.

.

Dec 3, 2014

වාද පිටියෙන් පැනයාම - Walking Out Debate


පසුබැසීම හා පලායාම යනු දෙකකි. එකම සිද්ධි දාමය වුව, වෙනස් වූ අර්ථයන් ඇත. පසුබැසීම උපක්‍රමශීලීව ඉවත්වීමකි. පලායාම යනු පරාජය හමුවේ පැන යාමකි. පසුබැසීම යුධ උපක්‍රමයක් බව කොහේ හෝ මාතලන් කියවා ඇත. එය සංග්‍රාම උපක්‍රමයකි. එහෙත් පලායාම අවමානයකි. එහෙත් පරාජයට වඩා ඇඟ බේරා ගැනීමකි.

ආන්ඩුව පෞද්ගලික නාලිකා මගින් ප්‍රචාරය වන, විවාදාත්මක දේශපාළණ වැඩ සටහන් මග හරිමින් සිටී. විවාදයක් යනු, තම වාග් කෞෂ්‍යල්ය මනා ලෙස කළමනාකරණය කර ගනිමින්, අනෙකා විසින් ගොඩ නගන තර්කය යටපත් කරලීමයි. එසේ නොමැතිව කටහැකර කමට කෑ ගැසීම නොවේ. වාචාල කම විවාදයට සුදුසු කම නම්, තර්ක සාශ්ත්‍රය යන විශය ඉගැන්වීමේ අවශ්‍යතාවයක් නොමැත. මුඛරි බව විවාදයේදි හුරුබුහුටි කමක් වුවද, එය මාතෘකාවට අදාල නොවන කරුණු මත ගොඩ නගන්නේ නම්, එම විවාදයෙන් පලක් නැත.

විවාදයට සහභාගි වන පුද්ගලයාගේ බුද්ධි මට්ටම, මැක්කාට පමණක් සීමා වන්නේ නම්, එය ඉතා කනගාටු දායක තත්වයකි. එවිට මාතෘකාව පොල් ගස වූවද, අප අසා ඇති පරිදිම, පොල් ගසේ හරකෙකු ගැට ගසා ඇති බවත්, හරකාගේ මැක්කන් සිටිය හැකි බවත් සඳහන් කරමින්. මැක්කා ගැන තම බුද්ධිය හා දැණුම්වත්භාවය ප්‍රදර්ශණය කරමින්, ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කල හැකිය. එයින් උදම් වන ප්‍රේක්ෂකයාද මැක්කා ගැන දන්නා පිරිසක්ම බව නොකිව මනාය.

ආන්ඩුවට අද එල්ල වන ප්‍රධානම චෝදනාව හොරකමයි. එය ආන්ඩුවේ ජනපතිවරාය විසින්ම විපක්ෂයට ලබා දුන් මාතෘකාවක් මිස, විපක්ෂයේ මාතෘකාවක් නොවේ. පලා ගිය පිරිසගේ ෆයිල් තමන් ළඟ ඇති බවත්, එහෙත් එවා තමන් ප්‍රසිද්ධ නොකරන බවත් කීවේ, ජනාධිපතු තුමාම මිස වෙන කිසිවකු නොවේ. මෙම ළිපිගොණු පෞද්ගලික දත්ත පිරි ළිපිගොණු යයි පවසමින්, ආන්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වන පිරිස් විසින් ජනතාවට විහිළු සැපයීමට උත්සාහ කළද, ජනපතිතුමා සඳහන් කළේ කුමන ළිපිගොණු පිළිබඳවදැයි, මෙරට දේශපාළණය ගැන අබ මල් රේණුවක දැණිමක් ඇති, කුඩා දරුවකු වුවද දන්නා වූ කාරනාවකි.

දෙරණ වාද පිටිය මෙහෙයවන චතුර අල්විස් යනු, එවන් වූ වැඩ සටහන් අතීතයේ මෙහෙයවු, ආරියනන්ද දොඹගහවත්ත, චන්දන සූරියබණ්ඩාර, චමුදිත සමරවික්‍රම හා සැසදීමේදි, අත දරුවකු වැනි මාධ්‍යවේදියෙකි. ඔහු මෙවන් වූ වැඩසටහනක් මෙහෙයවීම සඳහා කිසිසේත්ම සුදුසු නැති බව, මාතලන්ගේ මතයයි. එහෙත් මා චතුර අල්විස්ට අකමැති නැත. ඔහු සුදුසු වන්නේ, බොළඳ තාරුණ්‍යට අමතන, "ළෝකයා හා ළෝකයෝ", "ට්‍රැවල් විත් චතුර" වැනි, වැඩ සටහන් සඳහා පමණි. උදෑසන පුවත් පත් කියවීමට, ඔහු කිසිසේත්ම සුදුසු නැත. ඒ සඳහා සුදුසු පුද්ගලයන් දෙරණ නාලිකාව තුලම සිටී. එහෙත් එහි පාළණය විසින් ඉලක්ක කරණු ලබන්නේ, ළමා සිතිවිලි ඇති තරුණ පරපුර පමණක් නම්, අපට වෙනත් කීමට දෙයක් නොමැත.

ඊයේ උද්ගතවූ සිඳුවීමේදීද, මීට පෙර වැඩ සටහනකදි පවිත්‍රා වන්නිආරච්චි පැමිණි අවස්ථාවේ වූ සිඳුවීමේදීද, චතුර අල්විස් මෙන්ම, එම වැඩ සටහනේ නිශ්පාදක හෝ නිශ්පාදකවරුන් ක්‍රියා කල ආකාරය, කිසි සේත්ම අනුමත කළ නොහැක. පවිත්‍රා වන්නිආරච්චි, උමතු ස්ත්‍රියක මෙන් ගිරිය පුප්පා කෑ ගසනා අවස්ථාවේ, එය පාළණය කිරීමේ අවශ්‍යතාවයක්, එම වැඩසටහන මෙයහවන්නාට කිසි සේත්ම තිබුනේ නැත. එමෙන්ම නිශ්පාදකවරුන්ට එම අවස්ථාවේ ඉතාමත් පහසුවෙන් විරාමයකට, එසේත් නොමැති නම් "බ්‍රේක්" එකකට යාමට අවස්ථාව තිබිනි.

එමෙන්ම ඊයේ රාත්‍රියේද, මහින්දානන්ද පැනයාමට අදාල වූ දුරකථන ඇමතුම, විසන්ධි කර දැමීමට හෝ මහින්දානන්ද අස්වැසීමට ඔවුන් සමත් වූයේ නැත. මෙයින් පෙනී යන්නේ, ඔවුන් අකමැති චරිතයන් හෑල්ලුවට ලක් කිරීමට ඉඩ හැරීමක් ලෙස කෙනෙකු සිතන්නේ නම්, එහි වරදක් නොමැත. එහෙත් අප මාධ්‍යකරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ මෙවන් වූ ක්‍රියාදාමයක්ද? මාධ්‍යකරුවන්ද මජර දේශපාළකයන් සේ හැසිරිය යුතුද?

දැන් අප මහින්දානන්ද දෙසට හැරෙමු, ඔහු දේශපාළකයෙකි (දේශපාළඥ්ඥයකු ලෙස ඔහු හැඳින්වීමට තරම් සුදුසු නොවේ) දේශපාළකයකු, විවේච්න, ඇරහුම් ගැරහුම්, චෝදනා, මඩ ආදිය ඉවසිය හැකි පුද්ගලයකු විය යුතුය. එහෙත් අද දේශපාලුවන් තුන නැත්තේද මේ උතුම් වූ ගුණයයි. ඔහු කළේ කුමක්ද? චෝදනාවලට පිළිතුරු දෙනවා වෙනුවට, චෝදනාව එල්ල කල පුද්ගලයාට තර්ජනය කිරීමයි. දෙරණ නාලිකාවට තර්ජනය කිරීමයි.

"මට මෙයාගේ ටෙලිෆෝන් නම්බර් එක ඕනේ", "කට වහගන්නවා අයිෂේ", "අපියි මේ ලයිසන් එක ඔයාලට දුන්නේ". "මෙතන අලියෙක් පිටිපස්සේ එල්ල ගන්නවා". "තමුසෙලා සිරිසේනට කඩේ ගියාට අපිට කමක් නෑ" කියමින්, ඔහු වැඩ සටහනෙන් නැගිට ගියේය. මේ සිඳුවන්නේ කුමක්ද? තර්ජනය නොවේද? ත්මන්ට ඇති චෝදනා ඔප්පු කර පෙන්වන්න යැයි කියා, ඩලස් අලහප්පෙරුමලා, නිමල් සිරිපාලලා මෙන් පිළිතුරු දිය නොහැකිද? ආන්ඩුවෙන් ලයිසන් දුන්නා කියා, ආන්ඩුව කියනා දේම පමණක්, ජනතාවට පැවසිය යුතුද? නිදහස් ජනමාධ්‍යවේදය කියන්නේ එයද?

ආන්ඩුවේ රූපවාහිණිය හා නයි ටී ඇන් නාලිකාව තුල පමණක්, තනියෙන් හෝ සමූහයක් ලෙස ශිල්ප දක්වනවා විනා, ජනතාව හමුවේ, ජනතාවගේ ප්‍රශ්ණ වලට උත්තර දීමට නොහැකි වීමෙන් පෙනි යනුයේ, ඔවුන් නගන චෝදනා නිවැරදි බවද? ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් මේ කරමින් සිටින්නේ, පොදු ජනතාවගේ මෙන්ම, විශේෂයෙන් තම පාක්ෂිකයාගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නොවේද? අන් මත හා අදහස් වලට ඇති ඉඩකඩ අහුරා දැමීම නොවේද? නිදහස් මාධ්‍යකරණය මුළුමනින්ම සෝදා පාලුවකට ලක් කිරීමක් නොවේද?

කරුණාකර, තම පාක්ෂිකයන් වෙනුවෙන් වත් මේ වැඩ සටහන් වලට සහභාගී වී, රට තුල ඉතිරිව අති සුළු වූ හෝ ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ රැක ගන්නා මෙන්, අප විශේෂයෙන්ම, ආන්ඩුවෙන්ද, පොදු ජන එක්සත් පෙරමුණෙන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද ඉල්ලා සිටිමු. එය එම පාක්ෂිකයන්ගේ මානුෂීය අයිතිවාසිකමකි.

රූපවාහිනිය හා නයි ටී ඇන් තුලද, විපක්ෂයට ඉඩ සලසන්නේ නම්, එය මේ අවස්ථාවේ තමනට එල්ලවන චෝදනා, මගහැරීමේ අවස්ථාවක් ලෙසද ලියා තැබීමට කැමැත්තෙමු. නිදහස් මාධ්‍යකරණය යනු එයයි. එසේ නොමැතිව තම අදහස පමණක් සංනිවේදනය කිරීම නොවේ. එය එකාධිපතිත්වයයි.

164 comments:

  1. මම නං මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා මට රැකියාව සම්බන්ධ කාරණයකදී උදව් කරලා තියෙනවා. මම ජන්දය දෙන්නේ වෙනත් පක්ෂයකට. ඒත් එතුමා ඒක බලන්නේ නැතිව මට උදව් කළා. ඒක අමතක කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. හා මෙයා... ඕක තමයි මේ රටේ කරුමේ..

      Delete
    2. තමන්ගෙ පුද්ගලික දෙයක් නිසා රටක් වනසන ඔබ වගෙ උදවියට මඩු වලිගෙන් තලලා කටු ඉබුලෙ බැස්සුවත් මදී

      Delete
  2. සහතික ඇත්ත...අපේ රටේ කිසිම පද්ධතියක විනයක් හා දියුණුවක් නැතිවෙන්න හේතුව මනාවා පැහැදිලි වෙනවා මේවයින්...රටක් පාලනය කරන එවුන්ම මෙහෙම වෙද්දී ඊට වඩා විනාශයක් තවත් වෙන්න පුළුවන්ද රටකට...ලංකාව මේ මට්ටමින් රැකිලා තියනවා ඇති...

    ReplyDelete
    Replies
    1. ගොඩ ඒමක් පේනතෙක් මානයක නැත..

      Delete
    2. මාතා................. මචං මේ ඊයේ රාත්‍රියේ වෙච්ච සිද්ධිමන්ට් ඒකද???? අැත්තම කතාව ඒක බලන්නට බැරිව ගියා,,,,

      Delete
    3. ඔව් බං ඔව්. උඹත් අර ඉස්සර දේශා වගේ ළිපිය කියවන්නේ නැතුව කොමෙන්ට්ස් කියවන එකෙක්ද කොහෙද...

      Delete
    4. හැක් හැක්.. තාමත් ඒ්මයි තුමණි..

      Delete
  3. @ මාතලන් සහබ්,

    සිරාවටම! හුඟක් වෙලාවට ස්යිබර් අවකාශයේ වුනත් වෙන්නේ ඔය හරියම තමයි...!
    කවුරු හරි වැදගත් විදිහට සංවාදයකට සෙට් වුණොත්, කොහේදෝ ඉන්න කී බෝඩ් වීරයෙක් එතනට කඩා පාත් වෙලා, ඌත් මේකට ජොයින් වෙනවා. පැන පැන උත්තර දෙනවා. මහාචාරිය ලෙවල් එකේ ඇඩ්ස් දානවා! තවුසන් ටෝක්ස් දෙනවා!! අන්තිමේදි මොකෙක් හරි එකෙක් xx පූට්ටු වෙන සයිස් එකේ ආග්‍ය්මන්ට් එකක් දැම්ම ගමන් පොර නොක්වුට්!!!
    ඉත්න්, අර මනුස්සයගෙ පෞද්ගලික ජීවිතේ දේවල් එලියට අදිනවා! ආගම විවේචනය කරනවා!! "මල්ලි, අම්ම ගෙදර ද?" කියලා අහනවා!!!!!
    මුන්ගේ ලෙවල් එකට වැටිලා බලු පොර අල්ලන්න බැරි හින්දා අර මනුස්සයා නිහඬ වෙනවා!!!!

    තමන්ගේ මතය තහවුරු වුණා කියලා කියලා හිතාගෙන අර කීබෝඩ් ෆොන්සියත් සතොටින් නික්ම යනවා!!!

    සංවාදය හබක්!!!!!!!!!!

    ප:ලි:- චතුර අල්විස් සහබ් හොඳ නිවේදකයෙක් වෙන ලකුණු පේනවා නේද??

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම දෙයක් පේන්නේ නෑ.. කෙල්ලෝ වගේ කොල්ලන්ට නම් හොඳ ඇති..

      Delete
    2. මාතලන්ගේ ප්‍රකාශයට මුළුමනින් එකඟයි. චතුර අල්විස් යනු "තමන් සියල්ල දන්නා පොරකි" යයි සිතා සිටින තවත් එක් නිවේදකයෙකි. ප්‍රවෘත්ති කියවීමේදි හා උදෑසන පත්තර කියවීමේදී ඒ ඒ ප්‍රවෘත්ති වලට අදාළව ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වීම හා කටහඬ වෙනස්කිරීම මටනම් මල විකාරයක්..

      Delete
    3. AnonymousDecember 3, 2014 at 9:21 PM
      +++++++++++++++++++++++

      Delete
    4. සුද්ද..... ++++++++++++++++++++++++++++++++++=

      Delete
    5. +++++++++++++++++
      නානසාර සාදුගේ ගෘප් එකේ හිටියෙම ඔහොම සෙට් එකක්.

      Delete
  4. අඩෝ පටන්ගන්නකම් පුටුවෙ වාඩිවෙලා ඉන්නගමන් නිකන්ම නින්ද ගියා. ගොඩක්ම වෙලා තිඑන්නෙ ඔය බුවාලා ආසයි එන එවුන් දෙන්නෙක්මරාගන්නවනම්.බ්ලෝග් වගේ තමා ලොරියක් හරි විකුණලා හිට් වැඩි කරගන්න බල්ල්නෙ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වගේ කුණු ගොඩවල් නෙමෙයි නේ මේවා රටම බලන මාධ්‍යයන්..

      Delete
  5. උඹ හරි.. මාත් මේකෙදි දකින්නේ මාධ්‍යෙය් වැරුද්ද. කව්රු උනත් “හොරා“ කියල ආමන්ත්‍රයණය ඉස්සසෙල්ලම කරද්දිද එය වැලැක්විය යුතුයි. ඒකයි මාධ්‍ය සදාචාරය.. මෙතැනදි මහින්දානන්ද ඕවර් ගියා වෙන්ටැති. නමුත් මිනිහා කරේ හරි දේ..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම මූලික වැරද්ද දෙරණේ. එය මෙහෙය වන්නා සහ නිශ්පාදකවරු. හොරෙක් උනත් ඒවා කියන විදියක් තියෙනවා. පොදුවේ කිව්වට කමක් නෑ. ඒත් මෙහෙම පුද්ගලයන් එල්ල කරලා කියන්න ශාක්ෂි තියෙන්නේ ඕන. මහින්දානන්දයා නඩු දැම්මොත් අරුන්ට වන්දිත් ගෙවන්න වෙනවා. ඒ තරම් වත් දැණිමක් නැති උන් මාධ්‍යවේදීයෝද? මේ වෙලාවේ යූ ඇන් පී එකාගේ බූමිකාව අගය කරන්න ඕන. ජෙප්පොත් ඉතින් මඩ පාරක් ගහන්න නේ බලාගෙන ඉන්නේ.

      Delete
  6. ශිහ්....!!!! මිස් උනානේ මචං....යූ ටියුබ් එකේ වත් බලන්න ඕන....
    චතුර ගැනනම් උඹ කියලා තියෙන කථාව ඇත්ත......හැබැයි පොරට තව ටිකක් කල් දෙන්න ඕනි.. තාම පොඩි එකානේ බං....

    ReplyDelete
    Replies
    1. ළොකු පොඩි කියලා නෑ චෙෆා පරිනත වෙන්න. ඌ පොඩි එකෙක් නම්, දෙරණේ කළමණාකරණය දැන ගන්න ඕන මෝරපු එකෙක් දාන්න. මෙයා දාන්න ඕන, දෙරණ ලිට්ල් ස්ටාර් වගේ වැඩසටහහනකට. මම හිතුවා දිලිත් කියන්නේ වැඩ කාරයෝ කියලා.

      Delete
    2. අඩුගානේ දැන් නිව්ස් කියන්න දිල්කි ඇර තුන් හතර දෙනෙක් හොයාගෙන..මතකනේ මුලදි...මිනිස්සු හොයන්නත් අමාරු ඇති බන්...ට්‍රේන් වෙලා ප්‍රසිද්ධ උනාම පනිනවා ඇති..දැකලා ඇති නේ අල් ජසීරා..බීබීසී එකේ හිටිය වෙදර් රිපොර්ට් ප්‍රසන්ටර්ව පවා උස්සලා තියෙන්නේ...
      පෙරේදා මම දැක්කා දයාන් ජයතිලක පලු අරිනවා සිරසට ඇවිත්..බොහොම අමාරුවෙන් සිරස ජාම බේරගත්තේ...

      Delete
    3. chef-architect
      මාත් දැක්ක. අන්තර්ජාලය පාවිච්චියක් නැති, අයිටීඑන් විතරක් පේන පැතිවල බුවාලගෙ හොඳම 'දේශපාලන විශ්ලේශකයන්' තමයි ඔය දයාන් ජයතිලක වගේ බුවාල. එතකොට හොඳම 'විද්වතුන්' තමයි ඔය දොරමඬලාවට එන බුවාල. අනේ අනිච්චං!

      Delete
    4. දයාන් ජයතිලක එල්ලෙන්න වැලක් නැතුව ඉන්නේ මේ දවස්වල. සජිත් ගාව රිංගගෙන ඉඳලා. සජිත් ගාව හිටපු හැම එකාටම උන වැඩේ උනායින් පස්සේ. දැන් ආයෙත් මහින්ද ගාවට රිංග ගන්න ට්‍රයි එක. හරි පවු. හැබයි මම කැමති පුද්ගලයෙක්. දොරමඩලාවට එන ඉන් ටෙනියට බන්දුට වඩා ආතල එකක් දෙනවා මොනවා උනත්. මෙහෙයවන එකත් විග් එකක් දාගත්ත බම්මන්නා වගේ ආතල් ඩයල් එකක් නේ. මම දැන් කොමඩි ෂෝ බලන්නෙම නෑ. ගොඩක් වෙලාවට ආතල් එකක් ගන්න හිතිනොත්. ඕන් ඔය වගේ ප්‍රෝග්‍රෑම් එකක් හරි සී නිව්ස් වගේ එකක් හරි බලනවා. නයි ටී ඇන් නිව්සුත් මරු. තව රූපවාහිනියේ උදේ 6.00 ට යනවා ළොව වටාද මොකක්ද එකක්. එඈක ඊට ආතල්..

      Delete
    5. චන්ද දායකයෝ කී දෙනෙක් අන්තර්ජාලය පාවිච්චිකරලා තොරතුරු හොයාගන්නවා ඇද්ද? මට හිතෙන විදියට සිරස දෙරන වගේ ඒවා හරහා විරුද්ධ පක්ෂයටත් ITN රූපවාහිනී හරහා ආණ්ඩුවට පක්ෂයටත් ඇහුම්කන් දෙනවා ඇති සාමාන්‍ය ජනතාව...එහෙම නෙවෙයි නම් දොරමඩලාව, වාද පිටිය වගේ වැඩසටහන් වලට ඔච්චර ප්‍රයිම්ටයිම් ඇලොකේෂන් එකක් දෙන එකක් නැහැනේද ඔය චැනල්ස්?
      අන්තිමට අපිව පාලනය කරන අයව පත්වෙන්නේ පොදුවේ කාගේ කාගේත් චන්දවලින් නිසා තමයි මාතේ කියන්විදියේ නිදහස් මාධ්‍ය අවශ්‍ය වෙන්නේ...

      Delete
  7. බොහොම හොඳයි. මම බලාපොරොත්තු වුනා කවුරුහරි මේක ගැන ලියයි කියල.
    1.ප්‍රේක්ෂකයගෙ කතාව එච්චර හොඳ නෑ. ඒ වගේම ඇමතී ඊටත් නරකයි. රූපවාහිනී විවාද වලට එන්නෙ මේවගේ එවුන් නම් මහින්ද මහත්තයට දෙයියංගෙම පිහිටයි.
    2.ආණ්ඩුවෙ මාධ්‍ය වල වැඩසටහන් වලට ගිහිල්ල අර වානේ හොරා වගේ එවුන්ගෙ ෆුල්ටොස් වලට ගහල පුරුදු වෙලා පෞද්ගලික මාධ්‍යයේ වාද වලට ගියාම ඇතිවන තත්වය මේකයි. මේක නිකං අර වෙලඳ සේවා ක්‍රිකට් ගහගහ ඉඳල එකසැරේට ඉන්දියාව එක්ක ODI පහකට ගියා වගේ.

    3.නිවේදකයගෙ පැත්ත මදි කියල කියන්නම ඕන. දසාසිරි-හරීන් වලියත් බේරගන්න තිබුන හොඳ නිවේදකයෙක් හිටිය නං.

    4.මම කැමතිම පොයින්ට් එකක් උඹ මතු කරනව. උදේ පත්තර කියවීමට දැනට ඉන්න හොඳම බුවා තමයි බන්දුල පද්ම කුමාර. මෑන් විතරයි 'පුවත්පත්' කියවන්නෙ. චතුර අල්විස්ලා හිරු එකේ ඉන්න බුවා එහෙම තමන්ගෙ සිල්ලර අදහස් පුවත්පත් කියවීමත් එක්ක ඇදල දානව. ඒක හරිම හිරිකිතයි.

    ReplyDelete
    Replies
    1. //මම කැමතිම පොයින්ට් එකක් උඹ මතු කරනව. උදේ පත්තර කියවීමට දැනට ඉන්න හොඳම බුවා තමයි බන්දුල පද්ම කුමාර. මෑන් විතරයි 'පුවත්පත්' කියවන්නෙ.//
      මෑනුත් පුවත්පත් එක්ක තමන්ගෙ අදහස් ටිකත් දීල අදිනව. හැබැයි අර උඩ කියපු දෙන්නා වගේ නෙවෙයි. ඒ තමන්ගෙ අදහස් අදාළ පුවත මැදට දාලා බොහොම හීන් නූලෙන්.
      මාත් හිතන්නෙ දැනට ඉන්න 'පුවත්පත්' කියවන හොඳම බුවා බන්දුල පද්ම කුමාර කියල තමයි.

      Delete
    2. (ඒක තමා මාත් කිව්වෙ. බන්දුල හීන් නූල් කාරය බව හැබෑව. නමුත් අච්චර අප්පිරියක් නෑ.)
      මට පේන්නම බැරි ඔය වර්ජන වගේ දේවල් තියෙද්දි මුං 'ජනතාවගෙ පැත්ත අරගෙන' කියන කතා.

      Delete
    3. දෙවනි එකෙන් පරණ කෝන්තරයක් ඇදලා නේද? ඒක නම් මෙතනට ගැලපෙන්නේ නෑ. අනික මම ඒ තර්කය පිලිගන්නෙත් නෑ. අනිත් ඒවත් එක්ක එකඟයි. උඹ කියන විදියට පොඩි කාළේ ඉඳන්ම ඉන්ටර්නැෂනල් විතරයි ගහන්න ඕන. නෙට් ප්‍රැක්ටිස් කරලත් වැඩක් නෑ.

      Delete
    4. මල් අයියා මුල් දවස් වල චාටර්ම විදියටයි කෙර්. බලන්නත් ලැජ්ජ හිතුනා.. හැබැයි දැං මිනිහා තමා ෙපාර. ෙදකක් නෑ..

      Delete
    5. මල් අයිය ලොකු වෙනසක් වෙලා නෑ. වෙලා තියෙන්නෙ මල් අයියවත් පෙරලගෙන මල්ලිල ටික ඉස්සරහට ආපු එකයි. :-)

      Delete
    6. රාජ් හරි.. මල් අයියා කැපිලා පේන්නේ. අනික් උන් කබ්බෝ නිසා. වෙනසක් නැති නිසා. ඔය චතුරයම ඕක වැදගත් විදියට කලා ඉන්ගිරිසියෙන් කතාකරන කෙල්ලෙකුත් ආපු කාලේ. ඒ කෙල්ල බැඳලා රට ගියා. මොකෝ කෙල්ලෙක් ගාව කොලුකම, පරිනත් කම පෙන්වන්න කැමති නේ ඕන එකෙක්. දැන් නම් 16+ වගේ. ඒ වැඩසටහනට වැරද්දක් කියනවා නෙමෙයි. නමුත් මම හිතන හැටියට චතුරට ඊට වඩා වයසයි.

      Delete
    7. දෙරණෙන් කලා නේද සින්ඩියක්. තාමත් තියනවද දන්නෑනේ. මේක ඇලෙව්ව නං සැබෑ ප්‍රතිචාර ටිකක් බලාගන්න ලැබෙනව උන්ට!

      Delete
    8. //මෑනුත් පුවත්පත් එක්ක තමන්ගෙ අදහස් ටිකත් දීල අදිනව//

      දේශපාලනය හැර අන්දේවල් වලදී ස්වර්ණවාහිනී නිවුස් වල තම අදහස් පමණක් නොව, පූර්විකාවක්, ජෝක් එකක්, බණක්, හිනහවක්, ඇඬීමක්, ඉතිහාසයක්, අනාගතයක් හා ෆුල් ඩ්‍රාමා එකක් මිනීමැරුමක සිට ක්‍රීඩාවක් දක්වා සියලු නිවුස් අයිටම් එකකම තියනව. නිවුස් එක තප්පර 10 යි. නිවුස් කාස්ටර්ගේ ඩ්‍රාමා එක විනාඩි 2යි. ඒවෙලාවට මං දෙරණ දානව. දේශප්‍රේමී නාලිකා දෙකේ නිවුස් නොබලන නිසා ඒව කොහොමද දන්නෙ නෑ.

      Delete
    9. දෙරණ නිව්ස් හොඳයි. බැලන්ස්. ඒත් ඒකෙත් චතුර කරන දවසට නානවා. එයා අර 16+ කෑලි එහෙම දානවා..

      Delete
    10. @Pra Jay
      //දේශපාලනය හැර අන්දේවල් වලදී ස්වර්ණවාහිනී නිවුස් වල තම අදහස් පමණක් නොව,........//
      පට්ට ඇත්ත..
      දැන් අර හරේන්ද්‍ර කියන නිවේදකයා ආපහු ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තට පස්සෙ ඔය පූර්විකාව කියවන මලවිකාරෙ හොඳටම වැඩි වෙලා තියෙන්නෙ.
      මමනම් කරන්නෙ හතට සිරසෙ නිවුස් බලල ඒවයෙ තාර බර වතුර බර ගැන අදහසක් ගන්න ලයිව් ඇට් එයිට් බලනවා. මම දෙරණෙ නිවුස් බලපු දවස් දෙකතුනකම ඔය චතුර අල්විස් තමයි නිවුස් කියෙව්වෙ. ඒක නිසා ඒකෙ නිවුස් බැලිල්ත් එපාම උනා. දේශප්‍රේමී චැනල් දාන්නෙ ලොතරැයි අදිනවා බලන්න විතරමයි.

      Delete
    11. ඔය ප්‍රවෘත්ති නිවේදකයෝ එපා වෙන්න තව හේතුවක් තමයි.ප්‍රවෘත්තිවලට පමණක් සිමා නොවී තවත් වැඩසටහන් මෙහෙයවන්න ඔවුන් යොදා ගැනීම.මොන වැඩසටහන බැලුවත් ඉන්නේ එකම පිරිසක් වුනාමත් ඕක එපා වෙනවා.

      Delete
    12. ස්වර්ණවාහිනි නිව්ස් කියන්නේ නාට්ටියක්. මල විකාරයක්. ටික දවසක් යාන්තම් හොඳට තිබුනා. දැන් අර බහුභූතයා ඇවිල්ලා ආපහු ගොන් ජෝක් එක පටන් අරන්.

      Delete
    13. මම ඕකේ බලන්නේ. මුල් පිටුව විතරයි. ඒකේ ඉන්නේ මාධ්‍යවේදියෝ නෙමෙයි නළු නිලියෝ..

      Delete
  8. යු ටියුබ් එකෙන් බැලුවා..හප්පා...කේස් එකක්..
    මට හිතෙන විදියට සහ දන්න විදියට වැඩසටහන් නිශ්පාදකයා අත තමයි වැඩ සටහන යන පැත්ත (විශේෂයෙන්ම සජීව ප්‍රචාරයක )ගැන තීරණය තියෙන්නේ...ඇමෙරිකාව වැනි මාධ්‍ය නිදහස උපරිමයෙන්ම තියෙන තැනක පවා සජීව වැඩසටහන් තත්පර 7ක ප්‍රමාදයකින් තමයි ප්‍රචාරය කරන්නේ(broadcast delay or seven second delay), මේ වගේ සිද්ධි නවත්ත (මග ඇර ) ගන්න.මෙය ජාත්‍යන්තරව පිලිගන්නා මාධ්‍ය රීතියක්.
    නිශ්පාදකයට තිබුනා නාලිකාවේ නීතිමය පටිපාටිය පාවිච්චිකරගෙන දුරකථනය විසංධි කරන්න..මෙය නොදැනුවත් කම වෙන්න බැහැ..හිතා මතා කල දෙයක් විය යුතුයි...
    මහින්දානන්ද මයික්‍රපෝනයෙන් ඈත සිට කරන ලද නීතිමය දැනුම්දීම (හඬපටයේ අන්තිම තත්පර ගනන ) නාලිකාව අමාරුවේ වැටෙන තත්වයකට පත්වෙයි කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. බොහෝ විට.
      ගොඩින් බේර ගත්තොත් හැර.
      සම්පූර්ණයෙන්ම නාලිකාවේ වැරද්ද

      Delete
  9. කිලෝමීටර් 9,000 ක් දුරින් ඉඳලත් මේවාගෙන් බේරිල්ලක් නෑ අපිටත්. පවිත්‍රා ක්ලිප් එකත් මේකත් දෙකම නැරඹුවා!

    ඒ වැඩසටන මෙහෙයවූ (?) තරුණයා ගැන එදා නම් දුක සිතුණි. අද ඇතිවුණේ කෝපයකි. අත් බැඳගෙන ගෙන ඉන්න පඩිත් ගෙවනවාද? ඊට අමතරව මෙයට වඩ කිව යුත්තේ තිරයෙන් පිටුපස මැදිරියේ සිටින නිෂ්පාදකවරයා.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මමත් කියන්නේ..

      Delete
  10. හොඳම කෑල්ල තමයි "රාජකීය විද්‍යාලයේ" ඉගෙන ගත්තා කියපු එක!!!
    පව් නේද?

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක ඔහේ තිබ්බාවේ. මේ තමයි රට වෙනස් කරන්න කතා කරන මිනිසුන්ගෙත් මානසිකත්වය නේද රසික. රසිකට ඒ බව වැටහෙනවා නම්, ඔබම අයින් කරන්න. මේක හරියට අර නමක් ගමක් නැති උන් රසිකගේ කුළේ ගැන කතා කරලා දාන කොමෙන්ට් එකක් වගේ.

      Delete
    2. වයි දිස් කොලවරි. රාජකීය විද්‍යාලයේ ඉගනගන්න ලැබෙන්නෙ රාජකීය බුවාලට නේද? ඒකෙන් එලියට එන්නෙත් රාජකීය බුවාල කියලයි මම හිතුවෙ. මොකද්ද වැරැද්ද?

      Delete
    3. අන්න එහෙම හිතන එකයි වැරද්ද. මිනිස්සුන්ගේ වැරදි වලට, කුලය, ආගම, ජාතිය අදාල නොවනවා වගේම පාසලත් අදාල නෑ. රාජ්ලත් කියනවා නේද විවාදයකදි පෞද්ගලිකත්වය ඇද ගන්න එපා කියලා. එහෙම නොකීවනම් අවුලක් නෑ, හැබයි රසික නම් එහෙම කියලා තියෙනවා.

      Delete
    4. aruuuuuuu !! මෙන්නෝ !!!

      Delete
    5. ඔන්න අායි විකාරයක් පටන් ගත්තා.. රසික ෙමතැනදි ඒවැනි අදහසක් අැති කෙර් නැහැ මම හිතන විදියට.. වැරදි කතාව කරපු ඒකාව පාච්චල් කරන්න කියපු ඒකක්.. (ෙමාකද රසික කියන්ෙන් ස්ෙටප් ෙදකක් ඉස්සරහින් හිතල පහල ස්ෙටප් ඒකකදි අර අදහස කියන ඒෙකක්.. ටිකක් අමාරයි ෙත්රුම් ගන්න)

      මට සලකන්න අයිෙය්. හැක්..

      Delete
    6. මං හිතන්නෙ මාතලන්ට හරියට තේරිලා නෑ.
      කවුරු කොහොම කිව්වත් රාජකීය විද්‍යාලය රාජකීයයි. ඕක එතනින් යද්දි දැකල තියන එකෙක් විතරයි මම නං. අරූ වගේ එකෙක් ඕකට ගියා කිව්වම එතනින්ම ඒක විකාරයක්. මට නං හිතෙන්නෙ එහෙමයි. උඹට මෙතන කකා එක්ක ඇමිණෙන්න දෙයක් නෑ මං හිතන්නෙ.

      Delete
    7. දේශපාලනේ නම් හැමතැනම,
      මේක ඉස්කෝල වලියක්ද?
      PM?

      Delete
    8. //මේක ඉස්කෝල වලියක්ද?//
      පාසල් වලියක් වගේ එකක්. හොඳ වෙලාවට රසික වලියට බර නැති බුවා

      Delete
    9. මාතලන් නැවත මා ලියූ දේ කියවන්න.

      ඔබට මගේ අරමුණ වටහා ගැනීමට අපහසු වී ඇති වුණත්, මෙය ඔබේ පාසල ගැන ඔබට උපහාසයට තැබූ කමෙන්ටුවක් නොවේ.

      මා මේ කියන්නේ, ඒ දේශපාලකයා තමන් ගේ සියළු දොස් වසා ගැනීමට (මුලින් සීයා ගේ ඉඩම් යනාදිය ගැන කියා) අන්තිම තුරුම්පුව ලෙස භාවිතා කළේ රටේ වැදගත් යැයි සැලකෙන ආයතනයකට තමන් ගේ ඇති සම්බන්ධය පෙන්වීම තුලින් බවයි.

      එමගින් හෙලිවන්නේ ඔහු ගේ ම හෙලුවයි.

      මේ කොමෙන්ට් එක ඔහේ තිබ්බාවේ යනුවෙන් අදහස් කලේ මොකක්ද? මා මෙය ඉවත් කළ යුත්තේ ඇයි?

      Delete
    10. ඒක මහින්දානන්ද භාවිතා කලත් වැරදියි. මහින්දානන්ද භාවිතා කළ දේ හේතුවක් කරගෙන ඔබ සඳහන් කලත් වැරදියි. එහෙම බැලුවාම මහින්දානන්දගෙයි ඔබෙයි වෙනසක් නෑ. දැන් කීප දෙනෙක්ම මේල් එවලා තියෙනවා ඇයි ඒ වීඩියෝ එක දාන්නේ නැත්තේ කියලා. ඒක මෙතන දැමීමෙන් මම කරන්නේ දෙරණ කල දේම නේද රසික මහත්තයෝ..?

      Delete
    11. මහින්දානන්ද කියනවිදියට සල්ලි තියෙන, අක්කර සිය දහස් ගනන් තියෙන හාමුලා මුදලාලිලා හොරකම් කරන්නේ නැහැ...ඒ කියන්නේ ඉපදෙනකොටම අරගෙන ඇවිල්ලා...ඉස්කෝලෙත් ගාව ගත්තේ ආගිව්මන්ට් එක ජස්ටිෆයි කරගන්න වෙන්නැති...

      Delete
    12. නමුත් හාමුලා අතරේ වල් හාමුලා, හොර හාමුලත් ඉන්නවා. රෝයල් එකෙත් හැම ජාතියෙම උන් ඉන්නවා. ඒක හාමු කමේ වරදක් වත්, ඉස්කෝලේ වරදක් වත් නෙමෙයි. මම හිතන්නේ ඕක බොහෝම පැහැදිලිව තේරෙනවා "අරූගෙ", ළිපි මාලාව කියවනවා නම්. අරූගේ පන්තියේ හිටපු උන් අද ඉන්න තැන් ගැන ළියපු ළිපිය.

      Delete
    13. මේක රසවත් ඉස්කෝලවලියක් කියල මට මුලින් හිතුනෙ ඒත් දැන් කන්ෆියුසින්.

      රසික කියන්නෙ මහින්දානන්ද ඉස්කෝලෙ ඇද ගත්ත එක විහිලුවට කාරණයක් කියලනේද? රසික හරි වගේ නේද?

      (මාතලන් බනින්නනම් එපා - එහෙම කලොත් මාත් මහින්දානන්ද වගේ යනව මෙතනින් , තර්ජන නැතුව හැබැයි ;-D )

      Delete
    14. මාතලන්
      වීඩියෝවේ අන්තර්ගතය තේරුණත් ඔබේ තර්කය නම් තේරෙන්නේ නෑ.
      1. ඇමති කළ කී අන් සියලුම දේ ගැන කතා කිරීම නිවරදි වී ඔහු තම පාසල පිළිබඳව කළ සඳහන ගැන මා ලිවීම වැරදි වෙන්නේ ඇයි?

      2. වරදක් ගැන කතා කිරීම වරදක් ද?

      3. ඒ වැඩසටහන හෝ අදාල ක්ලිප් එක නරඹා නැති අයෙකුට මේ ලිපිය නොතේරේ. මෙහි කමෙන්ට් කර ඇති මා ඇතුලු සියලු දෙනාම එය නැර්ඹූ අයයි. එසේ වූ කල ඒ වීඩියෝව මෙහි ලින්ක් කිරීම වැරදි වෙන්නේ ඇයි? අප අපාය දැක්කේ පන්සලේ සිතුවම්/පිළිරූවලින් නොවේද?

      Delete
    15. මාතලන් නැට්ට පාග‍ෙන. එක්කෝ ටිකක් වැඩිපුර බීල.
      //දැන් කීප දෙනෙක්ම මේල් එවලා තියෙනවා ඇයි ඒ වීඩියෝ එක දාන්නේ නැත්තේ කියලා. ඒක මෙතන දැමීමෙන් මම කරන්නේ දෙරණ කල දේම නේද රසික මහත්තයෝ..?\\
      බොහොම වැරදියි. දෙරණට තියෙන්නෙ අවස්ථාව ඇතිකර නොගැනීමේ වගකීම. ඒ වගකීම එයාල ඉෂ්ට කලේ නෑ. එයාල එතනින් ෆේල්. ඒ සිද්ධිය උනාට පස්සෙ ඒක සාමාන්‍ය නිව්ස් එකක් විතරයි. මාතලන් හිතනව නං ඒක නොපෙන්වීමෙන් අමුතු සදාචාරයක් ඇති වෙනව කියල මට නං කියන්න තියෙන්නෙ හුකෑස් කියල විතරයි.
      ඔය තර්කය අනුව මෙහෙමත් අපෝහනයක් කරන්න පුළුවන්.

      "ආණ්ඩුව ස්වභාවික ව්‍යසනය ඇතිවීම වලක්වා ගත්තේ නෑ.(මීරියබැද්ද හරි කොහේහරි දාගන්නකො). ඒ නිසා ඒ ව්‍යසනය බ්ලොග් වල දැමීම නරකයි"

      ඒ නිසා ඒ වගේ තැනකට යමෙන් මාතලන්ටවත් කාටවත් වැඩක් නෑ. අපි සීමා කරගතයුත්තේ යහපත් සමාජ සම්මතයන්ට අවුලක් වෙනව නං විතරයි. උදාහරනයක් විදියට මැරිච්ච කෙනෙකුගේ පින්තූරයක්, කෙනෙක් මියගිය ශෝකයෙන් හඬන්නෙකුගෙ දර්ශනයක්..... වගේ.

      Delete
    16. ඔබ පාසල ගැන සඳහන් කරලා බලාපොරොත්තු වන්නේ වෙන දෙයක්, ඒ ගැන මගේ පළමු කොමෙන්ටුවේම කිව්වා ඒ නිසා ආයේ ඒ ගැන කතා කළ යුතු නෑ. සීනී කිරන අයට නම් කියන්න තියෙන්නේ, ඔයාලා හරි පව් කියලා විතරයි. රසිකයි මමයි විවාද කළ මුල් අවස්ථාවවත්, අවසාන අවස්ථාවවත් මෙය නම් නොවෙයි.

      රාජ් උඹලට වඩා අපි ටිකක් සිවිලයිස් කියලයි මම නම් හිතන්නේ. මල පන්න ගන්න නම් එපා.

      Delete
    17. (සිවිලයිස් කියල නං පේනව මේ සීනි කිරන කතාවෙන්)

      රසිකත් උඹත් ඕන එකක් කරගත්තට අපිට නං කමක් නෑ. මෙතන තමුන්ට අනුව 'හරි ' කියල හිතන දේ වෙනුවෙන් කතා කලා එච්චරයි. රයිට් ඉවරයි මේගැන බලල තේරුම් ගන්නෙ නැතෑ කියවන කෙනෙක්. ගුඩ්බායි. ඊලඟ පෝස්ටුවට එඥ්ඥං

      Delete
    18. ඔය ඉතින් මල පැනලා නේ. අනුන්ගේ වාද අස්සේ රිංගනවට අපේ ගමේ නම් කියන්නේ සීනී කිරනවා කියලයි. මමත් එහෙම සීනී කිරන්න ගිහින් නෝන්ඩි වෙලා තියෙනවා. අන්තීමෙදි මම සපෝට් කල එකා පස්ස ගහද්දි සුභ පතන්න එන්නෙත් එගේන්ස්ට් එකා. මහින්දානන්දට උන දේ අසාධාරණයි කියලා මම හිතන්නේ. ඒ නිසා ඒක මෙතන දාන එක සදාචාරවත් නෑ කියලයි මම හිතන්නේ. නැතුව මම කලින් වෙන වීඩියෝ දාලා තියෙනවනේ. ගනන් ගන්න එප මචෝ..

      අපි වෙනුවෙන් අපි අපි නේ.

      Delete
    19. සීනි කිරන්න නං ෙබාලාත් ඒක්ක අපි ෙමාකටද කතා කරන්ෙන්.. ෙරද්ද ඒ්ක ෙනාෙත්ෙරන මාතලං. විකාර කියවනවා.. තර්ෙකට අදාල ෙවන්න තර්ෙකට අදාල වන්න. සීනි කිරන කතා තමා හැම තැනම තිෙයන්ෙන්. ඒ් වාද කරන්න ෙනාදන්න අය..

      මම ප්‍රාට සලකන්ෙන් ඒ්කයි.. විශිස්ඨතම බුද්ධිමෙතක්. පුල් කූල්.. වාදෙට ඒනවා. හැබැයි වාද කරන්න ෙනාදන්න කම ෙපන්නුව ගමන් මිනිහා යනවා.. මට නං ප්‍රා වෙග් ෙවන්න බෑ. ඒ්ත් ටිකක් ඒ්ක ෆෙලා් කරනවා. අැත්තටම ෙම් බ්ෙලාග් ෙලා්ෙක් වාද කරන්න පුළුවන් ඒෙකකුට ඉන්ෙන් මාරයා විතරයි. උෟටත් මල පනිනවා ෙන. හැක්.. සීනි කිරන්න ඒපා කියල මටත් ඒක පාරක් පුද්ගලිකව බැන්නා.. හැක්.. චැප්ටර් ක්ෙලා්ස්ඩ්

      Delete
    20. ඕන් දේශකයා නාලා.. කොමෙන්ට් කරනවා කියන්නේ එකක්. දෙන්නෙක් අතර සංවාදෙකට රිංගනවට අපේ ගම් වල නම් කියන්නේ සීනී කිරනවා කියලා. උඹලා විතරක් නෙමෙයි මමත් සීනී කිරනවා. ඉතින් ඒකට මල පන්න ගන්න ඕන නෑ. මොකෝ එහෙම කිරන්න ගිහින් මාත් නෝන්ඩි වෙලා තියෙනවා. ඔක්කෝම ඉන්නේ මල් මාමලා නේ. මල නහයේ නෙමෙයි ඔළුවේ.

      Delete
    21. මම හිතුෙව් මට දැනුෙන් බ්ෙලා්ග් කියන්ෙන් සීමා නැති නිදහසක් කියලයි.. මම වැරදියි. උඹට මම සිංදු අැෙනා් ගාෙන් ෙදනවා ජිප්සීස් සින්දුවක්.. හැක්..

      Delete
    22. කාලෙකට පස්සෙ ඇවිත් දැක්කෙ බොලාගෙ වාදෙ? මල වදේ! ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට, අපිට මොටද අපි දස සිල් උපාසක. ආනන්ද රෝයල් වළි වල ඉතිහාසෙ සෑහෙන පරණයිනෙ. ඕං අපි ගියා, සීනිත් නෑ පානුත් නෑ, මාත එක්ක වාදත් නෑ.

      Delete
    23. ඉතින් බං උඹලගෙ නිදහස උඹලා භාවිතා කලා, පිළිතුරු දීමේ නිදහස මම භාවිතා කලා. ඒ කියලා මම නම් සීනී කිරන එක නවත්තන්නේ නෑ කවදාවත්. ඒක අපේ ලේවල තියෙන දෙයක්.

      Delete
    24. මාතලන්,
      උඹ නං නියම මෝඩ හරකෙක්. හරකෙක් කිව්වෙ තරහකට නං නෙවේ. උඹ මට තදවුනා කිව්වට මම කිව්වෙ ගිහිං එන්නං කියල. එහෙම කිව්වෙ මගේ පැත්තෙන් කියන්න තියන කරුණු ටික කියල ඉවර වුන නිසා.(ඒ වෙද්දි).

      සීනි කිරනව කියන එක මම හිතන්නෙ උඹට වැඩිය හොඳින් මම දන්නව. මෙතන උඹ රසිකගෙ ප්‍රතිචාරයට දාපු මොංගල් පිලිතුරට මම උත්තරයක් දුන්න විතරයි. එහෙම නැතුව උඹෙයි රසිකගෙයි දුරකතන සංවාදයකට හරි වෙනත් පෞද්ගලික දේකට හරි මැදිහත් වුනා නෙවේ. මෙතන තියෙන්නෙ විවෘත අවකාශයක්. මම එතෙන්ට ඇවිල්ල අදහස් දැක්වීම උඹට පේන්නෙ සීනි කිරීමක් නං උඹේ දැනුම තේරුම ගැන හිතාගන්න පුළුවන්. උඹ හොඳයි හන්දියෙ කඩේ ලඟ සංවාදෙට!

      [ඒ ව‍ගේම අන්තර්ජාලයේ මට නං යාළුකම් නෑ. මෙතන ඉන්න එවුන්ගෙන් දැකල තියෙන්නෙත් කිහිප දෙනෙක් විතරයි. ඒ නිසා රසික සහ උඹ කියන දෙන්නගෙ මට නං වෙනසක් නෑ. පුළුවන් නං සංවාදෙට වරෙන්. අපි සංවාද කරන්නෙ අදහස් වලට පක්ෂව සහ එරෙහිව. අන්තර්ජාලයේ මට්ටමින්. හන්දියෙ කඩේ විදියට නෙවේ.]

      Delete
    25. අෙන් මට නං බෑ...හැක් හැක්.. හැබැට ෙම්ක සර්වකාලීන ෙක්ස් ඒකක්. රාජකීය කිව්ව ගමන් අනිත් උන් කුදලන් වලියට ඒන ඒක.. පැහැදිලි ඉරිසියාව ඔ් ෙය්ස්..

      Delete
    26. @දේශක මා ගැන අධි තක්සේරුවක් වගේ. මං ගියෙ බය නිසා. තියන බුද්දියක් පාවිච්චි කරන්නෙ ඇඟ බේර ගෙන අතක් පයක් නොකඩාගෙන ඉන්න.
      සීනි ඒතරම් හොඳ නෑ ඇඟට. සීනි තියන දේවල් ඩිස්ටිල් කරාම හොඳයි කියල රාජ් කියල තියනව.

      @මාතලන්, මේකෙ ටිකක් ආගමික මුහුණුවරකුත් තියනව වගේ. රසිකගෙ ඔරිගිනල් කමෙන්ට් එකේ තියනව මහින්දානන්ද පව් කියල. මාතලන්ගේ පසුව රිප්ලයි එකක තියනව සීනි කිරන අය පව් කියල . :-D ගනන් ගන්න එපා. විහිලුවක් කලේ. (ගණන් ගත්තත් බනින්න නම් එපෝ :-D

      Delete
    27. රාජ්ට මම දෙන්න ඕන උත්තරේ දේශා දීලා තියෙනවා. හංදියේ ටෝක්ස් එක දීලා තියෙන්නෙත් කව්ද කියලා පැහැදිලිව පේනවා. ඒකයි මම කිව්වේ රාජ්ට වඩා අපි සිවිලයිස් කියලා. ඒකට පාසලත් බොහෝම ඉවහල් වෙනවා.

      ප්‍රා.. මම ඔය කිසි දෙයක් ගනන් ගන්න එකෙක් නෙමෙයි. බ්ලොග් කියන්නේ මගේ ජීවිතය නෙමෙයි. විනෝදාංශයක් පමණයි. මාත් එක්ක කාපු බීපු උන් දන්නවා මම කව්ද කියලා.

      Delete
    28. ප්‍රා … ඉෂ්කෝල වලි .. ඕ යේස්
      ඕං කොන්වන්ට් එකට බෝයිස් එකයි සෙන්ට්‍රල් එකයි ගහගත්තනං රෙෂ්පට් .. .:D අපිත් පුල් ෂපෝට් .

      Delete
    29. මෙන්න මගේත් මේ කතන්දරය සඳහා අවසාන වචන කීපය.

      1. ඒ ඇමතියා කළ වෙනත් ප්‍රකාශ ගැන (අපේ ෆොන් කෝල්ස්, අපි දුන්නු ලයිෂන්, කට වගගෙන ඉන්නවා වැනි) කතා කරමින් ඔහු අවසානයේ කී රෝයල් පාසලට ගිය කතාව වාරණය කිරීම අතාර්කික බව මගේ අදහසයි. තවත් අතාර්තික ප්‍රකාශ කීපයක්ම මෙහි ඇත. ඒවා එතරම් වැදගත් නොවෙන නිසා උපුටා නොදක්වමි.

      2. මා කියූ දේ මාතලන් නිවරදි ලෙස තේරුම් නොගැනීමට හේතුව අප අයත් කණ්ඩායමක් පාර්ශවකරුවන් වෙන ප්‍රශ්ණයක් දෙස මැදහත්ව බැලීම වනාහී ඉතා අසීරු, ඉතා සංයමයකින් යුතුව පුරුදු පුහුණු කළයුතු කටයුත්තක් වීමයි. මම මේ සම්බන්ධයෙන් 1980 පමණ සිට සෑහෙන පරිශ්‍රමයක් දැරුවෙමි. පාසලක අයිතිකරුවෙක් නොවී සිටීමට සහ ජනවාර්ගික, ආගමික ප්‍රශ්ණයකදී එක් අන්තයකට පාක්‍ෂික නොවී ස්වාධීනව සිතීමට මට සුලු හෝ හැකියාවක් ඇත. එය දන්නෝ දනිති.

      3. මෙතැන සීනි කිරීමක් හෝ වෙනත් දෙයක් මම නොදුටුවෙමි. නිදහස් තැනක නිදහස් අදහස් ප්‍රකාශක කිරීමට හැකියාව තිබිය යුතුය. මගේ කමෙන්ටුව කැපීමේ අවශ්‍යතාවයක් මට නොහැඟේ.

      Delete
    30. අවුලක් නෑ රසික. හැබයි ඒකට කියන්නේ නම් සීනී කිරීම තමයි. ඒක මම අපහාසයට කියපු දෙයක් නෙමෙයි. මොකෝ මමත් සීනී කරනවා. මාරයා නම් කියන්නේ, ගින්නට පිඳුරු දානවා කියලා. එහෙම අවුලක් නෑ. මෙහෙම විවාද කරන්න පුළුවන් නම් මැති ඇමතිවරුන්ටත්.

      මටත් කල්ලි ගැහීමේ උවමනාවක් නෑ. ඒත් රසික ගමේ පාසල විවේචනය කරන්නේ නෑ නේද?. මම දැකලා නෑ. ඒකයි ඇහුවේ.. එහෙම කරලා තියෙනවා නම් ලින්ක් එකක් දාන්න.

      Delete
    31. මහින්දානන්දයා හිතන් ඉන්නේ රෝයල් කියන්නේ ඔටුන්නක් කියලා. ඒක ඔටුන්නක් කරගන්නේ කටුස්සෝ. අනිත් එක අපි රෝයල් එකට ගියේ කියලා කියන එකෙන් මහින්දානන්ද බලාපොරොත්තු වුනේ තම ලොකු කම පෙන්වීම නම් මෝඩ කමක්. චාරයක් නැතීවුන් කොයි ඉස්කෝල්වලත් ඉන්නවා. මුන් වගේ එවුන් නම් තමන්ගේ ඉස්කෝලෙටත් ලැජ්ජාවක්.

      ඒ වීඩියෝ ක්ලිප් එක දැම්මාම මොකද බං වෙන්නේ. දැන් ඒක රටක් බලලා ඉවරයි. හොරාට හොරා කියන්න මොකටද බයවෙන්නේ.

      Delete
    32. ඒ කැත වැඩේ විවේචනය කරලා ඒක මෙතන දානවා කියන්නේ මචෝ, බලු ගූ ගොඩක් ගෙනත් මැද සාලේ තියනවා වගේ වැඩක්.

      Delete
    33. කට්ටියම මං හිතන්නේ මහින්දානන්දගේ ඒ රෝයල් කතාවෙන් කියපු දේ හරියට තේරුම් ගත්තේ නැහැ.
      මිනිහා එතනින් අදහස් කලේ තමන්ට රෝයල් එකට යන්න තරං වත්කමක්.. බලයක් ඒ කාලෙත් තිබුනා කියන එකයි. මිනිහා ඒ වෙද්දි කියං ආවේ තමන්ගේ පාරම්පරික දේපල ගැන සහ නෑදෑයින්ගේ වගතුග. ඒ එක්කම තමා කිව්වේ රෝයල් ගිය කතාව. අපි කවුරු උනත් දන්නවා ශිෂ්‍යත්වේ පාස් වෙලා ඇර කොළඹ රෝයල් එකට ළමෙක් දාගන්නනං සාමාන්‍ය තරමේ මිනිහෙකුට අදටත් බැරි වග. මෑන් කියන්නේ මම ඒ කාලෙත් යම් බලයක් ධනයක් ඇති පවුලක එකෙක් කියන එකයි. ඒත් මෙතනදී රසික එයාගේ හැමදාම කරන සෙල්ලම කරන්න යෑමත්, මාතලංගේ කුකුල් කේන්තියත් විසින් බොහෝ පිරිසක් පාර වරද්දවා ගැනීමයි.

      Delete
    34. සාමාන්‍ය පවුල් වල යට රෝයල් එන්න බෑ කියන්නේ පට්ට බොරු කතාවක්. අපේ පන්තිවල රටේ සෑම පන්තියකම දරුවෝ හිටියා. කොටින්ම වතු දෙමළ දරුවෝ පවා. රසික මෙතන මතු කරන්නේ වෙන දෙයක්. ඒක රසික මුල ඉඳන් කියවන අය දන්නවා. රසිකට රෝයල් එක විතරක් නෙමෙයි ආනන්දය සමගත් ප්‍රශ්ණයක් තියෙනවා.

      Delete
    35. මාතලන්, මොනවද මේ කියන්නේ?

      මට දැන් දැන් පේන්නේ ඔබත් මාත් උත්තරධ්‍රැවය සහ දක්‍ෂිණධ්‍රැවය වගේ දුරස්ත බවයි.

      මට ආනන්දය ගැන හෝ රාජකීය විද්‍යාලය ගැන හෝ ඔබ කියා ඇති පරිදි ඇති ප්‍රශ්ණයක් නැත.

      සත්‍යය නම් මට ආනන්දය ගැන හෝ රාජකීය විද්‍යාලය ගැන හෝ වෙනත් කිසිම පාසලක් ගැන හෝ කිසිදු බැඳීමක්, අයිතිවාසිකමක් හෝ උණක් නැති බවයි.

      Delete
    36. “Pride should be reserved for something you achieve or obtain on your own, not something that happens by accident of birth. Being Irish isn't a skill... it's a fucking genetic accident. You wouldn't say I'm proud to be 5'11"; I'm proud to have a pre-disposition for colon cancer.”

      ― George Carlin

      මෙය රීසනබල් විදිහට හා මට්ටමකට සෑම දෙයටම අදාල කල හැක.
      පාසැල්ද ඇතුලුව.

      @මාතලන් , රසික හා වෙනත් ඉන්ටරෙස්ටඩ් අය ..........එකඟද?

      Delete
    37. එකඟයි ප්‍රා.. අපි තවම පෘතග්ජන මිනිස්සුනේ..

      Delete
    38. @ රසික
      මටත් ඇති උණක් වත් ළොකු කමක් වත් නෑ. එහෙම දෙයක පේනවනම් ඒක මගේ ලේ වලින් ආපු දෙයක්. නමුත් මම මගේ පාසල්වලට ආදරෙයි. වෙන කෙනෙක් ඒකට ගහනවට මම කැමති නෑ. රසික උනත් කැමති නෑ නේ තමන්ගේ අම්මට නෝනට දරුවන්ට ගහනවට. මගේ ඒ ලිස්ට් එක ඇතුලේ පාසලුත් තියෙනවා.

      Delete
    39. රාජකීයයෙකු ලෙස රසිකගේ අදහසට තරයේම එකඟ වෙමි.
      මාතලන්, ඔබගේ අදහස් ගැන දැනෙන්නේ අපුලකි.

      Delete
    40. රාජකීය පොළොන්නරුවෙත් තියෙනවනේ, හොරණත් තියෙනවා. ඒ නැතත් අපේ ඉස්කෝලෙත් බල්ලො ඉන්නවා.

      Delete
    41. අපි මලියදේව යකෝ!!! වන් ඇන්ඩ් ඔන්ලි....ආයේ වෙන නෑ...

      Delete
    42. පොලොන්නරුව වල් රෝයලිස්ට් My3 ගොයියා රියල් රොයලිස්ට් රනිල් ව රජ කිරීමට දර දිය ඇදීම ගැන මගේ උපහාරය!

      Delete
    43. Sa rasa ////වල් රෝයලිස්ට්....රියල් රෝයලිස්ට්///

      දියුණු මිනිසුන් මෙවන් අඩියකට පත්විය යුතුද...මේ වචන පාසල් සැසඳීමට තියා භාවිතාවටත් සුදුසු සැසඳීම්ද... මමත් කොළඹ රාජකීය ආදී සිසුවෙක්මි...මගේ මිතුරන් පොළොන්නරුව රාජකීය ආදි සිසුවන්ද වේ. මෙච්චර යටට වැටෙන්න එපා.

      Delete
    44. කවුද මේ දියුනු මිනිස්සු? කොහෙද ඒ ගොල්ල ඉන්නෙ?? Sa Ra Sa වන මා නම් නොදියුනු, ජාතිවාදී ආගම්වාදී ජහමනයෙකි!

      පොලොන්නරුවෙ රාජකීය විද්යාලයට වල් රොයල් කියන්නේ සරසවියේ සුභාවිත වාග් මාලාවෙනි...

      ඇබිත්තයා මහ නායක කම අරගෙන හාමුදුරුවන් ට එය පරිත්යාග කරනාවිට කොපමන සුන්දරද?

      Delete
    45. /////පොලොන්නරුවෙ රාජකීය විද්යාලයට වල් රොයල් කියන්නේ සරසවියේ සුභාවිත වාග් මාලාවෙනි.////////////
      සරසවියක තරම!!!!!!!! මං සරසවි වරම් නොලබපු පීචමයෙක් වීම ගැන පොඩි කාලකන්නි සතුටක් තියෙනවා . මගේ නූගත් හදවතට මම ආදරය කරනවා. එවන් මිනිසුන්ලාට වඩා, පොළව හඳුණනවා. පස දුඹුරුයි කියා දකිනවා. ගැටළුවක් නැහැ. Sara saගේ මතවාදය තමයි අපි වැන්නවුන් හිනා වෙවී බලන්නේ.

      අර කතාව ලියන්න. ඒ ලියපු දේවල් තුල යමක් තිබුනා. කැත කමට කිව්වා නෙමේ...කිසි දෙයක් ඔටුන්නක් කර ගන්න එපා. පව්...ආපහු පේරාදෙනි යන්න :

      Delete
    46. @අරූ,
      ඕනෑම සංස්කෘතියක් තුල විවිධ උප සංස්කෘති තියෙනවා. ඒ ඒ උප සංස්කෘතිවලට ආවේනික වූ චර්යාවන්, වාග් මාලාවක්, චාරිත්‍ර යනාදිය තියෙනවා.

      ඔබ විශ්ව විද්‍යාලයට නොයෑම ප්‍රශ්ණයක් නොවෙනමුත්, එනිසාම ඔබට විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ යම් යම් ලක්‍ෂණ සැබෑ ආකාරයෙන් විඳ ගන්නට ලැබෙන්නේ නෑ. එයයි මෙතැන ප්‍රශ්ණය.

      විශ්ව විද්‍යාල උප සංස්කෘතියට අයත් වාග් මාලාවක් තියෙනවා. මේවා විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයටත් වෙනස් වෙනවා.

      මේ වාග් මාලාවේ සමහර පාසල් වලට බැඳුණු පටබැඳි නම් තියෙනවා.

      මරියකඩේ සෙන්ට්‍රල් (ආනන්ද), කුප්පියාවත්ත සෙන්ට්‍රල් (නාලන්ද), කන්නංගර මහා විද්‍යාලය (රාජකීය) යනු ඉන් කිහිපයක්. මේවායින් සරල සරදමක් මිස දරුණු අපහාසයක් අදහස් කෙරෙන්නේ නෑ. ඒ වගේම එලෙස අපහාසයක් ලෙස බාර ගැනෙන්නේත් නෑ.

      ඉංජිනේරු පීඨයට අප කීවේ කම්මල කියායි. වෛද්‍ය පීඨය මස් කඩේ.

      විශ්ව විද්‍යාල උප සංස්කෘතිය ගැන ලියවුණු නිබන්ධනයක් පොතක් ලෙස මුද්‍රණය වී තියෙනවා.

      Delete
  11. අවජාතකේ යනව "වේදිකාව" කියල දේශපාලන සංවාදයක්. ඒකෙ තේමාව තමයි,"මත මත ගැටෙන වේදිකාව" ඒත් හත්වලාමේ ඒකට එන්නේ ආණ්ඩුවේ නියෝජනයක් පමණයි. ඉතින් කොහොමද මත ගැටෙන්නේ?? මෙව්ව හොඳයි බේබිලාට.

    එක අතකට ඇස් කන් ඇති සත්තුන්ටත් තේරෙණ මේ දේවල්. මේ ජරා දේශපාලනය, මේ විහිළුව කතාකරන අපිටයි ලැජ්ජා නැත්තේ. සංවාදයකට බඳුන් කිරීමට තරම්වත් වටිනාකමක් තියෙනවද..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට නිහඬව ඉන්න එක ඊට වඩා භයානක දෙයක්. තියෙන නිදහසෙන් වත් උපරිම ප්‍රයෝජන ගන්න ඕන.

      Delete
  12. මට හිතෙන විදිහට ඕක නිකන් අඬන්න හිටපු එකාට ඇඟිල්ලෙන් ඇන්න වගේ වැඩක්. ආණ්ඩුවේ උනුත් බලන් හිටියේ කොහොමද මේවා මග අරින්නේ කියල. දැන් කොහොම වෙතත් කට්ටිය ආපහු ගෙන්න ගන්න දෙරණට නොවඳින වැඳුම් වඳින්න වෙයි. ආණ්ඩුව ඩිමාන්ඩ් කරයි වැඩේ කට්ටිය අමාරුවේ දාන්නේ නැතුව ඇල්වතුර වගේ වැඩේ ගෙනියන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව නම් ආන්ඩුවට උත්තර නෑ. නමුත් මේ වැඩසටහන මෙහෙය වීම බොහෝම නින්දා සහගතයි. චතුර මාධ්‍යවේදියකුගේ භූමිකාව ඉටු කලේ නෑ. ඒ වගකීමෙන් ඔවුන්ට ගැලපෙන්න බෑ.

      Delete
  13. "තමුන්නාන්සේල අපි දාන එක දුරකථන ඇමතුමක් දානවද මේකට?"
    hah hah haaaa

    ReplyDelete
    Replies
    1. අප්පට ෙබාල ඒෙහම කැල්ලක් තිබුනද?? මම ෙම්ක බැලුෙව් නැහැ..

      Delete
    2. තිබුන නේන්නං. ඒක තමයි හොඳම කෑල්ල.

      Delete
    3. තිබුනා නේන්නං.....පැටලිල්ලක තරම..

      Delete
  14. මාතලන්
    සිරස ප්‍රෙස් රිලීස් එක කරන පොර ගැන මොකද කියන්නෙ
    නම මතක නෑ

    ReplyDelete
    Replies
    1. ඌ තනියෙන් කරන කාළේ නම් හොඳට කලා. දැන් නම් ඒක අච්චාරුවක්.

      Delete
    2. සිරස ප්‍රෙස් රිලීස් පොරගේ නම චාමික රොෂාන් නේද.... මෑන්ට නම් යමක් කමක් තේරෙනවා කියලා හිතෙනවා.

      Delete
  15. ඊයෙ රෑ මැච් එක බලල පැරදුනාම ගිහිං නිදාගත්තා.මේ සීන් එක බැලුවෙ අද උදේ.ඒක නෙවෙයි මාතලන් මෙහෙම හිතෙන්නෙ නැද්ද.කතාකරපු මනුස්සය ඔහුගෙ නම කිව්වෙ නෑ වගේම කාගේවත් දේශපාලකයෙකුගේ නමකුත් කිව්වෙ නෑ නේද?මේ මනුස්සය අහක යන ලෙඩක් බලෙන් ඇඟට දාගත්ත නේද?සද්ද නැතුව හිටිය නං මොකද වෙන්නෙ.දැන් වෙලා තියෙන්නෙ ආයෙම එයාට ඔය වගේ වැඩසටහන් වලට යන්න විදිහක් නැතිවෙන එකයි.

    ReplyDelete
    Replies
    1. අපි මෙතනදි ඒ කෝල් එක දීපු බුවාගෙ කතාවටත් ඇහුන් කන්න දෙන්න ඕනැ
      - මීට හැලපයා

      Delete
    2. හැලපෙ,
      උඹ මහින්දානන්දගෙ තැන හිටියත් මේක කරන්න වෙනව මං හිතන්නෙ. මූණ ඉස්සරහටම ගහද්දි පාඩුවෙ ඉන්න බෑ නෙව. නෝනගෙ නඩුයි අරකයි මේකයි කියද්දි ඉතිං ඉන්න බැරි වෙන්න ඇති

      Delete
    3. පරිනත දේශපාළඥ්ඥයෙක් නම් කරන්නේ සද්ද නැතිව ඉන්න එක. දැන් බලහන් හැමදාම ජෙප්පන්ට මිනී මරපුවයි, අත් කපපුවයි අරවයි මේවයි ඔක්කෝම කියනවා උන් ඔය වගේ කුලප්පු වෙනවය. කාටද කිව්වේ. ඔයාටද දන්නේ නෑ නේ, කියලා සද්ද නැතුව හිටියා නම් ඉවරයි තමයි. ඒත් මෙයා තොප්පිය දා ගත්තා. අරූ තව ෆෝම් වෙලා ඔක්කෝම දීලා ඇරියා. මෙහෙයවන්නා අත් දෙක බැඳගෙන බලාගෙන ඉඳලා පස්සෙ කියනවා, ඔබ තුමාට අපහසුතාවයක් උනා නම් සමාවෙන්න කියලා. සමාව නෙමෙයි ආන් ඒ යකා පොලීසියේ ඇන්ට්‍රියක් දාලා. දැන් ඉස්සර වගේ නෙමෙයි ඇන්ට්‍රියක් දැම්මා නම් විභාගයක් කරනාවමයි.

      Delete
  16. නොදන්නා කම නිසයි අහන්නේ.. ඔය දිලිත් ජයවීර හෙවත් දෙරණේ අයිතිකාරයා සරත් අමුණුගමගේ බෑනා නේද? 2006-07 වසර වලදී ට්‍රයැඩ් නම්වූ නිර්මාණශීලී දැන්වීම් ආයතනයේ සම කළමණාකාර අධ්‍යක්ෂක (වරුණි සමග ) ලෙස පමණක් ව්‍යාපාරික ලෝකයට ඇවිත් අද වෙනකොට ආයතන 400 කට ආසන්න ප්‍රමාණයක අයිතිකරු වන්නට ආණ්ඩුවේ ඉහළම ආශිර්වාදය (යුධ සමයේ හමුදාවට බැක් කරන ඇඩ් කිරීමට ගෝඨාගේ සහය වැනි ) නොලැබුනේද? දැන් මේ මහින්දානන්ද වැනි හාල්මැස්සන් කුජීත වන තැනට කටයුතු කරමින් (පමණක්) සධාරණ මාධ්‍ය ලේබලය අලවා ගැනීමට ගන්නා උත්සාහය තවත් එක ව්‍යාපාරික ප්‍රෝඩාවක් හා පෞද්ගලික න්‍යාය පත්‍රයක් කරළියට ගෙන ඒමක් නොවේද? වැඩසටහන නැරඹුවේ නැති නිසාත් දැන්ම නැරඹීමට අවකාශයක් නැති නිසාත් ඒ ගැන යමක් නොකියමි. මාතේ.. දෙරණ ගැන ඔබටත් අදහසක් ඇතැයි සිතමි...ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. රජයේ නාලිකා වලට නැති අවුලක් පෞද්ගලික නාලිකා වලට තියනව. ඉන් එකක් ලාභ ලැබීම. ඒ වගේම ජනප්‍රියතාවය පවත්වාගෙන යාම. උදාහරණයක් විදියට ‍අයිටීඑන් පන්නයේ නිව්ස් දෙරණෙ ගියොත් දෙරණෙ ජනප්‍රියත්වය බින්දුවට බහිනව. ඒ නිසා බැලන්ස් කිරීමක් කරගන්න සිදු වෙනව මේ වගේ අයතන වලට. ඒක එක එක්කෙනා එක එක විදියට කරනව. නිව්ස් බැලන්ස් කිරීම එකක්. ලොකු ලොකු වැරදි තියෙද්දි අර ස්වර්ණවාහිණී දවසේ වැරැද්ද, හිරු එකේ සීඅයිඒ වගේ දේවල් රටට පෙන්නනව.
      ඒ වගේම තවත් සමහර චැනල් තෝරාගත් පිරිසක් ඉලක්ක කර පිම්බීම/මඩගැසීම කරනව. සිරසට ඉන්නව මන්ත්‍රීල කිහිප දෙනෙක්.(සුජීව, මරික්කාර්, සුසාර, සූත්තර පුංචා....) ඒ වගේම හතුරන් කිහිප දෙවෙක්.(මංගල, රනිල්,....). ඔයවගේ කම්බිනේෂන් එකකින් තමයි එයාලගෙ බැලන්ස් බව ආරක්ෂා කරගන්නෙ.

      Delete
    2. දෙරණ තමයි මම රූපවාහිනි චැනල් වලින් වැඩියෙන්ම බලන්නේ, නිව්ස්, දෙරණ ඩ්‍රිම් ස්ටාර්, ගුජුං පියෝගේ කතාව සහ දැන් අම්මා ඒත් මේ චතුර අල්විස් නම් ඔහුට නොගැලපෙන වැඩසටහන් වලට දැමීම කරුමයක්. ඒත් ඔවුන්ගේ ටාගට් එක තරුණ පරපුර නම්, මෙහෙම තරුණ පරපුරක් නම් හදලා වැඩක් නෑ. ඔය දෙරණ ඩ්‍රීම් ස්ටාර් වල උනත් හොටු පෙරාගෙන අඬන ඒවා එහෙම අප්පිරියයි. තරුණ පරපුර එහෙම වෙන්න ඕන නෑ කියන එකයි මගේ අදහස. අනික තරුණයොයි, ටීනේජර්ස්ලයි පටලවගෙන ඉන්නේ මම හිතන විදියට. චතුර හොඳයි 16+ වගේ වැඩ සටහනකට.

      Delete
  17. ආන්ඩුවෙ අය නගිටල ගියාට පස්සෙ JVP සහ UNP ඩෙනට අඩු තරමෙ එ අයගෙ අඩහස් ප්‍රකශ කිරීමට පොඩි හරි අවස්තාවක් ඩෙන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නෑ. ඒක පාලු ගෙයි වලං බිඳිමක් වෙනවා.

      Delete
    2. ඇනෝ කියන දේ හරි කියලා මමත් හිතනවා.ආණ්ඩුවේ අයට යන්න කියලා කවුරුවත් කිවේ නැහැ.මහින්දානන්ද භූමිතෙල් ගැවිච්චි ගැරඩියා වගේ දඟලලා ගිය විතරක් නෙමේ. UNP එකට චෝදනාවක් කරලා ගියෙත්.ඒ චෝදන්වන්ට පිළිතුරු දෙන්න විපක්‍ෂය මිනිත්තු 5 දෙන්න තිබ්බා.

      Delete
    3. මම කියන්නෙත් ඇනෝ කියන එක හරි කියලා. මොකද මෑන් දොස්තරවත් ඇදගෙන එලියට යන්න ඉස්සෙල්ලා කිව්වා.....හොර පෙරකදෝරු කතාවකුයි, ඇඟිලි කපාගත්ත කතාවකුයි... ඒ දෙක ඉලක්ක වුනේ කාටද කියන්න අමාරුයි. ඒත් හඳුන්ටයි, අජිත්ටයි තව එක් අවස්තාවක් දෙන්න තිබුනා. ඊට අමතරව යම් පැහැදිලිකිරීමක් කරන්න තිබුනා ආයතනයට.

      Delete
  18. කතාව ඇත්ත
    ප්‍රේක්ෂකයා සමාජජාල වල යන කතන්දර ගෙඩි පිටින් අතාරින්නේ නැතුව සදාචාරාත්මක විදිහට හික්මීමකින් අහන්න තිබ්බා. එහෙම නාහනවා කියලා තේරෙනකොට දෙරණට ඒක අවහිර කරන්න තිබ්බා. චතුර මේ වගේ වැඩකට තාම ළපටි වැඩියි කියලා මටත් හිතිලා තියෙනවා. මහින්දානන්ද ට හොඳට සමාජජාල වල ශෙයා වෙලා නතිවෙන මිනිහගේ කැරැට්ටුවට ලකුනු දාගනන් තිබ්බ චෑන්ස් එකක් මිනිහා නති කර ගත්තා (අර අපවිත්‍රා අම්මන්ඩි වගේ නාගත්තා) ඉවසීමෙන් උත්තර දුන්නා නම් මිනිහට සහෙන්න වාසි ගන්න තිබ්බා . . සමාජ ජාල වල ශෙයා කරන උන්ගේ කටවල් වහන්න තිබ්බා ඕන කමක් තිබ්බා නම් සහ ඒ කියන ධනය එයා කියන තරම් සුපිරිසිදු නම්

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම අඩු පාඩු නැතුව නාගත්ත. දෙරණ වාද පිටිය විකාරයක් වෙන බව මම කලින්ම දැන ගත්තා. යක්කු එන තැනකට පොඩි බබෙක් දාලා. ඒ යකා ගුටි නොකා බේරුනා ඇති. එයාට ඕන මිනිස්සු කොටවන්න. ඒක මාධ්‍ය වේදියකුගේ යුතුකම නෙමෙයි. මගේ මුල්ම රසිකයකුගේ කොමෙන්ට් එකක් කාලෙකින් දැකීමත් සතුටක්. ජය වේවා...

      Delete
  19. පාවෙලා ආපු තොප්පිය වැටෙන්න කලින් උඩ පැනල ඇදල අරගෙන දාගත්ත. ඊට ටිහිකට කලිනුත් 2005 ඡන්දෙට මහින්දානන්ද උන්නෙ නෑ, ජෙප්පොන්ට ණයට පෝස්ටර් ගැහුවෙ වගේ කතා නිසා මහින්දානන්දය මල අතේ තියාගෙනනෙ හිටියෙ.

    අනික මහින්දානන්ද විතරක් නෙමෙයි ආන්ඩුවෙ ඉන්න බහුතරය මේ දවස්වල ඉන්නෙ ටෙන්ෂන් පිට. එදා ජොනියත් ඕකමනෙ කලේ.

    දෙරණට ඔය කෝල් එක ඉන්ග්ලන්ඩ් ඉඳල ස්කයිප් හරහ දුන්න එකක් කියල ඊ නිව්ස් එකේ දාල තීනව. ඒක එහෙමනම් නුවර අහවලාව හොයනව බොරු. හැබැයි ඒ එක්කම බොරු කලා කියල දෙරණට පොළු. මොකද හේතුව කෝලර්ගෙ හරි විස්තර නෙමෙයිනෙ කියල තීන්නෙ.

    මම නම් ආසම සහ මහින්දා වඩා හොඳට සබන් ගාගෙන නාපු තැන් විදියට දකින්නෙ "අපි දාන කෝල් ඕග්ල්ලො දාන්නෙ නනෙනෙ" කියපු එකට. වැරැද්ද මුන්ගෙ නෙමෙයි, මුන්ට ඡන්දෙ දෙන උන්ගෙ.

    ඔය අස්සෙ ලොක්ක ඊයෙ කියනව මේ තරම් ජනමාධ්‍ය නිදහසක් තිබ්බ තවත් කාලයක් තිබ්බෙ නෑ කියල. ඇත්ත, බස නසන්න, විකාර කුණුහරුප සහ තුට්ටු දෙකේ මෙගා විතරක් පෙන්නන්න මේ තියෙන නිදහස කවදාවත් තිබ්බෙ නෑ තමයි!

    ReplyDelete
    Replies
    1. ඒ නිදහස ගැන නම් කියලාම වැඩක් නැත.

      Delete
    2. //බස නසන්න, විකාර කුණුහරුප සහ තුට්ටු දෙකේ මෙගා විතරක් පෙන්නන්න මේ තියෙන නිදහස කවදාවත් තිබ්බෙ නෑ තමයි!///

      :D :D :D

      Delete
    3. මෙගා පෙන්නන එක ලාභ ඇති. මෙහේ ඒවා හදලා එක එකාට එපිසෝඩ් එකක් ගානේ ජරාවයි ගෑණුයි දෙනවට වඩා. කොරියන් බඩු ඉල්ලුවට වැඩක් නෑ නේ. ඒවා ඉන්නේ කොරියාවේ නේ.

      Delete
  20. මු කියන්නේ ලයිසන් දුන්න නිසා ආන්ඩුවට කඩේ යායුතුයි කියලයි, ලැජ්ජානැතිව ඒක කියපු හැටි ! හරිම හිරිකිතයි. අනෙක රෝයල් එකට යන්නේ පරංපරාවෙන් සල්ලිකාරයෝ විතරද ? හොරකම ඉස්කෝලේ නමට යට කරන්නත් බලනවා.

    ReplyDelete
    Replies
    1. කොච්චර හං පුරවන් හිටියත් හඳ පායනකොට නරියට ඉබේම හූ කියවෙනවා.

      Delete
    2. මුල් කතාවට නම් මාත් එකඟයි. මහින්දානන්ද රෝයල් කියන්නේ ඇනෝ ඇවිත් නෙමෙයි. අඩු ගානේ ඒ යකාට ඒකට කොන්දක් තියෙනවා. ඔබගේ පාසැලෙත් එහෙමම නොව. නැත්නම් ඔක්කොම මහණ වෙලා නිවන් යන අයද? මහින්දානන්ද රෝයල් ගියා කියලා. පාසලට තියෙන ඉල්ලුම අඩු වෙලා නම් නෑ, මම දන්න තරමට.

      Delete
    3. මාතලන්ට සම්පූර්ණයෙන්ම වලිගය පෑගී තියෙන බවයි මටත් පේන්නෙ. මහින්දානන්ද රෝයල් ගියා කියල රෝයල් එකට අබ මල් රේණුවක වත් හානියක් වෙන්න හේතුවක් නෑ. කාටවත් එහෙම එකක් පෙනිලත් නෑ. හිිතිලත් නෑ. මහින්දානන්ද පොරක් වෙන්න හිතාගෙන අන්තිමට තමන් රෝයල් එකේ කොල්ලෙක් බව කීමෙන් කළේ තවත් පොර ටෝක් එකක් දීම පමණක් බවයි රසික අදහස් කළෙත්, එයාගෙ කමෙන්ට් එකෙන් අපට තේරුම් යන්නෙත්.

      Delete
    4. මාතලන්,
      මම ඔබගේ බ්ලොග් රසිකයෙක්, බ්ලොගේ පටන් ගත් කාලේ ඉන්දලම.
      ඇත්තටම ගත්තොත් බ්ලොග් රසිකයෙක් විතරක් නෙමේ, ඔබේ අදහස් පිලිබඳත් රසිකයෙක්.

      ඇයි ඉස්කොලේ ගැන කතා කරනකොටම අර පුලුල් දැක්ම ඔක්කෝම නැති වෙලා 6 වසරේ කොල්ලෙක් වගේ වෙන්නේ.

      මම මේ වගේ හැසිරිම්, අපි 6යේ ඉන්නකොට අපෙත් , ඉන් පස්සෙ ඒ වයසේ දරුවන්ගෙත් දැක තිබෙනවා.

      Delete
    5. ඕක රසික සඳහන් කරන්නේ වෙනත් හේතුවකට. ඒ වගේම ඇනෝ ඇවිල්ලා කරන්නෙත් ඒක. ඕක බොහෝම පරණ කේස් එකක්. ඔහේලා දන්නේ නෑ ඒක. ඒ නිසා ඔහේලා කියන කතාව සහතික ඇත්ත.

      Delete
    6. මං ආපහු මේකට ඔමෙන්ට් කරන්න නොවෙයි හිටියේ නමුත් මේ අසාධාරණ කතාව දැක්කාම නොලියා බැරි වුණා.

      1. මොකක්ද මේ කියන පරණ කේස් එක, කමෙන්ට් කරන අනිත් අය තියා මංවත් දන්නේ නැති වෙනත් හේතුව? මං කැමතියි එය දැන ගන්න.

      2. මාතලන් මට චෝදනා කරනවාද මං ඇනෝනිමස් කමෙන්ට් දානවා කියා? ඉතා කණගාටුයි ඒ ගැන නම්. කිසිම පදනමක් නැති කතාවක් විතරක් නොවෙයි මෙය මට කරන අපහාසයක් බඳුයි.

      තවත් කරුණු දෙක තුනක් තියෙනවා උත්තර දෙන්න. ඒ ඒ අදාල තැන්වල ඒ ගැන කමෙන්ට් කරන්නම්.

      Delete
    7. සිංහල බ්ලොග් විනාශ වෙන්න ලොකුම හේතුවක් උනේ රසිකගේ (හිටපු කාකා) ඔය ඇනෝ කෙටිල්ල සහ කෙටවිල්ල කියලා කවුද අනේ නොදන්නේ?
      වෙන කිසිම කෙනෙක් නොකරන විදියට තමන්ගේ බ්ලොග් එක තුල ඇනෝලට ඉඩ දීලා පුද්ගලික අපහාස වලින් පමණක් පිරි බ්ලොග් කලාවක් හදුන්වා දුන්නේ කවුද?
      බ්ලොග් කරුවකුට හෝ බ්ලොග් කාරියකට තමන්ගේ නියම ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා කමෙන්ට් එකක් දමන්න බැරි තැනට බ්ලොග් කලාව ජරාජීර්ණ මඩවලක් කරවලා දැම්මේ කවුද?
      කාලයක් තිස්සේම වේලි වේලි හිටිය බ්ලොග් කරුවෙක් උන අජිත් පැරකුම් පවා අද අනුගමනය කරන්නේ කවුරු විසින් ආරම්භ කල ඒ තුප්පහි බ්ලොග්කරණ ක්‍රමයද?
      නිතරම තමාට ප්‍රතිවිරුද්ධ මත වාදයක් දරන අයට පමණක් තමන්ගේ බ්ලොගය තුල එළව එළවා ඇනෝ කමෙන්ට් ගහන රටාවක් ආරම්භ උනේ කාගේ බ්ලොගය තුලද?

      දැන් අපිට කියන්නේ රසික සියඹලා ගෙනල්ලාම නැහැ කියා කී විට දොහොත් මුදුන් තබා සාදු කාරයක් දී එය පිළිගන්න කියාද?

      රසික, අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සලකන්න. ඔබ ඔබගේ බ්ලොගය තුල හැසිරුනු ආකාරය දන්නා අයට ඔබ ගැන චරිත සහතික ඔබම නිකුත් කරලීමෙන් වලකින්න.

      ඔබ සහ මාතලං අතර ඇති වෙනස ඔබ ප්‍රතිවාදීන් මර්ධනය කරන්න ඇනෝවකු වීමත්, මාතලං එය අමු අමුවේ කිරීමත් පමණි. දැන්වත් හරි පාරට පැමිණෙන්න. වයස්ගත වීම වෙනස්වීමට බාධාවක් නොවේ. උත්සහ කරන්න.

      Delete
    8. රසික සමාවෙන්න. එතන ඇනෝ ලෙසින් නොව ඇනෝලා ලෙසින් වෙන්න ඕන. රසික ඇනෝ දානවද නොදානවද කියලා කියන්න මම දන්නේ නෑ. හැබයි එහෙම පිලිගැනීමක් තියෙනවා. මාතලන් ඇනෝ එනවා කියලත් සම හරක් කියනවා. ඉතින් ඒක නවත්වන්න අපට බෑ.

      කොටින්ම එතන ඔච්චර කතා තියෙද්දි පාසල ඇදලා ගන්න අවශ්‍යතාවයක්ම නෑ. අපි හිතමු මහින්දානන්ද ආනන්දෙට ගිහින් තියෙනවා කියලා. මම මගේ ළිපියේ ලියනවා, ආන් අරූ ආනන්දෙට ගියපු කතාවක් කිව්වා. ඒක තමයි හොඳම කතාව කියලා. එතකොට ආනන්දට ආදරේ කරන එකෙකුට රිදෙනවා. මම මගේ රටට, අම්මට ආදරෙයි. ඒ වගේම මම ඉගෙන ගත්ත පාසල් වලටත් ආදරෙයි. අපේ ජීවිතවල වටිනා කිසියම් දෙයක් හෝ තිබෙනවා නම් ඒවා ලැබුනේ එයාලගෙන් සහ ඒ තැන්වලින් නිසා.

      Delete
    9. ඇයි මාතලන් මෙහෙම වෙන්නෙ....
      //එතකොට ආනන්දට ආදරේ කරන එකෙකුට රිදෙනවා. මම මගේ රටට, අම්මට ආදරෙයි. ඒ වගේම මම ඉගෙන ගත්ත පාසල් වලටත් ආදරෙයි. අපේ ජීවිතවල වටිනා කිසියම් දෙයක් හෝ තිබෙනවා නම් ඒවා ලැබුනේ එයාලගෙන් සහ ඒ තැන්වලින් නිසා.//

      අපි හැමෝම ලන්කාවට බ්ලොග් වල බනිනවා,සින්හලයගෙ වැඩවලට බනිනවා.
      එතකොට අපිටම රිදෙන්නෙ නෑනේ.

      එක තැනක මාතලන්ම කියල තිබ්බා,
      සින්හලයට, ලන්කාවට අනන්‍ය වූ දෙයක් තියනවනම් ඒ 'කුහකකමයි, ඉරිසියාවයි කියලා'
      මමත් පුද්ගලිකව විශ්වස කරන දෙයක් මේ. අපි කවෘත්ම එකට රිද්දවා ගත්තෙ නෑනේ.
      අපි හැමෝම ලන්කාවෙ සහ සින්හල.ඒ වාගෙම අපි රටට ආදෙරේ නේ.

      Delete
    10. අපේ ඉස්කෝලේ අඩු පාඩු මමත් කතා කරලා තියෙනවා. නමුත් කාගෙවත් ඉස්කෝලවලට කිංඩිය දාලා නෑ. අපි මහින්ද මහත්තයගේ වැරදි කිව්වට, තර්ස්ටන් එකට කිසිම දෙයක් කවදාවත් කියලා නෑ නේ. කොහොමත් සම හරක්ට රෝයල් එක්ක ළොකු ගේමක් තියෙනවා.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. "දෙරණ වාද පිටිය මෙහෙයවන චතුර අල්විස් යනු, එවන් වූ වැඩ සටහන් අතීතයේ මෙහෙයවු, ආරියනන්ද දොඹගහවත්ත, චන්දන සූරියබණ්ඩාර, චමුදිත සමරවික්‍රම හා සැසදීමේදි, අත දරුවකු වැනි මාධ්‍යවේදියෙකි. ඔහු මෙවන් වූ වැඩසටහනක් මෙහෙයවීම සඳහා කිසිසේත්ම සුදුසු නැති බව, මාතලන්ගේ මතයයි."

    චතුර අල්විස් කියන්නෙ මාත් එක්ක පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ එකට ඉගෙන ගත් පාසල් සගයෙක්. පස්සෙ කාලෙකදි චතුර තර්ස්ටන් ගියා. චතුර තර්ස්ටන් යන්න කලින් මම රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙට පැන්නා.

    අන්තිමට චතුරව හම්බ වුණේ කොල්ලුපිටියෙ SLIIT එකේදි. 2008දි විතර. අවුරුදු 5, 6කින් මුණ ගැහුනෙ. හැබැයි කිසිම ආඩම්බර කමක් නැතුව එදා කතාබහ කළා. දැන් නම් මං හිතන්නෙ චතුර පානදුරේ නෙමේ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක මේකට අදාල නෑ නේ. මාත් හිතනවා කෙල්ලෙක් වගේ හදාපු හොඳ දරුවෙක් කියලා.

      Delete
  23. ඔය පාලනය නැතිවුණාමද වල් බූරු මොකක්ද එක කියන්නෙ?
    සැටලයිට් ටත් දුන්නා නේද දවසක් රටටම ඇහෙන්න, මතකද?

    ReplyDelete
    Replies
    1. අපේ බන්ධුල සෑර්. ඒ අර චෞර රැජිණ පොත් ප්‍රමෝට් කරන්න නේ. මාතලන්ගේ ෆියසොබිලිටි එකේ මෛත්‍රිපාලට මයිනස් ළකුණු ගොඩක් වැටෙන හේතුවක් ඕක.

      Delete
  24. ඊයේ වාද පිටියේ ආතල් එක සජීවීව දැක්කා.චතුර ගැන මතා කියනා දේ එකඟ වෙන්න පුළුවන්.මහින්දානන්දාගේ හැසිරීම නම් අන්තිම කණගාටුදායකයි.කොහොමත් මේ වැඩසටහන කරන නිශ්පාදකයින් ගැන ආයතනය පියවරක් ගත යුතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් කොහොම වෙයිද දන්නේ නෑ. දේශපාලුවෝ වගේම තමා, ආයතන හා පුද්ගලයොත්..

      Delete
  25. මේ හොර හැත්ත එලවලම දාන්න ඕනේ. (මාතා - මෙතන walking out of a debate ) නේද

    ReplyDelete
    Replies
    1. //මාතා මෙතන walking out of a debate නේද //

      ඇයි මෙතන විතරක්, ඕක කවදත් එහෙම තමයි :)

      Delete
    2. ඔක්කෝම හොරු තමයි. මුන් ඔක්කෝම කන්නේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල්නේ. පඩිය විතරද? යාන වාහන, අංග ආරක්ෂකයෝ, උන්ගේ පවුල්..... නිමක් නෑ.. ඉන්ගිරිසි කෑල්ල නම් එච්චර ගනන් ගන්න එපා. අපි හොඳ දේශප්‍රේමී මිනිස්සු නේ.

      Delete
  26. මාතලන් මොකෝ අර බ්ලොග් කිරිල්ලියෙක් උඹලත් එක්ක හොට පටලොගෙන බුකියෙ අඬන්නෙ?

    ReplyDelete
    Replies
    1. අර රෑට හුම් හුම් ගන කිරිල්ලි බං... අන්න හොටු පෙරාගෙන ස්ක්‍රීන් සොට් දාගෙන අඬනව බුකියෙ...

      උඹල නරක සමනළයොලු...හිත කැත මිනිස්සුලු...එයාගෙ දුක නොදන්න යක්කුලු...

      Delete
    2. හපොයි එයයි මමයි කලිනුත් මරාගෙන තියෙනවා. අපේ දරුවෝ අපි හදාගන්න එපාය ගහලා බැනලා හරි. ඔය බුකිය මහා සාපයක්. අපේ උන් කී දෙනෙක් බිලි ගත්තද...?

      Delete
    3. හොරාට කලින් කෙහෙල් කැන වැට පනින ලදී.

      එදා බැනපු අනිත් හැමෝම දිගටම මගෙ බ්ලොග් එකේ කමෙන්ට් කරන මිත්‍රයො. හැබැයි එකෙක් උන්නා මගෙ පෝස්ට් ගැන තැන තැන පහරන කවදාවත් කමෙන්ට් නොකල අබිලිං කෙනෙක්.

      මාතලන් මට බනිනව දැක්කම ඩයල් එකට ඔටෝ චූන් උනා. අන්න ඒ මහත්තයත් ආවා ඇවිලෙන ගින්නට පැස්ටෝල් ඉහින්න.

      හැබැයි උන්දැ එදා පච උනා.

      දැන් ඉතින් තමන්ට වඩා අවුරුදු තිහක් විතර බාල කෙල්ලන්ට තැන තැන ඇනෝ ගහනව.

      ඇනෝ මාමේ. මැන්ටල් ඇරියස් කවර් කරන උඹලත් බ්ලොගර්ලාට වැදුන ලොකු සාපයක්. අර සිංදු ඇනෝ, ආතල් ඇනෝ, යාලුවො මැරිච්ච ඇනෝ දිහාවත් බලලා දැන්වත් හැදියං.

      මාතලන් මාත් එක්ක මාස දහයක් විතර කන්ටිනිවස් වලි දාගෙනත් කටපුරා පුතේ කියල කතාකරපු මනුස්සයෙක්. අන්න ඒ වගේ හැදියං ඇනෝ මාමේ. මේ ලියන්න අරං අවුරුද්දක් විතර වෙන පොඩි උන් එක්ක ඇර ගන්න සිඟිති මානසිකත්වයෙන් මිදියං.

      මට උඹ ගැන දුකයි.


      .

      Delete
    4. කවුද බොලේ මේ බස්සිගේ සිඟිති ඇනෝ...?

      Delete
  27. ගැරඩියෙක් ට බූමිතෙල් වැදුනමත් ඔහොම තමයි දඟලන්නේ.

    හොරා ට හොරා කියපුවම කේන්ති යන එක ඌ ට අනුව සාධාරණයි.

    ලෝක හොරෙක් කියල කියන කොට උන් හිටි තැන් අමතක වෙන්න ඇති. ඇත්තද බොරුද කියල දන්නේ ඉතින් උන්නැහ ම නේ .

    එත් මේ වගේ දෙයක් කියාගෙන යන්න ඉඩ දීල ෆෝන් ලයින් එක කට් නොකරපු එක නම් අන්තිම පහත වැඩක්.

    ඔක්කොම සිද්ධ වුනාට පස්සේ සමාවෙන්න කිව්වා කියල සිද්ධවෙන ලබ්බක් නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මාධ්‍ය ආයතන දේශපාළණ ආයතන වලට වඩා අන්තයි. උන් ඔක්කෝම දන්නවා උනාට මාධ්‍යකරණය කියන්නේ මොකක්ද දන්නේ නෑ. ඒකයි කරුමේ.

      Delete
  28. මාතා.....මෙහි සම්පූර්න වගකීම නිශ්පාදක සතුයි. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් වැඩසටහන් මෙහෙය වන්නා යනු හුදු රූකඩයක් පමණයි. ඔවුන්ට වගකීමක් සහ අවස්ථානොචිත ප්‍රාඥාවක් නැහැ.මම හිතන්නේ සහ හැමවිටම කියන්නේ, දේශපාලන සංවාද මෙහෙයවීම කලයුත්තේ දේශපාලනය පිලිබඳ ඉවක් සහ බුද්ධියක් ඇති සහ වයසිනුත් යම් අවධියකට පත්වී ඇති මිනිසුන්/ගැහැණුන් කියා. බීබීසිය වැනි ආයතනතුල වයස 70පැනපු උදවියත් මෙවැනි වැඩ සටහන් මෙහෙයවනවා.ඔවුන් දේශපාලකයාට වඩා ඉදිරියෙන් ඉන්නේ කියලා වැඩ සටහන කරන විදිහෙන් පේනවා. උඹ හරි,,,චතුරලා ඇතුළු බොහෝ දෙනෙක් තව ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා.

    මහින්දානන්දට , ඒ ප්‍රේක්ෂකයා නමින් කිසි දෙයක් කිව්වේ නැහැ. ප්‍රශ්නය යොමුකරේ රමේෂ් පතිරනට. මහින්දානන්ද ඒක ඇඟට ගත්තා. මෑන්ට නඩු තියෙන කතාවත් ඇත්තනේ. එච්චර සල්ලි හම්බකලේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්නේ. මේවට තමයි කියන්නේ වීදුරු ගෙවල්වල් ඉඳන් ගල්ගහනවා කියන්නේ. මම නම් කැමතියි, මේකට නඩුවක් යනවා නම්. එතකොට ඔය ඔක්කොම එලියට එයි.

    පයිප්පේ වතුර එද්දි, ලිඳෙන් ඇදගෙන නාන්නේ ව්‍යායාමයක් හැටියට නම් ඒක හොඳයි. මෝඩකමටනම් ඉතින් අපි මක් කොරන්නද?

    ReplyDelete
    Replies
    1. ඇයි බං සුනිල් හඳුන්නෙත්තියි, අජිත් පෙරේරයි දෙන්නම කිනඩියත් දැම්මේ, ඇදගෙන නාන කොට. ඔන්න දැන් බඩු මාට්ටු වෙලා. කෝල් එක දීලා තියෙන්නේ රන්ජන් රමණ යකා කියලා. එහෙම ඉන්ෆෝමේෂන් දෙන්නේ නෑ නේද වග කියන මාධ්‍ය.. මුන් මාධ්‍යකරණය කියන දේ දන්නේ නෑ. සල්ලි තියෙනවා, ලයිසන් එකක් තියෙනවා. උන්ට ඕන දේ උන් කරණවා.

      Delete
  29. මේකට මුලින් කමෙන්ට් එකක් ටයිප් කරලත් වැඩක් නෑ කියල හිතුන නිසා පබ්ලිෂ් නොකර ගියා... ඒකෙ ලිව්වෙ මේවා බැරි වෙලා හරි අ‌පේ තාත්තට එහෙම කිව්වොත් උඹල දන්න දේශපාලනේ කියල අහගන්න වෙනව කියල.. මොකද පත්තර විස්තරේ නං දෙරණ.. වාද පිටිය කෙසේ වෙතත් දොරමඬලාව කියන විකාරෙ අපි බලන එක නවත්තල දැම්මෙ අවුරදු දෙක තුනකට කලින් උනත්, එයාලා තාම ඒකෙ රිපීට් ටෙලිකාස්ට් එකත් බලන හින්ද.... ඉරිද පත්තරේට වියදම් කරන රැපියල් 60 ගැන දුකක් නැත්තෙ ඒකෙන් බත් එක බැඳගන්න පුළුවන් හින්ද...


    ඒ උනාට මේකෙ කමෙන්ට්වල වාද පිටිය දැකල උදේ ඉඳල කියෝ කියෝ හිටිය දුමියගෙ පරණ පෝස්ට් වලට හිනා උනාටත් වැඩිය හිනා ගියා....

    ReplyDelete
    Replies
    1. ඇඟේ ලේ ටික පිරිසිඳු වෙනවනම් මොකෙන් උනාම මොකද..? මම නම් පට්ට ආතල් එකක් ගන්නේ මේ දවස්වල..

      Delete
    2. හිරු...පත්තරවලින් බත් බදින එක අගුනයි මොකද ලෙඩ් (LEAD) තියෙනවලු පත්තර ප්‍රින්ට්ස් වල...සුදු කොල තියාගන්න නැත්නම් ෆුඩ් කන්ටේනර් එකක් ගන්න...

      Delete
  30. http://lankacnews.com/sinhala/main-news/125657/

    ReplyDelete
  31. [මහින්දානන්ද පැනයාමට අදාල වූ දුරකථන ඇමතුම, විසන්ධි කර දැමීමට හෝ මහින්දානන්ද අස්වැසීමට ඔවුන් සමත් වූයේ නැත. මෙයින් පෙනී යන්නේ, ඔවුන් අකමැති චරිතයන් හෑල්ලුවට ලක් කිරීමට ඉඩ හැරීමක් ලෙස කෙනෙකු සිතන්නේ නම්, එහි වරදක් නොමැත. එහෙත් අප මාධ්‍යකරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ මෙවන් වූ ක්‍රියාදාමයක්ද? මාධ්‍යකරුවන්ද මජර දේශපාළකයන් සේ හැසිරිය යුතුද?]

    අනේ ගොනෝ... මම මේක උබට මීට කලිනුත් කිව්ව... උබ හිතන විදිහෙ "සුපිරිසිදු ස්වාධීන මාධ්‍යක්" තියාගෙන මැදමූලන වනචාරියත් එක්ක හැප්පෙන්න බෑ..
    ගහන්න පුලුවන් තැන මූට හා මුගේ හෙංචයියන්ට රිබ යන්න ගහන්න ඔනෙ.. එච්චරයි..
    මේ මහින්දානන්දගෙ සීන් එකම ඇති මරාට චන්ද දෙතුන්දාහක් වත් කැඩෙන්න

    දැන් ඔය නිවේදකයටත් හර්ධ සාක්ශියක් ඇතිනෙ, දෙරනෙ වැඩකරන උන්ටත් එහෙම එකක් තියෙනව..
    මාතලන්ට මරාගෙ සුකුරුත්තම් ආතල් උනාට උන් එකෙක් වත් කැමති නෑ තමුන්ගෙ දරුවො කාලකන්නි පවුලක ප්‍රවේනි දාසයො වගේ ජීවත්වෙනව දකින්න.. ඒනිසා අංශුමාත්‍රයකින් හරි මේ වෙලාවෙ කරන්න ඔනෙ හරි දේ උන් කලා.. ඒ තමයි මැදමූලන වනචාඑරියාගෙ ගෝලයෙක්ගෙ රෙදි ගලවන්න උදව් කලා...

    ඇයි මාතලනයට ඕක තේරෙන්නෙ නැත්තෙ?

    (අපිත් දන්නව මාතලනුත් කාලයක් යුද්ධෙ..යුද්ධෙ... හුද්දෙ.. කියකියා මරාව ඔලුව උඩ තියාගෙන දිව්ව කියල )

    ReplyDelete
    Replies
    1. තියාගෙන දිව්වාඅ නෙමෙයි ඒක මම මහින්ද පැරදුනත් කියනවා. ඔක්කෝම වීරයෝ වෙලා තියෙන්නේ යුද්දේ දිණුවයින් පස්සේ. මේ වීරයෝ එකෙක්වත් උන්නේ නෑ ඒ කාළේ. මහින්ද එහෙමයි කියලා අපිත් එහෙම වෙන්න ඕනද.

      මහ ළොකු වීරකමක් කලා කියලා හිතමුකෝ. ඒත් අද කෝ ඒ වීරකම. බල්ලො වගෙ සමාව ගන්නවා. කෝල් එක දීපූ නම්බර් එක පොලීසියට දෙනවා. උන් වගේම ඔහෙත් මාධ්‍යවල මූලධර්මවත් දන්නෙ නැති ගොන්නු.

      මහින්ද වෙනුවට විකල්පය තවත් මහින්ද කෙනෙක් නම් මේ කොමෙන්ට් එක හරි. මට පේන්නේ වෙන්න යන්නෙත් ඒකම තමා. ඊටත් අන්ත යුගයකට ගමන් කරන්නයි ලෑස්තිය.

      Delete
    2. එක සැබැයි සැබයි සැබයි.... මාතලන් ලොක්ක හරියටම හරි!

      Delete
  32. මහින්දානන්ද වාද පිටියෙන් නැගිටලා ගියාට දෙසපාලනයෙන් නැගිටලා යන්නේ නැහැ. රටේ මිනිස්සුන්ගේ සල්ලි පිල්ලි යන මේ උන්දලා පක්ෂ විපක්ෂ දෙකේම ඕනෑතරම් ඉන්න හින්ද එකෙකුට විතරක් හොරා කියල වැඩක් නැහැ. හොර ගෙඩි රංචුවම නීතිය ඉස්සරහට ගෙනියන නීති රාමුවක් රටේ සකස් වෙන්නේ නැතුව ඕන මොනවා උනත් වැඩකට නැහැ. මොකද උන් අලජ්ජ ජාතියක්. මහින්ද පරද්දල මෛත්‍රී රජ උනත් රටේ නීතිය හැම එකාටම එක වගේ ක්‍රියාත්මක නොවෙනකම් ඉස්සරහටත් මහින්දානන්දල වගේ එවුන් වාද පිටි වලින් නැගිටලා යාවි.. එත් හොරකම් දිගටම කෙරේවි.. අනේ අපේ රටට ගිය කලක්.. හින්දි පිචර් වල තියනවා වගේ දුෂ්ට දෙසපාලුවන්ගේ ගෙවල් ඉස්සරහට ගිහින් ගල් ගහන්න පුළුවන් විපක්ෂයක් , ජනතාවක් අපිටත් හිටියනම් ... එත් ඉතින් උන් හොරකම් කොරල කොරල පිටරට පැන්නාම අපි උන්ගේ ගෙවල් වලට ගල් ගහන්න ස්විස්ටර්ලන්තේ යන්නේ කොහොමෙයි ආයුබෝවන්ඩ...

    ReplyDelete
  33. චතුර අල්ව්ස් මම ප්‍රිය කරන නිවේදකයෙක්. කලින් ඔහු නිරූපණ ශිල්පියෙක් රොමේෂ් ගේ "ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා" ගීතයේ රූපරාමුවලට පෙනී හිටියේ ඔහු. දෙරණ උපයාගත් හොඳ නිවේදකයෙක් වුනත් අඩු අත්දැකීම් නිසා අඩුපාඩු තියෙනවා. මමත් පිලිගන්නවා ඔහු පවිත්‍රා ඇමතිනිය ගේ හා මහින්දානන්ද ඇමති තුමා යන අවස්ථා දෙකේදීම අසමත් වු තීරක වරයෙක් බව. මෙවැනි විසංවාදාත්මක වැඩසටහනක හොඳ මෙහෙයුමක් දකින්න පුළුවන් සිරසේ "සටනේ". පැහැදිලියි.
    දෙරණ මාධ්‍යනාලිකාව යනු වාණිජමය නාලිකාවක් වැඩසටහනකට අා අය එහි මරාගැනීමෙන් කෙලගැනීමෙන් ඔවුන්ට එය තව තව විකිණිය හැකි ජනප්‍රිය විය හැකි ලෙස ආභරණයක් කරගන්නවා මිස එය නවතා දැමීමට නොයයි. දුරකතන ඇමතුමට පවා චතුරගේ ප්‍රතිචාරය වුනේ "ඇමති තුමනි අපට කරන්න දෙයක් නැ ඒක ප්‍රේක්ෂක ඇමතුමක් අප එයට ඉඩ දුන්නා " යන්න පමණි.
    මේ ලෙසම සිරස සටන වැඩසටහනේ දී එක් පාර්ශවයක බරපතල චෝදනාවක් තවත් පාර්ශවයකට එල්ල වූ විට චන්දන සූරියබණ්ඩාර මහතා මැදිහත්ව විමසුවා "ඔබ මේ කියන්නේ වගකීමෙන් ද? ඔබට ඔප්පු කල හැකි සාධක තිබෙනවා ද" ලෙසත්. එය මාධ්‍ය පරිණත බවයි. එක්තරා අවස්ථාවක සිරිස රූපවාහිනියේම ආරම්භක අවදියේ දේශපාලන වැඩසටහනකදී බුද්ධික පතිරණ මහතා අමාත්‍යවරයෙක් ගේ චෝදනාවක් මත වෘත්තියෙන් ඉවත් වුනා. එවකට ඔහු නවකයෙක් වුනත් දක්ෂතාවය හා මාධ්‍ය අවබෝධය තුලින් ඇති කරගත් පරිණත බවක් තිබුණා.

    මහින්දාන්නද මැතිතුමාට අපිවගේ මනුස්සයෙක් නිසා චෝදනාකරන විට ඒකට ප්‍රතිචාර දැක්වුවා නමුත් ඒ වැරදි ක්‍රමේට. මාතර සුනිල් ප්‍රස්නයක් ඇසීමේ මුවා වෙන් චෝදනාවක් එල්ල කරා.
    දුරකතන ඇමතුම මාතෘකාවෙන් පිටයන විට මෙහෙයවන්නා එය පාලනය නොකිරීම හා එලඹි අවස්ථාව කලමණා කරනයේ ඇති දෙරණේ දුර්වලතාවය පැහැදිලි වුනා.

    මම කිහිපවිටක් දෙරණ ඩ්‍රීම්ස්ටාර් පටිගත කිරීම් නැරඹීමට ගොස් ඇති නිසා ඔවුන්ගේ බොහෝ අඩුපාඩු දැක තිබෙනවා සහා කටුක අත්දැකීම් රැසක් තිබෙනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න