.

.

Mar 10, 2015

එජාපයද අශූචී කන්දකි.... - UNP also in the same Boat..


මාතලන්ගේ අසල්වැසි බහුතරය කැපුවත් කොළ පාට උන්ය. උන් මේ දවස්වල කියන පට්ට ජෝක් එකක් තියෙනවාය. උන් කියන්නේ අලි පාටියේ උන් හොරුන් හොයන්නේ ගේම් දෙන්න නොව, මාට්ටු වෙන්නේ නැතිව හොරකම් කරන්නේ කොහොමද කියලා, හොරුන්ගෙන් ඉගෙන ගන්නය කියලාය. උන් කියනා ආකාරයට අල්විස් කොමිසමේ, රහස් පොලීසියේ, "අපරාධ මූලස්ථානේ" සාක්කි දෙන උන්ගෙන්, යූ ඇන් පි කාරයෝ හොරකම් කරනා හැටි ඉගෙන ගන්නවාය. ඒ අනාගතේ හොරකම් කරන්නටය.

අම්මපා කතාව සහතිකම ඇත්තය. ඒත් අරුන් වාගේ මුන්ට හොර වැඩක් වත් කරන්න බැරි බව අද ඔප්පු වෙලා හමාරය. ඒ කාළේ හොරකම් කළේ නොම්මර එකේ ඉන්ටර්නැෂනල් හොරෙක් එක්කය. අද හොරකම් කොරන්න වෙලා තියෙන්නේ, යහ පාළණයක් ගෙනියන එකෙක් එක්කය. ඒ හොරා දීපු ගේම් ඉන්ටර්පෝල් එකේ උන්ට තියා, ළෝක බැංකුවේ ළෝක හොරු අල්ලන උන්ටත් අල්ලන්න බැරිය. අවුරුදු නමයක් තිස්සේ මේ රට විනාශ කළ කම්බ හොරුන් ආන්ඩුවට කින්ඩිය දාන්නේ, "අනේ ඉතින් අල්ලලා කරන්න පුළුවන් දෙයක් කොරහන්කෝ..." කියලාය.

ආන්ඩුවේ වැඩ බැරි දාසලා දැන් කියන්නේ, එයාලා හොරු අල්ලනවා කියා පොරොන්දුවක් දුන්නේ නැතෙයිය, හොරුන්ට විරුද්ධව ක්‍රියා කොරනවා කියල නම් කිවැයි කියාය. සම හරක් විට ඒ උත්තමයෝ කොරන්නේ ඒක වෙන්න ඇතිය. කොහොමත් නැව් ගිල්ල හොරුන්ට, නැව් වල අවි ගබඩා තියාගෙන, ඒවා මුහුදු මංකොල්ලකාරයන්ට, ත්‍රස්ථවාදීන්ට, මෙන්ම එක එක රටවලටත් විකුණපු පට්ට හොරු සියල්ලන්ම, මේ රජයේ යටතේත් කිසි අවුලක් නැතිව අගේට ඉන්නවා පමණක් නොව, මේ ආන්ඩුව යටතේත් නීතී විරෝධි ගේම් එහෙමම කොන්ටිනීව්ත් කොරනවාය. ඒකේ අයිති කාරයා රනිල් වික්‍රමසිංහගේ අයියාගේ චැනල් එකේ ඉන්ගිලිස් "ජනහඬ" එකට ඇවිත්, පොර ටෝකුත් දෙනවාය.  රුවන් විජේවර්ධනලා, ලක්ෂ්මන් කිරිපල්ලලා, විජේදාස රාජපක්ෂලා එයාලාට කැරෙක්ටොර් සැටිපිකටුත් දෙනවාය.

කෙසේ හෝ මේ රට හදන්න ඔක්කෝටම කලින් කළ යුතු දෙය නම්. මේ හොරකම් වංචා හා දූෂණයන් නැවත්වීමය. මේ රටේ දරුණු ආදායම් විශමතාවයක් ඇති වී ඇත්තේ මේ හේතුව නිසාමය. ආර්ථිකයෙන් වැඩි කොටසක් කළු සල්ලි බව ආර්ථිකය ගැන අබ මල් රේණුවක දැණුමක් ඇති උන් සියල්ලෝම දන්නවාය. සෑම එකාම සල්ලි හම්බ කරන්නේ නීතියට අනුකූලව නොවේ. රාජ්‍ය සේවය සපූර්ණයෙන්ම හොර ගුහාවකි. අධිකරණයද එසේමය. ව්‍යවස්ථාදායකයේ අති බහුතරය නොම්මර එකේ කළු කඩ බිස්නස් කාරයෝය.

කළුතර පැත්තේ බඩු කාරයෙක් කියා තමාම හඳුන්වා ගන්නා නොම්මර එකේ හොරෙක් කිව්වේ, මහ ඡන්දයට ඌ කළ වියදම රුපියල් ලක්ෂ 800 ක් කියලාය. එතකොට මේ යකා අවුරුදු පහකට ඇමති කමක් ගත්තත් නීතියානුකූලව උගේ ආදායම වනුයේ ලක්ෂ 33 කි. එතකොට ලක්ෂ 767 ක පාඩුවක් දමාගෙන මූ එන්නේ ජනතාවට සේවය කොරන්නද? ඇත්තටම මූ ජනතාවට කර තිබෙන සේවය කුමක්ද? ඇත්ත කතාව එය නොවේ. මහ උන්ගේ ආශීර්වාදයද සහිතව, දේශපාළණ බලාය යොදාගෙන තම හත්මුතු පරම්පරාවටම හරි හම්බ කර ගැනීම එකම පරමාර්තයයි.

ඌ පැමිණිමෙන් එය නතර වන්නේද නැත. හොරකම දිගටම ගෙන යාමට හා තම පරම්පරාව ඉදිරියටත් රැක ගත් යුතු බැවින්, ඊළඟට තම පුතාද දේශපාළණ්ය තුලට කැඳවා ගෙන එයි. ඒ සඳහා නියම ඉල්ලමක්, ඉන්දියාව විසින් නිශ්පාදනය කොට, මේ රටේ කම්බ හොර දේශපාළුවන්ට තෑගී දී ඇත. ඒ, එළොවටත් මෙළෝවටත් නැති, මෙළෝ රහක් නැති. පට්ට සුදු අලියෙක් උන, පලා බබාලා හා බබීලාය. හොරකම ලීගලයිස් කරණුයේ එම අවස්ථාවෙ සිටය.

ඇත්තටම බැලුවහොත්, 1994 න් පසු දේශපාළණය පවුල් කිහිපයකට සීමාවී ඇත. නමුත් සිඳු විය යුත්තේ මෙය නොවේ. වසර පහෙන් පහට පාළණය සම්පූර්ණයෙන්ම වෙනස් වන, එසේ වෙනස් වූවද, ජාතික ප්‍රතිපත්තියක් යටතේ, රට සීඝ්‍රයෙන් දියුණුව කරා ගෙන යන නැවුම් මුහුණු හා දක්ෂයන් බිහි වීමයි. එහෙත් අවුරුදු විස්සක් තිස්සේ රට විනාශ කළ උන් කිසිම ලැජ්ජාවක් නැතිව කියනුයේ, යලිත් උන්ට බලය ලබා දෙන ලෙසයි. මෙය නම් නොම්මර එකේ විහිළුවක්මය. මේ රටේ ඉන්නේ මේ ගොන්නු පමණද?

ජනතාව යහ පාළණය තුලින් පැහැදිලි වෙනසක් බලාපොරොත්තු විය. එය සුළු පටු වෙනසක් නොවේ. ජාත්‍යන්තර දේශපාළණය ගැන දැණුමක් ඇති තරුණ පරපුර විශේෂයෙන්ද, ළෝක දේශපාළණය ගැන දැණීමක් ඇති මධ්‍යස්ථ පිරිසද ඉල්ලා සිටින්නේ, සුපීරිසිඳු දේශපාළණයක් මිස මුහුණු වල වෙනසක් නොවේ. එය දියුණු රටක සමාජ ක්‍රමයට හා ජීවන ක්‍රමයට සමාන ක්‍රමයකි.

නයි ටී එන් හා රූපවාහිනි නරඹන ළිං මැඩි හරකුන්, ජැක්සන්ලා, රවින්ද්‍රලා මාලනීලා විසින් ඇන්දුවා සේ,  සෝමරත්න දිසානායකලාට, උපුල් ශාන්ත සන්නස්ගලලාට, මොහාන් රාජ් මඩවලලාට, අළුත් පරපුර ගොනාට ඇන්දවිය නොහැක. ඒ ජනමාධ්‍ය නිදහසද නොසිතු විරූ ආකරයෙන්, ලැබීම හේතු කොට ගෙනය.  උන් වීරයන් යැයි කියා උන් සිතා සිටියද, අද උන් එම ජනතාව ඉදිරියේ ජෝකරයන් වී හමාරය.

මහින්ද රාජපක්ෂ මෙන් හොරකම් හා ගේම් දීමට කිරීමට එජාපයේ උන්ට බැරි බව අද ඔප්පුවී හමාරය. මහින්දගේ කාළේ නොම්මර එකේ ගේම් දුන්, අජිත් නෙවාඩ්ලා, පී බී ජයසුන්දරලා, ගාමිණි සෙනරත්ලා, නාමල් රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා, ධම්මික පෙරේරලා, සුමල් පෙරේරලා, රවී වෙත්තසිංහලා, දිලිත් ජයවීරලා, අශෝක පතිරගේලාගේ ශුකාණුවක හෝ නැට්ටක් මුන්ට අල්ලා ගන්න බැරිය. මේ මහා පරිමාන ළෝක හොරුන් හා සැසඳු කළ, රත්තරන්ලා, විමල්ලා, අළුත්ගම්ගේලා කෙහෙල් කන් හොරුය.

එජාපයට රට පාළණ්ය කිරීමට කිසිඳු වැඩ පිලිවලක් නොතිබූ බව ඉතා පැහැදිලිය. එසේ වූවා නම් මෙසේ නාගන්නේ නැතිය. හොරු ඇල්ලිම ගැනද එසේමය. ඇවන් ගාඩ් සිද්දියෙන්, එජාපය හත් පොලේ ගාගෙන අවසානය. මහ බැංකුවේ භාන්ඩාගාර බිල්පත් සිද්දිය නිසා, එජාප පාළණය ගූ කන්දක් වී අහවරය. ජනාධිපති පත් කළ කොමිසමට, නියෝජිතයින් පත් කරන්නේ හොරාගේ අම්මාගේ මහා එකා වන, රනිල් වික්‍රමසිංහයන්ය. තුන් දෙනාම නොම්මර එකේ එජාප පාක්ෂිකයන්ය.

මහ බැංකුවේ ගණුදෙණුවට සම්බන්ධ වූ පාර්ෂවය හෙවත් මහ බැංකුවේ මහ එකාගේ  සන් ඉන් ලෝට එරෙහිව ඒ කාළේ කෑ ගහපු, රවීලා, හර්ෂලා, එරාන්ලා, අද ගලේ පැහැරූ බළලුන් මෙන්, මේ මහා වංචාව පිළිබඳ ප්‍රශ්ණ කළ විට, ගොත ගසමින් වචන එකතු කරති. ඔවුන්ගේ වොයිස් කට් තුලින්ම, ඔවුන් ගූ නාගෙන සිටිනා බව ඉතා පැහැදිලිව පෙනේ.

රවී කරුණානායක කෙසේ වතුද, හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්නයන්ලාගෙන් අප මෙවන් දෑ කිසිසේත් බලා පොරොත්තු වූයේ නම් නැත. රටේ වාසනාවකට්, චම්පික රණවකලාද, දූෂණ විරෝධි පෙරමුණේ ශිරාල් ලක්තිලකලාද, ජෙප්පන්ද මීට එරෙහිව හඬක් නැගීම, යහ පාළණ කෙරේ බලාපොරොත්තු තබා ගත් උන්ගේ වාසනාවක්මය.

රට තුල සිඳු වූයේ කිසිවකුත් අපේක්ෂා නොකල මට්ටමේ මහා විප්ලවයකි. අද එක එකා එහි අයිතිවාසිකම් සඳහා පෙනී සිටියද, ජනතා අපේක්ෂාවන් මුලින්ම වේදීකාවට ගෙන ආවේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. උන් වහන්සේගේ හඬ මහා පිපිරුමක් විය. ගල් පිළිම ලෙස උන් කම්බ හොරුන්, බොල් පිළිම බවට පත් කළේ ඒ හඬය. එය කෙතරම් දරුණු වූයේද යත්, ආන්ඩුව තුල පොන්නයන් ලෙස යුග දිවි ගෙවූ ප්‍රානින්ගේ අප්‍රානික කොට තිබූ පුරුෂ නිමිති උත්තේජනය කිරීමට සමත් විය..

විය යුත්තේ කුමක්ද? ඉතිරිය තව දුරටත්...

84 comments:

  1. රෝසි සේනානයකට කරන්න වැඩක් තියෙනවා
    ජෙයකුමාරි බාලේන්ද්‍රන් කියන පිස්සු ගෑනි ඇපපිට එලියට ඇවිත් දැන් එයාගෙ දුව ඉන්නේ එයා ලඟ
    ඔය ගෑණි ඒකිගේ ලමයි තුන්දෙනෙක්වම විනාශ කලා
    ඕකි අම්මා කෙනෙක් වෙන්න සුදුසු නෑ
    ලමා කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙලා ඕකිගේ දුව ඕකිගෙන් වෙන්කල යුතුයි නැත්නම් ඒ දරුවත් විනාශ වෙයි.

    ReplyDelete
    Replies
    1. ජෙයකුමාරි බාලේන්ද්‍රන් අත් අඩංගුවට අරන් අවුරුද්දක් තිස්සේ චෝදනා ගොනු කරන්න බැරි වෙච්ච් පොලිස්කාරයෝ ගැන මොකද කියන්නේ.?
      ත්‍රස්තවාදීන්ට නිතිය ක්‍රියාත්මක කරන එකයි,ත්‍රස්තවාදයේ නාමයෙන් අහිංසකයින් මර්ධනය කිරීමයි දෙකක්.

      Delete
    2. මට තියෙන ප්‍රශ්ණය ජෙයකුමාරි එලියට ආපු එක නෙමෙයි.. කම්බ හොරු ඇතුලට නොයන එක..

      Delete
  2. ඒ කියන්නේ තව ටික දොහකින් ගිය අව්රුද්දෙ අන්තිමට ලියපු ලිපිම නම් විතරක් වෙනස් කරලා මාතලන්ට ආයෙත් දාන්න පුළුවන් වගේ

    ReplyDelete
    Replies
    1. ටික දොහක් මක්කටෙයි බං.. දැන්මම පුළුවන්...

      Delete
  3. Replies
    1. කොහොමද සද්දේ... අපි බයවෙයි කියලා හිතාන ඇති...

      Delete
  4. හිතුවට කලින්ම යූ එන් පියේ අනාගැනීම සිදුවෙනවා වගේ?
    යාන්තම්,..
    අර සෙට් එක එළියෙ ඉන්න එක හොඳයි- චම්පික රතන ජේ වී පී

    ReplyDelete
    Replies
    1. හූ ඇන් පීය නාලා ඉවරයි.. හොඳ වෙලාවට මේක අච්චාරුවක් උනේ...

      Delete
  5. කවුද මේ ත්‍රි පුද්ගල කමිටුවේ සාමාජිකයෝ.?
    මහා බයියාගේ කාලේ මෙහෙම දෙයක් වුණා නම් ඔය කමිටු මුකුත් නැහැ.මාධ්‍ය වලින් දෙන සුළු වාර්තාවක් විතරයි.මෙතැන කමිටුවක් හෝ පත් කරලා තියෙන එක වටිනවා.හැබැයි අපි බලාපොරොත්තු වෙච්චි යහ පාලනය මේක නම් නෙමේ තමයි.

    ReplyDelete
    Replies
    1. නම් මතක නෑ බං.. ඔක්කොම රනිල්ගේ ගෝලයෝ...

      හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියන්නේ මෙව්වට තමයි...

      Delete
  6. කොච්චර රටේ සල්ලි (අපි කන බොන හැම එකටම ගෙවන බදු මුදල්) හොරකම් කලත් නාස්ති කලත්, රට ජාතිය ආගම බේරා ගැනීමේ ටෝක් එකක් පිටරටටත් බැනීමක් සහිතව ගැලරියට දුන්නහම චන්ද ගන්න පුලුවන්.
    ඉතින් ඒවගේ ජනතාවට අවශ්ය අය හිරේ දාල කොහොමද?
    ප්‍රජාතන්ත්‍රවාදී රටක චන්ද ගැනීම හැර වෙන ප්‍රමිතියක් නෑ.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ එහෙව් උන් ඇතුලට නොදා ඉන්නවා විතරක් නම් කමක් නෑ කියමුකෝ... උන්ට තුරුම්පු මවලා නේ දෙන්නේ.. මම දැක්කා මහින්දගෙන කාපු සංඝයෙක් පොර ටෝකක් දෙනවා.. ඉන්දියාවෙන් මව් බිම බේරගන්න ඕනය කියලා.. දිලිත් ජයවීරටත් කැම්පේන් එක ෆේල් එක මකා ගන්න වෙලා තියෙන්නේ දැන් කඩේ ගිහිල්ලා.. මහින්ද තාම අම්මා මතක කරලා දෙනවා ඇති..

      Delete
    2. එතකොට දැන් ඔය කියන ඉන්සයිඩර් ට්‍රේඩින් මහා දවල් හොරකම කරලා තීන්නෙත් රට ජාතිය ගැන කතා කරන පිට රටට බනින උන් ද? යූ අන් පී කාරයෝ එන චන්දෙදි රනිල්ට රවිට චන්දේ දෙන්නේ නැද්ද?

      තමන්ගේ ඇරියස් අදාළ තැනක බේර ගත්තොත් හොඳ නැද්ද ප්‍රා......

      Delete
    3. අපේ මිනිස්සු ඕන හොරෙකුට චන්දෙ දෙනවා UNP,SLFP,JVP,MC, TNA අදාල නෑ ඒකට. ගැලරියට කතා කලහම තවත් වැඩී.
      ඇරියර්ස් කවර් කරගන්න ඕනෙ මුන්ට ප්‍රජාතන්ත්‍රවාදෙ දීල ගිය සුද්දන් එක්ක

      Delete
  7. අර ජනරාලට වල කපන්නෙ ඕකයි. ඒ මනුස්සයාට ආරස්සා ඇමතිකම දුන්නා නං කම්බා හොරු කොට උඩනෙ..

    ReplyDelete
    Replies
    1. ඊළ්ඟට ලියන්න යන්නේ ඒ ගැන තමයි.. පක්ෂ විපක්ෂ හැම හොරාම ෆොන්සේකාට බයයි...

      Delete
  8. ඉතිරිය තවදුරටත් තියෙනවද ? අම්මප කවද්ද බොල මේ ඉලව් දේශපාලන ලිපි නවත්තලා රොකට් රෝහිනී ඉතුරු කොටස දාන්නේ . දෙන්න හිතෙනවා වොන්ඩර් බාර් එකක්

    ReplyDelete
    Replies
    1. අඩෝ දැන්නේ ෆොටෝව දැක්කේ , ලිපිය මොනවා වුනත් ෆොටෝව පට්ට හොඳ එක

      Delete
    2. පොටෝවක් බලල හරි සැනසියන් මචෝ.. ආන් අරෙහෙ හැලපේ දෙනවා රෝහිණි කතාව..

      Delete
  9. මේකයි මාතා එක්සත් ජාතික පක්ෂය හිතගන ඉන්නේ මේ චන්දය දුන්නේ ඔවුන්ගේ පාක්ෂිකයන් කියල, ඔවුන් නොදන්නේ මේකට චන්දය දීල තියෙන්නේ කැපුවත් කොළ උන් පමණක් නොවන බවයි, මෙය ඉතා විශාල පුග්ගල එකතුවකින් ලැබුණු චන්දයි, මොවුන්ගේ මුලික බලාපොරොත්තු 2 පවතී 01. දුෂණය තුරන්කිරීම 02. ස්වාදීන කොමේසන් සබැ මගින් දේසපාලන ඇගිලි ගැසීමෙන් තොර ක්‍රමයක් සැකසීම.

    මෙය නොකරනවානම් ඉදිරියේ සිදුවන්නේ ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් ලැබෙන ක්‍රමයකට යාමයි, මෙහිදී සරත් ෆොන්සේකා සහ හෙලුරුමයට සැලකියයුතු බලයක් හිමිවන අතර බැරි වෙලාවක මහින්ද ලොක්ක පැමිණියොත් සැලකියයුතු බලයක් ඔහුටත් ලැබෙන දුර්වල ප්ර්ලිමෙන්තුවක් ලබනු ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කෝටම වඩා තියෙන කරුමය තමයි.. එජාපය හිතනවා මේක උන්ගේ උරුමයක්ය කියලා..

      Delete
  10. රනිල්ට නායකත්වයේ ඉන්න පක්ශයක් නම් ඉතිරි වේවි. රට ගැන නම් බලාපොරොත්තුවක් නැත. එ.ජා.ප. ය හා මයිත්‍රි රටක් පාලනය කිරීමට අසමත් බව පෙන්වමින් සිටියි.කලින් උන්නු එවුන් ජරාව නාගෙන ඇති තරමට උන්ට රට දීමට සුදුසු නැත. ජනතාවත් තිරුපති යන දවස ඈතක නැත.

    ReplyDelete
    Replies
    1. රට පාළණයට නම් අසමත් නෑ. මේ ටිකේ ලබපු දේශපාළණ ජයග්‍රහන ටිකම මදිද...?

      අපිට තියෙන ප්‍රශ්ණය ඒක නෙමෙයි. හොරා කාපු උන්ට එදිරිව ක්‍රියා නොකරන්නේ මන්ද කියන කාරණයයි..

      Delete
    2. මම සම්බන්ධ ඉදිකිරීම් ක්ශේත්‍රය නම් දිනෙන් දින අර්බුධයට පත් වෙනවා.රජයට සම්බන්ධ ඉදිකිරීම් තීරණයකින් තොරව අත්හිටුවා තිනෙබවා.මුලින්ම දොට්ට දැම්මෙ කම්කරුවො.පසුගිය අක්‍රමිකතා සඳහා පියවර ගන්නාතුරු ඉදිකිරීම් සමාඟම් හා සාකච්ඡා මට්ටමින් විශ්වාසය දිනාගැනීමක් සිදු කළ යුතුයි.මේවා මහා සංකීරණ කරුණු නොවෙයි.ගැටලුවට මූලිකව ලක්වන්නේ සාමාන්‍ය ජනයා නිසා රජයේ අවධානය යොමු නොවීම මම දකින්නෙ අසමත්කමක් විදිහට.ඉදිරියට කැඳවියයුතු ටෙන්ඩර් ඇණහිටලා. මේ එක ක්ශේත්‍රයක් පමණයි.

      Delete
  11. සුපිරි ලිපියක් ! මේ සැකය මීටත් කලින් අපි හැමෝටමත් තිබුණෙ. රට ගැන හිතන්න ඉස්සෙල් බලයට එන්න දඟලන හැම එකාම තමන්ගේ පක්ෂය ගැන විතරකම් හිතන්න පටන් අරන්. තව වැඩි දවසක් යන්නෙ නෑ රටේ ඉන්න ගැත්තත් ටිකත් මම කැපුවත් අහවල් පාට කියාගෙන වීදි බසී. ජාතිවාදි ගිනි අවුලන්නොත් එල්ලෙන්ඩ වැල් හොයමින් ගිනිතියන්න විදිහක් සොයාවි. (මේක නම් දැම්ම ම පටන් අරන්)

    ReplyDelete
    Replies
    1. ජාතිවාදයට නම් නීතියෙන්ම තහනම් පනවන්න ඕන.. ඒ ගැනත් ලියන්න ඕන.. වෙලාව තමයි ප්‍රශ්ණය...

      Delete
  12. මදෑ... ‌දේශපාලනෙ දන්න අය කියල හිතාගෙන හිටපු අයටත් මේක දැන්නෙ තේරෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. මේක දේශ්පාළණ්ය ගැන ප්‍රශ්ණයක් නෙමෙයි.. හොරුන් ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්ණයක් හිරු.. මොකෝ අද නිවාඩුද...?

      Delete
  13. රටේ මතය වෙනස් කල මහා බ්ලොග් කරු (යයි සිතා සිටින) මාතලන් තමන් සුවාදීනයි කියාගන්නට දැමූ පචයක් පමණි. ඕව ගිහින් පෙන්නපන් (ඉස්සර කාලේ) චීනෙකුට.

    ReplyDelete
    Replies
    1. හින්ගල දන්න චීනෙක් ඉන්නවා නම් හොයලා කියහන් මචෝ... ගිහින් පෙන්නන්න..

      Delete
    2. හි හි

      Delete
  14. සුමනදාස උන්නැහෙව එජාපයට ගත්තානම් ඔක්කොම වෙලාවල් හදලා දෙයි ටක්කෙටම හරියන්ඩ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලේ රැස්වීමක් තියනවා. බලමුකෝ මේ පාර මොකෑ වෙන්නේ කියලා. අම්මපා මෙපාරනම් මොකුත් වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ජත්‍යන්තරය දිනපු එකම ඇති දේශපාළණිකව බැලුවොත් නම්.. නමුත් ජනතාව බලාපොරොත්තු උනේ ඒ දේවල් නෙමෙයි.. හොරුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම. මට පේන්නේ මෙයාලා ප්‍රයෝරොටි ලැයිස්තුවත් රොටි හදන්න අරගෙනද කොහෙද...

      Delete
    2. ඔන්න කෘත්‍යධිකාරී මණ්ඩලේ තීරණයක් අරගෙනලු අප්‍රේල් 24න් පස්සෙ ඡන්දෙකට යන්න. අප්‍රේල් 24න් පස්සෙ හොඳේ.

      Delete
  15. යූ ඇන් පී එකත් අර කාසියෙම අනික් පැත්ත තමයි. මොක්කු හරි එකතුවෙලා ඔවුන්ව කන්ට්‍රෝල් නොකලොත් අරුන් නවත්තපු තැනින් මුන් මුල ඉඳලා පටන් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. හොරකම් වලට නම් දෙගොල්ලොම එකයි වගේ.

      Delete
    2. හොරකම් වලට නම් දෙගොල්ලොම එකයි වගේ.

      Delete
  16. හනේ අම්මේ උඹ අදයැ දන්නේ බං.. හොරා කන්න දැං ඉතිං ඉගෙන ගනීවි. යුඇම්පියේ ක්ලාස් ගිහිල්ලා..

    ReplyDelete
    Replies
    1. ඒ උනට මහින්ද වගේ කන්නත් බෑ කෑවෙත් නෑ එකෙක්වත්...

      Delete
  17. මේ හොරකම් කරල තියෙන්නෙ,යු ඇන් පි යටයි,ස්‍රීලංකා එකටයි, සම්බන්ද මිනිස්සු.අද රට පාලනය කරන්නෙ,යුඇන්පී අගමැති යි,ස්‍රීලංකා ජනාදිපතියි.ඉතින් මේ අයට කොහොමද දඬුවම් ලැබෙන්නෙ.

    ReplyDelete
  18. වැරදි කාරයෝ දෙපැත්තෙම ඉතිං දඩුවම් දෙන්න බෑනේ....
    දේශපාලනිකව පලි ගන්නවා කියයි ඊලගට.. :\

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් බයිලාවක් කියලා මොළයක් යන්තමින් හෝ තියෙන එකාට තේරෙනවා නේ..

      Delete
  19. ඔයා ලියනවා ලියනවා එන හැම රජයක්ම පුවත් මවනවා පෝස්ට් මවනවා.. මැලේ රාල මල්ලි කිවුවා වගේ පරණ පෝස්ට් නම් මාරු කල්ලා දාත හැකි ....

    ෆොටෝ එකේ අලියගේ නැට්ට කෝ ?


    අනේ ඊලග පෝස්ට් එක ජෝක්ස් එකක් ලියන්නකු අනා ,,, පීස්

    ReplyDelete
    Replies
    1. මීට වඩා ජෝක් එකක් තියෙනවද පනේ...

      Delete
  20. කියලා වැඩක් නෑ මාතා.. අපි මුන් ටික පත් කලේ හොරුන්ට දඬුවම් දෙන්න නමුත් මුන් කරන්නේ හිටපු කම්බ හොරුන්ට බොඩිගාඩ්ලා වීමයි,...ඔන්න අද පත්තරේක දැක්කා රනිලයා ගොඨාබයාව අවන්ගාර්ඩ් සිධ්දියට අත් අඩංගුවට ගැනීම වලකා ඇති බවට... ඊට හපන් පහුගිය රජාගෙ ආණ්ඩුවෙ හිටිය පොල් හොරා ජගතයා හා ආපදා අමරවීරයා අල්ලස් කොමිසමට ගියා මහ බැංකුවේ ලොක්කට විරුධ්දව, මට සැක රජාගෙ කාලේ හිටපු මහ බැංකුව කාපු අජිත් කබ්බගේ දූෂනවලට විරුධ්ද නොවුයේ ඒ දවස්වල මුන් ජංගි ඇඳපු නිසාද කියා?... UNP අනාගන්නවා, ෆොන්සේකා ලොක්කයි, ජෙප්පනුයි ලකුනු වැඩිකරගන්නවා....

    ReplyDelete
    Replies
    1. නියම විකල්පයක් තවම මිනිස්සුන්ට නෑ.. හොඳ බලවේගයක් එනවා නම් නියම අවස්ථාව..

      Delete
  21. උඹ පිස්සු නොකොට ඉදු......බොක්කා....

    ReplyDelete
    Replies
    1. අපිද බං පිස්සු කෙලින්නේ...

      Delete
  22. // ආන්ඩුවේ වැඩ බැරි දාසලා දැන් කියන්නේ, එයාලා හොරු අල්ලනවා කියා පොරොන්දුවක් දුන්නේ නැතෙයිය, //

    වැඩ බැරුව නෙවේ. මේක හොරු අතර පවතින නිහඬ සම්මුතියක්. "තමුන්ගේ වෙලාව ආවහම හොරකම කරගන්න. මගේ වෙලාව ආවහම මමත් හොරකම කරගන්නම්. අමාරුවෙන් පෙරුම් පුරලා හොරකම් කල දේට අත තියන්න එපා. දඬුවම් කරන්න එපා. මමත් ඔහෙට මුකුත් කරන්නේ නෑ. "
    දේශපාලුකයන් ගේ සංස්කෘතිය එහෙමයි. ඕනවට වඩා ඉදිමුනොත් විතරයි ප්‍රශ්න.

    ReplyDelete
    Replies
    1. සංස්කෘතිය වෙනස් කළ යුතු කාළය පැමිණ ඇත...

      Delete
  23. බලාගෙන යද්දී දැන් කට්ටිය ඔක්කොම එකම සෑම්පලේ තමයි.. මූණු ටික විතරයි මන්දා වෙනස්..

    ReplyDelete
    Replies
    1. හොරකම දූෂණය වංචාවට නම් දෙගොල්ලම එකයි තමයි...

      Delete
  24. වංචා කොමිසමේ නෝනා කියන විදිහට මූලික පරීක්ෂනයටම අවුරුදු තුනක් යනවළු.. ඔක්කොටම ඉස්සෙල්ලා නීතිය ඉක්මණින් ක්‍රියාතමක වෙන විදිහට නීති පද්ධතිත් ක්‍රියාමර්ගත් අදාල ආයතනත් අළුතින් සකස් කරන්න වෙනවා. ඔන්න ඔය හින්දා තමයි හොරු බය නැතුව හොරකම් කරලා අල්ලන්න කතා කරන අයට චැලෙන්ජ් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. එයානම් මෙළෝ දෙයක් නොකරන කයිවාරු කාරයෙක් කියලා දැක්ක දවසෙම තේරුනා...

      Delete
  25. ප්‍රියන්තයා , මේවා අපි දන්නා දේවල් බං ... කෝකා ආවත් ලොකුවට වෙනසක් බලා පොරොත්තු වෙන්න බැ . ඒ නිසා මේ සිස්ටම් එකම වෙනස් කරන්න විදියක් ගැන ලියපන් .

    අනිත් එක මම හිතුවා අර කැටපත් පවුරේ නම ලියපු කෙල්ලව හිරේ දාපු එකට විරුද්ධව වචනයක් හරි ලියයි කියලා. ඇයි සධ්ධ නැත්තේ .

    ඒ නඩුව අහපු එකා විතරක් නෙමේ මේ වෙනකම් නිහඩව ඉන්න රට පාලනය කරන උන්ටත් හෙන හතක ගහන්න ඕනා ..

    ReplyDelete
    Replies
    1. රසික්ලොජියේ ලොකු පුතා දැමූ කොමෙන්ටුව

      කැටපත් පවුර ඇල්ලීම පවා තහනම් කියා දෙමළෙන් ලියා තිබියදී, නොදැන කල වරදක් බව කියන්න බැහැ...
      කැටපත් පවුරේ බලි කුරුටු ඇඳලා පහුගිය කාලේ අහුවෙච්ච හතර දෙනාම දමිළ. ඒ හැමෝටම දෙමළ අකුරුවත් කියවන්න බැහැ කියන එක මම පිළිගන්නේ නැහැ.

      කැටපත් පවුර වීදුරු වලින් ආවරණය කිරීම තමයි හොඳම විසඳුම. වීදුරුව සහ පවුර අතර සුළං ගලා යාමට ප්‍රමාණවත් ඉඩක් තැබිය යුතුයි. එමෙන්ම පහත මට්ටමෙන් විදුලි බල්බ කිහිපයක් යෙදීමෙන් රත්වන වාතය ඉහළට යවා ජල වාෂ්ප රැඳීම වළක්වා ගැනීමද කල හැක.
      එයින් පවුරේ ඇති දෑ බැලීමට සුදුසු ආලෝකයක්ද ලැබෙනු ඇත.

      ටොම් සෝයර් පොතේ ඉන්න "ඉන්ජන් ජෝන්" මතක් වෙනවා මේ වගේ සිද්ධි වලදී. (නම වැරදිනම් නිවැරදි කරන්න, මට මතක ඒ වගේ)
      ඌ කොච්චර මැරයෙක්, මිනිමරුවෙක් උනත් ඌව පෝරකෙන් බේරගන්න ගමේ ගෑණු සෙට් වෙන්න හදනවා නේද.
      දැන් ලංකාවට වෙලා තියෙන්නෙත් ඒක.
      වරදකට උසාවියෙන් දඬුවම් දෙන එකට අපේ මිනිස්සු අභියෝග කරනවා "ඉල්ලීම්" වශයෙන් හරි.
      ඒක වැරදියි.//


      ඔහු යළි මෙසේ කියයි.

      ඕනෙම රටක ලොකු මිනිස්සු ඉන්නේ ටිකයි, බහුතරයක් පොඩි මිනිස්සු.
      ලොකු එකාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියල පොඩි එකාටත් නිතිය ක්‍රියාත්මක කිරීම අත හැරියොත් මේ රට දැන් තියෙන මට්ටමිනුත් පහළට වැටෙනවා.

      නිධන් හොරකම් කිරීම පවා මේ සිදුකල අපරාධය තරම් බරපතල අපරාධයක් නොවේ...//

      රාජ් මෙසේ කියයි.

      මේක මම කිහිප තැනකම කිව්ව. වැරදිකරුවන්ට‍ දඬුවම් දීම "ලොකු වැරදිකරුවාගේ සිට පොඩි වැරදිකරුවා දක්වා" පෝලිම් ගස්සවල කරන්නපුළුවන් දෙයක් නෙවේ. ඒ වගේම ලොකු වැරදිකරුවන්ට දඬුවම් ලැබිල නෑ කියන එක පොඩි එවුන්ට වැරදි කරන්න දෙන ලයිසන් එකකුත් නෙවේ. ඒ නිසා ලොකු පොඩ් කවුරුත් වැරදි නොකර හිටියම හරි. පොඩි හෝ වැරැද්දක් තියනව නං ඒකට සුදුසු දඬුවම ලබාදීමට එරෙහි නොවියය යුතුයි. මම නං කෑගහන්නෙ ලොකු පොඩි සියළු වැරදිකරුවන්ට දඬුවම් දියව් කියල.
      (ලොකු පුතා එක්ක එකඟයි, ඒ වගේම තිස්ස අත්තනායකටත් ශෂී විරවංශට අදාලවත් මගේ මතයත් මේකම තමයි)

      http://rasikalogy.blogspot.com/2015/03/mirrorwall.html

      Delete
    2. කැටපත් පවුරේ කෙල්ලට දුන්න දඬුවම නම් මම අනුමත කරනවා.. ඒකෙන් ළොකු පණිවිඩයක් ගියා.. එහෙම තමයි රටක නීතිය ක්‍රියාත්මක විය යුත්තේ..

      දේශපාළණ ක්‍රමය නම් උඩු යටිකුරු කළ යුතුමයි...

      Delete
  26. අඩුගානේ හොදටම පේන්න තියන දුමියව වත් ඇතුලට දාපන්....
    ම්හු......අනේ මන්ද මචෝ....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මුන් ඒ හැමදේම අනුමත කරනවා කියන එක නේ...

      Delete
  27. ලාංකික දේශපාලනය තුල සමස්ථයක් ලෙස සියල්ලෝම දූෂිතයි. ඒ කාලයක සිට සියළු දේශපාලකයින් පරම්පරාවට හම්බකරගැනීමේ මූලික පරමාර්ථයෙන් දේශපාලනේ කරන නිසා. මේ අය විරුද්ධ පක්ෂයට ගොස් විපක්ෂ මන්ත්‍රී ධූරයකින් සෑහීමට පත්වෙන්නෙත් නැත්තේ ආණ්ඩු බලය නැතිව හොඳට හම්බ කරන්න බැරි නිසා. නැතුව රටට ආදරේට මේ කවුරුත් දේශපාලනේ කරන්නේ නෑ. මහින්ද අඩුම ගානෙ රට කොටියගෙන් බේරගත්තු එකවත් කරා එයාගේ ගෝලබාලයන්ට හොරාකන්න ඉඩ දීල. දැන් ඉන්න එවුන් හොරාකන්න ප්ලෑන් ගහන්නේ රට බෙදුම්වාදීන්ට ආයෙමත් පාවදෙනගමන්. එතනයි අවාසනාව ලොකුම තියෙන්නේ. එහෙම කියලා මම කියන්නේ නෑ රට කොටියගෙන් බේරගත්තනම් හොරාකෑවට කමක් නෑ කියලා. ඒත් හොරකම වංචාව නැතිවෙන්න ඕනේ බෙදුම්වාදයට දොර කවුළු විවර කරමින් නෙවෙයි සියළුම ආකාරයේ සුළු ජන කොටස් වල බෙදුම්වාදී අභිලාශයන්ට ඉඩ නොදෙමින්.

    ReplyDelete
    Replies
    1. බෙදුමවාදි කතාව නම් පට්ට පල් බොරුවක්. මේ රට බෙදන්න එකෙක්වත් කැමති නෑ.. ඒ හේතුව නිසා කොමෙන්ට් එකේ වටිනාකම එහෙමම නැති වෙනවා..

      Delete
  28. ආයුධ නැවු ගැන කතා කරපු අනුරත් කට වහගත්තේ.

    ReplyDelete
    Replies
    1. කීයක් වත් හම්බ උනාද දන්නේ නෑ...

      Delete
  29. හොරු ටික අල්ලන්ඩ බැරි වෙන්නම වැඩේ දීලද එහෙමත් නැත්තං ඩීල් දාල උන්ව අල්ලන්නේ නැතුව ඉන්නවද හිතාගන්න බෑ.. හැබැයි ඉතිං ඔවුන් ඇල්ලුවේ නැත්තං ඊළඟ චන්දෙදි UNP එකට වෙන පාඩුව කියල නිමකරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඩීල් මචෝ ඩීල්... වෙන කිසිම හේතුවක් නෑ.. ඔක්කෝම එක වල්ලේ පොල්...

      Delete
  30. ආ මාතලන් අයියා......ඉතින්..... ඉතින්.......චන්දෙට කලින් පෝස්ටුවක මම දාපු උදාහරණ කොමෙන්ටුව මතකෙයි...

    ReplyDelete
    Replies
    1. මතක නෑ මචෝ.. ආයෙත් දැම්මා නම් තමා වටින්නේ..

      Delete
  31. ඔය චන්ද්‍රිකාත් ඉස්සර කිව්වේ ගෝල්ෆේස් ගෙනත් පට්ට ගහනවයි කිය කියා. කෝ කලායැ... කවුරුත් එකයි.

    ReplyDelete
    Replies
    1. පට්ට ගහන්න ආපු කස්ටිය ඊට වඩා ගේමක් දුන්නේ.. චන්ද්‍රිකා එකෙකුට හරි දඬුවම් කළානම් මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ...

      Delete
  32. හොරු අල්ලන එක අර අක්ෂේ කුමාර්ගෙ හින්දි පිචර්වල වගේ කරන්න බෑ...
    බුකියෙන් හා ඉන්ටනෙට් එකෙන් දේසපාලනය කියවන අය නොදන්නවාට ඇතුලෙ ඉන්වෙස්ටිගේෂන් යනවා, චෝදා ගොනු කෙරෙනවා..

    දැන් දුමින්ද සිල්වත නඩු, සරන ගුනවර්ධන ඇතුලේ, වාස් ගුනවර්ධනත් ටිය දවසකින් ඇතුලට යයි, ඔලුවට උඩින් කපුටෙක්වත් යන්න බැරිවෙච්ච ගෝටට රට යන්නත් බෑ... මිනිහා දැනතත් ඉන්නේ නිල නොවන නිවාස අඩස්සියේ.. නේවි එකේ සුදුවෑන් ස්කොඩ් එක ගැන සීඅයිඩීය හොයනව

    ඒනිසා පිස්සු මනස්ගාත වලින් ඔලු අවුල් කරගන්නැතිව ඊලග චන්දෙදි ගිහින් අලියට කතිරෙ ගහන්න...
    ඒවගේම හොරුන්ට මනාපෙ නොගහ ඉන්න...

    දැනට මෙච්චරයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තේ නෑ.. නමුත් ම්ජනතාව බලාපොරොත්තු උන දේ ඉටු වෙලා නෑ..

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. actually you know now a days u & p's become a garbage you know....in this socialic republic country u know our PM ,is a real cool man...like a pepermint if u drink some water after chewing u 'll feel more cold..hah hah.....today in his modhi speech u see....he did it as he lived through 2500 years....actually he was really responsible to mention every king,prince,duke,count and horse lived through our history...and vise versa mr sumanadasa u see in ITN he had a great n fasinating interview with sanna..n we could see sanna was trying to fall him in difficulty.. so people were telling"sanna dunna sumaneta..hah hah" like that....so the next time is up to us ;-)

    ReplyDelete
    Replies
    1. මොකටද රිප්ලයි කොරන්නේ කියලා හිතා ගන්න බෑ..

      Delete
  35. බ්ලොග් වලින් මම කියවපු හොදම බ්ලොග් එක මාතලන්ට මාර හැකියාවක් තියෙන්නේ ආ මරු :*

    ReplyDelete
  36. //එජාපයද අශූචී කන්දකි....//
    මුලු හදවතින්ම එකඟයි.

    ReplyDelete
  37. මාතලන් මහතා,
    ඔබ මේ දකින්නේ රට පුරා පැතිර යන හොරකමේ,වංචාවේ ප්‍රතිපලය පමණයි.එයප පාදකවූ හේතුව සහ එම හේතුව ඇති කල අය පොදු ජනයාගේ මතකයෙන් ඈත්ව යමින් තිබේ. හේතුව නම් මේ රටේ මැනවින් ක්‍රියාත්මකවූ රාජ්‍ය නිලධාරී ක්‍රමයයි. මෙම නිලධාරින් ඉංග්‍රීසියෙන් සිතුවත් ඉංග්‍රීසියෙන් වැඩ කලත් ඔවුන් පාලනයට අවශ්‍ය නීතිරීති මැනවින් රැකුහ. මේ රාජ්‍ය නිලධාරි ක්‍රමය විනාශ කලේ කොල්වින් ආර් සිල්වා මහතාගේ 1972 ජන රජ ව්‍යවස්තවෙන්ය. ඒ අමාත්‍යංශයේ ලොක්කා ඇමතිවරයා බවට පත්කර නිලධාරියාගේ කොන්ද කැඩීමෙන්ය. මේ තත්වය jr ගේ ජනරජ ව්‍යස්ථාවෙන් වැඩි කළා මිස අඩුකලේ නැත.ar fr වෙනුවට jr කිවියයුතුයි එකල ප්‍රචලිතවූ අදහසකි.ප්‍රේමදාස යුගයේ මෙන්ම චන්ද්‍රිකා යුගයේ මේ තත්වය වැඩි උනා මිස අඩු උනේ නැත. ඔබට පෙනෙන්නේ මහින්ද යුගය සහ රනිල් යුගය පමණි. එබැවින් ඔබේ පෙනිමේද අඩුවක් ඇත. අද වංචා කිරීමට දේශපාලකයන්ට උදව් කරන්නේ හා මගපෙන්වන්නේ නිලධාරින්ය. කනගාටුවට කරුණ මේ දේශපාලකයන් සහ නිලධාරින් ගෙන් වැඩි දෙනා ගම්බදින් පැමිණි සිංහල මාධ්‍යයෙන් උගත් සහ සිංහල මාධයෙන් විශ්ව විද්‍යාල වල උගත් අය වීමය.
    අපට ඉන්දියාවෙන් ඉගෙන ගැනිමට තිබෙන්නේ සාර්ථක නිලධාරි ක්‍රමයයි. එය නිතරම බලන්නේ ඉන්දියාවේ යහපත පමණි.එය රජයෙන් රජයට වෙනස් වන්නේ නැත.සීපා ගිවිසුමෙන් අපේ රටට සිදුවී ඇති විනාශය ගැන කව්ව්රුත් බලන්නේ නැත.දැන් උත්සාහ කෙරන්නේ සේපා ගිවිසුම කොහොම හරි අපේ ඇඟේ ගාසා අපේ රටේ රැකියා උල්පත් ඉන්දීයන්ගෙන් පිරවිමටය. දැනටමත් සංචාරක විසා වලින් ඔවුන් මෙහි පැමිණ රකියා කරති.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සරමසේකර මහත්තයා හැමදාම "මාතලන්" කියවනවයි කිව්වට, ඒක බොරුවක් බව බොහෝම පැහැදිලියි. සරමසේකර මයා මතු කරන සියළුම හේතු මම කතා කරලා තියෙනවා.. හැමදාම මම ලියන කරුණු ටිකක් මෙතන මතු කරන්නම්..

      * සුද්දා මේ රට දාලා ගිය එක ඉතා වැරදි ක්‍රියාවක් බව
      * 56 බන්ඩාරණාකයක කියන කාළකන්නියා මේ රටේ ගිනි ගන්න බලාගෙන තිබුන ජාතික ප්‍රශ්ණයට ගිනි තියපු එක.
      * 72 ආන්ඩුක්‍රම ව්‍යවසථාවෙන් ඒක තව දුරටත් වර්ධනය කළ එක. ඒකට වමේ ගොබ්බ කාළකන්නි සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන කියන එක.
      * ජේ ආර් 83 දී රට ත්‍රස්තවාදයට ගෙන ගිය බව
      * අපේ රටේ ජොබ් කරන්න ඉන්දියන් කාරයෝ ඒම කෙසේ වෙතත් මෙහේ උන්ට දවසක ඉන්දියාවේ ගිහින් වැඩ කරන්න වෙනවා කියන එක.
      * මගේ ඇස් හොඳට පේනවා. මේ මත දැක්වීමෙදි මගේ දහස හා එකඟවීමෙන් පෙනී යන්නේ. මාතලන් එහෙන් මෙහෙන් කියවීම තුලින් සරමසේකර මහතාට නියම පෙනීම ලැබී ඇති බවයි. ඒ කුසළකර්මයෙන්ම. මේ මහතා පතන්නාවූ සසර ගමන කෙලවර අමා සුව අත් වේවායි පතනුයේ..

      හිතවත් මාතලන්..

      Delete
  38. සීගිරියේ සීන් එක ගැන මාතලන් මොකුත් ලියන්නේ නැත්ද?

    මේක නම් ටිකක් ඒ වගේ.

    ReplyDelete
    Replies
    1. ඇඩ් දැම්මට කමක් නෑ ගානක් එකවුන්ට් එකට දාලා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න