.

.

Mar 3, 2016

චම්පික, කිරිඇල්ල හා දෙමටගොඩ චමින්ද - Champika, Kiriella & Dematagoda Chaminda


අම්මට සිරි ලංකාවේ කතාබහ කරන්න යමක් කරන්නේ දේශපාලුවෝ ඉතරය, ඔය ඉඳ හිට පොඩි කොල්ලෙක් රොකට් එකක් යවන එකක් (ච්චී නොවේ) මිනිස්සු යට කොරන එකක් වගේ දේ ඇර, වෙන යම් දෙයක් වේද, ඒකත් දේශපාලනේට සම්බන්ධ දෙයක්ම වන්නේය. වෙන රටවල ඩොකාලා පර්යේසොන්වල යෙදිලා අළුත් බෙහෙත් වර්ග ප්‍රතිකාර ක්‍රොම අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් කොරන්නේ පොලිටික්ස්ය.

වෙන රටවල ගොවියෝ අළුත් අළුත් භෝග හදා ඵලදාව වැඩි කොට ගෙන ළෝකයම දිනන අතරේ, අපේ උන් රජකාලේ ඉඳන්ම අමුඩයක් ගහගෙන පුක එලියේ දාගෙන හැම කන්නෙම අමුඩ වන්නම නටන හිඟන්නෝය. උන්ට ඔක්කෝම ඕනේ නිකන්ය. ඉඩම නිකංය, වතුරත් නිකංය, බිත්තර වීත් නිකංය, පෝරත් නිකංය. උපදෙසුත් නිකංය. ඔක්කෝම කුඹුරටම නොමිලේ ගිහිල්ලා දෙන්න ඕනාය. ඉතින් මාතලන්ලාටත් වෙන්නේ ඒ රොකට් රෝහිණිලා ගැන ලිවිල්ල පැත්තකට දමා මේ මළහත්තිලව් ගැනම ලියන්නටය.

තමා උපන් ගමේ නමීන් ප්‍රසිද්ධ වෙන අයියලා දෙපිරිසක් ලංකාවේ ඉන්නවාය. එයාගේ නමට කලින්, ගමේ නම පරසිද්දය. එක කස්ටියක් ඉන්නේ කහ පාට යුනිෆෝම් එකක් දාගෙනය. අනික් අය ඉන්නේ ඩේන්ජරස් වෙපන්ස්, කුඩු හා බඩු එක්කය. අර කහ පාට යුනිෆෝම් අයියලා අතරේ ඉන්න අය අතරේ, ගලගොඩඅත්තේ නානසාර, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, ඇල්ලේ ගුණවංස, ගලබොඩ ඥානිස්සර, උඩුවේ ධම්මාළෝක වගේ අය බොහෝම පරසිද්ද අයියලාය.

අනිත් අයියලා ඉන්නේ පාතාලයේය. එයින් එකෙක් වන දෙමටගොඩ චමින්දයාට ඊයේ වෙඩි තියලාය. කාටවත් එච්චර අවුලක් නැතිය. මොකෝ භාරත ලක්ෂ්මන් උන්නැහේ සෙත්තපෝච්චි කලේ මේ හාදයා කියා කියනා නිසාය. ඒත් ඒ යකා එහෙම කිව්වත් විස්වාස කොරන්න බැරි, මිනිමරුවන් වෙනුවෙන් උනත් ජීවිත කාලෙටම හිරේ යන්න බඩු ඕනා තරම් උන් සිටින රටක් නිසාය. උසාවියත් ඊට හපන්ය. අලි හොරු සහ රේප් කේස් කාරයෝ නඩු අහනා රටේ, ඒකෙන් දෙන තීන්දු ගැන ජනතාව ඉන්නේ නිකං හෝන්දු මාන්දු වෙලාය. ඔය භාරත මරපු එකට, හිරුනිකා ඇතුලට ගියත් ඔහේලා අපි එච්චර පුදුම වෙන්න ඕනා නැතිය.

පොලීසිය මෙන්ම බන්ධනාගාරේ උනුත් ලැජ්ජා විය යුතුය. දෙමටගොඩ බේස්ලයින් පාරේ වෙඩි තියලා මාරු වෙල යනවා කියන්නේ, එක්කෝ, මේක සෙට් ගේමක් වෙන්න ඕනාය. එහෙම නැත්නම් ගාඩ් එකට ගියපු උන් නපුංසකයෝ වෙන්න ඕනාය. මොකෝ නිව්ස් එකේ හැටියට, එකෙක් බස් එක ඇතුලටම ඇවිල්ලා වෙඩි තියලා කිසිඳු අතුරු ආන්තරාවක් නැතිව වැනිෂ් උන නිසාය.

ඒ යකා මිනීමරලා තියෙනවා නම් ඌ මරා දාන්න අයිතිය තියෙන්නේ අළුගෝසුවාට ඉතරය. ඒ එල්ලලාය. එහෙම නැතිව පොලීසියටවත්. දුමින්දලාටවත්, හිරුනිකාලටවත් ඌව මරා දාන්න අයිතියක් නැත්තේය. ඒ නිසා මේ ගේම දුන්න උන් වහාම අත් අඩංගුවට ගත යුත්තේය. එහෙම ගන්නා විට උන්ට ගඟේ මූදේ පනින්නටවත්, වෙපන් පෙන්න්න්න අරගෙන යන්නවත් ඕනා නැත්තේය. වෙපන් එක පස්සෙ වෙලාවක හොයා ගන්න පුළුවන්ය. උන්ව අල්ලා ගත යුත්තේ මේක කාගේ ගේමක්දැයි සොය ගත යුතු නිසාය.

මොකෝ දැනට එන නිව්ස් අනුව මේක ආන්ඩුවට බොහෝම අන්තුරු දායක කේස් එකක්ය. ඊට හේතුව ආන්ඩුවේ උන් මල පැනලා මාද්දියවේදීන් එක්ක ගේම ඉල්ලන එකය. මේ වගේ චිකාගෝ ගේම් දෙන එකෙකුට මාද්දියවේදියෙකුට ගේම දීලා දාන එක කජු කනවා වගේ ගේමක්ය. එවිට අනිවාර්යයෙන් බ්ලේම් එක එන්නේ ආන්ඩුවටය. ඒ නිසා සියල්ලටම කලින් පාතාලය මර්ධනය කරලා ඉන්න එක බොහෝම හොඳය.


චම්පිකගේ ඇක්සිඩොන්ට් එක

චමිපික උන්නැහේට එහෙන් කේස් එකක්ය. එයා කියන්නේ එක කතාවක්ය. මහින්ද මහත්තයාගේ රිලවා කියන්නේ වෙන කතාවක්ය. පත්තරකාරයෝත් කියන්නේ, චම්පික කියන එක නෙමේය. හනුමා කියන එකය. මොකෝ චම්පිකලා පත්තර කාරයන්ට බොන්න දෙන්නේ නැති නිසාය. මොකා මොනවා කිව්වත්, ඉන්ෂුරන්ස් කේස් එකේ උන්න නිසාත්, ඇක්සිඩොන්ට ඕනා තරම් දැකලා ඇති නිසාත්, මාතලන් නම් කියන්නේ චම්පික ලොක්කා හරි, එලෙව්ව එකා හරි, වහාම අත් අඩංගුවට ගන්න ඕනෙයි කියලාය.

මොකෝ වාහනේ එලවලා තියෙන්නේ රිවර්ස් එකට නිසාය. රථ වාහන පනතේ 19 වෙනි වගන්තිය අනුව මහ පාරේ රිවර්ස් එකට යන්න බෑ කියා ලේඛන ගත කොට තියෙනවාය. ඔහේලා ඒක දැකලා නැත්තන් කියවලා හොයා ගන්න එක ඔහේලාගේ වැඩක්ය. ඒ වාගෙම මේ පොටෝ එක බලලා කේස් එක ගැන අවසාන තීන්දුවකට එන එක ඔහේලාගේ වැඩක් මිස මාතලන්ගේ වැඩකුත් නෙමේය.


කිරිඇල්ලගේ කේස් එක.

ඒක ගැන නම් කියන්නේ තියෙන්නේ, ඒ උන්නැහේ යුද්දේ ගැන කියපු කතාවමය. ඒ කියන්නේ ඕනම ගොනෙකුට ඇමතිකම් මෙන්ම, මාද්දියවේදීකම්ද කොරන්න පුළුවන් කියලාය. ඔහොම බයාදු කමෙන් ඇමතිලාගෙන් ප්‍රශ්ණ ඇහුවාම, උන් කරේ නගින්න එන අහන්න දේකුත් නෙමේය. අනික ඔහේට කුණුහබ්බ කියන්න දෙයක් මම ඇහුවේ නෑ ඕයි කියන්න බය වෙන්නත් ඕනා නැතිය. ඕයි බෝයි ගාන උන්ට කතා කරන්න ඕනා එහෙමය. ඔහොම පන බයේ මාද්දියවේදිකන් කොරනවාට වඩා ආන්ඩුවේ වෙන මක්කා හරි රස්සාවක් හොයා ගන්නා එක ඊට වඩා හොඳය. මක්කා කොලත් දෙරණේ චතුරයා ඒ අතින් ග්‍රේට්ය.

කිරිඇල්ලගේ කතන්දරේ ගැන මගේ අන්තර්ජාල මිත්තරයෙක් අපූරු සටහනක් තබා තිබුනේය. ඒ යහපාලන ආන්ඩුවේ හා කලින් පාලනයේ වෙනස ගැනය. නිමිත්ත කරගෙන තිබුනේ අර නැගලාම ගියපු සුජී කතන්දරේය. මාතලන් ඒකට පුදගලිකව අකමැති උනත්. ඒ සිද්දිය මෙයට අපූරුවර සම්බන්ධ කරගෙන තිබූ නිසා එය පොඩියක් වෙනස් කොට ලියලා මේ පල් හෑල්ල වහලා දානවාය.

යහපාලන වෙනස

2015 ජනවාරි 8 වැනිදාට පෙර:
"අයියෝ... හැමිනෙනවා දාලා ...සුජී, ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට!"

2015 ජනවාරි 8 වැනිදායින් පසුව:
“හිතවත් සුජී මහත්මයාණෙනි,
මේ ලිපිය ගෙන එන ළමයා මහනුවර ප්‍රදේශයේ පදිංචි මා හොඳින් හඳුනන කෙනෙකි. ඔහුගේ සුදුසුකම් පරීක්ෂාකර බලා, ඔහුට ෆෝන් එක දීමට කටයුතු කරන මෙන් උසස් අධ්‍යාපන පනතේ 19 වැනි වගන්තිය ප්‍රකාර මට ලැබී ඇති අයිතිය අනුව මෙසේ නිර්දේශ කරමි. "

අර මහත්මයා ලියපු එකේ... "අයියෝ හැමිනෙනවා දාලා" කෑල්ල තිබුනේ නැත... 

133 comments:

  1. //වෙන රටවල ඩොකාලා පර්යේසොන්වල යෙදිලා අළුත් බෙහෙත් වර්ග ප්‍රතිකාර ක්‍රොම අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් කොරන්නේ පොලිටික්ස්ය.//

    ඒ කතාව වැරදිය... පොලිටික්ස් කොරන ගමන් අනිකුත් දේවල් ද කොරනු ලැබේ...

    http://www.ncbi.nlm.nih.gov/pubmed/17448137

    ReplyDelete
    Replies
    1. Sumeth Perera MW1, Gunasinghe D, Perera PA, Ranasinghe A, Amaratunga P, Warnakulasuriya S, Kaluarachchi K.
      දැන් මෙතන කව්ද සාරස කියන්නෙ ??

      Delete
    2. මේක 2007 පබ්ලිෂ් කොරපු පේපර් එකක්නෙ හලෝ

      Delete
    3. මේ තියෙන්නේ PGIM එකේ වෙබ් ලින්ක් එක. ලංකාවේ වෛද්‍ය වරු MD වලට කල Thesis/Dissertations මෙහි තිබෙනවා.
      http://pgimrepository.cmb.ac.lk:8180/handle/123456789/3030

      මේකට ගිහින් බලන්න MD වලට පවා ලංකාවේ වෛද්‍ය උපාධිදරියෝ බොහොමයක් කරලා තිබෙන්නේ ස්ටැට්ස්ටිකල් රිසර්ච්.

      ඇයි සරස ඔබ 2007 පමණ පැරණි පර්යේෂණ පත්‍රිකාවක් ගැන කියන්නේ ? මේ අවුරුදු 10 පමණ ආසන්න කාලයේ එහෙම පත්‍රිකා එකක්වත් කරලා නැද්ද ?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. // ඇයි සරස ඔබ 2007 පමණ පැරණි පර්යේෂණ පත්‍රිකාවක් ගැන කියන්නේ ? මේ අවුරුදු 10 පමණ ආසන්න කාලයේ එහෙම පත්‍රිකා එකක්වත් කරලා නැද්ද ? //


      නැහැ නේ...


      http://www.nature.com/ng/journal/v43/n11/full/ng.945.html

      Delete
    6. // AnonymousMarch 3, 2016 at 12:34 AM //

      ඇනෝ තුමා සද්දයක් නැත්තේ ජර්නල් එකේ ඉම්පැක්ට් ෆැක්ටර් එකට බය වෙලාදෝ?

      Delete
    7. ඉම්පැක්ට් ෆැක්ටර් එකට බය වෙන්නේ ඔයාල වගේ නොදන්නා අය. ඔබෝකත ගේ STAP cells ගැන අමු බොරු පේපර් එක දන්නේ ඔය නේචර් එකේම තමයි. ඔයා හිතුවද අපි සයන්ස් මැගසින් නේචර් මැගසින් සෙල් ජර්නල් බලල නැති MBBS ගොඩයෝ කියල. PGIM ගැන මොකුත් කියන්නේ නැද්ද ? බහුතරයක් ගැන පෙන්නුවම exceptional වැඩක් කරපු කෙනෙකුගේ එකක් පෙන්නලා ජාමේ බේරගන්න නේද කල්පනාව ?

      Delete
    8. Mutations in TRPV4 cause an inherited arthropathy of hands and feet


      Affiliations
      Murdoch Childrens Research Institute, Royal Children's Hospital, Melbourne, Australia.
      Shireen R Lamandé, Irma L Gresshoff, Lynn Rowley, Daniele Belluoccio, Kumara Kaluarachchi, David J Amor, Ravi Savarirayan & John F Bateman
      Department of Paediatrics, University of Melbourne, Melbourne, Australia.
      Shireen R Lamandé, Irma L Gresshoff, David J Amor & Ravi Savarirayan
      Department of Pharmacology, University of Melbourne, Melbourne, Australia.
      Yuan Yuan & Peter McIntyre
      Raymond Purves Bone & Joint Research Laboratories, Kolling Institute, University of Sydney, Sydney, Australia.
      Christopher B Little
      Medical Faculty, Institute of Human Genetics, RWTH Aachen University, Aachen, Germany.
      Elke Botzenhart & Klaus Zerres
      Genetic Health Services Victoria, Royal Children's Hospital, Melbourne, Australia.
      David J Amor & Ravi Savarirayan
      Division of Pediatric Surgery, University of Alberta, Edmonton, Canada.
      William G Cole
      Department of Biochemistry and Molecular Biology, University of Melbourne, Melbourne, Australia.
      John F Bateman

      මේකේ ලංකාවේ ඇෆීලියේෂන් තියෙන කවුද ඉන්නේ ? අනුන්ගේ පහනෙන් මොකද එලිය බලන්නේ. අහ්හ් අමතක වුනා ලකාවේ ඉන්නකොට දොස්තරලා ගොඩක් අයට ලජ්ජා නැති වෙනවනේ.

      Delete
    9. //බහුතරයක් ගැන පෙන්නුවම exceptional වැඩක් කරපු කෙනෙකුගේ එකක් පෙන්නලා ජාමේ බේරගන්න නේද කල්පනාව ? //

      කවුරු කලත් වැඩේ කැතයි...
      චැහ්... ස ර ස තුමා ඔය වගේ වැඩ පිලිකුලෙන් යුතු ව හෙලා දකිනවා ඇනෝ තුමෝ!

      Delete
    10. //මේකේ ලංකාවේ ඇෆීලියේෂන් තියෙන කවුද ඉන්නේ ? අනුන්ගේ පහනෙන් මොකද එලිය බලන්නේ. අහ්හ් අමතක වුනා ලකාවේ ඉන්නකොට දොස්තරලා ගොඩක් අයට ලජ්ජා නැති වෙනවනේ.//

      සොලි සොලි...
      අනුන් ගේ පහනින් එලිය බැලුවාට ස ර ස තුම සමාදිය බාජනය කරමි!

      වැලි සොලි හොඳේ?

      Delete
    11. පිට රට ගිහින් අනුන්ගේ රිසර්ච් එකකට හොම්බ ගෙන යන්තම් 6 වෙනි ඕතර් වුන කෙනෙක්ව විකුණලා දොස්තරලා ව ගොඩ දාන්න බැරි වුනා නේ ද සරසා ? ඔයා ඕව කියන්න කොන්දේ බැදපු අග්නිදිග අසියනුවන්ට!!

      Delete
    12. ඇත්ත තමා ඇනෝ තුමෝ...

      Delete
    13. //වෙන රටවල ඩොකාලා පර්යේසොන්වල යෙදිලා අළුත් බෙහෙත් වර්ග ප්‍රතිකාර ක්‍රොම අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් කොරන්නේ පොලිටික්ස්ය.//

      වෛද්‍ය සේවා සැපයීම හැර අපේ දොස්තරලා පර්යේෂණ වලට එතරම් උනන්දුද නැත.
      අපේ රටේ පර්යේෂණ වල යෙදෙන්නට ඕනෑ ෆන්ඩ්ස් හම්බවෙන්නේ නැත. ඒවා දේශපාලුවෝ හොරා කනවාය. ඒ නිසා පර්යේෂණ කරන්න කැමැති අතළොස්ස ඉන්නේත් මන්දෝත්සාහී වෙලාය. අතින් කයිට් කරන් පර්යේෂණ කරන්නට කවුරුත් කැමැති නැත. විශේෂයෙන් දොස්තරලා එක්ක වෘත්තීය ඉරිසියාවෙන්, කුහක කමින් පළෙමින්, ඇරියස් අල්ලන්නට බලන් ඉන්නා පිරිසක් සිටින රටක කොහෙත්ම එය වෙන්නේ නැත. පොලිටික්කෝ පිස්සු කෙළින විට හා පොලිටික්කෝ දොස්තරකම් කරන්නට එන විට දොස්තරලාට පොලිටික්ස් කරන්නටත් සිදුවෙ.

      හැබැයි ඒ අතරේ මේ වගේ පර්යේෂණ කැස්කේඩ් එකකට බලපාන එවාත් කරපු අයියාලා ඇත.

      http://www.ncbi.nlm.nih.gov/pubmed/21106802

      Delete
    14. මටත් හිතෙනවා පබ්ලිකේෂන් එකකට ලින්ක් එකක් දාන්න.
      එක්කො ඕනැ නෑ!

      Delete
    15. "ස රස" නොහොත් කුමාර කළුආරච්චි යනු කලකට ඉහත බ්ලොග් අවකාශයේ හොල්මන් කළ "මහසොහොන් පිල්ලිය" දෝ කියා මට තිබුණු සැකයක් සෑහෙන දුරට තහවුරු විය!

      Delete
    16. සාමාන්‍යෙන් ලංකාවෙ ඔය ටෙස්ට් ටියුබ් එකක් බීකරයක් හොදන්න උදව් කලත් පේපර් එකේ අන්තිමට නම දාගන්න පුලුවනි

      Delete
    17. මෙන්න නියම සරස එලියට බැහැලා.. මේ බ්ලොග් වල බයි පොස්ට් දදා මෙයාට එන්න ඕන වුණේ මෙතෙනට තමයි. මම පොර කියන්න..

      Delete
    18. //AnonymousMarch 3, 2016 at 7:00 PM
      මෙන්න නියම සරස එලියට බැහැලා.. මේ බ්ලොග් වල බයි පොස්ට් දදා මෙයාට එන්න ඕන වුණේ මෙතෙනට තමයි. මම පොර කියන්න.//

      සෑහෙන කාලයක් ගියා නේද තේරුම් ගන්න මෙයා?

      Delete
    19. // "ස රස" නොහොත් කුමාර කළුආරච්චි යනු කලකට ඉහත බ්ලොග් අවකාශයේ හොල්මන් කළ "මහසොහොන් පිල්ලිය" දෝ කියා මට තිබුණු සැකයක් සෑහෙන දුරට තහවුරු විය //

      නරක කාලේ.. නරක කාලේ.....

      මෙච්චර කල් වහගෙන හිටි මහසොහොන් අනන්යතාවය අද තට්ට සරුලොක් හෝම්ස් ගේ අතටම අහු වුනා නේ....

      Delete
    20. // සාමාන්‍යෙන් ලංකාවෙ ඔය ටෙස්ට් ටියුබ් එකක් බීකරයක් හොදන්න උදව් කලත් පේපර් එකේ අන්තිමට නම දාගන්න පුලුවනි //

      ෆ්ලෝරා කියන ටොයිලට් පේපර් එකේ නේද මෙයා?

      Delete
    21. 6 වෙනි ඔතර් කියන්නේ නම් ඉතින් ටොයිලට් පපෙර් එකක් වගේ නොවටිනා පස්ස පිහිදාළ විසිකරන චොර කේස් එකක් තමයි. ඔයා ICMJE author contribution guideline කියන්නකෝ ඔයා මොකක් කලාටද 6වෙනි ඕතර් වත් වුනේ කියල ?

      Delete
    22. සමාවෙන්න ඕන මට අමතක උනා.. මේ මෑතකම කලේ ළෝප්‍රසිද්ධ පර්යේසොනයක්..

      වම් කකුලේ රෝගයට දකුණු කකුල කපා දැමීම...

      අනුරාධපුර පැත්තේ දේශීය වෙදාලා ඇහේ රෝගයට කකුලේ මහපටැඟිල්ලේ බෙහෙත් බඳිනවා නම් මෙහෙම කලොත් සනීප වෙන්න බැරිද කියලා තමයි පර්යේසොනය කරලා තියෙන්නේ..

      පර්යේසොනේ සාර්ථකයි මයේ හිතේ...

      Delete
    23. // කියන්නකෝ ඔයා මොකක් කලාටද 6වෙනි ඕතර් වත් වුනේ කියල ? //

      පර්යේශන කන්ඩායමට Ceylon Tea හදලා පෙවුවට මෙයා!

      Delete
    24. //විශේෂයෙන් දොස්තරලා එක්ක වෘත්තීය ඉරිසියාවෙන්, කුහක කමින් පළෙමින්, ඇරියස් අල්ලන්නට බලන් ඉන්නා පිරිසක් සිටින රටක කොහෙත්ම එය වෙන්නේ නැත.//

      කවුද මිගාර කාර් හිගකන්න ස්ට්‍රයික් කරන; ඒමදිවට (bachelor of medicine bachelor of surgery) bachelor degree එකක් අරගෙන බොරුවට නමට මුලින් කියල දාගන්න බොරු කාර හිගන්නෝ ටිකකට ඉරිසියා කරන්නේ ?

      Delete
    25. // වම් කකුලේ රෝගයට දකුණු කකුල කපා දැමීම... //

      ශල්යාගාරයක ක්‍රියාකාරීත්වය හා ශල්ය වෛද්යවරයා ගේ කාර්යබාරය ගැන මීට වඩා යමක් දැනගෙන තිබුනානම් ඔවැනි අභව්ය කතා ශල්ය වෛද්යවරයාට විරුද්දව නොකියනු ඇථ...

      Delete
    26. කාර්ය බාරය වම වෙනුවට දකුණ කපන එකද සරස කාලකන්නියෝ ? ඔහේගේ පුතාගේ එහෙම කලොත් ඔයා බණේ දේශනා කොරනවද ඔහේ ?

      හැබැයි මතක තියාගන්න මහත්තයෝ ඔය වගේ දේවල් සාදාරනීකරණය කරන මිනිස්සුන්ගේ දරුවොන්ටයි ඒවා පලිසන් දුන්නේ කියල.

      Delete
    27. ගොළුවෙක්ගේ නෙමෙයි කපලා තියෙන්නේ... ඇයි දොස්ටර මහත්තයෝ ඔය කකුල කපන්නේ කියලා අහපු දරුවෙකුගේ කකුල කපලා තියෙන්නේ..

      කොහොමත් මාතලන ආදරය කරන සා රස.... මෙතනදි නම් "චා" රස වෙල තියෙන්නේ... ඇනෝලා එකසිය ගානට චා කරලා තියෙන්නේ...

      Delete
    28. Sa rasaMarch 3, 2016 at 8:39 PM,

      Mutations in TRPV4 cause an inherited arthropathy of hands and feet

      "L.R. and K.K. performed quantitative RT-PCR and immunostaining"

      ලංකාවේදී MBBS ලොකුකම ගැන බයිලා ගහන සරසාලා මර්ඩොක් ගිහින් රෙසර්ච් කරලා Cell Biology, Genetics, Molecular Biology PhD රිසේර්ච් ලීඩර් කෙනෙක් යටතේ ටෙක්නිකල් ඇසිසිටන්ට් කරන වැඩක් නේ! අය්යෝ ලැජ්ජයි සරසා! එකත් Lynn Rowly කියන Applied Science B.Sc ඩිග්රී එකක් තියෙන ටෙක්නිකල් ඇසිස්ටන්ට් එක්ක නේ! ලංකාවේ මහලොකු දොස්තර කම් කරන අය මොකද ඔස්ට්‍ර්ලියාවේ ගිහින් B.Sc ගතිපු ටෙක්නිකල් ඇසිස්ටන්ට් කරන වැඩ කරන්නේ ? අපේ ලැබ්වල RT-PCR කරන්නේ ටෙක්නිකල් ඇසිසිටන්ට්. ස්ටේනින්ග් කරන්නෙත් ටෙක්නිෂන් කෙනෙක්. ඊඊඊඊඊයා සරසා. MBBS කාරයෝ අයි මේ වගේ චොර වැඩ කරන්නේ ? Ceylon Tea හදල ශිරීන් නෝනට පෙව්වා නම් ඊට වැඩිය නම්බුයි.

      Delete
    29. // Ceylon Tea හදල ශිරීන් නෝනට පෙව්වා නම් ඊට වැඩිය නම්බුයි.

      //

      මටත් ඔන්න ඕක ම හිතුනා ඇනෝ!

      Delete
    30. // කොහොමත් මාතලන ආදරය කරන සා රස.... මෙතනදි නම් "චා" රස වෙල තියෙන්නේ... ඇනෝලා එකසිය ගානට චා කරලා තියෙන්නේ... //

      චා වීම හොඳ ය....

      මා රා ට වුනෙත් තමන් ආදරය කරන එවුන් චා වෙන්නත් පුලුවන් බව නොදැන සිටීම ය...

      ඔහේ ලියනා හැම දේටම අනර්ගයි, විශිශ්ටයි, සදාහරිතයි, උද්වේගසීලියි ආදී අනුමත කොමෙන්ට් ම කොටනා අඳබාලයෙකු වීමට වඩා ඉඳලා හිටලා චා වීම ස ර ස තුමා ගේ හිතට සනීපය!

      Delete
    31. //MBBS කාරයෝ අයි මේ වගේ චොර වැඩ කරන්නේ ? //

      ඇනෝ තුමා පලමු ඕතර් වූ Cell, NG, Science වැනි හොඳ සඟරා වල පල වූ ලිපි ගැන ලින්ක් එකක් නොදෙන්නේ එතුමා ගේ අතිශය නිරහන්කාර කම නිසාම බවත් ...

      ඇනෝ තුමා ලැබ් වඩ ඉවර වෙලා ලෙඩුන් සුවපත් කිරීම වැනි තුට්ටු දේකේ වැඩ නොකොට දිගටම ලැබ් වල ම සේවය කරනා බවත් ස ර ස තුමා ගේ විස්වාසයයි!

      නැත්තන් ලින්ක් එකක් දෙකක් දෙන්නකෝ පොර ටෝක් ඇත්තද කියා හොයා බලන්න!

      Delete
    32. කීප සැරයක්ම චා උනත් මෙහෙම චා වෙයි කියලා හිතුවේ නෑ නේ හීනෙන්වත්...

      අපිත් එක්ක හැප්පෙන්න ආවට සබ්ජෙක්ට් එක දන්න එකත් එක්ක ගේමට ගියාම නාන්න වෙනවා චා රසෝ....

      Delete
    33. Sa rasaMarch 3, 2016 at 10:10 PM,

      //ඇනෝ තුමා පලමු ඕතර් වූ Cell, NG, Science වැනි හොඳ සඟරා වල පල වූ ලිපි ගැන ලින්ක් එකක් නොදෙන්නේ එතුමා ගේ අතිශය නිරහන්කාර කම නිසාම බවත් ...//

      1) සරස ඇනොනිමස් (anonymous) යන වචනයේ තේරුම නොදන්නේ නම් සොයා බලන්න. කෙනෙකුට අවශ්‍ය නම් මගේ අනන්‍යතාවය සොයා ගත හැකි නමුත්, මට එය හෙළිකිරීමට අවශය නොවේ.

      2) මම පෘතග්ජන බෞද්ධයෙක් ලෙස, බෞද්ධ කතාවක කොටසක් ලියමි.

      බුදුහාමුදුරුවන් සහ ආනන්ද හාමුදුරුවන් ගගකින් එගොඩ වීමට සිටන අවස්ථාවක බමුණෙක් පැමිණ ලේන්සුව දිය මත එලා එගොඩ විය. එවිට ආනන්ද හිමියන් විමසුවේ ඔබ වහන්සේත් ඇයි එර්දියෙන් එහෙම එගොඩ නොවෙන්නේ කියා. පසුව තොටියා පැමිණි පසු බුදු හාමුදුරුවන් ඇසුවා තොටියා, ගගෙන් එගොඩ වීමට ගන්නා මුදල කොපමණද කියා ? තොටියා කිවේ අඩ-මස්සක් කියල. බුදුන් වහන්සේ එවිට පැවසුවා කලින් කී බමුණාගේ ශිල්පයේ වටිනා කම අඩ-මස්සක් උන්වහන්සේගේ එර්දි ප්‍රාතිහාර්යය අඩ මස්ස්කට හිලවු නොකරන බව.

      මම ඔබ මෙන් මගේ පර්යේෂණ මවිසින්ම සත 5 ට හැල්ලු කර නොගනිමි. ඒවා ඔබට මෙන් ටෙක්නීෂන් වැඩ කිරීමෙන් නිකම් ලැබුණු ඒවා නොව මවිසින් වෙහෙස වී මවිසින් ම පත්‍රිකා ලියමින් උපයාගත් ඒවා බැවිනි. මගේ පර්යේෂණ තිබෙන්නේ මගේ පර්යේෂණාගාරයේ නිල වෙබ් පිටුවේ හෝ මගේ රෙසර්ච්-ගේට් පිටුවේ පල කිරීමට මිසක් ෆේස්බුක් හි හෝ විවුර්ත සිංහල බ්ලොග් වල දැමීමට නොවේ. දේශපාලන අදහස් එත්තුගන්වීමට මම ඔබ මෙන් මගේ වෘත්තීය ප්‍රවීණතාව යොදානොගන්නේ එය දුර්වල පවුර්ෂීය ලක්ෂණයක් යය විශ්වාස කරන බැවිනි. මගේ දේශපාලනය, පුද්ගලික/සමාජීය ජීවිතය, පවුල, සහ පර්යේෂණ අතර පැහැදිලි ලෙස ඉරිගසා වෙන්කර ගැනීමක් ඇත.

      3) Cell, NG හි පබ්ලිෂ් කිරීමට ද රෝගීන් සුව කිරීමටද මම ජීව විද්‍යඥයෙක් හෝ වෛද්යචාරය වරයෙකු නොවෙමි. ජීව විද්‍යාව ගැන මම ඉගෙන ගන්නේ පර්යේෂණ වලට සහභාගී වන්නේ i) මගේ බිරිඳගේ පර්යේෂණවලට උදව් කිරීමට සහ ii ) මගේ පර්යේෂණවල සහයෝගීතා කණ්ඩායම්වල කොටස් වල ගුණාත්මක භාවය ගැන සහීමට පත්වීමට iii) මගේ පුද්ගලික විනෝදයට පමණි. මම රසායනික-භෞතික විද්‍යාඥයෙක් (chemical physicist ) මි. Science Mag හි තවම මා පබ්ලිෂ් කර නොමැති බව කීමට ද ලජ්ජා නොවෙමි. ඉදිරියේදී Science Mag හි පබ්ලිෂ් කිරීමට බලාපොරොත්තු වෙමි.

      /වෙන රටවල ඩොකාලා පර්යේසොන්වල යෙදිලා අළුත් බෙහෙත් වර්ග ප්‍රතිකාර ක්‍රොම අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් කොරන්නේ පොලිටික්ස්ය.//

      යන ප්‍රකශය පිළිතුරු ලෙස ඔබ ඔබේ පර්යේෂණ පෙන්වීමෙන් ඔබ විසින්ම ඒවා හැල්ලු කර ගැනීමෙන් පසුව එය එසේ නොවන බවට මම ඒවා ආචාරධර්මී නොවන ලෙස විවේචනය කලද, ඔබේ පර්යේෂණ සාකච්චා කිරීමට සුදුසු වේදිකාවක සාකච්ඡාවකට ගෙන ආවේ නම් පර්යේෂණ අචාර ධර්ම මත හිදිමින් අගය කිරීමෙන් තොරව නිර්දය විවේචනය නොකිරීමට වග බලාගනිමි. මම සිතන්නේ රෙසර්ච් පේපර් එකකට නම යන්තමින් නම් ඔබාගත් තුට්ටු දෙකේ ටෙක්නිෂන් කෙනෙකු සහ සැබෑ පර්යේෂකයෙකු අතර වෙනස් කම එය බවයි.

      මම සිතන්නේ සරස නොහොත් K.K ට තම පර්යේෂණ සිංහල බලොග් වල දැක්වීමට අවශ්‍ය නම් වෛද්‍ය රුවන් ගුණතුංග ගෙන් ඉගෙන ගත හැකි/යුතු බොහෝ දේ ඇති බවයි.

      Delete
    34. //Science Mag හි තවම මා පබ්ලිෂ් කර නොමැති බව කීමට ද ලජ්ජා නොවෙමි. ඉදිරියේදී Science Mag හි පබ්ලිෂ් කිරීමට බලාපොරොත්තු වෙමි.//

      Good Luck :D

      Delete
    35. // අපිත් එක්ක හැප්පෙන්න ආවට සබ්ජෙක්ට් එක දන්න එකත් එක්ක ගේමට ගියාම නාන්න වෙනවා චා රසෝ.... //

      //Science Mag හි තවම මා පබ්ලිෂ් කර නොමැති බව කීමට ද ලජ්ජා නොවෙමි. ඉදිරියේදී Science Mag හි පබ්ලිෂ් කිරීමට බලාපොරොත්තු වෙමි.//

      :D

      Delete
    36. දොස්තරල මේ කියන හැටියට " ජඩයෝ" නම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අව්ලක් තියෙන්න ඕන නේද ?

      Delete
    37. //මම සිතන්නේ රෙසර්ච් පේපර් එකකට නම යන්තමින් නම් ඔබාගත් තුට්ටු දෙකේ ටෙක්නිෂන් කෙනෙකු සහ සැබෑ පර්යේෂකයෙකු අතර වෙනස් කම එය බවයි. //

      තුට්ටු දෙකේ ටෙක්නිෂන්??
      ඔබ වැනි ම BSc උපාදිදාරියෙක් ( මොක්ද සියලු ෆිසිකල් කෙමිස්ට්‍රි කාරයෝ පටන් ගන්නේ BSc වලින් මිස MBBS වලින් නොවේ...) ඔබේ සියලු පර්යේශන ප්‍රායෝගික වැඩ කර දුන් පසු ඔවුන් තුට්ටු දෙකට දැමීම ඉතාම ලස්සනයි!

      Delete
    38. Science Mag හි තවම පබ්ලිෂ් කර නැතිවීම ලජ්ජා වීමට කරුණක් ලෙස දකින්නේ, ඔබ අනුන්ගේ පර්යේෂණ වලට නම ඔබා ගත තුට්ටුදෙකේ පිං බත් ටෙක්නීෂන් කෙනෙක් මිසක් පර්යේෂකයෙක් හෝ විද්‍යාඥයෙක් නොවෙන නිසා.

      ටෙක්නීෂන් වැඩ කරදී, පරයේෂණ අතින් ගත් කල පිං බත් ගිලිනා ඇබිත්තයෙකු සේ Nature Genetics හි පත්‍රිකාවක 6වෙනි ඔතර් වුන ඔබ, Science Mag හි එක Reviewing Process ගැන බොහෝවිට මළපොතේ අකුරක් තරම්වත් නොදන්නවා වීම ඔබේ සිනහවට කරුණු වීම බොහෝවිට ඉඩ තිබේ.


      Science Mag හි තවම පබ්ලිෂ් කර නැති බව කීමට :D කියන පිං බත් පර්යේෂක ටෙක්නිෂන් කෙනෙක් වන ඔබට යමක් කමක් දන්නා සැබෑ පර්යේෂකයන් :D පෝලිමක්ම ලබා දෙනු ඇති. මම අනුන්ගේ පර්යේෂණ වල ටෙක්නීෂන් වැඩ කරදී එසේ නම ඔබාගන්නේ නැති නිසා ද, මගේම යයි අවංකව මම සිතන්නේ මම විසින්ම ලියන පත්‍රිකා හෝ මම corresponding author වන පත්‍රිකා පමණක් නිසාද මට නම් Science Mag හි පබ්ලිෂ් කිරීම ලගාවීමට හැකි යයි සිතන තවම අභියෝගයකි. එය අභියෝගයක් නොවේ යයි කියන අයගේ පර්යේෂණ ගැන ඇති සාමාන්‍යදැනුම ගැන පර්යේෂණ ගැන යමක් දන්නා අයට නම් විහිළුවකි. :D

      ටෙක්නීෂන් වැඩ කරදී, පරයේෂණ අතින් ගත් කල පිං බත් ගිලිනා ඇබිත්තයෙකු සේ පේපර් වල වැනි 6 වැනි ඔතර් වීම ගැන දොඩවන සාරස නොහොත් කුමාර කළුආරච්චි (MBBS) වැනි මෝඩයන් සබ්ජෙක්ට් එක දන්නා එවුන් වීමට Science Mag හි පබ්ලිෂ් කර යුතු කීමට යාමෙන් සරසගේ සබ්ජෙක්ට් දැනුම පමණක් නොව, පර්යේෂණ පල කිරීම ගැන සාමාන්‍ය දැනුම ගැනද, පරයේෂණ අතින් ගත් කල සාරස ගේ පිං බත් ගිලිනා ඇබිත්ත කම ද පැහැදිලිව පෙනේ.

      Delete
    39. එතකොට සා රස කියන්නෙ සෙන්ට්‍රල් හොස්පිටල් එකේ පොල් කඩන දොස්තර කුමාර කළු ආරච්චිද?

      Delete
    40. ඔබ ටෙක්නීෂන් කෙනෙකු මිස සැබෑ පර්යේෂකයෙකු නොවන නිසා තවම නොදන්නවා වුවත් ICMJE author contribution guideline කියව පැහැදිලි කරගන්න ((http://www.icmje.org/recommendations/browse/roles-and-responsibilities/defining-the-role-of-authors-and-contributors.html)). ප්‍රයෝගික වැඩ කරදීමට, data collection වලට හිමි වන්නේ Acknowledgement මිස ඔතර්ෂිප් නොවේ.

      ඔබ තුට්ටු දෙකේ පිං බතෙකු වුවද Lynn තුට්ටු දෙකේ බවක් ද බව මම නොකීවෙමි. මන්ද සාරස නමැති ටෙක්නීෂන්; තුට්ටු දෙකේ ටෙක්නීෂන් වන්නේ, මර්ඩොක් හි ටෙක්නීෂන් වැඩ කරදී 6 වෙනි ඔතර් වී, ඒවා ලංකාවේ දොස්තර කෙනෙකු වන කුමාර කළුආරච්චි ගේ පර්යේෂණ ලෙස පෙන්වීමට යාමෙන්ය.

      //( මොක්ද සියලු ෆිසිකල් කෙමිස්ට්‍රි කාරයෝ පටන් ගන්නේ BSc වලින් මිස MBBS වලින් නොවේ...)//

      ඔබ නොදන්නවා වුවද B.Eng වලින්ද පටන් ගත හැකිය.

      Delete
    41. Physical Chemistry සහ Chemical Physics යනු එකක් නොවේ.

      Delete
    42. වෙන්ඩ පබ්ලිශ් ඇණෝ...

      ඔබ හරි ය

      ස ර ස තුමා වැරදිය

      වුනා පබ්ලිශ් තත්වයට පත් වූ විට චුට්ටක් මතක් කොරන්න

      ඵ්S: කොයි BSc එකත් BScම ය

      Delete
    43. සරසා දන්නේ B.Sc (Eng) විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය පමණක් වුවද B.Eng නමැති ඉන්ජිනේරුවෙදී උපාධියකුත් ලොව තිබේ.

      පිං බත් ඇබිත්ත ටෙක්නීෂන් පර්යේෂක සර්සාට සැබෑ පර්යේෂකයෙකු වීමට බොහෝ දේ උගත යුතුව තිබේ.

      පබ්ලිෂ් වූ විට ඔබ වැනි පිං බත් ඇබිත්ත ටෙක්නීෂන් බොරු පර්යේෂකයන්ට මතක් කිරීමක් වෙනුවට, මගේ කෙශ්තරයේ පර්යේෂණ කරන සැබෑ පර්යේෂකයන් දැනුවත් කිරීමට රෙසර්ච් ගේට් වෙත් යාවත්කාලීන කෙරෙනු ඇත. මගේ පර්යේෂණ තිබෙන්නේ මගේ පර්යේෂණාගාරයේ නිල වෙබ් පිටුවේ හෝ මගේ රෙසර්ච්-ගේට් පිටුවේ පල කිරීමට මිසක් ෆේස්බුක් හි හෝ විවුර්ත සිංහල බ්ලොග් වල දැමීමට නොවේ. ඒවා ඔබට මෙන් ටෙක්නීෂන් වැඩ කිරීමෙන් නිකම් ලැබුණු ඒවා නොව මවිසින් වෙහෙස වී මවිසින් ම පත්‍රිකා ලියමින් උපයාගත් ඒවා බැවිනි.

      Delete
    44. ඔවු .. ඔවු කුමාර කළුආරච්චි තමයි.. මාතලන් ඇතුළු ගොඩක් අය අද වෙනකන් හිතන් හිටියේ සරස පොරක් කියලා. ඔය යකා MBBS නෙවෙයි BDS කාරයෙක් . dentek අර උඩ ඇනෝ කියලා තියෙනවා වගේ තමන් කරා කියපු පර්යේෂන ගැන දාලා පොරවෙන්න ගිහිල්ල හත් පොලේ ගූ ගා ගත්තා වගේ අද.. මෙයා ආර පොඩි බණ්ඩා කියලා මියගිය වෙද සිසුවාට කරපු අපහසේට වන්දි ගෙවනවා වගේ අද.. මම එහෙනම් සරාස ඒ බලු පොස්ට් එක මල්ලේ පොල් වලින් අයින් කාරනවා

      Delete
    45. සරස ඇනෝල එක්ක කවි කියන්න ගිහින් සවුත්තු වෙලා දිව්වා වගේ දිවිල්ලක් දුවන්න වැදිලා වගේ. පවු අප්පා දොස්තර මහත්තෙයෙක්ලු නේද මේ මිනිහ ?

      Delete
    46. සාරස තුමා මේලෙස එකදිගට ලෙස හත්පොලේ ගාගනිමින් කුජීත වී යාමෙන්
      "සාරස ගේ නේචර් පේපර් එක වගේ" යනුවෙන් ප්‍රස්තා පිරුලක් වුවද සිංහල බ්ලොග් අවකාශයට එක්වීමට ඉඩ තිබේ.

      Delete
    47. ඇයි "දත් දොස්තර කුමාර කළුආරච්චි ගේ බ්ලොග් කොමෙන්ට් කිරිල්ල වගේ .." " සාරස ගේ වල්ල පට්ට නව සොයාගැනීම වගේ " .. " MBBS නොවූ සාරස MBBS කියන්නට ගොස් දොස්තර සංහතියේම නම කැත කළා වගේ "
      තව සැහෙන්න පිරුළු දෙන්න පුළුවන්

      Delete
    48. //කවුද මිගාර කාර් හිගකන්න ස්ට්‍රයික් කරන; ඒමදිවට (bachelor of medicine bachelor of surgery) bachelor degree එකක් අරගෙන බොරුවට නමට මුලින් කියල දාගන්න බොරු කාර හිගන්නෝ ටිකකට ඉරිසියා කරන්නේ ?

      ඔය ලියපු එකෙන්ම පේන්නේ නැත්ද තොගේ ඉරිසියාව දෝරේ යන තරම. උන්ට අකුරු තියෙන්නේ උන් ඒ ඩිග්‍රිය ගහපු නිසා. තොට ඒ ඩිග්‍රිය නැති නිසා තෝ නිකම් මිස්ටර්. මිස්ටර් ඇනොනිමස්, චාටර් නේ?

      Delete
    49. ඔබට මෙන් ටෙක්නීෂන් වැඩ කිරීමෙන් නිකම් ලැබුණු ඒවා නොව මවිසින් වෙහෙස වී මවිසින් ම පත්‍රිකා ලියමින් උපයාගත් ඒවා බැවිනි. මගේ පර්යේෂණ තිබෙන්නේ මගේ පර්යේෂණාගාරයේ නිල වෙබ් පිටුවේ හෝ මගේ රෙසර්ච්-ගේට් පිටුවේ පල කිරීමට මිසක් ෆේස්බුක් හි හෝ විවුර්ත සිංහල බ්ලොග් වල දැමීමට නොවේ.

      හිනා වෙලා පණ යනවා ඕයි. ලෝකේ වැඩ්ඩන්ගේ රිසර්ච් PubMed, LILACS, SCOPUS වගේ ඒවයේ තියෙන්නේ. එහෙම නැතුව කොහෙවත් යන පර්යේෂ්ණාගාර වෙබ් පිටුවල නෙවෙයි. අර කියපු ඒවා public domain. public domain එකේ තමන් කරපු රිසර්ච් එකක් දාන්න බැරින, එක්කෝ රිසර්ච් එක එතිකල් නෑ. (නීති විරෝධී පරීෂණ - වකුගඩු කොරෙන් ගලවන සීන් එක වගේ) එහෙම නැත්නම් ඒකට පිළිගැනිල්ලක් නෑ. අත දිග රෝස් පාං ටෝක් දුන්නට රිසර්ච් ගැන අට මගලක් දන්නේ නෑ වගේ.

      Delete
    50. ඔවු ඔවු සමහරුන්ට (bachelor of medicine bachelor of surgery) bachelor degree කරලා M.D. නොකර කියල නමට මුලින් Dr. දාගන්න ලජ්ජා නැහැ.

      අපි කරලා නම මුලට Dr. කියල දාගන්නේ නෑ හොරට. මම නම් ඉතින් Doctor of Engineering කරලා තමයි නමට මුලින් Dr. කියල සහ අගට D. Eng කියල දාගන්නේ.

      මට ඒ නිසා ලෝකේ ඕනෙම රටක ගිහින් නම මුලට Dr. කියල දාගන්න පුළුවන්. bachelor of medicine bachelor of surgery) bachelor degree කාරයොන්ට නම් ඉතින් එහෙම බැරි එකේ දුක තමයි ඔය එලෙඩ්ඩුන්ට කියන අලංකාර වචන වලින්ම එලියට දාල තියන්නේ.

      Delete
    51. //හිනා වෙලා පණ යනවා ඕයි. ලෝකේ වැඩ්ඩන්ගේ රිසර්ච් PubMed, LILACS, SCOPUS වගේ ඒවයේ තියෙන්නේ. එහෙම නැතුව කොහෙවත් යන පර්යේෂ්ණාගාර වෙබ් පිටුවල නෙවෙයි. අර කියපු ඒවා public domain. public domain එකේ තමන් කරපු රිසර්ච් එකක් දාන්න බැරින, එක්කෝ රිසර්ච් එක එතිකල් නෑ. (නීති විරෝධී පරීෂණ - වකුගඩු කොරෙන් ගලවන සීන් එක වගේ) එහෙම නැත්නම් ඒකට පිළිගැනිල්ලක් නෑ. අත දිග රෝස් පාං ටෝක් දුන්නට රිසර්ච් ගැන අට මගලක් දන්නේ නෑ වගේ.//

      AnonymousMarch 5, 2016 at 8:11 PM,

      සාරස සමග අපි මේ කතා කලේ ජර්නල් වල පබ්ලිෂ් කල පේපර් ගැනයි දරුවෝ.!!!

      ජර්නල් වල පබ්ලිෂ් කල පේපර් කිව්වම කිව්වම ඔබට තේරෙනවද ඒ ජර්නල් අදාළ public domain වලට පේපර් යවනවා කියල. ජරනලය එහි පබ්ලිෂ් වූ මගේ සහ අනෙකුත් සියලු පේපර් public domain එකකට යන්වනවා නම් මම කැමති වුනත් අකමැති වුනත් පේපර් එකේ කොපි රයිට්ස් ඇති ජරනලය කරන දෙයක්.

      පර්යේෂණාගාරයේ වෙබ් පිටුවේ සහ රිසේර්ච් ගේට් පිටුවේ ඒ පේපර් ගැන යාවත් කාලීන කරන්නේ ඉන් පසුවයි. අඩුම තරමේ DOI ලැබුන පසුවයි. අපි කිව්වේ මේ ක්‍රියාවලිය ගැන. ඔබේ දැනුම ඉතාමත්ම අඩු කම නිසා ඔබට මෙය පටලවෙන්නට ඇති.

      ඔබ ජර්නල් පේපර් එකක් පබ්ලිෂ් කිරීමේදී පර්යේෂකයාගේ කාර්යය සහ සීමාව නොදන්නේ ඔබ කිසිම පේපර් එකක පබ්ලිෂ් කරලා නැති බව නිසා කියල ජර්නල් ගැන දන්නා අය දනනවා ඇති.

      ඔබේ භෂාව භාවිතයද ඔබේ අත්දැකීම් අඩු බව සහ ඔබේ නොමේරු ලාමක කම හොදින් පැහැදිලි කරනවා.

      මගේ හොද වෙලාවට මම ඔබ වැනි අත්දැකීම් අඩු අයට හිනා වෙන්නේ නැති නිසා public domain සහ රෝස් පාන් පටලවා ගැනීම ගැන ඔබේ නොදැනුවත් කමට සිනහවී මගේ පණ ගියේ නම් නැහැ.

      Delete
    52. // දිග රෝස් පාං ටෝක් දුන්නට රිසර්ච් ගැන අට මගලක් දන්නේ නෑ වගේ.//

      මේ කතා කරන්නේ ජර්නල් වල පබ්ලිෂ් කල අපේ පේපර් ගැනයි.

      PubMed, LILACS, SCOPUS ඩොමේන් වලට යවන්නේ එකී අදාල ජර්නල් මගින් මිසක් ඔතර් නොවේ.

      ඔබ ජර්නල් පේපර් සහ කොන්ෆෙරන්ස් ප්රෝසීඩින්ග්ස් වල වෙනස ඉගෙනගෙන හිටියොත් නරකද ?

      Delete
    53. ඉන්ඩෙක්සින් සර්විසස් ගැන හරුපයක් කියා තිබෙනවා පෙනේ.

      1. ඉහත දවා ඇති ඉන්ඩෙක්සින් සර්විසස් ලෝකයේම පිළිගත් ඒවාය
      2. එයට ඇතුළත් කෙරෙන්නේ පිළිගත් සඟරා වල ඇති පත්‍රිකා පමණයි.
      3. යම් කෙනෙකුගේ පර්යේෂණ අදාල සර්විසස් වල නැත්නම්, එක්කෝ ඒවා අළුතින් කළ ඒවාය. නැත්නම් ඒවා පළ වී ඇත්තේ පිළිගත් සඟරා වල නොවෙයි.

      Delete
    54. // ජරනලය එහි පබ්ලිෂ් වූ මගේ සහ අනෙකුත් සියලු පේපර් පුබ්ලිc ඩොමඉන් එකකට යන්වනවා නම් මම කැමති වුනත් අකමැති වුනත් පේපර් එකේ කොපි රයිට්ස් ඇති ජරනලය කරන දෙයක්.

      ආ, ඒ කියන්නේ තවම පළ වෙලා නෑ. ඔබේ කාලයට ස්තූතියි. මම නවතිනවා,

      Delete
    55. [bachelor of medicine bachelor of surgery) bachelor degree කාරයොන්ට නම් ඉතින් එහෙම බැරි එකේ දුක තමයි]

      පව් මෙයා, දොස්තරලට කොහේ ඉයත් කියන්නේ ඩොක්ටර් කියල තමයි. කාඩෙන ඉන්න බැරි නං සීතල වතුර වීදුරුවක් බොන්න. ඕනේ රටක වෛද්ය මූලික උපාධිය ගත්තු කෙනා ඩොක්ටර් කියලයි හඳුන්වන්නේ. සොරි හොඳේ!

      Delete
  2. මට තියෙන ප්‍රශ්නේ දැන් ආණ්ඩුවක් තියෙනවද කියන එකය

    ReplyDelete
    Replies
    1. එකම කොමෙන්ටුව දෙවතාවක් කෙටුව නිසා ඔබට Fitch B+ ලබා දෙනු ලැබේ..

      Delete
    2. රනිල් මාමියි රවී මාමියි දෙන්න අමාරුවෙන් ගත්ත ඒවා ඔයා කොහොමද මෙච්චර ලේසියෙන් දෙන්නේ ?

      Delete
    3. එකක් නෙමෙයි පහක් හයක් තියෙනවා..

      සිරිසේනගෙ ආන්ඩුව
      රනිල්ගෙ ආන්ඩුව
      මහින්දගෙ ආන්ඩුව
      දිනේෂ්ගේ ආන්ඩුව
      හිරුනිකාගෙ ආන්ඩුව
      දෙරණෙ ආන්ඩුව
      සිරසෙ ආන්ඩුව...
      මාද්දියවේදින්ගෙ ආන්ඩුව

      Delete
    4. ඔබ වැරදියි මාතලන්,

      ඇයි රිසාඩ් බතියුතීන් ගේ ආණ්ඩුව
      අසාත් සාලි ගේ පාණ්ඩුව
      චන්දිරික්ක පණ්ඩරනායකගේ "අපේ" ආණ්ඩුව (සහ අපේ පක්ෂය)

      //මහින්දගෙ ආන්ඩුව
      දිනේෂ්ගේ ආන්ඩුව//

      එහෙම එකක් දැන් නැහැ තිබ්බෙ ඉස්සර, ඒකයි උන් හත්පොලේ පොල් ගහ ගහ පිස්සු කෙලින්නෙ

      දෙරණෙ ආන්ඩුව - දෙරණෙ තියෙන්නෙ ආණ්ඩු විරෝධයක් - ආණ්ඩු මට්ටුව කිව්වොත් හරි

      සිරස නම් මහ අති පණ්ඩිත ගොන් හැත්තක්, බලේ නැතිකාලෙ හොඳයි දැන්නම් උන්ගෙ පොර සීන් දැකල එපාවෙලා

      මාද්දියවේදින්ගෙ ආන්ඩුව - මුන්ට නම් දැන් ආණ්ඩුවෙන් රෙඩ් කාඩ් පෙන්නල තියෙන්නෙ - ළඟදිම එකෙක් දෙන්නෙක් සෙත්තපෝච්චි කරනු නිසැකය

      Delete
  3. වෑන් වලින් උස්සන් යන්නේ නැති, ෆයිල් පෙන්නල බාගන්නෙ නැති, මරල 'අනතුරු' ඇති කරවන්නෙ නැති, සිය ගණන් එක්ක ලෝක සවාරි යන්නෙ නැති, මල්ලිලා දෙන්න මාරුවෙන් මාරුවට නිව්ස් දෙන්නෙ නැති, ළමයි තුන්දෙනා ඩෙඟා නටන්නේ නැති, වීරවංශයා වගේ වුන් බයිස්කෝප් කරන්නෙ නැති එකේ 'ප්‍රවුර්ති' මාධ්‍ය පවත්වගෙන යන්න නම් මේ වගේ ඒවවත් චූන් කරන ගන්න එපෑයෑ?

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා...ලැජ්ජයි ඉයන්...!පෝස්ට් එක කියවලා නං නෑ වගේ...!

      Delete
    2. හෑ කමෙන්ට් කරන්න පෝස්ට් කියවන්නත් ඕනෙද?

      Delete
    3. ඉයන් දන්න එකම කතාව මැක්කාගේ කතාව පමණි

      Delete
    4. //හෑ කමෙන්ට් කරන්න පෝස්ට් කියවන්නත් ඕනෙද? //
      කියෙව්වාටත් මදි... තේරුම් ගන්නත් ඔනේ ඉයන් තුමො

      Delete
    5. //ඉයන් දන්න එකම කතාව මැක්කාගේ කතාව පමණි//

      ඒක නම් ඇත්ත ඇනෝ තුමෝ හිට මැක්කාධිපති ගැන තව පෝස්ට් 100 ක් වත් ලියන්න පුළුවන්

      Delete
    6. වැඩි කල් යන්න කලින් මහින්ද දුන්නට වඩා ආතල් දෙයි වගේ...

      Delete
    7. ඉයන්,

      මරාගේ අවු. 10කදී කරපු බලු පාහර වැඩ ඔක්කොම කියුමලෙටිව්ලි එකතු කරල මේ අවුරුද්දක කෙටි කාලෙත් එක්ක කම්පෙයා කරන්න කොහෙත්ම බැහැ. අන්ත දූශිත මිනීමරු පාදඩ මරා කල්ලිය ඔය කියන එව්ව 2005 අග (2004 අගමැතිවීමෙන් පසූ) හෝ 2006 අග (ජනපති වී වසරකට පසු ) වෙනකොට කරන්න පටන් අරගෙනවත් නැහැ. නමුත් දැන් පෙනෙන විදිහට මුන්ට මරා අවු. 10කින් කරපු පාහර වැඩ ටික සුපර්සීඩ් කරන්න අවු. 2-3 ක් වත් යන්නැති වෙන පාටයි. අපේ කණගාටුව ජන 08 හංසයට කතිරෙ ගහපු අපිත් මේකට ගිල්ටි වෙන නිසයි. අපි හදන්නෙ ඒක වලක්වන්න. නැතුව ආණ්ඩුව කරන මුග්ධ/ තක්කඩි/ පාදඩ වැඩ විවේචනය කරන හැම එකාම මරාගෙ වහල්ලු හෝ ජාතිවාදීන්, පට්ට ගෝත්‍රිකයෝ, ගොබ්බයෝ කියල හිතන්න එපා.

      Delete
  4. ෂික් .. දැන්නම් යුද්දෙ නැතුව ෆුල් අවුල් වගේ.. කිසිම ත්‍රිල් එකක් නෑ මේ දේශපාලන නිවුස් අහලම.

    ReplyDelete
    Replies
    1. ඇයි අර ක්‍රිකට් මැච් ටික බලහන්කෝ... ඇඟේ ලේ වතුර වෙනවා...

      Delete
  5. කහ යුනිෆොර්ම් හා පාතාලේ අයියලාට අමතරව ඉස්සර විරිඳු / බයිලා කාරයිනුත් ගමේ නමෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය ඕනතරං නෑදෑයෝත් ඉන්නේ..වීරකැටියේ අක්කා, අම්පාරේ මල්ලි, සුදුහුම්පොල බාප්පා...හෙක් හෙක්...

      Delete
    2. ඇයි කැටලියම්පල්ලමේ ලොකු අතුල අයියා :P

      Delete
    3. උන් අයියලා නෙමේනේ... උඹ මම වගේ අහිංසක කොල්ලෝ නේ හිටං

      Delete
  6. කිරිඇල්ල ලිව්මක් ලියපුබව මේ විදියට පොරසිද්ද කොරන්න ඇත්තේ ලිව්ම අරං ආව එකා වෙන්ඩ බෑ . ඒක කොරන්ඩ ඇත්තේ ඔය විස්ස විජ්ජාලෙම එකෙක් වෙන්ඩැති. එක අතකට බය නැතිව ඕක එලියට දැම්මේ යහ පාලනය විස්වාස කොරන එකෙක් වෙන්ඩ පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..... විස්ස විජ්ජාල පනත දන්නෙ නැති එකෙක්...

      Delete
  7. චම්පික චමින්ද වගේ. චමින්ද කිරිඇල්ල වගේ. කිරිඇල්ල චම්පික වගේ.

    ReplyDelete
    Replies
    1. සිද්ධි තුනේ සම්බන්ධතාව අල්ල ගත්තේ උඹ විතරයි...

      Delete
  8. http://newscurry.co/oxford-university-to-offer-lakshman-kiriella-honorary-degree-after-receiving-a-letter-from-lakshman-kiriella/

    ReplyDelete
  9. මාතේ කෝමද කියන්නේ වාහනේ රිවස් කරා කියල මට ඒක තේරේන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. අර බයිසිමොටෝ එක දෙකට කැඩිලා තියෙන විදියට වාහනේ නවත්තපු වෙලාවක පිටිපස්සෙන් ඇනලා වෙන්න බැරිද?

      Delete
    2. රුවස් කලා නෙමෙයි බං..... වාහනේ පාරේ එලවලා තියෙන්නේ රිවර්ස් එකට.. ඒක නේ වාහනේ පිටිපස්ස හැප්පිලා තියෙන්නේ...

      Delete
  10. මාතේ..ගනින් පැරාගෙන් උපහැරණ....කතා කොරහන් පරනවිතානට..බොටත් උදේ පාන්දර රූපවාහීනියෙ තෙල් ගාලා හිස පීරගෙන ටෝක් දෙන්න විතරක් නෙවී ගානක් මරාගන්නත් ඇහැකි..
    හැබැයි ගොයියෝ 31ට කලින් උඹේ බ්ලොග රෙජිස්ටර් කරගන්...මොකෝ උඹ ලියන්නේ කාලීන ප්‍රවුර්ති වලට අදාල දේවල් නිසා බ්ලොග් එක බ්ලොක් කරනවා සත්තයි....!

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ වැදගත්කමක් තියෙනවා.

      මාතලන්ට දිනපතා බැරිනම් සතිපතා ටෙලිවිෂන් එකේ කතාවක් දෙන්න වටිනවා!

      නැගලා යයි.

      ටීඇන්ඇල් එකට කතා කරලා බලන්න.

      Delete
    2. ඒවට ක්‍රම තියෙනවා ලොක්කා.....

      Delete
  11. The Sovereign තරු තුනේ ඉස්තානේ හිටන් ඔයිල් මාරු කර ඉතාම පටු පාර දිගේ පස්සෙන් පස්සට රිවස් කරන සඳ සිරි ජයවර්දනපුර පාරට පස්ස හිටින සේ හැරෙවුනාම...

    දඩාස්!

    ReplyDelete
    Replies
    1. ඔව් සරසා කිව්වා දේ වෙන්නත් පුළුවන්, මොකද මේකේ බිදිලා තියෙන්නේ වම්පස උඩ වීදුරුව බිදීමට නම් පිටිපස්සෙන් හප්පලා නෙමෙයි වෙන්න ඕනේ ඔය කිව්වා වගේ ප්‍රදාන පාරට රිවස් කරලා

      Delete
    2. සැන්ට්‍රැල් බෑන්ක්ස් එකේ කවුරුහරි බොග් ලියනවානම් හෝටලේ සන්ගෙඩිය විස්තර කර දේවි...

      Delete
  12. චමින්දට උසස් අධ්‍යාපන ඇමතිකම දීලා, කිරිඇල්ලට මහාමාර්ග ඇමැතිකමයි චම්පිකට මෝටර් ප්‍රවාහන සහ බන්ධනාගාර බාරදීලා කැබිනට් එක ඇනුවනම් ඉවරයිනේ. චමින්දයා එක කෝල් එකයි දෙන්නේ උපකුලපති කෙනෙක් පත්කරන්න වුනත්.

    ReplyDelete
    Replies
    1. හා එහෙනම් එහෙම කරමු . මොකෝ ඇයි ඔහෙට බැරිද බන්ධනාගාර ටික බාරගන්න අළුගෝසු වැඩේට කවුරුත් ඔන වෙන්නේ නැනේ.ඔහෙටම එක කරන්නත් පුළුවන්නේ. හොඳ අත්දැකීමක් තියනවනේ

      Delete
    2. දුමින්ද සිල්වාට නැවතත් ආරක්ශක අධීක්ශන ඇමති කම දෙමු

      Delete
    3. කැබිනට් එක නෙමෙයි ආන්ඩුවම අනාගනියි වගේ මේ යන විදියට...

      Delete
  13. //මෙහේ ඩොකාලත් කොරන්නේ පොලිටික්ස්ය//
    අනේ පොන්න මාතලනො ඩොකාල ඕන වෙලාවට අවශ්‍ය දේවල් කතා කරනව තමා. ඒත් තමන්ගෙ රාජකාරිය පැහැර හැරල නෙමේ. උඹ ඉතින් අන්තර්ජායයෙ පොලිටික්ස් කරන්නෙ අරෙහෙ සුද්දො ටික වේලෙනව.

    ReplyDelete
    Replies
    1. රාජකාරිය කිව්වේ ප්‍රයිවෙට් බෙහෙත් දෙන එකද?

      Delete
    2. ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එක විතරක් නෙවෙයි මචෝ මේ හුකන්නලා කරන වකුගඩු ජාවාරම, එට්කා එකට විරුද්ධව පෙළපාලි යාම, වම දකුණ මාරු කරලා සර්ජරි කිරීම, එව්වත් තියනවා.

      Delete
    3. සුද්දෝ නම් වේලෙන්නේ නෑ.... හොඳ සුද්දෝ නැතිව අපි නම් වේලෙනවා....

      Delete
    4. දොස්තරලාට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක තහනම් වැඩක් නෙමේ. ඒක පොලිටික්ස් ප්‍රශ්නයක් නෑ. දොස්තරලට පුලුවන් රජයේ සේවය සම්පූර්ණයෙන් අත ඇරල ප්‍රයිවට් කරන්න. එහෙම කරානන් ඔයිට වඩා ලොකු ගානක් හොයන්න පුලුවන්. එහෙම කරන අයත් ඉන්නව. ඒත් හුගක් අය ඔය දෙකම කරන්නෙ මිනිස්සුන්ටත් සේවයක් කරල තමන් වෙහුවෙන් සල්ලි හොයාගන්න ප්‍රයිවට් කරන එක. වකුගඩු ජාවාරමක් කියන්නෙ එහෙම නීතියක් තියන හින්ද. ඒ උනාට කිසි පදනමක් නැති ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නීතියක් ඒක. දෙන්නත් කැමති නම් ගන්නත් කැමතිනම් මොකද්ද වැරැද්ද? වම දකුණ මාරු කරපු දොස්තරලට නීතිය ක්‍රියාත්මක උනා. එක්ටා වලට විරුද්ධව පෙලපාලි යනව තමා ඒකෙන් රටේ මිනිස්සුන්ට වෙන හානිය උඹලට තේරෙන්නෙ නෑ.

      Delete
    5. මාතලන් වගේ උන් හින්ද තමා හොද සුද්දො ලංකාවට එන්නෙ නැත්තෙ. එන උන් ටිකත් එන්නෙ අපි ඉන්න හින්ද. උඹලට හෙන ජෙලස් ඇති උන් උඹලව ගනන් ගන්නෙ නැතුව අපි එක්ක ඉන්න හින්ද. උඹලට වඩා හොදට අපි එයාලව බලා ගන්නව. එයාල කැමති අපිට. උඹල තමා අපිට අපේ වැඩේ කරගෙන ලල් එකේ ඉන්න දෙන්නෙ නැත්තෙ.

      Delete
  14. අයියෝ හැමිනෙනවා...

    පට්ට සන්තෝසයි බන් ...

    යහපාලනේ නරකම් නැහැ වගේ..
    තව හොඳ හොඳ සෙල්ලම් දකින්න ලැස්ති වෙලාම ඉන්න වෙයි වගේ...
    --
    වෙන මොනා කියන්නද???
    අපේ චූන් අපිටම චූන් කිව්වලු...

    ReplyDelete
    Replies
    1. මට නම් මල් ගහන්න ඕන නෑ මේ තියෙන ආතල් වලට....

      Delete
  15. අලුතෙං ගානක් අතට ගන්න පුළුවං රස්සාවකට පණගහල එන්නෙ ඩිශුම් ඩිශුම් රස්සාව තමා.. ලොකු අවුලකුත් පේන්න නැති එකේ,වේලෙන කොල්ලොත් ඇති පදං ඉන්න එකේ බැස්සනම් මැරෙන්න කලින් ගානක් ලයින් කරගන්න ඇහැකි වගේ.. රැප් එකකුත් කියන්න බැරියැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජේ ආර් පටන් ගත්ත එක නේ... බෑනා ඒකට වටිනාකමක් දෙනවා මයෙ හිතේ....

      Delete
  16. වාහනය පැද වූයේ ඇමතිවරයා ම බව අනතුරින් පසු වාහනය හඹා ගිය තරුණයාගේ ප්‍රකාශයෙන් තහවුරු වේ. ඔහු එම ප්‍රකාශය සිදුකරන විස්වසනීය හා ඒත්තුගන්වනසුළු හඬින් ම එය පැහැදිළි ය. ඇරත් එවැනි සාමාන්‍ය තරුණයෙකුට නිකරුණේ රජයේ ඇමතිවරයෙකු රිය අනතුරකට පැටලීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත. තම වාහනයේ හැපුණු තරුණයින් දෙදෙනා බිම අද වැටෙන අයුරු දැක දැක ඔවුන් රෝහලටවත් ගෙනයාමට තරම් සදාචාරයක් හෝ විනයක් චම්පික ඇමතිවරයාට තිබුණේ නැත්තේ ඇයි? මේ අතර, මෝටර් සයිකල්වල එන්ජින් ධාරිතා ගැටළු හා කල්ලි කණ්ඩායම් පිළිබඳ කරුණු උලුප්පා දක්වමින් තම වරද සඟවාලීමට ඇමතිවරයා දරණ උත්සාහය පිළිකුල්සහගත ය. වැඩි එන්ජින් ධාරිතා සහිත යතුරුපැදි අනතුරට ලක් කිරීමේ අයිතිය ඇමතිවරුන්ට ලබා දී තිබේ ද?

    ReplyDelete
    Replies
    1. චම්පිකයා බඩුවක් ගහන්න යන ගමන්. චූන් එකේ වැඩිකමට හයිස්පීඩ් ගිහින්. බඩු ගහන එක එලිවෙනවට බයේ තමයි ඩ්‍රයිවර් නැතුව ගියේ. මූ බඩු කිං කෙනෙක්.

      Delete
    2. ඒ කතා කරන්නේ නම් රජගෙදර රිලවද කොහෙද..?

      ඌම කියනවා නේ නෙලන්න ගියාම එයා චම්පික කිව්වමයි දැක්කේ කියලා... අද මොකාද මෙයා ඇක්සිඩන්ට් එකක් උනාම එතනෙ ඉන්න එකා... එක්කෝ කෙලින්ම පොලීසියට අල්ලනවා.. නැත්නම් පස්සෙ ලෝයර් කෙනෙක් එක්ක එනවා.. බස් කාරයෝ ලොරි කාරයෝ නම් පැනලා දුවනවා..

      ළඟදි දැක්කනේ අර හැටන් වල බඩ දරු අම්මා කෙනෙක් යන උන වෙලාවේ ඩැයිවර්ට ආදරෙය්න් සලකපු විදිය...

      Delete
    3. ඈ මාතේ.. තාමත් රජගෙදර රිලව් ඉන්නවද? එහෙනම් ඒ කිව්වේ ගොන්ජට වෙන්ටැ. හික්z

      Delete
    4. අපි රිලවා කිව්වට රනිල් කියන්නේ නම් හනුමා කියලා

      Delete
    5. දැන් දැන් "රජ ගෙදර රිලවා" පෝස්ට් එකට රන්ජා මෙන්ම කිරිපල්ල, ඇස්බී උරුළෑවා ද ඇතුළු බොහෝ දෙනෙක් තරඟ කරනු පෙනේ. එදා වීරවංස + ගො. බණවර්ධන + කුඹුක්වැල්ල කුසංයෝගය පරදවන සුලුය.

      රනිල් වීරවංසට "හනුමා" කීවේ රට ගිනි තියන අර්ථයෙන් විය හැක. නමුත් හනුමා ඉන්දියාවෙන් ඇවිත් රට ගිනි තියූ අතර විකටවංස ඉන්දියාවට එරෙහිව රට ගිනි තැබීමද උත්ප්‍රාසජනකය.

      Delete
  17. උඩ හරියේ කථිකාචාර්‍යවරයා ෆෝම් වෙලා දහඅට වන්නම නටනවා....... අපිට කතා කරන්නත් ලැජ්ජයි...... කමක් නැහැ මාතා වැරැද්ද වැරැද්ද කීම තමා අපක්ෂපාතීත්වය කියන්නේ... උඹට අපේ ප්‍රමාණය ද මොකක්ද එක......

    ReplyDelete
    Replies
    1. එයාලා කොහොමත් වෙදකං කොරනවට වඩා නෑමට දස්සයිනේ...

      Delete
  18. හරි කෙනාට හරි තැන හම්බ වෙනවා නම් ගොඩක් අඩුයි

    ReplyDelete
    Replies
    1. විස්ස විජ්ජාල මාෆියාව ගැන කතා කරන්න ගියොත් රෙදි නැතිව යනවා එයාලගෙ...

      Delete
  19. යහපාලනයට පිංසිදුවන්නට ඉක්මනින්ම ලංකාවට පැමිණි පාතාල නායකයන් යලිත් සිය ඝාතන භුමිය හසුරුවමින් සිටින අතර පසුගිය මහා මැතිවරණය සමයේ දෙමටගොඩ චමින්දගේ පාර්ශ්වය විසින් එක්සත් ජාතික පක්ෂ මහා බැංකු හොරා වන රවි කරුණානායකගේ පාගමනක් සඳහා සහභාගි වී සිටි බ්ලුමැන්ඩල් සංඛට වෙඩි තැබිමට උත්සාහ කළ අතර එහිදිද පාතාලයන් කිහිප දෙනෙකුම තුවාල ලැබුවා.

    ReplyDelete
    Replies
    1. රවීලා ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන පාතාල උන් එක්ක ඩෙඟා නටන එක ගැන...

      Delete
  20. මාතලන් කියන කෙනා ඉස්සර දාපු බොහොමයක් ලිපි හරිම තර්කානු කුලයි ,පැහැදිලි ,එත් දැන්නම් මාතලන් රෙදි නැතුව නපුන්සකයට කඩේ යන්නේ ,එක බොරුවක්නම් මුල ඉඳල ලිපි ටික කියවලම බලන්න ,හැබැයි එකේ වැරද්දක් නැ මොකද මතලනුත් ලංකාවේ දෙමාපියන්ට ජාතක වෙච්ච් කෙනෙක් නේ ,එහෙම කෙනෙක් අම්මට සිරි ලංකාවේ එකෙක් වගේම වෙන්නත් ඔනෙ නේ ,එහෙම උනේ නැත්නම් නේ අවුල ,උම්බගේත් දැන් ලියන ඒවගේ ලොකු වෙනසක් නැ මාතලන් ,පැත්තක් නොගෙන ඕනෑම දෙයක් ලියුවානම් තම ලස්සන මාතලන් ,මෙච්චර කල් උඹ එහෙම කලා ඒවා හරිම ලස්සනයි ,එත් දැන්නම් උඹෙත් ගොන් කම් ටික විතරයි එලියට එන්නේ මේ ලිපි වලින් (මහින්දට උන දේම තමයි මාතලන් උඹටත් දැන් වෙලා තියෙන්නේ )සිංහලෙන් කියනවනම් මුල අමතක වීමේ රෝගය

    ReplyDelete
    Replies
    1. මහින්ද ගැන ලියන කොට මද්දියස්තයි.. ලස්සනයි... හොඥයි... මාතල්න් චෝයි... වෙන අය ගැන ලියන කොට මාචලන් නපුංසක.... නපුංසක එකා මොකාද කියලා කියවන එකා තීරණය කරයි....

      Delete
  21. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  22. චම්පික රණවක යූඇපියට හේත්තු වෙච්ච නිසා හොඳයි. නැත්නම් උඹලා ඔය සිද්ධිය මතක් කර කර අවුරුද්දක් තිස්සේම ඌට බනියි.

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන්නේ එහෙම පැත්ත අරන් ලියන එකෙක් නෙම්යි කියලා මේක කියවන උන් දන්නවා... ඒකයි බයියෝ උනත් බැන බැන මේක කියවන්න එන්නේ...

      Delete
  23. ඔය පොල්ගැසීමේ ප්‍රතිඵල. ඉස්සරහට තව දේවල් වෙයි.

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දට තවත් ප්‍රතිඵල පෙනෙයි....

      Delete
  24. ඇමති මන්ත්‍රී නිල නිවාස වල ජල බිල්පත් පියවීමට සිදුවන්නේ මහජන මුදලින් නිසාත්, රජය අයවැය අර්බුදයක සිටින නිසාත් ඇමතිවරුන් පොදු ලිං වලින් නාන එක ආර්ථිකයට හොඳය. හොඳට නාගන්න එකේ අවුලක් නැතත් පොඩි අවුලක් තියෙන්නේ නාන්නේ නාන කාමරය ඇතුළේ දොර වසාගෙන නොවන බව අමතක වූ විටය.

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ හොරා කාපුවා රාජසන්තක කරලා හොරු ටික එලියට දාන්න කියලා.... එහෙම නැතුව නම් ගොඩ එන්න සෑහෙන කාලයක් යයි...

      Delete
  25. සරසා සහ ඇනෝගේ රිසර්ච් වාදය ගැන යමක් ලියන්නට හිතුනු නිසා මේ ටික ලියන්නේ.. අපේ ලංකාවේ රිසර්ච් කියල කෙරෙන දේවල් වලින් ගන්නා දත්ත වල නිරවද්‍ය භාවය ගැන නම් කියන්නට වචන නැත. ග්‍රාන්ට් මනී වලින් පුද්ගලික ආතල් ගන්නා උදවියද ඇති තරම් දැක ඇත්තෙමි. රිසර්ච් කරනවා යයි කියමින් පවුල් පිටින් රට සවාරි ගසනා ලොක්කන්ද ඇතිවෙන්නට දැක ඇත්තෙමි. රිසර්ච් කරනා ලොක්කන් පිටරට යාමට කොයිතරම් ආසද කියනවානම් ටෙක්නීශියන්ලාට හෝ ලැබ් අටෙන්ඩන්ට්ලා වෙනුවෙන් පවත්වනා වර්ක් ෂොප් එකකට වුවද ලැජ්ජා නොමැතිවම සහභාගී වීම ඔවුන්ගේ සිරිතයි. ඒ හින්දා ලංකාවේ රිසර්ච් යනු බහුතරයක් සුදු අලියන් වේ. ලෝක වාසී ජනතාවට යහපතක් කිරීමේ අරමුණෙන් රිසර්ච් කරනා උදවියනම් ලංකාවේ සෙවීම කළුනික සෙවීමට වඩා සෑහෙන්න අමාරුය. ලංකාවේ රිසර්ච් කරනා බහ්තරයක් රිසර්ච් කරන්නේ තමුන්ගේ පැවැත්ම වෙනුවෙනි. සියල්ල අවසානයේ පරීක්ෂනාගාරයේ මිදුල අතුගාන මනුස්සයාගේද නම රිසර්ච් පේපර් එකේ ලියා දමා කොහේ හෝ රිසර්ච් පේපර් හිඟ කමින් වේලෙන ජර්නලයකට තමුන්ගේ රිසර්ච් පේපරය අමුණා නැවතත් අලුතෙන් රිසර්ච් එකක් ලබාගැනීමට දැල් එලීම බහුතරයකගේ පිළිවෙතයි. බහුතරය එසේ වුවත් දවසේ පැය විසිහතරම පරියෙෂනාගාරයේ රැදී සිට ජීවිතයම රිසර්ච් එක වෙනුවෙන් දියකර හරිනා වූ අවංක Scientistලාද ලංකාවේ නැත්තෙ නොවේ. එහෙත් එවන් අවන්කයින් හට ලංකාවේ විශ්වවිද්‍යාල තුල කැපිලි කෙටිලි කකුලෙන් ඇදිලි නම් අඩුවක් නොමැති නිසා අවංකව රිසර්ච් කරන්නන් හට ලංකාවේ විශ්වවිද්‍යාල ඇතුලත පැවැත්මක් නොමැත.

    ReplyDelete
    Replies
    1. ඔය නුවර පැත්තේ ලස්සන තැනක තියෙනවා ලංකාවේ මේ පිළිබඳව තියෙන ප්‍රසිද්ධ තැනක්... ඔතන ඉන්නවා මාතලන්ගේ නෑයෙක් වෙන එකක්... ඌ කියන ඒවා ඇහුවාම පොළොව පලාගෙන යන්න හිතෙනවා ලංකාවේ උගතුන් ගැන හිතලා...

      Delete
    2. සාරසයත් නුවර පැත්තේ තැනක හිටියා ටික කාලයක්.. එහෙ හැමෝටම බැන බැන ඉඳලා.. පෙස්සන් ගහලා පුළුවන් තරම් අලුගුත්තේරු වැඩ කරලා... ඔය බ්ලොග් එකේ වුනා වගේම චොර වෙලා විසිවෙලා ගියා කියලයි ආරංචිය.. දැන් අර ඉයන් ද කොහේදෝ උඩින් කිව්වා වගේ සෙන්ට්‍රල් එකේ දත් පොල් කඩනවලු.. අනේ අනිච්චන් සාරස නොහොත් KK යන යන තැන නානවා....

      Delete
    3. මම තමයි සාරස සමග වාදයට පැටලුනු ඇනෝ.

      //ලෝක වාසී ජනතාවට යහපතක් කිරීමේ අරමුණෙන් රිසර්ච් කරනා උදවියනම් ලංකාවේ සෙවීම කළුනික සෙවීමට වඩා සෑහෙන්න අමාරුය. බහුතරය එසේ වුවත් දවසේ පැය විසිහතරම පරියෙෂනාගාරයේ රැදී සිට ජීවිතයම රිසර්ච් එක වෙනුවෙන් දියකර හරිනා වූ අවංක Scientistලාද ලංකාවේ නැත්තෙ නොවේ.//

      ඔවු ඔබ කියන දේ ගොඩක් වෙලාවට (99%) ඇත්ත. මම දන්නා තරමින් ජයත්යන්තර මට්ටමේ පර්යේෂකයන් ලංකාවේ සිටින්නේ කිහිප දෙනෙකි. මම ඔවුන්ගේ ශිෂයෙකු නොවුනද මට විදේශ වල යම් සම්මන්ත්‍රණ/සමුළු වලදී ඔවුන් හමුවී ඇත. මගේ ක්ෂේස්ත්රයේ දී නම්,

      යාපනය විශ්විද්‍යාලයෙන් ආ, සූර්ය ශක්ති පරිණාමනය ගැන ආචාරය වරයෙක්,
      පේරාදෙණිය විශ්විද්‍යාලයෙන් ආ, උත්ප්‍රේරක, සූර්ය ශක්ති පරිණාමනය, සන්නයනික බහු අවයව, නැනෝ තාක්ෂණයේ වෛද්‍ය යෙදීම් ගැන ඉතා ඉහල ජ්‍යෙෂ්ට මහාචාර්ය වරයෙක්,
      වයඹ විශ්විද්‍යාලයෙන් ආ සූර්ය ශක්ති පරිණාමනය පිලිබඳ ජ්‍යෙෂ්ට මහාචාර්ය වරයෙක්,
      පේරාදෙණිය විශ්විද්‍යාලයෙන් ආ, විද්‍යුත් ශක්ති ගබඩා කිරීම ගැන ආචාරය වරයෙක් ,
      පේරාදෙණිය විශ්විද්‍යාලයෙන් ආ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා නැනෝ සහ ක්ෂුද්‍ර විදුලි පද්දති (NEMS/MEMS) ගැන මහාචාර්ය වරයෙක්
      හැරෙන්නට එවැනි කැපවීමෙන් වැඩ කරනා සැබෑ පර්යේෂකයන් ලංකාවේ ඉතාමත්ම අඩුය. වැටුපෙන් 107% පමණ පර්යේෂණ දීමනාවන් ලබනා ශ්රිලන්කික විශ්විද්‍යාල ආචාරය වරුන් සැබවින්ම පර්යේෂණ කරන්නේදැයි සොයා බැලීම වටී.

      මේ සත්‍ය පිළිගෙන ඒ මත හිද සාකච්චා කිරීම වෙනුවට කට මැත
      දොඩවමින් නොමග යවමින් පර්ශනය මගහැරීමට සාරස ක්‍රියා කිරීමෙන් ඇතිවූ වාදය නිසා ඔහු විසින්ම හෙළි කල ඔහුගේ පර්යේෂණ කියවා ඔහු ඒවාට දුන් දායකත්වය හෙළි කර ඔහුගේ නොමග යවන සුළු ප්‍රකාශයට පහරදී අඩ පණ කිරීමට සිදු වුනි. සරස පර්යේෂකයෙකු ලෙස සුදුසු වේදිකාවක ඔහු යන්තමින් හෝ දායක වූ පර්යේෂණ සාකච්චා කරන්නට එන්නේ නම් ඒවාට අචාරධර්මී නොවන දැඩි විවේචන වෙනුවට, ප්‍රශංසනීය අගය කිරීම් නොමසුරුව එක් කිරීමටද මම මැලි නොවෙමි. සිංහල බලොග් අවකාශයේ පාඨකයන්ට තමාගේ පර්යේෂණ ඉදිර්රිපත් කිරීමේ සාර්ථකම පුද්ගලයෙකු ලෙස මම දකින්නේ වෛද්‍ය රුවන් එම්. ජයතුංග යි.

      රෙසේර්ච් කිරීමෙන් තම ප්‍රෝෆයිලය ඉහල නංවා ගැනීම ගැන මමද කරමි. නමුත් ඒ මට අරමුදල් ලබාදෙන්නාවූ කර්තව්‍ය හරියාකාරව කරදී එම ප්‍රතිපල පේටන්ට් ගැනීම සහ ජර්නල වල පබ්ලිෂ් කිරීමෙන්ය. එය මගේ රැකියාවයි.

      ඇත්ත වශයෙන්ම මා දන්නා තරමින් ලංකාවේ සරසවිවලට ආචාර්ය වරුන් බදවගනීමෙදී සොයන්නේ ප්‍රථමපෙළ උපාධිය මිස පර්යේෂණ නොවේ. විදේශ ආචාරය උපාධි ලබා එන දක්ෂ පර්යේෂකයන් නැවත විදෙශ වලටම එලවා ගැනීමෙන්ම කම්මැලියන් තම කම්මැලි කම රැකගනී.

      ලාකික විශ්විද්‍යාල ආචාරය වරුන් පර්යේෂණ සදහා යොමු කිරීමට නම් 107% පමණ වන වුන්ගේ පර්යේෂණ දීමනාව වසරකදී ලබා ගන්නා impact point ගණනට සමානුපාතික කල යුතුය. එමෙන්ම වැඩි impact points ලබාගන්නා පර්යේෂකයන්ට පර්යේෂණ අරමුදල් දීමට පුද්ගලික අංශයට බදු සහන දීම ආදියෙන්ද රජයට පර්යේෂණ දිරිගැන්විය හැක.

      මාතලන් බ්ලොග් අඩවියෙන් ලංකවේ පර්යේෂණ කෙශ්ස්ත්‍රය ගැන වෙනම විශේෂ සාකච්චා කරන්නේ නම් පර්යේෂකයන් වශයෙන් ඊට අපේද අදහස් නිර්ලෝභීව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

      PS: ඉහත ඔබ කී වාදය ගැන.
      සාරස ශිෂයෙකු වුවා නම් මම කිසිවිටෙක ඔහු එලෙස විවේචනය නොකරමි. නමුත් වැඩිහිටියෙකු වන සාරස තම පර්යේෂණ ඇස්බැන්දුම් ලෙස යොදාගැනීම ඉතා නරක ක්‍රියාවකි. සාරසට ඔහු යන්තමින් සම්බන්ධ වුන පර්යේෂණ යොදා ගනිමින් අපේ පර්යේෂකයන්ට අරමුදල් දෙන සාමාන්‍ය ජනතාවට වැරදි අදහසක් ගෙනයාමට ඉඩ දිය නොහැක.

      Delete
  26. Kiriella scene is obvious... but it is not a big deal to talk so loud, those things happens all the time.
    (if you go to 'isurupaya' on a wednesday you see many teachers and education professionals holding minister's letters regarding many things.
    But i'm still wondering is it really Champika? I don't personally believe so... but there is something.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න