.

.

Mar 2, 2017

සන්නගේ බලු කතාව - Sanna's Dogs Talks





වත්මන් සමාජය හා සිස්ටොන් එක ගැන අපූරු විග්‍රහයක් දෙන සන්නගේ පොඩි වීඩියෝවෙන් කියන "බලු කතාව" තේරුම් ගන්න බැරි හරක්, තාමත් අපේ සමාජයේ ඉන්නවා. කොටින්ම සන්නා පොඩි අප් කිරීමක් කරන, මේ සයිබරෙත් ඉන්නවා.

ඔය කියන කතාවට දේශපාලන වශයෙන් හොඳම උදාහරණය තමයි, පළාත් සභාව. පළාත් සභා ක්‍රමය ගේන වෙලාවේ රට ගිනි තියපු කාළකන්නි, අද ඒවයේ බල්ටි ගහනවා ඉතරක් නෙමෙයි, මරමු මරමු කියලා හැම තැනම ලියපු ජේ ආර්ගේ ඡන්ද ක්‍රමයත් ඕන කියලා නාහෙන් අඬනවා.


අනික ජාත්‍යන්තර පාසල්. කොලොමබු ඉන්ටර් නැෂනල් එක දාන කාළේ මැරෙන්න හපු උන්ගේ ළමයි, දැන් ගමේ තියෙන ඉන්ටර්නැසොනල් ඉස්කූල් එකට යනවා. ඒවා කියන්නෙත් බොහෝම ආඩම්බරෙන්. සෙන්ට්‍රල් කොලේජ් වල ඉගෙනගෙන පොරවල් වෙච්චි උන් එකෙක්කත් එකියක්කත්, තමන්ගේ ළමයි ඒවට දාන්නේ නෑ.. විය යුත්තේ ඒක තමයි.

තා එකක් තමයි චැනල් සර්විස්.. කලින් ඉහළසමාජයට පමණක් තිබුන දේ, නවලෝකය තුලින් ජනතාව අතරට යනවා. දැන් ගිරාඳුරුකෝට්ටේ නෙමෙයි, වහකෝට්ටේත් චැනලින් සැන්ටර් තියෙනවා. මොකෝ ඒවට යන්නේ රදළයොය, ධනපති පන්තියේ උන්ය.

අද සයිටම් එකට විරුද්ධ වෙන කාළකන්නිත් අනාගතේ එහෙම වෙයි.
හොඳම උදාහරණය,
සයිටම් එකේ දරුවෝ 160 ගානක්ම දොස්තරලගේ දරුවෝ වීම.

26 comments:

  1. සන්න කියනදේ ගොඩක් උන්ට තේරෙන්නේ නැති වෙච්චි එක තමයි හැමදාම සන්න ට හරහට හිටියේ..

    ReplyDelete
    Replies
    1. සන්නා චන්දේ පරදින්න හේතුවත් ඒකයි... අපේ සමාජයට කෙලින්ම මොළේට පොල්ලෙන් ගහන්නම ඕන.. නැතිව බෑ...

      Delete
    2. අපේ සමාජයට කෙලින්ම මොළේට පොල්ලෙන් ගහන්නම ඕන.. නැතිව බෑ...++++++++++++

      Delete
  2. උන්ගේ අවාසනාවද අපේද රටේද මන්ද බන්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නම් මිනිස්සුන්ගේ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මාතේ.. මම ඔය උද තියන සන්නගේ වීඩියෝ එක දෙතුන් සැරයක් බැලුව ඇත්තටම මේ මොකක්ද කියන්නෙ කියල.

    සන්නස්ගල කියන දෙය 100% නිවැරදියි. මම මීට අවුරුදු 11 කට කලින් (බුද්)ආගම + (මුස්ලිම් ක්‍රිස්තියානි නොවන) සියළුම ආගම් ඇදහු ඒවායේ core එකටම ගිය මනුස්සයෙක්. සමහරක් මගේ පෞද්ගලික තීරණ මමම තීරණය කරන්නෙ නැතුව ඇදහීමට බාර දුන්න කෙනෙක්.

    කොච්චරටම ආගමට ඇබ්බැහි උනාද කිව්වනම් මචන්, මෙහේ විභාග වලදීත් ඒ දවස්වල පාර්ට් ටයිම් රස්සා වලට යද්දීත් ආගම අදහන්නේ නැතිව ගිහිං කකුල පැටලුනත් විභාග බයෙන් නැතිනම් රස්සාවට ගිහිල්ල මොකක් හරි වෙයි කියල බයටම ආයේ හැරිල ගෙදර ආව මිනිහෙක්.

    මම මෙහෙ ඇවිල්ලත් අවුරුද්දක් යනකන් පියෝ වෙජිටේරියන්. හැබැයි මට හම්බුනු මම කැමැත්තෙන්ම ආශ්‍රය කල සුදු ජාතික මිනිස්සු කිහිපදෙනෙකුගේ ඇසුර නිසා මම මගේ ජීවිතේට ආගමික වගේම දේව විශ්වාස මත මමම දාගත්ත බැරියර් ටික, ටික ටික අයින් කරගත්ත. පස්සෙ ඒවායෙන් සම්පුර්නම ඉවත් උනා.

    දැන් මාස තුනකට හතරකට කලින් BBC RADIO එකේ PROGRAM එකක 30 SECONDS වොයිස් කට් එකකට මම හිටිය.

    විනාඩි 15ක් විතර මම එක්ක BBC එක කතා කලත් edit කරලා ඔච්චරයි උන් air play කලේ. උන් බොහොම සන්තෝස උනා. ඒකෙ producer මට call කරලම ස්තූති කළා. ඔය සන්නස්ගල ලොක්ක කියපු තරම් නොවුනත් එවිට සමාන දෙයක් තමයි මම කිව්වෙ.

    සන්නස්ගල මහත්තය කියනවා වගේ highway එකේ බල්ලෝ මැරෙන්නම ඕනි. ඒත් ඔය කියන දෙය සමාජ ගත නොවෙන එකනම් දුක් සීන් එකක්..!!

    ReplyDelete
    Replies
    1. බල්ලො වැඩියි... ඒකයි කේස් එක...

      Delete
  5. බල්ලො ටික මැරිච්ච දෙං ..
    ඒත් ඉතුරු වෙලා ඉන්නෙ බල්ලො විතරමමද මංදා කොහොම වුනත් වැඩිපුර පේන්නෙ බුරන උන්නෙ බලං ඉමු :)

    ReplyDelete
    Replies
    1. වෙන මක්කා කොරන්නෙයි අප්පා

      Delete
  6. සන්නස්ගලගේ සමහර ටෝක් නිකන්ම ටෝක් විතරයි වගේ ..ඒවා අපි අහන දේශ පාලකයන් ගේ කතා වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ගන්න දේයක් තියෙනවා නම් ගත්තාම ඉවරයි...

      Delete
  7. ඔස්ට්‍රේලියාව තුල ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඇග්ලිකන් සංරචකයේ ආධිපත්‍යයක්.
    එබැවින් ඔස්ට්‍රේලියාව තුල ජීවත්විය හැක්කේ ජන වර්ග 4කට පමණයි. එනම්
    1. සුද්දන්.
    2. කළු සුද්දන්
    3. ඒකීය පුද්ගලයින්.
    4. දෙවැනි පන්තියේ සංස්කෘති.
    සන්නස්ගලයන් පවසන ඔස්ට්‍රේලියානු ස්ථාවරත්වය එහි ඇතිවූයේ එයට පැමිනෙන විදේශිකයන් කළු සුද්දන් බවට පරිනාමය වීම, ඇංග්ලිකන් සංස්කෘතිය ස්වභාවික ලෙස සලකා ඇංග්ලිකන් සංස්කෘතික ආධිපත්‍යයට යටත්ව දෙවැනි පන්තියේ සංස්කෘතියක් ලෙස සිටීමට හිත හදා ගැනීම හෝ ඒකීය පුද්ගලයන් බවට විසිරීම නිසයි.

    ලංකාවේ පවතින අර්බදය වන්නේ:
    ඔස්ට්‍රේලියාව තුල ඇංග්ලිකන් සංස්කෘතික ආධිපත්‍ය්‍යට හිමි තැන මෙලට සිංහල බෞද්ධ සංස්කෘතියට නොලැබීමයි.

    ReplyDelete
    Replies
    1. බෞද්ධ සඟිස්කෘතියම තමයි ගොන් කම...

      Delete
  8. එය ඔහු යොදාගත් උපමාවක් පමණක් බව තේරුම් ගැනීමට මිනිස්සුන්ට නොහැකිවීමයි ගැටළුව. උපමාව විතරක් අල්ලගන්නවා හැබැයි ඔහු ඒ පැහැදිලි කරන දේ තේරුම්ගන්න උත්සාහ කරන්නෙ නෑ, Because this is sri lanka afterall. මෙන්න මල්බර දෙරණ...
    derana p1
    derana p2
    derana p3
    derana p4
    derana p5

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලින්ක්ස් වලට අනෝ තුමෝ. බොහොම වටිනවා. 👍🏽🙏👊🏽

      Delete
    2. තෑන්ක්ස්, තෑන්ක්ස් ! හැබැයි,මම ඇනෝ නෙමෙයි,ටික්කා. ඔය මගේ ඇත්තම නම. දෙරණටම ගිහින් පුටුවක වාඩිවෙලා සන්නා ගඩොල් සංඛට දෙන දේශනාවනම් අදහන්න වටිනවා. මම ඊයෙ එක හුස්මට ඔය ටික බැලුවා.

      Delete
    3. මම ඕක ලයිව් බැලුවා.. අර ගොනා කෑවා පුක නැති වෙන්න

      "බය වෙන්න එපා මම ජොකෙක් ඇඳලා ඉන්නේ..."

      Delete
  9. හරියට හරි... හයිවේ එකේ බල්ලො මැරිද්දෙන්.. අවුල තියෙන්නෙ ඔය මැරිද්දෙන් කියන උදවියම බලු කුණු අලෙවි කර කර අළුත් හයිවේ වලට කඩේ යන එකයි.
    බල්ලො ඔක්කොම මැරිලත් බෑ නෙව.බල්ලො නොමැරි හයිවේ සෙට්ල් වෙන්නෙත් නෑ හැබැයි.'කවුරු' කලත්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පරාවල් හඳන එකත් ක්‍රෙඩිට් එකට ගන්න කාළකන්නි ඉන්න රටක්..

      සන්නා කියන්නේ වෙන කතාවක්

      Delete
    2. මෙතන කොමෙන්ට් එකේදි පාර කියල ලිව්වෙ 'පාර' කියන අදහසින්.ඇවිදන් යන පාරම නෙමෙයි.බල්ලො මැරිද්දෙන් කියන කතාවත් එක්ක ඒකම පාරාවලල්ලක් වෙන බවයි කියන්න හැදුවෙ.

      Delete
  10. මේ කතාවට අදාල නැහැ, ඒත් සන්නා බීම අඩුකරගෙන නැවත හිතනවානම් හොඳයි. ඒ දෙශපාලනේවත්, වෙන ඉලව්වක්වත් නෙමේ. සන්නස්ගල ගැන. වෙනසක් පේනවා ස්වරූපය සහ වටපිටාව එක්ක.

    ReplyDelete
    Replies
    1. සන්නා සන්නාගේය...

      Delete
    2. සන්නාගේ වෙනසක් පේනවා

      Delete
  11. සන්නාගේ වෙනසක් පේනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න