.

.

Apr 30, 2016

වරාය, බඩු, හයිකු හා හබරල - Micro Poetry


 
මාතලන් බ්ලොග් ළෝකේ වගේම බුකියෙත් ඉඳහිට සැරිසරනවා. මොහොතක සුව දෙන සුන්දර ළෝකයක් උනත් ඒකෙත් අමුතු කලාවක් තියෙනවා. හිතට එන ඒවා බොහොම කෙටියෙන් ලිව්වාම ලැබෙන ප්‍රතිචාර බොහොම ඉහලයි. ඇත්තටම මම මේක පුරුදු උනේ සේපාල් අමරසිංහ ගෙන්. ඒවා බොහෝම කෙටි සටහන් උනාට, මහා ළොකු කතාවක් ඒවා ඇතුලේ තියෙනවා.ඇ ත්තටම මට නම් ඒවා සටහන් නෙමෙයි. අපූරූ කෙටි කවි. ඒ වගේම ඌ සෙලෙක්ට් කරන පින්තූරේ අපූරුවට ඒ කයියට ගැලපෙනවා. (ඔය සේපාලයයි, අතුල අධිකාරියි, මාතලනුයි, රජ්ජුරුවන්ගේ ඉස්කෝළේ 6 පන්තියේ එකට හිටපු උන්. සේපාල්ට මම මේක කිව්වේ අදයි.)

ඔය අතරේ තමයි කුරුටු සින්ඩියේ හයිකු කයි ගැන ළොකු කතාවක් ගියේ. ඔතන කොමෙන්ට් එකක් දාන "ඉයන්" කියනවා, ඕන්න ඔහේ ඕනම විදියකා ලියලා අපි ඒවට "හබරල කවි" කියලා දාමු කියලා. ඇත්තටම මම කැමති නෑ කිසිම දේක වහලෙක් වෙලා ඉන්න. කොටින්ම සම්මතයේ ඉන්න. කියවන එකා රසයක් විඳිනවා නම්, ඒක මොන විදියට ලිව්වාම මොකද වෙන්නේ.

මේ ළෝකෙම මයික්‍රෝ වේගන යන කාළේ කවියෙත් සංදේශ හරි මහා කවි හරි ලියලා වැඩක් නෑ. හැම දේම කෙටි වෙන්න ඕන. ඉති එහෙම ලියපු කෙටිම කෙටි කවි ටිකක් තමයි මේ. හයිකු දෙක තුනකුත් ඇති. එහෙනම් ලංකාවේ ප්‍රථම වරට ඉදිරිපත් කරන "හබරල කවි" තමයි මේ. මම හිතන්නේ ඔහේලත් "හබරල කවි" ඉදිරියට ගෙන යාවී කියලා.

මනමාලිගේ පතිවත
**************
අළුත ගෙනා මනමාලි.
විමසයි,
කැඩුනේ කෙසේදෝ,
අතේ මසනා විට
නූල..?
-
-
බලාගෙන හිතවත,
සොයන්නේ පතිවත.!

අවුරුද්දට වැඩ ඇල්ලීම
*****************

එක දිගට බොනවැයි කියලා...
 ඊයේ සෑ.. 
හාමිනා ඇද්දේ නැතෙයි කොක්කක්..
-
-
-
දුන්නා සිද්ධාලේප අසමෝධගන්
-
-
-
නෑ බං....
දුන්නා ගගහා හිටපු එකෙන්ම කට කපලා ෂොට් එකක්
-
-
-
කච කච කොහේ ගියාද දන්නෑ....
-
-
-
නෑ බං...
භාගයකට ඉතර හාමිනා වග කිව්වා කියමුකො හිටං..
 

 වරායේ බඩු ගාල් කිරීම 
*****************

නැව් ගාල් කොරන්නේ වරායේය
බඩු ගාල් කොරන්නේ ගබඩාවේය
-
-
ඒත් වත්මනෙහි
-
-
අපට ඇත්තේ බඩු ගාල් කරන වරායකි.


 

පොඩි සාගරගේ හයිකුව
******************

මැඩලන්න හිතුවා විතරයි බං පාතලේ
උන්ම වෙඩි තියාගෙන මැරෙයි ගෙයි මැද සාලේ
ආයෙත් ඒයි වගේ නේ ඒ කාළේ
 
කේන්දර හයිකුව
************
කේන්දර ඉරා විසි කල එකෙක්
අවුරුදු නැකතට ළිප ගිනි මෙලවා වැඩ ඇල්ලිමට
සිටී අත දරා නැකත් සීට්ටුව


 

නඩු බලවන අලි හොරු
****************

එකෝමත් එක රටක, එකෝමත් එක කාළෙක
-
-
බොරු කියපු ක්‍රයිම් ඕ අයි සී කෙනෙක් බන්ධනාගාරගත කරනවා,
-
-
හොර අලියෙක් හුරතලේට හදපු නඩුකාරයෙක්.


 ජනාධිපතිට 'අලුත් පරපුර'ට වඩා කමල් ඉන්දික වැදගත් වන්නේ ඇයි ?
ආසන සංවිධා යකා
**************

 මහරජ...!
මේ ගූ ගොඩ හැර
-
-
වෙනත් ගූ ගොඩවල්
-
-
ඇත්තේම නැද්ද..?

-x-

75 comments:

  1. බලන්නකෝ අර ආසන සන්විධාන යකා ට පත්වීම දෙනකොට අපේ අති ගරු ගෙ මූනෙ තියෙනා මොකද්ද එක....

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා ගේ හබරල කයිය:

      හැක හැක
      බක බක
      මම එක!

      Delete
    2. සෙවල බන්ඩගෙයි, බින්දුමතීගයි, චෞර රැජිනගෙයි, මරාගෙයි සහ දැන් රඟදැක්වෙන හිටංගෙයි වැඩ දැක්කම හොඳටම පෙනී යන දෙයක් තමයි ශ්‍රිලනිප කියන්නේ පුක පිහදගැනීමටවත් නොගත යුතු ජරාවක් කියලා. මේ රටට හැමදාම හෙණයක් වුණේ ඔය ශ්‍රිලනිපය.

      Delete
    3. // ශ්‍රිලනිප කියන්නේ පුක පිහදගැනීමටවත් නොගත යුතු ජරාවක් කියලා //

      එම පිහදැමීමේ සද් ක්‍රියාවට එජාප හෝ ජවිපෙ යොදා ගත යුතු බව ස ර ස තුමා යෝජනා කර සිටී!

      Delete
    4. බණ්ඩා අපිට ඉංග්‍රීසිය නැති කළා.
      බින්දුමතී අපිට කන්න නැති කළා.
      චෞර රැජින අපේ සංවර්ධනය නැති කළා.
      මරා අපේ නිදහස නැති කළා.

      හිටං ගැන දැන්ම නිගමනයකට එළඹෙන්න බෑ.

      Delete
    5. ඔහේට හාබර් එකේ කයිය තේරිලා නෑ වාගේ...

      Delete
    6. Whos bidumathi? Chandrika is good woman. Mahinda is bad. He destroy our country. Yes bandaranayaka destroy english education. Now bad resul coming.

      Delete
    7. // ඔහේට හාබර් එකේ කයිය තේරිලා නෑ වාගේ... //

      අස්සගන්ද අරිස්ටේ චුට්ටක් බිවුවානම් තේරෙයි...

      Delete
    8. රට බල්ල ට ගියා.
      බල්ලා රට ගියා.

      Delete
    9. @ Anonymous May 1, 2016 at 1:45 AM >>>

      Sirimavo Banadaranaike was known as "Bindumathi" because she added a zero to the value of her own lands, in order to increase their value and thereby hoping to get a higher compensation, when all private lands above 50 acres were taken over by her Government in 1975.

      Delete
  2. ඉඳලා හිටලා බුදුසරණ ඔන්ලයින් එකටත් ගොඩවලා හිටං

    ReplyDelete
    Replies
    1. බුදු සරණ ඉස්සරහ ගහලා හරක් අඳින රට නේ හිටං

      Delete
    2. බුදු සරණ වෙනුවට "නව සරණ" ගිය උදවිය හිටියා 1980 දශකයේ. මාතලන් ඒ ගැන දන්නවා ඇති.

      Delete
  3. කොහොමද බ0.
    පද බඳින්නෙ
    හබරල කයි.....බල්ලොත් බත් නොකයි
    දැක්කොත් මේ කයි...

    ReplyDelete
  4. යකෝ මදෑ හයිකු හොයන්න ගියා. හයිකුත් තරමක් හරි හොයාගත්තා.... කොහොම හරි අන්තිමට අපේ ම කියලා හබරල කවියක් හරි අපිට හම්බුණානේ....... ඉයන්ගේ වචනෙත් පට්ට නේද??????

    මොනවා වුණත් මාතා උඹේ කවි ටිකනං පංකාදුයි. හයිකුත් ලියැවිලා තියෙනවා අගේට......

    හැමකෙනෙකුට ම තමන්ගේ කැමැත්ත මත කැමති විදිහකට කවි ලිවීමේ අයිතියක් තියෙනවා. ඒක කාටවත් වලක්වන්න බැහැ. නිදහස් ආරක් හොයන අයට තාලය, එළිසමය, මාත්‍රා ගණන වගේ දේවල් වලට හිර නොවී නිදහස් ආරක් ඔස්සේ ලියන්නටත් හැකියි. එය කාව්‍යකරණයට ප්‍රෙව්ශ වීමේ දී පහසුවක් වුණාට පරිණත කවියෙක් වුණත් බොහෝ විට මේ ක්‍රමයට කැමතියි. ඒ තරමට ඒ නිදහස නිර්මාණකරණයට හරිම හිතකරයි.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මාතා. අපි යම් ක්ෂේත්‍රයකට ප්‍රියකරද්දි අපිට ඒ ගැන අධ්‍යයනය කරන්න ආස හිතෙනවා. ඒ වගේමයි අපි ප්‍රිය කරන අංශය ගැන අධ්‍යයනය කිරීම තුළින් අපිට ඒ ක්ෂේත්‍රය ගැන තියෙන දැනුම විශාල වශයෙන් පුලුල් වෙනවා. අපි නිර්මාණකරණයේ අලුත් පැතිමානයන් දකිනවා. ඒ වගේ ම නිර්මාණශීලීත්වය කියන දේ වැඩි කරගන්නත් ඒක වැදගත්. නැත්තං සමහර විට අපි ලොකු කාලයක් දාලා මහා මහන්සියක් වෙලා පරණ වෙච්චි දෙයක් පස්සේ දුවනවා වෙන්නට පුළුවනි. ඉතින් අලුතෙන් දෙයක් දකින්න නම් අපි තියෙන දේවල් දැකලා තිබිය යුතුයි. හැබැයි අපි දෙයක් ගැන හොයලා ඒවා කොපි කරනවානං හෝ ඒ ඒ ආකෘති වලට හිරවෙලා නිර්මාණ කරනවානං ඒක ඔබ කියනවා වගේ පැහැදිලිව ම වැරදි දෙයක්. ඒක නිදහස් නිර්මාණකරුවෙක් හදන්නේ නැහැ.

    ඒ නිසා හයිකු ගැන හෙවීමේ අපේ අරමුණ පැහැදිලියි කියලා මං හිතනවා. ඒ වගේ ම හයිකු හෙවීම අස්සෙන් අපිට හම්බුණ හබරල කවි වල අපූර්වත්වයත් දිගට ම දකින්නට හැකිවේවි කියලත් හිතනවා.....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මෑත කාළයේ බොග් අවකාසේ ඉතාම වැදගත් කතිකාවක් ගෙනිච්ච ඒ පෝස්ට් එකට මේන් මගෙන් මල් මිටක්...

      Delete
  5. එතකොට හබරල කවි සම නිර්මාතෘවරු ඉයන් සහ මාතලන්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තනිකර ඉයන්ගේ අදහසක්... මම තමයි පළවෙනි හබරල කවි ලියපු එකා... ඒකත් බුකියේ...

      Delete
  6. හයිකු බැරිනං හුයි කො වුනත් කමක් නෑ, කියන්ඩ ඕනේ දේ කියවෙනවා නම්.

    මල් හතයි ඈ.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා උඹ සම්ප්‍රදායට ගරු කලාට මේවටත් පට්ට මනාපයි කියලා... ඒකනේ කොකු දාගෙන හරි උඹ කොල්ලො කෙල්ලොත් එක්ක ඉන්නේ...

      Delete
  7. කේන්දර හයිකුව ට

    කේන්දර ඉරා විසි කරන වුන්
    ලිත් නොලබ ලිප දල්වන වුන්
    සෙත් ලබා ගැනුමට
    සෙත් කවි කියයි
    බෝ සේ...

    ReplyDelete
  8. Replies
    1. වම් ඇටේ
      පැටලුනා වැටේ

      Delete
  9. කේන්දර හයිකුව පට්ට ගති.

    අර සංවිධායකයා පත්කරලා හොඳ පනිවිඩයක්නේ දෙන්නේ ඕන්නම් ආපහු ගහනවා කියලා. දෙන එකා දෙන්නම උපන්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ඒක බොහෝම ධනවාදි විදියට දැක්ලා තිබුනා ලංකා නිව්ස් වෙබ් එකේ...

      Delete
  10. ගල්මල් අඩවියෙ ඩීන් අයියත් හබරල කවි වලින් බොහෝ පෙලහර පානවා...

    ReplyDelete
    Replies
    1. ගල්මල් මම ඒ කාළේ ඉඳලම කියවනවා...

      Delete
  11. අර කිව්වත් වගේ පින්තුර ටික නම් අපුරුවට තෝරලා තියනවා, වචන දාහකින් කියන දේ පින්තුරේට පුළුවන් ලේසියෙන් කියන්න, හැබැයි තේරෙන අයට විතරයි .....:)ලියන්නා ලියයි , කියන්නා කියයි, බලන්නා බලයි , ගයන්නා ගයයි , නටන්නා නටයි, අඳින්නා අඳියි ,මේ හැමොටම වඩා රසයක් විඳින්නා විඳියි .....

    ReplyDelete
    Replies
    1. ළෝකෙම මයික්‍රෝ චිප් එකකට ඇවිත් තියෙන කාළේ, කවියත් මයික්‍රෝ උනා නම් හොඳයි නේද...?

      Delete
  12. හයිකු හබරල වේවා මක්ක
    කියන්නේ එකම කතාවයිනෙ සත්ත
    කැරකෙමින් ගෙවෙනබව නේ දවස
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දවස ජය වේවා...!
      ඔබට සෙත් වේවා...!

      Delete
  13. කතා වක් මතක් වුනා, හැබැයි කට්ටියගේ නම් නම් මතක නැහැ. ප්‍රසිද්ද කිවිදියක් කවියෙකුට ප්‍රසිද්ධියේ චැලේන්ජ් එකක් දුන්නලු 'නේ' යන්න අගට දාල අකුරු දෙකේ වචන වලින් කවියක් කියන්න කියල. කවියත් හැරෙන අට්ට කිව්වලු

    අනේ
    පනේ
    තනේ
    වැනේ

    හුකෑස්

    ReplyDelete
    Replies
    1. "පිපි පිපී, පිපි පිපී රේණු සලන වනේ මලක හැප්පිලා...." කියන එකට කොල්ලෝ හදලා තියෙනවා..."සිසි සිසී, සිසි සිසි මගේ ඇටේ කම්බි වැටේ පැටලිලා..." කියලා..

      Delete
    2. "ගෙනෙං ගෙනෙං ඩෙටෝල් ටිකක් පුළුන් රොදක තවරලා..."

      ".... කාගේත් කාගේත් ඇට පැටලෙනවා....." කියලා ඔය සින්දුව දිගටම ගායනා කෙරුණා.

      Delete
    3. OKA Attha Patthatare B.A. siriwardanata sambandai

      Delete
  14. A diferent post. Why this? I dont agree the last part show Mithri. Dont laugf and blame to Mithri. Theefs are mahinda people. His party electional division organisers not bad. They save our country.

    ReplyDelete
    Replies
    1. They save the Country.
      then robbed it and,
      save them in other countries.

      Delete
  15. ෂා! ලොක්කා ෂා.!. මාර ලස්සන කවි ටිකක් නේ...

    ReplyDelete
    Replies
    1. බෑ කිව්වට. ඕන එකෙකුට ලියන්න පුළුවන් බං....

      Delete
  16. හයිකු හබරල අඹරලාම දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අඹරලා... දෙකට නැමිලා...

      Delete
  17. අපි කෙළවාගෙන ඉන්නේ දුක ශෝකය මයි දෙන්නේ
    අයියෝ සල්ලී මාගේ අයියෝ සල්ලී
    එක වේලයි බත් කන්නේ බිම පැදුරේ නිදියන්නේ
    අයියෝ සල්ලී මාගේ අයියෝ සල්ලී

    ReplyDelete
  18. නුඹ ගිහින්
    සරස්වතියත්
    අරගෙනම

    ReplyDelete
    Replies
    1. සරස්වතියත් දැන් හැම තැනම
      එක එකාට ඕන විදියට භාවිතය

      Delete
  19. මනුවර්ණ එන්න
    මල් පිපිදැයි බලන්න
    අම්ම නොකල දේ
    මෛත්‍රියෙන් වුනා නේද

    ReplyDelete
    Replies
    1. මීටර් උනේ නෑ... අවංකවම

      Delete
    2. හපොයි , අර අලත් පරපුරේ ජගත් මනුවර්ණ කියන නළුවා මතකද , පහුගිය ජනාධිපතිවරනේදී කිව්වේ "ඇයි අම්මේ මම ඉපදුනු වෙලාවේ බෙල්ල මිරිකලා ගඟට විසිකලේ නැත්තේ" කියල. අර "මට ලම්බෝගිනියක් දීපල්ලා " කියලා කෑගහපු එකා .

      ඉතිං උන්ට කුඹුක්ගැටේ දී අම්බානට නෙලපු එකාට මෛත්‍රී අංකල් සංවිධායක කමක් දුන්නේ අන්න එකට ලිව්වේ ,
      හයියෝ සල්ලි

      Delete
    3. හැක.... හැක..... හැක....

      දැන් කොහොමද දන්නේ නෑ කෑ ගහන්නේ...

      Delete
  20. අළුත ගෙනා මනමාලි.
    විමසයි,
    කැඩුනේ කෙසේදෝ,
    අතේ මසනා විට
    නූල..?
    -
    -
    බලාගෙන හිතවත,
    සොයන්නේ පතිවත.

    මේක පට්ට!

    ReplyDelete
    Replies
    1. සීරාවටම පට්ට කවියක් එක.

      Delete
    2. ඕක මම බොහෝ කාළෙකට කලින් ලියපු එකක්... ආයෙත් මතකෙට ආවා..

      Delete
  21. අදත් දැම්ම නේද හබරල කවියක්.. ශිෂ්නයා.. හැක්..

    මාතා මෙහෙමයි.. සැලැස්මක්, ක්‍රමයක් ඇති නිසයි අපි රාමුවෙන් පිට පනිනවා කියන්නේ. එහෙම රාමු නැත්නං පිට පැනීමක් නැහැනේ.. ඕනම කෙනෙකුට අවශය විදියට කවි ලියන්න පුළුවන්. මොකෝ අපි ඕවාගේ ප්‍රවර්ග ගැන දන්නා එකක්ය. නමුත් හබරල කවි සියල්ලම හයිකු වෙන්න බැරි උනත් එකක් හරි ඒ රාමුවට පිට් වෙන හයිකුවක් වෙන්න පුළුවන්. නැද්ද මං අහන්නේ.. හැක්

    සේපාල් අමරසිංහගේ දුවෙක් බ්ලොග් ලියනවා නේද??

    පලි- උඹට අවුරුදු උස්සවේට යන්න පාට්නර් කෙනෙක් නැත්නං මට කෝල් එකක් දුන්න නං අහවරයි නේ. මං එනවා නේ සුරුස් ගාලා. හැක්

    ReplyDelete
    Replies
    1. //සේපාල් අමරසිංහගේ දුවෙක් බ්ලොග් ලියනවා නේද??//

      Sorry bro.. Wrong number

      Delete
    2. මක්කා උනාම මොකද බං රසයක් ලැබෙනවා නම්. අපේ උන් පෙට්ටි අස්සේ හිරවෙලා. එතනින් එහා ළෝකයක් නෑ.

      Delete
  22. මාතෙ, බොහොම ස්තූතියි. හයිකු ලිවීමට පේලි ගණන හෝ මාත්‍රා ගනන නියම වීමේදී බොහෝ දුරට ජපන් භාෂාවේ තිබෙන විෂේශිත ලක්ෂණ බලපාන්න ඇති. සිංහලෙන් හෝ වෙනත් භාශාවලින් හයිකු ලියන්න පුළුවන් බවත් ඇත්ත. ඒවුණාට සිංහල කවි වල අදට පවතින සම්මත වලින් පිට දෙයක් කරන්න කරන උත්සාහය අළුත්ම දෙයක් සම්මතයක් කරා ගෙනයාමට කරන උත්සාහයකට හරවා ගත හැකියි.

    කවිකරනය ගැණ දන්න කීප දෙනෙකු එකතුවී දැනට වෙනත් භෂාවක හෝ රටක යොදා නොගන්නා ආකෘතියක් නිර්මාණයක කර එය අපි අතර බෙදාගෙන අපි කවි ලිව්වොත් එය අපි සාහිත්‍යට කරන එකක් වේවි කියන එකයි අදහස. මාතේ, කුරුටු, බස්සි, ආදී ප්‍රවීණයක් කිහිප දෙනෙක් එකතුවෙලා අළුත් දෙයක් හදමු. අපි ඒක යොදාගනිමින් නිර්මාණය කිරීමෙන් එය සමාජගත කිරීමේ මුල් පියවර තියමු.

    හරි ගියොත් එහෙමයි. නැත්නම් ඉතින් අපි අපේ මනස පොඩ්ඩක් එහාට මෙහාට තල්ලු කරන්න අරපු උත්සාහයක් පමණක් වත් වෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කලොත් ඒකත් සම්මතයක් වෙනවා නේද ඉයන්... ඊට වඩා මම කැමතියි මෙහෙම කියන්න... කවි ගතියක් හෝ තියෙනවා නම්.. මාත්‍රා කීයක් තිබුනත් ඒක හබරල් කවියක් කියන්න.. අපේ අයට කවි ලියන්න බෑ කියන්නේ වචන එහාට මෙහාට කරගන්න බැරි හේතුව.. ඒකට හේතුව තමයි අපි ලියන්න පටන් ගන්න කොටම උක්ත ආඛ්‍යාතවල සිරකරුවෝ වෙන එක. මම නම් ඕවා තකන්නේ නෑ.. ඒ නිසාමද මන්දා හැලපේ දවසක් කියලා තිබුනා. මාතලන්ගේ ලිවිල්ලෙත් අපූරු කවීත්වයක් තියෙනවා කියලා. ඒක මගේ බොක්කටම වැදුනා.

      Delete
  23. ළමයින් යයි ඉස්කෝලේ
    නං කොඩි වැනෙයි දේවාලේ..
    දෙයියොද ලියන්නේ විබහාගේ

    හිහි
    මගෙනුත් හබරල කයියක් හැක්

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ නියමෙට

      Delete
  24. මැයි
    හබ
    රැලි

    ReplyDelete
    Replies
    1. මරු..

      දැන් ඉවරයි ඒ රැලි
      ආයෙත් සෙට් වෙමු යවන්න බඩේ රැලි

      Delete
    2. මරු..

      දැන් ඉවරයි ඒ රැලි
      ආයෙත් සෙට් වෙමු යවන්න බඩේ රැලි

      Delete
  25. නාට්ටාමි සොයුරාගේ වචන පහ නොහොත් හබරළ කවි වෙනුවෙන් මගේ සත පහ.


    මැයි එක
    ඇයි අපි
    කළුද....

    ReplyDelete
  26. මචං....Mini කවි බ්ලොග් එක කියවනවා ඇති නේද? කිසි කරදරයක් නැහැ වචන හය හතයි. අපි බලනවා උන් ලියනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අරූ ලියනවා අපි කියවනවා

      Delete
    2. දැන් ඉතින් උඹ වගේම මම කියවන්නෙක් විතරයි. බීලත් 'කියවනවා'. කියවලත් බොනවා. බීලා කියවන'' එක හරි ආතල් බං. පහුවදාට ලොක්කිගෙන් ටෝක්ස් අහගෙන ඉන්න කොට තමයි ඇයි බීල 'කියෙව්වේ' කියලා කල්පනා වෙන්නේ. ඒත් මම බීලා 'කියවන්න' ආසයි. එතන තමයි මගේ ඇතුලේ ඉන්න සුන්දරයා හෝ අසුන්දරයා එලියට එන්නේ.

      Delete
    3. අපොයි මම හැමදාම කියවනවා... ගොඩක් වෙලාවට මගේ චැට් බොක්ස් එක බිව්වම වැහෙනවා... ඒත් ඉතින් මාත් ආස කියවන්න තමයි..

      Delete
  27. ඔක්කොම හොදයි අන්තිම එකට ජූරියේ විශේෂ සම්මානයක් හිමි විය යුතුයි

    ReplyDelete
    Replies
    1. සම්මානේ දුන්නා තිලකේ... වැඳලා ගත්තේ... අළුත් පරපුරට හුළං

      Delete
  28. හබරල කවි... හෙක් හෙක්! මරු ඈ !!

    ReplyDelete
    Replies
    1. බරු නම් බං... දැක්ක ගාන් මගේ බොක්කටම වැදුනා...

      Delete
  29. මාතලන් කවදත් කෙටි කවි ලියන්ඩ සූරයානෙ. කුරුට්ටන්ගෙ පෝස්ටුව මගහැරුන මට. ගිහින් කියවලා එන්නෝන.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න