.

.

Dec 7, 2016

බස් ගස් හා හූ ඉස් ද බොස් - Too many cooks spoil the soup



මේ රටට කොන්දක් ඇති නායකයකුගේ ඇබෑර්තුවක් ඇත. පොදු අපේක්ෂයා ලෙස ගෙනා කෙනා, එහෙම කෙනෙක් නොවනා බව බොහෝ පැහැදිලිය. නායකයකු කියන්නේ එක එකා ගහන පදවලට නටනා එකෙකු නොව, තමන්ගේ පදයට අනෙක් උන් නටවන්න පුළුවන් කෙනෙකුටය. "හරි හෝ වැරදි, බොස් ඉස් ඕල්වේස් රයිට්" කියන්නේ ඒ නිසාය. මේ බොස් නම් ඕල්වේස් බ්‍රේක් ඩවුන්ය. එක්ස්කියුස් එක ලෙස කියන්නේ ඒකට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය කියලාය. 


ඔහේ ඕකට ප්‍රජාතන්තවාදෙයි කිව්වාට අපිට නම් ඕකට කියන්න වෙලා තියෙන්නේ බඩකඩුත්තුවක්ය කියලාය. එක්කෝ, සියළු බලය අතට ගෙන, උන්නැහේ රට පාලනය කරන්න ඕනෑය. එහෙම නැතිනම් වෙන එකෙක්ට කොර ගන්න දීලා, විලියම් ගොපල්ලව වාගේ පිනක් දහමක් කොරගෙන ඉන්න ඕනාය. ආවේ විධායකේ එපා කියලාය. ඒ උනාට අඬන්නේ ඒකම ඉල්ලලාය. ඒත් ඉතින් පක්ෂය වත් හරියට හදා ගන්න බැරි මනුස්සයා, රටකට නායකත්වය දෙන්නේ කොහොමෙයි කියනා කේස් එකකුත් තියෙනවාය. 


එහෙමෙයි කියලා අගමැති කොරනා දේකුත් ඇත්තේ නැතිය. උන්නැහේ ගේන හොඳ හෝ නරක සියල්ල අවසානයේ අහෝසී වී යනවා නම් එක එක මළදාන උස්සාගෙන ඒමේ තේරුමකුත් නැතිය. ජනාධිපති තුමා ඊයේ පාර්ලිමේන්තුවේ කියන්නේ, "එක්ටා", එක පාරට අස්සන් කොරන්න දෙන්නේ නෑ කියලාය. ඒක කැබිනට් එකට ගෙනත්, එයිට පස්සේ පාර්ලිමේන්තුවට දාලා, එයිට පස්සේ ජනතාවටත් කියලා, ඔක්කෝම කරලා එනකොට, ඉන්දියාව වෙන එකෙක් එක්ක ගිවිසුම ගහලා තිබෙන්නත් පුළුවන්ය. මොකෝ ඉන්දියාව අවට තවත් රටවල් තියෙනා නිසාය. 

රථ වාහන දඩය අවම මුදල 2500 ක් කළ යෝජනාව මොකා ගෙනාවත් ඉතාම හොඳ දෙයක්ය. විනය හැදිය යුත්තේ දරුණු නීතී රීති මගින් මිස, බණ හෝ බයිලා කියා නොවේය. රූපවාහිනියේ හාවෙක් දාල තුන් තිස් පැයේම "පරෙස්සමෙන් ගිහින් එන්නෙයි" කිව්වට අපේ උන් එහෙම යන්නේ නැතිය. දඩේ වැඩි නම්, පඳුරු අස්සේ හාවෝ ඉන්නවා කියා ලැයිට් පාරක් වදුනොත් හෙම ඕන් බොහෝම පරෙස්සමෙන් යනවාය. ආයෙත් හෙල්මට් දාපු හාවෝ දෙන්නා පහු උන ගමන් පුකේ පැස්ටෝල් ගහපු බල්ලා වගේ ආතක් පාතක් නැතිව ෆෝමියුලා රේස් යනවාය. මිනිස්සුන්ට එහෙම යන්න පුරුදු කලේත් ඔය දියවන්නාවේ ඉන්නා හරක්ම මිස වෙන කවුරුවත් නෙමේය. 

මේ පිළිබඳ පැවති සාකච්ඡාවකදි, මොකා හෝ යෝජනා කොට තිබුනේ, වැරදි හතකට අවම දඩය 25,000/= කොරනා ලෙසය. එයද වැරදි දෙකක් හැර අන් සියල්ලටම සාධාරන බව ඔනෑම එකෙක් පිලිගන්නවාය. එහෙම කිව්වයි කියා හෙට ඉඳලා රුපියල් 25000/= ගහන්නේ නතෙයි කියනා බොහෝම සිම්පල් දේ ජනතාව අතරට යවන්න මේ ගොබ්බ ආන්ඩුවට බැරි උනේය. උන් කළේ සුදු ඉරි අඳින විකාරෙකුයි හාවෙකුයි දාගෙන මැති ඇමතිලා හා පොලිසියේ උන් දාගෙන අමු පිස්සුවක් කෙලීමය. 

එයට හේතුව උනේ ඇමතිවරු දෙදෙනා පක්ෂ දෙකක උන් වීම නිසාය. අලි පාටියේ උන් නානා තරමට සිරිසේනගේ ඇමතිවරු පට්ට ලැයික්ය. සිරිසේනගේ උන් නානා තරමට රනිල්ගේ උන් පට්ට ලැයික්ය. දෙගොල්ලෝම නානා තරමට මහින්දගේ උන් පට්ට ලැයික්ය. සිද්ද වෙන්නේ අර අන්තීමට කී දෙයය. මුන් දෙගොල්ලෝ එකතු වෙලා නාන අතරේ මහින්ද ලොක්කා මාළු ටික ඔක්කොම බාගන්නා එකය. 

බස් කේස් එකට බස් වලට ගහලා ගිනි තිබ්බා නම්, ගවපාලනයේ සෙට් එක හෙට අනිද්දා ගේන්න ඉන්නා විවස්තාව ගෙනාපු ගමන්, රටම ආයේ ගිනි තියනා බව ඉර හඳ මෙන් විශ්වාසය. බස් වර්ජනය දා මීගමුවේ සීන් එක දරුණුවටම ගියේ ආන්ඩුවේ උන් දොගොල්ලම එකතු වී නලවන "බබා" උන්නේ එහේ හන්දාය. බබා එහේ ඉඳන් නියමටම ගුලිය ඇඹරුවාය. හැම එකාම බලාගෙන ඉන්නේ, අනිකාට කෙලවෙනා තුරුය. ඒත් කට්ටියම එකතු වී කොරන්නේ රටට කෙලවන එකය. 

මේ සියල්ල කලේ මහින්දගේ පිරිසය, ඒ බව හතර අතේ නෝන්ඩි උන බස් ගැමුණුවා සාක්කි සහිතව ඔප්පු කළේය. බුද්ධි අංශ ඉන්නේ කුලියට මිනී මරන්න මිස වෙන මළදානෙකට නොවේය කියන එකත් බොහෝම පැහැදිලි උනාය. මුන් බස් වලට ගල් ගැහුවේ මන්ත්‍රි පඩිය වැඩි කර ගත්ත නිසා හෝ මහ උන්ගේ රථ ගාය නිසා නෙමේය. එහෙම ගැහුවා නම්, අපිටත් ගලක් දෙකක් කෙලලා අරින්න තිබ්බේය. ඒත් මුන් ගල් ගහන්නේ, රට හදන්න පුළුවන් යෝජනා ගෙන ඒන් විටය. කලින් කිව්වා වගේ මේවාට ඉමීඩියට ඇක්සොන් ගන්නට එකෙක් ඇත්තේ නැතිය. බස් ගිනි තිබ්බා නම් ඒත් මෙහෙම්මමය. 

පොලිස්පති සෑර්ලාගෙන අවසර අරගෙන වැඩේට බහිනා කොට, රට ගිනි තියලා අහවරය. මේ සියල්ලට හේතුව රටට නායකත්වයක් නති වීමය. ඒ හන්දා දැන් හැම එකාම රට පාලනය කරන්නට පටන් අරගෙනය. 

ඉස්සර ඉඳලාම දොස්තරවරුයි, කහකඩ පාන්කඩ හැත්තයි රට පාලනයට ඇඟිලි ගහුවෝය. උන්ට කෙලවෙලා ගියේ, මහින්ද ලොක්කා නිසාය. ඒත් දැන් ආයෙත් උන් පමණක් නොව බස් ඩැයිවර්ලාද, කොහේවත් හිටපු කාදිනල් කාරයාද, රට පාලනයට ඇඟිලි ගහන්වාය. 

ගෝල්පේස් එකේ නත්තල් ගහක් හදන්න මුලින් කාදිනල් ලොක්කා (දේශපාලනය කරනා උන් හඳුවන්නේ එසේය.) අවසර දීලා තියෙනවාය. එදා පස් පිඩැල්ල කැපු දවසේ ආශිර්වාද කිරීම සඳහා පූජකයෙක්ද එවා තියෙනවාය. ඒත් මහින්ද මහත්තයා මේක මළ විකාරයක් කියා කියපු ගමන්, මහින්දගේ බත් බැලයෙක් වන කාන්දිනල් උන්නැහේ ඔල්මොරොන්දම් වෙනවාය. මුන්නැහේ මහින්දට කඩේ යන්නේ, මහින්ද ලොක්කාගේ අග බිසවුන් වහන්සේ හන්දාය. කිසි දිනෙක පිචං වැඩ නොකල පල්ලිය හත් පොලේ ගා ගන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා නත්තල් ගහ හදන වැඩේ නාස්තියක්ය කියලාය.

ඕක මහින්ද හැදුවා නම්, වෙන එකෙකුටවත් එන්න නොදි බ්ලෙස් කරන්න එන්නේත් මුන්නැහේමය..

එයාට දුප්පත් උන් ගැන මාර කැක්කුමක් ඇති වී තිබේ. මහින්දගේ කාළේ රතුපස්වල පල්ලියේ ආරක්ෂාව පතා ගිය පිරිසට පුක නැති වෙන්න දෙද්දී, මුන්නැහේ උන්නේ ස්වර්ග රාජ්ජයේ වෙන්නට ඇතිය. මීගමුවේ ඇන්ටනීලාගේ ඔළු කටු කුඩු කරද්දි, මුන් වහන්සේ දෙවියන් වහන්සේ හා මක්කා හරි කොර කොර ඉන්නට ඇතිය. (අඩු ගානේ ක්‍රිස්තියානු මැති ඇමතිවරුන්ද, කෝටි ගනන් වාහන ගනිද්දි, ඒවා ගන්න එපා කියා කිව්වා නම්, ඕන් මෙයා දුප්පතුන් ගැන මාර අමාරුවක් තියෙන එකෙක් කියා අපටත් හිතෙනවාය.)

අපි ආන්ඩුවෙන් අහන්නේ, මොන අමාත්තියන්සෙන් හරි කරනා දේවල් වලට එක එක ආගම්වල පූජකයන්ට ඇඟිලි ගහන්නට ඉඩ දෙන්න ගියොත් හෙම හෙට සිඳුවන්නේ මක්කාද කියලාය. මල්වතු අස්ගිරි දෙන්නා සියළුම සතුන් මරා කෑම නවත්තන්නෙයි කීවොත් ඒකත් කොරනවාද? (ජේ ආර් ගේ කාළයේ මිරිදිය මසුන් බෝ කිරීමට විරුද්ධව මෙහෙම කේස් එකක් ආවේය.) ලබන් වෙසක් එකට තොරණ බැදිල්ලත් පිස්සු වැඩක් කියා මුන්නැහේ කීවොත් හෙම තොරණ බැදිල්ලත් නවතා දමනවාද? දැන් ඔය ෆයිව් ඉස්ටාර් හෝටල් වල තිබෙනා ක්‍රිස්මස් ඩෙකරේසොන් ඔක්කෝම නවතා දමනවාද? ඇමරිකන් බයිලා කියන්නේ මේවාටය. 

කාදිනල් ලොක්කාට අපිට කියන්න තියෙන්නේ. ආතල් හා ඉතා සාමකාමි ජනතාවක් සිටින ආගමක්, දේශපාලන ඇජෙන්ඩා වාට දමා රටේ නැති ප්‍රශ්ණ ඇති කොරන්න එපා කියලාය. ගස් හැදිල්ල නවත්තනවා නම්. නත්තල් සමයේ පාර පුරා විකුණන නත්තල් ගස් විකීනීමත් නවත්වා දමනවාද? කාදිනල් කිව්වා කියා මිනිස්සු ඒවා නවත්තයිද? ඒවායෙන් යැපෙන්නේ පෝසතුන්ද? එහෙම නත්නම් ජාතික කෙමයට යමින් ක්‍රිස්තියානි කාරයාට බෝධියේ බලුබ් දමන්න කියනවාද?

ඔහේට වතිකානුවෙන් තනතුරක් දී ඇත්තේ, පිස්සු කෙලින්නවත් රටවල් පාලනය කරන්නටවත් නොව, ආගම ප්‍රවර්ධනයට හා මිනිසුන්ට ධර්මය අවබෝධ කිරීම සඳහාය. අපි පත් කර ගත් පාලකයන් අපට සිටි. මේ රට පාලනය කොරන්නට හා මින්ස්සුන්ගේ සිතුම් පැතුම් වලට ඇඟිලි ගැසීමට ඕහේලාට තබා තලෙයිබාන් බෞද්ධ කහ කඩ පාන්කඩයින්ටත්, මුල්ලාවරුන්ට් තබා කුරුක්කල්ලාටවත් අවසරයක් ඇත්තේ නැතිය. මුන්ගේ වැඩක් උන්ට බලාගන්නේයි කියා කියන්නට කොන්ද පන නැති නායකයෙක් නැති විම, රටේ මෙන්ම ජනතාවගේද කරුමය හා උරුමය වී ඇත්තේය.

කියවන්න....

<< නත්තල් ගහේ ඇත්ත කතාව >>

44 comments:

  1. සර්වබලදාරී මහින්ද මහත්තයාට ජය වේවා හිටන්!

    ReplyDelete
    Replies
    1. කාදිනල්ගේ මෙන්ම ස රස තුමාගේත් දෙවියන් වහන්සේ...

      මහින්ද රාජපස්සය...

      Delete
  2. \\..මුන් දෙගොල්ලෝ එකතු වෙලා නාන අතරේ මහින්ද ලොක්කා මාළු ටික ඔක්කොම බාගන්නා එකය. ..//

    කොහෙද ඉතිං බං අපිට කියල කියන්ට කිසි දෙයක් ඉතුරු කරලයි උබ? ඔක්කොම කියලනේ හිටං 👊🏽

    ReplyDelete
    Replies
    1. පොර නම් එළ බුවෙක් අප්පා... මුන්ට බෑ ඒ මීඩීයා කවරේජ් එකේ දශමයක්කත් කොර ගන්න...

      Delete
  3. මිරිදිය මමසුන් නැවැත්තුවේ ජේ. ආර්ගේ කාලේ නෙමේ.ප්‍රේමදාස ගොයියාගේ කාලේ. ඒ වෙච්ච හාන්ය අදටත් හදන්න බැරිවෙලා . නැතිවෙච්ච පුහුණු ශ්‍රමය ගන්න අදටත් බැහැ මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මොකා කාළත් බොහෝම හොඳ දෙයක්... අද බොහොම අඩු මුදලට මිනිස්සුන්ට පෝෂණය ලබෙනවා.... ඒ වගේම බොහෝ පිරිසක් එයින් ජීවත් වෙනවා...

      Delete
    2. හොඳ දෙය නවත්තපු එකද ආයේ පටන් ගත්ත එකද?

      Delete
    3. ඔයා හිතන්නේ කොහොමද...?

      Delete
  4. නාන්න වෙනවනේ.
    රවිරාජ්, ලසන්ත සහ තවත් ගේම්ස් වලට ෆොනී විදානෙත් ගෑවිලා ඉන්නකොට.
    නීතිය ක්‍රියාත්මක වෙනව කියන්නෙ ෆොනී ආයෙමත් වැලිකඩ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නෑ...

      Delete
  5. කාදිනල් තුමාට මේ නත්තල් ගහ නවත්තන්න තිබුනේ මිට මාස තුනකට කලින්. දැන් ගහ හදලා ඉවරයි. සවිකරන්න විරයි ඉතුරුවෙලා තියෙන්නේ. මේක නැවැත්තුවා කියලා දුප්පතුන්ට දෙන්න දෙයක් නෑ. පරන යකඩ වලට විකුනලා මිනිස්සුන්ට දන්සැලක් දෙන්න යාන්තම් පුලුවන් වෙවි. දැන් යකඩත් ගනන් අඩු නිසා කුනු කොල්ලෙට තමයි දෙන්න වෙන්නේ. මේක හදලා ඉවරවෙනකම් ඉදලා නවත්වනවා කියන්නේ මහ මෝඩ වැඩක්.

    ReplyDelete
    Replies
    1. අපේ උන් ඔය වැඩේට මාර දස්සයි නේ...

      ඒ කියන්නේ අස්සයා පැන ගියායින් පස්සෙ තමයි ඉස්තාලේ වහලා දාන්නේ...

      Delete
  6. මාතලන් ලොක්කා

    කාදිනල් ලොක්කාගේ වැඩපිලිවෙල ගැන කියවලා කතෝලික දහම අදහන මටත් හරිම අප්‍රසාදයක් ඇතිවෙලා තියෙන්නේ.

    හැම රෙද්දක්ම අස්සට අතදාලා පස්සේ "කනවෝ - කනවෝ" කියලා සද්දේ දානකොට පාප් තුමාටවත් ඔය කාදිනල් ලොක්කාව බේරාගන්න බැරිවෙනවා

    දේශපාලනය "දේශපාලන හොර රැලටම" බාරදීලා තමන් දන්න ආගමික කටයුතු කරගෙන ඉන්න බැරි ඇයි ඔය යකාට? ???

    නත්තල් ගහ හදන්න ආන්ඩුවේ හෝ රටේ සන්වර්දනයට වෙන්කල මුදලක් ගත්තා නම් වැඩේ වැරදියි. නමුත් නොමිලයේ ලබාදුන්නු ශ්‍රමය සහ ධනය යොදවා කරන මේ වැඩේට කාදිනල් ලොක්කා ඇගිලි ගැසීම් කිරීම අපි තරයේ හෙලාදකිනවා

    ගිනස් වාර්තාව කැඩුවොත් කාදිනල් ලොක්කා එහි නම්බුව අරගන්න මැද්ද්ට පැනගනීවි

    මෙව්වා රට්ටු හිනස්සන "කාදිනල් ජෝක්ස්"....

    == Adrian from Toronto

    ReplyDelete
  7. No comments about "country's politicians or their leadership.

    Bcs you guys voted and got elected those idiots.

    Everlasting suffering with "lots of VAT" & "corruption"

    (Your post is fantastic today)

    ===Adrian from Toronto

    ==

    ReplyDelete
    Replies
    1. You have to select the best among the worse...

      No choice....

      Delete
  8. පල්ලියේ කරන අනවශ්‍ය වියදම් දකිද්දි මේ නත්තල් ගහ නන් විහිළුවක් විතරයි... අර කැතීඩ්‍රල් එකට ගත්තා පියානෝ එකක් මිලියන ගානකට... එතකොට ඔය කාදිනල්ලගෙයි ෆාදර්ලගෙයි කට ඇරුන්නෑ... අනික දැන් මේ ඉතුරු සල්ලි ටික මිනිස්සුන්ටම දෙයි ද?? නෑනෙ...

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කරන්න හියාම කරන්නේ මොකක්ද කියලා දන්නේ නෑ... පිස්සුමයි කෙලින්නේ...

      Delete
  9. ඔයා දන්නේ නැද්ද සමහර පොලිසිවල රථවාහන නිලධාරීන්ට ස්ථානාධිපතිවරයා විසින් ටාගට් කවර් කරන්න නියෝග කරනබව.
    එනම් තම වැඩමුරය තුල දඩ10ක් අනිවාර්යයෙන්ම ලබාගතයුතුයි යනාදී ලෙස නියෝග කරන බව. දන්නේ නැත්නම් පොලිස් යාළුවෙක්ගෙන් අහගන්න.
    25000 දඩයත් ටාගට් වලට ඇතුල් නොවෙයි කියා විස්වාසද?

    ReplyDelete
    Replies
    1. දන්නවා.... ඒ අල්ලන්නේ වැරදො කරන උන් මිසක් වැරදො නොකරන උන් නෙමෙයි...

      Delete
    2. වැරදි නැති කෙනෙක් මෙදියතෙහිම නැත.

      Delete
  10. රට පාලනයට පුද්ගලයො ඕන නැහැ.
    රට පාලනේ කරගන්න පුද්ගලයො හොයන්න ගිහිං තමයි ලෝකෙ ගොඩක් රටවල්වලට කෙළවුණේ. (අපටත් ඇතුලුව)
    රට පාලනේ කරන්න ක්‍රමවේදයක් ඕන...
    රාමුවක් ඕන... ඒකෙන් පිට පනින්න ලැජ්ජා වෙන පාලකයො ඕන...
    පිට පැන්නොත් මෙන්න පිට පැන්නා කියලා පෙන්නන්න පුළුවන් ඈයො ඉන්න ඕන...
    (යූඇන්පියේ පිට කහන සිවිල් සමාජය වෙනුවට)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම හැමදම කියන්නේ.. අති දරුණු නිතී රීති ගේන්නම ඕන. ඒ වගේම කිසිම බේදයකින් තොරව නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. මාධ්‍යට පූර්ණ නිදහස තියෙන්නේ ඕන. ඒත් ඒකෙත් පිස්සු කෙලිනවා නම් අල්ලලා ඇතුලට දාන්න ඕන.

      Delete
  11. මහින්ද නැතුව රට කිරීම කෙසේ වෙතත් දේශපාලනේ කියන වචනෙ වත් කියාගන්න බැරි සීන් එකක්නෙ බලාගෙන යනකොට තියෙන්නෙ.දියවන්නාවෙ තියන ලෝකෙ ලොකුම ගවලෙනේ පෙන්නන දර්සන බලනකොට දුක හිතෙනවා... අකමැටියගෙන් ප්‍රස්නයක් අහපුවාම වචන දෙකයි උගෙ.. ඉතුරුවා මහින්ද ගැන.ඒ මදිවට පඩිත් මදි ලු.අහවල් දේ කොරනවාටද දල්ලෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මහින්දට පින් සිද්ද වෙන යන අවුරුදු දෙකක් නේ... ඒකයි නිතරම මතක් කොරන්නේ...

      Delete
  12. නත්තල් ගහ වෙනුවට ගෝල්ෆේස් එකේ හදන්න තිබුනේ එල්ලුම් ගහක් කියලා මම ඕක හදන වෙලාවේ යාලුවෙකුට කිව්වා. ඌ පෙරේදා මට කෝල් එකක් දීලා කියනවා අර නත්තල් ගහ දැන් එල්ලුම් ගස් යවලා කියලා.

    ReplyDelete
    Replies
    1. උඹත් අර සුමනදාස වගේ අනාවැකි කියන්න ගත්තා නම් මරු අරූ

      Delete
    2. සුපිරි කියමන අරු. ආයේ කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.

      Delete
    3. දැන් බාගෙට හදපු නත්තල් ගහේ හොද නැව් ගෙටගහන කඹ (Mooring Rope) ටිකක් එල්ලලා අපේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවෝ ඔක්කෝමයි උන්ව පුම්බන උන්ට කඩේයන හෙන්චයියෝ ටිකයි පාදිලියෝයි ගනින්නාසේලයි මුලධර්මවාදි හම්බයෝටිකයි එල්ලන්න ඔ්නේ.එල්ලලා මරන්න ඔනේ එතකෙට අම්මට සිරි ලංකාව සුපිරි රටක් කරන්න පුළුවනි. (නිකං කඹ වලින් මුන්ව එල්ලන්න බැරි නිසයි නැව් ගෙට ගහන කඹ (Mooring Rope) ගන්නේ.)

      Delete
  13. /එයාට දුප්පත් උන් ගැන මාර කැක්කුමක් ඇති වී තිබේ. මහින්දගේ කාළේ රතුපස්වල පල්ලියේ ආරක්ෂාව පතා ගිය පිරිසට පුක නැති වෙන්න දෙද්දී, මුන්නැහේ උන්නේ ස්වර්ග රාජ්ජයේ වෙන්නට ඇතිය. මීගමුවේ ඇන්ටනීලාගේ ඔළු කටු කුඩු කරද්දි, මුන් වහන්සේ දෙවියන් වහන්සේ හා මක්කා හරි කොර කොර ඉන්නට ඇතිය. (අඩු ගානේ ක්‍රිස්තියානු මැති ඇමතිවරුන්ද, කෝටි ගනන් වාහන ගනිද්දි, ඒවා ගන්න එපා කියා කිව්වා නම්, ඕන් මෙයා දුප්පතුන් ගැන මාර අමාරුවක් තියෙන එකෙක් කියා අපටත් හිතෙනවාය.)
    //ස්වර්ග රාජ්ජයේ සිට දෙස වදාල මාරු කියමන ටිකකි.
    හැබැයි ඉතින් බැටිස්ටා මහින්දට වඩා හොඳයි කිව්වනේ. මටනම් එහෙම බැලුවොත් චන්දෙ පැරදිලා ගෙදර ගිය මහින්ද හොඳ. මේ ගොල්ලගෙන් කොටසකුත් යවන්න පුලුවන්නම්.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි මදි ලොක්කා....

      Delete
  14. මේ බැඳුම්කර කේස් එක ගැන නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ අදහස;

    මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසන්නේ මහ බැංකු දැවැන්ත මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලනිප දැඩි කළකිරීමකින් පසුවන බවත්, එය අසූචි වළක් වැනි සිදුවීමක් බවත් , මෙම සිද්ධිය වැසීමට යමෙක් ක්‍රියා කරන්නේ නම් එය අසූචි ගා ගැනීමක් වැනි ක්‍රියාවක් බවද ඒ මහතා පවසයි.

    එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) පැමිණිලි 7,000ක් විභාග කිරීමට ඇති බව ප්‍රකාශ කර ඇති මුත් එම පැමිණිලි 7,000න්ම සිදු වූ අලාභයට වැඩි අලාභයක් මහ බැංකු බැඳුම්කර සිදුවීම හරහා සිදු වී ඇති හෙයින් ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණ සිදු කළ යුතු බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරන බවත් ඔහු පැවසීය.

    මේ ගැන මාතලන් ගේ මතය මොකක්ද? හැබෑටම මරාල අවු. 10ක් කළායි කිව් හොරකම් සියල්ලටම වඩා මේ බැංකු හොරකම ලොකුයි කියල සමහර ආර්ථික විද්‍යාඥයොයි පුද්ගලික අංශයේ මුල්‍ය විශේෂඥයොත් කියනව. මේක ඇත්තද?

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී පාර්ශවයේ උන් මේ දේම කබර රාලගේ කාළේ වෙනකොට කොහේද දන්නේ නෑ උන්නේ. ඔය වැඩේ හෙට වෙන එකෙක් කරනවා. මොකා කලත් ඒවා හෙන ගහන වැඩ. පර්පචුවෙල් එකෙට ගේම දෙනවා නම් කලින් උන්වත් පෝලිමේ ගේන්න ඕන. ඔක්කෝම එක්කහු වෙලා ඊ පී එෆ් සල්ලි ටික තමයි කන්නේ.. මහින්දලා ගහලා තියෙන්නේ ඔහොම නෙමෙයි බිලියන් ගනන්... දැන් මෙයාලා ට්‍රයි කරන්නේ ඒ ගාන බීට් කරන්න අවුරුදු දෙක තුනකින්...

      Delete
  15. ඕක තමයි අපේ රටේ හැටි ...
    කවදා හරි අපිට වෙන්නේ බුරුවා අරගෙන ගිය තාත්තටයි පුතටයි උන දේ

    ReplyDelete
    Replies
    1. වෙන්න දෙයක් නෑ... දැනුත් අපි කරන්නේ ඒකම තමයි...

      Delete
  16. අපරාදේ මේක නතර කලේ. මේක හැදුවා නම් මිනිස්සු කී දෙනෙක් මේක බලන්න එනවද. පොඩි පොඩි කඩ කාරයෝ මේකෙන් කීයක් හොයා ගන්නවා. මේක මෙහෙමනම් වෙසක් එකට තොරන් හදන්නනත් එපා කියයි. වෙසක් කූඩුත් එපා කියයි. දන්සැලුත් එපා කියයි. අඩුම තරමේ පන්සලේ පානක් පත්තු කරන්නත් එපා කියයි. එතනින් එහාට ලස්සනට ඇඳුමක් අඳින්නඑපා කියයි. ගෑණුන්ට මේකප් දාන්න එපා කියයි. ඇයි මේ හැම දේම නාස්තිකාර වියදම්නේ.

    (ජේ ආර් ගේ කාළයේ මිරිදිය මසුන් බෝ කිරීමට විරුද්ධව මෙහෙම කේස් එකක් ආවේය.) මේක ආවේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ වගේ මට මතක.

    ReplyDelete
    Replies
    1. පූජකයෝ උන්ගේ ඩියුටිය නොකර හැමිනෙන්න එනවා හැම රෙද්ද අස්සේම...

      Delete
  17. සමහරවිට ලොක්කට කොහෙන් හරි කොන්ත්‍රාත් එකක් ආවද දන්නේ නෑ ලොකුම එක අපේ වෙන එක වලක්කන්න කියල.. පිටින් හෝ රට ඇතුළෙන්ම..

    ReplyDelete
    Replies
    1. පෝඩ්ඩක් බලහන් මර්කෙල් නෝනා හරි බරක් ඔබාමා හරි එකක් හදනවද කියලා හිටන්....

      Delete
  18. ඕක දැන් කුඩුව වගේ තියන ටික ගෝනි වලින් වහලා ලංකාවේ ලොකුම හු[හ]ත්ත කියලා පෙන්නමු

    ReplyDelete
  19. රට කරවන මහ එවුන් දෙන්නගෙම අතින්, 'රට පාලනය' කියන දෙය ගිලිහී යමින් පවතින්නේ. කොහෙවත් කිසිම පාලනයක් නෑ.

    මහින්දයගෙ කාලේ ඌ පවුල පිටින්ම දෙපරන්දෙන් යන්න 'හෝල් සෙල්' හොරකම් කලත්, ඒ යකාගේ කාලේ හොඳ හෝ නරක පාලනයක් තිබුන. ඒ කාලේ අධිකරණයයි, GMOA එකේ ගොන් දොස්තරලයි, කොන්දොස්තරලයි ඇතුළු හැම එකාම වැඩ කරේ මහින්දයට ඕන විදියට මිසක් උන්ට ඕන විදියට නෙමෙයි. ඔය නානසාරය වගේ තක්කඩි ජාතිවාදී කහකඩයෝ තම්බින්ට ගේම ඉල්ලුවේත් මහින්දයට ඕන නිසා මිසක් උන්ට ඕන නිසා නෙමෙයි.

    සිරිසේන ලොක්ක ජන සමුහයක් අමතනකොට, වක්කඩ කැඩුව වගේ දෙලොවටම නැති මහා විශාල හෑල්ලක් දෙසාබානවා. තෝරාගත් පිරිසක් අමතනකොට උන්ට මෝඩ ආතල් දෙන්න බේගලයක් දෙසා බානවා. ඒ වගේ තමයි අර පත්තර කාරයන්ට කියල තියෙන්නේ 'රැහේ' එවුන් කියල. බම්බුව...අර සෝභිත හාමුදුරුවොයි, චන්ද්‍රිකා නෝනයි, යහපාලන සෙට් එකයි එකතුවෙලා ඔය යකාව එලියට ඇදගෙන ආවේ නැත්නම්, මිනිහ තාම ඉන්නේ මහින්දය ඇතුළු 'හොරුන්ගේ රැහේ.' එකයි ඇත්ත.

    දැන් ලැබුණයි කියන ප්‍රජාතන්ත්‍රවාදේ හරියට අවුරුදු ගානක් බඩ වේලිලා හිටපු එකෙකුට, නවතින්නේ නැති විදියට අතීසාරය හදුනා වගේ.

    ඕනෑ එකටයි එපා එකටයි හැම හාල්පාරුවොම හැම බඩකඩුත්තුවටම, ජන ජීවිතය අඩාල කරමින් පාරවල් වහගෙන මලඉලව් උද්ගෝෂණ කරනවා.
    GMOA එකේ ගොන් දොස්තර නඩේ, උන්ගේ වුර්තියට අදාළ නොවන කාරනා වෙනුවෙන් ටයි දාගෙන, බෝඩ් උස්සගෙන පාරවල් වහගෙන උද්ගෝෂණ කරනවා.
    පිනට ඉගෙනගන්න 'වෙන්ඩ MBBS' කොල්ලෝ වාට්ටු වලදී විතරක් අදින්න නියමිත සුදු දිග කබා ඇදගෙන, තවත් උන් වගේ රටේ දරුවන් පිරිසකට මුදල් ගෙවා ඉගෙන ගන්නට තිබෙන අවස්තාවන් නැති කරන්න කියල බෝඩ් උස්සගෙන පාරවල් වහගෙන උද්ගෝෂණ කරනවා
    රිය අනතුරකින් එකෙක් මළාම, ගමේ එවුන්ටික එකතුවෙලා මිනී පෙට්ටිය පාර මැද්දේ තියාගෙන, ටයර් පුළුස්සමින් පාරවල් වහගෙන උද්ගෝෂණ කරනවා.
    ගමේ එකෙක් අලියෙක් ගහල මළාම ඒ මිනී පෙට්ටියත් පාර මැද්දේ තියාගෙන, ටයර් පුළුස්සමින් පාරවල් වහගෙන උද්ගෝෂණ කරනවා.
    මාළු කාරයෙක් හරි මාළු බෝට්ටුවක් හරි මුහුදේදී අනතුරකට ලක් වුනොත්, කෝච්චි වලට යන්න නොදී, ගමම එකතුවෙලා රේල් පාරේ බුදිය ගන්නවා.
    තව ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලයි, කොන්දොයි මෙකී නොකී හැම වුර්තියකම එවුනුයි, අන්තරේ හැතිකරෙයි හැමදාම කොහේ හරි ප්‍රධාන පාරක් වහනවා ඉලවු උද්ගෝෂණ කියල.
    මේකටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? මේ අතොරක් නැති උද්ගෝෂණ වලින්, ඒවාට සම්බන්ධ නෙවෙන සාමාන්‍ය ජනයාට විදින්නට සිදුවෙන අතොරක් නැති පීඩාවන්, හිටන්ටයි, ලිච්චවීටයි පෙන්නේ නැද්ද? ඒවා වලක්වන්න බලය පාවිච්චි කරන්න බැරිද?

    මේ විදියට නීතියක් හෝ පාලනයක් නැති, ආර්ථික අතිනුත් ගරා වැටුණු පරිසරයක් තුල මිනිස්සු හිතන්න පටන්ගනීවී 'හොරා වුනත් හිටපු එකා එනවනම් හොඳයි කියල.

    ප. ලි,
    බැරි වෙලාවත් ඒකා ආපහු අවොත් මාතයි, අපියි මේ වගේ ලියලනම් හමාරයි පුතෝ!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න