.

.

Sep 30, 2016

සාහිත්ත මාසේ මේ පොත් කියෙව්වාද...? - Book Fair 2016


Pic Credit - http://weheartit.com/entry/26696171
පින්තූරය - පොතක් කියවන ළදක්...

මේ පාර පුක් ප්‍රදර්ශනේට යන්න උනෙත් නැත. එහෙත් අවශ්‍ය පොත් කීපයක හාමිනා ගෙනත් තිබුනාය. මාතලන් හිතාගෙන උන්නේ මොහාන්ගේ රැජිණ. සර්පයාගේ මහිලාවංශය හා සන්නාගේ ලලනායනය නැගලා යයි කියලාය. එහෙත් ඒවා ගැන කතාවක්වත් නැතිව නැගලාම ගියේ මෙජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ රණමග ඔස්සේ නන්දිකඩාල් පොතය.

ඒ පොත ගැන මාතලන් බුකියේ නම් ලිව්වේ මෙහෙමය..

තමිලිනිට මෙන්ම කමල් ගුණරත්නටත් පොතක් ලිවීමේ අයිතිය හිමිය.

තමිලිනිගේ පොත දෙමළුන්ට දිරවන්නේ නැත.
කමල් ගුණරත්නගේ පොත සංහිදියා කාරයන්ට දිරවන්නේ නැත.

එසේ වන්නේ, පොත නිසාවත් අකුරු නිසාවත් නොව, පොත කියවනා උන්ගේ මාන්සිකත්වය අනුවය. මාතලන්ට නම් ඔය දෙකම කියවනවාය. මක් නිසාද දෙකම අමු බොරු නිසාය.

යුද්ධය මෙන්ම සංහිදියාවද අමූලික බොරුවක් පමණමය.

පහල තියෙන්නේ හාමිනා ගෙනා පොත් ගොඩය.. බලන්න ඔහේලටත් මේ පොත් මිස් උනාද කියා....

ඩිෆෙන්ඩරෙන් මම එන්නම් - උස්සපු පොතක් - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

අතට අත දෙන්නේ කෙසේද - ආන්ඩු ක්‍රම සම්පාදනය පිලිබඳ පොතක් - මෙත්පල් සිරිසේන

පත්තර කියවීම - කියවීම ප්‍රගුන කරන පොතක් - මෙත්පල් සිරිසේන

Oh..! My Vat - Book about budget - Ravi Karunanayake 

ආප්පයා - කෙටි කතාවක් - ජනක බන්ඩාර තෙන්නකෝන්

මං බොන්නේ නෑ - නව කතාවක් - විජිත හේරත්

එලෙව්වේ මං නෙමෙයි - රහස් පරීක්ෂක කතාවක් - පාඨලි චම්පික

නෙළුට නෙලමු - මාධ්‍යකරනය පිළිබඳ පොතක් - පොස්පති පූජිත ජයසුන්දර

බෝධී පූජා හා ෆේස් බුක් - පොලිස් අත් පොතක් - පොලිස්පති පූජිත ජයසුන්දර

කැමරාවට මූණ ඔබා ගන්නේ කෙසේද - ඡායාරූපකණය පිළිබඳ පොතක් - පොලිස්පති පූජිත ජයසුන්දර

කුඩු වලින් නඩු දිනමු - හොඳ පොතක් - හේමන්ත වර්ණකුළසූරිය


කුඩු කොමිස් හා බඩු බනිස් - බණ පොතක් - දුමින්ද සිල්වා

සුප්‍රකට වොක්ස්වැගන් පොත් පෙල

වොක්ස්වගන් එනවා - හර්ෂ ද සිල්වා
වොස්වගන් එන්නේ නෑ - එරාන් වික්‍රමරත්න
වොක්ස්වගන් එනවා (නව මුද්‍රණය) - එරාන් වික්‍රමරත්න

අපේ කාලේ මෙහෙම නෑ - බබාලාට පොතක් - මහින්ද රාජපක්ෂ

ඉල්ලන් කෑම - ළමා පොතක් - මහින්ද රජපක්ෂ

පාලම් කොකා - පාළම් පිපිරවීම පිළිබඳ අත් පොතක් - මං ගොනා පිල

සංඛ්‍යා හා විශ්ලේශණ - අංක ගණිතය පොතක් - ගීතා කුමාරසිංහ

පක්ෂ කඩන්නේ කෙසේද - දේශපාලන පොතක් - මහින්ද රාජපක්ෂ

ඩේසී ආච්චිගේ මැනික් මල්ල - සුරංගනා කතාවක් - යෝෂිත රාජපක්ෂ

අප්පච්චිගෙ එනසාල් වත්ත - නව කතාවක් - මහින්දානන්ද අළුත්ගමගේ

දවල් මිගෙල් රෑ දනියෙල් - නීතී පොතක් - විජේදාස රාජපක්ෂ

ඩීල දාන්නේ කෙසේද - අමුතු පොතක් - ඩඩ්ලි සිරිසේන

අලි පැටියෝ ඔයයි මමයි - ළමා කතාවක් - පූජ්‍ය උඩුවේ දම්මාලෝක

ඇම්බියුලන්ස් එපා වීල් එකේ ගේන්න - නව කතාවක් - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

පෝලිමේ එන ආයෝජකයෝ - සුරංගනා කතාවක් - රනිල් වික්‍රමසිංහ

දෙමළුනි නැගිටිව් - අළුත් පොතක් - වාසු විගා සම කතෘත්වයෙන්

සුබ නැකත - රසවත් නව කතාවක් - ඇල්ල ළඟ කිරි අප්පුහාමී

පාසල නැත්නම් මරණය - අත්භූත කතාවක් - සිරි ලංකා වෛද්‍ය සංගමය

මගේ පූස් පාට් - තහනම් කර ඇත - විමල් වීරවංශ

රණ මග ඔස්සේ පොත් පෙල

රණ මග ඔස්සේ කිලිනොච්චි - රවී කරුණානායක
රණ මග ඔස්සේ ගොනෙක් සමඟ - ඇල්ල ළඟ කිරි අප්පුහාමි
රණ මග ඔස්සේ වැලිකඩ. සිරිකොත හරහා පාර්ලිමේන්තුවට - සරත් ෆොන්සේකා
රණ මග ඔස්සේ යකුන් සමඟ - බෙංගමුවේ ආලවක
රණ මග ඔස්සේ තුන් කාලක අවසානය - චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග
රණ මග ඔස්සේ ජිනීවා - ශවේන්ද්‍ර සිල්වා
රණ මග ඔස්සේ සාම ගිවිසුමට - රනිල් වික්‍රමසිංහ

මෙයිටාමතරව විමල් වීරවංශ විසින් රචනා කොට මල්වතු නාහිමි පෙරවදන සැපයු "නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව" පොතද මල්වතු විහාරයෙන් ලබා ගත හැක.

ඔහේලා ගත්ත අළුත් පොත් එහෙම තියේ නම් අනි අයටත් ගන්න පහළින් ලියන්න...

40 comments:

  1. නොලියා ලියමු - ගෞරව උපාධි අත්පොතක්-ප්‍රියන්ත හේවගේ

    මලවුන් සමග - භූත කථා- ලන්ඩන් අජිත් aka අජිත් ධර්මකීර්ති

    www.www.com - පී ජයතුංග - බ්ලොග් කමෙන්ටු අත් පොතක්

    රනිල් හොඳයි සහ හීනෙන් ඇවිදිමු - ලිං ඉහින ඉයන් - කෙටිකතා සංග්‍රහයක්

    හිංදි තනු කොපි කරමු - විචාරක - සංගීත අත් පොතක්

    මත්පැන් සහ මිනිසා - ශෙෆාකි - කාව්‍ය සංග්‍රහයක්

    කරුමෙ ඩබල් පින සිංගල් - ඉවාන් පව්ලූශා - ත්‍රී රෝද උප සංස්කෘතිය පිලිබඳ පර්යේෂණාත්මක හැදෑරීමක්.

    ඩිඟිටි ඩිඟා සහ වෙනත් කථා - හැලපකඩේ ප්‍රකාශණයක් - වැඩිහියිටියන්ට පමණයි

    මෙගා - නි. සි. රවි- කෙටිකතාවක් සහ නවකථාවක් ?

    කරදර කරන්න එපා - අටම්පහුර ප්‍රකාශණයක් - බ්ලොග් ලියන්නට අත්පොතක්

    හායි හායි සර් - සුමිත් කළණසිරි - ත්‍රාසජනක නවකතාවක්




    ReplyDelete
    Replies
    1. හැක්, හින්දි කොපිකර සින්හින්දි සින්දු ගහමු.

      Delete
    2. මලවුන් සමග - භූත කථා- ලන්ඩන් අජිත් aka අජිත් ධර්මකීර්ති - මේකනම් සුවර් එකට විකිනෙන පොතකි.

      Delete
    3. මේ බුක්ස් නෙමෙයිනේ ලොක්කා...

      මේවට කියන්නේ බ්ලුක්ස්

      Delete
    4. නොතේරෙන්න ලියමු - කවි අත්පොතක්.. ඒ. රණසිංහ

      Delete
  2. ඩේසි ආච්චිගේ මැණික් මල්ල පොත නං මරු..

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පච්චිගෙ එනසාල් වගාව

      Delete
  3. "හිකුතෙට නවුවීම"- 1948 පසු දේශපාලනය පිළිබද විපරමක් - දායකසභාවෙ ප්‍රකාශණයක්

    ReplyDelete
    Replies
    1. හිකු නෙමෙයි හික කියලා එන්නා ඕනේ...

      Delete
  4. මාතා,
    //"මේ පාර පුක් ප්‍රදර්ශනේට යන්න උනෙත් නැත"//

    මම හිතුව උබට වැරදුනාවත් ද කියල, කියවගන යනකොට තමයි මට තේරුනේ උබ කියන්නේ පුක් ප්‍රදර්ශනයක් ගැන කියල. අද මෙරටේ වැඩ ඔක්කොම "පුක් " වැඩ තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වැඩි පිරිස එන්නේ පුක් ප්‍රදර්ශණයට හා පුක් නැරඹීමට

      Delete
  5. තිසර පට 2 : ගිනියම් රෑ - සමලිංගිකත්වය පිළිබද පොතක්- ඉරාජ් වීරරත්න
    පොන්නයෝ සහ තවත් කථා - පොන්නයන් හදුනාගැනීමට අත් පොතක් - ප්‍රියන්ත හේවගේ මාතලන්
    ළමයට පාසලක් - ගුරු අත් පොතක් - අකිල විරාජ් කාරියවසම්
    අයවැය සහ හොල්මං - අත්භුත පොතක් - රවී කරුණානායක
    මං යුද්දෙට ගියානං - ප්‍රබන්ධ කථාවක් - සරත් විජේසුරිය
    යහපාලනයෙන් සිත සතුටු කරගන්නේ කෙසේද - ස්වයං වින්දනය පිලිබඳ පොතක් - සිවිල් සංවිධාන එකමුතුව විසින් සාමුහිකව රචනා කරන ලදී
    පාසල නැත්නම් මරණය 2- අත්භූත කතාවක් - පාලිත තෙවරප්පෙරුම

    ReplyDelete
    Replies
    1. මරු පොත් ටික... කොහොම හරි ගන්න ඕනා....

      Delete
  6. යුද්ද එකයි සද්ද දෙකයි සුද්ද තුනයි - ෆොනී ද වෙල් විදානේ

    ReplyDelete
  7. මං නම් කැමතිම ඇල්ල ළඟ කිරි අප්පුහාමීගේ කතා අහන්න විතරමයි. රූප පෙට්ටියේ මෙය කතා කොරද්දී ඇස අහකට ගන්න හිතෙන්නේ නැහැ හිටන්

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුවේ මර්වින් සිල්වා...
      රජ ගෙදර කවටයා

      Delete
  8. Male and female prostitution in Srilanka.......Research thesis by Ranjan and Geetha,

    ReplyDelete
    Replies
    1. තව ගොඩාක් ඉන්නවා නේ එහෙම නම්.....

      Delete
  9. නිවැරදිව බදු ගෙවනා ආකාරය ( පරිවර්තන කෘතියකි) - රවී කරුණානායක.

    ReplyDelete
    Replies
    1. බදු වලින් නාන හැටි....

      Delete
  10. තමිලිනිට මෙන්ම කමල් ගුණරත්නටත් පොතක් ලිවීමේ අයිතිය හිමිය.//////////// +++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මල ගිය ප්‍රභාකරන් ගෙන්වලා ඇහුවා නම් ඇත්ත අහගන්න තිබ්බා...

      බැලුවාම ප්‍රභාකරන් මරන්න ත්‍රිවිධ හමුදාවම පුදුමාතලන් ගිහින් තියෙනව වගේ...

      Delete

  11. මේක හරියට පසුගිය වසර දෙස ආපසු හැරී බලමු කියලා දෙසැම්බර් තිස් එක්වෙනිදට යන වැඩසටහන වගෙ. එක්කෝ සෑහෙන රිසර්ච් එකක් කරන්න ඕනෙ නැතිනම් උඹට මේ ඔක්කොම මතක තියෙන්න ඕනෙ නම කිව්ව ගමන්.

    ReplyDelete
    Replies
    1. මට ඉතින් ඕක ඇර වෙන මක්කත් නෑ නේ මචෝ...

      Delete
  12. Maathalan lokkaa. ....
    Here goes info about another favorite book...
    I hope you will like it.
    I like that very much.

    "තිසර පට ගලවා මඩුවලිගෙන් තලාගැනීමට මග. ."

    =සන්ගීත පර්යේශන පොතක්==

    Auther:බෝසත් සිරිසේන මහතා

    ==================

    =Adrian from Toronto

    ReplyDelete
    Replies
    1. හොඳම පොත...

      පොතෙන්ම යයි වගේ 2020 වෙනකන්

      Delete
  13. Maathalan lokkaa. ....
    Here goes info about another favorite book...
    I hope you will like it.
    I like that very much.

    "තිසර පට ගලවා මඩුවලිගෙන් තලාගැනීමට මග. ."

    =සන්ගීත පර්යේශන පොතක්==

    Auther:බෝසත් සිරිසේන මහතා

    ==================

    =Adrian from Toronto

    ReplyDelete
  14. මාතලන් මහතාගේ පොත් ටිකත් නියමයි. ඒ වගේම Vajira De Silva ගේ පොත් ටිකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිරන්ජන්

      Delete
    2. "මාතලන් මහතා" පිස්සු කෙලින්න එපා බං... බ්ලොග් ලියන මහත්තුරුන්ට මල පනියි උඹත් එක්ක...

      Delete
  15. ඇනෝ එන්නන් හඳුනා ගනිමු - මාතලන්

    ReplyDelete
    Replies
    1. බොහෝම වටිනා, විනෝදාත්මක ඔබ පුදුම කරවන පොතක්..

      මහා පොරවල් අතේ මාට්ටූ.....

      Delete
  16. ඇල්වතුරෙන් කැවුම් බැදීම- (සූප ශාස්ත්‍ර ග්‍රන්ථයකි) රසික සූරියආරච්චි.

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක ටිකක් අමාරු වෙයි....

      Delete
  17. ගොඩක් පොත් මිස් වෙලා මාතො.
    එව්වා මිස් වෙලා කියලා දැනගන්නකොට පෙරහැර ගොහින්.

    ReplyDelete
  18. රත්තරන් වැසිකිලිය - රහස්පරීක්ෂක කතා - වන්-ශොට්-වන් ප්‍රකාශනයක්
    ඩිෆෙන්ඩරේ අබිරහස - රහස්පරීක්ෂක කතා - ආර්. රාමනායක සමග ඒ. අළුත්ගමගේ.
    හෙල්ලෙන් ඇන මිනිසුන් මරණ හැටි - අපරාධ විද්‍යාව- රන්ජන් රාමනායක.
    Face recognition - CCTV කැමරා තාක්ශණය පිළිබඳ අත් පොතක් - රාජිත සේනාරත්න.
    පාට පාට බැලුන් - ළමා කතා - හරී මාමා
    හිර ගෙදරින් රෝහලට - ඩීල් දැමීමේ තාක්ෂණය - බැසිල් රාජපක්ෂ
    ගොඩබිමේදී නැව ගිලීම - මුහුදු මංකොල්ල කරුවන් පිළිබඳ සත්‍ය කතා - නිශ්ශංක සේනාපති.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න