හිටියනම් ඔය අරක්කු දන්සැල් තියන අයට කට උත්තර නෑ.ඒ අය එදා හිටියෙ ප්‍රතිගාමී පිළේ.ජවිපෙ මුග්ධ වැඩ නිසා ඒ අය ඇවිත් අද සංධානෙ තවත් යූඇන් පියක් වෙලා.මොනව වුනත් ජනතාවට තිබෙන එකම විකල්පයත් ආන්ඩුව තමයි.ජනතාව මෙතනදි අසරණයි.

      Delete
    4. +සැමට මිතුරු,

      //ජවිපෙ කෙළින් හිටියනම් ඔය අරක්කු දන්සැල් තියන අයට කට උත්තර නෑ//

      එයාලට විතරක් නෙවෙයි අද JVP එකට බනින, JVP පරාජය ගැන කින්ඩියට කතා කරන ගොඩක් අය ලස්සනට ජෙප්පන්ට කඩේ යන හැටිත් බලන්න තිබුනා.

      ඒක රටෙත් අවාසනාව, JVP එකේ උපන් අවාසනාව.

      Delete
    5. සඳුනිමා සහ සැමට මිතුරු

      මෙය ඔබගේ දැනගැනීම සඳහා මිසක කිසිටම් දේශපාලනික පහර දීමක් නොව. මට ඔබගේ දේශපාලනය ඉලක්ක කිරීමේ අරමුණක් නැත.

      //දැන් ආයෙම පාරක් කැට හොලවයි.//
      පෙර අවස්ථාවලදී ජවිපේ කැට හෙලවීම කරනු ලැබුවා. නමුත් දැන් එය අතහැර තිබෙනවා. එහෙත් කැට හෙලවීම මිනිසුන්ට හානියක් නොව. කැමති කෙනා දෙනවා. මුදල් ගන්නේ පොඳු අරමුණක් වෙනුවෙන්. එනම් එම මුදල් නැවත ජනතාවට යම් අයුරකින් පුනරාවර්තතනය වේ. නොවේනම් එවැනි උත්සාහයක් හෝ දරයි. එහෙත් එය කෑමට හෝ බීමට නොව.
      නමුත්, වෙනත් පක්ෂ කැට හොලවන්නේ නැත. ඔවුන්, තමන්ගේ මහජන නියෝජිතයින් සහ හෙන්චයියන් මාර්ගයේන් රටේ ගසා කෑම දිගටම කරගෙන යයි. ලාභ සහ කොමිස් සහිත උවුන්ට තව දුරටත් කැට සොලවා තම ව්‍යාපාරය කරගෙන යාමේ අශ්‍යතාවයක් නැත. ඔබ සිතන්න සිතුවිල්ල, ඒ අනුව සම්පූර්ණයෙන්ම වැරැදිය.
      එම වෙනස තේරුම් නොගැනීම රටෙ අවාසනාවකි, එමෙන්ම බහුතරයක් ජනතාව නිදහසේ තමාව සූරා කෑමට ඉඩ දී ඇත.

      //බිම් මට්ටමේ යථාර්ථය ජවිපෙ තේරුම් ගත යුතුව තිබුණා//
      බිම් මට්ටමේ යථාර්ථය යනු කුමක්ද? එක් එක් පුද්ගලයාගේ මත අනුව අච්චාරුවක් සකසා ගැනීම ද?
      දේශපාලන සහ මධ්‍යම කාරක මණ්ඩල පාක්ෂිකයන්ගේ කැමැත්තෙන් තෝරා ගනු ලබයි. මා දන්නා පරිදි මා ද පිවිසි ඉහත සියලු බල මණ්ඩල පිහිටුවා ගැනීමේදී ඒකඡන්දයෙන් නියෝජිතයින් පත්වේ. එහිදී ආරවුල් පැන නොනගී. තීන්දු සහ තීරණ ගැනීමේදී අදාළ බල මණ්ඩල බොහෝ කාරණාවලදී ඉදිරියෙන් සිටී. ඒ අනුව නිවැරැදි තීන්දු තීරණ ගනු ලබයි. නමුත් වරදින අවස්ථා ඇත. එම ලක්ෂණය එජාපය, පෙරමුණ ඇතුළු සියල්ලේ එකසේ පවතී.
      යම් පක්ෂයක බිම් මට්ටමේ දේශපාලනයක් නැති බව පැවසීම හුදෙක් පහළ පෙළෙ පාක්ෂීකයා ඩැහැ ගැනීම සඳහා තවත් පක්ෂයක් දරන කූට ප්‍රයත්නයකි.

      Delete
    6. වෙද පප්පේ හිටියනේද අපි ලඟ 89 මිනි මරපු විකාරද ජිල්මාට් බුවෙක්.
      -කා(Ka)

      Delete
    7. අමතක කරන්න එපා ඔය වයඹ මධ්‍යම ඡන්දෙ ජවිපෙ ට වැටෙන්න තිබ්බ ගොඩක් උන්නෙ කොළඹ සහ පිට රාජකාරි තැන්වල කියන එක. අනික් කොටස තමයි විමල් වගේ ආකර්ෂනීය කතා වලට වහ වැටිල ඡන්දෙ දුන්නු අය. කුරුට්ටො හැලුන එකෙන් උනේ කැම්පස් ළමයින්ගෙ සහ උන්ගෙ හිතවතුන්ගෙන් ආපු එක දෙකත් අඩු උන එකයි. මේ අස්සෙ ෆොන්සේක මහත්තය දින්නෙ ආමිකාරයොන්ගෙයි උන්ගෙ පවුල් වල උන්ගෙයි ඡන්ද වලින් මිස කඩා ගත්තු ජවිපෙන් නෙමෙයි. හෙට අනිද්ද නැගෙනහිර හරි ඌවෙ හරි ඡන්දයක් තිබ්බොත් ෆොන්සේක මහත්තයටත් ඔය කෙලි නෑ.

      ජවිපෙ වැටුනෙ අද නෙමේ තිස්ස පැරදුන වෙලාවෙ. අද වෙනකොට සංවිධාන ශක්තිය හීන උන, හැම මගුලටම පාරට බහින, ගිනි පිටවෙන කථිකයො නැති, නාකි පිරුණ පක්ෂයක් උන ජවිපෙ කාටත් උරුම පොදු දහමට අනුව ප්‍රභලයාට ඉඩ දීල විනාස වෙන්න හෝ ප්‍රභලායගෙ ඔඩොක්කුවට නැග තව ටික කලක් දිවි ගැට ගැහීම කියන දෙකෙන් එකක් තෝරාගත යුතු වෙනව. ඒ ගැන අවංකවම කණගාටුයි. ඒත් විසඳුම වෙන විමල්ට ආදේශනය කල හැකි කථිකයො, කුමාර්ට ආදේශක සංවිධායකයො සහ මුදල් පොම්ප කරන්නො, කුරුට්ටන් වෙනුවට කැමපස් කොල්ලොන්ගෙ මොළ සෝධන හොඳ න්‍යායවාදීන් ටිකක් මේ හදිසියෙ කොහෙන් හොයා ගන්නද?

      Delete
    8. විමල් සහ කුමාර් ප්‍රබලයෝ ලෙස පෙන්වා ජවිපෙට පහර ගසන්න වූයේ ඔවුන් පක්ෂයෙන් එළියට ගිය විටයි. ඔවුන් පක්ෂයේ සිටිනාතුරු එවැන්නක් අනිකුත් අයට නොපෙනිනි. දැන් ජවිපෙට පහර දෙන්න ඔවුන්ව හොඳ තුරුම්බුවක් කර ගනු ලැබුවා. නමුත්, අඩුම තරමින් ඔවුන් ප්‍රබලයෝ නම් ඔවුන්ට අද තනිව ආණ්ඩුවෙන් බැහැරව ඡන්දයකට ඉදිරිපත්වීමේ හැකියාව තිබිය යුතුය. මොල සෝදන වදන ද මඩ ගැසීම් සඳහා ආදේශ වූවකි.
      කැම්පස් එකකින් එළියට එන අයගෙන් අන්තරේ වැනි ශිෂ්‍ය සංගම්වල සිටි සමාජිකයන් අන් අයට සාපේක්ෂව උගත් සහ බුද්ධිමත් බවින් වැඩිය. අත්දැකීම් වලින් බහුලය.

      Delete
    9. ජවිපෙ යනු මෙතරම්ම නිගරුවට පත්විය යුතු පක්ෂයක් නොවන මගේ මතයයි. පක්ෂය තුලට මිනිසුන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් නැත්තටම නැති ගානය. දැනටත් ඉතිරිව ඉන්නේ තාරුන්‍යයෙන් ඔබ්බට ගිය පුද්ගලයින්ය. වහා වහා වෙනස් විය යුතු පක්ෂයක්ය.නැත්නම් කඩේ වසා දැමිය යුතුය. ඊලඟ මැතිවරන වේදිකාවේ ජනතාවට කියන්න ඉතිරිවෙන්නේ මොනවාද?

      Delete
    10. ඇනෝ,

      විමල්ල, කුමාර්ල දක්ෂද අදක්ෂද කියන එක තීරනය වෙන්නෙ ඔවුන්ට තනියෙන් ඡන්දයක් ඉල්ලන බැරි කම අනුවයයි සිතන්නේ ඔබේ නොදන්නාකම නිසාය.

      විමල්ට පෙර සිටි කථික ලැයිස්තුවේ සිටි වැඩකරුවෙකු වූ සේනාරත්න සිල්වා පවා අද විමල් සමඟ නුවරින් තඟ කර ඡන්දෙන් පැරදී ඇත.

      එහෙත් ඔවුන් දක්ෂ කථිකයින් බවත් ඔවුන්ගේ කතා නිසා ජවිපෙට විශාල ජන ආකර්ෂනයක් ඇතිවූ බවත් අද ඔවුන්ට තනිව ඡන්දය ඉල්ලන්න නොහැකි වූ බව කියා බැහැර කල නොහැක.

      හොද්ද රස කල කරදමුන්ගු කරාබු වෙනම උයා කෑ නොහැකි උනත් ඒවායි ලැබන අගය වෙන ආදේශකවලින් ලැබීම උගහටය.

      Delete
    11. ජෙප්පො පටන් ගත්තෙම නාගෙන. විමලේ තමයි අන්තිම තුරුම්පුව. ඌගේ පොත් කියෙව්වනම් කොහොම දැක්මක් තියෙන එකෙක්ද කියලා තේරෙනවා. ඒ පොත තහනම් කලා. පුළුවන්නම් හොයාගෙන කියවන්න.

      මෙතන කොමෙන්ට් කරලා තියෙන ඇනෝගේ මානසිකත්වයම තමයි ඕකේ නායකයන්ට තියෙන්නෙත්.. දැන් තියෙන්නේ අර දළදා මාළිගාව ඉස්සරහා ඉන්දරතනයා කොර ගත්ත දේ කොර ගන්න. කොහොමත් මහින්ද ඉන්නකන්, මෙයාලා ඔළුව ඉස්සිලි බොරු..

      Delete
    12. අහෝ ජේ. වී. පී. නොදුටි මොක්පුර.
      Aho වෙද ගෙදර මහ වෙදනා Dutuwa Mokpura.

      Delete
  20. යූ.එන්.පී. යනු රජකම අහසින් හෝ හාස්කමකින් තමන් අතට වැටෙන තුරු බලන් ඉන්න පක්ෂයක් බවට පත්වී හමාරය. පක්ෂයේ සංවිධාන ශක්තිය අන්තිමය. මන්ද රනිල් යනු ප්‍රජාන්තන්ත්‍රීය පාර්ලිමේතු ක්‍රමය තුල දක්ෂයෙක් වුවත් ,වීදි සටන් ,ජනතාව සංවිධානය කිරීම වැනි කටයුතු වලට අන්තිම අදක්ෂයෙකි.
    ජේ.ආර්. ද එසේමය එත් ඔහු ඔහුට නොහැකි වීදි සටන් ,ජනතාව සංවිධානය කිරීම් වැනි කටයුතු වලට ප්‍රේමදාසව හැදුවේය. ජාත්‍යන්තරය හා වෙළඳ කටයුතු වලට ලලිත් හා ගාමිණී හැදුවේය. රනිල් යනු ජේ.ආර්.ගේ ලයිස්තුවේ 2010 න පසුවට සිටි නායකයෙක්ය. නමුත් රටේ අනාගතය තීරන්ය කිරීම ප්‍රභා බාරගත් පසුව සියල්ල වෙන වුනි.
    අද ඇති අඩුව රනිල් දක්ෂ දෙවැනි පෙළකට බය වීමය. රනිල්ටත් ප්‍රේමදාස කෙනෙකු එස්.බී. ගෙන් හදාගත් හැකිව තිබුණි. ලලිත් ගාමිණී ගේ තැනට මහින්ද සමරසිංහ,දයාසිරි, ලක්ෂ්මන් යාපා, මිලින්ද මොරගොඩ , කරූ ජයසූරිය ගෙනෙන්න්නට තිබුණි. අනාගතය සඳහා ඕනා තරම් ජෝකියෝ සිටියහ. නමුත් රනිල් ඔවුන් සැමදෙන මහින්දට පරිත්‍යාග කළේය.
    උතුර ගැන මාතලන්ගේ අදහසට එකඟ වෙමි. මහින්දට දැන් කල හැකි හොඳම දෙය ලෙස මා දකින්නේ උතුරේ ආණ්ඩුකාරයා ලෙස වාසුදේව පත් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ දැක්ම ඉතාම නිවැරදි යැයි මට ද හැඟේ.

      Delete
    2. උතුරේ ආන්ඩුකාරයා ලෙස වාසුදේව පත් කර තම ඡන්ද පදනම නැති කරගැනීමට තරම් මහින්ද මෝඩයෙක් නොවේ.ඒ හැර ඔබ කී අනෙක් කතා ඇත්තය.නමුත් 1977 වන විට සිරිමාවෝගේ අන්තනෝමතික රදළ පාලනය නිසා එය ජනතාවට තිත්ත වී තිබුණි.සිරිමාවෝට වඩා ජේ ආර් හොඳය.ප්‍රේමදාසට වඩා චන්ද්‍රිකා දහස්වාරයක් හොඳය.දැන් ඉන්න සේරම එකාළාට වඩා මහින්ද හොඳය.

      Delete
    3. උතුරේ ආණ්ඩුකාරයා ලෙස වාසුදේව පත්කිරීම කිසිසේත් මහින්දගේ චන්ද පදනම නැතිකරගනීමක් නොව TNA එකේ චන්ද පදනම නැති කිරීමක් වෙයි. මෙහිදී වාසුදේව හා විග්නේෂ් යනු දෙමස්සිනාවරුන් වීමත් අමතර වාසියකි. මෙය කළමනාකරණය කරගැනීමට දක්ෂ නම් මේ ඇත්තේ හොඳම අවස්ථාවයි

      Delete
    4. ඉවාන්ගෙ කතාව හරියට හරි. වාසු කියන්නෙ කොළඹ සහ දකුණෙ බිස්නස් තීන දෙමළට රට යනවට ඔය කියන තරම් කැමති කෙනෙක් නෙමෙයි. ඒත් මේ වෙලාවෙ ලෝකෙ විශෙෂයෙන් ඉන්දියාව කළමනාකරනයට ඉතාම නිවැර්දි තීරණය වසුව දන එක. හරියට විපක්ෂයෙ අනුර බන්ඩාරනායකව ආන්ඩුවෙ එකඟතාවයෙන් කථානායක කරගත්ත වගේ.

      Delete
    5. @ඉන්දික උපශාන්ත

      මචං දෙමලට රට යන්නෙ කොහොමෙයි? උතුර TNA එක දිනුවා කියන්නෙ දෙමලට රට එකේ මුල් පියවරද?
      අනේ කියහංකෝ

      Delete
    6. පට්ටයි මචන් උඹේ අදහස, උඹ unp කාරයෙක් උනාට මොලේ තියෙනවා...

      Delete
    7. ඇනෝ,

      උතුර ටී එන් ඒ දිනුව එක අවුලක් නෑ වගේම ඉතා හොඳ දෙයක්. ඒත් දකුණෙ ආන්ඩුව ඒ දේ කළමනකරනය නොගත්තොත් වෙන්නෙ උතුරෙ ආන්ඩුකාරයටත් පලාබබාට ඕන කෙනෙක් දාගෙන පෙරුමාල්ට වඩා ජාත්‍යන්තර සහය, ඉන්දියානු ආවරනය සහ නීතිමය හිඩැස් වහල ගහන ගැටයකින් උතුරට ස්වය්න්පාලනයක් අර ටිමෝරෙ, සවුත් සුඩන් වල උනා වගේ දෙන්න වෙන එකයි. එතනට රට තල්ලු වෙන එකේ අවසානෙ දෙදාස් නමේට කලින් වගේ මෙහෙ පාන්ඩුව තියෙද්දි උතුරෙ ආන්ඩුවට අනුව අපි ජීවත් වෙනව කියන එකයි. ඒ තත්වෙ නොවෙන්න නම් මේ ටී එන් ඒ එකේ ජය හරියට මැනේජ් කරල කේ පීට කරුනට දුන්න වගේ ගේමක් දීල විග්නේෂ්වරන් ආන්ඩුවට ගන්න ඕන.

      Delete
    8. එජාපය නැති කලේ කරූ. ඊටපස්සේ සජිත්.. දැන් ඒකේ ගන්න දෙයක් නෑ. ඒත් මහින්දට රනිල් වටිනවා ඔක්කෝටම වඩා..

      වාසූ ඒ පෝස්ට් එකට සුදුසු නෑ. කොහොමත් වාසුට දෙන එකකුත් නෑ. ගුණදාස අමරසේකර හරි නලීන් ද සිල්වා වගේ කෙනෙකුට දුන්න නම් මල් හතයි. හැබයි මේවා ලොක්කා දැක්කොත් එහෙම එකෙකුට නොදී ඉන්න එකකුත් නෑ.. දැන් ඉන්නෙත් හමුදාවේ මහත්තයෙක් නේ...

      Delete
  21. කතාවනම් පට්ටය..
    විමලේ ගිය කල ජෙප්පෝ සේදී ගියහ, ඉන්පසු රජෙක් වගේ ඉන්න වාසනා ගුණයක් තිබ්බ මිනිහෙක් අවුරුදු දෙකක් හිරේ ලැග්ගුවේය. යු ඇන්පිය දරාගෙන උන්නු කණු දෙකෙන් එකක්ද ලොක්කාවෙත ගිය කල විපක්ෂයද සුළු පක්ෂයක් විය. දැන් ඇත්තේ ලොක්කගේ ආණ්ඩුව පමණක්මය. දැන්වත් බඩගොස්තරේ ගැනම කතා කර පලක් නැති බව ජෙප්පෝ හා කොල පාටිය ඉගෙන යුතුය...

    ReplyDelete
    Replies
    1. ඔහොම ඉන්න එකත් ලොකු දෙයක්.. අනේ අර තිස්ස අත්තනායක කතා කරන්නේ කටෙන්ද පුකෙන්ද කියලා හොයලා කියනවයි...

      Delete
  22. ඔය කවුරු කවුරුත් කරන්නේ තමන්ගේ මඩිය තර කරග/න්න එකයි ඡන්දෙන් පස්සේ. දයාසිරිට ගරුත්වය එන්නේ ජොහාන් එක්ක සංසන්දනය කරාම පොර වැඩිය නැටුවෙ නැති හින්දයි. ජොහාන්ට නම් තමන්ගේ තාත්ත නිසා එහෙම හරි ආවේ. මට තියෙන පුදුමෙ නම් දයා සන්ධානෙට ආවම එදා පටන් එජාපෙ උන්නු මිනිස්සු මොකද කරේ. සන්දානෙට හැරුනද නැත්නම් තමන්ගෙ කලින්ම පක්ෂෙ උන්නද කියන එක.

    ReplyDelete
    Replies
    1. සන්ධානෙට හැරිලනේ.. දැක්කේ නැද්ද දයාගේ සීට් එකේ ප්‍රොතිපලේ...

      Delete
  23. මෙයා සිංදුත් කියනවද?

    ReplyDelete
    Replies
    1. නෑ නානවා.. දැන් සින්දු කියන්නේ නැත්තේ මහින්ද මහත්තයයි රනිල් ලොක්කයි විතරයි..

      Delete
  24. සත්කෝරලයේ ජනතාව හොඳ සහලින් බත් කන උගතුන් බව ඔප්පු කළා

    දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ කියයි

    ReplyDelete
    Replies
    1. දයත් මුලින්ම නාගන්න ගියේ හමර් එකක නැගගෙන. හොඳ වෙලාවට ඒක අයිති කාරයා ඉල්ල ගත්තා...

      Delete
  25. ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්ථානෙට පහර දෙන්න හදනකොට
    පාකිස්ථාන් ආන්ඩුව හොඳ තර්කයක් ගෙනාවා
    එයාලා කිව්වා නෝම්බි ඉවර වෙනකම් පහර දෙන්න එපා කියල
    බැරි වෙලාවත් ඒකට ඇමරිකාව එකඟ වුනානම්
    ඊලඟට කියනවා සිකුරාදට යුද්ධෙ නවත්වන්න කියලා
    ඊලඟට කියනවා සලාත් කරන වෙලාවට පහර දෙන්න එපා කියලා
    ඊලඟට කියයි කන බොන නාන රෙන බුදියන හුකන වෙලාවට යුද්දෙ නවත්වන්න කියලා
    එතනදී ඇමරිකන් කාරයෝ කලයුත්ත කලා
    මෙතනදී විග්නේෂ්වරන් කොටියෙක් නෙමේ කියලා එයා විශ්වාස කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. උඹ වගේ උන්ට ඉතින් පින්තූරේ ඉන්න දෙමළත් ෂුවර් නෑනේ..

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය පිලිබඳ ලිපි තුනක් මේ වන විට මම කියවීමි'
    1. මාතලන්ගේ මෙම ලිපිය.
    2 අජිත් පැරකුම් ජයසිංහගේ ලිපිය
    3. ත්‍රිමාණ අඩවියේ දීප්ති කුමාර ගුණරත්නගේ යැයි සිතිය හැකි ලිපිය

    මේ තිදෙනා මැතිවරණ ප්‍රතිඵලය පිලිබඳ අදහස් දක්වා ඇත මේ පශ්චාත් මැතිවරණ විමර්ශන තුන පිලිබදව අදහස් දැක්වීම මැතිවරණ ප්‍රතිපලය ගැන කතා කිරීමට වඩා වැදගත් බව මගේ හැඟීමයි. ප්‍රථමයෙන් කිව යුත්තේ පශ්චාත් මැතිවරණ ප්‍රතිඵලය පිලිබඳ අදහස් දැක්වීමේ ශුද්ධවූ අධිපති අයිතිය වික්ටර් අයිවන්ගෙන් දැන් අන්තර්ජාලය වෙත මාරු වී ඇත. එනම් එයද වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වී ඇත මාතලන් ලා නිසා වික්ටර් අයිවන්ලා වැනි මහා චරිත අවලංගු කාසි වී ඇත.
    අනෙක් වැදගත් නිරීක්ෂණයක් නම් ලැබී ඇති ප්‍රතිචාර සැලකු විට ඉහත ලිපි තුනෙන් වඩා ජනප්‍රියම ප්‍රකාශකයා මාතලන්ය දෙවනුව පැරකුම්ය. මෙය ලියන විට මාතලන් ගේ ලිපියට කොමෙන්ට් 50 ක් ලැබී තිබුන අතර පැරකුම් ට 25 කි සහ ත්‍රිමාණ ලිපියට කොමෙන්ට් එකක් දා තිබුනේ මා පමණි.
    මෙම නිරීක්ෂණය ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය මෙන්ම වැදගත්ය. දයාසිරි මෙන්ම මාතලන්ද ලංකාවේ ජනප්‍රියය. මේ පිලිබඳ වඩාත්ම ප්‍රාඥ අදහස වූ දීප්තිගේ අදහස කාටවත් වැඩක් නැත. පැරකුම් වික්ටර් අයිවන් භූමිකාව අන්තර්ජාලය තුල නියෝජනය කරයි මා සිතන්නේ ඔහුගේ පොදු අපේක්ෂක සිහිනය ඔහුට දකින්න ඉඩ දී මම අසන්නේ මෙවැන්නකි රනිල් ට වඩා මහින්ද (දයාසිරි ට ) මිනිස්සු කැමති ඇයි. දීප්තිට වඩා මාතලන් ට මිනිස්සු කැමති ඇයි.

    ReplyDelete
    Replies
    1. ඔලුව අතගාල ටොකු අනින්න උඹ හැබෑ හපන!
      -රාජ්

      Delete
    2. "නමුත් උතුරේ ජනතාව භෞතික වසන්තය පසෙකළා සිය ආධ්‍යාත්මය වෙනුවෙන් ඡන්දය භාවිතා කලෝය"

      ඔබ කියන දීප්තිගෙ ( යයි සැලකිය හැකි ) ලිපියෙ " ප්‍රාඥ අදහස" ගැන මෙයින්ම හෙළිවේ. මේ අනුව රචකයාගේ අදහස උතුරේ ජනතාවට සියල්ල දී ඇති බවත් ඔවුන්ට තිබූ සියළු ( හෝ දැනෙන තරමේ ) භෞතික ගැටළු මේ රජය විසින් නැතිකර ඇති බවය. ඉතින් එහෙව් ලිපියකට අඩු ගනනේ මෙවන් අඩවි වලට යන එන පාඨකයන්ගේවත් ප්‍රථිචාරයක් නොලැබීම සාධාරනය.

      Delete
    3. //මේ පිලිබඳ වඩාත්ම ප්‍රාඥ අදහස වූ දීප්තිගේ අදහස කාටවත් වැඩක් නැත//
      මට තේරෙන විදියට දීප්තිගෙ(?) අදහසේ ඇති අමුතු ප්‍රඥාවක් නෑ.
      //ඒ නිසා ඇසිය යුත්තේ දැන දැනම ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ?

      උත්තරය-මේ පවතින ක්‍රමය හොදයැයි ඔවුන් අවිඥාණිකව විශ්වාස කරන නිසාය.

      කුමක් ද අවිඥාණය?

      උත්තරය-දෙමළුන්ට කෙළවලා අපට කෙළවුනහම තව මොනව වෙන්නද?//

      මට නං පේන්නෙ මේව අහසෙ ඉඳගෙන ලියපුව. මහින්දගෙ ජයග්‍රහනයට වෙනම හේතු තියනව. ඒත් මේ දක්වල තියන හේතු නං පිලිගන්න බෑ.
      පාට කන්නාඩි දාගත්තම පේන්නෙ අදාල පාටින්. ඒ ලේඛකයට වෙලා තියෙන්නෙත් ඒක

      Delete
    4. @රාජ්
      ප්‍රාඥ අදහස යනුවෙන් මා අදහස් කලේ ඔහු තමන්ගේ නිගමනයන් ට එන්නේ යම්කිසි තියරියක උදව්වෙන් බව හැඟෙන පරිදි දේවල් කියන බැවිනි මම එම න්‍යායන් පිළිගන්නා බවවත් එම න්‍යායයන් නිවැරිදි බවවත් එය මට අනුවත් ප්‍රාඥ අදහසක් වන බවක්වත් ඉන් අදහස් නොකරමි.
      මිනිසුන් ආණ්ඩුව දිනවීම කරන්නේ මට අනුව සරල හේතුවක් නිසාවෙනි. ඕනෑම සත්වයකු තුල තම උන්නතිය පවත්වාගෙනයාම සඳහා කල යුත්තේ කුමක්දැයි හැඟීමක් ඇත. මිනිසුන් මොනවා කිව්වත් කලත් කතිරය ගසන්නේ එතැනිනි. ජනතාව මුකුත් නොතේරෙන මෝඩයන් පිරිසක් නොවේ. තමන්ගේ පැවැත්ම වඩාත් තහවුරු කරන නායකයින්ට, පක්ෂයට චන්දය දීමට මිනිසුන්ට ඇති හැකියාව අවතක්සේරු කල නොහැක.
      සරල උදාහරණයක් කියන්නේ නම් තමන්ට රැකවරණය දිය හැකි මිනිසුන් තෝරා ගැනීමට ගැහැනුන් ඉවෙන් මෙන් දනී. කෙල්ලෙක් රස්සාවක් නැති ඉන්න හිටින්න තැනක් නැති පොන්නයින් සමග හිගන්නන් සමග ප්‍රේම සම්බන්ද ඇති කර නොගන්නාක් ලෙසටම ජනතාව ද චංදය දිය යුත්තේ කාටදැයි නොදිය යුත්තේ කාටදැයි ඉවෙන් මෙන් දනී.

      Delete
    5. ////කෙල්ලෙක් රස්සාවක් නැති ඉන්න හිටින්න තැනක් නැති පොන්නයින් සමග හිගන්නන් සමග ප්‍රේම සම්බන්ද ඇති කර නොගන්නාක් ලෙසටම ජනතාව ද චංදය දිය යුත්තේ කාටදැයි නොදිය යුත්තේ කාටදැයි ඉවෙන් මෙන් දනී.////

      උදිත......ඔබගේ සරළ උදාහරනයට මමත් සරළ අදහසක් එකතු කරන්නම්.

      කෙල්ලෙක් සහ හිඟන්නෙක් හෝ පොන්නයෙක් (ඔබේ පැහැදිලි කිරීම )
      මෙය උදාහරනය නම් කෙල්ලක් වෙනුවට ඡන්ද දායකයාත්.......හිඟන්නෙක් වෙනුවට රටේ ආර්ථිකයත්.......පොන්නයෙක් වෙනුවට රටේ විදේශ ප්‍රතිපත්තියත්....ආදේශ කරොත් විවාහය සාර්ථකද?

      Delete
    6. උදිත,

      ජනතාව මහින්දට දෙන්නේ එය වඩා අඩු නපුරයයි සිතන බැවිනි. එය එසේ නොසිතන හෝ ඒසේ සිතන මුත් රනිල්ට දී තේරුමක් නැතිය යන සිතිවිල්ලේ සිටිනා බහිතරයක පාවෙන ඡන්ද මේ මැතිවරනවල පාවිච්චි වී නැත. සියයට හැටේ ප්‍රකාෂිත ඡන්දවල රහස එයයි.

      මගේ පුද්ගලික අදහසද මහින්ද එලවීමට මේ අවස්ථාව නොවන මුත්, ඔහුගේ දෑත් ශක්තිමත්වන මෙවන් ජනවරම් තුලින් මිනිහා තවත් මුරණ්ඩු වී කරන ගොන් වැඩ වැඩි කරන බවය. එනිසා රජයේ පැවැත්මට සෘජු බාධාවක් නොමැති මෙවන් ඡන්ද භාවිත කල යුත්තේ රජයට රතු එළි දල්වා වැරදි හදා ගැනීමට යොමු කිරීමකය. එහෙත් කරුමෙට "ඒකීය මිනිසා" සිතන්නේ ඌට ඕනෑ විදියටය.

      Delete
    7. උදිතයගේ පලවෙනි කොමෙන්ට් එක, කෙනෙකුට කින්ඩියක් ලෙසත්, තව කෙනෙකුට සප් එකත් ලෙසත් පෙනෙන්න පුළුවන්. මට උඹ අහපු ප්‍රශ්නයට බොහොම පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන්.. ඒත් ප්‍රබුද්ධ විධියට කියනවනම් "ජන වින්නානය" ද මොකක්ද කියන එක පැහැදිලිව හඳුනා ගැනිම. මාතලන්ගේ භාසාවෙන් කියනවනම් මිනිස්සුන්ට සරළව පැහැදිලිව කිව යුතු දේ කීම..

      ඒ මක්කා උනත් උඹේ කොමෙන්ට් එක මට රටක් වටිනවා. උඹලා, බුවාලා, මාලන්ලා ලියන්නේ නැති එක ළොකු අඩුවක්..

      Delete
    8. අනේ උදිතගේ කමෙන්ට් එක රටක් වටිනවද ? හරි සෝයි නේද එහෙනම් ? මේවා නම් සිරාවටම විහිලු මෙයා.

      Delete
  28. උදිතගේ සටහන ඉතාමත් ම වැදගත්ය. කිව යුතු සියල්ල අව්‍යාජව මාතලන් ඉදිරිපත් කර ඇත. සෙස්ස කමෙන්ටු තුළින් ලැබී ඇත. අද දවසේ දේශපාලනය තේරුම් ගන්නට මේ ලිපිය වුව සෑහේ. මේ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතාත් අනිවාර්යෙන්ම කියවිය යුතු ලිපියකි. එය වනු ඇතැයි මා විශ්වාස කරමි.

    ReplyDelete
    Replies
    1. ඉන්ගිරිසියෙන් ලිව්වා නම් කියවයි. ඔය වීකෙන්ඩ් එකට කන්ඩලම පැත්තේ ගියාම..

      Delete
  29. සරත් ෆොන්සේකාට විරුද්ධව තවත් වටයකින් මර්ධණය දියත් කරයි කියලා මට හිතෙනවා. ගිරිය පුප්පන් වැඩට බැහැපු විමලෙගේ පස් දෙනාම පරාදයි. මධ්‍යම හිටපු ඇමතිත් පරාදයි. චම්පක දාපු අයට මොනවා උනාද? උතුරත් පරාදයි. විමලෙත් පරදයි. මේ ප්‍රතිපල පාඩම් ගොඩයි. කවුරුවත් ඉගෙන ගනියිද?

    ReplyDelete
    Replies
    1. විමලේගේ ද්‍රෝහී නඩය පරාදයි කියලා ඇහෙනකොටත් සනීපයි.

      Delete
    2. තව මක්කා කොරන්නෙයි.. ඇටේ නැති හරකා වගේ තමයි.. ඒවා අයින් කරලා එළියට දාලා තියෙන්නේ.. නැත්තන් ඉතින් අනින එක හැම එකාටම ඇනලා තමයි නවත්තන්නේ.. කුඩු වෙන්නම..

      Delete
  30. මට දැනෙන ප්‍රශණය නම් දයාසිරි යූ අැන් පී ඒක වෙනුවෙන් ඔය විදිහට කැපවෙලා වැඩ කලේ නැත්තෙ අැයි? කියලයි.

    ReplyDelete
    Replies
    1. දයාසිරි මොකද එහෙම කැප වෙලා නොකලේ. පහුගිය කාලේ රටේ තැන් තැන් වල තිබුන රැස්වීම් වැඩිගණනක ප්‍රදාන කථිකයා උනේ දයාසිරි. පාර්ලිමෙන්තුවේදී පිළිවෙලකට කරුනු ගොනු කරලා ප්‍රශ්න අහන්න හිටියේ දයාසිරි. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් හඩ නැගුවේ දයාසිරි. ඒත් අන්තිමට රනිල් කියන ගොං බිජ්ජා මේ මිනිහට වැලේ වැල් නැති කලා. ප්‍රේමදාසගේ පොඩි එකාත් ඒකට හවුල්. හෙට අනිද්දට තලතා අතුකෝරළවත් එලෝ ගනී ඔය ගොං හරක් දෙන්නා. අනේ අපිට වෙච්ච දෙයක්.

      Delete
    2. ඇනෝ උත්තර දීලා තියෙනවා.. දයාට කිසිම දෙයක් කරන්න දුන්නේ නෑ.. මම දැක්කා නාකි අලි කීප දෙනෙක්ම කියලා තියෙනවා දයාට යන්න දුන්න එක වැරදියි කියලා...

      Delete
  31. රනිල් ගෙදර ගියොත් හොදයි කියලා මා තලන්ට හිතෙන්නෙ නැද්ද ? ජන රැල්ලක් හදාගන්න තරම් ආකර්ශණයක් දැන් එතුමාට නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. ජන රැල්ලක් කෙසේ වෙතත් කඩවසම් සමරිසි කොල්ලෙක් වත් දැන් එතුමාට ආකර්ෂණය වෙන්නේ නැති පාටයි.

      Delete
    2. එජාපයට වෙන විකල්පයක් නෑ. රනිල් යන ගමන හරි. නමුත් ඒක තේරෙන්නේ කොළඹ ඉන්න සෙට් එකටයි, මහනුවර ඉන්න සෙට් එකටි විතරයි.. ඒකට ඒ මනුස්සයා මොනවා කරන්නද.. සජිත් එනවා කියන්නේ විකල්පයක් නෙමෙයි. මේකෙම අනිත් එක.. ඒ නිසා මට තවමත් රනිල් හොඳයි..

      Delete
    3. මම නං හිතන්නෙ නෑ මාතලන්. ඔය ඉන්න කොළඹ මිනිස්සුම තමයි දුමින්දල පබාල මර්වින්ලා උඩින්ම යැව්වෙ.(අපිට කොලඹ ගම්පහ වෙනසක් නෑ). එතන තියෙන්නෙ වෙනම කේස් එකක් විතරයි. (කොහොමත් මොන නායකයද පරදින්නෙ,උදාහරණ ඕන තරම්). එජාපයට වෙන විකල්ප තියනව. ඔය වැඩිම මනාප ගත්ත දයාසිරිල සජිත්ල ඉස්සරහට ආවොත් මීට වැඩි යමක් කරන්න පුළුවන්. නමුත් රටටයි විකල්පයක් නැත්තෙ. මහින්ද රාජපක්ෂට විකල්පයක් නැත්තෙ.

      Delete
    4. කොළබ ක්‍රවුඩ් එක ගම්පහ නෑ සහෝ.. එහෙම එකක් වෙන්නෙත් නෑ කිසි දාක.. මහනුවරත් එසෙමයි.. මේක ගැන වෙනම ලියන්න වෙනවා.. දුමින්ද මෙහේ උන්ට පොරක්.. දුමින්දගෙයි භාරතගෙයි කිසි වෙනසක් නෑ. පංති භේදයක් විතරයි තියෙන්නේ.. හිරුලටත් අමතක නම් අනික් උන්ට මතක තියෙයිද..? කොළඹ ප්‍රභූ පන්තියේ හොඳ එක වගේම පාදඩ පන්තියේ හොඳම එකත් තියෙන බව අමතක කරන්න එපා.. නුවර ප්‍රභූ පන්තිය මහින්දට කැමති නෑ..

      Delete
  32. බැසිල් උන්නැහ අන්න කියල"උතුරේ ජනයාට මුල අමතක උනා"

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් උතුරේ වසන්තේ ඉවරයි.. දැන් එන්නේ ගිම්හානේ...

      Delete
  33. රටම කැමති මහ ඇමති...
    ඔතනින්ම නවති!

    ReplyDelete
    Replies
    1. ඉදිරියට යෑම තියෙන්නේ ඔහු අතේ.. මෙතුවක් කල් ක්‍රියා කරපු විදියට කලොත් ඔබේ අනාවැකිය හරියනවා...

      Delete
  34. Replies
    1. Balloth akka budiyala Ranilge Oluve mekko wage neda. :D

      Delete
    2. පට්ට පොටෝ එක ගහපු ගමන් හම්බ උනා...

      Delete
  35. නියම පෝස්ට් එක
    කියෙව්වෙ ටිකක් පරක්කු වෙලා තමා ඒත් දේශපාලනේ ගැන මෙලෝ හසරක් දන්නැති මාහට දල රූපයක් මවාගත හෙකි වුනා ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දේශපාළණේ නොදැණීම නේන්නම් මේ කරුමේ.. නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදි රටක. පාලකයෝ ෆේල් නම් අවුරුදු 5 යි දෙන්නේ. ජපානේ වගේ රටවලා අවුරුද්දයි දෙකයි..

      Delete
  36. unp karaya tikata kara ganna deyak naha. upset wage. Ganan ganna epa.

    Bingu

    ReplyDelete
  37. kohen giyath ithin anthimata kattiyama Madamulane thamai !!! :D

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න