.

.

May 1, 2014

ජයග්‍රාහී මැයි රැළිය - May Day Fiesta

Cartoon by - Web Buwa (Ada Derana)

පිට උනෙමි උදෑසන,
මිටිය දෑකත්ත ගෙන,
රතු පාට බස් එකේ,
"කෝ දියන් මගේ ගාන..."
දැන්ම නොම ගතොත් හෙම,
ගහනවා මාටියා,
ඇමතියගේ ගෝලයා...

පා...දෙසියෙ සභාපති,

රජා වෙස්සන්තර වගේ,
බෙදනවා මාළුපාන්,
මළුවෝ ඇතුලෙ නැති...

ගල් බනිස් විතරක්ය,

බෝතලුත් තියෙන්නේ.
හුළඟ හරි සැරයිනේ,
ඔළුව කරකැවෙන්නේ.
හා යමන් පුතා හපුතලේ......
කන්ද දැන් බහින්නේ.

කොහෙද බං මේ යකෝ...!

කොළඹ නම් වෙන්න බෑ.
නෙළුම් නැති වතුර නැති,
යකඩ බිල්ඩිමක් ළඟ,
බිත්තියත් ඇලවෙලා.
ඇමතියා ඇවිල්ලා.

ටී ෂර්ට් බෙදන්නේ,

තොප්පියක් දමන්නේ,
ලංකාවම නිල් පාටයි.....
ලොක්කා අපිට.... අපි ලොක්කට..
අනේ පව් ඇමතියා,
ගිරිය පුප්පන් බුරති.
හඩ්ඩෝ අපි වටකරන්,
යන අගේ ඉස්තරන්.
අමා....රුවෙන්, දිනාපූ රට....
දෙන්නෙම නෑ...., පර සුද්දට......

බේබිලා හාමුලා,
ගීතලා බබාලා.
අපිට අත වනනවා,
එතනෝල් බඩු හොඳයි
අපිත් දැන් වැනෙනවා..

එකෙක්ටත් දෙන්නේ නෑ,
අතක් තියනට රටට.
ඒක නම් හරි ලොක්කා.
එව්වා බෑ අපි එක්ක.
අපෙ සෑර් වෙනුවෙන්,
මැරෙණවා අපි ඩෝ...

කෝ යකෝ.... දෑකැත්ත...?
"මිටිය" නම් බස් එකේ.
යන ගමන් අදිමු බං
මල් හතයි මැයි දිනේ..


-x-

113 comments:

  1. 1=puka!!
    (remember)????

    ReplyDelete
  2. Replies
    1. මිටියෙන් පොඩ්ඩක් ගැහුවම...

      Delete
  3. මචං නිව්ස් දැක්කා..හැබැයි ඔච්චර වියදම් කරගෙන මීඩියා කාරයෝ යවලා...නිව්ස් වෙලාව එනකම් තටමං ඉඳලා බලපු ඒ හැම නිව්ස් රෙද්දකටම වඩා..උඹ කොම්පියුටරේ කොටපු මේ අකුරු ටික තුලින් සැබෑ අරුත පෙන්නනවා. වෙන කියන්න දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් ටී වී එකෙක් දැකපුවයි. ගියපු උන්ගෙන් අහගත්ත ඒවයි තමයි. මොකෝ මොළේ නරක් වෙලාය මේවට යන්න.

      Delete
  4. කැම්පස් වල සමාජවාදී පොලිටික්ස් කරපු ගොඩක් අයටත් එලියට ඇවිල්ල ලොකු පුටු වලට ගියාම සමාජවාදය අමතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට නෙමෙයි බන් ඔක්කෝටම. ඊට පස්සේ බඩේ බත් පිරෙනවනම් විතරක් මාක්ස් එක්ක සෙට් වෙනවා එච්චරයි.

      Delete
  5. කම්කරු සුභසාධනය කොහොම උනත් යම් පිරිසකට හරි බස් එකේ වටයක් ගහලා පැණිය ගහල ,තෙලක් දාල ,දුමක් ඇදල,මලක් ගහල කිච වෙලා පච වෙලා ෆුල් හින්දුස්ථාන් වෙලා කානු පල්ල ලැගලා... පහුවදා උදේ ගෙදර යන්න වදින පිනා චෑන්ස් එකනේ බං ..!!!

    ඉරිසියා නොකර හිටිං !!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ පත්තර මල්ලි, මම අද දැක්කා කොට්ටාවේ හයිවේ එක ලග කෑම බෙදනවා දකුණෙන් එන බස් වලට. කට්ටිය පෝලිමේ හිටියේ ලමා ලපටි එල්ලගෙන, ගෑණු පරානෙ ඉස්සර කරගෙන කෑම ගන්න. ආයෙ කවදා කියල කොළොඹසිරි නරඹන්නද නොමිලෙම?

      Delete
    2. ඔහෙප්පලයං ඇල්බයියා දැක්ක කල්.. රට ගිහිං උන්නැයි ?? හෙහෙ .. එහෙනං එහෙනං.. බස් එකේ කස්ටිය එක්ක කොලඹ ඇවිල්ලා වත්තෙ වැඩක් පලක් කරද්දි අඳින්න තොප්පියක් ටී ෂර්ට් එකක් නොමිලෙ අරං හැංදෑවට අඩියක් පුඩියක් ගහලා සිංදුවක් කියාගෙන පුට් බෝඩ් එකට බැහළා ගෙදර යන චෑන්ස් එකටමෙ මේ මාතෙයා සෝලි තියන්නෙ..
      ඕකා ලබන ආත්මෙ උපදින්නෙ මැයි දිනයක් නැති රටක කම්කරුවෙක් වෙලා. ඕං බලපං.

      Delete
    3. නොමිලේ හම්බවෙන පොඩි පහේ විනෝද චාරිකාව. ;)

      Delete
    4. අනික මේ පාර හොඳට කන්ඩ බොන්ඩ දීලනේ....මං මේ රාජ් ගේ පොස්ටුව කියවලා එන ගමන්...

      Delete
    5. PM ඔය කියලා තියෙන්නෙ සීරියස්ද, විහිලුවටද ඩෝප් මරගාතෙද දන්නෙ නෑහෑ ( ඈහුවොත් තුන්වෙනි එක කියයි :D ) හෑබෑයි ඒක ඈත්ත නේ? දුප්පත් මිනිස්සු නිවාඩු දවසක කාල, බීල, නටල, සමහර විට කීයක් හරි හොයාගෙන යනව.
      කවුරුවත් ඈත්තටම රෑවටෙන්නෙ නෑහෑ

      Delete
    6. මොනවද මේ කතා ගයිජින් අයියේ ..නැත්තං ලබන පාර් එන්නෙ නෑ නොවැ.

      ප්‍රා මචං..:D කොහොම බැලුවත් ඒක තමා බං ඇත්ත..මං කියන්නෙ ඔය මිනිස්සු අව්වෙ තියං වද දෙනවට වැඩිය හොඳයි කැම්බල් ග්‍රවුන්ඩ් එකේ ටේබල් ටිකක් දාල බොන්ඩයි කන්ඩයි දුන්නනං.. ඒ කරල හැන්දෑවට ඔය ෆ්ලෑෂ්බෑක්ල වගේ ගෙනලල ෂෝ එකකුත් ගැහුවනං වැඩේ කම්ප්ලීට් නේ..ඉතුරු සල්ලි ටික කම්කරු සමිතිබ්වලට දෙනවා මගුලකට මරනෙකට ගන්ඩ කියලා..ඕං මෙගේ ප්ලෑන..
      ඔය බොරුවට පාරවල් දිගේ හූ කිය කිය බස් වල කොඩි වන වන යන එකෙන් එකෙං පලක් නෑ මටනං.අරෙහෙම කලොත් දුක් විදින මිනිහ බඩ කට පුරා කාල බීල හරි යයි. සිරාවටම

      Delete
    7. කිසි ඉරිසියාවක් නෑ බං අපේ ගම් වල උන් පට්ට ආතල් එකක් ගන්නේ.

      Delete
  6. උදේ ඉදන් ගේ ඉස්සරහින් ගිය බස් කන්දරාව දැකලා මට හිතුනේ ඩිපෝ වල මෙච්චර බස් තියනවද කියලා!

    ReplyDelete
    Replies
    1. සිරාවට බං මටත් හිතුනා ඕක. ඒවා මැයි දිනේ වෙනුවෙන්ම ගෙනැල්ලා හංඟලා තියපුවා වැන්ටැ.

      Delete
    2. යකෝ ලංකාවේ රතු බස් කොච්චරක් තියෙනවද කියලා දන්නේ එදානේ..

      Delete
  7. අනේද කියන්නේ

    ReplyDelete
  8. අහෝ මැයි දිනය!

    ReplyDelete
    Replies
    1. අහෝ දුකකි... ඉරකි තිතකි.

      Delete
  9. මම හිතන්නේ මැයි දිනේට ජේ.වී.පී. එක තියන පෙළපාලිය ආදර්ශයක් වශයෙන් පෙන්නලා, අනිත් කට්ටිය පාටි දැම්මනම් හරි කියලා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒක නේන්නම් බන් කරන්නේ..

      Delete
    2. පත්තරේ තියෙන අකුරක් නෑර ඇත්තනේ බං...

      Delete
  10. උඹේ සිතිවිල්ල රසයි ..... පස්ටයි කියනව ඇරෙන්න.... වෙන අකුරක් කොටන්න ඉඩ දෙන්නෙ නැහැ මගෙ දෙයිය............
    මං මේ නලියගෙ පත්තරේ මුල් පිටුව බලල පුකෙන් හිනා වෙන ගමං.......

    ReplyDelete
    Replies
    1. පත්තරේ තියෙන අකුරක් නෑර ඇත්තනේ බං...

      Delete
  11. Replies
    1. කාන්තා ශෝක දිනේ

      Delete
    2. අනිවා.. ඒට් ඉතින් පවිත්‍රලා අරෙහෙම වැටුනාම.

      Delete
  12. දුකට සැපට දෙකට හිටිය ප්‍රාදෙසිය සබාපතී
    වරෙන් පුතා කොළඹ යන්න ආදරයෙන් කීව හැටී
    කෑම බීම මගෙ ගානේ ගෑනුත් මහා ගොඩක් යතී
    ලෑමක් සෙට් කරගන්නට උඹේ තියෙනා දැනුම ඇතී

    කොලඹ හරිම ලස්සනයිලු වටේට ගල් අල්ලලාලු
    ඇවිදින ගල් දෙස බල බල ගෝල්පේස් යන්න හැකිලු
    ලැස්ති වී හිටින් "මල්ලි" බවලත්තුත් ගොඩක් එයිලු
    ශෝක දිනේ වුනත් යමන් හරි ගියොතින් උඹ බිසීලු

    නෙලුම් පොකුණේ මාළුන් හට කෑම දාන්නට ගෙනාපු
    කෑම පැකට් හීන් සැරේ බෙරේ වැවට විසිකරාපු
    නැව් එන ලොකු වරයකුත් දැකගෙන යන්නට හිතාපු
    "මල්ලිත්" බඩගින්නේමයි වැඩේ හින්ද මට කොරාපු

    ආ බස් එක නැවැත්තුවා කොහෙද කොනක වංක ගිරියේ
    පයින්ම දක්කන් ආවා මැද්දෑවට තුරඟ පිටියේ
    බෙදාපු බත් පැකට් එකත් පිළිණු වෙලා ඈස්තතැරියේ
    සත පහ නැති පර්ස් එකට කවුද යකෝ මගදී ඇරියේ

    සබාපතිය කිව්වේ නම් එක්ක යනවා වගේ දෙව් ලොව
    පැය දහයක් හිටන් හිටියා ගිලෙනවා පොඩ්ඩෙන් මගේ දිව
    හතර කොනේ කරක් ගහලා හොයා ගත්තා තැන බැස්සුව
    බීපු පොඩ්ඩේ වෙරිත් හිඳුනා බස් එක වැඩලද දෙව්ලොව

    ReplyDelete
    Replies
    1. පට්ටයි බං උඹේ කවි ටික ඉවනයෝ...:)

      Delete
    2. ඉවාන් මල්ලි.....මාතලන්ගෙ ටික උඹේ කමෙන්ට් එකට දාන්න කියල උඹේ කමෙන්ට් එක පෝස්ට් එකට දාන්න කියල සුද්දට ඊයක් විද්ද.......

      Delete
    3. නියමයි නියමයි අපේ ජනතාවට කවදා නිවරදි දැක්මක් ලැබෙවිද?

      Delete
    4. කියන්න වචන් නෑ කව් සෙට් එක ගැන.. මේවත් උඹේ බොගේ දාපන්කෝ.. කිසි අවුලක් නෑ. ඉස්සර මමත් කලා..

      Delete
  13. ගල් බනිසුත් තියනවද?
    ඔච්චර දේවල් තියෙනවා නම් මාත් යනවා ඊළග පාර.

    ReplyDelete
    Replies
    1. උඹේ දියර ජාති පාවිච්චියක් නෑනේ ?? ගිහිං අව්වෙ කරවෙලා වරෙං ඕන්නං.

      Delete
    2. ඇයි දැක්කේ නෑ... පට්ට ගල් බනිසුත් ගියා..

      Delete
  14. අඩන්නද හිනා වෙන්නද
    මේ විගඩං දැක
    හිත කියනවා මට
    ඇයි තෝ
    දුන්නෙ චන්දෙ
    බුලත් කොලේට...
    ..
    ..
    ..
    ඒ දවස් වල මෝඩය ඔළුවට
    ගහල හිටියෙ බං...
    දැං ඌ විකුණල..

    ReplyDelete
    Replies
    1. දැන් නම් දීපූ එකෙක් නෑ බෙහතකටවත්. ඒත් රිසාල්ට් එක ආවාම ලොක්කා දිණුම්.

      Delete
  15. ඔය ටික ඔයවිදියට කොරාපු උන්ට කියන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි "කාළකන්නි"

    ReplyDelete
    Replies
    1. මනො අපේ මිනිස්සුන්ට මෙ දේශපාලන ක්‍රමය තුල අපේ සමාජයතුල මොනයම්ම පාක්ශිකයකු වියයුතුය. නැතිනම් පැවැත්මක් නැත. මේ නිසා මිනිස්සු අකමැත්තෙන් වුවත් කරනු ලබයි. උදාහරනයක් ලෙස විශ්වවිද්යාල ආචාර්යවරු පවා මුට්ටිය ඇල්ලීම පෙන්වා දිය හැක.

      Delete
    2. එහෙම කියන්න නරකයි මේ රටේ ගොඩක් උන්ගේ පැවත්ම රඳා පවතින්නේ පක්ෂයක් මත. ඒක හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඇත්ත ඒකයි.

      Delete
  16. බොරුවට දින සමරලා පහුවදා ඉඳලා සාමාන්‍ය විදිහට ප්‍රශ්න වලට මුහුණ දෙනවා.

    ReplyDelete
    Replies
    1. කම්කරුවට තියෙන්නේ දවස් දෙකයි දෙකම පළවෙනිදා. අප්‍රේල් පළවෙනිදයි, මැයි පළවෙනිදයි.

      Delete
  17. "ජයග්‍රාහී මැයි රැලිය"
    කනට ගැහුව වගේ.

    ReplyDelete
    Replies
    1. අයි ටී එන් සමබර පුවත් විකාශයෙන් ජයග්‍රාහී මැයි රැලිය පෙන්නද්දි …… !!

      මගේ මයිල් කෙලිං හිටියා බං.. අම්මපා.

      Delete
    2. මයිල් ඉතරද

      Delete
    3. විදානේ .. නිව්ස් බලනකොට :D

      Delete
    4. කන්න දෙනවනම්
      තව බොන්න දෙනවනම්
      මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ//

      Delete
  18. අපිට මොකෝ අපේ සල්ලියැ.. නේද? හැක්...

    ReplyDelete
    Replies
    1. ගිය එවුං ඔය ඉන්නේ !! :D

      Delete
    2. අනේද බන් කියන්නේ. ඉන්කම්ටැක්සුත් නොගෙවන එකේ. ඕවා යන්නත් තැනක් තියෙන්න එපාය.

      Delete
  19. අන්තිමේදී අහිංසක මිනිස්සු රැවටුනු එකයි සිද්දවෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. උන් අහිංසක නම් නෑ. ඒක අනිවාර්යයෙන් කියන්න ඕන. ඒක තමයි උන්ගේ පැවැත්ම.

      Delete
  20. පුංචි අපේ සල්ලිවලින්
    නඩත්තුවෙන ලංගමයේ
    බස්කටුවල එල්ලීගෙන
    යමං කොළඹ සවාරියේ

    ReplyDelete
    Replies
    1. බස් නිකං යනවය බං ඕවට ඩීසල් ගහන්න එපාය. ඇයි බස් වලට විතරක්යෑ. යන උන්ට.

      Delete
  21. දැන්මයි...

    අද දින ප්‍රයෝජනයට ගත් මලකඩ කෑ දෑකැත්ත සහ මිටිය ලබන මැයි පලවෙනිදාට ප්‍රයෝජනට ගන්නා තෙක් කුලියට හෝ බද්දට දෙනු ලැබේ...

    රට කන්නෝ සහ විකුනන්නෝ සමාගම..


    පට්ට කයි ටික..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මිටිය නම් එලියෙන් තියහන්. ආතල් එකක් ගන්න හිතුන වෙලාවට බොහෝම වටිනවා.

      Delete
  22. හැබෑටම මාතලන්තුමෝ මැයි දිනේ අපේද උන්ගේද ?

    ReplyDelete
    Replies
    1. කාගෙවත් නෙමෙයි බන්. රජවරුන්ගේ..

      Delete
  23. හැම රාජ්‍ය මැයි දින පෙළපාලියක්ම මේ රගේ තමා මචෝ. කිසිම වෙනසක් නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා මම පොඩි කාළේ ඉඳන් අද වෙනකන් දැක්කේ එකම දේ..

      Delete
  24. අනේ කාන්තා ශෝක දිනයට ගිය කලක්

    ReplyDelete
    Replies
    1. අඩේ රාලේ මොකද දන් පේන්න නැත්තේ. අපි දැක්කා වැද්දෙක් වගේ ඉන්නවා

      Delete
    2. යකෝ මම මෙහේනේ වැද්දා වගේ ඉන්නේ උබලා කොමද එක දැක්කේ.....

      මාතේ අන්න චිත්රේ මොකද්ද කියලා කලින් පොස්ට් එකේ කොමෙන්ට් එක ලංගම දැන්මෝ

      Delete
    3. කාන්තාවෝ අඩුවෙන් උන්නේ ඒක තමා..

      Delete
  25. මේ මැයි දිනේ වෙන්නෙත් රැවටෙන එක තමා.. එක දිනයක් කම්කරුවන්ට දෙන එකෙන් කියන්නෙම අනිත් දවස් පාලකයාගේ නැත්තම් ධනපතියාගේ කියන එකමනේ.. ඒත් දැන් තියන ප්‍රශ්නේ ඒ හම්බුන එකම දවසත් වුන්ගේ වෙච්චි එක..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙනදට පොඩ්ඩක් උන්ටත් තැනක් තිබුනා. පෙලපාලියේ ගියේ ඇත්තම කම්කරුවෝ. මැති ඇමතිවරු ගියේ නෑ.

      Delete
  26. මට ජප්පොත් එපා උනා අනුරගෙ මැයි දේශනාව ඇහුවම....සති දෙකකට ඉස්සෙල්ලා ජන්දේ ඉල්ලනකොට නොතිබිච්ච කම්කරු පන්තියක් මැයි පලවෙනිදා වෙනකොට මතක් වෙච්ච එකනෙ වැඩේ.....!!!!!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අනුර සෙනග ගොඩ දැකලා කොර උනා. කොර උන පාර දිව ටැපලුනා. ඔය ලෙඩේ මටත් තියෙනවා.

      Delete
  27. දයාසිරිගේ බල්ටි තමා බල්ටි කියන්නේ. රෝසි දැක්කනම් ආපහු එක්කගෙන යනවා මැලේසියාවටම.

    ReplyDelete
    Replies
    1. ඒ පොන්න වේසිගෙ පුතා නටපු නැටිල්ලේ තේරුම මොකක්ද විචාරක තුමා....?
      මට අහන්න කෙනෙක් නැහැ....
      අර චේ ගෙ තොප්පියත් දාගෙන.....
      මුගෙ මෑණින් වහන්සෙ තාම ජිවතුන් අතර ඉන්නවද....? මට කෝල් එකක් දීල බුදු සාදු දෙසපු මවට ගයන ගීය ගයන්න....

      Delete
    2. කෙන්ජි.......ඕක උගේ අධෝ මාර්ගයේ ප්‍රශ්නයක්. දහනායක මහත්තයාගේ කාලේ වගේ නම් ගාල්ලට එක්කන් ගිහින් හරියටම බෙහෙත දෙනවා :

      Delete
    3. කේන්ජි මූට බැනලා වැඩක් නැහැ, මුන්ට චන්දය දෙන උන්ට කරන දෙයක් කල යුතුය

      Delete
    4. @ කෙන්ජි. කියලා වැඩක් නැහැ කෙන්ජි. ගුද වාතය ඉහට ගහලා කියලයි මට හිතෙන්නේ.

      @ අරු. අන්න හරි. දහනායක ප්‍රහාරයක් දුන්නනම් මේක හොඳ වෙනවා.

      Delete
    5. උඹට මතකද අරූ ඉස්සර රූබී එකේ සැවෝයි එකේ ඇඩලස් සෝ බලන්න ඉස්සෙල්ලා රිලව් නටවන උන්, ගල් ගිලින් උන්, ටියුබ් ලයිට් කන උන්. බල්ලොත් එක්ක සර්කස් පෙන්නන උන් වගයක් එනවා. මට මතක් උනේ උන්ව. පව් බං. මෙහෙම උන්මත්තකයෝ රටේ දේශපාළඥයෝ. ඒ රටට දෙයියන්ගෙම පිහිටයි. මම හිතුවේ චේ ගුවේරා කුඩු ගහලා කියලා.

      Delete
    6. කටේ මසුරන් දාන්න ඕන උදාහරණය බන්.
      ////මම හිතුවේ චේ ගුවේරා කුඩු ගහලා කියලා//////................මේක ඊට වඩා හපන් ටෝක් එකක මචෝ!!

      Delete
  28. මැයි දින කීයක්නම් සමරන්න ඇතිද ඔය සමාජවාදයෙන් කම්කරුවන්ට වෙච්ච යහපත මොකක්ද කියල හොයල බැලුවොත් ඒකත් වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. කිසිම තැනක එකම ඉල්ලීමක් වත් නෑ. මම දැක්කා ලාල් කාන්ත විතරක් කියනවා දීමනා ටික් පඩියට එකතු කරන්න කියලා. එක බූරුවෙක් යූ ඇන් පීයේ හම අරිනවා. ඌගේ අමාත්‍යශෙ උන් රට පුරාම ස්ට්‍රයික්.

      Delete
  29. Replies
    1. දුක තමයි ඉස් මත්තේ...

      Delete
  30. කියන්න කිසිවක් ඉතිරිව නැත

    ReplyDelete
    Replies
    1. හපොයි තව කොච්චර නම් තියෙනවයි ලියා ගන්න බැරි උන.

      Delete
  31. ඕව මොනවද බං..දන්නා කියන කාලෙ ඉඳන්ම මැයි දිනේ ඔය විදිහමනෙ.

    ReplyDelete
  32. කොටසක් high way එකේ යනකොට තව කට්ටියක් මාතර පැත්තේ රුපියල් දෙදාහ ගානේ දීල බස් එකක් අරන් රැලියට ගියේ....

    ReplyDelete
    Replies
    1. උන් නම් ඉතින් ආන්ඩුවේ උන්ටත් හරක්. හිඟ නොකා හිඟා කකා පිරිසක් නඩත්තු කරනවා.

      Delete
  33. මැය් දිනේදී දැකපු චාටර්ම scene එක තමය දයාසිරිගේ නැටුම....

    ReplyDelete
    Replies
    1. චේ ගුවේරාගේ රිලා නැටුම්..

      Delete
  34. මැයි දිනය දවසේ හවස අවාසනාවකට වගේ බොරැල්ල කැම්බල් පිටිය ඉදිරියෙන් යන්න වුනා. කිලිනොච්චියේ වව්නියාව වගේ දුර බැහැර පළාත්වලින් පවා ආපු ලංගම බස් බේස්ලයින් පාර දිගේ ගාල් කරලා තිබුනා. බේස්ලයින් පාර, මරදාන පාර, සේනානයක පාර ඔය මොකකවත් බස් ගමනාගමනයක් නෑ. මට වගේ අවාසනාවට බොරැල්ල මැදින් යන්න වුනු වයසක අම්මලා තාත්තලා, පුංචි දරැවො ගැහැනු පිරිමි විතරක් නෙවෙයි බඩ දරැ අම්මලටත් පයින් මහ දුරක් ගිහින් තමයි බස් රථයකට නැග ගන්න පුළුවන් වුනේ. එක්ට මොකද කැම්බල් පිටිය ඉස්සරහා එකම සැනකෙලියයි. මිනිස්සු නටනවා හරියට ලංකාව ආයෙත් ලෝක කුසලානයක් දිනලා වගේ. පුදුම කලකිරීමක් හිතට දැනුනා ඒ විච්චූරන දැකලා.

    ReplyDelete
    Replies
    1. බස් 500 කින් සෙනග ඇදලා සුදෝ සෙල්ලම්ද...මේක තමයි ආශ්චර්යය....විදගන්න ඉතිං...

      Delete
    2. වෙනදා වගේම බොගෙ මේ කයියත් මගෙ හිතට ඇල්ලුවා දොරේ...බත් මුලටයි අරක්කු ෂොට් එකටයි අතට දෙන පොඩි ගානටයි කම්කරු දිනේට කෑ ගහන්න වැඩ කරන ජනතාව ඕනෙ අස්සක් මුල්ලකින්, බඩවැටියකින් හොයාගන්න පුලුවන්...දයාසොරිගේ රිලා නැටුම් දැක්කෙ නැතෙයි...

      Delete
    3. මේ දිනයට කොළඹට අත්‍යාවශ්‍යම කටයුත්තකට ඇර කවදාවත්ම එන්න නරකයි. මටත් යන්නම් ඕන වෙලා උදේම ගිහින් ආවා..

      Delete
  35. නියමයි මාතලන් අදහස..................

    මේක තමයි අපේ රටේ දේශපාලනය. හැම රෙද්දම දේශපාලනීකරණය වෙලා. මැයි දිනය දේශපාලනීකරණය කරගත්තා මදිවට කම්කරුවන් ම කඩේ යවාගෙන උන්ගෙම දිනේ උන්ගෙන් ම ආතල් ගන්නවා. අනේ මෙහෙව් රටක්................... මෙහෙව් දේශපාලනයක්...........
    හැබැයි කම්කරුවා, දුප්පතා, ගැන නම් කට පුරා කතාව

    ReplyDelete
    Replies
    1. මේ රටේ කම්කරුවට මේ සෙල්ලම් දාලා නම් කවදාවත් ලැබෙන ලබ්බක් නෑ. ඒ නිසා මේවා වර්ජනය කලා නම් පාලකයන්ගේ ඇස් ඇරේවී.

      Delete
  36. මල් හතයි කියන්නෙ මල් ම හතයි. ඕක තමයි ඇත්ත තත්තෙ. නියමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිත්තයි කියන්නේ බොරු..

      ඇත්ත මල් හතයි..

      Delete
  37. “"මිටිය" නම් බස් එකේ.
    යන ගමන් අදිමු බං“

    මේවා සංවිධායකවරු සපයනවා. අවුලක් නෑ. ලංගම බස් ටික නොම්ලේ හම්බවෙනවා. කොළඹ ඇවිත් ටිකක් හුළං වැදිලා යන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අරක්කු වලට වඩා ලාබයි නේ ආයිබෝවන්ඩ. බයිට් ඕනත් නෑ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න