.

.

Mar 29, 2015

නෙළුම් යාය, අජියලා සහ හුජ්ජා බර - Nelum Yaaya, 3 Ajiths & Peeing


මාතලන් සිතාගෙන හිටියේ "නෙළුම් යාය සම්මාන උළෙල" මග හරින්නය. (උළෙල මගහරිනා මෙන්ද, සහභාගි වන මෙන්ද අවවාද අනුසාසනා කළ හිතවතුන්ද බොහෝය.) තෑග්ග ඉවාන්ට ගන්නය කියා පස්සෙ වෙලාවක උගෙන් ඉල්ලා ගන්නය. ඒත් වැඩේ ඕගනයිස් කළ අජියා එවනා ඊ මේල් දැක්කාම මාතලන්ගේ බොක්ක උණු උනේය. හදවත ඇන්කර් බටර් වගේ දියවෙලා ගියේය. ඒංගලන්තේ ඉඳලා ඇවිත් බ්ලොග ලියනා උන් වෙනුවෙන්ම කරනා මේ වැඩේ මග ඇරීම කිසි සේත්ම කළ නොහැක්කක් බව තෙරුන නිසාම ඌට මම එන බව කොන්ෆෝම් කලෙමි.

ආවාට කිසි සේත්ම පාඩු උනේ නැතිය. ඊට හේතූද බොහෝය. ප්‍රධානම හේතුව නම් මා ප්‍රිය කරනා අජියලා (අජිත්ලා) තුන් දෙනෙකුම හම්බ වීමය. එයින් වඩාත්ම කැමති එකා උනේ, මාතලන්ගේ ප්‍රියතම ගායකයෙක් වෙන රොක් අජියා (අජිත් කුමාරසිරි) හා දොඩමළු වීමට හැකි වීමය. අනෙක් අජියලා දෙන්නා උනේ, "W3Lanka" ලියනා "අජිත් පැරකුම් ජයසිංහ" හා "කොළඹ ගමයා" ලියනා අජිත් ධර්‍මකීර්තීය. අජිත් ධර්‍මකීර්තිට ප්‍රිය කරන්නේ, ඒ යකා මේ උත්සවයේ චීප් ඕගනයිසර් නිසා නෙමේය. උගේ බොග නිසාය. ඌත් දේවල් අමුතුම ආකාරයකින් දකිනා එකෙක් නිසාය.

රොක් අජියා (අජිත් කුමාරසිරි)
අජියලාට අමතරව මාතලන්ගේ තවත් ප්‍රියතමයෙක් වන "සිව්මංසල කොලු ගැටයා" හෙවත් නාලක ගුණවර්ධනයන් හා සුහඳ කථා බහක නියැලීම රස නහර පිනා යන ප්‍රීතියකි. මේ නිහතමානි මිනිසා මා දන්නා කාලයේ සිටම ප්‍රිය කරනා චරිතයකි. උත්සවයේ බොක්කටම වදින කතාව කලේ නාලකය. එය අධිපති මාධ්‍යයට හා දේශපාළුවන්ට එල්ල කළ කනේ පහරකි. අධිපති මාධ්‍ය ආයත්න නියෝජනය කරමින් එතනට පැමින උන් සියල්ලන්ම නාලකගේ කතාව මැද්දේම උන්ගේ මයික් කොට අයින් කර ගත්තේ ඒ නිසාදෝ, එහෙම නැත්නම් ඇමතියා නික්ම ගියයින් පස්සේ උන්ගේ ඩියුටිය ඉවරයි කියා සිතුන නිසාදෝ කියා හරියට කියන්න දන්නේ නැතිය. 

"කොළඹ ගමයා" ලියනා අජිත් ධර්‍මකීර්තීය
උන් කළේ නාලකගේ කතාව ඒම අවස්ථාවේදිම තහවුරු කිරීමය. මුන් ජනමාද්දියවේදීන්ද, එහෙම නැත්නම් ජොබ් එකක් කරනා උන්ද කියා දන්නේ උන් උන්මය. මැනර්ස් කියා දෙයක් දන්නවා නම් අඩු ගානේ කතාව නිම වන තෙක් ඉන්න තිබුනාය. එසේ ඉන්න්ටම බැරි නම් නාලකගෙන් අවසර අරගෙන ඔක්කෝම ගලවා ගෙන යන්න තිබුනාය. රටේ ආචාර ධර්‍ම ගැන කතා කරන්න යන්නේ මෙළෝ ආචාර ධර්‍මයක් නොදන්නා උන් වීම රටේ කරුමය මිස උන්ගේ කරුමයක් නොවේය.

"W3Lanka" ලියනා "අජිත් පැරකුම් ජයසිංහ"
කෙසේ හෝ නාලකයන් වැනී නිර්භීත මිනිසකු, මේ උත්සවයට සහභාගි කර ගන්නා ලෙස කළ ඉල්ලීම ගැන මාතලන්ට ඇත්තේ මහත්ම වූ ආඩම්බරයකි. මන්ද සියල්ලන්ම නාලකගේ කතාව අගය කිරීම නිසාමය. පැරා කතා කාරයෙක් නොවේ කීවාට, පැරාගේ කතාවද බ්ලොග් වලට අදාල වූ බැවින්, අපට නම් අසා සිටීමේ අවුලක් තිබුනේ නැත. බන්ධුල නානායක්කාරවසම් උන්නැහෙත් බ්ලොග් රසිකයෙක් බව දැන ගැනීමට ලැබීම බොහෝ ප්‍රීතියට පත් වූ කාරනයක්ය.  කෙසේ හෝ උන්නැහේ, මාතලන් හා සිංහයා පටලවා ගෙන තිබූ බව පැහැදිලිවම පෙනුනි. 

බහරේනයේදි අහරෙන් මෙහෙන් උන්නැහේට හමු වන්න ඇත්තේ සිංහයාම (ඉන්දික උපශාන්ත) විය යුතුමය. මාතලන් නම මතක ඇත්තේ, සිංහයාගේ පෝස්ටුවක මාතලන් දැමූ කොමෙන්ටුව වෙන්න පුළුවන්ය. එහෙත් උන්නැහේගේ පැතුම් නම් කවදාවත් බ්ලොග් කාරයන්ගෙන් නම් ලැබෙන්නේ නැති බවත්, මේ වෙලාවේ ආදරයෙන් මතක් කර දිය යුතුමය.එමෙන්ම කොමෙන්ටුවකින් හෝ කරුණාරත්න පරණවිතාන උන්නැහේටත් මාතලන් මතක තිබීමත්, උන්නැහේ බ්ලොග් ලියන්න පටන් ගන්නට හේතු වූ එක පුද්ගලයකු මාතලන් බවත් ඉස්ටේජ් එකේ පැවසීමත් සතුටට කාරනයක්මය.
ප්‍රියතම, නාලක ගුණවර්ධනයන්

මට නම් එකම අවුල උනේ අර අභීරූපන පැංචාය. උගේ අයිටම් එක එන්න කලින් දෙක පුන්න ගිහිල්ලා, ඌ ඉස්ටේජ් එකට නැග්ග වෙලාවේ ඌටම ඌ ජෝක් එකක් උනේය. පොඩි උන්ගේ උත්සවයකට මේ වගේ උන් ගෙනාවද, බ්ලොග් කරයෝ වගේ මෙළෝ රහක් නැති පඩත්තලයන් ඉන්න තැනකට මේ වගේ ළමා වැඩ සටහන් ගෙන ඒම, ඉවෙන්ට් මැනෙජ්මන්ට් කරපු උන්ගේ ගොන් කම මිස අජියලාගේ වරදක් නෙමේය.

සියල්ල අවසානයේ මගේ ප්‍රියත්ම රොක් අජියා ඉස්ටේජ් එකට නැගපු වෙලේ නිවන් ගියා වැනි සතුටක් ඉබේම ඇතිවිය. සූ ගාලා සෙනග සිටි නිසා ඔඩිටෝරියම් එකේ ඒ සී එක කන පැලෙන්න විතරක් නොව හුජ්ජා බොක්ක පැලෙන්නත් වැදුනේය. දැන් මට බොක්ක පැලෙන්න හුජ්ජා බරය. ඒත් රොක් අජියා ඉස්ටේජ් එකේය. හුජ්ජා කිරීම පැත්තක තබා, මාතලන් පුටුවේ හරි බරි ගැහි වාඩි වූයේ අජියාගේ බණ අහන්නය.

ඒ යකා අර වයලින් අතුල්ලන එකෙන්, දිවි නසා ගත්ත ආනන්ද සමරකෝන් ගේ ගීතයක් කියා, ලීඩ් ගිටාර් එක අතුල්ලා ජාතික ගීය වැයුවේය. හොඳ වෙලාවට බන්ධුල නානායක්කර වසම් ගෙදර ගිහිල්ලා තිබුනේය. නැත්නම් උන්නැහේ පුටුව උඩම පපුව පැලිලා මැරි වැටෙනවාමය. ඒක නවත්තපු ගමන් අජියා කිව්වේ, "පාර්ලිමේන්තුවේ ඉන්නා බල්ලෝ.." ගැනයි, "යාපනේ තොල දාන බබා..." ගැනයි, "කොඩියේ සිංහයා..." ගැනයිය. ඒ ඔක්කෝම මාතලන්ගේ පට්ට ෆේවරිට් සින්දුය. ඒ උනාට අටමා නම් කිව්වේ උන්ගේ හාමිනා ඊට වඩා ලස්සනට වලං හූරනවා කියලාය. 


ගොඩක් උන් රොක් අජියා ගැන දන්නේ නැතිව ඇතිය. ඒත් අලිමංකඩ ෂෝ එකේ තිබුන "පෙරුම් පිරිවේ මම සමනලයෙක් වෙන්න..." සින්දුව අහලා නොතිබෙන්න නම් බැරිය. ඒ ෂෝ එකට වගේම, සින්දුවටයි, අජියාගේ බෙලෙක් කට හඬටයි මාතලන් බොහෝ කැමතිය. බොබ් මාලේටත් තියෙන්නේ මේ කට හඬමය. බොග් මාලේ පුකේ හිටන් ගහගෙන යන රටක, අජියලා වීරයෝ නොවන්නේ, අපේ උන්ට අපේ උන්ගේ වටිනා කම තේරෙන්නේ නැති නිසාය.


ඒත් අජියලා පරාද නෑ කියලා තෙරුනේ, ඊට පස්සේ ප්ලේ කරන්න "ස්කිට්සෝ එස් එල්" (Skitzo SL) සෙට් වෙලා උන්න නිසාය. රෑ අටත් පහු උන නිසා කොළඹ ගමයා හිරු නොබසින අධිරාජ්‍යයේ සිටන්ම ඉතා පරෙස්සමින් ගෙනත් තිබූ ජොනි වෝකර් සම්මාන උළෙලට යන්නම ඕනා උන නිසා, උන්ගේ ටැලන්ට් එක අපිට මිස් උනේය.

ජොනි වෝකර් වලට වග කියන්න ගියේ, අජියාගේ හිත රිද්දන්න අකමැති හේතුව නිසා මිසක්ක, ඔය මළ ජරාවට අපේ ඇති කැමත්තක් නිසා නම් නෙමේය. ඒ බවට මාතලන් ගැන දන්නා ඕනා එකෙක් හොඳින්ම දන්නවාය. මහාචාර්ය මාතලන් මහතා ඒ වගේ එකෙක් උනාට, සම හරක් නම් උත්සවේට ඇවිල්ලා හිටියෙත් බෝතලයක් ඔළුවේ හලාගෙනය. 

හුජ්ජා බර ගැන කියපු නිසා, හුජ්ජා අතක් ගහන්න ගොස් සිඳුවූ පොඩි කතාවක් කියා මේ පම්පෝරිය නවත්තලා දානවාය. දවසක් මාතලන්, මාතලන්ගේ බොක්කක් එක්ක ජේ ආර් පප්පාගේ කාළේ ආපු බ්ලූ ෆිල්ම් එකක් බලන්න "රියෝ" එකට ගියේය. එදාත් මට කන පැලෙන හුජ්ජා බරක් ආවේය. මාතලන් හිටියේ ඉන්ටිබල් එක එනකන්ය. ඉන්ටිබල් එකේ මාතලන් අරූට කතා කලේ හුජ්ජා අතක් ගහන්න යන්නය. ඒ යකා මට කිව්වේ, "තොට පිස්සුද යකෝ...., දැන් ඕකට අත තියපු ගමන් ශුක්‍ර පහ වෙනවා, තොට ඕන නම් පලයන්..." කියලාය.

විශේෂ -
එදා සිඳුවූ තවත් වැදගත් සිඳුවීමක් උනේ බ්ලොග් කරුවන් උදෙසාම "නෙළුම් යාය" නමින් වෙනම වෙබ් අඩවියක් කරුවල ජයසූරිය උන්නැහේ විසින් ජාලගතකිරීමය. එම අඩවියට මෙතනින් පිවිසිය >>> හැක. අජියලාගෙන් අප්ට කරන්න ඇති එකම ඉල්ලීම නම්, ලංකා නිව්ස් වෙබ් (LNW) අඩවියෙන් "නෙළුම් යාය" ඉවත් නොකරනා ලෙසයි.

115 comments:

  1. love you රොක් අජිත්

    ReplyDelete
    Replies
    1. ලල් ලාටේ චන්ද්‍රයා සේ පෙනේ....
      (එකඟයි.ලල් එකේ උපරිමයක් ඇත.)

      Delete
    2. yes එයාගේ බැරැන්ඩි කටහඩට මං මාර ආසයි

      Delete
    3. මගෙත් කටහඬ බැරැන්ඩියි ........... මොකද කියන්නේ සින්දුවක් කියන්නද වෙලාවක

      Delete
    4. මාටත් පාටි වලට ගිහින් සින්දු කියලා ඇවිල්ලා ඊට පස්සෙ දවසෙ නම් ඔය වොයිස් එක එනවා.. අපේ ගෙදර අය නම් කියන්නේ උගුර බල්ලෝ කාලා කියලා...

      Delete
  2. මගේ පුද්ගලික ජීවිතේ ඇතිවූ ප්‍රශනයක් හේතුවෙන් පැමිණීමට නොහැකි වුවත්. මම බොක්කෙන් ම සතුටු වුනෙමි. මගේ හිතාදර මිත්‍ර මාතලන් ලංකාවේ හොදම බ්ලොග්කාරයා වීම මට සතුටක් නොවන්නේ කෙසේ ද? ඔබට සුභ පතමි.! එදා කතා ටික ඉකමනින් අසා ගැනීමට හැකි වේ යැයි සිතා සිටිමි.
    අනෙක මාතලන් සදාචාරය, චාරිත්‍ර ධර්ම ඇති රටක් දැ ලංකාව, එහෙව් දේ අපි බලාපොරොත්තුවන්න මෙකෙ එකාලගෙන් .......හෙක්.........හෙක්..

    ReplyDelete
    Replies
    1. නාවට අවුලක් නෑ.. හිතවත්කම, ලෙන්ගතුකම, නිහතමානීකම, මනුස්සකම ඊට වඩා බොහෝ වටිනවා..

      හාමිනාට මගේ ශෝකය ප්‍රකාෂ කරන්න.. අපරාදේ ඒ ටිකේ මම බද්දෙගම හිටියේ...

      Delete
  3. අජිත් පැරකුම් කෙරු කතාව බලන්න විදියක් නැද්ද මාතලන්? නිවුස් වලනං දැක්කා මාතලන් සම්මානය ගන්න විදිය නං. මේකේ අජිත් කරපු කතාව යු ටියුබ් එකේ වත් නැද්ද?

    සිව්මංසල ලියන නාලකගේ දෙපිටිකාට්ටු වැඩක් මට අතටම අහුඋන නිසා මිනිහා ගැන නං මට ප්‍රසාදයක් නැත. කේජී කෑල්ලක් ඇදපු වෙලාවට අජිත් කුමාරසිරිගේ සින්දු ඇසීම නං පස්ටාය.

    ReplyDelete
    Replies
    1. අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි..

      පැරාගේ කතාව සමහර විට පැරා බ්ලොග් පෝස්ට් එකක් විදියට දායි...

      Delete
  4. එදා කතා දාපු අයගෙ කතා ටික අහන්න විදියක් නෑ නේද?රොක් අජිත්ගේ සිංදුවක් ඇහුවමයි.වරදකුත් නෑ බලං ගියාම.

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම්, කරුණාරත්න පරණවිතාන වගේම නාලකත් අගේ ඇති කතා ටිකක් කලා.

      පොඩි කාලේ ඉඳන් ඔළුව ඇතුලේ දාගෙන ඉන්න ගූ ගොඩවල් අයින් කරලා, විවෘත මනසකින් ලෝකය දිහා බැලූවම ළෝකය හරි ලස්සනයි හැලපේ.

      මට නම් ක්ලැරන්ස්, අමරදේව, රොක් අජියා වගේම නිහාල් නෙල්සන් උනත් විඳින්න පුළුවන්..

      Delete
  5. සංවිධායකත්වය දැරූ සියල්ලටම මගේ ප්‍රණාමය........
    සම්මාන ලැබූ සියල්ලටම සුභ පැතුම්..........
    චැක් ....උඹ නොබොනම මල ජරාව නොබී ඉන්නම බැරි වුනාද මචෝ........

    ReplyDelete
    Replies
    1. අජියා කලින්ම කිව්වා බඩු ගෙනත් තියෙන්නේ කියලා... නැත්නම් මාඅතලන් යයි ඔය පැත්ත පලාතේ...

      Delete
  6. කව් රු හරි සම්මාන උලලේ කතා ටික අහන්න විදියක් කියනවනම් ලොකු දෙයක්.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. පැරාගේ කතාවයි, නාලකගේ කතාවයි සමහර විට බ්ලොග් පෝස්ට් විදියට එන්න පුළුවන්...

      Delete
  7. ඔබ හොදම බ්ලොග් කරුවාට හිමි සම්මානය දිනූ බව මම පුවත්පත් වෙබ් අඩවියකින් දුටුවා. මේ අවස්ථාවේදී ඔබට මගේ හෘදයාංගම සුභාශිංෂණය පුද කර සිටිනවා.

    ReplyDelete
  8. මාත,

    මම මේ ගැන පෝස්ට් එකක්ම දාන්න උන්නත්, ඊට වඩා පිරිසකගෙ ඇහැ ගැටෙන නිසා කෙටියෙන් මෙතනම කොටන්නං.

    බඩු ගහන්න, ණය ගන්න, බිස්නස් ප්‍රමෝට් කරගන්න වගේ නොයෙකුත් පුද්ගලික න්‍යාය පත්‍රවලට බ්ලොග් වලට "වැඩ කරපු" උන් හැලිල තොලොංජි වෙලා ගියාට පස්සෙ, තරඟෙකට ලියාපදිංචියක් නැතුව, කිසිම මුදලක් අය කරන්න් නැතුව, සම්මාන කියල පෝස්ට් එකක් හරි යකඩ කෑල්ලක් විතරක් දෙන්නෙ නැතුව, වඩා සංවිධානාත්මකව, මාධ්‍ය සහ පාළක පන්තියෙ යම් සහබාගීත්වයක් ඇතුව, රටෙන් පිට ඉන්න පිරිසක් බ්ලොග් කාරයො වෙනුවෙ අතින් කාල කරපු මේ දේ ගැන ඇතිවෙච්චි සතුට ඒකට සහබාගී වෙන්න බැරි වෙච්චි එක ගැන මට තියෙන කණගාටුවට වැඩිය බොහොම ඉහලයි.

    අනෙක් පැත්තෙන් කෙටි කාලෙකදි ලිපි අඩු ගනනකින් තෝර ගත්තත්, සම්මාන ලැබුනෙ ඒව ලැබෙන්න තිබ්බ ඉතාම සුදුස්සන්ට. වෙන සම්මාන උත්සව වල තියෙන ලොකුම අවුල ඔන්න ඕක උනත්, අජිත්ල ඒ අතින් ඉතාම ඉස්සරහින් ඉන්නව ( මට දුක හොඳම බ්ලොග්කරු සම්මානය මාතලන්ගෙන් ගන්නට තරඟයක් දෙන්න එකෙක් තවම නැති වීමයි ).

    යම් උත්සවයක් සංවිධානය කරනව කියන්නෙ පහසු වැඩක් නෙමෙයි. විශේශයෙන්ම වෙන රටක ඉන්න පිරිසකට, ලංකාවෙ මෙහෙම දෙයක් කරන්න සැරසෙන එක සෑහෙන අබියෝගයක්. එහෙව් එකේ, මම දැක්ක පින්තූර, වීඩියෝ සහ ලිපි අනුව, අජිත්ල මුල් වටය ඉතාම සාර්ථකව ගොඩ දාගෙන තියෙනව. ඒ හින්ද එක එකාගෙ කුණු කතාවලට නොවැටි, නොරිදි උඹලට මේක දිගටම කරගෙන යන්න හය්ය හත්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව විතරක් නෙමෙයි, ඊළඟ පාර යම් උදව්වක් ඕනනම් කිහල්ල , පුළුවන් විදිහට කරලත් දෙන්නං.

    අවසානෙ, මේ උත්සවය නිසා මතුවෙච්චි වැදගත්ම කාරනාව ගොඩ දෙනෙක් අමතක කරල.

    ලංකා නිව්ස් වෙබ් කියන්නෙ "මරා" කාලෙ තහනම් කරල ලංකාවෙ බලන්න නොදුන් විකල්ප මාධ්‍යක්. මොවුන් අදටත් පාළකයාට විරුද්ධ පුවත් පලකරන ස්ථාවරෙන් වෙනස් වෙලා නෑ. එහෙව් අඩවියක් සංවිධානය කරන උත්සවයකට, ආන්ඩුවෙ ජනමාධ්‍ය ලේකම්, සහ රාජ්‍ය පරිපාලන ඇමති සහබාගීවීම, ආන්ඩුවෙ සම්මන්තරණ ශාලාවක් නිකම් දීමම කොයිතරම් සාධනීය, සතුටුවිය හැකි දෙයක්ද?

    අජිත්, මේ සියල්ලට ඔබට නැවත ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්....සිංහය......
      වචන ටිකට.....
      ++++++++++++++++++++++++++++++++

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මේකේ ඇත්ත දන්නේ බොහොම ටික දෙනයි.. කුප්ප අතීතයක් තිබුනා මදිවාට, අදත් අළුතෙන් ඉස්මතු වෙන එකෙකුට ඉඩක් නොදෙන කාළකන්නි ටිකක් මෙතන ඉන්නේ. උඹේ මේ පෝස්ට් එක අළුත් උන්ට කියා දුන් පාඩමක්. උඹලා වගේ බොක්කෙ එකයි හාර්ට් එකේ වෙන එකයි එකයි තියාගෙන නැති අවංකව ගුණ දොස් කියලා අපිව දිරි ගන්වපු උන් නිසා තමයි අපි අදත් රැදිලා ඉන්නේ..

      Delete
    4. මචන් හොඳම කොමෙන්ට් එක. උඹල වගේ එවුන් ඉන්න නිසා සල්ලි ගියා වුනත් හිතට සනීපයි බං. අද මායි චන්දීමයි එකතු වෙලා ගණන් හදල බලනවා. මගේ ටිකට් එක නම් දුමියා ගෙව්වා. අනිත් ඒවාට අතින් කයිට් වුනත් ඊළඟ එකට දැම්ම sponsor ල වැහි වැහැල. ඒක හරි හොඳයිනේ.

      Delete
  9. මේ "නෙළුැම්" යාය සම්මාන සංකල්පය ගෙනා, සංවිධානය කළ අජිත් ධරමාට මගේ ආචාරය.
    ත්‍යාග, සම්මාන සහතික ලැබූ මාතලන් ඇතුළු සියළු දෙනාට මගේ සුභ පැතුම්!
    අර නාලක ගේ, පැරා ගේ කතා අහන්න ආසයි. නාලක ලන්ඩන්වල දී කළ කතාවක ස්ලයිඩ් ෂෝ එක දැක්කා ලඟදී ඔහු ගේ බ්ලොග් එකේ.
    තෑගි දිනපු අයට කතා කරන් ලැබුණේ නැද්ද අර ඔස්කාර් වල දී වගේ?
    අසෙනිය කුසුම එකේ දී නං එහෙම අවස්ථාවක් දුන්නා මතකයි.

    අය වොයිස් රෙකේඩර් එකේ කතාව මොකක්ද හැබෑටම?

    ReplyDelete
    Replies
    1. නෙළුම් යායට ස්තූතියි!
      Details Created on Saturday, 28 March 2015 09:48 Category: සාමාන්‍ය





      පසුගිය නව වන දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සම්මන්ත්‍රණ ශාලාවේ දී මා හට අයත් හඩ පටිගතකරන යන්ත්‍රය අස්ථානගත විය. (මා හට එය අමතක විය) නමුඳු එම උපකරණය අදාළ සාකච්ඡා මේසය මත තිබෙනු ගරු අමාත්‍යයතුමාගේ මාධ්‍යය සම්බන්ධීකරණ ගරු ලේකම් රනිල් අහංගම මහතා ද දැක තිබිණ. එහෙත් අතපසු වී හෝ එය තමා සන්තක කරගත් මාධ්‍යෙව්දියා, මාධ්‍යයවේදිනිය හෝ කණ්ඩායම යුතුකමක් ලෙස හෝ සලකා එය මාවෙත ආපසු ලබා නොදුණි.

      අනතුරුව ය, සතියකින් ඉක්බිති මම මේ සම්බන්ධයෙන් මුහුණු පොත හරහා මගේ හිතවතුන් සහ මිත්‍රයන් මෙන්ම සියලු මාධ්‍යයන් දැනුවත් කළේ. එහෙත් මේ වන විටත් ඒ පිළිබඳ හෝඩ්වාවක් හෝ නොමැත. මේ අතරතුර ය නෙළුම්යාය සහෘද සංසදය මගින් සංවිධානය කරන ලද බ්ලොග් සම්මාන උළෙල සඳහා මා ඇරයුම් ලබන්නේ. ඒ මොහොතේ සැබෑ ආශ්චර්යයක් සිදුවිය. මා පත්ව ඇති අසීරුතාව වටහාගත් එම සංවිධායකයෝ මා හට නවතම සෝනි වර්ගයේ හඩ පටිගතකරන යන්ත්‍රයක් පරිත්‍යාග කළෝ ය.

      ලංකාවේ කිසිඳු පුද්ගලයෙක්, සංවිධානයක් මගේ අපහසුතාව තේරුම් නොගෙන සිටිය දි දැනට ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන lankanewsweb ආයතනයේ සහෘද පිරිස සහ නෙළුම් යාය සහෘද කැල මා වෙනුවෙන් කළ එම පරිත්‍යාගයට මගේ හද පිරි ස්තුතිය පිරිනමන්ට මෙය අවස්ථාවක් කර ගන්නෙමි.

      ජයසිරි අලවත්ත විසිනි

      LNW

      Delete
    2. ස්තූතියි කතා. කතා තමයි මාතලන් කියලා එකෙක් හැදුවේ. ඒකේ ගෞරවය කිසි දිනක නැති වෙන්නේ නැති එකක්.

      මටත් වෙනම කතාවක් දුන්නා. මම ඒක ප්‍රතික්ෂේප කලා. ඒ නැතත් සම්මාන ගන්න වෙලාවේ කතා කරන්න දුන්නා නම් මාතලන් කියන්නේ ටැන්කූ කියලා විතරයි.

      අර කතා සමහර විට බ්ලොග් පෝස්ට් විදියට එයි..

      Delete
    3. වීඩියෝ ක්ලිප් දෙකක් තදේ‍රනවා යුටිටුබ් එකේ, Just search for Nelum Yaya.

      මං දැන ගෙන හිටියේ නැති වුනාට ලයිව් තිබිලා තියෙනවා. ඒ ගැන අජිත් එක්ක කමෙන්ටුවලින් කතා බහක් ඇති වුනාට, පසුව ෆලෝ කරන්න අමතක වුණා.

      යුටියුබ් මුල් කොටසේ වොයිස් ඇත්තෙම නෑ. අජිත් ධර්මා ගේ මයිම් විතරයි!

      සම්මාන දීම, කරු ජය ගේ කතාව, නාලක සහ පැරා ගේ කතා අමාරුවෙන් ඇහුවා.

      අජිත් (APJ) කියපු කතාව ගැනත්, මේ සම්මාන ගැනත් මං ලිපි ලියන්නයි ඉන්නේ කලේ පැන් නැවත රහ වුණු විගස.

      Delete
    4. live වැඩේ හරි ගියේ නැහැ. මගේ කතාව හරියට පටිගත වෙලා නැහැ. වීඩියෝව දාන්න බලනවා.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. බ්ලොග දියුණු වේවා ..
    නාමය ලොව රැඳේවා ..
    පෝස්ට් වැඩි වේවා ..
    දිනෙන් දින මාතා දිනේවා ...

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ඔටු පැටික්කි...

      Delete
  12. බ්ලොග් කියව කියව ඉඳලා ආසාව වැඩි වෙලා බොගක් අටව ගත්තෙ මාතලං අයියගෙ පාඩම් වලට පිං සිද්ධ වෙන්න. ඉතිං සම්මනෙ ගන්න වෙලාවෙ අප්පුඩියක් ගහන්න බැරි උන එක ගැන මෙව්වා වෙනවා..
    අජිත් අයියා ඇතුලු පිරිසටත් සහභාගී වූ සැමටත්,බ්ලොග් ප්‍රවීනයන් ඇතුලු බ්ලොග් කරුවන්ටත් නවකයෙක් වශයෙන් ආචාරය පුදනවා..!! ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ලබ්බා.. උඹත් අළුතෙන් මතු වෙච්චි මිනි කැටයක්.

      Delete
  13. වෙබ් අවකාශය තුළ ඇති බ්ලොග් අවකාශයේ අප්ඩේට් වන හොදම...බ්ලොග් අඩවියක්(අනිත් ඵව්වා කඩ්ඩෙන් තියෙන්නෙ ) වන මාතලන්ගේ බ්ලොග් අඩවියට මොකක්ද ඵහෙකින් හොදම බ්ලොගට හිමි ඵ් සම්මානය ලැබීම ගැන බලවත් ප්‍රීතියට පත්වන අතර මාතයාට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.....

    ReplyDelete
    Replies
    1. ඉල්ලලා ගත්ත එකක් නොවන නිසා.. මටත් සතුටුයි...

      Delete
  14. මාතලන් හා අනිකුත් සම්මානලාභීන්ට මගේ සුබ පැතුම්
    අජිත් ධර්මකීර්තිට මගේ ආචාරය.

    අජිත් කුමාරසිරි මුලින්ම එදා අහනකොට තිගැස්මක් ඇතිවුනා. හරියට මාතලන්ගේ පෝස්ටෙකක් මුලින්ම කියවන කොට වගේ. පස්සෙ තමා හිතුනෙ ඇඩික්ට් වෙන්න පුලුවන් කියල.
    මාතලන්ගේ පෝස්ට් එකකට කනපැලෙන්න මියුසික් දාල කෑගහල කිව්වොත් කෙලින්ම අජිත් කුමාරසිරි තමයි. රැඩිකල් බ්ලොග් වගේම මට ශ්‍රීලන්කන් රැඩිකල් මියුසිකුත් මාතලන් කියල දීම ගැන ස්තුතිය.

    අර පාටි එකේදි අජිත් K ගෙ සින්දුවක් කිව්වෙ නැතුව ඇති? අජිත් Dට මැරයින් ඩ්‍රයිව් එකේ තමයි නිදාගන්න වෙන්නෙ එහෙනම්

    ReplyDelete
    Replies
    1. එතෙන්දිත් හාඩ් රොක් සින්දුවක් මාත කිවුවනම් අනිවා මම පනිනව එතනින්ම මූදට, එතන අප්සෙට් වෙච්ච කණ හරියන්න මම අමුවෙන් දෙකක් දැම්ම. බොරු මොකටද ?

      Delete
    2. ප්‍රා ජේ ……

      ඔබට සුභ උපන්දිනයක් …… !!!!!!

      Delete
    3. ටැන්කු ප්‍රා...

      බ්ලොග් අජියා කලින්ම කිව්වා නේ සින්දු කියන්න බෑ කියලා... නැත්නම් ඉතින් රොක් අජියගේ කෙසේ වෙතත් ඇන්ටන් ජෝන්ස් එකක් ගහන්න තිබුනා.. පට්ට ආතල් එකක් ගත්තා එදා...

      Delete
  15. මාතලන් ... " හොඳම බ්ලොග්කරු " සම්මානය වෙනුවන් හෘදයාංගම සුභ පැතුම් ....!

    තව තවත් ඉදිරියටම යමු .. ජය වේවා ...!

    ReplyDelete
  16. හතරවෙනි පාරටද කොහෙද නැවතත් සුබපැතුම් මාතෙ. මං උඹට සුබ පත පතා පස්සෙං එනවා. උඹ වෙන පෝස්ටුවක් දාලා දුවනවා. පරණ චිත්‍රපටි සින්දුවල වගේ. හැක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි මධු මාධවීයේ...

      Delete
    2. මධු මාධවීය යි සහකාරයා වයි ඊළඟ එකටවත් ගෙන්න ගමු.

      Delete
  17. පතමි සුබපැතුම් නැවත වාරයක්
    තුති පුදමි නෙලුම් මල් යායටත්..

    ReplyDelete
  18. සුබ පැතුම් සමග සවිස්තර වාර්තාවට බොහොම ස්තුතියි.

    ReplyDelete
  19. හොඳම බ්ලොග්කරු සම්මානය වෙනුවන් සුභ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. හයි මෙයා මොකෝ ඔයා
      මට නමකින් එන්න කියා
      චන්ඩි පාට දැම්මේ ඔයාමෙයා
      මෙන්න ඔයත් පොන්න වෙලා

      අවසර මහරජු මාතලන් තුමා
      අපි පොන්නයි තමයි මෙයා
      කුණුහරුපෙන් රස කතා ලියා
      ඒ සම්මානෙයි ගත්තේ ඔයා

      අනේ ඇත්තට ජම්බෝලේ වගේ ඔයා
      රෙදි නැතිවම වේදිකාවට නැග්ග නිසා
      ඇස බි ඇමති වගේමයි ඔබතුමාත් මෙයා
      අපොයි රාජකීය සායම කලිසමේ ගියා

      මොනාවුනත් උඹ කැලණියේ රට දකුණේ එකා
      මොකක්ද ලබ්බක් වේදිකාවේ නැග ගත්ත නිසා
      පොන්න අපි ගැනත් ඉඳහිට ලියයි මේ රතු පිම්පියා
      තනමල්විල නෙලනා මලින් පුදනවා මාතලන් තුමා

      මකනේ නැතිව දාපන් මේක මම පොන්න පියා

      Delete
    2. අනේ පව්...... කොන්ද පන නැති මැක්කා.............

      Delete
    3. අනේ අපොයි.... කොන්දක් නැති බව මැක්කාට .....
      දන්නේ අදනේ මේ ගොන් ශ්‍රීනා කියනා කලට ///////

      Delete
    4. පව් අහින්සකයා.... සෑහෙන්න මහන්සි වෙනවා වගෙ.... පොඩි එකාගෙ ආසාවනේ.... ඔන්න ඔහෙ තව ටිකක් කෙඳිරි ගාපන් බන්. උබ ඔහොම කෙඳිරි ගාද්දි මට තව ලියන්න හිතෙනවා... උඹවත් මන් ගැන හොයල බලනවනේ...... තැංකූ මක්කෝ............

      Delete
    5. ටැන්කූ ශ්‍රීනාත්.....

      ඒ වගේම දිවා රෑ නොබලා මාතලන් වෙනුවෙන් කැපවී සිටින ඇනෝ ගොනෝ.. උඹටත් ටැන්කූ..

      Delete
  20. මාතලං බොස්

    හොඳම බ්ලොග්කරු සම්මානෙට මේං මගෙ රෙෂ්පට් එක එකෙන්ම !!

    නෙලුං යායට ජය වේවා..

    ඉෂ්ටේජ් එකේ බෑන්ඩ් එක දැක්කම ඉහිලුං නැතුව ගියා බොසා.. චැහ් .. :D

    ReplyDelete
    Replies
    1. ඒනං මෙන්න ටැන්කූ සැලූට් එක දැම්මා මලේ...

      Delete
  21. මාතෙ අයියා හමුවීමට අවස්ථාවක් උදාවීම ගැන ගොඩක් සතුටුයි. මට මාතෙ අයියා එක්ක වැඩිය කතා කිරීමට නොහැකි වුවත් කතා කරපු ටික බොක්කෙන්ම කතා කල බවක් හැඟුණා. මේ මාස කීපයේම වගේ මාතෙ අයිය දේශපාලන පොස්ට් දැම්ම නිසා කමෙන්ට් කිරීමෙන් වැලකී පොස්ට් එක කියවා යාම පමණක් සිදු කිරීමට තීරණය කළා :D.
    හොඳම බ්ලොග්කරු සම්මානය ලැබීම ගැන සුභ පතනවා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දේශපාළණයෙන් තොර ළොවක් නෑ කියලා එදත් ඔප්පු උනා නේ...

      උඹේ ගායනයත් දිලා ගේ රචනයත් ඉස්තරන්...

      Delete
  22. :D
    (මේක ආවෙමි, බැලුවෙමි කියන්න දාන කොමෙන්ට් එකක් හොදේ)

    ReplyDelete
    Replies
    1. :)

      - (ඔය තන් තෝසයි වඩෙයි කියන එක හොඳේ..)

      Delete
  23. සුභ පැතුම් මාතා...... බොක්කෙන්ම ...... සුදුස්සාට ලැබුණ ඒක ගැන පට්ට සතුටුයි.......... ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... කවි ලියන රෙජිමයටම...

      Delete
  24. සමහර අය බාහිරින් අදුන ගන්න අමාරුයි..යතාර්ථය තේරුම් ගන්ඩ බැ....හැමදාම ප්‍රතිපත්ති රකින මිනිහ හරියි කියල කියන්න පුළුවන්ද...එහෙනම් ඒ මිනිහ කරන කියන හැම දේම නිවැරැදි වෙන්න ඕනෙ....මං හිතන්නෑ ඒ වගේ මිනිස්සු ඉන්නවාය කියල....
    තව එකක් මොන ජගතෙක් උනත් හැගීම්බර මිනිහෙකුට ඇරෙන්න මෙහෙම ලියන්න බෑ......
    වර්ණනා අනවශ්‍යයි......ගත්තු කුසලානෙට නෙමේ ගත්තු මාතයියට මගේ උපහාරය

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් කෙදිනක හෝ මිය යන පෘතග්ජන මිනිස්සුනේ බං...

      ටැන්කූ බොක්කෝ සුභ පැතුමට...

      Delete
  25. උඹ ඇතුළු සම්මාන ලාභී සියලු දෙනාටම මගේ සුභ පැතුම්...

    ඉවෙන්ට් එකක් ඔර්ගනයිස් කරන්න තියෙන අමාරුව නොදන්න එකෙක් නෙමෙයි මමත්. ඒ සම්බන්ධව ඔවුන් හට ප්‍රණාමය පුද කරනවා.

    නමුත් එහි වූ දේශපාලනික මුහුණුවර සහ බලාපොරොත්තු නොවූ සිදුවීම් නිසා මම කලින් යන්න තීරණය කලා.

    මට මගේ දේශපාලනයක් තියෙනවා, නමුත් මම බ්ලොගේ දේශපාලනය කරන්නේ නැහැ. එහෙම කරන උඹලට වැරදියි කියන්නෙත් නැහැ.
    නමුත් ඒ සම්මාන උළෙල දේශපාලන ලඝු වීමකට ලක්වෙලා තිබුන ගතියක් මට තේරුම් ගියා.
    මමනම් බලාපොරොත්තු උනේ අඩු කතා කාලයක්, වැඩි කාලයක් අපි අපිට කතා කරන්න අපිට අනිත් උන්ව හඳුනාගන්න තියේවි කියල.
    අන්තිමට මයික් එක ගාවින් යන උනුත් කතා කරන්න ගත්තු එකෙක් පස්සේ මම තීරණය කලා නැගිටලා යන්න...

    අර උඹ මගේ බ්ලොගේ කිව්වා වගේ ආයේ සෙට් වෙනවනම් සයිබර් ෆෙස්ටිවල් එකකදී වගේ සෙට් වෙමු...

    ReplyDelete
    Replies
    1. එතන් කිසිම දේශපාළණයක් තිබුනේ නෑ. කරුවල ජයසූරිය මහත්තයා ආවා ගියා. අනික ඒ ස්ථානය නොමිළේ ලැබුනේ මාධ්‍ය අමාත්‍යශයේ ලේඛම් කරුණාරත්න පරණවිතානත් බ්ලොග් රචකයෙක්. එය අපිට ගෞරවයක්. සියල්ල දකින්නේ නැතුව දැකපු සුළු දෙයින් සියල්ල මනින්න ගියාම ඔහොම වෙනවා. කරූගේ පැමිණීම හා බන්ධුලගේ කතාව හැර එතන සිඳුවූ සියල්ලම රැඩිකල්. කොටින්ම බන්ධුල නානායක්කාරවසම්ගේ සාම්ප්‍රදායික් ඉල්ලීම මාධ්‍ය අමාත්‍යශයේ ලේඛම් ඔහු ඉදිරියේම ප්‍රතික්ෂේප කලා. මේ කිසිවක් නොදැක, ඔබ කරනා විවේචනය සාධාරන නෑ, කිසි සේත්ම.

      ඒක හරියට සම හරක් පෝස්ට් එක නොකියවා කොමෙන්ට්ස් දැමිල්ල වගේමයි. කිසිඳු වෙනසක් නෑ...

      Delete
    2. මම ඉන්නකල් සිදුවූ කරුණු බහුතරයක් මා හටනම් අවුල්ය... උඹලට සම්මාන දීපු එක සහ පරණවිතාන මහතාගේ කතාවේ බහුතර කොටසක් ඇරෙන්න. සුළුතරයකට ඔහුත් දේශපාලනය ගා ගත්තා.
      සම්මාන දීපු එකත් අවුල් කලා මීඩියා කාරයෝ සහ උන්ගේ පුකවල්.
      ඊට පස්සේ අර පෙන්දා සහ විකාර නාඩගම...
      ඊටත් පස්සේ කරුවල ගේ පැමිණීම සහ කතාව, ඊට පස්සේ වැට අස්සෙන් දෙක පුන්න ආපු වොයිස් රෙකෝඩින් කාරයා...
      ඒ අවුල් වලින් පස්සේ තවත් ඉන්න හිතුනේ නැහැ
      අනිත් එක ඉවෙන්ට් එක තියන්න ප්ලෑන් කරලා තිබ්බේ 02:00 ඉඳල 06:00 දක්වා.
      මම පරක්කු වෙලා ආවට මම ආවට පස්සේ තමයි කතා පටන් ගත්තේ...
      ඒ වගේම මම 05:45 වෙනකල් හිටියා.

      කරුණු කාරණා ගිය විදිහට ඉතුරු ටික කීයට ඉවර වෙයිද කියන සැකයත් හිතට ආපු නිසා සහ අපුල නිසා උඹල කියන හොඳ ටික බලන්න ඉන්න බැරි උනා.

      ඒක ඔය සමහර චිත්‍රපටි වගේ. පටන් ගැන්ම අවුල්... අන්තිමට හොඳලු.
      ඒත් මුලින්ම එපාවෙලා TV එක off කරලා දාන එකාට අන්තිමට තියෙන හොඳ පොඩ්ඩ බලන්න වෙන්නෙ නැහැ...
      එතැනදී ෆිල්ම් එක හදපු එකාගෙ සහ බාගෙට බලපු එකා යන දෙන්නටම ඇඟිල්ල දික් කරන්න පුළුවන්.
      කරුණක් විදිහට ගත්තම දෙන්නම හරි... ඒ වගේම දෙන්නම වැරදියි...

      නමුත් වැඩකට නැති ෆිල්ම් එකක් බලන්න කාලය නාස්ති කරන එක අපරාදේ කියල නවත්තල දාන ප්‍රේක්ෂකයා එසේ කරන්නේ අඩු ගානේ තමන්ගේ කාලය හරි ඉතුරු කර ගන්න බලාගෙන.

      Delete
    3. අපරාදේ ආවේ... ලංකාව ගැනයි ළෝකය ගැනයි තව බොහෝ දේ ඉගෙන ගත්තාම.. ඔය උන නැති වෙනවා.. ඕවා අපිටත් තිබුන කාළයක් තිබුනා.. නමුත් ඒ බොහොම සුළු කාළයයි.. සිස්ටම් එකේම ඉඳගෙන සිස්ටම් එක වෙනස් කරන එක ලේසියි..

      Delete
    4. ඒ උඹ හිතන හැටි, මම කිව්වේ මම හිතන හැටි...
      රට ලෝකය කෙසේ වෙතත් මිනිසුන්ගේ විවිධාකාර බවත් පොඩ්ඩක් හොයල බලල ඉගෙන ගැනීම අපතේ යන එකක් නැහැ...

      Delete
    5. එහෙන්ම්.. ඒක නේ මේ ළෝකේ ලස්සන.. මම උඹලා වගේ උන්ට කැමතිත් ඒකයි..

      Delete
  26. මාත් එන්නට බරිවුන කෙනෙක්නා. ඒත් උත්සවය සංවිධානය කරපු අයට මුළු හිතෙන්ම දැනුත් නමස්කාර කරනවා. මෙහි දී පවත්වන ලද කතා අන්තර්ගතයන් බ්ලොග් මගින් උඩුගැන්විය හැකිනම් ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ටෑන්ක්ස් ගුණේ... සමහර විට ඉදිරියේදි පැතුම් ඉටු වේවි...

      Delete
  27. මාතලං තුමා,

    ඔබ තුමා ලැබූ ජයග්‍රහනයට ස ර ස තුමා ගේ සුබ පැතුම්.....

    මහින්ද තුමා හා අප වැනි ඔහු ගේ අනුගාමිකයන් හට තදින් පහරදීමට තවත් ශක්තිය හා දහිරිය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ටැන්කූ සා රස..

      පේන්නේ මහින්දට විතරක් වීම ගැන කනගාටු වෙමි.. විෂන් කෙයාර් එකෙන් පොඩ්ඩක් ඇස් චෙක්කර ගනින්.. අමුතුම ද්‍රශ්‍යාබාධිත තත්වයක් ඇත්තේ...

      Delete
  28. රොක් අජිත්ගේ සිංදු රස වින්දා වගේම එළියෙදි සුවනියර් එකේ අස්සමකුත් ගස්ස ගත්ත. මං නං හෙන කැමතියි බුවාට. මං දැක්ක මාතලන් සහෝදරයත් ඔලුව වන වන අහනවා...

    ReplyDelete
    Replies
    1. කොහෛද පුතේ පඩංගුවක් ඵළානද හිටියේ....අපරාදේ පඩංගු‍වේම අස්සමක් ගහගන්න තිබුනේ....

      Delete
    2. මගේ ෆේවරිට් බං.. අදටත් ලයිව් බෑන්ඩ් එකක් ගහනවා දැක්කොත් නවත්තලා පොඩි ඩාන්ස් එකක් දාලා එන පොරක් බං මම. මට නම් ජීවීතය කියන්නේ ඒක.

      දැන් නම් ප්‍රොෆයිල් පික්චර් එක පට්ට..

      දැන් කෑලි එහෙම සෙට් වෙන කොට, අර මූණ කචල්, මෙලෝ හුත්තක් රහට ලියන්න බැරි, උඹට පබ්ලිසිටි දෙන කාළකන්නින්ගේ පපු පැලෙයි බං...

      Delete
    3. ඇනෝ ක්මෙන්ට් එක වැරදිලා ෆ්‍රොෆයිල් එකෙන් වැටිල නේද ලොක්ක?

      Delete
    4. 6.08 a.m කමෙන්ට් එක. කමෙන්ට් එක දාද්දිම මේ මාතලනුත් රින්ගලනෙ

      Delete
  29. මාතලන්ට මගේ උණුසුම් සුභ පැතුම්
    ඒ වගේම අජිත් ධර්මකීර්ති බ්ලොග්කලාවට කරන සේවය ගැන ඔහුට ස්තුති කරනවා
    අජිත් පැරකුම් ගෙ සහභාගිත්වයත් ලොකු හයියක්. රාජ්‍ය අනුග්‍රහය ගැනත් සතුටුයි.
    පාඨකයාත් සජීවීව සම්බන්ධවන සුවිශේෂ මාධ්‍ය කලාවක් වන බ්ලොග්කලාව රටේ ප්‍රබල මාධ්‍යක් වේවි. ඒ වගේම බ්ලොග්කරුවන්ට අනෙක් මාධ්‍ය වේදීන්ට ලැබෙන වරප්‍රසාද ලැබෙන්න ඕන. මේ වරප්‍රසාද කතාව මම මෙතෙක් කල් කිව්ව නෑ. ඒකට තවම කාලය නෙමේ කියල හිතුන නිසා. හැබැයි නෙළුම්යාය නිසා මගෙ ඒ අදහස වෙනස් වුනා. පුරවැසි මාධ්‍යවේදියා කියන්නෙ ත් මාධ්‍යවේදියෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ රාජ්‍ය වරප්‍රසාද ලැබෙන්න ඕන කියලා. එතකොට වෙන්නේ අපිටත් සම්ප්‍රදායික මාද්දිය වේදීන් වගේ එක එකාට කඩේ යන්න.. මේ නිදහස බොහෝම වටිනවා.. ඒක තහවුරු කලාම ඇති..

      කොහොම හරි කරුවල ජයසූරිය උන්නැහේ දන්නවා මම උන්නැහේ ගැන ලියලා තියෙන ඒවා..., සම්මානෙන් ගහනවා, ඔළුව පැලෙන්න..

      ස්තූතියි සුබ පැතුමට..

      Delete
  30. හැමෝටම සුභපැතුම්.මොනවා කරන්නද බ්ලොග් කට්ටිය සෙට් වෙනකොට එන්ඩ වෙන්නෙම නෑනේ.බලමුකෝ කවදා හරි නාකි වෙලා හරි එනවා එනවාමයි.

    ReplyDelete
    Replies
    1. බැරිම උනොත් අපායෙදි හරි සෙට් වෙන්න බැරියෑ...

      Delete
  31. හැපෝ අර රැකෝඩර් ඩෑල් එක පට්ට චාටර් ය. මටත් වැඩිපුරම හිතට ඇල්ලුවේ නාලක ගුණවර්ධන වෙඩි වගේ දුන්නු කතාව ය.

    ReplyDelete
    Replies
    1. Congratz mathalan!! ඔබ තරම් කැපවීමෙන් බ්ලොග්කරණයෙහි නියැලෙන වෙනත් බ්ලොග් කරුවන් ඇත්නම් ඒ ඉතාම අල්පයක්. ඉතින් ඒ කැපවීමට ඔයාගෙ ටැලන්ට් එකත් එකතු උනාම ඔබ විශිෂ්ඨතම සිංහල බ්ලොග්කරුවා බවට පත්වෙන්නේ නිතැතින්මයි.

      Delete
    2. ටැන්කූ බස්සි.. මම නම් ඔක්කෝටම කලින් ගිය අවුරුද්දේ හොඳම බ්ලොගර් සම්මානේ බස්සිට දුන්නේ. එහෙම අවංක චේතනාවෙන් දුන්න නිසා වෙන්න ඇති.. ඊළඟ දවසෙම මට මේ සම්මානය ලැබුනේ.

      ඇත්තටම ඌ පව්.. උන් වෙබ් සයිට් කලාට.. තාම ගෝත්‍රික මානසිකත්වයේ ඉන්න සම්ප්‍රදායික තොත්ත බබාලා.. ඌ ඒක අරගෙන බැහැලා ගියා නම් ඊට වඩා වටිනවා.. බස්සි දැක්කද දන්නේ නෑ.. දීප්ති කුමාර උගේ ත්‍රිමාන එකෙන් මූට ගහලා තිබුනා.. හැබයි සම්පූර්ණ වෙන සීන් එකකට..

      Delete
  32. කියවෙන්න ඕනේ බොහෝ දේ කියවිලා තියෙනවා. මගේ සිත් නොගත්ත එකම දේ තමයි මේක න්‍යාය පත්‍රයෙන් මදක් හෝ පිටට යෑම. මම මීටිමක වුණත් බලාපොරොත්තු වෙන දෙයක් තමයි. ආරම්බ කරන වෙලාවක්, අවසන් වෙන වෙලාවක් සහ එහි න්‍යාය පත්‍රය අනුව යෑම. කොටින්ම මම නාලක සහ අජිත්ගේ දේශණ අහන්න බලාපොරෝර්ත්තු වුණේ ඒකෙ මුල් හරියේදී. මොකද මේ ගැන දැනුවත් කරන්න දාලා තිබුණු පොස්ට් වලට අනුව එහෙම වෙයි කියලා හිතුන නිසා. මම හිතන්නේ නාලක වුනත් එහෙම හිතන්න ඇති, අජිත්ට වුනත් එපා වෙන්න ඇති තමන්ගේ වාරය මේ තරම් ප්‍රමාද වෙත්දී. මම හිතනවා ඊළඟ වතාවේ ඒවා නිවැරදි වෙයි කියලා.
    මාතලන්ට නම් එවෙලාවෙදීම සුබ පැතුවා. අනෙක් සමහර අය මට මග හැරුණා. ඒ අයට සුබ පතන්න මේක අවස්තාවක් කර ගන්නවා.

    ReplyDelete
    Replies
    1. පළවෙනි එක නේ බං.. ඒත් ලැබුන පබ්ලිසිටියම නම් එදාම ඔප්පු උනා.. අනික ඉතින් ඔක්කෝම මග ඇරෙන්න අපි ආතල් එකක් ගත්තනේ...

      Delete
  33. නෙළුම් යාය සම්මාණ උළෙලේ හොදම බ්ලොග් රචක මාතලන්ට දෙවෙනි වරටත් සුභ පැතුම්.!!!!
    බ්ලොග් වෙනුවෙන් නෙළුම් යාය මගින් කල මෙහෙවරට සහබාගීත්වයෙන් මෙයිට වැඩිය වටිනාකක් ලබා දෙන්න තිබුන බ්ලොග් කරුවන්ට.
    එදා හදුනා ගැනීම සතුටක් වගේම මම හිතුවාටත් වඩා නිහතමාණී චරිතයක්.

    ReplyDelete
    Replies
    1. මටත් උඹව හඳුනා ගන්න ලැබීම සතුටක්... නැවතත් හමුවෙමු වෙලාවක.. සොඳුරු සැඳෑවක..

      Delete
  34. හමුවීම සතුටක්!
    එක නෙමේ මේ පොටෝවල අපේ "කොළඹ ගමයා" හරියට හිටපු "ආර්ථික ඝාතක ගරු පිබි ජයසුන්දර මැතිතුමා" වගේ පේන්නේ මට විතරක්ද බං :D ?

    ReplyDelete
    Replies
    1. ඒකම පොඩියට හදපු එකක් වගේ තමා.. නයිස් ටූ මීට් යූ කිව්වා...

      Delete
  35. සම්මාන හිමිව තිබෙන බ්ලොග්කරුවන් මෙසේය
    2014 වසරේ හොඳම බ්ලොග් කරු – මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
    බ්ලොගය: http://maathalan.blogspot.co.uk/
    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – ප්‍රථම ස්ථානය – බට්ටි
    දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -
    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි
    බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
    http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html
    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – තුන්වන ස්ථානය – ගිං ගඟත් අසරණයි – දිලාගේ ලෝකය
    දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html
    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය – ප්‍රථම ස්ථානය -
    ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html
    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය – නිල් කට්රොල් මල් – රවී වීරසිංහ
    http://ranrandil.blogspot.co.uk/2014/12/294.html
    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය – කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා – ප්‍රගීත් අනුරාධ http://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

    මේ විදිහට blogspot.co.uk වලින් ඉවර වෙන බ්ලොග් විතරද මේකට තෝරගත්තේ?

    ReplyDelete
    Replies
    1. ඔයා මාර පව් අනේ.. නමෙන් ගමෙන් ඇහුවා නම් කියලා දෙන්න තිබුනා...

      Delete
    2. මෝඩ මනුස්සයෙක් මට මේක ලියල එවල. අනේ කවුරුහරි එයාට කියල දෙන්න.

      Delete
    3. නොදන්නා අයෙකුට හිනා වීම හොඳ නැත. එනිසා පහදා දෙමි.

      ළමයෝ, ඔය සෑම බ්ලොග් ලිපිනයේ ම අගට .uk තියෙන්නේ ඒවා UK හි සිට කියවන වෙලේ ලිපිනයන් උපුටා ගෙන ඇති නිසාය. 
      මා ඒවා කියවන විට අගට .com.au එකතු වේ 
      ඒ ගූගල්කාරයා තම වෙබ් සර්වර්ස් සෙට් කර ඇති ආකාරයයි.

      Delete
  36. ඔහෙලට මේවා ගේ එව්වා හම්බෙන එක ගැන හොරාට ඇවිල්ලා කියවලා විතරක් යන අපි වගේ එව්වන්ටත් සතුටුයි ඈ...

    අනික රොක් අජිත් මාත් හෙන කැමති බුවෙක්...

    ReplyDelete
    Replies
    1. අනික් අජියලත් ඒ වගේම තමා...

      Delete
  37. මාතේ මගේ හෘදයාංගම සුභාශීංෂණ..! :)
    තවතවත් සම්මානයට පාත්‍රවන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..
    ඒ වගේම නෙළුම්යායේ අජිත් ධර්මටත් ස්තූතිවන්ත විය යුතුයිමෙවන් කටයුත්තක් සංවිධානය කිරීම සහ එමගින් බ්ලොග් රචකයන් දිරිමත් කිරීම ගැන.
    අධික කාර්යබහුලත්වය නිසා පැමිණීමට නම් නොහැකිවීම ගැන කණගාටුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. තනියෝ...

      Delete
  38. මේකට නං දාන්න වෙන්නෙ කියෙව්වා කියල කමෙන්ට් එකක් විතරයි... ( වෙනදට නං ඔය මාතලන් ලියන සමහර පෝස්ට් වලට අනේ මුට කිව්වට වැඩක් නෑ කියල හිතල කමෙන්ට් නොදා යන වෙලාවලුත් තියෙනවනෙ... හි හි.... )

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අම්මලා තාත්තලා තියා ගුරුවරුන්ටත් ඉහළ නිළධාරින්ටත් හදන්න බැරි වෙච්චි එකා ඔහේලට හදන්න පුළුවන්ය.. හී.... හී...

      Delete
  39. මගේ හෘදයාංගම සුභපැතුම් මාතෙ. ඔබගේ මැදිහත් විචාර අගය කරන අතර සමාජයට දෙන විවරනය අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඕක තේරුම් ගත්ත උන් අඩුයි බං...ටැන්කූ මචෝ...

      Delete
  40. මාතලන් මහතා,
    මමත් එදා එන්නයි හිතාගෙන හිටියෙ. අලි ඇවිත් විනාශ කරන නිසා කුඹුරු වල ගොයම් කපන එක එදිනම කලයුතු යයි ගොවියෝ තීරණය කල නිසාවෙන් මට බෙලිහුල් ඔය කන්ද පාමුල ගමකට යන්න යෙදුනා. ඒක තමයි නිදහසට කාරානය.
    ඔබට සම්මානයක් ලැබීම ගැන මගේ සතුට මෙයින් ප්‍රකාශ කරමි.
    හැබැයි රජෝ ඔබව නිර්දේශ කල තැනක මම හිටියා නම් කීයටවත් ඔබේ නම නම් නිර්දේශ කරන්නේ නැහැ. ඒකට හේතු
    1.කුණු රසය මතුවන කුණුහරුප වදන් භාවිතා කිරීම.
    2. මත් වතුර පානයේ අරුමය ගැන අහිශයෝක්තියෙන් වර්ණනා කිරීම
    3.බාගෙට ධර්මය දැනගෙන බුදුසසුනට අවමන් කිරීම

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. අපරාදේ ආවනම් සෙට් වෙන්න තිබුනා.... අපි නම් එදා නිවන් දැක්කා...

      Delete
  41. මාතලන් මහතා,
    මමත් එදා එන්නයි හිතාගෙන හිටියෙ. අලි ඇවිත් විනාශ කරන නිසා කුඹුරු වල ගොයම් කපන එක එදිනම කලයුතු යයි ගොවියෝ තීරණය කල නිසාවෙන් මට බෙලිහුල් ඔය කන්ද පාමුල ගමකට යන්න යෙදුනා. ඒක තමයි නිදහසට කාරානය.
    ඔබට සම්මානයක් ලැබීම ගැන මගේ සතුට මෙයින් ප්‍රකාශ කරමි.
    හැබැයි රජෝ ඔබව නිර්දේශ කල තැනක මම හිටියා නම් කීයටවත් ඔබේ නම නම් නිර්දේශ කරන්නේ නැහැ. ඒකට හේතු
    1.කුණු රසය මතුවන කුණුහරුප වදන් භාවිතා කිරීම.
    2. මත් වතුර පානයේ අරුමය ගැන අහිශයෝක්තියෙන් වර්ණනා කිරීම
    3.බාගෙට ධර්මය දැනගෙන බුදුසසුනට අවමන් කිරීම

    සමරසේකර

    ReplyDelete
  42. සම්මාන ගත්තු හැම බ්ෙලාග් ඒකක්ම ඒකම කල්ලයක ඒ්වා බව පහත ෙද්වල්වලින් පැහැදිලියි. ඔක්ෙකා්ම බ්ෙලාග්
    blogspot.co.uk ඒවා. අෙන් කාෙල් වෙන් වාෙස් කිව්වලු.

    2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
    බ්ලොගය: http://maathalan.blogspot.co.uk/

    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
    දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි

    බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
    http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html

    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය

    දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html

    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය - ප්‍රථම ස්ථානය -

    ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html

    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය - නිල් කට්රොල් මල් - රවී වීරසිංහ
    http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධhttp://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. නොදන්නා අයෙකුට හිනා වීම හොඳ නැත. එනිසා පහදා දෙමි.

      ළමයෝ, ඔය සෑම බ්ලොග් ලිපිනයේ ම අගට .uk තියෙන්නේ ඒවා UK හි සිට කියවන වෙලේ ලිපිනයන් උපුටා ගෙන ඇති නිසාය.
      මා ඒවා කියවන විට අගට .com.au එකතු වේ
      ඒ ගූගල්කාරයා තම වෙබ් සර්වර්ස් සෙට් කර ඇති ආකාරයයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න