.

.

Dec 22, 2016

කෝච්චි කෑලී හෙවත් යාඩ් එකේ ආදරය (23+) - The Love Train (13+)




බුකියේ (facebook) අතිශයින් ජනප්‍රිය - සයිබර් වරිගේ උන්ඩියාගේ නිර්මාණයකි

"ඕයි....තෝ නිදිද උට්ටො.....?....."

"ම්හ්....මොකක්....?"

"නැගිටපං පරයො බල්ලෙක් වගේ බුදියන් නැතුව....."

"මොන පුකක්ද බම්?......මොකද තොට වෙලා තියෙන්නෙ?....නිවාඩු දවසෙවත් බුදියන්න දීපන්කො.....මොකද?...."

"හරි හරි උඹ බුදියපන්....රෙද්ද.....මම හැම එකාටම පුක ගෙවෙන කල් සප් එක දෙනව, මට ඕන වෙලාවට බල්ලෙක්කත් නෑ.....උට්ට...."

"හරි අරි ....කියපන් .... මොනවද උඹට වෙන්න ඕන...?"

" අඩෝ මට කෑල්ලක් ගැන පොඩි මෙව්ව එකක් තීනවා බං...... හීනියට.....ලාවට...."

"අම්මට්ට උඩ්ඩු ....ඒකයි තෝ මේ රෑ තිස්සෙ මනෝපාර ගහගෙන ඉන්නෙ.....වෙනදට වඩා දුම දානවත් වැඩියි මේ ටිකේ....කියපන්....කවුද අයිටම් එක?..."

" අරකි බන්.....අර දෙකයි කාළට විතර රාගමට එන්නෙ.....ඇවිත් වවුනියා යන එක....."

"මොම්.....මොනවා....බුද්දු අම්මෝ......උඹ කියන්නෙ එකයි හතළිස් පහට කොටුවට එන.....?"

"අන්න ඒකි තමයි බං.....අඩෝ පට්ටම කෑල්ල බං......ඇස් දෙක දැක්කත් ඇති.....හැතැම්ම ගාණක් දුරට වදිනව.......මාර ඇඟ බං....හෙණ ෆිට් ෂේප් ඇඟක් ඒකිට තියෙන්නෙ.....ෂුවර් එකට ජිම් යනව ඇති......ට්‍රැක් ස්විච් එකේදි ගස්සනව ගැස්සිල්ලක්, ආයෙ පිස්සු හැදිලා, හොඳවෙලා, දිගට දිගට හැදෙනවා.......අම්මෝ මට බෑ යකෝ......මතක් වෙනකොටත් ඩීසල් රත් වෙනවා"

"උට්ටො.....තෝ ඔය කියන්නෙ කා ගැනද දන්නවද?......රජරට රැජිණි ගැන......යාල් දේවිගෙ දුව රජරට රැජිණි......මැරුම් කන්නද හදන්නෙ?...."

"ඉතින්.....ඒකි මොකීගෙ මොකා උනාම මට පාන්ද?.....උඹත් මාර සෙවළ උට්ටෙක්නෙ බං බලාගෙන ගියාම .... ඒකි කෙල්ලෙක්, මම කොල්ලෙක්....ඉතින් ... මට ඒකිට ක්‍රෂ්.....මොකක්ද අවුල.....? "

"උට්ටිගෙ පුටෝ.....ගොන් ෆගයො....තොට ඔලුව හොඳ නැද්ද.....?.....නොදර්න් ලයින් එකේ දෙවනි මේන් එක ඒකි......මේන් එක වෙච්ච යාල් දේවිගෙ දුව.....ඒකිගෙ නැන්දා සදර්න් ලයින් එකේ රුහුණු කුමාරි.....උඩරට මැණිකෙ ඒකිගෙ පුංචි අම්මා.....වයිස් රෝයි උන්ගෙ සීයා......රාජධානි කියන්නෙ ඒකිගෙ මල්ලි.....උන්ගෙ පවුල එක්ක අපිට හැරෙන්නවත් පුළුවන්ද...?.....තෝ ඕවා ටෙක්නීෂියන්ලා ඉන්න තැන්වල එහෙම කියනව නෙමෙයි.....තෝව කෑලි පහකට ගළවලා කෑලි තුනක් මරදානෙ තියලා, ඉතිරි දෙක ගාලු යවයි උන්ට ඇහුණොත්......ආයෙ උඹ දන්නවනෙ උන්ගෙ පවුලට තියෙන පවර් එක ගැන...."

"ඒ උනාට ඒකි එහෙම නෑ බං.....ඒකි ලොකු සීන් තියෙන නළලට ගත්තු එකියෙක් නෙමෙයි.....දවසක් මම මරදානේ දෙකේ ඉන්නකොට ඒකි ළඟින් ගෑවීගෙන වගේ ගියා බං......හෙණම ළපටි බැල්මට් එකක් දැම්මා.......මමත් හෝන් පාරක් ගැහුවා....ඒකි හැරිලත් බලාගෙන ගියේ......"

"හරකො.....හිතපං පොඩ්ඩක්.....තෝ කොටුව - හලාවත ස්ලෝ ට්‍රේන් එක......මම කවුද?.....මම පුත්තලම කාගෝ එක.......දැළි කුණු පෙරාගෙන හිඟන්නෝ වගේ අපි කොහොමද බං ඒ වගේ එකක් අඩුම ගානේ.......පිස්සුනෙ බං.....උඹට අඩු ගානේ ඒකිගෙ පස්සෙන් හැතැම්ම දොළහක් අල්ලන්න පුලුවන්ද ස්ටෝල් වෙන්නෙ නැතුව.....ඒකි එක්ක වංගුවක් ගහන්න පවර් එක තියෙනවද උඹට....?.....ඒකිව රවුමක් ගස්සන්න පුලුවන් එන්ජිමක් තියෙනවද උඹට.....?......අනේ මේ නිකන් ඉල්ලන් මාමයිට් ගාගෙන බෝඩිමටත් කෙළෝගෙන හබස් වෙන්නෙ නැතුව, උඹට රන් කරන්න පුලුවන් එකක් කරපන් බම්.......අනික ඔය ලොකු පවුල්වල කෑලි ගෙවන ලයිෆ් එක දන්නවනෙ....?......ඒකිව අදින්නෙ කැනේඩියන් උන්......මෙළහකට බ්‍රේක් පයිප් කඩාගත්තු තැන්වල මළකඩත් අල්ලලා ඇති.......තෝ රත්මලානෙත් හිටිය කිව්වම මම හිතුව ඩිංගක් හරි මොළේ තියෙන එකෙක් කියලා....."

"අනේ මන්ද ෆගෝ....."

"යකෝ......අර අලුත්ගම ඔෆිස් ට්‍රේන් එක උඹට ලයින්......මම දවස් කීපයක්ම නෝට් කළා ඒකි උඹට දාන බැල්මට් එක.... "

"මොන?....අර පහමාට්ට කොටුවට එන එක?...."

"ඔව් වොව්....ඒකි තමයි.....ඒකිත් මේ අපි වගේම දුප්පත් ස්ලෝ ට්‍රේන් එක බම්......අයිටම් එකෙත් එහෙම පේන්න දොසක් නෑ......උඹ ඔය එක්ස්ප්‍රස් අල්ලන්න ගිහින් ලයින් එකේ අපි දෙන්නටම කෙලෝ ගන්නෙ නැතුව, ඒ වගේ උඹට ගැළපෙන එකක් සෙට් කරගනින්......බලපන් ඒකි යන ගමනෙත් පොඩි සංවර ගතියක් තියෙනව......ඒකිගෙ තාත්තා ගාලු නයිට්මේල් එක..... හෙණම අහිංසක මනුස්සයෙක් බං......ලියුම් ඇදලා, පාර්සල් බෙදල තමයි ඔය කෙල්ලට ඉගැන්නුවෙ......කවද හරි උඹට හොඳ ගෑණියෙක් වෙලා ඉඳියි වෙන මොනව නැතත්......"

"අනේ මන්ද බං.... මොකක්ද අපි මේ ගෙවන ලයිප් එක කියල වෙලාවකට හිතෙනවා.....මාර වහක් බම් මෙහෙම ඉපදෙන එක.....මේ සමාජෙ වෙනස් කරන්ඩ ඕන....මේ කාළකණ්නි ක්‍රමය පුපුරුවා හරින්න ඕන..........ඇයි බං කොල්ලෙකුට තමන් කැමති කෑල්ලක් ටෝක් කරන්න මෙච්චර බාධා තියෙන්නෙ......?....උඹ අහල තියෙනවද අර රුසියාවෙ ට්‍රාන්ස් සයිබීරියා එක්ස්ප්‍රස් එක ලියපු පොතක තියෙනවා 

"ධූමරථයෙනි.....ගමනාන්තය ප්‍රේමයට බාධාවක් වන සමාජ ක්‍රමයක....."

"අනේ මේ යකෝ......නවත්තගනින් ඔය රුසියන් කෝච්චි වල බණ.......මම ඕවා අහල තියෙන්න උඹ වගේ ඉගෙන ගෙන නෑ.....හැබැයි මේ.....දැන් ඕක ඔලුවට ගහල උඹ බර ඩීසල් ගහනව එහෙම නෙමෙයි......මම දන්නවනෙ උඹෙ හැටි......ඊට පස්සෙ මෙතන කළු දුම දාන්නයි, ලීක් වෙන්නයි ගත්තාම මට බෑ ෂෙඩ් ක්ලීනර් අදින්න....."

40 comments:

  1. මේක පට්ට හොඳ එක.. බ්ලොග් එකේ දාල සංරක්ෂණය කරපු එක වටිනව..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම...

      හා හා හරි හාවා කියෙව්වද....?

      Delete
  2. කොච්චි පිස්සෙක් වෙච්ච මට නම් මේක සුපිරි ලියවිල්ලක්, ඉස්තුතියි සංරක්ෂණයට.

    ReplyDelete
    Replies
    1. කොච්චි නෙවෙයි දරුවා කෝච්චි කෝච්චි

      Delete
    2. මමත් කෝච්චියට පෙම් කළ කාළයක් තිබුනා....

      Delete
  3. Replies
    1. You are the fart sucker

      Delete
    2. // AnonymousDecember 22, 2016 at 10:55 AM
      You are the fart sucker //

      Mr Ano,

      I am really sorry to note that you have not been introduced to the fabulous works of Rev. W. V. Awdry!

      What a shame!!!

      Delete
    3. here he is

      https://www.youtube.com/watch?v=5y3xfyq6eo0

      Delete
  4. අපරාදෙ ඌ බුකියෙ ලියන්්නෙ

    ReplyDelete
    Replies
    1. බුකිය මීට වඩා ඇක්ටිව්... ජනම් එකත් වැඩියි...

      Delete
  5. නියමයි. බ්ලොග් ලෝකේට කැන්දාගෙන ආවොත් නරකද?

    ReplyDelete
    Replies
    1. හෙමීට අහන්න ඕන.. එක්කෙනෙක් ගෙනාවා තව කෙනෙක් මඟ එනවා.. සයිබරෙගෙනුත් අහන්න ඕන බලන්න...

      Delete
  6. මාර හැකියාවක් මිනිහට තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙවෙයි මල්ටි ටැලන්ටඩ් නැෂනල් ඇසෙට් එකක්...

      Delete
  7. මන් ඕක ඊයෙ බුකියෙ කියෙව්වා පට්ට

    ReplyDelete
    Replies
    1. මටත් හිනාව නවත්ත ගන්න බැරි උනා...

      Delete
  8. හැක්.. හැක්.. පට්ට ලියමන.

    ReplyDelete
  9. අඩෝ! කෝච්චි ලවර් කෙනෙක්ට මරු!!

    ReplyDelete
  10. මේක නං පට්ටම පට්ට සිරා!!!

    ReplyDelete
    Replies
    1. පොරගේ ඔක්කොම ඔය වගේ... සොලිඩ්

      Delete
  11. මටත් කෝච්චියක් වෙන්න තිබුනා නම්. රේල් පීලි දෙකක් උඩ උදේ හවා ගමනේ යා..

    මමයි දුම්රිය
    ඇයි ඔබ පිපුණේ
    රේල් පීල්ල උඩ..
    (බණ්ඩාර කේ. විජයතුංග )

    ReplyDelete
    Replies
    1. රේල් පීලී එක්වෙන තැන් පිටකොටුවයි මරදානයි අතරේ ඕන තරම් තියෙනවා... නෑ කිව්වට...

      Delete
  12. මාතලන්

    ඕවා නෙවෙයි මේවා බලපන්,

    https://www.theguardian.com/business/2016/dec/23/uk-gdp-growth-brexit-industrial-services-construction-wages

    එංගලන්තයේ ඉන්න සම-හරක් තප්පුලෑවා නේද බ්‍රෙක්සිට් එකෙන් පස්සෙ එංගලන්තෙට කෙළවෙයි කියල, දැන් බලපිය වෙලා තියෙන දේ?

    UK GDP growth better than expected in Brexit aftermath !

    Industrial sector, services and construction perform better than expected, and wages at highest growth rate since 2013. The UK’s financial sector helped GDP grow by more than expected in the third quarter.

    The UK’s financial sector helped GDP grow by more than expected in the third quarter. Britain’s economy grew faster than previously thought in the three months after the Brexit referendum, rising by 0.6% compared with initial estimates of 0.5%.

    The unexpected upgrade to GDP came as the Office for National Statistics made surprise revisions across all sectors of the economy. The services sector – which covers around 80% of economic activity – the industrial sector and construction were all revised upwards.

    The services sector was the main driver of growth led by transport & communications, which expanded by 2.6% and the finance sector, which saw growth of 0.8% quarter on quarter.

    ReplyDelete
  13. මාරයි බං. ඌ බ්ලොගක් ලියන්නෙ නෑද?

    ReplyDelete
    Replies
    1. තාම නැහැ... හෙමීට ආරාධනාවක් කරන්න ඕනා...

      Delete
  14. මේ කතාව කියද්දි , මම බදුලු ගිහින් ආවා විතරයි. පොඩි මැණෙිකෙ කෝච්චියෙ ගිහින් උඩරට මැණිකෙ කෝච්චියෙ ආවා...ඒ නිසා කතාව වඩාත් රසවත්ව දැනුනා....ඒත් ඉතින් පිරිමි කෝච්චි නැති එක අවුලක්.

    කෝච්චි ගමන වගේම කෝච්චියත් යකඩ ගොඩක් උනාට , සුන්දර හිත් තියන අයට ඒ යකඩ ගොඩත් එක්ක ආදරෙන් බැදෙන්න පුලුවන් විත්තිය මේ ලියමන ඔප්පු කරල තියනව.

    ReplyDelete
    Replies
    1. සමහර උන් ඉන්නවා කෝච්චි නැති දවසට මරලා දැම්මා වගේ ඉන්න...

      Delete
  15. අයියෝ මරු හිනාවෙවී කියෙව්වා

    ReplyDelete
  16. කතාවනම් මසුරං, ඊලගපාර සයිට් එකකින් සයිට් එකකට කොපි පේස්ට් කරල දානකොට කෙලින්ම නොදා ඒ වෙනුවට Notepad එකකට දාල එතනින් අරගෙන Copy Past කරන්න.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න