.

.

Nov 28, 2013

ශ්‍රීතරන්, විරු සැමරුම් හා මිනී මැරුම් - Freedom Fighters or Murderers


ඇස් බී වීරයා උනේය. ශ්‍රීතරන් ද්‍රෝහියා වී, ඉල්ලගෙන කන්නේය. ඇස් බී, විජයකලා මහේස්වරන් නෝනාගෙන්, පොඩි කෑල්ලකගෙන් අහනවා වගේ අහන්නේ. "ඔයාගේ මහත්තයා මරාපු එකා.. ඔයාට ෆ්‍රීඩම් ෆයිටර්ද...? කියලාය. ඒ ඉතින් ඇස් බීලා, කාන්තා පාර්ෂවයට බොහෝ ගරු කරනා නිසා මිසක්, වෙන හේතුවක් නොවනා බව ජනතාව දන්නවාය. කොහොමත් මහේස්වරන් නෝනා, ආරක්ෂක ඇප නූලක් බන්දවා ගන්නා එක, ඇඟට මෙන්ම අනෙක් ඒවාටත් හොඳය.

ඒත්, ශ්‍රිතරන් එක්ක නම් උන්නේ, මලේ හොඳම එකෙන්ය. ග්‍රීතරන් පාර්ලීමේන්තුවේ කිව්වේ මොකක්ද දන්නේ, පාර්ලිමේන්තුවේ, ඒ වෙලේ උන්න උන් හා දියවන්නා පිට්ටනියේ ලයිව් ටෙලිකාස්ට් එක බලාපු උන් විතරය. මොකෝ හැන්සාඩ් එකෙන් ඒක අහක් කරලා නිසාය. ඔය ලයිව් ටෙලිකාස්ට් ඉස්ක්‍රින් එක බිමට පාත් වෙලා තිබුනේ, මෙයාලා කියන ඒවට හෙන ගහලාද, එහෙම නැතිනම් හුලං පාරකටද කියන්න දන්නේ නැතිය. කොහොම හරි හුලං යන වච්නය භාවිතාවේදීද සම හරක් විට ඉදිරියේදී අනතුරුදායක් විය හැකිය.

පිරබාහරන් ජාතික වීරයෙක් කියා කීවානම් ශ්‍රිතරන් වැරදිය. ඒත් ඉතින් දෙමළ ජනතාවට මෙළෝ දෙය්ක් නොකරන, දෙමළ සංධානේ හාදයන්ට, පිරබාහරන්ගේ මිනීය විකුනාගෙන කනවා හැර, වෙන කරන්නට දෙයක් නැත. ඒත් ඇස් බීගේ කතාවේ කිව්වා වගේ, ශ්‍රීතරන් කිව්වේ "ෆ්‍රීඩම් ෆයිටර්" කෙනෙක් කියලා නම්, ඒකේ අවුලක් මට නම් පේන්නේ නැතිය.

මිනී මරාපු චේ ගුවේරලා, අදටත් මුළු ළෝකෙටම ෆ්‍රීඩම් ෆයිටර්ය. බින් ලාඩන්, මුස්ලිම් උන්ගේ ෆ්‍රීඩම් ෆයිටර්ය. කිම් ඉල් සුන් ලා, උතුරු කොරියාවේ ෆ්‍රීඩම් ෆයිටර්ය, මා ඕ සේ ඩොං, චීනාගේ ෆ්‍රීඩම් ෆයිටර්ය. වී අයි ලෙනින්, කාළයක් පීඩිත රුසියානුවාගේ ෆ්‍රීඩම් ෆයිටර්ය. ස්පාටකස්ද වහල් නායකයෙක් වූවද, එක අතකින් ෆ්‍රීඩම් ෆයිටර් කෙනෙක්ය. එමෙන් දෙමලාට පිරබාහරන් ෆ්‍රීඩම් ෆයිටර්ය. එහෙත් මේ සියල්ලෝම තවත් පිරිසකට ත්‍රස්තවාදින්ය.

මහින්ද මහත්තයා අපේ වෝ හීරෝය. අනාගතේදිත් දුටුගැමුණු චරිතයක් වෙනවා නියතමය. ආන්ඩු පෙරලි, මහාවංශයෙන් මහින්ද මහත්තයා හැලුනත්, ජන වහර දිගටම යන්නේ, යුද්දේ දිනපු මහ රජානෝ කියලාය. හොඳම උදාහරණය සරත් ෆොන්සේකාය. හිරේ දැම්මත්, මරා දැම්මත්, සිංහල ජනතාවගේ හදවත් තුල ජයග්‍රහණයේ නියමුවාය. ජෙප්පො පරදා, ෆෝන්සේකා ඉදිරියට එන්නේ ඒ නිසාය.

එපමනක්ද? නැත. ගෝඨාභය හා අනෙකුත් රණවිරුවෝද ජාතික වීරයන් වී අවසානය. ආන්ඩුවට පක්ෂ වූවද විරුද්ධ වූවද, තම හෘද ශාක්ෂිය තුල ඔවුන් ජාතික වීරයන්මය. එහෙත් ඒ සිංහල ජනතාව අතර පමණය. කොළඹ දෙමලාටත් ඔවුන් වීරයන් වූවද, කිසි දින ඒ බවක් ප්‍රකාෂ නොකරනුයේ, ජාතිකත්වය මෙහිදි ඉදිරියට එන නිසාය. එසේ කතා කලහොත් ඌ තම ජාතියේ ද්‍රෝහියා වන නිසාය.

මෙහිදි මා දුටු කාරනය නම්, එල් ටී ටී ඊ සමාජිකයින් සැමරීම නීතී විරෝධී කියාය. එසේනම් ජනතා විමුක්ති පෙරමුණේ උන්, මහා විරු සමරු උත්සව කොළඹ පවත්වන්නේ කෙසේද කියා, මට නම් තේරෙන්නේ නැතිය. කොටි මෙන්ම් ජෙප්පන්ද කලේ ත්‍රස්තවාදය මිසක් වෙන එකක් නොවේය. කොටියාගේ තිබුන වෙනස උන් ජාත්‍යන්තර වශයෙන්ද බලවත් උන එකය.

මෙහිදි මාතලන් නම් ඉන්නේ වාසුදේව මහත්තයා ඉන්නා මතයේය. මියගිය තම දරුවන්ට, පියාට, ඥාතියාට මලක් පුදා පහනක් පත්තු කර, සිහි කිරිමේ සැමරුමක් පැවත් වූවාට, අවුලක් නැතිය. (පිලිරූ, ස්මාරක හදා, මල් මාලා දානවාට මා විරුද්ධය. සමහර විට දියවන්නා ඔය අසල ස්මාරකය කඩා දමන්නට ඇත්තේ මේ හෙතුව උඩය.)

මන්ද, මේ සැමරුම් කරන්නේ, ජනතාව නොව, එල් ටී ටී ඊය විකුනාගෙන කන උන් නිසාය. ඇස් බී කියනවාක් මෙන්ම, මුන්දලාගේ නායකයන් බලු බල්ලන් මෙන් මරා දැම්මේ කොටි නිසාය. එහෙත් අද ඉන්දියාවේ රජිව් මරපු උන්, ඉන්දියාවට ලොකුවී තිබෙනවාක් මෙන්ම, අපේ දෙමළ හාල් පාරුවන්ට කොටි ලොකු වී තිබෙන්නේය. ඒ ඩර්ටි පොලිට්‍රික්ස් වල හැටිය. "94", සංධානේ බලේට ආවේත්, සූරියකන්දේ මිනී විකුනාගෙන කාලාය.

අප කළ යුත්තේ කුමක්ද? අද ජෙප්පන්ගේ ඡන්ද ප්‍රමාණයට සිඳුවී ඇත්තේ කුමක්ද? එයින් පෙන්වන්නේ කුමක්ද? අද දකුණේ තිබූ තරුණ අසහනය යම් තාක් දුරකට සමනය වී ඇති බව නොවේද? ජීවන වියදමේ විශාල ප්‍රශ්ණයක් තිබුනද, අද තරුණයන්ට එදා තිබූ අසහනය යම් තාක් දුරකට හෝ සමහන් වී ඇති බව නොවේද? ජෙප්පො පවා, සමාජවාදය හැරදමා ධනවාදි පැත්තට වැඩි බරක් තබන්නේ මන්ද.? මේ ධනේෂ්වර ක්‍රමය හැර වෙන කොරොමයක් නැති නිසාය. මේකේ, පුලුවන් එකා, උත්සාහවන්තයා, දිනනවාය. බැරි එකා පරදිනවාය.

ඇත්තටම, දෙමළ ජාතික සන්ධානය හා ඩයස්පෝරාව, උඩ දාගෙන කොටියා සමරන්නේ, උන්ගේ පැවැත්ම රැඳි ඇත්තේ එතන නිසාය. උතුරු පලාත් සබාව "මොන්ටිකාලෝ" පුරවරයක් කලද, ඩයස්පෝරාවේ උන් කියන්නේ, දෙමළාට ප්‍රශ්ණයක් තිබෙනවා කියාය. නැතිනම් උන්ගේ සරණාගත බාවය නැතිවී, ආයෙත් මෙහේ එන්න වෙන නිසාය. විගාලා ගහන්නේත් ඒ බයිලාවමය. නැතිනම් උන්ට චන්දේ වානාය.

මහින්ද මහත්තයා, අපේ ජාතික වීරයා පමණය. දෙමළ ජනතාවගේ වීරයා වෙන්න නම්, තව කළ යුතු දෑ බොහෝ වන්නේය.  උදාහරණයක් ලෙස, උතුරට දමනා හයි වේ එක, ඒ පැත්තේ සිට ආරම්බ කල හැකිය. රේල් පාර වුවද, දකුණේ සිට උතුරට යනවා වෙනුවට, උතුරේ සිට දකුණට දමා ගෙනවිත්, කොහේදී හෝ පූට්ටු කළ හැකිය.

විගාලා මොනවා කිව්වත්, උතුරට වෙන් කරනා මුදල් ප්‍රමාණය වැඩි කළ හැකිය. ජනතාවට ලබා දෙන සහන, දකුණට වඩා වැඩි කළ යුතුය. ආයෝජන කළාපයක් ඇති කළ යුතුය. මේ සුලු කාරනාවන් වත් ඉටු කරන්නේ නැතිව. තව ඇල් ඇල් ආර් සී කෝටියක් දැම්මත් ඇති වැඩක් නැතිය.

ඩයස්පෝරාවේ උන්ට, "එන්න... මල් පිපි ඇද්දැයි බලන්න....." කියා, එහෙම එන එකාවත්, ඇඳි වත පිටින්ම යවා, මෙළෝ යකෙක් නොදන්නා උන්, පොරවල් කොට, පිටුවහල් කරන්නේ නම්, මේ සංහිදියාව තව කල්පයකටවත් ඇති කරන්නට බැරිය. මල් පීපීදැයි බලන්න ආපු එකාගේ නොව, අනෙක් උන්ගේද මල පන්නනවා නම්, මලක් ගසා නිකන් ඉන්නා එක ඊට වඩා හොඳය. උතුරට එන උන්ට වඩා වැඩි පිරිසක්,  බෝට්ටුවෙන්, ජෙයලලිතා බලන්නයි, ටෝනී ඇබට් බලන්නයි යනවානම්, ඇති තේරුමක් නැතිය.

බොදු බල සේනවට. සිහල උරුමයට, ජාතික නිදහස් පෙරමුනට, කොටින්ම දකුණේ සිංහල ජාතිවාදියාට තිබෙනා අයිතිය, උතුරේ ජාතිවාදියටත් තිබිය යුතුය. එසේ නොමැතිනම්, උතුරේ ජාතිවාදයට අන්තවාදයට ඉඩක්නොමැති නම්, දකුණේ අන්තවාදීන්ටද ඉඩක් නොමැති වුය යුතුය. මේවා ඉටු නොකරනා තාක් කල්, මහින්ද මහත්තයා අපේ ජාතික වීරයා වූවාට. දෙමළාගේ වීරයා වන්නේ නැතිය. උතුරේ එකාගේ සංහිදියාව ඇති කරන්න කලින් අපේ උන්ගේ සංහිදියාව ඇති කල යුතුය. එසේ නොවන තාක් කල්, සුද්දා අපේ ඔළුවට අත හෝදන එක නවත්වා ගන්නත් අමාරුය.

ඒ වගත් මෙසේය...

77 comments:

  1. 'බොදු බල සේනවට. සිහල උරුමයට, ජාතික නිදහස් පෙරමුනට, කොටින්ම දකුණේ සිංහල ජාතිවාදියාට තිබෙනා අයිතිය, උතුරේ ජාතිවාදියටත් තිබිය යුතුය. එසේ නොමැතිනම්, උතුරේ ජාතිවාදයට අන්තවාදයට ඉඩක්නොමැති නම්, දකුණේ අන්තවාදීන්ටද ඉඩක් නොමැති වුය යුතුය. මේවා ඉටු නොකරනා තාක් කල්, මහින්ද මහත්තයා අපේ ජාතික වීරයා වූවාට. දෙමළාගේ වීරයා වන්නේ නැතිය. උතුරේ එකාගේ සංහිදියාව ඇති කරන්න කලින් අපේ උන්ගේ සංහිදියාව ඇති කල යුතුය. එසේ නොවන තාක් කල්, සුද්දා අපේ ඔළුවට අත හෝදන එක නවත්වා ගන්නත් අමාරුය.'

    ඔන්න ඕක තමයි ඇත්ත මා‍තෝ..

    ReplyDelete
    Replies
    1. මේ තියෙන සිංහල බෞද්ධ උන්නතිකාමය නැති කරනකන් මේ රට ගොඩ ගන්නවා බොරු.

      Delete
  2. මමත් හිතන්න්නේ ශ්‍රිධරන් ගේ කථාවට හොදම උත්තරය ලැබුනේ වාසුගෙන් කියලා.....වාසු ඒක තේරුම් කරලා දුන්න විදිහ හොදයි....

    රේල් ප්පර උතුරෙන් පටන් ගෙන දකුණට එන්න ඕනේ කතාවක් මාතලන් ලියලා තියෙනවා..ඇත්තටම ඒක එහෙම තමයි දැනට වෙන්නේත්,,,දැනටම රේල් පාර ඕමන්තේ ඉදන් හදලා කිලිනෝචිච්ය වෙනකන් දුවනවා...ඊට අමතරව කිලිනෝච්චියේ ඉදන් යාපනේට රේල් පර හැදෙනවා...ඉන්දියන් පොරවල් තමයි හදන්නේ....


    උතුරේ පාරවල් නම්...දැන් හැදෙන්නා තියෙන පාරවල් මොනවද කියලා කියනා පුළුවන් නම් හොදයි මොක්ද ගොඩක් ඒ සහ බී ක්ලාස් පාරවල් හැදිලා ඉවරයි...

    අර උතුරු අධිවේග මාරගේ කියන්නේ කොලඹ නුවර හයිවේ එකටයි..ඒක කුරුනෑගලට යන හින්දානේ එක උතුරු අධිවෙගේ කිය්න්නේ...ඇත්තටම දැන් තියෙන A9 එක ගත්තොත් දැනට එක හදලා ඉවර කලේ ගියේ අවුරුද්දේ...

    ReplyDelete
    Replies
    1. රේල් පාර යන්නේ මෙහේ ඉඳන්.. මම කියන්නේ එහෙම නෙමෙයි. කන්කස්න්තුරේ ඉඳළා කිළිනොච්චියටයි හදන්න තිබුනේ. වියදම් අධික වෙයි සැපයුම් වලට. ඒත් ඉතින් ඊට වඩා නිස්කාරන ඒවට වියදම් කරනවනේ.

      A9 එකක් ගැන නෙමෙයි කියන්නේ E9 හරි E මොකක් හරි එකක් ගැන. මහා මාර්ගයකයි, එක්ස්ප්‍රස් වේ එකකයි වෙනස, දැන් අපි දන්නවනේ.

      Delete
    2. හෙ හෙ මාතලන් උත්තර දෙන විදිහට හිතෙන්න ඔක්කොම දන්නවා කියලා. ඒත් ඒක එහෙමම නෑ නේද? (මුරලිට දඟ පන්දු ගැන කියලා දෙන්න එපා :> )

      උතුරු අධිවේග මාර්ගය කියන්න කැන්ඩි කලම්බෝ හයිවේ එකට

      pl read

      http://www.sundaytimes.lk/130630/news/northern-expressway-work-to-begin-next-year-50737.html

      Delete
  3. //
    මහින්ද මහත්තයා අපේ වෝ හීරෝය. අනාගතේදිත් දුටුගැමුණු චරිතයක් වෙනවා නියතමය. ආන්ඩු පෙරලි, මහාවංශයෙන් මහින්ද මහත්තයා හැලුනත්, ජන වහර දිගටම යන්නේ, යුද්දේ දිනපු මහ රජානෝ කියලාය. හොඳම උදාහරණය සරත් ෆොන්සේකාය. හිරේ දැම්මත්, මරා දැම්මත්, සිංහල ජනතාවගේ හදවත් තුල ජයග්‍රහණයේ නියමුවාය. ජෙප්පො පරදා, ෆෝන්සේකා ඉදිරියට එන්නේ ඒ නිසාය.
    //

    මෙන්න මේ ටික තමයි හොදම ටික

    ReplyDelete
    Replies
    1. රුවන්වැලිසෑය හැදුවෙත් දුටුගැමුණු කියනවනේ. නමුත් ගේම ඉවර කරලා තියෙන්නේ මලයා. ඒ වගේ තමයි මේවත්.

      Delete
  4. සම්පූර්ණ ඇත්ත මාතලං අයියේ. මං වැඩ කරන්නෙත් දෙමළ මිනිස්සු ගොඩක් මැද්දෙ. ඔය සම්බන්දයෙන් කතා කරත්දි මහින්දවත් ගෝඨා වත් SF වත් ඒ මිනිස්සුන්ට වීරයො නෙමේ. කෙලින් නොකිවුවාට ඒ මිනිස්සුන්ගෙ වීරයා තාමත් ප්‍රභා තමා.
    අනික දෙමළ ජාතිවාදය වගේම සිංහල ජාතිවාදයත් පරාජය කිරීමෙන් විතරයි ඒ මිනිස්සුන්ට උත්තර දෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. කරුමය කියන්නේ මෙච්චර පරිප්පුවක් කාලත්. තාමත් පාඩමක් ඉගෙනගෙන නැති එකයි.

      Delete
  5. මාතලන් ..K.P. විරු සමරුවක් කලොත් මොකද කරන්නේ...?

    ReplyDelete
    Replies
    1. මක්කා කොරන්නද බන්. මහින්ද මහත්තයත් යයි.

      Delete
  6. එක පිරිසක ගේ වීරයා තව පිරිසක ගේ ද්‍රෝහියා.එක් ඇත්ත.කාටත් පොදු වීරයෙක් වෙන එක තමයි අමාරු.
    (ඒත් බුදුහිමයන් දේශනා කරල තියෙනවා සදාකාලිකව ම ප්‍රශංසා අහපු කෙනෙක් වත් සදාකාලිකව ම අවලාද අහපු කෙනෙක්වත් මේ ලෝකයේ නෑ කියල)

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් බුදු හාමුදුරුවෝ කියන්න ඕනය.

      Delete
  7. ශ්‍රීධරන් කියනව ප්‍රභාකරන් දෙයියෙක් කියලා... ලෝකෙට ත්‍රස්තවාදියෙක් උනාට තාමත් හිට්ලර් අදහන කට්ටිය ලෝකෙ ඉන්නව... අදහගන්න කැමති අය අදහ ගත්තට කමක් නෑ... හැබැයි හිට්ලර්ගෙ නාමෙන් එක එක ඒවා කරන්න ගියාම කිසි කතාවක් නෑ දෙකක් ඇනලා කූඩුවට දානව.. ඒ ටිකම තමයි ප්‍රභාකරන් අදහන උන්දැලටත් අදාල වෙන්න ඕනෙ..

    මට නං හිතෙන්නෙ මාතලන් මෙතන වෙන කේස් එකක් තියෙනව කියල.. “ ඔව් ඔව් යුද්දෙ නං ඉවරයි තමයි.. හැබැයි ඉවරයි කිව්වට ඉවරම නෑ.. තව තියෙනව.. ඒක නිසා වැඩිය උඩ පනින්නෙ නැතුව හිටපියව්... යකා තාම මැරිලා නෑ...” කෑල්ල දාලා හැමතිස්සෙම රත්වෙච්ච තැටිය උඩ තියල තියෙනව.. මේක ආණ්ඩුවට හෙනම පල්ලමක්... ඉස්සර ඕනෙ එකක් යුද්දෙ පිටින් දාලා සාක්කුවට දාගත්ත.. දැං යකා නොමරා, පොඩ්ඩ පොඩ්ඩ කන්න, වතුර දිදී තියං ඉන්නව ඉතුරු ටිකත් සාක්කුවට දාගන්න ලේසි වෙන්න...

    ReplyDelete
    Replies
    1. // “ ඔව් ඔව් යුද්දෙ නං ඉවරයි තමයි.. හැබැයි ඉවරයි කිව්වට ඉවරම නෑ.//
      මං හිතන්නෙ පසු කම්පණ. ටික කාලයක් තියෙයි

      Delete
    2. රාජ් පුළුවන් වෙලාවක මට කෝල් එකක් ගන්න .....

      Delete
    3. ඒ කියන්නේ ඇල් ටී ටී ඊය අතුගාලා දැම්මා කිව්වට. සැලබ්‍රේට් කොරාට වැඩේ හරියට කොරලා නෑ කියලද කියන්නේ.

      Delete
  8. මාතලන් ඩයස්පෝරාවට තියන්නේ වෙනම ඇජෙන්ඩා එකක්. අපේ උන් බෝට්ටුවෙන් ජීවිතේ පරදුවට තියලා ඔසී පනින්නේ, එතකොට ඉස්සර කන්ටේනර් පෙට්ටියේ යට එල්ලිලා ඉතාලි පැන්නේ මොකද? මේ ආස්තැරිය තුළ මිනිහෙක්ට තවත් ජීවත් වෙන්න, තැනකට එන්න අමාරු නිසා. ඩයස්පෝරාවේඋන්ට රිෆියුජි කෑම්ප් තුළ හරි වෙන රටක ඉන්න ලැබෙන්නේ ඒ නිසා උන් ඒ ලැබෙන දේ දමා ගහලා එන්න මේ ආස්තැරියට එන්න කැමති වෙයි ද? ඉතින් උන් ඒක නිසා උන්ගේ විමුක්තිය වෙනුවෙන් දඟලනවා. ඇපේට උතුරේ ජනයා තියාගෙන.
    මොකා මොකෙක් සැමරුවට අපිට මොකද? අපි අපේ වැඩේ හරියට කරනව නම් "මුරලි කිව්ව වගේ අපිට ඇයි අපේ අතීතයේ අඳුරු සැමරුම් අමතක කරන්න බැරි ? ඒ විතරක්ද අපි එහෙම නොකරන අතරම අපි බලාපොරොත්තු වෙනවා අනික් උන් අමතක කරයි කියලා" කවදා මේවා තේරුම් ගනී ද??????

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත වෙද මහත්තයා. උන්ගේ බයිලා වැඩක් නෑ. අපේ ඩියුටිය අපි හරියට කරනවනම්. ඒත් ඒ දේ නොවන එකයි දුක.

      Delete
  9. මාගේ විදු පියාණනි! ඔබට නිවන් සුව අත්වේවා...!!!

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ඩී එස් ද ගියෙ.

      Delete
    2. උදේ කනත්ත වට රවුම පාස් කරනවා විතරයි මතක හැලප :)
      එයිට පස්සේ කොහේ ගියාද කියල මතක නැහැනේ අප්පා ...

      Delete
    3. ජාතික වීරයෙක්. දැන් ජාතික වීරයෝ කියන්නේ සංසාරේ අහලා නැති උන්ට.

      Delete
  10. සහමුලින් ඇත්ත ඔතන තියෙන්නේ දෙමළාත් අපි වගේ මිනිහෙක් උන්ටත් ජාති වාදි හැඟීමක් තියෙනව කියන එක අපෙ ඉන්න එවුන්ට කොහෙත්ම තේරෙන්නේ නැති එක.

    උන්ට හොඳ නම් ඇයි අපිට බැරි,උන්ට තියනවා නම් ඇයි අපිට නැත්තේ කියා උන්ටත් සිතෙනවා ඇත.

    උනුත් අපි වගේම මනුස්සයෝය

    .අපි කියන ප්‍රජාත්‍රන්තවාදී අහවල් එක උන්ටත් රහ බලන්න උන්ට හිතෙන එක සධාරණය එහෙම පුලුවන් කියල කියන්නෙත් අපේ මහ ලොකු කොන්ස්ටිටියුශොන් එකය.

    අපේ හුඟක් එවුන් box එක ඇතුලෙත් පුන්චි පුන්චි box හදාගෙන ජීවත් වෙන යුගයක think out side the box කතාවට බොහොම පින්

    ReplyDelete
    Replies
    1. පෙට්ටිය කඩාගෙන යන එක පොඩි කාලේ ඉඳන් සිරිතක්. එහෙම යන උන් තමයි ළෝකය වෙනස් කළේ. අවුට් ඔෆ් ද බොක්ස් යන උන්ට මාතලන් මනාපත් ඒ නිසයි.

      Delete
  11. //මෙහිදි මාතලන් නම් ඉන්නේ වාසුදේව මහත්තයා ඉන්නා මතයේය. මියගිය තම දරුවන්ට, පියාට, ඥාතියාට මලක් පුදා පහනක් පත්තු කර, සිහි කිරිමේ සැමරුමක් පැවත් වූවාට, අවුලක් නැතිය. //

    අහම්බෙන් නිව්ස් බලද්දි මාත් අහගෙන මේ කතාව. වැදගත් කතාවක්. මියගියේ කාගෙ වුනත් දරුවො.

    ඒ කාලෙ ටැබූ කියපු මේ කතාවත් ඒ වගේ අහහසක් ඇති එකක්.
    http://taboosubjects-mirrored.blogspot.com/2013/11/cemetry.html

    ReplyDelete
    Replies
    1. වාසුට තේරෙන දේ, ඇස් බීන්ට නොතේරෙන එකයි දුක.

      Delete
  12. අන්තිම පරිච්චේදය එක්ක මමත් සම්පුර්ණයෙන් එකගයි මාතලන් අයියේ.දකුණේ සිංහල ජාතිවාදය පෝෂණය කරන වුන්ම උතුරට ඇගිල්ල දිගුකරනවා උන්ව නිවැරදි කරන්න.අන්න බෝ.බ.සේ ත් මේ ගේමට එන්ටර් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ රටේ ජනතාව ආපස්සට ගෙනිච්ච එකෙක් තමයි අනගාරික ධර්මපාල කියන්නේ. මුන් කරන්නෙත් ඒකමයි.

      Delete
  13. හැමෝටම හැමදෙම පිලිගන්න අමාරුයි. එක එක්කෙනාගෙ පැත්තෙන් වීරයන් ඉන්නවා පොදුවේ ගත්තම කාටත් පොදු දේට, කවුරුත් හිසනැමිය යුතුයි යන මතයෙ මම නම් ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. කොහොමද පොදු දේ මනින්නේ කියන ගැටළුවක් තියෙනවා නේද...?

      Delete
    2. වැඩිදෙනාගේ කැමැත්ත වගේ

      Delete
  14. //මෙහිදි මා දුටු කාරනය නම්, එල් ටී ටී ඊ සමාජිකයින් සැමරීම නීතී විරෝධී කියාය. එසේනම් ජනතා විමුක්ති පෙරමුණේ උන්, මහා විරු සමරු උත්සව කොළඹ පවත්වන්නේ කෙසේද කියා, මට නම් තේරෙන්නේ නැතිය. කොටි මෙන්ම් ජෙප්පන්ද කලේ ත්‍රස්තවාදය මිසක් වෙන එකක් නොවේය. //
    මේවට එකඟ නොවී කොහොමද

    ReplyDelete
    Replies
    1. ඕනම නං කෙනෙකුට මෙහෙම ඔබ්ජෙක්ෂන් එකක් ගේන්න පුළුවන්.
      ජෙප්පො පක්ෂයේ තහනම අයින් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ල එයාලගෙ විරුවන් සමරනව. එල්ටීටීඊය තවමත් තහනම් සංවිධානයක්. යුධ පෙරමුණ පරාජය වුවත් සටන තාම තියනව. එයාලගෙ විරු සැමරුම වෙනස් වෙන්නෙ එහෙමයි. හතර අතේ ඔහේ වනන මාතලන්ට මේව හිතන්න කාලයක් නෑ.

      Delete
    2. එතකොට එහෙම කියන අයගෙන් අහන්න ප්‍රශ්ණ වැලක් තියෙනවා.. ඒත් ඉති ඒවා වෙන වෙලාවක ලියනවා..

      Delete
    3. ඉදිරි වසර 15 ඇතුළත LTTE තහනම කවමදාවත් නැති වෙන එකක් නැහැ ...ඔවුන් ඊළම ඉල්ලනතෙක් මමත් කවදාවත් කැමති නැහැ LTTE තහනම ඉවත් කරනවට .... ඊළම දෙන්නේ නැහැ..

      Delete
    4. එල් ටී ටී ය නේ තහනම්. ඒ මිනිස්සුන්ගේ චින්තනය තහනම් කොරන්න බෑ නේ කාටවත්. කවුද දන්නේ වෙනත් නමකින් ආයෙත් පුපුරාවිද කියලා. සහන යාපනේ ගිහින් තියෙනවද..? යුද්දයට පෙර හා පසුව...

      Delete
    5. ඔව්. මම අන්තිම ගමන ආවේ මන්නාරමෙ ඉඳල ... එදා හිතුවේ නැහැ ආයේ කොහේවත් යන්න ලැබෙයි කියලා.. වාසනාවට හෝ අවාසනාවට තාම හුස්ම වැටෙනවා...පණ තියෙනකම් මේකේ තමයි මම ඉන්නේ....

      මාතලන් කියපු අනිත් දේ ගැන මම පෝස්ට් කීපයක් ලියලත් තියෙනවා.. ඉස්සරහටත් ලියන්න ඉන්නවා.... වෙස් මූණු දාගෙන ආවට වැඩක් නැහැ මාතලන්... ( හැබැයි දේශපාලන විසඳුමක් දෙනකම් මේක ඉවරයක් වෙන්නේ නැහැ..ඒක කියන්න එපැයි කට කෑවත් )

      Delete
  15. "මා ඕ සේ ඩොං, චීනාගේ ෆ්‍රීඩම් ෆයිටර්ය" මේක ඕනකමින්ද වරදිමක්ද ?? හරි හමන් චීනෙක් දැක්කොත් හෙම ?????

    ReplyDelete
    Replies
    1. හරියට නම කියන්නේ එහෙම තමයි.. දැන් ඉතින් උන් අපේ නෑයෝ නේ.. තව ටික කාලෙකින් කියාවේ අපි ආවෙත් චීනේ ඉඳලා කියලා.

      Delete
  16. මමත් හිතනව මෙ තමයි සිදුවිය යුතු දෙ.අපි ඇවිල්ල හන්දියෙ චන්ඩි වගෙ මෙව විසදන්න බැ.ඔය විගාලගෙ නෙමෙයි සමාන්‍ය දෙමල මිනිහගෙ හිත දිනාගත යුතුමයි

    ReplyDelete
    Replies
    1. නමුත් වෙන්නේ පොලිටික්කෝ සනසලා උන්ගේ පානෙන් එළිය බලන්න හදන එක. දැක්කා නේ ඊ පී ඩී පී කාරෙයෙකුට උන දේ.

      Delete
  17. MAATHALANTA DAN DAN MOLE PAADIGENA ENNEYA.....SUBA ANAGATHAYAK

    ReplyDelete
    Replies
    1. මොළේ කෙසේ වෙතත් තට්ටේ නම් පෑදීගෙන එනවා..

      Delete
  18. මාතලන්ගේ මේ දැක්මත් අපේ ලාල් කාන්තගෙ දැක්මත් රාජපක්ෂ පවුලේ දැක්මත්(ගෝටා, මහින්ද, චමල්.බැසිල්) රනිල්ගෙ දැක්මත් එකට එකක් සෙකන්ඩ් නෑ, මං ලංකාවේ අනාගතය ගැන බලාපොරොත්තු වැඩිකර ගත්තා.

    ReplyDelete
    Replies
    1. කින්ඩියක්ද මන්දා.. ඔහේ තේරුම් ගන්න හරිම අමාරුයි..

      Delete
  19. පාන පත්තු කරත් නැතත්..කෑ ගහල කිවවත් නැතත් තමන්ගේ වීරයා ඉන්නේ තමන්ගේ හදවතේ. ඒක් වලක්වන්ට කාටවත් බෑනේ. ඒක සිංහලයාටත්, දෙමලාටත්, ඔය කොයි කාටත් පොදුයි.

    ReplyDelete
    Replies
    1. ඒකමයි මමත් කියන්නේ. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න ඕන. අළුත් බලාපොරොත්තු ඇති කරන්න ඕන. අනාගතයක් පෙන්නන්න ඕන.

      Delete
  20. ඔබ තුමාගේ කථාවට මම 100% ක් එකඟයි මාතලන්. මහින්ද මහත්මයා රට ත්‍රස්තයන්ගෙන් බේරගෙන අපි මේ තත්වයෙන් ඉන්න එකත් ඇති. උඹ කිව්වා වගේ දෙමළ ප්‍රදේශ වලටත් හම්බන්තොටට සලකන සැලකිල්ලම කරන්න ඕනේ. වටිනා ලිපියක් මචං!!!

    ReplyDelete
    Replies
    1. පාරවල් හැදුවට, පාළම් දැම්මට වැඩක් නෑ. ඒ මිනිස්සුන්ගේ ජීවන තත්වය නගා සිටුවන්නයි ඕනා..

      Delete
  21. දේශපාලනේ අබිං.......මටනම්

    ReplyDelete
    Replies
    1. අබිං අනතුරුදායකය!! ඔබ එයට ඇබ්බැහි වීමට ඉඩ ඇත!!! :D

      Delete
    2. අවසානයේ හැම එකාම දේශපාළණ සත්වයෙක්...

      Delete
  22. උතුරේත් දකුණේත් අන්තවාදී සංවිධාන වලට විකුණන්න ඉතිරිවෙලා තියෙන්නේ ප්‍රභාකරන් සහ රණවිරුවා නැමති නාමපද දෙක විතරයි. දකුණේදී ජාතික දේශපාලන ඔලොගුව පුරෝ ගන්නත් උතුරේදී පිටරට ඩයස්ෆෝරාව හරහා තම ඔලොගුව පුරෝ ගන්නත් තමයි ඔය ඔක්කොම සෙල්ලම්..ශ්‍රීධරන්ලාට මිනීමරු ප්‍රභා වීරයෙක් නොකෙරුවොත් පිට රටින් එන සල්ලිත් නැහැ...උතුරේ ඡන්දත් නැහැ. මුස්ලිම් ජාතික පක්ෂ ප්‍රසිද්ධියේ බින් ලාඩන්ව පතුරු ගැහුවොත් උන්ටත් ඒ ආනිසංසේම තමයි....බලය රැක ගැනීම හැර වෙන මොකක්ද?

    ReplyDelete
    Replies
    1. අනිවා.. එකෙන්ම.. වෙන මක්කා කත කොරන්නද...?

      Delete
  23. එකග වෙන කරුනු වලට වඩා එකග නොවෙන කරුනු ගොඩයි ....

    ReplyDelete
    Replies
    1. එවා ලියන්න එපාය. අපි කොහෙමෙයි දන්නේ. බ්ලොග් කියන්නේ ඒකටයි.

      Delete
  24. ලංකාවේ කුල භේදය මැකී යන්නේ හැම කුලයක්ම සමානයි කියන මතය ඇතිවෙලා නෙමේ හැම කුලේම එවුන් ගොවිකුලයට එකතු වෙලා
    ඇමරිකාවේ වර්න භේද වාදය මැකුනෙත් කලු සුදු මිනිස්සු සමානයි කියන මතය මත නෙමෙයි කලු ජාතිකයෝ කලුසුද්‍දො වෙලා
    ලංකාවේ දෙමල ප්‍රශ්නය විස‍ෙඳෙනවනම් විසදෙන්නෙත් සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියන මතය මත නෙමෙයි
    මම දන්න තරමින් ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ දෙන්නයි සිටියේ එක්කෙනෙක් ලක්ෂිමන් කදිර ගාමර්
    අනෙක් කෙනා අපේ ඉස්කෝලෙ නිර්මාතෘ අලස්
    මම අපහාසෙකට කියනවා නෙමෙයි මේ දෙන්නම කලුසුද්දෝ දෙන්නෙක්
    ලංකාවේ දෙමල ප්‍රශ්නයට තියෙන විසඳුම දෙමල මිනිස්සුත් සිංහල ජාතියෙම කොටසක් (උපසංස්කෘතියක්) වීමයි
    මේකෙදී ආන්ඩුව ජාතික සමගියට කිසිවක් නොකල යුතුයි ආන්ඩුව මැදිහත් වෙලා කරන දේවල් වලින් වෙන්නේ ජාති වාදය රෙජිස්ටර් වීමම පමනයි
    ආන්ඩුවේ රාජකාරිය වියයුත්තේ රාජ්‍යය ශක්තිමත්ව පවත්වාගෙන යාමයි
    අපි ඔක්කොම එකයි කියන බොරුවෙන් මිදීම සෑම සිංහලයෙක්ගෙම වගකීමක්

    ReplyDelete
    Replies
    1. 50% කට එකඟවිය හැකියි... ඒත් ශ්‍රී ලංකිකයෝ නම් ඕයිට වඩා ඉඳලා තියෙනවා.

      Delete
  25. අපේ නායකයො දැන් උත්සාහ කරන්න ඕනෙ උතුරෙ ජනතාව සහ ඒ අය අතර තියෙන පරතරය අවම කරගෙන ආයෙමත් වතාවක් තවත් ඊළාම් යුද්දෙකට යන්න තියෙන ඉඩ අවම කරන කාරියට...දෙමළ ජනතා නායකයන්ට මෙතැනදි සෑහෙන වගකීමක් තියෙනවා ඉටු කරන්න...

    ReplyDelete
    Replies
    1. උන් කිස්ම දෙයක් කරන්නේ නෑ. මෙහේ උන්ගේ, ටැමිල් වර්ෂන් එක විතරයි. ඒකනේ එකෙක් වෙඩි කෑවේ. දැන් රත් වෙලා ඉන්නේ. විගාලටත් ඒ ටිකම තමයි වෙන්නේ, මුකුත් නොකෙරුවොත්.

      Delete
  26. //මෙළෝ යකෙක් නොදන්නා උන්, පොරවල් කොට, පිටුවහල් කරන්නේ නම්, මේ සංහිදියාව තව කල්පයකටවත් ඇති කරන්නට බැරිය//

    හරියට හරි!

    ReplyDelete
    Replies
    1. ආතල් ගන්න ඕන උනාම, අපේ උන් වීරයෝ මවනවා.. ජෙයපාලන් කියන්නේ කව්ද කියලා දෙමළ උන් වත් දන්නේ නෑ. මම දන්න උන්ගෙන් ඇහුවා. එකෙක්වත් දන්නේ නෑ. හැබයි ප්‍රභාකරන් නම් දන්නවා.

      Delete
  27. මගේ මිතුරැ N මල්ලී මේ ලගදි මිතුරන් සමග යාපනේ ගියේය...උු කියන අන්දමට යාපනේ දෙමළු දකුණු ඉන්දියාවට ඡන්දෙ දාන්න...යන අවස්ථාද ඇත. උන්ගේ ඔලුවල අදටත් සිංහලයන් කෙරෙහි නිර්මාණය කරන ලද චිත1ය යහපත් එකක් නොවේ. N මල්ලී තවත් අපූරැ කථාවක් කීවේය. උගේ දෙමළ මිතුරන් දෙදෙනා වැල්ලෙ සෙල්ලමමක් කළේය. එකෙක් වෙඩි වැදුන එල්.ටී.ටී.ඊ කාරයෙකි. අනෙකා හමුදාකාරයෙකි. වැඩි වැදනු එකා මෙසේ කෑ ගැසීය. I surrender I Sureender" හමුදා කාරයාට රගපාන එකා උත්තර දුන්නෙ This is Mahinda Chinthana Surrenders Also die කියාය. උන්ට ප්‍රභා වීරයෙක් වීම, අපිට මහින්ද මහ රජාණන් වීම ද එකම කාසියේ දෙපැත්ත වාගේය.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම සහන් ගෙන් උඩදි ඇහුවේ යාපනේ ගිහින් තියෙනවද කියලා..

      Delete
  28. අපි අර සාම සාකච්ඡා කාලේ යාපනේ ගියා. එතකොට නැවතුනේ යාපනේ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්ත ගෑනු ලමයෙකුගෙ ගෙදරක. එයාලගෙන් ඇහුවම චන්ද්‍රිකා ද රනිල් ද ප්‍රභාකරන් ද හොද කියල. එයා කිව්වෙ ප්‍රභාකරන් කියල. හොදම වාක්‍ය තමයි he is our hero කියල අන්තිමට කියපු එක. මට ඒක නං හොදටම මතක හිට්ට. ඒ වගේම යුද්ධෙ ඉවර වෙච්ච දවසෙ මුළු විශ්ව විද්‍යාලෙම එකතු වෙලා ජාතික කොඩිය උස්සල ජාතික ගීය ගායනා කරන කොට ඔක්කොම දෙමල ලමයි ටික උඩට වෙලා හරසුන් දෙයක් දිහා බලන් ඉන්නව වගේ බලන් හිටිය මිසක් කවුරුත් නිකමටවත් එතනට එකතු වුනේ නෑ.
    දෙමල මිනිස්සුන්ට හැමදාමත් ප්‍රභාකරන් වීරයෙක්ම තමයි. අපේ කට්ටියට දැං මොනව කොහොම කලත් මහින්ද මහරජාණන් වෙලා ඉන්නව වගේ.

    ReplyDelete
    Replies
    1. ඕන් ඔය දේ ශීත කාමරවල ඉන්න උන්, බැන්ස් ප්‍රාඩෝවල යාපනේ ගිහින් ආතල් අරගෙන එන උන් නොදන්න එකයි කාරනය. ප්‍රශ්ණය දැන ගන්න නම්, ජනතාව එක්ක කතා කරන්න ඕන.

      Delete
  29. දියවන්නාවේ තිබුන ස්මාරකේ ජෙප්පොන්ගේ ස්මාරකයක් නෙවේ නේද මාතලන්..??
    ඒක නිකරුනේ මැරුණ අහින්සල ළමයිව සිහි කරන්න හදපු එකක්නේ.ඒක කැඩුව එක සාධාරණයි කියල මට නම් හිතෙන්නේ නෑ.
    අනිත් කරුණු ඔක්කොටම එකඟයි.
    මම ගිය අවුරුද්දේ යාපනේ තිබුන කන්ෆරන්ස් එකක වොලන්ටියර් කෙනෙක් හැටියට ගිහින් එහෙ සතියක් නැවතිලා හිටියා.අන්තිම දවසේ කට්ටියට නාට්‍යයක් කරන්න තිබුනේ කණ්ඩායම් විදිහට.මගේ කණ්ඩායමේ ළමයි සිංහල දෙමල බේදයක් නැතුව හැමෝම එකඟ වුනා දෙමල ගෑනු ලමයෙකුයි සිංහල පිරිමි ලමයෙකුයි යාලු වෙලා අන්තිමට බඳිනවා කතාවක් විදිහට රඟපාන්න.ඔතනදි එක සිංහල ළමයෙක් ගෙන් යෝජනාවක් ආවා නාට්‍යයේ සිංහල කොල්ලගේ චරිතේ සිංහල හමුදා සෙබළෙක කරමු කියල.එතැනදී දෙමල ලමයිගෙන් ලොකු විරෝධයක් ආවා.මට තේරුම් ගිය දේ තමා ඒ ළමයි සිංහල සාමාන්‍ය මිනිස්සුන්ට අකමැති නෑ ඒත් හමුදා සෙබළු එක්ක එයාලට ලොකු වෛරයක් තියෙනවා කියල.
    මේකත් කියන්න ඕනි.එතනට වොලන්ටියර්ස්ල විදිහට ගිය සිංහල අපිට සිංහලයෝ ගැන එයාලගේ හිත්වල තිබුන ගොඩක් මිත්‍යා මත අයින් කරන්නත් පුළුවන් කමක් ලැබුනා.ඒ ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. දියවන්නාවේ ස්මාරකයක් නොහදා කොහොමද උන් ටික නිසානේ මෙයාලා තාමත් බලයේ ඉන්නේ. කොටි ටික මරා නොදමන්න අදත් ජීවත් වෙන්නේ උන්ගෙන්.

      යාපනේ යන සංවේදි මිනිස්සු දන්නවා ඇත්ත කතාව. විය යුත්තේ අර අන්තීමටම කියපු දේ.

      Delete
    2. ඔව්.ඒ මිනිස්සු ළඟ පුදුම මනුස්සකමක් තියෙන්නේ.සිංහලයෝ ළඟ ඒ ගති ගුණ නෑ.අපි ළඟ වුනත්.
      ඒ සතියේ ඒ දේ හොඳටම දැනුනා එයාලා අපිට සලකපු හැටියෙන්.අන්තිම දවසේ අපි නැවතිලා හිටිය හොස්ටල් එකෙන් අපේ බඩු අරගෙන බස් එක ලඟට එනකොට ඒ පාරේ ගෙවල්වල පදිංචි වෙලා හිටිය මිනිස්සු ගෙවල් වලින් එලියට ඇවිත් අපිට අත වැනුවා.එතන එක ගෙදරක විලාඩ් අඹ ගහක ගෙඩි පිරිලා.අපි හැමදාම ඔතනින් යනකොට කෙල හල හල යනවා.ආපහු එන්න කලින් දවසේ අපි එතනින් යනකොට ඒ ගෙදර ගෑනු කෙනා උරයක් පිරෙන්න අඹ ගෙනත් දුන්න.
      ඒ මිනිස්සු මාරම හොඳයි.
      කවදාහරි යාපනේ පදිංචි වෙන්න ලැබුනොත් මේ හැමදේම දාලා බොහොම සතුටින් මම ඒ දේ කරනවා.

      Delete
  30. වාසුදේව කියනවා වගේ මියගිය අය සමරන එකේ වරදක් නැහැ නමුත් ඕක nov 26 ම සමරන්න ඕනේ නැහැනේ
    TNA එකත් හදන්නේ ඒක nov 26 ම මේක කරලා තමන්ගේ චන්ද පදනම වැඩි කරගන්න
    ආණ්ඩුව කරන්නේ එක එක දෙක කරලා සිංහල මිනිහට පෙන්නලා තමන්ගේ චන්ද පදනම වැඩි කරගන්න
    දෙපැත්තම මේ කරන දෙයින් වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එක විතරයි

    ReplyDelete
    Replies
    1. අපි කල්පනා කරන්න ඕන ඒ දිනේම තෝර ගන්නේ ඇයි කියන එක. ඒ දිනය විශේෂ දිනයක් නොවන තැනට කටයුතු කරන එකයි කළ යුත්තේ. ඇස් බීගේ කතාවේ ගත යුත්ත ඒකයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න