.

.

Jun 20, 2016

සඳමාලී, සේයා හා සුසන්තිකා - Sandamali, Seyaa, & Susanthikaa ( S3 )

 
සඳමාලී, සේයා හා සුසන්තිකා

නිමිත්ත - මහියංගනයේ හතර වසරේ සිසුවියක්, සේයා දැරිවිය මෙන්ම ඝාතනය කර ඇත.

 
සේයා නැගනිය වගේ
 
සුර ලොවට උඹ ගියේ
ඒත් උඹගේ ඇඟේ,
නැහැ නොවේ, කිසි අගේ.

කකුල් එලියේ දමන්,
බියුටි පුල් පොටෝ නැති,
නිසාවෙන්, කිසිම කිසි,
අගයක්ම නැතිව ඇති.
සෙයිලමට දුර නිසා,
ආවොතින් පාඩු ඇති.

අනික කොයි වෙලාවක්,
උබ බලන්නට එන්න.

පත්තරේ මාමලා,
දුවයි හති හල හලා.
හති දමන් හැට හැටේ,
සුසන් තී... නැන්දාගේ
ගේ වටේ,
ඇඳ වටේ....
-x-

(බුකියේ පලවූ මාතලන්ගේ හබරල කවියකි)

43 comments:

  1. පත්තරවලින් නොයන එක හොඳයි බං

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත.. අල්ල ගත්ත එකා කොන්ඩයා වගේම අහිංසකයෙක්ද දන්නේ නෑ...

      Delete
  2. සිරාවට ගෑනි,මිනිහා රණ්ඩු වෙන්න බැහැ පත්තරේ යනවා.ෆෝන් එකට නිවුස් ඇලට් එනවා.එකෙන්ම පේන්නේ කුණුරසට මිනිස්සු කොච්චර කැමතිද කියලායි.අපි කොච්චර අකමැති උනත් ස්වර්ණවාහිනියේ නිව්ස් වලට එව්වාට කැමති පිරිසකුත් ඉන්නවානේ.

    ReplyDelete
    Replies
    1. උන්ට තමයි තිරිසන්නු කියන්නේ... මොකෝ වෙනසක් නෑ නේ...

      Delete
    2. There some people always serch roted bad tast in the meedia. That why meedia always try to give all they want tast.

      Delete
  3. ඔන්න ඒකට යාපනේ කෙල්ලෙක් නං...

    පත්තරේ දාල
    ටීවී එකේ දාල
    ෆේස් බුක් දාල
    බ්ලොග් ලියල

    හිටන් ජාතිය අමතල

    යාපනෙත් විරෝධතා
    කොටුවෙත් විරෝධතා
    පොලීසියටත් ගහල
    දෙමළ ජාතියේම මානව හිමිකමුත් කැඩිල

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත.. එයාලට වෙනම මානුෂික අයිතිවාසිකන් වගයක් තියෙනවා නේ...

      Delete
  4. පත්තරනම් නොයන තරමට හොඳයි. ඒ ළමයවත් විකුණන් කයි. දෙගොල්ලම දූෂකයො.

    ReplyDelete
    Replies
    1. නැවත නැවත් දූෂණය කිරීමක් හා ඝාතනය කිරීමක් කරන්නේ.. උසාවී ඊට හපන්..

      Delete
  5. ඇත්ත කතාව,
    හිතින් කි දෙනෙක් ආය ආයමත් ඒ කෙල්ලව දුසන්ය කරනවද

    ReplyDelete
    Replies
    1. මේ දරුවට නම් එහෙම වෙන්නේ නැතිව අති.. ඒත් සේයා දුව නම් හිතේ හැටියට රේප් කලා...

      Delete
  6. මමත් කැමතියි පත්තර TV කාරයෝ නොයන තරමට.. ඒත් මාතා කියන කතාව තනිකර ඇත්ත..

    ReplyDelete
    Replies
    1. එයාලා ගියේ නෑ නෙමෙයි... ඊට වඩා මාකට් නේ සුසන්තිකාගේ ගිනි විජ්ජුම්බරේ...

      Delete
    2. @ කල්‍යාණ මිත්‍ර

      +++++++++++++++++++++++++++++

      Delete
  7. සඳරාණි තනිවී නිල් අහසේ 
    මිනි පහන නිවිලා අද නිවසේ 
    යලි ඉපදෙන්න ඔයා 
    සුදු දෝනි මගේ......

    ගේ පුරා දුවන්නේ 
    සමනල පාට සිතුවම් අදින්නේ 
    ගීතිකා ගයන්නේ යලි කවදාද
    හුරතල් දකින්නේ ටිකිරි ලියේ සිහින දිගේ 
    යලි ඉපදෙන්න ඔයා 
    සුදු දෝනි මගේ .....

    පාමුලේ වැටෙන්නේ 
    දූ අම්මාට නේදෝ වදින්නේ 
    ගී ගයා රගන්නේ 
    යලි කවදාද හුරතල් දකින්නේ 

    ටිකිරි ලියේ සිහින දිගේ 
    යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ .....

    - එච් ආර් ජෝතිපාල -

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට පත්තර නම වෙනස්කරගන්න වෙයිද මංද.

      Delete
    2. සිංදුවා මට හම්බ උන නිසා හොඳයි.. ඇත්තටම මම හිතුවේ උඹයි සින්දුවා කියලා...

      Delete
    3. maga arunu sira powal set ekak innawa adura ganna aasawen inne ea ayawa . . !

      Delete
  8. මාතලන්, මට කියන්නකෝ ඔයාගෙ සින්ඩියට මගෙ බ්ලොග් එක ඇතුල් කරගන්න හැටි.

    ReplyDelete
  9. මිනිසුන් ගේ පුද්ගලිකත්වය මාධ්‍ය මගින් ආක්‍රමණය කිරීම නුසුදුසුයි

    ReplyDelete
    Replies
    1. මම මක්කත් කියන්නෙම නෑ හිටං

      Delete
  10. අපරාධය රසකිරීම නොකර අපරාධ වලට එරෙහිව සමාජයට පණිවුඩයක් ලබාදීම,සමාජය දැනුවත් කිරීම ආදිය සඳහා නිමිත්තක් කරගැනීමට වත් මාධ්‍ය මේ ගැන අවධානයක් යොදවන්න කම්මැලියි.
    මේ සිද්ධිය ඈත පිටිසර සිංහල දැරියකට සිදු උන නිසා මානව හිමිකම් කාරයන්ටත් කිසි ලල් එකක් නැති හැඩයි.
    එස්.ටී.එෆ් ලොක්කා තමයි මාජ්ජ ගැන නියම කතාව කිව්වෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මල් මාල දාලා පිලිගන්න ඕන මිනිස්සු... ඉස්සර තමයි ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෝ උන්නේ... දැන් ඉන්නේ හිඟන මාද්දියවේසාවෝ...

      Delete
  11. ඔලිම්පික් පදක්කම කන්නද බං , මිනිහ ගහන කොට දුවල බේරෙන්ඩ බැරිනම් .
    මම කොච්චර උනත් ඔය TV චැනල් එවුන්ට බනින්නෙ නෑ, ඕකුන් හින්ද තමයි මගෙ TV බැලිල්ලට තිබ්බ ඇබ්බැහිය නැති උනේ , පත්තර උනත් එච්චරම තමයි. මම ඒ කාලය තමයි ජාලෙ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ කේස් එක සුසන්තිකා මීටර් 200 ක් යනකන් අරූට ඉස්සරහින් දුවලා තියෙනවා ඊට පස්සෙ තමයි අරූ අල්ලගෙන තියෙන්නේ. මොකෝ ඌ දුර දුවන එකා නේ..

      Delete
  12. හදිසියකට ගන්නවත් ගෙදර මසුරන් නෑනේ. තිබ්බනම් දානවා කම්මලයගේ කටේ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ... ඒ උනාට ඒයා මසුරන් වලට වඩා කැමති දෙයක් තියෙනවා..

      Delete
  13. මට RSS FEED ගැන හිච්චි විස්තරයක් දාන්ටකෝ. කොහොමද බ්ලොගේට ඒක ඔබා ගන්නෙ?

    ReplyDelete
    Replies
    1. https://support.office.com/en-us/article/Add--RSS-Feed-0b91cfc4-0efc-4d11-be28-9a5da2382347

      Delete
  14. මාධ්‍යත් විකුණන්නේ ඒ වෙලාවේ විකුණන්න පුළුවන් හොදම දේනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒකයි උනේ මලේ...

      Delete
  15. පත්තර බිකාලා ගිය ගිය තැන ගඳ ගස්සනවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොගාලා කියලත් වෙනසක් නෑ ගූ ගොඩවල් පිරිලා... අතින් කයිට් කරගෙන කෝල් දී දී මඩ සප්ලයි කරන්න කොහොම අමාරුවක් ඇතිද...?

      Delete
  16. ඇත්තෙන්ම මේ මහියංගනේ දැරිවිගේ පුවත මම දැන ගත්තේ හුඟක් පහු වෙලා. තාමත් එහෙම දෙයක් වෙලා කියන තොරතුරට වැඩි යමක් දන්නේ නැහැ. ඒ අතින් බලන කොට මේ පුවත රහසිගත පුවතක් වෙලා වගේ.
    හැබැයි කොහොම වුනත් මාතලන් කියන විදියට පත්තර කාරයෝ නම් නොයන තරමට හොඳයි. උන් නිකං මලකුනු කන හයිනාවෝ වගේ සත්තු ජාතියක්.

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවේදියෝ නෙමෙයි උන් ඇවිල්ලා පැපරාසියෝ...

      Delete
  17. පත්තර මාමලට මහියංගනේට යන්න අමාරු ඇති.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා මාකට් නේ සුසන්තිකා... ඒකත් හොර කේස් එකක් නේ..

      Delete
  18. ධනපාල, මානවසිංහ, ටාසි විට්ටච්චි, මර්වින් ද සිල්වා වැනි එදවස සිටි ශ්‍රේෂ්ට මාධ්‍ය වේදීන් සඳහා ටොයිලට් වලට වතුර ගෙනියන්න වත්, දැනට මුද්‍රිත හා විද්‍යුත් මාද්‍ය ඉන්න මාධ්‍ය වේදීන් යයි කියාගන්න උන් සුදුසු නෑ කියලයි මට හිතෙන්නේ..

    දැන් ඉන්න උන්ට මාධ්‍ය වේදීන් කියනවට වඩා, රචනා ලියන්නෝ, ප්‍රබන්ධ කතා ලියන්නෝ, වාර්තා කියවන්නෝ, පත්තර කියවන්නෝ සහ මයික් අල්ලන්නෝ කියල වෙන වෙනම හදුන්වනවනම් හොඳයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යුධ මානසිකත්වය සහ පාතාල නායකයෙක් රට පාතාල සංස්කෘතියකට රැගෙන ගියායින් පස්සේ... නැවතත් මිනිස්සු හදන එක ලේසි වැඩක් නම් නෙමෙයි.. එහෙම කිසි උත්සාහයක් ඇති බවක් වත් පේන්නේ නෑ.. අති බහුතරය මාන්සික ලේඩ්ඩු කියන එක නම් සහතික ඇත්ත..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න