.

.

Dec 24, 2014

මෛත්‍රී හා රනිල් අත් අඩංගුවට ගණු...!!! - Who let the dogs out...?


 

මේ සීතල දුරුතු සමයයි. මේ දවස්වල පිස්සන්ට පිස්සු තදවෙයි.. රිලවුන්ට හීට් එක නගියි.. ජනාධිපති ගේම නැගලාම යයි.. සාධාරණ මැතිවරණයක් බැලූ බැලූ සැමතැනය.. ආන්ඩුවේ විනය දෝරේ ගලයි.. පොලිස්පති හා පොලීසිය නීතීය අකුරටම ක්‍රියාත්මක කරයි.. ඕනෑම එකෙකුට ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ, රැලි, පෙලපාලී යාමට හැකිය.. ඒවාට, පොලෝසිය දිවි හිමියෙන් ආරක්ෂාව සපයයි..

ඊයේ මෛත්‍රීගේ බත් බැලයෝ පිරිසක්, ඩාර්ලි පාරේ සිරි ලංකා නිදහස් පක්ෂේ මූලස්ථානෙට, මූලග්ගින්න තදවී ගල් ප්‍රහාරයක් එල්ල කලේය. ගල් සහ බෝඩ් ගෙනාවේ ඩඩ්ලිගේ හාල් ලොරිවලිනි.. උද්ඝෝෂණේ මහින්ද මහත්තයා රට චීනාට දෙනවා කියාය.. කරුණා සිරි ලංකා එකේ උප සභාපති කරලා කියලාය. පිල්ලෙයාන්ට ගාඩ් දෙනවා කියලාය.. කේ පී ට පයිව් ඉස්ටාර් පැසිලිටීස්, රෝල් පැටිස්, දෙනවා කියලාය.. ඒකීය බාවය රේප් කොලා කියලාය. බව් බව් මික අන්ඩවාතේට පඩ යනවා කියලාය... පොලොස් කොට්ටෝරුවෝ උන්ට බැක් එක දෙනවාය.. එතනට වෙලා මෛත්‍රී භාවනාව වඩනවාය.. මල පැන්න සිරි ලංකා කාරයෝ, මෛත්‍රිගේ බත් බැලයන්ට කන පැලෙන්නම දුන්නේය.. මෙහෙම ප්‍රජාචන්ච්‍රවාදයක් අපායේත් නැතිය..

වඳුරඹ සිරි ලංකා කාරයන්ගේ ඉස්ටේජ් එකට ගිනි තියනවාය.. ගිනි තිබ්බේ ගාල්ලේ ආචාරිගොඩයාය.. ගොඩයා නොහොත් බයියන්ගේ හැටි ඔහොමය.. ඇඟේ සයිස් එකට මොළේ නැතිය.. පුකේ හරි තියෙන්න, පුකත් නැතිය.. සී සී කැමරාවෙන් දැකලා අත් අඩංගුවට අරන් පොලිස් කූඩුවේ දාන එකා අරගෙන ගිහින්, ආයෙත් බලු කූඩූවේ දානවාය.. දැන් ආචාරිගොඩයා හැංගිලාය.. මුන්ව බෙල්ලෙන් අල්ලලා ගෙනත් වැලිකඩ දාන්නම ඕනාය..

කොළොන්නාවේ උපාසක මහත්තයාගේ ඉස්ටේජ් එකට වෙඩි තියලාය.. පොලොස් කොට්ටෝරුවෝ ජීප් එකේ ඉඳන් වෙඩි තියන්නේ කොහොමෙයි කියා ඉස්ටඩී එකක් කොරලා තියෙනවාය.. දැන් එහෙම ඉස්ටඩී එකක් කොරපු උන් ගෙදර යවලාය.. මේවා පට්ට තිරිසන් වැඩය.. හරි නම් උන්ට ප්‍රොමෝසැන් දෙන්න ඕනාය.. පොලොස්පති කොරන්න ඕනා එහෙම උන්ය.. ඩිෆෙන්ඩර්, සුදු වෑන් තියාගෙන මේ ජඩ වැඩ කොරන්නේ අර මරික්කාර් කියන එකාය.. ඕකා අල්ලා මක්කම යවන්න ඕනාය.. එහෙම නැත්නම් මකවලා දාන්න ඕනාය..

ඒ ඉතරක් නොව හැමතැනම අහිංසක නිරායුධ සිරි ලංකා කාරයන්ට ගහනවාය, කොටනවාය, කපනවාය.. ඊයේ පෙරේදා වීදීයේ නාට්ටි පෙන්නපු, මූලග්ගාය තද උන, ළෝකයේ සෙරේස්ටම නළුවා වන ජන අපූල ඇක්සොන් ජැන්තනීටත් බන්හන්තොටදී බිම පෙරලාගෙන දහ අට සන්නිය පෙන්නුවාය.. මේවා තව දුරටත් කොරන්න දෙන්න බැරිය..

දැන් මහින්ද මහත්තයයි.. පිරබාහරනුයි හොරෙන් අස්සන් කොරයි කියන.. මොකක්දෝ සෙප්පඩ විජ්ජා කොලයක් උස්සගෙන මහින්ද මහත්තයා මරාගෙන කන්න හදනවාය.. අත්සන් දෙක හොරෙන් ගහලාය.. හරියට කියනවානම් කැළේ පත්තරයක්, සිග්නේචොර් එක්කම එළි බස්සලාය.. මෙවා කිරිමෙනොල් වැඩය.. හතර වෙනි තට්ටුවට බැරිනම්, නෙළුම් කුලුණ උඩට හරි අරගෙන ගොහිල්ලා, ඇට දෙක කුඩු කරන්න ඕනාය..

අර කලින් කිව්ව ඩාර්ලි පාරේ උග්ගෝසනේට ආවේ මෛත්‍රීගේ ගෙදර තීන්ත ගාන්න තියාගෙන ඉන්න රිලවාගේ රිලා ගැන්සියය. තව නාකී හම්පඩ දත් දොස්තරයෙකුත් උන්නේය.. මෙහෙම පෙස්සන් ගහන හැත්තත් එක්ක ප්‍රජාචන්ච්‍රවාදේ කොරන්න බැරිය.. ආන්ඩුවට දැන් මේවා කොන්ට්‍රෝල් කොරන්නත් බැරිය.. මොකෝ පොලෝසියයි.. ජඩ මාද්දියයි.. මැතිවරණේ කොරවන, කොර පොරවලුයි ඔක්කෝම දෙක පුන්නේ මෛත්‍රියාටය..

ඒ නිසා, මේ ප්‍රජාචන්ච්‍රවාදෙට කෙලින මෛත්‍රියයි රනිලුයි අල්ලාගෙන පාර්ලිමේන්තු ගේන්න ඕනාය. ඒ අද සාමයේ කුමාරයාගේ උපන් දිනේ නිසා, අළුත් කඩේ වහලා නිසාය.. අර අළුත් කඩේ පිච්චු කෙලපු පිස්සු ගෑණූ පරානේ ගෙදර යවපු, ඉස්සරහ දෙක මැද්දේ හිලක් තියෙන අනුර අප්‍රිය දර්සොනයයි, කින්ඩි දාන රිලවයි, මර හඬ දෙන සුසිලයයි දාලා, නඩු බලවා.. වරදකරුවන් කොට.. වැලිකඩ පයිව් ඉස්ටාර් එකේ රූම් දෙකකට දැම්මේ නැත්නම්.. සාධාරණ මැතිවරණ තියනවා බොරුය..

ඉවසුවා ඇති....

මුළු රට ගිනි තියන මෛත්‍රී රනිල් බව්වෝ දෙන්නා වහාම අත් අඩංගුවට ගනු..!!!

34 comments:

  1. දීලා තියෙන්නෙ ඇට්ටි සේරම අංශක 180 ක් හැරිලා හැලෙන්න. නියමයි!

    ඒ මදිවට මුන් දෙන්නා ලංගම බස් ටික සේරම අරගෙන රැස්වීම් වලට සෙනග අදිනවාය. ඒවා පෝලිමේ එනකොටයි පාක් කලාමයි ටවුමට එන හැම පාරෙම වාහන පෝලිං ගැහිලා හැම වාහනේම ඉන්න මිනිස්සු තමන්ට කෙලින්ම වමෙන් දකුනෙන් පේන මුන් දෙන්නගෙ පොටෝ දිහා බල බලා මුන් දෙන්නගෙම මෑනියන් වහන්සේලා දෙනම මතක් කොරනවාය.

    ReplyDelete
    Replies
    1. මේ දෙන්නා රජයේ දේපල හා පිරිස් බොහොම කැත විදියට භාවිතා කරන්නේ..

      Delete
  2. මේක මාර කෙලියකි. මයින්ද මාත්යා ගීසුම ගැහුව එක අවුල් උන් 8 වෙනිදාට මයින්දා මාතියාට පුකෙන් යන්න නොදි, උන්දැගේ පුක ඉස්සරහ උද්ඝෝසනේ කොරාන්ට යනවාය. ඉන් පස්සෙ පුක නැතිවෙන්න කාලා, පුක උඩදාගෙන කියෝනවාය..

    තව සිරිකොත යනු කුමක්දැයි නොදන්නා ජුංඩන් කොල්ලෙක් ඩාලිපාරේ මාදිය සාකච්ඡාවකට පැමින මයින්ද මාතියට පුක නැතිවෙන්ට බැන, පුක බේරන් ගෙදර යනවාය.

    පුකෙන් හිනා යන්නේ මේවා දැක්කාමය.

    පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා අපේ කසු (කතන්දර සූරීන්) ඔප්පු කරලා, සාධනය කරලා, විච්ඡේදනය කරලා, අපෝහනය කරලා පෙන්නුවේ දැනට ටික කාලෙකට කලින් @ දුමීගේ කට කහන කතා.

    ReplyDelete
    Replies
    1. අර සැටලයිට් නෝනයි, භාරත දෝනියි රෑට බත් ඩිංගක් කන වෙලාවේ ඒ තනට ගල් ගහලා.. ඉස්සෙල්ලා හිතලා තියෙන්නේ පෙරේතයොය කියලා.. පස්සෙ බැලින්නම් මුන් දෙන්නා.. අම්මපා.. මට හිතෙනවා ඕකුන්ට...

      Delete
  3. හැබැයි මේ ලියලා තියෙන්නේ ඊළඟ ජනාධිපතිවර්නේදී ඇත්තටම කියන්න වෙන කතාව වෙන්නත් බැරි නැත

    ReplyDelete
    Replies
    1. සිඳු විය නොහැක්කක්ද නොවන්නේ නොවේ....

      Delete
  4. මං කලින් පොස්ට් එකේ හැපී මෙව්වා එක වේවා කිව්වම " බොහොම ස්තුතියි" කියල කිව්වේ නැති නිසා ඔන්න මෙතනත් ආපහු විශ් කොලා

    ReplyDelete
    Replies
    1. සොරි ඩොට් කොම් වෙන්න ඕන.. බොහෝමත්ම ස්තූතියි...

      Delete
  5. පුක් කතා කියව කියව ලින්ක් එකෙන් එකට ගියා මිසක් මෙතන කොමෙන්ටුවක් දාන්න බැරි උනා..

    දැන් මේකෙ මාතලන් මොනවහරි කිවුවද? මට මතක නෑනෙ. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි උඹට කිව්වේ පරණ ඩොන්ක කන්න එපා කියල :P

      Delete
    2. සැක්.. එක උඹට තාම මතකද? (පරණ ඩොංකා මාර රහයිනෙ බං.. හම්බෙනකොට නොකා කොහොමද? :P)

      Delete
    3. මටත් මතක නෑ ඕයි... :)

      Delete
  6. [ඉට්ටැයිල් එකට පට්ට මනාපය]
    ඉස්ටේජ් එකට ගිනි තිව්වා මදිවට මෛත්‍රී ඉස්ටේජ් එකේ සින්දුත් කිව්වේය. පොලෝසියේ රාලලා බලා සිටියේය. පොලීසියේ වැඩ වෙනුවෙන්, පොලිස්පතිතුමා වෙනුවෙන් ජනතාව ඉල්ලා අස් වියයුතුය.

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කොමත් කරලා මේ පුත්තිගෙ හුතා නටුකායකින් පුංගප්සීරුවටත් පැන්නේය.. ඒ වෙලාවේ පොලොසිය නිදා ගෙන සිට ඇත..

      Delete
  7. මොකා මොනවා කිව්වත් අන්තිමට වෙන්නේ මේකයි

    The Man will live for ever more - පුංචි ගව මඩුවේ

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එක බං.... මේක තේරෙනවනම්...

      Delete
  8. ඒ විතරක් මදිය. ඔවුන් දෙදෙනාගේ සප් එකට බොරු වපුරන අයි.ටී.එන් සහ රුපවාහිනී වැනි නින්දිත මාධ්‍ය ආයතන වසා දැමිය යුතුය. (මේකෙ සමහර ඒව ඇත්තද මන්ද).

    බයි ද වේ, හැපී බිලේටඩ් බර්ත් ඩේ මාතේ!

    ReplyDelete
  9. ඇයි චන්ද්‍රිකා අමතක උනාද

    ReplyDelete
  10. මාතා.......................

    අංගොඩ තියෙනවා හොද දොස්තරලා ඉන්න ළමා රෝහළක් ගිහින් පෙති ටිකක් ගමුද???/

    ReplyDelete
    Replies
    1. ලෙඩා නැතිව බෙහෙත් දෙනවද දන්නේ නෑ නේ බං...

      Delete
  11. මේ සිදුවීම් එක්ක ගම්වල මිනිසුන්ගෙ අදහස් ගොඩක් වෙනස් වෙලා.......
    වෙලාවකට හිතෙනව ....මේව රනිල් කොරෝනවද කියල.......
    කොහොමත් ඉදිරි දින 14 අති භයානකයි........

    ReplyDelete
    Replies
    1. කෙන්ජියා.................... ඒ කියන්නේ තාම ගිනිමැලේට පැනලා නැහැ නොවැ..................

      Delete
    2. මේ (ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.25, ප.ව.8.05) තමයි ඒත් ඇත්තද කියලත් හිතෙනවා ෆොන්සේකා ට කළදේ මතකයි නේ ...... කොටි ඩයස්පෝරාවෙන් ලැබුනු හෙළි නොකරන ලද විදේශ විනිමය මිලියන ගණනක් ලඟ තබා ගත්තා යැයි ව්‍යාජ චෝදනාවක් නගා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත් අඩංගුවට ගැනීමට රාජපක්ෂ රෙජීමය කරගෙන යන සැලසුමක සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

      සිංගප්පූරුවේදී කොටි ඩයස්පෝරාවෙන් ශ්‍රී ලංකාවේ මුදලින් මිලියන ගණනක් වටිනා ඩොලර් ස්විස් ෆ්‍රෑන්ක් සහ යුරෝ මුදල් තොගයක් මෛත්‍රීපාල සිරිසේනට ලැබුණු බවත් එම මුදල් සඟවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේනගේ පුතාගේ පෙම්වතියගේ තාත්තාගේ මිතුරෙකු විසින් තරිඳු චන්ද්‍රවාස නමැති පුද්ගලයෙකුට දුන් බවත් තරිඳු චන්ද්‍රවාස නමැත්තා පාපෝච්චාරණයක් කර ඇති බවත් රාජපක්ෂ රෙජීමය ගොතා ඇති කතාවයි.

      මෙකී තරිඳු චන්ද්‍රවාස නමැත්තා රාජපක්ෂ රෙජීමයේ හෙංචයියෙකි. රාජපක්ෂලා විසින් ඔහුට ලබා දුන් ඩොලර් ස්විස් ෆ්‍රෑන්ක් සහ යුරෝ තොගයක් ඔහු ලඟ තිබී අත් අත් අඩංගුවට ගත් බව පවසා මහින්ද රාජපක්ෂ සහ කුප්‍රකට අජිත් නිවාඩ් කබ්රාල් යටතේ පවත්නා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ සීඅයිඩිය එක්ව නාටකය සකස් කර ඇත. සීඅයිඩියේ මෙම ව්‍යාජ මෙහෙයුම බාරව ඉන්නේ පොලිස් පරීක්ෂක සමන් දිසානායක නමැති මරාවාදී හෙංචයියෙකි.

      මෙම මුදල්ද සමග තරිඳු චන්ද්‍රවාස පසුගිය 22 දා රාත්‍රී ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත රාත්‍රී 8.30 ට පමණ ඉදිරිපත් කර ඇත. ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වන්නේද ලංකා ඊ නිව්ස් විසින් මීට පෙර හෙළි කළ පරිදි රාජපක්ෂලාගේ විනිසුරු මාෆියාවේ ප්‍රධානියෙක් වන රංගජීව විමලසේන නමැත්තාය. කෙසේ වෙතත් 22 දා රාත්‍රී තරිඳු චන්ද්‍රවාස නමැති හෙංචාව ඉදිරිපත් කර ඇත්තේ රංගජීව විමලසේන මහේස්ත්‍රාත්වරයා වෙත ද නොව වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් කියා ගත් රෙජීමයේ නීතිඥ වරයෙක් ඉදිරියට ය. එහිදී පැය ගණනක් තිස්සේ සියල්ලෝ එක්ව ව්‍යාජ පාපෝච්චාරණයක් සකස් කර තිබේ.

      එම ව්‍යාජ පාපෝච්චාරණය අනුව තරිඳු චන්ද්‍රදාස කියන්නේ පෙර කී කතාවය. තමන්ට මේ මුදල් සඟවා තබා ගන්නැයි කියා ලැබුනේ මෛත්‍රීපාල සිරිසේනගේ පුතාගේ පෙම්වතියගේ පියාගේ මිතුරෙකු අතින් බවයි.

      ඒ අනුව පරීක්ෂණ පැවැත්වීමට යයි කියා මෛත්‍රීපාල සිරිසේන අත් අඩංගුවට ගැනීමටත් ඊට පෙර විමල් වීරවංශ ලවා දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන යෑමටත් සැලසුම් කර තිබේ.

      මීට පෙර 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ද අත් අඩංගුවට ගත්තේ මෙවැනිම විදේශ මුදල් ලඟ තබා ගත් බවට චෝදනා කරමිනි.

      Delete
    3. බාලගිරි දෝසය... අද නොවේ හෙට...

      Delete
  12. හම්මේ :D
    තාම ජනාධිපතිවරුනේ ඉවර නෑ වගේ ,පස්සේ එනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් පහු වෙලාම එන්නකෝ... වැඩේ කොහු උනයින් පස්සේ...

      Delete
  13. හා හා කියල වැඩක් නෑ .

    ReplyDelete
    Replies
    1. කිය්න්නට වදන් නෑ මට....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න