.

.

Jun 23, 2015

නිදි යහනේ නෑ සහනේ II - Sex Advice



අද කාලේ ඕන මළදානයකට සයිබරේ වගේ, ඒ කාළේ තිබුනේ පත්තරය. අදටත් පත්තර බිසිනොස් එක නැගලා යන බිසිනොස් එකක්ය. පත්තරේ එලියට එන කාළය අනුව එක කැටගොරියක් යනවාය.  දිනපතා පත්තර, සතිපතා පත්තර, සති අන්ත පත්තර කියලාය. මාස් පතා එන පත්තරවලට වඩා තියෙන්නේ සඟරාය. ඉස්සර මාසෙකට සැරයක් යන පොරෝගැරෑන් එකක් රූපවාහිනියේ ගියේය. ඒකට කිව්වේ "නන්දන වින්දන" කියලාය. අන්තීමටන උනේ කාන්තාවන්ට මාසෙකට සැරයක් හැදෙන ලෙඩේ "නන්දන වින්දන මාසික විවිධ ප්‍රසංගය" වීමය.

ඊට අමතරව පත්තර එක එක කැටගොරිවල යනවාය. ළමා පත්තර අදටත් තියෙනවාය. ඒ කාළේ තිබුන ජනප්‍රියම ළමා පත්තරේ "මිහිර" පත්තරේය. මිහිර පත්තරේ ආවේ සඳුදාය. ඊට පස්සේ "විජය" ආවේය. අද නම් කප්පරක් ළමා පත්තර තියෙනවාය. අද කාළේ නැති උනත්, ඒ කාළේ වැඩිහිටි පත්තරත් හෝ ගාලා තිබුනේය. අපේ කාළේ කොල්ලන්ට ඒ කාළේ වැල ෆිල්ම් තිබ්බේ නැති නිසා, ඔය පත්තර නැගලාම ගියේය.

වැඩේ පටන් ගත්තේ "සිනා" පත්තරෙන්ය. ඒකේ තිබුනේ ජෝක්ස් විතරය. ඊට පස්සේ, කියවන කොට කූරූ කෙලින් වෙන පත්තර පඩංගු වැල වගේ එන්න පටන් ගත්තේය. සරණ, නව සරණ, අර සරණ මේ සරණ කියා නහුතයක්ම තිබුනේය. ඩී ආර් විජේවර්ධන මාවත කෙලවරේ තියෙන පොත් සාප්පුවලින් ගානක් ගෙවලා  අරගෙන එන රිටර්නබල් ප්ලේබෝයි වර්ගයේ සඟරා වලට කෙල වෙලාම ගියේ, මේ පත්තර නිසාය.

පස්සේ කාළේක ඕවා නැති වෙලා ගියත්, කොල්ලෝ, කාන්තා පත්තර කියවන්න ගත්තේ, ඒවායේ පොඩි පොඩි ආතල් කෑළී ගිය නිසාය. අදටත් ඉස්කෝලේ සැක්ස් උගන්නන්නේ නැති නිසා අපේ උන් ජාලෙන් සැක්ස් හොයලා ගිනස් පොතේ නම ලියව ගන්නවා වාගේ, වල් පත්තර නැති උනයින් පස්සේ, සැක්ස් ඉගෙන ගත්තේ කාන්තා පත්තර වලට පිහිට වෙන්නටය. අර කුණුහබ්බ පත්තර කාමර අස්සට වෙලා හංගාගෙන බැලුවා උනාට. කාන්තා පත්තර කියවන්න එහෙම අවුලක් උනේ නැතිය.

අම්මා හරි අක්කා හරි ගේන පත්තරෙන්, කිසි අවුලක් නැතිව සැක්ස් කෑල්ලක් දෙකක් කියවපු කොල්ලෝ අනන්තවත් උන්නේය. ඔය පත්තර වල ඔක්කෝටම කළින් කියවන කොටහ උනේ, "නිදි යහනේ නෑ සහනේ" තීරුවය. ඒකේ තිබුනේ එක එක ඇන්ටිලාට අක්කිලාට තියෙන සැක්ස් පොබ්ලම් හා ලව් පොබ්ලම්ය. මේ කුස්සෙන්ස්වලට ආන්සර්ස් දුන්නේ ඔක්කෝම කාන්තා පාර්සවේ උන්දලාය. ඒ නිසා සමහර පත්තරවල මේ තීරුව ගියේ, සුරංගි අක්කාගෙන් අහන්න, අර අක්කාගෙන් අහන්න, මේ අක්කාගෙන් අහන්න කියලාය. එහෙම උත්තර දෙන්න අක්කලාම ගන්න ඇත්තේ, අයියලා උත්තර දෙන්න ගියා නම්, ජනගහනය වැඩි වෙන නිසා වෙන්න පුළුවන්ය.

මාස් සුද්දිය හරියට වෙන්නේ නැති ඒවා පටන්, ඇඟ කෙට්ටු වීම, මහත් වීම, කකුලේ මයිල් තිබීම, පියවුරු එල්ලා වැටීම, ඔළුවේ උකුනෝ සිටීම, කිහිල්ලේ මයිල් තිබීම වගේම සැමියා තෘප්තිමත් නොවීම, ඒ යකා වෙන එකකට කෙටීම් ඉතරක් නොව, සමහර ගෑණුන්ට ස්ත්‍රී නිමිත්ත තියෙන තැනයි, පිරිමින්ගේ ඇඟ තියෙන තැනයි කියලා දුන්නේත් මේ අක්කිලාය. 

ඕන් ඔය අස්සේ තරුණයන්ටත් පත්තරයක් ආවේය. නම "තරුණයා"මය. ඒකේ උත්තර දුන්නේ අයියලාය, පුරස්න ඇහුවෙ මල්ලිලාය. ගොඩක් උන්ට තිබුන පුරස්නේ උනේ අතේ මරණ එකය. සමහර උන් කිව්වේ පස් වරක් පහ විසි පහයි කියලාය. පුරස්නේ උනේ එහෙම කොරාට අවුලක් නැද්ද අහලාය.
ඔය පුරස්නේ කව්දෝ ලැක්චර් කෙනෙක්ගෙන් ඇහුවාම, ඒ යකා කියලා තිබුනේ, ඕක කලාම කෙට්ටු වෙනවා නම්. එහෙනම් මම මේ වෙනකොට ගෙවිලාම ගිහින් තියෙන්න ඕනා කියලාය. කොහොමින් කොහොම හරි, නෝනා කෙනෙක් කාන්තා පත්තරේට යවන්න ඕන තැපල් පතක්ද කොහෙද වැරදිලා තරුණයා පත්තරේට එවලා තිබුනේය.

එයාගේ ප්‍රශ්ණේ සඳහන් වෙලා තිබුනේ මෙහෙමය.

මම වයස අවුරුදු 30ක් පමණ වන එක් දරු මවක්මි. පසුගිය සතියේ මගේ ස්වාමි පුරුෂයා මදක් අසනීපව නිවසේ නතර වූ නිසා, මම මගේ වාහනය ගෙන රැකියාව බලා පිටත්ව ගිය අතර, සැතපුම් 2 ක් පමණ ගිය පසු වාහනයේ එන්ජිම රත්වූ නිසා, වාහනය නැවත හරවා ගෙන නිවසට පැමිනියා. එසේ පැමිණි මා දුටුවේ මාගේ ස්වාමි පුරුෂයා, අප නිවසේ සේවය කරනා මෙහෙකාරිය සිප ගනිමින් සිටිනා අයුරුයි. මා දැන් කුමක් කළ යුතුදැයි වැටහීමක් නොමැති අතර, ස්වාමි පුරුෂයා හා එක් වීමද නවතා දමා සිටිමි. කරුණාකර මට උපකාර කරන්න.

ඒකට සිරිල් අයියා දුන් පිළිතුර මෙසේය..

හිතවත් සොයුරිය,
සැතපුම් 2 ක් වැනි ඉතා කෙටි දුරක් ධාවනයේදී පවා ඇන්ජිම රත්වීම බොහෝ විට කාබරේටරයේ දෝශයක් විය හැකිය. වාහනය පන ගැන්වීමට පෙර ඇන්ජිමේ තෙල් ප්‍රමාණය හා රේඩියේටරයේ වතුර ප්‍රමාණය නිවැරදි මට්ටමට තිබේ දැයි පරික්ෂා කරන්න. එමෙන්ම නියමිත කාළයෙදී හා දුර ප්‍රමාණය ධාවනය කිරීමෙන් පසු වාහනය සර්විස් ඉස්ටේසමකට දමා, සර්විස් කරවා ගැනීමටද අමතක නොකරන්න. මින් පසු මේ ගැටළුව මතු නොවනු ඇත. මේ උපදෙස් ඔබට උපකාරි වූයේ යැයි සිතමි.

මිතුරකු විසින් එවන ළද සුද්දාගේ කතාවක් අපේ එකක් ලෙස අනුවර්ථනය කොටැ ලියා ප්‍රසිද්ධියට පත් කළේ මහාචාර්ය මාතලන් වන මා විසිනි.

118 comments:

  1. මෙහේ නං තියෙනවා රෝඩ් සයිඩ් ඇසිස්ටන්ස් කියලා සේවයක්. ඔටෝමොබටිල් ඇසෝසියේෂන් එකේ සාමාජිකත්වය ගත්තාම තව ගානක් අවුරුද්දට ගෙවලා ඒ සර්විස් එක ගන්න පුළුවනි. කාර් එක කැඩුණාම කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ.

    මිකැනික් ඇවිත් පොඩි දෙයක් නම් කරලා දෙනවා, නැති නම් ගරාජ් එකකට ගිහින් දානවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ නෝනලට එහෙම උනාට.. අද කාළේ කොළඹ නෝනලට මෙහෙම ගැටළු මතු වන එකක් නෑ.. මොකෝ දැන් මෙහෙත් තියෙනවා ඔය කිව්වා වගේම සර්විස් සපයන ආයතන කීපයක්ම..

      Delete
    2. උබට සහනෙ තියෙන්නෙ සිරිකොත නේද මාතලං

      Delete
    3. උබ නෙවෙයි Paකෝ උඹ. තෝ ඒකවත් හරියට ලියාගන්න බැරි අපතයෙක්.

      Delete
    4. රනිල් එක්ක යහන්ගත වෙලා 1600/= කුත් සාක්කුවෙ දාගෙන එන මාතලංට මොන මොන අසහනේද නිදි යහනේ..........

      Delete
    5. මාතලන්ට රුපියල් 1,600 ගෙවන්නෙ උඹෙ අම්මගෙ එකවුන්ට් එකෙන්ද බං උඹට මෙච්චර රිදෙන්නෙ පුකට ගම්මිරිස් දැම්මා වගේ?

      Delete
    6. AnonymousJune 24, 2015 at 1:35 AM

      මම එකපාරයිනේ කරේ සුදු මල්ලියො උඹට දැනුනේ ගම්මිරිස් දැම්මා වගේද?

      Delete
    7. AnonymousJune 24, 2015 at 5:29 AM,

      මචං මට පේන්නෙ උඹ වෙන කෙනෙක් කියලා උඹේ අම්මවම පටලවගෙන බවයි. එයා තමයි ඔය ගම්මිරිස් කතාව කිව්වෙ. ඒ නිසා මීට පස්සෙ වත් පරිස්සම් වෙයන්. නැත්නම් පව්.

      Delete
    8. @ AnonymousJune 25, 2015 at 4:14 AM

      නෑ නෑ මචෝ උඹලගේ අම්මයි ඕක මට කිව්වේ . මොකද මම උඹවයි උඹලෑ අම්මවයි දෙන්නම පාවිච්චි කොරනවනේ.

      Delete
    9. AnonymousJune 25, 2015 at 5:43 AM,

      ඒ කියන්නෙ උඹ කනත්තෙ පස් වලටත් අරින්න තරම් මානසික රෝගියෙක්ද?

      Delete
    10. /ඒ කියන්නෙ උඹ කනත්තෙ පස් වලටත් අරින්න තරම් මානසික රෝගියෙක්ද? /

      +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. කාර් එකේ සර්විස් කළ යුතු කාලය හෝ ඔඩෝමීටර් කිමී ගාන සහ ඒ ඒ සර්විස් එකේ දී කළ යුතු වැඩ දක්වන පොතක් තියෙනවා. සර්විස් කළ යුත්තේ ඒ අනුවයි.

    නිකම් තෙල් මාරු කළාට, ප්ලග් දැම්මාට මදි!

    8=)

    ReplyDelete
    Replies
    1. තෙල් දාන්න කලින් ඇන්ජිම ටියුන් කරලා ඉන්න ඕනී.. ඔය ඇන්ජිමට තෙල් දාන ඒවා පානට තිරේ දාන ඒවා බොහෝම පරෙස්සමෙන් කොරන්න ඕන කළාත්මක වැඩ..

      Delete
    2. රසික ත් අර සිරිල් අයියා වගේ කමෙන්ට් දාලා තියෙන්නේ නියමයි :D

      Delete
    3. කව්ද දරුවො සිරිල් අයිය කියන්නෙ?

      Delete
    4. ඇයි අනේ මාතලන් කියලා තියෙන්නේ අන්තිම කොටසේ

      Delete
    5. රසිකගෙ උපදෙස් කාර් වලට විතරද? ලොරි වලට අදාළ නැද්ද?

      Delete
    6. ඩ්‍රයිවර් වෙනස් කලාමත් සමහර එන්ජින් ටර්බෝ චාජ්වෙනව

      Delete
    7. මගේ යාලුවෙක්ගෙ ලොරිය ගැනයි මම කිව්වෙ. ඒකෙ ඩ්‍රැයිවර් නම් කීප සැරයක් මාරු කළා හැබැයි වැඩක් නෑ. තාම එහෙමමයි. හද්දා පරණ ලොරියක්.

      Delete
  3. ලංකාවේ වුනත් Exide බැටරි ගන්න උන්ට එහෙම ජංගම සේවාවක් තියෙනවා බැටරියේ ආබාදයක් නම්. කොටින්ම ස්ටාට් නොවී ගියොත් ඒකට කතා කරන්න පුලුවන්.
    ඇයි ඔය Lanka Automobile Association තියෙන්නේ. ඒකක සාමාජිකත්වය තියෙන්නේ රෑක කොහෙ හරි අතරමං වුනාම තමයි.
    මෙතන වෙලා තියෙන්නේ එක්කෝ තර්මොස්ටැට් එක වැඩ කරන්නේ නෑ. නැතිනම් හෝස් එකකින් ලීක් වෙනවා, නැතිනම් ෆෑන් බෙල්ට් එක ලූස් වෙන්නත් පුලුවන්. අර temperature gauge එකක් තිබ්බට ඕක දිහා බලනවයි කියලයැ.
    ඔය වාහනේ හෝන් එකේ අවුලකුත් තියෙනවා මම හිතන්නෙ. හෝන් එක හදාගත්තා නම් හුඟක් ප්‍රශ්ණ විස‍ඳෙනවා.

    ReplyDelete
    Replies
    1. අර කිව්වා වගේ හෝන් එකේ ළොකු ප්‍රශ්ණයක් ඇති..

      Delete
    2. Lanka Automobile Association තාම තියෙනවද? මං හිතුවෙ ඒ වා තිබුණෙ මාතලන්ගෙ සීයා බක් ෆියට් එක එලෝන දවස් වල කියලා.

      Delete
    3. AnonymousJune 24, 2015 at 1:39 AM

      බක් ෆියට් නෙවෙයි හරකෝ බග් ෆියට්. අනේ හිඟන්නා

      Delete
  4. මචං නෝනා හරියට පාගනවා ඇති ඒකයි ඇන්ජිම රත් උනේ.. සිරිල් අයියගේ උත්තරේ හරි.. දැං තියෙන පත්තර වල නං එකම වගේනේ බං.. මටත් මාරු වෙනවා..

    කොහෙය්ද අයියේ ගිහින් හිටියේ.. ලංකාවේ ඇත දීපදේසංකරේට ඔයැයි අතරමං උනැයි.. හැක්

    ReplyDelete
    Replies
    1. අළුත් රස්සාවකට ගොහින් හිටං මෛත්‍රිපාල උන්නැහේට වගේම තමා බං.. කොරන දේකුත් නෑ, නොකරන දේකුත් නෑ.. අම්බානක බිසි..

      Delete
  5. වසුරුගොඩ විසුරවන්නෙ නැතෙයි? මාස තුනකට කල් දානවැයි

    ReplyDelete
    Replies
    1. විසුරවපු දාට උඹේ පුකත් පලනවා. උඹ දොස්තර නිසා මහගන්න සූදානම් වෙලා හිටපන්.

      Delete
    2. අෆ්ෆා... ඒකට මට "මහන" කෙනෙක් කෙනෙක් හොයා ගන්න වෙයි ඇනෝ පින්වත ....

      Delete
    3. සා රස වන් වෙනත් බලු බෙට්ටක් ලොවෙත් කොහිද​.

      Delete
    4. //Sa rasaJune 24, 2015 at 5:25 PM

      සා රස වන් වෙනත් බලු බෙට්ටක් ලොවෙත් කොහිද​.//

      මහින්ද මාමාට මර්වින් හිටියා සේ මට ඔබ වැනි ෆේක් විකාරකාරී අනුගාමිකයන් සිටීම මට මහත් ආඩම්බරයකි

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. //මහින්ද මාමාට මර්වින් හිටියා සේ මට ඔබ වැනි ෆේක් විකාරකාරී අනුගාමිකයන් සිටීම මට මහත් ආඩම්බරයකි//
      යන මෙය
      //මහින්ද මාමාට මර්වින් හිටියා සේ මට ඔබ වැනි ෆේක් විකාරකාරී අනුගාමිකයන් සිටීම ආඩම්බරයකි// යනුවෙන්
      "මට මහත් "ඉවත්කර නිවරදි කර ගන්න​.
      ගූ රස තුමාට තරහ ගියවිට බාසාවද වරදින බව පෙනේ. අපහසු නම් වාසුදේව සර්ගේ බයියන් සඳහා වන​ සරල සිංහල​ කලෑසියට සහභාගීවන්න​.

      Delete
    8. //නම් වාසුදේව සර්ගේ බයියන් සඳහා වන​ සරල සිංහල​ කලෑසියට සහභාගීවන්න​. //

      වන්නෙමි වන්නෙමි.. ඔත්තුවට ඉස්තූතීය....

      Delete
    9. //Sa rasaJune 24, 2015 at 10:50 PM

      ++++++++
      //

      හහ් අහ් හහ් බුවහාහ්....

      කිරිඅප්පට බල්ලො පැනපි කිවුවලු....

      ෆේක් සර ස තුමයි ඇත්ත සර ස වන මම තුමයි ටිකාක් විතර යාලු වෙලා වගේ නේ....

      Delete
    10. අම්මෝ... මෙන්න හොල්මං....!!!!!

      Delete
    11. ඕන් විසුරෙව්වා. දැන් ඉතින් ඉතිරි හොරු සෙට් එකත් එලවමු.

      Delete
  6. Wayne parang unaama Ohoma wenawa

    ReplyDelete
    Replies
    1. මොනාද ඕයි මේ ලියලා තියෙන්නේ. හම්බ කබ්බෙක් නේ උඹ

      Delete
    2. දමියා ,ඇත්තටම මොනවද ඕයි මේ ලියලා තියෙන්නේ ?

      Delete
    3. අමිමපා බොලේ මක්කයි මේ මම ලියල තියේන්නේ. ගණන් ගන්නඵපා කබිබො නේ

      Delete
    4. අමිමපා බොලේ මක්කයි මේ මම ලියල තියේන්නේ. ගණන් ගන්නඵපා කබිබො නේ

      Delete
    5. එන්ජිම පොඩ්ඩක් චැක් කොර ගනින්.

      Delete
  7. මිහිර තමා අපෙත් පත්තර කියවීමේ ආරම්භය. ඒක හෙන සිරා. විජය පත්තරේ ඒ කාලෙනං විශ්ව කෝෂයක් වගේ. රට රටවල් ගැන ආටිකල් එකක් ගියා හරිම වටින.
    අර උඹ කියාපු සරණ පත්තර වගේම ඉට්ටැයිල් එක පොඩ්ඩක් වෙනස් ඒවා තාම තියෙනවා නේද? ඒවායේ යන්නෙ අත්දැකීම්. ඒවායේ ගැහැණු අයගේ අත්දැකීම් කියලා ලියන්නෙ අමු පිරිමි බව හොඳට පේනවා.
    වැඩ අස්සෙත් උඹ ලියපු ඉස්සර ඒවා වගේම හොඳ රසවත් ආටිකල් එකක්.

    ReplyDelete
    Replies
    1. මාත් මිහිර අරන් විජය පත්තරේ එන්න කලින් කියෝලා ඉවර කරනවා ,, ඒ පත්තරේ සුවඳටත් මං ආසයි

      Delete
    2. ඔන්න ඒවා කියනව ලමයින්ට මගේ ගානේ ඇඩ් එකක්..

      මිහිර

      Delete
    3. අනේ ෂෝයි තෑන්ක්ස් පස්සේ බලන්නම්

      Delete
    4. දේශා.. ස්තූතියි විස්තරේට. මාලින්ද ගේ ඉංග්‍රීසි කියවන එකනම්නම් හැබෑටම සුපර් ලක්ෂරි සෙඩෑන් එහෙක හයිවේ එකේ යනව වගේ තමයි. මාලින්ද මාතලාගේ ක්ලාස් මේට්ල වෙන්නෝනෙ පොතේ විදියටනම්.

      Delete
    5. ඔය ප්‍රශ්ණයි උත්තරයි දෙකම ලියන්නේ එකා බං...

      Delete
  8. Wayne parang unaama Ohoma wenawa

    ReplyDelete
  9. විජය ,මිහිර කියවන අතර අම්මා,නැන්දා කියෝන සිරිකත ,රැජින එහෙමත් බැලුවා ඒත් ඒවල මනමාලියන්ට අන්දන ඒවයි ,කේක් හදන ඒවයි විකාර , අර වගේ එක එක යුග දිවියේ ප්‍රශ්න අහන එවුවා තමයි හොරෙන් කියෝලා බැලුවේ.. ඊට පස්සේ වැඩියෙන්ම අශාවෙන් වගේම බයෙන් හොරෙන් කියෙවුවෙ අපේ මාමා බැඳපු ඇන්ටි අලුතෙන් ගත්ත "ප්රියාදරී" ඒ කාලේ 12, 13 ක් වගේ ඇති වයස. හි හි හි ඒකෙ නම් ගොඩක් එක එක ඒවා තිබ්බා... හම්මේ...

    සොම්නසයි......දොම්නසයි......හඳුනාගත් රිසිවරිය ඇයයි...... ප්රියාදරී හි හි

    ReplyDelete
    Replies
    1. අපි දන්න පොඩි කොල්ලෙක් හිටියා කඩේට ගිහිං ඉල්ලන්නෙ ‘හිරිකිත පත්තරේ නැද්ද?‘ කියලා. (ඕං මමනං නෙමේ ඈ...)

      Delete
    2. මුදලාලි මට "බිරිඳක්" දෙන්න කියලා ඉල්ලපු අයත් හිටියනේ ඕයි.

      Delete
    3. ඔය ප්‍රියාදරීගේ අනිත් වර්ශන් එක තමයි "විවාහය" පත්තරේ.ඔය දෙකම එකම කොම්පැණියෙන් ප්‍රින්ට් කලේ.ඒක ප්‍රියාදරීට වඩා පට්ට."ඉරහඳ" "තිසරණ" කියල පත්තර දෙකකුයි කතරගම ලක්ශ්මී දේවාලෙයි හැදුවෙත් උන්ම තමයි.ඔය පත්තර වල පොටෝ ග්‍රැපර් හිටියේ අපේ අල්ලපු ගෙදර.ඌ ගාව තිබුන ලස්සන පොටෝ ගොඩ ඒ කාලේ....කුළුදුලේ වැලක් බැළුවෙත් උගේ ගෙදරදි තමයි මම කාලේ...

      Delete
    4. හි හි .. ////"ඉරහඳ" "තිසරණ" කියල පත්තර දෙකකුයි කතරගම ලක්ශ්මී දේවාලෙයි හැදුවෙත් උන්ම තමයි///

      දෙයියෝ උණත් නොබලා ඉදීද නේ

      Delete
    5. ලක්ෂ්මි කියන්නෙත් දෙන කෙනෙක්නේ.. වෙන දෙයක් නෙමෙයි අනේ සල්ලි... සල්ලී....

      Delete
  10. අපේ කාලේ වැල පත්තරයක් ගන්න හොරෙන් බලන්න යාලුවෝ අතර හුවමාරැ කරගන්න මාර ට්‍රයි එකක් දුන්නෙ දැන් කොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් වැල කතා බලන්නෙ..
    ඔලිම්පික් කාන්තා මිටර් 100 තරගය බලලා වැල පොයින්ට් එකක් හොයාගෙන එදා දවසේ අතේ වියදම කවර් කර ගත්ත කාලයකත් මට නම් තිබුනා..

    ReplyDelete
    Replies
    1. පට්ටම කොමෙන්ට් එක මේක බං... සහතික ඇත්ත...

      Delete
  11. එන්ජිම බෝර් කරන්න වෙලා ඇති, ඒකයි අරූ අලුත් වාහනයකට යන්න හිතන්න ඇත්තෙ. සර්විස් නොකර ගියොත් ඔහොමම තමයි.

    ReplyDelete
    Replies
    1. අන්න අන්න පළපුරුදු රියැදුරාට අවබෝධ වුණා මේක එන්ජිම බෝර් වීමේම ප්‍රශ්නයක් තමයි කියලා.

      Delete
    2. පරණ වාහනත් පැදලා පුරුදුයි වගේ...

      Delete
  12. අර නෝනගෙ ස්වාමි පුරුෂයගෙ තෙල් කූර රත්වෙලා හින්දද දන්නෑ ගෙදර නතර වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සර්වන්ට්ගේ සර්විස් එක තීලා තියෙන්නේ එදා...

      Delete
  13. 30 හේ.....එක්දරු මවගේ.....වාහනේ හැමිනෙන වාහනයක් නේ....
    සැතපුම් දෙකක් යද්දී රත් වෙන්න.....මිනිහම රේඩියේටර් බටේ හිල් කොරල දාන්න ඇති......
    මේකි නැවත ගෙදර ආවම......ඒකි නොදෙන......ඇලිස් දෙන........
    "Woman on Top" සහ 'Cowgirl' Position (පුරුෂයා මත කාන්තාව හිඳිමින් ලිංගිකව එක්වීමේ ආකාර දෙකකි) - See more at: http://offair.nethfm.com/article/21693#sthash.yZomYXVH.ද්පුෆ්
    එක බලා ගන්නම සිතලා......

    ReplyDelete
    Replies
    1. චීයා..... අපි ඔයා වගේ වල් නෑ මෙයා....

      Delete
  14. විවාහය ප්‍රියාදරී හා බිරිඳ ඒ දවස්වල කෑම්ප් වලින් නිවාඩු ගිහිල්ල එන කොල්ලන්ට ගේන්න අනිවාර්ය කරල තිබ්බ පත්තර තුනක්.. මම නෙවෙයි. උන් උන්ම. ඒක නිසා මොන සෙක්ටර් එකට සබ් සෙක්ටර් එකට ගියත් මේවා හා අනෙක් මල් පත්තර ලෝඩ් එකක්නම් වරදින්නේ නෑ. මහ මුහුදේ දවල්ට ඉන්නකොට මේවයේ හා සින්දු කැසට් වල අගේ කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. නිවාඩු එනකොට කොන්ඩම් හිටන් දෙනවලු නේ කොන්ඩෙම් වෙන්නේ නැතිව ඉන්න.

      Delete
  15. ඇයි බන් මිනිහ පුකේ අරින්න අහනවා කියන එක උඹ දැකල නැද්ද....

    ReplyDelete
    Replies
    1. උඹේ ගෑනි ඕක හැමතැනකම කිය කිය යනවද

      Delete
    2. නැහැ.........සිරා.......

      Delete
    3. මොකක්ද බං ඒ කතාව.

      Delete
  16. ටෙස්ට් රන් එකක් යන් නැතුව හරියටම වාහනේ ලෙඩේ කියන්න බෑ.. :D

    ReplyDelete
    Replies
    1. උදේ ඉඳල අහල පහල වයිෆ් කැරකුණ එකෙන් මට මේ කියාගන්න බැරුව හිටියේ.. හැක්. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ටෙස්ට් රන් එකක් යන් නැතුව හරියටම වාහනේ ලෙඩේ කියන්න බෑ
      ++++++++++++++++++++++++++++++++++++++++++
      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. අනිවා.. හැබයි ටෙස්ට් රන් එකේම් ඇන්ජින් හීට් වෙන වෙලාවලුත් තියෙනවා..

      Delete
  17. මොනා උනත් සිරිල් අයියගෙ උත්තරේ නම් ප්‍රායෝගිකයි. ඒ පිලියම කලාම ගැටළු දෙකටම එක පාර විසඳුම් ලැබෙනවානෙ. කොමෙන්ට් ටික බැලුවාම නම් තේරෙන්නෙ මිකැනික් බාස්ල සෙට් එකක්ම ඉන්නවා වගේ....

    ReplyDelete
    Replies
    1. ඩී ආර් විජේවර්ධන මාවත කෙලවරේ තියෙන පොත් සාප්පුවලින් ගානක් ගෙවලා අරගෙන එන රිටර්නබල් ප්ලේබෝයි වර්ගයේ සඟරා වලට කෙල වෙලාම ගියේ, මේ පත්තර නිසාය.

      මේ බයියෝ උඹලා මෙවා ගැන දන්නේවත් නැතිව ඇති නේද ?ගන් කබර මල්ලිලා

      Delete
    2. ඔක්කොම එක වල්ලේ පොල්...

      Delete
  18. තරුණයා පත්තරේ 33 කාමරේත් හොඳ හොඳ ආතල් තිබුනා නේද...

    අර ස්වාමියා කොහොමටත් දක්ෂ මිකැනික් කෙනෙක් නෙමෙයි පාටයි... ;)

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වමයි මතක් උනේ.. කෙලින් වෙච්චි කූර බහිනවා කතාව කියවලා ඉවර වෙන කොට..

      Delete
  19. දැන් ළමයි හරි දියුණුයි... කාන්තා පත්තර කියවලා අක්කලගෙන් අහන්නෙ නැතිව වාහන වල අවුල් ගැන ගූගල් එකෙන් සර්ච් කරලා වීඩියෝ ටියුටෝරියල් ගන්නවා...

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒවයෙන් රැකෝඩ් එකකුත් තිබ්බේ...

      Delete
  20. අපි නම් තාම බලන්නේ රන්කැටි පත්තරේ ,අම්මප ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බං ඒ පත්තරේ.. :P

      Delete
    2. දොයි.දොයි..දොයි...ඉවාන් කූක්කූ පැටියෝ...

      Delete
    3. සඳු හිරු තරු පවතින තුරු
      අපටත් ඒකමයි මිතුරු

      Delete
  21. අපෝ අපිනම් ඔය කියන පත්තර කියවලා නැ ...සීදේවි වගේ නමක් තිබුන එකක් නම් ස්කොලේ කොල්ලෝ ළඟ තිබුනා මතකයි .සිත්තර ,සත්සිරි ,දසුන වගේ ඒවා නම් කියවලා තියනවා ..සුද්දිගේ කතාව නම් කියවන්නේ නැ .එකත් පොඩි ළමයින්ට කියවන්න හොඳ නෑලු ..හැක් හැක්
    මේ අර පරණ වාහන විකුනපු ඇනෝගේ වාහනයක්ද දන්නේ නැ ..

    කුක්කු කූ කූ කුකුලා හඬනවා
    කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
    නිහැඩියාව දැන් හිමින් මැකෙනවා
    දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා
    පත්තර වල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරයට
    අපි කියවනවා ..
    පිත්තල මොළ රත්කරගෙන දුක් කරදර පැක් කරගෙන
    දවස ගෙවනවා

    රටක් ගානේ ගෙයක් ගානේ ගමක් ගානේ
    ලෙඩ මුල් පිටුවේ පුරවලා
    කෑම ජාති බීම ජාති බේත් ජාති
    හිස් තැන්වලට රිංගලා
    කාර් සේල් ඉඩම් සේල් මැෂින් සේල්
    අන්තිම පිටුවේ තෙරපිලා
    වීර විකුම් මාර කියුම් මැද පිටුවෙන්
    රජ පුටුවලට වෙන්වෙලා ...
    කුක්කු කූ කූ කුකුලා හඬනවා ...

    අනඟ රැඟුම් පරණ බැඳුම් සිතුම් පැතුම්
    වෙනමම පිටක ලියවිලා
    කවි පබැදුම් බිතුසිතුවම් කලා කෙරුම්
    පිටුවක සිත පහන් කළා
    යන්තරයෙන් මන්තරයෙන් සුස්තරෙන්
    කැඩිච්ච දේපල එක් කළා
    ඔයින් මෙයින් දින ගවමින් සිහිවිකලෙන්
    මිනිසුන් අතරමන් වෙලා ...
    කුක්කු කූ කූ කුකුලා හඬනවා

    ගායනය - නිහාල් නෙල්සන්

    ReplyDelete
    Replies
    1. පරණ වාහන නෙමෙයි බං.... ඌ පරණ ලොරියක් නේ විකුණුවෙ...

      Delete
  22. ඕවා මොනවද.. මම දැක්කා පත්තරේක කෙල්ලෙක් අහලා තිබුණා කොල්ලෙක් බස් එකේදි ඒකිගේ ලඟින් වාඩිවුනා, ඌ ඇගේ ගෑවුනා දැන් ඒකිට බයයිලු බබෙක් ලැබෙයි කියලා..ඒකට මොකද කරන්නේ කියලා..ලිංගික අධ්‍යාපනය කියන එක ලංකාවේ ඉගනගන්න වෙලා තියෙන්නෙ නිකං කුඩු ගහනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඇයි බං නමයේ පන්තියේදී උගන්වනවා නේද ප්‍රජනන ග්‍රන්ථිද මක්කද කියලා..

      Delete
  23. ඕව නෙවෙයි පත්තර. ලියතඹර සහ නවසරණ පත්තර දෙක තමයි ලීඩ් කළේ ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. නවසරණ නම් කිසිදා අමතක නොවේ...

      Delete
  24. උඹ මගුලක් කතා කරනව.. සුරංගි අක්කගෙන් අහන්න තිබුනෙ මිහිර පත්තරේ හරි විජය එකේ හරි.... කුප්ප කතා තමයි ඉතිං ඒකෙත් තිබුනෙ.. ඒ වුනාට පොඩි උන්ගෙ ඒව.. ;)

    ReplyDelete
    Replies
    1. කීයක් කියලා තිබුනද බං... උඹලා දන්නවනේ ඉතින් මගේ මතකෙ ගැන...

      Delete
  25. තෙල් මාරුව සීරු මාරුවට සිදු කරන්න

    ReplyDelete
    Replies
    1. ඕල්ටනේටරයක් සවිකර ඇති නිසා බැටරි වයර් සම්බන්ධ කර ඇන්ජිම පන ගන්වන්න.

      Delete
  26. මැරෙන්න හිනා =.

    ReplyDelete
    Replies
    1. හිනා උනාට අවුලක් නෑ.. මැරෙන්නේ නැතිව.

      Delete
  27. අංකල්ට හිතෙන්ට ඇති හැමදාම දුවන වාහනේ මාරු කරල බලන්ට හිහි

    ReplyDelete
    Replies
    1. කව්ද බං ආසා නැත්තේ...

      Delete
  28. 'රස රහස්' ඉස්සරලාම ආවේ 77 - 78 කාලේ. මාසෙකට සැරයක්.

    ReplyDelete
    Replies
    1. ඕපන් ඉකොනොමියේ රිසාල්ස් තමයි ඒ...

      Delete
  29. Replies
    1. මාතලන් කවදත් දෙන්නේ ඒ වගේ වැදගත් දෙයක් තමයි...

      Delete
  30. අයිසේ, මම 'මිහිර' පත්තරේ කියවන්න පටන් ගත්තේ 1970 දී. සඳුදා දවස එනකම් ඉන්නවා පත්තරේ බලන්න. ඊළඟට 1972 දී ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්තරේ නිකුත් වුණා. ඒ තමයි 'සතුට' පත්තරේ. 'මිහිර' වගේ ඒකත් ලේක් හවුස් එකෙන් ගැහුවේ. 'සතුට' ආවේ අඟහරුවාදා. ඊටත් පස්සේ, ඒ කියන්නේ 1975 දී අලුත් චිත්‍රකතා පත්තරයක් නිකුත් කළා රත්මලානේ මල්ටිපැක්ස් ආයතනය. ඒ තමයි 'සිත්තර' පත්තරේ. ඒක ආවේ බ්‍රහස්පතින්දා. ඔය කාලෙම මම නොවරදවා 'නවයුගය' පත්තරෙත් කියවනවා. ඒක ආවේ සති දෙකකට සැරයක්, ලේක් හවුස් එකෙන්. සිකුරාදා ආපු පත්තරේ තමයි 'සරසවිය'. කාන්තා පක්ෂයට වෙන් වුණු පත්තරේ තමයි 'තරුණි'. ඒක මුලින්ම ආවේ 1969 දී. මට මතකයි ඒ පත්තරේ first issue එක. සංඝමිත්තා තෙරණියගේ රූපයක් තමයි මුල් පිටුව පුරාම තිබුණේ.

    දැන් නම් එක පත්තරයක්වත් බැලෙන්නේ නෑ, අයිසේ. What a pity!

    ReplyDelete
    Replies
    1. අයිසේ කියල කොමෙන්ටු දාන්නේ මමද කියලත් හිතුන මේක දැක්කම. මිහිරේ සිට නවයුගයත්, සතුටත්, තරුණි ත් හා සරසවියත් අපේ ගෙදර ගත්ත පත්තර ටික. සතුට, සිත්තර , බලන්ගොඩ සරත්මධු , දයා රාජපක්ෂ. ඒ දවස්වල අපේ අම්මා කොස් ඇට පිටි කරලා ඉඳි ආප්ප හදන හැටි දැම්මා . තරුණි එකේ පළවුණා 1973 විතර . හැබැයි ඊට පස්සේ හැමෝම තමන් හොයා ගත්ත වගේ ඒක ලිව්ව. මට ඒකත් මතකයි.

      Delete
    2. 'මිහිර' පත්තරේ මිළ 1970 දී ශත 20 යි.
      1971 දී මිළ ශත 25 ට වැඩි කළා.

      'සතුට' පත්තරේ මිළ 1972 දී ශත 50 යි. 1973 තෙල් අර්බූදයෙන් පස්සේ ශත 60 වුණා.

      1975 දී 'සිත්තර' මිළ ශත 75 යි.

      Delete
    3. මම හිතන්නේ අයිසෙ මහත්තයා.. ඔහෙයි මමයි එකම වයසේ.. එකම දහස් තියෙන උන්.. මම කියෙව්වෙත් ඔය පත්තර සැට් එකම තමයි...

      Delete
  31. පරන ප්‍රකට ලමා පත්තරේ නම් බිංදුය. කැමිලස් ගේ වයස පිළිවෙලට නර්සරි ඉදන් වැඩිහිටියා දක්වා පත්තර සැට් එකක් ආවේය. ඒවා පිළිවෙලින් පුංචි, ඩිංකි, හපනා, සිත්තර, සත්සිරි, සිව්දෙස ය.

    සුරංගි අක්කාගෙන් අහන්න, කොටස තිබ්බේ වල් එකක් නෙවේය. විජය පත්තෙරේ ලමා ආතල් එකක්ය.

    මාතෙගේ ඇංජිං කතාව නම් පට්ටය.

    ReplyDelete
    Replies
    1. මගේ එකක් නෙමෙයි බං. අනුන්ගේ එකක්...

      Delete
  32. මාත් ඒ කාලේ විජය කියෙව්වේ පැල් බැඳගෙනය.ඒ අතරේ අල්ලපුගෙදරකට ගෙනා ප්‍රියාදරී පත්තරය අම්මලා ගෙදර නැති වෙලාවක් බලා කියවන්න පටන් ගත්තේ 6 වසරේ ඉඳන්ය.දැන් ඒවා සාමාන්‍යකරණය වුනාට ඒ වයසේදී එව්වා අපිට පට්ට මැජික්ය

    ReplyDelete
    Replies
    1. අද පොඩි උන් කොච්චර ඇඩ්වාන්ස්ද

      Delete
  33. මාතේ.......,

    "නිදි යහනේ නෑ සහනේ" කියන ප්‍රශ්නෝත්තර තීරුව තිබුණේ 'සිරිකත' පත්තරේ නේද?

    ReplyDelete
  34. මාතේ.......,

    ඔවු බං.... ඔය කොමෙන්ට් එක ලිව්වට පස්සේ මම ආයෙමත් හොඳට කල්පනා කරලා බැලුවා.
    දැන් මට 100% ක් ෂුවර්.... ඔය "නිදි යහනේ නෑ සහනේ" කියන එක තිබුණේ 1986, 1987, 1988 කාලේ 'සිරිකත' පත්තරේ තමයි.

    ReplyDelete
  35. https://www.facebook.com/photo.php?fbid=1000319263320038&set=a.894469923904973.1073741846.100000259227756&type=1

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න