.

.

Mar 11, 2017

බෝ, වයිල්ඩ් බෝ ඇන්ඩ් කපුටු බෝ - Pannipitiya Bo Tree





පන්නිපිරියේ බෝ ගහ ගැන මම මෙහෙම පෝස්ට් එකක් බුකියේ දැම්මා

ගස් ගල් වලට වඳිනා බෞද්ධයා නියම බෞද්ධයකු නොවේ.
බුදුන් පහළ වූයේ එවන් හරකුන් එයින් මුදවාලීමටය..
බුදුන් සිටිය යුත්තේ හදවතේ මිස,
ගස් ගල් වල නොවේ...

එතනදී මගෙන් සැදැහැවත් බෞද්ධ කුළ කාන්තාවක් විමසුවා මෙහෙම, "හැබැයි ගස් වලට වන්දනාමාන කිරීම පිළිබඳ මුල්ම හුරුව බුදුනගෙන් නේද පටන් ගත්තෙ?"


අම්මට හුඩු... ඒ වෙලාවේ තමයි මට මතක් උනේ බුදු හාමුදුරුවොත් බෝධි පූජා තිබ්බා නේද යකෝ කියලා..

ඔය "අනිමිස ලෝචන පූජාව" ගැන හුඟ දෙනෙක් දන්නවා උනාට, "බෝධි පූජාවේ" මුල් කතාව ගොඩක් අය දන්නේ නෑ..

බුදු හාමුදුරුවෝ බැලුවලු මේ ගහ නිසා තමයි මම බුදු උනේ, සියල්ලට කලියෙන් ගහට පූජා පවත්වන්න ඕනය කියලා හිටන්..

බුදු හාමුදුරුවෝ කල්පනා කලාලු ඉස්සෙල්ලම ගහ නාවන්න ඕනෙයි කියලා. ඊට පැන් කළ කොහේ වෙද වනයේ..

විශාකා සිටු කුමරි දුන්න එකත්, ගඟේ උඩහට යැව්වා නේ කියලා, එහෙ මෙහෙ හොයන කොට "ඝටීකාර බ්‍රාහ්මනයා" දුන්න එක තියපු තැන මතක් වෙලා,

ඒක අරගෙන ඇවිත්, නේරංජනාවෙන් පැන් අරගෙන, අරියධම්ම හාන්දුරුවන්ගේ "රන් වන් පාටින් දළු ලන් බෝධිය, දඹදිව් තලයේ හටගත් බෝධිය..." යනාදි වශෙයෙන් ගාථා කියා, පැදකුණු කොටැ, පැන් කළ හතකින් බෝධින් වහන්සේ නෑව්වලු..

එයිට පස්සේ, ගිතෙල් පානක් එහෙම දල්වලා, මල් පූජා කරලා, නිඝන්ඨනාත පුත්තගෙන් හඳුන් කූරූ ඉල්ලගෙන පත්තු කොරලා, පසඟ පිහිටුවා, "ඉමේ ඒතේ මහා බෝධී, ලෝක නාථේන පූජිතා, අහං පිතේ නමස්‌සාමී..., බෝධි රාජා නමත්ථුතේ..." යනදි වශයෙන් ගාථා සජ්ජිආයනා කොට ගහට වැඳ වැටුනලු..

එයින් සෑහිමකට පත් නොවු අප මහා සම්මා සම්බුදු රජානන් වහන්සේ, විශාකා උපාසිකාවන්ට කියා, තමා උපන් බූමියේ ජාතික කොඩියේ හැඩයේ කොඩියක් මස්සවා, එහි "සිද්ධාර්ථ ගෞතමයන්ගේ සියළු අපල දුරු වේවා" යැයි සඳහන් කොට, බෝධින් වහන්සේගේ එල්ලුවාලූ.

ඊට පස්සේ සුද්ධෝධන රජ්ජුරුවන්ට පනිවිඩයක් යවලා, කහවනුවක් ගෙන්වාගෙන, එය කහ දියරෙ දෝවනය කොට, තන්හා රති රඟා පලායන විට වැටී තිබූ, "රන් ශෝලයකින්" ඔතා, ගහේ අත්තක ගැට ගැහුවාලු..

ඉනික්බිති උන් වහන්සේ පස් වග මහනුන්ට දෙසා වදාලේ "මහනෙනි දම්ම චක්කප්පවත්තන් සූත්තරයෙන් කම් නැත, එවා පසෙක තිබියේවා, යමෙක් මෙම උතුම් වූ වෘක්ෂයට පුද පූජා කළ සේක්ද, ඒය මා දෙසනා ධර්මයටත් වඩා උතුම් වූ පුණ්‍යක්‍රමයක්ම වන්නේ යැයි.." කියාය..

ඉන් උදාමයට පත් පස් වග මහනුන්

කොණ්ඩඤ්ජ හිමියන් 84,000 මහා පූජාවකින්ද
වප්ප හිමියන් මහා පිච්ච මල් පූජාවකින්ද
භද්දිය හිමියන් මහා කපුරු මල් පූජාවකින්ද
මහානාම හිමියන් මහා පළතුරු පූජාවකින්ද
සැවත් නුවර සිට පැමිණි අස්සජි හිමි විසින්, තම මිය පරළොව ගිය දෙමාපියන්ට පින් පිනිස කහවනු 500 ක ආධාරයකින්ද පුද පුජා පැවැත්වී යැයි,

ත්‍රිපිටකකයෙයි යමක වග්ගයේ, "නියමාකාරයෙන් බෝධි පූජාවක් පවත් වන්නේ කෙසේද" යන කොටසේ සඳහන්ව ඇති බව, සියළු බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ හිත සුව පිණිස මෙසේ සඳහන් කර සිටිමි..

** මෙය හුදෙක මට හෝ මගේ මෑණියන් වහන්සේට පින් අත් කර ගැනීමේ චේතනාවන් පළ කිරීමක් නොව, බුද්ධ සාසනයේ තිරස්චිතය සඳහාම මෙත් සිතින් ළියා පළ කළ වගයි.. නැවතත් මෙත් සිතින් සඳහන් කළ යුතුව ඇත්තේ...

බුදුන් වැඩ සිටින්නේ ගස් ගල් වල නොවැ

පිරිසිඳු සිත්වලම පමණක්ම යන බවය... 

73 comments:

  1. හම්මේ ඒක පණ යනව හිනාවෙල .. තුම්බෑ ජටිලයින්ගෙ පිහිටයි ආරක්ෂාවයි :D

    අමාරුයි තමයි ඒත් අවම විදිහට ලොකු ගස් ටික කපාගෙන ඔය සංවර්ධනය කියන වචනෙත් එක්ක ගමනක් යන්න පුලුවන් නම් හොඳයි.
    ලොකු නුග ගහක් මාර ගහක් යට දැනෙන සනීපෙ සැනසිල්ල , ඒ සී රූම් එහෙක කවදාවත් දැනෙන්නේ නෑ :(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත එහෙනම් ඇක්ස්ප්‍රස් වේ වලට ගස් කී දාහක් නම් කැපෙනවද...?

      Delete
  2. මාතෙ..!! දැන් දැන් මේ යන විදිහටත් මුන් මේ කරන වැඩ නිසාත් මුන් බුද්දාගම මහ අච්චාරුවක් කරනව.
    නිරාගමික මටනම් මහම මහ කාලකන්ණි හිරිකිත පිළිකුල් හැඟීමක් එන්නෙ.
    මිනිස්සුන්ට එදාවේල කන්න විදිහක් නැහැ. හරිහමං රස්සාවක් හොයාගන්න නැහැ. රටක් පාලනය කරන අවුං පිස්සු බල්ලො වගේ හැසිරෙනව. මෙව්ව ගැනනෙ බං මිනිස්සු හිතන්න ඕනි.

    හිතමු බුද්දාගම් කාරයන්ගෙන් 90% මේවට අනුබල දෙනව කියල. ඉතුරු 10% ටවත් මේ ටික තේරෙන්නෙ නැත්තෙ ඇයි බං..??

    අරහෙ එකෙක් රහත් වෙලා ඌට ඕන විදිහටම කස්ටමයිස් කරගත්ත බණ කියනව. කේක් කපනව.

    මහා නායකළ කියලත් ෆුල් පොෂ් ජාතියකුත් ඉන්නව TV එකට දේශපාලන වොයිස් කට් දෙන්න.

    මෙහෙම කාලකන්ණි ජාතියක් බං.

    😡😡😡😡😡

    ReplyDelete
    Replies
    1. මේ සියල්ල පිටුපස ඉන්නේ මහින්ද... මහින්ද කන්ට්‍රෝල් කරගන්න මුන්ට බෑ...

      Delete
  3. බ්‍රේකින් නිවුස්..
    පන්නිපිටියේ බෝදීන් වහන්සේ "අපවත්" කිරීමට එරෙහිවීම සඳහා සියලු බෞද්දයන් පැමිනෙත්වා.

    ඔබත් "වීර" බෞද්දයෙක් නම් හැකි තරම් මෙය ශෙයා කරන්න.

    මේක ගූගල් + එකේ තිබ්බෙ බං.

    අම්මටහුඩු. ගහක් අපවත් කරන කතාවක් ඇහුවමයි බං.

    දැන් එතකොට වීර බෞද්දයන් කියල කොටසකුත් ඉන්නව එහෙනම් ඈ..??

    හය්යෝ මටනං මෙච්චර හිනා වෙන්න බැරියෝ..

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂🔨

    ReplyDelete
    Replies
    1. වීරයො ගොඩාක් ඉන්නෙ ඕකෙයි ෆේස්බුක් එකෙයි තමයි ,ඔබතුමා ලින්ක්වලට කැමති නිසා මෙන්න අහල බලන්න ෆේස්බුක් වීරයා

      Delete
    2. තෑන්ක් යු හසිත. මම ඇහුව මුළු ක්ලිප් එකම. ඔව්ව දැකල අහල පොඩි කාලෙ ඉඳලම තියෙන යාළුකම් නැතිකරගන්න බැරි නිසා දැන් අවුරුදු 3කට විතර කලින් ෆේස්බුක් එක වහල දැම්ම දැම්මමයි. ඉස්සර මුස්ලිම් යාළුවයි දෙමළ යාළුවයි එක්ක එකට සිගරට් එක බීගෙන කාගෙන හිටි අපේ යාළුවො බුකියෙම ප්‍රසිද්දියේ ඔව් යකෝ මම ආගම ජාති වාදී තමයි ඩෝ..

      මගේ කට නලියන්න ආව බං අහන්න "අන්තිමට තොපි කවද්ද පන්සලකට ගියේ.?" කියල.

      උං එක්ක කතා කරන වචනත් අපරාදේ කියල බුකිය වහල දැම්ම.

      👊🏽

      Delete
    3. මම ඔය සිංහල දෙමළ මුස්ලිම් කතෝලික සේරම එක්ක වැඩකරනවා, ඒ ගෙවල්වල යනවා කනවා බොනවා කිසි ප්‍රශ්ණයක් නෑ. ජාතිබේද, ආගම්බේද ඕව ඔක්කොම අපි විහින් මවාගෙන ඉන්න මල විකාර. අපේ (සම) හරක්ට ඔය යථාර්ථය තේරෙන්නෙ නැති එක තමයි හිතට දුක. 👊🏽

      Delete
    4. ආගම් ඇදහීමත් සමෘධියෙන් ජීවත් වෙනවා වගේම වැඩක් තමයි...

      Delete
  4. හෙහ්,හෙහ්, කතාව ඇත්තය කියමුකො....බුදුවෙන්ට සෙවණ දුන්න හින්ද බෝ ගහට වන්දනාමාන කරනවයි කියමුකො. ඒක හරියි කියලත් කියමුකො.

    එතකොට ඔය බුදුවෙන්ට ඉඳගත්තයි කියන්නෙ අර කවුද බ්‍රාහ්මණයෙක් පූජා කරපු කුසතණ අට මිටක් අතුරල ඒ උඩනෙ. එතකොට මොකෝ අපි කුසතණ (ඒ කියන්නෙ කොටින්ම පිදුරු) වලට වන්දනා මාන නොකරන්නෙ? එක අතකට ඔලු ගෙඩිය ඇතුලෙ තියන දේවල් වලට වන්දනා මාන කරන්නෙ කොහොමද නේද?

    හෙහ්හෙහ් හිනාවෙලා පණගියා ඕයි....:)

    ReplyDelete
    Replies
    1. හොඳම බ්ලොගර් සම්මාණයට සුභ පැතුම්...

      Delete
  5. මාතේ අර ගඟේ යැව්වේ සුජාතාව දීපු එක කිරිපිඬු දානය එක්ක. රවි දැන් පිදුරු මිටියක් අලුත් පූජා වස්තුවක් වෙන්නත් බැරි නෑ මේ යන හැටියට. සැදැහැවතුන්ට අමතක වෙලා තිබුන දෙයක් මතක් කිරීමේ පිං බලයෙන් කොහේ ඉපදෙයිද දන්නේ නෑ ලබන ආත්මේ.

    ReplyDelete
    Replies
    1. /මාතේ අර ගඟේ යැව්වේ සුජාතාව දීපු එක කිරිපිඬු දානය එක්ක./

      අඩේ ඇත්තමනෙ බං..විසාකාව පූජාකලේ මේල පලඳනාවද මොකක්ද එකක් නේද? මට මතක නම් එහෙම වගෙ...

      Delete
    2. කොහේ ඉපදෙන්නෙයි... ආයේ දිවිය ලෝකේ මිසක්කා

      Delete
  6. මුන් අපිව හිනස්සනවා මදිවට උඹත් අපිව හිනස්සනවා. බෝගහ කපන බව දැණගත්ත ගමන් බුදු පිලිමයක් ගෙනාවා. මාර පොරවල්. සත පහකට වැඩක් නැති උපාලි කොඩිකාර ජෝඩුවත් වඩම්මලා තිබුනේ. අපි වඳිනවා වැඩියි බං.

    ReplyDelete
    Replies
    1. උපාලි ආපු ගමන් තේරෙනවා මේක මේකටත් අරක්ගෙන ඉන්නේ මැදමුලනේ දෙයියා බව..

      Delete
  7. බොහෝ අය කියනවා බෝධි පූජාවල මූලාරම්භය අනිමිසලෝචන පූජාව හෝ බුදුන් වහන්සේ නොමැති අවස්ථා වලදී වන්දනාමාන කිරීමට ආනන්ද බෝධිය රෝපණය කිරීම බව.

    නමුත් මට තියන ප්‍රශ්නය තමයි...
    හැමවිටම ධර්මය මුල් තැන තියලා සලකපු, "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති" යනුවෙන් දේශනා කරපු බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් ඇත්තටම අනුමත කරාද? කියනඑක...
    අවුරුදු 2500 ක් ඇතුලත අපේ සංස්කෘතිය, භාෂාව, අක්‍ෂර වගේ දේවල් වෙනස් උනා නම්, බුද්ධාගමත් වෙනස් වෙලා තියෙන්න බැරිද?
    නිකන් හොයලා බලන්න ලංකාවේ හාමුදුරුවරුන්ගේ නිකායවල්ම කීයක් තියනවද කියලා... අවුරුදු 2500කට කලින් ඒවා තිබුනද?? ‍

    දැන් මම මේක කිව්වා කියලා මට බනියි ධර්මය විකෘති කරනවා කියලා.....

    ReplyDelete
    Replies
    1. අපාය සහායක මිත්තරයෙක්....

      Delete
  8. මටත් ඉස්සර ඉඳලා තියෙන ප්‍රශ්නයක් තමයි බුද්ධාග⁣ම ලංකාවට ආවම ඉස්සර තිබුණු ⁣ගස් ගල් වලට වැඳපු යුගය ඉවරවුනා කියල උගන්නල තව ටිකකින් ⁣බෝදිධියට වඳින ගාථාව උගන්නපු එක.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ අපේ උන් හැම ගහටම වඳින්න ඇති... මිහිඳු හාන්දුරුවෝ කළේ ඒක එක ගහකට වඳින එකක් කරපු වැඩේ...

      Delete
  9. Oya suththawal mathaka naha bam...
    Niyama bana api ahanawa, habay nikam baha...
    Pas haya denekuta bana ahanna Balantine 750ml bothalayayi, 1Ltr bottle ekay weya unaa...
    Ehema enna puluwannam dennam bana palenna...

    ReplyDelete
    Replies
    1. බණ තලන්න බැයිද ඒ වගේ වියදමකින්...

      Delete
  10. Oya suththawal mathaka naha bam...
    Niyama bana api ahanawa, habay nikam baha...
    Pas haya denekuta bana ahanna Balantine 750ml bothalayayi, 1Ltr bottle ekay weya unaa...
    Ehema enna puluwannam dennam bana palenna...

    ReplyDelete
    Replies
    1. ලොකු එකෝ, ඉතිං බණ තලන්න කවුරුවත් හිටියේ නැතෙයි

      Delete
  11. බුකියම වැන්දලු සයිටම් බෝධිය

    ReplyDelete
  12. බුදුන් සිටිය යුත්තේ හදවතේ මිස,
    ගස් ගල් වල නොවේ.//////////// agree

    ReplyDelete
  13. අපි නම් දවස් තුනක් එකදිගට බෝ පැල වගේ හිටිය....

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ මිනිස්සු මට කියන්නේ බෝ පැලේ වගේ මහත්තයා කියලා...

      Delete
  14. පට්ටයි....මාතලන්ගේ හොඳම පෝස්ට් වලින් එකක් !!
    වැඩි වැඩියෙන් බණ අහන්න, අපේ එවුන් වැඩි වැඩියෙන් අවිද්‍යාවේ ගිලෙනවා. එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ. උදේ ඉඳන් රෑ වෙනකන් බණ කියලා කච පච ගාන්නේ, ජේතවනාරාමෙට ගල ගහපු පරපුරේ එව්වොනේ...

    ReplyDelete
    Replies
    1. බුදු සරණ අහවරය... දැන් ඇත්තේ අබ සරණය...

      Delete
  15. ඕන දේටයි, එපා දේටයි, හැම මලදානෙටම එරෙහිව, මේ නුගත්, තක්කඩි සිව්රුකාර කහකඩයෝ මහපාරේ හැසිරෙන අසීලාචාර විදිය දැක්කම හිතෙනවා සර් ජෝන් වගේ නායකයෙක් මේ කාලේ හිටිය නම් කියල.

    ReplyDelete
    Replies
    1. සර් ජෝන් ඕනා නෑ... ඉන්නවා නියම බඩුවක්... හැබයි ආයේ ආවොත් අපිටත් ඉන්න හිටින්න හම්බ වෙන්නේ නෑ...

      Delete
  16. ඇත්තටම දැන් ඉන්නේ විචාර බුද්දිය මොට්ට වෙච්ච මොට්ට මෝල් බෞද්ධයෝ ටිකක්..උන් බුදුන් වදාල ධර්මය පැත්තක තියෙද්දී බෝගස්, යක්ෂයෝ, පෙරේතයෝ වැඳ වැඳ යනවා...

    එක අතකින් බලපුවම ක්‍රිස්තියානි කාරයෝ මාරයි..උන් ජේසුව මරපු සිකුරාදට good Friday කියලා, මරන්න පාවිච්චි කරපු කුරුසෙට වැඳ නමස්කාර කරණවා..

    බැරිවෙලාවත් එදා දේවදත්තගේ ඇටෑක් එකෙන් බුදු හාමුදුරුවො මැරුනනම් බෞද්ධයෝ මොනවා කරයිද මංදා !

    අලින්ට වඳියිද ? අලි ඔක්කොම මරලා දායි ද ?
    ගල් වලට වදියිද, දකින දකින ගල් කුඩු කරලා දායි ද ?

    ReplyDelete
    Replies
    1. ලෝකයේ ඇති නරක සියල්ලම බෞතීස්ම කර තිබෙන්නේ ආගමේ නාමයෙන්... මිනී මරලා නිවන් දකින්න පුළුවන් කියපු රට නේ... ආගමක් නේ..

      Delete
  17. මේ කමෙන්ට් එක ලියන්නේ 100% ක් අනුකම්පාවෙන්.. මේක ලියල ආකල්ප වෙනස් කරන්න ඕනෑකමක් නැහැ. ඒත් දන්නා කියන කෙනෙක් හෝ නොදන්න්න කෙනෙක් යම් අකුසලකර්මයක් කරගන්නවානම් ඒක නිවැරදි කිරීමට උත්සහ කිරීම පිනක්..

    ඇසතු කියන වෘක්ෂය අපේ ගෞතම බුදුරජානන් වහන්සේගේ බුද්ධත්වය වෙනුවෙන්ම මෙලොවට පහළවුණු සත් සම්‍යක් වස්තුන්ගෙන් එකක්. බුදු දහම ඇතුලේ බෝධිය කියන දේ වන්දනා කිරීම බුදුරජානන් වහන්සේ වන්දනාකලා හා සමානවම පිං ලැබෙන දෙයක්. බුදු රජාණන් වහන්සේ බුදු වෙලා තමුන් අවබෝධකරගත් ඥානය ලෝකයට හෙළි කලේ මේ භයානක සංසාර ගමනෙන් මිදෙන්න මිසක් බුදු දහම රැකගෙන දෙවු මිනිස් සැප කෙලවර අමා මහා නිවන් දකින්න නෙවෙයි. ඒ නිසා ඒ නිවන් මාර්ගයට යන්න නම් පිං අවශ්‍යයි.

    සිද්ධාර්ථ කුමාරයා මේ ලොවට පහළවන වෙලාවේ බුද්ධත්වය වෙනුවෙන්ම මෙලොවට පහළවුණු ඇසතු වෘක්ෂය නැතුව සිද්ධාර්ථ කුමාරයාට දුක අවබෝධ කරන්න ලැබෙන්නේ නැහැ. මොකද බුද්ධත්වය ලබන්න බෝධියක් අත්‍යවශ්‍යම නිසා. කාක්කෙකුගේ මල පහ ඇතුලේ තියන බීජයකින් පැලවුන බෝධියක් වන්දනා කරත් බුද්ධත්වය වෙනුවෙන් මෙලොවට පහළවුණු බෝධි වන්දනාව මහත්පලයි මහත් ආනිසංසයි. ඒ නිසා තමුන් නොදන්නා විෂයක් ගැන ලිවීමේදී ඒ ගැන මීට වඩා හදාරලා ලියන්න. දැන් කියන්න එපා "හරි අපි දන්නේ නැහැ උඹ තමා දන්නේ " කියල.. මොකද එහෙම හිතුවොත් ඒකත් වැරදියි. මොකද මමත් මේ ගැන සොයමින් ඉන්නවා මිසක් මමත් මේ ගැන 100% ක් දන්නා කෙනෙක් නෙවෙයි. ඒත් මම දන්නා අංශුමාත්‍රයක් තරම් බුදුදහම ඇතුලේ තේරුම් ගත්තු දේ අනුව සංසාරෙන් මිදෙන්න කියා දුන්නු දේවල් උපයෝගී කරගෙන තව තවත් අකුසලකර්ම කරගැනීම තනිකරම මෝඩ කමක්.

    බුදු දහම තියෙන්න ඕන බෝධියේ නෙවෙයි හදවතේ කියන සංකල්පය ගැන යමක් කියනවානම් .. බෝධිය අමතක කරලා බුදුදහම හදවත් තියාගන්න උත්සහ කිරීම බුදුරජානන් වහන්සේ බැහැර කරලා බුදු දහම හදවතේ තියාගෙන ඉන්නවා හා සමානයි. මොකද කියනවනම් ඒ තරම් වැදගත්කමක් බුදුරජානන් වහන්සේ විසින් බෝධියට ලබා දුන්නා. මෙලොව පහලවූ අසමසම, ඇති උතුම් ශාස්තෘවරයාණන් වහන්සේ විසින් පූජෝපහාර සිදුකලාවූ බෝධිය වැඳීම බුදුරජානන් වහන්සේ වැන්දා හා සමානයි.

    මේ ලින්ක් එකට ගිහින් පුලුවනිනම් අංක 06 Download කරන් කියවන්න.
    https://balawegaya.wordpress.com/2011/04/11/%E0%B6%AE%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AE-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD/

    ReplyDelete
    Replies
    1. // බුදු දහම ඇතුලේ බෝධිය කියන දේ වන්දනා කිරීම බුදුරජානන් වහන්සේ වන්දනාකලා හා සමානවම පිං ලැබෙන දෙයක්. //

      හෑ !!

      // බුදු රජාණන් වහන්සේ බුදු වෙලා තමුන් අවබෝධකරගත් ඥානය ලෝකයට හෙළි කලේ මේ භයානක සංසාර ගමනෙන් මිදෙන්න මිසක් බුදු දහම රැකගෙන දෙවු මිනිස් සැප කෙලවර අමා මහා නිවන් දකින්න නෙවෙයි. ඒ නිසා ඒ නිවන් මාර්ගයට යන්න නම් පිං අවශ්‍යයි. //

      පරස්පර විරෝධී කතාවක්. පින් අවශ්‍ය වෙන්නේ සසර සැප පිණිසයි. කුසල් වලින් පමණයි නිර්වාණයට දොර විවර වෙන්නේ.

      කියවීම හොඳයි, නිවැරදි දේ කියවීම අත්‍යවශ්‍යයි !

      Delete
    2. මං නමි හිතන්නෙ එතැන පරස්පර විරෝධි දෙයක් නෑ. සිදුවිය යුත්තේ ඒ වා එකිනෙකට සම්බන්ධ කර නොගැනීමට උත්සාහ නොකිරීමයි. පිං හා කුසල යනු කොටස් දෙකකි. නමුත් ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් මේ දෙක එකිනෙකට බැදී ඇත.පිං නොමැති තැන කුසල් එක් රැස් නොවන බව මගේ හැගීමයි.

      Delete
    3. පරස්පර විරෝධියි කිව්වේ...
      පින් වලින් සසර සැපවත් කරනවා. තව අතකින් බැලුවම සසර දිර්ඝ කරනවා. කුසල් වලින් තමයි නිර්වාණයට ඇත්තටම යොමු කරන්නේ. පින් අවශ්‍යයි, කුසල් වඩන්න මාර්ගයක් විදියට. ( උදා. පින් නොමැතිව මිනිස් භවයක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්)
      නමුත් දැනටමත් මේ තියෙන පින ඇති කුසල් වලට. ඒ නිසා පින් හිඟන්න යන්න ඕනේ නැහැ. බෝධියට පුජා කිරීමෙන් බුදුන්ට පුජා කිරීම හා 'සම' වෙන්නේ නැත. ඒක අලිම අලි බොරුවකි. අනික බුදුන් වහන්සේ පවා ඔසවාගෙන යන්න අවශ්‍ය වන්නේ නැහැ. ධර්මය ෆලෝ කරනවානම්, එපමණයි. ගඟින් එතෙර උනාට පස්සේ කවුද ඔරුව කර තියන් යන්නේ?

      මේක ධර්මය සාකච්ජා කරන තැනක් නොවන නිසා මිට වඩා දිගට කරුණු නොකියමි.

      Delete
    4. නිවන් දැකලා හිටපු රහතන් වහන්සේලා පවා උදේ හවස බුදුන් වහන්සේ හිටපු දිශාවට හැරිලා වැන්ඳ කියල අහල තියනවා. එත් සමහර අය නිවන් මාර්ගයටවත් ඇවිල්ලා නැතිව බුදුන් වහන්සේ අතැරලා යන්න යනවා.

      Delete
    5. ///ඇසතු කියන වෘක්ෂය අපේ ගෞතම බුදුරජානන් වහන්සේගේ බුද්ධත්වය වෙනුවෙන්ම මෙලොවට පහළවුණු////

      හෑ !!
      පහලවුණු? හ්ම්ම්ම්.. බයිබලේට වැඩිය වෙනසක් නෑවගේ බුද්ධ ආගමත්

      Delete
    6. /ඇසතු කියන වෘක්ෂය අපේ ගෞතම බුදුරජානන් වහන්සේගේ බුද්ධත්වය වෙනුවෙන්ම මෙලොවට පහළවුණු සත් සම්‍යක් වස්තුන්ගෙන් එකක්./

      Et tu Ambalan????

      Delete
    7. @ solis,
      De tribu autem augebatur

      Delete
    8. //ඇසතු කියන වෘක්ෂය අපේ ගෞතම බුදුරජානන් වහන්සේගේ බුද්ධත්වය වෙනුවෙන්ම මෙලොවට පහළවුණු සත් සම්‍යක් වස්තුන්ගෙන් එකක්//

      මේ ලියල තියෙන්නේ, ගමේ පන්සලේ වැඩිය උගත් කමක් නැති හාමුදුරු කෙනෙක්, බාගෙට නිදාගෙන ඉන්න මෝඩ උපාසක අම්මලාට දෙසන බණක් වෙන්න ඇති නේ?

      සාදු! සාදු!! සාදු!!!

      Delete
    9. මට බණ ඇහිල්ල එපා වුනේ මෙන්න මේ ජාතියේ බණ අහලා...

      සුරංගනා කතා. බුදු වෙන්න ගස් පහල වෙනවා.. ඒ කියන්නේ ඔය බෝධිය පැලයකින් වැඩිච්ච එකක් නෙමේද ? නිකන්ම පහල වෙච්ච එකක් ද ? එහෙනම් කොහෙන්ද ?

      හරි ඒ බෝධියට වැන්දා කියමුකො.. දැන් මේ අපේ හංදියක් හංදියක් ගානෙ තියෙන්නේ ඔය බෝධියම ද ? බෝ ගහක් පේන්ඩ බෑ, ගිහින් මල් ආසනයක් තියලා, බුදු පිළිමයක් අටෝනවා...ඕවා බුදුහාමුදුරුවෝ අනුදැන වදාල දේවල් ද? බුදුහාමුදුරුවෝ සසරින් එතෙරවෙන මාර්ගය කියලා ඉගැන්නුවේ මේ විකාරද ?


      මිනිස්සුන්ව ගොනාට අන්දනවා...

      Delete
    10. //හරි ඒ බෝධියට වැන්දා කියමුකො.. දැන් මේ අපේ හංදියක් හංදියක් ගානෙ තියෙන්නේ ඔය බෝධියම ද ? බෝ ගහක් පේන්ඩ බෑ, ගිහින් මල් ආසනයක් තියලා, බුදු පිළිමයක් අටෝනවා...ඕවා බුදුහාමුදුරුවෝ අනුදැන වදාල දේවල් ද? බුදුහාමුදුරුවෝ සසරින් එතෙරවෙන මාර්ගය කියලා ඉගැන්නුවේ මේ විකාරද ?//

      +++++++++++++++++++++++++++++++

      Delete
    11. හොඳ වෙලාවට මෙලෝ රහක් නැත් ගහක් යට ඉඳ ගත්තේ... පොල් ගහක් යට ඈඳිගත්තා නම් හෙම කිරි හොද්දක්කත් කන්න වෙන්නේ නෑ...

      Delete
  18. අපේ උන් බුද්දාගමට විරුද්දව ලිව්වම රෑඩිකල් පොරවල් කියලා හිතන් ඉන්නේ. බුදු දහම රෑකගෑනීම සදහා අපගේ දායකත්වය අවම විමට හෙතුව තමන්ගේ බොරු රෑඩිකල් බව පෙන්විමයි. මාතලන් කාරයත් එහෙම අප්සෙට් බුවෙක්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බෝධි වන්දනාවට විරුද්ධව පොර ටෝල්ක් දාන මේ රැඩිකල් බෞද්ධයො ටික,
      මේ වෙන කොට ශීල භාවනාදී ප්‍රතිපත්ති පුරල කොච්චර දුරට මග ඵල ලබල ඇතිද මං අහන්නෙ..

      අනේ වාසනාවන් රටටම මේ බෞද්ධයො ටික..

      Delete
    3. මාතලන් නෙමෙයි... මේ ලෝකේ ඔක්කෝම අප්සට් බුවලා තමයි...

      Delete
  19. මයියොක්කා පූජාත් හොඳයි
    වයිල්ඩ් බෝ සරණෙන්

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මෙලෝ රහක් නැති ගහක් තෝර ගත්තේ...

      Delete
  20. බොටත් බොගේ මෑණියන් වහන්සේටත් පින් අත් වේවා......!

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ්... එසේම වේවා....

      Delete
  21. මේක කියවුවහම මට මාතලන් ගැන සතුටුයි මොකද මාතලන් පැහැදිලිවම තම මතය ප්‍රකාශ කරලා ඊට පක්ශව හා විපක්ශව නැගෙන සියළු මත වාද වලට ඉඩ සලසලා තියෙන හින්දා.
    කොහොම වුනත් මම දකින විදියට මෙතැන කරුනු පටලවා ගැනීමක් තමයි තියෙන්නේ. ඉතාම පැහැදිලිව ලංකාවේ "සිංහල බෞද්ධයා" කියන ජන කොටස අදහන ආගම තමයි "බුද්ධාගම" කියන ආගම.මේ ආගම බුදු හිමියන්ගේ දේශනා මූලික කරගෙන ඊට නොයෙකුත් ඇදහිලි ක්‍රම, සංස්කෘතිකාංග, ඇවතුම් පැවතුම් එක් වීමෙන් තමයි මේ ආගමික සංස්ථාව ගොඩ නැගිලා තියෙන්නේ. ඒ සඳහා දීර්ඝ කාලයක් තිස්සේ අතීතයේ තිබුනු නොයෙකුත් ඇදහීම්, බමුණු මත, හා බටහිර සංකල්ප පවා ඇතුළු වෙලා තියෙනවා.
    මේ සිංහල බුද්ඪ්දාගම තුලින් එක එල්ලේම බුදු හිමියන් දෙසූ දහම බලා පොරොත්තු නොවිය යුතුයි. ඒත් මේ සිංහල බුද්ධාගම් කාරයින් විසින් ථේරවාදී ත්‍රිපිටකය දැන හෝ නොදැන ආරක්ෂා කිරීම නිසා තව දුරටත් එය අපගේ පරිෂීලනය සඳහා ඉතිරිව තිබීම වැදගත්.
    කෙසේ වෙතත් බුදු හිමියන් දෙසූ දහම කිසිවෙකුට එක එල්ලේ තමන් තුල රෝපනය කර ගත හැක්කක් නොවෙයි එම නිසා එකෙකු හද තුල දහම දැරීමත් තවකෙකු බුදු පිළිම හෝ බෝ රුක් වන්දනා කිරීමත් එකිනෙකාගේ උපහාසයට ලක් කර ගැනීම සුදුසු නැහැ. නානාත්ත කායා නනාත්ත සංඤ්ඤා සතුන් වන අපි එකම වේදනාව තුලින් විවිධ සංඤ්ඤා ලබන නිසා අපගේ දැකීම් විවිධයි.
    එම නිසා අනෙකුන් උපහාසයට ලක් කිරීමට පෙර මා දහම ගැන දන්නේ කුමක්දැයි සැමකෙකුම සිතා බැලීමයි සුදුසු.
    උපතින් බුද්හාගම් කාරයෙකු වන කෙනෙකුට සිංහල බුද්දාගම හරහා බුදුන් දෙසූ දහම අවබෝධ කොට ගැනුමේ මගකට යොමුවීම අදටත් කල හැක්කක්. එහෙත් ඔහු නිදහස් චින්තකයෙකු විය යුතුමයි.

    පන්නිපිටියේ බෝ රුක ගැන,
    මා සිතන්නේ එතරම් පැරනි වෘක්ෂයක් කපා හෙලීම නුසුදුසු ක්‍රියාවක්. එය බොහෙඔ දුරට මාර්ගයේ ධාවන තීරු දෙකටම පිටතින් පිහිටා තියෙන නිසා එතැනදී පදික වේදිකාව පමණක් වෘක්ෂය වටා ඉදිකර හෝ එය රැක ගත හැකිනම් අගෙයි.

    බෝධි වෘක්ශය අපවත් කිරීම:
    බුදු දහම අනුව වෘක්ශයක් යනු සත්ත්වයෙකු නොවන නිසා (එහි පංචස්කන්ධයක් නොමැති නිසා )මෙය නොදන්නා කමට යම්කු කිවූ කථාවක් විය යුතුයි. බුදු දහම අනුව ගසකට මරණයක් ලැබිය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. බුදුන් පහල උනේ ගස් ගල් වලට වඳින මෝඩයින් එයින් මුදවා ගැන්මට... ඒත් අපේ උන් ඔක්කොම කලවම් කරගෙන ආයෙත් පරණ ක්‍රමයටම අනුගත් වෙලා...

      Delete
  22. ආමිස පූජාවන්ට වඩා... ප්‍රතිපත්ති පූජාව උසස් බව බුදුන් වහන්සේත් වදාළ සේක

    ReplyDelete
    Replies
    1. ඒක තේරෙන්න ධර්මය අවබෝධ කරගෙන ඉන්න එපාය...

      Delete
  23. ආ............. මාතා පූජාවක් තියන්න වගේ ලෑස්තිය........ තීමු තීමු........ අපිත් එන්නං පිං ගන්න......

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් කවද පුජාවන්වලට සහබාගී වෙන පින්වතුන්නේ...

      Delete
  24. මචෝ මම මේක ඔඹේ නම දාලා මගේ බුකියේ දැම්මා. මගේ සෙට් එකක් ඉන්නවා මේක පෙන්නන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ... ඒත් සම හරක් නම් උන්ගේ ඒවා වගේ දානවා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න