.

.

Nov 11, 2013

මැහුම් ගුරුවරු.. (කලිසම් කපන ටීචර්...) - Tailoring Teachers



ලියා ගල් ලෑලීවල, 
රවුම් ලස්සන අකුරු,
 "අ" යනු "ආ" යනු කියූ...
වැඳුම් මෙන් පිඳුම් ලද,
ඒ උතුම් ගුරුවරුන්,
නොමැත අද තක්සලාවේ...

ආදරය.. කරුණාව..
මෙන්ම බෝ දඬුවම්ද.
වේවැලෙන්, කෝටුවෙන්,
බෝ තවත් අතුවලින්..
අඩී රූල පාරවල්..
මිරිකුවා කන බඩත්,
ඒත් හිත නෑ කිසිත්..
අබ මලක ජරා සිත්..
පව් නැතේ නැමදුවත්,
ඔවුනගේ දෙපා වැඳ...

එහෙත් කොහි ගියෙද උන්...?
නොමැත තක්සලාවේ..
 
ගවුම් වාටිය කපන..
එකම කලිසම කපන..
කන පලා, ඔලු පලන..
අපචාරවල යෙදෙන..
කිසිම විනයක්.. නොමැති,
තිරිසනුන් අරක්ගෙන,
රකින්නට සිසු විනය..

කැපුවොතින් කලිසමක්,
ගවුම්වල වාටියක්,
එපා දුවනට ගෙදර...
ලිහාපන් කලිසමම..
උස්සපන් ගවුම් පොඩි...

ගලවලා යට ඇඳුම,
පෙන්නපන් හෙළුවෙන්ම...
හරවලා උඹේ "පුක"


අජ්ජාපනය කන,
ඇමති, නිලධර හැත්ත..
පින් ගොනා පින්සිපොල්,
වින තකන ගුරුවරුන්,
ඉල්ලනා... ඒ "පිස්සි"....
සහෝදර සිසු කැලට,
ගොන් හරක් දෙගුරුන්ට...

මේ වගේ "හරක්" දෙන,
දරුවන්ගේ "තාත්තට"..



.oOo.

110 comments:

  1. මමත් ඔය කතාව කියෙව්වෙ අද. පුදුම ගුරුවරු.

    ReplyDelete
  2. හ්ම්ම ,,

    ReplyDelete
    Replies
    1. ඔයා, හ්ම්ම කියලා ලීවේ උම්මා කියන එකටද?

      Delete
  3. මොකක්ද මේ සීන් එක?

    ReplyDelete
    Replies
    1. http://www.lakpartner.com/2013/11/amazing-teacher-cuts-boys-trousers.html

      Delete
  4. අගේ ඇති ටොකු පෝලිමක් නේ මාතලන් මේ තියෙන්නේ යසටම.

    ReplyDelete
    Replies
    1. හෙඩිම හදන්න කලසම නොවේ කලිසම

      Delete
    2. අපිට මහාචාර්ය තුමා උගන්නල තියෙන්නේ කලසම කියල තමා..

      Delete
    3. අපි නම් කියන්නේ කලසම කියලා.. හෙඩිම නිසා හැදුවා ඕං.. ආයෙ මක්කටෙයි හිත් නරක් කරන්නේ...

      Delete
  5. අනේ අම්මපා ළමයින්ගේ ඇදුම විතරමද අද අපේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන එකම අඩුව..... මේකත් අර ක්ෂණික නුඩ්ල්ස් හදන කොරමෙට ගුරුපත් වීම් දිපුවායේ එක ප්‍රතිපලයක් තමයි...... දැන් දෙසපලකයොත් උදව් කරපු එවුන්ට කියනවා කියන්නේ වෙන මොනාටවත් දන්නා බෑ ඕනනම් ගුරුපත්වීමක් දෙන්නම් කියලලු ..... අනේ අපේ අනාගතේ.......

    ReplyDelete
    Replies
    1. ගුරු වෘත්තිය බල්ලට දාලා තියෙන්නේ.. ඉස්පිටිතාලේ ලේබර් ජොබ් එක ගානට...

      Delete
  6. වැඩේ තියෙන්නේ ඔය වගේ ගුරුවරුන්ට දෙමව්පියොත් වැඩි ප්‍රතිශතයක් කැමතියි. "අර සර් එක්ක නම් ලේසි වෙන්නේ නෑ, ඉස්කෝලේ හොඳ විනයක් තියෙන්නේ අර සර් යකා වගේ..." ඔය වගේ කතා ඇහිලා නැද්ද?
    අනික දැන් ඉන්නේ කර්නල් ප්‍රින්සිපල්ලා නේ . හමුදාවේ වගේ තමයි විනය. වැඩිපුර විනය තකපු සිද්ධි වාර්තා වෙන්නෙත් ඒ නිසානේ.

    ReplyDelete
    Replies
    1. පාසල්වල වැඩවසම් ලක්ෂන ඉදිරියට ගෙන යාමක් තමයි මේ.අති භයානක ප්‍රවනතාවක් මේ තුල තිබෙනවා.මොකද මර්ධනය නිතරම සැඟවෙන්නේ විනය කියන සෙවනැල්ලෙනුයි.

      Delete
    2. ඒක නෙමෙයි හේතුව. ගොන් කම.. ගොන්නු ගුරුවරුන් ලෙස පත් කිරීම..

      Delete
  7. දැන් පාසල් වල ඉන්න ගුරුවරු හුඟ දෙනෙක් femdom කරන අය..ඒකයි එයාල mistress ලා වගේ ළමයින්ට ඳඩුවම් කරන්නේ.....නැද්ද මාතලන්??

    ReplyDelete
    Replies
    1. එහෙම පිරිසක් ඉන්න බව පත්තර ටික බැලුවම පේනවා..

      Delete
  8. ඒ ගුරුවරියට ලමයාව තෙරුම් ගන්න තිබුනා.
    අම්මත් දාල ගිය දරුවෙක්ලු ගේ දැක්කමනම් බඩ පපුව දනවා. පවු කොල්ලා.
    දැන් හැබැයි ඔය ගුරුවරියට දඩුවම් කලොත් ඒකත් අර්බුදයකට මුලක් වෙනවා. මොකද ඊට පස්සෙ කිසිම ගුරුවරයෙක් ලමයෙක්ට අවවාදයක් වත් දෙන එකක් නෑ මේක පාඩමකට අරන්.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා.. වරද දඬුවම් නොදී සිටීම තමයි, මේ තරම් ව්‍යසනයක් දක්වා පැතිරිලා තියෙන්නේ. අන්තීමට එල්ලුම් ගස් ඉල්ලනවා..

      Delete
  9. ප්‍රාග් වෘත්තීය පාඩමක් කියල දෙන්න හැදුවද දන්නෙ නෑනෙ කලිසන් මහන හැටි ගැන,ඔහොම බනින්න නාකයි පුක පෙන්න පෙන්නා.

    ReplyDelete
    Replies
    1. කොලුවට අතේ මහන හැටි උගන්නන්න ගියාද දන්නේ නෑ.. අර කිව්වා වගේ..

      Delete
  10. ඕනෑවට වඩා වගකීම ඔළුවට ගත්ත විනය භාර ගුරුවරුන්ට ඔය ලෙඩේ හැදෙනවා. ළමයින්ගේ කරුමේ තමයි ඉතිං

    ReplyDelete
    Replies
    1. ටීචර් කියන්නෙත් පොලීසියේ ඕ අයි සී වගේ හිතාගෙන ඉන්න කස්ටියකුත් ඉන්නවනේ..

      Delete
  11. මේක ලිංගික හිංසනයක් වගේම ලමා අපචාරයක්...
    ටීච්ර්ගේ විනය කවුරුවත් තකන්නේ නැතුව ඇති ඒකයි ඔය :D

    ReplyDelete
    Replies
    1. අනිවා... එහෙම සහන කාරයෝ තමයි මේ වගේ වැඩ කරන්නේ.. අමාත්‍යංශෙට ගෙනත් පෝලිමක් දැම්මා නම් හරි.. අසහනේ දුරු වෙන්න..

      Delete
  12. මේ තත්වය ඇති වෙලා තියෙන්නේ ළමයාගේ සුබ සිද්ධියට වඩා පාසලේ නම රැකගන්නයි.ජනප්‍රිය පාසල්වල විනය භාර ගුරුවරුන්ගේ පිටවෙන වදනක් තමා "අපේ ඉස්කෝලෙ ළමයෙක් අනිත් ළමයි එක්ක ඉන්න කොට පැහැදිලිව වෙනස පේනවා" යන්න.තමන්ගේ ඉස්කෝලෙ ළමයින්ගේ බාහිර අඩුපාඩු ඔක්කෝම නැති කරන්න ඔවුන් කටයුතු කරනවා. උදේට ඉස්කෝලෙට ඇතුළු වෙන තැනම කොණ්ඩ,රැවුල්,ඇඳුම නිවැරදිද කියා චෙක් කර ඇතුළට යවන එක අද ජනප්‍රිය පාසල් වල අංගයක් බවට පත් වෙලා.අඩුපාඩු තියෙන අය පාරෙ පැත්තක පේලියට හිටවල තියනවා.කලින් වතාවකත් හසු වෙලා තවමත් වරද නිවැරදි නොකරගත් අයට දඬුවමුත් දෙනවා.

    මේකෙ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා.ළමයාව අඩුපාඩු නැති සම්පූර්ණ මිනිහෙක් කර සමාජයට යවන එක පාසලේ වගකීමක්.පුද්ගලයෙක්ගෙ අභ්‍යන්තර පරිපූර්ණත්වය-එනම් ගුණාංග වර්ධනය වගේම බාහිර ස්වරූපයත් සම්පූර්ණ කළ යුතුයි,මොකද සමාජයට මුලින් පේන්නේ බාහිර ය නිසා.

    නමුත් මේක නිසා ළමුන් ප්‍රසිද්ධියේ අවමානයට ලක්වීම.විශේෂයෙන් වාටිය කැපීමට ලක් වූ සිසුවියන්,කලිසමේ යට සිට කැපුමකට ලක් වූ සිසුවෝ,සපත්තු ගලවා නිරුවත් දෙපයින් පාසල් වේලාවේ ඉන්න්නට නියම කළ සිසුන් එහෙම ලැජ්ජාවට පත් වෙනවා.
    ඒ නිසා ඒ වගේ දඬුවම් කාටවත් නොදී ඉඳීමයි කළ යුත්තේ.
    නමුත් එය වටහා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා ඒ ගුරුහොරුන්ට.

    මන්ද යත් සේද මාවතේ මුතු ඇටයේ අධ්‍යාපන ක්ශේත්‍රයේ පරිපාලනයත්,අධ්‍යාපනයත්,අධ්‍යනයත් යන අංග ත්‍රිත්වයම දූශිත වී ඇති නිසා.
    මේ තත්වය දැකපු මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා 1973 පළ කල ගොදුරුලොබ කෙටි කතා සංග්‍රහයේ "අපටත් දවසක ඉරපායාදෝ" හි අපූරුවට නිරූපණය කර තිබෙනවා

    මම දුලාගේ අඩවියේ™ දුලා.

    ReplyDelete
    Replies
    1. දුප්පත් ළමයි එක්ක මොන විනයක්ද බන් ඇඳුම්වල .. අකුරු ටිකක් උගන්වලා සමාජයේ ජීවත් වෙන්න උගන්වනවා මිසක්..

      Delete
  13. අද කාලේ හැදෙන ළමයිනුත් විනය පිරිහුණ අය. නමුත් එහෙමයි කියල ගුරුවරු එහෙම වෙන එක අනුමත කොරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම උනේ ඇයි කියන් එකයි හොයන්න ඕන..

      Delete
  14. හැමෝම නෙවේ..හුඟක් ගුරුවරු ගුරු වෘත්තියට ගිහින් තියෙන්නෙ ඒකට තියෙන ආසාවෙන් නෙවේ... ජොබක් ඕන හින්දා..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන කොයි රස්සාවත් එකයි.. ඔක්කෝම ජනාධිපතිලා වෙන්නේ යන්නේ..

      Delete
  15. මේ ප්‍රවෘත්තිය මම කියෙව්වා...ළමයෙකුගෙ දුප්පත් කමට මේ විදියට සළකන ගුරුවරු....ගුරුවරුන් කියන තනතුරට කොහොමවත් ගැලපෙන්නෙ නෑ...එක එකාට කොළ බෙදලා පෝස්ටර් ගහලා පත්වීම් ගත්ත උන්ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. මේ වගේ බූරූ වැඩ කරන්නෙත්.. අමාරුවෙන් ඉගෙන ගත්ත දුප්පත් උන්ම තමයි..

      Delete
  16. ඔය කලිසම් ගවුම් ප්‍රශ්නය අලුත් එකක් නෙවෙයි අපි පාසල් යන කාලේ ඕකෙ අනික් පැත්ත එතකොට යං කලිසං මං එන්නං කකුලට කලින් අඩියක් විතර ඉස්සරහින් කලිසම විනය කියන්නේ ඇදුමෙ වත් ඇවිදින විදිහෙ වත් වදින විදිහෙ වත් තියන දෙයක් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ඇඳුමෙන් කොහොමද විනය හදන්නේ.. අනික දුප්පත් දරුවන්ගේ.. පිස්සුනේ..

      Delete
  17. මහජන වැසිකිලියට ගියාම වතුර නොදා ආපහු එන කුනු ගොඩවල් පාරට විසික්කරන අනිකා ගැන නොහිතන සමාජයක් බිහි වුනේ කොහොමද මාතලන් ගොයියෝ?

    ReplyDelete
    Replies
    1. 77 න් පසුසේ බිහි උන ධර්මිෂ්ඪ සමාජයෙන් බං.
      (මාතලන්)

      Delete
    2. ඒ තමයි අපේ අවුරුදු 2500 ක් පරණ මහ ළොකු සඟිස්කුරුතිය..

      Delete
  18. මමත් පත්තරේන් කියෙව්වා සිද්ධිය.. මේ වගේ ගුරුවරු , ගුරුවරු කියන නමටත් කැළලක්...

    ReplyDelete
    Replies
    1. ඇමතියත් පිස්සෙක් ඉන්න කොට මේවා එච්චර ළොකු දේවල් නෙමෙයි..

      Delete
  19. ඒ අහිංසකයාගේ එකම කලිසම හිරට ඇඳගෙන කිය එකට දීපු දඬුවම ම්ලෙච්ඡ සමාජයක්වත් අනුමත කරන්නේ නැහැ. බැරිවෙලා කොට කලිසමක් ඇඳන් ගියානම් කොලුවාගේ ජුන්ඩා කපයි...මොනවද බං ගුරු ආචාර ධර්මවලට වෙලා තියෙන්නේ? ඔය ගුරුවරිය ශුවර් එකටම ගෙදර තියෙන පීඩනය තමයි ඔය පිටකරන්නේ..මුස්පේන්තු සමාජයක්.

    ReplyDelete
    Replies
    1. එදා ඒ නිව්ස් එක දැකපු මටත් ලොකු කලකිරීමක් ආවා ..

      Delete
    2. ගෙදර තිබෙන පීඩනය වගේම ඇතැම් මානසික රෝගත් මේවට බලපානවා.සමහර ගුරුවරු ළමයින්ට කුණුහරපෙන් බණිනවා.තොපේ මහ එවුන් අරක කරන විදියට ඉන්නෙ නැතිව හරියට ඉදපියවු කියල සරඹ වලට එහෙම කියනව.මම කිව්වෙ උදාහරණයක්.මේව පොඩි ළමයින්ට තේරෙන්නෙ නෑ.උන් උඩ බිම බලනවා.මෙහෙම කියන්නෙ එකි දෙකේ ළමයින්ට.
      ගුරු පත්වීම් දෙන්න ඉස්සර මනෝ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන්න ඕන .මේක ප්‍රායෝගික නැතිව ඇති.
      මම කියවල තිබෙනව සුමනදාස සමරසිංහගෙ කාම රෝගද මොකක්ද කියල පොතක්.ඒකෙ තිබුන සමහර ඇල්ගොලොග්නියා රෝගීන් ගුරු පත්වීම්,ආරක්ෂක අංශයේ රැකියා ,බන්ධනාගාර නියාමක වැනි රැකියා කැමැත්තෙන්ම තෝර ගන්නව කියල.

      Delete
    3. එතනින් නොනැවතී, යකා වගේ අය පත් කරන දේශපාලකයින්ගේත්, මනො භාවය පරික්ෂා කරන්න ඕන. උන්ගේ ලිස්ට් එකටත් ගුරු පත්වීම් ලැබෙනවානේ.

      Delete
    4. ඉස්සර වගේ නෙමෙයි මචෝ.. ගුරු වෘත්තිය කියන්නේ, කිසිම පෙර පුහුණුවක්, අධ්‍යාපනයක් නැති.. ඉස්පිරිතාලේ කම්කරු පත්වීම වගේ තනතුරක්.. ඉතින් මෙහෙම පිස්සු හැත්ත එන එක අහන්න දෙයක් නෙමෙයි..

      හොඳ වෙලාවට දරුවා කෙලි කාරයෙක්ගේ දරුවෙක් නොවුනේ..

      Delete
  20. මම එක පාරම බැළුවේ මේකේ නිධාන කතාව මොකද්ද කියලා.. පල්ලෙහා කමෙන්ට් වලින්නේ දැක්කේ..

    දැන් දැන් ගුරුවරු කියන නමටත් අපහාසයක් වෙන තරමේ මිනිස්සු තමයි ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. නුසුදුස්සන්ට පත්වීම් ලැබුනම ඔහොම තමයි..

      Delete
  21. ඒ පට්ට වේසි තව රේඩියෝ එකේ වොයිස් කට් දෙනවා ...බැල්ලි
    ඒක අහල මගේ අර පුෂ්පය විකසිත වෙලා ඉන්නෙ මාතලන් ලොක්ක...

    ReplyDelete
    Replies
    1. ලිංක් එක දාපං කෙන්ජි

      Delete
    2. කබරය තලගොයි කරන මාධ්‍යනෙ.උන් හිතන්නෙ උන්ට කරන්න බැරි දෙයක් නෑ කියල.ඔය වේසිගෙ පුතාල නිතරම පෙනී සිටින්නෙ ඇති හැකි එවුන් වෙනුවෙන්

      Delete
    3. මම අහැව්වෙ නෙත් එෆ් එම එකේ බං

      Delete
    4. ඉතිං ලින්ක් එක දාපංකෝ.

      Delete
    5. ඒ සිද්ධිය වුන දිනට පසු දින උදේ neth fm උදේ නිව්ස් සහ පසුදා ඔය ටීචර් ගේ වොයිස් කට් ඇහැහුන,
      උඹට ටීචර් ගේ පට්ට කතුරු හඩ අහන්න ඕනෑම නම් nethfmradio dot kom ගිහිල්ල ඒ දවසේ නිව්ස් අහපන් බං,තොට පුදුම විසයක් තියෙන්නෙ කතුරැ පට්ටිගේ හඩ අහන්න.
      හඩ අහද්දී ලුස් කලිසමක් ඇදගෙන අහපන්

      Delete
    6. ඩොට් කොම් කියලා මෙහෙම ලියහං බං
      .com

      Delete
    7. මම අජ්ජාපන ඇමති නම් කෙලින්ම ජොබ් එකෙන් දොට්ට..

      Delete
  22. ගුරුවරු විහින්මයි අද ඇදගෙන නාන්නෙ........ඒකිටනම් පරම්පරාවෙ අවුලක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. ඉන්ටවීව් කරපු එකාවත් එලවන්න ඕන...

      Delete
  23. ඔය එදා හිටියාය කියන ගුරුවරුත් මීට වඩා වැඩි වෙනසක් නැහැ... ගුරුවරයාට අදට වඩා වැඩි සිවිල් බලයක් ඒ කාලෙ තිබ්බා, අනික කියන්නෙත් ගුරු පියා, ගුරු මව කියලානෙ. ඉගැන්වීමට වඩා වැඩි දෙයක් කරන්න බලයක් ගුරුවරුන්ට එදා ඉඳලාම තිබ්බා. ඔය දැන් සමාජයේ ඉහල තැන් වල ඉන්න අය, නළු නිළියෝ, ක්‍රීඩකයෝ, උගතුන් වගේ අය සාකච්ඡා වලට එහෙම ආවහම තමන්ගේ අතීතය ගැන කියන කතා පොඩ්ඩක් හිතලා බලන්න. සමහර අය කියන්නේ ගුරුවරුන් දීපු තදබල දඬුවම් තමයි ඔවුන්ව හරි මගට යැව්වේ කියලා (ගුරුවරයා නොවුණත්, අර වෙනී ලියලා තිබ්බේ තාත්තා ඉදලෙන් ගහපු කතාවක්). මේක සමාජය මෑතක් වෙනකම්ම අනුමත කරපු තත්වයක්. බොහෝ වෙලාවට එච්චර උගත්කමක් නැති දෙමව්පියන් තමන්ගේ දරුවාගේ අනාගතේ තනිකරම තියෙන්නේ ගුරුවරුන් අතේ කියන විශ්වාසයෙන්, ගුරුවරයෙක් ළමයෙකුට දෙන දඬුවම් පිළිගත්තා. නමුත් දැන් කාලය වෙනස්, දෙමාපියන් උගත් ඒ වගේම සමාජය ගැන දැනුවත්. නමුත් අපි තාම අර ගුරුවරයාට දීලා තියන සිවිල් බලය පුද පුජා පවත්වනවා වගේ ආරක්ෂා කරනවා.

    අද සමාජයට ගැලපෙන ගුරුවරයාගෙ භූමිකාව මොකක්ද කියන එක ගැන ගුරුවරුන්ට කොහෙන්වත් පුහුණුවක් ලැබෙනවද? ලංකාවේ ඉස්සර තිබ්බ ගුරු විද්‍යාලය තවම තියනවද කියලා මම දන්නේ නෑ. හැබැයි ඒ කාලෙත් ඒක තිබ්බේ ඔය අභ්‍යාසලාභී කියන පත්වීම් වලට. මම ඔය ගැන වැඩිය දන්නේ නෑ, යම්කිසි ක්ෂේත්‍රයකින් අඩුම ලකුණු වලින් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන අය ගුරුවරු වෙනවා කියලා තමයි මම දන්නේ....... මම දන්න තරමින් ලංකාවේ විශ්වවිද්‍යාල වලවත් "ඉගැන්වීම" කියන එක උගන්වන්නේ නෑ. ගුරුවරුන් කියන්නේ වන්දනාමාන ලබන පිරිසක් කියන පරණ ආකල්පය තියනකම්ම මේ වගේ සිදුවීම් වලක්වන්න බැහැ. ඒ තුල ලැබෙන සිවිල් බලය ඔස්සේ මේ වගේ ක්‍රියා සිද්ධවෙන්න තියන ඉඩකඩ වැඩියි. ගුරුවරයා කියන්නේ වෘත්තිකයෙක් කියන පුහුණුව මානසිකත්වය ඇති වෙච්ච දාට මේවා වෙනස් වෙයි.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ ගුරුවරුන් වන්දනාමාන කරන තැනක අද මිනිස්සු ඉන්නවා කියලා. මතකනේ ගුරුවරියෙකුට දන ගහන්ට උණු සිද්ධිය. අනෙක තමා මොනම විශ්වවිද්‍යාලයකවත් 'මනුස්සකම' උගන්නේ නෑ තිසර.

      Delete
    2. සමාජය ප්‍රචන්ඩත්වය අනුමත කිරීම ලෙසයි මමනම් මේක දකින්නෙ.ගුරුවරුන්ගෙ හිංසා නිසාම අධ්‍යාපනය කඩා කප්පල් වුන අය ඕන තරම්.ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා.

      Delete
    3. ඒ කාළේ සිඳු උනා කියලා අද සිඳූවන් දේත් අනුමත කරනවා නම් මොකක්ද දියුණුව කියලා කියන්නේ..

      ගුරුවරයට අද තැනක් නෑ. වෛද්‍යවරයටත් එහෙමයි. ඒවා තවත් රස්සාවක් විතරයි. නමුත් ඔය කිව්වා වගේ පරණ උන් හිතන විදියට හිතන ගොබ්බ සිමයියලා තමයි වැඩි පුර ඉන්නේ.

      එතකොට කරන්න තියෙන්නේ මේ වගේ පිස්සෝ එලවලා දාන එක මිසක්.. ඒවා සාධාරණීකරණය කරන්න යෑම නෙමෙයි..

      Delete
  24. මේ ගුරුවරුන්ට ලමයින් ගැන කිසිම දැනුමක් නැද්ද? හොඳ වෙලාවට ගමේ මිනිස්සු එකතු වෙලා කෑගහලා තියෙන්නේ. නැත්නම් ඉතින් ඉස්කෝලවල වෙන්නෙත් අර අනිත් තැන්වල වෙන දේවල්මයි.
    මිනිස්සු කියන ජාතිය සත්තු වේගන යනවා වගේ. :(

    ReplyDelete
    Replies
    1. මේ දරුවා අනාගතේ මේ ගුරුවරියගෙන් පලි නොගත්තත්. මුළු සමාජයෙන්ම පලි ගන්න ඉඩ තියෙනවා.. එහෙම එකේ මේ වගේ ගොන් ගුරුවරුන් ඉවත් කිරීමයි කල යුත්තේ.. නැතුව ස්ථාම මාරු ලබා දීම නොවෙයි..

      Delete
  25. අපේ සමහර අම්මණ්ඩිලා හිතන් ඉන්නේ උන් නැත්තනං ඉස්කෝල වහන්න වෙනවා කියලා.උන් බඩ පපුව බුරිය පේන්න හිරට ඇඳන් එන ඒවා හොඳයි එතකොට.ගුරුවරියකට සිසුන්ගෙන් තියෙන්නේ බයක් නෙවේ ගෞරවයක් කියන එක තේරෙයි ඒකත් නැති උන දවසට

    ReplyDelete
    Replies
    1. දරුවන්ට දඬුවම් කිරීම නීතියෙන් නවත්වලා තියෙන රටක. මේ වගේ කාළකන්නි ගුරු සේවයෙන් ඉවත් කරන්න ඕන..

      Delete
  26. තොපිට හැකිනං
    දණගස්වන්න
    අපිට කොචොක් දාන්න

    මොන රෙද්දක්ද
    අපිත් එගේන්ස්ට් තමා
    මොකෝ කියන්නේ
    ලමයි ඉස්ටැයික් කරා නේද
    බොලාට ඒවා මතක නැද්ද

    අපි එහෙමයි
    එගේන්ස් නං එගේන්ස්
    මක්කයි කියන්නේ
    දෙනිපිටියේ පැත්තේ
    එන්න ආසාවක්
    තොපිට
    ඇත්තෙම නැද්ද
    වල් මාතලං

    ReplyDelete
    Replies
    1. ඔය මානසිකත්වයේ තමයි ඕකුන් ඉන්නේ.. නමුත් ගුරුවරු කියන්නේ එහෙම පිරිසක් වෙන්න බෑ..

      කවි කොමෙන්ට් එක නම් පංකාදු පහයි...

      Delete
  27. මේ හිංසා වලට ලක්වෙන්නේ කිසිම දෙයක් කර කියා ගන්න බැරි අහිංසකයො.ගැහැණු ළමයින්ගෙ ගවුම් වල වාටි ලෙහෙනවා,කොල්ලන්ගෙ කලිසම් කපනව.ප්‍රශ්නගත කාරණයෙදි ඒ ළමයට තිබිල තියෙන්නෙ එකම කලිසමයි.මාධ්‍ය නිසා මෙහෙමවත් දේවල් හෙළි වෙනවා.මාධ්‍ය නැත්නම් දත් මිටිකාගෙන ඉවසන්නයි වෙන්නෙ.ගුරුවරුන්ගෙ අන්තනෝමතිකත්වයට විසදුමක් නැද්ද?
    මුළු සමාජයේම පිරිහීම තමයි මේ පේන්නෙත්.තමන්ගෙ ටියුෂන් පන්තියට එන්න කියල බල කරල එහෙම එන්නෙ නැති ළැමයින්ට පන්තියෙදි හිරිහැර කරන ගුරුවරු ඉන්නවා.විදුහල්පතිවරු කියන්නෙනම් හොර දෙටුය්වොනෙ.ළමයි ඉස්කෝලවලට දාන්න බැංකු ණය ගන්න දෙමවුපියන්ට සිද්ධ වෙලා තිබෙනවා.

    මේව හැම දාම මේ විදියට වෙනවනම් කරන්න තිබෙන්නෙ එකම දෙයයි.ලොක්කෙක් වෙන එක තමයි.ඒක හැමෝටම කරන්න බෑ.ලොක්කෙක් වුනොත් ප්‍රශ්න නෑ.ලොක්කෙකුගෙ ළමයෙකුගෙ කලිසම් කපන්නෙ නැහැනෙ.ආණමඩුවෙ එහෙම දෙයක් වුනානෙ.ලොක්කෙක් වෙන්න හැමෝටම බෑ.ඒ අය අයුක්තියක් දැක්කම දත්මිටි කන්න පුරුදු වෙන්න ඕන.

    රාජ්‍ය සේවයේ අන්ත පීඩිත කොටස් වන කස්ටම් නිළධාරීන්ගෙ,පරිපාලන නිළධාරීන්ගෙ වැඩි වරප්‍රසාද,දොස්තරවරුන්ගෙ කාර් පාක් කිරීමේ ප්‍රශ්න ගැන පෙනී සිටින්න සුළු ධනේශ්වර ජනතා විමුක්ති පෙරමුනක්වත් තිබෙනවා.
    නමුත් මේ වගෙ සැබෑ පීඩිතයන්ට කාගෙ සරණද?

    ReplyDelete
    Replies
    1. //ධනේශ්වර ජනතා විමුක්ති පෙරමුනක්වත් තිබෙනවා.//
      වෛරී ආකල්ප ජවිපේ මත මුදා හරින ඔබට, තමන් රකින්න කැපවෙන පංතියේ පාලන නායකයින්ගේ තත්වය ගැන බලනවානම්,
      https://www.facebook.com/photo.php?v=438546769584994&set=vb.100002890251321&type=2&theater

      Delete
    2. සැබෑ පීඩිතයා හැමදාමත් අසරණයි. ඔවුන් නැගී සිටිනවා මිසක්. ඔවුන් වෙනුවෙන් නැගී සිටින්න කවුරුත් නෑ..

      Delete
  28. අනේ මන්ද මේවට මොනවා කියන්න ද කියලා. එහෙම නීතියක් තිබුනම කියලා හිතුවත් ඒ වැඩේ හරිම අමානුෂිකයි. ඒ ළමයට තිබ්බ එකම කලිසම ඒක......... මෙවැනි දේ නිසා කෙදිනක හෝ ඒ ළමයා සමාජයට වෛරකරන කෙනෙක් වුනොත් එදාට ඒ දාමරිකය කරන දේ ගැන අපි පොස්ට් ලියයි. හංගපු ආයුධ හොයන්න ගිහින් වෙඩි කාල මලහම අපි සතුටු වෙයි.
    හැබැයි ඒ කතා වලට මුල් වෙන්නෙ මෙවැනි කුඩා සිද්ධි කියලා අපි කවුරුත් එදාට හිතයි ද??????????

    ReplyDelete
    Replies
    1. නෑදෑයෝ කවුරුවත් ඇවිත් නෑ.
      මෙතන හරි පාළුයි..............

      Delete
    2. එකගයි වෙද මහතාණනි....

      Delete
    3. එකගයි වෙද මහතාණනි....

      Delete
    4. ඔය ඉන්නෙ අප්පා. මගේ මිත්තර කාවා සහ අපේ තුන් කට්ටුවේ කෙන්ජි තව ටිකකඉන් මෙතනට එනවා තුන් කට්ටුවේ මාතලනුත් කොහේ පාළුවක් ද යාළුවා....

      Delete
    5. ප්‍රමාදයි. හරිම ප්‍රමාදයි. තේ එක නිවිලා. (කොහොමත් ඇල් වතුරත් නිවලා බොන පොරවල්නේ) දැන් වෙද පප්පේ ඒක ෆ්‍රිජ් එකේ තියලා කූල් ඩ්‍රින්ක් එකක් විදිහට දෙන්න ලෑස්ති කලානම් තමා හොඳ.

      Delete
    6. ඕන් ඔය සුළු දේ තේරුම් ගන්න බැරි ගුරු වෘත්තිකයන් පිරිසකගෙන් රටකට වැඩක් තියෙනවද..?

      ඌ එකොලහේ පන්තියේ එකෙක්.. අපි එකොලහේ ඉඳිද්දි කලා නම් දනී කරන දේ.. සමාජය පරිහානියට පත් කරන්නේ මේ වගේ කාළකන්නි මිසක් වෙන කව්ද...?

      Delete
  29. කොට ගවුම් කේස් එකේදි මට කියන්න තියෙන ඒවා ටික ඔක්කොම වගේ කිව්ව... මෙතනදිත් ප්‍රශ්නෙ දෙපැත්තක් තියෙනව..

    වැරදි වලට අනුමත දඬුවම් තියෙන්න ඕනෙ.. එහෙම නැතුව ආයතනයක් පවත්වාගෙන යන්න බෑනේ.. ඉස්කෝල වලටත් ඒ ආනිසංසෙම තමයි.. හැබැයි දඬුවම් දෙන අය ඒ වගකීම ගන්නත් ඕනෙ.. ඔතන ඔය ගුරුවරියට කල්පනා කරන්න ඔලුවක් නැති වෙන්න ඇති කලිසම කැපුවම අඩුම ගානේ මේ ළමයා පාරෙ බැහලා ගෙදර යන්නෙ කොහොමද කියන එක... ගුරුවරුන්ටත් වඩා ගොඩක් ගුරුවරියො තමයි ගෙවල්වල ප්‍රශ්නත් ළමයින්ගේ පිටින් යවන්නෙ.. ඒක එයාලගේ අධ්‍යාපන මට්ටමේ වැරැද්දක්ද, එහෙමත් නැත්තං මානසික මට්ටමේ වැරැද්දක්ද කියන එක තමයි දැං විසඳන්න වෙන්නෙ...

    අනිත් එක මට පේන විදියට මෙතන මේ ළමයා දුප්පත්ද, අහිංසකද, තාත්තගේ රස්සාව මොකද්ද කියලා හිතල හෝ දැනගෙන නෙවෙයි වගෙයි මේ දඬුවම දීලා තියෙන්නෙ.. තනිකරම ගුරුවරියගේ මානසික මට්ටමේ ප්‍රශ්නයක් වෙන්න ඕනෙ.... එක්කො එයා ඕනෙවට වඩා කේන්ති ගන්න කෙනෙක්.. එහෙම නැත්තං මොකක් හරි මානසික ලෙඩක් තියෙන කෙනෙක්...

    මාධ්‍ය වලින් කතාව එක එක පැති වලට හරෝනව.. ඒක නිසා ඒවත් මහා ලොකුවට ඇත්ත කියලා හිතන එකත් මෝඩකමක් කියලා මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. කලිසම හිරට ඇඳගෙන ආවා කියමු. ඇයි මේ ගුරුවරියට බැරි. මේ දරුවා තමන්ට තියෙන්නේ එක කලිසමයි කියලා කියන කතාව ඇත්තක්ද නැත්තක්ද කියලා හොයලා බලන්න. අනික ගම් වල නෙමෙයි, නගරයෙත් ගොඩක් දරුවන්ට තියෙන්නේ එක ඇඳුමයි.. අපේ ඉස්කෝලෙත් උන්නා එහෙම එක ඇඳුමක් තියෙන ළමයි. එහෙව් එකේ තව මොන කතාද..?

      Delete
    2. යකෝ දිග කලිසම් අඳින කාලේ ටික කාලයක් යනකම් මටත් එකයි තිබුනේ.

      Delete
  30. මේක ටික ටික බරපතල වෙම්න් පවතින කේස් එකක්. මම නං කියන්නෙ “විනය පාසලෙන් හැදීම“ නවත්තන්න කාලෙ හරි. නැත්තං මේවායේ ඉවරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ අදහසක්.. එක්කෝ ඒ පිළිබඳ නිපුනත්වයක් ඇති උන්, මනාපුහුණුවකින් පස්සෙ පත් කරන්න ඕන.. නැත්නම් විනය හැදිල්ල නවත්තන්න ඕන..

      Delete
  31. උඩ කමෙන්ට් කරලා තියෙන ඇනෝ සහ තිසර කියනවා වගේ මේක අලුත් ප්‍රවණතාවයක් නෙවෙයි. මේ භීෂණය සහ හිංසනය අපි ඉස්කෝලෙ යන කාලෙත් තිබ්බා. මම ගිය නාලන්දේ ඒ කාලේ නිල ඇඳුම සම්බන්ධයෙන් තිබ්බ ලිහිල් ප්‍රතිපත්තිය ආනන්දේ ලමයින්ට නොතිබුන බව උදේට ඉස්කෝලේ ඉස්සරහා පාරේ පේව්මන්ට් එක දිගේ පෝලිම් කරලා බෙල් බොටම් වලට ක‍ටු ගහලා හිටපු උන් දැක්කාම අපිට තේරුනා. ගවුම් වාටි ලෙහෙන එක කොළඹ නුවර ඉස්කෝල වල තිබ්බා. වාටි ලෙහීමට අමතරව පත්තර තීරු තියලා ක‍ටු ගහන සීන් එකකුත් තිබ්බා.

    මට ඇතැම් විෂයයන් එපා වෙන්න ගුරුවරුන්ගේ දරදඬු මැර ක්‍රමවේද බලපෑවා.

    ළමයින්ට මෙච්චර නිදහසක් තියෙන, ළමා අයිතිවාසිකම් ගුරු අයිතිවාසිකම්වලට වඩා හුඟක්ම ප්‍රබල මේ රටෙත් ඕනෙ තරම් හරක් වගේ ගුරුවරු ඉන්නවා. ඔය වගේ ශාරීරික දඬුවම් නොදුන්නත්, මානසිකව ළමයින්ව වට්ටන, විෂයය එපා කරවන උන්ගෙන් මගේ දරුවත් ඉගෙන ගෙන තියෙනවා. උන්ට විරුද්ධව පැමිණිළි කලොත් වෙන්නේ දරුවා උන්ගේ ඉලක්කයක් බවට පත් වෙන එකයි. උන්ගේ විතරක් නෙවෙයි, උන්ගේ යාලුවන්ගෙත් ඒ වගේම අලුතින් එන ගුරුවරුන්ගෙත් උදහසට ලක්වෙන ඉලක්කයක් බවට පත් වෙනවා. ඒකට හේතුව පොලිස් කාරයෙකුට ගැහුවොත් ඌ පොලිසියේ හතුරෙක් වෙනවා වගේ, එක ගුරුවරයෙකුට රිද්දුවොත් ඌ මුලු ගුරුසංහතියෙම ගොදුරක්, ඉලක්කයක් බවට පත් වීමයි. ඌව විනාශ කිරීම ගුරු මණ්ඩලෙන් වැඩි දෙනෙකුගේ මිෂන් එකක් බවට පත් වෙනවා.

    ඒ වගේම මේ ප්‍රශ්ණේ අනිත් පැත්තත් අමතක කරන්න එපා. අමෙරිකාවේ යුනිෆෝම් අඳින්නේ නෑ මොකද ඒක පෞද්ගලික නිදහස පිළිබඳ ප්‍රශ්ණයක් නිසා. නමුත් අනිත් බොහොම රටවල යුනිෆෝම් අඳිනවා. යුනිෆෝම් අඳිනවා නම් ඒක ඒවිදියට අඳින්න වෙනවා. හිතලා බලාපල්ලා පොලීසියේ යුනිෆෝම් කලිසම එල්ලගෙන ඇඳලා සෙරෙප්පු දාගෙන ගියොත් ඒක යුනිෆෝම් එකක් වෙනවද කියලා. ඒ වගේම මේ යුනිෆෝම් එකත් නියමාකාරයෙන් අඳිනවද කියලා බලන්න කෙනෙක් පත් කරන්න වෙනවා. හිතලා බලාපල්ලා කොන්ඩේ ටින්ට් කරලා ‍රැවුල වවාගෙන චේන් දාගෙන සෙරෙප්පු ඇඳගෙන ඉස්කෝලෙ යුනිෆෝම් එක එල්ලාගෙන යන එකෙක් දැක්කොත් සමාජය ඒත් බනින්නේ ඉස්කෝලේ පොන්න පරිපාලනයටමයි.
    මෙතන ප්‍රශ්ණේ මේක කරපු ක්‍රමවේදයයි.
    ඕකට තිබ්බේ දවසක් දෙකක් තුනක් කියලා, ඊට පස්සෙ දෙමාපියෝ ගෙන්නලා කියලා, ඒත් හරියන්නේ නැතිනම් තාවකාලිකව පන්ති තහනම් කරලා අන්න ඒ පාරේ ගමන් කරන්න. මොනම හේතුවකටවත් ශාරීරික දඬුවමක් දෙන එකට මම නම් කොන්දේසි විරහිතව විරුද්දයි.

    එහෙම නැතිනම් යුනිෆෝම් එක නැතුව ඕනෙ මගුලක් ඇඳගෙන එන්න පුලුවන් වෙන විදියට නීති සම්බාදනය වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඩූඩ්.......මට To Sir With Love කියන ෆිල්ම් එක මතක් උනා.

      Delete
    2. ඒ කාළේ තිබුනා කියලා දැන් කාළෙත් තියෙනවා කියන මතය මම නම් පිලිගන්නේ නෑ.. එහෙමනම් මොකක්ද කතා කරන දියුණුව. උඹ අන්තීමට කිව්වා වගේ මේ ගැන සොයා බැලීමක් නොකර, දඬූවම් කරපු එක කිසි සේත් අනුමත කරන්න බෑ..

      මේ රටේ සෙරෙප්පු දෙකක් නැතිව ඉස්කෝලේ යන ළමයි මම අනත්වත් දැකලා තියෙනවා.. මුන් මුලින්ම දුෂ්කර සේවයට නොදාපු කාළකන්නිද කොහෙද...?

      Delete
    3. ඒකාලේ තිබුනා මේ කාලෙත් තියෙනවා කියන එකෙන් කරන්නේ වැ‍රැද්ද සාධාරණීකරණය කරන එක නෙවෙයි බං. වැ‍රැද්ද හදාගෙන නැති බවයි.

      Delete
  32. ඇනෝ ඇරියද.... පව්.... ඔයා අපි නැතුව කොරන්නන් කියලා නේද මෙයා හිටියෙ.....

    ReplyDelete
    Replies
    1. එක ගෙයි කෑම නොහොත් ඇනෝ වසා බොග දැමීම. උඔනම් රනිල්ගේ කියාපුම පළුව මාතලං.

      Delete
    2. ඇයි කලේ අගේට.. උඹලා ගැනත් දුක හිතුනා...

      Delete
  33. ඒ ක්‍රියාව ගුරුවරයකුට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.
    දරුවන්ගෙන් පහර කන්නෙත් ඇතැම් විට මෙවැනි ගුරුවරුන් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අනිවා මම නම් කෙලිනවා ආයේ හිරේ ගියත්.. අනික කපන්න දෙන්නේ නෑ කීයටවත්.. මට පේන්නේ මේ ඉස්කෝලේ පිනාත් මේ බැල්ලිට බයද කොහෙද...?

      Delete
  34. ගුරුවරයා ළමයට දඬුවම් කරන්න කලින් ඒ ළමයාගේ පවුල් පසුබිම ගැන දැනගෙන ඉන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේ සඳහා මේ වැදගත් සංවේධී ආශ්චර්යවත් සාටක රජය යෝජනා කරනවා, වාර්ෂිකව රුපියල් 500 ක් ගෙවා අළුත් කළ යුතු ශිෂ්‍ය හැඳුනුම්පතක්.
      හැඳුනුම්පතේ වලංගු කාලය මාස 6 ක් දක්වා කෙටි කර ගැනීමද රජයට අනුව හරි. හේතුව, සමෘද්ධී රුපියල් 1000 ස බැඟන් මාස 6 හෝ අවුරුද්දක් ගත් පසු ඒ පවුල දුප්පත්කම නැතිවන බව රජයේ ලේඛනවල සඳහන්. ඔහුන්ගේ නම් ඊලඟ වසරේ සමෘද්ධිය සඳහා ඇතුලත් නොවී කපා හරින්නේ ඒ බැවිනි.

      Delete
    2. අනිවාර්යයෙන්..

      අනික ඉස්සෙල්ලා තමන් විනය ගරුක වෙලා ඉන්න ඕන.. මේ කරලා තියෙන්නේ විනයානූකූල දෙයක්ද...?

      Delete
  35. අපේ එහෙම කලිසම් කපන්න ආවා නම් සාරිය ඔළුවේ ඔතලා තමා යවන්නේ :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොට මොනව කරන්න බැරිද රජා වුනාම

      Delete
    2. ආ හැලපයියේ, පොරට බැරි දේවල් ද?
      1. පොස්ට් එක කියවන එක.
      2. වැදගත් කොමන්ට් එකක් කරන එක.

      Delete
    3. මම කරන්නෙත් ඒකම තමයි. ඒ අතින් මූ රත්තරන් දරුවෙක්..

      Delete
  36. SHOAK PUKAK NEDA. KAGEDA KAKKA GE WAGE

    ReplyDelete
  37. මන් මේ නිව්ස් එක දැක්කේ නැහැනේ..මොකද්ද වෙලා තියෙන්නේ ...?

    ReplyDelete
    Replies
    1. ඕන් ලින්ක් එකක් දැම්මා.. කොමෙන්ට් එකක.. කියවලම වරෙන්කෝ...

      Delete
  38. හැබැයි එ ලමයට නම් හරි ගියා.අන්න පොලිමෙ කට්ටිය උදවු කරන්න

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නිකන් උදව් කරන්නේ නෑ නේ.. ඒ වගේම අරකිත් ගුරු සේවයෙන් එළවන්න කියන ඉල්ලීමත් කොරන්න ඕනා..

      Delete
  39. ගුරැහොරැන්ට ඇඩෙන්නම ලියලා තියෙනවා.. එළ

    ReplyDelete
    Replies
    1. කොමන්ටුව දැක්කාම තවත් ඇඬෙනවා....... ඉහි ඉහි ඉහි.

      Delete
    2. එහෙම ලිව්වම තමයි තේරෙන්නේ..

      Delete
  40. ඇත්ත ඇත්ත

    නිදහස් අජ්ජාපනේ වඩවා ගනු සඳහා
    කලයුතු එකම දෙය මම දකිනා ලෙසටා
    පාසල අපා කරනා රැල ගෙන්වාලා
    ගුරුකම කරන විදිහ පැහැදීමයි සොඳිනා

    ඒ පහදවා වුවත් නොම කරනා කලට
    පත්වීම දුන් අය සහතික දුන් අයද
    ගෙන්වා එක තැනට සිටුවා පෝලිමට
    බලු රැලක් වෙතින් වැඩ කරවා දෙනු මැනව

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිව හරියන්නේ නෑ වගේ...

      Delete
    2. අපිට කරන්න දෙයක් නැති උනත් මේක තමයි ඇත්ත ගුරුවරයට වඩා ඒ පොරව එතනට දාපු එවුන්ව හම ගහන්න ඕනි.

      Delete
  41. ඉස්සර අපි ඇහුවේ අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා..කියලා..
    අනේ මන්දා...දැන් වෙන දේවල් නම්...?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න