.

.

Dec 1, 2015

බස්සිගෙ හීන, ඇහිඳින්න එන්න - An Interview with Bassi



යසෝධා සම්මානි.. අළුතෙන් බයිලා ගහලා හඳුන්වලා දෙන්න ඕන නෑ.. මේ නමින් දන්නේ නැත්නම් "බස්සි" කියන නම කිව්වම සයිබරේ ඉන්න ඕන එකෙක් දන්නවා. ලියන්නේ අමුතුම ඒවා. හිතන්නෙත් අමුතු විදියට. මාතලන්ගේ දැක්ම අනුව නම් දැනට බොග දාන උන්ගෙන් ඉන්න හොඳම බ්ලොගර් කිව්වට කිසි අවුලක් නෑ. එයාට චැලේන්ජ් එකකට උන්නේ "අපූර්වී ඔමාය". ඒත් දැන් ඒකී ලියන්නෙ නෑ. ලියනවා නම් කිසි අවුලක් නැතිව ජාත්‍යන්තරයටම යන්න පුළුවන්.


හේතුව වෙන කිසි දෙයක් නෙමෙයි. උන් දෙන්නම් අවුට් ඔෆ් ද බොක්ස් හිතන. හිතෙන මඤ්ඤම එහෙමම ලියලා දාන උන්. ඕනම ෆීල්ඩ් එකක වෙන්න ඕනත් ඒක. ඒ කියන්නේ නැවුම් චින්ත්නයක් සහිත උන් ගේමට බහින එක. ඒ නිසා තමයි ළෝකය වෙනස් උනේ. අම්මට සිරි ලංකාවේ මේ වගේ විප්ලව කාරයන්ට අපේ ළිං මැඩියෝ පට්ට බයයි. ළෝකයේ වෙනස් වීම් වලට පට්ටම බය ජාති ලැයිස්තු ගත කරනවා නම් ඒකේ මුල් දහ දෙනා අතරට අපේ උන් අනිවාර්යයෙන්ම ඉන්නවා.

අපි අදටත් ළොකු කරගෙන කතා කරන්නේ, පරණ පුස් කාපු නවකතා, කයි පොත්, කෙටි කතා සහ ඒවා ලියපු සෙට් එක. උන් මලින් ගඳින් පුදනවා වඳිනවා සමරනවා එක කෙලියයි. ඒ මදිවට ඔය වගේ උස්සව ඔලට එන මහා පොරවල් කියලා කියා ගන්න උන්, අළුත් උන්ටත් කියනවා ඒ වගේ ලියන්න කියන්න ඕන හිතන්න පතන්න ඕන කියලා. මේක මහා කරුමයක්.

උන් මාර බයයි සයිබරේට. උන් තමයි අහන්නේ මේකේ තියෙන්නේ කවිද කියලා. එහෙම අහන්නේ උන් ඒවට බය වෙලා තියෙන නිසා. මෙතන නීතී රීති සිරිත් විරිත් නෑ. හිතෙන එක එහෙමම ලිව්වා. හොඳ හෝ නරක කොමෙන්ට්ස් ටික වැටුනා. ලියපු එකාටත් සතුටුයි. බලපු එකාටත් සතුටුයි. අළුත් දෙයක් ආයේ ලිව්වා. ඉස්සර වගේ පත්තරේට යවලා, අඳුනන උන්ට පුක දෙන්නයි, වැඳ වැටෙන්නයි ඕන නෑ. සති ගනන් මාස ගනන් බලාගෙන ඉන්න ඕන නෑ.

බස්සි කියන්නේ ඒ විදියට සයිබරේ නමක් හදාගත්ත කෑල්ලක්. එයැයි ඒ විදියට පද බැන්ද කයි, පොතක් විදියට මුද්‍රණය කොරලා එලිදක්වන්න යන්නේ දෙසැම්බර් මාසේ 12 වෙනිදා. මහවැලි කේන්ද්‍රයේදි. පොතේ නම "ඉතා කෙටි කලබල සිහින". එදාට බොග දාන උන් ගොඩක් එන හැඩයි..

එන්න...

හමුවෙමු යලි අප සොඳුරු සැඳෑවක...

පස්සේ ඕනම නම් මක්කා හරි කොරන්නත් බැරියෑ...

බස්සි සමඟ ඉන්ටවල් එක...

බස්සියෝ ඉන්ටවීව් එකක් මගේ බොගේ දාන්න ඕන ඔහෙත් එක්ක.

ඉන්ටව් එකක්?


යෙප්


අමාරුවෙ වැටෙන ප්‍රස්න ඔට්ටු නෑ හොඳේ..


ඒ විදියට දාන්න බැලුවේ.


ඔව්, බ්ලොග්වල ඒ ඉට්ටැයිල් එකෙන් පෝස්ට් වැටෙන්නෙ නැති තරම්.


දැන් කවි ලියනවා නේ හිටු කියලා.?


:)


එතකොට අර පිස්සු ලියන්නෙ නැතෙයි?


එව්ව ලියනෝ..  මේ ටිකේ පොතේ වැඩේට බිසීනෙ..  කවි, මං කියන්නෙ ෆේස්බුක් දාන ඉන්ස්ටන්ට් කවි ලියන්න ලොකුකැපවීමක් කරන්න ඕන නෑනෙ. යමිං එමිං ගමං ඔහෙ ලියනවා ඒවා... කතාවක් ගොඩනගන්න තරමක වෙලාවක් කැපකරන්න වෙනවනෙ. කතා කීපයක් ඔළුවෙ කරක් ගහනව. මේ ලියාගන්ඩ වෙලාව හොයමින් ඉන්නෙ


හ්ම්.... අපිට නම් කවි ලියා ගන්නයි වෙලාව ඕනා..


මං හිතන්නෙ, කවි ලියනවට වඩා ඒවට නිදහසේ ලියවෙන්න දෙනකොට කවි උන්ගෙ පාඩුවෙ උඩ පැන පැන ලියවෙනව. මම කාලෙකට කලින් කවි හැඩ කරන්න සෑහෙන්න 'මහන්සි' උනා. ඒකෙන් ටිකක් කෘත්‍රිම ගතියක් ආව කියලයි හිතෙන්නෙ. මං ආස අකුරු වැහි බිංදු වගේ ඔහේ ඇද වැටෙනවට. නැත්තම් හුළඟ වගේ. බලෙන් අකුරුවලට රිබන් ගැටගහන එක ටිකක් දරාගන්න අමාරු වැඩක්. ඒක ඕනැම ලියවිල්ලකට පොදුයි නේද?


ඇත්ත... එහෙම ලියපුව හොරා ගන්න කොට මොකෝ හිතෙන්නෙ?


මුලින් නම් සෑහෙන්න දුක හිතුනා. බ්ලොග් එකේ මහන්සියෙන් ලියපු ලිපි එහෙම සමහර සයිට් වලින් ගෙඩිපිටින් උස්සලා නම විතරක් අයින් කරලා පල කරද්දි හෙම දුකක් නොහිතෙනවා නම්නෙ පුදුම. ඒත් පස්සෙ මං ඕවට පුරුදු උනා. එහෙම ගන්නෙ, ඇත්තටම එයාලට ලෝබ හිතෙන තරම් ලියැවිල්ලක් නිසා නෙ..


හැබැයි මට තවම ඉවසීමේ රතු කට්ට පනින එකම තැන තමයි, අපේ නිර්මාණ හොරකම් කරන සමහරු, ඒවා එයාලගෙ ඔරිමජිනල් නිර්මාණ බවත්, අපි එයාලගෙන් කොපි කරපු බවත් වගේ අමුතු කතා කියන එක. මේක මට විතරක් නෙමෙයි අන්තර්ජාලයේ ලියන හැමෝටම තියන ප්‍රශ්ණයක්.


සමහර වෙලාවට මේ ලිපි උස්සන්නෙ බොහොම ජනප්‍රිය වෙබ්සයිට්, නැත්නම් ෆලෝවර්ස්ලා ගොඩක් ඉන්න, ප්‍රසිද්ධියේත් අඩුවක් නැති අය. මේ ළඟදි අපේ අලුත් බ්ලොග්කරුවෙක්ගෙ ෆේස්බුක් පේජ් එකට අයිඩෙන්ටිකල් ෆේක් පිටුවක් හදාගෙන, එයා ලියන හැමදේම, ඒ විදියටම අර පිටුවෙ පල කරපු සීන් එකකුත් අහු වුනා.


නීති මාර්ගයට යන්න පුළුවන්බව මම අහල තියනවා මේවා සම්බන්ධව


ඒත් අපි හැමෝම මේවා කරන්නෙ පාර්ට් ටයිම් නෙ. මම වෘත්තියෙන් රචකයෙක් නෙමෙයි. ඉතින් කෝ ලංකාවෙ ඉලාස්ටික් නීතිත් එක්ක ඔට්ටු වෙන්න අපිට කාලය?


අපි මේවා ලියන්නෙත් ලාභයක් හෝ වේතනයක් නැතිව, ඉතින් කොහොමද ඒවට අන්තර්ජාලයේ ලියන අය මුදල් වැය කරන්නෙ?


එත් ඉතින්, දන්න එකා දන්නව මේක කාගෙද කියලා. අනික ඔක්කොටම වඩා..., හොරා දන්නව ඔරිජිනල් එක කාගෙද කියලා..


සහතික ඇත්ත. අනික, මනුස්සයෙක්ට වතුර හොරකම් කලාට උල්පතක් හොරකම් කරන්න බැහැ. ඒක, නිර්මාණ මංකොල්ලකෑම් නිසා අධෛර්යමත් වෙලා ඉන්න සයිබර් ලියන්නෝ හැමෝම හිතට ගත්තොත් කාටවත් ඔයාලව වට්ටන්න බැහැ.


බස්සි රට රටවල ගිහින් තියෙනවද?


අපොයි නැහැ. 


නැත්තෙත් නෑ. පොත් ඇතුලෙන් අපිට ලෝකෙ වටේම යන්න පුලුවන් නේ.. අන්න ඒ ක්‍රමයට මං රටවල් ගණනාවකම සැරිසරලා තියනවා. ලෝක සිතියමේ නැති නාර්නියාව, ආකේන්ලන්තය වගේ විස්ම දේශවලත් කරක්ගහන්න පුලුවන් මට ස්මිලෙ එමොටිcඔන්

ම්ම්ම්ම්ම්

හරි උත්තරේ හම්බ උනා.. පොත් කියවන එකනේ එකම වැඩේ.. වෙනත් හොබීස් එහෙම තියෙනවද?


චුට්ටක් ඉන්ඩ ඈ... දිග උත්තරයක් ටයිප් කලා ඒක සේරම ඩිලීට් උනානෙ..


මං ඉස්කෝලෙ කාලෙ මියුසික් වලට තමයි පුදුම තරම් ආසාවෙන් හිටියෙ. පාසැල් වාදන කණ්ඩායමේ වයලින් වාදනය කලා. කී බෝඩ් එකත් තරමක් පුළුවන්. හැබැයි හයර් ස්ටඩීස් එක්ක ඒවට තහංචි වැටුනනෙ.


පේපර් ක්විලින් මං තව ආසා දෙයක්. ඒකට නම් සෑහෙන ඉවසීමක් ඕන. මගෙ සමීපතමයන්ට බොහෝවිට උපන්දිනවලදි එහෙම තෑගි ලැබෙන්නෙ මම එහෙම නිර්මාණය කරපු තෑගි.. 


වැහි පොද වැටෙද්දි ,කුඩේ නැතුව ඇවිදින එක, කෝපි මණ්ඩිවලින් රූප හදන එක. තව පාරෙ යද්දි වළාකුළු රූපවලින් කතා ගොතන එක, ඇස් පියාගෙන වැස්සෙ සද්දෙ අහන එක, ඒවත් විනෝදාංශ ද?


හොම්බ දිග කැමරාවෙන් පොටෝ ගැනීමේ ලෙඩකුත් තියනවා යාන්තං. ඒකනම් තාම බරපතල විනෝදාංශයක් වෙන්න තරං උත්සන්න වෙලා නෑ.


ඕව තමා ඉතිං විනෝදාංශ. මං ඉතින් කරන වැඩපල 99%ක්ම කරන්නෙ විනෝදෙන් නිසා මුලු ජීවිතේම එකම විනෝදාංගයක් වගේ තමා.


ඔය මඤ්ඤං හැම තිස්සෙම ඔළුවේ තියෙනවද, නැත්නම් ඒවා එන වෙලාවක් තියෙනවද...?


බොහෝවිට ඒවා හැමතිස්සෙම එලියට පනින්න ට්‍රයි කරනවා. ඔපීසියෙදි හෙම රාජකාරි mode active කරගෙන ඉන්න නිසා ඒ මඤ්ඤම් අමාරුවෙන් පොඩ්ඩක් හිරකරං ඉන්නවා.


ඈතින් දකින අයට නම් මම සෑහෙන්න නිවිච්ච චරිතයක්


ඇත්ත කියන්න.. බස්ස එක්ක හරි පොඩි ශොට් එකක් එහෙම ගහනවද. ඇල්කොහොල් ගැන මොනවද හිතන්නෙ..?


අපෝ නැහැ. ඇත්තටම මමත් බස්සත් දෙන්නම අමද්‍යප.


මං හිතන්නෙ මනුස්සයෙක්ට මත්වෙන්න ඇල්කොහොල්ම ඕන නෑ. හිතට දැනෙන සිංදුවක්, මොලේ කොලොප්පං වෙන පොතක්, පිහිතුඩක් වගේ තියුණු කවියක් ඇති මත්වෙන්න.

එහෙමත් නැත්නම් හදවත පිරෙන ආදරයක්, හිතට කටු අනින විරහවක් උනත් අපූරු ඩ්‍රග්ස්!

මාත් බලන්න ඕන ඒ වැඩේ.. බස්සි කැමතී කයි පද බදින උන් කව්ද..?


මම ආස කවියො ඉතින් ලොකු ලැයිස්තුවක් ඉන්නවා.


මොලේ කොලොප්පං කරල දාන්නෙ කාංචනා අමිලානි අක්කා, සිහිනමය කවි ලියන රසී, අපි අතරින් ලඟදි වියෝවුන වචන වලට ලෝබ කවියා සමර, හිතට කටු අනින සෞම්‍ය සඳරුවන් , කවිවලින් වෙඩිතියන වැඩ්ඩා වෙඩ්ඩා,


වළාකුළු තරම් සැහැල්ලු වචන තියන වින්ද්‍යා, මත්වෙන කැෆේන් කවි ලියන සහන්, මිනිස්සුන්ගෙ දාඩිය සුවඳ කවියට ගේන ටිම්රාන් කීර්ති, හිතේ ටැටූ කොටන ඉන්දික ගුණවර්ධන. මම ආදරේ කරන කවියො ගැන ලීවැකි වෙනමම පොතක්!!


ඉන්ටර්නැසනල් මට්ටමේ නම් මං ආසම නෙරූදාගෙ කවිවල සිහිනමය ගතියටයි, ලුවිස් කැරොල්ගෙ විස්ම කවිවලටයි.


සයිබර් කවිය ගැන බස්සි මක්කයි හිතන්නේ. බස්සිත් එයින් එක්කෙනෙක් නේ.. එහෙම කවිය වර්ග කරන්න පුලුවන්ද මාධ්‍ය අනුව.?


මොන මාධ්‍යයේ පලවුනත් ඒක කවියක්. නමුත් සයිබර් කවියට අනන්‍ය සුවිශේෂතා කීපයක් හඳුනාගන්න පුලුවන්. මං මේ ගැන කලිනුත් ලිපියකුත් ලිව්වා බ්ලොගේ සයිබර් කවිය පට්ට නිදහස්, සීමා මායිම්, රාමු, වැට කඩොළු නෑ.


අනික සයිබර් මාධ්‍යයේ ස්පීඩ් එක කියන වාසිය මත අපිට කවි දාම සහ සමූහ කවි දැකගන්න පුලුවන් බහුල වශයෙන් ගොඩක් ඉක්මනින් ෆීඩ්බැක් ලැබෙන්නෙ. ඒක ඔළුව කල්පනාවෙන් තමන්ගෙ දියුණුවට පාවිච්චි කලොත් සයිබරය කියන්නෙ ඉක්මනින් අඩුපාඩු හදාගන්න හොඳ පිට්ටනියක් ඒත් ගොඩක් අය ලයික් කමෙන්ට්ස් මත පමණක් විශ්වාසය තියන්න ගිහින් පාවෙන සරුංගල්, නැත්තං හුලං පුරෝපු බැලුම්බෝල බවට පත්වෙන අවස්ථාත් විරල නෑ


එතකොට පොතකින් බලා පොරොත්තු වෙන්නෙ මොකක්ද?


සයිබර් නිර්මාණවලට තවමත් ප්‍රධාන ධාරාවෙ මාධ්‍යවල ලොකු තැනක් නැහැ. ඉතින් අපි සයිබරේ ලියන දේ මහපොළොවට ගේන්න ඕන.


අර ඉන්දික ගුණවර්ධනගෙ කවියක් තියෙන්නෙ


//ලෝකය විශ්වගම්මානයක්

අපි ඉන්නෙ
කහටගස්දිගිලියෙ
යාය දහයෙ//

අනේ ඉතිං අපිට තවම පොතකට බහින්නෙ නැතුව මුල් අදින්න ක්‍රමයක් නැහැ මේ රට ඇතුලෙ. 


ඉන්දික ඉන්නෙ එතන නම්, අපි ඉන්නෙ යාය දහයෙ ඇලේ පතුලේ..


අන්න ඒකයි. හැබැයි අපි පොතකට බැස්සොත්, සයිබරේ මේවත් ලියවෙනවනෙ කියලා ඇස් ලොකුකරලා බලන අය දෙතුන්දෙනෙක් වත් ඉඳීවි. අන්න ඒකයි වෙන්න ඕන මම හිතන විදියට.


පොත ගැන හරි, උත්සවේ ගැන හරි විශේෂ යමක් කියන්න තියෙයි?


චුට්ටක් ඉන්න හොඳේ  මේ ප්‍රින්ට් සොප් එක ගාව
මට 15 min දෙන්න ඈ..

අවුලක් නෑ... පස්සෙ හෙමිට උත්තරේ දාන්න..


හා ඒ අන්තිම පස්නෙ ද? මං එමින් ගමන් චැට් කොලේ


ඔව් නේ//?


මේං!


පොතේ නම, ඉතා කෙටි කලබල සිහින. පොත එළිදැක්වීමේ දවසට "බස්සිගේ නවාතැන" තේමාවෙන් පුංචි උත්සවයක් පවත්වනවා. 


දෙසැම්බර් 12, පස්වරු 3.00 ඉඳන් 5.00 වෙනකම්. මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ තමයි උත්සවය පැවැත්වෙන්නේ. හෂිත අබේවර්ධන, අනුරසිරි හෙට්ටිගේ සහ සෞම්‍ය සඳරුවන් ලියනගේ දෙසුම් පවත්වනවා


බොහොම ස්තූතියි මාතලන්. සහෝදර බ්ලොග්කරුවන්ටත් අලුතෙන් බ්ලොග් අවකාශයට පයගහන අයටත් දෙන සහයෝගයට. ඒ සහයෝගයත් මේ තැනට එන්න ලොකු තල්ලුවක් උනා.


ගනන් ගන්න එපා මචෝ


ඒ උනාට ඒ අන්තිම කොටසත් එක්කම දාන්න..

ඒක මම කියන්නම ඕනෙ එකක් ...

60 comments:

  1. සමාවෙන්න කුරුලු යාලුවේ.! ඒ පිටුව සොයාගත නොහැකියි. නැවත වරක් උත්සාහ කර බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ මොකක් ගැනද කියන්නෙ? :)

      Delete
    2. මාතලන්ගේ සින්ඩියේ අප්ඩේට් උනු බස්සිගේ නවාතැන අළුත් ලිපිය හොයන් ගියාම බස්ස කියපු එක තමා මේ, ☺ ☺

      Delete
    3. ඉරණමෙන් දාදු කෙලීම
      උඔගේ මේ පොස්ට් එක කියවන්න බෑ

      Delete
    4. කවි ලොසින්ජර පිටුවෙ දාන්න හිටපු එකක්, බස්සිගෙ නවාතැනේ පබ්ලිශ් උනා වැරදීමකින්.

      ඉරණමෙන් දාදු කෙලීම
      මෙන්න ලින්ක් එක

      Delete
    5. මම බස්සිගේ බිලොග් එකට ගියාමත් මෙන්ඩා කියපු එකම තමයි වැටුනේ.
      දැන් බලනකොට basukavi එකේනේ පෝස්ට් එක.ඒකේ කවි කියවන්න ආවට බස්සිගේ නවාතැනේ වගේ කොමන්ටු දාන්නනම් බැරි වෙනව.

      Delete
  2. කියපුවා එහෙම්මම දාල නේ.
    ප්‍රින්ට් ෂොප් එකේදි අරන් එව්ව ෆොටෝවත් දාලා!!

    හිහී! බොහොම ස්තූතියි මාතලන්! මේ දෙන සහයෝගය සෑහෙන්න වටිනවා. :) :D

    ReplyDelete
  3. ජය... !!!

    උඹ හරි අක්කෙ මතවීම පුද්ගලානු බද්ධයි.

    ReplyDelete
  4. එන්නම හිතෙනවා දැන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒක ළොකු ශක්තියක් වේවී....

      Delete
  5. බක්ෂිට බොක්කෙන්ම පතනවා >>>>>>>>>ජයවේවා !!
    මේ දෙන සහයෝගයට උඹට ස්තුතියි මාතේ අය්යේ ...


    ඉරා අඳුරු පට පෙර දිග අහසේ...
    පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර...
    අරුනළු උදයේ දිලිසෙණ පිණි මත....
    පියමන් කරමින් අහස් ගව්වටයි ලංවන්නේ...

    හිරු ‍රැස් දැඩිවී හැකිලී ගුලිවී...
    සැඟවී යාදෝ පිණි කැට මිහි තුල...
    පා පෙරැළී ගොස් ‍රැඳේද අප හැම...
    නිමක් නොපෙනෙණා අහස් ග‍ඟේ...

    ඉරහඳ නැතිවී සුලඟ සුසුම් ලන 
    දවසක් ඇවිදින් උදාගිරෙන්...
    කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්... 
    එකමුතු වී අපි මිතුරෝ...

    එන්න මගේ ප්‍රිය මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...

    ගායනය- සනත් නන්දසිරි
    ගී පද -චන්ද්‍රසිරි පල්ලියගුරු
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
  6. සන්තෝශයි ,සන්තෝශයි බස්සියේ. ඒ වගේම මගේ සුභ පැතුම් !!
    මාතෙ දුන්න ඔත්තුවට උඹටත් ස්තූතියි. 12 වෙනිදට බස්සිගෙ වැඩේට එන්න බැරිතරම් දුරක ඉන්න වෙන එක ගැන කණගාටුයි.

    ReplyDelete
  7. ඉන්ටවීව් එකම කියෙව්වා. ( ලිපියේ පිවිසුමත් එක්කම ) එන්නට නොහැකි උනත් හදවතින්ම සුභ පතනවා. මේ එක පියවරක් පමණක කොට ගෙන දීර්ඝ ගමනක් යන්නට සුභාශිංෂන ...!

    ReplyDelete
  8. හදවතින්ම සුබ පැතුම් !

    ReplyDelete
  9. එක පොතක් නෙවෙයි පුස්තකාලයක් පිරෙන්නට පොත් ලිවීමට හැකියාව ධෛර්යය වාසනාව ලැබේවා..

    සුපිරි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  10. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේ මිනිස්සු නම් කියවන්නෙ මල ගෙවල් වලදි බෙදන කවි කොලේ සහ පොලේ ගියාම් අරන් එන කවි කොල විතරයි.
    බස්සිට ජය!

    ReplyDelete
    Replies
    1. ඇයි කැළෑ පත්තර තිබ්බේ නැතෙයි...

      Delete
  11. පස්සේ ඕනම නම් මක්කා හරි කොරන්නත් බැරියෑ...//
    එන්නම හිතෙනවා...
    බලමු බස්සි..උපරිම ට්‍රයි එකක් දෙනවා..
    එන්න බැරිවුනත් උඔගේ පොතක් මම හොයාගන්නවමයි..

    ReplyDelete
  12. අපිව අව්ස්සන්නෙපා යකෝ. වැඩ ඔක්කොම දාල එන්න හිතෙනවනෙ. පිස්සු කෙලින්නෙපා මාතෙ.

    ReplyDelete
  13. සුබ පැතුම් බස්සි අක්කේ..............
    කයි පොත නම් කොහොම හරි හොයා ගන්ට ඕනා.

    ReplyDelete
  14. "වතුර හොරකම් කලාට උල්පත හොරකම් කරන්න බෑ....."
    සුභ පතනවා බස්සියේ... ජයෙන් ජය...!!!

    ReplyDelete
  15. කියන්න ඕන දේ මෙතන නියමෙට කියල තියෙනවා.
    //අපි අදටත් ළොකු කරගෙන කතා කරන්නේ, පරණ පුස් කාපු නවකතා, කයි පොත්, කෙටි කතා සහ ඒවා ලියපු සෙට් එක. උන් මලින් ගඳින් පුදනවා වඳිනවා සමරනවා එක කෙලියයි. ඒ මදිවට ඔය වගේ උස්සව ඔලට එන මහා පොරවල් කියලා කියා ගන්න උන්, අළුත් උන්ටත් කියනවා ඒ වගේ ලියන්න කියන්න ඕන හිතන්න පතන්න ඕන කියලා. මේක මහා කරුමයක්.

    උන් මාර බයයි සයිබරේට. උන් තමයි අහන්නේ මේකේ තියෙන්නේ කවිද කියලා. එහෙම අහන්නේ උන් ඒවට බය වෙලා තියෙන නිසා. මෙතන නීතී රීති සිරිත් විරිත් නෑ. හිතෙන එක එහෙමම ලිව්වා. හොඳ හෝ නරක කොමෙන්ට්ස් ටික වැටුනා. ලියපු එකාටත් සතුටුයි. බලපු එකාටත් සතුටුයි. අළුත් දෙයක් ආයේ ලිව්වා. ඉස්සර වගේ පත්තරේට යවලා, අඳුනන උන්ට පුක දෙන්නයි, වැඳ වැටෙන්නයි ඕන නෑ. සති ගනන් මාස ගනන් බලාගෙන ඉන්න ඕන නෑ.// එලම එල. බස්සිට සුභ පැතුම් .

    ReplyDelete
  16. //ඈතින් දකින අයට නම් මම සෑහෙන්න නිවිච්ච චරිතයක්//

    +++++++++++++++++++++++++++

    ReplyDelete
  17. මුලින්ම යශෝධාගේ නව ග්‍රන්ථය වෙනුවෙන් අතිශය හෘදයාංගමව සුභ පැතුම් එක්කරමි. එමෙන්ම ග්‍රන්ථකරණයත් සමගින් ඔබට නව පාඨකයන් මෙන්ම රසිකයන් විශාල පිරිසක් හිමිවනු ඇතැයිද මා උදක්ම විශ්වාස කරමි. කෙසේ නමුත් මාතලන් ගේ මෙම විකාරරූපී ලිපිය ගැන නම් කිසිදු පැහැදීමක් නැත.

    ඉතාම අනවශ්‍ය පරිදි මුරුංගා අත්තේ තබමින් දමන ගොන් පාට් නිසා හෑල්ලු වී යන්නේ මේ ආධුනික ලේඛිකාවගේ ගෞරවයයි. මීට වඩා කොතරම් සංවරව මෙය ලිවිය හැකිව තිබුණාද? මාතලන් ඔබ මට එරෙහිව අවි එසවීමට පෙර අවම වශයෙන් ජැක්සන් ඇන්තනි විසින් රාජපක්ෂලා රජාට අන්දමින් කල වන්දිභට්ට කතාවක් හෝ ලිපියක්වත් කියවන මෙන් ඉල්ලාසිටිමි. ජැක්සන් ඔබට වඩා ගවු දහස් ගණනක් ඉදියෙන් අතිශය දක්ෂ ලෙස බස හසුරමින් තර්ක ගොඩනගමින් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත්කලත් අපට කොතරම් අපුලක් දැනුනාද? ඉදින් ඔබ ගැන කවර කතාද මාතලන්? හඩ්ඩා සහ විමසුම සිහිවනවා පමණි. නමුත් ඔබට ස්තූතියි ලිපිය මගින් කල දැනුවත්කිරීමට. (මෙය හුදෙක් මගේ අවංක අදහස පමණයි. ඔබට රිදවීමට ලියූවක් නොවේ.)

    ReplyDelete
    Replies
    1. ඔබට එරෙහිව ආයේ අවි ඔසවන්න ඕන නෑ.. පෝස්ට් එකේ අවි එසෙව්වේ ඔහේ වගේ අයට තමයි...

      Delete
    2. මාතලන් ඔබ මට එරෙහිව අවි එසවීමට පෙර....... හු !!! හු.!!!..... මෙන්න මාතලන් චන්ඩියෙක් කරලා අනේ අපිට කවුද හු... හු...කියනවා

      සු ගාලා ගුඩ් ලක් කියමු මාතලන්ට නොවෙයි බස්සිට !!!!!

      Delete
  18. සයිබර් කවිය ගැන බස්සිගෙන් කියවීම හොද බව පරණ පෝස්ට්කටුවක් කියවපු නිසා මං දන්නවා.. ඒක නෙමෙයි බං මොකද මේ කෑල්ල කිව්වේ.. කෙන්ජි ආවද?? හැක්..

    මාතා උඹ තමා ඉතිං බ්ලො/ර් වල අන්ලිමිටඩ් පබිලිසිටි දෙන්න ඉන්න කෙනා. ඒක නිසා මේ කතාව වැදගත් වේවි කියල හිතනවා. බස්සිට ජය වේවා! මගේ පොත එවපං කෑල්ලේ.. හැක්..

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. එළයැ! පුළුවන් කාලේ ලියපන් නංගියේ.. පස්සේ දුක් වෙන්නේ නැතුව.. අර 'අභ්‍යන්තර මල් ගහණ' හැමදාම පිපෙන්නේ නෑ.. උල්පත් උනත් කලකදී හිඳෙනවා.. ලියවෙන කාලේ උපරිම ලියපන්.. ජය!

    ReplyDelete
  21. හදවතිනම් සුභ ප්‍රාර්තනා කරනවා බස්සිට්. දොළොස් වෙනිදා එන්න ට්‍රයි එකක් දෙනවා අනිවාර්යෙන්ම.

    මේ පොත පාඨකයො අතර ජනප්‍රිය වේවී අනිවාර්යෙන්ම බස්සියේ. මොකද ලියන අකුරක් ගානෙ අමුතුම හැකයක් පෙන්නන හැකියාව උපරිමයෙන් බස්සිට තියෙන නිසා.

    ජය!

    ReplyDelete
  22. බස්සිගේ කවි නිසා පොඩ්ඩක් මඤ්ඤං වෙලා හිටියත් හැකියාවක් තිබුනොත් ඇවිත් යන්න බලනවා...

    ReplyDelete
  23. ජයෙන් ජය ඕන්....

    ReplyDelete
  24. සුභ පැතුම් බස්සියේ.පොත අරගෙන බලන්නම්...

    ReplyDelete
  25. බස්සි ඔබට සුබපැතුම් !!

    ReplyDelete
  26. "අනේ ඉතිං අපිට තවම පොතකට බහින්නෙ නැතුව මුල් අදින්න ක්‍රමයක් නැහැ මේ රට ඇතුලෙ. "
    මේ කථාව සම්පූර්ණ ඇත්ත උනාට පොත් ගහපු අය මුල් ඇදෙන්න කලින් උදුරලා දාන්න දතකන එවුන් බොහොමයි අපේ සිංහල බෞද්ධ රටේ... කියවීම කියන දේ අද්‍යාපනය ඇතුලෙන් මිනිස්සුන්ගේ ලේ වලට කාන්දු කරන අද්‍යාපන ක්‍රමයක් එනකම් රචකයින්ට මුල් ඇදෙන්නේ බොහොම හෙමින්... උගත්කම විනා බුද්ධිමත්කමක් නැති දරු පරපුරක් වැඩෙන රටක රචනාවට තැනක් එයිද මන්ද... මෙව්වා මගේ හිතේ මැවෙන විකාර... බස්සිට සුභපැතුම්...

    ReplyDelete
  27. මාතයියෙ.. එල කිරි හොඳේ..
    බස්සි... අළුත් තීන්ත සුවඳ දෙන පොතේ මුලින් අස්සන ගහලා කෙනෙකුට දෙනකොට හිතාගනින් ඔන්න පටංගත්තා... කියලා.දිගටම ලඟ ලඟ පොත් පල වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  28. //බොහොම ස්තූතියි මාතලන්. සහෝදර බ්ලොග්කරුවන්ටත් අලුතෙන් බ්ලොග් අවකාශයට පයගහන අයටත් දෙන සහයෝගයට. ඒ සහයෝගයත් මේ තැනට එන්න ලොකු තල්ලුවක් උනා.// ඔය කතාවට මමත් එකඟයි බස්සී , මගේ බ්ලොගයට හා පොතට මාතලන් දුන් පබ්ලිසිටි සප් එක සදා අමතක නොවේ . බස්සීගේ පොතට උණුසුම් සුබ පැතුම්!!

    ReplyDelete
  29. ජය වේවා !

    12 සෑමගෙ දෙවෙනි ඇන-වස-රිය

    සෑමට ගෙදර ඉන්න වෙයි !!

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දි 12 කියන්නෙ හෙන සුභ දවසක් වගේ

      Delete
  30. ආං බලාපන්!!
    පත්තරකාරයෝ වෙච්ච අපට යුතුකමක් තිබ්බ නේද මේ වගේ සහයෝගයක් දෙන්න!
    හතරවටේ ඉන්න දේසපාලුවන්ව ඉන්ටවීව් කොර කොර ඉඳපං..
    සහෝදර බ්ලොග්කාරයෙක්ට සහයෝගයක් නොදී

    ReplyDelete
    Replies
    1. එහෙනම් හෙට පත්තරේ බලන්න ඕනා...

      Delete
    2. ආං බලාපං.
      හෙහේ! මං පත්තරේකට කියල සම්පූර්ණයෙන් කියවන්නෙ රාවය තමා. අනිත්වා උඩින් පල්ලෙන්.

      Delete
    3. @ මාතලන් :

      බලන්න බලන්න. මාත් ඕකට ඉඳහිට මෙව්වාවල් ලියල යවනවා.

      Delete
  31. බස්සිගෙ වැඩේට අපි බොක්කෙන් රෙෂ්පට් !!!

    මං ඉවානයා එවනවා තේ කෝපි අල්ලන්න එදාට .. ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඒවා කිරිතේ කරනවලු මිනිහගේ ගානේ.. බෙදන ගමන්ම..හැක්

      Delete
    2. මදි පාඩුවට පැණිත් දායි :D හැක් හැක්

      Delete
  32. බස්සි කියන්නේ ලොකු ගමනක් යන්න පුළුවන් එකියක්..

    ReplyDelete
  33. ඕකි ලියන එව්ව තේරුම් ගන්න අමාරු උනත් වැඩේට එන්න ඉන්නෙ...

    ReplyDelete
  34. ඕකි ලියන එව්ව තේරුම් ගන්න අමාරු උනත් වැඩේට එන්න ඉන්නෙ...

    ReplyDelete
  35. Oki liyanadewal therum gantanam crystalmeth wath gahanta oni mathe. Mama wediya kiyawanne nethi blog ekak. Comment kalaada koheda kiyawapu post walata. Eth bokkenma wish karanawa bassita. eBay Amazon ekata poth demmoth mama defa gannawa. Meheta post karanawanam eth gannawa. Jaya wewa..!!

    ReplyDelete
  36. Brother Maathalan

    First and foremost I want to make an apology to you for not giving you any compliment earlier on for your beautiful and meaningful Blog posts.

    Even.....I'm very sorry for not making any comments on ur blog posts.
    I hope you will accept my apologies.

    Im a new reader of Sinhalese blogs.
    Few years ago I accidentally found "podi man" blog and then I got the thread to visit your Blog.

    Yo man.....
    You are absolutely a great blogger and a great big brother for all the bloggers in Sinhalese Blog Arena.

    "We" started to read your blog and as well as "Bassi's" blog at work.
    Sometimes we translate Sinhalese to English and read out for our other foreign friends too.

    Bassi has come through a long journey with her unusual way of "unorthodox style" writings on her blog and newspapers.

    She is a "Beautiful Dreamer".
    Some of her "exaggerated beautiful dreams" took me to far away places within seconds. Because those words were really touched my heart and soul.

    It's a real humble post what you have delivered today in order to honor Bassi and her book launch.

    Maathalan bro......
    Keep on writing. .....

    Thank you very much for your interesting blog posts.

    ===Adrian Channa from Toronto = = =

    ReplyDelete
  37. Brother Maathalan

    First and foremost I want to make an apology to you for not giving you any compliment earlier on for your beautiful and meaningful Blog posts.

    Even.....I'm very sorry for not making any comments on ur blog posts.
    I hope you will accept my apologies.

    Im a new reader of Sinhalese blogs.
    Few years ago I accidentally found "podi man" blog and then I got the thread to visit your Blog.

    Yo man.....
    You are absolutely a great blogger and a great big brother for all the bloggers in Sinhalese Blog Arena.

    "We" started to read your blog and as well as "Bassi's" blog at work.
    Sometimes we translate Sinhalese to English and read out for our other foreign friends too.

    Bassi has come through a long journey with her unusual way of "unorthodox style" writings on her blog and newspapers.

    She is a "Beautiful Dreamer".
    Some of her "exaggerated beautiful dreams" took me to far away places within seconds. Because those words were really touched my heart and soul.

    It's a real humble post what you have delivered today in order to honor Bassi and her book launch.

    Maathalan bro......
    Keep on writing. .....

    Thank you very much for your interesting blog posts.

    ===Adrian Channa from Toronto = = =

    ReplyDelete
  38. බස්සි අක්කාට ජයෙන් ජය! මේ වැටෙන් පැනගන්න ලැබුණොත් එනවාමයි. මාතලන්ටත් තුති.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න