.

.

Jan 25, 2016

නපුංසක රටක් - Country without law and order


  
අපි බොහෝ දෙනෙක් කියන්න ඕනා දේ, නානසාර මහ රහතන් වහන්සේ හෝමාගම උසාවියේදී දේශනා කොරලාය. එහෙම දේශනා කොරලා තියෙන්නේ විත්තිය වෙනුවෙන් අති විසේස දේශනාවක් කොරලාය. උන් වහන්සෙ නඩු කාරයාගේ මූණටම දෙසා වදාරා ඇත්තේ, මේ රටේ තියෙන්නේ නපුංසක ආන්ඩුවක්ය. ඒකේ ඉන්නේ නපුංසක නිළධාරින්ය කියලාය. එහෙම දෙසලා එක්නැලිගොඩ නෝනාටත් පාට් එකක් දමා, උන් වහන්සේ ආරාමයට වැඩියෝය. කේස් එක යන්නේ ඉන් පස්සේය.
 
පැමිණිල්ලේ කරුණු දැක්වීමකින් පස්සේ උන් වහන්සේ අත් අඩංගුවට ගන්නෙයි කියලා නියෝගයක් නිකුත් කරලාය. පොර වහන්සේ එතනින් නවතින්නේත් නැතිය, උන් වහන්සේ අද තග දාන්නේ ඒයා අත් අඩංගුවට ගත්තොත් හෙම සිවිල් නීතී උල්ලංගනය කරමින් උන්වහන්සෙගේ අනුගාමිකයන්ගෙන් සිර ගෙවල් පුරවනවා කියලාය. උන් වහන්සේ කියපුවාටමතරව තව මේ ටිකත් කියලාම ගියා නම්, උන් වහන්සේගේ සිරි මුඛයේ, උන් වහන්සේ කැමති දෙයක් වක්කොරන්න මාතලනුත් එනවාය. එනම් මේ රටේ තියෙන්නේ නපුංසක නීතියක් හා නපුංසක පොලීසියක් කියලාය.

ළෝකයේ කතා බහට ලක්වු සිද්දීන් කීපයක් පිළිබඳව නීතිය කිරියාවේ යොදවන්න යන එකට, මොකා මොනවා කිව්වත් දිවි හිමියෙන් ඒවාට යුක්තිය ඉටු කිරීමට තමන් බැඳිලා ඉන්නවාය කියා, ලොක්කා කිව්වේ ඊයේය. ඒක අහලාද නැතුවද කියන්න දන්නේ නැති උනත්. ත්‍රස්තවාදියන්ට නිදහස දෙමේන් රණවිරුවෝ හිරේ දානවාය, ඒ වෙනුවට එයාලාව හිරේ දාන්නෙයි කියා, රඹ ටෝක් දෙන්නේත් ඊයෙමය. එතකොට මේ රටේ ජනාධිපති මෛත්‍රිපාලද නානසාරද කියා ළොකු ගැටළුවක් අපට එනවාය.
 
මාතලන් කියවන්නේ නැති වෙලාවට කන්නාඩි කුට්ටම දාන්නේ ඔලුවටය. දවසක් ඕක දමාගෙන උසාවියට යන්න ගියාම යන්න දුන්නේ නැතිය. ඒක ගලවලා සාක්කුවේ දාගන්නෙයි කිව්වේය. උන්ගේ නීතී රීති ඔක්කෝම තියෙන්නේ අහිංසක උන්ටය. මිනිමරුවෝ ඇවිල්ලා විත්තිකාරයෝ උසාවිය ඇතුලේම මරලා යනවාය. මේ වගේ තගාලා ඇවිත් දේශණාත් පවත්ත්වලා යනවාය. නඩුකාරයයි පොලීසියයි පොන්නයෝ වාගේ ඉන්නවාය. මොකෝ නපුංසකයෝ කියන්නේ පොන්නයන්ට නිසාය.
 
මෙතනෙ නඩු කාරයා හැසිරිලා තියෙන්නේ අපේ ගමේ ජිනයා වගේය. ඌ හිතාගෙන ඉන්නේ ඌ චන්ඩියෙක් කියලාය. ඒ උනාට පොඩි පොඩි කේස් වලට හිටන් සමහර් වෙලාවට එහා ගමේ උන්ගෙන් මෙන්ම, අපේ ගමේ කොල්ලෝ කුරුට්ටොන්ගෙනුත් පොර අම්බානක කනවාය. එහෙම නෙලලා ගියායින් පස්සේ ජිනේ කඩුවකුත් අරගෙන පාරට එනවාය. කෝ යකෝ කව්ද ඉන්නේ... එන්න කියපන් ඕන එකෙකුට... අපි බය නෑ ඩෝ... කියා කඩුව වනවාය. ඒ උනාට ආපු උන් කරන්න ඕනා ඔක්කොම කරලා ඉවරය. ඊට පස්සේ ගමේ උන් එක්කහු වෙල අරූ ඇක්සිඩන්ට් වෝඩ් දානවාය. ජිනයාගේ ඔය චන්ඩි පාට් ඉවර උනේ, අම්බානක ගහලා පුකත් කපලා ගියායින් පස්සෙය. මෙහේ නීතියත් ඒ වගේය.
 
නඩු කාරයා පොරක් නම් කරන්න තිබුනේ ඒ මොහොතෙම අල්ලලා රිමාන්ඩ් කරනා එකය. මේ මෑතකදි අහිංසකයෙක් හිරේ දැම්මේ ෆෝන් එක රින්ග් උනාද මොකක්ද අතපසුවීමකටය. එහෙව් උසාවිය, නීතිය සැමට එක සමාන ලෙස ක්‍රියාත්මක කොරන්නේ මෙහෙමය.
 
අද අපේ රටේ නායකයා මෛත්‍රිපාල සිරිසේන උන්නැහේ නෙමෙය. මහින්දත් නායකයෙක්ය. සැටලයිටුත් නායකයෙක්ය. රනිලුත් නායකයෙක්ය. එක එකා කරන්නේ එක එකාට ඕනා දේය. මහින්ද මහත්තයා එලවපු ලොක්කා දැන් ට්‍රයි එක දෙන්නේ රනිල් එලවා ගන්නටය. රට අයාලේය. හොරු ඇල්ලිලක් නැතිය. ඒ හොරා පොලිස් සෙල්ලම අහවරය. දැන් හොරා පොලීසිය අල්ලනවාය. ඒක ඉවර වෙල දැන් බලන්නේ ආන්ඩුවත් අල්ලන්නය. මෙයාලා නානවාය. නානේ රඟනවාය.

මහා පාග්නයාද මොකාද එකා කිව්වොත් කියන්නේ පිස්සු කතාමය. කෙරුවොත් කරන්නේ පිස්සු විකාරය. මේවා සෙට් ගේම්ද, එහෙම නැත්නම්, පොලිටිකඅල් ඇජෙන්ඩාද කියන්න එකෙක් වත් දන්නේ නැතිය. මෑතක කියලා තිබුනේ, මහින්ද රාජපක්ෂ නිර්දෝෂී පොරක් කියලාය. ඒක එයා විසේසයෙන් කියන්න ඕනා නැතිය. නීතිය ගැන අබ මල් රේණුවක් දන්න එකා ඒක දන්නවාය. ඒයා තාමත් එලියේ ඉඳන් පොර ටෝක් දෙන්නේ එයාට ආන්ඩුවෙන් කිසි ගේමක් එන්නේ නැති නිසාය.
 
ජනාධිපති තුමාත් මල පැනලා තද ටෝක් එකක් ඊයෙත් දුන්නේය. හැබයි ඉතින් ඔහොම ටෝක් දීලා වැඩක් නැතිය, සද්දේ වගේම ගඳත් තියෙන්නට ඕනාය. නැත්නම් පඩයක වටිනාකමක් නැතිය. යහපාලනේ හත් පොලේ බල්ලෝ රීලාය. අමු ජාතිවාදයක් දකුණේ යනවාය. උන්ට ආන්ඩුව ගූ බයය. සිංහ ලේ තියෙන උන් සිංහ කොඩියකුත් උස්සාගෙන දළදා මාලිගාව ළ්ඟ ඩිස්කෝ නටනවාය. නානෙලා  පන්සලේ නඩු බලවලා අහක්ක වෙලා, හෝමාගම උසාවියෙත් නඩු බලවන්න එනවාය. එහෙම ඇවිල්ලා උසාවියේ දේශණාත් කොරනවාය. පැමිණිලිකරුට තර්ජනත් දානවාය. ඒ මදිවාට සිවිල් නීතී කඩනවා යකෝ කියා දගත් දානවාය. ටික දවසක් ගුහා අස්සෙ උන්නු ඉත්තෑවාත් ඊයේ උසාවියට රිංගනවා මේස්දෙකෙන්ම දැක්කේය. හැබයි නානයා ළඟ ඉත්තෑවා බලු කුක්කාය. නැත්නම් පොර ඔතන වීරයා වෙනවාය.
 
අපි කියන්නේ නානසාරලාට ඉත්තෑවලාට විතරක් නීතිය ක්‍රියාත්මක කොරන්න එපා කියලාය. මොකෝ එහෙම කලොත් අපෙත් මල පනිනවාය. අපි කියන්නේ නානෙලාගේ පටන්, ජාතිවාදේ, ආගම්වාදේ පතුරන හැම එකාටම නීතිය ක්‍රියාත්මක කොරන්නෙයි කියලාය. එතකොට රිෂාඩ්ලාත් අහු වෙනවාය. උතුරේ මහ අමතියා විගාත් අහු වෙනවාය. හරක් මස් ටෝක් දෙන අසාද් සාලියාත් අහු වෙන්වාය.

ඒ ඉතරක් නොව පන්සල් ගානේ ජාතිවාදේ පතුරන මහා ජාතිවාදියා වාගෙම, එයාගේ රිලවාත් අහුවෙනවාය. වාහම මුන්ට නීතිය ක්‍රියාත්මක කොලේ නැත්නම් පරිප්පුව කන්න වෙන්නේ තොපිට නොව සාමකාමි ලෙස සහජීවනයෙන් ඉන්න කැමති අපටය. ඕවා ආයේ පටන් ගත්තොත් හෙම සංවර්ධනේ කෙසේ වෙතත් සුද්දෝ මේ පැත්ත බලා අධෝ වාතයක්වත් අරින එකක් නැතිය.
 
මේවාට එරෙහිව ක්‍රියාමාර්‍ග ගන්න බැරි ආන්ඩුව, නානසාර මහ රහතන් වහන්සේ දෙසනාවක් මෙන්ම, පොන්න ආන්ඩුවක්මය කියා අපටත් කියන්නම වෙනවාය.
 
ආන්ඩුවටත්, රටටත් ,අපටත්, අබ සරණයි....!

114 comments:

  1. ජනතාව මී හරක් නම් පාලකයෝ ඉබේම ගොපල්ලෝ වෙති...මේ වගේ අදහසක් තිබුණු පිරුළක් කොහෙදි හරි අහල මතකයි...අසංක

    ReplyDelete
    Replies
    1. බහුතරය හරක් උනාට, මේ රටේ ඔක්කොම හරක් නෙමෙයි...

      Delete
    2. හූව මචෝ රැකව හූ

      Delete
    3. හරක් නැතුව එඬෙරු බිහිවෙන්නේ නෑ බං.....

      Delete
    4. +++++++++++++++++++++++++++++++++++++++++++++

      මාතලං ලේඛකයාගේ අති විශිෂ්ඨ විග්‍රහයකි

      මෙතුමා රථාචාර්ය ලෙස මැදපෙරදිග කලාපයේ වසර ගණනාවක් කරනලද ගවේෂණ පර්යේෂණ වල ප්‍රථිඵලය කැටිව ගෙන දැක්වීමකි.

      මෙලිපියෙන් එතුමෝ එතුමන්ගේ බහුශ්‍රැත බව මෙන්ම නිදහස් චින්තනය මනාව ප්‍රකටකර ඇත.

      Delete
  2. ෆෝන් එක රිංග්ස් යෑම නිසා පමණක් නොව පඩයක් ගිය නිසාද හිරේ වැටුණා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නේ .... සද්දෙට පඩයක් ඇරියය කියලා...

      Delete
    2. ඇනුමක් නේද ?

      Delete
  3. උන්නාන්සේ උසාවියෙන් එලියට ආපු වේගෙට නඩු (බලවන) භාණ්ඩ පෙනී නොපෙනී ගියා.

    ReplyDelete
    Replies
    1. පොලීසියේ චන්ඩි දැක්කද නැටි පුකේ ගහගෙන ඇඹරෙනවා...

      මක්කා කොලත් මම නානෙට බොක්කෙන්ම ලව්..

      ළඟදි දැක්කයි ඩාන්ස් එක...

      Delete
  4. නානසාර එදත් චණ්ඩියා. අදත් චණ්ඩියා ! වෙනත් චීවරධාරීන් වගේ එක එක පැත්තට නැමෙන්නේ නැතුව තමන්ගේ මතේ දිගටම ඉන්න, උසාවියේදී උනත් පාට් එක දාන්න පුළුවන් කොන්දක් තියෙන එක ගැන නම් අපේ මෙව්වා එක හිමිවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනිවා... අපේ මෙව්වා එක අනිවාර්යයෙන්ම උන් වහන්සේට හිමි විය යුතුමය...

      Delete
    2. උදේ, උඹ තාම දන්නේ නැද්ද නානසාරගේ පැත්ත ??? අංගොඩ මානසික රෝහලේත් ඉන්නවා ඔයා වගේ කොඳු තියෙන, ඕන එකෙකුට පාට් දාන කට්ටිය.

      Delete
  5. මට දුක අර ගෑනු මනුස්සයට කියපු අසමජ්ජාති කතාවට.. නොදකින්.. මිනිහා හැබැටම කොටියෙක් උනත් යකෝ ගෑණු දරුවෝ කොච්චර අසරණ වෙනවද මිනිහෙක් නැති උනාම..

    ReplyDelete
    Replies
    1. මූට එරෙහිව වෙනම කේස් එකක් අදින්න පුළුවන් ඒකට... කෝ මේ මහා කාන්තා අයිතිවාසිකන් කාරයෝ...

      Delete
  6. මිනිස්සුන්ට හැමදාම තිබුන තියන ලෙඩක රෝග ලක්ෂණයක් තමයි නානසාර. මිනිස්සුන්ගේ හිතේ තියන ද්වේශය, උද්දච්චකම වගේම හීන මානය,තම ලාභය වගේම බය සැකය, හොර තක්කඩිකම, පිස්සුව ආදී එකිනෙකට සමාන හා අසමාන ලෙඩ නිසා ඔය රෝග ලක්ෂණ එනවා වෙන ලෙඩවගේ නෙමෙයි මේ ලෙඩේ රෝග ලක්ෂණේ නිසාත් ලෙඩේ ආයිත් ආයිත් හැදෙනවා.

    නට්සි හා ෆැසිස්ට්කාරයින් මෙන්ම සීලොට්ස් කියන වචනෙත් හැදුන පෞරාණික යුදෙව් අන්තවාදීන් හා නව ඕතඩොක්ස් පිස්සන් , ඇමරිකාවෙ සුදු ආර්යන් නේශන්ස් මෙන්ම කලු අන්තවාදීන්, ශිව් සේනා, ද්‍රවිඩියන් අන්තවාදීන්, නැගෙනහිර යුරෝපයේ ස්ලාවික් අන්තවාදීන්, අප්‍රිකාවේ කලු ගෝත්‍රික පිස්සන් මෙන්ම සුදු අපාතයිඩ් කාරයින් හැට හුටහමාරක් වන ඉස්ලාමීය පිස්සන් සංවිදාන ...... ඔක්කොම ඔය මිනිස් ස්වාභාවයේ ලෙඩේ රෝග ලක්ෂණ මෙන්ම රෝග කාරකයින්.

    ශීලාචාර රටවල (මෙයට ඉන්දියාවද මේ කොන්ටෙක්ස්ට් එකේදී අයත්ය ) බහුතරය මෙයට අකමැති අතර ආණ්ඩු හැකිපමණින් නීතිමය රාමුවකින් මුන්ව පාලනය කරනවා.

    (Matalan, after writing this haella I realized how much I miss Madhyastha mathadhaariya :-D )

    ReplyDelete
    Replies
    1. අපේ උන් නීතියෙන් මුන්ව රකිනවා... මුන් කෑ ගහන කොට ඇඳිවතේ මළපහ වෙනවා...


      Pra... do not warry man.. he is there with a another name... may be he will comment for this...

      Delete
    2. //ශීලාචාර රටවල (මෙයට ඉන්දියාවද මේ කොන්ටෙක්ස්ට් එකේදී අයත්ය ) බහුතරය මෙයට අකමැති අතර ආණ්ඩු හැකිපමණින් නීතිමය රාමුවකින් මුන්ව පාලනය කරනවා.//
      මෙහි දෙවන කරුණ පළමු කරුණ මත රඳා පවතී. පුද්ගලයින් කොටසකගේ චර්යාවන් නීතිමය රාමුවකින් පාලනය කළ හැක්කේ එවැනි චර්යාවක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුනම් සහ එවැනි චර්යාවකට විරුද්ධ පිරිස විශාල ලෙස වැඩිනම් පමණි.

      (//may be he will comment for this.// Perhaps, he will not behave the same way as he did before.)

      Delete
    3. ඉකොනො,

      ඔතන වෙන්නෙ ඕක නෙවෙයි. නානසාර කියන්නෙ නූල් රූකඩයක්. පොරට මිශන් එකක් දීල කමාන්ඩ් කරාම වයින් කරපු බෝනික්කෙක් වගේ සැලැස්ම නියමෙට ක්‍රියාත්මක වෙනව. බො.බ.සේ එකෙ හිටපු දිලන්ත විතානගේ කියන්නෙ ඉතාම සටකපට කොන්ත්‍රාත් කාරයෙක්. පොරගෙ දුව පසිනි විතානගේ ගෙ කෙරුවාවෙන්ම පේනව මිනිහගෙ අරමුණු මොනවද කියන එක.

      බොදු බලසේනා ලේකම් ගලගොඩත්තේ ඥාණසාර සහ අනෙකුත් විධායක කමිටු සාමාජිකයන් වන්නේ හපුතලේ පංඥාසාර, විතරන්දෙනියේ නන්ද සහ ගිහි සාමාජික ඩිලන්ත විතානගේ බොදු බල සේනාවේ ප්‍රධනින් ද වෙයි. ආණ්ඩුවේ සමහර නායකයන් පවා මොවුන් ගැන කතා කිරීමට පවා තැති ගනි .

      බොදු බල සේනා සංවිධනය පිහිටු වීමට පෙර මෙම හිමිවරුන්ගෙන් බහුතරයක් සහ ඩිලන්ත විතනගේ නෝර්වෙ බලා ගොස් ඇත.

      මෙම සංචාරය වර්ල්ඩ් විවු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් Arne Fjortoft සහ ඩිලන්ත විතානගේ විසින් සංවිදානය කොට ඇත.

      ශ්‍රි ලංකාවේ නෝර්වීජියානු තානාපති වන Ms. Grete Løchen ට අනුව, 2011 අප්‍රෙල් මස දිනයක ගලගොඩත්තෙ ඥාණසාර නෝර්වේ දෙමල ඩයස්පොරා නියොජිතයන් හමුවීමට අවස්තාව සලස් වා ගැනීමේ හැකියාව පිලිබදව ව්ර්ල්ඩ් වීවු ජත්‍යන්තර අරමුදල (Worldview International Foundation) සමග සාකච්ච කොට ඇත. මෙම හමුවෙ අරමුන ලෙස ඔවුන් දක්වන්නෙ ශ්‍රි ලංකාව තුල පවතින වාර්ගික හා දෙශපලණික අභියොග වලට විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ග හා හැකියාවන් පිලිබදව පොදු ගිවිසුමක් ඇතිකර ගැනීමයි.

      අවසන් සැලස්මේ ප්‍රතිඑලයක් ලෙස ඔක්තෝම්බර් 20-26 කාලයතුලදි සමගි සන්ධානය ඇතිකිරීමේ සමුලුවක් නෝර්වේ රටේ දී NOREF සංවිදානයෙ හවුල් කාරීත්වයෙන් පැවැත්වීමට තීරනය විය.

      තවදුරටත් ඇය සදහන් කරසිටියේ “මෙම වියපෘතියේ නොර්වේ දායකත්වය වන්නේ වරක් පමනක් කරන ගෙවීමක් පමණි”

      එමනිසා තානාපති තුමිය ගේ ප්‍රකාශයට අනුව මෙම සංචාරයේ වියදම නොර්වේ විසින් දරනලද අතර මෙම පිරිස 2011 – ඔක්තෝම්බර් – 20/ 26 කාලයතුල නොර්වේ සංචාරය කරන ලදී. මෙම සංචරයෙන් කෙටිකලකට පසුව හිමිවරු බහුතරය හා ඩිලන්ත විතානගේගේ සැලසුම් හා සංවිදානයෙන් 2012 මැයි මස 07 දින බොදු බල සේනා සංවිදානය කල එලි දක්වන ලදී.

      සත්‍ය වශයෙන්ම නෝර්වේ කුමක් සිදු වුනිද කාට නම් අනුමාන කලහැකිද? නමුත් ඔවුන්ගේ සංචාරය අවසන බොදු බල සේනා නම් සංවිදානය බිහිවිය.

      නොර්වේ LTTE හිතවාදී බව හා ඔවුන් ගේ සාම ක්‍රියාවලියට බරපතල ලෙස විරුද්ද මේ අය තමතමුන් ගැන තිබුනු ආකල්ප වෙනස් කොටගෙනද?? බරපතල ලෙස මතුවන සැකයනම් මෙය ලංකාවේ නායකයන් දිනා ගැනීමේ නෝර්වේ බලල් අතක්ද? මට නොතේරෙන දෙයනම් එයයි.

      ඇතැම් විට මෙය ගෝඨා මරා ඇතුළු කල්ලිය විසින් නූගත් ජාතිවාදී සිංහලයින් දිනාගැනීමට ගසන ගේමක් වියහැක. අනෙක් අතින් වත්මන් රජය විසින් සිංහල ජාතිකවාදය වඩාත් උගත් වැදගත් ශීලාචාර පිරිසකගේ නායකත්වය යටතේ අභියෝගාත්මක ලෙස නැගීසිටීම වැලැක්වීමට එය වඩාත් ගර්හිත මැරවර භික්ෂුවක් අත තබා සිංහලයන් අතර අප්‍රසාදයට පත්කිරීමට ගෙනයන ක්‍රියාවලියක්ද වියහැක. දැන් දැන් පෙනෙන ලෙසට නම් ඉහත සඳහන් සියළුම පාර්ශ්ව (රජය, විපක්ශය සහ බෞද්ධ විරෝධීන්) තම අන්‍යෝන්‍ය අරමුණු වෙනුවෙන් ගෙනයන මියුචුවල් ගේමක් මෙන් පෙනෙයි.

      Delete
    4. අන්තවාදීන්, පිස්සන්, ලෙඩුන්, මානසික රෝගීන්???
      ශීලාචාර රටවල්???

      හැබෑටම කොහොමද ඔබ ඔය කියන නිරෝගී මනස් සහිත ශීලාචාරකම අර්ථකථනය කරගත්තේ?

      ඉතාලි, ප්‍රංශ සහ චීන ජාතිකයෝ පිළිවෙලින් ගෙඹි කකුල්, ගාලික් බටර් සමග බේක් කළ ගොලුබෙල්ලන් (Escargot) සහ සර්පයෝ කෑමට ඉතාම රුසියි. අප රටවලට මේ තරම් අසික්කිත පිළිකුල් සහගත දෙයක් තව නැහැ. යුරෝපියන් වැඩි දෙනෙක් හැඳි ගෑරෝප්පු පාවිච්චි කරනවා. අතේ කෑම තවරාගනීම ඔවුන්ට පිළිකුල දනවන අසංවර දෙයක්. නමුත් ඉන්දියානුවන්ට හෝ අපට එය ඉතා සාමාන්‍ය දෙයක්. ලංකාවේ හෝ ඉන්දියාවේ සාමාන්‍යයෙන් විවාහයකදී දෑවැද්දක් බලාපොරොත්තු වෙනවා මනාලියගේ පාර්ශවයෙන්; මේක බටහිර කෝණයකින් බැලුවහම ඉතාම තුප්පහි දෙයක්, මිනිස් ජීවිතයකට මුදලින් සප්ලිමන්ට් කරන එක.

      කාලයෙන් පසුපසට යන්න යන්න; ලංකාවේ තියෙන්නේ අම්මල පුතාල, සහෝදර සහෝදරියෝ එකට නිදාගත්ත, ඊටත් පසු සතවර්ෂ වල එකගෙයි කාපු කාලය පැවතුනේ බටහිර ආක්‍රමණ වලට පෙර. ඊටත් සතවර්ෂ කිහිපයක් පස්සට යන්න; උදේට රූපවාහිනියෙන් හැමදාම පාහේ කුඩා දරුවන්ට පවා පෙන්නන උඩුකය නිරාවරණය කරගත් කාන්තාවන්ගේ බිතු සිතුවම්, උඩුකය නිරාවරණය කරගැනීම කාන්තාවකට ඉතාමත් අසෝබන දෙයක් ලෙස සලකන අද කාලේ කරානම් කොච්චර වනචර දෙයක් කියල කෑගහන අය සෑහෙන්න ඉඳි.

      කාල පරාසයකට සහ යම් භූගෝලීය පරාසයකට අනුව ඔබගේ හිතේ මැවෙන භූතාත්ම (entities) තමයි ඔය ජාතිවාදී නොවන ශීලාචාර කම කියන්නේ; ඔබ අසංවර, තුප්පහි, විලිලැජ්ජා නැති අන්තවාදීන්, පිස්සන්, ලෙඩුන්, මානසික රෝගීන් යනුවෙන් අර්ථකථනය කරන දේවල් හුදෙක් ඔබ හිතේ මවාගත් ප්‍රතිරූප, ඔබට මේ ප්‍රතිරූප මවගැනීමට අයිතියක් තියෙනවා – නමුත් ඒවාට අනුගත වන්නට කිසිවෙක් කිසිසේත්ම බැදී නැහැ (ඔබගේ සහෝදරියන්, බිරිද, දියනියන් පවා). මන්ද ඔබට ඔවුන් ගේ සිරුරු හෝ මනෝභාවයන් අයිති නැති නිසා, ඔවුන් ට ඔවුන් විසින් නිර්වචනය කර ගෙන ඇති සදාචාර පරාස ඇති නිසා.

      සදාචාරය වෙන්නේ, ඇඳුමේ දිගවත්, තමන් කන්නේ බොන්නේ මොනවද යන්නවත්, තමන් රාත්‍රියට සමාජ ශාලාවකට යනවද යන්නවත්, සුළු ජාතික ජාතිවාද්යට උඩගෙඩි දීමවත් සියලු ජාතීන් සමයි කීමවත් නොවේ. – සදාචාරය මනින මිම්මක් වෙන්නේ, පැත්තක ඉන්න මිනිස්සු, අනෙක් මිනිස්සුන්ගේ (තමන්ට හෝ අනුන්ට කරදරයක් නොවන) නිදහසට අත පෙවීමයි. මේ අතින් අපේ නූතන, පශ්චාත් වික්ටෝරියානු “සදාචාරය” – අරාබිකරයේ “සදාචාරයට” වැඩ වෙනස් නැහැ. කෙසේ නමුත් ජාතිවාදී අන්තවාදී ත්‍රස්තවාදී ඝාතක පිරිස් නම් මර්දනය කල යුතුයි

      එකම වෙනස, අප සහ ඔවුන් තමන්ගේ කාන්තාවන්ගේ සිරුර වැසීමට භාවිත වන රෙදි වල වර්ගපලය පමණයි. ආකල්ප බෙහෙවින් සමානයි. තවමන් කාන්තාවන් වෙනුවෙන් පිරිමින් තීරණ ගන්න අසික්කිත, තුප්පහි සමාජයක වසන අපිට සදාචාරය ගැන කතාකිරීමට පවා ලැජ්ජයි. ඉතින් ගෝත්‍රික වර්ගවාදය වගේම ඊට එරෙහි අන්තවාදය ද එකම අක්ෂයක අන්ත දෙකක් ලෙසයි මටනම් පෙනෙන්නේ.

      Delete
  7. නාන සාර කියලා තමයි කොහොමත් කියන්න වෙන්නේ.මම දන්නේ නෑනේ අනිත් විදියට ටයිප් කරන්න.

    ReplyDelete
    Replies
    1. නානසාර කරන්නේ රික්තයක් පුරවන එක. ඒක කරන්න අවුලක් නැත්තේ රටේ නීතියක් නැති කම. නීතිය එක සමානව ක්‍රියාත්මක වනවා නම්, මේ තියෙන නීතී රීතී හොන්නදටම ඇති රට දියුණු කරන්න

      Delete
  8. Niyama post eka!Aththatama matath puduma kenthiyak awe Eknaligoda nonata mu katha keruwa hatiyata!U ethakota kiyanne army karayo police karayo awilla minihawa marala giyath sadda nathuwa inna one kiyalada?

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා හිරේ දාන කොට මුන් කොහේද දන්නේ නෑ උන්නේ.. සමාවෙන්න මුන් වහන්සේලා..

      Delete
  9. ආන්ඩුවේ එදාවේල...... අද නානසාර ඉස්පෙසැල්.....

    ReplyDelete
    Replies
    1. අරලියගහ කුමන්ත්‍රණේ ඉඳන් හොරු අල්ලන සෙල්ලන් හරහා බ්‍රෙසියර් පහුකරන් අලුත් විවස්තාවක් දක්වා ඇවිත් දැන් නානසාර උසාවි සෙල්ලම මාකටින්.

      හිටපු එකාත් යුද්ධෙ ඉඳන් ග්‍රීස් යක්කු, කොටකෙතන, හලාල් තහනම, නයිට් රේස්, චෝගම්, රොකට්, පාරවල්, වරාය නාඩගම් ආදී අටෝරාසියක් සෙල්ලම් පෙන්නුව එකේ දැන් දෙකෙන් වැඩිය හොඳ මොක්කුද සාරසෝ ???

      Delete
    2. //දෙකෙන් වැඩිය හොඳ මොක්කුද සාරසෝ ???//

      අපේ ලොක්කා වන මහින්ද මාමා ඉතා හොඳය.... උන්දෑ අටෝරාසියක් ඩොලර් මිලියන් ගනනින් ගේම දුන්නාට තවම උඹලාගේ ගොන් හැතිකරේට ඒ එක ඩොලරයක් තියා ඩයිම් එකක් වත් සොයා ගැනීමට නොහැකි විය. ඔන්න ඔහොමයි කොල්ලනේ ජීවිතේ සාර්තක කර ගන්නේ.... අහු නොවෙන විදියට ගේම් දීලා.....

      එලෙස ඉතාම කාර්යක්ශමව සොරකමේ නියැලුනු අපේ ලොක්කා දහස් නොව මිලියන් වටී!

      Delete
    3. //උඹලාගේ ගොන් හැතිකරේට//

      අපි රට පාලනය කරන එක එක කල්ලිවලට සට්ටැඹිකම් කරන වහල්ලු නෙවෙයි; නිදහස් මතධාරීන්. ඉතින් අපි මරාගෙ වහල් බයියොවත් හිටං සිරාගෙ හිටං බයියොවත් රන් පොනිල හාමුගෙ ටොං ගොයි වහල්ලුවත් නෙවේ.

      එක එක පක්ශ/ කල්ලි කණ්ඩායම් ඉදිරිපත් කරන සැලසුම්/ ප්‍රතිපත්ති සහ රට පාලනය කරන ක්‍රමවේද අනුව වඩාත් සුදුසු යැයි හැඟෙන උන්ට ඡන්දය දීමත් ඉන් පසුව උන් අපට දුන් ප්‍රතිඥා ඉටුකරගන්නට බල කිරීමත් අපගේ කාර්යයභාරයයි. ප්‍රධානම ගැටලුවනම් මේ දෙසපාලු හැත්ත නිතරම අපව රැවටීමත් ප්‍රතිපත්තියක් නැතුව ජනතාවට කොකා පෙන්වීමත්ය. නමුත් දැන් දැන් එය ලෙහෙසි නැත. ප්‍රතිපත්තියක් නැති මජර තක්කඩින්ට ඉදිරියේදී දේශපාලන පොර පිටියෙන් විසිවන්න සිදුවනු ඉතාම නුදුරේදී බලාගත හැකිවනු නිසැකය.

      Delete
    4. //නමුත් දැන් දැන් එය ලෙහෙසි නැත. ප්‍රතිපත්තියක් නැති මජර තක්කඩින්ට ඉදිරියේදී දේශපාලන පොර පිටියෙන් විසිවන්න සිදුවනු ඉතාම නුදුරේදී බලාගත හැකිවනු නිසැකය.//

      අපි තුමා ලා ලඟදීම සිරි ලන්කා රාජ්‍ය බලය අල්ලා උඹතුමා ලා ගේ කස්ටියම කුදලාගෙන FCID එකට දමාඅප කලින් කර ගෙන ආ සේම හොරාකෑම ඉතා වේගවත්ව කර ගෙන යන්නට බලාපොරොත්තුවෙමි!

      Delete
    5. //අපි තුමා ලා ලඟදීම සිරි ලන්කා රාජ්‍ය බලය අල්ලා උඹතුමා ලා ගේ කස්ටියම කුදලාගෙන FCID එකට දමාඅප කලින් කර ගෙන ආ සේම හොරාකෑම ඉතා වේගවත්ව කර ගෙන යන්නට බලාපොරොත්තුවෙමි//

      මෙහෙමයි සාරස, මුන් දෙතුන්ගොල්ලොම තට්ටු මාරු ක්‍රමයට (අඩු වැඩි වශයෙන්) කරන්නෙ ඕක තමයි අපිට කොකා පෙන්න පෙන්න. ඉතින් මුලින්ම දැන් ඉන්න එවුන්ගෙ දූශිත තක්කඩි වැඩ හැකි තරම් වැලැක්විය යුතුයි. ඊළඟට වඩා යහපත් කණ්ඩායමක් දේශපාලන ක්ශේත්‍රයට ගෙන්වාගැනීමට අවශ්‍ය දේශපාලන සමාජ පරිසරය සකස් කරගත යුතුයි. එවිට ක්‍රමයෙන් වඩා වැදගත් පිරිසක් දැනට ගර්හිත දූශිත මෙම ක්ශේත්‍රයට ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සෙමෙන් සෙමෙන්වත් වඩා පිළිවෙලක් වේවි.

      මෙරට බොහෝ දෙනෙක් 2009 වනතෙක්ම යුද්ධය දිනාවි යැයි හිතුවෙ නැහැ. නමුත් මුලදී කොතරම් පරාජයන්ට ලක්වුණත් මහින්ද රාජපක්ශගේ නොසැලුනු නායකත්වයෙන් ෆොනීගේ යුධ සැලසුම්වලින් දෙස් විදෙස් ලාංකික සැවොම එක අරමුණක් වෙනුවෙන් දැඩිලෙස ක්‍රියාකිරීමෙන් එම අරමුණ දිනාගත්තා. මේකත් එහෙමයි. සියල්ල දවසින් වෙන එකක් නැහැ. අප කල යුත්තේ නොසැලී අරගල කිරීමයි. අවශ්‍ය ප්‍රතිපල කොයි මොහොතක හෝ රටට හිමිවනු ඇත. අපට නැතත් අපගේ ඉදිරි පරම්පරාවලට මෙම ජරාජීර්ණ ප්‍රතිපත්ති රහිත කුජීත දේශපාලන සංස්කෘතිය හිමි නොවන්නට හැකි සියල්ල කරලමු.

      Delete
    6. //දෙස් විදෙස් ලාංකික සැවොම එක අරමුණක් වෙනුවෙන් දැඩිලෙස ක්‍රියාකිරීමෙන්//
      ඕනෙ ගොනෙක් යුද්ධ කරපු,තොප්පිගල කැලයක් උනු,කිලිනොච්චිය මැදවච්චිය උනු සහ මෙදා වගේම එදත් රටේ චිත්තධහිරිය බිංදුවටම බස්සන්න එකෙන්ම බැහැල හිටපු කට්ටියත් එලිපිටම හිටියා.

      Delete
    7. ලිප ගිනි මොලවන තෙක් දිය සැ ළියේ
      සැප යක් යැයි කකුළුව දිය කෙ ළියේ

      Delete
  10. මොනා උනත් ගෑණියෙක්ට පාට් දාපු එක වැරදියි. අඉ දන්නවනෙ ලංකාවෙ ගෑනු වෙන රටවල ගෑනු වගේ නෙමේ තනියම ප්‍රශ්නෙකට මීණ දෙන්න බැරි අසරණයො ටිකක් කියල.

    ReplyDelete
    Replies
    1. මූන්, සමාවෙන්න මුන් වහන්සෙලා මහින්දගේ කාළේ නීතී විජ්ජාලෙටත් රිංගලා තග දාලා කිසි අවුලක් නැතුව උන්නා.. ඒ නීතිය ක්‍රියාත්මක නොවුන නිසා.. ඒත් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඕන එකෙක් මේ වගේ ගොන් වැඩ කරන එකක් නෑ..

      Delete
    2. maathalange katha hariyata koheda yanne malle pol wage. kiyana deta neme uttara deela tiyenne

      Delete
  11. කාලයක් සද්දේ වහල ඉඳල ආයෙත් ගඳ ගස්සන්ඩ එන ගඳ සාර (මේකා නටවන නුල අල්ලං ඉන්න එකා මොකාද ) ..

    ReplyDelete
    Replies
    1. මේ ඇවිල්ලා මැදමුලන නිකායේ බඩු.. උසාවියට ආපු අනික් උන්නානෙසෙලා කව්ද කියලා දැක්කනේ...

      Delete
  12. මහ එකා බිබිසි සිංහල එකටයි පච යකා උසාවියටයි කියපු දෙකම චන්ඩි කතා.. ඕවා ගැන කතා කරල නිකං ලේ පුච්චගන්නවා විතරයි.. මොලෝ රහක් නැ.. වැඩකුත් නෑ. වෙන දේකුත් නෑ. අසරණයන්ට පිහිටකුත් නෑ.

    අපිට ආරංචි විදියට මාතලං අර පිසසු ඩාන්ස් එක දාන්නෙත් කන්නාඩිය ඔලුවේ දමාගෙන කියලයි මම දන්නේ.. හැක්.. ළගදි තිබ්බේ නැද්ද මහා ජුස්ගල් පාටියක් හෙම.. විස්තරයක් වත් තිබුනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. බ්ලොගර්ස්ලගෙ ඒවා නම් තිබුනේ නෑ.. පවුලේ ඒවයි අනික් යාලුවන්ගෙ ඒවයි නම් තිබුනා..

      Delete
  13. මෙම හාමුදුරුවො නොහිටින්න යහ පාලනය දිනනවා බොරු.යහ පාලනය දින වීමට ලොකුම සේවය කොරේ මුන්නාන්සේ තමයි. මහින්දට සුලු ජාතිකයන් නැත්තටම නැති කොරේ නැත්තම් අදත් ජනපති මහින්ද තමයි. ඒවා සියල්ල අමතක කරලා දැන් මෙහෙම සලකන එක වැරදියි

    ReplyDelete
    Replies
    1. මුලින්ම හොයන්න ඕනෙ නානසාර කාගෙහරි කොන්ත්‍රතුවකට රට ඇතුලේ බුද්ධාගම විනාසකරන්න හදනවද කියලා. මටනන් පේන්නේ එහෙමයි. පෙන්නන්නෙ බෞද්ධයෝ වෙනුවෙන් පෙනී සිටිනවා වගේ. පොඩ්ඩක් හිතලා බලන්න මහනායක සෙට් එක ටීවී එකේවත් දකින්නෙ කලාතුරකින් අනිත් හාමුදුරුවො පෝය දවසට විතරයි. ඒත් මෙයා දවසකට ඒක පාරක් හරි මොකක් හරි චැනල් එකක යනවා කතාවක්. සීයට අනූවක්ම කරන්නෙ මොකෙක්ටහරි අමුවට බනින එක. එතකොට වෙන ආගමක නැත්තන් විදේශ සංචාරකයො හිතන්නෙ ආ.. මෙහෙම අයද හාමුදුරුවරු කියන්නෙ කියලා. මෙවුන්දලා රටේ නමත් කනවා ආගමත් කනවා. වල් පාහර හැත්ත.

      Delete
    2. මට තියෙන බරපතළ සැකය නම් ටී.එන්.එල් චැනල් එකේ නානසාර උන්නාන්සෙට දෙන පුදුමාකාර පබ්ලිසිටිය? පොරගෙ ප්‍රෝග්‍රෑම් පැය ගණන් පෙන්නුවෙ ටී.එන්.එල් එකෙන්. පස්සෙ පස්සෙ බුවා නැගල යනකොට ගෝඨල එක්කත් සෙට් වුණා. කපටි මරා හැමවෙලේම කරා වගේ පොරගෙ ජනප්‍රියත්වයෙන් වැඩ ගන්න ගිහින් වැඩේ චොර කරගත්ත. උග්‍ර නව ලිබරල්වාදී ශාන්/ රනිල් වගේ පිරිස් මේ වගේ පට්ට ගෝත්‍රික වනචාරී අපත බෙබෙකුට දක්වපු සුවිශේෂ අනුග්‍රහය අතිශය විශ්මයජනකයි.

      Delete
    3. අම්මපා සහතික ඇත්ත.. ආන්ඩුව පිහිටුවන්න උදව් කල මහින්දලා විමලෙලාට සලකනවා වගේ මුන්නාන්සෙටත් සලකන්න තිබුනා...

      Delete
  14. මාතලන් උඹට ජාතිවාදී හම්බයො සෙට් එකක් පුකේ ඇරියම වත් තේරෙයිද මන්දා

    ReplyDelete
  15. ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම නීතී රීතී පැනවීම මගින් නවත්වන්නට හැකියැයි සිතනවානම් එය මුලාවක්ය. ඒ සම්බන්ධව මිනිසුන් දැනුවත් කිරීම සහ එයට එරෙහි මිනිසුන් සංවිධානය කිරීම හැර මා දකිනා වෙනත් විකල්පයක් මේ සම්බන්ධව නොමැත. මිනිසකු තවත් මිනිසකු දෙස තමාගෙන් වෙනස් නොවන පුද්ගලයකු ලෙස දකිනතුරු මෙම තත්වය තිබෙනවාය. මටද කොතරම් සමාන ලෙස සිතිය යුතුය ලෙස හැගුනද සමහර අවස්ථාවලදී ජාතික, ආගමික හා සංස්කෘතික වෙනස්කම් උඩ අනෙකා වෙනස් ලෙස හැගෙනවාය. මා මාගේ සමිපතයෙකුට සලකන ආකාරයට පාරෙදි හමුවන පුද්ගලයකුට සලකන්නේ නැතැය. මා මාගේ සමිපතයෙකු යම් උවදුරකින් බේරා ගැනීමට මා දරන උත්සහයක් මම වෙනත් පුද්ගලයකු සම්බන්ධයෙන් යොදවන්නේ නැත. එබැවින් මමද එක් ආකාරයකට වර්ගවාදියෙක්ය.

    නීතීයට බය විය යුතුයැයි සහ අවනත විය යුතුයැයි බලකර තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට පමණය, මෙම පවතින නීතීය සාධාරණ ලෙස සෑම පුද්ගලයින්ටම යෙදවෙන්නේ නැත. එය බොහෝවිට පාලකයින් තමන්ගේ ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන් යොදාගනිමින් සිටියි.

    ඥනසාර යනු පිස්සෙක්ය. පිස්සුව බෝවිය හැකි බැවින් එවැනි පුද්ගලයින්ව සමාජයෙන් යම් තරමකට දුරස්කර තැබිය යුතුය. මේ ක්‍රමය පවත්වා ගෙන යාමට සමහර පිස්සන් සිටිමද අවශ්‍යය

    මම දකින්නේ ඥනසාරව එම මෙහොතේම අත්අඩංගුවට නොගැනීම යම් ආකාරයකට හොදය. මන්ද ඒ මොහොතේම ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කලේනම් මාධ්‍ය හැසැරෙන්නේ මේ විදිහට නොවේය. එසේ වුයේනම් ඔහු වෙනුවෙන් පෙනි සිටිමට බොහෝ මිනිසුන් අද සිටිනවාය. දැන් එලිපිට කිසිවකුට ඔහුවෙනුවෙන් පෙනි සිටිමට නොහැකිය. නැත්නම් මේ පිලිබදව එක එක දේශපාලකයා කියන කතා අසා ප්‍රශ්නය තව ටිකක් ඇවිස්සෙනවාය.

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් මංගල
      // ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම නීතී රීතී පැනවීම මගින් නවත්වන්නට හැකියැයි සිතනවානම් එය මුලාවක්ය.//
      ඔව් මිනිස් මනසෙන් නම් නීති පැනවීමෙන් ඉවත් කිරීමට බෑ නමුත් නීති පැනවීම මගින් අනුන් හින්සාකරන මට්ටමට නැතිනම් තමා තුල ඇති ජාතිවාදී අදහස් තව කෙනෙකුට පෙන්වීම වැලැක්වීම නම් කරන්න පුළුවන් නීති පැනවීමෙන් එය සාර්ථකව සිංගප්පුරුව වැනි රටවල කරලත් තියනවා.

      Delete
    2. ඕන දෙයක් නවත්තන්න පුළුවන් තද නීති ගෙනල්ලා... එහෙම ගෙනාපු රටවල් ඕන තරම් තියෙනවා..

      මුන් මේ නටන්නේ කලින් තිබූ නිදහස නිසා.. ඒ නිදහස ආන්ඩුවලින් දෙන්නේ නැති උනාම බල්ලෝ වගේ පැත්තකට වෙල ඉන්නවා...

      Delete
  16. Gnanasarata one 1815 udarata givisuma welawedi,1848 kerella welawedi suddange anduwata wiruddawa sinha part dapu hamuduruwaru wage usawiyak atule "kalu suddange usawiya" kiyala usawiyata benala tamat wedawasam yuge inna baiyo (moda gemi minissu) issaraha weerayek wenna.tika dawasakata hire giyat bandanagara rohalata wela sepata hitiyehekine.bikshu katikawatata loku udgoshanayak karanna heduwata eth mahanayake hamuduruwo hinda ekata kela una.den usawi gena warayak pasa udgoshana karaheki.tawa parata behela "jatika weerayawa nidahas karanna" kiala upawasa kalaheki.
    mn nm hitanne nadukarayat wedeta hawul.netnam ethendima kudalagena atulata danna tibba.ehema kalanam nanasara chora wenawa.denata nanasara mahindage pette hitiyata pora attatama weda Sirisenata.eka tamai pora otana baya netiwa chandi talk dunne.munge plan eka tamai denata mahindage pette idala UNP ekata kelina gaman baiyoth akarshane karagena awashya mohotedi Sirisenata set wena eka.Sira bikshu kathikawat panata gena eka parakku karala demme munta chance eka denna.ara Sinhale eka dalada maligawa issarahata gihin show demmet Agameti Ranil rate neti welawaka,Sirisenata witarak rate balaya tiyena welawe.unta kisi badawak une nette Sirisenage ashirwade hinda.lankawe deshapalane kiyanne tanikara Diya yatin gindara geniyana ungen pirichcha tenak.Sirisena try karanne Ranilwa kapala taniyama bale ganna.UNP eka heluwama bale tiyaganna tama ratama danna kudukarayanta pawa amatikam deela lagin tiyagena inne.uta tama Ranilwa kapanna beri une Mahinda tama yahatin inna nisa.Wijedasa wage UNP eke loku amatiwaru Mahindawa araksha karanne oka nisa.mokada Ranil atulu UNP eka dannawa sira yatin gahana Game eka gena.kawadawat tamunge prathiroope wedi karaganna try karana naluwek wechcha Sirisena wage unwa wishwasa karanna hoda ne.saramakwat adinneti,konde kalu karanne neti Ranil wage unwa wishwasa kaloth misak.

    ReplyDelete
    Replies
    1. නළුවා නානවා නානසාරලා එක්කලා... කරන්න ඕන දේ නොකර, වෙන විකාර කරන්නේ.. දැක්මක් නැති පිස්සු හුටංලා...

      Delete
  17. නඩු කාරයා පොරක් නම් කරන්න තිබුනේ //////

    1) මත්පැන් බී සිටිනවද කියා වෛද්‍යවරයෙකුට යොමු කිරීම
    2) මනෝ වෛද්‍යවරයෙකු වෙත යවා මානසික තත්ව වාර්තාවක් ගැනීම

    ReplyDelete
    Replies
    1. මුතුහෙට්ටිගමගෙත් මානසික වාර්තා ගත්තානේ.කෝ වැඩක් වුනේ නැහැනේ වෛද්‍යවරුන්ටවත් අහු වෙන්නේ නැහැ ඔය රෝග. හැබැයි උන් තමයි මේ සමාජයටම රෝග පතුරුවන්නේත්.

      Delete
    2. නඩු කාරයා බුද්ධිමත්ව ක්‍රියා කරපු බව පේනවා ඊළඟ දවසේ සිඳූවූ සිඳුවීම දිහා බැලුවාම...

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. යුද්ධෙ විශාලම වැඩ කොටස කරපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකව හිරේ දානකොට ආවඩපු දේශප්‍රේමියෝ, මිනී මැරුමක් සම්බන්ධ විභාගෙකදි 'රණ විරුවන්' වෙනුවෙන් කියල නීතිය අතට ගන්න සිංහල ජාතියටම නින්දාවක් මිසක් මේ පුද්ගලයා සිල්වත් භික්ෂුවක් වත් ඒ උතුම් දහම නියෝජනය කරන්නෙක් වත් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. @ ඉයන්,

      මචන් මේ, ෆීල්ඩ් මාර්ෂල් ඇවිත් නිකන් සුදු හුණු පොරක් නෙම හරි, ගෑනු 70 කට ආසන්න ප්‍රමාණයක් ලිංගිකව අතවර කරපු එකෙක්. නිකන් ගුණ වයන්නේ නැතුව හිටපං.

      Delete
    2. මැදමුලන නිකායේ මහා නා හිමි...

      Delete
  20. thiyana neethiyawath hariyata yodhawala dhaduwam kale nathnam ooka puurwaadarsayak karagena thawath naanasaarala bihiwewi.

    usaawiyakadi wena kenekuta ohoma hasirenna puluwanda?

    wachana dekaka waradakata (S.B.Disanayake) jail eke daapu usaawiyak apita thiyanne.

    ReplyDelete
    Replies
    1. නඩුකාරයා ඉතාමත් බුද්ධිමත් කෙනෙක් කියලා පේනවා ඊට පස්සෙ දවසේ සිඳු උන සිඳුවීම් ටික දැක්කාම...

      Delete
  21. මාත,
    //එතකොට රිෂාඩ්ලාත් අහු වෙනවාය. උතුරේ මහ අමතියා විගාත් අහු වෙනවාය. හරක් මස් ටෝක් දෙන අසාද් සාලියාත් අහු වෙන්වාය. //
    මෙන්න මෙතන තමයි ප්‍රශ්නය ඇත්තේ “උස්තැන් දැක හැකිළෙන්නේ මිටි තැන්දැක උප්පැන්නේ , නිවටුන් බව සිතමින්නේ, මගේ පුතා ලොකුවෙන්නේ”
    පුතා ලොකුවීම කෙසේවෙතත් මෙවැනි චන්ඩි ක්‍රියා නම් ලොකුවටම කරනවා.
    මේකට විසදුම හරි සරලයි නෙ කරන්න ඕනේ සියලු දෙනාට නිතිය සමව ක්‍රියාත්මක කිරීමයි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම....

      අද ඒ දේවල් ප්‍රශ්ණ කරන්න හරි පුළුවන් එක ළොකු දෙයක්...

      Delete
  22. දැන්ද කොහෙද ෂෝ ඒකෙ හොඳම හරිය..

    ReplyDelete
  23. මහා ලේඛක මාතලංට මුස්ලිම් ජාතියේ උපහාරය...!

    ReplyDelete
  24. මහා ලේඛක මාතලංට මුස්ලිම් ජාතියේ උපහාරය...!

    ReplyDelete
    Replies
    1. සිංහ-ලේ : ඔයා ලබන ආත්මේ මුස්ලිම් හෝ දෙමල වෙලා ඉපදුනොත්, එතකොටත් සිංහ-ලේ තියෙයිද. නැත්නම් ඔයා කවදාවත් මැරෙන්නෙ නැති කෙනෙක් ද. ඔයාට හදිස්සියේ blood transfuse කරන්න වුනොත් සිංහ-ලේ තියෙන කෙනෙක්ම හොයන්න වෙයිද. ඔයාට සිහිය නැතිව ඉන්නකොට doctor වෙන blood එකක් transfuse කලොත් මල කෙලියයි නේද.

      Delete
    2. @ AnonymousJanuary 26, 2016 at 12:24 PM

      පකෝ, සිංහලේ කියන්න ගොඩ කාලෙකට කලින් ලංකාවට කිව්ව නම. පලයන් ආපහු මොන්ටිසෝරි.

      Delete
  25. ඕවට කැමති හුරේ දාන ගුණ වයන පිරිසකුත් ඉන්නවනෙ මාතෙ. ඉතින් ඕවා නතර වෙයි කියලා හිතනවද?

    ReplyDelete
    Replies
    1. නීතියා හරියට කිරියාවේ යොදන කොට ඉබේම නවතිනවා..

      ප්‍රභාවත් නැවත්තුවේ අවුරුදු 30 කට පස්සේ හරි...

      Delete
  26. මට පොඩි ගැටලුවක් තියෙනවා.
    යුධ ජයග්‍රහනයේ අයිති රණවිරුවන්ටය කියලා මේ ආණ්ඩුව කියනවා.
    එහෙනම් සෞදියේ ගල්ගසා මරා දැමීමට නියම වූ ගැහැණිය බේරා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ රජයේ නිලධාරීණ්ට නේද?

    ReplyDelete
    Replies
    1. කොහොමද ටිකිරි මොලේ. ඉතින් ඔයා කියාගන්න යුද ජයග්‍රහණය ඔයාගේ ලොක්කගේ කියලා. අපිට ද...?

      Delete
    2. ඒකේ ගෞරවය යන්න ඕන මුස්ලිම් ව්‍යාපාරිකයකුට, ඒ ගැන ළිපියක් පුවත් පතක පළවුනා හොයාගෙන කියවන්න...

      Delete
  27. හැමදාමත් පොන්සියෝ රජ කරන,පක්ෂපාති පොන්සි ඡන්දදායකයෝ ජීවත්වෙන,පොන්සි රාජ්‍යනිලධාරීන් ජීවත්වෙන රටක මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද බං ?
    මටනම් හිතෙන්නේ නානාසරාත් පොන්සි චන්ඩියෙක් කියලයි.මහින්දගේ කාලේ එහෙමනේ වැඩ කලේ.

    ReplyDelete
    Replies
    1. නෑ නානසාරට මගෙත් ගෞරවයක් තියෙනවා.. එහෙම අයත් ඉන්න ඕන.. ඔතන ප්‍රශ්ණය තියෙන්නේ මොකාට උනත් රටේ නීතියට පිටින් යන්න නොදීම..

      ඒකයි මම කිව්වේ අපිට කියන්න බැරි දේ නානසාර කිව්වා කියලා.. ඇත්තටම මේ රටේ පාලකයොයි නිළධාරියි නපුංසකයෝ තමයි...

      Delete
  28. mage desktop ekata kela una (NO Pencil or Sinhala IME).... lapata software daganna patan gaththa and profile ekakuth hada gaththa nanasarayata kelinnama ona nisa.... I will come back soon...

    ReplyDelete
    Replies
    1. කනට ගල් භාගයක් වක්කලා වගේ සනීපයක් දැනෙන්නෙ..... මහ බල්ලට අමතරව, බලු කුක්කො ටිකත් රිමාන්ඩ් කරන්න කියල නේද අද....

      Delete
  29. //අපි කියන්නේ නානසාරලාට ඉත්තෑවලාට විතරක් නීතිය ක්‍රියාත්මක කොරන්න එපා කියලාය. මොකෝ එහෙම කලොත් අපෙත් මල පනිනවාය. අපි කියන්නේ නානෙලාගේ පටන්, ජාතිවාදේ, ආගම්වාදේ පතුරන හැම එකාටම නීතිය ක්‍රියාත්මක කොරන්නෙයි කියලාය. එතකොට රිෂාඩ්ලාත් අහු වෙනවාය. උතුරේ මහ අමතියා විගාත් අහු වෙනවාය. හරක් මස් ටෝක් දෙන අසාද් සාලියාත් අහු වෙන්වාය//
    ++++++++++++++++++++++++++++
    ජයවේවා..!!

    ReplyDelete
  30. නානසාර සම්බන්ධයෙන් අධිකරණය ක්‍රිය ාකරපු විදිය ප්‍රශස්ථයි.. නානසර යන්නෙ කූඩුවට දමාගන්න බලාගෙන.. එහෙම කෙනකේ හිතාමතාම කලබල ඇතිකරන්න වැඩ කරනවා නම් හැකිතාක් එය මැඩපවත්වාගෙන අයුතු කලබල ඇත නොවන ආකාරයට අධිකරණය බුද්ධිමත්ව ක්‍රියා කල යුතුයි.. ඔතනදි වුනත් නානසාරගේ උසාවිය තුල සහ පිටත සම්පූර්ණ හැසිරීම හොදින් වීඩියෝ කරලා වචනත් එක්කම රූපවාහිනි චැනල් වල හැම එකකම වගේ පෙන්නුව නම් මම හිතන්නෙ ඔය ගොනා හිරේ දාල නිකං ඌට ලකුනු දාගන්න තව චාන්ස් දෙනවට වඩා හොදයි.. කොහොමත් අපේ රටේ මිනිහෙක් කූඩු කලාට වඩා හරකෙක් කූඩු කලාම මාකට් වෙනවා.. මේ හරකා දන්නවා ගව ඝාතනයට ගව හිංසනයට අපේ රටේ මිනිස්සු මාර සංවේදි කියලා.. ඒ නිසා ඌ පැනලා පැනලා ගස්සෝගන්නයි හදන්නෙ..ඒ වෙලාවට නොගසා වටෙන් සොට් එක දෙන එක තමයි යුතුකම..

    ReplyDelete
    Replies
    1. මෙතනින්ම මුන්ගේ සෝ නවත්තන්න ඕන... උසාවිය ගාව පිස්සු කෙලපු උන් ටිකත් අල්ලලා ඇතුලට දාන්න ඕන...

      Delete
  31. http://lkvideos.net/view/67645/bodubala-sena-maha-sanga-samuluwa-with-wwwbodubalasenacom/

    ReplyDelete
  32. තවත් නානසාරල එනව, නම් හොඳයි.මොකද. ඔය ජාතිවාදයෙන්ම තමයි උන් නැතිවෙන්නෙ.ප්‍රභාකරන්ට වුනෙත් ඔය ටිකම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් තියෙනවා. විසෙන් විස!

      Delete
    2. ප්‍රශ්ණය තියෙන්නේ සාසනයට වන හානිය... බුද්ධාගම ගැන තියෙන චිත්‍රයට වන හානිය...

      Delete
  33. නානසාර ඕවට මෙහෙයවන්නේ කවුද? එයා තනි හිතේ බලයට ඔහොම එනවා කියල හිතන්න අමාරුයි. එච්චර මොලයක් තියෙන හාමුදුරු නමක් කියල පේන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ නම් මහ ජාතිවාදියාගෙ මල්ලිලු......

      Delete
    2. වෙනින් කවුරුවත් නෙමෙයි, ලෙනින් මොරායස්ම තමයි...

      Delete
  34. මෛත්‍රීපාල මරන්න උත්සාහ කරපු කෙනා නිදහස් කිරීම යහපාලනයට විරුද්ධයි. ඒවා ගැන තීරණය කලයුත්තේ උසාවිය.

    ReplyDelete
    Replies
    1. ජනාධිපති සමාව කියන එක තියෙන්නෙත් නීතියෙම තමයි...

      Delete
  35. නානසාරගේ සිව්රගලවා පුකට මඩුවලිගයෙන් තැලිය යුතුය හිටං !

    ReplyDelete
    Replies
    1. ඔයා පොලොන්නරුව පැත්තෙයි....???

      Delete
  36. ආගමික සහජීවනය ඇත්තන්ට ලියමි.......

    උබලා කියන ඔය ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන්.

    දැන් ඔක්කොම ලොකුකරන් කෑ ගහන්නේ චීවරේ පොරෝගෙන අර ගෑනු කෙනාට කෑ ගැහුවටද...?

    ඒ වචන ටික එහෙම කිව්වා කියලා තියෙන ශාක්ෂිය මොකක්ද?
    මේ විදියට බැන්නා කියලා ඒ ගෑනු කෙනා විතරයි කියන්නේ.
    උසාවියට අපහාස කලා නම් ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ වෙලාවේ ඒ දේ නොකර පස්සේ නිතිය ක්‍රියාත්මක කරන්නේ ඇයි?

    ඔය ටෝයියෝ කියා ගන්න සෙට් එකට තියෙන්නේ පුදුම ආගමික සහජීවනයක්.

    හැබැයි ඒ සහජීවනෙට මුලා වෙලා බදියුදීන් විල්පත්තුව කපලා මුස්ලිම් ජනාවාස ඉදිකරනවා, ඒවා පෙන්නේ නෑ,
    ලංකාවෙන් 49ක් ISIS එකට බැදිලා. උබලට ඒවා පෙන්නේ නෑ.

    කැලෑව කපලා එතන සොබාධර්මෙට වෙන හානිය උබලට පෙන්නේ නෑ.

    එතන පදිංචි කරවන්නේ මොක්කුද කියලවත් උබලට ගානක් නෑ. එකනේ සහජීවනේ. නේද.....?
    ISIS කාරයෝ ඇවිත් මෙතන යුද්දයක් පටන් ගත්තම කියයි බොදුබල සේනාවයි, රවණා පෙරමුණයි, සිංහ ලේ කාරයොයි එකතුවෙලා කලේ කියලා.
    උබලට හරි ලේසියෙන් අත පිහිදගන්න පුළුවන්. ඇයි උබල නෙමේනේ මේක පටන් ගත්තේ. නේද බං...?

    උබලට කන්න කට විතරක් තිබුනම ඇතිනේ, ඉන්න රට ඕනේ නෑ නේ.

    බොදු උරුමයක් උන කුරගලට හමුදුරුවොන්ට යන්න බැරි වෙන්න වාරණ නියෝගයක් අරන් තියෙනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ.
    මුහුදු මහා විහාරේ අක්කර ගානක් බලෙන් අල්ලන් ඉන්නවා. ඒවා උබලා එකෙක්ටවත් පෙන්නේ නෑ.
    හැබැයි ඒ ගැන කතා කරන උන් ජාතිවාදියෝ.

    තම්බියෝ "මාෂා අල්ලාහ්" කියලා වාහනේ ගැහුවම ඒ ආගමික සහජිවනේ,

    සිංහලයෙක් සිංහලේ කියල වාහනේ ගැහුවම ඒක ජාතිවාදේ...?

    පෙළපොත් ඔක්කොම මුස්ලිම් කරණය කරලා.
    "රබුටන් යනු අල්ලාහ් මවන ලද පලතුරකි " ඔය එකක් විතරයි. පුළුවන් නං හොයල බලපල්ලා.

    තුන් වෙනි දරුවගේ උපත වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට දුන්න රුපියල් ලක්ශේ ආණ්ඩුවෙන් අයින් කරලා. මට වඩා හොදට උබලා ඒක දන්නවා ඇති.
    හැබැයි ඒක උබලට ගානක් වත් නෑ, ආගමික සහජිවනේ තියෙනවනේ කන්න දෙන්න.

    හාමුදුරුවන්ට නීති පනවන්න යනවා. රස්සාවල් කරන්න බෑ, අරක කරන්න බෑ, මේක කරන්න බෑ,
    ඒ රස්සාව ගෙදරට සල්ලි යවන හාමුදුරුවෝ ඉන්නවා, උබලා කියන විදියට එහෙම අය සාසනේ තියාගන්න හොද නෑ.

    අරාබියේ පන්සල හදන්න බෑ, බුදුන් වදින්න බෑ, ආගමික සහජිවනේ නිසා වෙන්න ඇති, අනික් ආගම වලට ගරුකරන නිසා වෙන්න ඇති.
    අරාබියේ එහෙම නම්, ලංකාවේ මොනාටද පල්ලි හදන්න දෙන්නේ. ඒ සිංහලයෝ ජාතිවාදියෝ නිසා වෙන්න ඇති නේ බං...?

    ලංකාවේ යුද්දයක් තිබ්බා කියලා මට නම් මතකයි. ටෝයියන්ට නම් මතක නෑ. ලංකාවේ කවදාවත් බෝම්බ පුපුරලත් නෑ.

    LTTE එක නිසා උයා ගත්ත බත් පත කන්න නැතිව හිටපු දෙමල උන්ට නිදහස දීලා උන්ව ආපහු උතුරේ පදිංචි කරවලත් ඉවරයි.
    ඉරක්‌කණ්‌ඩිය ගමේ තාමත් තමන්ගේ රටේ අනත වෙච්ච සිංහලයෝ ඉන්නවා, ඔය මහා ලොකු සමාජ සේවකයෝ ඉන්නවනේ හොයලා බලන එකයි ඇත්තේ.

    අන්තවාදී මත ක්‍රියාත්මක කරන කල්ලි 15 කට වඩා අද ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.
    උබලට මොකෝ බං, උබලගේ දරු පවුලට එකෙන් හානියක් වෙන්නේ නැති තාක් කල් උබලට අව්ලක් නෑ. සහජිවනේ දොරේ ගලනවා. උබලගේ කාට හරි තම්බියෙක් නිසා මොනා හරි උනානම් ඔය සහජිවනේ තියෙයිද බං....?

    ප්‍රශ්නේ වෙන මුකුත් නෙමෙයි, උබල බයයි. උබලගේ පවුල අනතුරේ වැටෙයි කියලා. කමක් නෑ එහෙම ඉදපල්ලා, ඔය විදියට ඉදලා උබලගේ මුණුපුරන්ගේ කොන කපන්න උන දවසට උඩ බලාගෙන හුල්ලපල්ලා.

    රටේ නායකයෙක් ඉන්නවා. ඔක්කොම ප්‍රශ්න අමතක කරලා බ්‍රා එකක් ගැන කතා කරනවා. රජ සන්තක කරපු ඇත් දළ ගෝල් ෆේස් එකට ගෙනල්ලා ජනතාව ඉදිරියේ විනාස කරලා මෝඩ ආතල් දෙනවා. වෙන මුකුත් හින්ද නෙමේ බන් කරන්න දෙයක් වත් කරපු දෙයක් වත් නැති නිසා.

    කරන්න යන දෙකම දේ තමා CEPA ගිවිසුම අත්සන් කරලා ඉන්දියන් කාරයෝ මෙහෙට ගෙනල්ලා ලංකාවේ උන්ට තියෙන රස්සාවල් ටිකත් නැති කරන්න යන එක. ඉන්දියන් කාරයොන්ට කියල වෙනම කම්පැනි මෙහෙ පටන් ගන්නවද? නෑ බොලන්, ලංකාවේ අපේ උන්ට තියෙන ටික තම අඩු පඩියට උන් ගන්න යන්නේ. මෙතනට අවට පස්සේ උන් කියයි මේකත් උන්ගේ රට කියලා. එතකොට එකටත් සහජීවනේ කියපල්ලා. නියමෙට තියෙයි.

    සිංහලේ කාරයෝ මොඩයෝලු, ජාතිවාදේ අවුස්සනවලු,
    හැබැයි උබල කවුරුත් හිතුවද සිංහලේ, බොදු බල සේනා, වගේ දේවල් බිහි වෙන්න හේතුව..?
    කවුරුත් දන්නෙත් නෑ, හොයලත් නෑ, බොරුවට උඩින් පෙන දේට එකේ කෑගැහුවම ඒකට හු මිටි තියන්න විතරයි දන්නේ.

    සිංහල ජාතියට තර්ජනයක් නෑ කියලා ඔප්පු කරන්න පුළුවන් එකෙක් හරි මෙතන ඉන්නවද?

    අවසාන වශයෙන්,

    කරන්න බැරි නම් කට වහගෙන ඉදපල්ලා, කරන උන්ට කරන්න දීලා.
    නපුන්සක කම සහජීවනෙන් වහ ගනිල්ලා.
    උබලට බුදු සරණයි.

    මම,
    ජාතිවාදියෙක්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සිංහළ උන්ට තර්ජනයක් තියෙනවා...

      ඒ වෙන කාගෙන්වත් නෙමෙයි තොපි වගේ හරක්ගෙන්...

      Delete
    2. මමත් ජාතිවාදියෙක් හැබැයි ස්ටිකරේ ගහගෙන නෑ.

      Delete
    3. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි තොපි වගේ බයියන්ගෙන්. නොදන්න මගුල් කතා නොකර හිටපන් මෝඩ ඇනෝ.....

      Delete
    4. හරි, මම හරකෙක්,
      හැබැයි උබ වගේ පොන්නයෙක් නෙමේ.

      ඔය වගේම මම අහපු අනික් දේවල් වලටත් උත්තර දීපන්කො, උබ මහලොකු පකේ ටෝක් දෙන්න විතරනේ බන් දන්නේ. අහපු ප්‍රශ්න වලින් එකකකට විතරනේ බන් උත්තර දුන්නේ. උබ මහා ලොකු කෙරුමෙක් නම්, ඔය තරම් උගත් නම්, අනික් දේවල් වලටත් මොන මොනා හරි කියපන්කො ඇලියෝ............

      Delete
    5. @ jagath pathirana

      පුක නොදී ඉන්නවද. බැරි නම් අහපුවට උත්තර දීපං. ගොන් ආතල් නොදී..

      Delete
    6. @ Kangaru Malli

      දන්න දේවල් තමා කිව්වේ මල්ලි, හොයල බලපන්. මේකේ ඉන්න ඔක්කොම උන් ටෝයියෝ. සමලිංගික ආණ්ඩුවකට චන්දෙ දීපු උන්. උබත් සමලින්ගිකක් වගේ. ඔය මම කියපුවා බොරුද නද්ද්ද කියලා හොයල බලපන්. හරියට හොයපන්. ඊට පස්සේ හිතපන් මමද ගොන් අතල් දෙන්නේ නැත්තන් උබද කියලා. මෙතන ඉන්න උන් ඔක්කොම ගූ තලන්ට අවඩද්දී උබල වගේ හිකනල්ලු උඩ පනින එක අහන්න දෙයක් නෙමේ බං. ඇත්ත හොයපන්. වෙන්න තියෙන විනාසේ දැක දැක සහජීවනෙට මුවා වෙලාම ඉදපන්. කොන කපන්න උන දවසටම හිතපන්, එල...

      Delete
  37. වසල සූත්‍රයෙන් කියල තියෙන්නෙ මුන්නාන්සෙල වගේ අය ගැන නොවැ

    ගැල ඇදෙනව සුනඛයෝ බුරා හැලෙනව
    ගැල නවතිනවද මාතෙ

    ReplyDelete
    Replies
    1. මුන්ට පෙන්නන්න ඕනෙ "ස්ටෝනින් ඔන් සොරායා එම්." කියන 2008 ඉරාන චිත්‍රපටිය

      Delete
    2. ගැල නවත්තන්න තමයි උපරිම උත්සාහය

      Delete
  38. සියල්ලට එකඟයි එක දෙයකට හැර .. //නානසාර මහ රහතන් වහන්සේ// කියන පාඨයේ "මහ රහතන් වහන්සේ" කියන කොටස ඉවත් කරන්න කියල මම මාතලන්ගෙන් ඉල්ලා හිටිනවා.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ රහත් වෙල ඉන්නේ... උබ කොහොමද නෑ කියන්නේ...

      Delete
    2. රහත්වීම කියන දේ සුළුකොට තකලා ගෙවාගන්න බැරිතරම් පාපයක් ගොඩගහගන්න එපා.. චීවරයක් දරාගෙන ඥානසාර ස්වාමින්වහන්සේ කරගන්නා පාපයට වඩා පාපයක් ඔයා කරගන්නයි යන්නේ.. බුදුරජානන් වහන්සේ දේශනාකරපු ධර්මයේ අග්‍රපලය වෙන රහත්භාවය ඔය විදිහට සුළුකොට තකන එක බුදුරජානන් වහන්සේගේ ධර්මයට කරන නිග්‍රහයක්.

      Delete
    3. පව් පින් තියෙන්නේ හිතේ....

      ඔයාලා ආගමෙන් මෝහණය වෙල ඉන්නේ...

      Delete
  39. මේක නපුංසක රටක් නොවෙන්නෙ කොහොමද. රටේ ඉන්නෙ ඉන්ටනෙට් වීරයො ටිකක්නෙ. උන් කරන්නෙ fb post දාන එකයි නපුංසක blog ලියන එකයි. ඒවලින් රටේ තරමක් හරි වැඩක් කරන මිනිහට මඩ ගහනව. උන් ඉන්ටනෙට් එකේ රගන්නෙ ලෝකෙම අතේ තියාගෙන වගේ. උන්ගෙ ඇත්ත ජීවිතේ නිකං ලංකාවට එන සුද්දන්ට පුක දීල සල්ලි හොයන එක. කමක් නෑ ඒකත් රස්සාවක්නෙ කියල කියන්න පුළුවන්. ඒත් සුද්දො ලංකාවෙ ගයිඩ්ල ගැන ඉන්ටනෙට් එකේ දාල තියන දේවල් දැක්කම මුන්ගෙ හැටි හොදට හිතාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සුද්දෝ ලංකාවේ මී හරක්ටත් මාර ආසයි.. බේරගන්න බෑ උන්ගේ පොටෝ ගහගන්න.. කොහේ දැක්කත් නවත්තන්න කියලා මළ වදේ...

      Delete
  40. ගෑනියෙක්ට කෑ ගැහුව කියල මොකද ඔච්චර නහින්නෙ. වෙන රටවල සම තැන. ගෑනුන්ට වැඩි සැලකිලි නෑ. පොලීසිය පිරිමින්ට ගහන බැටන් පොල්ලෙන්මයි ගෑනුන්ට ගහන්නෙ. ඒකට ලංකාවෙ බය්යො ගෑනියෙක්නං අම්මේ අතක් අතක් තිබ්බොත් ඉවරයි ගෑනියෙක්ට

    ReplyDelete
    Replies
    1. ඒක හරි.... උඹලගේ අම්මටත් කවෘ හරි නෙලපු දවසටත් ඔහොමම කියපන් පුතේ...

      Delete
    2. එතකොට තාත්තට නෙලනකොට මොකද කියන්නෙ. මන් සරළ දෙයක් විතරයි කිව්වෙ. දියුණු රටවල ගෑනුන්ට වැඩි සැලකිලි නෑ කියල. ලංකාවෙ අවදානම් රස්සාවලට ගෑනුන්ව දාන්නෙ නෑ. ඒත් උඹල ඔය කියන දියුණු රටවල දානව. වැරැද්දක් කරල අහු උනොත් පොලීසියෙන් අම්බානට කන්න වෙනව මොනා උනත්. ලංකාවෙ පිරිමින්ට ඇති තරං ගහනව පොලීසියෙන් ඒත් ගෑනුන්ව වැරදි වලට ඇල්ලුවට කවදවත් ගහල කියල ආරංචියක් නෑ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න