.

.

Feb 29, 2016

අළුත් පක්ෂය වැඩ පටන් ගනී - New Party begins in Sri Lanka

 
  
මාතලන් පොඩි කාළේ ඉස්කෝළෙදි ගම කොහෙද ඇහුවාම කියන්න කැමති නැතිය. මොකෝ කෑළණිය කියා කිව්වාම පඩත්තල කොල්ලෝ මාතලන්ට කියන්නේ මැට්ටා කියලාය. ඒ කාළේ කැළණිය ප්‍රසිද්ධ වෙලා තිබුනේ මැටි වැඩවලටය. පස්සෙ කාළේ නම් ප්‍රසිද්ධ වූයේ ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාගේ ආසනය කියලාය. ඊට පස්සේ ගාල්ලේ කියලා කිව්වම කියන්නේ, වැඩ බැරි එකෙක් කියලාය. කොහොම හරි ගම කොහෙද ඇහුවාම කැළණියේ කියා කියන්න පුළුවන් කාලයකුත් ආවේය.
 
ඒ අර ප්‍රේමදාස මහත්තයා උපාධි ඉල්ලලා පාරවල් ගානේ අඬන උන්ව ප්‍රයිවෙට් ෆර්ම් වලට දාපු කාළයේය. කොහොමින් කොහොම හරි ඔය සෙට් එකක් එක්කම මාතලනුත් අළුත් සැක්සොන් එකකට මාරුවක් ලැබුනේය. දැන් අර කැම්පස් වලින් ආපු උන් අහන්නේ, උඹ කොහේද මචං කියලාය. එතකොට එකෙක් කියන්නේ ජයවර්ධනපුරේ කියලාය. තා එකෙක් පේරාදෙනියේය. තා එකෙක් රුහුණේය. උන් මගෙන් ඇහුවාම මම කියන්නේ කැළණියේ කියලාය. ඉතින් ඒ උපාධීදාරින් හිතන්නේ මම කැළණිය විස විජ්ජාලේ පොරක් කියලාය. එතනින් එහාට අහන්න එන්නේත් නැතිය.
 
අන්න ඒ වගේ කේස් එකක් ඊයේ මගේ බොක්කකටත් සිඳු උනේය. ඌ නොම්මර එකේ ටොයියෙක්ය. ඒ වගේම මහින්ද මහත්තයා ගාව අදටත් ඉන්නා ප්‍රභල පොරක්ගේ නෑයෙක්ය. දන්නා දවසෙ ඉඳ මූ සිරි ලංකා කාරයාය. ඒත් දැන අවුරුදු කීපයාට පෙර පටන් මූ ඒ පක්ෂයේ එකෙක් කියලා කියන්න උන්නේ ලැජ්ජවෙන්ය. ඒත් ඌ ඊයේ මාතලන්ට කිව්වේ ඕන් මාතේ ආයෙත් ලැජ්ජාවක් නැතිව සිරි ලංකා කාරයෙක් කියලා කියන්න පුළුවන් කාළයක් එනවා කියලාය.
 
මහින්ද මහත්තයා හිතාගෙන උන්නේ මැරෙනකන්ම රජකම් කොරන්නටය. ඇත්තටම එහෙම ඉතරක් හිතාගෙන උන්නා නම් එයැයිට රජ කම් කොරන්නත් චෑන්ස් එකක් තිබුනේය. මොකෝ කන්න නැතත් බොන්න නැතත් මහින්ද මහත්තයා දැක්කාම බඩ පිරෙන නිසාය. කාන්තාවන් ගැබිනියන් වන නිසාය. දරුවන්ට අප්පච්චි කෙනෙක් නිසාය. බවලත් උදවියට සිහිණ කුමාරයා වූ නිසාය. හොරුන්ට ආරක්ෂකයා වූ නිසාය. හොර බිසනස් කාරයන්ගේ උපදේශක වූ නිසාය. මාධ්‍ය කරුවන්ගේ අයිඩල් එක වීම නිසාය. කොටින්ම කියනවා නම් ජනතාවගේ මහ රජ්ජුරුවෝ නිසාය.
 
ඒ හේතු කොටෑ ගෙන එතුමා යන යන තැන ජනතාව පොදි කකා එතුමාට දන ගැසුවේය. එතුමන්ගේ ශ්‍රී දෙහය අත පත ගෑවේය... සමා වෙන්න ඉස්පර්ශ කලේය. දරුවන් බ්ලෙස් කරවා ගත්තේය. කොල්ලෝ හා කෙල්ලෝ එක්ක සෙල්ෆි වලට උන්නෝය. හැබයි මේ ඔක්කෝම රජ නාඩගං අතරේ එක අඩුවක් මෙන්ම අන්තුරක්ද උන් වහන්සේට පෙනුනේය. ඒ යුව රජෙක් නොමැති කමය.
 
බැරිසිලානෝ රජ වුවහොත් තම කුමාරවරුන්ට හොඳ කල දසාවක් අත නොවෙන බව තේරුම් ගත් උන් වහන්සේ කලේ නාමල් කුමරුන් යුව රජ තනතුරේ හෙබවීමය. කරුමය පටන් ගත්තේ එදා සිටය. මහින්ද මහත්තයා මක්කා කොලත් අවුලක් නැතිව උන් බයියන්ට පවා මේ කක්කා කොලුවා දිරවූයේ නැතිය. එමෙන්
 
මහින්ද මහත්තයා නැති කළේ නාමල් කොලුවා හා බැරිසිල් ලොක්කාය. පක්සේ උන්ට බැරිසිල් ලොක්කා නිසා මහින්ද එපා වූ අතර, ජනතාවට නාමල් නිසා ලොක්කා එපා උනේය. අන්තීමට ඉතිරි වූයේ, ඔය අද මළබද්ධ විපස්සේ කියනා සෙට් එකය. ඒකේ ඉන්නේ මක්කුන්ද කියා අමුතුවෙන් කියන්නට ඕනා නැතිය. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවොත්, එකෙක් දෙන්නෙක් ඇර, අනික් උන් ඔක්කෝම හේට අනිද්දාම මහ උළු ගෙදරය.
 
ඔය සිරි ලංකා නිදහස් පක්ෂය මගින් මේ රටට දෙයක් කලා නම් ඒත් මහින්ද මහහ්තයා ඉතරමය. එකක් නම් පිරබාහරන් උන්නැහේ සෙත්තපෝච්චී කල එකය. අනික සංවර්ධන වැඩ ටිකය. යුද්ධය අවසන් කලද සංවර්ධනය නම් කළේ මෙලෝ ප්ලෑනක් නැතිවය. ඒවා නිකංම නිකං බිල්ඩින් ඉතරක් උනේ උන්නැහේගේම කාළයේය. බලාපොරොත්තු උන ඉන්වෙස්ටස්ටර්ස්ලා එකෙක්වත් ආවේ නැත්තේ බැරිසිල් උන්නැහේ නිසාය.
 
ගමේ පාරට කොන්ක්‍රීට් දාන එකෙන් ඉතරක් නොව නාන ළිදෙන් හිටං ජරාව කන එකෙක් ඉන්නා තැනකට ඉන්වෙස්ටර්ලා එන්නේ නැතිය. ආවා නම් ආවේ චීනා ඉතරය. ගහපු ගිවිසුම මොකක්ද කියන්න දන්නේ නැති උනත්, අපේ එකෙක්ටවත් ජොබ් හම්බ උනේ නම් නැතිය. ඔහොම සංවර්ධනයක් මෙළෝ රහක් නැතෙයි කිව්වාම මාතලන්ලා එක්ක හැප්පෙන්න රටේ මහා ළොකු පොරවලුත් ආවේය. ඒත් එදා මාතලන් කියපු දේ අද ඒ කටවල් වලින්ම හරි කියල කියන කොට මාතලන්ට කාලකන්නි සතුටකුත් එනවාය.
 
සිරි ලංකා එක පාලනය කලේ කවදාවත් පක්ෂයේ නායකයා නෙමේය. බන්ඩාරනායකගේ කාළේ ඕක පාලනය කළේ සිවුරු කාරයෝය. මේ රට විනාශ කිරීමේ ආරම්බය එන්නේ උන්නැහේගෙන්ය. උන්නැහේ රට විනාශ කලා වාගේම, අර පාන්කඩ සිවුරු කාරයෝ උන්නැහේ විනාශ කරලා දැම්මේය. ඊළඟට ලිප්බොක්කේ  හැංගුන එයාගේ නෝනා නායකයා කොරගෙන වමේ කාලකන්නි රට විනාශ කළේය. ඒ කාළේ ආශ්චර්යය ගැන මාතලන් අනන්තවත් ලියා ඇති නිසා ආයෙත් මෙතනෙ ඒ ගැන ලියන්න යන්නේ නැතිය.

උන් බන්ඩාරනායක නෝනා විනාශ කලා පමණක් නොව උනුත් විනාශ වී රටත් විනාශ කොට තොලොංචි වෙලාම ගියේය. අන්තීමේදි ආසන 8 කටද කොහෙද බැහපු පක්ෂය මහින්දලා අනුරලා මෙන්ම, චන්ද්‍රිකා විජේලාද කුඩු පට්ටම් කොරලාම දැම්මේය. පක්ෂේ කුඩු පට්ටම් කොලාට අමතරව ජෙප්පන් ඉත්තන් කරගෙන, 88 - 89 කාළයේ රට ගිනි තියලා දාලා අත හෝදාගෙන පැත්තකටත් උනේය.
 
ආයෙත් අවුරුදු 20 කට ඉතර පස්සේ අෂ්රොෆ්ට පිහිට වෙන්න ආන්ඩුවක් පිහිටුවා ගත්තද. 2005 වෙනකන් මේ රටේ කිසිඳු දෙයක් සිඳු නොවූ අතර, මහ උන් විස්කි බිබි ඉන්දැද්දි, ආර්ථික වර්ධන වේගේද මක්කාද එක අධි වේගයෙන් මයිනස් දක්වාම ගමන් කලාතර, පිරබාහරන්ට ඇසකුත්, මහින්දට පක්ෂයත් දන් දී එපා කියන්නටම ඉල්ලාගෙනම කෑවේය.
 
ජේ ආර් මදාවියන්ට ජේ පී පටන් දුන්නද, උන් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැතිය. සැටලයින් නෝනාගෙන් පස්සේ එන මහ රජානෝ ඒ අඩු පාඩුවද පරිපූර්ණ කලාතර, පාතලා නායකයෝ මැති අමතිවරු කළේය. මිනීමරුවෝ තානාපතිවරු කළේය. රටේ ධනය පමණක් නොව, මහා භාන්ඩාගාරයද, පුරාණ රජ දරුවන් නිධන් කොට තිබූ වස්තුවද පමණක් නොව කටු ගේත් මංකොල්ල කෑවේය. රට කිසි දින ගොඩගත් නොහැකි ණය උගුලක සිර කොට දැම්මේය. කොටින්ම කියනවා නම් යුධ ජයග්‍රහණයට මුවා වී මේ රට සෑම අතින්ම කාබාසිනියා කොට බංකොලොත් කොරලාම දැම්මේය.
 
එයිටාමතරව ලංකාවේ ඉතිරි වී තිබු පක්ෂ දෙක වන, එජාපය හා ජේ වී පීය සුනු විසුනු කර දැමීමට කරන්න පුළුවන් සෑම දෙයක්ම කළේය. ජෙප්පන් නම් ඒ උගුලට අසුව කුඩු පට්ටම් වී ගිය අතර, රටේ ජනතාවගේ වාසනාවකට හා රනිල්ගේ දක්ෂතාවය නිසා, එජාපය පමණක් අමාරුවෙන් බේරුනේය. රජ කම් කෙරුවත් කළ කම් පල දේ කියන කතාව සහතික කරන ලද සත්‍යයම බව නැවතත් ඔප්පු කරමින් අද ඔවුන් බලය නැති හාල්පාරුවන් පිරිසක් බවට පත්ව ඇත.
 
පක්ෂයට අළුත් නායකයෙක් ලැබී ඇත. පක්ෂයේ මූලික පරමාර්තයන්ට අනූකූල වන නායකයකු ලැබී ඇති මේ අනගි අවස්තාවේ (සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු) ඔහු පිලිගැනීමට අකමැති උන්ට දිය යුතු දඬුවම ඊයේ සිට ආරම්බ කර ඇත. එය ප්‍රීතියට කරුණකි. වත්මන් නායකත්වය පිලිගැනීමට අකමැතිවා පමණක් නොව, එක විවේචනය කරමින් සිටි, ප්‍රසන්න රණතුංග, ධනසිරි අමරතුංග, කාන්ති කොඩිකාර, කුඩු දුමින්ද, දිළුම් අමුණුගම සංවිධායක කම් වලින් එලවා ඇත. පටන් ගත් ක්‍රියාවලිය දිගටම ගෙන යා යුතුය. වරදාන වරප්‍රසාද දී හෝ මහින්ද සමඟ සිටිනා හොර දෙටුවන් ලං කර ගැනීමෙන් පක්ෂයට සිඳු වන්නේ අවාසියක් මිස වාසියක් නොවේ.

හොරා මොකා ළඟ උන්නත් හොරාමය. ඒ නිසා හවුල් ආන්ඩුවට රිංගා ගෙන ගොඩ ගිය හොරුන් සේ මුන්ව එජාපයට හෝ නව සිරි ලංකා පාටියට ඇතුලත් කර ගත යුතු නැත. දේශපාලනය කිරීමට කැමති අවංක තරුණ පිරිස ඕනෑ තරම් සිටි. මේ ඔවුන් සමඟ එකව අළුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් සාදා ගැනීමේ හොඳම අවස්තාවයි. එවන් අළුත් මුහුණු සහිත පක්ෂයක් අළුත් පරපුර අතර ජනප්‍රිය විය හැකි අතර. එජාපය පැරැද්දවීමට නම් කල යුත්තේ, එවන් නැවුම් සමාජයේ හොඳ පිලිගැනීමක් ඇති තරුණ පරපුරක් සමඟ නැවුම් ගමනකට එක්වීමයි.
 

51 comments:

  1. පොඩ්ඩක් හෝව් මට තවම වැල්...
    කතන්දරේ හරියටම හොයාගෙන එන්නම්

    ReplyDelete
  2. කොච්චර අලුත් පක්ෂ ආවත් මේ අභිමානවත් දේසයේ ඉන්නේ කොච්චර එපා කිව්වත් දේසපාලකයින්ට බලෙන් හරි ගරු, අති ගරු කියන ශ්‍රේස්ට චන්දදායක ජාතියම තමයි

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ නිට්ටෑවන් ගේ පක්ශයක් හදනවලු මේ සිකුරාදා හවස 5.30. සාමාජිකයො වෙන්න කැමති අය එන්න.

      Delete
    2. shhhhhhhh.... (උස උපරිමයකට යටත්ය.)

      Delete
    3. Ceylon Society of Australia.....!!!!

      Delete
    4. හ්ම්ම් හ්ම්ම්...

      Delete
    5. ඊයේ අර පක්ෂ සංවිධායක කම් දෙනකොට උන් දන ගහලා වඳින කොට නම් ඇඟ හීතල වෙල ගියා.....

      Delete
  3. ඔය සංවිධායකල සෙට් එක එලවපු එක හොඳයි. හැබැයි ඕක පටන් ගන්න ඕනේ බන්දුල, අලුත්ගමගේ වගේ අය පක්ෂෙන් එළවලා. මගේ නම් එකම ප්‍රාර්ථනය සිරිසේන මහත්තයට මීට වඩා කෙලින් තීරණ ගන්න කොන්ද පණ ලැබේවා කියල.

    හැබෑට කෝ දැන් අර ජනතාව වෙනුවෙන් මහා පිම්මක් පැනපු අත්තනායක මහත්තයා?

    ReplyDelete
    Replies
    1. අළුත්ගමගේ කියන්නේ පේන්නම ප්‍රසිද්ධියේ තක්කඩි කම් කරන උං... මර්වින් සිල්වලා වගේ... උන්ට වඩා මට පෙන්නන්න බැරි දෙනේෂ්ලා බන්ධුලලා... ඒත් කම්බ හොරුම තමයි...

      Delete
    2. දිනේෂුයි බන්දුලයි කොරාපු හොරකම් මොනවද?

      රවී කරුණානායකලා එක්ක බලනකොට මුන් නිකම් පික් පොකට් කාරයන්ටත් අන්තනෙ.

      Delete
  4. පෑන.. සොලි සොලි.. කී බෝඩ් එක අහවල් තැන ගහගෙන ද මේවා ලියන්නේ....?

    කිලිඇල්ල තුමා අහන්න කීවේ...

    ReplyDelete
    Replies
    1. ඇයි අප්ෂඨ්ද මචං....

      Delete
    2. මේ ස රස කියන *****ට (උත්තමයට)මොංගල්ද බං?? ඉහ නිකට පැහිච්ච, පා(වා)දෙනියගෙ කප්පම් සංගමේ සාමාජිකයෙක් වෙලත් මේ **තා (මහතා) දාන ගොංපාට්.. අඳෝමැයි...

      Delete
  5. මාතා,
    මහින්ද අවුරුදු 2කට කලින් චන්දය තියන්න හේතුව ශ්‍රී ලංකාවට බටහිරින් එන පීඩනය සහ වැදගත් ම දෙය නම් 2016 දී ගෙවන්න වන ඩොලර් බිලියන 1.3 තමයි, මේක බොහෝ මහින්ද වාදීන් කියන්න කැමති නෑ. ඔවුන් කියන්නේ “බලන්න මගින්ද ගේ කාලේ වෙච්ච සංවර්දනය දැන් නැති උනා එයට හේතුව මේ රජයේ අක්ර්යක්ෂම තාවය කියල” (මේ රජය අක්ර්යක්ෂම කම තියනවා ඔබ නිකන් බලන්න හර්ෂල හරින්ලා කියන දේවල් වල අන්ත්ර්ජාතික එලෙක්ට්‍රොනික් වානිජ්‍ය සදහා ලබානුන් පහසුකම් මොනවද කියල ) නමුත් බොහෝදෙනාට මතක නෑ 2014 දෙසැම්බර් වල හාල් කිලෝව රුපියල් 90 ට ගිය බව.
    ඒ තමයි මහින්දට තම චන්දය කාලේවත් සහන මිලට බඩු දෙන්න බැරි තත්වයක් ඇති උනා. දැන් තත්වය තමයි රජය හැකිතරම් කර්යක්ෂම කිරීමට ගතයුතු තාක්සනික පියවර ගැනීම.
    මා මගේ අඩවිය 2014 දෙසැම්බර් වලම කිව්වා යහපාලන රජය බලයට ආවත් ඉතා අපහසු කාලයක් ගෙවීමට සිදුවෙන බව තවම අපහසු කාලයට පැමිණ නෑ, ඉදිරි ලෝක බැංකු ණයගැනීමට අපට Austerity measures (පටිතද කිරීමට ) උපදෙස් ලැබෙනු ඇති.
    අපි තේරුම් ගත යුත්තේ මේ ප්‍රශ්න රනිල ගේ ප්‍රශ්නයක් නෙමෙයි හිටපු රජයේ ප්‍රශ්නයක් බව.
    සහ අපහසු තාව අවම කිරීමට පියවර නොගැනීමට විරුද්දව තමයි අපට පීඩනය දීමට වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙකකට කලින් ඡන්දේ තියපු එක හොඳයි... මහින්දටත් තේරුනා තරුණ කැරැල්ලක් ආයේ එන්න පුළුවන් කියලා.. ඒ වගේම ජිනීවා කේස් එක තද උනා නම් හමුදාව හරි පාවලා දීලා බලයේ ඉන්නවා.. පරදින්න නෙමෙයි ඡන්දේ තිබ්බේ දිනන්න. එයා හිතුවා පක්ෂේ උන් කෑ ගැහුවට මිනිස්සු හරක්ය කියලා.. මහින්ද නිවැරදියි.. මොකෝ මහා ළොකු ගානකින් නෙමෙයි නේ මේ ඉඩී අමීන් වගේ එකෙක් පරදින්නේ.. ඒකයි හමුදා කුමන්ත්‍රණ හරි කරලා ආයේ ඉන්න බලන්නේ...

      කාපු කෑම වල තරම දැන් නේ එලියට එන්නේ..නිකං නෙමෙයි එකවුන්ට්ස් නැති බිලියන දාස් ගානක් කාලා තියෙන්නේ...

      Delete
  6. mAHINDATA WATENNA GAHANNAMA PULUWAN POINT EKAK MEKA ASSE THIYENAWA ,,,, mINU=ISSU mAHINDTA KAMTHI UNATATH bASILATA HA nAMALTA KAMATHIMA NATHA. oka hariyata use karoth mona chande thibbath mahinda paradinawamaya.

    ReplyDelete
    Replies
    1. මහින්ද දන්නවා වෙනම ඉල්ලුවොත් ඇපත් නෑ කියලා... පව් ඒ මිනිහා රිලව් දෙන්නෙක්ගේ ගුලි කාලා පවුල පිටින් විනාශ වෙනවා....

      Delete
  7. "ජේ ආර් මදාවියන්ට ජේ පී පටන් දුන්නද, උන් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැතිය "සිරිල් මැතිව්! සිරිල් මැතිව් !

    ReplyDelete
    Replies
    1. සිරිල් මැතිව් කියන්නේ මදාවී නෙමෙයි.. එහෙම නම් ඇතුලත්මුදලිලත්, ගාමිණි දිසානායකලත්, ප්‍රේමදාසත් ඊට එහා මදාවී.... මදාවී කියන්නේ ඒ මිනිස්සුන්ට නෙමෙයි මහින්ද වටේ ඉන්න අති බහුතරය..

      Delete
    2. Siril mAthew madavi nemeyi ehenam idi aminuth upasakayek. Gono oka 83 di demalu mAruve prasiddiye. Ube unpiya Ara okkoma horu madaavida.

      Delete
    3. 83 නේ අනිත් අය ගැනත් කිව්වේ එකයි... 83 ඉතරක් නෙමෙයි ඒ අයම තව ගේමකුත් දුන්නා...

      ඒත් එහෙම දේ හැම එකාම කරනවා... මදාවී ඉන්නේ මහින්ද ගාව... මදාවියා කියන එකට මගේ නිර්වචනය ඒකයි.. එජාපයෙත් උන්නා.. ඒත් අද නෑ.. ප්‍රාදේශීය වශයෙන් ඉන්නවද කියන්න දන්නෙ නම් නෑ...

      Delete
    4. මැතිව් ගේ මදාවි පිරිසට ලංගමයේ ජොබ් දීලයි තිබුණේ. උන් තමයි බයීසිකල් චේන් හමුදාව.

      හැබැයි ගැහැව්වා මිසක් ඉස්සුවේ නෑ. ආයුධ කේස් තිබුණේත් නෑ.

      Delete
  8. අප කළිනුත් කියා ඇති පරිදි ඔය මහින්ද උන්නැහේ අලුත් පක්ෂයක් හදාගන්නවානම් එය ශ්‍රී ලංකා එකටත් යූ ඇන් පී එකටත් හොඳය. එතකොට ශ්‍රී ලංකා එකට අලුතින් සංවිධානය වන්නට පුළුවනි. ඔය දාන අලුත් පක්ෂවලට සුළු ජාතීන්ගේ සහය නැතිව රටේ බලය අල්ලන්න බැහැ. දෙමළ මුස්ලිම් මිනිසුන් ආයේ මතක ඇති කාලයක රාජපක්ෂලාට ජන්දය දෙයි කියා හිතන්න බැහැ. අතීතයේ කළ කී දේවල් කෙසේ වෙතත් රාජපක්ෂලා තවමත් එක්වී සිටින්නේ තමන්ගේ පරාජයට මුල්වූ මුළාශ්‍ර සමගයි. ඒ නිසා යු අන් පියට ශක්තිමත්වෙලා බලයට එන්න පහසු වෙනවා.

    ReplyDelete
    Replies
    1. මොකා මොන සෙල්ලම් දැම්මත් එජාපය කාළෙකට වට්ටන්න බෑ... ඒකට ප්‍රධාන හේතුව හවුලේ කන එක...

      Delete
    2. මේ බඩ් එක්ක එකතු වෙලා අලුත් පක්ෂයේ ඔසී ශාඛාවක් හදන්න ඕනෑ.

      Delete
  9. ප්‍රමාදයි ඈ.. මං කිව්වේ හැම දේම. ඇක්සන් සහ රිඇක්සොන්

    ReplyDelete
    Replies
    1. කොහොමත් රනිල්ගේ ඇක්ෂන් ටික්ක ලේට්.. කතාවකදි උනත්... හැබයි 2004 වගේ කෙලව ගන්නත් බැරි නෑ ඔහොම ගියොත්...

      Delete
  10. ඔය කියන විදිහට අලුත් පක්ෂයකින් දෙයක් කොරන්න හැකිවෙයිද????? ප්‍රාෙද්ශීය සභා ඡන්දයක් චූන් කරන්නනං හොදයි...

    ReplyDelete
    Replies
    1. මම අළුත් පක්ෂය කිව්වේ සිරි ලංකා නිදහස් පක්ෂයේ අළුත් එක...

      Delete
  11. කොහොම හරි කොරාලා ඔය පක්සේ රජ කරවන්න ඕන ඊළඟ ඉලෙක්සෝන් එකෙන්.

    ReplyDelete
    Replies
    1. ඊළඟ එක දිනන්නේ අලි පාටිය....

      Delete
  12. "නළුවෙක් නෙවෙයි මොළයක්™ – ශ‍්‍රී ලංකාව Fitch ආර්ථික ශ්‍රේණිගත කිරීමේ පහලටම ඇද දැමේ.."

    "...ඍණ තත්වයන් ඇති වීමට හේතු සාධක වූ ප්‍රධාන කරුණු කීපයක් ම ලෝක මූල්‍ය පර්යේෂණ ආයතනය විසින් දක්වා ඇත. එහි පළමුවැන්න වන ප්‍රතිමූල්‍යකරණ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වියවුල්සහගත තත්වයයි."

    මේවාටත් මහින්ද වෙන්න ඇති වග කියන්න ඕනි. ඇයි මහින්ද ගහපු ගැගිල්ලට ආණ්ඩුවට මොනවත් කරගන්න බෑනේ හිටන්.

    ReplyDelete
    Replies
    1. http://lankanian.blogspot.com/2016/03/blog-post.html

      Delete
    2. අනේ උඹලා වගේ වහල්ලු..

      Delete
  13. නිකන් බොරුවට පොර ටෝල්ක් දෙන්න එපා ,මහින්ද ආණ්ඩුව කරනකොට බැන්නේත් පොරට ,දැන් මෙච්චර මේ ආණ්ඩුව වැරදි කරද්දීත් ඒවා වහගන්නත් මහින්දට බනිනවා ,උඹලගේ දේශපලනෙත් අනිත් උන්ගේ වගේම තමා වෙනසක් නැ ,වෙනසකට තියෙන්නේ පොඩ්ඩක් වචන දෙක තුනක් ගලපලා ලියාගන්න පුළුවන් එක විතරයි මාතලන්,උඹ ලංකාවේ උන්ට වඩා හරි වෙනස් කියල පෙන්නන්ඩ ගියාට ,උඹත් ඒ ජාතියේම එකෙක් තම බන් වෙනසක් නැ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්...

      අමු බයියෙකුට එහෙම පේන්න විදියක් නෑ..

      කිසිම අයුරකින්...

      Delete
  14. ...//රටේ ජනතාවගේ වාසනාවකට හා රනිල්ගේ දක්ෂතාවය නිසා, එජාපය පමණක් අමාරුවෙන් බේරුනේය//...

    රනිල් ඉතා සූක්ෂම ආකාරයෙන් වැඩ කරලා UNP එක බේර ගත්තා. හැමෝම හිතුවේ රනිල් ගොඩක් දුර්වලයි කියලා. නමුත් රනිල් කලබල නොවි දුරදිග හිතලා වැඩ කරනකොට මහින්ද කලබල වෙලා ඒ මොහොත ගැන විතරක් හිතලා වැඩ කලා.

    ReplyDelete
    Replies
    1. අන්තීමට දැන් දිඨ්ඨධම්මවේදණීය කර්‍මය ගෙනවනවා....

      Delete
  15. අන්තිම චේද දෙක නැතිවුනානම් පන්කාදු පහයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අවශ්‍යම දෙක....

      Delete
  16. 'Hora moka langa unnath horamaya'kiyana kaalla nam harima watinawa!

    ReplyDelete
  17. තවම අපිට තියෙන්නේ බලං ඉන්න ,

    ReplyDelete
  18. Mathalan LSSP eka ganu nisa dekada wunalu neda. Kavda e gani. Deshapalanyay badu gaheemai athara sambadayak thibeda.

    ReplyDelete
    Replies
    1. ඕන දේකට එයාලත් සම්බන්ධයිය කියලා කතාවක තියෙනවා නේ...

      Delete
  19. මේ අර සම්මාන වලින් පවා අගය කළ බ්ලොගයක් නේද ?

    ReplyDelete
    Replies
    1. මොන සාම්මාන වලින්ද තරු......

      Delete
    2. ඔව්... ඇයි අප්ෂඨ්ධ මචං

      Delete
    3. පල් වැඩේ අර මරණ දඬුවම නියමවෙලා ඉන්න ඩී.අයි.ජී. මහත්තයාගේ නෝනවත් රිමාන්ඩ් කරපු එක. එයාගේ අයිඩින්ටි නොම්මරේ කීයද දන්නේ නෑ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න