.

.

Jun 17, 2015

නෙළුම් යායෙන් තලවකැළේට.... - To Thalawakele with Love



ඔබ හැමෝම දන්නවා අපේ දෙමළ සහෝදර සහෝදරියන් ජිවත් වෙනවා කියල කන්ද උඩරට. ඉංග්‍රීසින් විසින් තේ වතුවල රැකියා කිරීමට රැගෙන ආ ඔවුන් රැකියා කලේ වහලුන් වගේ.ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ හෝ වෙන රටවල් වල වගේ වහල් සේවය නොතිබුණත් මේ ජනතාව ඒ තරමටම දුක් විඳිමින් අපේ සිලෝන් ටී ලෝකයට සපයන්නට තම දහඩිය හෙළුවා. ඔවුන් ජිවත් වුනේ, වෙන්නේ ඉතා පහසුකම් අඩු ලැයින් කාමර නමින් හඳුන්වන ගෙවල් පේලි වල. 

මහා ජාතියකින් සුළු ජාතියකට පීඩනයක් එල්ලවන බව අප දන්නවා. බහුතර පිරිසක් කොතැනක හරි සිටියොත් ඉන් සුළුතරයකට බල පෑමක් එල්ල වන බව වෙනත් රටවල් වල සේවය කරන විට වඩාත් වැටහෙනවා. මේ මිනිසුනුත් එසේ වෙනත් රටකට පැමිණ එය තමන්ගේ වාස භූමිය කර ගනිමින් එහි ප්‍රධානම අපනයන භාණ්ඩයක කොටස් කරුවන් වුනා. ඒ අතර සුළුතරය නිසා ඇතිවන හිරි හැර වලටත් මොවුන්ට මුහුණ දෙන්නට සිදු වුනා. මොවුන්ට "අති බලවත්" දෙමල ඩයස්පෝරාවේ සහය නැහැ. ඩයස්පෝරාවේ කුලීනයෝ , බලවන්තයෝ මොවුන් දිහා බලන්නේ නැහැ. යාපනේ කුලිනයන්ට වුනත් මොවුන් තවත් පහල පන්තියක අය විතරයි. ප්‍රභාකරන්ගේ අරගලය යාපනයේ කුලීනයන්ට එරෙහිවත් සිදු වුණා එක ප්‍රමාණයකට. මොවුන්ගේ අසරණකම ඒ අරගලයටත් බිල්ලට දෙන්නට සුදුසු කට්ටියක් නිර්මාණය කෙරුව එක විතරයි සිද්ධ වුනේ.

මහා ජාතියේ ජාතිවාදය තිබුනත් ඒ බිල්ලා පෙන්වමින් මොවුන් මුලා කරමින් තමන්ගේ මඩිය පුරවා ගන්න තව කොටසක් ඉන්නවා. ඒ ජාතිවාදී සුළු ජාතික දේශපාලනඥයන්. තොන්ඩමන් පරම්පරාව මේ අතින් මුල් තැන ගන්නවා. තමන්ගේ පරම්පරාව හොඳට හැදුව මිස තොන්ඩමන්ලා හා ඔවුන්ගේ වතු කම්කරු සමිති වතු කම්කරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් බොහොමයක් දේ කලාය කියල කියන්න අමාරුයි.
එක ප්‍රශ්නයකට තියෙන්නේ මේ මිනිස්සු දැනුවත් කරන්න විධිහක් නැති වීම. ජාතිවාදය අවුස්සන හොරුන්ගේ බහට නැමි සිටින්න ඔවුන්ට වෙලා තියෙන්නේ ඒකයි. ලංකාවේ වාමාංශික පක්ෂ සුළු ප්‍රමාණයකට ඔවුන් අමතන්න පුළුවන් වුනත් ඔවුන් අතර වැඩි බලයක් නැහැ.

ඒ අඩුපාඩුව නැති කිරීමට එක පියවරක් අපි ගන්න ලෑස්තියි. නෙලුම් යායේ දෙමළ භාෂාවෙන් පලවෙන වෙබ් අඩවිය "තාමරි කුලම්" (නෙළුම් වැව) මේ ජුලි මස විවෘත කරනවා. ඉන් පස්සේ බොහෝ සිංහල බ්ලොග්වල සාධනීය ලිපි ආදිය දෙමළට පරිවර්තනය කිරීමටත්, දෙමල බ්ලොග් ලිපි සිංහලට පරිවර්තනය කිරීමටත් බලා පොරොත්තු වෙනවා.

තලවකැලේ "අඩයාලම්" සංවිධානය විසින් කාන්තා ක්‍රිකට් උත්සවයක් සංවිධානය කරනවා මේ සඳහා. ඊට අමතරව අඩයාලම් කට්ටිය හා නෙලුම් යාය බ්ලොගර්ස් ලා අතර 20-20 ක්‍රිකට් තරඟයකුත් සංවිධානය කරනවා.එනිසා නෙලුම් යාය සහෘද සමුහය, ශ්‍රී ලංකා බ්ලොග් සංසදයේ මිතුරි මිතුරියන්ටත් ආරාධනා කරනවා මෙයට එක්වන්න කියා.

ජුලි 11 සෙනසුරාදා උදේ එහෙ යන්න. එයාලගේ ක්‍රිකට් මැච් එක උදේ 11.00 ඉඳන් තියෙනවා. 11 වැනිදා උදේ 9.00/10.00 වෙද්දි තලවාකැලේට යන්න පුළුවන්. ගිහින් ඒ අයත් එක්කම 11 රෑ එහේ ඉඳලා සින්දුවක් කියලා බජව්වක් දාල විනෝද වෙලා ජුලි 12 අපේ වෙබ් එක ඕපන් කරලා එන්න ඉරිදා අපහු රෑ 07ට 08 ට විතර.

නෙළුම් යාය විසින් බස් රථයක් ඒ සඳහා සංවිධානය කරන්න කැමතියි කට්ටියටම තලවකැලේ යන්න. කෑම බීම වියදමත් අපි දරනවා. රාත්‍රී නතරවෙන්න වෙන්නේ ඒ අය ඉන්න තැන් වලමයි. ටිකක් නවීන වුනු නිවෙස් කීපයක් සංවිධානය කරන්න පුළුවන් කියා සංවිධායකයෝ කිව්වා.
එක දවසක් විතරක් එන්න කැමති අයට ප්‍රවාහන පහසුකම් තමන්ට සපයා ගන්නට වෙනවා. අපට දැනට වෙන වෙනම දෙන්න ප්‍රතිපාදන නැහැ.

මෙයට සහභාගී වෙන්න කැමති බ්ලොග් කරුවන් කරුණාකර ලන්කා ඩේලි හි හිමාශි කරුණාරත්න ට himashimedia@gmail.com ට හරි කලාහිත බ්ලොගය ලියන බ්ලොග් සංසදයේ ලේකම් කල්‍යාණමිත්‍ර (සුමිත් කලනසිරි) sumithyapa@gmail.com ට හරි දන්වන්න. 

56 comments:

  1. සබාපතිතුමා පෝස්ට් එකක් දාල ඇඟ බේරගන්න බෑ... තාමරී කුලම් එකේ ගිල්ලනව එදාට ආරාධිත දේශනේ කරේ නැත්තං නෙළුම්යාය වෙනුවෙන්.. හැක්.

    ReplyDelete
    Replies
    1. අන්න. ඇන ගනීද දන්නේ නැහැ . කතාවල් දීල.

      Delete
    2. හරි හරී.. නෝ වොරීස් බොස්. මාත නොහිටියොත් මං දෙන්නම් බොක්ක කූල් වෙන්න. තාමරීකුලම් තංගච්චිලාගේ සිරිකිරිය බලාගන්න පුලුවන් එදාට නෙළුම්යායේ අන්නලාට..

      Delete
    3. මට බයයි බයයි වගේ.

      Delete
    4. කතාවට කලින් දෙකක් දාගන්න පුළුවන් නම්, දෙන්නම් එපා වෙනකන්ම...

      Delete
  2. රායිට්...එන්න ට්‍රයි එකක් දෙනවා

    ReplyDelete
    Replies
    1. ලිස්ට් එකට දා ගත්තා.. ආයි කපන්න බෑ.

      Delete
    2. ඔහම කියන්න එපා යකෝ එතකොට එන්නම හිතෙනවා..

      Delete
    3. අරවා ටිකක් අරගෙන වරෙන් එහේ බෙදන්න...

      Delete
    4. සයිස් බලන්න කමිටුවක් පත් කරන්න වෙයි..

      Delete
  3. එන්නට ආසයි.චීන්න චින ආසෙයි.

    ReplyDelete
    Replies
    1. ආසයි බයයිද ? හැලපේ ඉන්නේ ඉතාලියේ නේද? ලොකු ගානක් යයි තලවා යන්න නම්. :)

      Delete
    2. ඉතාලියෙන් එලවල ගොඩ කල් අයියේ.. හැක්

      Delete
    3. හැලපේ ලංකවෙද....?

      Delete
  4. අනේ නියමයි . මං දන්නේ දැන් :(

    ReplyDelete
    Replies
    1. ඔයාට කිව්වේ නැහැ ඕන කමින්ම. අපේ බ්ලොග වලට එන්නේ නැති නිසා.

      Delete
    2. ආවා නම් සින්නතම්බිලා කොර කරන්න තිබුනා.. අපේ උන් කියලත් වෙනසක් වෙන එකක් නෑ...

      Delete
    3. නෙලුන් අජිත් අයියේ : ජොබ් එක මාරු කළා පහුගිය ටිකේ බිසී වෙලා තිබ්බේ අනේ .. දැන් ආයෙම ට්‍රැක් එකට එන්ටර් වෙන ගමන්

      Delete
    4. හොඳා හොඳා නඟේ. මන් ඒත් බැලුව ට්‍රේනින්ග් හනිමුන් එකක්වත් ගිහිල්ලද කියල , නැති වෙන කොට :)

      Delete
  5. එල! අවුරුදු සිය ගනනක් කරන්න බැරිවුනු දේ සයිබරයෙන් කරන්න පුළුවන්ද බලමු! එන්න බැරිවුනත් මේකට දායක වන හැමෝටම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔන්න දේශකය මෙදා පාරත් හැන්ගෙන්න පොටක් හොයනවා.
      ගියපාර ගෑනි බඩ උනා කිව්ව
      මේ දේශකය කියන්නෙ මාතලන්මද මන්ද.

      Delete
    2. දේශකය කියන්නෙ අර කොන්ක්‍රීට් බාසම තමයි

      Delete
    3. ළමයිව ගෙදර දාල යන්න බැරි නිසා දේශකයට මුළු පවුලම එක්ක යන්න දුන්න නම් හරිනේ.

      Delete
    4. වැඩේ පටන් අරන් බලමු රාජ්. මිනිසුන්ට දැනුම දුන්නම හරිදේ තෝර ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයිනේ.

      Delete
    5. දැන් ළමය හම්බවෙලා ඇතිනෙ.මෙදා පාර ඌ ඒවි.

      Delete
    6. ළමයා හමු උනා.. 11 ඌට ඉන්ජෙක්සොන් එක ගහන්න ඕන.. හැක්

      Delete
    7. රාජ් ආවත් අනිකා නම් එන්නේ නෑ සසරෙදි...

      Delete
    8. //දේශකය කියන්නෙ අර කොන්ක්‍රීට් බාසම තමයි//

      හොක්.. හොක්... හොක්...

      Delete
  6. බලන්න එන්න උත්සාහ කරමි.

    ReplyDelete
    Replies
    1. මාතා උඹේ බ්ලොගේ මම මේ කොමෙන්ට් දැම්මට කමක් නැහැනේ.
      හිමාශිට හෝ කලාහිතට නම දෙන්න.මේ බ්ලොග් කියවනය www.blogpower.info එකට එකතු කරන්නද ?

      Delete
    2. ඕන එකක් කරහන් බං.. සම හරක් ඇනෝලා ඇවිල්ලා රීලත් යන්නේ... මාද්දිය නිදහස කියන්නේ ඒක නේ...

      Delete
    3. පුක ලොකු උනාම අවුලක් නෑ කියන්නේ අජියෝ.. හැක්

      Delete
    4. /// ලංකා බලොග් කියවනයJune 18, 2015 at 12:31 AM/// ලිස්ට් එකට දා ගත්තා.. ආයි කපන්න බෑ. :)

      Delete
    5. කොහොම හරි එන්න..

      Delete
  7. ඔහොම දුර ට්‍රිප්නං ගෙදර උන් දාලා කොහොමත්ම යන්න බෑ. ගෙදර උන් එක්ක යන්නත් බෑ මේ දවස්වල ධනවර්ධනයා තරහා වෙලා. ඒ නිසා කෙළින්ම කියනවා එන්නනං බෑ.

    හැබැයි මේ වැඩේ ඉතාම වටිනවා. ඒ නිසා අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කොරනවා.

    ReplyDelete
    Replies
    1. මචෝ ඉඩ තිබේනම් පවුල ගෙනියන්න හදල දෙන්නම්. එන ගාන අනුව. මෙකාට් කිසි මුදලක් බ්ලෝග ලගේ අතින් වියදම් වෙන්නේ නැහැ.

      Delete
    2. අන්න කව්ද එකෙක් දාලා තිබුනා ඕක එන්ජීඕ සල්ලි වලින් කරන එකක් කියලා.. හැක්
      https://www.facebook.com/deshakaya/posts/446888982148697?notif_t=like

      Delete
    3. අපේ උන් ඉල්ලන ජාති දෙන්න ඔය NGO ෆන්ඩ් එක මදි අජිත් අයියේ. හැක්...හැක්...
      නෑ... අපි ළඟ පාතක තියන ඊ ළඟ එකකට එන්නං. පහේ සිස්සත්තෙ කටේ. ඒකට පැටවුංගෙ අම්මා වාඩිකරවලා ඉවරවෙලාම බලමු.

      Delete
    4. මටත් එන්නම හිත..ලොක්කට වචනේ දාලා බලන්නම්

      Delete
    5. අන්න ඒකට රත්නපුරේ තිබ්බා නම්... නේද මදාවියෝ...

      Delete
    6. අපොයි ඔය පහේ සිස්සත්තේ නම් අත අරින්න එපා. ලංකේ තියෙන ප්‍රධානම විභාගය නොවැ. ඕකෙන් තමයි රට පාලනය කරන කට්ටිය හැලෙන්නේ. ඊට පස්සේ උන් රට පාලන කරන්න ඇවිල්ල පහේ සිස්සත්වේ පාස් උන්ට රස්සා දෙනවා.

      Delete
    7. ++++++++++++++++++++++++++++

      Delete
  8. Replies
    1. තනි අලියා තනියෙන්නම් එන්න.

      Delete
    2. තුන් පත් රෑන එක්කම උනත් අවුලක් නෑ...

      Delete
    3. @ajith Dharma: ට්‍රයි කරල බලමු, අාව නොඅාව සුභපතනවා! :)
      @මාතලන්: මට තුන්පත් රෑනක් නෑ! :D
      අාරාධනාවට තුති :)

      Delete
  9. අඩි එන්නඩි රාකම්මා//

    ReplyDelete
    Replies
    1. පල්ලාකි නෙද පූ ,
      යෙන්නේන්කි කුරු කුතන්ඩී

      Delete
  10. සුපර් වැඩක්. මාත් “හදවතින් තලවකැලේ“ හොඳේ.

    ReplyDelete
  11. ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්.....මම හදවතින්ම සුභ පතනවා

    ReplyDelete
  12. ලමාතන් මේ ඕකට රණ විරුවොත් එනවද ඒ අයත් බ්ලොග් ලියනවද , වැඩ කරන ගමන් ද එන්නේ
    ඒගොල්ලෝ කුන්ෆු ,කරාටි, මරාටි ,වගේම චීන අඩි දන්නව ද ?මොකද අපි තුවක්කුවලට දැන් බය නැ..

    ReplyDelete
  13. පැතුම් ගෙයි සමිත් ගෙයි යෝජනා නිසා මේක හිතුනේ. යන හැමෝම පොඩි පැන්සලක් , පෑනක් , එක්සර්සයිස් පොතක් වගේ පොඩි තෑග්ගක් , ගෙදර හැදෙන කෙහෙල් ඇවරියක් හරි කමක් නැහැ ගෙනියනවා නම් හොඳ නැත්ද ළමයින්ට දෙන්න.

    ReplyDelete
    Replies
    1. මේක අවශ්‍ය නැහැ. අපේ චැරිටි එකක් තිබෙනවා. www.shareandcare.org.uk කියල . ඒ කෙන් මුදලක් ලැබෙනවා තෑගී ටිකක් ගන්න.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න