.

.

Mar 31, 2017

නෙළුම් යායට නාවේ ඇයි ඔයා - Nelum Yaya Blog Awards



මාතලන් නෙළුම් යායට නාවේ ඇයි කියා, බොහෝ අය එක එක ක්‍රමවලින් අහනවාය. සමහරුන් නාපු එක ගැන දුක් වන අතරේ, සමරක් සතුටු වෙනවාය. මාතලන් හා "අටමා" බ්ලොග් උළෙලක සිටිය යුතුය කියා, මෙවර සම්මාණලාභී තරිඳු උඩුවරගෙදර ලියලා තිබුනේය. මාතලන් නම් කිව්වේ, බ්ලොග්, අටමාගෙවත්, උගේවත්, මගේවත් නොවන නිසා, ඕනා එකෙක් ඕනා බඩකඩිත්තුවක් කොර ගත්තාට, මගේ නම් අවුලක් ඇත්තේ නැත කියාය. අටමා සිතන්නේද එසේම විය යුතුය.

එසේම විය යුතුය කියා කීවේ, මාතලන් මේ ගැන තාම අටමාගෙන් ඒ ගැන නොවිමසු නිසාය. කිසිවක් කොරන්නට වෙලාවක් ඇත්තේ නැතිය. එහෙත් ප්‍රාණ සමානා බ්ලොග් කෙරුවාව නිසා ඇති කරගත් හිතවතුන් වෙනුවෙන්, මේ ගැන මක්කා හෝ ලියා තැබිය යුතුය කියා සිතුනේය. ඒ හේතුවෙන් මාතලන් අහනා ප්‍රශ්ණ වලට මාතලන්ම පිළිතුරු දෙනවාය..

ප්‍ර: මොකෝ උළෙලට නොගියේ.. රාජිත ආපු නිසාද..?

උ: ඔත්නට රාජිත නෙමෙයි, මහින්ද හරි, ඝෝඨා හරි, විමල් නෙමෙයි නානසාර ආවත් මට නම් කිසි අවුලක් නෑ... පාරිශුද්ධ එකෙක්වත් නැති රටක, මොකා ආවම මට මොකෑ බං


ප්‍ර: ඒ උනාට එයා නූතන සේනක බිබිලෙය කියලා හඳුන්වා දීලා නේ


උ: ඉතින් මොකෑ බං වෙන්නේ. නූතන විහාර මහා දේවීලා, නූතන දුටුගැමුණුලා, නූතන ප්‍රාක්‍රමභාහුලා, නූතන සුභ සහ යසලත් ඉන්න එකේ... නූතන සේනක බිබිලේ කෙනෙක් උන්නම් මක් වෙනවද..? සෙනක බිබිලේ, රාජිත වෙලා නෑ නේ... 

ප්‍ර: එහෙනම් කරූ ආපු නිසා..?

උ: පිස්සුද බං.. දෙකට තුනට නැමිලා, දණ ගහලා වැඳලා.. මට හම්බ වෙච්චි එක ගත්තෙත් උන්නෑහේගෙන් නේ.

ප්‍ර: හරි හරි එහෙනම් මැකෝ ආපු නිසා...?

උ: පිස්සුද බං... ඒ යකත් නිකන් බ්ලොග් කාරයෙක් වගේමනේ.., බ්ලොගර් එකේ, වර්ඩ්ප්‍රෙස් එකේ, අපි වැඩ දානවා වගේ.. ආන්ඩුවෙන් ගැසට් එක ගහපු ගමන්, පොර දෙනවා ගේම.. අනික "චේෆාකිත්" වගේ නිසා, මං පොරට කොහොමත් මනාපයි.. 
අනික ඔය මහින්ද අර මහින්දටත් සෙකන්ඩ් නැති එකා... ඡන්දේ තියන්නේ නැත්තේ සිරා නේ බං... තිබ්බොත් ඇප නෙමෙයි... ඇට දෙකත් නෑ... 

ප්‍ර: එහෙනම් නදී නිසා...?

උ: එතන කොහෙද බං නදියක්...? ඔයක් නේ තියෙන්නේ...

ප්‍ර: නෑ උක්තෝ.. නදී වාසලමුදලිආරච්චි ආපු නිසා

උ: මයෙ අම්මපා..... එයා න බව දන්නවා නම්, මම ඔක්කෝම දමලා ගහලා ඔතෙනට යනවා.. අර අජියාවත්, කමියවත්, ඕක කලින් කිව්වේ නෑ නේ... ඉරිසියාකාර හැත්ත..

ප්‍ර: බඩු හරි.... සම්මාණයක් නැති නිසා?

උ: පිස්සුද බං.. ඕනම නම් ඉල්ලලා සම්මාණයක් උනත් ගන්න පුළුවන් තරමට ෆිට්

ප්‍ර: එහෙනම් ඉස්තාන දෝසේ..?

උ: එ කිව්වේ වෝටර්ස් එජ්...?

ප්‍ර: ඔව් ඔව් ඒක තමයි..?

උ: වතුරේ තිබ්බා නම්, මම කොහොමත් යන්නේ නෑ... සුළි දෙකක් තියෙන නිසා, මට කොහොමත් වතුර අගුණයි.... හැබයි ඕක තිබ්බේ වතුරේ නෙමෙයි නේ.. වතුර ගැට්ටේ නේ..

ප්‍ර: ඔව්වොව් ඒක තමයි හේතුව..?

උ: වෝටර්ස් එජ් නෙමෙයි බං.., මම කැමතියි ඕක ජායික් හිල්ටන් එකේ තියනවා නම්. බ්ලොග් වලට මොකෙක් හරි සම්මාණ දෙනවා නම්, මාතලන්ට වඩා සතුටු වෙන එකෙක් තවත් නෑ.. සමහර උන් වෝටර්ස් එජ් ගැන කොක්ක අදිද්දි..., ඒ වෙනුවෙන් පෙනි උන්න එකෙක් මාතලන්... අනික මේ තරම් වියදමක් දරලා...? කොච්චර ළොකු දෙයක්ද...? අනෙක් සමාජ මාජ්ජ ජාල වල උන් පපුව පැලිලා මැරෙණ සයිස් එකට ජෙල..

ප්‍ර: එහෙනම් කෝදාගොඩ නිසා...?

උ: කෝදාගොඩ නම්, නයි ටී ඇන් එකට ඇවිත් මේක එයාගේ එකක් වගේ කතා කොළේ. එයා මාර සමාජ සෙවා ටිකක් කොලාය කිව්වේ. අර "ඉන්දික උපශාන්ත" කියන දානපතියගේ සහ "කමියගෙ" හම යන කොට, කෝදාගොඩගෙ නම ලංකාවෙම යනවා. ඒත් ඉතින් ඒක එයාගේ අවුලක් නෙමෙයි. ඔය නෙළුම් යාය උන්ගෙම අවුලක්.. කෝදාගඩ නෝනා සත පහක් දෙන්නේ නැතිව, නැව් ටෝක් දුන්නේ, නෙළුම් යායේ උන්ගේ ගොන්කම් නිසා.. ඒකට ඒ මනුස්සයා පලි නෑ..

ප්‍ර: එහෙනම්..., ස රසා බජට් ඉල්ලලා කොක්ක ඇදලා පට්ට ගේමක් ඇද්ද නිසා...?

උ: මම හිතන්නේ මේ සැරේ නෙළුම් යායට වැඩිම ප්‍රචාරයක් දුන්නේ ස රසා. අනික ඌ මගෙන් බජට් ඉල්ලුවේ නෑ නේ...? ඊට හපන් වැඩේ කියන්නේ, ස රස තුමා ඕකට ගිහින් තියෙනවා නේ.. කස්ටිය ගහයි කියලා බයට නෝනත් එක්ක ගිහින් තියෙන්නේ.. ඔයා කව්ද කියලා ඇහුවාම මම මහින්දගේ කෙනෙක් කියලා.. පස්සේ මහින්ද දේශප්‍රියගේ කියලා හිතලා, එයාගේ කෙනෙක්ද ඇහුවාම..., නෑ නෑ මම මහින්ද රජ්ජුරුවන්ගේ කෙනෙක් කියලා.. ඒ නිසා ඇතුලට අරගෙන නෑ.. පස්සේ රැස්ටුරන්ට් එකෙන් කහට දෙකක් බීලා.. බුකියේ පොටෝ එකක් දාලා ගෙදර ගිහින් හිටන්..

ප්‍ර: එහෙනම් ෆකෝ.. හරියට කියහන්කෝ නාවේ ඇයි කියලා...?

උ: ආන් එහෙම වැදගත් විදියට එපාය ප්‍රශ්ණයක් අහන්න.. මාතලන් නෙළුම් යාය සංවිධායක මන්ඩලේවත් එක මන්ඩලේකවත් සාමාජිකයෙක් නෙමෙයි.. "නිදහස් මිනිහෙක්.." ඒත් නෙළුම් යායේ උන් එක්ක හැම වෙලාවෙම මේ ගැන සංවාදයක උන්නා.. ඉතින් දෙවනි සම්මාණ උළෙලෙදි, මමත් තව කීප දෙනෙක් විරුද්ධ උන දෙයක් නෙළුන් යායෙන් කරා.. ඒත් ඉතින් තෑගි දෙන්න එන්නෙයි කියාපු නිසා අපි ඔතනට ගියා. 

නමුත් පළවෙනි එකේ පොටෝ එකක්, දෙවනි උත්සවේ ගැන බ්ලොග් සටහනක දැම්මය කියලා.., ඒ ෆොටෝ එක ගත්ත එකයි නෙළුම් යායේ කෑල්ලකුයි, මට බොරේ ඇද්දා.. තා ටිකෙන් මට විමලේ වගේ හිරේ යන්න වෙන්නේ... මම කරපු වැඩේ ඒක ඩිලීට් කරලා.. වෙන එකෙක්ගේ එකක් දැම්මා.. එතනදි මට තේරුනා.. මේක අජියගේ වැඩක් නෙමෙයිය.. වෙන ගේමක්ය කියලා..

තුන් වෙනි එක පටන් ගන්න කොටම මාතලන්ට තේරුනා, මේ පාර යන්නේ අමුතුම ගේමක්ය කියලා.. ඔව්වොව්..., එහෙම අනාගතේ පේන ගතියක් මාතලන්ට තියෙනවා.. ඒ නිසා මම මුළින්ම කිව්වා, මම මේකට එන්නේ නෑ කියලා.. ඒත් මම ඒක කිව්වේ.. අජිත්ට හා තව කීප දෙනෙකුට විතරයි.. එහෙම කියලා සද්ද නැතිව උන්නා..

බ්ලොග් ලියන උන්ට මොකා සම්මාණ දුන්නත් මට අවුලක් නෑ. ඒ නිසා නෙළුම් යාය බ්ලොග් සම්මාණ ගැන මාතලන්ගේ කිසි අහිතක් නෑ.. ලබන සැරේ මීටත් වඩා හොඳට ක්‍රන්න ඒකේ ඔක්කෝටම ශක්තිය ධෛර්යය ලැබේවා කියා බොක්කෙන්ම පතනවා..

ඒත් මාතලන්ව සැක කරන මිනිස්සු එක්ක, විශේෂයෙන් යාලුවෝ කියලා හිතාගෙන උන්න උන් එහෙම කරනවට මාතලන් කැමති නෑ.. මොකෝ මාතලන් කියන්නේ හැංගිලා ගහන, බය ගුල්ලෙක් නෙමෙයි... කියන්න තියෙන දේ මූණටම කියන එකෙක්.. ඉතින් ඒ දේ කියන්න ඕන එකාට කිව්වා.. ඒක ඌයි මායි දන්නවා.. ඒ හොඳටෝම ඇති.. ඒ පුදගලයා නෙළුම් යාය හා සම්බන්ධයි.. ඉතින් ඔහු එන තැනක, මාතලන් මින් පස්සේ ඇත්තේ නැත.. විශේෂයෙන් ඔහු නිකරුනේ මාතලන් සැක කළ දෙවන අවස්ථාව මෙය නිසා.. 

ඕන් ඕකයි හේතුව... වෙන මොන ලබ්බක්කත් නෙමෙයි.. එදා ෆෝන් එක ඕෆ් කරලා තිබුනෙත් ඒකයි.. ඒ ගැන අනෙක් උන්ගේ සිත් රිදුනා නම් ඒ ගැන සමාවන සේක්වා... 

ඔහේලාටත් මාතලන්ගෙන් මේ ගැන මක්කා හෝ අහන්න තියෙනවා නම්, අහන්න පුළුවන්ය. වේලාවක් ඇති වෙලාවක ඒවාට අනිවාර්යයෙන් උත්තර බඳිනවාය.

142 comments:

  1. මාතලන් නොගිය නෙලුම් යාය මංගල්ලේ පතොක් යායක් වගේ තියෙන්ඩ ඇති කියලයි මට කියන්ඩ තියෙන්නේ. උන්නැහේ නැති තැන හරියට ලුණු නැති හොද්දක් වගේ, කිසි රහක් නෑ . කකුලෙන් අදින උන්ට ඒක තේරෙන්නෙත් නෑ , ඉරිසියාවට බෙහෙතුත් නෑ .

    ReplyDelete
    Replies
    1. මඟුලක් කතා කොරනවා හිටන්... නියමෙටම තිබුනය කියලා හැම එකාම කිව්වේ...

      Delete
  2. තෝ සම්මාන උලෙලට නාවාට මට නම් කිසිම අවුලක් නැත. එකම අවුල ආප්ටර් පාටි එකට නාපු එකය. ඒකෙන් උනේ පයියාගල ජීවන ස්ටාර්ස් සංගීත කණ්ඩායම ලෝක අමාරුවක වැටීම ය. වෙනදට සුතිය පන්නන එවුන්ව හරිමගට යොමුකරනා මාතලන් තුමා නැති අඩුව නම් එකෙන්ම දැනින.

    ReplyDelete
    Replies
    1. කොහොමත් දැන් සුරුතියෙන් පිට යන්නේ... කොයි කවුරුත්...

      Delete
  3. වෙලාව හොයාගන්න එක තමයි අමාරුම වැඩේ...නැද්ද මාතේ...?
    මම නොගියාට මම මගේ බොඩි ඩබොල ඇරියා..කථාවකුත් පවත්තලා තෑගිත් දුන්නා මගේ බොඩි ඩබොල..ඒ මැදෑ...නැද්ද...!
    අර ගිටාර් බුවා නක් අපි දෙන්නට කිංඩිටක් දාලා තිබ්බා අපි ශෘතියෙන් පිට ගීත ගායනා කොරලා උගේ ගිටාර් එකේ තත් කැඩුනාය අරකය මේකය කියලා...ඒකාට නට්ස්....හෙක්...!

    ReplyDelete
    Replies
    1. ආ ඔය උඩින් කියල තියෙන්නේ...!!

      Delete
    2. අන්නේකයි... පොටෝ දැක්කම මම පුල් අප්ෂෙට් ගියා හිටන්... යකෝ යන්නේ නෑ කියලා මූත් ගිහින් නේ යකෝ කියලා... ස රසා වගේ...

      Delete
    3. ඒකා මගෙන් අර ෂර්ට් එක ඕනිම කිව්වනේ...ඒකට රංඩුවෙලා නොව අත් උලුක් කරගත්තේ...බොඩි ඩබොල් හරි ලෙඩක් මාතේ, ෆුඩ්සිටියටවත් යන්න විදියක් නෑ හැරී හැරී බලනවා හරියට චන්දේ දාන්න යනෝ වගේ...:)

      Delete
    4. කින්ඩි නෙවෙයි ලොක්කා ඇත්ත කිව්වෙ.

      Delete
    5. හුටා..මම හිතුවෙ කිංඩියට කියලා..හැලපෙතුමාටත් කිව්ව අප්පා ..ඌත් පිලිගත්තනේ...කාරි නෑ..ආයෙ හැංදෑවක සෙට් වෙමුකෝ...!

      Delete
    6. අවුලක් නෑ චෙෆෝ... එළ කොල්ලෙක් නේ...

      Delete
    7. චෙෆාකි ලොක්කා බාගෙටනෙ කියවල තීන්නෙ මගේ පොස්ට් එක

      Delete
    8. //මොනතරන් පොශ් ඉවෙන්ට් තිබුනත් ජීවන තුමා වැඩියෙන්ම ලයික් ආෆ්ටර් ඉවෙන්ට් එකට ය. මෙදා ආෆ්ටර් ඉවෙන්ට් එකේ මහාචාර්‍ය මාතලන් තුමා සහ චෙෆාකි තුමා නැති අඩුව ලොකුවටම දැනුනෝය. ශ්‍රී ලාංකික බ්ලොග් කරුවන්ගේ නිල සංගීත කණ්ඩායම වන පයියාගල ජීවන ස්ටාර්ස් ඔවුන් දෙදෙනා නැතිව ලෝක අමාරුවක වැටුනෝය. සිංදු වල සුතිය පැන්නාම ට්‍රැක් කරන්න කෙනෙක් නැතිව සංගීත සාජ්ජය කතරගම කොලඹ සෙමි ලක්ෂරි බස් එකේ සැට් එක වගේ උනෝය//
      මම හිතුවෙම මූද අද්දර වැඩේ අපි දෙන්නා කෑවය ඒ නිසා දිය අද්දර ඔහේ අපි නැතුව හොඳට සාජ්ජේ කොලාය කියන එක ව්‍යාංගයෙන් කිව්වය කියලා...ඔලුව කචල්නේ මලේ ..ඒකයි..ගනන් කරන්න එපා ඕවා...!

      Delete
    9. // බොක්කෙන් වැඩ කරන් උන්ට කරන්නට බැරි දෙයක් නැත. කොහොම හරි දත කාගෙන අතින් කයිට් කරගෙන කරනවාය. මහන්සිය ගැන ගානක්වත් නැතිය. හැබැයි පොඩි පොඩි දේවල් වලින් හිත රිදවා ගන්නට ලෝක සූරයෝය. පොඩ්ඩ වචනයක් ටැපලුනොත් බඩු බනිස් ය.// @ http://dampatadedunna.blogspot.com/2017/03/blog-post_29.html

      Delete
  4. පොටෝ සීන් එකක් මටත් උනා. මම ඉන්න පොටෝ එක ඩවුන් ලෝඩ් කරන්න ගියාම කොපිරයිට් ලු. උගේ නෑ නෑ ඕන නෑ මෙව ලිව්වොත් ඩොමැස්ටික් සෙන්සර් බෝඩ් එකට අහු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒවට එකෙක් නෑ කතා කොරන්න... කොහේවත් ඉන්න හුත්තියන්ට නැවෙනවද බං බ්ලොග් ලියන උන්...

      Delete
    2. කොපිරයිට් සේන් එක එෆ් බී එකේ දාල ඇති ස්ක්‍රීන් ශොට් එකක් එක්කම

      Delete
  5. මාතේ, උඹ එක්ක මතවාදීව මම එකඟ නොවුනත් බ්ලොග් පිටු මිනිසුන් අතර කතාවට ලක්කරන්න උඹට පුළුවන් උනා. ගොඩ දෙනෙක් බ්ලොග් පටන් ගත්තා උඹ නිසා. මුල ඉඳලම බ්ලොග් කෙරුවාව දන්න කෙනෙක් විදියට උඹ සාර්ථකයි. කොහොමත් කොටන් අදින අලි පෙරහරේ යන්නේ නැතිය. මතක තියාගනින් මාතේ ගොඩක් අය මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන බව. මේ ඇති උඹ දන්නවා මම කියන්නෙ මොකක්ද කියලා...... සුභ වේවා මාතේ !

    ReplyDelete
    Replies
    1. මාතලන් කවදත් ඉන්නේ නිවැරදි පැත්තේය...

      Delete
  6. මාත් ලංකාවෙ හිටියට ගියෙ නං නෑ එදා වෙන ගමනක් ගියා. ඒක නෙවෙයි බං වෙලාවක සැට් වෙමුකො.

    ReplyDelete
    Replies
    1. අවුරුද්දෙන් පස්සෙ බලමු මචෝ... එතකන් දිනපතා වැඩ... බඩේ බත් වැටෙන්න එපයි මක්කා කොරන්නත්...

      Delete
  7. මාතලන් නොගිය බව හරියටම දැනගත්තෙ දැන්. එහෙට ගිහින් බැනල හරි එන්න නොගිය එක ගැන කේන්තියයි දුකයි අඩුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් යන පාර ගැන බොහෝ විවේචන තිබුනත්.. මම ඉන්නේ සම්මාණ දෙන එක හොඳ දෙයක් කියන මතයේ... බ්ලොග් කාරයෝ කීප දෙනෙක් හෝ කොඳක් තියෙන උන් වීම ආඩම්බරයක්...

      Delete
  8. Replies
    1. බ්ලොග් කියන්නෙත් අම්මට සිරි ලංකාවේ තවත් පැතිකඩක්... එච්චරයි...

      Delete
  9. //මාතලන් නෙළුම් යාය සංවිධායක මන්ඩලේවත් එක මන්ඩලේකවත් සාමාජිකයෙක් නෙමෙයි.. "නිදහස් මිනිහෙක්.." ඒත් නෙළුම් යායේ උන් එක්ක හැම වෙලාවෙම මේ ගැන සංවාදයක උන්නා.. //

    හරියට හරි මාතේ,

    මේ වයෙන් ඉදිරියේ නිදහස නැතිවීමයි වෙන්නේ උබ මේක කෙලින් කිව්වා එක ගැන සතුටුයි. මිට විරුද්ද අය ඇනෝ ඇවිත් තමයි විරුද්දකම ප්‍රකාශ කලේ කියන්න තියන දේ කෙලින් කියන්න ඕනේ මිනිස්සු පිළිගත්තත් නැතත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... මොළේ ඇති උන් තේරුම් ගත්තා යටින් යන දේ...

      නයි ටී එකේ "කව්ද ඇත්ත කියන්නේ" එකේ පච කෙලලා හොඳටම නා ගත්තා...

      Delete
  10. //සම්මාන නොලැබූ උන්මාදයෙන් ලියමි.. !!//


    මෙහෙම පෝස්ට් එකක් ලියන ගමන් ඉදලා මේ ලිපිය කියෙව්වේ...
    ඒක දාන්න වෙන්නෙ නෑ එහෙනම් !!

    ReplyDelete
    Replies
    1. ඒකත් දාහන්... අවුලක් නෑ... අපේ උන් ඔක්කෝටම වඩා වං හුං වලට පට්ටම මනාපයි හිටන්...

      Delete
  11. මාතලන් එක්ක මම එකඟ වෙන්නේ බොහොම කලාතුරකින්. හැබැයි මම හැමදාම මාතලන්ට ගරු කරන හේතු දෙකක් තිබ්බා.
    1. ගුරු කුලේකට සීමාවෙන්න ගිය බ්ලොග් හැමෝටම එන්න පුළුවන් තැනකට ගේන්න මාතලන් ලොකු සේවයක් කලා. බොරු ටෝක් නැතුව නවකයින්ට අත දුන්නා.
    2. කියන දේ කරන, ඒ වෙනුවෙන් පෙනී හිටින කොන්දක් මතලන්ට තියෙනවා. (බොරු දර්ශණවාදී ටෝක් දාලා, වැල යන පැත්තට මැස්ස ගහන්නේ නැතුව )

    මේවා බටර් නෙවෙයි. දෙකක දාලා ඉන්න වෙලාවක බොක්කෙන් ලියන ඒවා :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලාවට කියන ඒවා, ලියන ඒවා තමයි බොහෝම වටින්නේ කියලා, බන්දුල නානායක්කාරවසම් මාතලන් එක්ක කිව්වා...

      Delete
  12. චැහ්.... නදී අක්කිව බලන්නත් බැරි උනා නෙව.
    බුකියෙ නම් කියවුනේ නොගියෙ සහ විවේචනය කරන්නෙ සම්මාන ලැබුනෙ නැති උදවියයි කියලා.කුහක නොවී ඉරිසියා නොකර තවත් උත්සාහ කරන්න කියල ඒ ප්‍රාඥ්ඥයෝ උපදෙසුත් දීල තිබුනා.
    මේ කියන විදිහට එහෙම නොවන අයත් ඉන්නවා එහකොට.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එයත් පස්සේ අහනවා... ඇයි අනේ ඔයා නාවේ කියලා... එනවයි කියලා කලින් කියන්න බැයිද අප්පා... දුකේ බැරුවා...

      Delete
  13. අර පෝටෝවලට කේස් එකක් ඇද්ද පොටෝකාරය කවුද කියහං....
    මෙතන බැරිනං මූණුපොතේ මැසේජ් එකක් දාපං ...
    උඹ ආවෙ නැති හින්ද මෙදා පාර නෙලුං යාය නියමෙට තිබ්බ කියල කවුදෝ කිව්ව ...
    ඒ මං හිතන්නෙ අර උඹ කියපු එකා වෙන්න ඇති ....
    හැක හැක හැක ....

    ReplyDelete
    Replies
    1. එකෙක් නෙමෙයි ගොඩාක් අය කැමතියි මාතලන්ට කෙලින්න... ඒත් ඉතින් මාතලන් සර්ෆ් එක්ස් ඇල්වලින් හේදුවා වගේ සුදට සුදේ බැබලෙනවා... නව සන්ලයිට් වගේ සුවඳ හමනවා...

      Delete
  14. බ්ලොග් කියවන කොමෙන්ට් කොටන එකෙක් හැටියට මම නම් ඔය සම්මාන කෙරුවාවට ඒ හැටි කැමැත්තක් නෑ..සමහර එව්වොන්ගෙ කොඳු නැමෙන්ඩ පුලුවන් සම්මාන වල බරට..පේන්නෙ නැද්ද ප්‍රධාන පෙලේ මාධ්‍ය බුවාල...

    එක්කො ඕනැ පුකක්....මාතලන් වගෙ එකෙක් දෙන්නෙක් ඉතුරුවෙන්නැතෑ අපේ ඩේටා ටිකට කෙලින්ඩ......

    ReplyDelete
    Replies
    1. අන්නේකයි... සම හරක්ට දෙයක් තේරුම් යන්න කල් ගත වෙනවා...

      Delete
  15. නදීයෙක් ගලන බවක් එතනට යනකං දන්නේ නෑ බං.. කලිං කියුවේ නාරද ද මොකාද ගෙන්නනවා කියලනේ. කොදාගොඩට ඔය පිස්සු කෙලින්න වරම ලැබුනේ අපේම අවුල් නිසා. මේ පාර සංවිධාන බර අදින්න අපි එකෙක්වත් කැමති උනේ නෑනේ.
    දැන් කවුද ඔය උඹ කියන නෙලුංයායට සම්භන්ද බුවා? කියන විදියට අජියත් නෙවෙයිනං අටමත් නෙවෙයි නං ඉතුරු වෙන්නේ තව අපි දෙතුං දෙනයි. උඹව සැක කරන්න මටනං කිසිම හේතුවක් නැති උනත් මේ කියන විදියට එකෙක් දෙන්නෙක් හරි ඒ ගැන මාව සැක කරන්න පුලුවන් .. ඉතිම් ඒකත් එකපාරම කියල දාපංකෝ ඉවරයක් වෙන්න.

    අනික උඹ නේන බවක් අජිත් දන්නවා කියලා මටවත් කියුවේ නෑ. මම හිතුවෙම අනික් මොකා නාවත් උඹ එයි කියල..

    ReplyDelete
    Replies
    1. කමිය , නෙළුම් යායයට සම්බන්ධ බුවා කියද්දි මටත් උඹද කියන ගැටලුව ආව, හැබැයි උඹ එහෙම කුහකයෙක් නොවන බව දන්නා නිසා වෙන එකෙක් කියල හිතුව ඒත් මාත මේ ගැන පැහැදිලිව ලියනවනම් හොදයි.

      Delete
    2. ආයි මොනාදා මාඩාවෝ. ඔය කමියා තමා. හැක්

      Delete
    3. හරි නේ ඔය කමියම ලියලා තියෙන්නේ මක්කයි උනේ කියලා.. එතකොට උඹ නෙළුම් විලේ එකෙක් නෙමෙයිද..? ප්‍රෙස් කොන්පර්න්ස් හිටපු එකා නයි ටී ඇන් යද්දි හලනවා.. යන්නේ නෑ කියපු උන් එතනට යනවා..

      මෙහෙමයි මචෝ කෙනෙක් ඇන්දෙන්න පුළුවන්.. නෑවා වෙන්නත් පුළුවන්... ඒත් රෙදි අරගෙන මහගෙන ඇඳ ගන්න එකයි ඇඳගෙන නාන එකයි ඊට වෙනස්.. එහෙම ඇන්දෙන්න මම කැමති නෑ...

      අනික අනුන්ට විසි කළ තොප්පි උඹ දාගෙන නටන්න ඕනා නෑ නේ.. මම උඹ එක්ක දවස් දෙකක් ඉඳලත් එහෙම දෙයක් කතා කළේ නෑ නේ.. එතනදිත් මම පෙනි උන්නේ සම්මාණ උළෙල වෙනුවෙන් නේ... උඹ ම්ම එයි කියලා හිතුවෙත් ඒ නිසා නේ.. ඉතින් උඹ මගෙන් අහන දේ උඹට අදාල වෙන්නේ නෑ...

      ඒ දේ අදාල පුද්ගලයා සහ මාතලන් දැනන් උන්නාම හොඳටෝම ඇති...

      Delete
    4. //ප්‍රෙස් කොන්පර්න්ස් හිටපු එකා නයි ටී ඇන් යද්දි හලනවා.. යන්නේ නෑ කියපු උන් එතනට යනවා..// ප්‍රෙස් කොන්ෆරන්ස් ගියේ මගේ උවමනාවට නෙවෙයි. එතනට යන්න එන්න කියුව නිසා ගියා. 'බ්ලොග් සංසදය' නියෝජනය කරනවා කියල ලියල තිබ්බ එක (දැක්කේ එතැනදී) ගැන එවලේ මාද්‍ය කාරයෝ ඔක්කොම ඉස්සරහ එහෙම සංසදයක් නැති බව කියුව. කිසිම වීඩියෝ එහෙක ඒ කොටස දාලා තිබ්බේ නම් නෑ.. එතැනදී තමයි අරාධිතයින්ගේ ලිස්ට් එක දැක්කේ. යන නොයන එවුන්ට ඒක තීරණය කරන්න පහසුවෙන්න ඒ ලිස්ට් එකේ ෆොටෝ එකක් ගහගෙන ඇවිත් බුකියේ දැම්ම. ඒකෙන් ගොඩක් උන්ට යන නොයන එක තීරණය කරන්න පහසු උනා මගේ හිතේ. නයි.ටී. ඇන්. එකේ ඔෆර් එක මුලින්ම ආවේ මට.. ඒ උනාට උඹ දන්නවනේ ප්‍රයිවෙට් කොම්පැනියක වැඩ කරන එකෙක් විදියට මම ඔතන ගිහින් පැය දෙකක් මූණ දාගෙන හිටියනම් පහු වෙනිදට ඔෆිස් ඇවිත් කන්න වෙන කෑම.. ඒක නිසා වෘත්තීය විදියට ඔය වගේ වැඩ කරන උන් සහ ලන්ඩන් වල ඉන්න අජියව ඔතෙන්ට යවන්න තීරණය කලෙත් මම.. කෝදාගොඩ ව යවන්න කියුවෙත් මම. මොකද එතන ගිහින් මුන් මොනවා කතා කරත් මුලින් ඕක දුන්නේ 'බ්ලොග් සම්මාන උළෙල' ගැන කතා කරන්න. සම්මාන උළෙල ගැන කතා කරන්න ඒක කරන එකීව යවන එකේ අවුලක් නෑ මගේ හිතේ. ඒත් එතන ගිහින් උන් පිස්සු කෙලපු එක වෙනම කතාවක්.
      මෙච්චර දිගට ලියන්න හිතුවේ නෑ. මට ඕනි උත්තරේ උඹෙන් ලැබුනානේ..
      //ඉතින් උඹ මගෙන් අහන දේ උඹට අදාල වෙන්නේ නෑ... // එළකිරි!

      Delete
    5. අපරාදෙ උඹෙ මහන්සිය. ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන් උන් විද්වත් සාකඡ්චාවකට එනවා දැක්කාමයි. ඒ වෙනුවට බ්ලොග් ලියන එකෙක්ට චෑන්ස් එක දෙන අවුල් නම්, කොමෙන්ට් දාන එකෙක්වත් යවන්න තිබ්බා. කෙනෙක්ගේ ලැබීම නවත්තන්න කාටත් බැහැනේ...

      Delete
    6. කමියම තමයි වෙන කවුද? හැක්

      Delete
    7. //ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන් උන් විද්වත් සාකඡ්චාවකට එනවා දැක්කාමයි.//
      එකෙන්ම....+++++++++++++

      Delete
  16. //එහෙත් ප්‍රාණ සමානා බ්ලොග් කෙරුවාව //

    හුකා ජෝන් කිව්වලු..

    ReplyDelete
  17. අටමා හා මාතලන් එහි නොසිටි එක ගැන පොඩි දුකක් හිතට දැනුණා. එත් කුමක් හෝ තද සිත් රිදිමක් නිසා වග වැටහුණු නිසා හේතුවක් නාහාම සිටියා. අටම් ගෙන්න නම් ලාවට වගේ ඇහුවා ඌත් උත්තරයක් දුක්නේ නෑ හමුවු දවසක කියාවි.

    ReplyDelete
    Replies
    1. අටමටත් තේරෙන්න ඇති වෙන්නේ මක්කද කියලා....

      Delete
  18. මාතලන් ගුරුතුමා මටත් පොඩි සම්මානයක් ලැබුනා. මගේ බ්ලොග් එක පටන් ගන්න උදව් කල 4 ක් ඉන්නවා. මාතලන් ගුරුතුමා, අටමා, හැලපයියා සහ සයුරි. ඒ අතරිනුත් මගේ බ්ලොග් ගුරුතුමා හැටියට සළකන්නේ මාතලන්ව. මම එදා ආවේ සම්මානේ ගන්නවට වඩා මාතලන් සහ අටමා අදුනගන්න. පස්සේ දවසක අදුනගමු.

    ReplyDelete
    Replies
    1. උණුසුම් සුභ පැතුම්....!!!

      එව්වා නම් ගනන් ගන්න එපා...

      පස්සෙ වෙලාවක සෙට් වෙමු මචෝ....

      Delete
  19. 2009 බ්ලොග් හමුවෙන් පස්සේ ආය නම් බ්ලොග් නම ගෑවුන එහෙකට වත් යන්නෑ කියල හිතාන හිටි මට මුල ඉදලම එන්න එන්න කියපු , මගේ ගමන් බිමන් ගැන බලා කියා ගන්නම් කියපු එකාවත් මේකට ආවෙ නෑ. තෝ ආවෙත් නෑ. එච්චරයි මට කියන්න තියෙන්නෙ. අනිත් මගුල් නම් මම දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකට හරියන්න ගෙදරම එන්නම්කෝ වෙලාවක.. අනික උඹට හම්බ වෙන්න ඕන් උන් හම්බ උනාය කියලා ලියලා තිබ්බේ හිටන්...

      Delete
    2. ආපු අය මිසක , නාපු අය කොහොම හම්බෙන්න ද?

      Delete
  20. මාතලන් සම්මාන දීම හොඳයි කියන මතයේ ඉන්නවා කියන කතාව නිසා මට මේ ටික ලියන්න හිතුන. පුද්ගලිකව මට සම්මාන උළෙල සංවිධායකයින් එක්ක කිසිම ආරවුලක් නැහැ. ඒත් මතවාදයක් තියෙනවා. ඒ මත වාදය ගිය වතාවෙත් මම ඉදිරිපත් කළා ඒත් මේ වෙනකම් ඒ කමෙන්ට් වලට පිළිතුරු ලියවුනේ නැහැ. ඒ නිසා මම හිතනවා නෙලුම් යායට මීට වඩා හරවත් වීමට සහ ස්වාධීන වීමට උවමනාවක් නැහැ කියන එකයි.

    සම්මාන දීම ඇත්තෙන්ම හොඳයි.. ඒත් ඒ ලැබෙන සම්මාන අරගෙන ගෙදර යද්දී රටේ තොටේ එවුන් හිනා වෙනවානම් ඒ ලැබෙන සම්මානයේ වටිනාකමක් නැහැ. සම්මාන උළෙලට පාදක කරගෙන ලියවුනු බොහෝ දේ කියවලා මට දැනුන දේ තමා මේ මම ලියන්නේ.

    බ්ලොග් සම්මාන උළෙලක් කියන වචනය පාවිච්චි කරනවානම් එය තුලින් ලංකාව කේන්ද්‍ර කරගෙන ලියවෙන මුළු මහත් බ්ලොග් අවකාශයම ආවරණය වියයුතුයි. එහෙම කරන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කරගන්න විදිහක් නැහැ කියල සංවිධායකයින් කියනවානම් ඒ උත්තරේ ඇතුලෙම තියනව සම්මාන උළෙලක් පැවැත්වීමට මුලික සුදුසුකම් සපුරා නැහැ කියන එක. දෙවන කාරනාව නම් සාහිත්‍යමය කටයුත්තක් විනිශ්චය කිරීමේදී ඊට අවශ්‍ය සුදුසුකම් සපිරූ පුද්ගලයින්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් සිටිය යුතුයි. එසේ කිරීමට ප්‍රතිපාදන නැහැ කියල සංවිධායක මඩුල්ල කියනවානම් එය පිළිගත නොහැකි කාරනාවක්. පහුගිය සම්මාන උළෙල වාගේම මෙවරත් සම්මාන උළලේ මුඛ්‍ය පරමාර්ථය දක්ෂයින්ට සම්මාන දීම නොවන වග පැහැදිලියි. ගිය වතාවේ තිබු බුද්ධිමය දුර්වලකම් මේ වතාවෙත් එලෙසිම තිබුනා කියන්නේ ඊළඟ වතාවේ මෙම සම්මාන උළෙල මීට වඩා හරවත් වේ යයි කියලා හිතන්න බැහැ. මම ලියාගෙන යන බ්ලොග් කතාවක් ඉවර කරන්නත් කලින් ඒ කතාවට දෙවන ස්ථානය හිමිවීම ඇතුලෙම මට දැනෙන්නේ ජුගුප්ස්සවක්. නිවැරදි විනිශ්චයක් සිදුවුනානම් මගේ "වාදී ස්වර සංද්වනි " කතාව නිර්දේශයෙන්ම එලියට විසික් විය යුතුයි.


    නැවත හිතන්න මාතලන්.. සම්මාන දීම හොඳයි.. ඒත් ඒ සම්මාන ආඩම්බරෙන් ගෙදර ගෙනියන්න පුළුවන් වෙන්න ඕන ඒ ලැබෙන මිනිස්සුන්ට.. එහෙව් සම්මාන දීම හොඳයි කියල කියන්න මටනම් බැහැ.. එහෙම කියන්න පුළුවන් මේ සම්මාන උළෙල "මිතුරන් අතරේ පමණයි" කියන ලේබලය යටතේ කෙරුනානම්.. මනුස්සයෙකුට කටක් ඇරලා කියන්න පුලුවනිද ලියල ඉවර කරපු නැති කතාවට දෙවැනි ස්ථානය ලැබුනා කිව්වම.. විලි ලැජ්ජයි හසන්ත..

    ReplyDelete
    Replies
    1. සම්මාණ ලැබෙන ඒවා කලින් පබ්ලිෂ් කලා. ඒකට සම්මාණ එපා කියන එක උඹගෙ යුතුකම. සාකඡ්චාවල බයිලා ගැහුවට විනිශ්චය මණ්ඩලය ගැන මාතලන් සෑහිමකට පත් වෙනවා. සම්මාණ දෙන්නෙ හිතවත්ට කුයන එක මනෝමය ෆැන්ටසි කරුණක්. ඒකට හොඳම උදාහරණය මාතලන් ලද සම්මාණය. එතකොට ඔය එකෙක්වත් මාතලන් දෑහින් තබා ජාලෙවත් දැකලා මෑ. කොටින්ම බුකිය්වත් කතා කරලා නෑ. ඒ නිසා නෙළුම් යාය සම්මාණ වල අවුලක් මම නම් දකින්නෙ නෑ. මාත් දේනි වර සම්මාණය ප්‍රතික්ෂේප කළා...

      Delete
    2. මම මේ සම්මාන වලට විරුද්ද වෙන්නේ එකම එක වැදගත් හේතුවක් නිසා ඒ කියන්නේ මිනිහෙකුගේ අවංක අදහස තව මිනිසුන් කීපදෙනෙකුගේ බලපෑමට ප්‍රකාශ නොකර සිටීම හෝ ඔහුගේ අදහස ප්‍රකාශ නොකර වෙන කෙනෙකු සතුටු කිරීමට හරියන විදියට අදහස් ලිවිම කියන කාරනා දෙක නිසා මිසක් මේවා දෙන ප්‍රමිතිය ගැන නිසා නෙමෙයි.

      Delete
    3. කොන්ද හොඳ නම් එහෙම අවුලක් වෙන්නෙ නෑ....

      Delete
    4. මාතලන්ට මාතලන්ගේ අදහස ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා වාගේම මට මගේ අදහස ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නෙලුම් යාය සම්මාන උළලේ තියන අඩු පාඩු විවේචනය කරන මට වඩා ඒ අඩුපාඩු විවේචනය නොකරන උදවිය නෙලුම් යායට කරන අයහපත්බලපෑම වැඩියි.

      ඔව් මට තිබ්බ තමා මගේ බ්ලොග් ගන්න එපා කියන්න.. ඒත් මට එහෙම කරන්න උවමනාවක් තිබුනේ නැහැ. ඒකට හේතුව තමා නිවැරදි විනිශ්චයක් සිදුවෙනවානම් කිසිසේත්ම මගේ බ්ලොග් පොස්ට් එක එතනින් ඉවත්විය යුතුයි කියන මතයේ මම හිටපු නිසා. මම පුද්ගලිකව විනිශ්චය මණ්ඩලය ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒකට හේතුව බ්ලොග් රචනය වගේ පුළුල් පරාසයකට විහිදෙන දෙයක් ගැන තීරණ ගන්න එයාලට සුදුසුකම් තියනවාද කියන දේ මම නොදන්නාකම. මාතලන් විනිශ්චය මණ්ඩලය ගැන සෑහීමකට පත්වෙනවා කියන ප්‍රකාශය ගැන මම පුදුමයට පත්වෙන්නේ නැහැ. මොකද මාතලනුත් පහුගිය පොස්ටුවක මගේ කොමෙන්ටුවකට උත්තර දුන්නා එක්තරා ජරාජීරණ දෙස්පාලුවෙක් ඉදිරියේ රටේ ජනාධිපති උනොත් රට ගොඩ ගනීවි කියල. ඒ ප්‍රකාශය ඇතුලෙම තියනවා මාතලන්ගේ පක්ෂග්‍රාහී භාවය. මම මෙතැනදී ස්වාධීනයි. කාටවත් පක්ෂව කතා කරන්නේ නැහැ. අඩුපාඩු විවේචනය නොකිරීම තමා එයාලගේ වැටීමට මුල වෙන්නේ.

      නෙලුම් යාය දෙවැනි සම්මාන උළලේ හොඳම බ්ලොග් අඩවිය තෝරපු නිර්ණායක වෙනුවෙන් ඉදිරිපත් කරපු කරුණු කාරනා නිසා අනන්‍යතාවයක් ගොඩනගාගෙන හොඳින් බ්ලොග් ලියාගෙන ආපු දක්ෂ බ්ලොග් කරුවන් කිහිපදෙනෙක් තමුන්ගේ බ්ලොග් පොස්ට් වලින් සම්මාන අරමුණු කරන්න ගිහින් තමුන්ගේ අනන්‍යතාවය නැතිකරගත්තා.

      බ්ලොග් සම්මාන ගැන මගේ පුද්ගලික මතය කියනවානම්, මම බ්ලොග් ලියන්නේ මගේ පුද්ගලික වින්දනය වෙනුවෙන්. ඒ වෙනුවෙන් මට සම්මාන අවශ්‍ය නැහැ. මම මේ සම්මාන උළලේ දකින වැදගත්ම අංගය තමා බ්ලොග් කරුවන් එකිනෙකා දැන හඳුනාගැනීමට ලැබෙන අවස්තාව. ඒ ගැන මගේ ඇගයීම ඉහලයි. අර රූපවාහිනී සාකච්චාවේ හිටපු නෝනා කියපු විදිහට ස්වේච්චාවෙන් බ්ලොග් ලියන කතාව ඇතුලේ කියවුණු ස්වේච්චාවෙන් බ්ලොග් ලිවීම කියන්න කාරණාව ගැනනම් මට අදටත් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්.

      මගේ නිර්මාණ ගන්න එපා මම ඔව්වට කැමති නැහැ කියල මුළුගැන්වීම නෙවෙයි විය යුත්තේ.. එම ඇගයීම් හිමිවෙන මිනිස්සුන්ට රෙදි ඇඳගෙන එම සම්මාන ලෝකයාට පෙන්වන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කිරීමට දායක වීම.

      Delete
    5. එහෙනම් ඉතින් ඉස්කෝලේ යන කාලේ ගත්ත සහතික ඔක්කෝම ටික පවා ගිනි තියන්න වෙනවා.. අද ලංකාවේ දක්ෂම සිසු සිසුවියන්ට සම්මාණ දෙන්නෙත් ඔය ජරාජීර්ණ කියන දේශපාලුවොම තමයි... මුළු සමාජයම ජරාජීර්ණ වෙච්චි රටක අපි හොඳයි... ඔහේලා නරකයි කියන්න නම් මට අමාරුයි.. අපි පුළුවන් තරම් කෙලින් ඉන්න බලමු එච්චරයි...

      මට නම් වටින්නේ සම්මාණය මිසක්... ඒක දීපු එකාවත් දෙන එකාවත් නෙමෙයි..

      ලංකාවේ නැති දයක් තමයි ඇප්‍රිසේසොන් කියන එක.. ඒ නිසා තමයි මම කිව්වේ මොකා සම්මාණ මොන විදියට දුන්නත් මට අවුලක් නෑ කියලා...

      අර දේශපාලකයා ගැන කියපු කතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා... මොකෝ ඔක්කෝම එක බෝට්ටුවේ එක කැන්ටිමේ කන සෙට් එක නිසා...

      Delete
  21. කාලෙකින් මේ පැත්තෙ ආවෙ...

    ReplyDelete
    Replies
    1. දැන් ලියන්නෙම නෑ නේද?

      Delete
  22. කාලෙකින් මේ පැත්තෙ ආවෙ...

    ReplyDelete
  23. අර කවුද සාරිය පෙරෝගත්ත නෝනා නොහිටිය කාලෙක බ්ලොග් ලියන එවුං අතිං කයිට් කරගෙන කරපු සමාජ සේවා කටයුතු උන්දෑ දැං තමුන්ගෙ එකවුන්ට් එකට දාගන්න එකට මාත් විරුද්ද උනා. අර මීයාගල ඉස්කෝලෙට වතුර දෙන වැඩේට එහෙම ලක්ෂ ගනං තනියෙං වියදං කරපු අයටවත් හිමිතැන දෙන්න තරං උන්දැට දැනුමක් තිබුනෙ නෑ. ඔය විස්තරේ මම රසිකගෙ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් විදිහට දැම්මා.

    ReplyDelete
    Replies
    1. මම සම්මාන උළෙලට ගියේම ඒ නෝන නිසා :)

      Delete
    2. මාත් ඒකට පට්ට මනාපයි..

      සුරන් කොලුවෝ.... ඒකට කාටත් බැනලා වැඩක් නෑ.. ඒවා කරවන් උන්ගේ ගොන්කන්...

      Delete
    3. ශ්‍රංග ඒ නංගිට කිව්වා උපමාවකට ගන්න හොන්දම් දේ මේක කියල. නමුත් වෙනේ de-brief එකක් යන්න ඇති.

      Delete
  24. වැඩකට සම්බන්ධ වුනානම් හරි හෝ වැරදි අවසානය දක්වා ඉන්න ඕන, එහෙම බැරිනම් සම්බන්ධ නොවී ඉන්න එක තමා හොඳම කාරණේ . මගදී අත ඇරලා ගිහින් නිදහසට කාරනා කියන එක සුදුසු දෙයක් නෙවේ.

    අනික මේ වැඩේ කඩාකප්පල් වෙනවා බලන්න ආස මිනිස්සු , මේ වැඩේ විතරක් නෙවේ මොන වැඩෙත් කඩාකප්පල් වෙනවා බලන්න ආස මිනිස්සු ඉන්නවා. තමන්ට මූලිකත්වය නොලැබෙන , තමන්ට පොර වෙන්න බැරි තැන්වල වැඩ අල වෙනවා බලන්න , එක අල කරන්න පුළුවන් උපරිම දේවල් සමහරු කරනවා . (මාතලන්ට අදාළ නැත )

    මට තාමත් තියෙන ප්‍රශ්නේ තමා චන්දිමලගේ මොන අජෙන්ඩා තිබ්බත් අපි මොකටද ඒවාට බයවෙන්නේ කියන එක . අනික තමා අපි කොයි තරම් ලොකුවට හිතන් හිටියත් සමාජේ බහුතරය බ්ලොග් කියන්නේ මොන කෙන්ගෙඩියක්ද කියලවත් දන්නේ නෑ. එහෙව් එකේ බ්ලොග් කාරයොන්ගේ අලගෙඩියකට ආවා කියල යූ එන් පි එකට ළඟ ඡන්දේ දිනන්න පුලුවන්ද ?

    කොටින්ම කතාව මෙච්චරයි , බ්ලොග් කාරයෝ හිතං ඉන්නවා තමුන් මහාලොකු පොරවල්ය කියල.ඒ වුනාට උන්ව සමාජෙට හීනෙන් ගිය පඩයක් තරම්වත් දැනෙන්නේ නෑ කියල ගොඩ දෙනෙක් දන්නේ නෑ . ඒ නිසා බ්ලොග් කාරයෝ අරකට යූස් වෙනවය මේකට යුස්වෙන්වය කියලා උඩ පනිනවා .

    ඇත්තටම ඔය ඕවට එන ඔලමොට්ටල දේශපාලුවෝ දන්නෙත් නෑ ,මුන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ කියලා .

    අනික සමස්ත බ්ලොග් අවකාශයාම නියෝජනය වෙන්න ඕනය . සම්මාන දීමේ ක්‍රම්වෙධය සුදු හකුරු හදනවා වගේ වෙන්න ඕනය වගේ සුරංගනා කතා කියන්නෙත් ජීවිතේට සිසිල් පැන් දන්සලක්වත් දෙන්න සෙට් නොවිච්ච පොරවල් බවනම් හිනා වෙමින් කියන්නට ඕනෑය.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මට පෙනුන හැටිය . මොනවා වුනත් ලිපියට අදාලව කතා කරනවානම් මාතලන් ගේ නොපැනිමීට කිසිම සාධාරණ හේතුවක් තිබිලා නැති බව පමණක් ලිපිය කියවන විට පැහැදිලි වේ

      Delete
    2. ඉවාන් වගේ හැම දෙයක්ම සුබවාදීව බලන, හිත හොඳ මනුස්සයකුට එහෙම හිතෙන එක අවුලක් නෑ. නමුත් මම සියල්ලටම වඩා මිනිසත් කමට ගරු කරනවා. බ්ලොග් වලට පොලිස් කාරයෝ ඕන නෑ...

      Delete
    3. ඔව් , මොකා පොලිස්කාරයෝ වෙන්න හැදුවත් අපි ගණන් ගන්න ඕනෙත් නෑ. අපි අපේ පාඩුවේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ලියාගෙන ලියාගෙන යන්නයි තියෙන්නේ .
      මමනම් ලබන සැරේ නිල් බලකායෙන් කරන , "ගිරුවාපත්තුවේ සයිබර් සම්මාන උළෙල" ටත් සම්පූර්ණ සහයෝගය දෙනවා .

      Delete
    4. ඉවාන්,
      ///එහෙව් එකේ බ්ලොග් කාරයොන්ගේ අලගෙඩියකට ආවා කියල යූ එන් පි එකට ළඟ ඡන්දේ දිනන්න පුලුවන්ද ? ///

      මචං ෆික්ස් ජන්ද ටික අදාළ තැන් වලට කොහොමත් වැටෙනවනෙ, හැබැයි පාවෙන ජන්ද වලට බ්ලොග්, FB වගේ දේවල් බලපානවා...
      ඒ පාවෙන ජන්ද ටික ටික හරි තමන්ට එකතු කරගන්න පුළුවන්නම් ඒක නොකර ඉන්න තරමට අපේ දේශපාළුවෝ මෝඩ නැහැ...

      පහුගිය ජනධිපතිවරණෙ කිට්ටුව අපේ PC(උඹ දන්නවනේ කවුද කියල, මෙතන ලොක්කා) මාතලන්ගේ ලිපියක් කියවලා ඒකෙ තිබ්බ දේවල් ගැන මගෙත් එක්ක කියෙව්වා...
      ඒ වගේ ගොඩ දෙනෙක් සයිබරේ ලියවුනු දේවල් (ඇත්ත හෝ නැත්ත) නිසා ඒ වෙලාවේ හංසයට එකතු උනා...
      (ඒ වෙලාවේ බහුතරයක් එකතුවෙලා ලොකු තල්ලුවක් දුන්නා. මහින්දගේ පැත්තට යමක් හරියාකාරව ලියවුනේ නැතිම තරම්...)
      ඒක දිගටම තියා ගන්න අදහසක් මේගොල්ලන්ට ඇති නොවෙන්න හේතුවක් නැහැනේ...
      පුචග්ජන මිනිස්සුලානේ...
      ආයේ කවුද අකමැති වෙන්නේ නිකං හම්බෙන සැප ගෝනියක් එක්ක අතුරුපසට වගේ ලක්ෂ හය හත් සීයේ වාහන හැමදාම පදින්න...

      Delete
    5. ඉවාන්ට ආච්චි වැහීම ගැන මෙව්ව එක (Y)

      Delete
    6. මාතලන් ගේ ලිපි ලොකු ලොක්කන් පවා කියවනවා. නමුත් ඒකෙන් ඒ ගොල්ලෝ දේශපාලන තත්වය වටහා ගන්නවා. එවලින් චන්ද කැඩෙනවා කියන එක නම් සාපේක්ෂයි.

      Delete
  25. මාතලන් ආපු නැති එක කිසිම ගාණක් නැහැ. අර ප්‍රියන්ත හේවගේද කවුද කියන සුන්දර ඒවගේම හොස්ස ලඟින් කමිය යන කොට තරහ යන එකා අපු නැති ලොකු පාඩුවක්.

    ReplyDelete
    Replies
    1. කමියට මැස්සා කීම හෙලා දකිමි

      Delete
    2. මාතලන් ආදරය කරන උන් ගොඩක් මිස් උනා
      ඒ ගැන අවංකවම දුකයි....

      Delete
    3. හිටින්කෝ ආයේ ෆෝන් එක ඔෆ් කරලා තිබ්බම එන්න ගෙදරට

      Delete
  26. // ස රස තුමා ඕකට ගිහින් තියෙනවා නේ.. කස්ටිය ගහයි කියලා බයට නෝනත් එක්ක ගිහින් තියෙන්නේ.. ඔයා කව්ද කියලා ඇහුවාම මම මහින්දගේ කෙනෙක් කියලා.. පස්සේ මහින්ද දේශප්‍රියගේ කියලා හිතලා, එයාගේ කෙනෙක්ද ඇහුවාම..., නෑ නෑ මම මහින්ද රජ්ජුරුවන්ගේ කෙනෙක් කියලා.. ඒ නිසා ඇතුලට අරගෙන නෑ.. පස්සේ රැස්ටුරන්ට් එකෙන් කහට දෙකක් බීලා.. බුකියේ පොටෝ එකක් දාලා ගෙදර ගිහින් හිටන්.. //

    ඔන්න අපි නම් ගියා... මාතලන් සාක්කියි!

    මාතලන් ආවෙ නෑ... දෙයියෝ සාක්කියි!

    සම්මාන කියන්නේ බ්ලොග් නෙවෙයි.. බ්ලොග් කියන්නේ සම්මාන නෙවෙයි...


    // ඒත් මාතලන්ව සැක කරන මිනිස්සු එක්ක, විශේෂයෙන් යාලුවෝ කියලා හිතාගෙන උන්න උන් එහෙම කරනවට මාතලන් කැමති නෑ.. මොකෝ මාතලන් කියන්නේ හැංගිලා ගහන, බය ගුල්ලෙක් නෙමෙයි... කියන්න තියෙන දේ මූණටම කියන එකෙක්.. ඉතින් ඒ දේ කියන්න ඕන එකාට කිව්වා.. ඒක ඌයි මායි දන්නවා.. ඒ හොඳටෝම ඇති.. ඒ පුදගලයා නෙළුම් යාය හා සම්බන්ධයි.. ඉතින් ඔහු එන තැනක, මාතලන් මින් පස්සේ ඇත්තේ නැත.. //

    කවුද ඩෝ මාතලන් ලොක්කව සැක කරන එකා....?

    ReplyDelete
    Replies
    1. සාරස තමා ඩො වෙන කවුද ?

      Delete
    2. මේ පාර බජට් එක ඉල්ලන්නෙ නැතෙයි....

      Delete
    3. // මේ පාර බජට් එක ඉල්ලන්නෙ නැතෙයි.... //


      කලබලයක් නෑ.. චන්දිම ගෙන් ම ඉල්ලගන්නම් හිටන්!



      //Ajith DharmaMarch 27, 2017 at 1:45 PM

      ඔය හිඩ්න් ඇජෙන්ඩ බලමු හෙන්රි. සරසා නමැති මරාවාදී යහළුවෙක් ලෙස පෙනී සිටින්නාගේ යහළුවෙක් තමා ප්‍රා කොමන්ට් දමන ප්‍රදීප්. ඔවුන් එකටමයි සිටින්නේ. ඔය ප්‍රා ම තමයි චන්දිමකියන ලංකා නිව්ස් වෙබ් එකේ තදයා ගේ නීතිඥ යහළුව. මාර්තු මුල වනතුරුත් බුක් කරලා තිබ්බේ මහවැලි කේන්ද්‍රය. හිටපු ගමන් සරසා නැමැත්තා රතු වරෙන්තු කතාවකට බ්ලොග් ලිපියක් දානවා . මහවැලි කේන්ද්‍රය වෙනුවට වෝටර්ස් එජ් එනවා. සරසා දිගටම ගහනවා. මම සල්ලි හොරකම් කලා කියල. අර රතු වරෙන්තු කතා අතරේ මේ වැඩ මෙහම්ම් යනවා. පසුගිය දින කිහිපයේ මම හොයාගත් දෙයක් තමයි සරසා සහ චන්දීම් අතර පොදු යහළුවන් තවත් ඇති බව. එතකොට මෙතන සරසට සල්ලි කුට්ටියක් මාරු වුනාද. අපි පුක ඉරාගෙන බ්ලොග් තෝරනවා. අපහාස විඳිනවා. ළමයින්ට සපත්තු දෙකක් වෙනුවට වියදම් කරගෙන් එනවා. වෙන කවුරුහරි ගොඩ යනවද? මමං මුල ඉඳන්ම දන්නා දෙයක් තමයි තමන්ගේ හොරකම වහගන්න අනුන් හොර කරනවය කියන එක. අන්තිමට මමත් අටමත් කල්‍යාණ මිත්‍රත් කලේ හැමෝම මේල් ත්‍රෙඩ් එකෙන් අයින් කරපු එක. අපි කරන කතා පිට යනවට. දැන් සුජීව ගේ මේ කතාව ඇහුවම මගේ සැකය සාධාරණයි වගේ. ප්රාජේ මොකද කියන්නේ ?//

      Delete
    4. //සාරස තමා ඩො වෙන කවුද ? //

      අපි දැන් හොඳ යාලුවෝ හිටන්!




      // Ajith DharmaMarch 27, 2017 at 3:29 PM

      ප්‍රා ජේ මම සරසා මැති තුමා ගැන සම්පුර්ණ වැරදි මතයකින් නේ ඉඳල තියෙන්නේ. //

      Delete
    5. කුමන්ත්‍රණය අහු වුණා නේද? ප්‍රා ජේ ආයි මේ පැත්තේ එනවා නෙමෙයි.

      Delete
    6. ආයි මොකටද?
      සාරස හා අජිත් තමන්ගෙ කුට්ටි කඩා ගත්තා, මට කමිෂන් හම්බවුනා

      Delete
  27. "පෙර නූයේ ඇයි වූයේ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා..."
    ---------------------------------

    බඹරා වගේ ඇත තවම විසේ
    සල්ලි නැතේ මට විස්කි නැතේ

    යහළු වෙලා සිටි අය නැතේ
    වැටී ගියත් අප එකා වගේ
    ගල් මුල් ආවත් බය නෑ බය නෑ
    අපට හිතට දුක නෑ

    පැතුම් සැබෑ වන ජීවිතේ
    අලුත් දසුන් නව ලෙවෙන් මැවේ
    මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
    ගිමන් පවස නොදැනේ

    පද රචනය - සෝමපාල ලීලානන්ද
    සංගීතය - සරත් දසනායක
    ගායනය - එච්.ආර් ජෝතිපාල

    ReplyDelete
    Replies
    1. උඹේ සින්දු තේරිම් නම් ඉස්තරන්.....

      Delete
  28. අවුරුද්දකට එක පාරයි ඒකටවත් ආවනම් මාතයියගෙ අව්‍යාජ මනුස්සකම දැකබලා ගන්ඩ තිබුණ.අටම් ආවෙත් නෑ. ඒත් අටම් උපරිම උත්සාහයක් ගත්තා සම්මාන උළෙල සාර්ථක කරන්න.ඒක සියැසින් දුටිමි.
    මම ගරු කරන මිනිසුන් අතර, ඔබද එක් මිනිසෙක්.ඔබට ජය

    ReplyDelete
    Replies
    1. උඹේ පට්ට ඩාන්ස් එකට තමා මම නම් මනාප... අටමා ගැන වචනයක්කත් නෑ....

      Delete
  29. //තුන් වෙනි එක පටන් ගන්න කොටම මාතලන්ට තේරුනා, මේ පාර යන්නේ අමුතුම ගේමක්ය කියලා.. ඔව්වොව්..., එහෙම අනාගතේ පේන ගතියක් මාතලන්ට තියෙනවා..//
    ඒක නියමයි. ඔහොම යන කොට තව තේරෙයි..තව අනාගතේ පෙනෙයි..මං කියන්නෙ බොග් සම්මාන ගැනම නොවෙයි මාතේ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට, ඒ යකාට වඩා මේ පිස්සො හොඳයි....

      Delete
  30. මෙතන මගේ නම තිබ්බ නිසයි මේ ටික.

    නෙලුම් යාය යටතෙ මියාගල වැඩේ කරන්න සෙට්වෙනකොටම මම කාරන දෙකක් දැනගෙන හිටිය.

    එක, ඒ වැඩේ වෙන්න ඕන විදිහට වෙයි කියල, මොකද මට කමිය ගැන තිබ්බ විස්වාසය.

    දෙක, මේ වැඩේ ඉවරවෙන්නත් කලින් ඒකට උදව් කල, බර ඇද්ද උන් වෙනුවට ලකුණු වෙන උන් දාගන්න බව.

    ඇත්තටම මියාගල වැඩේ මට තනියමම ෆයිනෑන්ස් කරල කරල දෙන්න උවමනාවෙච්චි හීනයක්. ඒත් සල්ලි වලට හැමදේම බැරි හින්ද ( හෝ හැමදේම ගන්න මට තනියම වියදම් කරන්න බැරි හින්ද ) මම කමියට යෝජනා කරල නෙලුම් යායෙන් ඒ දේ කරා.

    ඒ වැඩේ හරියට වෙච්චි එක ගැන අදටත් මගේ හිතේ තියෙන්නෙ පුදුම සතුටක්. වෙන උන් ඒකෙන් ලකුණු ගන්න එක ගැන මට තියෙන්නෙ උපේක්ෂා සහගත හැඟීමක්.

    හැබැයි ආයි නෙලුම් යායට අපේ උදව් නෑ, හේතුව අපෙ නම් නොකියන එක නෙමෙයි, අවංකවම මිනිස්සුන්ට උදව්වක් කරල ඒ අය සතුටුවෙනවා දැකීමේ පරමාර්ථයෙන් පිට අදහස් ඇතුව වැඩ කරන සංවිධාන වලට කඩේ යන්න මට ඕන නෑ.

    ඒ වෙනුවට, නෙලුම් වැඩේට බර ඇද්ද උන් කිහිප දෙනෙක් පුද්ගලිකව එකතු කරගෙන අපිට නිස්සද්දවම වැඩ කරන්න පුලුවන්.

    බ්ලොග් සම්මාණ ගැන කිව්වොත්, ඒක ඉතාම හොඳ දෙයක්. සුමති එකේ බුකි සල්ලි වලින් බෞද්ධ මහා සම්මේලනයෙ සම්මාන දෙන රටක, කතෝලික පල්ලියෙන් චිත්‍රපටි වලට සම්මාන දෙන රටක බ්ලොග් කාරයන්ට දේශපාලුවෙක් හෝ වෙන්ට දේශපාලුවෙක් දුන්නම මොකද.

    හැබැයි සම්මාන දුන්නට ඌට කඩේ යන්න ගත්තොත් ඒක අදාල රචකයගෙ කොන්දක් නැති කම. එහෙම උන්ට සම්මාන දෙන්න ඕන නෑ, බෝතලය්ක් හරි බඩුවක් හරි දුන්නත් ඇති. ඒ නිසා සම්මාන දීල මෙකෙ දක්ෂයො බා ගන්න එක ගැන භය වෙන්න ඕන නෑ. මොකද එහෙම උන් විකිනෙන හැටි අපි පහුගිය ඡන්දෙදිම දැක්ක නිසා.

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් උගේ උගුලට අහු උනේ එකම එකයි... ඌටත් අති විශේෂවූ පෞද්ගලික කාරණාවක් තිබ්බා ඒ ළිපිය ලියන්න... අදටත් ඌ ඒ ගැන පසු තැවෙනවා ඇති...

      මට නම් ඔය නියාගම කේස් එක ගැන, ඒක උන්ගේ වැඩක් වගේ කතා කරන නෙළුම් යායේ ඇතැමෙක් ගැන තියෙන්නේ විලි ලැජ්ජාවක්...

      අර කෑල්ල නයි ටී ඇන් එකේ ඔය ගැන මාර ටෝකක් දෙද්දී මට පුකෙන් හිනා ගියා... හොඳ වෙලාවට කරපු අනෙක් ප්‍රොජෙක්ට් මොනවද කියලා ඇහුවේ නෑ.. ඇහුවා නම් හෙම, නන්දන ගුණතිල්ක එදාම වහ බීලා මැරෙණවා...

      Delete
    2. //හැබැයි සම්මාන දුන්නට ඌට කඩේ යන්න ගත්තොත් ඒක අදාල රචකයගෙ කොන්දක් නැති කම. එහෙම උන්ට සම්මාන දෙන්න ඕන නෑ, බෝතලය්ක් හරි බඩුවක් හරි දුන්නත් ඇති. ඒ නිසා සම්මාන දීල මෙකෙ දක්ෂයො බා ගන්න එක ගැන භය වෙන්න ඕන නෑ. මොකද එහෙම උන් විකිනෙන හැටි අපි පහුගිය ඡන්දෙදිම දැක්ක නිසා. //

      ඔන්න ඔය ටික තේරෙනවා නං වලිගෙ පාගගෙන උඩ පනින්නෙ නෑ

      Delete
    3. මම මෙතනට කොමෙන්ට් කරන්න එන්නේ නැහැ. නමුත් මියාගල කතාව ඇදෙන නිසා කියන්නම්. මියගල කතාව ඇද්දේ උපමාවකට. එහම කියනන් කියල තමා රාධා ට උපදෙස් දීල තිබ්බේ මම දන්නා විධිහට. කෝදාගොඩ ආවේ ඒක කියන්න මම දන්නා විධිහට. බ්ලොග් කාරයෝ සල්ලි එකතු කරලා කරනවා වෙනුවට (උදාහරණ මියාගල) . (එකේදී වැඩිම සල්ලි දුන්නේ ඉන්දික සහ ඉයන් කියල මම රාධා ට කිව්වා මුලදීම ආයි බලන්න ඕනේ ඒ රෙකෝඩින් එක. ) CSR - Corporate Social Responsibility ප්‍රොජෙක්ට් හැටියට කරන්න. ඒ කියන්නේ සමාගම් වල තියෙන CSR අංශයේ එකක් හැටියට කරන්න. එහෙම එකක් ගිය අවුරුද්දේ ඔය පදනමින් කලා . කඳුකරේ දෙමළ විදුහලක පන්ති කාමර ටයිල් අල්ලලා , ඩෙස්ක් හදල, කළු ලෑලි හදල දුන්න, රාධා ඒක කිව්වේ නැහැ.
      මියාගල විතරයි එයාට මතක තිබ්බේ:
      කුරුට්ටෝ පොත් දුන්න එක
      බදුල්ලේ පොත් දුන්න එක
      මියගල වැඩේ
      තලවකැලේ ක්‍රිකට් ගහපු එක හා පොත් දුන්න එක
      තලවකැලේ පන්ති කාමර රෙපෙයාර් කරපු එක මේවා එකක් වත් රාධා කිව්වේ නැහැ. මට කතා කරන්නේ කිව්වේ අන්තර්ජාතික බ්ලොග්කරණය ගැන. මම ලෑස්ති වෙලා ගියේ එකට. කතා නොකෙලෙත් ඒක. මියාගල නෙළුම් යාය පදනමින් facilitate කලා කියන එක තමා කිව්වේ. ඒ විධිහට බ්ලොග් කරුවන්ගෙන් තොරතුරු අරන් දීල සමාගම් වලින් ඒවා කරවනං. බ්ලොග්කරුවන්ගේ මුදල් වියදම් නොකර. ඒක තමයි අදහස.
      මේ ටික ඔක්කොම කිව්වේ brief කරන වෙලාවේ එතන හිටි නිසා. හැබැයි ඉදිරියේදී මම සම්බන්ධ වෙන්නේ නැහැ. එකම හේතුව මට කතා අහගන්න බැරි නිසා.
      ඉන්දික - තනියම කරන්න නෙළුම් යාය අවශ්‍ය නැහැ. මමත් තනියම කරන පදනමක් තියනවා
      www.shareandcare.org.uk කියල. කවුරුත් මුකුත් කියන්න එන්නේ නැහැ. මොකද මම තනියම කරන නිසා. උදව් කරන්නෙත් මගේ යහුවෝ විතරයි. අර මම සාකච්චාවේදී කිව්වා වගේ හිතේ සතුටට කරන්නේ.

      Delete
    4. //හැබැයි සම්මාන දුන්නට ඌට කඩේ යන්න ගත්තොත් ඒක අදාල රචකයගෙ කොන්දක් නැති කම. එහෙම උන්ට සම්මාන දෙන්න ඕන නෑ, බෝතලය්ක් හරි බඩුවක් හරි දුන්නත් ඇති. ඒ නිසා සම්මාන දීල මෙකෙ දක්ෂයො බා ගන්න එක ගැන භය වෙන්න ඕන නෑ. මොකද එහෙම උන් විකිනෙන හැටි අපි පහුගිය ඡන්දෙදිම දැක්ක නිසා. //

      ඔන්න ඔය ටික තේරෙනවා නං වලිගෙ පාගගෙන උඩ පනින්නෙ නෑ

      Delete
    5. විදානේ රත්නපුර ඉස්කෝලෙට ලයිට් දුන් එක අමතක වුණා . ඒකත් දාමු මෙතෙන්ට.

      Delete
  31. මම ගිය පළවෙනි නෙලුම් යාය තමයි මේක​....මුලින්ම ඕක ඇතුළට ගිය ගමන් මට ෆුල් හොල්මන්...පස්සේ පස්සේ සාමාන්‍ය වෙලා ශේප් එකේ හිටියා..ගියාට එහෙමයි කියලා කා එක්කවත් කතා කරන්න දැනගෙන හිටියේ නෑ..
    රාජිතට කතාව පවත්වන්න මම හිතුවා පොඩි බංකුවක් වත් තියයි කියලා..ඉස්සි ඉස්සී ඒකා මොනවද කියන්නේ කියලා බලන් හිටියා හැබැයි අහන් හිටියේ නෑ..මම නම් තවම බ්ලොග් එකක් ලියන්න ඔලුව උස්සගෙන යන බිංකුණ්ඩියක්..මාතලන් මාමාව බලාගන්න එක්කම එදා ආවට කොහෙද ඉතින්...ඊළඟ පාරවත් බලමු ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඔයා ආවයින් නෙලුම් යායම එලිය වුනා , අම්මප

      Delete
    2. ඔයා ආවයින් නෙලුම් යායම එලිය වුනා , අම්මප

      Delete
    3. වෙන සම්මාණ උළෙලකවත් හමු වෙමු අප්පා.... ඔහේලා එන බවක් කිව්වා නම් ඔය ඔක්කෝම අමතක කොරලා දාලා මම එනවා හිටන්...

      Delete
  32. සම්මාන උල්ලෙලට ආපු පලවෙනි වතාව ...මට සම්මාන නැති උනත් මම එතනට අවේ ...
    බ්ලොග් වලින් මොනවම හරි දැනුමක් මට ලැබෙන නිසා ඒවා ලියන උන්ට අත් පුඩියක් ගහලා හරි උන්ව දිරිමත් කරන එක හොදයි කියලා හිතුනා ...
    මට ගොඩක් යාලුවෝ, ලොකු සමාජ ආශ්‍රයක් නැහැනේ මගේ ලෝකේ බොහම පොඩි ගාමන්ට් එකට එතනින් ගෙදරට ...ඉතින් උබලා වගේ අය අදුන ගන්න අවසථාවක් ලැබෙන එක මට වටිනවා ...ඒ අතරිනුත් මම උබට් මනාපයි කියලා මම උබට කලින් කියලා ඇති...
    සඳුටවත් මටත් නෑදෑයෝ කවුරුවත් නැහැ ...(අපි දෙන්නගේ වෙඩින් එකට සඳුගේ අම්මයි පුංචි අම්මයි විතරයි මගේ නෑදෑයෝ කියලා හිටියේ ලොකු අම්මා විතරයි).
    ඉයන්ගේ බ්ලොග් එකේ ඇනෝ කෙනෙක් කියලා තිබුනා බොන්න පෙරේත කමට ගොට්ට අල්ලන්න උබලා පස්සෙන් යනවා කියලා...අපි මුණගැහිලා තියන හැම දවසකම උබ දැකලා ඇතිනේ අයියන්ඩි මම කිසිම දවසක ලිමිට් එක පැනලා චටර් වෙන්න බිලා නැහැනේ. උබලා එදා ආවෙ නැත්තේ මොකක් හරි එන්න බැරිම උන හේතුවක් තියෙන්න ඇති කියලා මට හිතුනා. එදා පුලුවන් කමක් තිබුනම් සඳුවයි පොඩි මෙන්ඩයිත් එක්කරගෙන එනවා ඒ දෙන්නටත් මට වගේම ඉන්න යාලුවෝ ඔයාලා විතරයි.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ එදා හඳුනා ගන්න ලැබීම ලොකු සතුටක්. උඹ වගේ තමන්ගේ දහසකුත් එකක් ප්‍රශ්න තියෙද්දී අනුන්ව හිනා ගස්සලා හිනාවක් එකතු කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ ටික දෙනයි. බොක්කෙන්ම ගෞරවය.

      Delete
    2. එතකොට එදා උඹ බල්ලට මචං කිවුවය කියල පැතිරෙන කතාව බොරුවක්ද?

      Delete
    3. මට කෙලින් හිටගෙන ඉන්න බැරි උනාට අනිත් උන්ට පරිස්සමට යන්න කියපු එක ලික් වෙලා නැහැ නේද

      Delete
    4. ඔතන නැති උනාට අපි වෙන කොහේ හරි සෙට් වෙමු බං

      Delete
    5. මෙදාපාර සවුබර අවුරුදු උස්සවයක් නැද්ද හිටං?

      Delete
  33. //ඔව්වොව්..., එහෙම අනාගතේ පේන ගතියක් මාතලන්ට තියෙනවා..//

    මෙන්න මේ වැකිය ඇති, මාතල්න්ගේ ***** තේරුම් ගන්න.

    ඔය තරු වලට, එක්-එක්කෙනා කැමති වචන දා ගන්න.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... ඔහොමත් කින්ඩි දානවද බං

      Delete
  34. මාතෙ අයියත් ගියෙ නැති විත්තියක් දැන ගත්තෙ පස්සෙ.

    ReplyDelete
    Replies
    1. එපා උනොත් එපා උනාම තමයි හිටන්...

      Delete
  35. අපි පොඩි ලමයි.. ඔව්වා තේරෙන්නෙ නෑ.. ඒ උනාට උත්සවෙට ගියා ඉතින්... වරදක් තිබුනෙ නෑ ඉතින්..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.... ළොකු පොඩි කියලා දෙයක් නෑ... ඊයේ ආපු උන් පරණ උන්ට වඩා බොහෝම ඉදිරියෙන් ඉන්නවා... ඕවා කියනවට තමයි හුඟක් උන්ට මල පනින්නේ...

      Delete
  36. නෙළුම් යායට ආවෙ නැත්තෙ ඇයි..??

    ඔන්න හොඳේ එකෝමත් එක රටක බොහොම හොඳ යහළුවන් ටිකක් හිටියලු හොඳේ..

    ඉතිං ඔහොම ටික දොහක් ඔහොම ගියාලු..

    (යකෝ මැද්දට පැනල ප්‍රශ්න අහන්න එපා xත්තෝ :D )

    ඔහොම ඔහොම ගිහිල්ල ගිහිල්ල..

    මට ආච්චි අම්මි කිව්ව සිංදුවක් මතක් වෙනව එක පාරටම....

    මේ ගොල්ලෝ... කන්නාඩියකින් කිසි දවසක නෑ මුණ බලලා..

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවා නම් එන්නේ නෑ...

      Delete
  37. අපි බ්ලොග් ලියන්නෙ විනොදාංශයක් විදියට..(බහුතරයක්)ඉතින් ඒ විනෝදාංශෙ වටිනාකමක් නෑතමේ විදියට එක එක්කෙනා විරසක වුනොත්.මාත් නෙළුං යායට ගියා.ඒත් ඇතුලෙ තියන ගැටුම් අපි දන් නෑනෙ.අනේ මංදා අවුල් ජාලයක කොටස්කාරයෙක් වෙනවට වඩා බ්ලොග් ලෝකයෙන් අභිනිෂ්ක්‍රමනය කරන එක හොඳද කියලා තීරණයක් ගන්න බැරුව මං ඉන්නේ.විනෝදාංශයකින් සතුටු වෙන්න පුළුවන් තත්වයක් නැත්තං අයින් වෙන එක හොඳයිනෙ

    ReplyDelete
    Replies
    1. අපිත් කරන්නේ විනෝදාංශයක් විධිහට. ඔතන ඇඳිලා ඉන්නේ බ්ලොග්කරුවෝ නෙමේ. හුඟක් වෙලාවට රාජිත වෙන්න ඇති. ඔයා ලියන්න . අපි කියවන්න එන්නම්.. ඕකනේ වැදගත්. හැබැයි අපට ඕන වෙච්ඡ දේවල් ගොඩක් වුණා කියල කාටවත් තේරෙන්නේ නැත්තේ ඇයි. බැස යමින් තිබු බ්ලොග් කලාව නව මානයකින් බුකියේ හැම තනමත් සංවාදයට ලක් වෙන්නේ නැත්ද? ලනක්නිව්ස්වෙබ් සහ චන්දිම අතුරු කථාවක්. ඒ ගොල්ලෝ ඒ පැත්ත ගෙනියයි. නැත්නම් වැටෙයි. නමුත් බ්ලොග් ගැන කතා වෙනවා. සම්මාන ලෑබූ අය සතුටු වෙනවා. නොලැබුන කියන්නේ ඒ බ්ලොගය සවුත්තු එකක් න්බෙමේ. එහෙම දේ වෙනවා . එච්චරයි. අර මංජුල සමරසේකරලා පවා එන්ටර් වෙලා කොමෙන්ට් දෙනවා. කොච්චර හොඳද?

      Delete
    2. // හැබැයි අපට ඕන වෙච්ඡ දේවල් ගොඩක් වුණා කියල කාටවත් තේරෙන්නේ නැත්තේ ඇයි. //

      අපිට නම් තේරුනෙමු.....


      ++++++++++++++++++++++++++


      ( බොරු නම් නෙලුම්යාය හිටපු වැඩ්ඩෙක් වූ පසුගියදා පස්චාත් භාගයට වලලු දාපු අතකින් පා පහර ලබා එලියට වීසි වූ අජියා ගෙන් අහන්න ).

      ( "දුන්න රාධා පයින් එකක් බිවු රන්කිරි කටින් එන්න..."

      දැන් අපිට අජියගෙන් වැඩක් නෑ... කෝදාගොඩ නෝනා තමයි වැඩ්ඩා! )

      (අජියා මේ දිනවල ගෑනු ටොක්කක් කා ප්‍රීතියෙන් පිනාගොස් සිටිමි! )

      Delete
    3. නෙළුම් යාය නිසා බ්ලොග් ලියන එක නවත්තනවා නම්, ඒ තරම් ගොන් කාක් ලොවෙත් නෑ... මොකෝ බ්ලොග් නිසා නෙළුම් යාය පවතිනවා මිසක්ක නෙළුම් යාය නිසා බ්ලොග් වල පැවැත්මක් ඇත්තේ නෑ..

      අපි ලියන්නෙත් විනෝදෙට තමයි අතින් කයිට් කරගෙන... දැන් බයිට් හරි ගනන්..

      තමන් ගැන තීරණ ගන්න ඕනා තමන් මිසක් අනුන් නෙමෙයි...

      Delete
    4. //මොකෝ බ්ලොග් නිසා නෙළුම් යාය පවතිනවා මිසක්ක නෙළුම් යාය නිසා බ්ලොග් වල පැවැත්මක් ඇත්තේ නෑ..// ඔන්න ඕක තමයි ඇත්ත. බ්ලොග් ලියන්නේ නැත්නම් මොන නෙළුම් යායක්ද

      Delete
  38. දෙවන නෙළුමෙං මාතලං දුටිමි.පුද්ගලිකව නොහඳුනතත් ලියවිලි ඔස්සේ අඳුනගත් සෘජු මිනිසාට ගරු කරමි.අටමාට ඊට වඩා ගරු කරමි.ඒ මා බ්ලොග් ලෝකයට කැඳවාගෙන අාවේ ඔහු නිසාය.ඔහු මගේ ජීවිතයේ හමු වී ඇති සොඳුරු මිනිසෙකි.ඔහුත් නෙළුං යාය වර්ජනය කලේය.මහා යමක් ඇතුලේ ඇති බව සිතේ

    ReplyDelete
    Replies
    1. මහා යමක් නැහැ නංගි. ඔය මාත් එක්ක තරහට.

      Delete
    2. ඔයා ඕව ගණන් ගන්න එපා. මාතලන් කියන්නේ මාතලන්.

      Delete
    3. ලොකු දේවල් තේරුම් ගන්න මමත් උත්සහා කරන්නේ නැහැ බ්ලොග් ලියන උන්ට අත්පුඩියක් හරි ගහන්න අවස්ථව හදලා දුන්නට අජිත් අයියන්ඩි ට ගරු කරනවා

      Delete
    4. අනේ එහෙම මහා යමක් නම් නෑ... ඕක ඇතුලේ දිරවන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා... එච්චරයි...

      Delete
  39. සම්මාන ගැනනම් මන් දන්නේ නෑ..මන් අලුත්නෙ මේවට..මොනව උනත් ලියල තියන විදියනම් ලස්ස්නයි හුඟක්

    ReplyDelete
    Replies
    1. අළුත් පරණ කියලා දෙයක් ඇත්තේ නෑ... ලියන දේ අනුවයි ඒක තීරණය වෙන්නේ.. අළුතෙන් ආපු ගොඩාක් උන් ඉන්නවා... පරණ උන්ට මෙලෝ රහක් නැති බ්ලොග් වහලා දාලා යන්න වෙච්චි...

      Delete
  40. ඔතනට ගිහිල්ලත් ඔයක් මිස් කරගැනීම පිළිබද සෑහෙන්ඩ දුකය. ඔබ වැනි බොලොග් තුළ පමණක් දත් සැබැහින් නොදත් අයෙකු හා කතා කිරීමට තිබුණානම් සතුටුය...

    ReplyDelete
    Replies
    1. වෙලාවක සෙට් වෙමු මචෝ....

      Delete
  41. ගියේ යාලුවො නිසා.
    දැක්ක හොඳම දේ තමන්ගේ නිර්මාණවලට සම්මාන ලැබීමෙන් බ්ලොග් කරුවන්ට දැනුන සතුට.

    (එයට අමතරව තවත් දැකුම්කලු සොරි ..දැකුම්රෝස දර්ශන වේදිකාවේ තිබූ බවට ඉවාන්ලව්පූසාතුමා ප්‍රකාශකල බව වාර්තා විය )

    ReplyDelete
    Replies
    1. අපි නොගියෙ යාළුවෝ නිසා... යාළුවෝ කියලා හිතුවට උන් මාළුවෝ...

      Delete
    2. කමියා සම්මාන අතට ගැනීමේදී සිදුකල අක්‍රමිකතා දුටුවෙහිද

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න