.

.

Feb 26, 2014

ජනාධිපති තුමා විදුලි පුටුවට යාම - President Sits on Electric Chair

 
බස්නාහිරයි, දකුණෙයි, පලා බබාලා තෝරාගන්න, ඡන්ද කොමසාරිස් තුමා ඡන්දයක් කැඳවලාය, එයාගේ හැටි එහෙමය, ප්‍රජාචන්ච්‍රවාදේ රැක ගන්න දිවි හිමියෙන් කැපවෙලා ඉන්න එතුමාට, නියමිත කාළය එනකන් ඉන්න වත් ඉස්පාසුවක් ඇත්තේම නැතිය. අනික හැමදාම ඡන්ද තිබ්බේ නැත්නම් එයාව මිනිස්සුන්ට අමතක වෙන්නත් පුළුවන්ය. ඒ නිසා එයා කල් පිරෙන්නත් කලින්, පලා බබාලා, පාර්ලිමේන්තු, ප්‍රදේශිය බබාලා විසුරුවන්න කියා ගැසට් එක ගහන ආන්ඩුවේ අච්චු කන්තෝරුවට කියනවාය. එතනින් ගැසට් එක ගහපු ගමන් එයා කැමති දිනේක ඡන්දේ තියලා, ටික දවසකට පොරක් වෙනවාය.

එයාගේ නීතී රීති බොහෝම තදය, පෝස්ටර් බැනර් ගහන්න බැරිය, ඒ නිසා එක පෝස්ටර් එකක්වත්, බැනර් එකක්වත් ආසාවට දකින්න නැතිය, රැස්වීම් පෙලපාලි බැරිය. ඒ නිසා, පත බට්ටෝ හදාපු, රතිඤ්ඤා කාරයෝ බෑන්ක්‍රප්ට් වෙලාය. මනාපේ ඉල්ලන උන්, වත්තේ ඇතුලේ ඉඳන්, පාරේ යන අයට හෑන්ඩ් බිල් විතරක් බෙදනවාය. ඒ අවු අස්සේ, වත්කන් බැරකන් ප්‍රකාසෙකුත් දෙන්න ඕනාය. ඒවා ඉන්ලන්ඩ් රෙවනිව් එකට දෙනවාද කියා කියන්න නම් දන්නේ නැතිය.

අනේ ඉතින්.... මෙහෙම වත්කන් බැරකන් නැති උන් හිඟකනවාය. කාලයක් තමන්ගේම බිස්නස් කරාපු, මුලු පවුලම පලා බබාගෙන කාපු එකෙක්, රුපියල් සීයක් හිඟා කනවාය. තව එකෙක් ගාල්ල බස් ඉස්ටෑන්ඩ් එකේ හිඟා කනවාය. හිඟා කන්න බැරි, ලැජ්ජා බයට හැදිච්ච අපි වාගේ රෝල්ස් රොයිස්ලා, මනී එක්ස්චේන්ජ් වලට පනිනවාය.

ඡන්දේ ඉල්ලන උන් මෙහේ ඡන්දෙට මැරුණාට, ආන්ඩුව කැම්පේන් එක ගෙනියන්නේ, ජිනීවා වල තියෙනා එලෙක්සොන් එකකටය. මෙහේ ඡන්දෙට වියදන් කොරන්න තියෙන සල්ලි වලින්, ඉන්ටර්නැසොනල් කැම්පේන් එකක් කොරනවාය. අනේ.... මේ සල්ලි, ඡන්දේ හිඟාකන පක්ෂ විපක්ෂ ඔක්කෝටම බෙදලා දුන්නා නම්, උන්ට හිඟ කන්න, හොරකන්කොරන ඕනා වෙන්නේ නැතිය.

 ඒ කැම්පේන් එක කොරන්නේ විදුලි පුටුවටය, විදුලි පුටුව තියෙන්නේ ජිනීවා වලය. ඒ ඡන්දේ තියෙන්නේ, මාර්තු 28 වනදාය. ඕන් එදාට ඒ නඩුව අහනවාය. මෙහෙන් ගියපු හාල් පාරුවෙක් වගේ ගොඩ පෙරකදෝරුවාට, චූදිතයා බේරගන්න බැරුව යනවාය. ඔක්කෝම කියන්නේ සිමින්ද දුල්වාගේ ලෝයර් ඇරියානම්, නවී පිල්ලෙටයි, බෑන් කී මූන්ටයි විදුලි පුටුවට යන්න වෙයි කියලාය.

නඩුවේ තීන්දුව අනුව, රට වෙනුවෙන් විදුලි පුටුවට කැමැත්තෙන්ම යන්න ඉදිරිපත් උන, ජනාධිපති තුමායි. හමුදාවේ සොල්දාදුවන් වෙනුවෙන් ඉදිරිපත් උන, ජෙනරාල් උන්නෑහෙයි. ජනාධිපති තුමා වෙනුවට ඉදිරිපත් උන, අපේ ගරු විපක්ෂ නායක තුමායි, තුන්දෙනාම, පුටුවේ තියන්න තියා තීරණය කොරන්වාය.

අම්මට සිරි ලංකාවේ, විදුලි පුටු තියා එල්ලුම් ගහක් වත් නැති නිසාත්, අනික මෙහේ කරන්ට් එක ගැන එච්චර විශ්වාසයක් නැති නිසාත්, පුටුවේ සෝ එක, ජිනීවා වලම තියන්න කියා, නිසේද බලය හිමි චීනය ගෙනෙනා යෝජනාව, ඒකඡ්චන්දයෙන් සම්මත වෙනවාය. ජනාධිපති තුමා වෙනුවෙන් පවුලේ අයට වෙනම ප්ලේන් එකක්ද, මැති ඇමතිවරුන් හා මැඩම්ලාට වෙනම ප්ලේන් එකක්ද, ඒ ප්ලේන් එකේම ජනරාල් හා ජයන්ත කැටගොඩද, විපක්ෂ නායක තුමා හා මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියද ජිනීවා බලා පිටත්ව යනවාය.

මේක මාර සෝ එකක් නිසා, CNN, BBC, Al-Jazeera, CCTV, FOX, Sky, DTV, Channel 4 වාගේ, ඔක්කෝම විදේශීය ටැලිවිසොන් චැනල්ද, රනිල් ඉන්දන කොටස පමණක්, බ්‍රේකින් නිව්ස් එකක් ලෙස දීමට සිරසද, විශාල මුදලක් ගෙවා විකාසොන අයිතිය ලබා ගන්නවාය. ඒ ඇරෙන්න මුළු ළෝකේම ජනමාද්දිය වේදියෝද, ළෝකෙන් උතුන්ම රටේ ප්‍රවීණ ජඩ මාද්දියවේදීයෝද, NGO කාරයෝද, අරුන්ද මුන්ද නහුතයක් උන් පිරිලා ඉන්නවාය.

ඉස්සෙල්ලාම පුටුවේ ඉන්දුවේ, ජනාධිපති තුමාය, ඔහේ කැමති දෙයක් තියෙනවානම් ඉල්ලන්න කිව්වාම, එතුමා කිව්වේ මගේ මැජික් බෝලේ අතට දෙන්න කියාය. ඒ පාර අත් අඩංගුවේ තිබුන බෝලේ දීලා අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවාද කියා ඇසුවාම ජනාධිපතිතුමා කිව්වේ, අවුරුදු 2500 ක් තිස්සේ රැකගෙන ආපු අපේ ශ්‍රේෂ්ඨ ජාතියට එරෙහිව, ත්‍රස්තවාදය විසින් ගෙනා ප්‍රචන්ඩත්වය, ප්‍රජාචන්ච්‍රවාදී ලෙස එකම සිවිල් වැසියකුටවත් හානි නොවන පරිදි නිමා කල මා.....,

සිරි මහා බෝධියේ බලයෙන්ද, දලදා වහන්සේගේ බලයෙන්ද, කතරගම කිරි වෙහෙරේ බලයෙන්ද,
මුන්නේස්වරම් දේවාලේ බලයෙන්ද, මර්වින් සිල්වාගේ විශ්ණු දේවාලේ බලයෙන්ද, ඊට මතරව තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ බලයෙන්ද, අපේ රටේ බුද්ධිමත් ජනතාව, හෙට (March 29) දින මාගේ යුධ ජයග්‍රහනය තහවුරු කරනා බලයෙන්ද, මා මේ අසාධාරන තීරණයෙන් බේරා ගන්නාවා ඇත කියලාය.

එසේ කියා නිමවෙනවාමත් සමගම මානව හිමිකම් කොමිසම් සබාවේ අළුගෝසුවා සුවිච් එක එබුවේය. සම හරක් කට ඇරෙගෙන බලා සිටී අතර, මෙතුවක් කල් එතුමාගෙන් ඇති වෙන්න හම්බකරගත් උන්ගෙන් සමහර උන් ඇස් වසා ගත්තේය. ඒත් ආසීයාවේ ආශ්චර්යයක් නිසාමදෝ, ජනාධිපතිතුමා ආතල් එකේ බෝලේ මිරික මිරිකා පුටුවේ හිනාවෙවි උන්නේය.

ලයිව් බලන්න ඇවිත් උන් පිල්ලෙලාගේ, කැමරන්ලාගේ, ඔබා මාමාලාගේ මූණු බෙරි වෙලා ගියේය. කැමරන් ඇහුවේ, ආයෙත් තියන්න බැරිද කියලාය, පිල්ලේ කිව්වේ, ඒක මානව හිමිකම් කොමිසන් සභාවේ මානව හිමිකම් කැඩීමක් කියලාය. මානව හිමිකම් ප්‍රග්නප්තියක්ද මොකක්ද එක යටතේ ජනාධිපති තුමා නිදහස් වුනේය. ඊලඟට තිබුනේ ජනරාල තුමා ඉන්දවන එකය.

අවසාන වශයෙන් අවශ්‍ය මොනවාදයි ඇසූ විට, ජනරාල් කීවේ, මගේ දකුණු අත පමණක් රිලීස් කරනා ලෙසය. කියන්න තියෙන්නේ මොනවාදයි ඇසූ විට කිව්වේ ,එකෙක් හරි සුදු කොඩියක් හරි අරගෙන ආවානම්, මේ දේ සිද්ද වෙන්නේ නැති බවත්, ඉවත් කල යුතු එකෙක් වෙතොත්, ඒකා ඉවත් කළ යුතු බවත් කියා, ජිනීවා එකේ ඔක්කෝම දෙස බලා උණහපුලුවා....., කලවැද්දා...., මුගටියා.... ආදි වශයෙන්, සතුන් රාශියකගේ නම් කියා, අවසාන වශයෙන් කීවේ,

අර වගේ ස්වීච් එකක් හරියට දාගන්න බැරි එකෙක්, මම නම් ආයේ තියා ගන්නේ නෑ, මරණ දහයකින් බේරුන මම මැරෙන්න බය නෑ යකෝ..කියා, දකුණු අත ඔසවා දඹර ඇඟිල්ලෙනුයි මැද ඇඟිල්ලෙනුයි ඉන්ගිරිසි "වී" (V) අකුර පෙන්නුවේය. එහෙම කී කතාවට මලේ හොඳම එක පැන්න අළුගෝසුවා, සුවිච් එක එබුවත් ජනරාලට මෙළෝ දෙයක් උනේ නැති අතර, ජනාධිපති තුමා ළඟ උන්න මර්වින් සිල්වාට කිව්වේ, මූ නම්  ආයේ හිරේ දාලත් මරන්න බෑ ඕයි කියාය.

ඊළඟට හිනා වෙවී ආ රනිල්ගෙන් ඇහුවේ, අවසාන වශයෙන් අවශ්‍ය මොනවාද කියලාය. මේ තීන්දුව ගැන අවුලක් තියෙන නිසා, මට ජිනීවා එකේ ව්‍යවස්ථාවේ පිටපතක් ගෙනත් දෙන්න කිව්වාම, ගෙනත් දීපූ අතරේ, ඒ දිහා බල බලා උන් රනිල්ගෙන් ඇහුවේ, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවාද කියාය. මම මේ පොත ඉල්ල ගත්තෙත්, මේ ගිවිසුමට අපි අත්සන් කලේ නෑ. එහෙම එකේ කොහොමද කෙනෙක් පුටුවේ තියන්නේ, අනික ලැටීමා එකෙනුත් මෙහෙම එකක් පාස් කරලා නෑ, ජිනීවා කියන්නේ මානව හිමිකම් රකින රටක්, එහෙම රටක මෙහෙම දෙයක් කරන එක ඒ රටේ ව්‍යවස්ථාව අනුවත් විශාල වරදක්.......

අනික අයිෂේ... මම මෙච්චර වෙලා, ඔයාලගේ ගොන් කම් බලාගෙන හිටියේ, ඔය දාන සුවිච් එකට කනෙක් වෙලා තියෙන ට්‍රිප් සුවිච් එක, ඕෆ් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔන් කරන්නෙ නැතිව කොහෙද අයිසේ පුටුවට කරන්ට් එක එන්නේ.... කියා ඔළුව වනා, සැමෝ දෙසම බලා, සිනාවක් පෑවේය..කලබලයෙන් මේන් සුවිච් බෝඩ් එක ළඟට දුව ගොස්, ට්‍රිප් සුවිච් එක, ඔන් මෝඩ් එකට දැමු අළුගෝසුවා, විදුලි පුටුවේ සුවිච් එකත් ඔබලා දැම්මේය.

91 comments:

  1. මොනවා නැතත් රනිල්ගේ කොටස හරි...ඇදගෙන නාන්නේ...

    ReplyDelete
    Replies
    1. රනිල් ඇදගෙන නාන්නේ නෑ. රනිල් වගේ නායකයෙක් තමයි කාන්තාවගේ පැත්තෙන් බලනකොට රටට අවශ්‍ය.

      Delete
    2. රනිල් නෙමෙයි ජේ ආර් පප්පත් ඔහොමමයි.. ඒත් ජේ ආර් පප්පට පට්ට ටීම් එකක් උන්නා..

      Delete
  2. main objective of the election - UPFA to get the majority
    What did was their slogan for last few elections - Show ur gratitude to the president the savior of the nation for ending the war
    Why they cant use it anymore - it has been used many times and kind of less effective as the war has ended sometime back
    What can they use to fool the idiotic people - what else show ur gratitude,
    Can they put it in the same form they put before -- no, they must make the kabaragoya look like thalagoya
    So what are they doing - President who was the savior of the nation is now dragged to the electric chair by the powerful nations ,please show u r gratitude by voting for slpa,
    The truth - MR is a very talented politician who can turn anything to his advantage
    And frankly i dont see any immediate threat to the regime
    But the immediate threat of geneva is there for the people,, if they impose sanctions, we will be the one's who will suffer, and still the regime will be in power enjoying all the luxuries

    ReplyDelete
    Replies
    1. ඊයේ නම් මළ පනින්නම උත්තර දීලා තිබුනා. ගේම බලන්න වෙන්නේ 28. ඇත්ත සම්බාධක දැම්මොත් කන්න වෙන්නේ අපිට. මොකෝ මහ උන්ට කිසි අවුලක් නෑ නේ. ජහ මනයට හොම්බෙන්ම යන්න වෙයි.

      Delete
  3. හෙහ්..හෙහ්..ඇත්ත කතා කරන රනිල් ලොක්කට වෙන්නෙම ඔය වගේ වැඩය .

    ReplyDelete
    Replies
    1. රනිල් වෙනුවෙන් කතා කරන්නවත් එකෙක් යූ ඇන් පීයේ නෑ.. ඉතින් හත්පොලේ ගාගෙන නානවා..

      Delete
  4. හ්ම්ම් , ඒත් මේ අවුරුද්දෙත් ඔය විදුලි පුටුව මකුළුදැල් බැඳී බැඳීම තියේවි.
    මෙන්න සුපිරි චාන්ස් එකක් පොඩි කාලෙට ආයෙත් යන්න........

    ReplyDelete
    Replies
    1. කොහොමත් මකුළු දැල් බැඳිච්ච විදුලි පුටුවක් ගැන තමා ඔය කෑ ගහන්නේ..

      Delete
  5. රනිල් ලොක්කා ඔය විදියට විදුලි පුටුවේ කරකුට්ටන් උනොත් මහින්ද ලොක්කාට කෙලවෙනවාය..
    29 වෙනිදා අපේ බස්නාහිරයි දකුනෙයි ඈයෝ ටික උදෙන්ම පොලිමේ ගොස් අලියා කතිරේ ගහනවා ශුවර්ය..
    මහින්ද ලොක්කා ඒ තරම් මෝඩ නැත.. කෙසේවත් රනිල් ලොක්කා ඔය ගමන එක්ක යන්නේ නැත. ඕනෑමනම් ජොන් ගොයියා එක්ක ගිහිං විදුලි පුටුව පෙන්නනවාය. රනිල් ලොක්කා ලංකාවේ ඉදං අරටික කියවනවාය... නයි.ටී.ඇන්. එකෙනුයි අනෙකුත් ඒවායිනුයි රනිල් ලොක්කා පතුරු ගහනවාය...
    පහුවදා උදේ බස්නාහිරත් දකුණත් හයෙන් පහකින් මහින්ද ලොක්කා ගොඩය..
    (ජිනීවා නාටකයේ තවත් කොටසක් ඒ ලෙස අවසන් වනවාය-- ඊ ලග කොටස තවත් රසවත්)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම කැමති අර ඊළඟ කොටස තවත් රසවත් කෑල්ලට..

      Delete
  6. මර්සිඩීස්බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, ලැන්ඩ්රෝවර්, මොන්ටෙරෝ වල කෝමත් Electric Seats නේ බං තියෙන්නේ. ඕක ගානක් නෑ..

    ReplyDelete
    Replies
    1. අම්මපා.... මට ඒක අමතක උනා නේ බන්

      Delete
  7. සැබෑ ප්‍රශ්න අමතක කරන්න එපා,

    එනම් ලංකාවේ යුධ අපරාධ සිදුවුණිද, එසේනම් ඒවාට ගන්නා ක්‍රියා මර්ගය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මුකුත් නැ ඔයි .........ඔච්චරයි

      Delete
    2. සිදු‍වෙන්න ඇති! නමුත් යුද්‍ධයට පස්‍‍සෙ සිදුවන අපරාධ වල බලපෑම වැඩියි

      Delete
    3. සැබෑ ප්‍රශ්න - හලාල්, අන්යාගමිකකරණය, හරක්මස්, නිලියන් සුදුසුද නෑද්ද, ෆේස් බූක්

      Delete
    4. කාලකන්නි අවලමා!! උඹ වගේ උන් නිසා තමයි මේ බ්ලොග් අවකාශය ගඳ ගසන්නේ.

      Delete
    5. ඒ යුද අපරාධ අස්සේ ස්ත්‍රී දූෂණ වෙලා තියෙනවනම් ඒවත් හොයන්න කියලයි මම කියන්නේ.

      Delete
    6. අමතක වෙන එක නවත්තන්න නේන්නම් ජිනීවා වලයි, මෙහෙයි චන්ද තිය තියා හැම දාම මතක් කරලා දෙන්නේ..

      Delete
  8. මොනව උනත් මාතලන් සෑර්ට හම්බවෙන කාටුන් ටිකනම් මරු.
    අර රත්තරං බෝලෙ කියන්නෙ මොන කෙහෙම්මලක්ද කියා මේ නොදන්නා පොඩි උන්ට කියලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමි.

    තවද ලොක්කාට මේ තරම් උදවු දෙන ජිනිවා එකේ සිතියමට ඔහු උදේ හවා දුම් අල්ලා මල් පුදා යාතිකා කළ යුතුය.යුතුකම් දන්නා අය එහෙමය

    ReplyDelete
    Replies
    1. ජනාධිපති මාමාගේ අත පොඩ්ඩක් සූම් කරලා බැලුවනම් ඔයාටම පෙනෙයි. ෆෙන්ෂුයි අටමගලක් හරි වෂියක් හරි එහෙම මොකක් හරි වෙන්න ඕන.

      Delete
    2. එහෙමෙයි? :o මාරයිනෙ

      Delete
    3. ඒකද දන්නෑ කට්ටිය බැනල බැනල බැනල ඡන්ච පොළට ගියාම කතිරෙ ගහල එන්නෙ. :o

      Delete
    4. ඔය බෝලය කොරියන් එකක් කියල සම හරක් කියනවා .

      Delete
    5. Kenji, Nipponese බෝල හොද නෑද්ද?

      Delete
    6. උඹට උත්තරේ හම්බ උනානේ...

      Delete
  9. මාළුවත් නහින්නේ කට හින්දළු...පව් අහිංතක හුලතල් සනිල්

    ReplyDelete
    Replies
    1. රනිල් ගොළුවෙක් උනා නම් මීට කලින් බලයට ඇවිල්ලා...

      Delete
  10. බොරු නෙමේ මාතලන්තුමෝ රටට හරි යන්නනම් ඔය කියලා තියෙන සෙට් එකම විදුලි පුටුවේ හරි මොකේ හරි ඉන්දවන්නම ඕනේ.අම්මපා ඔව්.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++

      Delete
    2. කරුමේ කියන්නේ.... එහෙම පුටුවක් නැති එකනේ බන්....

      Delete
  11. අන්තිම කෑල්ලනම් වෙන එකක් නෑ. ලොක්කා ටක් ගාලා නායකත්ව මන්ඩලයේ සභාපතිට දෙයි විපක්ශ නායක කම. එක මිනිහෙකුට දෙවරක් සියදිවි නසා ගත හැකි බව එවිට ඔප්පු වේවි

    ReplyDelete
    Replies
    1. ඒ යකා නම් ජීවත් උනත් මළ එකෙක් වගේ නේ බන්

      Delete
  12. ‍මේක දැක්‍කොත් වැඩි‍යෙන්ම හිනා‍වෙන්‍නෙ අර සජිත් බබා. ‍කො‍හොම උනත් මාතලන් රනිල් උන්නැ‍හේට කැමති ‍නෙව. උන්නැ‍හේ මැරුනත් ටිකක් ගාම්භීර විදියටයි. ‍මේක මම ලිව්වනං අන්තිමට ‍වෙන්‍‍නෙ ‍මේකයි.
    අන්තිම කැමැත්ත විදියට රනිල් ‍ලොක්ක තමන්‍‍ගෙ විපක්ෂ නායක පුටුවට විදුලිය සම්බන්ධ කරන්න කියල ඉල්ලනව. තමනුත් එක්ක පක්‍ෂෙත් අවසන් ගමන් යන විදියට.

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම විපක්ෂ නායකත් විදුලි පුටුවට යනව කියල දන්නවනං .....
      රනිල් නායකත්ව මණ්ඩලයට කියල සජිත්ව විපක්ෂ නායක කරල ජිනීවා නොයවයිද..මචං ..?

      Delete
    2. @ Kenji
      //ෂුවර් එකටම විපක්ෂ නායකත් විදුලි පුටුවට යනව කියල දන්නවනං .....
      රනිල් නායකත්ව මණ්ඩලයට කියල සජිත්ව විපක්ෂ නායක කරල ජිනීවා නොයවයිද..මචං ..?//

      අනිවා මචෝ... සජිතයත් අමු මැට්ටා හින්ද පැනලම යයි ජිනීවා.

      Delete
    3. හැහ්... හැහ්.... උඹලට ඕන අර ගොන් බාස් මේකේ ළොක්කා කරන්න නේ.. ඒකට නම් රනිල් මැරෙන්නම වෙනවා..

      Delete
  13. ඇත්තටම ගෙනිච්චොත් ට්‍රිප් ස්විච් එහෙම චෙක් කරලා ටෙස්ටරේකිනුත් චෙක් කරලා ඕන පුටුවට නග්ගන්න

    ReplyDelete
    Replies
    1. ඒත් විමල් ගිහින් ප්ලග් එක ගලවලා දාවී

      Delete
  14. හැමදාමවගෙ රනිල් ගොයිය ඉල්ලගෙන කාල

    ReplyDelete
    Replies
    1. සදා සොත්තී බවන්තුතේ....

      Delete
  15. ඇත්තටම අපේ රටේ චන්ද කොමසාරිස් කෙනෙක් ඉන්නවද?

    රනිල් නහින්නෙ කට නිසා කියලා කියන්නෙ කට කහනවටයෑ.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ බන්... ආතතියද මොකක්ද ලෙඩේ හොඳටම හැදිච්ච එකෙක්...

      Delete
  16. රනිල් කොහොමත් ඇදගෙන නාන්න දෙයියා . හැබැයි මහින්ද පුටුවේ ඉන්න වෙලාවේ රනිල්ගෙන් දැන් මොකද කරන්නේ කියලා ඇහුවොත් මිනිහා ඔය ටික කියන්නේ නැත. මොකද රනිල් කොහොමත් මහින්දව බේරගන්න නිසාය .

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පෝසුටුවට අදාල දෙයක් නෙමෙයි මේ...ඉවාන් පවුලුශා..ඔයාගෙ බ්ලොග් එක මාව බ්ලොක් කරල..."පර්මිෂන් ඩිනයිඩ්" ඇයි දන්නෙ නෑ..?

      Delete
    2. දැන් කෝපී බොන්න නොගියට.. දෙන්න ඉතින්... රයිගමයි ගම්පලයි වගේ තමයි...

      Delete
  17. වැඩක් නෑ රනිල් හැදිලා තියෙන්නේ බැණුම් අහලා අහලා, අපහාස විඳලා විඳලා, හොඳට තෙම්පරාදු වෙලා නිසා, එයාගේ ඇඟ පරිවාරකයක් non conductor වෙලාය. ඉතින් සුවිච් එක දමා ඔක්කොම බලා හිටියත් රනිල් තවම වගේ වගක් නැතුව පොත කියවනවාය. ඔහොමය මෙහෙමය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙන්නේ ඒක තමයි... ඕන නම් කෙස් ගස් තව ටිකක් කෙලින් වෙයි...

      Delete
  18. ඊට පස්සෙ ඔය සීන් එක අපේ අය්යලාට නයිටීඑන් අරූපවාහිනි වල පෙන්නනවාය. එනකොට බිමට බැහැලා පොලොවත් ඉඹිනවාය උන්නැහේ ඊලඟපාරත් දිනනවාය..

    ReplyDelete
    Replies
    1. ලොක්කා පොලොව ඉඹිනවාය.. අපි ළොක්කා ඉඹිනවාය..

      Delete
  19. රනිල් ඉතින් හැමදාම කෙලකරගන්නවනේ ඔයවගේ කතා කියල.මතකනේ එකපාරක් මෝඩ් ගොවියෙක් හදන්න හැදුව.අදහස් සුපිරිය් නමුත් කතාව අවුල්.මම මේ බ්ලොග්වලට අලුත් හැබයි, මම පරණ බ්ලොග් ටිකක් කියෙව්වා.සිංහල බ්ලොග්වල ලොක්කෙක් නිසා මම මාතලන් අයියගෙන් අහන්න හිටියේ අර silentsahan කියන පොරට මොකද උනේ කියල.මම අසාවෙන් කියෙව්වා පොරගේ පොස්ට්,දැන් පේන්නවත් නැ.

    ReplyDelete
    Replies
    1. මම ලොක්කෙක්නම් නෙමෙයි...
      ඌත් ඇදගෙන නෑවා..
      අපේම් උන් ඌව මරාගෙන කෑවා....

      Delete
  20. Replies
    1. මොකෑ බන් උඹ ලියන්නේ නැත්තේ...

      Delete
  21. අනේ අපේ විපස්ස නායකට පාඩුවේ ඉන්න දීපන්කො දුෂ්ට මාතලන්

    ReplyDelete
    Replies
    1. එතුමා වෙනුවෙන් හඬක් නගන්නා බ්ලොග් ළෝකේ ඉන්න එකම එකාත් මාතලන් තමයි...

      Delete
  22. හොරොව්පතාන මොරකෑව සුව උදාන ගම්මානයේ ඒ රංජනී කුමාරී නම් පාසල් සිසුවියට භූත දෝශයක් වැළඳී ඇති බව කියා ගුරුකම් කරන්නෙකු විසින් යකා එළවා දැමීම පිණිස​ යකඩ බටයක් රත් පැහැවන තුරු රත් කර ඇයගේ යටි පතුල් පුළුස්සා ඇත. විසි එක්වන සියවස උදාවී තිබුනද ලාංකිකයා තවම ජීවත් වන්නේ අන්ධ කාරය සමග බව මේ පුවත සනාත කරයි. අප්‍රිකාවේ සමහර ප්‍රදේශ වල ජීවත් වන නොදියුණු නූගත් වනචාරී ගෝත්‍රිකයන් සහ ගම් වල ජීවත් වන අපගේ ග්‍රාමීය ජනතාව අතර වැඩි වෙනසක් නොමැත​. මීට හේතුව කුමක්ද.? අපගේ ප්‍රධාන පුවත් පත් වන සිළුමිණ, ලක්බිම​, දිවයින , මව්බිම වැනි පුවත් පත් අරගෙන බලන්න​. මේ පුවත් පත් වල
    නිතිපතා මිත්‍යාව ගුරුකම් ප්‍රවර්ධනය කරති. ජනතාව මෝහ අන්ධකාරයෙන් මුදා ගැනීම වෙනුවට මෙම පුවත් පත් වල ලියන්නන් කරන්නේ මෝහ අන්ධකාරය වඩ වඩාත් සමාජය තුලට කාවැද්දීමයි. මෙම කා වැද්දීම කරන්නේද සාවද්‍ය ලෙස බුදු දහමද පටලවමිනි.
    මේ මිත්‍යාව ආරම්හවන්නේ ඉහලිනි. ජනාධිපතිවරයා එලියන්ත වයිට් නම් මිත්‍යාව සහ වංචාව යොදාගෙන ප්‍රතිකාර කරන හොර වෙදා ප්‍රවර්ධනය කරයි. නැණස පෑදිය යුතු විශ්ව විද්‍යාල හරහා නලීන් ද සිල්වා මිත්‍යාව ප්‍රවර්ධනය කරයි. එම නිසා ඉහල සිට පහලට අපගේ සමාජය තුල මිත්‍යාව ගලාගෙන යයි. මිත්‍යාව සමාජගත කිරීම හරහා ජනතාව මීහරකුන් ලෙස පාලනය කිරීමට පාලකයන්ට හැකියාව ලැබෙයි. පුවත පත් හරහා ගුරුකම්, විශ්ව බලය යනාදී ප්‍රලාප මගින් සමාජය නූගත් කිරීමද එක්තරා ආකාරයක Psy Op වේ. එකක් වේ. එය ඉතා හොඳින් සිළුමිණ, ලක්බිම​, දිවයින, මව්බිම වැනි පුවත් පත් කරති. මෙවැනි නූගත් මෝහයෙන් වැසී ගිය සමාජයක් දේශපාලකයන්ට ආශිර්වාදයකි.

    ReplyDelete
    Replies
    1. අදාල කට්ටඩි තක්කඩියා 'ඉංග්‍රීසි භාෂා ගුරු උපදේශක'වරයෙක් නේද ඇනෝ??

      චන්ද දිනා ගන්න ඇට මි‍රිකන (මැජික් බෝලය බොලවු) නායකයෙක් ඉන්න රටක මහා ජනයා ගැන කවර කතාද? :(

      Delete
    2. අදාල ලිපියේ මේ පහත කොටසද තිබේ!

      මේ විපරීතය ගැන W3 Lanka මෙසේ කියයි. රට පුරා භූත ආතුරයෝය. කොඩිවින කපන්නෝය. නැකැත්කරුවෝය. ගස් ගල් වඳින්නෝය. නිදන් හාරන්නෝය. පිටසක්වල ජීවියෝය. අද්භූත ආලෝක ධාරාය.ලෝක විනාශ, භූමිකම්පා, සුනාමි ආදිය ගැන පේන කියන්නෝය. එදා වේල පිණිස මේ පිස්සන් පසුපස යන මාධ්‍යකාරයෝය. දවස තිස්සේම මේ ගැන බණ කියන්නෝය. බණ අහමින්ම ධනය පොදි බැඳීමට මුල් තැන දෙන්නෝය. සමස්ථයක් ලෙස ලංකාවේ සිදු වී ඇත්තේ මිථ්‍යාව හා ධනකාමය දහම කරගත් අතාර්කික, දෙබිඩි, නොමිනිස් ජීවී පරපුරක වාසස්ථානයක් බවට පත්වීමයි.

      අමිල ගුණරත්න

      http://sinhala.lankanewsweb.net/news/11475-26-02-2014

      Delete
    3. ඒ කතාව නම් ඇත්ත.සිංහල පත්තර හැම එකක්ම මහ පුදුම විදියට මිත්‍යාව ප්‍රවර්ධනය කරනව.හැබැයි මවුබිම පත්තරේ ඒක කරන විදියට හිනා යනව.මේ ලඟදි තිබ්බ රතු ඇස් තියන මොකෙක්ද සතෙකුට පුළුවන්ලු අපල දුරු කරන්න.තමන්ගෙ සහෝදර ජනතාව රවට්ටන්න මෙහෙම බොරු ලියන එක පවක් නොවේද?

      Delete
    4. ඒ රත් වූ යකඩයෙන්ම, කට්ටඩියාට ආරූඩවූ යක්ෂයා එලවන්නත් භාවිතා කළානම්....

      Delete
    5. එවන් කාළකන්නින් සමාජයෙන් ඉවත් කල යුතුයි...

      Delete
  23. තුන්දෙනාම එක සැරේ ඉදගන්න බෙන්ච් එකක් වගේ එකක් දාලා, සක්කරයගේ හොට් ප්ලේට් චෙයාර් එක ඇම්පියර් 20න් විතර දීලා මොකුත් කරගන්න බැරි වෙයිද මහාචාර්‍යතුමා...

    ReplyDelete
    Replies
    1. එතකොට මෙහේ බලාගන්නේ උඹද.... මමද...?

      Delete
  24. අපිට අපේ නොවන අපේම විදුලි පුටුවක් තිබුනා.....

    ReplyDelete
    Replies
    1. හොඳම කොමෙන්ට් එක් බන්...

      මෙතන සැඟ උන ළොකු කතාවක් තියෙනවා...

      Delete
  25. හෆොයි සනිල් මාම බල්ලන්ම කෑව නේහ්......
    ඇයි මාගත ඔයාට නිකමට හරි හිතෙන්නෙ නැද්ද මේ ජිනීවා කේස් එකත් ඉල්ලං කෑමක්ය කියල.....?

    ReplyDelete
    Replies
    1. ඉල්ලන් කෑම කෙසේ වෙතත්. මට නම් කියන්න තියෙන්නේ .... මේක නියම ඉල්ලමක් කියලා තමයි...

      Delete
  26. මෙහෙම වෙයිද දන්නෙත් නෑ.අර එක කතන්දරේක තිබ්බ වාගෙ සිංහය ලෙඩ වුන වෙලාවෙ නරියයි කපුටයි දෙන්නම අපේ මස් කන්න කිව්වලු.සිංහය ඒ දෙන්නගෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කලාලු.ඊට පස්සෙ මේක බලන් හිටපු ඔටුව කිව්වලු එහෙමනම් මගෙ මස් කන්න කියල.ඒ වචන පිටවෙනවාත් එක්කම ඔටුවගෙ පිටට පැනල මරුවලු.ඒ වගෙ රනිල් ලොක්ක විදිලිය වගෙ කියනවනම් පුටුවෙ වාඩි වෙන්න ආසයි කියල .බලවත් ජාතීන් තීරනය කරාවි රනිල් ලොක්කව වාඩි කරන්න.හැබැයි වාඩිකලාට පස්සෙ කරන්ට් එක යන එකයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි කමක් නෑ... දැන් අර දයාන් ජයතිලක කියන කතා බැලුවාම...

      Delete
  27. මුලින්ම පුටුවෙන් බේරුනු මහින්ද මාමා හෙමී....න් ගොස් මේන් ලයින් එක ඕෆ් කරනවාය. ඊට පස්සෙ සේරෝම ආපහු මෙහෙ ඇවිත් අහිංසක අපිට සෝ එක දිගටම පෙන්නනවාය.. ඒක සමරන්නට කෝටි බර ගාණක් වැය කර උස්සවයක් ද තියනවාය. :)

    ReplyDelete
    Replies
    1. අම්මපා ජිනීවා ඩේ කියලා ඩේ එකක් නම් කරන්න කියලා යෝජනවාක් ගෙන්නේ නෑ නේ එකෙක් වත්...

      Delete
  28. උගත් විපස්ස නායක තුමා කට හින්දා නහිනවා නේන්නම් හැමදාම...ඔය සීන් එක ලයිව් බලන්න එන ඔබාමා ගෑනු එක්ක පොටෝ ගද්දී මිෂෙල් ඔරවන ඒවත් මෙහෙදි වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. එව්වා නම් හරියටම කියන්න අමාරුයි... ඒත් ඔබාමගේ මූණ නම් අප්ෂට් යන එක නම් ෂුවර්...

      Delete
  29. වාව් අෆ්ෆා හැමදාම ඉල්ලන් කන රනිල් මාමා අදත් ඉල්ලන් කාලනේ ඇත්තටම ඔය කටට බ්‍රේක් ලයිනර් එකක් හයි කොරන්න බැරිද ආ

    ReplyDelete
    Replies
    1. නෝ බ්‍රේක්... අඩු ගානේ හෑන්ඩ් බ්‍රේක් වත් නෑ...

      Delete
  30. අවසානයේ අපිත් මේ විදුලි පුටුව නාටකයේ තිර පිටපත් ලියනවාදෝ කියා විටෙක සිතෙනවා.
    තවමත් අපේ ගම්වල මිනිසුන් කළ ගුණ සලකන්න, දෑත් ශක්තිමත් කරන්න ඇස් කන් ඇරගෙන ඉන්න කොටසක් ද වේ. විදුලි පුටුවේ හිඳුවන එක වලක්වන්න බෝධිපූජා තියන්න කීවෝත් ඒකත් කරාවි. දෙවියන්ට පළතුරු/කිරි ආහාර දෙන්න කීවෝත් ඒකත් දේවි. දෙවියන්ද කිරි ආහාර පළතුරු ටික ගිල දමා යන්න යාවි.

    ReplyDelete
    Replies
    1. නිර්මලා.... ගිය ඉරිදා රාවයේ ප්‍රභාෂ්වර පොඩ්ඩක් කියවනවද... පට්ටම ළිපියක්...

      Delete
  31. මම හිතුවෙ උඹ රත්තරන් බෝලේ කිව්වේ මැඩම්ට කියලා

    ReplyDelete
    Replies
    1. ඉස්සර උන්න සමහර මළ කෝලම් එක්ක බැලුවමනම්, බෝලේ කෙසේ වෙතත්, මැඩම් නම් සත්තරන්..

      Delete
  32. මැකො මදේ ගෝඨාට බයයිද කොහෙද?

    රනිල් ඇදලා පැදලා වටපිට බලලා කතාව කරගෙන යනකොට ස්විච් එක ඔබන එකාට නින්ද ගිහිල්ලා. මහින්ද තමයි කරේ තියන් කොළඹ එක්කන් ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පිත්තු.... මැකෝ යකාටවත් බය නෑ... බලාපන්කෝ දෙන පොර ටෝක්...

      Delete
  33. මොන දේශපාලනයක් තුලින් හරි කාන්තාවට විමුක්තිය ලැබෙන එකයි වෙන්න ඕනේ. එසේ නොකරන අය විදුලි පුටුවට ගියත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මොකක්දෑ අනේ ඔය කියනා විමුක්තිය...

      Delete
    2. විමුක්තිය බන් විමුක්තියා, අර හන්දියෙ කලු පාට ත්‍රීවීල් එක රන් කරන්නෙ, අන්න ඌවලු බන් ඔය ඕනෙ කියන්නෙ

      Delete
  34. TheStudent.lk web site is providing a good relationship and a good market place for the
    Student + Institute. Basically students can search for courses and institutes by keywords, by courses, by area and by institute in one place.
    Find more at : http://thestudent.lk/View/

    ReplyDelete
  35. රාජකීය දෛවඥයා උදේම අපට අනාවැකි කියන, ජනාධිපති තුමයි, පුතා තුමයි දෙන්නම මැජික් බෝල මිරිකන, හැම චැනල් එකකම කේන්දර මන්තර ගැන කතා කරන මෙහෙම යුගයක්....
    නුග සෙවණ වගේ වැඩසටහනකින් පටන් ගත්තාම දොරමඩලාවට යනකන් හැම වැඩසටහනකින්ම රාජ්‍ය ක‍්‍රියාකාරකම් සඳහා අනුමැතිය නිෂ්පාදනය කරන, ඒව දිහා බලාෙගෙන ඉන්න අපේ මිනිස්සු කීයෙන් කීදෙනෙක් දන්නවා ඇත්ද මොකද්ද මේ ජිනීවා වල වෙන්නෙ, වෙන්න යන්නෙ, ඇයි එහෙම වුණේ, කාගේ අතපසුවීමක් ද? මුරණ්ඩු කමක් උද්දච්චකමක් නිසා ද වගේ දේවල්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න