.

.

Sep 29, 2016

නැකත් නැතිව, "නැකත් පති" වෙලා යයිද...? - Without any Mission and Vision



ඉස්සර අපේ පැත්තේ සරම බැනියම අඳින ඉස්කෝල මහත්තයෙක් උන්නේය. අහල පහළ උදවිය අතරේද, ළිඳ ළඟ සංගම් සමාජිකයින් අතරේද, මරණාධාර සමිතියේද, අවමංගල සභාවලද මුල් තැන ලැබුනේ උන්නැහේටය. ඒ කවුරුත් කිව්වේ උන්නැහේ රත්තරන් මනුස්සයාය කියලාය. ඒ අය එහෙම කිව්වාට, උන්නැහේගේ නෝනා මහත්තයාත්, ඉස්කෝලේ උනුත් කිවේ, අයියෝ එයා ඔයාලට හොඳ උනාට අපිට නම් මෙලෝ රහක් නැති කෙනෙක් කියලාය. නෝනා මහත්මයාගේ සමාජ සේවාව දුටු ගමේ වේසා කොල්ලෝ කිව්වේ, වටේ පිටේ සතුටු කලාට ගෙදර එක පිට යනවා නම් ඇති වැඩේ මක්කද කියලාය. 

අපේ රටේ දැන් සිද්ද වෙන්නේත් එහෙම දෙයක්ය. යහපාලනේට දීපූ එකෙක් බෙහෙතකටවත් හොය ගන්න බැරිය. ඉන්නවානම් ඉන්නේ අපි වගේ හාල්පාරූ කෑලී කීපයකුයි. ආන්ඩුවෙන් කීයක් හරි හොයා ගන්නා උනුයි ඉතරය. ලෝක නායකයයින් ඇපොයිමන්ට් දාලා ටෝක්ස් එකක් දාන්නා ආවාට. ගෙදර උන් නම් මතක කරන්නේ අම්මාය.

මහින්ද මහත්තයාට තා අවුරුදු දෙකක් රජ සැපත් එක්ක හිතේ හැටියට කන්න චෑන්ස් එක තියෙද්දි ඉල්ලාගෙන කාපු එක ගැන ගමේ උන් නම් කියන්නේ, රජකම් කොලත් කරුමයක් තියේ නම් ගෙවන්නම් වෙනවාමය කියලාය. ඇත්තටම උන්නැහේට වෙලා තියෙන සැන්තෑසිය දැක්කාම එහෙම කියන උන් වැරදිත් නැතෙයි කියා හිතෙනවාය. උන්නැහේ වෙස්සන්තර අප්පුහාමි වගේ මතු බුදු වෙන්න පෙරුම් පුරන්න ගියාට, තාමත් රටේ සජ්ජුරුවෝ උන්නාන්සේය. ඉන්න් කෙනා තාමත් රඟන්නේ දොරටුපාලයාගේ රෝල් එකය. මහින්ද මහත්තයා ජීවත්ව ඉන්න තාක් කාල්, සභාපති තුමාද ඇතුලත්ව සිරි ලංකා කාරයන්ගේ නායකයා මහින්ද උන්නැහේමය. 

මාද්දියකාරයෝ ඉතරක් නොව ආන්ඩුව දුවන්නේද මහින්ද මහත්තයාට පින් සිද්ද වෙන්නය. මහින්ද මහත්තයා හෝ උන්නැහේගේ දේසහිතයිසී, දේසප්පෙරේමී නඩයට අමූලික බොරු චෝදනා එල්ල කරමින් ගෙනයන ඇෆ් සී අයි ඩී තොයිලය ඇර, ජනතාවට ඇඟට දැනෙන කිසිම දෙයක් මේ ආන්ඩුව කොරලා නැතිය. හොරුයි කියලා අල්ලන උන් එලියට එන්නේ ආන්ඩුවේ රෙදි ගලවලා පුල් නෝන්ඩි කරලාය. ඉතින් ජනතාවත් මේ කම්බා හොරු, හොරුයි කියා කීයටවත් පිලි ගන්නේ නැතිය. මොකෝ, කෙහෙල් කැන් කපපු උන් මාස ගනන් හිරේ ලගිද්දි, මුන් සුමානෙන් දෙකෙන් එලියේ නිසාය. ගේම් දීපු උන් පැත්තක ඉන්දැද්දී, පරිප්පු කන්නේ නියෝග ක්‍රියාත්මක කරපු උන් ඉතරය. 

ඉස්සර මහින්ද ගාවත් ජෝකර්ලා හිටියේය. උන්නැහේ ජෝකර්ලාට දීලා තිබුනේ රජගෙදර කවටයාට ගැලපෙන තනතුරු මිස, කිසි වැදගත් තනතුරක් හෙම නොවේය. එහෙත්, මේ ආන්ඩුවේ ඉන්න හොඳම ජෝකර්ට දීල තියෙන්නේ හොඳම් පෝස්ට් දෙකක්ය. අනෙක රනිල් ලොක්කාගේ දකුණු අත මෛත්‍රි ලොක්කා වන අතරේ, වම් අත පැත්තේ අග්‍රශ්‍රාවකයා හැටියට තියාගෙන ඉන්නේ මේ ඩෑල් එකය. කට ඇරියොත් කියන්නේ අමුම අමු ගොන් කතාය. උන්නැහේට අනුව, මේ ආන්ඩුවට වැඩ කොරන්න බැරි වෙලා තියෙන්නේ සුබ නැකත් නැති හන්දා මිස, මුදල් නැති නිසා එහෙම නෙමේය. සුබ නැකත් කෙසේ වෙතත්, මේ යන විදියට නම්, ජනතාව එකතු වෙලා, මෙයාලාගේ "නැකත් පති" කොරන එක නම් වැඩි ඈතක නෙමේය. 

දැන් දැන් රන්ජන් අයියා සෝ වල දාන පාට් ලයිව් සෝ වලත් පෙන්නන්න යනවාය. එහෙම සෝ පෙන්නන්න යන්නේ, මහින්දගේ කාලේ මාද්දියවේදියන්ට අරෙහෙම කොලාය මෙහෙම කොලාය, අපේ කාලයේ නම් එහෙම වෙන්නේ නෑ කියලා කට ගන්නටත් කලින්ය. සිනමා කැමරා ඉස්සරහා දානා පාට් එක ගන්නේ කීප වතාවක් ෂූට් කොරලාය. ඒත් ලයිව් කැමරා ඉදිරියේ දාන පාට් එහෙම එඩිට් කොරලාවත්, රිහසල් කොරලාවත් කොරන්නට බැරිය. ඒවා වන් ෂොට්ම දෙන්න ඕනාය. එහෙම නැතිව කැමරාවට ෂොට් එක දීලා හරියන්නේ නැතිය. එහෙම උනේ නැත්නම්, වීරයා නිකන්ම නිකන් චොර වෙලා යනවාය. එහෙම උනාම අපිටත් දුකය. 

මේ ආන්ඩුව චන්ද්‍රිකා නෝනාගේ එකටත් වඩා බංකොලොත් කියලා හැම පැත්තෙන්ම ඔප්පු කරලා අහවරය. මක්කද කොලේ කියා ඇහුවොත් කියන්නේ, 18 අහෝසි කරලා 19 ගෙනාවා කියලාය. තොරතුරු දැන ගන්න පනතක් ගෙනාවා කියලාය. අළුත් විවස්ථාවක් හදනවා කියලාය. ඒක ගෙනල්ලා සංහිදියාව ඇති කොරනවා කියලාය. ඕවා කොලා කියා රට හැදෙන්නේ නැතිය. උතුරේත් දකුණේත් සංහිදියාව බඩ බුරුලට යනවා වගේ දෝරේ ගලනවාය. ගන්දස්කරේ ඉන්න විදියක් නැතිය. තියෙන එකම වෙනස නම් ජනපති අගමැතිට උනත් කුණුහබ්බෙන්ම දෙසලා අවුලක් නැතිව ඉන්න පුළුවන් එක ඉතරමය. ඒකත් තව කොච්චර කාලයකටද කියා කියන්න දන්නේ, තිරුපති වල ඉන්න දෙයියෝ ඉතරමය. 

ගිය අවුරුද්දේ ගෙනා බජට් එකේ අන්තීමට ඉතුරු උනේ "ගරු කතානායක තුමනි" කොටහා ඉතරමය. වැට් එක ගේන්න ගිහින් ගලේ රීපූ බළලා මෙන් හත්පොලේ ගාගෙන නෑවේය. වැට් එක නැති නිසා දෙන්න උන්න ලෝන් පාස් වෙලත් නැතිය. මූ කරන දේ අරූට දිරවන්නේ නැතිය. අරූ කරන දේ මූට දිරවන්නේ නැතිය. කොහොමත්, කෝට් කාරයන්ටයි රෙදි බැනියන් කාරයන්ටයි එකට ඉන්න බැරිය. එක්කෝ රනිලුත් රෙද්ද බැනියම ඇඳ ගත යුතුය. එහෙම නැත්නම් රජතුමා ටයි කෝට් ඇඳ ගත යුතුය. මේ කොරන්නේ එකම විකාරයක් මිස වෙන මක්කත් නෙමේය. 

මේක සහජීවන ආන්ඩුවක් නොව. පක්ෂෙයි විපක්ෂෙයි එකට ආන්ඩු කොරන්න යෑමක්ය. එක්කෙනෙක් ඔබලා ආතල් එක ගන්න යනකොට අනික් කෙනා තල්ලු කොරලා දානවාය. අනිත් කෙනා ඔබාගෙන ආතල් එකක් ගන්න යනකොට දාන එකා අදිනවාය. කොහොම හරි එහෙට මෙහෙට වනලා කනා චෑන්ස් එකකින් බබා සෙට් උනත්, මහ එකා ඒක ගබ්සා කොරලා දානවාය. වැට් එකටත් උනේ එහෙම ගබ්සා කිරීමක්ය. දොස්තරලාගේ ඉස්කෝල කේස් එකත් එහෙමය. ඒ කියන්නේ අමාරුවෙන් ඔබා ගත්තත් බබා නම් හම්බ වෙන්නේ නෑ කියනා එකය. 

අර මම උඩින් කියපු ඉස්කෝලේ මහත්තයාට උන්න ළමයි ගැනත් ගමේ වේසා කොල්ලෝ කිව්වේ ඔය කතාවය. 

මහින්ද ලොක්කාගේ සැකොන්ඩ් පීරියඩ් එක ඉවර වෙන්නේ තිබුනේ මේ අවුරුද්දේ අන්තිම හරියේ වගේය. එතකොට මෙලෝ රහක් නැති පාන්ඩුවට අවුරුදු දෙකක් වෙනවාය. එයින් පස්සේවත්, මහින්ද ෆෝබියවෙන් තොර, රටට වැඩක් කොරනා දෙයක් කිරීමට සියළු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව රැකවරනය හා බැල්ම අන්ඩුවේ උන්ට ලැබේවා කියා බොක්කෙන් හා උන්ඩුක පුඡ්චයෙන්ම ප්‍රාර්ථනා කොරමින්, මේ පල් හෑල්ල මෙතනින් අහවර කොරනවාය.

Picture Credit - http://www.gettyimages.com/detail/news-photo/sri-lankan-president-maithripala-sirisena-and-sri-lankan-news-photo/461672398#sri-lankan-president-maithripala-sirisena-and-sri-lankan-prime-ranil-picture-id461672398

35 comments:

  1. //මහින්ද ලොක්කාගේ සැකොන්ඩ් පීරියඩ් එක ඉවර වෙන්නේ තිබුනේ මේ අවුරුද්දේ අන්තිම හරියේ වගේය.//
    අපරාදේ පිචර් එකේ හොඳම හරිය බලා ගන්න බැරිඋනා නෙව.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට "නව් ෂෝවින්" ඊට වඩා ආතල්...

      Delete
  2. "එක්කෙනෙක් ඔබලා ආතල් එක ගන්න යනකොට අනික් කෙනා තල්ලු කොරලා දානවාය. අනිත් කෙනා ඔබාගෙන ආතල් එකක් ගන්න යනකොට දාන එකා අදිනවාය. කොහොම හරි එහෙට මෙහෙට වනලා කනා චෑන්ස් එකකින් බබා සෙට් උනත්, මහ එකා ඒක ගබ්සා කොරලා දානවාය."

    ReplyDelete
  3. කවුද බොලං මාතලං අර ජෝකර්????
    ගොඩක් ඉන්න නිසා හරියට අඳුරගන්න බෑ නෙව

    ReplyDelete
    Replies
    1. වෙන කවුද බං අර උසස් අධ්‍යාපනෙයි, මහාමාර්ගෙයි එක පිඟානක තියාගෙන ඉන්න කිරි හොඳා මිසක්.

      Delete
    2. ඔය රනිල් නිව්සීලන්ඩ් ගියා කියන්නේ ගොනා එහේටවත් දෙන්න පුළුවන්ද බලන්නය කියලා කොල්ලෝ කියන්නේ...

      Delete
  4. මේ මන මාල මහතාගේ නැකත් පත- අමතක වීමකින් අද දින ගෙනැත් නැත
    එහෙනම් දුවේ ඒ දිගෙන් පලක් නැත- මේ මනමාල මහතාගේ ගේ "නැකත් පත " අපි ඉස්කොලේ කාලේ කියපු කවියක්.

    ReplyDelete
    Replies
    1. අර කවිය වැරදියට තේරුම් ගත්ත කියල තේරිච්ච මනමාලය මෙහෙම කිව්වලු - "ඒක නම් අඩියක් විතර ඇත".

      එතකොට මනමාලිගෙ අම්ම "එහෙනම් දුවේ ඒකනම් මටත් ඇත" කිව්වලු.

      Delete
    2. අද නින්ද යයිද දන්නෙත් නෑ... ඝෝඨාගේ කේස් එකට ලෝයර්ලා 100 විතර උසාවී ඇවිල්ලා....

      Delete
    3. අර කූඩුව ඇතුලේ දාල ඉන්න කොටනම් ටිකක් දුකත් හිතෙනවා නේද? කොහොම හිටිය අයද කියල.

      Delete
  5. බලමුකෝ රනිල් තුමා නවසීලන්තෙන් හරක්, බැටළුවෝ, බටර්, චීස්, එහෙම ගෙනෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. රනිල් ගිහින් තියෙන්නේ ගේන්න නෙමෙයි... මිනිහා ළඟ ඉන්න ගොන්නු ටික එහේට දෙන්න පුළුවන්ද කියලා බලන්න...

      Delete
  6. වැඩක් නෑ බන් මුන් ඔක්කොම එකයි. මයිත්‍රී මහත්තය අඩි 6ක් පෙනි පෙනී යු ඇන් පී එක එක්ක සෙට් වෙලා දිනපු වෙලාවේ උන් එක්ක තනි ආණ්ඩුවක් හදාගන්ට පුළුවන් වෙලාවේ යහපාලනයක් කියල දෙගොල්ලම කිට්ටු කරගත්ත එක තමයි ලොකුම මෝඩ කම. දැන් උන්ට උඩින් මුන් යනව මුන්ට උඩින් උන් යනව. සිරාවටම කොරගත්ත දෙයකුත් නෑ ජනතාවට ලැබුන සහනයකුත් නෑ. දැන් ලසන්ත මහත්තයාගේ බොඩිය අරන් ගොටාබය බය කරනවා. මෙව්ව මොන්ටිසෝරි යන පොඩි ඇවුන් කරන වැඩ වගේ. දැන් ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නවට වඩා නං කොරන්ට දෙයක් නෑ වගේ.. 🙄

    ReplyDelete
    Replies
    1. මෙලෝ රහක් නෑම තමයි... මහින්දයි සෙට් එකයි තමයි පොඩි ආතල් එකක් හරි දෙන්නේ...

      Delete
  7. 2020 වෙනකොට අඩුම ගානේ යහපත් සමාජයක් සඳහා මූලික අවශ්‍යතාවයන් වත් ගොඩනගා දෙන්න පුලුවන්නම් අගය කරනවා. ඒ ටිකවත් නොවුනොත් මේ අවසාන රාත්‍රී භෝජනය තමයි කියලා හිතාගන්න වෙන්නේ. අමතක නොකල යුතු කාරනය තමයි,,,,අපි ජීවත්වුනේ මොන වගේ සමාජ, දේශපාලන වටපිටාවකද යන්න. ඒවා මිනිසුන්ට අමතකවෙන එක තමයි වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. ++++++
      මේක ලංකාව කියන එකයි ලංකාවේ චන්ද දායකයන්ගේ ස්වාභාවයයි මතක තියනවා නම් සංසංදනාත්මක හොඳ නරක තමයි හිතන්න ඕන කියන එක තේරෙනවා.
      හැබැයි ඒකට උග්‍ර ටොයියෙක් හෝ බයියෙක් වෙලා අනිත් පැත්ත ගැන වයිරයක් හා තමන්ගේ නායකයන්ට වඳින මානසිකත්වයක් තියනකොට අමාරුයි.
      එහෙම නැත්නම් ඕක නිකම් බැලන්ස් ශීට් එකක් බලනවා වගේ ලේසියි.
      කවුද වඩා නරක, නරකවල ප්‍රමාණාත්මක හා උග්‍රබව කම්පෙයාර් කරන එක විතරයි. "හොඳ" කියන්නේ "නරක අඩුවීම" පමණයි කියන එක පිලිගන්න හුඟක් බලාපොරොත්තු සහිත අය කැමති නෑ

      Delete
    2. /////හැබැයි ඒකට උග්‍ර ටොයියෙක් හෝ බයියෙක් වෙලා අනිත් පැත්ත ගැන වයිරයක් හා තමන්ගේ නායකයන්ට වඳින මානසිකත්වයක් තියනකොට අමාරුයි.///////////

      මෙන්න මේ ටොයිබයිසිරෝසිස් ලෙඩේට බෙහෙත් හොයාගන්නකං මිනිස්සු විවෘත මනසකින් කිසිම දෙයක් දිහා බලන්නේ නැහැ. දේශපාලනේ විතරක් නෙමේ සමාජ, ආර්ථික, සංස්කෘතික ගැටළුවලදිත් ඒක එහෙමම තමයි. ආගම් දිහා බලන්නෙත් එහෙමනේ.

      Delete
    3. ප.ලි.
      බයියන්ට වඩා අකමැතිවීම යනු ටොයියන්ට කැමතිවීම නොවේ

      Delete
    4. ටොයියන්ට වඩා අකමැතිවීම යනු බයියන්ට කැමතිවීමත් නොවේ. නැද්ද මං කියන්නේ...

      Delete
    5. @ Dawn Distilling-Toddy,

      ලංකාවේ දේශපාලනය, ආගම්/විශ්වාස, බ්ලොග් පෝස්ට් යන ත්‍රිත්වය සීරියස් නොගන්නෝ ඒවා සීරියස් ගන්නන්ගේ උදහසට පාත්‍රවෙති.

      Delete
    6. සරණං ගච්චාමි වුනාම වටේ පේනවා අඩුයිනේ ප්‍රා.

      ඩෝන් ඩිස්ටිල්ඩ් ටොඩි....මරු ට්‍රාන්ස්ලේශන් එකක්නේ.

      Delete
    7. දෙගොල්ලටම වෙලා තියෙන්නේ හීනෙන්වත් හිතාගන්න බැරි කේස් එකක් නිසා ඔල්මොරොන්දම් වෙලා ඉන්නේ..

      ඔය රත්නපුරේ පැත්තේ මැණික් හම්බ වෙන උන්ටත්, කෝටී ගනන් ස්වීප් ඇදෙන උන්ටත් මෙහෙම වෙනවා... අන්තීමට කරපු දේකුත් නැතිව කෙලවෙලා යනවා..

      Delete
    8. මගෙ දෙමව්පියන් ඇරෙන්ට (එයාල චන්දෙ පාවිච්චි කලේ මයිත්‍රී ට) අක්ක මම නොරට ඉඳලත් මයිත්‍රී මහත්තයාගේ ජයග්‍රහණය ට සන්තෝස උනා. අරුණ අයිය එක්ක එකගයි. ඒත් කලින් වගේම ඩීල් දාන එක ගැන දුකයි. මේ ඔක්කොම තමන් ගොඩ යන්න දාන සෙල්ලම් කියල පොඩි ළමයෙකුට උනත් තේරෙනව.

      Delete
    9. @ mathe - ඔන්න මාතලන් බොස් නියම උදාහරණය දුන්න. 👊🏽

      Delete
  8. //ගිය අවුරුද්දේ ගෙනා බජට් එකේ අන්තීමට ඉතුරු උනේ "ගරු කතානායක තුමනි" කොටහා ඉතරමය.//
    මේක යහපාලනය ට අපහාස කරන්නම දැම්ම කෑල්ලක්. මුදල් ඇමති කියවපු බජට් එකෙන් ඉතිරි වුණේ මේ කෑල්ල විතරක් නෙවෙයි. අර අන්තිමට කිව්ව "ස්තූතියි" කෑල්ලත් ඉතුරු වුණා.

    ReplyDelete
    Replies
    1. රාහු කාලෙනෙ ඒක කියෙව්වේ

      Delete
    2. එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා ගරු කතානායක තුමනි...

      Delete
  9. කවුද කියන්නේ මේ ආන්ඩුවෙන් වැඩක් වුනේ නැහැ කියලා...

    ගිහින් අහන්න අර්ජුන් ඇලෝසියස් මහත්තයාගෙන්....

    එතුමා ගේ පෙර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගම පසුගිය මාර්තු 31 දිනෙන් අවසන් වන මූල්‍ය වර්ශය සඳහා වාර්ශික ආදායම රුපියල් 5,124,321,124 හෙවත් බිලියන 5.124 ආදායමක් ලබලා නේ....මදිද ඉතින්??

    ReplyDelete
    Replies
    1. හූ...... හූ....... ඔයාලට ඒක විතරනේ තියෙන්නේ....

      Delete
    2. පවු බන් උඹ....

      Delete
  10. ඔය කිරියට ඔය ජන මාධ්‍ය අමාත්‍යංශය වගේ එකක් හරි සංස්කෘතික අමාත්‍යංශය වගේ එකක් දුන් නම් හරි. පිස්සු කියවා කියව ඉන්න.

    ReplyDelete
    Replies
    1. මර්වින් සිල්වට දුන්න එකත් හොඳ වැඩියි... නිකං විනෝද කටයුතු වගේ එකක් දුන්නා නම් හරි...

      Delete
  11. මාතේ, මේක ආණ්ඩුවේ ඔල්මොරොන්දන් වැඩ ගැන තේරෙන බාසාවෙන් ලියපු අපුරු විග්‍රහයක්. හිටං මහත්තයයි රනිල් ලොක්කයි මලාට හිතන්න නැතුව ඇති ගහක් ගලක් වගේ හිටපු මහින්ද මහත්තයව ගෙදර යවලා උන්ට රජ වෙන්න හම්බෙයි කියලා. ඩෑල් ටික දැන් වැඩ කරන්නේ අර ජෝ අබේවික්‍රම රඟපාපු අන්දරේ බයිස්කෝප් එකේ රෙන්ඩ ගිහිං මැණිකක් හම්බෙලා කොළඹ ගියපු අන්දරේ වාගේ.

    මේවා යන්නේ බ්ලොග් වල මිසක් පත්තර වල නොවන හින්දා හිටං ලොක්කා මේක දකී කියලා හිතන්න අමාරුයි. රනිල් ලොක්කනම් ඉතින් සිංහල බ්ලොග් තියා සිංහල පත්තරයක්වත් කියවන එකක්යැ. අම්මපා නරකද බ්ලොග් ලියන උන් ටික එකතු වෙලා මාසෙකට සැරයක් වත් පත්තරයක් ගැහුවොත්. මොකද හිටං මහත්තයා මොනවා නොකෙරුවත් උදේට ඇක්සයිස් කොරන එකයි පත්තරේ කියවන එකයි වරද්දන්නෙ නෑනේ. මේවගේ එකක් දැකලා හරි හැදුනොත් යහපලනෙට චන්දෙ දුන්න අපිටනේ බං ආඩම්බර.

    ReplyDelete
  12. මෙහෙමය..... මෙහෙමයි..... ඔය විමලයා දෙන ආතල් දිලත් නෑ දෙන්නත් බෑ ඔය මොන ගොනෙක්ටවත්.....

    ReplyDelete
  13. මෙහෙමය..... මෙහෙමයි..... ඔය විමලයා දෙන ආතල් දිලත් නෑ දෙන්නත් බෑ ඔය මොන ගොනෙක්ටවත්.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න