.

.

Nov 1, 2017

අක්කා....!!!! - You are my Sister.....!!!!




ප්‍රියාන් ද සිල්වා ගේ කෙටිම කෙටි කතාවක්

අක්කා....!!!!
============
විශ්වයේ නිහඩ කදුඑ බිංදුව....!!
==========================
අමිමා ගිහිල්ලා තිබිබා....!!
ඇත්තටම. ගෙදරින් ගිහිල්ලා තිබිබා.....
අම්මගේ ඇදුමි අල්මාරිය හිස් වෙලා තිබුනා....!!
..................
මම මරලතෝනී ගගහා ඇඩුවා......
කැඩිචිච සිමෙන්ති...පොලොවෙ...පෙරලි පෙරලි ඇඩුවා.....
නහයෙන්....එක දිගට ගලන් ආව....හොටු...ඒ...කදුඑ දිය ඇල්ලේ දිය වුනා.....!!
මගේ චූටි කලිසමි පොඩ්ඩේ.... කඑ පාට ලොකු බොත්තමක්.... බිම දිගේ රෝල් වෙලා..... උඑවස්ස පැත්තට ගියේ... මම දිහාවත් නොබලා.....

කදුඑ....!!!
තව කදුඑ ආවා.....!!
" ඔය....කොල්ලා...අඬලම මෙතන මැරෙනවා......
ඔකා....ටිකක්... අරන් එලියට පලයන්....කෙල්ලේ..."
ආචිචි අම්මා....අක්කට කිවිවේ.... කෑගහලා.....
...................
අක්කා.....හේත්තු වෙලා හිටිය.... දොරට.....!
අක්කාගේ....ඇස් වලිනුත් කදුඑ ඔහේ ගලන් ගියා....
ලගට ඇවිත් මාව උස්සන්න හැදුව අක්කට මම පයින් ඇන්නා.......
.................
"මට අමිමා. ගෙනත් දීපන්......!!
මට අම්මා ..ගෙනත් දීපන්.....!!"
මම මොර දේද්දි අක්කා....මාව උස්සන් ගියා.... !!
මම පොර බද බදා..... අක්කට අතින් පයින් ගැහුවා....
"මට මගේ අමිමා ගෙනත් දීපියෝ.......
මට අමිමා ඔනී.....
මාව අත ඇරපිය..මූසලියේ........."
අක්කගේ...... කෙසඟ අත් මගේ නියපොතු වලින් හීරැවා..
ඒත්....අක්කා මාව අත ඇරියෙම නෑ.....
අවුරැදු එකොලහක කෙසඟ ⁣පුංචි කෙල්ල...කදුඑ පුරවන්.....මාව. .ඉනට වඩා ගත්තා....
අක්කගේ.....පංඩු පාට පරණ මල් වැටිච්ච ගවුමි කරෙන්.....එක නිමෙෂෙකදි..අම්මගෙන්...හැමදාම දැනුන ඒ සුවද දැනුනා....!!
............................
............................
මාදු ඟඟ පැත්තෙන්.....ඉදිචිච කිරල ගෙඩියක සුවඳ...නාස් පුඩු හාරන් ගියා.
හදේ තිබුනේ එක පඑවයි....!! හරියට අම්මා හොරැ අරන් ගියා වගේ.....!!
අක්කගේ.....උරහිස උනුසුමි..උනත් ඒකිගේ කදුඑ බිංදු ඉදලා හිටලා මගේ උරහිසටයි...අත් වලටයි..වැටුනා..!!
.............
බාගයක්. ....නැති වේස හඳ....පලුව...රෑ තිස්සේ තරැ අතරේ අවලමෙ ගියා.....
ඔවි.......
හරියටම. ..අපේ අම්මා වගේ....!!!
මාවයි.....අක්කවයි ...තාත්තාගේ දෙපා ලග මී පැටවු වගේ විසි කරලා ගියා වගේ.......!!!
............................
............................
............................
=============================
....................
....................."
"ඔකිට......යන යන තැන හෙණ හතම ගහන්න...ඔනී... මෙ කරපු අපරාධෙට......"
“ මෙ නොදරැවෝ දෙන්නා..... දැක්කම කොයි අමිමටද බොල. ..දාලා යන්න පුඑවන්....
තියෙන..විසේ......වෙස කම.....වෙස කම...
මදන කුලප්පුව.... නැතුව වෙන. මොකක්ද...?"
ආචිචි අම්මා....කරවල හොද්දෙන් ටිකක් අල්ලට අරන් දිව ගාන ගමන් කිවිවෙ....
තාත්තා නිහඩව ඔහේ බලන් උන්නා....!!
වචනයක් කතා කරේ නෑ.......
.................
තාත්තා මාව ඔඩොක්කුවෙ තියන්.....කොහෙදෝ නොපෙනෙන ඈතක් බලන් උන්නේ.....
..................
අක්කා...කරබාන් පොතකට එබී ගෙන...උන්නා...
ලාමිපු දැල්ල එහෙට මෙහෙට පුංචි හුලං පාරවල් වලට වැනෙන කොට ....අක්කගේ හෙවනැල්ලත් නැටුවා...
...............
...............
" ඔය වේස බැල්ලිට.... ඔවට මම මැරෙන්න කලින් ඇස් පනා පිටම...පඩිසන් දෙනවාමයි.....
මම හැමදාම රෑට දෙයියන්ට කියනවා....!!
උඹ....මෙසන් හැන්ද වනලා වනලා... අවිවෙ මැරිලා ඕකිට කන්න අදින්න....ලස්සනට ඉන්න දුන්නට උඹට දීපූ තෑග්ග. යසයි......!!
හෙනම ගහපිය.....හෙනම ගහපිය...."
.....................
......................
තාත්තා මාව වඩා ගෙන.....එලියේ කඑවරේ...මිදුලේ එහෙට මෙහෙට ඇවිද්දා.....
තාත්තගේ ගොරෝසු....රඑ ඇගිලි තුඩු.....අමිමගේ තරමි සනිපයක්....නැතත්...මම තාත්තගේ උරහිසට..ඔලුව තියන් දොයියාගන්න පුරැදු වුනා.....
....................
....................තාත්තා කවදාවත් අමිමා ගැන මොනවත් කිවිවෙිනැහැ.... අක්කත් අමිමා ගැන කතා කරේම නැ...
...........
ඔවි.....මමත් ඒ වගේ උනා....
ඒත් තුන් තිස් පැයේම...අමිමා සිහි උනා.....
අැස් වලින් කදුඑ පනිනි තත්පරේ හයියෙන් කොටිටෙ හපාගත්තා.....ඉකිය නොඇසෙන්න.....
මුල් කාලෙදි....හැමදාම රෑට අක්කගේ කොට්ටෙ....වතුර වගේ තෙත් වෙලා ත්බිබා.....
............
ඒ අක්කා හොරෙන් අඬපු කදුඑ වල...තෙත...!!!
.........
මම අක්කගේ බෙල්ල බදන්....ඇගට කකුලක් දාන්....නිදා ගත්තා.....!!
අමිමා ලගින් ඉදන් .....හැමරෑකම මගේ ඔලුව අත ගාද්දි..... මම අමිමව හයියෙන් තුරැඑ කරන්.....කිරි තනයක් හෙව්වා.....
අස්හියෙන්....අක්කගෙන් අම්මව හෙව්වා.........!!..
ඔවී.....රෑ හීනෙන් අක්කගේ කෙසග පපුව හීරැවා..
..................................
..................................
..................................
=============================
..................................
ජීවිතේ හරි පුදුමාකරයි.........!
හරියට නිතර වෙනස් වෙන අහස වගේ......!!
.....................
අක්කා මහා ගෑනියෙක් උනා...!
දවසක ආචිචි අමිමා මාව ඇදෙන් ඇදලා එලියට තල්ලු කරා.....
" උඹ මීට පස්සේ...තාත්තා එක්ක නිදාගන්....
අක්කා ලෙඩ වෙලා....."
..........
අක්කට අවුරැදු දහාතුන වෙද්දි මම...අක්කගේ. ..අරලියා මල් සුවදින් වෙන් වෙලා ...තාත්තගේ බීඩි සුවදට ...හුරැ වුනා...!!
..........
..................
...............
ආචිචි අමිමයි..පාරේ නැන්දයි....අක්කව උදේ පාන්දරම නෑවිව දවසේ .....හවස තාත්තා...චූටි ලස්සන කරාබු ..දෙකකුයි..හීන් චෙන් පොටකුයි.....අක්කගේ අතට ගෙනත් දුන්නා......!!!!
.......................
.......................
එදා රෑ තාත්තා ලගින් බීඩි සුවද එක්ක..සැර ජාතියක මහා අමුතු ගදකුත් ආවා......
තාත්තා එදා එලි වෙනකමි ....ඇඩුවා...!!!
අමිමගේ නම කියවා කියවා ඇඩුවා......
.............
---------------
---------------------
අමිමා කියන අකුරැ තුනට මමවත් අක්කවත් වෛර කරේ නෑ.....
ඉස්කෝලේ රචානා වල " මගේ අමිමා " ගැන මම ලිවිවේ අක්කා ගැන.....
උදේම. නැගිටලා...ලිපට ගිනි පිඹින....කඑ කැහැටු කෙල්ල ඉක්මනටම ලොකු වුනා...
ඔවී....!!
ඒකි...ලිප ගාව...ඉදන් චීත්ත රෙද්දෙන් මාව වහන් හීතලට මාව තුරැඑ කරන් උන්නා...!!
තාත්තා මෙසන් හැන්දයි...මටිටමි ලෑල්ලයි මල්ලක දාන් ....අපේ පුංචි කටවල් වලට.. පණ දෙන්න....ගමින් ගම නිහඩවම...ගමනක උන්නා...
.................
..................
පොලේන් ගත්ත බඩු මල්ලත් උස්සන් අක්කයි මායි කටිට අව්වෙ රැපියල් පහා ඉතිරි කරගන්න.....පයින් බඩ ගාන කොට..... අමිමා දවස් ගානක් සුමනේ මාමා එක්ක කැන්ටරේ...දූවිලි අවුස්සන්....අහක බලන් ගියා....
නෑැැැ
සමහර වෙලාවට එයා අපි දකින්නැතුව ඇති....
..............
"උඹට බර නමි දීපන් මල්ලියේ.........."
.............
වැනි වැනී....අමාරැවෙන් උස්සන් යන බෑග් එකත් ...අක්කා එ වගේ වෙලාවට බලෙන්ම ගත්තා...
....................
...................
....................
===================
රැලි වගේ එක පිට එක ආවා....!
ඔවි....දුක් කරදර.........
කෙලවරක් නැති.....මහා...දුක් වෙිදනා....
මහා කරැම ජිවිත අපේ...........!!
..................
..................
තත්තා .....පලංචියක් එක්ක....වැටුනා..කොළඹ වැඩ
පලකදී......!!
ආචිචි අමිමා.....මහා මුරැගසන් වැස්සකට පස්සෙන්දා...කාටවත් නොකියම...තිනියම දුක ඉවර කරන්....ඇස් දෙක ඇර ගෙනම දිව්‍ය ලෝකේ ගිහින් තිබ්බා......
................
................
අක්කා මහා ගලක් වගේ.....ගිනි කන්දක් දරා ගෙන ...ජීවත් වෙන්න නෙමී....අසරණයෝ දෙන්නෙක්ගේ...ජීවිත ගොඩගන්න...මහා පොලව එක්ක පොර..බැදුවා....!!!
වියරැවෙන් වගේ පොර බැදුවා.........
ඔවි.......!!!
ඒ මගේ අක්කා.......
..................................
උසස් පෙල විභාගේ ලියන දවසේත් ඉස්කෝලේ. ඉස්සරහා පාරේ...කොන්ක්‍රීටි අනපු....... මගේ අක්කා........!!!!
ගවුමට උඩින්.....චීත්තෙකුත් ඇදන්...පොලේ එළවලු විකුනපු මගේ අක්කා....
දවල්ට කුලී වැඩ කරලා......රෑට පොල් තෙල් පානට අල්ලාලා.... හිල් වෙචිචි...හීන් ඇගිලි...මට හැංගුව මගේ අක්කා.....!!!
තරැණ ජීවි⁣තේම......!!!
එක බඩ වැල කඩන් ආපු.....සහෝදරයාත්...... ඇදක් උඩ.... බාගෙට පණ ගිහිපු තාත්තෙක් වෙනුවෙන්...... මහා පොලවට......තාර පාරට.....වැඩ පොලට..... දිය කරපු..... කවදාවත් මහන්සියි නොකියපු ගැහැනිය ඒ......
...................................
....................................
....................................
-==================
" උඹ කොහොම හරි.... ලොකු මිනිහෙක් වෙයන්........"
ඔවි.......!!
අක්කගේ කදුඑ......ලේ දහඩිය....රීරීමාංෂය..... මාව. හයයි කරා.....
අක්කගේ බදාම වලට පැලුනු යටි පතුල්....මාව හයිය කරා......
කවදාවත් පියරැ නොදකපු. ...වල ගැහුනු කමිමුල්.....මට හීන වලට පාර කියලා දුන්නා........
.....................
විභාග......ලොකු ඉස්කෝල.......සීතල පේරාදෙනිය..... ඊටත් පස්සේ....ඔස්ට්‍රෙලියාවෙ....මෙල්බර්න් යුනිවර්සිටි ය....... දක්වා...අක්කගේ.... රීරි මාංශේ ....මම උදුර ගන්නවා......
ඒකී........ මහා අවිවෙ තාර පාර වල පිචිචි පිචිචි තාර දාදා එවිව සල්ලි වලින්...මම....ජීවිතේ අහුල ගන්නවා......
නෑ......අක්කා...මාව....ගුලි කරන්....තද කරන් මිරිකනවා....ලෝකේ අල්ලන්න...
..............................
...............................
--------------------
මම බැන්ද දවසේ...ඒකි.....අඩනවා......රංගි බදන්......හරකියෙක් වගේ.....
එදා ඒකි අවුරැදු තිස් ගානක්...උහුලපු දුක එදා කදුඑ වලට දිය කරනවා......!!
"මගේ පණ ......නංගියේ. මෙ ඔයාට දුන්නේ........
මම වඩා. ගෙන හදපු මගේ. පොඩි එකා.........!!!!
රංගී.....රතුම රතු තොල් සායමි.....උලපු .....තොල් වලින්......කවදාවත් පියරැ බිදක්වත් නොදැක්ක අක්කගේ මලානික...කමිමුල් ඉඹිනවා.........!!!
............................
.............................
.............................
ජීවිතේ....මම මුලින්ම කිවිවා වගේම හරිම පුදුමයි.......
වෙලාවකට ඒක චක්කරයක් වගේ ......
රවුමට රවුමට.....කැරකෙනවා.....එකම තැන ආයි හමු වෙනවා......
" .............................
................................
" වෙ අරෙ නොට් මඩෙ ෆොර් ඒච් ඔතෙර් , බෙට්ටෙර් වෙ ටකෙ ඔඋර් ඔව්න් පත්ස් අලොනෙ "
"අපි මැවිලා....තියෙන්නේ අපි දෙන්නට. නෙමෙයි.....
හොදම. දේ...අපි තනි පාරවල්. වල ...යන එක........."
රංගී...... අඬ අඬා දවසක එහෙම කියනවා.....!!
මගේ ඇගිලි පාරවල්. එයාගේ රෝස පාට කමිමුල් මැවිව රටා අත ගගා එයා එහෙම කියනවා.......!!!
ඉට් ඉස් අ ලිෆෙ......
ජීව්තය........
නොදන්නා......ඈත දුර රටක...... දුක් ගිලිලා ..ගිලලා....අහුල ගත්ත ජීව්තේ තවත් ගැහැනියක් නිසා.... පාරවල් ..දිගේ ..බාර් වල..... පාඑ පාර්ක් වල ....බංකු..උඩ දිය වෙලා යනවා......
.........................
........................
" උඹ ලංකාවට...වරෙන්...... !!!
කවුරැ නැතත්. මම මෙ..ලෝකේ ඉන්නවා....උඹට......"
..........
අක්කගේ..... හීන් කටහඩ..... ටෙලිපොන් වයර් දිගේ. ඇවිත්.....පපුව පලන්....ඇට මිදුඑ තුවාල කරන්...... මෙල්බර්න්. ...අහසට....කදුඑ වක් කරනවා......
................................
................................
මම ආයි.....මගේ හිඟන. අහිංසක අක්කගේ.....චීත්තයක් පොරවන්...පුරැදු ඇදේ හීන දකිනවා.....
අමමා එනවා......ඇත්තටම එයා එනවා........
ඒ හිනේ. කවදාවත් නොදැකපු අලුත් හීනයක්......!!
මගේ......ඔලුව අතගානවා......ඇග ....පපුව......බඩ.....
" මට හරියට රිදෙනවා අමිමෙ.........!!!"
.............
ඔවි......!!
මම මරණාසන්න හීන දක්නවා......
අක්කා....ඇද ලග ඉදන්....මුහුනට එබී ගෙන ඉන්නවා.......
වකු ගඩු දෙකම අන්තිම තත්වෙ...... !!
මට හ්නෙන් වගේ..... නවලෝක හොස්පිටිල් එකෙදි.....මගේ යාඑවෝ....අක්කා එක්ක කතා කරන වචන ......ඇහෙනවා.....
.............................
ගොඩාක් දේවල් මතක නැ.......
පියවි සිහිය තිබුන්නැ. ..මට......
....... ...............
............. .......
====================
ඉංදියාවෙ...චෙන්නායි වල ඇපලෝ.....හොස්පිටිල් එකේ.....මගේ ලගම ඇදක අක්කත් දිගා වෙලා ඉන්නවා......
එයාගේ...ඇස් දිලිසෙනවා......!!
ඔවි....එයාගේ වකුගඩුවකින්...මම ආයි හුස්ම ගන්නවා......
එයාගේ. වකුගඩුව.......මගේ ඇග ඇතලේ...ඉදන්....මාව කොනිත්තනවා....!!!
..........................
..........................
=====================
සති ගානකට පස්සේ....... අපි දෙන්නා......අර බඩු මලු උස්සන්..පයින් ගිය පාරේ.....හෙමිහිට ඇවිදින් යනවා......
අක්කට ආයි කවදාවත්. ..මහන්සි වෙන්න බෑ.....
................................
................................
අක්කගේ....ඉස්සරහා යාන්තමින් සුදු වෙච්ච කෙස් ගස් හුලගට එහෙ මෙහේ......දුවනවා....!!
අක්කා.......!!!
කවදාවත්...සැපක් නොවිදපු..... තමන් ගේම ලෝකයක් නොතිබුනු ගැහැනිය.....
............................
.............................
..............................
=====================================
....................................................
....................................................
(( අක්කා යනවා.......!!
දුක හමාර කරලා ..ඉක්මනටම යනවා......!!
ගොඩාක් දුක් විදිලා........මට ජීවිතේ දීලා....මම නිසා එයා යනවා...නොහිතපු විදිහට.......
සුමනේ..මාමගේ කැන්ටරේට......හැපිලා එයා ......එතනම මැරිලා තියෙන්නේ....මට බෝධි පූජාවක් තියන්න ගිහින්.....එන ගමන් හැන්දෑවෙ....
අම්මත්...එ වෙලාවෙ..කැන්ටරේ ඉදලා තියෙනවා......!!
සමහර විට අමිමා.....අක්කව නොදකින්නත් ඇති.....))
...........
අක්කේ....මට. තනියි. බං......!!!!
මමත් ඉක්මනට. එන්නමි..........
මං තුරැඑ කර ගනින්........මට සීතයි.....!!!!

62 comments:

  1. Replies
    1. මූ ලියන්නෙක් නෙමෙයි.
      අපේ බොකු වලට අනින මිනීමරුවෙක්..

      Delete
  2. මේ ජීවිතේ මොකක්ද කියලා හිතුනා...උගුර හිරවෙලා කඳුළු අතරින් අපේ හිත් ඈතක රඳවන්න පුළුවන් මේ ලියන්නාගේ දක්ෂතාව ඉස්තරම්...

    අසංක

    ReplyDelete
  3. කථාව ඇත්තද නැද්ද, ලොජිකල්ද ,
    ඒවා මුකුත් අදාල නැහැ.
    මතක ඇති කාලෙකින් කථාවක් කියවලා ඇස් දෙකට කඳුලු ආවා.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අකුරු වලින් හදවතට වෙිඩි තියලා...
    කෙටියෙන්ම කිවුවේත් ඇඩුණා බං.

    ඔබට ජයවෙිවා ප්‍රයාන්...!

    ReplyDelete
  6. මේකා මාව උස්සල වට දහයක් කරකවල පොලවේ ගැහුවා...
    -
    -
    මං තාම කැරකෙනවා

    ReplyDelete
  7. awankawama aduna - viraj

    ReplyDelete
    Replies
    1. matahalange blog eka hamadama balanawa namuth comment walata awe naha adika wadath ekka. eth mekata comment karanama hithuna.

      Delete
  8. ඉතා ඉහල ට්‍රැජික් ලිවීමක්

    ReplyDelete
  9. මොකක් කියාගන්නද කියල මේ කල්පනා කලේ.

    ReplyDelete
  10. මාතා,

    මේක ලියපු කතාවක් උනත්, සත්‍ය ජිවිතයේ මෙවැනි සිදුවීම් දහස් ගණනක් තියනවා, කනගාටුවට කරුණ තමයි බොහෝ මිනිසුන්ට ඉහලට ගියාම මුල මතක නැතිවෙන එක. එහෙම උනත් සැලකියයුතු පිරිසක් තම පවුලට යුතුකම් ඉටුකරනවා.

    මට මගේ ජපානේ මිතුරෙක් කිව්ව කතාවක් මතක් උනා එහෙ ඉදල තියනවා දැඩි ලෙස බිමට ඇබ්බැහි වූ පුද්ගලයෙක් (ශ්‍රී ලාංකිකයෙක් ) නමුත් ඔහු තම දෙමාපියන්ට සෑම මසකම විශාල මුදලක් යවන්න අමතක කලේ නෑ, ඔහු තමන්ගේ ජීවිතය ගැන කිසිම සැලකිල්ලක් දක්වල නෑ නමුත් තම දෙමාපියන් ගේ දුක සැප බලල තියනවා.

    සමාජයේ මෙවැනි මිනිසුන් බේබද්දන් ලෙස හංවඩු ගැහුවත් සමාජයේ ලොකු සිල්වත්කම් පෙන්නගන ඉන්න මිනිසුන්ට වඩා ඉහල ගතිගුණ තියනවා. අනෙක කළු මිනිසුන් සුදු මිනිසුන් කියල වර්ග කිරීම කොච්චර වැරදිද කියල හිතන්නේ මේවා දකින විටයි.

    ReplyDelete
    Replies
    1. බොන උන්ගේ බොක්ක හොදයි කියලා කතාවක් තියෙනවානේ..

      Delete
  11. Daily Blog eka baluwath comment kale naha. mekata comment nokaloth wadakuth naha.
    Attatama aduna.

    ReplyDelete
    Replies
    1. කොහොම කොමෙන්ට් නොකර ඉන්නද මේවට

      Delete
  12. ටහිකෙන ලිවිලි නේ මේව..... සම්මාන දෙන්ඩ ඕන මුන්ට.... මරු මචන්

    ReplyDelete
    Replies
    1. මුන්ට සම්මාණ දෙන්නෙ නෑ බං

      Delete
  13. පිස්සු හැදෙනවා බන් පට්ට ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. මූ බුකියෙ ඉන්නවා මචෝ

      Delete
  14. අම්මෝ ඒක වැදුනා කොරවෙලාම යන්න

    ReplyDelete
  15. සුපිරි ලියවිල්ලක් ප්‍රියාන් . දැනෙනවා ගැඹුරටම හදවතේ. ස්තුතියි මාතලන් ප්‍රියාන්ව ගෙනාවාට.

    ReplyDelete
  16. බොක්කට වදින්න ලියනකොට උඹටත් ඇනොව මතක් වෙනවද ?ඇයි ඒ? සෙනසුරු අපලේ ගෙවිලා ඉවරද? නැතිනම් මිය යන බ්ලොග් ලොව නැවත ගොඩ දාන්නද? බලමු මොකටද එන්නේ කියලා අවුලක් නැ. අර පිට කසන සෙට් එක මේකට සෙට් උනොත් ඉතින් ගු කෙස් ම තමයි . කොන්ද ට පන ආවට ගරු කරමු !!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට ආදරේ නැත්තේ නෑ... නමුත් සියල්ල අනිත්‍ය බව පමනක් දන්නවා....

      Delete
  17. දැනගත් දා සිට පෙරුම් පිරුවේ
    අක්කේ මං මතු සක්විති වෙයි කියලාදෝ...........

    ReplyDelete
    Replies
    1. අයියලා ගැනත් සින්දු තියෙනවා...

      අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ......

      Delete
  18. මාතෙගෙ එකක් කියවන්න කියලා කාලෙකින් ආවම..

    එක හුස්මට කියවන්න දීලා
    හුස්ම ටික ඇඳලා ගත්ත වගේ දෙයක් උනේ !

    මරු !!

    ReplyDelete
    Replies
    1. මේවට හුස්මයේ රිදමය වෙනස් වෙනස් වෙනවා

      Delete
  19. වෙලේගෙදර සුගුනවති කෙටිකතාවට පස්සේ මම කියවපු සහෝදර ප්‍රේමය ගැන ලියවුණු අතිශය සංවේදී සටහනක්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මුගේ ඔක්කොම එහෙමයි... යුගයේ කෙටි කතා කරු.....

      Delete
  20. මගේ ඇත්ත ජීවිත කතාවම වචන කීපයක් විතරක් වෙනස් කරලා ලියලා තියෙන්නෙ......

    ReplyDelete
  21. ඇඩේනවා තනි ඇහැට

    ReplyDelete
  22. කියවල ඉවරවෙනකොට DJ පාටියක් ලයිට් ගිහින් නැවතුනා වගේ උනා,

    ReplyDelete
  23. කියාගන්න දෙයක් නැහැ මාතො,

    ඇස් වලට කඳුළු ආවා.

    ReplyDelete
  24. මාතලන් ස්තුතියි පොස්ට් කලාට. කාලෙකින් කියවපු හොඳම කෙටි කතාවක්. මම අර ලියපු රත්න ශ්‍රී ගේ ගීතයේ හිටි පොඩි කොල්ල ගැන මතක් වුනා. ඌ නම් මුලදීම මැරිලා අම්මයි එබප්පයි ගහලම. ඒක ඇත්ත කතාවක්. මේක ප්‍රබන්ධයක් කියල හිතෙන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මචෝ මූ ලියන්නේ සත්‍යයය

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න