.

.

Apr 22, 2015

බැසිල් අත් අඩංගුවට - Basil Arrested


හනිකට ගෙදර ඇප ඉල්ලන් එන් නැතුව,
ගෙවමුද දඬුවමෙන් සියයට දහයක් වත්..? (10%)
යහ පාළනේ නැව් කඹයක් ගිල්ලාද...?
වීරයා වෙන්න ගොස් ඇදගෙන නෑවාද..?

බුඳිනා විටදි තලු මරමින් ජරාව...
හිතුවේ නෑ නේද බඩ බුරුලෙන් යයි කියලා..?
බැරිසිල් ලොක්කා අද තනියෙන් වෙල මැද්දේ...
අල්ලපු අතුත් නැත පය ගැහු අතුත් නැත..!!!

- මාතලන් -


91 comments:

  1. Hilton එකේ කාමරයක තිබ්බත් කමක් නෑ, නමට හරි රිමාන්ඩ් කොලැයි කියන එක ලොකූඌඌඌඋ දෙයක්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. කේ පී ට වගේ වෙනම පැලස් එකත් දුන්නත් අවුලක් නෑ. අත් අඩංගුවට ගත්තය කියන දේයි වැදගත්.. පව් බන්ධනාගාර රෝහල් වල තියන්නේ. ඇමරිකන් සිටිසන්ලා නේ අප්පා. ඔය පාර ලෙඩක් දාගන්නවා ඇමරිකන් එම්බසියෙන්.

      Delete
    2. හැබෑවටම කුමාර් මහත්තයගෙ කේස් එකේදි ඔසීල ඉන්වොල්ව් උනා වගේ
      වගේ මෙතෙන්දි ඇමෙරිකන් එම්බසියෙන් ඇක්ෂොන් එකක් ගන්න පුලුවන්ද

      Delete
    3. duel citizenship තියන අයට හිමි වරප්‍රසාදයක් තමයි බැසිල්ට හම්බවෙලා තියෙන්නේ, එක රටක හිර කරගත්තට අනෙකෙන් අහන්නේ නෑ. ඒ වගේම ජාත්‍යන්තර වරෙන්තු දැම්මනං කුදලල එවනව, ඊට ඉස්සර නම්බු ඇතිව ගෙදර ඇවිත්, තාම ඩීල් එක වැඩ කරලා නෑ.

      Delete
  2. අද තනියෙන් වෙල මැද්දේ කිව්වට, නීතීඥ නාමල් රාජපස්සයි, අප්‍රසන්න රණතුංගයි, සරත් මනමේ කුමාරයයි ගිහිං හිටියෙ උද්ඝෝෂකයොත් එක්ක...

    ReplyDelete
    Replies
    1. නෑවිත් බැරුව ඇති.. ඇයි ආන්ඩුවේ සාක්කි කාරයෙක් උනොත් හෙම, මල විනාශයක් නේ වෙන්නේ...

      Delete
  3. ප්‍රභූන්ට නිසි පහසුකම් ලබා දෙනු....
    -උන් බඩගිනි ඉවසා පුරුදු නැත....වෙලාවට කෑම දෙනු..
    -මේ ගිනි රස්නෙන් ඉද පුරුදු නැත.....AC කාමර දෙනු..
    -උගුර වේලිලා අමාරු වෙයි... රටබීම දෙනු....

    ReplyDelete
    Replies
    1. ෆයිව් ඉස්ටාර් හොටෙල් එකක තිබ්බත් කමක් නෑ වැරදිකරු කරලා...

      Delete
  4. දැන් මාර කෙළියක් පටන් අරගෙන තියෙන්නෙ. හොරෙකුට දඬුවමක් දෙන්න බෑ පර බල්ලො පාරට බැහැලා උද්ඝෝෂණ පටන් ගන්නවා. බයි කොල්ලනේ තොපි දැන ගනිව් තොපි ඔය උද්ඝෝෂණ කරන්නෙ තොපේ මව් රටට අම්මට තාත්තාට එරෙහිව කියලා. හෙට පොට්ට නවුෆර්ට වෙලේ සුදාට දඬුවම් දෙන්න යනකොට ඒවාට එරෙහිවත් තොපි වගේ රුපියල් එක්දාස් හයසීයට පාරට බහින එවුන් 'උද්ඝෝෂණ' කළාම තොපිට තේරෙයි.

    ReplyDelete
    Replies
    1. ++++
      සිරා කතාව නිතිය සැමට සමාන වෙන්න ඕනේ.රට බේරාගත්ත ජාතියේ වීරයෝ කියලා පරික්ෂන වලින් පැනලා යන්න ඉඩ තියන්න හොඳ නැහැ.සාධාරණ පරීක්ෂණ වලින් මේ අයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඉඩ දෙන්න ඕනේ.එහෙම කරන්න ඉඩ දෙන්නේ නැති අය කොහොමද නීතිගරුක පුරවැසියෝ වෙන්නේ.

      Delete
    2. මහබැංකු කේස් එකේ නීතිය හැමට සමාන වුනාද
      යහපාලනයට ආපු හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවද
      යුඇණ්පී හොරු හොරාගෙ අම්මගෙ කමිටු වාර්තා මත නිදහස් වීම සාධාරණද

      Delete
    3. කවුද එව්වා සාධාරණයි කිව්වේ.එක තමයි කිව්වේ නිතිය සැමට සමාන වෙන්න ඕනේ කියලා.

      Delete
    4. කාටෙයි කියන්නේ ළොක්කා.. තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක්ය කියනවනේ තියෙන්නේ...

      Delete
  5. දැන් හිතෙනවා අැති හිරේ ලගින්න ගියාම කොච්චර අමාරුද කියලා... අැගට නෙමෙයි හිතට.......
    යකේ මේක නිදහස් රටක්... ප්‍රජාතන්ත්‍රවාදය තියෙන ජනතාවට ඡන්ද අයිතිය තියෙන තීන්දු තීරණ ගැනීමේ හැක

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික - හැකියාවක් තියෙන රටක්.... මේක කාගෙවත් අම්මාගේ අප්පාගේ බූදලයක් නෙමෙයි බොල.... අපේ රට...... අැමරිකාවේ ලගින්න යන්න හූරං කන්න හැකි රටක් නෙමෙයි..... මේක ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ රට.... (මේ ටික කියලා ගෙදර යැව්වත් - අැමරිකාවට - කමක් නැහැ මචං)

      Delete
    2. කරණ කළට පව් මීරීය් මී සේ..

      Delete
  6. දරනා කල ලොකු ලොකු පට්ටම් හිස මත
    යම් දින පොලවට එන බව සිහි නැත
    කරනා ලද නොපනත් කම් අඩු නැත
    විඳපන් ගොයියෝ කරුමය මේ ඇත

    ReplyDelete
    Replies
    1. පයිව් ඉස්ටාර් හෝටලේක හරි කමක් නෑ විඳිනවා නම්..

      Delete
  7. රන් අකුරෙන් නම ලියවා පොර වෙන්නට හිතුවේ
    අං ඇති උන් උපවාසේ යලි අරඹයි පැතුවේ
    මං දන්නෑ කියමින් අයියණ්ඩිත් උඩ බැලුවේ
    දැන් පුලුවන් නම් ඉවසං, නැත්තං බොට කෙලවේ

    ReplyDelete
    Replies
    1. හරි පව් අප්පා... අයියට වගේම මල්ලිලාටත් සලකයි කියලා හිතන්න ඇති..

      Delete
  8. හිටපු ජනාධිපති පැරදීමේ වගකීමත් බැසිල් බාර ගත්තා. හැබැයි පසු ගිය මැතිවරණ වල ජනාධිපති ජයග්‍රහණ වල අයිතියද ඔහුට හිමි විය යුතු බව පවසා තිබුණා

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉල්ලගෙන කනවා කියලා එකෙකුටවත් පෙනුනේ නෑ.. අන්තීමට ආන්ඩුව කරපු එකාගෙ පිටින් ඔක්කොම ගියා..

      Delete
  9. රිදී කලේ රන් කොතලේ බීපු මට
    නිකං කළේ දිය නැතිවිය පිපාසෙට
    කොට්ට මෙට්ට ඇඳ ඇතිරිළි තිබුණු මට
    මෙහෙමත් කළ යාද වැලිකඩ වහල යට

    ප්ලේන් එකේ බිස්නස් ක්ලාස් ආපු මට
    සිද්ද වුණා වැලික්ඩ ඇඳේ ලගින්නට
    හස්බන්ඩ් දැන දැනම පවිත්‍රාටත් බැහැපු මට
    මෙහෙමත් කළ යාද වැලිකඩ වහල යට

    අයියා ඇමැතිකම් තෝරා දුන්නු මට
    එකෙක් නැතිවුණා මගෙ ගැන බලන්නට
    කුට්ටි ගණන් ඩොලර් පවුම් ගිලපු මට
    මෙහෙමත් කළ යාද වැලිකඩ වහල යට

    ReplyDelete
    Replies
    1. හස්බන්ඩ් දැන දැනම පවිත්‍රාටත් බැහැපු මට
      හිරකාරයො දැන් අරීවිද පෝලිමට?

      Delete
    2. වෙහෙරක් උනත් අග්ගල මෙන් ගිල්ල මට
      ගම්පහ හරක් පුක උඩ දන් වැන්ද මට
      කැළණියෙ ගැමුණුවත් අන්තිමෙ කෙලිය මට
      මෙහෙමත් කළ යාද වැලිකඩ වහල යට

      Delete
    3. ඔය මෝරුන්ව එක දවසකටවත් හැබෑ රිමාන්ඩ එකට දමන්න තරම් නම් අපේ රටේ පින් මදි තව ආත්ම ගනනාවකටවත්

      Delete
    4. පට්ට කයිය ලොක්කෝ...

      Delete
  10. පින්තූරයයි කවියයි එක ලඟ දැකලා
    ආතා අපේ කිව්වා හොඳ කතාවක්...
    ආනන්දයෝ දුටුවද බොල සර්පයව
    අප මුණි තොමෝ ඇහුවේ කට කැහුවටද?

    ReplyDelete
    Replies
    1. සර්පයා මොකාද කියලා තෝරා ගන්න තමයි අමාරු..

      Delete
  11. ඇමෙරිකාවේ ආණ්ඩුවේ අය ද ලංකාවේ ආණ්ඩුවේ බැසිල්ලා මෙන්ම කොංග්‍රසයේ හා ප්‍රාන්ත, නගර ආණ්ඩු සභා ගර්භයන් දී මහජනතාවගේ යහපත වෙනුවෙන් කියමින් මහජන මුදල් නාස්තියේ යෙදෙති. එහෙත් මෙහි වෙනස පාරිභෝගිකයාට අනගි සේවයක් අඩු මිලට සපයන නවෝත්පාදනයක් ගෙනෙන්නට දිවා රෑ වෙහෙසෙන වැලිකඩ වැනි හිර ගෙවල් තිබීමයි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ මුදල් වංචා කරලා කියලා ඔප්පු වුනොත් සම්මජ්ජාතියට ආයෙ දේශපාලනයක කරන්න ලැබෙන්නෑ...

      Delete
    2. වැලිකඩ නෙමෙයි අනේ, දැන් ගෙවන වාට්ටුවට දාලා.. කුඩු නව්ෆර්ටත් අසනීප වෙයිද දන්නේ නෑ..

      Delete
  12. බලය තියෙද්දි ඉඳගෙන රට කාලා
    සීයට දහය පන්නාලා වැඩ දීලා
    ඇතුලේ ඉන්න කොල්ලනි මේ අහපල්ලා
    සීයට දහයක් පුක ලොකු කරපල්ලා

    ReplyDelete
    Replies
    1. එක ගුවන් පාලමකින් 10% ගැහුවා.
      ගුවන් පාලම් විසි ගනනක් හැදුවා.
      බුදු අම්මෝ....
      රෙන්නත් චුට්ටක් ඉතුරු කරපල්ල

      Delete
    2. අර ඒඩ්ස් හැදිච්චි හිර කාරයෙක් ඉන්නවා කිව්ව නේද? ඌයි මූයි සුමානෙකට එක හිර කාමරේකට දැම්ම නම් ඒ ඇති. වෙන මොකවත් ඕනැ නැහැ.

      Delete
    3. @ RAJ උඹට තියෙන්නෙ කුල පීඩනය, ඒකට අපට කරන්න දෙයක් නැහැ

      Delete
    4. AnonymousApril 23, 2015 at 12:37 AM
      හැම හුත්තටම කුලය ඇදගෙන උන් තමයි නියම බයියො

      Delete
    5. //RAJ උඹට තියෙන්නෙ කුල පීඩනය//

      හෙහ් හෙහ් හෙහ්...........

      Delete
    6. මෙයාට කෙසේ වෙතත් ඇතුලේ ඉන්න උන්ට බේරෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ...

      Delete
  13. මහින්ද රාජපක්ෂ පරාජය වූයෙව් බැසිල් රාජපක්ෂගේ ක්‍රියා පිළිවෙත නිසා බව කියයි. එය බැසිල් රාජපක්ෂ විසින්ද එය හෙළි කලේය. මහින්දවාදීන්ද එය තහවුරු කලේය.
    අද බැසිල් මහතා සිය රටේ සිට අපගේ මවු රටට පැමිණියා. ඔහු පිලිගන්න ශිලනිප සංවිධායකයෝ බත් පැකට් සහ ඇල්කොහොල් සමගින් පිරිස් සූදානම් කරන ලදී. මෙයින් ගම්‍ය වනුයේ මහින්ද රාජපක්ෂ පරාජය කළ අය ඝාම්භීරව පිළිගන්නේ.............. රාජපක්ෂ පරාජය කිරීම සාධාරනයැයි කියා සිතන බවද........

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++===

      ඇත්තෙන්ම ජාතික වීරයෙක්.
      සුමනදාසට පමණයි දෙවෙනි වන්නේ

      Delete
    2. මටත් තියෙන ප්‍රශ්ණේ ඕකයි.. අර බස්නාහිර මහ ඇමතියා තැන් දෙකේම ඉන්නවා..

      Delete
  14. චෝදනා කවදා ඔප්පු වේවිද අනේ?

    ReplyDelete
    Replies
    1. කවදා හරි දවාලක් ඔප්පු වෙයි...

      Delete
  15. අනේ දෙයියනේ මට වුනු වියෝයා
    ඉල්ලන් කන්න මම පැමිණියේයා
    වැලිකඩ සංහාරය සිහි නොම වේවා
    යහපලනෙන් මට කරුණාවක් වේවා.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නේ ගෙවන වාට්ටුවේ.. ඒකයි යහ පාලනේ වෙනස.. සරත් ෆොන්සේකා අඬනවා ඇති.. මෙහෙම ෆැසිලිටීස් ගන්න පුළුවන් බව නොදැන..

      Delete
  16. මේක බොහෝම පරණ කප් ගහපු කේටරින් සේවිස් එකක් අයියා... හැබැයි ආවට ගියාට සේවිස් එක දෙන එකක් නෙවෙයි ඉස්සරනං... නොදීම බැරි තරමේ තැනකට තමයි සේවිස් දුන්නේ... ඒත් දැන්නං නිතරම වැඩ.. ඕන තැනටයි එපා තැනටයි දිගට හරහට සේවිස් එක දෙනවා... අර විස්සවිජ්ජාලේ ලමෙකුත් කිව්වේ මයික් එකක් ඉස්සරහට ඇවිත් ඒ කාලේ වගේ නෙවෙයි දැන් යහපාලන කේටරින් සේවිස් එක දුටු තැන කෑම දෙනවා කියලා...

    ReplyDelete
    Replies
    1. විස්ස විජ්ජාල ලමයින්ට සලකන විදිය වෙනස් නේ...

      Delete
  17. යදමින් බැඳ විලංගු ලා
    අපේ බැසිලා රැගෙන යන්න
    ඉඳිකටු ඇණ පතුල් පළා
    දෙතිස් වදය පමුණුවන්න

    සියේට දහයෙ කොමිස් ගහල
    බේරෙන්නට ඇහැකි නම්
    කුමට එරට අධිකරණය
    නීතිය හා විනිසුරන්?

    ReplyDelete
    Replies
    1. අපේ අධිකරණය වගේ අධිකරණයක් ළොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ..

      Delete
  18. ko yako rajapakshalale puka lowana sanna po rasa

    ReplyDelete
  19. මේ මැසේජ් එක ආව හැටියෙම මට ඇතිවුනේ සතුටක්. කොතනින් හරි හොරු ඇල්ලීම පටන් ගන්න ඕන. නමුත් වෙනත් න්‍යාය පත්‍ර නොතිබිය යුතුයි. ආණ්ඩුවෙ හොරු හොරාගෙ අම්මගෙ කමිටු වාර්තාවලින් නිදහස් වෙනවනම් මේව දේශපාලන පලිගැනීම් ලෙස අර්ථ දක්වාවි.

    හොරාකන්නෙ දේශපාලනඥයො විතරක් නොවේ. මම නම් කියන්නෙ වත්කම් පරීක්ෂණ හැමට අනිවාර්ය වෙන්න ඕන.
    කස්ටම් එක වගෙ ඒවගෙ වැඩකරන අය කරන වියදම් සහ ඔවුන්ගෙ වැටුප අතර වෙනස බලන්න.

    ඇස්තමේන්තු කරනකොටම හොරාකෑම ඉලක්ක කරනව. මේ ඉතා කුඩා උදාහරණයක්. එක වැවක් හදන්න ලක්ෂ 19 ක් ඇස්තමේන්තු කළා. නමුත් ලක්ෂ තුනකට අඩුවෙන් කළා. මේක එක උදාහරණයක්. ටී ඕ ගෙ ඉදන්ම අර ලක්ෂ 16 බෙදෙනව.යට ඉදන් උඩටම අල්ලස යනව. මාර්ග සංවර්ධනයෙදි මීට වඩා දූෂන වෙනව. ඇස්තමේන්තු කිරීමෙදි තමයි දූෂනය පටන් ගන්නෙ.

    ගමක කුඩා වැවක හයගුනයක දූෂනයක් වෙනවනම් දැවැන්ත ව්‍යාපෘතිවල දූෂනය කොච්චරද

    දූෂනය කියන එක ඉහවහ ගිහින්. ඒ වගේම ඒක ජාලගතයි. පාසල්වලට ළමයි ඇතුලත් කිරීමෙඩි වෙන දූෂන බලන්න. චන්ද්‍රිකාගෙ කාලෙ ප්‍රින්සිපල්ල දෙතුන් දෙනෙක් ඇතුලට දැම්ම. වැඩක් වුනේ නෑ.
    මම හිතන්නෙ නිළධාරීන්ගෙ දූෂන දේශපාලනඥයන්ගෙ දූෂනවලට වඩා වැඩියි.

    ReplyDelete
    Replies
    1. නමුත් ඉස්සෙල්ලා ලංකාවේ ව්ශාලම දූෂිත පවුල වන රාජපක්ෂ පවුලට දඩුවම් කරල ඉන්න ඔනෑ...
      වඩා වැදගත් බෝක්කුව යට කුඩු ගහන එකා අල්ලන්න කලින් වෙලේ සුදා අල්ලන එක..

      Delete
    2. ම.ම.ධා.
      පොඩි පොඩි වැඩ වලදී දැන් ඇඳුනුම් කම්වලට හෝ වෙනත් හේතු වලට "අර වැඩේ කරන්න මෙච්චර පාස් කරන්න" වගේ කියල කරන්න පුළුවන් ඇති.
      නමුත් ලොකු ප්‍රොජෙක්ට් වලදී BOQ එක්ක වැඩේ වෙන නිසා ඔය කියන තරම් සෙල්ලම් දාන්න බැහැ.
      එහෙම හිතනවනම උඹ ෆීල්ඩ් එක ගැන සත පහක දෙයක් දන්නේ නැහැ.

      Delete
    3. අරූ මූට වඩා දූෂීතයි.. මූ අරූට වඩා දූෂීතයි.. මෙයා ජාතික වීරයෙක්.. අරයා රණ විරුවෙක්.. මෙයා අරයගේ මල්ලි.. හුකාරිස් නෙමෙයි ඕන. හැම එකාටම එකම නීතිය ක්‍රියාත්මක වීම..

      Delete
  20. ම්ම හිතන්නෙ මාතලන් මහින්දව අධිතක්සේරු කරනව.. මහින්ද වෙනුවෙන් උද්ගෝෂනය කරන්න දාස් ගානක් පාරට බැස්සත් (1000 වත් එහෙම බැස්සෙ නෑනෙ ) මහින්දට අකමැති මිනිස්සු මිලියන ගානක් නිහඩව ඉන්නව..
    මරාගේ ගෑස් තියෙන්නේ ඔය බහුතර විපක්ෂය තියෙන නිසා.. පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සෙ යූඑන්පී විරෝදී සිංහල චන්ද ස්‍රිලනිප, ජේවීපී, ෆොන්සේකා, හෙල උරුම වගේ විවිධ පිල් වලට කැඩෙනව...
    සාම්ප්‍රදායික එජාප චන්ද, දකුනේ සුලුතර චන්ද, බුද්ධිමත් සිංහල චන්ද වලින් එජාපයට බහුතරය ගන්න එක සුලු දෙයක්..

    ඊටපස්සෙ සිරිසේනට චන්ද්‍රික එක්ක එකතුවෙලා විමුක්තිව ගෙනැල්ලා මහින්දගෙන් තොර ස්‍රිලනිපයක් ගොඩනැගීම ඇර වෙන විකල්පයක් නෑ.. මේ යන්නේ 2005 පටංගත්තු රාජපක්ෂ නාඩගමේ අන්තිම කොටස..

    ReplyDelete
    Replies
    1. ඔය විදියටා වෙනවා නම් කොච්චර සෝක්ද අනේ...

      Delete
  21. අපේ කස්ටියට ටික දවසයි ඔවා මතක ඊට බැසිල් තමයි විරයා කොහොමද මාංචු පිටින් අත් දෙක උස්සලා ආචාර කරනකොට..
    අපි දෙනවා හුරේ පාරක්..

    ReplyDelete
    Replies
    1. ඊයේ ගෙවන වාට්ටුවට යන කොට නම් අත් නෙමෙයි කකුල් දෙකත් පණ නැතිව රෝද පුටුවෙන් ගියේ...

      Delete
  22. හිරෙත් ගියා කියන්නේ මීළඟට ජනාධිපති වෙන්නත් හොඳ සුදුසුකමක්

    ReplyDelete
  23. Me scene eka wedi dawasakata nemei. Heta aniddata kata uththarayak aran eliyata dawi. Baiyyala facebook eke share karai. Toyyala comment karai. Ochchara thamayi ithin. Saddei pada gandai witharai.

    ReplyDelete
    Replies
    1. ඔවා මොනාද මිනී මරාපු උන් ඇප පිට විත් පාතාලේ රන් කරන රටේ.. නඩු කාරයට ලැබෙන ගාන අනුව තමයි තීන්දුව තීරණය වෙන්නේ..

      Delete
  24. ඇත්ත රිමාන්ඩ් එකේ දවසක්වත් තිබ්බනං තමා හරි!

    ReplyDelete
    Replies
    1. පිස්සුද.. ඒවයේ කොහොමෙයි ඉන්නේ ජාතික වීරයෝ...

      Delete
  25. සමහර රටවල වෙනම දේශපාලන බන්ධනාගාර හෝ සිරකඳවුරු තියනව/තිබුන දේශපාලන සිරකරුවන්ට

    මෙහෙ විතරයි දේශපාලකයින්ගේ සිරගෙයක් තියෙන්නෙ බන්ධනාගාර රෝහල කියල නමකින්

    ReplyDelete
    Replies
    1. දේශපාලන සිරකඳවුරු මෙහෙත් තියනව. 71, 87-90 කාලෙත් යම් මට්ටමකට තිබුන. මුං ඇවිල්ල දේශපාලන සිරකරුවො නෙවේ. මෙතන තියෙන්නෙ හොරුන් විවිධ ලෙවෙල් වලින් සිටීම. හොරට පොල් කැඩීම වගේ කේස් වල ඉඳල මහජන මුදල් කොල්ලකෑම දක්වා සීන් වල බුවාල ඉඳීම.

      Delete
    2. "දේශපාලන" සිරකරුවෝ නෙමෙයි රාජ් රෝහලට යන්නෙ ,උන් තාම යන්නෙ හිරේ.

      රෝහලේ සිරගත වෙන්නේ "දේශපාලක" සිරකරුවන්

      Delete
    3. ගෙවන වාට්ටුව, බන්ධනාගාරෙට බාර දෙන්න යනවා කියන්නේ...

      Delete
  26. මටත් තියෙන හෙනම ප්‍රශ්නයක් තමයි සහා මුන්ව මරන්න තරම් කේන්තියක් එන දෙයක් තමයි ලොකු ලොක්කෝ හැමෝම රිමාන්ඩ් උන ගමන් එ් **තන්ට මොකක් හරි ලෙඩක් හැදිලා බන්ධනාගාර රෝහලට දානවා,රෙද්ද..

    ReplyDelete
    Replies
    1. තුන් දෙනාටම එකම ලෙඩේ.. පපුවේ අමාරුවක් හැදිලා.. කොයි පපුවෙද දන්නේ නෑ..

      Delete
  27. ඔන්න ඔහේ 'රෝහල් බන්ධනාගාරයේ' විවේක සුවයෙන් ටික දවසක් ඉන්න අනේ.

    ReplyDelete
    Replies
    1. එහේ ෆැසිලිටීස් මදිය කියලා ගෙවන වාට්ටුවට ගෙනිහින්.. සිරි ලංකා එකෙන්ලු බිල ගෙවන්නේ..

      Delete
  28. මාතා, මේ බලන්න මහින්දගේ කටින්ම කරපු හොරකම් ගැන කියන හැටි.

    පුදුමේ කියන්නේ මේ රටේ ගෝත්‍රිකයෝ ඇදල තියන ඇදිල්ල.

    https://www.facebook.com/slupfa/posts/10153154192521259

    ReplyDelete
    Replies
    1. දැන් දැන් පවු සමා කරනවා.. ඒත් එකෙක්ගේ වත් නම කියන්නේ නෑ.. මාර ලීඩර්ලා...

      Delete
  29. තවත් පුස් වෙඩිල්ලක් ........
    බොරු ප්‍රොදර්සොනයක්........
    ගොං අපිට ටික දවසකට තලු මරන්න බලු කට්ටක්.............

    ReplyDelete
  30. Me wage moda post danna epa yako. Uba karapu waradi walata walikada giya data thereyi.

    ReplyDelete
  31. දිවි නැගුමෙන් මගෙ දිවි මග නගාගෙන
    මග නැගුමෙන් මගෙ සනුහරෙ නගාගෙන
    ගම නැගුමෙන් ගම කා හූරලා ගෙන
    ගියත් තොපිට මක්කැයි හිටු ....ගෙන

    ReplyDelete
  32. කාට කාටත් මතක ඇතිනේ අරාබි වසන්තය කියලා රැල්ලක් පහුගිය කාලේ දිවුවා... අරාබිකරය පුරා රටවල් අස්ථාවර කරමින් ඒ ඒ රටවල හිටපු නායකයින්ට එරෙහිව රටේ ජනතාවයැයි කියාගන්නා පිරිස් හා ඒ අතරට වැදුන වෙනත් පිරිස් විසින් ඒ ඒ රටවල නායකයින් ඉවත් කර.. පන්නා දමා.. ඇතැම් විට මරණයට පත් කර.. රටවල්වල පාලනය බිඳ දාපු ආකාරය... ඔයින් දරුණුම එක උනේ ලිබියාවේ... ටිකක් තද නීති යටතේ උනත් පිළිවෙලකට ලස්සනට මුවම්මර් අල් ගඩාෆි කියන නායකයා යටතේ තිබුන රටේ ගඩාෆිව මහා පාරේ තිරිසන් ආකාරයකට මරා දාපු ආකාරය...
    ඔව්වා දැකපු අපේ සමහර අවලංකම ජන්මයෙන් අරං ඇවිත් තිබුන හැත්තක් මහින්දවත් පාරේ ඇදන් යන අරාබි වසන්තය එනකල් දතකට මැදගෙන හිටියා කියන එකත් මතක ඇතිනේ...
    ඒත් ඒ හිතපු විදියට රටේ කැරලි ගහන්න මිනිස්සු හොයාගන්න බැරි වීමත් මහින්දට රටේ මිනිස්සුන්ගේ ඇති ආදරය නිසාත් ඒවා හීනයක් බවට පමණක් පත් උනා.. එහෙම බැරි හින්දා අන්තිමට වෙනම කුමණ්ත්‍රණයක් කරලා රට පුරා බොරු වපුරලා.. මහ ජාතිය බේධ බින්න කරවලා සුළු ජාතිකයින් එක රොත්තට එක්කාසු වෙලා අවසානයේදී මහින්දව බලයෙන් පහ කරන්නනං පිරිසකට හකියාව ලැබුනා.. හැබැයි පරාද උන මහින්ද කිසි සද්දයක් නැතිව ගෙදර ගියා.. පරාදයත් එක්ක රටේ අවුලක් හදලා හරි මහින්ද හා පවුලේ අයගෙන් මහපාරේ පලිගැනීමක් අපේක්ෂාවෙන් හිටිය අවලමාලට ඒකත් මිස් උනා.. ඒ කේන්තියටත් නිකං නොහිට මහින්ද හමුදාව දාලා බලය අල්ලන්න හැදුවා කියලා ටොම් පචයකුත් අතරලා බැළුවා.. ඒත් අවසානයේ අද වෙද්දි මහින්දට හදපු ටොම්පච එකින් එක පුස් වෙමින් යන අතරේ.. පරාද උනාට පස්සේ දින සීයක් වගේ සුළු කාලයකින් හිටියටත් වඩා ජනතාව අතරේ විශ්වාසය හා ආදරය දිනා ගන්නටත් මහින්ද අද වෙද්දි සමත් වෙලා ඉන්නවා...
    හැබැයි මේ අස්සේ දැන් දැන් මහින්දගේ මේ විශ්මයජනක නැගී හීටීම නිසා යන එනමං නැති වෙලා ඉන්න අය විසින් මහින්දවත් පවුලේ අයවත් සමීපතම හිතවතුන් හා ආධාර කාරයින්වත් දඩයම් කරන්න දත කමින් ඉන්නවා... මෙයාලගේ අවසන් අරමුණ කෙසේ හෝ මහින්දව හිරේට දාගන්න එක...
    අන්න එතනදී අපිට තියෙනවා පණිවිඩයක් දෙන්න මේ අවලං හැත්තට...
    අර කාලයක් තිස්සේ තමුන්නාන්සේලා බලං හිටිය අරාබි වසන්තය මේ රටට උදා වෙන්නේ ආන්න එදාට තමා.. මහින්දට බොරු චෝදනා කරලා ඇතුලට දාපු දවසට තමා අරාබිය ලංකාවට ඈත හින්දා පරක්කු උන අරාබි වසන්තය මේ රටට උදා වෙන්නේ... එදාට මේ රටේ මිනිස්සු කුපිත වෙලා පාරට බහින එක නවත්තන්න මොන යකාටවත් බැහැ... අර හොරගොල්ලේ පිිස්සු හුටමට හූ කියපු එක මොන තරං අහිංසක ආරම්භයක්ද කියලා තේරුං ගන්න ඕනනං මහින්දට අත තියලා බලන්න.. හැබැයි මතක තියා ගන්න එහෙම කරලා මිනිස්සු කුපිත උනාම කොයි කාව මහපාර දිගේ ඇදගෙන යයිද කියලා අපිට කියන්න බැහැ... මිනිස්සුන්ගේ කෝපය දවසෙන් දවස වැඩි වෙමින් තියෙන වෙලාවක ඕන නැති රෙද්දක් කරලා බෝම්බේ පුපුරවගන්න හදන්නේ නැතිව සාමෙන් ඉන්න තරමට ජහපාලකයින්ටත්.. ඒ ඒ පවුල්වල අයටත් අවුලක් වෙන එකක් නැහැ.. හැබැයි වැරදි නිලේ ඇල්ලුවොත්නං පුතේ.. කෝට් බෑයවල්.. කපටි සූට් පිටින්ම අවසන් ගමන් යන්න පාර කපා ගතෑකි...

    ReplyDelete
    Replies
    1. අනේ ගොන් බයියෝ තෝ වගේ මහින්දයා ඇවිල්ලා තොගෙ ඇස් ඉදිරිපිට තොගේ අම්මාව දූෂණය කරලා ගියත් අනේ අපේ උත්තම නායකයා කියලා දණින් වැටිලා වැඳ වැටෙන අවලං තිරිසනෙක් අනෙක් එවුන්ට අවලමා කියන එකේ ඇති තේරුම මොකද්ද යකෝ? තොගේ පෞද්ගලික වාසියට ලෝකයේ හිටපු අන්ත දූෂිත ගං කබරයෙක් කරේ තියාගෙන උස්සගෙන යන්න ලජ්ජාවක් නැති තොට අනුන්ගෙ සදාචාරය ගැන කතා කරන්න තියෙන අයිතිය මොකද්ද පරයෝ?

      මිනිස්කමට නිගාගෙන බල්ලෙක් වෙන්න එපා මිනිහෝ. තිරිසන් යෝනියේ ඉපදුනත් තිරිසනෙක් විදිහට හැසිරෙන්න එපා. මිනිහා කියන්නෙ තිරිසනාට වඩා ඉහළ සත්වයෙක්. ඒ විදිහට හැසිරියන්. මිනිහෙකුට තිරිසනෙකුට වගේ නෙවෙයි රටක් ජාතියක් ජන සමාජයක් කියල එකක තියෙනවා. තෝ අද කරන මේ පර වැඩෙන් නැතිවෙන්නෙ තෝ නෙවෙයි මේ රටේ අනාගත පරම්පරාව. ජඩයන්ට කඩේ යන්නෙ නැතුව තිරිසන් විදිහට හැසිරෙන්නෙ නැතුව මිනිහෙක් වෙන්න බලපන්.

      Delete
    2. තොපි නිකම්ම නිකම් බයියෝ නෙවෙයි. තොපි අපට නිදහසට වඩා වහල්කම හොඳා කියන වහල් බයියෝ...!

      Delete
    3. බයියා බබෙකුගේ ශෝකාලාපය.. ගොන් හරක්..

      Delete
    4. ඔය චතුෂ කුමාර ලියලා තිබුණු ගොන් කතාවක්...

      Delete
  33. *** ශිහාන් ගෙ අද තනියෙන් මා ගීතයේ රී මේක් එක***

    අද තනියෙන් මා
    එළි පිට වටකරන්
    කුදලා ගත්තෙ මා
    මාංචු දා
    විලි ලැජ්ජහේ බෑ

    ReplyDelete
    Replies
    1. මාංචු දාන එක නම් කැත වැඩේ...

      Delete
  34. ඉස්පිරිතාලෙට ගිය හන්දා තව ටික දවසකින් ඇප ලැබෙන්නත් බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන බය වෙන්න එපා.. මොකෝ නඩු ඇහුවොත්.. නඩු කාරයා හිරේ යනවා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න