.

.

Mar 22, 2015

අජරාමර විධායකය - Immortal Executive Powers


යහ පාළණේ නැගලාම යනවාය. වැඩේ පටන් ගත්තේ ඇක්සැකටිව් ප්‍රොසිඩන්සි ක්‍රොමේට කෙළලා අරිනවා කියලාය. දැන් කියන්නේ සන්සෝධනයක්ද මක්කදෝ මළ හත්තිලවක් ගේනවා කියලාය. ඒකට කියන්නේ 19 වැඩි සංසෝධනේ කියාලාය. අපේ රටේ හැම එකාම කියන්නේ 9 නපුරුය කියාලාය. එක්කෝ අර 13 න් වැනි තට්ටුවයි, 13 නේ කාමරෙයි නැති හෝටල් වගේ, එක්කෝ මේක 18 A කියලා ගේන්න ඕනාය. එහෙම නැත්නම් ආන්ඩු ක්‍රම විවස්ථාව ගැන මළ පොතේ දෙයක් නොදන්න උන් පාර්ලිමේන්තුවෙත් ඉන්න රටක, 19 පැත්තකින් තියලා 20 වැනි සන්සෝධනේ කියලා ගේන්න ඕනාය.

පාර්ලීමේන්තුවේ ඉන්න නොම්මර එකේ ගොන්නුත් විවස්ථාව ගැන මෙළෝ හසරක් දන්නේ නෑ කියලා කිව්වේ, ඉස්සර නාවික හමුදාවේ හිටපු අද්මිරාල්ද මොකෙක්ද ගොනෙක්, ටයි කෝට් දාගේන් ඇවිත් ජාතික ගීය දෙමළෙන් කියන එකට ජාති ආල ටෝක් එකක් දීලා, ඒ හරකාගේම පක්සේ මාද්දිය ප්‍රකාසොකගෙන්ම බඩ යන්න කාලා, හත් පොලෙත් ගාගෙන ටයි කෝටුත් ගලවාගෙන යන්න උන නිසාය. දෙමළ විවස්ථාවෙ ජාතික ගීය තියෙන්නේ දෙමළ භාශාවෙන් කියා, රට කරවන උනුත් නොදන්න එකේ. අසුභ 19 මග හැර 20 ගෙනාවා නම්, "එතකොට කෝ යකෝ දහ නමේ...?" කියලා අහන්න එකෙක්වත් එන්නේ නැති නිසාය.

මේ රටේ මේ කුණුහබ්බ විවස්ථාවට, නියම නම දුන්නේ අපේ සැටලයිට් නෝනාය. එයා මේකට කිව්වේ "බහුබූත විවස්ථාව" කියලාය. අනේ අම්මපා, මෙහෙම පැලැස්තර අලව අලවා ගෙනියන විවස්ථාවක් මේ ළෝකයේම නැතිවා ඇතිය. දැන් මේ විවස්ථාව කුණු වී ඕජස් ගලනවාය. ඕජස් එලියට එන්න නැති වෙන්න ගෝස් කෑළි 18 ක් තියලා, බැන්ඩේජ් රෝල් 18 කින්ම වෙලා තිබුනත්, කුණු ගඳේ ඉවසන්න බැරිය.

මහින්ද, රනිල්, සිරිසේන, සෝභිත උන්නාන්සේ නොව, බුදු හාමුදුරුවෝ ආවත් විධායකේ අහෝසි කරන්නේ නෑ කියා මාතලන් නම් මේ ඔක්කෝටම කලින් කිව්වේය. ඒ නිසා මාතලන්, සෝභිත පොද්දා වෙන එකට එකසිය ගානට ගේම ඇද්දේය. මොකෝ එහෙම උනා නම් මේක කෙලවෙර වෙන්නේ, නානසාරලා, ඉත්තෑකන්දේලා බුදු වෙලා, ජනතාවට අබ සරණ හිමි වෙලා නිසාමය.

මොකෝ ඔය පිස්සු උන්නාන්සේලාගේ ඔල්මොරොන්දම් වැඩවලට එක උන්නාන්සේ කෙනෙක් වත් කටක් වත් හොලවන්නේ නැති නිසාය. බැරි වෙලාවත් එහෙම කේස් එකක් උනානම් හෙම, බෞද්ධයන්ට දතේ පන්සල වඳින්නේ නැතිව, ඉන්ටර් කෝස් එක්ක් කරගෙන ඉන්න වෙන්නේ, අස්ගිරියේ මහ නා යකා පේරාදෙනිය මල්වත්ත ගාව ඉඳන්ම පාර වහලා දානා නිසාය. සාමාන්නිය බලුගැත්තර උපාසක උපාසිකාවන්ට එහෙම වැහුවාට, VVIP පුත්තු දළඳා කරඬුව ඔළුවේ උඩ තියාගෙන, රෂියන් කෑලී එක්ක ඩාන්ස් එකක් දාගෙන, වැව වටේ බැරිනම්, තට්ටේ වටේ රේස් ගියත් කිසි අවුලක් නැතිය. ඒ එයාලාගේ බුද්ධය.

මේ උන් එකෙක්වත් රටට ආදරේ උන් නෙමේය. හොඳ වෙලාවට ගම් වල දුප්පත් කොල්ලෝ සුවිසයිඩ් කාඩර් වල උන් වගේ, මේ රට බේරා ගන්න ඉදිරිපත් උනේ නැත්නම්, මහින්දලාත් කරන්නේත් ප්‍රභා එක්ක ඩීල් එකක් දාගෙන, යුද්දෙන් සුද්දේ දානා එකමය. එහෙම නම් ඔය පුක ඉරාගෙන මව් බිම බේරා ගන්න මර හඬ දෙන උනුත්, අද වාගෙම, මහින්ද දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන, ආතල් එකේ ඉන්නවාය. මේ රටේ උන්ගේ මොකක්දෝ වාසනාවකට, ෆොන්සේකා කියා නාහෙට නාහන නස්කූනියෙක් අර කොල්ලන්ට නායකත්වය නොදෙන්නට, මහින්දලා ගෝඨලා කෙසේ වෙතත්, ප්‍රභා නම් අදත් යහතිනම් ඉන්නවාය.

බලේට එන්න කලින් සිරිසේන ලොක්කා සුද්ධෝදනලා වාගේ දුන්නේ සන්සෝධන ටෝක් නෙමේය. ජනාධිපති කොරමේ අහෝසි කරනවා කියලාය. මේ වෙන තෙක් ඒ ගැන කටක් නොහොල්ලපු අලි පාටියේ උනුත් කිව්වේ ඒකමය. ඒ ඉතරක් නොව, මැරණ කම් රජකම් කරන්න පෙරුම් පුරා, අවුරුදු දෙකකට කලින් බල පෙරේත කමට ඉල්ලාගෙන කෑ මහ රජ්ජුරුවෝ කිව්වෙත්, විධායකේට කෙළවලාම දානවා කියලාය.

එතකොට ලැබුන ඡන්ද ඔක්කෝම ලැබිලා තියෙන්නේ විධායකේ අහෝසි කොරන්නය. අළුත් විවස්ථාවක් ගේනවා නම්, ජනමත විචාරණ ගේන්න ඕනා කියා ගහන්නේ අමු බයිලාය. ඕනා කමක් තියෙනවානම් එහෙම එකක් ගෙනාවත්, එකෙකුටවත් දැන් ඒකට විපක්ෂව කැම්පේන් කොරන්නට බැරිය. ඕනම නම් ඔය මහින්දගේ බලු පැටව් ටික, "හැව්... හැව්..." ගෑවත්, මහින්ද මහත්තයාටවත් ඒක අහෝසි කොරන්න එපා කියා කියන්න පුළුවන් කමක් නැත්තේය.

දැන් හැම එකාම වැඩ කරන්නේ තම තමන්ගේ පෞද්ගලික උවමනා එපා කම් අනුවය. විධායකේ අහෝසි කරනවා කියා මර හඬ දීපු රතන උන්නාන්සේ අද කියන්නේ එහෙම එකක් කිව්වේ නැතෙයි කියලාය. උන්නාන්සේ වඩින්න බලාගෙන ඉන්නේ අපායේ වෙන්නම ඕනාය. හැබයි රනිල් ජනපති වෙලා, සිරිසේන ලොක්කා අගමැති වෙලා උන්නා නම් එයා එහෙම කියන්නේ නැතිය.

රනිල් උන්නැහේ හැදුවේ එක්සැකටිව් පවර් එයාට අරගන්නය. ඒක නෝන්ඩි උන නිසා 19 වෙනි සන්සෝධනෙත් සන්සෝධනේ කරලා ගැසට් කරන්න උනේය. විධායකය එකෙක් අතේ තියෙන එක ඩෙන්ජොරස් නම් ඒක තියෙන්නේ ජනාධිපති අතේද, අගමැති අතේද, කථානායක අතේද, එහෙම නැත්නම් චීප් ජස්ටිස් අතේද මොකාගේ අතේද කියනා එක වැඩක් නැතිය. තනි පුදගලයෙකුට විධායකේ හැන්ඩල් කොරන්න දෙනවා කියන්නේ, මහින්ද මහත්තයාගේ කාලේ වගේම වැඩවසම් ක්‍රමයකට මේ රට ගෙනියනා එකටය.

කොයි එක මොන බයිලා ගැහුවත් එකෙක්වත් ඕක අහෝසි කොරන්නේ නම් නැතිය. අඩුම ගානේ මෙයාගෙන් පස්සේ වත් අහෝසි කරනවා කියලා කියා නැත්තේ. මෙයත් පහක් කෙසේ වෙතත් දහයක්වත් ඉන්න බලාගෙන ඉන්නා නිසාය. ඒක එයාගේ වැරද්ද නෙමෙය. මේ පෝස්ට් එක වැරද්දය. දිවිය ළෝකේ ගිය එකෙක් ආයෙත් මේ ළෝකෙට එන්නේ එක්කෝ ඔළුවේ මොකක් හරි අමාරුවක් තිබිලාය. එහෙම නැත්නම් යන්න කලින් ඒකා පිස්සෙක් වෙන්න ඕනාය. කිව්වේ ඇමතිකම් 25 යි කියලාය. විසිපහ (25) තිහ (30) උනේය. දැන් තිහ (30) හතලිහ (40) වෙලා, කම්බ හොරුත් ඇමතියෝ වෙලාය.

එක එකාගේ ගුලි කා හත් පොලේ ගාගත් ආන්ඩුක්‍රම පිළිබඳ උස්තාද්ලා වෙන, ජයම්පතීලාටත්, ජයදේව උයන්ගොඩලාටත්, නිර්මාල් රංජිත් දේවසිරිලාටත්, සෝභිත හාන්දුරුවන්ටත්, විකටර් අයිවන්ලාටත්, එකී මෙකී නොකී ලණු කෑ සියළුම දෙනාටත් කියන්නට තියෙන්නේ, කුම්බලා මාළු කෑවා නම්, කට්ට එලියට එනකම්, මැරෙනකන්ම කැහැ කැහැ හිටපල්ලා කියලාය.

70 comments:

  1. Pattama charter maathalan ayye... Shik...

    ReplyDelete
    Replies
    1. Hithuwa den wath hedey kiyala. Munge ammalange ahawal eka thamayi.

      Delete
    2. මක්කා කොරන්නෙයි බං කාළකන්නි රටක ඉපදුනහම...

      Delete
  2. යහපාළනේ විවේචනය කරනවා යන්න හෝ, යහපාළන ආන්ඩුවට විරුද්දව කතා කරනවා යනු අර තොළොංජිකරදැමූ මරාක්ෂයාට පක්ශ වීම හෝ ඒකා හොඳයැයි සිතීම හෝ ඒකාට නැවත බලයට පැමිණ කෙලින්නට උදව් වීමට කල වෙනස්වීමක් යැයි කිසිවෙකු වරදවා වටහා ගතයුතු නැත.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.
      බුදු අම්මෝ....!!!
      එක්සැකටිව් පවර් බැරි නම් ඕන මළදානයක්, ආයේ රාජපස්සලා නැතිව.
      එයා ගෙදර යවපු එකම ළොකු ජයග්‍රහණයක්..

      Delete
    2. තක පුමයි !

      Delete
  3. නැගපු ඉනිමගට පයිං ගහන්නෙ කවුද ආයිබොවං...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.... තව ටිකක් උඩට යනවා මිසක්...

      Delete
  4. මොකද්ද මේ රටට ‍ඇති වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අළුතෙන් ඇතිවෙන්න දෙයක් නෑ.. තිබුන එකම නළු නිලියෝ වෙනස් වෙලා කරගෙන යනවා...

      Delete
  5. මෙව්වා ඔක්කෝම බලාගෙන ඉඳලා පුක පොලේ ගහගන්නට හිතෙනවාය...

    ReplyDelete
    Replies
    1. ඒක පොල් උලේ ගහගනිං !

      Delete
    2. මට නම් එච්චරම අවුලක් නෑ.... මොකෝ මම මේවා කලින්ම කිව්වා...

      Delete
  6. දේශපාලනයෙන් ඉවත් වුනෙමි........

    ReplyDelete
    Replies
    1. දේශ පාලනේ කොරන්ඩ මේ හොදම වෙලාවෙ ...කොහේ යන්ඩෙයි...

      Delete
    2. අපරාදේ කීයක් හරි හොයා ගන්න පුළුවන් කාළේ...

      Delete
  7. අපේ පයින්, අපේ පුකට පයින් ගහගන්න ඕනෙ මුන්ට චන්දෙ දුන්නට. ඔව් ...හිටං.

    ReplyDelete
    Replies
    1. මුන් කෙලපු පච වලට වශී වෙලා දුන්නා නම් එහෙම කර ගත්තට අවුලක් නෑ...

      Delete
  8. // දිවිය ළෝකේ ගිය එකෙක් ආයෙත් මේ ළෝකෙට එන්නේ එක්කෝ ඔළුවේ මොකක් හරි අමාරුවක් තිබිලාය.//

    හිටපු ජනාධිපතිතුමාට මෙහෙම බනින්න ඒපා බොල.... අපි කොහොම හරි ඒතුමා අගමැති කොරලාම තමයි පස්ස බලන්නේ... අනාගත අගමැතිතුමාට ජයවේවා......... අපි මහීට මහී අපිට..... (කෙලී)

    ReplyDelete
    Replies
    1. එයා මේ දවස් වල විවේකෙන් ඉන්නේ, පන්සල් වල....

      Delete
  9. මම ඊයේම විපක්ශයේ වාඩි උනෙමි. බොහෝ දිනෙක සිට ඇතිවී තිබූ කළකිරීම් ඊයේ වනවිට උච්ඡස්ථානයට ලං විය. තවත් යහපාලනයක් බලාපොරොත්තු නොවෙමි.

    ReplyDelete
    Replies
    1. විපක්ෂයක් තියෙන්නෙ එපාය විපක්ෂේ වාඩි වෙන්න...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මොකක්ද? මොකක්ද බොල 19 උබ එක මොකක්ඩ කියලවත් දාලද පුලුවන් නම් කියහන්ය

    ReplyDelete
    Replies
    1. තොට දේව ශාපය ලැබේවා... කොමෙන්ට් එක පැහැදිලි මදි...

      Delete
  12. මේ සිද්දවුන දෙයින් යන්තම් හෝ කාළකණ්නි සතුටක් හිතට දැනෙන්නේ මරාට හා ඒ පස්සෙන් ගිය අනාතයන්ට යන එනමන් නැතිවීම පිළිබඳව පමණි.අප්පච්චි හොඳටම මැරුනේය.ඒත් ඒ කාළකණ්නි 7-8 දෙනාට එහෙම වුනා කියා මේ ක්‍රියාදාමය අනුමත කලනොහැක.ජයදේව උයන්ගොඩලාට, නිර්මාල් රංජිත් දේවසිරිලාට, සෝභිත හාන්දුරුවන්ට, විකටර් අයිවන්ලාට, එකී මෙකී නොකී ලණු කෑ සියළුම දෙනාට කිරීමට ඉතිරිව තියෙන්නේජනතා බලය පෙළගැස්වීම පමණි.නැතිනම් තවත් පොර ටෝක් නොදී දේශපාලනයෙන් පූර්නකාලීනව සමුගත යුතුය.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ජනතාව ඇන්දුවේ පොලිටික්කෝ විතරයි... දැන් සිවිල් පොරවලුත් උන්ට කුළියට කඩේ යනවා...

      Delete
  13. ඉවසන්න

    ඉවසීමෙන් ඉන්න

    ඉවසන්න හොඳේ

    ඉවසපන් යකෝ

    ප්‍රතිඵලයක් එනවා

    හොඳ ප්‍රතිඵලයක් එනවා

    යහපත් ප්‍රතිඵලයක් එනවා

    නිදිවැද්දා වගේ සොමියෙන් වදන්න බැහැ

    ටිකක් ඉවසලා තටමලා තමයි වදන්න ඕනේ

    එහෙමයි හොඳ ළමයෙක් බිහිවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හොරුත් එක්ක මොන යහ පාළනෙයි ළොක්කා...

      Delete
  14. ලංකාවෙ ඉන්න අපිමනෙ චන්දෙ දුන්නෙත් ඉස්සරහට දෙන්නෙත්..... කවදාවත් හැදෙන්නෙවත්, වරද්දා ගත්තට ලැජ්ජාවක් ඇත්තෙත් නැති එකයි ගැටලුව.....

    ReplyDelete
    Replies
    1. සෝයි මෙයා , ඔයා ඔන්න ඔය විදිහට වහෙන් ඔරෝ ගහන්නේ නැතිව මෙහෙන් වරෝ ගන්නකො. අපි අනෝ එන්නේ බයටයි අයියේ, ඔයාට වගේ පලාබබලා රට කෙලවන් දියවන්නා බුවාලා අපිව අදුනන්නේ නැනේ. මැක්කෝ ඉන්න බල්ලොත් එක්ක ලැගලා අපිට කියන්නේ ඔයාගේගේ ඇඟේ මැක්කෝ නැ කියලද අයියේ

      Delete
    2. ෆීල්ඩ් එකට බැහපු ගමන් මිනිහෙක් නැති කරන්න උත්සාහ ගන්න එපා ගොන් ඇනෝ.. උඹලා එදා ඉඳලා අද වෙනකන් කරන්නේ මේක.. අඩු ගානේ පොන්නයෝ නොවී, නියම නමෙන් වත් වරෙන්.. ඒ යකා ලියන්නේ උගේ නියම නමෙන්...

      Delete
    3. Thnx Maatha..... ඕකා අනිවා මැක්කෙක්... ඒකනෙ කොන්ද පණ නැතුව හැංගිලා කෙඳිරි ගාන්නෙ..... එච්චර හයියක් තියෙනවා නම් කෙලින් එන්න ඕනනෙ... උගෙ හිතම දන්නවා ඌ බයයි කියන එක.

      Delete
  15. ශෙහ් අම්මප. දින සීයේ ටයිම් ලයින් කැලේ. නියම ට්‍රැක් එකට වැටෙන පාටක් පේන්නම නැහැ.

    ReplyDelete
    Replies
    1. නියම ට්‍රැක් එකේ නේන්නම් අනේ යන්නේ. කරුමේ තියෙන්නේ මේක පීලී පනින්නේ නැති එකයි...

      Delete
  16. දින සීයෙන් පුලුවන්ද හර හමං ළමයෙක්ව වදන්න? අඩුගානෙ දවස් තුන්සීයක්වත් යනවනෙ හරි හමං අංග සම්පූර්ණ එකෙක් වදන්න. දවස් සීයෙන් වැදුවොත් මහින්ද වගේ මොංගලයෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. රටේ නායකයෙක් මොංගලයෙක් කීයා ඇමතීම හරි නෑ නේද...? ඒක අනුමත කරන්න බෑ...

      Delete
  17. //කම්බ හොරුත් ඇමතියෝ වෙලාය.//
    එහෙම නැතිවුනත් ඇමතිවුනාට පස්සෙ හරි කම්බ හොරුවෙනවා.

    මෙය හරක්තන්ත්‍රවාදී සිරි ලන්කාවයි. සුබවාදී බලාපොරොත්තු ප්‍රායෝගික සුබවාදී විදිහට තියාගෙන ඉන්නවනම් , මේ අපි වගේ ඇස් බී ඇමතිවුනාට ලොකු දුකක් නැත.
    මන්ද තාමත් මහින්ද අගමැතිවී හෝ ලෙමන්පෆ්, ගොම්මන්පිල, අලුත්ගමගේ ආදිය ඇමතිවී නැතිනිසාය.
    උනුත් එහෙම වුනත් එතකොට අපි සතුටුවෙනවා නානසාර ජනාදිපති වී , ඉත්තෑහිමි අගමැති වී සිවාජිලිංගම් විපස්සනායක වී නොමැතිනිසා.
    ඔන්නඔහොමයි මහාචාර්යතුමා සිරිලන්කන් ස්ටයිල් ඔප්ටිමිසම්. සතුටුයිනේ?

    ReplyDelete
    Replies
    1. තිබුන තත්වෙන් ගොඩ ඒමක් උනානේ කියලා මම වගේ ඔප්ටිමිස්ට් සිතිවිල්ලක් දාගෙන මලක් ගාගෙන උන්නා නම් හරි... ඉන්ගිරිසියෙන් හඳහන් බලපු එකෙකුත් කිව්වා මම ඔප්ටිමිස්ට් කෙනෙක් කියලා...

      මහින්ද උනත් හොඳයි නේ... ගේම වලට නොගියා නම්...

      Delete
    2. //මහින්ද උනත් හොඳයි නේ... ගේම වලට නොගියා නම්...//

      ඔව් වෙන්න පුලුවන් බොස්, ඒත්..... බුදු අම්මෝ ...ටික දවසක් හරි රජවරු නැතුව ඉන්න පුලුවන් නම් වඩා හොඳයි.
      හොරු කොහෙත් ඉන්නව සිරිලන්කාවෙ.
      හොරුයි රජපවුලුයි දෙකම එකට දිරවන්න ටිකක් අමාරුයි

      Delete
  18. Replies
    1. සෑඩ් රියැලටි නෙමෙයි..

      රියල් පොලිටික්ස් ඔෆ් අම්මට සිරි ලංකා...

      Delete
    2. මැදට අකුරු කීපයක් අඩුයි....

      රියල් පොලිටික්ස් ඔෆ් අම්මට @$%& සිරි ලංකා...

      කැමති විදියට පුරවාගන්න (හු*&^, හැ@$*, කෙ@$*)

      Delete
  19. උඹට මෙහෙම පෝස්ට් එකක් මෙච්චරම ඉක්මනට දාන්න වීම නම් හරිම කචල් මාතේ...
    උඹට මතකද මන්දා මම කිව්වා දෙකක් දාගෙන ඉන්නකොට දියවන්නාව අයිනේ මේක දින 100ක් වත් ගියොත් පුදුමයි කියලා..කෝ ඉවානයා..ඌ විතරයි එවෙලේ සිහියෙන් හිටියේ..
    අර ප්‍රාජේ කිව්ව "සිරිලන්කන් ස්ටයිල් ඔප්ටිමිසම්" තමයි මේ මචං...

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ උඹත් සිහි කල්පනාවෙන් නෙමෙයි වගේ ඉඳලා තියෙද්දි..

      දියවන්නාව ගාවදිම දියවන්නාවෙන් අල්ලපු තිලාපියෙක් කන ගමන් මම කිව්වා.... මොකා ආවත් එකයි.. ඒත් මේ වෙලාවේ මහින්ද මහත්තයා ගෙදර යවන්න ඕනය කියලා.. උදාහරණයකට ගත්තේ චූටියව... මොකෝ අටමටයි නලියටයි චූටියා එපා උනා වගේ... ජනතාවටත් මහින්ද මහත්තයා එපා වෙලා තිබුනේ.. ඒක උඹ පිලිගත්තේ නැති උනාට.. ජනතාව ඔප්පු කරලා පෙන්නුවා..

      Delete
  20. කළබල වෙන්න ඕනැ නෑ. තවම රට ජනවාරි 08වැනිදට කළින් තිබුන තත්වෙට පත් වෙලා නෑ.තවම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදෙ තියනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදේ නම් තියෙනවා.. ඒත් හොරු තාම එහෙමමයි...

      Delete
    2. ලැබුනු පජාතන්තවාදෙනම් අපූරුයි. විපක්ශ නායකත් ආණ්ඩුවෙන්. පත්තර වල යන්න ඔනෙ මොනාද නැත්තෙ මොනාද කියලා තීරනය කරන්නෙ මන්ගලගෙ මාද්ය ගොඩ්ෆාදර් නොහොත් ෆර්නැන්ඩස්. ඒවට විරුද්ද වෙන්න හදන මාද්ය ආයතන වලට කොල් කරලා අහනවලු ඩයලොග් එකට වගෙ බද්දක් ගහ ගන්න ආසද කියලා. ත්‍රස්ත බදු පෙන්නලා පෞද්ගලික ආයතන බයකරන පජාතන්තවාදෙ.

      Delete
    3. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදේ රෙද්ද පල්ලේ ‍බේරෙනවා..... පිහදා ගනින්...

      Delete
  21. //ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදෙ තියනව.// අැමතිලට අැමතිකම් තියනවා ෙමව්වට තමයි win win solutions කියන්ෙන්.

    ReplyDelete
    Replies
    1. හරියට නිකන් ටුවැන්ටි ටුවැන්ටි වගේ නේ...

      Delete
  22. මෙ ගොනා කියන හැටියට යුද්දෙ ඉවර වෙන්න තිබුනෙ රනිල්ගෙ කාලෙ නොවෑ. මොකො ෆොන්සෙකා පැන්ශන් යන වයසට කලින් තිබුනෙ රනිල්ගෙ ආණ්ඩුව. ආ මෙහම වෙන්න ඇති උනෙ, ෆොන්සෙකා ගහගෙන ගහගෙන එන්න ඇති 1994 ඉදන්. මහින්දගෙ වාසනාවට ෆොන්සෙකා යුද්දෙ ඉවර කර දවසෙ රටෙ නායකයා වීමෙ වාසනාව උදා උනෙ මහින්දට වෙන්න ඇති.

    රුපියල් 15,000ක් හම්බ උන හමුදාවෙ කොල්ලන්ගෙ පඩිය 30,000 දක්වා වැඩි කරෙත් ෆොන්සෙකා වෙන්න ඇති, ලක්ශයක් හිටපු හමුදාව ලක්ශ දෙකක් දක්වා වැඩි කලෙත් ෆොන්සෙකා වෙන්න ඇති. ගුවන් හමුදාවටයි, නාවික හමුදාවටයි අණ දෙන්න ඇත්තෙත් ෆොන්සෙකා. මාතලන්ලා, මන්ගලලා, රනිල්ලා වගෙ සින්හල කොටින්ගෙ මත වලට රාජ්ය මාද්ය හරහා පහර ගහලා යුද්දෙ මාකට් කරෙත් ෆොන්සෙකා. යුද්දෙ යන ගමන් ආර්ථිකය ශක්තිමත්ව මෙහෙයුවෙත් ෆොන්සෙකා. බ්‍රිතාන්ය, ප්‍රන්ස විදෙශ ඇම්තිවරු ජොඩු දාලා ඇවිල්ලා යුද්දෙ නවත්තපන් කියන්න ඇත්තෙත් ෆොන්සෙකාට. බලාගෙන යද්දී මාතලන් වගෙ ගොනෙක් ජනාධිපතිකමෙ හිටියත් යුද්දෙ ඉවර වෙන කේස් එකක්නෙ තිබිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ ගොනා නොදන්නවා උනාට ඔය කියපු ඔක්කෝම කළේ සරත් ෆොන්සේකා තමයි.. යුද්දේ දිනනකන් සරත් ෆොන්සේකා කියපු ඔක්කෝම කළා.. ඒත් යුද්දේ දින්නයින් පස්සේ එයාගේ කොමාන්ඩ්ස් පිලිගන්න මහිදයි ගෝඨයි දෙන්නම අකමැති උනා. ෆොන්සේකා තමයි කිව්වේ අපි දිණුවට හැම තැනම කෑම්ප් දාන්න ඕන කියලා.. හමුදාවට තව බඳව ගන්න ඕන කියලා.. ඒවට බය වෙලා.. ෆොන්සේකට කරන්න තියෙන ඔක්කෝම ජඩ වැඩ කලා..

      මාතලන් නෙමෙයි... මේ වගේ ගොනෙක් නායකයෙක් උන රටක උනත්, සරත් ෆොන්සේකා වගේ වීරයෙක් උන්නා නම් යුද්ධය පහසුවෙන් ජය ගන්න පුළුවන්..

      හරකෙක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා.. මොකෝ හමුදාවේ උන් දන්නවා යුද්දේ කළේ කව්ද කියලා.. මේ සැරේ හමුදාවල උන් ඔක්කෝම මහින්දට එරෙහිව ඡන්දය දුන්නේ ඒකයි..

      Delete
    2. අම්මට සිරි බලන් යද්දී හමුදාපති කමට අමතරව ෆොන්සෙකා ජනාධිපතිකමත් කරලා. බලපල්ලකො මෙ ඒකාධිපතියා කියලා හන්වඩු ගහලා තියෙන්නෙ තමන්ට ලැබුනු ජනාධිපතිකමත් රටෙ හමුදාපතිට කරන්න බාරදීලා බලන් හිටපු නිවටයෙක්ටනෙ.

      මම මෙ කල්පනා කලෙ හමුදාවෙ 80%ක් විතර 2010දී ෆොන්සෙකාට චන්දෙ නොදී මහින්දට දුන්නෙ ඇයි කියලා. හරි කොම්පුටර් ජිල්මාට්.

      Delete
    3. //මම මෙ කල්පනා කලෙ හමුදාවෙ 80%ක් විතර 2010දී ෆොන්සෙකාට චන්දෙ නොදී මහින්දට දුන්නෙ ඇයි //

      අම්මපා ඇයි.....?

      I don't Know Y......

      Delete
    4. ඒ වෙලාවේ මම දුන්නෙත් මහින්දට.. මොකෝ මහින්ද නේ දේශපාළණ නායකයා...

      ඒත් මෙ හරක් කියන විඩයට යුද්දෙටත් වඩා හොඳට සුද්දෙ නම් කලා...

      Delete
  23. එකම නාට්‍ය චරිත වෙනස් කරලා ආයෙමත් පෙන්වන්න අරන්.යහපාලනයේ ගමන එන්න එන්නම නරක් වෙන බවක් පෙනුනත් තවමත් එක දශමයකින් හරි මරාගේ කාලකන්ණි අධම පාලනයට වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. දැන් සමහර චරිත වල ඉන්නේ හිටපු උන්මයි...

      Delete
  24. යුද්දෙ කරෙ ෆොන්සෙකා, දකුනු ඉන්දියාවෙ එන්ගලන්තෙ දෙමලු පබයො පුච්චන්නෙ මහින්දගෙ. ආ හරි ඒ මහින්ද ජාතිවාදියා නිසා නෙද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.... ඒක අළුත්ගමදිත් ඔප්පු කලානේ..

      Delete
  25. ‍යහ පාලනේ යම පාලනේට යන්නේ හිටO....

    ReplyDelete
    Replies
    1. මම නම් පත් වෙච්චි දවස් වලම කිව්වේ , යහනේ පාචනය කියලා...

      Delete
  26. මෛත්‍රී ලොක්කා කියලා තිබුනේ " දැන් ඔක්කොම හරි.." කියලා.. හරිද කියලා බලන්න ඕන ඉතින් අපි තමයි..

    ReplyDelete
    Replies
    1. එයාගේ පැත්තෙන් ඔක්කෝම හරි ඇති...

      Delete
  27. නව ව්‍යවස්ථාවක් අපේ රටට ලැබෙනතුරු අපි සිහින දකින්නෙමු.

    ReplyDelete
    Replies
    1. මැරෙනකන්ම දකින්න වෙයි....

      Delete
  28. අපි තවමත් මුන්ගේ බොරු අසමින් සිටිමු

    ReplyDelete
  29. // "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලකයින් අවස්ථාවාදීන් හා කපටියන් නම්
    ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක්
    මුළු ලෝකෙම නැත්තේය.” - හැරල්ඩ් ජේ ලැස්කි //

    යකුනේ තොපිට තවම තේ‍රෙන්නේ නැතිද මේ කියල තියෙන්නේ ලංකාව ගැන කියලා.....

    තොපි මෝඩ මී ගොන්නු වගේ මහින්දගෙයි, මෛත්‍රීගෙයි, රනිල්ගෙයි පැති වලට බෙදිලා කෙලගන්නවා....
    උත් දෙතුන්දෙනාම හවසට සෙට්වෙලා බොන ගමන් තොපිට පුකෙනුත් හිනාවෙනව ඇති.....

    ReplyDelete
  30. ලංකාවේ මිනිස්සු //හොරුන්ට හොරු අල්ලන්න භාරදුන්නා// කියලා මේ කාලය ගැන අනාගතේ දි අපේ කොල්ලො කෙල්ලො කියාවි (දුනටමත් එහෙම කියන ළමයි ඉන්නවා)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න