.

.

Jul 25, 2014

මීගමු මාළු, කැටමරන් හා කකුළුවෝ - Negombo Fish Market, Catamaran & Crabs


රොකට් රෝහිණී කථා වස්තුව - හතරවන කෑල්ල

තුන්වන කෑල්ල බලන්න මේ අකුරු උඩ කොටන්න.

ගිය සැරේ "පියා" ගැන ලියන්න ගිහින් නැවතුනේ, බලපිටියේ බල මාළු වලින්, ඇඹුල් තියාල් හදලා. ඒ මාතලන්ගේ, පළවෙනි සූප වේදී පාඩම. ආයේ නෑ පබිලිස් පාඩම වගේම නැගලා ගියා. ඒත් එකෙක්වත් හැදුවද නැද්ද කියලා නම් කිව්වේ නෑ. හදන්න කලින් මාළු අරගෙන ඉන්න එපාය. මාළු ගන්න ගියාම, ආන්ඩුවේ උන්ගේ මාළු කන්න හිතෙනවා, කියන ගනන් වලට. ඉතින් කොහෙද ඇඹුල් තියාල් දාන්නේ.

මේ අපේ "පියා" නෙමේ..
ඔය රොකට් රෝහිණි ඇවිත්, පියාගේ දෙවනි කසාදේ නේ. පියා මාළු කාරයා. බයිසිකලේ පිටිපස්සේ ලැගේජ් එකේ ලී පෙට්ටියක් බැඳගෙන, මාළු විකුණනවා. ඔය පෙට්ටියේම සයිඩ් එකේ. මාළු කපන මහා පිහියයි, ලෑල්ලයි තියෙනවා. රාත්තලේ, භාගේ, පඩි දාලා කිරණ තරාදියත් පැත්තකින් එල්ලෙනවා. ඒ වගේම මාළු ඉන්න වෙලාවට ඔය පෙට්ටියෙන් වතුර බේරෙනවා. වතුරත් එක්ක පණ පිටින් මාළු ගේන නිසා නෙමෙයි, අයිස් දාපු මාළු ගේන නිසා. ඔය මාළු කාරයෝ මාළු ගන්න තැන්වල, පත අයිස් කුට්ටිත් විකුණන්න තියෙනවා.

පරණ පඩි..

මාළු කාරයෝ ගාව තිබුන තරාදිත්, සුපිරි මට්ටමේ තිබුනේ නෑ. එක එක බරට තිබුන පඩිත් එහෙමයි. සමහර ඒවා නිකන් අනුරාජපුර, පොලොන්නරු යුගයේ වගේ එව්වා. සමහර උන්ගේ මාළු දාන්න, පඩිය දාන්න තිබුනේ පරන බෙලෙක් පිඟන්. මේවා උන්ගෙම නිශ්පාදන. මේ බෙලෙක් පිඟන් සුදු පාට උනාට, සුදු පේන්ට් එක ගැලවිලා, වැඩිපුර තිබුනේ කළු පැල්ලම්. ඕවයෙන් හරියට කිරුවද කියලා දන්නේ ඉතින් ශාන්ත අන්තෝනී මුනි තුමාම තමයි. මීගමුව පැත්තේ ධීවර ජනතාව වැඩියෙන් අදහන්නේ, සැන්ට් ඇනතනීස් උත්තමයයි. මඩු මෑණියෝයි. මේ මඩු මෑනියන්ගෙයි. මඩුවගෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියන්න නම්, මම හරියට දන්නේ නෑ. කොහොම හරි, මඩු මෑණියන්ගේ සරණ, ධීවරයන්ට තියෙනවා කියලා තමයි එයාලා නම් කියන්නේ.


අපේ පැත්තේ මාළු කාරයෝ වැඩි දෙනෙක්, මාළු ගෙනාවේ සාන්ත ජෝන්ගේ වීදීයේ කඩෙන්. ඒක ඉස්සරතිබුනේ, ඔය ගුණසිංහපුර බස් ඉස්ටෑන්ඩ් එක තියෙන හරියේ. පස්සෙ, එතනින් හෙට්ටි වීදිය පැත්තේ තඩි බිල්ඩිමකට ගෙනිච්චා. දැන් නම් තියෙන්නේ පෑලියගොඩ. ආයේ කැත නැතුව සුද්දෙක් උනත් එක්ක ගෙන ගිහින් පෙන්නන්න පුළුවන්. ඒකට ඉතින් සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන, අපේ මහින්ද මහත්තයගේ යුද්ධ මල්ලිට. එක වෙලාවකට හිතෙනවා, එයා ඇමරිකාවේ කාළයක් හිටිය එක කොච්චර දෙයක්ද කියලා.

පෑලියගොඩ මාළු කඩේ..
මේ ළඟදී ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් ඉස්කුයා (Arcade Independent Square) කියල, පරණ පිස්සන් කොටුවත් දිවිය ළෝකේ වගේ හැදුවා. දෙවනි ළෝක යුද්ධය වෙලාවේ ජපන්නු කොළඹ රේඩියෝ ඉස්ටේසොන් එක කියලා හිතලා, බෝම්බේ දාල තියෙන්නේ අල්ලපු වැටේ තිබුන පිස්සන් කොටුවට. ඒ කියන්නේ පිස්සන් කොටුව තීලා තියෙන්නේ, රෙඩියෝ සිලෝන් එක ගාව. ඒ නිසාමද දන්නේ නෑ, අදත් ඒකේ මහ තැන හැටියට, උදේ පාන්දර, මෙළෝ රහක් නැතිව කෑ ගහන, පිස්සෙක් දාලා ඉන්නේ. ඊට පස්සෙ ඔතන තිබුනේ ජරාවාස වෙච්චි ඔඩිටර් ජැනරල් ඔපීස් එක.

ඒක නම් කොයි ළෝකේ ගියාද කියන්න නම් දන්නෙ නෑ. දැන් එතන තියෙනවා, ලංකාවේ පළවෙනි බුටීක් සිනමා හෝල් එක. බොහෝම අපූරු අත්දැකීමක්, මේවා නොදන්න අයට. මේ දවස්වල ඔය බුකියේ ෂෙයා වෙන, ජැකලීන් අක්කිගේ රුපියල් 200 ආප්ප කඩෙත් තියෙන්නේ මේකේ. නම "කෑම සූත්‍ර". අපේ විමල් සහෝදරයගෙ වෙබ් අඩවියෙත්, හොඳ ප්‍රචාරයක් දීලා තිබුනා මේකට. ඒක දැක්කහම නම්, මට පස්ස පැත්තෙනුත් පොඩි හිනාවක් ගියා අප්පා. මට නම්, එතන අල්ලලාම ගියේ, සිංහ ප්‍රතිමා ටික. අපූරු කළා නිර්මාණයක් ඒක නම්.

Arcade Independent Square
"පියා", ශාන්ත ජෝන් මාළු මාකට් එකේ ඒවා ගෙනාවේ, බොහෝම කළාතුරකින්. නැත්නම් පොර මාළු ගෙනාවේ ඇළකන්දෙන්, එහෙම නැත්නම් මීගමුවෙන්. මීගමුවේ ඉඳලා ඇළකන්දට මාළු ගේන්නෙත් බෝට්ටුවල. ලන්දේසි ඇල දිගේ. මේ ලන්දේසී ඇල හදලා තියෙන්නේ ලන්සි, 17 වන සියවසේදි. එයාලා මහා මාර්ග හදනවට වඩා කරලා තියෙන්නේ, මේ ඇල මාර්ග හදපු එක. ඔය කොළොන්නාව පැත්තේ, වැල්ලවත්ත පැත්තේ, අරහේ මෙහේ ඉතුරු වෙලා තියෙන්න, එහෙම හදපු ඇල මාර්ග.

මීගමුවේ ලන්දේසී ඇල, හැත්ක්ම 60 දිගයි. වත්තල හැඳල ඉඳලා, මීගමුවේ පමුණුවට යනකන් තියෙනවා. මීගමුවේ හරියෙ නම්, ඇල දෙපැත්තෙම බෝට්ටු පාකින්. ඇළකන්දේ ඉඳලා මීගමුවේ ලෙල්ලමට යන ට්‍රිප් එක නම් බොහෝම සුන්දරයි. මොකෝ මීගමුවේ කළපුව ඇවිල්ලා, ලංකාවෙ අති සුන්දර ස්ථාන වලින් එකක් නිසා. ඇළකන්දට ආවේ මීගමුවේ "ලෙල්ලමේ" බඩු.

සුන්දර ඇළකන්ඳ..
සෙල්ලම ලෙල්ලම වෙනවා කියලා කතාවක් තියෙන්නේ. ඕක කියලා ඇත්තේ නිකම් නම් වෙන්න බෑ. ලෙල්ලම කියන වචනේ උපත ගැන කියන්න නම් දන්නේ නෑ. හැබයි ලෙල්ලම කියලා කියන්නේ, මාළු මාකට් එක. එහෙම නැත්නම් මාළු වෙළඳ පොළ. ඇයි මේ සෙල්ලම ලෙල්ලම වෙනවා කියලා කියන්නේ. ලෙල්ලම කියන්නේ, අමු කුණුහබ්බ කියන, කිසි චාරයක් නැති, බොහෝම කළබල තැනක්. මම නම් හිතන්නේ මේ ලෙල්ලම ගැන වෙනම නිබන්ධනයක් උනත් ලියන්න පුළුවන්, අපූරු උප සංස්කෘතියක් තියෙන තැනක්.

ලංකාවේ තියෙන අනිත් මාළු මාකට් වලට, ලෙල්ලම කියනවා, මම අහලා නම් නෑ. ඒත් මීගමුවේ මාළු මාකට් එකට නම් කියන්නේ, ලෙල්ලම කියලා. ඔතන අළුතෙන් හදපු මාළු මාකට් එකකුත් තියෙනවා. නමුත් ලෙල්ලම කියන්නේ, පරණ මාළු මාකට් එකට. මේ ගැන අවබෝධයක් ගන්න නම්, උදේ පාන්දරම මෙතනට යන්න ඕන. කොහොමත් මාළු ගැන දන්න කියන ඕන එකෙක්, මාළු ගන්න යන්නේ උදේ පාන්දරම. එක්කෝ මාළු මාකට් එකට, එහෙම නැත්නම් වැල්ලට. එතකොට තමයි බය නැතිව හොඳ මාළු ටිකක් ගන්න පුළුවන්.

මාළු ගැන දන්න එකා. ඔය බහුදින යාත්‍රා, තඩි ට්‍රෝලර් වල තියෙන මාළු ගන්නේ නෑ. ෆ්‍රෙෂ් බඩු තියෙන්නේ කැටමරන් (Catamaran) වල. කැටමරන් කියන්නේ "කොල්ලෑව" සහිත ඔරුවට. මේක අද ඉන්ගිරිස් වචනයක් උනාට. ඔරිජිනල් වචනේ, පට්ට දෙමළ. "කට්ටු මරම්" කියන එක තමයි සුද්දා ජැක් පීටර් මැක් වගේ, ඉන්ගිරිසියට දාගෙන තියෙන්නේ. "කට්ටු" කියන්නේ, බඳිනවා කියන එක. "මරම්" කියන්නේ, ලීය. බැඳපු ලීය කියන එක තමයි නියම තේරුම. කොල්ලෑව කියන්නේ, මහ කොටේ බැලන්ස් වෙන්න බඳින පොඩි කොටේට.

මහ කොටේ හාරලා තමයි, ෆිෂර්මෑන්, ෆිෂින් යන්නේ. ඕවා ඉතින් එකා යන්න පුළුවන් සයිස් එකේ ඉඳලා, දහයක් යන්න පුළුවන් සයිස් එකට හදලා තියෙනවා, අපේ අය. ඔය තනි එකා යන ඒවා, ගම් වල තියෙන වැව් වල හිටන් තියෙනවා. මීගමුවේ තියෙන කැටමරන්, එහෙම නැත්නම් ඔරුවල වෙනස තමයි, පොල් ගහක් විතර උස, රුවලක් තියෙන එක. ඕක අපේ උන් හදන්න ඇත්තේ, පුරුතුගීසී කාරයන්ගේ රුවල් නැව් දැක්කයින් පස්සෙ වෙන්න ඇති.

පෙරිය සයිස් ක්‍රෑබ්..
ඕකුන් කොළඹට ආපු වෙලාවේ, අපේ උන් රජ්ජුරුවන්ට ගිහින් කියලා තියෙන්නේ, සුදු ගල් වගයක් කකා ලේ බොන, යකඩ ඇඳුම් ඇඳගත්ත, හම සුදු යක්කු වගයක් ඇවිල්ලා ඉන්නවය කියලනේ. ඒ පාර රජ්ජුරුවෝ කිව්වලු, එක්ක වර බලන්න කියලා. ඔය පරංගියා කෝට්ටේ ගිය කතාවත් හරි අපූරූ කතාවක්. මට වෙලාවකට හිතෙනවා ඒ කාළේ විජේ එන්නේ නැතිව ලොරෙන්සෝ ඉස්සෙල්ලන ආවා නම් කියලා. එහෙනම් ඉතින් අපිත් සුද්දෝ නේ.

පරංගියාගේ ඉතිහාස කතන්දරේ, බොහෝම අපූරුවට ලියලා තිබුනා, "හුදකළා රස්තියාදුකාරයා". අනිවාර්යයෙන්ම කිය විය යුතුම ළිපියක් ඒක. මේතනින් ඒක බලලම ආවත් අවුලක් නෑ.

මීගමුවේ ලෙල්ලම තියෙන්නේ, කළපුවත්, මුහුදත්, අතරේ. කොයි වෙලාවෙත් මාළු බෝට්ටු සිය ගානක් මෙතන තියෙනවා. මීගමුවට හැම ජාතියෙම වගේ මාළු ගේනව. ඔතන වැඩියෙන්ම කුණුහබ්බ කියන්නේ, වෙන්දේසිය වෙලාවට. මේක බලාගෙනම් ඉන්න වැඩේ. ඒත් ඔය සම හරක් මහත්තුරුන්ට නම්, සංසාරෙදි මේවා බලන්න යන්න බැරි වෙයි. මොකෝ ඒ මහත්වරුන්ගේ පතිවතට හානි වෙන නිසා.

අනෙක් මාළු වගෙම, මීගමුව බොහෝම ෆේමස්, කළපු කකුළුවන්ට. කළපු කකුළුවා ප්‍රමාණෙන් ළොකුයි. පාටත් තැඹිලි පාට නෙමෙයි. ගොම පාට. ඒත් ඉව්වාම නම්, තැඹිලි පාට වෙනවා. ඒත් ඉතින් දැන් ආඩම්බර වෙල්න යන්න එපා, අපේ ළිං මැඩි හරක් වගේ, ළෝකේ ඉන්න ළොකුම කකුළුවා, අපේ කකුළුවාය කියල. ළෝකේ ළොකුම කකුළුවා ඇවිත් ජැපනීස් ඉස්පයිඩර් ක්‍රෑබ් (Japanese Spider Crab). ඒ කියන්නේ ජපන් මකුළු කකුළුවා. ලොකුම එකෙක් අඩි 12-13 දිගයිළු. කිළෝ 40 ක් විතර බරයිලු. කොහොමද ලංකාවේ උන්නා නම්. එකෙක් ගෙනාවනම් මාසෙකට ඇති. මොකෝ අපේ උන් කෑම කනවා නෙමෙයිනේ, ලේව කනවා. ඒත් සමනළ කන්ද තරම් බත් ගොඩක් නම් කනවා.

ඔය කකුළුවෝ ගැනත් කතා ගොඩයි. ඒ ගැන ඊළඟ එකෙන් කතා කරමු..

ඊළඟ කෑල්ල මීට වඩා රසවත්..

146 comments:

  1. // විජේ එන්නේ නැතිව ලොරෙන්සෝ ඉස්සෙල්ලන ආවා නම් කියලා. එහෙනම් ඉතින් අපිත් සුද්දෝ නේ.//

    අම්මප මටත් හිතෙන්නෙ විජේ කේරළ කාරයෙක් කියලා..අපේ එවුන්ගෙයි කේරළ එවුන්ගෙයි තියෙන සමානකම් එමටයි..

    ලොක්කා ඔන්න මාත් ආවා!! ආවා කිව්වාට හැමදාම එනවා.. ඒත් මේ තමයි කුරුටු ගාපු පළමු දවස:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුෂ්.. කොමෙන්ට්ස් තමයි බ්ලොග් කාරයෝ ජීවත් කරවන්නේ.

      කේරලේ ගති වගේම කේරලයත් මෙහේ වගේමයි. ඒත් විජේ ආවේ ඊස්ට් සයිඩ් එකෙන්ය කියනවනේ..

      Delete
    2. කට ඇරියාම නියන්න පුළුවන් ඊස්ට් එකෙන්ද වෙස්ට් එකෙන්ද ඇවිල්ලා තියෙන්නෙ කියල, කියන්නෙම කෙප්ප නං ඉතින් ඊ්ස්ට් එකෙන් තමයි.

      Delete
    3. කියන තරම් සමානකමක් නෑ කේරල උනුයි අපියි අතර.. ගජබාහු රජ්ජුරුවො කේරල උන් 24000ක් ගෙනල්ල තියනවා. ඊට අමතරව කාලින් කාලෙට සන්ක්‍රමනය උන් ඉන්නව. ඔය ප්‍රනාන්ඩුපුල්ලෙ වගෙ. ඒ නිසා තමයි සමාන මුහුනු තියෙන්නෙ. ඉන්දියන් කාරයොන්ගෙ ගති ගුන බැලුවම අපිත් එක්ක ලඟින් යන්නෙම නෑ.. විජය බෙන්ගලි පැත්තෙ ඉඳල ඇවිල්ල මෙහෙ හිටපු ජාතියත් එක්ක කලවම් උනා කියන එක තමයි හරි.

      Delete
    4. ඒක හින්ද වෙන්නැති දැං දේශිය දේවල් නැතුව ගංජත් කේරළෙන් ගේන්නෙ.

      Delete
  2. යකෝ මු ඇන්ඩියාට හපන් වෙලානේ කෝ බෝල රොකට් රෝහිණි.... හතර වෙනි කොටසේත් රෝහිනී ගැන ඇරෙන්න අනික් ඔක්කොම විස්තර තියෙනවා

    ReplyDelete
    Replies
    1. අර ප්ලාස්ටරේ ගලවන කොට කෑ ගහපු කෑ ගැහිල්ල. පිටු කීයකද තිබුනා කියලා හෙන්‍රියා කිව්වේ..

      Delete
    2. පි‍ටු තුනක් නේද බං? :)

      Delete
  3. අද බිසී ..අර වල් පත්තරයා එන්න කලින් සිංදුව දාලා යන්න ආවේ. පස්සේ එන්නම් කමෙන්ට් දාන්න , සින්දුවේ අයිතිකාරයෝ අරූ අයියගෙන් අහලා දැනගන්න පින්වතුනි ..මං ගියෝ බායි
    සංකර සුරංගනී

    සංවර සුරංගනී

    ReplyDelete
    Replies
    1. යූ ටියුබ් එකේ විඩීයෝ වලින්, මගේ පට්ටම එකක් තමයි මේ.. පට්ට එඩිටින්ග්..

      https://www.youtube.com/watch?v=gM8E0zRImTU

      Delete
    2. සංකර සුරංගනී.... අපේ අනාර් කෙලී නගාද...ඒ.....

      Delete
    3. මේ සුරංගනිත් බැලුවනං
      https://www.youtube.com/watch?v=5lUFTMXNzPM

      Delete
    4. ඔය සුරංගනී මම හිතන්නෙ අපේ ජාත්‍යන්තරයට ගිය පලමු සිංදුව. ඕකෙ ඉන්දියන් වීඩියෝ යූටියුබ් එකේ ඇති ලංකාවෙ ඒවට වඩා.

      Delete
    5. ඔය සුරංගනී නැත්නම් පැදුරු පාටිත් නෑ නේද?

      Delete
    6. ඇනෝ, ඔන්න මචෝ අපේ පැරාල කලු ජූලියට බැන්නට ඒකෙන් වෙච්චි හොඳ දෙයක්. මොකද මනෝහරන් 83 පස්සෙ තමිල්නාඩුවෙ පදිංචිවෙලා ඉන්දැත්දි තමයි ඔය සින්දුව එහෙ කියල ඕක මුලිම්ම දෙමළ මිනිස්සු අතරට ගෙනෙහින් තියෙන්නෙ. මිනිහගෙ එහෙ ගෙදර නමත් සුරංගනීලු.

      Delete
    7. චැහ්. මේ ඉවානයා හෙළ කලා කෙත කාලා මේ රිමික්ස් රැප් සිංදු දාලා.. නෙද්දකිං :D ඕකනෙ මං කියන්නෙ මූ එක්ක බෑ කියලා මේක කොරන්ඩ. ඕ යේස්.

      කියපං මස්සිනා …
      ඉස්සන් මඟුරන් ලොකු වැලි ගොව්වන් …
      දෙන්ඩ මල්ලි සෘතිය හිමීට .… ආං එහෙම .. ඔය යන්නේ බබා වගේ :D

      Delete
    8. පත්තරයෝ අල්ලපන් මල්ලි ස්ලෝ එකක් ......
      සුරංගනී එහෙම පස්සේ ගමු ....(ඔය බයිට් එක පොඩ්ඩක් මේ පැත්තට කරපන් )

      සංසාරේ භවේ දුකා ....
      ශ්‍රී සැසි දෙසු මෙසේ ...
      දුක සැප දෙක නීති පෙරලේ ....
      රිය සක ලෙස ලෝ කුහරේ ....

      ලා ලාල්ල ලා ....


      ගායනය - මයිකල් පිරිස්

      Delete
  4. ඊලඟ කෑල්ල මීට වඩා රසවත් ,මෙකත් අර පුංචි බේබි රොකට් එකට හපන් රෝහණි කෝ රොකට් කෝ ??? එකට මක් වෙනවද ? :D

    ReplyDelete
    Replies
    1. රෝහිණි අක්කා මේ දවස්වල වන්දනාවේ ගිහිල්ලා..

      Delete
  5. ඔය ලන්දේසි ඇල පුත්තලමේ ඉඳල ගාල්ලට වෙනකල් තියනවා. පයියගල අපේ ගෙදර ඉස්සරහිනුත් ඕක යනවා. කළුතර කටුකුරුන්දේ කට්ටියකට තමයි අපේ හරියේ ලුණු ප්‍රවාහන බලපත්‍රය තිබිල තියෙන්න
    මේ ඇලකැපුවට පස්සේ කුඹුරු වලට ලුණු වතුර ගැලීම නිසා පහතරට කුඹුරු අක්කර දහස් ගණනක් අදටත් හරි අස්වැන්නක් දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. තොරතුරට.. මම දන්නේ අර කොටස ගැන විතරයි..

      Delete
    2. //ඔය ලන්දේසි ඇල පුත්තලමේ ඉඳල ගාල්ලට වෙනකල් තියනවා// නෑ මාතරත් තියනව

      Delete
    3. කොහොමටත් වත්තල හැඳල ඉඳලා, මීගමුවේ පමුණුවට නම් හැතැප්ම හැටක් නෑ නේද? නාගසලම් වීදියේ ඉඳලා බේරේ හරහා බොල්ගොඩත් පාස් කරලා පහලටම තියෙන්න ඇති.



      Delete
    4. හලාවත උඩප්පුවෙ ඉඳන් කොළඹට හැටක් විතර වෙනව ( පුත්තල්ම් කළපුව උඩප්පුව හරියෙන් ඉවරයි ) එතකොට හරියටම හරි 60 කතාව.

      Delete
    5. මම කියන්න ගිය 60 කතාව ඉන්දික මල්ලි කියල නොවැ .....

      Delete
  6. ඊලග කොටස බලන්න මග බලා සිටිමි.

    ReplyDelete
  7. . ඒ නිසාමද දන්නේ නෑ, අදත් ඒකේ මහ තැන හැටියට, උදේ පාන්දර, මෙළෝ රහක් නැතිව කෑ ගහන, පිස්සෙක් දාලා ඉන්නේ////
    මේන්න මේ කතාව නං සහතික ඇත්ත...
    හිහි...
    මාතෙ ලෙල්ලම කියන්නෙ දැන් නං මාළු මාකට් එකය කියමුකො... ඒත් මම අහල තිබ්බෙ ලෙල්ලම කියන්නෙ ඔරුවෙන් මාලු බාල එතන ඊට පස්සෙ ගැනුම් කරුවන්ට දෙනව නෙ.. ඒ කිය්නනෙ හැම වැල්ලකම ඒ වගේ තැනටය කියල...
    මම නං දන්නෑ ඇත්තද කියල... කෝමත් මූදු කරේ අය මාලු විකුනන තැනට කියන්නෙ ලෙල්ලම කියල නෙව...
    නේහ්

    ReplyDelete
    Replies
    1. උඹ ලෙල්ලම ගැන කියන කතාව හරි. ඒක තමයි නියම තේරුම. මාළු මාකට් එක කියනවට වඩා...

      Delete
    2. මහේෂ් හරි..... වැල්ලක ඔරු/කුද්ඩ් බෝට්ටු වලින් මාළු ගොඩබාල විකුණන තැන....

      Delete
    3. අන්න හරි..ලෙල්ලම කියන්නෙ සංචාරක /සිල්ලර මාලු වෙලෙන්දො ඔරු වලින් මාලු ගන්න තැන....ගොඩක් වෙලාවට මිල කියන්නෙ ගොඩවල් වලට....වෙන්දේසි දානව වගේ තමයි....

      Delete
  8. අර පත කකුළුව අල්ලන් ඉන්නෙ අපේ අරුණි නෝනගේ මහත්තයද මචං .....

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒ වගේනේ? සුදු අප්පුහාමිද දන්නෙත් නෑ...?

      Delete
    2. no gotabaya rajapaksa

      Delete
  9. ඔය ජපන්නු වැරදිලා මුල්ලේරියාව පිස්සනු කොටුවට බෝම්බෙ දැම්මයින් ඒකෙ හිටපු රෝගින් පනස් දෙනෙක් මිය ගියාලු.. කොළඹ වරායෙ නවත්තල තිබ්බ නැව් දෙහකටත් කෙළල මුහුදෙ ඈතින් ගිය යුධ නැව් දෙහෙකුත් ගිල්ලුවා. හැබැයි ඒ දෙකේ හිටපු සොල්දාදුවන්ට බෝම්බ දාන්න කලින් ඉවත් වෙන්න අවස්ථාව දුන්නලු. පස්සෙ දවසක බලමු ඒ ගැනත් ලියන්න... සහ පබ්ලිසිටියට ස්තූතියි...

    අර ජැක්ලින්ගෙ කෑම සූත්‍රෙ මාළු ඇඹුල් තියල් එකක් රුපියල් අටසීයයිලු.. :D


    ReplyDelete
    Replies
    1. ඒකිගෙ ආච්චිට හාල් ගරන්න නෙද මචෝ...

      ඒත් ඕ වගේ තැනක රෙන්ට් එක අර බිල් මේ බිල් ඔක්කම ගෙවාගෙන
      ආප්පයත් 20 කට දෙන්න බෑනෙ බං.. ඒ විතරක්යැ අනිත් ඒවටත් එහෙම තමා...
      ජැක් අක්ක හොදට කලොත් හරි...
      නැත්තං සොරි

      Delete
    2. මම අහලා තියෙන විදියට නම්. බෝම්බේ දැම්මේ මම කියපු තැනට. ඊට පස්සෙ තමයිලු, ඕක මුල්ලේරියාවට ගෙනිච්චේ. කොහොමත් අම්මට සිරි ලංකාවේ ඉන්න ඔක්කෝම පිස්සෝ නිසා කොහේ තිබුනත් අවුලක් නෑ.

      Delete
  10. //ඊට පස්සෙ ඔතන තිබුනේ ජරාවාස වෙච්චි ඔඩිටර් ජැනරල් ඔපීස් එක.

    ඒක නම් කොයි ළෝකේ ගියාද කියන්න නම් දන්නෙ නෑ//

    බත්තරමුල්ලට ගිය බව ආරන්චියි

    ReplyDelete
    Replies
    1. බිත්තර මාමලගේ ගෙවල් පැත්තෙත් මාර ඩිවෙලොප්මන්ට් එකක් තියෙන්නේ. අපේ ඉවාන් මලයා වැඩ කොරන්නෙත් ඒ පැත්තේ නේ.

      Delete
  11. මෙගා කතාවක් නේ... එත් රසවත්

    ReplyDelete
    Replies
    1. අනාගතේ දවසක පොතක් සයිස් එකට ආවම නවත්තනවා..

      Delete
  12. රේඩියෝ සිලෝන් එකත් පිස්සන් කොටුවම තමයි.....
    ඉස්පිටිතාල වාට්ටු තාම එහෙමම තියෙනවනෙ .....
    ඔය ප්ලෑන් එකම වෙන්ටෑ අංගොඩ හදල තියෙන්නෙත්.........
    මට දවසක් රේඩියො සිලෝන් කෙල්ලෙක් කිව්ව .. දැනට වසර දෙහෙකට පෙර...
    "මට වෙලාවකට ටැපලෙනවා ඉන්නෙ අංගොඩ ද ... SLBC ද කියල අනී ....."

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ, සමහර දවසට මට උදේම ආතල් එකක් ගන්න හිතුනාම ඕක අහනවා. පට්ට කියන්නේ ඇඩිස් හිටන් කියවන්නේ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති. ඒකත් ආශ්චර්යේ කෑල්ලක් වෙන්න ඇති.

      Delete
  13. අර සුපිරි කකුළුවානම් එළස්............ උන් එකෙක් කීයක් විතර වෙයිද මචං.......???

    ReplyDelete
    Replies
    1. මෙහේ හිටියනම් රුපියල් 20000 ක් වත් වෙයි... පොකිරිස්සොත් පට්ට ගනන් නේ..

      Delete
    2. http://www.youtube.com/watch?v=CSf5a3TY-O8
      http://www.youtube.com/watch?v=Y8P_OV8DFSk
      http://en.wikipedia.org/wiki/Japanese_spider_crab
      එහෙ කෑම ...බීම .... බඩු වල ගණන් අහන්න එපා බං ....
      යන දවසක කියහන්.....
      වේල් හත අටක් කන්න දෙන්නම් බඩ පුරා....

      Delete
  14. පරංගියා කෝට්ටේ යෑම ගැන තිස්ස අබේසේකර ගේ අයාලේ ගිය සිතක සටහන් කියවන්න.

    ReplyDelete
    Replies
    1. කියවලා නෑ... ජාලේ නැද්ද? පොත් ගන්න තියා අම්මිරිස් කරලක් වත් ගන්න සල්ලි නෑ මේ දවස්වල. අපි බැංකොක් යනවා වගේ සුද්දෝ එන්නේ. පැකේජ් ඔන්ලි. නෝ මනි මයි ඩියර් ෆ්‍රෙන්ඩ්.. කියලා කටුනායකින් බැහලා අත වනන්නෙත් නැතුව යනවා..

      Delete
  15. මම දැකලා තියෙන විදියට මීගමුවේ කලපුවෙන් උතුරටත් ඔය ඇල තියෙනවා...

    මීගමු නගරය මැදින් ගලා යන ඔය ඇලේ මාලු බෝට්ටු ඇදී යනවා බලන්න පුලුවන් ජයසේකර වෙද මැදුරේ දැන් පවත්වාගෙන යන ඉන්දියානු ආපන ශාලාවේ කෑමක් ගන්න ගමන්...


    කොච්චිකඩේ, පල්ලන්සේන පැති හරහා මුහුදු වෙරලට යනකොට ඒ හැම පාරකම ආරුක්කු පාලම් තියෙනවා ඇල උඩින් වැටුනු.... මම හිතන්නේ ඇල වයික්කාලත් පහු කරලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තට වෙන්න ඇති හැතැප්ම 60 ක් ඇත්තේ. හරියටම දන්නෙ නම් නෑ...

      Delete
    2. මේක හලාවතටම යනවා වගේ කතාවක් තමයි මට නම් අහන්න ලැබුනේ. ඉස්සර පුත්තලමෙන් ලුණු ගේන්න භාවිතා වෙච්ච කතාවක්ද කොහෙද. වයික්කාල් හරියේ මේ ඇල තියෙනවා අපට ඉඩමක් විකුණද්දි ඒ කාලේ (එතකොට ගෝටා හැමිල්ටන් ඇල හදලා තිබ්බේ නෑ) ඒක ඩිමෑන්ඩ් කලෙත් එහෙම කියලා.

      Delete
    3. රංගී ගේන තර්කය හරි. මොකද අපට ඉගැන්නුව ඒවල තිබුනේ මීගමුව පැත්තට සික්ස්ටි මයිල්ස් කතාවකුයි. අනිත් පැතිවලත් කැනෑල්ස් හදපු කතාවකුයි.

      Delete
    4. ඔය ඇළ ගැන හොඳින් දන්න මිනිහ තමා ඕනය. ඌ ඕකෙ ඇලවෙලා වැලවෙලා කෙලවලා ආපු එකා.

      මම දන්න විදියට ඕක පුත්තලම් කලපුවෙ ඉඳන් මීගමු කලපුව හරහා කොළඹටත්, එතනින් කොලොන්නාව, දියවන්නාව, අත්තිඩිය ඇළ හරහ බොල්ගොඩට කළපුවටත්, එතනින් කැප්පු ඇළ ඔස්සෙ බන්ඩාරගම හරහ කලු ගඟටත් ඉන් එහාට පයාගල බේරුවල හරහ බෙන්තර ගඟටත් වෙනකල් ගියා කියල විතරයි. ගාල්ලෙ තීන කැප්පු ඇල ඉන් ගඟේ ඉඳන් ගාලු ටවුමට කපාපු වෙනම එකක්. ගාල්ලෙ ඉඳන් මාතර ඇළක් ගැන නං දන්නෙම නෑ.

      Delete
    5. පසුකාලේ කොළඹට කුඩු එන්නත් භාවිතා වුනේ මේකම නේද?

      Delete
    6. මුලිම්ම මුතුරාජවෙලට ලුණු එන්නත්, පස්සෙ කොළබට කසිප්පු සහ අන්තිමට කුඩු එන්නත් මේක හේතු උනාලු.

      Delete
    7. අන්න හරි කසිප්පු කතාව තමයි මම හිතන්නේ වැඩියම ප්‍රසිද්ධ.

      Delete
    8. එකදාස් හත්සිය ගනන්වල ලන්දේසීන් ඔය ඇල හදද්දී ඒකට කීවේ මෝඩ ඇල හෝ ලන්දේසි ඇල කියලා ලු. ඊට පස්සේ ඉන්ග්‍රීසි කාරයො එකදාස් අටසිය ගනන්වල පමුනුව සිට හැඳල දක්වා සුලු අලුත්වැඩියාවක් කරලා එම කොටස පමනක් හැමිල්ටන් ඇල කියල නම් කෙරුවාලු...

      Delete
    9. කසිප්පු ගියේ බෝට්ටු වලට වඩා ඔය ඇල දිගේ පාරෙ,,,බෝට්ටුවෙන් කසිප්පු ඇදීම ඉක්මනින්ම ඉවර උනා,,ඒත් හලාවතට එන කුඩු,,ඔහොම්ම බෝට්ටු මගින් කොලබට ආවා ඔය ඇල දිගේ

      Delete
    10. මචෝ ලොකු කමකට කියනවා නෙමෙයි.. අත්දැකීමක් කියන්නේ.. මෙදා පාර මට එයාපෝට් එකට ගෙදරිං වාහනේ එවලා තිබුණේ වයසක ඩෑල් එකක් අතේ සල්ලි දීල විස්වාසයි කියලා..
      නැග්ග විතරයි මුගෙ අම්මගෙ ඇරිල්ලක් අරින්ඩ ගත්තා ස්ටීරියං වීල් එක බදාගෙන …මට චූ ගියෙ නැති ටික විතරයි ඈ.. මං ලොක්කගෙ ගෙදරිං ඌව දාල ගෙනාව සිගා පැකට් දෙහෙකුත් දීල ඇහුව අංකල් කොහෙද මීට කලිං ඩැයිවර් රස්සාව කෙරුවෙ කියලා.. හුකෑස් …

      " මං දැං පාඩුවෙ ජීවත් උනාට අවුරුදු විස්සක් ම කරේ මේ පාරෙ කසිප්පු වාහනේ එලවපු එකනේ " ඕව් කවුරුත් දන්නෙ නෑ ඉතිං කිව්වා..

      හැබැයි පුතේ ඩ්‍රයිවිං නං ඩ්‍රයිවිං ඈ.. !!!!!!

      Delete
    11. පත්තර මල්ලි මේ කතාව කිව්වාම මට මතක් වුනේ එක නෝනා කෙනෙක් පත්තරේ දැන්වීමක් දාලා ඩ්‍රයිවර් කෙනෙක් අරගත්තලු. දැන් නෝනා දවසක් රෑ පොරත් එක්ක ගමනක් යන ගමන් පිටිඅස්ස සීට් එකේ ඉඳන් ඉස්සරහට නැවිලා පොරගේ උරෙස්සට තට්‍ටු කරලා කිව්වලු ඔතනින් දකුණට කියලා. පොර බුදු අම්මෝ කියලා කෑ ගහලා ඩෝං ගාලා බ්‍රේක් ගහලා ස්ටියරිං වීල එක එහෙ මෙහෙ වනලා ඉස්සරහින් ආපු වාහනෙත් වැදෙන්න ගිහින් පස්සේ යාන්තං ලයිට් කණුවේ නොවැදි බේරා ගත්තලු.

      නෝනා හොල්මංලු.

      "මොකද සිරිපාල වුනේ? ඇයි ඔය හැටි කලබල වුනේ?"

      "නෝනා, මම ඉස්සෙල්ල එලෙව්වේ හර්ස් එකක්."

      හැබැයි පුතේ ඩ්‍රයිවිං නං ඩ්‍රයිවිං ඈ.. !!!!!!

      දැන් මේකෙන් කමෙන්ට් ත්‍රෙඩ් එක ගලා ගිය පැත්ත පොඩ්ඩක් වෙනස් වුනාට ගනං ගන්ඩෙපා. මොකද පෝස්ට් එකෙත් කරන්නේ පඳුරු තලන එක වෙච්ච එකේ කමෙන්ට්සුත් එහෙම වෙන්නෙපායැ.

      Delete
    12. හා හා වාහනයක් ගැන කියද්දි උඹටත් නලියනවා නේ....මට මතකයි අර යාල ගිහිං ටයර් එක පුපුරපු එකයි ලංකාවෙම තියෙන්නෙ හතරක් වෙච්ච කාර් ගැනයි උඹ ලීවා..

      අම්මපා ඩූඩ් අයියේ පොර එක්ක කයියක් ගැහුවනං බ්ලොග් හතක් ලීවහැකි.. කංජයිය වගෙ ඩයල් එක.. බැලුවම හිතන්න බෑ... අහිංසක මනුස්සයෙක් ඉස්සර අර රස්සාව කරාට. පව් කියලා හිතෙනවා මට. සමහරු නං බලන්නෙත් වපරෙට නේ..

      Delete
    13. කොමෙන්ට්ස් ටික හැමිල්ටන් ඇලට වඩා දිගයි නේ බං..

      Delete
  16. යන එන මං නැතිව අප වැන්නවුන්ට කකුළුවන් මතක් කර අපව අසරණ කිරීම කිසිසේත් සමාව නොලැබෙන කාරණයක් වුවද හීනෙන් වුව කකුළුවෙක් නෙව කියලා සැනසීමටත්/ පශ්චත්ශාප වීමටත් මේ සටහන් ඉවහල්වනු ඇත.

    මීගමුවේ ලෙල්ලම කියන්නේ අර පැත්තම ගඳ ගහන, බ්ලූ ලැගූන් හොටෙල් එකට හෙම යන පාර, මම හිතන්නේ ජෑ ඇල යූ කේ වගේ පාරක තියෙන එකක් නේද? ළඟ කාලෙක නම් ගිහින් නෑ. හැමිල්ටන් කැනල් එකේ නම් ටික දුරක් රස්තියාදුවක් ගහන්න ලැබුනා ගිය අවුරුද්දේ. ඒක දැන් ටුවරිස්ට් ට්‍රාන්ස්පෝට් වලට ගන්නව නේද?
    ක්‍රැබ්ස් නම් මීගමුවේ කියලා දර්ශන් මුණිදාසත් දවසක කීවා. ගාන අඩුවට හොඳ ක්‍රැබ්ස් කන්න පුළුවන් තැන් කීපයකුත් ලීවම නම් වටිනවා මාතලන්. ක්‍රැබ් මිනිස්ට්‍රි හෙම නම් ගිහින් පහුවදාට පිඟන් හෝදන්න තමයි යන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සුද්දන්ට පින් අයිති වෙන්න අපිත් මිනිස්ට්‍රී ඔෆ් ක්‍රෑබ්ස් වලින් කක්කුට්ටෝ කනවා. එහෙම නැත්නම් මීගමුවෙන් ගෙනත් හදාගෙන කනවා. මුරුංගා කොලත් ඕනමයිනේ වැඩේට. මොනවද ඉතින් හොද්ද ගෑවුන තැනත් ඇදලා අරින්න පුළුවන්. රජ බොජුන් එකේ නම් එච්චර ගනන් නෑ. මීගමුව පැත්තේ පොඩි රෙස්ටුරන්ට්ස් වලත් තියෙනවා. එච්චර ගනන් නෑ.

      Delete
  17. මම දැන් හැමදාම වැඩට යන්නෙ ඔය ලන්දේසි ඇල අයිනෙ තියෙන පාර දිගේ.....ඉවුර අයිනෙ ගස් එහෙම හිටවලා පාර හොඳට හදලා තියෙනවා....වාහනත් අඩුයි....මේ ඇල කැලණි ගං මෝයෙ ඉඳලා පුත්තලමට යනකම්ම තියෙනවා.....හැබැයි ජාඇල මීගමුව අතර නෑ... මීගමු කලපුව ජාඇලට එනකන්ම තියෙනවනෙ.....ඒ හරිය කලපුවෙන් යන්න පුලුවන්....මේකට හැමිල්ටන් ඇල කියලත් කියනවනෙ...ඇලකන්ද හරියෙ නම් Walking Path හදලා තියෙනව...මෝය හරියෙ පුංචි පාක් එකකුත් තියෙනවා....

    මීගමුවේ ලෙල්ලම තියෙන්නෙ දිසා අධිකරණය ලඟ වෙරලේ.....අලුත් එක තියෙන්නෙ පිටිපන පාරේ..මංකුලියේ.......උදෙ පාන්දරට බලන්න ඕන ලෙල්ලමේ සෙල්ලම්....අලුත් එකට එන්නෙ ලොකු මාලු...ට්‍රෝලර් වලින් එන ඒවා....හලාවතින් ගේන එවත් තියෙනවා....දෙන්නෙ ලොකු ප්‍රමාණ වලින්....එතන පොඩි මාලු නම් අයිස් දාපුවා....උදේ වෙද්දි මහ ලෙල්ලමේ වැඩ ඉවරයි ...ඉතුරු මාලු ටිකත් පරණ එකට එනවා..

    පරණ ලෙල්ලමට උදේ එන්නෙ පොඩි මාලු...සාලයෝ,හුරුල්ලො,ඉස්සො,පොඩි බලයෝ,පොඩි කෙලවල්ලෝ වගේ එවුන්....පොඩි ලෙල්ලමේ මාලු වර්ග ගණනාවක් විකුණන්න තියෙනව....පාන්දරම ගියා නම් පොඩි බෝට්ටු සහ ඔරු වලින් ගේන අලුත් මාලු ගන්න පුලුවන්...ඒත් 12-1 වෙනකම් මාලු තියෙනවා...මෙතනත් මාලු ගන දන්නෙ නැතිව ගියොත් ඉල්ලන එවුන් නෙමේ හම්බ වෙන්නෙ....කෙලවල්ලෝ කියල බල මාලු අරන් ආපු මහත්තුරු හේමත් ඉන්නවා...මාත් මීගමු වැඩ කරන කාලෙ ලෙල්ලමෙන් තමයි මාලු ගත්තේ....

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ලෙල්ලම් සහ හැමිල්ටන් ඇළ ගැන අපූරු විස්තරයක්. මොකෝ ලියන්නේ නැත්තේ, අන්ඩරයිටින් වැඩ වැඩිද?

      Delete
    2. මට Negombo Zonal ඉඳන් City Office එකට Transfer එකක් වැදුනනේ මාතලන් අයියා...කොච්චිකඩේ පල්ලිය ගාව තියෙන්නෙ.......එතන Dept 4 යි, Sale Branch 10 යි තියෙනවා....Undwerwriting Staff බලන්නෙ මම...හිතාගන්න පුලුවන්නෙ වැඩ ටික..ටික නෙමෙ ගොඩ.... ගෙදර අනිත් වැඩත් එක්කම පොඩි එකා එක්කත් ඔට්ටුවෙන්න එපැයි..ඒ හින්ද ගෙදරදි බ්ලොග ලියන්න වෙලාවක් හිටින්නෙ නෑ....අනික අවුරුද්දට දෙපාරක් Exam නෙ..

      Delete
    3. අන්ඩයෝ .... කොහෙද බං ට්‍රෝලර් වලින් අලුත් මාළු එන්නෙ .... ලොකු මාළු අයිස් වලින් ඉදිමිච්ච.....
      පොඩි බෝට්ටු /ඔරු වලින් එන ඒව තමයි අලුත්....

      Delete
    4. ඒක තමයි මටත් කියන්න ඕන උනේ කෙන්ජි අයියා..කලින් කමෙන්ට් එකේ පොඩි මාලුත් අයිස් දාපුවා කියල එන්න ඕනෙ...පොඩි අප්ෂැට් එකක් වෙලා.........අලුත් ලෙල්ලමේ පොඩි ලොකු ඔක්කොම අයිස් මාලු...පරණ ලෙල්ලමට අලුත් මාලු එනවා..ඔරු/ෆයිබර් ග්ලාස් බෝට්ටු වලින් ....හැබැයි පොඩි මාලුයි, බල, කෙලවල්ලො පැටවුනුයි.......

      Delete
    5. ලෙල්ලම ගැන මම හිතාගෙන හිටපු විදිය වැරදියි....නියම ලෙල්ලම මංකුලියෙ තියෙන එක.....පරණ අලුත් කතාවක් නැතුව ඒක ලෙල්ලම....උසාවිය ගාව තියෙන එක වැල්ල.......පරණ ලෙල්ලම කියන එක වැල්ල කියල නිවැරදි විය යුතුයි...

      මේ ගැන දන්න කියන මහත්මයෙක් කමෙන්ට් කරල තිබුන...කතාව හරි..අපේ තාත්තත් කිව්ව ඒ කතාව හරි කියල...

      Delete
  18. බොහෝ අය ජැකීගේ දෙසීයේ ආප්ප ගැන කතා වෙලා තියෙනවා දැකපු හන්දාත් අපි කතා කරන්නේ ටිකක් ඒවගේ එකක් හින්දාත් මේකත් මෙතනම කියන්නම්.

    මම නම් ජැකීගේ ආප්ප කඩේට බොහොම මනාපයි. විශේශයෙන්ම ඒ කොන්සෙප්ට් එකට. අපේ රටේ අමු පිටි ගුලි, තෙල් කිලෝ ගණන් දාපු චයිනීස්, කුකුලන්ගේ කෑල්ලක්වත් නැති එක එක නම් වලින් එන චිකන් කෑලි දාස් ගණන් දීලා කන මිනිස්සු ඉන්න රටක ලංකාවේ කෑම ප්‍රමෝට් කරන එක මට නම් පට්ට වැඩක්. දැන් මේ කෑ ගහන මිනිස්සු කොහොමත් ඕවයින් කෑවේ බීවේ නෑනේ.(කන්න බොන්න බැරි හින්දා ඊර්ශයාවට කියන කතා කොයි තරම් ඇහෙනවද? )
    අනෙක දර්ශන් වත් ජැකීවත් ඒවා ඕතෙන්ටික් ෆූඩ් කියන්නේ නෑ නේද? ඒත් ඒක ලෝකේ පුරා අපේ කෑම ගෙනියන්න පුළුවන් ස්ටයිල් එකක්. මම නම් මෙහේට ආවත් ඒ රෙස්ටොරන්ට් එකෙන් මාසේ පඩියම දීලා හරි එක වේලක් කනවා කියන එක සුවර්.

    ReplyDelete
    Replies
    1. තව හොඳ තැනක් තියෙනවා මට අමතක උනා. මෑන්හැටන් ෆිෂ් මාකට්. තැන් දෙක තුනකම තියෙනවා. එතනත් කෑම පට්ට.

      මේ කඩවල් වලින් කන්න කියලා බල කරන්නේ නෑ නේ. කැමති නම් කන්න පුළුවන් එච්චරයි.

      Delete
    2. මචන් මම රාජගිරියේ මැන්හැටන් ෆිශ් මාකට් ගිහින් නෑ. (කොල්පිටි හරියේ එකකට ගිහින් තියෙනවා ඉස්සර) ඊයේ අපේ මල්ලි ඕකෙන් කාලා ආවා මගේ ඩච් යාළුවෝ සෙට් එකක් එක්ක. එයා නම් කීවේ එතන වර්ත් නෑ කියලයි. කෑම වුනත් රස නෑ කියලයි ගෙවන මිලට. අනික තමයි ලිකර් තියා බියර් එකක්වත් නැතිකම. බේබද්දෙක් නොවුනත් එතනට මම කවදාවත් යැවෙන්නේ නෑ ඒ කියන්නේ. බියර් එකක් නැතිව මාළු කන්නේ මොකාද රශ්නේ රටක.

      Delete
    3. එහෙනම් දැන් චොර ඇති.. ඔය කොළඹ තියෙන චයිනීස් වලත් හදලා දෙනවා ඕන විදියට..

      Delete
    4. සී නෝර් එකෙත් හොඳයි. නැත්නම් ඉතින් ගල්කිස්ස බීච්...

      Delete
  19. 'කෑම සූත්‍ර' කඩෙන් ජැකීගෙ ආප්පයක් දෙසීයයි කියන්නෙ. අනික්වා කොහොමට ගණන් ඇත්තද හප්පේ.

    මොක කොහොම උනත් පෑළියගොඩ මාළු කඩේ පිළිවෙලට තියෙන එක ගැන නම් සතුටුයි.

    රෝහිණීී ඊළග කොටසෙ වත් කියනවැයි?

    ReplyDelete
    Replies
    1. මේවා මචෝ. කොළඹ ෆයිව් ඉස්ටාර් හෝටල් වලට වඩා අඩුයි. ඒ නිසා හොඳ කස්ටමර් බේස් එකක් තියෙනවා. එහෙම ක්ලාස් එකක් කවදාවත් ලංකාවේ හිටියා. ඒක ස්ප්‍රෙඩ් වෙනවා කියන්නේ ළොකු දෙයක්.

      Delete
  20. කකුලුවෝ කන්න වසරක සැරයක් මම යනවා මඩු...

    එහෙ වන්දනාවෙ ගිහින්.. පණ පිටින් කකුලුවෝ ගෙනත් මරාගෙන කෑම තමා කෙරෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මේ ළඟදි මමත් යාපනේ ගිහින් කෑවා මීගමුවේ උන්ටත් වඩා ළොකු කක්කුට්ටෝ..

      Delete
  21. මචෝ කකුළුවො කියද්දි පොඩි සීන් එකක් මතක් උණා..
    ඔන්න අපි දවසක් පිලියන්දල බ්ලොගොඩ ගඟ අයිනෙ ෂැට් උනා..බ්‍රෑන්ඩ් එක හැමදාම වගේ ගල් සහ මල් ඔරුකාරයෙක් යනවා අපි උඩ පැනල හූ කියල ලෝක අමාරුවෙං අඬගහගත්තා… කකුලුවො අල්ලන ඩයල් එකක්.. මං කොහොමත් කකුලුවො කන් නෑනෙ බං..දැං බැනපියව්. කට්ටිය ඕනෙ කියල ගත්ත.. බඩු පණ පිටිං හිටියෙ.. එක එකාගෙ අඩු හපාගෙන.. එක විකාරයයි.

    ඔහොම එපා කිව්වම පොඩි උලක් ඇරං ඇන්න බං උගෙ පස්ස පැත්‍තට චිරිස් ගාල..එහෙමයි මරන්නෙ.නැත්‍තං මස් දියකරගන්නව කියල ඔරුකාරය කිව්ව..අපි කකුළුවොත් අරං ඌටත් ෂොට් එකක් දීල ඇරිය :D

    ReplyDelete
    Replies
    1. ඈ පත්තරේ ඔය නොකන කකුළුවෙක් දෙකෙක් මේ දුප්පත් අපිට ගෙනත් දීපන්කෝ.
      අපි නම් බෑ කියයි.
      මේ ඊයේ පෙරේදා දවසක මගේ යාළුවෙක්ගේ හාෆ් සෙන්චරි එකට අපි ක්‍රැබ්ස් කෑවා. එකෙකුට 250€ ක් වගේ වෙලා තිබ්බා. ඉතින් හිතපන් අපි කොහොමද ක්‍රැබ්ස් කන්නේ කියලා... :-(

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කකුලුවො පන පිටින් කූඩෙ දාල ඉන්නව අර හපන අඬු විතරක් ගැටගහල ඔය බොල්ගොඩ ජා කොටු කාරයො. ඉන් ටිකක් අරන් ගෙදර ගෙනත් ඉතුරු අඬු වල උල් හරිය කපන්න ඕන. ඉන් පස්සෙ බඩ මැදින් ඇඟිලි දෙකක් දාල පලල් කරන්න, කෙලිම්ම කකුළුවගෙ බඩ බෝකු ඕපන්. ඒ ජරාව සුද්ද කරල, මාරය ඊයෙ පෙරේද බුකියෙ දාපු රෙසිපියට උයල කන්න තියෙන්නෙ.

      අපේ ගෙදර එකපාරක් කකුලුවො ගෙනාව මෙහෙදි. ඇන්ටිත් කිව්ව හරි මම දන්නව උයන්න කියල. සුවඳටත් තිබ්බ වෑංජෙනේ. කන්න බලද්දි කකුලුව ගෙඩිය පිටින්, අඬුත් එහෙමයි, බොකු ජරාවත් ඇතුලෙ. අපරාදෙ මුලු හට්ටියම විසි කරල පාන් කෑව බටර් ගාගෙන.

      Delete
    4. ලංකාවේ කකුළුවෝ හදන්නේ තදට මිරිස් දාලා නේද? මිරිස් නොකන අපිට අබ සරණයි.
      මම කකුළුවෝ හදන විදිය දන්නේ උන් පණපිටින් උණු වතුරට දාලා හදනවා කියලයි.

      Delete
    5. කක්කුට්ටගේ උඩ කට්ටයි යට කට්ටයි දෙගම ගලවන්න ඕන. අඬු ටික පොඩ්ඩක් තලන්න ඕන උයන්න කලින්. හැබයි ඉතින් සමහරු නම් පනපිටින් වතුරේ දාල තම්බලා ගන්නවා. ඒකත් අවුල්ම නෑ.

      Delete
    6. සොරි වේවා.. කොමන්ට් එක ආයෙ දාද්දි මුං රිප්ලයිත් කොටලා.. යකෝ කකුළුවන්ට ඔහොම පෙරේතකොමක් .. චැහ් :D

      අනේ බං මට ඔය බෙල්ලො කකුලුවො බූවල්ලො අවුල් .. පවක් වෙන්ඩෑ.. හත් ඉලව්වයි 250 ක් දීල මාව කාපංකො මරාගෙන.. මෙහෙ ගණං නෙවැ කක්කුට්ටො.. ඕං මාරවිල වෙන්නපුව හලාවත පුත්තලං ලයින් එකේ නං ඕසෙට..

      ඉන්දිකයියා .. ඔරුවෙ ඩයල් එක නං ඇන්නෙ උලකිං චිරිෂ් ගාල.. මට මංඥං උනා බං. එදාමයි නෙවැ ඒක දැක්කෙ. යකෝ කාල බලන්ඩෙපැයි බඩ බොකු එක්ක කකුලු හොද්ද.. රෝෂ්පාං ගෙඩියක් ගෙනත් :D

      Delete
    7. ලොකු ටෝක් දුන්නට මට ඕව කොරන්ඩ හිත හයිය නෑ බං..බොරු කියන්න ඕනැ නෑනෙ.මට සත්තු මරන්න බෑ.. මරල දුන්නොත් කෑ හැකි :D !!!

      Delete
    8. මේ පාර ට්‍රින්කො ගියාම කකුලුවොන්ට දුන්න රිදෙන්න. කොටිම්ම කොත්තුවටත් කකුලුවො. ප.ම, අපිනං කකුල් තීන ඒවගෙන් නොකන්නෙ මේසයි පුටුයි විතරමයි.

      Delete
    9. අඩේ අප්පේ.... මට බූවල්ලෝ කීවොත් ඉන් එහාට කෑමක් නෑ. සතියකට සැරයක් එකෙක් කකා හිටියේ මෙහේ. කොහෙද දොස්තර ෆුල්ස්ටොප් දැම්මානේ මාස දෙකකට කලින්. දැන් මතක් වෙද්දිත් දුකයි.
      මාළු කන්න අපි මේ සතියේ යනවා ෆියුමිචීනෝ පොට් එකකට කකුළුවෝ පොකිරිස්සෝ ඕනේ එකක් තියෙනවා දහයක් විතර ගියාම එකෙකුට 75 කට විතර සේෆ් වෙන්න පුළුවන්. අයිතිකාරයාගේ කොමර්සියාලිස්තා මගේ යාළුවෙක් හින්දා... නැත්නම් අපි දිවි නගහන්නයි වෙන්නේ මේව කියවලා...

      Delete
    10. හා … ට්‍රිංකො ගියෙ ඕකටම වෙන්ටැ උඹ :D
      ලබා උපං හැටි බං.. කරුමෙ කරුමෙ..මං බලාගෙන මාමන්ඩියා මල්ලක් උස්සං ආව මෙදා පාර.. ෆ්‍රෙෂ් බඩු අල්ලපු ගමං කලපු කකුලුවො..අනිත් උං කනවා මං බලං ඉන්නවා :D

      Delete
    11. චැහ්. ෆියුමිචීනො ෆ්‍රෙෂ් බඩු නේ.… ඒ උනාට අපේ මාළු ඉස්සො තරං රහ නැ බං මට මෙහෙ මාළු. එහෙම නේද ???? කාපියව් ගිහිං. පව්කාරයො :D

      Delete
    12. රහ නෑ තමයි. මාළු හොඳ ට්‍රොපික්ස් වල. ඒත් ඉතින් හැම එකාටම රශ්නේ රටවලට ගිහින් මාළු කන්න පුළුවන්ද?
      ඉස්සෝ එහෙම නම් සිසිලියෙන් එන හොඳ රහා ඒවා තියෙනවා.

      Delete
    13. ඕ යේස්.. සිසිලියෙං එන ඉස්සො නං හොඳා තමා.. මං ආසම අර සිසිලියෙං එන බාගෙට වේලපු පකීනෝ බෝතල් බං.. හිටපං කන්ඩ බැරි තොට කරන්ඩ වැඩේ අද මං :D හා හා

      Delete
  22. මීගමුව ඉතින් අපේ අල්ලපු වැට වගේ නේ,,,ලෙල්ලම එක්කම ඔය බීච් සයිඩ් එකේ පෝරුතොට වැල්ලටත් මාළු බෝට්ටු එනවා,,නෑ නම් පොඩ්ඩ පැනලා වෙන්නප්පු වැල්ලට,,,මාලු වෙන්දේසි මරු කියන්නේ මරේ මරු,,බලන්නම ඕනා දේවල් ජීවිතේ..
    හැමිල්ටන් එන්නෙ පුත්තලමේ ඉදන්,,හොද තත්වේ තියන ඇලක්,,කුලියාපිටිය මීගමු පාරෙ නාත්තන්ඩිය පාර අයින දිගේ එහෙම හොදම තත්වෙන් එනවා,,
    ඕනයා ඇතුලු බ්ලොග් සෙට් එකක් මීගමුවේ ඉදන් බෝට්ටුවකින් ඇල ට්‍රිප් එකක් ගියා මේ ලගදී,,උන් බ්ලොග් පෝස්ට් දැම්මා..

    ReplyDelete
    Replies
    1. එආ නත්තන්ඩිය හරියෙන් යන්නේත් මේ ඇල මද? අඩේ එහෙනම් මම ඒකේ මාළු අල්ලලත් තියෙනවානේ.
      ඩිලාන්ගේ කතාවට එකඟයි. මාළු ගන්න නම් වෙන්නප්පු වැල්ලත් මරු.

      Delete
    2. ඕ යේස් මචෝ.. උඹ හරියට හරි. නාත්තන්ඩිය හරියෙ එහෙම ටොපටම තියනවා.. හැබැයි ඒ හරියෙ ඇලත් එක්කම යන පාර පටුයි,.ලේලන්ඩ් එහෙකට එහෙම අයිං කරද්දි සමහර තැං ගානට වගෙ.. වංගු දෙක තුනකුත් තියනවා අප්ෂැට්…

      Delete
    3. අඩේ පත්තරේ බලාගෙන ගියාම ලංකාවේ හිටියේ නැති වුනාට මාත් මේ හැම තැනම කරක් ගහලානේ. මම නාත්තන්ඩියේ ඇල කිය කියා මාළු බාන්න ගිහින් තියෙන්නේ මේකෙනේ. හිටපිය දැන් මාත් පෝස්ට් එකක් ලියනවා. නැත්නම් මාතලන් මාව කුඩු කරයි උගේ පෝස්ට් එක කෑවා කියලා.

      Delete
    4. ඔය නාත්තන්ඩිය හරියේ ඇල එක්ක පාර සමහර තැන්වල හරිම පාලුයි,,ලංකාවේ ප්‍රසිද්ද මිනිමැරුමක් උනා,,ඇමති මිල් රෝයිගේ වයිප් කරපු මිනිමැරුම් දෙක උනේ ඔය හරියේ තියන හොර වංගුව කියන තැන,ඇලත් එක්ක වංගුව,,
      පත්තර මල්ලි දන්නවා ඇති ගස් වලින් වැහිලා හරිම ගුප්ත තැන් කීපයක්ම තියනවා

      Delete
    5. අප්පට සිරි තෙරේසා ආන්ටි.
      ඒකේ සමහරක් අය මැරුවේ අරක්කු ලින් වලට දාලා නේද?

      Delete
    6. රංගි… උඹ ලංකාවෙ ගිහිං නැත්‍තෙ හිරේ විතරයි :D හා හා ..
      චැහ් ඇලේ මාලුත් බෑවද.. ඔය ප්‍රියා සූරියසේනගේ මහ ගේ තියෙන්නෙ මචෝ ඕං ඔතන රේල් ගේට් එකට ටිකක් එහයිං..

      මෙන්න මාතලංගෙ උත්තරේ
      "කොමන්ට් තමයි මචෝ බ්ලොග් කාරයො ජීවත් කරන්නේ …" හා හා

      Delete
    7. ඔව් බං මඩ වලක්, මුහුදක්, කැලයක්, ගලක් කීව නම් ඒවයේ ඔක්කොම කොහොම හරි මම ඒවට ගිහින් ඇති. අන්තිම කාලේ සොහොන් පිට්ටනි ගානෙත් ගියා. බොරැල්ල, ගල්කිස්ස හෙම දැන් මගේ යාළුවෝ මට හිනා වෙන්නෙත් හෙට අනිද්දට මොකක් හොයාගනියිද දන්නේ නෑ කියලා.

      Delete
    8. ඩිලාන් මචෝ මට ඔය තැන් ටික හොඳටම මීටර්.. පට්ට මූසලයි බං..ඇල අයිනේ මහ විසාල මාර වගේ ගස්.. අඳුරුයි. හෙන වංගු ටිකක් තියනවා .. දැං නං එක පාලමක් කඩාගෙන හදනවා දැක්කා.. පාරෙ හැටියට පාලං නං හොඳටම පොඩි. නාත්තන්ඩිය රේල් ගේට් එක පැනලා පැනලා චුට්ටයි මීගමු පැත්‍තට.

      Delete
    9. ඩිලා මචෝ ඔය හරියෙ කුලියාපිටි කොළඹ ඉන්ටසිටි පිඹිනවා … පාරත් ටිකක් සවුත්‍තුයි..උන්ට වගේ වගක් නෑ. මං කරන්නෙ නාත්‍ය්හන්ඩියෙන් මාරවිලට දාලා වමට දානවා..ඒක ලේසි බං.. නැත්තං කුලියපිටියෙං පන්නල පාරෙ දාල පන්නලින් කොච්චිකඩේට දානවා.. ඒ පාරෙත් තියනව ඔහොම හරියක්. අර කංකාණිමුල්ල කැලේ බං.. උඹ දන්නව ඇති. දැව සංස්ථාව එක්ක තියෙන්නේ.. හෙන අඳුරුයි.

      Delete
    10. හොර වංගුවෙ එක වංගුවක් නෙමේ, ලඟ ලඟ වංගු දෙකක් තියෙනවා....ඔය හරිය වස පාලුයි.....
      කංකානිමුල්ල රක්ෂිතය සෑහෙන දුරක් යනකම් තියෙනවා නේද පත්තරේ.....
      ...බඩගමුව ටත් වැඩිය ලොකුයි මං හිතන්නෙ...

      Delete
    11. ආං හරි යටලියන්න අයියෙ..එක ළඟ වංගු දෙකක්ම තියනවා..එකක් නමද්දිම අනෙක.
      කංකාණිමුල්ල සෑහෙන දිගයි බං.. පාර අයිනෙ තියන ටික ඉතුරුවෙන්න පිටිපස්සෙ ටිකේ ගස් අඩුයි.. :D කන්දත් එක්ක දිගට අහුවෙද්දි පොඩ්ඩක් අප්ෂැට් ඒ හරිය..අනුර යාපගෙ මහ ගේ ඔය හරියෙ නේද..

      බඩගමුව කැලේ මැද්දෙ බස් නවත්තන කඩ හිටං හදලා තියනවා අයියෙ.. ඒක නං අපරාදෙ නේ බං..ඈ.. ඒ ටික එහෙම්ම තියෙන්න ඇරියනං හොඳා.. අර කඩ ලෑල්ලකිං හකුරු කෑල්ලක් එක්ක රණවරා බෙලිමල් ඩිංගක් බොන සැප පිට ලෑලි බංකුවක් උඩට වෙලා.. මම නං කොච්චර හදිස්සි උනත් ඒ චෑන්ස් එක මිස් කොරගන් නෑ බං.. දිවිය ලෝක රහයි.

      Delete
    12. මේ පාරවල් වල ඉන්ටර්සිටි නම් විදිනවා තමයි. අඟල් දෙකක් නෑ පාරේ පළල. මම ඒ පාරෙ අයන්නත් බය ඒකයි. ඒ වගේද ඉතින් හොඳ කෙහෙල් ටිකක් හෙම හොයාගන්න වැව් මාළු හොයාගනන් කියාපු පාර. අර මුස්ලිම් ගමක් හරියේ නියම කෑම කඩේකුත් තිබුනා ඉස්සර. මගේ මස්සිනා ඒ කඩේට ගිහින් කන්නේ ගෙදර හදන කෑමවත් නොකා. ඒ මදිවට අපිවත් ඇදන් යනවා.

      Delete
    13. මමත් ඔය පාර පුළුවං තරන් මඟාරිනවා රංගි ඔය කතන්දරේ නිසා .. ඇඟට ආවොත් අයිං කරන්න වෙන්නෙ ඇළට තමා :D අනික ඔය පාරෙ දංකොටුව හරියට කිට්ටුවෙද්දි උළු මෝල් මචංලා අනුමත වෙලා ඉන්නෙ පාරේ.. ගෑවුනොත් ලෙඩක් !! අඳුරන උං එද්දි වෙනටික වෙලා..රැට ඔය හරිය පොඩ්ඩක් අවුල් බං..ඔය වගේම තව ලයින් එකක් තියනවා අඹකඳවිල තොඩුවාව පාර …

      Delete
    14. හික්ස් උබ කියන වටේම දන්නවා පත්තරේ,,,ඔන්න ඔය නාත්තන්ඩිය පාර හදනවා දැන්,,ප්ලෑන මන්නාරම් බස් ඔය පාරෙන් යවන්නලු,කොළබ හලාවත පාර කට් කරලා,,හලාවත පාරෙ අවසන් ගමන් යන උන් වැඩී නේ බන් ඒ ලෙඩේ මේ පාරට දාන්න වගේ යන්නේ...
      කොහොමත් ඔය වටේම පාරවල් ඇක්සිඩන්ට් වැඩී

      Delete
    15. ලංකාවේ කොයි පාරෙත් දැන් මරණෙට අත වනනවා. පාරවල් හැදුව වේගේට අපේ මිනිස්සුන්ගේ මොලේත් හදන්න ඕනේ. පෙරේදා අපේ පුතාගේ වයසේ පොඩි කොල්ලෙක් බයික් එකක (උන්ට කියන්නේ බයික් ස්ටන්ට් ද මොකක්දලු) කෑලි කෑලි. ඒ මදිවට ඒ කෑලි හැලෙන බොඩි එක එවෙලේම වීඩියෝ කරලා ෆේස්බුක් එකේ දාලා. දෙමළ නයන්න දන්නවා ඇති කේස් එක.
      දැනටත් යාපනේ බස් යනවා නේද ඒ පාරේ?

      කොහොමත් පත්තරේ ඔය ලයින් එකේ නෙමෙයි මම කොහෙත් පාරේ යන්න බයයි ලංකාවේදි. කොයි වෙලේ යට කරලා දායිද පිහියෙන් අනියිද දන්නේ නෑ නේ. ඔය ලයින් එකේ නම් මොනවා වුනත් අද වෙනකම් ප්‍රශ්නයක් වෙලා නෑ.

      Delete
    16. උඹලා කිෂි දේකට බය වෙන්ඩෙපා.. කෙලින්ම පත්තර මල්ලි මගේ යාලුවෙක් කීවනම් වැඩේ අහවරයි .කියල බලල මටත් කියහංකෝ :D

      ඩිලා ඔව් ඔව් පාර නං හදනවා දැක්කා තමා.. හප්පා වවුනියා මන්නාරං බස් දකිද්දිත් මයිල් කෙලිං හිටිනවා බං.. මයෙ හිතේ ජෙට් ඇංජිමට ලේලන්ඩ් බොඩි තියපුවා ඕවා :D

      රංගි අක්කා ඒ කාලෙට ඉතිං ඒක හැටියක්නේ,.මාත් ඔය කාලෙ උන්නා කකුලක් එල්ලං .. වැටිච්චා නං අනන්තයි.වැඩේ තියෙන්නේ කොල්ලෙකුට නෙමෙයි මහ එකෙකුට උනත් හෙන පරිස්සමින් යන්න වෙලා තියෙන්නෙ.. අම්මප බං මොකෙක්කත් නැත්තං බල්ලෙක් හරි පයිනවා බං :D බලු ගහනෙත් වැඩිවෙලාද මන්දා .ඕ යේස්.

      Delete
    17. සාපෙක්ශව බල්ලෝ අඩුයි දැන්. ඉස්සර පාරේ එළුවොයි හරකුයි කුකුලොයි බල්ලොයි ඔක්කොම යනවානේ දැන් හරකෙක් බේතකටවත් හොයාගන්න නෑ ලංකාවේ. බල්ලොත් ගම්වල පාරවල් වල විතරයි. ඒකනේ බොස් අපි ලංකාවේදි සල්ලි සල්ලි කියලා බලන්නෙ අනැතිව ඩ්‍රයිවර් කෙනෙක් අරන් පිටිපස්සේ සීට් එකට වෙලා ආතල් එකේ යන්නේ.
      නැතිව ඔය ඉස්සරහා සීට් එකේ ගිහින් බයටම හාට් ඇටෑක් හැදිලා මැරෙයි කියලා හෙම නෙමෙයි :)

      Delete
    18. අපිට කොයින්දෑ බං ඩැයිවර්ලා ගන්ඩ සල්ලි.. චැහ්..ඇක්සිඩන්ට් වැඩි මොකෝ අපි වගේ ආතල් ඩයල් නෙවැ එලවන්නේ :D මොකෑ බල්ලො නැත්තෙ.මේ පාරත් එකෙක් හැප්පුවා මං.. ඌ නැගිටල දිව්වා අපූරුවට.තව ඩිංගෙන් ඌ බේරන්ඩ ගිහිං මම ලයිට් කණුවක ඇනගන්නවා..

      දැං හරක් අඩුයි.මොකෝ උං දැං අදින්නෙ ඩොල්ෆින් වෑන් වල නෙවැ..සහතික ඇත්ත..මට කිව්වෙත් පොලිසියෙ එකෙක්මයි..

      Delete
    19. යකෝ මෙතන දංකොටුවේ බඩුයි, මිනීමැරුම් අනං මනං හෙන සීන්... මේන් මම මාරු උනා...

      Delete
    20. මචන් මාතලන් අපි ඉතින් මේ වගේ නොස්ටැල්ජික් ටොපික් අහු වුනාම මේවයේ පදිංචි වෙනවා හරියට අපේ බ්ලොග් වගේ.
      ඔය සමාව භාජනේකට දාලා කකුළුවෙක් එක්ක හෙම දුන්නා නම් අපි බෑ කියන්නෙත් නෑ.

      Delete
    21. රෝෂ්පාං ගෙඩියකුයි ප්ලේන්ටියකුයි එක්ක.. ගෝල්ඩ්ලීෆ් තියනවා ඒක එපා.. :D

      Delete
  23. විස්තරේ හරිම රහයි.
    //ඔය රොකට් රෝහිණි ඇවිත්, පියාගේ දෙවනි කසාදේ නේ.//
    ඒ කියන්නේ එයාගේ පියාගේ දෙවෙනි කසාදේ ලමයෙක්ද? :D:D

    ReplyDelete
    Replies
    1. පියාස් සැකොන්ඩ් වයිෆ්.. අන්ඩර්ස්ටෑන්ඩ්.... ඕ...... අන්ඩ ද බස් ඉස්ටෑන්ඩ්..

      Delete
  24. බොහොමයක් භාෂා වලට අයත් විවිධ වචන වල නිරුක්තිය හෙවීමත් හරිම විනෝද ජනකයි. ඔබේ සේවයට අදාළ ක්‍ෂේත්‍රයෙදී මේ සඳහා විශාල අවකාශයක් තියනවා. ඒ වටිනා අවස්ථාව මග හරින්න එපා. එවැනි දේ ගැන දන්නා ඉතා වැදගත් සහ රසවත් තොරතුරු දිගටම ලියන්න. ඒ වගේමයි ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ වැදගත් තොරතුරුත් මෙතන ලියවෙලා තියනවා. ඉතිහාසය කියන්නේ රසවත් කතන්දරයක්. ඉස්කෝලවල ඉතිහාසය උගන්වන්නේ මෙලෝ රහක් නැති ක්‍රමේකට.

    ReplyDelete
    Replies
    1. අපේ හිටියා මචං සර් කෙනෙක්. අරූටත් මතක ඇති. පොර මචෝ යුද්ධ ඉස්පැසොලිස්ට්... කොල්ලෝ ආදරේට කියන්නේ හිට්ලර් කියලා.. ඒ කියපුවා අදත් මතකයි මචෝ.. ඒ තරම් රහයි..

      Delete
  25. රස්තියදුකරයාගේ පොස්ට් එකත් කියවලා මේකත් කියෙව්වම ලොකු දැනුමක් ලැබුන.හොඳ ලිපියක් .
    එත් මාතලන් කෝ රොකට් රෝහිනී ??

    ReplyDelete
    Replies
    1. එයා දෙවනි කසාදෙ බිරින්දෑ ද ? ළමයද ?

      Delete
    2. එයාව තමයි මේ හැම තැනම එක්ක යන්නේ..

      Delete
  26. පොස්ට් එක කියවල කමෙන්ට් ටිකත් කියවගෙන පල්ලෙහාට එනකොට නිකන් කරකවල අතැරිය වගෙ.අද පොස්ට් එක කකුලුවො ගැනද කියල ආපහු උඩට ගිහින් බැලුව.

    ReplyDelete
    Replies
    1. කක්කුටු බෙනේක වත් හැන්ගෙන්න වෙන්නේ උඹටයි මටයි..

      Delete
  27. ඔය හැමිල්ටන් ඇළ දිගේ මුතුරජවෙල ඉඳන් මීගමු කලපුවටම ගියානේ බං දැනට අවුරුදු පහළොවකට කලින්. ඒකත් මරු ට්‍රිප් එක. වරින් වර අර අවුට්බෝඩ් මෝටර් එකේ ප්‍රොපෙලර් එකේ සැල්වීනීයා හිරවෙලා එන්ජිම නවතිනවා. එතකොට එන්ජිම උස්සලා ඒවා ගලවලා ආයේ වතුරට පාත් කරනවා.

    කලපුවේ හිටියා මාලු බබා හිටපු මිනිස්සු. අපි ඒ ලඟට ගිහිල්ල මාලු ගනං අහනවා මතකයි. අනික කඩොලාන පිරිච්ච වගුර.

    අර සයිස් කකුලුවෝ ලංකාවේ හිටියත් මාර ගානක් කියයි බං. පොකිරිස්සන්ගේ හෙම ගාන ඇහුවම දුක හිතෙන්නේ නැද්ද?

    ඔය මාලු පොරවල් අඳින දැල් බැනියමක් තිබුනා නේද නිකං සංකේතයක් වගේ? අනික අර වාටිය පලල් තොප්පිය.

    උඹට මතකද මම එක පාරක් පෝස්ට් එකක් ලිව්වත් මාලු කඩේ කතාවක් ගැන? ඒකත් මාර කේස් එකක්නේ. :D

    ReplyDelete
    Replies
    1. පොකිරිස්සෝ නෙමෙයි මචෝ කුනිස්සොත් අස්ප ගනන්..

      උඹේ මාළු කඩේ කතාව නිසා නේ මම කටේ ටන් කතාව ලිව්වේ..

      Delete
  28. කට්ටියම යන්ද මීගමු කලපුවේ Boat Ride එකක්................ මීගමුවෙ ඉඳලත් මටත් යන්න බැරි උනානෙ....

    ReplyDelete
    Replies
    1. ආසයි බයයි කියලා බෝට්ටුවක් තියෙනවනම් එන්නම්. මම නම් අදත් යනවා. සුද්දොත් එක්ක..

      Delete
  29. Dear Underwriter,real "lellama" is situated near "mankuliya"Negombo you have to pass a village called "Mun akkaraya" which goes towards "pitipana,Dungalpitiya,Pamunugama".the other place which is situated near the court complex is called "wella" or sea beach fish market near the Negombo prison.most of the small Boats,Catamarans & "vallam" used to anchor here.

    ReplyDelete
    Replies
    1. මට මේ ගම් ගැන විශ්වාසයක් නෑ. ඒත් උඹ කියන දේ හරි වගේ කියලා මට හිතෙනවා..

      Delete
    2. මාතලන් අයියෙ...මේ මහත්මයා හරි.....මම තාත්තගෙන් අහල බැලුව....තාත්ත තහවුරු කලා මේ මහත්මයාගෙ කතාව..නියම ලෙල්ලම මංකුලියෙ තියෙන එක...ට්‍රොලර් බෝට්ටු වලින් මාලු එන තැන......උසාවිය ගාව තියෙන්නෙ....වැල්ල..පොඩි බෝට්ටු වලින් මාලු එන තැන....

      මටයි වැරදිලා තියෙන්නෙ.....ඇත්තට මමත් හිතන් හිටියෙ එහෙමනේ...මීගමුවෙදි කට්ටිය අලුත් ලෙල්ලම කියන්නෙ ඒක අලුතින් හදපු හින්දා වෙන්න ඕන..

      2013 බ්ලොගර්ල්ස්ලගෙ බීච් පාර්ටි එක මීගමුවේ තියන්න කතා වෙලා තියෙනකොට මම ඔය පාරෙ දුංගල්පිටියට යනකම්ම බීච් එකේ ඇවිද්ද හරියන තැනක් හොයන්න....

      Delete
  30. හප්පටසිරි ,මදැයි පස්සේ කමෙන්ට් කරන්නහිටියා.. ආයේ මොනවා කමෙන්ට් කරන්නද ,මම යනවා යන්න ...

    ReplyDelete
    Replies
    1. චැහ්. අනේ එපා.. හිටිං තේ උගුරක් බීල යන්ඩ !!! වතුර ලිපේ. ඕ යේස්.

      Delete
    2. අපිට නෝ චාන්ස්. වෙන්නප්පුව පැත්තේ කසිප්පු කාරයෝ වගයක් ගේමට බැහැලා...

      Delete
    3. අඩේ කසිප්පුකාරයෙක් වෙලාද මාත්... ඒ වුනාට මචන් මම තාම ඕවා දැකලවත් නෑ. අපි නිදාගත්තම පට්ට අහිංසක මිනිස්සු.
      ඉවාන්ගේ හිතේ අමාරුව යන්නත් එක්ක වදමල් තේ එකක් දෙන්නද? නැත්නම් ග්‍රප්පා ශොට් එකක්?

      Delete
  31. ඔය ඇලකන්ද හැමිල්ටන් ඇල දිගේ ටික දුරක් ගිහින් (කිලො මීටරයක් විතර )හම්බවෙන දෙවනි පාලමින් ඇතුලට ගියාම මරු බීච් එකක් තියනව. ඉස්සර එයාව ඇලකන්දෙන් අරන් මාත් ඉඳල හිටල ඔතනට යනව. දැන් නම් එයත් නෑ ඔය පැත්තෙ ගිය කාලයක් මතකත් නෑ..

    ඊට අමතරව මොකක් හරි පරිසර සංගමයක් පවත්වගෙන යන බෝට්ටු සවාරියක් ගිය මතකයි කඩොලාන අධ්‍යනයකට සා:පෙ කාලෙ.ඒක තියන තැන නම් එච්චර මතක නැ හැබැයි ගොඩක් සුන්දර කඩොලාන පද්ධතියක්

    ReplyDelete
    Replies
    1. UK = උස්වැට කෙයියාව

      ඉස්සර අපි හැම වීක් එන්ඩ් එකේම වගේ යන තැනක්.. ඇළකන්දෙන් රා අරගෙන වත්තලින් ගලුත් අරගෙන යන්නේ. ඌරා, මයියොක්කා ඒ පැත්තේ ඉන්නවා..

      Delete
  32. මේකෙ රොකටුත් නෑ රෝහිනිත් නෑ. ඉන්නෙ කකුලුවොයි, කෑම සූත්තරයොයි නෙ.
    අපි වගේ ඔය අඬු පඬු තියෙන එවුවො කන්න වැඩිය කැමති නැති එවුන්ට මේ පෝස්‍ට් එක ගැලපෙන්නෙ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඒ ඒ බනිස් වලට ඒ ඒ හෙකෙල් කන් කිව්වලු.

      Delete
  33. "කට්ටු මරම්" කියන වචනේ තනිකරම දෙමලමයි කියලා විශ්වාසද මොකද සිංහල සංස්කෘතියට වඩාත් බලපෑම් කල දකුනු ඉන්දියානු සංස්කෘතිය තමා මලයාලි සංස්කෘතිය
    කරාව මිනිස්සු වෙලා තියෙන්නේ කේරල මිනිස්සු
    ඒ විතරක් නෙමෙයි නාඩගම් කෝලම් ජවුසං රූකඩ මන්තර ගුරුකම් ආදී දේ අපට ලැබුනේ කේරල මිනිස්සුනගෙන් "කට්ටු මරම්" කියන්නෙත් මලයාලම් වචනයක් විය හැකියි

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් කවුරුවත් කියපු පලියට විශ්වාස කරන්න ඕන නෑ. ඒ ගැන හොයලා බලලා තහවුරු කර ගත්තාම හරි.

      Delete
  34. පිස්සු ඩබල්වුනා බන් මේ කමෙන්ට්ස් ටික කියවලා ඉවරවුනාම. කකුළුවන්ගෙන් පටන් අරන් කසිප්පු කුඩු. ඔක්කොම K. ෆුල් ආතල්. කෝ මම පරක්කුනේ.

    ReplyDelete
  35. පොස්ට් එකට දෙවැනි නැහැ කමෙන්ට්ස් ටික. පොස්ට් එක කියවන්න දවසයි.කමෙන්ට්ස් ටික කියවන්න දවසයි ගියා.කකුළුවෝ කලා ඇල දිගේ බෝට්ටුවේ ගියා වගේ ආතල් එකක් අවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න