.

.

Jun 27, 2014

කුණුහබ්බ, ඇග්නස් ආත්තා හා කුක්කු කූ කූ.... (18+) - Granny Agnes, Cock a doddle do & Dirty Words


ටික දවසකට කලින්, රොකට් රෝහිණි ගැන කතාවක් ලියන්න ගිහින්, අන්තීමට ලිය උනේ, බෙනයි, ටිකිරියි ගැන ලියලා. ඒ පාර කොන්ටිනුවස්ලි ලියන්න හිටපු කතාව අන්ජබජල් උනේ, ඒකේ තිබුනු සිද්ධි දාමයකට, මගේ රසිකාවියක් වන ප්‍රසිද්ධ නෝනා කෙනෙක්ට, මලේ හොඳම එක පැනලා, එයැයිට උත්තර ලියන්න උන එකෙන්.

ඊට පස්සේ, අම්මට සිරි ලංකාවේ, එදිනෙදා ආතල් ලියන්න ගිහින්, අර වැඩේ මග ඇරුනා. බලමු, මේක ඉවර කොර ගන්න කොච්චර කාළයක් යාවිද කියලා. අද ලියන්නේ, "රොකට් රෝහිණි කතා වස්තුවේ.." දෙවනි කෑල්ල. පළවෙනි කෑල්ල ඕන එකෙක් ඉන්නවා නම්, බලන්න ඕනම නම්, මේන් මෙතනින් ගොහින් බලා ගන්න පුළුවන්.

මම හැර, අපේ පවුලේ කුණුහබ්බ වලට ශාස්ත්‍රපති උපාධියක් තිබුන එකෙක්වත් නෑ. ඇත්තම කියනවනම්, අපේ තාත්තා ඇවිත්, ඒ සම්බන්ධයෙන්, මොන්ටිසෝරි මට්ටමේ අධ්‍යාපනයක් ලබපු කෙනෙක්. එයගේ කටේ හැම තිස්සෙම තිබුන එක තමයි, වේස කොල්ලය කියන එක. ඒත් කවදාවත් කිසිම ස්ත්‍රී පරානයකට වේසී කියලා ආමන්ත්‍රනේ කොරනවනම් අහලා නෑ.

ඒත් අපේ සීයා නම්, මට විතරක්, වේසිගේ පුතා කියලා, ඉතාමත් ආදරයෙන් අමතලා තියෙනෙවා දෙසරයක් තුන් සැරයක් විතර. ඉතින් එයා අපේ අම්මට දොස් කිව්වා කියලා. අම්මගේ හිත රිදුනට, හැම එකාම බැන්නේ මට. ඔය දෙසරෙම අර විදියට ආමන්ත්‍රනේ කොලේ, කරපු අලුගුත්තේරු වැඩ දෙකක් නිසා. ඒ ගැන වෙන වෙලාවක ලියන්නම්කෝ. ඒත් ඉතින් උන්දෑ, ඒ කියන්නේ අපේ තාත්තගේ තාත්තා කිව්වෙත්, වෙස කොල්ලායි, වේසිගේ පුතයි,  හුත්තිගෙ කොල්ලයි විතරයි. එහෙම බැලුවාම එයා කුණුහබ්බ වල 5 පාස් කෙනෙක්.

අපේ පවුලෙම, ඔය සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන්, උසස් පෙල දක්වා විශේෂ අධ්‍යාපනයක් ලබපු කෙනෙකුත් උන්නා. ඒ තමයි, අපේ සීයගේ මල්ලිගේ නෝනා. එහෙම නැත්නම්, ඇග්නස් ආත්තා. අපරාදේ කියන්නේ, කතා කළේම අමු තිත්ත කුණුහබ්බෙන්, පෑලිස් මුත්තට ආදරේට කතා කලෙත් අමු කුණුහබ්බෙන්. ඔය හේතුව උඩ, ඥාතී හිතමිත්‍රාදින්, උන්දැගේ ගෙදරට නෑගම් ගියේ එහෙම බොහොම කළාතුරකින්.

ඒත්, අපි ගමේ ගිය වෙලාවට, නොවරදාවාම ඇග්නස් ආත්තා උන්න, හිරිඹුරේ මහ ගෙදරට ගොඩ වෙනවමයි. මේක බොහෝම ලස්සන පරණ ගෙයක්, ගාල්ල බද්දෙගම පාරේ යනකොට, ප්‍රධාන පාරෙන් ලොකු කුඹුරක් මැදින් යන බොරළු පාරක ගිහින්, පොඩි කන්දක් වගේ නැගලා තමයි වත්තට ගොඩ වෙන්නේ. සෝල්දර ගෙදර. බොහොම විශාලයි. වත්තෙ නැති පළතුරු ජාතියක් නෑ.

අපි ඔහේ යන්න හේතුව උනේ, ඇග්නස් ආත්තා අපේ තාත්තට, බොහෝම ආදරේ කරපු නිසා. ඒ වගේම තමයි උන්දෑ මටත් හරිම ආදරෙයි. පඩත්තල අළුගුත්තෙරු වැඩ කරන නිසයි, කුණුහබ්බ කියන නිසයි, අනික් උන්ට මාව පෙන්නාන් බැරි උනාට. ඇග්නස් ආත්තා මට ගොඩක් ආදරෙයි. ගියපු ගමන් මම කෙලින්ම දුවන්නේ ආත්තාගේ ඔඩොක්කුවට.

එයා මට කිව්වේ, නෝටගේ පුතා කියලා. ඒයා අපේ තාත්තට දාපු පෙට් නේම් එක තමයි, නෝටන් කියන එක. තාත්තගේ අම්මා පොඩි කාලේම දිවිය ළෝකේ වැඩිය නිසා. මේ උන්දෑ අපේ තාත්තට බොහෝම ආදරේ කරලා තියෙනවා. හදා ගන්න ඉල්ලුවත්, අපේ සීය දීලා නෑ. හැබයි අපේ තාත්තත් උන්දෑ ගාව හැදුනා වැඩුනා නම්, ආයේ දෙකක් නෑ, පරතෙරටම කුණුහබ්බ ඉගෙන ගන්නවා.

ඇග්නස් ආත්තා ඉගෙනගෙන තිබුනේ, ගාල්ලේ නොම්මර එකේ කොන්වන්ට් එකකින්. ඒ ඉගෙන ගන්න කාළෙ, බෝඩිං කොරලා ඉඳලා තියෙන්නේ, ගාල්ලේ චීන කොරටුවේ පොඩි වලව්වක් වගේ, හිතවතෙකුගේ ගෙදරක. ඔය ගෙදර ඉඳලා තියෙනවා. මෙයාගේ හොඳම යාළුවෙක්. ඒ යාළුවා අපේ ඇග්නස් ආත්තටත් වඩා ලස්සනයි. එයාලා ලංසි නෙමෙයි. ජයසේකරලා.

තනිකර සුද්දන්ගේ ෆීචර්ස් තිබුනේ. අපේ ආත්තත් ටිකක් ඒ වගේ. ඒ ආත්තත් මම දැකලා තියෙනවා ඇග්නස් ආත්තලගේ ගෙදරදි. බොහෝම ආඩම්බරයි, හොඳ සල්ලි කාරයෝ. එයා නම් හිටියේ මාතලේ. ඔය දෙන්නම අඳින්නේ අර ගජමන් නෝනගේ කිට් එක වගේ කිට් එකක්. දෙන්නා සෙට් උනාම බ්‍රැන්ඩී බෝතලේකට වග කියනවාමයි.

මුත්තා බීපූ යාපනේ සුරුට්ටුව ආත්තත් ගහනවා ඒ වෙලාවට. හැමෝම ගඳයි කිව්වට, මට නම් ඕක මාර සුවඳයි. ආත්තා දෙකක් තුනක් ඇන ගත්තයින් පස්සේ, වත්තේ වැඩ කරන උන්, ආත්තව අවුස්ස ගන්නවා. ඉතින් මොකක්ද, ආයේ පැත්ත පලාතක ඉඳලා ඉවරයි. අමු කුණුහබ්බෙන් දෙනවා ගමටම ඇහෙන්න. ඒ වෙලාවට කවුරුත් එයා ගාවට කිට්ටු වෙන්නේ නෑ. අපිත් හෙමීට පල්ලම් බහිනවා.

මේවා මතක් උනේ, රෝහිණි අක්කගේ මහත්තයා ගැන ලියන්න ඕන නිසා. ඌ තිලාපියා. පෙට්ටියේ බැඳගෙන මාළු විකුණන එකනේ කොලේ. ඔය තිලාපියාට විතරයි අපේ තාත්තා වේස කොල්ලා කියලා නොකීවේ. අනික හැම මාළු කාරයම මොකක් හරි වැඩකට නෝන්ඩි වෙලා, වේස කොල්ලා ගරු නම්බු නාමයෙන් සරසලා, බවුතීස්ම කොරලා උන්නේ.

තිලාපියා කවදාවත් ජරා මාළු ගෙනාවෙම නෑ. පියා මාළු ගෙනාවේ, කොළඹින් නෙමෙයි. එක්කෝ ඇළකන්දෙන්, නැත්නම් මීගමුවෙන්. මීගමු යන්න ඕන නිසා, උදේ පාන්දරම පියා ඇහැ ඇරෙනවා. මූණ කට පොඩ්ඩක් හෝදගෙන, බයිසිකලෙත් අරගෙන ලී ගේට්ටුව අරිනවා. ඕන්..., ගේට්ටුවේ අසව්ව කීන්.................. ගාල සද්දයක් දානවා.

ඔය සද්දෙට, මොරිස් අංකල්ලගේ ගෙදර කුකුල් නින්ද දාගෙන ඉන්න, කුකුළට ඇහැ ඇරෙනවා. ඌ කුක්කු කූ කූ... කියලා තිලාපියාට විෂ් කොරනවා, පරෙස්සමෙන් ගිහින් වරෙන් කියලා. ඒත් හැරිස් ගේ කුකුළා හිතන්නේ, ඌට විෂ් කල කියලා ඌත් නැගිටලා, කොක්කා ඩුඩුල් ඩූ........ කියලා මොරිස් අංකලෙගේ කුකුළට විෂ් කරනවා.

රැවුල් බාස්ගේ කුකුළට ඔය සද්දේ ඇහුනම්, ඌ හිතන්නේ ඌට කිව්වා කියලා, ඌත් කුක්කු කූ කූ.... ගාල බෙරිහන් දෙනවා. ඕන් ඔය විදය්ට තමයි ලංකාවෙම කුකුල්ලු එකිනෙකට විෂ් කොර ගන්නේ. මේ කතන්දරේ දන්නෙ නැති සම හරක් හිතාගෙන ඉන්නේ, කුකුළා තමයි උදෙන්ම ඇහැ ඇරෙන්නේ කියලා. ඔය ඔක්කෝම නැගිටින්නේ පියා නැගිටින නිසාය කියලා දැන ගෙන උන්නේ, බොහෝම සුළු පිරිසක්.

ඔය කතන්දරේ, ඒ කාළේ ලංකාවේ හිටපු කැලිප්සෝ සෙට් එකකටත් ආරංචි වෙලා, උන් මෙකට ඉන්ගිරිස් සින්දුවක් ලියනවා "මිස්ටර් කක්කා ඩුඩුල් ඩූ..." කියලා.  සද්දේ එහෙම ඇහුනට, ඇත්තටම කියන්නේ "මිස්ටර් කොක් අ ඩුඩ්ල් ඩූ...." කියලා. ගෲප් එකෙ නම ලා බම්බාස්. ඕකේ ලීඩ් කරේ මට මතක විදියට ජෝ බී පෙරේරා.. එයාම තමයි බොහෝම ෆේමස්  "මුලු ගතම වෙහෙසුනා.... දහඩියෙන් නෑ උනා..... කුස ගින්න නිවා ගන්න මේමා.... යකඩ තලන්නා......" සින්දුව කියන්නෙත්.

75 comments:

  1. ජෝ බී පෙරේරා මේ ඊයෙ පෙරේදා දිව්‍යලෝකෙ ගියා කියල මම පත්තරේක දැක්කා.අපි බොහොම ප්‍රියකළ ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ මීට පස්සේ සෙවන්ටීස් ෂෝ වල මම ආසම සින්දු ටිකක් අහන්න වෙන්නේ නෑ..

      Delete
  2. උඹට මේ කතාව ලියන්න දෙන්නෙ නැතිව ආතල් දෙන එවුන්ට හෙන ගහන්න එපැයි.
    ඔය යක්කු වගේ බුවාල ඉන්නවනෙ. හුඟ දෙනෙකුගෙ තාත්තල බොහොම තැන්පත් මිනිස්සු බං.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ බං උන්ට මෙළෝ හෙනයක් නැති එකනේ..

      Delete
  3. ඇග්නස් අත්තා ටොප් කතන්දර ගොඩකට මුල වගේ. මම පළවෙනි කොටස දැක්කේ අදයි. ඒක මරු බං.
    මචං ජෝ බී ලඟදි මැරුණා.එයාගේ මීමැස්සො බෑන්ඩ් එක 70 ගණන්වල නැගලා ගියා. අයියලා මල්ලිලා හිටියේ. යකඩ තලන්නා පට්ට සිංදුවක්. මචං ජෝ ලා බම්බාස් ගැහුවේ නැද්ද කොහෙද. ජෝ මීගමුවේ. ලා බම්බාස් මොරටුවේ ප්‍රියා පීරිස් ගේ. නොයෙල් රණසිංහ...ලා සිලනියන්ස්. නෙවිල් ෆර්නැන්ඩු...ලොස් කැබෙරලොස්.

    ජෝ බී..ලොස් මුචාචොස් (සෝබමාන ගුවන් සේවිකා සින්දුව මතකද )ගැහුවා මගේ හිතේ. මේ කැලිප්සෝ බෑන්ඩ් ඉතිහාසය හොඳට දන්න වයසක ආන්ටි කෙනෙක් ඉන්නවා මෙහේ. වෙලාවක සෙට්වෙලා අහගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ෂෝ වලදි මේ සින්දුව කිව්වේ ජෝ බී පෙරේරා. එකයි මම හිතුවේ මේක එයගේ කියලා. ඔය කැලිප්සෝ සෙට් හෙන ගොඩක් හිටියා. මට මතකයි උඹ මේ ගැන ලිව්වද කොහෙද කියලා. කව්ද බං ඒ සින්දුවලට ආස නැත්තේ.

      Delete
    2. මාතලන් අයියා හරි. ඔය සින්දුව කියන්නේ ජෝ බී පෙරේරා තමයි.
      අපේ තාත්තගේ බොක්කක්.
      එක පාරක් ඔය රසාජලී කලාකවයේ සෙට් එකි අපේ ගෙදර රා පාටියක් දැම්මා. මේරියන්ස් එකේ ඩ්‍රම්ස් ගහපු ජූඩ් අයිය ගිටාර් ගැහුවා වගේ මතකයි.

      Delete
  4. කැලිප්සෝ වලත් මාර ආතල් එකක් බං තියෙන්නෙ .. මට නං සුපිරි !!!

    ReplyDelete
    Replies
    1. ඇයි බොට විතරක් අපටත් සුපිරි. කොහොමද එදා කොන්ගෝ පාරයි දර්බග් පාරයි. මාතගේ හුලං ගැහිල්ලයි. ඉවාන්ගේ ගායනයයි.

      Delete
    2. අයෙක් නටත් සුරා මතින් නලින් අයියා :D

      මොනාද මේ කතා.මාතෙගේ හුළං ඩාන්ස් විත් ඉවාන්‍යගේ "මාස්ටර් සර් " ,, රාග තාල ලෙල දෙනවා .. මං බොංගො එකේ ආසාව අත ඇරලා ගැහුවෙ :D

      Delete
    3. ආයි මොකටැයි කියන්නයි අහන්නයි ලැජ්ජා වෙන්නේ.. මං කැලිප්සෝ ගැන දන්නෑ බං. මොනාද ඇත්තටම කැලිප්සෝ කියන්නේ??

      Delete
    4. මේක කියවා බලපන්.

      සාමන්‍ය අදහසක් ගන්න පුළුවන්. මේ ලිපිය කියවපන්. ලෝකය කැලිප්සෝ හඳුන්වන ආකාරයට වඩා වෙනස් රසයකින් තමයි අපි ඒක ශ්‍රීලාංකික කරගත්තේ. සංචාරක හෝටල්වල අනිවාර්ය අංගයක් වුනා.

      Delete
    5. thnx නෙරංජ ලින්ක් එකට....

      Delete
    6. ඔය අරූ අයියා පාර පෙන්නල තියෙන්නෙ එලටම...ඉතිහාසය කොහොම උනත් මම හිතන්නෙ අපි ඒක අපිට ආවේනික විදියට හදාගෙන..සාමාන්‍යයෙන් දැනට නං එකෝඩියන් එකකුයි බොක්ස් 2,3 කුයි බොංගො එකකකුයි තමා භාවිතා වෙන්නෙ..ගොඩක් වෙලාවට මයික් එහෙම පාවිච්චියකුත් නෑ. තනිකරම එකෝස්ටික් බඩු වලින් වැඩේ යන්නෙ..අර ඇට තියන හොල්ලන ගැජමැටික් එකත් තියනවා වෙලාවකට..අර බතික් ෂර්ට් ඇඳල පං කොල තොප්පි දාල ගහන්නෙ බං .උඹ ඕනතරං දැකල ඇති ටීවී එකේ එහෙම හැමතිස්සෙම ගියා ඉස්සර...මමත් ඔය ගැන එහෙමකට දන්නෙ නෑ.

      අරූ අයියෙ ඉන්ද්‍රානි පෙරේරල එහෙම ඉස්සර කැලිප්සෝ ගහපු අය නේද ?? ක්ලැරන්ස්ගෙත් කැලිප්සෝ ගතිය දැනෙනව සිංදු වල.

      Delete
    7. පත්තරේ අපේ රටේ පොප් සංගීතේ මුල් යුගයේ ඔය කැලිප්සෝ හුරුව තියෙනවා නේද ගොඩාක් අයගේ.

      Delete
    8. \\අර බතික් ෂර්ට් ඇඳල පං කොල තොප්පි දාල ගහන්නෙ බං .උඹ ඕනතරං දැකල ඇති ටීවී එකේ එහෙම හැමතිස්සෙම ගියා ඉස්සර..//

      ඔන්න ඔහොම කියහංකො බං. ඔය තේරුනේ අගේට..

      Delete
    9. අපරාදෙ ඔය ටික ලියල නිකං ඉන්ඩ තිබ්බෙ :D

      Delete
    10. මම හිතන්නේ ලංකාවේ බිහි උන ඔක්කෝම කැලිප්සෝ සින්දු එක වගේම ජනප්‍රියයි..

      Delete
  5. එතකොට ඔන්න ඔහෙමයි කුණුහරුප ශාස්ත්‍රපති උපාධිය ලැබුණේ අපේ මාතලන් තුමාට...

    ReplyDelete
    Replies
    1. නෑ................ නෑ මාතලන් ඔය සමාජයේ අත්දැකීම් තුළින් පන්නරය ලබලා තමයි උපාධිය සමත් වුණේ........ නලියා ඔය මාතලන් ගොඩක් කුණුහබ්බ එහෙම දන්නවා කියලා තමයි ආරංචිය......................

      Delete
    2. නෑ මචෝ... ඔය පොඩි කාළේ නේ.. ඊට පස්සෙ උපාධිය ගත්තේ වෙන තැනකින්. ඒක වෙනම කතාවක්..

      Delete
  6. සුරුට්ටු වලින් හොදම කියුබාවේ එව ද ?යාපනේ සුරුට්ටු වල විශේෂයක් තියෙද ???

    ReplyDelete
    Replies
    1. මැනිලා සුරුට්ටු පෙට්ටි සුරුට්ටු කළු සුරුට්ටු මලුවට එකයි සුරුට්ටු නානා වර්ග අධික මිල ගණන් ඒවත් තියේ.

      Delete
    2. පෙට්ටි සුරුට්ටු වල ඉස්සර ආපු තුනි ලැල්ලෙන් කරපු පෙට්ටි විතරක් දැකලා තියෙනවා ,කළු සුරුට්ටු නම් දන්නවා ,එවටම ද යාපනේ සුරුට්ටු කියන්නෙත් ????

      Delete
    3. සහෝ......ඔය සුරුට්ටු සබ්ජෙක්ට් එක ලොකු කතන්දරයක්. ලෝකේ හොඳම සුරුට්ටු කියුබන් කියලා තමයි කියන්නේ. මම දැක්කා එක කියුබන් සිගාර් එකක් බ්‍රිතාන්‍ය පවුම් 30යි. ඊට වඩා ඒවත් තියෙනවාලු.

      Delete
    4. මචං සහෝ අරූ කියල තියන දේ ඇත්ත.. ඔය යාපනේ සුරුට්ටු කියන්නේ කළු සුරුට්ටු වර්ගයක්ම තමයි එත් යාපනේ සුරුට්ටුවල පැනි ගතියක් තියනවා. එවා බොනවට වඩා කරන්නේ හප හපා ඉන්න එක. ඒ දුන්කල පැණිවල පොගවා ඔතන ලද සුරුට්ටු වර්ගයක් . එක සුරුට්ටුවක් බොන්න ගිනිපෙට්ටි 10ක් වත් ඕන කරනවා. මොකද පත්තුකරලා උරණ කොටම නිමෙනවා.

      Delete
    5. හරි නලින් අයියා වැඩේ තෙරුණා දුම්කොළ වලත් ඔය විදිය තියෙනවා නේ ???

      අරූ ...කියුබාවේ සුරුට්ටු සැනකෙළි පවා තියෙනවා කියලා ලිපියක් කියෙව්වා මේ දැන් ,ඇත්තටම සුරුට්ටු කතන්දරේ රසවත් වගේ හොයලා බලන්න තරම් ...

      Delete
    6. අර ගෝල්ඩ්ලීෆ් පැකට් එකේ ඇතුලෙ කොලේ ඩබල් කරලා ඔතලා හදන සුරුට්ටුව තමා බං පට්ට්ම :D  !!

      Delete
    7. පොඩි තැනක්වත් ඉරෙන්නේ නැතුව ගලවලා දෙන්නද ටිෂූ එක...

      Delete
    8. නලින් අයියා :D ඒ තරං ප්‍රැක්ටිස් ඈ .. උඹ තමා මිනිහා .හැක්

      Delete
    9. මං අහල තියෙන්නෙ සඳරුවාගෙ ආදායම් බලපත්තරේ ඔතන සුරුට්ටුව තමා හොඳම එකා. කියුපර් පටිය ලඟටම යන්න පුලුවන්ලු.

      http://hisahasa.blogspot.com/2012/11/blog-post_29.html

      Delete
    10. @ අරූ... මචෝ,,,,, දවසක උරල බලපං ...ඒ කියුබන් සුරුට්ටුවක රසය.... සිතල වයින් එක්ක.....

      Delete
    11. Kenji...මම ගහලා තියෙනවා. එක පාරක් මම සිගරට් ගාන වැඩිනිසා සිගාර්ස් ගැහුවා. ඒවානම් සාමන්‍ය එව්වා. තාමත් ඉඳලා හිටලා පැකට් එකක් අරන් ඉන් බිට්වීන් ගහනවා.

      Delete
    12. මේ අවස්තාවේ " මළුවටම එකයි " ගැනත් වචනයක් නොකියාම බෑ .. :D

      දෙන්ඩ බොස් ඒ ගැනත් පොඩි මෙව්ව එකක්. නැත්තං වැඩේ අසම්පූර්ණයි . චැහ්.

      Delete
    13. කෙන්ජී මාමේ
      “හබානෝ ලු නේද හොදම සුරුට්ටු වර්ගය ..

      @පත්තරෙ
      අපේ එව්වා ඔය කියුබානු එවා වගෙද බන් නැද්ද :D

      Delete
    14. සහෝදර මචං ..

      අපි වවමු - රට නගමු !!!

      Delete
    15. SAho....ඕකHABANO කියලා ලිව්වාට කියන්නේ හවානෝ කියලා මගේ හිතේ. හවානෝ කියන්නේ සිගාර්ස් කම්පැනි එකක්.

      Delete
    16. මාතෙ, ඊගාව පෝස්ට් එක සුරුට්ටු ගැන දැම්මනං හොඳයි වගේ.

      Delete
    17. අම්මපා සුරුට්ටු ගැන ලිව්වා නම් හොඳයි කියලා මටත් හිතුනා. වෙලාවක බලමුකෝ..

      Delete
    18. අඩේ මමත් සුරුට්ටු සුවඳට නම් පට්ට මනාපයි...

      Delete
  7. // එයාලා ලංසි නෙමෙයි. ජයසේකරලා.//

    ඔය හරියට සම්බන්ද මිස්කින් කියලා නමක් මාතලංට මතකද? :P

    ඇග්නස් ආච්චි ඉඳල තියෙන්න වජිර අබේවර්දන කියන සක්කිලිය ගෙ ගෙවල් කිට්ටුව වෙන්න ඕනෑ ඔය කියන විදියට.

    මාතලං ගෙ මේ ලිපි ටික මරු.

    ReplyDelete
    Replies
    1. මොකද උඹට පුකේ අමාරුවද වජිර A එක්ක.... මචෝ....

      Delete
    2. පාටි එකෙත් ලොකු තැනක ඉඳලා මන්ත්‍රී කම් ඇමති කම් කරලා පලාතට දැනෙන මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ඌරෙක් වගේ කඳයි බඩයි විතරක් ලොකු කරගත්තු කාලකන්නියෙක්ට සක්කිලිය කිව්වම උඹට අවුල් වගෙ ද මචෝ?

      Delete
    3. උඹ ඔය කියන නම් හොඳට හුරුයි.. වජිර මගේ ලොකු අම්මගේ බාල පුතාගේ ක්ලාස් මේට්. මෙළෝ රහක් නැති යකෙක් තමයි. නිකන්යෑ ගාල්ලේ මිනිස්සු ප්‍රතික්ෂේප කොළේ... උඹත් ගාල්ලෙයි...?

      Delete
  8. \\ඔය සද්දෙට, මොරිස් අංකල්ලගේ ගෙදර කුකුල් නින්ද දාගෙන ඉන්න, කුකුළට ඇහැ ඇරෙනවා. ඌ කුක්කු කූ කූ... කියලා තිලාපියාට විෂ් කොරනවා, පරෙස්සමෙන් ගිහින් වරෙන් කියලා.//

    කතාවෙ හොඳම ටික..

    මාතලන් අයියණ්ඩියේ..නෑ පරපුරනම් මරුනේ අප්පා..

    එතකොට දැන් කුනුහරුප උපාධියේ කොයි අදියරේද ඉන්නෙ මාතලන් අයියා??

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ පෝස්ට් එකේ තියෙන්නේ.. ආයේ මුල ඉඳලා කියවහන්..

      Delete
  9. මට නම් ලියවිල්ල ....කික් මදි මචෝ......
    චුට්ටි අඩුවක් තියෙනව වගේ,,,,,

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඉතින් මාතලන් දන්න කුණුහබ්බ ටිකත් මේකට දාන්න එපැයි කියලානේ..... එහෙම වුණානම් කෙන්ජියට නියමෙට දැනෙයි............. හැක්

      Delete
    2. ඇයි ඉතින් උඹට අල්ලලා යන එකක්වත් මේකේ නෑ නේ.. ඊළඟ එකත් අවුල් මචෝ.. ඒ උනාට උඹේ කොමෙන්ටුව මට රටක් වටිනවා...

      Delete
  10. Ranjan DüsseldorfJune 27, 2014 at 8:29 AM

    Mathalan, Aru bohodurata hari namuth Joe B. pereralage band eka "Meemesso"

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති මචෝ.. මම නොම්මර එකේ අල්සයිම කාරයා...

      Delete
  11. කමෙන්ට්ස් දිහා බලපුවාම පේන්නේ 'කුණුහබ්බ, ඇග්නස් ආතා සහ කුක්කු කූ ' කියන එක අගට 'සුරුට්ටුව' කෑල්ලකුත් එකතු කලා නම් හොඳයි කියලා...:D:D

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. එල්ලන්න කිව්වම කතාවක් මතක් උනා. ඒක කිව්වොත් පොකූ ආයේ මේ පැත්තෙ එන්නේ නෑ... ඒක නිසා ඒක ඕන නෑ..

      Delete
  12. ඉස්සර ඔය කැලිප්සෝ කියලා වචනයක් අපි දන්නෙවත් නැහැ. අපි සිංහලෙන් කිව්වේ 'ග්රූප් සෝන්ග්ස්' කියලා. රේඩියෝ එකේ කිව්වේ කණ්ඩායම් ගී කියලා. අපි ඔව්වා අහන්ඩ පණ කඩාගෙන රේඩියෝ එකට වටවෙන්නේ. අර වැනිස්ට්‍රා ලෑලි තේ පෙට්ටියකට මහතා කපු ලන්නක් දාලා කොහු මිටකින් ටෙන්ෂන් එක පාලනය කරලා හදා ගත්ත බේස් එකක් අපේ කොල්ලෝ සැට් එකේ ගෙදරි ගෙදරට ගියා. සමහර ගෙවල්වල අපි ඕකත් ගගහා පොඩි බොක්ස් ගිටාර් කට්ටකුයි, කොන්ගෝ ඩ්‍රම් පලුවකුයි තියාගෙන ඔය සින්දු කිව්වා. අම්මාපා එහෙම කාලයක්.

    ReplyDelete
    Replies
    1. පුදුම රහක් ගොයියෝ ඔය සින්දුවල තිබුනේ... අදත් විඳින්නේ ඒකනේ..

      Delete
  13. කලිං එකය් මේකයි දෙකයි...
    හැක් හැක්...
    ආතල් කෝටියයි...
    අඩ් අප්ප අර ලේකුප්පගල ලියනඒවට වඩා මේව හොද නැද්ද...
    මේ සිරාවටම අහන්නෙ...
    පට්ට ලිවිල්ලක් නෙ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට... මම කැමති අරවට...

      Delete
  14. ෂා...... නියමයිනේ........ ගම්පෙරලිය යුගයේ...... නිරුපනය වන .....වෙනත්....... සමාජයක කතා වස්තුව..... ප්‍රදෙශියව, මිනිසුන්ගේ හැසිරීම් රටාව, හා ජිවන තත්වය.... තමයි මං මේකෙන් තෙරුන් ගත්තේ.....වෙනස් රටාවන් ලියනවට ස්තුතියි...... අපේ ඉතිහාසය දැන ගන්න , මාතලන් අයියේ.....

    ReplyDelete
    Replies
    1. මොකක් හරි අහුලගන්න පුළුවන් නම් ඒ මදෑ...

      Delete
  15. අපරාදේ කියන්න බෑ බොට තියන්නේ ඇගනස් ආතාගේ උරුව.. බලපං ලියල තියෙන ලස්සන.. ඔන්න ඔහොම නේ ලියන්න ඕන.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. හා දේශකයා කියමු බලන්න දැන් එතකොට දේශකයා කුණුහබ්බ කීයක් විතර දන්නවාද කියලා....................???

      Delete
    2. ඇග්නස් ආතා කියපුවා ලිව්වා නම් හෙම. බ්ලොගර් වලින් වාරණයට ලක් වෙනවා මේක. ඕක කිව්වම් මට මතක් උනේ අපේ ෂන්මුගම්, ඌ ගාවත් පට්ට සිංහළ කුණුහබ්බ සෙට් එකක් තිබුනා. ඒකක් තමයි, "අම්මගේ වෙෂිගේ පුතා"

      Delete
  16. මම උසස්පෙල කරන කාලේ අලුත් කුනුහරුපයක් හින්ද වුන ඇබැද්දියක් කයන්නම්
    මගේ උසස්පෙල පන්තියේ හැම වැඩක්ම කෙරුනේ ඉහල සමාජ පන්තියක් නියෝජනය කරන
    ‍කොල්ලො තුන් දෙනෙක්ට ඕන විදියට. මට මේක ඇල්ලුවේ නෑ ඒක හින්දම මම පන්තියේ ලෙඩ දාගත්තා
    ඉතිං දවසක් මම වෙන පන්ති කාමරයකට වෙලා කොල්ලො දෙන්නෙක් එක්ක මේ ගැන කතා කලා
    ඒ වෙලාවේ ඒ පන්තියේ මැඩම් කෙනෙක් භෞතික විද්‍යාව උගන්වනවා
    මම ‍කිව්වා අපේ පන්තියේ හැම දෙයක්ම වෙන්නේ කොල්ලො තුන් දෙනෙක්ට ඕන විදියට
    අනික් එවුන් බල්ලෝ වගේ ඔහේ ඉන්නවා මට අපේ පන්තිය එපා වෙලා මේක පන්තියක් නෙමේ
    "ජුන්ටාවක්" කියලා
    ආවේග ශීලීත්වය වැඩි හින්දා "ජුන්ටා" කියන වචනේ සද්දෙට කියවුනා
    මැඩම් පාඩම නවත්තලා අපිදිහා ටිකක් වෙලා බලන් හිටියා
    යාලුවො දෙන්නා කිවුවා යකෝ කුනුහරුප කියනකොට අපිට විතරක් ඇහෙන්න කියපිය
    මැඩම් මොකවත් හිතුවද දන්නෙ නෑ කියලා
    ඒකාලේ මම දැනගෙන හිටියෙ නෑ ජුන්ටා වගේ කුනසුහරුපෙකුත් තියෙනවා කියලා
    පස්සෙ මම ඒ දෙන්නට ජුන්ටාව කියන්නෙ මොකක්ද කියලා තේරුම්කරලා දුන්නා
    එයාල කිව්වා උඹේ පන්තිය විතරක් නෙමේ මේකෙත් ඔය විදියටමයි වෙන්නෙ ගනංගන්න එපා කියලා

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එකේ යටි පෙල අරුතට මම බොහොම මනාපයි...

      Delete
  17. පියාට හෙන ගහන්න එපැයි යකෝ ලංකාවෙම ඉන්න කුකුළ්ලු ටික නැගිට්ටෝනවට.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ පියාට විරුද්ධව කුකුළෝ උපවාසයක් හිටන් කොලා...

      Delete
  18. බලං ගියාම ලොකු කට්ටිය කරන ආමන්ත්‍රණ වලින් වැඩි හරියක් අපහාස වෙලා තියෙන්නේ උඹේ අම්මටනේ. උඹට හෙනවත් නෑ. පුතා කියන වචනේ විතරයි.

    මේ පෝස්ට් එකේ මම දකින ලොකුම අඩුපාඩුව තමයි >>...ඇග්නස් ආත්තා. අපරාදේ කියන්නේ, කතා කළේම අමු තිත්ත කුණුහබ්බෙන්, පෑලිස් මුත්තට ආදරේට කතා කලෙත් අමු කුණුහබ්බෙන්..<< කියන තැන උදාහරණයක් හැටියට දෙබසක් ලියලා නැති එක. එතකොට අපිට ඕක හිතාගන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. //බලං ගියාම ලොකු කට්ටිය කරන ආමන්ත්‍රණ වලින් වැඩි හරියක් අපහාස වෙලා තියෙන්නේ උඹේ අම්මටනේ. උඹට හෙනවත් නෑ. පුතා කියන වචනේ විතරයි.//

      අනේ අම්මපා එකෙත් හැටි ඩුඩ් අයියේ,කොහෙන් ගියාත් මේකා බේරිලා නොවැ...:D

      Delete
    2. එදා ඉඳන් අද වෙනකන්, කොහෙන් ගියත් මම බේරිලා මචෝ...

      Delete
  19. කතාව එළස් මාතලන්..................

    කුණුහරප උපාධියේ පී.එච්.ඩී තියෙන සෙට් එකක් අපේ ගමෙත් හිටියා. අපේ ගෙවල් ළගත් කෙනෙක් හිටියා. ආ .........තව මාමා කෙනෙක් හිටියා. එයා තනියම බීලා ඇවිත් 10 විතර වෙද්දි ඩිග්රියට පාඩම් කරන්න පටන් ගන්නවා. මිනිහෙක්ට පාරෙවත් යන්න බෑ ඉතින්............. පස්සේ පුද්ගලයා මලා................

    කුකුළත් එළ.... ඔය කුකුළෝ ගැන මාතලන් හොදට දන්නවානේ............... හැක්

    ReplyDelete
    Replies
    1. කුකුළෝ ගැන නම් ලියන්න බැරිය බන් පොතක්. අපේ ඔහොම පී ඇච් ඩී එකට පාඩම් කරන කෙනෙක් හිටියා. හැබයි ගෑණු කෙනෙක්, නමුත් නම කරෝලිස්... වෙලාවක එයා ගැනත් ලියන්නම්කෝ..

      Delete
  20. හැලපයියා ගේ "මොනාලිසා"එකට,රවීයියාගේ "වාන් පතුල්"එකට දෙවැනි වෙන්නේ නැහැ වගේනේ.

    ReplyDelete
    Replies
    1. අදිනවනම් අදින්න බැරිය බන් චුයින් ගම් එක වගේ...

      Delete
  21. සුරුට්ටු සුරුට්ටු........මාත මාමෙ ළගදීම සුරුට්ටු ගැන ලිපියක් දාලා ඉදියනං

    ReplyDelete
  22. අපේ ගෙදරට ඉස්සරහ ගෙදරත් හිටිය අයිය මලෝ දෙන්නෙක් හැමදාම රෑට ගෙවල් දෙකේ ඉඳන් ගමටම ඇහෙන්න බැන ගන්නවා.. හෙහ් හෙහ් අපරාදේ කියන්න බෑ නිතර ඕනේ වෙන කුණුහරුප සියල්ල 5 වසර විතර වෙනකොට ඔක්කොම ඉගෙන ගන්න අවස්ථාව ලැබුණ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න