.

.

Mar 6, 2017

ලූප් දැමිල්ල හා බාල්දි මෙතඩ් - Loop Method & Bucket Method



දඹුල්ලෙද කොහෙද ආන්ඩුවේ ඉස්පිරිතාලෙක දෙමළ ලේඩී ඩොකට්‍ර කෙනෙක් බබාලා හම්බ වෙච්චි අම්මලා ගෙදර යවන්න කලින් ලූප් එකක් දාගෙන යන්න කිව්වැයි කියලා හෙන කේස් එකක්. මොකෝ මැහුම් වේලෙන්න කලින් ආයේ හැමිනිලා ආයේ බඩ වෙලා එනවනේ.. අපේ උන්ට මොන පවුල් සැලසුම්ද...? හැබයි මාර බුද්ධිමත් ජනතාව..

ඔය ලූප් දැමීල්ල ලංකාවට ආපු දවස්වල, ඒක ප්‍රචාරනය කොරන්න නොයෙක් නොයෙක් ආකාරයේ වැඩ සටහන් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් පඩි පෙල වගේ ළමයි නිෂ්පාදනය කරන එක නවත්ව ගන්න එක මේ වැඩ සටහන් වල ප්‍රධාන මාතෘකාව උනා. මොකද අපේ දෙමව්පියන්ගෙ කාළේ ට්‍රෙන්ඩ් එක තිබුනේ ක්‍රිකට් ටීම් හදන එකයි. සමහර ගෙවල් වල රගර් ටීම් පවා හිටිය. නමුත් මේ ප්‍රචාරන වැඩ සටහන යන කාළේ වෙනකොට වොලිබොල් ටීම් තත්වෙට වගේ ඇවිල්ල හිටියේ. මේ වැඩ සටහනේ පරමාර්ථය උනේ බීචි වොලිබෝල් තත්වෙට ඒක ගේන්න.

මේ සඳහා ජනතාව දැනුවත් කරන එක සෑහෙන අමාරූ කාරණාවක් උනා. මොකෝ අදටත් අපේ සමාජයේ මේ මාතෘකාව ප්‍රසිද්දියේ කතා නොකරනව පමණක් නෙමෙයි, අඩු ගානේ විවාහක යුවලක් අතර පවා කතාවෙනව හරි අඩුයි.

*************

ගම පුරාම ගෙයින් ගෙට ගොහිල්ල, වැඩිහිටියන් දැනුවත් කොරපු පවුල් සෞඛ්‍ය සංවිධානේ කාන්ඩේ ගොඩ උනාලු මාතුපාල ලයි ගෙදෙට්ට,. ආගන්තුක සත්කාර වලින් අඩුවක් නැති අපේ රටේ අනෙක් ගෙවල් වල වගේම ඉතාමත්ම ඉහලින් පිලිගත්තලු, මේ කලසන් ඇඳපු මහත්තුරු දෙන්නව... මේ ගෙදර අනෙක් ගෙවල් වල වගේ, බව්වො පැටව් වගේ ළමයි නැති බවත් මහත්තයලට තේරූනාලු...

"ඕං ළොකු ළමයෝ... මේ මහත්තුරුන්ට බොන්න මොකවත්.." කියල මහත්තුරුත් එක්ක මාතුපාල දොඩමලු උනාලු.... දැන් මහත්තුරුන්ටත් ඕනේ, හාමිනෙත් මේ වැඩ සටහනට සම්බන්ද කොර ගන්නලු..

"ආ මේන්.... මන් රනවරා ටිකක් ගෙනාව... ඔය හකුරු කෑල්ලකුත් එක්ක මහතුරුන්ට දෙන්න..." කියාගෙන පිවිතුරු සිරුරකින් හා සුන්දර සිනාවකින් මුව සරසාගත් රන් වන් පාට ළොකු ළමය ආවලු පිලිකන්නට.

'ඔහේගේ ළොකු දුව සෑහෙන උසයිනේ..." කිව්වම්, ළොකු ළමය ඇඟෙන් බාගයක් සාලේ කෑල්ලට දාලා, උළුවස්ස බදාගෙන කලසන් මහත්තුරු දෙන්න දිහායි, මාතුපාල දිහයි නෙත් අගින් බල බල මහපටගිල්ල්ලෙ නියපොත්තෙන් ගොම මැටි අයින් කරනවලු.

"නෑ මහත්තයෝ..... ඒ අපේ හාමිනේ.." කියල ලැජ්ජාවට අමුඩ ලේන්සුවේ කොනක් කාපු මාතුපාල හරි ආඩම්බරෙන් කිව්වලු..

"ආ ...... ඇත්තද....? අපි හිතුවේ ඒ ඔහේගේ ළොකු දුව කියල... හමිනේ ඔහේට් වඩා උසයිනේ..."

"ඇයි....? මහත්තයලට ඒක ප්‍රශ්නයක්ද...? ආපු කාරනේ කිව්වනන් ..". මහත්තයල එන්නෙ තැඹිලී පැලේ කන්නෙයි කියල හිතපු මාතුපාල නුරුස්නා ස්වරයෙන් කිව්වලු..

ගැමියට කෙන්ති ගියපු බව තෙරුන හින්ද මහත්තුරු කිව්වලු.. "අපි එහෙනම් කෙලිනම අපි ආපූ කාරනේට බහිමු...... මෙන්න මේකයි.... අපි ආවේ පවුල් සෞඛ්‍ය සංවිධානෙන්.. අපි අහන ප්‍රශ්නවල උත්තර දෙන්නකෝ ඒ ඇති.." .කියල..

"ඔහේල බැඳල කොච්චර කල් වෙනවද...?"

"බැඳල.....? මොන බැඳිල්ලක්ද මහත්තයෝ..... මුන්ගේ අප්පච්චිලාට මේකිව දෙන්න විදියක් නැතුව ඉන්න කොට, මන් කැන්දන් ආවා.. මයේ හිතේ...... කන්න දහ පහළොවකට විතර කළින්.'

"එහෙමද...? එතකොට ඔහේලට ළමයි ඉන්නවද..?..."

"අපෝයි ඔව් ඔය ඉන්නේ... හින්නි එකෝ.... බට්ටියෝ... මේන් මේහාට වරෙල්ල ඩිංගකට.." කීව්ව විතරයිලු මාතුපාලගේ මූන ගෑවීලාවත් නැති ළස්සන පැටික්කියෙකුයි, පැටියෙකුයි ආවලු කඩාගෙන...

"හා හා...... ළමයිට කතාකොරන්න එපා.... මේක මේ වැඩිහිටි අය කොරන කතාවක්නේ."

මුන් දෙන්න කඩාගෙන ආවේ වහන් වෙලා ඔක්කොම අහගෙන හිටපු නිසා බව දැනගත් මාතුපාල..."ආ ආවද....?.උඹල පලයල්ල.... ගොහින් සෙල්ලන් කොරහල්ල.... මේ පැත්තෙවත් ඉන්න එපා.. ඉතින් කිව්වම අහල.... පලයල්ල....."

"එතකොට..... ඔහේලට ඉන්නේ මේ ළමයි දෙන්න විතරද..?"

"අනේ ඔව් මහත්තයෝ..... ඔයි තමයි මයෙ ඇස් දෙක.."

"එතකොට තවත් ළමයි හදන්න බලාපොරොත්තු වෙනවද...?"

"අනේ නෑ මහත්තයෝ..... මන් නම් මනාපයි.. ඒත් අපේ ළොකු ළමය කැමති නෑ නෙව ඇඟ පත වැහැරෙනවයි කියල.".

"එතකොට... ම්....... ඔහේලා දෙන්න තවමත් එකතු වෙනවද..?"

"ඒ කිව්වේ මහත්තයෝ....?"

මහත්තයල අහන්නේ මොකක්ද කියල තේරුන ළොකු ළමය අතේ නියපොතුවලින් උළුවස්සත් හූරන්න පටන් ගත්තලු...

"ඒ කියන්නේ......... ඔහේල සංසර්ගයේ යෙදෙනවද...?"

තව දුරටත් සිනාව තද කරගෙන ඉන්න බැරිම තැන ළොකු ළමයට හිනා ගියාලු... "ඇයි වදේ ඔහේට තේරෙන්නේ නැ,,,...? ඔය මහත්තුරු අහන දේ......?"

එනපොට හොඳ නැති බව තේරුම් ගිය මාතුපාල.. "මට තේරෙන්නේ නෑ .... මන් මහත්තුරුන්ගෙන්ම අහගන්නම්...... උඹ පලයන් යන්න ගේ ඇතුලට..." කියල උළුවස්ස කකා හිටපු ළොකු ළමය එලවල දැම්මලු.

මාතුපාලට කේන්ති ගිය බව දැනගත්ත මහත්තුරු ඉතාම ගෞරවයෙන් , "මේකයි ළොකු උන්නැහේ ඔහේ නොනත් එක්ක නිදාගන්නවයි.. ..?"කියල වැදගත් විදියට ඇහුවලු..

"පිස්සුද මහත්තයෝ.... එයා ළමයි එක්ක ගේ ඇතුලේ නිදාගන්නව.... මම නිදාගනේ මේ පිලේ තියෙන ලණු ඇඳේ..."

මල පැන්න මහත්තය "ඒ මළදානයක් නෙමේ ඕයි මේ අහන්නේ තමුසේ ගෑනිට #කන්නේ නැද්ද ඕයි...?." කියල ශුද්ද හින්ගලෙන්ම ඇදල ඇරියලු...

"ඉතින් මහත්තයෝ..... ඔහොම අහන්න එපැයි.. මොකෝ නැත්තේ.... එයා අකමැති උනත්, ....කිල්ලට අහු උන දවස් ඇර.... හැමදාම නිදාගන්න කළින් හරි හේනට යන්න කළින් හරි #කලා තම්යි ඒවට යන්නෙ.."

"මොනව...!!! එතකොට කොහොමද තමුසෙලට.. මේ ළමයි දෙන්නෙක් විතරක් ඉන්නේ.."

"ආ.... ඒකට කොරෝමයක් අපේ ළොකු ළමය ගාව තියෙනව."

"මොකක්ද ඒ ක්‍රමේ ....? අපිටත් කියනවකො බලන්න...."

"මෙහෙමයි මහත්තයෝ...... මන් අකමැති උනත් අපි ඒ වැඩේ කොරන්නේ හිටගෙන...."

"මොනව....!!!! හිටගෙන ..?. ඒත් තමුසෙ කොටයිනේ...".

"ඔව් මහත්තයෝ..... ඒකට පනිට්ටුවත් ඕනෑ..."

"මොකක්....? පනිට්ටුවක්..."

"ඔ..... ඔව්.... මේ යකඩ බාල්දියක්.."

"බාල්දියෙන් කොහොමද ඕයි..... ළමයි හම්බ වෙන එක නවත්තන්නේ....? "

"මම බාල්දියට නැගල .. දෙන්නම හිටගෙන තමයි ඒ වැඩේ කොරන්නේ... මගේ විට හැපිල්ල නතරවෙලා...... කෙඳිරි ගාන කොටම.... ළොකු ළමය කෙළිනව බාල්දියට් පයින්.....".

- Maathalan -

61 comments:

  1. මේ රටට මිලියන් 22ත් වැඩියි.
    තව වැඩිවුනාම බාල්දි තමයි හැමෝටම හැමදේටම

    ReplyDelete
    Replies
    1. තමන්ගේ හොඳට ලූප් එකක් දාගන්නෙයි කිව්වාම
      ඒක ජාතික ප්‍රශ්ණයක් කොර ගන්නවා
      ඇයි බං ක්ලිනික් නොමිළේ
      ඩිලිවරියත් නොමිළේ
      එන්නත් ටිකත් නොමිළේ
      ඊළඟට ත්‍රිපෝෂත් නොමිළේ
      ඉස්කෝලෙත් නොමිළේ
      අජ්ජාපනෙත් නොමිළේ
      රස්සාවත් ආන්ඩුවේ
      මැරෙනකන් පෙන්ෂන්
      ඔක්කෝම නොමිළේ නොමිළේ නොමිළේ
      ඒත් නොමිළේ දෙන ලූප් එක දාගන්න බෑ..
      ඉතින් මැහුම් වේලෙන්නත් කලින් ආයෙ හැමිනිලා බඩ වෙනවා
      ඊළඟට ළමයින්ට කන්න දෙන්න සල්ලි නෑ, රැකියා නෑ කියලා
      ආන්ඩුවලට බනිනව..
      පාර වහනවා
      පාරේ නිදා ගන්නවා..
      රෑට දෙකක් දාගෙන
      ආයේ හැමිනෙනවා

      Delete
  2. ඕන් දැන ගනිල්ලා සාම්ප්‍රදායික උපත් පාලන ක්‍රම...සිස්ටම් එක වෙනස් වුණත් ඔය ක්‍රමේ බහුලව කිරියාත්මක වෙනව මේ ලංකාවේ. අපරාදේ ඩොක්ටර්ට තිබ්බෙ ඒ ක්‍රමේ කියල දෙන්ඩ...
    කතාවනම් පට්ටයි මාතයියෙ

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ

      "බේකරි මෙතඩ්"

      Delete
  3. මාතේ, ෆේස් බුකියේ ළමයි පහට වැඩියෙන් හදන්ඩ කියල පොස්ට් දාපු එකාගේ නොම්බරේ තියේනම් හොයල දියන් ඔය ළමයි එක්ක ගගට පනින අම්මලට, බොරු බයිලානේ බන්, දොස්තර නෝනට හදපිරි මෙව්වා එක..සමහර ඩොකාලට කිව්වත් අම්මට වයස අඩුයි කියල පවුල් සැලසුම් සැත්කම් කරන්නේ නෑ , යකෝ ළමයි හැදුනම උන්ද කන්ඩ අදින්ඩ දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අලි පැටව්, බලු පැටව්, බළල් පැටවු වගේ
      මල්වත්තටයි, අස්ගිරියටයි දාලා ආවා නම් හරි...

      Delete
    2. කොහොමත් පන්සල් වලට ගාල් කොරල තියෙන්නෙ ඔය වගේ පොඩි උන් තමයි..ඔය උත්සව එහෙම තිබ්බෙ අච්චරක් මෙච්චරක් පොඩිඋන්සසුන්බිමට ඇතුලු කිරීමේ පොන්න කර්මය කියල

      Delete
    3. තොට හැමවෙලේම කෙලින් ද? පුක් ගලෙක් ද කොහෙද,? X porter අල්ලපිය පොනිල් ට හරි අකුල ට හරි.

      Delete
  4. මේක කියවා ගෙන එන කොට මතක් වුණේ,
    කට්ටියක් ගමකට ගිහින් කොන්ඩම් ගැන උගන්වන්ට ගියපු කතාව...
    මම හිතනවා ඒක හැමෝම දන්නවා ඇති කියලා...
    ඒක නිසා දාන්නේ නෑ...
    හෙහේ...

    ReplyDelete
    Replies
    1. කොහු මිටට කොපුව දාලා හැමිනුන කතාව වෙන්ටෑ...

      Delete
    2. මහපට ඇඟිල්ලටත් දැම්මා....

      Delete
  5. මේක මම අහල තියෙන්නේ Bucket & Saucer Method කියල. පනිට්ටුවේ නැගල කරන කොට මිනිහගේ ඇස්දෙක පීරිසි දෙකක් වගේ දිලිහෙන කොට ගැණි බාදියට පයින් ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට තැන්කිව්

      මම ඉතින් පරිවර්තන වලට වඩා කොරන්නේ අනුවර්තන නේ ලොක්කා...

      Delete
  6. ඒ අර ඔෆිස් එකේ යාළුවාට (හිට්ටේ නැති එකාට) සති දෙකෙන් ගොඩ යන්න උඹ දීපු උපදේසේත් මේ වගේම ලියහන්කෝ.. :))))))

    ReplyDelete
    Replies
    1. ඒවත් කතාද බං... "ගෑස් සිලින්ඩර්" කතා නේ කතා...

      Delete
  7. බාල්දි පනිට්ටු කතාව කලින් කොහේදී හරි අහල හරි කියවල හරි තියෙනවා කියල මට මතකයි බං...

    ඔය වගේම ගෙයින් ගෙට ගියපු සෙට් එකක් ගෙදර ගෑණු කෙනාගෙන් ඇහුවලු "කෝ මහත්තයා" කියලා...
    අර මනුස්සය කිව්වලු "එයා වැඩට ගිහිල්ලා" කියලා...
    ඊට පස්සේ ඇහුවලු "මහත්තයාගේ තරාතිරම මොකක්ද" කියලා...
    නෝනා කිව්වලු "ඇඹුල් කෙහෙල් ගෙඩියක් විතර ඇති" කියලා...

    ReplyDelete
    Replies
    1. මාතලන් වන මා විසින් කලින් ලියන ලදි...

      Delete
    2. මා විසින්ද මීට කලින් ලියන ලදී.

      Delete
    3. හැලප(අයියා) ගේ එක මීට රහ ඇති.. ලින්ක් එක එල්ලුවා නම්..

      Delete
    4. http://helapakade.blogspot.com/2013/05/blog-post_4323.html

      Delete
    5. හැලප පෝස්ට් එක කලින් බලල තිබුනේ නැහැ...
      ඒකත් එළ...

      Delete
    6. පනිට්ටු කතාවක් ඔබාමාමත් කියුවද මන්දා

      Delete
  8. ඒ කාලේ ලිංගික අධ්‍යාපනේ දුන්නේ නවරස ඉසුර මයිලේඩි වාගේ නම් වලින් තිබුන වැල පත්තර තමයි. ඉතිං කොහොමද දන්නේ පවුල් සැලසුම් ගැන.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒ වාගෙම..
      ඔසප් නැවතිලා නම් බෙහෙත් දෙන නාඟළඟම් වීදියේ ඩොකාගේ ඇඩ් එකත් ඒවයේ තිබ්බේ...

      Delete
  9. බාල්දි මෙතඩ් එක ප්‍රොමෝට් කරා කියල දේශ මාම(ක)ල සෙට් එකෙනුත් රෙසිස්ටන්ස් එකක් එන්නේ නැහැ. මොකද හදවතින්ම ශ්‍රී ලාංකික නිසා.

    ReplyDelete
    Replies
    1. "සිංහ ලේ" අයියා
      "සිංහ ලේ"

      Delete
    2. එක තමයි මමත් බැලුව කොහෙන්ද තිරිසන් ගතිය ආවේ කියල.........
      දැන්නේ තේරුනේ....

      Delete
  10. අම්මෝ මාතෙ.. 🙈 මේකනම් ෆකින් හිලේරියස්.. 🤣🤣🤣.. අම්මමෝ... මම්ම මියා... මියා කලීෆා වෙන්නම ලියල. උබේ නම් අකුරු කියවල තියෙන්නෙ අම්ඩම තමයි.

    මුන්ට ඔක්කොම නිකන් ගන්නකන් හොඳයි. අනේ මගේ කට.

    ඒකත් වගේම අපේ ඔය සිංහ-ළේ සෙට් එක වගේ සෙට් බලන් ඉන්නෙත් මේකට ජාතිවාදේ හරි ආගම්වාදේ හරි පටලවාගෙන රට ගිනි තියන්න.

    හැක හැක.. ළමයින්ට කන්න බොන්න නැතත් ඒ වගේද බන් උන්ට රට ගිනි තිබ්බහම ලැබෙන ෆන් එක.

    හාද..??

    මට රෙජී මහත්තය මතක් වෙන්නෙ මේ වෙලාවට හිටන්..

    🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..
      අන්න ඩඩාලා
      ඊයා ඩඩා.. චිකේ ඩඩා.. ඌයි ඩඩා..
      ඩඩ්ඩ ඩඩා..

      Delete
  11. ළමයි අතර උපත් පරතරය අවුරුදු 2 ක් වත් තියාගන්න...නැත්තම් අම්මගෙ ඇඟේ පෝෂණය අඩු වෙනවා...ඒක ළමයට බලපානවා...පළවෙනි ළමයට අවධානය අඩු වීම හොඳ නෑ...අම්ම දුර්වල වෙනවා...ගෙදර පරිසරය අප්‍රසන්න වෙනවා...

    ඔන්න ඔය වගේ ගොඩක් දේ තමා ගර්භණී මාතාවන්ගේ සැසි වලදී කියා දෙන්නේ...මාත් සහභාගී වුණා සහකරුවා අනිවාර්යය කොරලා තිබ්බ සැසි වලට...ඇත්තටම ගොඩක් වැදගත් කරුණු දැනගත්තා...පුංචි කියල හිතුවට ජීවිතේ තියෙන්නේ මේ වගේ දැනුම මත කියල හිතුණා

    අසංක

    ReplyDelete
    Replies
    1. පල්ලියේ නම් ඔය ඔක්කෝම කියා දෙනවා.... පන්සලේ ප්‍රායෝගිකව කරන්න යනවනේ.. ඒක නේ ලෙඩේ..

      Delete
  12. දඹුල්ලේ උන්ට ළමයි බෝ කරගන්න ඕනෙනම් ඉතින් අපිට මොටෝ.. අනේ වාසනාවන්..

    ReplyDelete
    Replies
    1. තලගොයි මරන්න වෙන්ටෑ....

      Delete
  13. මිනිස්සු තමන්ගේ අවබෝදයෙන් කරන්නේ ඕනේ දේවලට මොන එහෙකට බලෙන් කොරවන්න යනවද?

    ReplyDelete
    Replies
    1. නියමෙට තියෙයි මේ රට... මේ හරක් එක්ක...

      Delete
  14. මල්ලිව නාවන්නත් බාල්දියක් ඕනවුනා එහෙනම්.....

    ReplyDelete
    Replies
    1. පනිට්ටුවෙන් නාන්නේ...

      Delete
  15. ඇලොපති වෛද්‍යවරුන්ට තියෙන්නේ
    බටහිර ක්‍රිස්තියානි යුදෙව් ග්‍රීීක් චින්තනය
    සහ
    වැඩවසම් කොමියුනිස්ට් හැදියාව.

    ඒ කියන්නේ උන්ගේ චින්තනයත් අප්සට් හැදියාවත් චොර.

    මම හේතුවාදයට විරුද්ධත් හේතුවාදය හරහා ඇලෝපති ව්‍යෛවරයාට අනවශ්‍ය සිවිල් වටිනාකමක් ලැබෙන නිසයි.

    ReplyDelete
  16. කතාව නම් පට්ට !
    හැබැයි මෙතන ඩොකීගෙ වැඩපිළිවෙළ අනුමත කරන්න බෑ. ළමයි කීයක්ද ඕන කියන එක කොහෙවත් ඉන්න ඩොකෙක්ට ඩොකියක්ට තීරණය කරන්න අයිතියක් නෑනෙ.තව ළමයි ඕන නැති උන් සැත්කම කරගත්තාවෙ.එහෙම පාලනයක් කරන්න ඕන නම් හැම ජාතියකටම පොදු වෙන විදිහට නීතියක් ගෙනත් කරන්න පුලුවන් (ඒත් මෙක ලංකාවනෙ නීති ගැන කතාකරල වැඩකුත් නෑ) ලංකාව පොඩි රටක් හැමදේම නිකං දෙනව කියන එක හරි හැබැයි නිකං දෙන්නෙත් ඔය විදිහට ඉපදුණු උන්ගෙන්ම ඊට වැඩිගානක් බදු විදිහට අරගෙන නේ ?
    (සැ.යු.-බොදු බලේ සිංහලේ ඇතුලු සියලු සිංහල දෙමළ මුස්ලිම් ආදී අන්තවාදි සංවිධාන දැඩි පිළිකුලෙන් හෙළාදකින්නෙක් වෙමි)

    ReplyDelete
    Replies
    1. සමහර දේ මේ රටේ බලෙන් කරන්නේ නැතිව කරන්න බෑ... මෙතන තියෙන්නේ බලහත්කාරයට වඩා නොදැණුවත් කම. ඩොක්ටර් කරන්න හදලා තියෙන්නේ හොඳක්.. ඒ ඒ වැස්සිට ඒක තේරෙන්නේ නෑ.. පැඩඩ් බෙසියරෙන් වඳ වෙනවා කියන අමුතුම ජාතියේ හරක් ඉන්න රට නේ..

      Delete
  17. The Best Story Ever +++++++++++++ ha ha ha

    ReplyDelete
  18. රේන්කෝට් එකක් ගන්න ගිහින් ෆාමසියේ ගෑල්ලමයෙක් හිටියොත් ආපහු හැරිලා ඇවිත් මුදලාලි ඉන්න වෙලාවකම අල්ලලා ෆාමිසියට ගිහිං සද්දේ අඩු කරලා රේන් කෝට් පැකට් එක ඉල්ලන රටේ බොට නඩුවක් වැටෙන්න බැරි නෑ මෙව්වා මෙහෙම ප්‍රසිද්දියේ ලියලා රටේ සභ්‍යත්වය සංස්කෘතිය විනාසමුඛයට දක්කනවා කියල.. එහෙව් සස්කෘතියක් තියන රටේ ඈත ඉතිහාසයේ රජවරුන්ට අන්තප්පුර තිබිල තියෙන කතාව මටනම් විවාසේට ගන්න බෑ මාතේ.. රජවරු ඒ කාලේ අන්තප්පුරේ පැත්තේ යද්දී මොනාද දන්නේ නෑ නේද කොලේ.. ඇයි හත්වලාමේ රජකම ලැබෙන්නේ අගබිසවගේ දරුවට විතරක් උනාට අන්තප්පුරෙටම ළමයි බෝකරලා රටේ ප්‍රශ්න අවුලුවන්න බැහැනේ හිටං..

    ReplyDelete
    Replies
    1. ඒවට දේශීය බෙහෙත් ඕන තරම් තීලා තියෙනවා.... ඔය දැනටත් තියෙන්නේ... ගැට අන්නාසි එහෙම... ප්‍රත්‍යක්ෂයි..

      Delete
    2. අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි යුගවල ලංකාවේ අන්නාසි තිබුණේ නෑ, මාතලන්. ඒවා ලංකාවට ගෙනාවේ පෘතුගීසීන්.

      Delete
    3. ඒවට දේශීය බෙහෙත් ඕන තරම් තීලා තියෙනවා.... ඔය දැනටත් තියෙන්නේ... ගැට අන්නාසි එහෙම... ප්‍රත්‍යක්ෂයි..

      Delete
  19. මාතලන් ලොක්කා

    මරු කතාවක් මචෝ මේක. ...

    "පුන්චි පවුල රත්තරන්".......දිගටම ප්‍රීති පාවිච්චි කරලා එපාවෙලා ඉන්න සිරි ලාන්කික ජනතාවට ලූප් පාවිච්චි කිරීමෙන් අලුත් සහනයක් ලබාදී ඒකටත් ටැක්ස් එකක් දමාවිද දන්නෙ නැහැ


    ==Adrian from Toronto

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ... බදු නොගහා කොහොමද මචෝ හිඟන මානසිකත්වයක් තියෙන හරක් ඉන්න රටක...

      Delete
  20. ප්‍රීතියෙන් සතුටෙන් සැනසෙමු

    ReplyDelete
    Replies
    1. ස්වාභාවිකත්වය මග හැරේ

      Delete
  21. "දඹුල්ල රෝහලේ මින්පසු බලහත්කාර පවුල් සැලසුම් නෑ- වෛද්‍ය අධිකාරිගෙන් සහතිකයක්"

    මේ හෙඩිම යටතේ තියෙන ප්‍රවුර්තියක මෙහෙම තියෙනව.

    "අද (08) උදෑසන දඹුල්ල ප්‍රදේශයයේ විහාරස්ථාවල වැඩසිටින භික්ෂුන් වහන්සේලා, අලුත්ගම උපනන්ද හිමියන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිත කණ්ඩායමක් දඹුල්ල රෝහලට පැමිණ වෛද්‍ය අධිකාරිවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වූහ...."

    දැන් මේ දඹුල්ලේ ගෑනුන්ට ළමයි හම්බ වෙන එක ගැන මේ ගණයන්ට තියෙන පස්ස පැත්තෙ අමාරුව මොකක්ද?

    මුන් හිතාගෙන ඉන්නෙ ගම් වල ගෑනුන්ට පෝලිමට ළමයි හම්බවෙන්නෙ ගනුන්ගෙම උවමනාවට කියල. ගෙදර ඉන්න මෝල් යකා රෑට දෙකක් දාගෙන ඇවිත් ගෑනිගේ ඇඟට ගොඩවෙන්නේ ඒ අසරණ ගෑනිගේ කැමැත්ත අහලනොවෙයිනේ.

    හිංගල ජඩ මද්දිය කාරයන් මේ කේස් එක ගිණි රාමෙට නග්ගල ගෙනියන්නේ අර ලේඩි ඩොක්ටර් 'දෙමළ' වෙච්ච් නිසා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්... බල්ලෝ හැමතැනම...

      Delete
  22. මාතලන්, දැන් තියෙන ජාතිවාදි ට්‍රෙන්ඩ්එකට අනුව සිංහලයට බල්ලෝ බලල්ලු ගාණට ළමයි හදන්න කියලා ජාතිමාමකයෝ කියන්නේ. උන්ට කන්න දෙන්න පුළුවන්ද, උන් ව බලාගන්න පුළුවන්ද, නැත්නම් උන් හිඟන්නෝ වෙයිද කියන එක අදාල නැහැ. නම්බර්ස් වලින් තමයි ගාණ වැඩි වෙන්නේ...
    මුන්ට වෙන ජාතියක ඩොක්ට කෙනෙක් මැරෙන්න යන එකෙකුට දරුවා අයින් කරලා අම්මා බේරගත්තත් කියයි.. මේන් සිංහල ජාතිය වඳ කරනවෝ කියලා....

    ReplyDelete
    Replies
    1. අමු ගෝත්‍රික කම ලෝකයාට පෙන්නනවා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න